මහාඅස්සපුරසුත්තං
1. 4. 9.
1. 4. 9.
මහාඅස්සපුරසුත්තං
මහාඅස්සපුර සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා අඞ්ගෙසු විහරති අස්සපුරං නාම අඞ්ගානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඞ්ග ජනපදයෙහි අඟුරටවැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සේ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
2. සමණාති වො භික්ඛවෙ ජනො සඤ්ජානාති. තුම්හෙ ච පන කෙ තුම්හෙති පුට්ඨා සමානා සමණම්හාති පටි ජානාථ. තෙසං වො භික්ඛවෙ එවං සමඤ්ඤානං සතං එවම්පටිඤ්ඤානං සතං “යෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච තෙ ධම්මෙ සමාදාය වත්තිස්සාම. එවං නො අම්හාකං සමඤ්ඤා ච අයං සච්චා භවිස්සති පටිඤ්ඤා ච භූතා. යෙසඤ්ච මයං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාම. තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා. අම්හාකඤ්චෙවායං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති සඵලා සඋද්රයාති.” එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
2. මහණෙනි, මහදෙනේ තොප ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි හඳුනන්නේය. තෙපිදු ‘තෙපි කවරහු’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරව. මහණෙනි, මෙබඳු නම් ඇති, මෙබඳු පිළින දෙන ඒ තොප විසිනුදු “ශ්‍රමණ කරණ (පව් සමණ කරණ) බ්‍රාහ්මණකරණ (පව් බහන) යම් ධර්ම ඇත් ද, ඒ ධර්‍මසමාදාන විසින් ගෙන වැටෙම්හ. මෙසේ වත්ම, අපගේ මේ ශ්‍රමණ සංඥාව සත්‍ය වෙයි. ප්‍රතිඥා ද යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරමෝ ද, උන් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහානෘශංස වෙති. අපගේ ද මේ පැවිද්ද අවන්ධ්ය වෙයි, සඵල වෙයි, සවෘද්ධික වෙයි” කියා මෙසෙයින් මහණෙනි, තොප හික්මෙන්නේ මැනැව.
3. කතමෙ ච භික්ඛවෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා ච?
3. මහණෙනි, ශ්‍රමණකරණ - බ්‍රාහ්මණකරණ ධර්මයෝ කවරහ යත්:
4. හිරොත්තප්පෙන සමන්නාගතා භවිස්සාමාති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
4. “හිරි ඔතප් දෙකින් සමන්වාගත වම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
5. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එව මස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරි ඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
6. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො කායසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධකායසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
6. මහණෙනි, තොප බෙණෙමි. මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබිය දී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය (මාර්ග හා ඵල) නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) කායසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ, මෙරමා නොගරම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
7. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
8. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො වචීසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධවචීසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නොවෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) වාක්සමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනැව.
9. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවම්කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
10. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො මනොසමාචාරො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධමනොසමාචාරතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ මනඃසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) මනඃසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
11. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃ සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. මතුයෙහි අපට කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
12. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘පරිසුද්ධො නො ආජීවො භවිස්සති උත්තානො විවටො න ච ඡිද්දවා සංවුතො ච. තාය ච පන පරිසුද්ධාජීවතාය නෙවත්තානුක්කංසිස්සාම, න පරං වම්භිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
12. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහී යේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ ආජීව පිරිසිදු වෙයි, නො මුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධාජීවතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නො ගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
13. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
13. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
14. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම: චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාම. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජිස්සාම, රක්ඛිස්සාම මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
14. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්රාමණ්යාර්ත්ථි ව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘ඉන්ද්රියෙහි ගුප්තද්වාර ඇතියමෝ වම්හ: ඇසින් රූඅරමුණු දැක නිමිති නොගන්නා සුල්ලමෝ අනුව්‍යඤ්ජන නො ගන්නා සුල්ලමෝ වම්හ. යමක් හේතුකොට ගෙන චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල්දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, චක්‍ෂුරින්‍ද්‍රිය රකුම්හ, චක්ෂුරින්ද්රියෙහි සංවරයට පැමිණෙම්හ. කණින් සද අරමුණු අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්රාණ කොට ... දිවින් රසඅරමුණු ආස්වාද කොට ... කයින් ස්පර්ශාලම්බන ස්පර්ශ කොට ... මනසින් ධර්මාලම්බන දැන නිමිති ගන්නාසුල්ලමෝ, අනුව්‍යඤ්ජන ගන්නාසුල්ලමෝ නොවම්හ. යමක් හේතු කොට ගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ මනින්ද්රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, මනින්‍ද්‍රිය රකුම්හ, මනින්ද්රියෙහි සංවරයට පැමිණෙම්හ’යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
15. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො. ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
15. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය. “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි. වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්රියෙහි ගුප්තද්වාරයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
16. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ‘භොජනෙ මත්තඤ්ඤුනො භවිස්සාම. පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහරිස්සාම: ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරොචා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
16. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘භෝජනයෙහි මාත්‍රඥ වම්හ. නුවණින් පස්විකා අහර වළඳම්හ. (කෙසේය යත්:) දවය පිණිස නො ම වෙයි, මදය පිණිස නො ව වෙයි, මණ්ඩනය පිණිස නො ම වෙයි, විභූෂණය පිණිස නො ම වෙයි. මේ කායයාගේ ස්ථිති පිණිස යැපීම පිණිස විහිංසා සාන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස වත් මුත් අන් අර්‍ත්‍ථයක් පිණිස නො වෙයි. ‘මෙසෙයින් (නොවැළඳීමෙන් වූ) පැරැණි වේදනා නසමි. නව්‍ය වේදනාත් නො උපදවමි. මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා හා පහසුවිහරණ වෙති’ යි කියායි. මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
17. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
17. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදි අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
18. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ජාගරියං අනුයුත්තා භවිස්සාම: දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාම, රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාම. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙස්සාම පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානා උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙස්සාමාති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
18. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: නිදිවැරීමෙහි යුක්තප්රයුක්තයමෝ වම්හ: දවස සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය පළමුයම සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය මැදුම්යම ස්මෘතිසම්පන්නයමෝ සම්ප්‍රඥාන ඇතියමෝ උත්ථානසංඥා (අසෝ වේලෙහි නැගී සිටුම්හයි) මෙනෙහි කොට දකුණුඇළයෙන් දකුණු පාමත වම්පය මඳක් හයා තබාගෙන සිංහශය්‍යා කරම්හ, රැය පැසුළුයම නැඟීසිට සක්මනින් හිඳුමින් නීවරණ දහමින් සිත පරිශෝධන කරම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
19. සියා ඛො පන භික්ඛවෙ, තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියා අනුයුත්තා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
19. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදිවැරීමෙහි යුක්තප්රයුක්තයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් තුස්නට පැමිණෙන්නාව.
20. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? සතිසම්පජඤ්ඤෙන සමන්නාගතා භවිස්සාම: අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරීති එවඤ්හි හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
20. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වම්හ: ඉදිරි බලා යෑමෙහි දු වටාලා ඊමෙහි දු සම්පජානකාරී වම්හ. අලෝකතවිලෝකන දෙක්හි සම්පජානකාරී වම්හ, සමිඤ්ජනප්රසාරණ දෙක්හි සම්පජානකාරී වම්හ, සහළ පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වම්හ, අසන - පාන - ඛාදන - ආස්වාදනයෙහි (චතුර්විධ අහර වළඳන වේලෙහි) සම්පජානකාරී වම්හ, මලමූ කිසෙහි සම්පජානකාරී වම්හ, ගමන - ස්ථාන - නිෂද්‍යා - ස්වප්න - ජාගර්ය්යා - භාෂණ තූෂ්ණීම්භාව යන ක්‍රියායෙහි සම්පජානකාරී වම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
21. සියා ඛො පන භික්ඛවෙ තුම්හාකං එවමස්ස: හිරොත්තප්පෙනම්හා සමන්නාගතා, පරිසුද්ධො නො කායසමාචාරො, පරිසුද්ධො වචීසමාචාරො, පරිසුද්ධො මනොසමාචාරො, පරිසුද්ධො ආජීවො, ඉන්ද්රියෙසුම්හා ගුත්තද්වාරා, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතා. අලමෙත්තාවතා, කතමෙත්තාවතා. අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො. නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති තාවතකෙනෙව තුට්ඨිං ආපජ්ජෙය්යාථ.
21. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප්දෙකීන් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදි වැරීමෙහි ප්රයුක්තයම්හ, ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
22. ආරොචයාමි වො භික්ඛවෙ, පටිවෙදයාමි වො භික්ඛවෙ: මා වො සාමඤ්ඤත්ථිකානං සතං සාමඤ්ඤත්ථො පරිහායි සති උත්තරිං කරණීයෙ. කිඤ්ච භික්ඛවෙ උත්තරිං කරණීයං? ඉධ භික්ඛවෙ භික්ඛු විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
22. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: මහණෙනි, මෙසස්නෙහි, මහණ නිහඬ සෙනසුන් සෙවුනේය. එනම් - අරන, රුක්මුල, පවි, කඳුරු, ගිරිගුහා, සොහොන, වනපෙත, අභ්‍යවකාශ, පිදුරුකිළි යන මේය. හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ, උඩුකය ඍජු කොට තබා ගෙන කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවාගෙන, පලක් බැඳගෙන හිඳුනේය. හේ (පඤ්චෝපාදානස්කන්ධ) ලෝකයෙහි අභිධ්යාසඞ්ඛ්යාත කාමච්ඡන්දය (විෂ්කම්භණ විසින්) පහා, විගතාභිධ්‍ය වූ සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත මුදා ගනී. ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පහා අව්‍යාපන්නචිත්ත ව සර්වසත්ත්වහිතානුකම්පී ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත මුදාගනී. ස්ත්‍යානමිද්ධය පහා අපගතසත්යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණැති ව වාස කෙරේ. ස්ත්‍යානමිද්ධයෙන් සිත මුදාගනී. උද්ධච්චය හා කුක්කුච්චය පහා සියසතන්හි සන්හුන්සිත් ඇති ව නිවිගියා ව වාස කෙරේ. නොනිවිබැවිනුදු කුකුසිනුදු සිත මුදාගනී. විසිකිස් පහා තුණුවිසිකිස් ඇතිව කුසල්දහම්හි කථඞ්කථඞ්කාරරහිත ව වාස කෙරේ. විචිකිත්සායෙන් සිත මුදාගනී.
23. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරාභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො අහං යානි ච පොරාණානි ඉණමූලානි, තානි ච බ්යන්තීඅකාසිං. අත්ථී ච මෙ උත්තරිං අවසිට්ඨං දාරාභාරණායා”ති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං –
23. මහණෙනි, යම්පරිදි පුරුෂ ණයක් ගෙන කර්මාන්ත නිමිති කොට යොදන්නේ වේනම්, උහුගේ ඒ කමත්හු සමෘද්ධ වෙත් නම්, යම් පැරැණි ඍණමූල ඇත් ද, එද ඉවර කරන්නේ වේ නම්, ඔහුට මතුයෙහි අඹුවන් පුස්නට ඉතිරි දැයෙකුදු වේ නම්, ඔහුට මෙසේ සිත් පහළවෙයි: “මම පෙර ණය ගෙන කමත්හි යෙදිමි. මාගේ කර්මාන්තයෝ සමෘද්ධ වූහ. ඒ මම යම් පැරැණි ඍණමූල වී ද, එහැම ඉවර කෙළෙමි. මට මතුයෙහි අඹුවන් පුස්නට අවශිෂ්ට දැයත් ඇතැ”යි කියායි. හේ ණය නැතිසේ නිදාන කොට කොට ගෙන ප්‍රමෝදය ලබන්නේය. සොම්නස් විඳුනේය. -
24. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තඤ්චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තඤ්ච මෙ නච්ඡාදෙසි. න ච මෙ ආසි කායෙ බලමත්තා. සොම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තාති.” සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං –
24. මහණෙනි, යම්පරිදි පුරුෂ ආබාධ ඇතියේ, දුක ඇතියේ, අධිමාත්‍ර ගිලන්ගත් ඇතියෙක් වේ නම්, ඔහුට බත ද නුරුස්නේ නම්, ඔහුට කායබලත් නැත් නම්, පසුකලෙක ඒ ආබාධයෙන් මිදේ නම්, ඔහුට බතුදු රුස්නේ නම්, ඔහුට කායබලත් ඇත් නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර හටගත් අබාධ ඇතියෙම්, දුක් ඇති දැඩිගිලන් වූයෙකිම් වීමි. මට බතුදු නොරිසිවී. මට කාය බලත් නොවී. ඒ මම දැන් ඒ ආබාධයෙන් මිදී සිටිමි. මට බතුදු රිසි වෙයි. මාගේ කායබලත් ඇති”යි කියායි. හේ ඒ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
25. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්ය සොත්ථිනා අබ්‍යයෙන න චස්ස කොචි භොගානං වයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සොම්හි එතරහි තම්හා බන්ධනා මුත්තො සොත්ථිනා අබ්‍යයෙන. නත්ථි ච මෙ කොචි භොගානං වයො”ති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
25. මහණෙනි, යම්පරිදි පුරුෂ දඟගෙහි බැඳුණේ වේ නම්, හේ පසුකලෙක භෝගව්යයෙන් වෙන් ව සුවසේ ඒ දඟගෙයින් මිදී යන්නේ නම්, ඔහුගේ කිසිදු භොගව්‍යයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර බන්ධනාගාරයෙහි බැඳුණෙම් වීමි. එ මම දැන් භෝගව්යයෙන් වෙන්ව සුවසේ ඒ බන්ධනයෙන් මිදිණිම් වීමි. මට කිසිදු භොගව්‍යයෙක් නොවී”ය කියායි. හේ බන්ධමෝක්ෂ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
26. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො අපරෙන සමයෙන තම්හා දාසව්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙන කාමඞ්ගමො. තස්ස එවමස්ස: අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සොම්හි එතරහි තම්හා දාසව්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමොති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
26. මහණෙනි, යම්පරිදි පුරුෂ ආත්මාධීන නො වු, (එයින්ම) පරාධීන වූ, කැමැති දිගු නොයාහෙන, දාසයෙක් වේනම්, හේ පසු කලෙක ආත්මාධිපති වූ, (එයින්ම) පරායත්ත නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක්ව, ඒ දාසභාවයෙන් මිදීයන්නේ වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම පෙර ආත්මාධීන නො වූ, පරාධීන වූ, කැමැතිසේ ඒ ඒ දිග නොයාහෙන, දස් වීමි. ඒ මම දැන් ආත්මාධිපති වූ, පරාධීන නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක් ව ඒ දාසභාවයෙන් මිදිණිම් වීමි”යි කියායි. හේ ඒ නිර්දාසභාවහේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
27. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය, සො අපරෙන සමයෙන තම්හා කන්තාරා නිත්ථරෙය්ය සොත්ථිනා අබ්‍යයෙන, න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස: අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං. සොම්හි එතරහි තම්හා කන්තාරා නිත්ථිණ්ණො සොත්ථිනා අබ්‍යයෙන, නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයොති. සො තතොනිදානං ලභෙථ පාමුජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
27. මහණෙනි, යම්පරිදි පුරුෂ සධන ව සභෝග ව කතරදිග්මගට වදනේ වේ නම්, හේ පසු කලෙක භෝගව්යය නො කොට ම සුවසේ ඒ කතරින් නිස්තීර්ණ වන්නේ නම්, ඔහුගේ කිසිදු භෝගව්යයයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වන්නේය: “මම පෙර සධන ව සභෝග ව කතරදිග්මගට වැදිණිමි. ඒ මම දැන් භෝගව්යය නො කොට ම සුවසේ නිස්තීර්ණයෙමි. මාගේ කිසිදු භෝගහානියෙක් නැති”යි කියාය. හේ ඒ ක්ෂේමභූමියට පැමිණීම් හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
28. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු යථා ඉණං, යථාරොගං, යථා බන්ධනාගාරං, යථා දාසව්යං, යථා කන්තාරද්ධානමග්ගං, ඉමෙ පඤ්චනීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි භික්ඛවෙ, ආනණ්යං යථා ආරොග්යං, යථා බන්ධනා මොක්ඛං, යථා භුජිස්සං, යථා ඛෙමන්තභූමි, එවමෙව භික්ඛු ඉමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති.
28. මහණෙනි, එපරිදි ම මහණ සියසතන්හි අප්‍රහීණ ව සිටුනා මේ පඤ්චනීවරණයන් ණයක් දක්නා සෙයින්, රොගයක් දක්නා සෙයින්, බන්ධනාගාරයක් දක්නා සෙයින්, දාසභාවයක් දක්නා සෙයින්, කතරමඟක් දක්නා සෙයින් මොනොවට දක්නේය. මහණෙනි, යම්සේ අනෘණභාවය දක්නේ වේද, යම්සේ ආරෝග්‍යය දක්නේ වේ ද, යම්සේ බන්ධනමෝක්ෂය දක්නේ වේ ද, යම්සේ නිර්දාසභාවය දක්නේ වේ ද, යම්පරිදි ක්ෂේමාන්තභූමිය දක්නේ වේ ද, එපරිදි ම මහණ සියසතන්හි ප්‍රහීණ ව ගිය මේ පඤ්චනීවරණයන් දක්නේය.
29. සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො නහාපකො වා නහාපකන්තෙවාසී වා කංසථාලෙ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සාස්ස නහානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරිණී. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
29. ඒ මහණ චිත්තෝපක්ලේශ වූ, ප්රඥාදෞර්බල්යයට කාරණ වූ, මේ පඤ්චනීවරණයන් හැරැපියා කාමයෙන් වෙන් ව අකුසල්දහමින් වෙන් ව සවිතර්ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති, ප්‍රථමධ්‍යාන උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි (හැමතැන පැවැති ප්‍රීතිසුඛ ඇතියා කෙරෙයි), හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳව විවේකජප්රීතිසුඛයා විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්සේ ප්‍රතිබලසම්පන්න නහවනු වෙක් වේවයි, නහවනු - අතැවැසියෙක් වේවයි, කස්තලියෙක නහනුසුණු බහා දියෙන් පුනපුනා ඉස, පිඬු කරන්නේ වේද, ඒ නහනුපිඬු උදකස්නේහයෙන් අනුගත ව දියසනායෙන් මඩනා ලදු ව සහතුරුබැහැර දියෙන් පහරනලදු ව නොවගුළු ව සිටුනේ වේ ද, මහණෙනි, එපරිදිම මහණ මේ කරජකය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳ ව විවේකජ ප්‍රීතිසුඛය විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි.
30. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ උදකරහදො උබ්භිදොදකො. තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං. දෙවො ච කාලෙන කාලං සම්මා ධාරං නානුප්පවෙච්ඡෙය්ය. අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
30. තවද මහණෙනි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන, සිත පිළිබඳ උතුම් ව උදාවන එකඟබව ඇති, විතර්කරහිත විචාරරහිත, සමාධිජ ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජකය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්පරිදි ඌල්නැගි දිය විලෙක් වේ ද, එයට පෙරදිග්හි දිය වැහෙන මං නැත් ද, පැසිම් දිග්හිදු දිය වැහෙන මං නැත් ද, උතුරුදිග්හිදු දිය වැහෙන මං නැත් ද, දකුණු දිග්හිදු දිය වැහෙන මං නැත්ද, මේඝ ද කලින්කල සම්යග්ධාරා වර්ෂණ නොකෙරේ ද, වැලි ද එ ම දියවිලින් සිහිල් දියදහර පැනනැගී එම දියවිල් සිහිල් දියෙන් තෙමා ද, හාත්පස තෙමා ද, හාත්පස පුරා ද, හාත්පසින් ස්පර්ශ කෙරේ ද, තෙල සියලු දියවිලැ සිහිල් දිය දහරින් නොපහළ කිසිදු දැයෙක් නො වේ ද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කරජකය සමාධිජප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නැත.
31. පුන චපරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියාආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. න නෙසං කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
31. තවද මහණෙනි, මහණ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්ෂක ව ද වෙසේ. සිහිඇත්තෙ ද නුවණ ඇත්තේ ද කයින් සුඛය ද විඳුනේය. යම් ධ්‍යානයක් ගෙන ‘තෘතීය ධ්‍යාන ඇති පුඟුලා උපේක්ෂකය, ස්මෘතිමත්ය, සුඛවිහරණවත් යැ’යි ආර්‍ය්‍යයෝ බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කය නිෂ්ප්‍රීතිසුඛයෙන් නොපහළ තැනෙක් නැත. මහණෙනි, යම්සේ උපුල්විලෙක වේවයි, හෙළපියුම් විලෙක වේවයි, රත් පියුම් විලෙක වේවයි, ඇතැම් උපුල් හෝ, හෙළ පියුම් හෝ, රත්පියුම් හෝ, දියෙහි සඤ්ජාත ව දියෙහි සංවර්ධිත ව, දියෙන් නොනැඟ සිට, දියතුළ ගැලැසිට වැඩේද, ඒ උපුල් හා පියුම් අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියෙන් මොනවට තෙත් ව හාත්පස තෙත් ව පරිපූරිත ව හාත්පසින් දියපහස ලදු ව ඇත් ද, එ හැම උත්පලයන්ගේ වේවයි, හැම පද්මයන්ගේ වේවයි, හැම පුණ්ඩරීකයන්ගේ වේවයි, කිසිදු තැනෙක් සිහිල් පහස නොලද්දේ නො වේද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වෙයි.
32. පුන චපරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
32. තවද මහණෙනි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නස් කැලැ ම අස්තඞ්ගම වීමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරේ. හේ මෙ ම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් ඵරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් නො පහළේ නො වෙයි.
සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවස්ත්රයෙකින් හිසවසා පෙරෙව හුන්නේ වේ ද, ඔහුගේ හැමකය කිසිදු තැනෙක් හෙළවතින් නොපහළේ නො වේ ද, මහණෙනි, එපරිදිම මහණ මෙම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයෙන් එරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැමකය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයා විසින් නො පහළේ නො වෙයි.
33. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, සො තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගච්ඡෙය්ය, තස්ස එවමස්ස: ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගඤ්ඡිං තත්ර එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගඤ්ඡිං. තත්රාපි එවං අට්ඨාසිං, එවං නිසීදිං, එවං අභාසිං, එවං තුණ්හී අහොසිං. සොම්හි තම්හා ගාමා සකංයෙව ගාමං පච්චාගතො’ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
33. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, (ප්‍රභාස්වර විසින්) පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභුත ව, කර්මණ්ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියකුදු, ජාති දහසකුදු, ජාති සියක්දහසකුදු, නොඑක් සංවර්තකල්පයනුදු, නො එක් විවර්තකල්පයනුදු, නොඑක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු - “අසෝ තැනැ මෙබඳුනම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි උපනිමි” කියායි. මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර, පූර්වේනිවාසය සිහි කෙරෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂ සියගමින් අන්ගමකට යන්නේ වේ ද, එගමිනුදු අන්ගමකට යන්නේ වේ ද, හේ එගමින් සියගමට ම වටාලා එන්නේ වේ ද, ඔහුට මෙබඳු සිත් වන්නේය: “මම වනාහි සියගමින් අසෝ ගමට ගියෙමි. එහි දී මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස බිණිමි, මෙලෙස නිහඬ වීමි. මම එගමිනුදු අසෝගමට ගියෙමි. එහිදීත් මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස නිහඬවීමි. මම එගමින් සියගමටව වටාලා ආයෙමි” යි. මහණෙනි, එපරිදි මහණ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි: ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාතිදෙකකුදු ... මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි.
34. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති: –
34. ඒ මහණ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්මණ්ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, සත්ත්වයන්ගේ ච්‍යුති - උපපාතඥානය පිණිස සිත නතු කෙරෙයි හේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් මියන උපදනා හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සතුන් දක්නේය. සුගත, දුර්ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්වයන් දන්නේය.
“ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචී දුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. සෙය්යථාපස්සු භික්ඛවෙ ද්වෙ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි, අනුචඞ්කමන්තෙපි අනුවිචරන්තෙපි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති -පෙ-
“මේ භවත් සත්ත්වයෝ එකැතින් කායදුශ්චරිතයෙන් සමන්වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්වාගතයහ. (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්යාදෘෂ්ටිකකර්මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ ව සිටි, දුර්ගතික වූ, විනිපාත වූ, නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් සමන්වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නොකරනුවහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්ගලෝකයට පැමිණියහ”යි කියායි. මෙසෙයින් විශුද්ධ වූ, මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගත, දුර්ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්වයන් දන්නේය. මහණෙනි, යම්සේ සහදොර දෙගෙකෙක් ඇත් ද, එහි ඇස් ඇතී පුරුෂයෙක් ගෙමැද සිටියේ, ගෙට වදනාවූත්, බැසයන්නාවූත්, ඔබමොබ සක්මන් කරන්නාවූත්, ගෙන් ගෙට වදනාවූත් මිනිසුන් දක්නේ වේ ද, මහණෙනි, එ සෙයින් ම මහණ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හින, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගත, දුර්ගත, සත්ත්වයන් දක්නේය. යථාකර්මෝපග සත්ත්වයන් දන්නේය. ...
35. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති: සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. සෙය්යථාපි භික්ඛවෙ පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි, තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපී’ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති.
35. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්මණ්ය ව, ස්ථිත ව, නිශ්චල ප්‍රාප්ත ව පවතුත් ම, ආස්‍රව ක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකයි’ යථාභූතය දන්නේ ය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්රතිපති’යි යථාභූතය දන්නේය. ‘මුහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ජාති ක්ෂීණය සසුන්බ්රම්සරවස් හා මඟබ්රම්සරවස් වසන ලදී. (සතර මගින් කළ යුතු සොළසවිධ) කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමියි දන්නේය. මහණෙනි, යම්සේ පර්වතමුදුනෙක විමල්, වෙසෙසින් පහන්, නොකැලැත් දියවිලෙක් වේ ද, එවිල්තෙර සිටි ඇස් ඇති පුරුෂයෙක් ඇවිදුනා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු මස්ගළදු, සිටුනා කැට හා කැබිලිති දු දක්නේ වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙසි: ‘මේ දියවිල නිර්මල වෙයි, විප්රසන්නවෙයි, කදිම රහිත වෙයි. මේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලෝ ද, මස්රැළහු ද හැසිරෙන්නාහුදු සිටුනාහුදු වෙති. කැට හා කැබිලිත්තෝ ද සිටුනාහු වෙති’යි කියායි. ‘මහණෙනි, එසෙයින්ම මහණ ‘මේ දුකැ’ යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ දුඃඛනිරෝධය’යි යථාභූතය දන්නේය, මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්රතිපද්ය’යි යථාභූතය දන්නේය.
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්තවත් ම ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ‘ජාතිය ක්ෂීණය. බ්‍රම්සරවස් වැස නිමවන ලදී. කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමී’ දන්නේය.
36. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සමණො ඉතිපි බ්රාහ්මණො ඉතිපි නහාතකො ඉතිපි, වෙදගූ ඉතිපි, සොත්තියො ඉතිපි, අරියො ඉතිපි, අරහං ඉතිපි.
36. මහණෙනි, මේ මහණ (සන්හුන් ඇති බැවින්) ශ්රමණයහයි ද) (බැහැර ලූ පාප ඇති බැවින්) බ්රාහ්මණයහයි ද, (ධෞතක්ලේශ ඇති බැවින් නහාතකය හයිද, (චතුර්මාර්ගඥානවේදයෙන් ලමුදම් දත් වන බැවින්) වේදගූ හයිද, (පැහූකෙලෙස් ඇති බැවින්) සොත්තියහයි ද, (කෙලෙසුන් දුරුකළ බැවින්) අරියහයි ද, රහත්හයි ද කියනු ලැබේ.
37. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සමණො හොති? සමිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු සමණො හොති.
37. මහණෙනි, කෙසේ මහණ ‘සමණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන ලමු අකුසල් දහම්හු සමිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සමණ’ නම් වෙයි.
38. කථඤ්ච භික්ඛවෙ භික්ඛු බ්රාහ්මණො හොති? බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු බ්රාහ්මණො හොති.
38. මහණෙනි, කෙසේ මහණ ‘බ්‍රාහ්මණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු බාහිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘බ්‍රාහ්මණ’ නම් වෙයි.
39. කථඤ්ච භික්ඛවෙ භික්ඛු නහාතකො හොති? නහාතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු නහාතකො හොති.
39. මහණෙනි, කෙසේ මහණ ‘නහාතක’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමුඅකුසල් දහම්හු දෝනාලදහු වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘නහාතක’ නම් වෙයි.
40. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වෙදගූ හොති? විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු වෙදගූ හොති.
40. මහණෙනි, කෙසේ මහණ වේදගූ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල්හු විදිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘වේදගූ’ නම් වෙයි.
41. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සොත්තියො හොති? නිස්සුතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොත්තියො හොති.
41. මහණෙනි, කෙසේ මහණ ‘සොත්තිය’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු නිඃසෘත (හරණලද) වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සොත්තිය’ නම් වෙයි.
42. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියො හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියො හොති.
42. මහණෙනි, කෙසේ මහණ ‘අරිය’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දූරිභූත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරිය’ නම් වෙයි.
43. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරහං හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරහං හොතීති.
43. මහණෙනි, කෙසේ මහණ ‘අරහන්ත’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාරමණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුරීභූත වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරහන්ත’ නම් වෙයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙ මහාඅස්සපුරසූත්රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අභිනන්දන කළෝ.
මහාඅස්සපුරසුත්තං නවමං.
මහාඅස්සපුර සූත්‍රය නවවැනියි.