චූළතණ්හාසඞ්ඛයසුත්තං
1. 4. 7.
1. 4. 7.
චූළතණ්හාසඞ්ඛයසුත්තං
චූළතණ්හාසඞ්ඛය සූත්‍රය
එවම්මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම්මහවෙහෙර මුවරමාපහයෙහි වැඩ වෙසෙති. එක්බිති සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේ. එකත්පස් ව සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ:
2. “කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.”
2. “වහන්ස, කිපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්හාසඞ්ඛය විමුත්ත (තෘෂ්ණා නිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ දැ”යි (රහත්හුගේ පූර්වභාගප්රතිපද් සැකෙවින් වදාළ මැනැවැයි සැළකෙළේය).
3. ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්ච තං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති, සො සබ්බං ධම්මං අභිජානාති. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
3. දේවේන්ද්රය, මෙසස්නෙහි මහණහු විසින් (ස්කන්‍ධායතනධාතුසඞ්ඛ්‍යාත) හැම දහම්හු අභිනිවේශය (තෘෂ්ණාදීන් බැසගැණීම) පිණිස නො යෙදෙතියි අසන ලද වෙයි. දේවේන්ද්රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නො වෙති’යි එකරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදිසර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන් අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තිරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේ ය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනාවන්හි අනිත්‍ය විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගනැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ, පඤ්චස්කන්‍ධලෝකයෙහි කිසිදු සංස්කාරයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේය. නො ගන්මින් තෘෂිත (තෘෂ්ණාන්විත) නො වෙයි. (තණ්හා පරිතස්සන විසින්) පිපාසික නො වන්නේ සිය සතන්හි ම (කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි. ‘ජාතිය ක්ෂීණ විය. බඹසරවස් වසන ලදී. (සොළොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එමී’ දනී. දේවේන්ද්රය, මෙතෙකින් මහණ සංක්ෂිප්ත විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ. ඒකාන්තනිෂ්ඨා ඇතියේ, තින්යයෝගක්ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යි. (මේ රහත්හුගේ පූර්වභාග ප්‍රතිපද් සැකෙවින් වදාළ නියා යි.)
අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
එක්බිති සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කොට අනුමෝ ව භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ.
4. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: ‘කින්නු ඛො සො යක්ඛො භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදි, උදාහු නො. යන්නූනාහං තං යක්ඛං ජානෙය්යං: යදිවා සො යක්ඛො භගවතො භාසිතං අභිසමෙච්ච අනුමොදි, යදිවා නො’ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
4. එකල ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරැ හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, නොහොත් නොදැන අනුමෝදන් වීදැයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද නොහොත් නොදැන අනුමෝදන් වීදැ’යි මම ඒ යක් පිළිවිස දනිම් නම් මැනැවැ”යි. එක්බිති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේත්, දික් කළ අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුවරම් මහවෙහෙරැ මුවරමාපායෙහි අතුරුදන් වූවෝ තවුතිසා වැසි දෙවියන් කෙරෙහි පෙනුණාහු.
5. තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො එකපුණ්ඩරීකෙ උය්යානෙ දිබ්බෙහි පඤ්චහි තූරියසතෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. අද්දසා ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තානි දිබ්බානි පඤ්ච තුරියසතානි පටිප්පණාමෙත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: එහි ඛො මාරිස මොග්ගල්ලාන, සාගතං මාරිස මොග්ගල්ලාන. චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ. සක්කොපි ඛො දෙවානමින්දො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: යථාකථං පන තෙ කොසිය භගවා සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසි? සාධු මයම්පි එතිස්සා කථාය භාගිනො අස්සාම සවනායාති.
5. එසඳ සක්දෙව්රජ ඒකපුණ්ඩරීක නම් උයන්හි (තමා පිරිවරා වයන) පන්සියක් දෙව්පසඟතුරු රැවින් සමර්පිත ව සමන්විතව ඉඳුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙව්රජ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දිට. දැක (වයමින් සිටි) පන්සියක් දිවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙර හට තෙල සැළ කෙළේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මැනැව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට ස්වාගත කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කළදැ යයි (බොහෝ කලෙකින් වැඩිදෑ ය යි ප්‍රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අසුන් පැනවිණ, වැඩහිඳුනේ යැ”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්නෙහි හුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් ගෙන එකත්පස් ව හින. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂ්මත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙව්රජිනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සඞ්ඛය විමුත්තිය (නිවන අරමුණ කොට මිදීම) කිසෙයින් නම් වදාළ සේක් ද? අයදුම්හ, අපිදු තෙල සූත්‍රදේශනා කථා අසනුවට භාගී වම්හයි.
6. “මයං ඛො මාරිස මොග්ගල්ලාන බහුකිච්චා, මයං බහුකරණීයා, අප්පෙව සකෙන කරණීයෙන, අපිච දෙවානංයෙව තාවතිංසානං කරණීයෙන. අපිච මාරිස මොග්ගල්ලාන, සුස්සුතංයෙව හොති සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතං යං නො ඛිප්පමෙව අන්තරධායති. භූතපුබ්බං මාරිස මොග්ගල්ලාන, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන මාරිස මොග්ගල්ලාන සඞ්ගාමෙ දෙවා විජිනිංසු. අසුරා පරාජිනිංසු. සො ඛො අහං මාරිස මොග්ගල්ලාන තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තතො පටිනිවත්තිත්වා වෙජයන්තං නාම පාසාදං මාපෙසිං. වෙජයන්තස්ස ඛො පන මාරිස මොග්ගල්ලාන පාසාදස්ස නිය්යූහසතං. එකමෙකස්මිං නිය්යුහෙ සත්ත සත්ත කූටාගාරසතානි. එකමෙකස්මිං කූටාගාරෙ සත්ත සත්ත අච්ඡාරයො. එකමෙකිස්සා අච්ඡරායසත්ත සත්ත පරිචාරිකායො. ඉච්ඡෙය්යාසි නො ත්වං මාරිස මොග්ගල්ලාන වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං දට්ඨුන්ති. අධිවාසෙසි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තුණ්හී භාවෙන.
6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියම්හ. අපගේ ම කාර්ය්ය මඳ වෙයි. වැලිදු තව්තිසාවැසි දෙවියන්ගේ කාර්ය්ය බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසූ, මනා කොට උගත්, මොනොවට මෙනෙහි කළ, මොනොවට ධැරූ යම් දැයෙකුදු වීනම්, එය වහා ම අතුරුදන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදැයක් කියමි: දේවාසුරසඞ්ග්රාමයෙක් රාශිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ග්‍රාමයෙහි දී දේවයෝ දුනුහු. අසුරයෝ පැරැදුනුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇති ව එයින් නැවති වෛජයන්ත නම් පහය මැවීමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයන් පහය සියක් නිර්යූහ (මුදුන්තල) ඇත. එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාරය. එකෙකි කූටාගාරයෙහි සත් සත් අප්සරාවෝ ය. එකෙකි අප්සරාවට සත් සත් (උවටන් කරන) පරිචාරිකා දෙව්දූහ. මාරිෂ, මෞද්ගල්‍යායනයෙනි, තෙපි කැමැතියා ව විජයත්පහය රමණී සේ දක්නට යැ යි (දෙව්රජ කී.) මුගලන් මහතෙරහු නොබැණ ඉවසූහ.
7. අථඛො සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුරක්ඛත්වා යෙන වෙජයන්තො පාසාදො තෙනුපසඞ්කමිංසු. අද්දසංසු ඛො සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ඔත්තප්පමානා හිරීයමානා සකසකං ඔවරකං පවිසිංසු. සෙය්යථාපි නාම සුණිසා සසුරං දිස්වා ඔත්තප්පති හිරීයති, එවමෙවං සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො ආයස්මන්තං මහාමොග්ගල්ලානං දිස්වා ඔත්තප්පමානා හිරීයමානා සකසකං ඔවරකං පවිසිංසු. අථ ඛො සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා ආයස්මන්තං මහාමොග්ගල්ලානං වෙජයන්තෙ පාසාදෙ අනුචඞ්කමාපෙන්ති අනුවිචරාපෙන්ති: ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකං, ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වෙජයන්තස්ස පාසාදස්ස රාමණෙය්යකන්ති. “සොභතීවතිදං ආයස්මතො කොසියස්ස යථාතං පුබ්බෙ කතපුඤ්ඤස්ස. මනුස්සාපි කිඤ්චිදෙව රාමණෙය්යකං දට්ඨා එවමාහංසු: සොභති වත භො දෙවානං තාවතිංසානන්ති. තයිදං ආයස්මතො කොසියස්ස සොභති යථා තං පුබ්බෙ කතපුඤ්ඤස්සාති.
7. එකල්හි සක්දෙව්රජ ද වෙසවුණු රජ ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙරට කොට ගෙන විජයත්පහයට ගියහ. එසඳ සක්දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වඩනුවන් දුරින් ම දුටහ. දැක බිය ඇති ව විළි ඇති ව තමන් තමන්ගේ ඔවරකයට පිවිසියහ. යම් පරිදි ණියක් (ලේළි) සුහුරකු දැක විළිබිය ගන්නී වේ ද, එපරිදි ම දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දැක විළිබිය ඇති ව තමන් තමන් ඔවරකයට ගියෝ. එක්බිති, සක්දෙව්රජ හා වෙසවුණුමහරජ හා දෙදෙන ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් විජයත් පහය ඔබ මොබ ඇවිදුවත්: “ආර්‍ය්‍යය, මුගලන් තෙරණුවනි, විජයත් පහය මේද රමණී සේ බලව. වහන්ස, මුගලන් තෙරණුවනි, මේද වෛජයන්ත ප්‍රාසාදයාගේ රමණී සේ බලව”යි කීහු. “පෙර පින් කළ පරිදි ආයුෂ්මත් ශක්රදේවේන්ද්රයනට මේ පහා හොබනේ ම ය. මිනිස්හුදු කිසියම් රමණී දැයක් දැක මෙසේ කියති: “භවත්නි, තෙල දැය තව්තිසා වැසි දෙවියනට හොබනේ මය” කියායි. පෙරපින් කළ කෙනෙකුන්ට හොබනාක් සෙයින් ආයුෂ්මත් දේවේන්ද්රයනට මේ පහා හොබනේ මැ ය.
8. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: අතිබාළ්හං ඛො අයං යක්ඛො පමත්තො විහරති. යන්නූනාහං ඉමං යක්ඛං සංවෙජෙය්යන්ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසංඛාසි යථා වෙජයන්තං පාසාදං පාදඞ්ගුට්ඨකෙන සඞ්කම්පෙසි සම්පකම්පෙසි සම්පවෙධෙසි. අථ ඛො සක්කො ච දෙවානමින්දො වෙස්සවණො ච මහාරාජා දෙවා ච තාවතිංසා අච්ඡරියබ්භුතචිත්තා අහෙසුං: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම දිබ්බං භවනං පාදඞ්ගුට්ඨකෙන සඞ්කම්පෙස්සති සම්පකම්පෙස්සති සම්පවෙධෙස්සතීති.
8. එසඳ ආයුෂ්මත් මහ මුගලන් මහතෙරණුවන්ට මෙ සිත්වී: “මෙ යක් (තමා පහයෙහි නළුවන් හා සම්පත් යශසින්) ඉතා මත් ව දවස් යවයි. මම මෙ යක් සංවිග්න (බියපත්) කෙරෙම් නම් මනා මැනු” යි. ඉක්බිති ආයුෂ්මත් මුගලන් මහතෙරහු යම්සේ විප්යත් පහය පාදාඞ්ගුෂ්ඨයෙන් පහළේ බමා ද, සැලේ ද, නොසිටී ද, එසේ (අප්කිසිණු සමවත් සම වැද) ඍද්ධියක් කළහ. එසඳ සක්දෙවු රජ ද වෙසවුණු මහරජ ද තව්තිසා වැසි දෙවියෝ ද විස්මයප්‍රාප්ත සිතැති වූහු: ‘යම්හෙයෙකින් දිව්‍යභවනය පාදාඞ්ගුෂ්ඨයෙන් බැමී ද, සැලී ද, නොසිටුවී ද, එහෙයින් මහණහුගේ මහ ඉදුහ ඇති බව මහානුභාව ඇති සේ බලව. භවත්නි, ඒකාන්තයෙන් අසිරිය, අද්භූතය’යි (ගිගිරි කොළෝ.)
9. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සක්කං දෙවානමින්දං සංවිග්ගං ලොමහට්ඨජාතං විදිත්වා සක්කං දෙවානමින්දං එතදවොච: “යථාකථං පන තෙ කොසිය භගවා සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසි? සාධු. මයම්පි එතිස්සා කථාය භාගිනො අස්සාම සවණායා”ති.
9. එකල්හි ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙව් රජු සංවිග්න වූවහු පිපිලොමින් ගැවැසි සිරුරු ඇතියහු දැක සක්දෙව් රජහට තෙල බස් කීහ: “දේවේන්ද්රය, අප බුදුහු තොපට තණ්හාසඞ්ඛය විමුත්ති කෙසේ වදාළ සේක් ද? යදිමු, අපිදු තෙල දෙශනාකථා එසේ අසනු පිණිස සහභාගී වම්හ” යි.
10. “ඉධාහං මාරිස මොග්ගල්ලාන, යෙන භගවා තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසිං. එකමන්තං ඨිතො ඛො අහං මාරිස මොග්ගල්ලාන භගවන්තං එතදවොචං: කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං වුත්තෙ මාරිස මොග්ගල්ලාන භගවා මං එතදවොච: –
10. “වහන්ස, මුගලන් තෙරණුවනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව සිටියෙමි. භවත් මුගලන, එකත්පස් ව සිටි මම භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළකෙළෙමි. “වහන්ස, කිපමණෙකින් (කවර ප්‍රතිපදාවකින්) මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවි මිනිස්නට උතුම් වූයේ වේදැ” යි සැකෙවින් (ඒ පූර්වභාග ප්‍රතිපදාව) වදාළ මැනැවැ යි සැළ කෙළෙමි. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට තෙල බණ වදාළහ:
‘ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. සො සබ්බං ධම්මං අභිජානාති. සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති.’ එවං ඛො මෙ මාරිස මොග්ගල්ලාන භගවා සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසී”ති.
‘දේවේන්ද්රය, මෙ සස්නෙහි මහණහු විසින් ‘හැම දහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්ද්රය, මහණහු විසින් “සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති” යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්ධාදි සර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන්) වෙසෙසින් දන්නේය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණ ඇති ව වසයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නොගන්නේය. නොගන්මින් තෘෂ්ණාන්විත නොවෙයි. (තණ්හාපරිතස්සනා විසින්) පිරිතැසි නොකරනුයේ ස්වසන්තානයෙහි ම (කෙලෙස් පිරිනිවියෙන්) පිරිනිවෙයි. ‘ජාතිය ක්ෂීණ විය, බ්‍රම්සරවස් වසන ලදී, කරණී කරන ලදී. නැවත මෙ බවට එනු පිණිස කිසිත් නැතැ’යි දනී. දේවේන්ද්රය, මෙතෙකින් සැකෙවින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යැ’යි මෙසේ මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූවහු පිළිබඳ පූර්වභාග ප්‍රතිපද් වදාළහ යි සැළකෙළේ ය.
11. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සක්කස්ස දෙවානමින්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ පාතුරහොසි.
11. එසඳ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙවි රජහුගේ තෙපුල් අභිනන්දනයෙන් පිළිගෙන අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අත් හෝ දික් කරන්නේත්, දික් කළ අත් හෝ වක් කරන්නේත් වේ ද, එ සේ තව්තිසැ දෙවියන් කෙරෙහි අතුරුදන් ව පූර්වාරාම මහවෙහෙර මුවරමා පහයෙහි පහළවූහු.
12. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ මහාමොග්ගල්ලානෙ සක්කං දෙවානමින්දං එතදවොචුං: එසො නු ඛො තෙ මාරිස සො භගවා සත්ථාති. න ඛො මෙ මාරිසා සො භගවා සත්ථා, සබ්රහ්මචාරී මෙ එසො ආයස්මා මහාමොග්ගල්ලානොති. ලාභා තෙ මාරිස, යස්ස තෙ සබ්රහ්මචාරී එවංමහිද්ධිකො මහානුභාවො, අහො නූන තෙ සො භගවා සත්ථාති.
12. ඉක්බිති සක්දෙව්රජහුගේ පිරිවර සුරවමියෝ ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වඩනා හා ම සක්දෙව්රජහට තෙල බස් කීහු. “වහන්ස, මුහු තොපගේ ඒ භගවත් ශාස්තෲහු වෙත්දැ?”යි. ‘ප්‍රියාවෙනි, මුහු මාගේ ශාස්තෲහු නොවෙති. මාගේ සබඳ සබ්‍රම්සර කෙනෙක. මුහු ආයුෂ්මත් මහමුගලන්හ”යි. වහන්ස, තොපගේ සබඳ සඟ කෙනෙක් මෙබඳු මහඉදුහ ඇතියහ, මෙබඳු මහානුභාව ඇතියහ. වහන්ස, තොපට ලාභයෙක. අහෝ, තොපගේ ඒ භගවත් ශාස්තෲහු කිසේ වෙති හො යි. (සුරවමියො කීහු.)
13. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: –
13. එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: -
“අභිජානාති නො භන්තෙ භගවා අහු ඤාතඤ්ඤතරස්ස මහෙසක්ඛස්ස යක්ඛස්ස සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං භාසිතා”.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහේශාඛ්‍ය දෙවියකුට තෘෂ්ණානිරෝධ සඞ්ඛ්‍යාත නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම සැකෙවින් වදාළ දැ දන්නා සේක්දෝ”යි.
14. “අභිජානාමහං මොග්ගල්ලාන: ඉධ සක්කො දෙවානමින්දො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මොග්ගල්ලාන සක්කො දෙවානමින්දො මං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං වුත්තෙ අහං මොග්ගල්ලාන සක්කං දෙවානමින්දං එතදවොචං: ඉධ දෙවානමින්ද භික්ඛුනො සුතං හොති: සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවඤ්චෙතං දෙවානමින්ද භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති, සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො දෙවානමින්ද භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති. එවං ඛො අහං මොග්ගල්ලාන අභිජානාමි සක්කස්ස දෙවානමින්දස්ස සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං භාසිතා”ති.
14. “මුගලන, මම දනිමි: සක්දෙව්රජ මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස් ව සිටගත. මුගලන, එකත්පස් ව සිටි සක්දෙව්රජ මට තෙල සැළකෙළේ: වහන්ස, කිපමණෙකින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්යබ්රහ්මචර්ය්ය ඇතියේ, අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවිමිනිස්නට උතුම් වූයේ වේදැ යි සැකෙවින් (ඔහුගේ පූර්වභාග ප්‍රතිපද්) වදාළ මැනවැයි. මුගලන මෙසේ සැළකළ කල මම සක් දෙව්රජුට තෙල කීමි: දේවේන්ද්රය, මෙසස්නෙහි මහණහු විසින් ‘හැමදහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්ද්රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති’ යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේ ද, හේ ස්කන්ධාදි සර්‍වධර්‍ම ඥාතපරිඥායෙන් (අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණ පරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණින් නුවණැති ව වාස කෙරෙයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ පඤ්චස්කන්ධ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේ ය. නො ගන්මින් (තණ්හාපරිතස්සනා විසින්) තෘෂ්ණාන්විත නො වන්නේ තමා විසින් ම පිරිනිවෙයි. ‘ජාතිය ක්ෂීණ විය. බ්‍රම්සරවස් වසන ලද. කරණී කරන ලද. මෙ බව පිණිස අන් කිසිවක් නැතැ’යි දනී. දේවේන්ද්රය, මෙතෙකින් මහණ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේයයි වදාළෙමි. මුගලන, මම සක්දෙව්රජුට තණ්හාසඞ්ඛය විමුත්තිය (නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ ප්‍රතිපද්) මෙසේ සැකෙවින් වදාළෙම් දනිම්”යි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගත් සිතැති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කළහ.
චූළතණ්හාසඞ්ඛයසුත්තං සත්තමං.
වූළතණ්හාසඞ්ඛය සූත්‍රය සත්වැනි යි.