චූළතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා අට්ඨකථා
චූළතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා
චූළතණ්හාසඞ්ඛය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළතණ්හාසඞ්ඛයසුත්තං. තත්ථ පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙති පුබ්බාරාමසඞ්ඛාතෙ විහාරෙ මිගාරමාතුයා පාසාදෙ. තත්රායං අනුපුබ්බීකථාඅතීතෙ සතසහස්සකප්පමත්ථකෙ එකා උපාසිකා පදුමුත්තරං භගවන්තං නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සතසහස්සං දානං දත්වා භගවතො පාදමූලෙ නිපජ්ජිත්වා, “අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස අග්ගුපට්ඨායිකා හොමී”ති පත්ථනමකාසි.
එවම්මෙසුතං චූළ තණ්හාසංඛය සූත්‍රයයි. එහි පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ පූර්වාරාම නම් විහාරයේ මිගාර මව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි, මේ එහි අනුපිළිවෙළ කථාවයි. යටගිය දවස කල්ප ලක්ෂයකින් මත්තෙහි එක් උපාසිකාවක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට, බුදුන් ප්රමුඛ මහා සංඝයාට දන් දී භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැඳ වැටී මතු දවසක ඔබවහන්සේ වැනි බුදුවරයකුගේ අග උපස්ථායිකා වෙමියි ප්‍රාර්ථනා කළාය.
සා කප්පසතසහස්සං දෙවෙසු චෙව මනුස්සෙසු ච සංසරිත්වා අම්හාකං භගවතො කාලෙ භද්දියනගරෙ මෙණ්ඩකසෙට්ඨිපුත්තස්ස ධනඤ්ජයස්ස සෙට්ඨිනො ගහෙ සුමනදෙවියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. ජාතකාලෙ චස්සා විසාඛාති නාමං අකංසු. සා යදා භගවා භද්දියනගරං අගමාසි, තදා පඤ්චහි දාරිකාසතෙහි සද්ධිං භගවතො පච්චුග්ගමනං කත්වා පඨමදස්සනම්හියෙව සොතාපන්නා අහොසි. අපරභාගෙ සාවත්ථියං මිගාරසෙට්ඨිපුත්තස්ස පුණ්ණවඩ්ඪනකුමාරස්ස ගෙහං ගතා, තත්ථ නං මිගාරසෙට්ඨි මාතිට්ඨානෙ ඨපෙසි, තස්මා මිගාරමාතාති වුච්චති.
ඕ තොමෝ කල්ප ලක්ෂයක් දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සැරිසරා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙණ්ඩක සිටු ගේ පුත් වූ ධනංජය සිටුගේ ගෙයි සුමනා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තීය. උපන් දවස්වලම ඇයට විසාඛා යයි නම් තැබීය. ඕ තොමෝ, භාග්‍යවතුන් වහන්සේ භද්දිය නුවරට වැඩම වූ දිනයේ, පන්සියයක් දැරියන් සමග පෙරගමන් ගියහ. බුදුන්ගේ පළමු සමුවීමේදීම සෝවාන් ඵලයට පැමිණියාය. වියපත් වූ කල්හි සැවැත්නුවර මිගාර සිටුවරයාගේ පුත් වූ පුණ්‍යවර්ධන කුමාරයාගේ ගෙට ගියාය. (විවාහ වූවාය) එහිදී ඇයව මිගාර සිටුවරයා විසින් මව් තනතුරෙන් පුදන ලදී. එහෙයින් ‘මිගාර මාතා’ නම් විය.
පතිකුලං ගච්ඡන්තියා චස්සා පිතා මහාලතාපිළන්ධනං නාම කාරාපෙසි. තස්මිං පිළන්ධනෙ චතස්සො වජිරනාළියො උපයොගං අගමංසු, මුත්තානං එකාදස නාළියො, පවාළානං ද්වාවීසති නාළියො, මණීනං තෙත්තිංස නාළියො, ඉති එතෙහි ච අඤ්ඤෙහි ච සත්තවණ්ණෙහි රතනෙහි නිට්ඨානං අගමාසි. තං සීසෙ පටිමුක්කං යාව පාදපිට්ඨියා භස්සති, පඤ්චන්නං හත්ථීනං බලං ධාරයමානාව නං ඉත්ථී ධාරෙතුං සක්කොති.
පතිකුලයට යන්නා වූ ඇයට, ඇගේ පියා විසින් ‘මහලිය’ පළඳනා නම් වූ පළඳනාවක් දුන්නේ ය. එම පළඳනාවෙහි විසිතුරු කිරීමට වජිර (මුතු) නැළි සතරක් යෙදීය. මුතු නැළි එකොළසකි. පබළු නැලි විසි දෙකකි. මැණික් නැළි තිස්තුනකි. මෙයට අමතරව සප්තවර්ණ උතුම් රත්නයෝ ද යොදා විසිතුරු නිමාවට පත්කළහ. එය ඇගේ හිසැ පැළඳූ විට පාපිට දක්වා වැටේ. මේ පළඳනාව දරන්නට ඇතුන් පස් දෙනෙකුගේ ශක්තිය ජවය ඇති කාන්තාවක්ම විය යුතුය.
සා අපරභාගෙ දසබලස්ස අග්ගුපට්ඨායිකා හුත්වා තං පසාධනං විස්සජ්ජෙත්වා නවහි කොටීහි භගවතො විහාරං කාරයමානා කරීසමත්තෙ භූමිභාගෙ පාසාදං කාරෙසි. තස්ස උපරිභූමියං පඤ්ච ගබ්භසතානි හොන්ති, හෙට්ඨාභූමියං පඤ්චාති ගබ්භසහස්සප්පටිමණ්ඩිතො අහොසි. සා “සුද්ධපාසාදොව න සොභතී”ති තං පරිවාරෙත්වා පඤ්ච ද්විකූටගෙහසතානි, පඤ්ච චූළපාසාදසතානි, පඤ්ච දීඝසාලසතානි ච කාරාපෙසි. විහාරමහො චතූහි මාසෙහි නිට්ඨානං අගමාසි.
ඕ තොමෝ පසුකලෙක දශබලධාරීන්ගේ අග්‍ර උපස්ථායිකාව වී, ඒ මහාළිය පළඳනාව විකුණා නවකෝටියක් වැයකොට භාග්‍යවතුන් වහන්සේ විහාරයක් කරවන්නී කිරියක් පමණ බිම් කොටසක විහාරය කරවූවාය. ඒ වෙහෙර උඩුමහලේ කාමර පන්සියයකි. යටිමහලේ කාමර පන්සීයකි. ඕ මේ තනි ප්‍රාසාදය පමණක් ප්‍රමාණවත් නො වන්නේ යයි, කුළුගෙවල් පන්සියයක් ද, කුඩාම කාමර පන්සියයක් ද, දික්සාලා මම පන්සියයක් ද කරවූවාය. විහාර කර්මාන්තයට මාස හතරක් ගතවිය.
මාතුගාමත්තභාවෙ ඨිතාය විසාඛාය විය අඤ්ඤිස්සා බුද්ධසාසනෙ ධනපරිච්චාගො නාම නත්ථි, පුරිසත්තභාවෙ ඨිතස්ස ච අනාථපිණ්ඩිකස්ස විය අඤ්ඤස්ස බුද්ධසාසනෙ ධනපරිච්චාගො නාම නත්ථි. සො හි චතුපඤ්ඤාසකොටියො විස්සජ්ජෙත්වා සාවත්ථියා දක්ඛිණභාගෙ අනුරාධපුරස්ස මහාවිහාරසදිසෙ ඨානෙ ජෙතවනමහාවිහාරං නාම කාරෙසි. විසාඛා, සාවත්ථියා පාචීනභාගෙ උත්තමදෙවීවිහාරසදිසෙ ඨානෙ පුබ්බාරාමං නාම කාරෙසි. භගවා ඉමෙසං ද්වින්නං කුලානං අනුකම්පාය සාවත්ථිං නිස්සාය විහරන්තො ඉමෙසු ද්වීසු විහාරෙසු නිබද්ධවාසං වසි. එකං අන්තොවස්සං ජෙතවනෙ වසති, එකං පුබ්බාරාමෙ, එතස්මිං පන සමයෙ භගවා පුබ්බාරාමෙ විහරති. තෙන වුත්තං – “පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ”ති.
වනිතාවක් වශයෙන් විශාඛාවගේ මේ ධන පරිත්‍යාගය හැරුණුකොට මේ බුදුසසුනේ වෙනත් වනිතාවක් මෙවැන්නක් සිදු නොකළේමැයි. පිරිමියෙකු වශයෙන් අනේපිඬු සිටාණන් හැර, වෙනත් පිරිමියෙකුගේ පරිත්‍යාගයක් නැත්තේම ය. හේ වනාහි සූපනස් කෙළක් වියදම්කොට සැවැත්නුවරින් දකුණු පැත්තේ අනුරාධපුරයේ මහා විහාරයට සමාන ලෙස ජේතවන විහාරය කරවීය. විශාඛාවෝ සැවැත්නුවරින් නැගෙන හිර දෙස උත්තමදේවී විහාරයට සමානව පූර්වාරාම විහාරය කරවූවාය. භාග්‍යවතුන් වහන්සේ මේ දෙකුලයන්ට අනුග්‍රහ පිණිස සැවැත්නුවර ඇසිරිකොට වාසය කරන සේක්, මේ විහාර දෙක්හි නිරතුරුව වැඩිකලක් වාසය කළහ. එක් ඇතුලුවසක් ජේතවනයේද එක් ඇතුලු වසක් පූර්වාරාමයේ ද වාසය කළහ. පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ යන්න එහෙයින් කියන ලදී.
කිත්තාවතා නු ඛො, භන්තෙති කිත්තකෙන නු ඛො, භන්තෙ. සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොතීති තණ්හාසඞ්ඛයෙ නිබ්බානෙ තං ආරම්මණං කත්වා විමුත්තචිත්තතාය තණ්හාසඞ්ඛයවිමුත්තො නාම සංඛිත්තෙන කිත්තාවතා හොති? යාය පටිපත්තියා තණ්හාසඞ්ඛයවිමුත්තො හොති, තං මෙ ඛීණාසවස්ස භික්ඛුනො පුබ්බභාගප්පටිපදං සංඛිත්තෙන දෙසෙථාති පුච්ඡති.
කිත්තාවතානු ඛො භන්තෙ ස්වාමීනි, කොපමණකින්, සංඛිත්තෙන තණ්හාසංඛය විමුත්තො හොතී තණ්හාව නැතිකිරීම නම් වූ නිවනෙහි එය අරමුණු කොට මිදුණු සිත් ඇති බැවින්, තණ්හාවෙන් විමුක්ත වූවෙක් නම් සැකෙවින් කොපමණකින් වේද, නිවන් අරමුණු කොට කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ක්ෂීණාශ්රව ඒ භික්ෂූහුගේ ඒ පූර්වභාග ප්‍රතිපදාව මට කෙටියෙන් දේශනා කළ මැනවි. විචාරයි.
අච්චන්තනිට්ඨොති ඛයවයසඞ්ඛාතං අන්තං අතීතාති අච්චන්තා. අච්චන්තා නිට්ඨා අස්සාති අච්චන්තනිට්ඨො, එකන්තනිට්ඨො සතතනිට්ඨොති අත්ථො. අච්චන්තං යොගක්ඛෙමීති අච්චන්තයොගක්ඛෙමී, නිච්චයොගක්ඛෙමීති අත්ථො. අච්චන්තං බ්රහ්මචාරීති අච්චන්තබ්රහ්මචාරී, නිච්චබ්රහ්මචාරීති අත්ථො. අච්චන්තං පරියොසානමස්සාති පුරිමනයෙනෙව අච්චන්තපරියොසානො. සෙට්ඨො දෙවමනුස්සානන්ති දෙවානඤ්ච මනුස්සානඤ්ච සෙට්ඨො උත්තමො. එවරූපො භික්ඛු කිත්තාවතා හොති, ඛිප්පමෙතස්ස සඞ්ඛෙපෙනෙව පටිපත්තිං කථෙථාති භගවන්තං යාචති. කස්මා පනෙස එවං වෙගායතීති? කීළං අනුභවිතුකාමතාය.
අච්චන්ත නිට්ඨො ඇතිවීම නැතිවීම නම් වූ ක්ෂය ච්යය අනන්තය කෙළවර ඉක්මවන ලදනුයි ‘අච්චන්තා’ නම් වේ. අත්‍යන්ත වූ නිෂ්ඨාව මොහුටනුයි ‘අච්චන්ත නිට්ඨ’ නම් වේ. නිරතුරු නිෂ්ඨා ඇත්තේ යන අදහසයි. අන්තය ඉක්මවන ලද යෝගක්ෂේම ඇත්තේනුයි අච්චන්ත යොගක්ඛෙම නමි. නිරතුරු සතර ඕඝයෙන් වෙන් වූයේ යන අර්ථයි. නිත්‍ය බ්‍රහ්මචරියාව ඇත්තේ යන අර්ථයි. අත්‍යන්ත වූ පරියාවසානය - මොහුටනුයි අච්චන්ත පරියොසාන නම් වේ. සෙට්ඨො දෙව මනුස්සානං දෙවියන්ට ද මිනිසුන්ට ද ශ්‍රේෂ්ඨ වූයේ උතුම් වූයේ මෙබඳු මහණ කොපමණකින් වේද, වහාම සැකෙවින් මොහුගේ පිළිවෙත වදාළ මැනැවි’ යි භාග්‍යවතුන් වහන්සේ වෙත යාඥා කෙරේ. කුමක් හෙයින් මෙතෙම මෙසේ යුහුසුළු වේද, ක්‍රීඩා සුඛය විඳිනු සඳහාය.
අයං කිර උය්යානකීළං ආණාපෙත්වා චතූහි මහාරාජූහි චතූසු දිසාසු ආරක්ඛං ගාහාපෙත්වා ද්වීසු දෙවලොකෙසු දෙවසඞ්ඝෙන පරිවුතො අඩ්ඪතියාහි නාටකකොටීහි සද්ධිං එරාවණං ආරුය්හ උය්යානද්වාරෙ ඨිතො ඉමං පඤ්හං සල්ලක්ඛෙසි – “කිත්තකෙන නු ඛො තණ්හාසඞ්ඛයවිමුත්තස්ස ඛීණාසවස්ස සඞ්ඛෙපතො ආගමනියපුබ්බභාගපටිපදා හොතී”ති. අථස්ස එතදහොසි – “අයං පඤ්හො අතිවිය සස්සිරිකො, සචාහං ඉමං පඤ්හං අනුග්ගණ්හිත්වාව උය්යානං පවිසිස්සාමි, ඡද්වාරිකෙහි ආරම්මණෙහි නිම්මථිතො න පුන ඉමං පඤ්හං සල්ලක්ඛෙස්සාමි, තිට්ඨතු තාව උය්යානකීළා, සත්ථු සන්තිකං ගන්ත්වා ඉමං පඤ්හං පුච්ඡිත්වා උග්ගහිතපඤ්හො උය්යානෙ කීළිස්සාමී”ති හත්ථික්ඛන්ධෙ අන්තරහිතො භගවතො සන්තිකෙ පාතුරහොසි. තෙපි චත්තාරො මහාරාජානො ආරක්ඛං ගහෙත්වා ඨිතට්ඨානෙයෙව ඨිතා, පරිචාරිකදෙවසඞ්ඝාපි නාටකානිපි එරාවණොපි නාගරාජා තත්ථෙව උය්යානද්වාරෙ අට්ඨාසි, එවමෙස කීළං අනුභවිතුකාමතාය වෙගායන්තො එවමාහ.
මෙතෙම වනාහි උද්‍යාන ක්‍රීඩාවන් අණකොට විධානකොට, සතරවරම් දෙවිමහරජවරුන් ලවා සතර දිසාවන් ආරක්ෂා කරවා දෙදෙව්ලොව දේව සමූහයා විසින් පිරිවරන ලදුව, අඩු තුන් කෙළක් නළුවන් සමග ඓරාවණ ඇතුපිට නැගී උයන්දොර සිටියේ මේ ප්රශ්නය සැලකීය. ‘කොපමණකින් නිවන් අරමුණුකොට කෙලෙසුන් කෙරෙන් මිදුනු රහත්හුගේ සැකෙවින් පැමිණිය යුතු පූර්වභාග ප්‍රතිපදාව වේද,’ අනතුරුව ඔහු මෙසේ සිතීය. මේ ප්රශ්නය ඉතාම වැදගත්ය. බැරෑරුම්ය. මම මේ ප්රශ්නය නො ඉගෙන උයනට පිවිසියෙම් නම් සදොර අරමුණුවලින් අලලන ලද්දෙමි. යළි මේ ප්රශ්නය නො සළකන්නෙමි. උද්‍යාන ක්‍රීඩාව පසෙක තිබියේවා. ශාස්තෲන් සමීපයට ගොස් මේ ප්රශ්නය විමසා පිළිතුරු උගෙනම උයනෙහි ක්‍රීඩා කරන්නෙමි. ඇතුපිට සිටිද්දීම අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පහළ විය. සතරවරම් රජවරු අරක්ගත් ස්ථානවලම සිටියාහුය. පිරිවර දිව්‍ය සමූහයා ද නළුනිළියෝ ද ඓරාවණ ඇතු ද උයන්දොරම සිටියෝය. මෙසේ මෙතෙම ක්‍රීඩාලෝලී වූ බැවින් ඉවසුම් නැතිවම මෙසේ කීය.
සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති එත්ථ සබ්බෙ ධම්මා නාම පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරස ධාතුයො. තෙ සබ්බෙපි තණ්හාදිට්ඨිවසෙන අභිනිවෙසාය නාලං න පරියත්තා න සමත්ථා න යුත්තා, කස්මා? ගහිතාකාරෙන අතිට්ඨනතො. තෙ හි නිච්චාති ගහිතාපි අනිච්චාව සම්පජ්ජන්ති, සුඛාති ගහිතාපි දුක්ඛාව සම්පජ්ජන්ති, අත්තාති ගහිතාපි අනත්තාව සම්පජ්ජන්ති, තස්මා නාලං අභිනිවෙසාය.
සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා යන මෙහි සියලු ධර්මයෝ නම් පංචස්කන්ධය, දොළොස් ආයතන, අටළොස් ධාතු, ඒ සියල්ල තෘෂ්ණා දිට්ඨි වශයෙන් ඇතුළත්ව ගැනීමට නුසුදුසුය. නො පිරියත්හුය. නො සමත්ය. අයුතු වූයේය. කවර හෙයින්ද, ගත් ආකාරයෙන් ම නොසිටින හෙයින්ය. යම්හෙයකින් එය නිත්‍යයයි ගන්නා ලද නමුත් අනිත්‍යයෝ ම වෙත්. සැප වූයේ යයි ගතහොත් දුක් වූවාහු නම් වෙත්, ආත්මයයි ගතහොත් අනාත්මය ම වේ. එහෙයින් තෘෂ්ණා දෘෂ්ටි ඇතුළත්ව ගැනීමට නො සුදුසුයි.
අභිජානාතීති අනිච්චං දුක්ඛං අනත්තාති ඤාතපරිඤ්ඤාය අභිජානාති. පරිජානාතීති තථෙව තීරණපරිඤ්ඤාය පරිජානාති. යංකිඤ්චි වෙදනන්ති අන්තමසො පඤ්චවිඤ්ඤාණසම්පයුත්තම්පි යංකිඤ්චි අප්පමත්තකම්පි වෙදනං අනුභවති. ඉමිනා භගවා සක්කස්ස දෙවානමින්දස්ස වෙදනාවසෙන නිබ්බත්තෙත්වා අරූපපරිග්ගහං දස්සෙති. සචෙ පන වෙදනාකම්මට්ඨානං හෙට්ඨා න කථිතං භවෙය්ය, ඉමස්මිං ඨානෙ කථෙතබ්බං සියා. හෙට්ඨා පන කථිතං, තස්මා සතිපට්ඨානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අභිජානාති යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි ඥාත පරිඥාවෙන් මැනවින් දැනගනී. පරිජානාති එසේම තීරණ පරිඥාවෙන් සම්පුර්ණයෙන් දැනගනී. යං කිඤ්චි වෙදනං යටත් පිරිසෙයින් පංච විඤ්ඤාණය සමග යෙදුනා වූද, ටිකක් ස්වල්පයක් වූද, වේදනාවක් විඳීද මෙයින් භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට වේදනා වශයෙන් විභාගකොට, විවේචනය කොට අරූප පරිග්‍රහය දැක්වූ සේක. ඉදින් වේදනා කර්මස්ථානය මුලින් නොකීවේ නම් මෙතැන්හි කිවයුතු වන්නේය. යම් විධියකින් මුලින් (යට) කියන ලද එය සතිපට්ඨානයෙහි කී අයුරින්ම දතයුතුය.
අනිච්චානුපස්සීති එත්ථ අනිච්චං වෙදිතබ්බං, අනිච්චානුපස්සනා වෙදිතබ්බා, අනිච්චානුපස්සී වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති පඤ්චක්ඛන්ධා, තෙ හි උප්පාදවයට්ඨෙන අනිච්චා. අනිච්චානුපස්සනාති පඤ්චක්ඛන්ධානං ඛයතො වයතො දස්සනඤාණං. අනිච්චානුපස්සීති තෙන ඤාණෙන සමන්නාගතො පුග්ගලො. තස්මා “අනිච්චානුපස්සී විහරතී”ති අනිච්චතො අනුපස්සන්තො විහරතීති අයමෙත්ථ අත්ථො.
අනිච්චානුපස්සී මෙහි අනිත්‍යය දතයුතුයි. අනිත්‍යානු දර්ශනා දතයුතුය. එහි අනිච්ච යනු මෙහි අනිච්ච නම් පංචස්කන්ධයෝය. අනිච්චානුපස්සනා නම් පංචස්කන්ධය ක්ෂය වශයෙන් ද්වය වශයෙන් ද දතයුතුය. ඒ නුවණය. අනිච්චානුපස්සී යනු ඒ නුවණින් යුතු පුද්ගලයාය. එහෙයින් අනිච්චානුපස්සී විහරති අනිත්‍ය වශයෙන් නැවත නැවත නුවණින් බලමින් වෙසෙයි යන මේ අර්ථයි.
විරාගානුපස්සීති එත්ථ ද්වෙ විරාගා ඛයවිරාගො ච අච්චන්තවිරාගො ච. තත්ථ සඞ්ඛාරානං ඛයවයතො අනුපස්සනාපි, අච්චන්තවිරාගං නිබ්බානං විරාගතො දස්සනමග්ගඤාණම්පි විරාගානුපස්සනා. තදුභයසමාඞ්ගීපුග්ගලො විරාගානුපස්සී නාම, තං සන්ධාය වුත්තං “විරාගානුපස්සී”ති, විරාගතො අනුපස්සන්තොති අත්ථො. නිරොධානුපස්සිම්හිපි එසෙව නයො, නිරොධොපි හි ඛයනිරොධො ච අච්චන්තනිරොධො චාති දුවිධොයෙව.
විරාගානුපස්සී මෙහි විරාග දෙකක් දක්වයි. ඛය විරාගය හා අත්‍යන්ත විරාගයයි. එහි සංස්කාරයන්ගේ ක්ෂයවීම ක්ෂය වශයෙන් දක්නා විදර්ශනාවද අත්‍යන්ත විරාග වූ නිවන විරාග හෙයින් දක්වා මාර්ගඥානය ද ‘විරාගානුපස්සනා’ නම් වේ. මේ දෙකින්ම යුක්ත වූ පුද්ගලයා විරාගානුපස්සී නම් වේ. ඔහු සඳහා කියන ලදී. විරාගානුපස්සී යනු විරාග වශයෙන් නැවත නැවත නුවණින් බලන්නේය යන අර්ථයි. නිරොධානු පස්සම්හි මෙම ක්‍රමයමැයි. නිරෝධය ද ඛය නිරෝධ අච්චන්ත නිරෝධයයි දෙපරිදිය.
පටිනිස්සග්ගානුපස්සීති එත්ථ පටිනිස්සග්ගො වුච්චති වොස්සග්ගො, සො ච පරිච්චාගවොස්සග්ගො පක්ඛන්දනවොස්සග්ගොති දුවිධො හොති. තත්ථ පරිච්චාගවොස්සග්ගොති විපස්සනා, සා හි තදඞ්ගවසෙන කිලෙසෙ ච ඛන්ධෙ ච වොස්සජ්ජති. පක්ඛන්දනවොස්සග්ගොති මග්ගො, සො හි නිබ්බානං ආරම්මණං ආරම්මණතො පක්ඛන්දති. ද්වීහිපි වා කාරණෙහි වොස්සග්ගොයෙව, සමුච්ඡෙදවසෙන ඛන්ධානං කිලෙසානඤ්ච වොස්සජ්ජනතො, නිබ්බානඤ්ච පක්ඛන්දනතො. තස්මා කිලෙසෙ ච ඛන්ධෙ ච පරිච්චජතීති පරිච්චාගවොස්සග්ගො, නිරොධෙ නිබ්බානධාතුයා චිත්තං පක්ඛන්දතීති පක්ඛන්දනවොස්සග්ගොති උභයම්පෙතං මග්ගෙ සමෙති. තදුභයසමඞ්ගීපුග්ගලො ඉමාය පටිනිස්සග්ගානුපස්සනාය සමන්නාගතත්තා පටිනිස්සග්ගානුපස්සී නාම හොති. තං සන්ධාය වුත්තං “පටිනිස්සග්ගානුපස්සී”ති.
පටිනිස්සග්ගානු පස්සී යන මෙහි දුරලීම පටිනිස්සග්ග යයි කියනු ලැබේ. එය පරිච්චාග වොස්සග්ග, පක්ඛන්දන වොස්සග්ග යයි දෙපරිදිය. එහි පරිච්චාග වොස්සග්ගය නම් විපස්සනාවයි. එහි තදංග වශයෙන් කෙලෙසුන් ද, ස්කන්ධයන් ද දුරලයි. පක්ඛන්දන වොස්සග්ගය නම් මාර්ගයයි. හේ නිවනට අරමුණු වශයෙන් පැනසිටීම කරයි. දෙකරුණෙන්ම ඒ මාර්ගය වොස්සග්ගයමැයි. සමුච්ඡේද වශයෙන් ස්කන්ධයන්ගේ ද, ක්ලේශයන්ගේ ද දුරලීම කරන හෙයින් ද නිර්වාණයෙන් පැනසිටින හෙයින්ද වේ. එහෙයින් කෙලෙසුන් ද ස්කන්ධයන් ද, පරිත්‍යාග කෙරේනුයි පරිච්චාග වොස්සග්ග නම් වේ. නිරෝධ නම් වන නිර්වාණ ධාතුවෙහි සිත ඉදිරිපත් කෙරේනුයි පක්ඛන්දන වොස්සග්ගය. මේ දෙකම මාර්ගයෙහි සම වෙයි. ඒ දෙකින්ම යුක්ත වූ පුද්ගලයා මේ පටිනිස්සග්ගානු පස්සනාවෙන් යුක්ත වන හෙයින් පටිනිස්සග්ගානු පස්සී නම් වෙයි. පටිනිස්සග්ගානු පස්සතී යන්න එහෙයින් කියන ලදී.
න කිඤ්චි ලොකෙ උපාදියතීති කිඤ්චි එකම්පි සඞ්ඛාරගතං තණ්හාවසෙන න උපාදියති න ගණ්හාති න පරාමසති. අනුපාදියං න පරිතස්සතීති අග්ගණ්හන්තො තණ්හාපරිතස්සනාය න පරිතස්සති. පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායතීති සයමෙව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායති. ඛීණා ජාතීතිආදිනා පනස්ස පච්චවෙක්ඛණාව දස්සිතා. ඉති භගවා සක්කස්ස දෙවානමින්දස්ස සංඛිත්තෙන ඛීණාසවස්ස පුබ්බභාගප්පටිපදං පුච්ඡිතො සල්ලහුකං කත්වා සංඛිත්තෙනෙව ඛිප්පං කථෙසි.
නච කිඤ්චිලොකෙ උපාදියති යනු කිසියම් එකද සංස්කාරයක්වත් තෘෂ්ණා වශයෙන් උපාදානය නො කෙරෙයි. නො ගනී. පරාමර්ශනය නො කරයි. අනුපාදියං න පරිතස්සති නොගන්නේ තණ්හා පරිතස්සනාවෙන් ත්‍රස්ත නො වෙයි. පච්චත්තං යෙව පරිනිබ්බායති තමාම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙයි. ඛීණා ජාතීහි ආදියෙන් ඔහුගේ ප්රත්යවේක්ෂාව දක්වන ලදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවි රජුට කෙටියෙන් ක්ෂීණාශ්රවයන් ගේ පූර්වභාග ප්‍රතිපදාව විචාරන ලදුව සැහැල්ලුකොට කෙටියෙන් වහා වදාළ සේක.
අවිදූරෙ නිසින්නො හොතීති අනන්තරෙ කූටාගාරෙ නිසින්නො හොති. අභිසමෙච්චාති ඤාණෙන අභිසමාගන්ත්වා, ජානිත්වාති අත්ථො. ඉදං වුත්තං හොති – කිං නු ඛො එස ජානිත්වා අනුමොදි, උදාහු අජානිත්වා වාති. කස්මා පනස්ස එවමහොසීති? ථෙරො කිර න භගවතො පඤ්හවිස්සජ්ජනසද්දං අස්සොසි, සක්කස්ස පන දෙවරඤ්ඤො, “එවමෙතං භගවා එවමෙතං සුගතා”ති අනුමොදනසද්දං අස්සොසි. සක්කො කිර දෙවරාජා මහතා සද්දෙන අනුමොදි.
අවිදූරෙ නිසින්නො හොති යනු කුළුගෙයි හුන් වේ අභිසමෙච්චාති නුවණින් අභිසමය කොට දැන යන අර්ථයි. මෙය කියන ලද්දේ වේ. කිමෙක්ද ඔහු එය දැනගෙනම අනුමෝදන් වීද, නැතිනම් නො දැනම හිස සැලීද, කුමක් නිසා මෙසේ සිතින්ද ස්ථවිරයෝ වනාහී භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳුමෙහි ශබ්දය නො ඇසූහ. එහෙත් සක්දෙවියන්ගේ එවමෙතං භගවා, එව මෙතං සුගතා යන අනුමෝදනා ශබ්දය ඇසීය. සක්දෙව් රජ මහ හඬින් අනුමෝදන් වීය.
අථ කස්මා න භගවතො සද්දං අස්සොසීති? යථාපරිසවිඤ්ඤාපකත්තා. බුද්ධානඤ්හි ධම්මං කථෙන්තානං එකාබද්ධාය චක්කවාළපරියන්තායපි පරිසාය සද්දො සුය්යති, පරියන්තං පන මුඤ්චිත්වා අඞ්ගුලිමත්තම්පි බහිද්ධා න නිච්ඡරති. කස්මා? එවරූපා මධුරකථා මා නිරත්ථකා අගමාසීති. තදා භගවා මිගාරමාතුපාසාදෙ සත්තරතනමයෙ කූටාගාරෙ සිරිගබ්භම්හි නිසින්නො හොති, තස්ස දක්ඛිණපස්සෙ සාරිපුත්තත්ථෙරස්ස වසනකූටාගාරං, වාමපස්සෙ මහාමොග්ගල්ලානස්ස, අන්තරෙ ඡිද්දවිවරොකාසො නත්ථි, තස්මා ථෙරො න භගවතො සද්දං අස්සොසි, සක්කස්සෙව අස්සොසීති.
ඉක්බිති කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ශබ්ද නො ඇසීද, පිරිසේ ප්‍රමාණයට ශබ්දය පවතින බැවිනි. බුදුවරුන්ගේ ධර්මය එකට බැඳුනු සක්වළ කෙළවර ඉන්නා අයට ද ඇසේ. එහෙත් කෙළවර ඉක්මවා අඟලකුත් නො ඇසේ. කවර හෙයින්ද, මෙබඳු වූ මිහිරි කථා නිරර්ථක නොවනු සඳහාය. එදිනද භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේ සත්රුවන්මය වූ කූටාගාරයේ සිරියහන් ගැබ වැඩසිටි සේක. එහි දකුණුපස සැරියුත් මහතෙරුන් වසන කුටාගාරය ද විය. ඇතුළතින් සිදුරකින් විවර වූ අවකාශයක් ඉඩක්වත් නැත. එහෙයින් තෙරුන්ට භාග්‍යවතුන්ගේ හඬ නො ඇසින. ශක්‍රයාගේ ශබ්දයම ඇසූහ.
පඤ්චහි තූරියසතෙහීති පඤ්චඞ්ගිකානං තූරියානං පඤ්චහි සතෙහි. පඤ්චඞ්ගිකං තූරියං නාම ආතතං විතතං ආතතවිතතං සුසිරං ඝනන්ති ඉමෙහි පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතං. තත්ථ ආතතං නාම චම්මපරියොනද්ධෙසු භෙරිආදීසු එකතලතූරියං. විතතං නාම උභයතලං. ආතතවිතතං නාම තන්තිබද්ධපණවාදි. සුසිරං වංසාදි. ඝනං සම්මාදි. සමප්පිතොති උපගතො. සමඞ්ගීභූතොති තස්සෙව වෙවචනං. පරිචාරෙතීති තං සම්පත්තිං අනුභවන්තො තතො තතො ඉන්ද්රියානි චාරෙති. ඉදං වුත්තං හොති – පරිවාරෙත්වා වජ්ජමානෙහි පඤ්චහි තූරියසතෙහි සමන්නාගතො හුත්වා දිබ්බසම්පත්තිං අනුභවතී.
පඤ්චහි තුරිය සතෙහි පඤ්චාංගික තූර්ය පන්සියයක, පංචාගික තූර්ය නමි. ආතතය, විතතය, ආතතවිතතය, සුසිරය, ඝණය යන මේ පසෙන් යුක්තය. එහි ආතතය නම් සමින් වෙළන ලද බෙර ආදීන් අතුරෙන් එක් මුහුණක් ඇති තුර්ය භාණ්ඩයයි. විතත නම් දෙපැත්තේම මුහුණු ඇති තූර්ය භාණ්ඩයයි. ආතතවිතත නම් තතින් බඳනා ලද ගැටබෙර ආදියයි. සුසිර නම් වස්කුලල් ආදියයි. (බටනලා ආදිය) ඝණං කුළු තාලම් = තාලම්පට ආදියයි. සමප්පිතො යුක්ත වූයේ, සමංගීභූතො යනු එයටම සමාන අදහසයි. පරිවාරෙති සැපත් අනුභව කරමින් ඒ ඒ තැන ඉඳුරන් හසුරුවයි. පන්සියයක් පංච තූර්යනාදයන්ගෙන් යුක්තව දිවසැප වළඳන බව කියූ අයුරුයි.
පටිපණාමෙත්වාති අපනෙත්වා, නිස්සද්දානි කාරාපෙත්වාති අත්ථො. යථෙව හි ඉදානි සද්ධා රාජානො ගරුභාවනියං භික්ඛුං දිස්වා – “අසුකො නාම අය්යො ආගච්ඡති, මා, තාතා, ගායථ, මා වාදෙථ, මා නච්චථා”ති නාටකානි පටිවිනෙන්ති, සක්කොපි ථෙරං දිස්වා එවමකාසි.
පටිප්පණාමෙත්වා ඉවත්කරවා නිහඬ කරවා යන අදහසයි. ගෞරවණීය වූ භික්ෂූන් වහන්සේ නමක් පැමිණෙනවිට ශ්රද්ධාවන්ත රජෙක් අසවල් ස්වාමීන් වැඩම කරයි. ඒ නිසා ගායනය නො කරව්. වාදනය නො කරව්, නො නටව් ආදී වශයෙන් නළුවන් ගායක ගායිකාවන් නවත්වන්නේ ද, එසේම ශක්‍රයා ද මුගලන් තෙරුන් වහන්සේ දැක එසේ කළේය.
චිරස්සං ඛො, මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසීති එවරූපං ලොකෙ පකතියා පියසමුදාහාරවචනං හොති, ලොකියා හි චිරස්සං ආගතම්පි අනාගතපුබ්බම්පි මනාපජාතියං ආගතං දිස්වා, – “කුතො භවං ආගතො, චිරස්සං භවං ආගතො, කථං තෙ ඉධාගමනමග්ගො ඤාතො මග්ගමූළ්හොසී”තිආදීනි වදන්ති. අයං පන ආගතපුබ්බත්තායෙව එවමාහ. ථෙරො හි කාලෙන කාලං දෙවචාරිකං ගච්ඡතියෙව. තත්ථ පරියායමකාසීති වාරමකාසි. යදිදං ඉධාගමනායාති යො අයං ඉධාගමනාය වාරො, තං, භන්තෙ, චිරස්සමකාසීති වුත්තං හොති. ඉදමාසනං පඤ්ඤත්තන්ති යොජනිකං මණිපල්ලඞ්කං පඤ්ඤපාපෙත්වා එවමාහ.
චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන ඉමං පරියාය මකාසී යනු ලෝකයෙහි මෙබඳු වූ ප්‍රිය උපදවන වචන වෙයි. ලෝවැස්සෝ කලකින් ආවා වූ ද, නො ආ විරූද, මන වඩන ප්‍රියමනාප කෙනෙකු බොහෝ කලකින් ආවිට එසේ ආවාහු දැක (පින්වත, හිතවත මිත්‍රය) කොහි සිට ආයේද, කාලෙකින් ආවේ වේද, කෙසේනම් මගතොට හඳුනා ගත්තේද, පාර නිවැරදිව දැනගත්තේද, මංමුළා වූයේද යනාදිය අසයි. කියයි. මේ වූ කලී පෙර ද පැමිණි බැවින් මෙසේ කීය. තෙරුන් වහන්සේ කලින් කල දේවලෝක චාරිකාවේ යන සේක්මය. එහි පරියාමකාසි වාරය කළේය. යදිදං ඉධාගමනාය යම් මේ මෙහි පැමිණීමට වාරයක් වේද, එය කලෙකින් කළේ යයි කියන ලද වේ. ඉදමාසනං පඤ්ඤත්තං යනු යොදුන් උස ඇති මිණිපළඟක් පණවා මෙසේ කීය.
බහුකිච්චා බහුකරණීයාති එත්ථ යෙසං බහූනි කිච්චානි, තෙ බහුකිච්චා. බහුකරණීයාති තස්සෙව වෙවචනං. අප්පෙව සකෙන කරණීයෙනාති සකරණීයමෙව අප්පං මන්දං, න බහු, දෙවානං කරණීයං පන බහු, පථවිතො පට්ඨාය හි කප්පරුක්ඛමාතුගාමාදීනං අත්ථාය අට්ටා සක්කස්ස සන්තිකෙ ඡිජ්ජන්ති, තස්මා නියමෙන්තො ආහ – අපිච දෙවානංයෙව තාවතිංසානං කරණීයෙනාති. දෙවානඤ්හි ධීතා ච පුත්තා ච අඞ්කෙ නිබ්බත්තන්ති, පාදපරිචාරිකා ඉත්ථියො සයනෙ නිබ්බත්තන්ති, තාසං මණ්ඩනපසාධනකාරිකා දෙවධීතා සයනං පරිවාරෙත්වා නිබ්බත්තන්ති, වෙය්යාවච්චකරා අන්තොවිමානෙ නිබ්බත්තන්ති, එතෙසං අත්ථාය අට්ටකරණං නත්ථි. යෙ පන සීමන්තරෙ නිබ්බත්තන්ති, තෙ “මම සන්තකා තව සන්තකා”ති නිච්ඡෙතුං අසක්කොන්තා අට්ටං කරොන්ති, සක්කං දෙවරාජානං පුච්ඡන්ති, සො යස්ස විමානං ආසන්නතරං, තස්ස සන්තකොති වදති. සචෙ ද්වෙපි සමට්ඨානෙ හොන්ති, යස්ස විමානං ඔලොකෙන්තො ඨිතො, තස්ස සන්තකොති වදති. සචෙ එකම්පි න ඔලොකෙති, තං උභින්නං කලහුපච්ඡෙදනත්ථං අත්තනො සන්තකං කරොති. තං සන්ධාය, “දෙවානංයෙව තාවතිංසානං කරණීයෙනා”ති ආහ. අපිචස්ස එවරූපං කීළාකිච්චම්පි කරණීයමෙව.
බහුකිච්චා බහු කරණීයා යන මෙහි යම්කිසිවෙකුට බොහෝ කටයුතු වෙත්ද, ඔව්හූ බහුකිච්ච නම් වෙති. බහුකරණීයා යනු එයටම සමාන වචනයි. අප්පෙව සකෙන කරණීයෙන යනු තමන්ගේ කටයුතු මොහුට අල්පය. බොහෝ නොවේ. එහෙත් දෙවියන්ගේ කටයුතු බොහෝයි. මහපොළවේ පටන් කප්රුක්, ස්ත්‍රීන් සඳහා යුක්ති විසඳීම් ආදී කළයුතු දේ ශක්‍රයා සමීපයේම සිඳෙයි. එහෙයින් නියම කරමින් කීය. අපිච දෙවානංයෙව තාවතිංසානං කරණීයෙන දෙවිවරුන්ගේ දූවරුන් ද, පුතුන් ද ඇකයෙහි උපදිත්, පාද පරිචාරිකා ස්ත්රීහූ යහනෙහි උපදිති. ඔවුන්ගේ සැරසීම්, පැළඳීම් ආදිය කරන දේවතාවෝ යහන පිරිවරා උපදිත්. වතාවත්කරුවෝ විමන ඇතුළේ උපදිත්. මොවුන් සඳහා නැත. එහෙත් යම්කෙනෙක් සීමා අතර ඉපදුනහොත් ඔවුන් මා සතුද වෙන අයෙක් සතුද යන්න නිශ්චය කරන්නට නො හැකි වූ විට සක්දෙව් රජුගෙන් විමසති. උපන් තැනැත්තා යමෙකුගේ විමානය සමීපයේ උපන්නේ ද ඔහු සතු වේ. ඉදින් විමන් දෙකක් සමීපව උපන්නේ ද, එකල යමෙකුගේ විමන බලමින් සිටියේ නම් ඔහු සතු යයි කියයි. ඉදින් එකකුදු නො බලා නම් ඔවුන්ගේ කලහ සන්සිඳුවීම සඳහා තමන් සතු කරයි. මේ සඳහා දෙවානං යෙව තාවතිංසානං කරණීයෙනා යන්න කියන ලදී. තව ද ඔහුට ක්‍රීඩා ද කරන්නට සිදු වේ.
යං නො ඛිප්පමෙව අන්තරධායතීති යං අම්හාකං සීඝමෙව අන්ධකාරෙ රූපගතං විය න දිස්සති. ඉමිනා – “අහං, භන්තෙ, තං පඤ්හවිස්සජ්ජනං න සල්ලක්ඛෙමී”ති දීපෙති. ථෙරො – “කස්මා නු ඛො අයං යක්ඛො අසල්ලක්ඛණභාවං දීපෙති, පස්සෙන පරිහරතී”ති ආවජ්ජන්තො – “දෙවා නාම මහාමූළ්හා හොන්ති. ඡද්වාරිකෙහි ආරම්මණෙහි නිම්මථීයමානා අත්තනො භුත්තාභුත්තභාවම්පි පීතාපීතභාවම්පි න ජානන්ති, ඉධ කතමෙත්ථ පමුස්සන්තී”ති අඤ්ඤාසි.
යං නො ඛිප්පමෙව අන්තරධායතී යනු යම්හෙයකින් අඳුරෙහි රූපයක් මෙන් ඉතා ඉක්මණින් අපගේ රූප නො පෙනී යයි. ස්වාමීනි, ඒ කරුණෙන් මම ඒ පැනවිසඳුම් නො සලකම්. දක්වයි. ස්ථවිර තෙමේ, කුමක් හෙයින් මේ දේවිය, නොසලකන බව දක්වයිද, පසෙකින් ගෙන හැසිරේද යන්න ආවර්ජනය කරන්නේ, දෙවිවරු නම් මහා මෝඩයෝ වෙති. සදොරෙහි අරමුණුවලින් කැළඹෙනු ලබන්නේ තමන් කෑ නොකෑ බව ද, බිව් නොබිව් බව ද නො දනිති. මෙහි කරන ලද්ද එතැන්හිම මුලාවී ඇතැයි දැනගත්හ.
කෙචි පනාහු – “ථෙරො එතස්ස ගරු භාවනියො, තස්මා ‘ඉදානෙව ලොකෙ අග්ගපුග්ගලස්ස සන්තිකෙ පඤ්හං උග්ගහෙත්වා ආගතො, ඉදානෙව නාටකානං අන්තරං පවිට්ඨොති එවං මං ථෙරො තජ්ජෙය්යා’ති භයෙන එවමාහා”ති. එතං පන කොහඤ්ඤං නාම හොති, න අරියසාවකස්ස එවරූපං කොහඤ්ඤං නාම හොති, තස්මා මූළ්හභාවෙනෙව න සල්ලක්ඛෙසීති වෙදිතබ්බං. උපරි කස්මා සල්ලක්ඛෙසීති? ථෙරො තස්ස සොමනස්සසංවෙගං ජනයිත්වා තමං නීහරි, තස්මා සල්ලක්ඛෙසීති.
සමහරු මෙසේ කීහ. තෙරුන් වහන්සේ මොහු විසින් ගරුබුහුමන් කළයුතුය. එහෙයින් දැන්ම ලෝකයේ අග්‍ර පුද්ගලයන් සමීපයේ ප්‍රශ්න උගෙන ආයේ දැන්ම නළුවන් අතරට පිවිසියේ යයි, මට තෙරුන් වහන්සේ තර්ජනය කරති යි බියෙන් මෙසේ කීය. එය වූ කලී කොහොන් බව, කුහක බව නම් වේ. ආර්ය ශ්‍රාවකයන් තුළ කුහක බවක් නැත. එහෙයින් මුළා වූ බැවින් නො සැළකීයයි දතයුතු. කුමක් හෙයින් මත්තෙහි සැලකීද ස්ථවිරයෝ ඔහුට සතුට - සංවේගය උපදවා මෝහය බැහැර කළහ. ඒ නිසා එසේ සැලකීය.
ඉදානි සක්කො පුබ්බෙ අත්තනො එවං භූතකාරණං ථෙරස්ස ආරොචෙතුං භූතපුබ්බන්තිආදිමාහ. තත්ථ සමුපබ්යූළ්හොති සන්නිපතිතො රාසිභූතො. අසුරා පරාජිනිංසූති අසුරා පරාජයං පාපුණිංසු. කදා පනෙතෙ පරාජිතාති? සක්කස්ස නිබ්බත්තකාලෙ.
දැන් ශක්‍රයා තමන් පිළිබඳව කළ එක් කරුණක් තෙරුන්වහන්සේට කීමට භූත පුබ්බං යනාදිය කීහ. එහි සමූපබ්බූළ්හො රැස් වූයේ අසුරා පරාජිනිංසු අසුරයෝ පරාජයට පත්වූහ. නැවත කවරදා ඔවුන් පරාජය කරන ලද්දේද, ශක්‍රයා උපන් කල්හිය.
සක්කො කිර අනන්තරෙ අත්තභාවෙ මගධරට්ඨෙ මචලගාමෙ මඝො නාම මාණවො අහොසි, පණ්ඩිතො බ්යත්තො, බොධිසත්තචරියා වියස්ස චරියා අහොසි. සො තෙත්තිංස පුරිසෙ ගහෙත්වා කල්යාණමකාසි. එකදිවසං අත්තනොව පඤ්ඤාය උපපරික්ඛිත්වා ගාමමජ්ඣෙ මහාජනස්ස සන්නිපතිතට්ඨානෙ කචවරං උභයතො අපබ්බහිත්වා තං ඨානං අතිරමණීයමකාසි, පුන තත්ථෙව මණ්ඩපං කාරෙසි, පුන ගච්ඡන්තෙ කාලෙ සාලං කාරෙසි. ගාමතො ච නික්ඛමිත්වා ගාවුතම්පි අඩ්ඪයොජනම්පි තිගාවුතම්පි යොජනම්පි විචරිත්වා තෙහි සහායෙහි සද්ධිං විසමං සමං අකාසි. තෙ සබ්බෙපි එකච්ඡන්දා තත්ථ තත්ථ සෙතුයුත්තට්ඨානෙසු සෙතුං, මණ්ඩපසාලාපොක්ඛරණීමාලාගච්ඡරොපනාදීනං යුත්තට්ඨානෙසු මණ්ඩපාදීනි කරොන්තා බහුං පුඤ්ඤමකංසු. මඝො සත්ත වතපදානි පූරෙත්වා කායස්ස භෙදා සද්ධිං සහායෙහි තාවතිංසභවනෙ නිබ්බත්ති.
ශක්‍රයා වනාහි එක්තරා ආත්මභාවයක මගධරට මචල නම් ගමැ මස නමින් මාණවකයෙක් විය. බෝසතුන්ගේ ක්‍රියාපිළිවෙළ මෙන් ක්‍රියා පිළිවෙළක් ඔහුට ද විය. හේ පණ්ඩිතය. ව්‍යක්තය. ඔහු තෙතිසක් පමණ මිනිසුන් සමග යහපත් කටයුතු (කුසල්) කළේය. එක් දවසක් තමාගේම නුවණින් විමසා ගමමැද මහජනයා රැස් වූ තැන කැළි කසල බැහැරකොට රමණීය පෙදෙසක් කළේය. නැවත එහි මණ්ඩපයක් කළේය. පසුව කල් ගතවෙත්ම ශාලාවක් කරවීය. තව ද ගව්වක් අඩ යොදුනක් තුන් ගව්වක් ද යොදුනක් ද හැසිර ඒ යහලුවන් සමග උස් මිටි තැන් සමතලා කළේය. ඔවුන් සියල්ලෝ ඒ ඒ තැන ඒදණ්ඩක් පාලමක් කරන්ට සුදුසු තැන ඒදඬු පාලම් ද, ප්‍රජාශාලා, පොකුණු, මල්වතු, උයන්වතු කරවිය යුතු තැන්වල ඒවා ද කළහ. මෙසේ බොහෝ කුසල් රැස්කළහ. මඝ මාණවකයෝ සත් වත පද පුරා, මරණයෙන් පසු තව්තිසා දෙව්ලොව උපන්හ. ඔහුගේ යහළුවෝ ද ඔහු සමගම එහි උපන්නාහ.
තස්මිං කාලෙ අසුරගණා තාවතිංසදෙවලොකෙ පටිවසන්ති. සබ්බෙ තෙ දෙවානං සමානායුකා සමානවණ්ණා ච හොන්ති, තෙ සක්කං සපරිසං දිස්වා අධුනා නිබ්බත්තා නවකදෙවපුත්තා ආගතාති මහාපානං සජ්ජයිංසු. සක්කො දෙවපුත්තානං සඤ්ඤං අදාසි – “අම්හෙහි කුසලං කරොන්තෙහි න පරෙහි සද්ධිං සාධාරණං කතං, තුම්හෙ ගණ්ඩපානං මා පිවිත්ථ පීතමත්තමෙව කරොථා”ති. තෙ තථා අකංසු. බාලඅසුරා ගණ්ඩපානං පිවිත්වා මත්තා නිද්දං ඔක්කමිංසු. සක්කො දෙවානං සඤ්ඤං දත්වා තෙ පාදෙසු ගාහාපෙත්වා සිනෙරුපාදෙ ඛිපාපෙසි, සිනෙරුස්ස හෙට්ඨිමතලෙ අසුරභවනං නාම අත්ථි, තාවතිංසදෙවලොකප්පමාණමෙව. තත්ථ අසුරා වසන්ති. තෙසම්පි චිත්තපාටලි නාම රුක්ඛො අත්ථි. තෙ තස්ස පුප්ඵනකාලෙ ජානන්ති – “නායං තාවතිංසා, සක්කෙන වඤ්චිතා මය”න්ති. තෙ ගණ්හථ නන්ති වත්වා සිනෙරුං පරිහරමානා දෙවෙ වුට්ඨෙ වම්මිකපාදතො වම්මිකමක්ඛිකා විය අභිරුහිංසු. තත්ථ කාලෙන දෙවා ජිනන්ති, කාලෙන අසුරා. යදා දෙවානං ජයො හොති, අසුරෙ යාව සමුද්දපිට්ඨා අනුබන්‍ධන‍්ති. යදා අසුරානං ජයො හොති, දෙවෙ යාව වෙදිකපාදා අනුබන්‍ධන‍්ති. තස්මිං පන සඞ්ගාමෙ දෙවානං ජයො අහොසි, දෙවා අසුරෙ යාව සමුද්දපිට්ඨා අනුබන්ධිංසු. සක්කො අසුරෙ පලාපෙත්වා පඤ්චසු ඨානෙසු ආරක්ඛං ඨපෙසි. එවං ආරක්ඛං දත්වා වෙදිකපාදෙ වජිරහත්ථා ඉන්දපටිමායො ඨපෙසි. අසුරා කාලෙන කාලං උට්ඨහිත්වා තා පටිමායො දිස්වා, “සක්කො අප්පමත්තො තිට්ඨතී”ති තතොව නිවත්තන්ති. තතො පටිනිවත්තිත්වාති විජිතට්ඨානතො නිවත්තිත්වා. පරිචාරිකායොති මාලාගන්ධාදිකම්මකාරිකායො.
ඒ කාලයේ අසුර සමූහයා තව්තිසා භවනයේ පදිංචිකරුවෝ වූහ. ඔව්හු ද දෙවියන් හා සමාන සමාන වයස් ඇත්තේ ද සමාන වර්ණ ඇත්තෝ ද වූහ. ඔව්හු (ශක්‍රයා) අලුත උපන් දෙවියා හා ඔහුගේ පිරිස දැක අළුත් දිව්‍ය පුත්‍රයෝ පහළ වූහයි මහා පානයක් (උපන්දින සාදයක්) පිළියෙළ කළහ. ශක්‍රයා (නව නායක දෙවියා) තමන්ගේ පිරිසට සංඥාවක් දී, අපි කුසල් කරන්නමෝ අනුන් සමග සාධාරණ නො වමු. එහෙයින් ඔබලා මේ මහා පානය - ගණ්ඩපානය නො නොබොවු. බොන පමණක්ම දක්වමු. ඔව්හූ ද එසේ කළහ. මෝඩ අසුරයෝ ගණ්ඩපානය මහත් සේ බීමෙන් මත් වී නින්දට වන්නාහ. ශක්‍රයා නව දෙවිවරුන්ගේ නායකයා අනෙක් නව දෙවිවරුන්ට සංඥා දී, අසුරයන් කකුල්වලින් ඔසවා සිනේරු පර්වත පාදයට වීසි කළහ. සිනේරු පර්වතය යට පැත්තේ අසුර භවනය පිහිටා තිබේ. එය තව්තිසා දෙව්ලොව තරම්ම වේ. එහි අසුරයෝ වෙසෙති. ඔවුන්ට සිත්පළොල් නම් රුකක් ඇත. ඒ ගසෙහි මල් පිපෙන කල මේ තව්තිසා දෙව්ලොව නොවේයයි දැන ගනිති. මේ තව්තිසාව නොවේ. ශක්‍රයා විසින් අපි වංචා කරන ලද්දෝ වෙමු. ඔහු ගනිව් යයි කියා, වැසි කලට තුඹසකින් මෙරු නගින්නාක් මෙන් අසුරයෝ සිනේරු පව්ව උඩට නගිති. එහි එක් කලෙක අසුරයෝ දිනත්. තවත් කලෙක සුරයෝ දිනති. මෙකල සූරයන්ට දෙවියන්ට ජය නියත කාලයයි. අසුරයන් මුහුදු වෙරළ තෙක් ලුහුබඳිති. අසුරයන්ට ජය අත්වන කල දෙවිවරුන් වේදිකා තලය තෙක් ලුහුබඳිති. මෙකල්හි දෙවියන්ට ජය අත් වේ. දෙවිවරු අසුරයන් මුහුදු වෙරළ දක්වා ලුහුබැන්දාහ. ශක්‍රයා අසුරයන් පළවාහැර, පස් තැනෙක ආරක්ෂාව පිහිටුවීය. එසේ ආරක්ෂාව පිහිටුවා වේදිකා තලයෙහි වජ්රායුධය අතින් ගත් ඉන්ද්රයාගේ පිළිමයක් තැබීය. අසුරයෝ වරින්වර නැගී ඒ ප්‍රතිමාව දැක, ශක්‍රයා අප්‍රමාදීව සිටීයයි එහිම නවතිත්. තතො පටිනිවත්තිත්වා දිනූ තැනින් නැවතී පරිවාරිකායො මල් ගෙතීම් ආදී කාර්යයන් කරන්නා වූ,
වෙස්සවණො ච මහාරාජාති සො කිර සක්කස්ස වල්ලභො, බලවවිස්සාසිකො, තස්මා සක්කෙන සද්ධිං අගමාසි. පුරක්ඛත්වාති පුරතො කත්වා. පවිසිංසූති පවිසිත්වා පන උපඩ්ඪපිහිතානි ද්වාරානි කත්වා ඔලොකයමානා අට්ඨංසු.
වෙස්සවණො මහාරාජා ඔහු වනාහි ශක්‍රයාට පක්ෂපාතීයහ. ඉතා විශ්වාසවන්තය. එහෙයින් ශක්‍රයා සමග ගියේය. පුරක්ඛත්වා පෙරටු කරගෙන, පවිසිංසූ පිවිස දොරවල් අඩවල්කොට බලා සිටියාහ.
ඉදම්පි, මාරිස මොග්ගල්ලාන, පස්ස වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකන්ති, මාරිස මොග්ගල්ලාන, ඉදම්පි වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං පස්ස, සුවණ්ණත්ථම්භෙ පස්ස, රජතත්ථම්භෙ මණිත්ථම්භෙ පවාළත්ථම්භෙ ලොහිතඞ්ගත්ථම්භෙ මසාරගල්ලත්ථම්භෙ මුත්තත්ථම්භෙ සත්තරතනත්ථම්භෙ, තෙසංයෙව සුවණ්ණාදිමයෙ ඝටකෙ වාළරූපකානි ච පස්සාති එවං ථම්භපන්තියො ආදිං කත්වා රාමණෙය්යකං දස්සෙන්තො එවමාහ. යථා තං පුබ්බෙකතපුඤ්ඤස්සාති යථා පුබ්බෙ කතපුඤ්ඤස්ස උපභොගට්ඨානෙන සොභිතබ්බං, එවමෙවං සොභතීති අත්ථො.
ඉදම්පි මාරිස මොග්ගල්ලාන වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං මුගලන් තෙරුන් වහන්ස, විජයොත්පහයේ මේ රමණිය විසිතුරු බව බලනු මැනවි. රන් කුළුණු, මැණික් කුළුණු, මුතු කුළුණු, පියුම්රාමිණි කුළුණු, මැසිරිගල් කුළුණු, මුතු කුළුණු, සත්රුවන් කුළුණු, ස්වර්ණමයාදී වූ පේකඩවල ව්යාළ රූප බලනු මැනවි. මෙසේ ටැම්පෙළ ආදිය දක්වමින් මෙසේ කීහ. යථා තං පුබ්බෙ කත පුඤ්ඤස්ස පෙර පින් ඇත්තෙකුගේ පරිභෝගස්ථානයක් හෙබිය යුතු යම්සේද, එසේ මේ හැම දෙයකින්ම ශෝභමාන වී සුන්දර වී යන අර්ථයි.
අතිබාළ්හං ඛො අයං යක්ඛො පමත්තො විහරතීති අත්තනො පාසාදෙ නාටකපරිවාරෙන සම්පත්තියා වසෙන අතිවිය මත්තො.
අති බාළ්හං ඛො අයං යක්ඛො පමත්තො විහරතී ති තමන්ගේ ප්‍රාසාදයෙහි සම්පත්ති වශයෙන් නළු නිළියන් පිරිවරාගෙන සම්පත්තියෙන් මත් වූයේ,
ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසීති ඉද්ධිමකාසි. ආපොකසිණං සමාපජ්ජිත්වා පාසාදපතිට්ඨිතොකාසං උදකං හොතූති ඉද්ධිං අධිට්ඨාය පාසාදකණ්ණිකෙ පාදඞ්ගුට්ඨකෙන පහරි. සො පාසාදො යථා නාම උදකපිට්ඨෙ ඨපිතපත්තං මුඛවට්ටියං අඞ්ගුලියා පහටං අපරාපරං කම්පති චලති න සන්තිට්ඨති. එවමෙවං සංකම්පි සම්පකම්පි සම්පවෙධි, ථම්භපිට්ඨසඞ්ඝාටකණ්ණිකගොපානසිආදීනි කරකරාති සද්දං මුඤ්චන්තානි පතිතුං විය ආරද්ධානි. තෙන වුත්තං – “සඞ්කම්පෙසි සම්පකම්පෙසි සම්පවෙධෙසී”ති.
ඉධාභිසංඛාරං අභිසංඛාසී ඍද්ධියක් කළේය. ආපෝ කසිණයට සමවැද ප්‍රාසාදය පිහිටි ඉඩකඩ ජලය වේවයි ඉටා ප්‍රාසාදයේ කැණිමඬල පය මහපට ඇඟිල්ලෙන් හෙල්ලුවේය. ජලයෙහි තැබූ පාත්‍රයක් ඇඟිල්ලෙන් තල්ලු කළ කල්හි යම්සේ කම්පාවේද සැලේද, නො පිහිටාද එපරිද්දෙන් ඒ ප්‍රාසාදය සෙළවිණි. අතිශයින් සෙලවිණි. කළුණු, දොර ජනෙල්, කැණිමඬල ආදිය කර කර යන ශබ්ද නගමින් වැටෙන්නට මෙන් පටන් ගත්හ. සංකම්පෙසි - සම්පකම්පෙණි, සම්පවෙධෙසි යනු එහෙයින් කියන ලදී.
අච්ඡරියබ්භුතචිත්තජාතාති අහො අච්ඡරියං, අහො අබ්භුතන්ති එවං සඤ්ජාතඅච්ඡරියඅබ්භුතා චෙව සඤ්ජාතතුට්ඨිනො ච අහෙසුං උප්පන්නබලවසොමනස්සා. සංවිග්ගන්ති උබ්බිග්ගං. ලොමහට්ඨජාතන්ති ජාතලොමහංසං, කඤ්චනභිත්තියං ඨපිතමණිනාගදන්තෙහි විය උද්ධග්ගෙහි ලොමෙහි ආකිණ්ණසරීරන්ති අත්ථො. ලොමහංසො ච නාමෙස සොමනස්සෙනපි හොති දොමනස්සෙනපි, ඉධ පන සොමනස්සෙන ජාතො. ථෙරො හි සක්කස්ස සොමනස්සවෙගෙන සංවෙජෙතුං තං පාටිහාරියමකාසි. තස්මා සොමනස්සවෙගෙන සංවිග්ගලොමහට්ඨං විදිත්වාති අත්ථො.
අච්ඡරියබ්භූත චිත්ත ජාතා අහෝ පුදුමයි. මෙසේ හටගත් ආශ්චර්යය අභූත ය. මෙසේ හටගත් පුදුම උපදවන සිදුවීම් දැක බලවත් සතුටට පත්වූවාහු වෙති. සංවිග්ගං උද්වේග වූවහු, සැලුණාහු, ලොමහට්ඨ ජාතං ලොම් කෙලින් සිටියාහු, රත්තරන් බිත්තියක තැබූ ඇත්දත් මෙන් උඩු අතට පිහිටි ලොම් දැහැ ගැනීමෙන් සතුටට පත්, සොම්නසින් ද, දොම්නසින් ද වේ. තෙරුන්වහන්සේ ශක්‍රයා සොම්නසින් සංවේගයෙන් යුක්ත කරන්නට ප්රාතිහාර්යය කළේය. එහෙයින් සොම්නස් සංවේගයෙන් සංවේගයට පත්ව ලොම් කෙලින් සිටීම වින්දේය යන අර්ථයි.
ඉධාහං, මාරිසාති ඉදානිස්ස යස්මා ථෙරෙන සොමනස්සසංවෙගං ජනයිත්වා තමං විනොදිතං, තස්මා සල්ලක්ඛෙත්වා එවමාහ. එසො නු තෙ, මාරිස, සො භගවා සත්ථාති, මාරිස, ත්වං කුහිං ගතොසීති වුත්තෙ මය්හං සත්ථු සන්තිකන්ති වදෙසි, ඉමස්මිං දෙවලොකෙ එකපාදකෙන විය තිට්ඨසි, යං ත්වං එවං වදෙසි, එසො නු තෙ, මාරිස, සො භගවා සත්ථාති පුච්ඡිංසු. සබ්රහ්මචාරී මෙ එසොති එත්ථ කිඤ්චාපි ථෙරො අනගාරියො අභිනීහාරසම්පන්නො අග්ගසාවකො, සක්කො අගාරියො, මග්ගබ්රහ්මචරියවසෙන පනෙතෙ සබ්‍රහ්මචාරිනො හොන්ති, තස්මා එවමාහ. අහො නූන තෙ සො භගවා සත්ථාති සබ්රහ්මචාරී තාව තෙ එවංමහිද්ධිකො, සො පන තෙ භගවා සත්ථා අහො නූන මහිද්ධිකොති සත්ථු ඉද්ධිපාටිහාරියදස්සනෙ ජාතාභිලාපා හුත්වා එවමාහංසු.
ඉදහං මාරිසා මෙවිට යම්හෙයකින් තෙරුන්වහන්සේ විසින් සොම්නස් සංවේග උපදවා මොහඳුරු දුරු කරන ලදද ඒ බව සලකා මෙසේ කීහ. එසො තෙ මාරිස සො භගවා සත්ථා නිදුකාණනි, තෙපි කොහි ගියහුදැයි කී කල ‘මාගේ ශාස්තෲන් වෙතට’ යයි කියමු. මේ දෙව්ලොව එක් පියකින් මෙන් සිටිවු. යමෙක් මෙසේ කියයි නම් නිදුකාණනි, මේ තොපගේ භගවත් ශාස්තෲදැයි විචාළාහුය. සබ්රහ්මචාරී සො එසො යන මෙහි එකක් ඇත. තෙරුන් වහන්සේ අනගාරියහ. අභිනීහාර සම්පන්න වූ අග්‍රශ්‍රාවක වූහ. ශක්‍රයා අගාරිකය. එහෙත් මාර්ග බ්රහ්මචරියා වශයෙන් සබ්රහ්මචාරීහූ වෙති. එහෙයින් මෙසේ කීහ. අහො නූන තෙ භගවා සත්ථා තොපගේ සබ්රහ්මචාරී තෙමේත් මෙසේ මහත් සෘද්ධි ඇත්තේ ය. තොපගේ භගවත් ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය. ඒකාන්තයෙන් මහත් සෘද්ධි ඇත්තාහුය. ශාස්තෲන් වහන්සේ ගේ සෘද්ධි ප්රාතිහාර්ය දැකීමෙහි උපන් කැමැත්ත ඇතිව මෙසේ කීහ.
ඤාතඤ්ඤතරස්සාති පඤ්ඤාතඤ්ඤතරස්ස, සක්කො හි පඤ්ඤාතානං අඤ්ඤතරො. සෙසං සබ්බත්ථ පාකටමෙව, දෙසනං පන භගවා යථානුසන්ධිනාව නිට්ඨාපෙසීති.
අභිඤ්ඤාතඤ්ඤාතරස්ස ප්‍රසිද්ධ වූවන් අතුරෙන් එක්තරා කෙනෙකුගේ, ශක්‍රයා ප්‍රසිද්ධ වූවන් අතුරෙන් අන්‍යතරයෙකි. සෙස්ස සියලු තැන්හි ප්රකටය. භාග්‍යවතුන් වහන්සේ දේශනාව අනුසන්ධි වූ ලෙසින් ම නිම වූ සේක.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළතණ්හාසඞ්ඛයසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූළ තණ්හාසංඛය සූත්‍ර වර්ණනාව නිමියේය.