යෙදුමෙන් කියවන්න

මහාතණ‍්හාසඞ‍්ඛයසුත‍්තං

1. 4. 8.

1. 4. 8.

මහාතණ‍්හාසඞ‍්ඛයසුත‍්තං

මහාතණ්හාසඞ්ඛය සූත්‍රය

එවම‍්මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාතිස‍්ස නාම භික‍්ඛුනො කෙවට‍්ටපුත‍්තස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති අනඤ‍්ඤන‍්ති.

මා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු කළ ජේතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කේවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්‍ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.

2. අස‍්සොසුං ඛො සම‍්බහුලා භික‍්ඛූ: සාතිස‍්ස කිර නාම භික‍්ඛුනො කෙවට‍්ටපුත‍්තස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති.” අථ ඛො තෙ භික‍්ඛූ යෙන සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතදවොචුං: “සච‍්චං කිර තෙ ආවුසො සාති එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති.” “එවං බ්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති.”

2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.

3. අථ ඛො තෙ භික‍්ඛූ සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ‍්ජන‍්ති සමනුගාහන‍්ති සමනුභාසන‍්ති: මා එවං ආවුසො සාති අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. නහි සාධු භගවතො අබ‍්භක‍්ඛානං නහි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙන හාවුසො සාති පටිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං වුත‍්තං භගවතා අඤ‍්ඤත්‍ර පච‍්චයා නත්‍ථි විඤ‍්ඤාණස‍්ස සම‍්භවොති. එවම‍්පි ඛො සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තෙහි භික‍්ඛූහි සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: එවං බ්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති. යතො ඛො තෙ භික‍්ඛූ නාසක‍්ඛිංසු සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං, අථ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං:

3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයෝත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

4. සාතිස‍්ස නාම භන‍්තෙ භික‍්ඛුනො කෙවට‍්ටපුත‍්තස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: ‘තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති. අස‍්සුම‍්හ ඛො මයං භන‍්තෙ: සාතිස‍්ස කිර නාම භික‍්ඛුනො කෙවට‍්ටපුත‍්තස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති. අථ ඛො මයං භන‍්තෙ යෙන සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතදවොචුම‍්හ: සච‍්චං කිර තෙ ආවුසො සාති එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති. එවං වුත‍්තෙ භන‍්තෙ සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො අම‍්හෙ එතදවොච: එවං බ්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති. අථ ඛො මයං භන‍්තෙ සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුකාමා සමනුයුඤ‍්ජිම‍්හ සමනුගාහිම‍්හ සමනුභාසිම‍්හ: මා එවං ආවුසො සාති අවච. මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙන හාවුසො සාති පටිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං වුත‍්තං භගවතා, අඤ‍්ඤත්‍ර පච‍්චයා නත්‍ථි විඤ‍්ඤාණස‍්ස සම‍්භවොති. එවම‍්පි ඛො භන‍්තෙ සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො අම‍්හෙහි සමනුයුඤ‍්ජියමානො සමනුගාහියමානො සමනුභාසියමානො තදෙව පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති: “එවං බ්‍යා ඛො අහං ආවුසො භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති.” යතො ඛො මයං භන‍්තෙ නාසක‍්ඛිම‍්හ සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං, අථ මයං එතමත්‍ථං භගවතො ආරොචෙමාති.

4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෝත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.

5. අථ ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි: එහි ත්‍වං භික‍්ඛු මම වචනෙන සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං ආමන‍්තෙසි: ‘සත්‍ථා තං ආවුසො සාති ආමන‍්තෙතී’ති. එවං භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා යෙන සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතදවොච: ‘සත්‍ථා තං ආවුසො සාති ආමන‍්තෙතී’ති. එවමාවුසොති ඛො සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තස‍්ස භික‍්ඛුනො පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං භගවා එතදවොච: සච‍්චං කිර තෙ සාති එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවතී සංසරති, අනඤ‍්ඤන‍්ති. “එවං බ්‍යා ඛො අහං භන‍්තෙ භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා තදෙවිදං විඤ‍්ඤාණං සන්‍ධාවති සංසරති, අනඤ‍්ඤන‍්ති.”

5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.

6. කතමං තං සාති විඤ‍්ඤාණන‍්ති?

6. සාතියෙනි, ඒ විඥාන කිම?

“ය‍්වායං භන‍්තෙ වදො වෙදෙය්‍යො තත්‍ර තත්‍ර කල්‍යාණපාපකානං කම‍්මානං විපාකං පටිසංවෙදෙතී”ති.

“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වේදනා විඳින්නේ, ඒ ඒ (භව යෝනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය.

කස‍්ස නු ඛො නාම ත්‍වං මොඝපුරිස මයා එවං ධම‍්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන පටිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං වුත‍්තං අඤ‍්ඤත්‍ර පච‍්චයා නත්‍ථි විඤ‍්ඤාණස‍්ස සම‍්භවොති. අථ ච පන ත්‍වං මොඝපුරිස අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛසි, අත‍්තානඤ‍්ච ඛණසි, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති.

මෝඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මෝඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මෝඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මෝඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්‍ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ.

7. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නයං සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො උස‍්මීකතොපි ඉමස‍්මිං ධම‍්මවිනයෙති. “කිං හි සියා භන‍්තෙ, නො හෙතං භන‍්තෙ”ති. එවං වුත‍්තෙ සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො තුණ‍්හීභූතො මඞ‍්කුභූතො පත‍්තක‍්ඛන්‍ධො අධොමුඛො පජ‍්ඣායන‍්තො අප‍්පටිභානො නිසීදි. අථ ඛො භගවා සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං තුණ‍්හීභූතං මඞ‍්කුභූතං පත‍්තක‍්ඛන්‍ධං අධොමුඛං පජ‍්ඣායන‍්තං අප‍්පටිභානං විදිත්‍වා සාතිං භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං එතදවොච: “පඤ‍්ඤායිස‍්සසි ඛො ත්‍වං මොඝපුරිස එතෙන සකෙන පාපකෙන දිට‍්ඨිගතෙන. ඉධාහං භික‍්ඛූ පටිපුච‍්ඡිස‍්සාමී”ති.

7. එක්බිති බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: මහණෙනි, ඒ කිම හඟිවු ද, කෙවුළුපුතු මේ සාති මහණ මෙ සස්නෙහි උසුම් කෙළේ (මගපල පිණිස උනුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ නම් වන්නේය. වහන්ස, තෙල නොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙවුළුපුතු සාති මහණ නිහඬව, නිතෙදව, බැහු කඳට ඇති ව, අධෝමුඛ ව, සිතිවිලි සිතනු ව, වටහනු නැති ව හින. එසඳ බුදුහු කෙවුළුපුතු සාතිමහණහු තූෂ්ණීම්භූත වූවහු, නිස්තේජස්ක වූවහු, නැමූ කඳට ඇතියහු, අධෝමුඛ වූවහු, සිතිවිලි සිතනුවහු, නොවැටහෙනහු දැන කෙවුළුපුතු සාතිමහණහට තෙල බස් වදාළහ: “මෝඝපුරුෂය, තො ම තෙල ලාමක දෘෂ්ටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුස්මි”යි.

8. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: තුම‍්හෙපි මෙ භික‍්ඛවෙ එවං ධම‍්මං දෙසිතං ආජානාථ යථායං සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති, අත‍්තානඤ‍්ච ඛණති, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවතීති. “නො හෙතං භන‍්තෙ, අනෙකපරියායෙන හි නො භන‍්තෙ, පටිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං වුත‍්තං භගවතා, අඤ‍්ඤත්‍ර පච‍්චයා නත්‍ථි විඤ‍්ඤාණස‍්ස සම‍්භවො”ති. සාධු භික‍්ඛවෙ, සාධු ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ එවං ධම‍්මං දෙසිතං ආජානාථ. අනෙකපරියායෙන හි වො භික‍්ඛවෙ පටිච‍්චසමුප‍්පන‍්නං විඤ‍්ඤාණං වුත‍්තං මයා, අඤ‍්ඤත්‍ර පච‍්චයා නත්‍ථි විඤ‍්ඤාණස‍්ස සම‍්භවොති. අථ ච පනායං සාති භික‍්ඛු කෙවට‍්ටපුත‍්තො අත‍්තනා දුග‍්ගහීතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛති, අත‍්තානඤ‍්ච ඛණති, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. තං හි තස‍්ස මොඝපුරිසස‍්ස භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය.

8. එක්බිති බුදුහු මහණුන් ඇමතූසේක: “මහණෙනි, යම්සේ මේ කෙවුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අභිභවා බෙණේ ද, තමනුදු (ගුණබණනයෙන්) කැණැගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්හුදැ”යි වදාළහ. “වහන්ස, තෙල නෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට නන්අයුරින් විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැයි, ප්‍රත්‍යයයෙන් තොරව විඥානසම්භවයෙක් නැති”යි වදාරන ලදි. මැනැව, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිළිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොපට විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැ යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි නන්නියරින් වදාරන ලදි. එතෙකුදු වුව, කෙවුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුයෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණියි. බොහෝ පව් ද රැස් කෙරෙයි. එය ම ඒ මෝඝපුරුෂහට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ යැ යි වදාළෝ.

[සාතිකණඩං.]

(සාති කාණ්ඩය.)

9. යඤ‍්ඤදෙව භික‍්ඛවෙ පච‍්චයං පටිච‍්ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, චක‍්ඛුවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති.

9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා විඥානය පහළ වේ ද, එයිනෙයින් ම (ඒ විඥාන) ගණනට (ඇඳිනීමට) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) චක්ඛුවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) සෝතවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) ඝානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥානයෙක් පහළ වේ (එය) ජිව්හාවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි මනස ද ධර්‍මයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) මනෝවිඤ්ඤාණ ය යි ම ගණනට යෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ යඤ‍්ඤදෙව පච‍්චයං පටිච‍්ච අග‍්ගි ජලති, තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති: කට‍්ඨඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, කට‍්ඨග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. සකලිකඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, සකලිකග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. තිණඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, තිණග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. ගොමයඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, ගොමයග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. ථුසඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, ථුසග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. සඞ‍්කාරඤ‍්ච පටිච‍්ච අග‍්ගි ජලති, සඞ‍්කාරග‍්ගිතෙව සඞ‍්ඛං ගච‍්ඡති. එවමෙව ඛො භික‍්ඛවෙ යඤ‍්ඤදෙව පච‍්චයං පටිච‍්ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං තෙන තෙනෙව සඞ‍්ඛං ගච‍්ඡති: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, චක‍්ඛුවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. සොතඤ‍්ච පටිච‍්ච සද‍්දෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. ඝානඤ‍්ච පටිච‍්ච ගන්‍ධෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, ඝාණවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. කායඤ‍්ච පටිච‍්ච ඵොට‍්ඨබ‍්බෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති. මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති විඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණන‍්තෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා ගිනි දිලේ ද, (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම යම්සේ ගණනට යේ ද - කාෂ්ඨය ද නිසා අග්නි දිලෙයි, කාෂ්ඨාග්නි ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු - ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්නිම ය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිනි දිලෙයි, තෘණාග්නි ම ය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිනි දිලෙයි, ගොමයාග්නි ම ය යි ගණනට යෙ යි. තුෂ (දහසිවි නිසා) ද ගිනි දිලෙයි, තුෂාග්නිම ය යි ගණනට යෙයි. සඞ්කාර (කසළ) ද නිසා ගිනි දිලෙයි, සඞ්කාරාග්නි ම ය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥාන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥාන පහළ වේ. චක්‍ඛුවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥාන පහළ වේ. සෝතවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන්‍ද නිසා විඥාන පහළ වේ. ඝානවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. දිව ද රසයනුදු නිසා විඥාන පහළ වෙයි. ජිව්හාවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥාන පහළ වේ. කායවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. සිත ද ධර්‍මයන් ද නිසා විඥාන පහළ වේ. මනෝවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි.

10. භූතමිදන‍්ති භික‍්ඛවෙ පස‍්සථාති? එවම‍්භන‍්තෙ. තදාහාරසම‍්භවන‍්ති භික‍්ඛවෙ පස‍්සථාති? එවම‍්භන‍්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම‍්මන‍්ති භික‍්ඛවෙ පස‍්සථාති? එවම‍්භන‍්තෙ.

10. මහණෙනි, මේ පඤ්චස්කන්‍ධය භූත යයි (වූ දැයෙකියි) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධය ආහාරසම්භව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ)ය යි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.

11. භූතමිදං නොස‍්සූති භික‍්ඛවෙ කඞ‍්ඛාතො උප‍්පජ‍්ජති විචිකිච‍්ඡා’ති? එවම‍්භන‍්තෙ. තදාහාරසම‍්භවං නොස‍්සූති භික‍්ඛවෙ කඞ‍්ඛාතො උප‍්පජ‍්ජති විචිකිච‍්ඡාති? එවම‍්භන‍්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම‍්මං නොස‍්සූති භික‍්ඛවෙ කඞ‍්ඛාතො උප‍්පජ‍්ජති විචිකිච‍්ඡාති? එවම‍්භන‍්තෙ.

11. මහණෙනි, මේ පස්කඳ භූත වේ දෝ නොවේ දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ දෝ නොවේදෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යනිරොධහෙතුයෙන් නිරෝධ සැහැවි ඇද්දෝ නැද්දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස එසේය.

12. භූතමිදන‍්ති භික‍්ඛවෙ යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා විචිකිච‍්ඡා සා පහීයතීති? එවම‍්භන‍්තෙ. තදාහාරසම‍්භවන‍්ති භික‍්ඛවෙ යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා විචිකිච‍්ඡා සා පහීයතීති? එවම‍්භන‍්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම‍්මන‍්ති භික‍්ඛවෙ යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා විචිකිච‍්ඡා සා පහීයතීති? එවම‍්භන‍්තෙ.

12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇති යි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය.

13. භූතමිදන‍්ති භික‍්ඛවෙ ඉතිපි වො එත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡාති? එවම‍්භන‍්තෙ. තදාහාරසම‍්භවන‍්ති භික‍්ඛවෙ ඉතිපි වො එත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡාති? එවම‍්භන‍්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම‍්මන‍්ති භික‍්ඛවෙ ඉතිපි වො එත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡාති? එවම‍්භන‍්තෙ.

13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධයෙන් නිරෝධ සැහැවි ඇතියි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය.

14. භූතමිදන‍්ති භික‍්ඛවෙ යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨන‍්ති? එවම‍්භන‍්තෙ. තදාහාරසම‍්භවන‍්ති භික‍්ඛවෙ යථා භූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨන‍්ති? එවම‍්භන‍්තෙ. තදාහාරනිරොධා යං භූතං තං නිරොධධම‍්මන‍්ති භික‍්ඛවෙ යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨන‍්ති? එවම‍්භන‍්තෙ.

14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි යථාභූතය විවසුන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරෝධයෙන් නිරෝධස්වභාව ඇතියි යථාභූතය විවසුන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.

15. ඉමඤ‍්චෙ තුම‍්හෙ භික‍්ඛවෙ දිට‍්ඨිං එවං පරිසුද‍්ධං එවං පරියොදාතං අල‍්ලීයෙථ කෙළායෙථ ධනායෙථ මමායෙථ, අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ කුල‍්ලූපමං ධම‍්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථායාති? නො හෙතම‍්භන‍්තෙ. ඉමඤ‍්චෙ තුම‍්හෙ භික‍්ඛවෙ දිට‍්ඨිං එවං පරිසුද‍්ධං එවං පරියොදාතං න අල‍්ලීයෙථ න කෙළායෙථ න ධනායෙථ න මමායෙථ, අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ කුල‍්ලූපමං ධම‍්මං දෙසිතං ආජානෙය්‍යාථ නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථායාති? එවම‍්භන‍්තෙ.

15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්‍ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්‍ශනයෙන්) පර්‍ය්‍යවදාත, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්‍වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්‍ය්‍යවදාත, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.

16. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය. කතමෙ චත‍්තාරො? කබළිඞ‍්කාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස‍්සො දුතියො, මනොසඤ‍්චෙතනා තතියා, විඤ‍්ඤාණං චතුත්‍ථං.

16. මහණෙනි, හටගත් සත්ත්‍වයනට ස්ථිති පිණිස හටගන්නා සත්ත්‍වයනට අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: කබලිඞ්කාර (පිඩුකොට කෑ යුතු ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ ආහාරය, දෙවන ඵස්සාහාර ය, තෙවන මනෝසඤ්චේතනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.

17. ඉමෙ ච භික‍්ඛවෙ චත‍්තාරො ආහාරා කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවා? ඉමෙ චත‍්තාරො ආහාරා තණ‍්හානිදානා තණ‍්හාසමුදයා තණ‍්හාජාතිකා තණ‍්හාපභවා.

17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘෂ්ණානිදාන කොට තෘෂ්ණාසමුදය කොට තෘෂ්ණාජාතික කොට තෘෂ්ණාප්‍රභව කොට ඇතියහ.

18. තණ‍්හා චායං භික‍්ඛවෙ කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවා? තණ‍්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.

18. මහණෙනි, මේ තෘෂ්ණා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘෂ්ණා වේදනානිදාන කොට වෙදනාසමුදය කොට වේදනා ජාතික කොට වේදනා ප්‍රභව කොට ඇතිය.

19. වෙදනා චායං භික‍්ඛවෙ කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවා? වෙදනා ඵස‍්සනිදානා ඵස‍්සසමුදයා ඵස‍්සජාතිකා ඵස‍්සපභවා.

19. මහණෙනි, මේ වේදනා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වේදනා ස්පර්‍ශනිදාන කොට ස්පර්‍ශසමුදය කොට ස්පර්‍ශජාතික කොට ස්පර්‍ශප්‍රභව කොට ඇති ය.

20. ඵස‍්සො චායං භික‍්ඛවෙ කින‍්නිදානො කිංසමුදයො කිඤ‍්ජාතිකො කිම‍්පභවො? ඵස‍්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනප‍්පභවො.

20. මහණෙනි, මේ ස්පර්‍ශ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පර්‍ශ ෂඩායතනනිදාන කොට ෂඩායතනසමුදය කොට ෂඩායතනජාතික කොට ෂඩායතනප්‍රභව කොට ඇති ය.

21. සළායතනඤ‍්චිදං භික‍්ඛවෙ කින‍්නිදානං කිංසමුදයං කිඤ‍්ජාතිකං කිම‍්පභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපප‍්පභවං.

21. මහණෙනි, මේ ෂඩායතන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ෂඩායතන නාමරූපනිදාන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතික කොට නාමරූපප්‍රභව කොට ඇතිය.

22. නාමරූපඤ‍්චිදං භික‍්ඛවෙ කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පභවං? නාමරූපං විඤ‍්ඤාණනිදානං විඤ‍්ඤාණසමුදයං විඤ‍්ඤාණජාතිකං විඤ‍්ඤාණප‍්පභවං.

22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාම රූප විඥානනිදාන කොට විඥානසමුදය කොට විඥානජාතික කොට විඥාන ප්‍රභව කොට ඇතිය.

23. විඤ‍්ඤාණඤ‍්චිදං භික‍්ඛවෙ කින‍්නිදානං කිංසමුදයං කිඤ‍්ජාතිකං කිම‍්පභවං? විඤ‍්ඤාණං සඞ‍්ඛාරනිදානං සඞ‍්ඛාරසමුදයං සඞ‍්ඛාරජාතිකං සඞ‍්ඛාරප‍්පභවං.

23. මහණෙනි, මේ විඥාන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥාන සංස්කාර නිදාන කොට සංස්කාරසමුදය කොට සංස්කාරජාතික කොට සංස්කාරප්‍රභව කොට ඇතිය.

24. සඞ‍්ඛාරා චිමෙ භික‍්ඛවෙ කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවා? සඞ‍්ඛාරා අවිජ‍්ජානිදානා අවිජ‍්ජාසමුදයා අවිජ‍්ජාජාතිකා අවිජ‍්ජාපභවා.

24. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංස්කාරයෝ අවිද්‍යානිදාන කොට අවිද්‍යාසමුදය කොට අවිද්‍යාජාතික කොට අවිද්‍යාප්‍රභව කොට ඇතියහ.

25. ඉති ඛො භික‍්ඛවෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

25. මහණෙනි, මෙසෙයින් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාය, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ත්‍ව පුද්ගල විරහිත) ශුද්ධ දුඃඛපුඤ්ජයාගේ උත්පාදය වෙයි.

26. ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං. ජාතිපච‍්චයා නු ඛො භික‍්ඛවෙ ජරාමරණං නො වා, කථං වො එත්‍ථ හොතීති? ජාතිපච‍්චයා භන‍්තෙ ජරාමරණං. එවං නො එත්‍ථ හොති: ජාතිපච‍්චයා ජරාමරණන‍්ති.

26. ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ’ය කියා යි.

27. භවපච‍්චයා ජාතීති ඉති ඛො පනෙතං වුත‍්තං. භවපච‍්චයා නු ඛො භික‍්ඛවෙ ජාති නො වා, කථං වො එත්‍ථ හොතීති? භවපච‍්චයා භන‍්තෙ ජාති. එවං නො එත්‍ථ හොති: භවපච‍්චයා ජාතීති.

27. ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ය කියායි.

28. උපාදානපච‍්චයා භවොති ඉති ඛො පනෙතං වුත‍්තං. උපාදානපච‍්චයා නු ඛො භික‍්ඛවෙ භවො නො වා, කථං වො එත්‍ථ හොතීති? උපාදානපච‍්චයා භන‍්තෙ භවො. එවං නො එත්‍ථ හොති: උපාදානපච‍්චයා භවොති.

28. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ය කියා යි.

29. තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං. තණ‍්හාපච‍්චයා නු ඛො භික‍්ඛවෙ උපාදානං නො වා, කථං වො එත්‍ථ හොතීති? තණ‍්හාපච‍්චයා භන‍්තෙ උපාදානං. එවං නො එත්‍ථ හොති: තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති.

29. ‘තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ’ය කියායි.

30. වෙදනාපච‍්චයා තණ‍්හාති ඉති ඛො පනෙතං වුත‍්තං. වෙදනාපච‍්චයා නු ඛො භික‍්ඛවෙ තණ‍්හා නො වා, කථං වො එත්‍ථ හොතීති? වෙදනාපච‍්චයා භන‍්තෙ තණ‍්හා. එවං නො එත්‍ථ හොති: වෙදනාපච‍්චයා තණ‍්හාති.

30. ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වේ’ය කියායි.

31. ඵස‍්සපච‍්චයා වෙදනාති ඉති ඛො පනෙතං වුත‍්තං. ඵස‍්සපච‍්චයා නු ඛො භික‍්ඛවෙ වෙදනා නො වා, කථං වො එත්‍ථ හොතීති? ඵස‍්සපච‍්චයා භන‍්තෙ වෙදනා. එවං නො එත්‍ථ හොති: ඵස‍්සපච‍්චයා වෙදනාති.

31. ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ’ය කියායි.

32. සළායතනපච‍්චයා ඵස‍්සොති ඉති ඛො පනෙතං වුත‍්තං. සළායතනපච‍්චයා නු ඛො භික‍්ඛවෙ ඵස‍්සො නො වා, කථං වො එත්‍ථ හොතීති? සළායතනපච‍්චයා භන‍්තෙ ඵස‍්සො. එවං නො එත්‍ථ හොති: සළායතනපච‍්චයා ඵස‍්සොති.

32. ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වේ’ය කියා යි.

33. නාමරූපපච‍්චයා සළායතනන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං. නාමරූපපච‍්චයා නු ඛො භික‍්ඛවෙ සළායතනං නො වා, කථං වො එත්‍ථ හොතීති? නාමරූපපච‍්චයා භන‍්තෙ සළායතනං. එවං නො එත්‍ථ හොති: නාමරූපපච‍්චයා සළායතනන‍්ති.

33. ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ’ය කියා යි.

34. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං. විඤ‍්ඤාණපච‍්චයා නු ඛො භික‍්ඛවෙ නාමරූපං නො වා, කථං වො එත්‍ථ හොතීති? විඤ‍්ඤාණපච‍්චයා භන‍්තෙ නාමරූපං. එවං නො එත්‍ථ හොති: විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති.

34. ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානප්‍රත්‍යයයෙන් නාම රූප වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ’ය කියා යි.

35. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං. සඞ‍්ඛාරපච‍්චයා නු ඛො භික‍්ඛවෙ විඤ‍්ඤාණං නො වා, කථං වො එත්‍ථ හොතීති? සඞ‍්ඛාරපච‍්චයා භන‍්තෙ විඤ‍්ඤාණං. එවං නො එත්‍ථ හොති: සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති.

35. ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ’ය කියා යි.

36. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉති ඛො පනෙතං වුත‍්තං. අවිජ‍්ජාපච‍්චයා නු ඛො භික‍්ඛවෙ සඞ‍්ඛාරා නො වා, කථං වො එත්‍ථ හොතීති? අවිජ‍්ජාපච‍්චයා භන‍්තෙ සඞ‍්ඛාරා. එවං නො එත්‍ථ හොති: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති.

36. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ය කියා යි.

37. සාධු භික‍්ඛවෙ. ඉති ඛො භික‍්ඛවෙ තුම‍්හෙපි එවං වදෙථ. අහම‍්පි එවං වදාමි: ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති – යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

37. මැනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙයින් කියන්නාව. මම ද මෙසෙයින් වදාරමි: “මෙ දහම් ඇති වත් ම මෙ දහම් වෙයි, මෙ දහම් පහළ වන්නා හා ම මෙ දහම් පහළ වෙයි - කෙසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන ය, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප ය, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන ය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ ය, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා ය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා ය, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ය, උපාදාන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාති ය, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසේ හුදු දුඃඛ රාශිහුගේ සම්භවය වේ”ය කියා යි.

38. අවිජ‍්ජාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො , සළායතනනිරොධා ඵස‍්සනිරොධො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ‍්හානිරොධො, තණ‍්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

38. අවිද්‍යාවගේ ම විරාග සංඛ්‍යාත මාර්‍ගයෙන් වන අශේෂ නිරෝධ හේතුයෙන් සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධ වෙයි. සංස්කාරයන්ගේ අනුත්පාදයෙන් විඥානයාගේ අනුත්පාදය වෙයි. විඥානයාගේ අනුත්පාදයෙන් නාමරූපයන්ගේ අනුත්පාදය වෙයි. නාමරූපයන්ගේ අනුත්පාදයෙන් ෂඩායතනයන්ගේ අනුත්පාදය වෙයි. ෂඩායතනයන්ගේ අනුත්පාදයෙන් ස්පර්‍ශයාගේ අනුත්පාදය වෙයි. ස්පර්‍ශයාගේ අනුත්පාදයෙන් වේදනාවගේ අනුත්පාදය වෙයි. වේදනාවගේ අනුත්පාදයෙන් තෘෂ්ණාවගේ අනුත්පාදය වෙයි. තෘෂ්ණාවගේ අනුත්පාදයෙන් උපාදානයාගේ අනුත්පාදය වෙයි. උපාදානයාගේ අනුත්පාදයෙන් භවයාගේ අනුත්පාදය වෙයි. භවයාගේ අනුත්පාදයෙන් ජාතියගේ අනුත්පාදය වෙයි. ජාතියගේ අනුත්පාදයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයාගේ අනුත්පාද වෙයි.

39. ජාතිනිරොධා ජරාමරණනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. ජාතිනිරොධා නු ඛො භික‍්ඛවෙ ජරාමරණනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? ජාතිනිරොධා භන‍්තෙ ජරාමරණනිරොධො. එවං නො එත්‍ථ හොති: ජාතිනිරොධා ජරාමරණනිරොධොති.

39. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදි. මහණෙනි, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වේ’ ය කියා යි.

40. භවනිරොධා ජාතිනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. භවනිරොධා නු ඛො භික‍්ඛවෙ ජාතිනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? භවනිරොධා භන‍්තෙ ජාතිනිරොධො. එවං නො එත්‍ථ හොති: භවනිරොධා ජාතිනිරොධොති.

40. ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ ද, නොහොත් නො වෙ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වේ’ ය කියා යි.

41. උපාදානනිරොධා භවනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. උපාදානනිරොධා නු ඛො භික‍්ඛවෙ භවනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? උපාදානනිරොධා භන‍්තෙ භවනිරොධො. එවං නො එත්‍ථ හොති: උපාදානනිරොධා භවනිරොධොති.

41. ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ’ ය කියා යි.

42. තණ‍්හානිරොධා උපාදානනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. තණ‍්හානිරොධා නු ඛො භික‍්ඛවෙ උපාදානනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? තණ‍්හානිරොධා භන‍්තෙ උපාදානනිරොධො. එවං නො එත්‍ථ හොති: තණ‍්හානිරොධා උපාදානනිරොධොති.

42. ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වේ’ය කියායි.

43. වෙදනානිරොධා තණ‍්හානිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. වෙදනානිරොධා නු ඛො භික‍්ඛවෙ තණ‍්හානිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? වෙදනානිරොධා භන‍්තෙ තණ‍්හානිරොධො. එවං නො එත්‍ථ හොති: වෙදනානිරොධා තණ‍්හානිරොධොති.

43. ‘වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ’ය කියාය.

44. ඵස‍්සනිරොධා වෙදනා නිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. ඵස‍්සනිරොධා නු ඛො භික‍්ඛවෙ වෙදනානිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? ඵස‍්සනිරොධා භන‍්තෙ වෙදනානිරොධො. එවං නො එත්‍ථ හොති: ඵස‍්සනිරොධා වෙදනානිරොධොති.

44. ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ’ ය කියායි.

45. සළායතනනිරොධා ඵස‍්සනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. සළායතනනිරොධා නු ඛො භික‍්ඛවෙ ඵස‍්සනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? සළායතනනිරොධා භන‍්තෙ ඵස‍්සනිරොධො. එවං නො එත්‍ථ හොති: සළායතනනිරොධා ඵස‍්සනිරොධොති.

45. ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ’ ය කියායි.

46. නාමරූපනිරොධා සළායතනනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. නාමරූපනිරොධා නු ඛො භික‍්ඛවෙ සළායතනනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? නාමරූපනිරොධා භන‍්තෙ සළායතනනිරොධො. එවං නො එත්‍ථ හොති: නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.

46. ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, නාමරූප නිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ’ ය කියායි.

47. විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. විඤ‍්ඤාණනිරොධා නු ඛො භික‍්ඛවෙ නාමරූපනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? විඤ‍්ඤාණනිරොධා භන‍්තෙ නාමරූපනිරොධො. එවං නො එත්‍ථ හොති: විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධොති.

47. ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේයයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ’ය කියායි.

48. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. සඞ‍්ඛාරනිරොධා නු ඛො භික‍්ඛවෙ විඤ‍්ඤාණනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? සඞ‍්ඛාරනිරොධා භන‍්තෙ විඤ‍්ඤාණනිරොධො. එවං නො එත්‍ථ හොති: සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධොති.

48. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ’ ය කියායි.

49. අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති ඉති ඛො පනෙතං වුත‍්තං. අවිජ‍්ජානිරොධා නු ඛො භික‍්ඛවෙ සඞ‍්ඛාරනිරොධො නො වා, කථං වො එත්‍ථ හොතීති? අවිජ‍්ජානිරොධා භන‍්තෙ සඞ‍්ඛාරනිරොධො. එවං නො එත්‍ථ හොති: අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධොති.

49. ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ’ ය කියායි.

50. සාධු භික‍්ඛවෙ. ඉති ඛො භික‍්ඛවෙ තුම‍්හෙපි එවං වදෙථ. අහම‍්පි එවං වදාමි: ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති – යදිදං අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො, විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස‍්සනිරොධො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ‍්හානිරොධො, තණ‍්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරා මරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

50. මැනැව මහණෙනි, මෙසෙයින් මහණෙනි, තෙපිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හේතු ධර්‍මයාගේ අනුත්පාදයෙන් මේ ඵලධර්‍ම අනුත්පන්න වෙයි - කෙසේය යත්: අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුඃඛ පුඤ්ජයාගේ නිරෝධ වේය යයි.

51. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා පුබ‍්බන‍්තං වා පටිධාවෙය්‍යාථ: අහොසිම‍්හ නු ඛො මයං අතීතමද‍්ධානං, න නු ඛො අහොසිම‍්හ අතීතමද‍්ධානං, කින‍්නු ඛො අහොසිම‍්හ අතීතමද‍්ධානං, කථන‍්නු ඛො අහොසිම‍්හ අතීතමද‍්ධානං, කිං හුත්‍වා කිං අහොසිම‍්හ නු ඛො මයං අතීතමද‍්ධානන‍්ති. නො හෙතං භන‍්තෙ.

51. මහණෙනි, කිම, තෙපි මෙසේ (ප්‍රත්‍යය නිසාමය) දන්නාහු මෙසේ දක්නාහු (අතීතස්කන්‍ධාදි) පුර්‍වාන්තයට හෝ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) වටාලා දුවන්නාව? “අපි අතීතයෙහි වූමෝ ද, අතීතයෙහි නො වූමෝ ද, අතීතයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝ ද, අතීතයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝ ද, අපි අතීතයෙහි කෙබඳුව සිට කෙබඳු අයුරු ඇති වූමෝ ද, කියායි. වහන්ස, තෙල නොවන්නේය.

52. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා අපරන‍්තං වා ආධාවෙය්‍යාථ: භවිස‍්සාම නු ඛො මයං අනාගතමද‍්ධානං, න නු ඛො භවිස‍්සාම අනාගතමද‍්ධානං, කින‍්නු ඛො භවිස‍්සාම අනාගතමද‍්ධානං, කථන‍්නු ඛො භවිස‍්සාම අනාගතමද‍්ධානං, කිං හුත්‍වා කිං භවිස‍්සාම නු ඛො මයං අනාගතමද‍්ධානන‍්ති. නො හෙතං භන‍්තෙ.

52. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු, අපරාන්තයට හෝ ඉදිරි බලා යන්නාව? “අපි අනාගතයෙහි වන්නමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝ ද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝ ද” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

53. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං අජ‍්ඣත‍්තං කථඞ‍්කථී අස‍්සථ: අහන‍්නුඛොස‍්මි, නො නු ඛොස‍්මි, කින‍්නු ඛොස‍්මි, කථන‍්නු ඛොස‍්මි, අයන‍්නු ඛො සත‍්තො කුතො ආගතො, සො කුහිඞ‍්ගාමී භවිස‍්සතීති. නො හෙතං භන‍්තෙ.

53. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු දැන් ප්‍රත්‍යුපන්නකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? “මම වෙම් දෝ, නො වෙම් දෝ, කෙබඳු වෙම් දෝ, කෙබඳු අයුරු වෙම් දෝ, මේ සත්ත්‍ව කොයින් ආයේ වේ දෝ හෝ, හේ කොහි යන්නේ වේ දෝ” කියායි වහන්ස, තෙල නොවන්නේය.

54. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා එවං වදෙය්‍යාථ: සත්‍ථා නො ගරු, සත්‍ථුගාරවෙන ච මයං එවං වදෙමාති. නො හෙතං භන‍්තෙ.

54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවර්තිත වියයුතු වන) ශාස්තෘවරයෝ ය, එයින් ශාස්තෘගෞරවයෙන් අපි මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

55. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා එවං වදෙය්‍යාථ: සමණො නො එවමාහ, සමණවචනෙන ච මයං එවං වදෙමාති. නො හෙතං භන‍්තෙ.

55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපගේ බුද්ධශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරති. අපි ඒ ශ්‍රමණවචනයෙනුදු මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

56. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසෙය්‍යාථාති. නො හෙතං භන‍්තෙ.

56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අන් බහ්‍යශාස්තෘකෙනෙකු උදෙසන්නාව? තෙල නොවන්නේ ය.

57. අපි නු තුම‍්හෙ භික‍්ඛවෙ එවං ජානන‍්තා එවං පස‍්සන‍්තා යානි තානි පුථුසමණබ්‍රාහ‍්මණානං වතකොතූහලමඞ‍්ගලානි, තානි සාරතො පච‍්චාගච‍්ඡෙය්‍යාථාති. නො හෙතං භන‍්තෙ.

57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු බොහෝ තීර්‍ත්‍ථකශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් ව්‍රතසමාදාන, දිටුකුහුල්, දෘෂ්ටාදිමඞ්ගල ඇත් ද, ඒ සාර විසින් පිළිගන්නාව? වහන්ස, තෙල නො වන්නේය.

58. නනු භික‍්ඛවෙ යදෙව තුම‍්හාකං සාමං ඤාතං සාමං දිට‍්ඨං සාමං විදිතං තදෙව තුම‍්හෙ වදෙථාති. එවම‍්භන‍්තෙ.

58. මහණෙනි, යම් ම දැයෙක් තොප විසින් තමන් නුවණින් දන්නා ලද ද, තමන් පැනැසින් දක්නා ලද ද, තමන් පාළ කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේය.

59. සාධු භික‍්ඛවෙ. උපනීතා ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ ඉමිනා සන්‍දිට‍්ඨිකෙන ධම‍්මෙන අකාලිකෙන එහිපස‍්සිකෙන ඔපනයිකෙන පච‍්චත‍්තං වෙදිතබ‍්බෙන විඤ‍්ඤූහි. සන්‍දිට‍්ඨිකො “අයං භික‍්ඛවෙ ධම‍්මො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බොවිඤ‍්ඤූහී”ති. ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

59. මැනැව මහණෙනි. මා විසින් - ඵල දෙනුවට කලතුරක් නැත්තා වූ එව, බලව යන විධිය නිසිවූ, තමා සිතින් එළඹීමට සුදුසු වූ, විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දැක්ක යුතු මේ සාන්දෘෂ්ටික ධර්‍මයෙන් තෙපි නිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ ධර්‍මය සාන්‍දෘෂ්ටිකය, අකාලිකය, එව, බලව යන විධියට නිසිය, උපනයනාහීය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා” මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (තොපගේ) මේ ස්වයංඥාතාදි භාවය පිණිස කියන ලදී.

60. තිණ‍්ණං ඛො පන භික‍්ඛවෙ සන‍්නිපාතා ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති: ඉධ මාතාපිතරො සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච න උතුනී හොති, ගන්‍ධබ‍්බො ච න පච‍්චුපට‍්ඨිතො හොති, නෙව තාව ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති. ඉධ මාතාපිතරො ච සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච උතුනී හොති, ගන්‍ධබ‍්බො ච න පච‍්චුපට‍්ඨිතො හොති, නෙව තාව ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති. යතො ච ඛො භික‍්ඛවෙ මාතාපිතරො සන‍්නිපතිතා හොන‍්ති, මාතා ච උතුනී හොති, ගන්‍ධබ‍්බො ච පච‍්චුපට‍්ඨිතො හොති, එවං තිණ‍්ණං සන‍්නිපාතා ගබ‍්භස‍්සාවක‍්කන‍්ති හොති.

60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සමවධානයෙන් ගර්‍භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්ත්‍වලෝකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නො වූ ද, ගඳඹෙක් (එහි උපදනා සතෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්‍භාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේද, එතෙකිනුදු ගර්‍භාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්‍භාවක්‍රාන්ති වෙයි.

61. තමෙනං භික‍්ඛවෙ මාතා නව වා දස වා මාසෙ ගබ‍්භං කුච‍්ඡිනා පරිහරති මහතා සංසයෙන ගරුම‍්භාරං. තමෙනං භික‍්ඛවෙ මාතා නවන‍්නං වා දසන‍්නං වා මාසානං අච‍්චයෙන විජායති මහතා සංසයෙන ගරුම‍්භාරං. තමෙනං ජාතං සමානං සකෙන ලොහිතෙන පොසෙති. ලොහිතං හෙතං භික‍්ඛවෙ අරියස‍්ස විනයෙ යදිදං මාතුථඤ‍්ඤං.

61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිටි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.

62. ස ඛො සො භික‍්ඛවෙ කුමාරො වුද‍්ධිමන්‍වාය ඉන්‍ද්‍රියානං පරිපාකමන්‍වාය යානි තානි කුමාරකානං කීළාපනකානි තෙහි කීළති: සෙය්‍යථිදං – වඞ‍්කකං ඝටිකං මොක‍්ඛචිකං චිඞ‍්ගුලකං පත‍්තාළ‍්හකං රථකං ධනුකං.

62. මහණෙනි, ඒ කුමර ඉඳුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙළෙනා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළියි. ඒ කෙළි කෙසේය යත්: කුඩානගුල, දඬුකඩ, (කල්ලි ගැසුම), පිරිවැටුම, බුමුසක, පත්මුවානැළි, කුඩාරිය, කුඩාදුනු යන මේයි.

63. ස ඛො සො භික‍්ඛවෙ කුමාරො වුද‍්ධිමන්‍වාය ඉන්‍ද්‍රියානං පරිපාකමන්‍වාය පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගිභූතො පරිචාරෙති: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙහි රූපෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි, සොතවිඤ‍්ඤෙය්‍යෙහි සද‍්දෙහි -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙහි ගන්‍ධෙහි -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙහි රසෙහි -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙහි ඵොට‍්ඨබ‍්බෙහි ඉට‍්ඨෙහි කන‍්තෙහි මනාපෙහි පියරූපෙහි කාමූපසංහිතෙහි රජනීයෙහි.

63. මහණෙනි, ඒ කුමර (ඉඳුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකරාගිය ඉඳුරන් ඇති බවට පැමිණ පස්කම්ගුණෙන් සමර්පිත ව සිය ඉඳුරන් පිනවයි. (කෙසේය?) ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රියරූප, කාමෝපසංහිත, රජනීය, චක්‍ෂුර්විඥේය රූපයෙන් පිනවයි. ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙන් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙන් ... ජිහ්වාවිඥේය රසයෙන් ... ඉටු වූ කලණවූ මනවඩන පියසැහැවි ඇති, කම්සුව ඇසිරිකළ, සිත්අලවන්නට නිසි කායවිඥේය පහසින් පිනවයි.

64. සො චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ සාරජ‍්ජති, අප‍්පියරූපෙ රූපෙ බ්‍යාපජ‍්ජති. අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්ත චෙතසො. තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සො එවං අනුරොධවිරොධං සමාපන‍්නො යං කිඤ‍්චි වෙදනං වෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. යා වෙදනාසු නන්‍දී තදුපාදානං. තස‍්සුපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොක පරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ සාරජ‍්ජති, අප‍්පියරූපෙ ධම‍්මෙ බ්‍යාපජ‍්ජති, අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො. තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සො එවං අනුරොධවිරොධං සමාපන‍්නො යං කිඤ‍්චි වෙදනං වෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දි. යා වෙදනාසු නන්‍දි තදුපාදානං තස‍්සුපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරා මරණං සොකපරිදෙව දුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

64. හේ ඇසින් රූ දැක පියරූප වූ රූපයෙහි සංරාග කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි ව්‍යාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එළඹ සිටි කාගියාසී ඇති ව ද වාස කෙරෙයි. යම් පල සමවතෙකැ ඒ ලාමක වූ අකුසල්දහම්හු නිරවශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙසෙයින් රාගද්වේෂ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි, යම් කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා (තෘෂ්ණාවෙන්) අභිනන්‍දනා කෙරෙයි. (අහෝ සුවයෙකියි) බෙණේ. ගැලැගෙන සිටි. ඔහුට ඒ වේදනායෙන් තුස්නාහට, බණනුවාහට, ගැලැගෙන සිටුනාහට තෘෂ්ණා උපදි. වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ උපාදාන වෙයි. ඔහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙති. මෙසෙයින් තෙල කේවල දුඃඛපුඤ්ජයාගේ උදාවීම වෙයි. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස විඳ ... මෙනෙන් දහම් දැන ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇලේ. අප්‍රිය ධර්‍මාලම්බනයෙහි විරෝධ කෙරේ. අකුසල් සිතැතිව නො එළඹි කාගියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවතෙකැ ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තත්වූ පරිදි නො දනී. හේ මෙසෙයින් අනුරොධ විරෝධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, උපේක්‍ෂා වේවයි, යම්කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා අභිනන්‍දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වේදනා අභිනන්‍දනා කරන බණන, ගැලැගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. වේදනායෙහි යම් තෘෂ්ණායෙක් ඇත් ද, වේදිතව්‍යයයි. ඒ උපාදාන වෙයි. ඔහුට උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛ පූඤ්ජයාගේ උදාවීම වන්නේ ය.

65. ඉධ භික‍්ඛවෙ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං, සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං, කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. තං ධම‍්මං සුණාති ගහපති වා ගහපතිපුත‍්තො වා අඤ‍්ඤතරස‍්මිං වා කුලෙ පච‍්චාජාතො. සො තං ධම‍්මං සුත්‍වා තථාගතෙ සද‍්ධං පටිලභති. සො තෙන සද‍්ධාපටිලාභෙන සමන‍්නාගතො ඉතිපටිසඤ‍්චික‍්ඛති: සම‍්බාධො ඝරාවාසො රජාපථො, අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා; නයිදං සුකරං අගාරං අජ‍්ඣාවසතා එකන‍්තපරිපුණ‍්ණං එකන‍්තපරිසුද‍්ධං සඞ‍්ඛලිඛිතං බ්‍රහ‍්මචරියං චරිතුං; යන‍්නූනාහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යන‍්ති. සො අපරෙන සමයෙන අප‍්පං වා භොගක‍්ඛන්‍ධං පහාය, මහන‍්තං වා භොගක‍්ඛන්‍ධං පහාය, අප‍්පං වා ඤාතිපරිවට‍්ටං පහාය, මහන‍්තං වා ඤාතිපරිවට‍්ටං පහාය, කෙසමස‍්සුං ඔහාරෙත්‍වා, කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා, අගාරස‍්මා අනගාරියං පබ‍්බජති.

65. මහණෙනි, මෙලොව අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිද් වූ, අනුත්තරපුරුෂදම්‍යසාරථි වූ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළා වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වනසේක. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට දන්වනසේක. උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසන සේක. කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට බඹසර පවසන සේක. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නීචකුලයෙක උපනුවෙක් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ ලබයි. ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ මෙනෙහි කෙරේ: “ගෘහවාස සම්බාධය, (රාගාදි විසින්) රජෝමාර්‍ගය, ප්‍රව්‍රජ්‍යා අභ්‍යවකාශය. ගිහිගෙහි වසනුවහු විසින් ඒකාන්තපරිපූර්‍ණ, එකාන්තපරිශුද්ධ, ධෞතශඞ්ඛසදෘශ මේ බඹසර සරන්නට සුකර නො වේ. මම කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙම් නම් මනා මැනු යි” කියායි. හේ පසු කලෙක අල්පවූ හෝ භෝගස්කන්‍ධය පියා, මහත් වූ හෝ භෝගස්කන්‍ධය පියා, අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, කෙහෙමස් අපහරණ කොට කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදනේය.

66. සො එවං පබ‍්බජිතො සමානො භික‍්ඛූනං සික‍්ඛාසාජීවසමාපන‍්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති, දින‍්නාදායී දින‍්නපාටිකඞ‍්ඛී අථෙනෙන සුචිභූතෙන අත‍්තනා විහරති. අබ්‍රහ‍්මචරියං පහාය බ්‍රහ‍්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං.

66. හේ මෙසේ පැවිදිවූයේ, (අධිශීලසඞ්ඛ්‍යාත) ශික්‍ෂාවට ද (ප්‍රඥප්තශික්‍ෂාපදසඞ්ඛ්‍යත) සාජීවයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇතියේ බහාලූ සැත් ඇතියේ, ලජ්ජිවූයේ, දයාවට පැමිණියේ, සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. අයිනාදන් පියා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන්දෑ ගන්නේ, දුන්දෑ කැමැතිවනුයේ, නොසොර පිවිතුරු ආත්මයෙන් වෙසේ. අබ්‍රහ්මචර්‍ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙක් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසන්‍ධාන ඇතියේ, ස්ථිරවචන ඇතියේ, ඇදැහිය යුතු බස් ඇතියේ, ලෝකයා විසංවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළැකියේ වෙයි: මුන් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි. එතැන අසා උන්බිඳිනු සඳහා මුනට නො කියනු වෙයි. මෙසෙයින් බුන් අය ගළපනු හෝ සමගි වූවනට සන්‍ධාන දෙනු හෝ වෙයි. සමගරම් ව සමගරත ව සමගියෙහි අභිනන්‍දනා ඇති ව සමගකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදොස් (ඛ්‍යඤ්ජන විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ළගන්නා, (ගුණපරිපූර්‍ණතායෙන්) පුරවැසි, බොහෝ දෙනට ප්‍රිය, බොහෝ දෙනගේ මනවඩන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි. සම්ඵප්පලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොව්තුරු දහම් ඇසිරි කොට බණන, (සංවර - ප්‍රහාණ) විනය ඇසිරි කොට බණන, අයුතුකල්හි සකාරණ, පරිච්ඡේද ඇති, අර්‍ත්‍ථසංහිත, ළෙහි ලා ගතයුතු බස් බණනු වෙයි.

67. සො බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො හොති. එකභත‍්තිකො හොති රත‍්තුපරතො විරතො විකාලභොජනා. නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා පටිවිරතො හොති. මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා පටිවිරතො හොති. උච‍්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකධඤ‍්ඤපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග‍්ගහණා පටිවිරතො හොති. ඉත්‍ථිකුමාරිකපටිග‍්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග‍්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග‍්ගහණා පටිවිරතො හොති. කුක‍්කුටසූකරපටිග‍්ගහණා පටිවිරතො හොති. හත්‍ථිගවාස‍්සවළවාපටිග‍්ගහණා පටිවිරතො හොති. ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා පටිවිරතො හොති. දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික‍්කයා පටිවිරතො හොති. තුලාකූට-කංසකූට-මානකූටා පටිවිරතො හොති. උක‍්කොටන-වඤ‍්චන-නිකති-සාචියොගා පටිවිරතො හොති. ඡෙදන-වධ-බන්‍ධන-විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතො හොති.

67. හේ (මූලබීජාදි) බීජග්‍රාම හා (නීලතෘණාදි) භූතග්‍රාම (ඡේදනපවනාදි) විකොපතායෙන් වැළකියේ වෙයි. රාත්‍රි භොජනයෙන් වැළැකියේ වෙයි. විකල්බොජුනෙන් වැළැකියේ ඓකභක්තික වෙයි. නටනුගනු වයනු විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීමය මණ්ඩනය විභූෂණය යන් මින් වැළැකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (පුරුෂාන්තර ගත) ස්ත්‍රීන් හා (තදන්‍ය) ස්ත්‍රීන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (කැපකරු ඇරැමි වසයෙන් වත් මුත්) දැසිදස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළුහූරු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත් ගෙරි අස් වෙළඹ පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දූතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළකියේ වෙයි. තුලාකූට - කංසකූට - මානකූට විසින් වඤ්චා (නුළු) කිරීමෙන් වැළැකියේ වෙයි. ලස්ගැන්ම - නුළුකිරීම - මායා - සාචියෝගයෙන් (කුටිලප්‍රයෝගයෙන්) වැළැකියේ වෙයි. (අත්සිඳීම් ඈ) ඡේදනය, වධය, (රජ්ජුබන්‍ධනාදි) බන්‍ධනය, විපරාමොෂය (සැඟවී සිට මංපැහැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මෙයින් වැළැකියේ වෙයි.

68. සො සන‍්තුට‍්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච‍්ඡිපරිහාරියෙන පිණ‍්ඩපාතෙන. යෙන යෙනෙව පක‍්කමති, සමාදායෙව පක‍්කමති. සෙය්‍යථාපි නාම පක‍්ඛිසකුණො යෙන යෙනෙව ඩෙති, සපත‍්තභාරොව ඩෙති, එවමෙව භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච‍්ඡිපරිහාරියෙන පිණ‍්ඩපාතෙන. යෙන යෙනෙව පක‍්කමති, සමාදායෙව පක‍්කමති.

68. හේ කායපරිහරණමාත්‍ර චිවරයෙන් සන්තුෂ්ට වෙයි. කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අෂ්ටපරිෂ්කාරමාත්‍රය) ගෙන ම යෙයි. යම්සේ පියා ඇති ළිහිණියෙක් යම් යම් ම දිගෙක්හි පියා පැහැර යේ ද, පත්‍රභාර සහිත ව ම අහස නැඟගන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර චීවරයෙනුදු කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අටපිරිකර) ගෙන ම යෙයි.

සො ඉමිනා අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අනවජ‍්ජසුඛං පටිසංවෙදෙති.

හේ මේ අරීසිල් කඳින් සමන්‍වාගත වූයේ තමා තුළ අනවද්‍යසුඛය විඳුනේය.

69. සො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සො ඉමිනා අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙති.

69. හේ ඇසින් රූ අරමුණු දැක නිමිති ගන්නාසුලු නො වේ. අනුවියඳුන් ගන්නාසුලු නො වේ. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදෞමනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස පැහැස ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජන ග්‍රාහී නො වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. මනින්‍ද්‍රිය රක්නේය. මනින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. හේ මෙකී ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ සියසතන්හි අව්‍යාසේක (කෙලෙස්මුසු නැති) සුඛය විඳුනේය.

70. සො අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති. සම‍්මිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති. සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති. උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති.

70. හේ ඉදිරිගමනෙහි දු වටාලා ඊමෙහි දු සම්‍යක්ප්‍රඥාවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සම්පජානකාරී වේ. (අත්පා) හැකිළීම් දිගුකිරීම්හි සම්පජානකාරී වේ. සඟළ හා පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වේ. භෝජ්‍යයෙහි පෙයයෙහි ඛාද්‍යායෙහි ලෙයයෙහි සම්පජානකාරී වේ. මලමූකිසෙහි සම්පජානකාරී වේ. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සම්පජානකාරී වේ.

71. සො ඉමිනා ච අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො, ඉමිනා ච සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො විවිත‍්තං සෙනාසනං භජති: අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං. සො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා.

71. හේ මෙකී ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනශුන්‍ය සෙනසුන් සෙවුනේය: (දුනුපන්සියෙන් දුරෙහි වූ) අරන, (ගනසා) රුක්මුල, සෙල, කඳුර, දෙපවුඅතුර, සොහොන, ගැඹුරුවන, නොසන්අබවස, පිදුරුකිළි යි හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ උඩුකය ඉදිකොට තබා, කමටහන් අභිමුඛ කොට සිහි එළවා, පලක් බැඳ හිඳුනේය.

72. සො අභිජ‍්ඣං ලොකෙ පහාය විගතාභිජ‍්ඣෙන චෙතසා විහරති, අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙති බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන‍්නචිත‍්තො විහරති සබ‍්බපාණභූතහිතානුකම‍්පී. බ්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙති. ථීනමිද‍්ධං පහාය විගතථීනමිද‍්ධො විහරති ආලොකසඤ‍්ඤී සතො සම‍්පජානො. ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහාය අනුද‍්ධතො විහරති අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො. උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙති. විචිකිච‍්ඡං පහාය තිණ‍්ණවිචිකිච‍්ඡො විහරති අකථඞ‍්කථී කුසලෙසු ධම‍්මෙසු. විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙති.

72. හේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි රාගය (විෂ්කම්භන විසින්) පියා, පැහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පියා සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත්සතන මුදවයි. ස්ත්‍යානමිද්ධය පියා පැහු ස්ත්‍යානමිද්ධ ඇතියේ, ආලෝක සංඥා ඇතියේ. සිහි ඇතියේ, නුවණැතියේ වාස කෙරේ. ස්ත්‍යාන මිද්ධයෙන් සිත මුදවයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය පියා අනුද්ධෘත ව සියසතන සන්හුන් සිතැති ව වාස කෙරේ. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත මුදවයි. විචිකිත්සා පියා තුණුවිසිකිස් ඇති ව අනවද්‍යධර්‍මයෙහි කථංකථඞ්කාර නැති ව වාස කෙරේ විචිකිත්සායෙන් සිත මුදවයි.

73. සො ඉමෙ පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියාච විරාගා උපෙක‍්ඛකො -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්සච පහානා දුක‍්ඛස‍්සච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

73. හේ චිත්තෝපක්ලේශ වන, ප්‍රඥාව දුර්‍වලකරණ මේ පඤ්චනීවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙනි, මහණ මතුයෙහි විතර්‍කවිචාර සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම් කරන, උතුම් චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියාගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ... තෘතීයධ්‍යාන උපයා වාස කෙරේ ... සුඛදුඃඛප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ.

74. සො චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ න සාරජ‍්ජති. අප‍්පියරූපෙ රූපෙ න බ්‍යාපජ‍්ජති. උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො. තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථා භූතං පජානාති යත්‍ථස‍්ස තෙ පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සො එවං අනුරොධවිරොධවිප‍්පහීනො යං කිඤ‍්චි වෙදනං වෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං වෙදනං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො යා වෙදනාසු නන්‍දි සා නිරුජ‍්ඣති. තස‍්ස නන්‍දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එළඹ සිටි කාගියාසී ඇතියේ, මාර්‍ගචිත්තසමන්‍විත වූයේ. යම් ඵලසමාපත්තියෙක ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති තත්වූ පරිදි දනි. හේ මෙසෙයින් රාගදෝෂ විප්‍රහීණ ව සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් ම වේදනාවෙක් විඳුනේ වේද, හේ ඒ වේදනාව (තෘෂ්ණා) විසින් අභිනන්‍දනා නො කෙරෙයි. (අහෝ සුඛයෙකි යී) නො බෙණේ ගැලැගෙන නොසිටි. ඒ වේදනා අභිනන්‍දනා නො කරන, තුති විසින් නොබණන, ගැලැගෙන නො සිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියෙක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහුට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛ පුඤ්ජයාගේ නිරෝධය වෙයි.

75. සොතෙන සද‍්දං සුත්‍වා පියරූපෙ සද‍්දෙ -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා පියරූපෙ ගන්‍ධෙ -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා පියරූපෙ රසෙ -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා පියරූපෙ ඵොට‍්ඨබ‍්බෙ -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ න සාරජ‍්ජති. අප‍්පියරූපෙ ධම‍්මෙ න බ්‍යාපජ‍්ජති. උපට‍්ඨිතකායසතී ච විහරති අප‍්පමාණචෙතසො. තඤ‍්ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සො එවං අනුරොධවිරොධවිප‍්පහීනො යං කිඤ‍්චි වෙදනං වෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, සො තං වෙදනං නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති. තස‍්ස තං වෙදනං අනභිනන්‍දතො අනභිවදතො අනජ‍්ඣොසාය තිට‍්ඨතො යා වෙදනාසු නන්‍දී සා නිරුජ‍්ඣති. තස‍්ස නන්‍දිනිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

75. කණින් ශබ්ද අසා ප්‍රියරූපශබ්දයෙහි ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ප්‍රිය රූපගන්‍ධයෙහි ... දිවින් රස ආස්වාද කොට ප්‍රියරූප රසයෙහි ... කයින් ස්පර්‍ශ පැහැස ප්‍රියරූපස්පර්‍ශයෙහි ... මනසින් දහම් දැන ප්‍රියරූප ධර්‍මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්‍මාලම්බනයෙහි ව්‍යාපාද නො කෙරේ. එළඹසිටි කාගියාසී ඇතිව මාර්‍ගචිත්තසමන්‍විත ව වාස කෙරේ. යම් පලසමවතෙක දී ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ද ප්‍රඥාවිමුක්ති ද තත් වූ පරිදි දනී. හේ මෙසෙයින් අනුරෝධවිරෝධවිප්‍රහීණ වූයේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනා අභිනන්‍දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටි. ඒ වෙයින අභිනන්‍දනා නොකරන, නොබණන, ගැලැගෙන නොසිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛපුඤ්ජයාගේ නිරෝධය වෙයි.

76. ඉමං ඛො මෙ තුම‍්හෙ භික‍්ඛවෙ සංඛිත‍්තෙන තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තිං ධාරෙථ. සාතිං පන භික‍්ඛුං කෙවට‍්ටපුත‍්තං මහාතණ‍්හාජාල-තණ‍්හාසඞ‍්ඝාට පටිමුක‍්කන‍්ති.

76. මහණෙනි, තෙපි සැකෙවින් දෙසූ මාගේ මේ තණ්හාසඞ්ඛයවිමුත්තිය (විමුත්තිපටිලාභහේතු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමහණ මහා තෘෂ්ණ දැලෙහි - මහා තෘෂ්ණා සඞ්ඝාටයෙහි (බන්‍ධනයෙහි) පිළිමුතුවකු (පිවිසියකු) කොට ධරවයි වදාළහ.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය වදාළසේක. සියමන (තුටුසිත්) ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.

මහාතණ‍්හාසඞ‍්ඛයසුත‍්තං අට‍්ඨමං.

මහාතණ්හාසඞ්ඛය සූත්‍රය අටවැනියි.