මහාඅස්සපුරසුත්තවණ්ණනා අට්ඨකථා
මහාඅස්සපුරසුත්තවණ්ණනා
මහාඅස්සපුර සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාඅස්සපුරසුත්තං. තත්ථ අඞ්ගෙසූති අඞ්ගා නාම ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීසද්දෙන “අඞ්ගා”ති වුච්චති, තස්මිං අඞ්ගෙසු ජනපදෙ. අස්සපුරං නාම අඞ්ගානං නිගමොති අස්සපුරන්ති නගරනාමෙන ලද්ධවොහාරො අඞ්ගානං ජනපදස්ස එකො නිගමො, තං ගොචරගාමං කත්වා විහරතීති අත්ථො. භගවා එතදවොචාති එතං “සමණා සමණාති වො, භික්ඛවෙ, ජනො සඤ්ජානාතී”තිආදිවචනමවොච.
එවම්මෙසුතං යනු මහා අස්සපුර සූත්‍රයයි. එහි අංගෙසු අංග ජනපදයේ රාජ කුමාරයෝ, ඔවුන් පදිංචිව සිටි එක් ජනපදයක්. ‘අංග’ යයි ව්‍යවහාර කරයි. ඒ අංග ජනපදයෙහි අස්සපුර නාම අංගානං නිගමො අස්සපුර යන නමින් හඳුන්වන එක් නියම්ගමකි. එය ගොදුරුගම් කොට වාසය කරයි යන අදහසයි. භගවා එතදවොච මේ අය සමණා සමණාති භික්ඛවෙ ජනො සඤ්ජානාති. මහණෙනි, ඔබලා ශ්‍රමණයෝ ශ්‍රමණයෝ යයි ජනයා විසින් හඳුන්වනු ලැබේ යයි වදාළ සේක.
කස්මා පන එවං අවොචාති. තස්මිං කිර නිගමෙ මනුස්සා සද්ධා පසන්නා බුද්ධමාමකා ධම්මමාමකා සඞ්ඝමාමකා, තදහුපබ්බජිතසාමණෙරම්පි වස්සසතිකත්ථෙරසදිසං කත්වා පසංසන්ති; පුබ්බණ්හසමයං භික්ඛුසඞ්ඝං පිණ්ඩාය පවිසන්තං දිස්වා බීජනඞ්ගලාදීනි ගහෙත්වා ඛෙත්තං ගච්ඡන්තාපි, ඵරසුආදීනි ගහෙත්වා අරඤ්ඤං පවිසන්තාපි තානි උපකරණානි නික්ඛිපිත්වා භික්ඛුසඞ්ඝස්ස නිසීදනට්ඨානං ආසනසාලං වා මණ්ඩපං වා රුක්ඛමූලං වා සම්මජ්ජිත්වා ආසනානි පඤ්ඤපෙත්වා අරජපානීයං පච්චුපට්ඨාපෙත්වා භික්ඛුසඞ්ඝං නිසීදාපෙත්වා යාගුඛජ්ජකාදීනි දත්වා කතභත්තකිච්චං භික්ඛුසඞ්ඝං උය්යොජෙත්වා තතො තානි උපකරණානි ආදාය ඛෙත්තං වා අරඤ්ඤං වා ගන්ත්වා අත්තනො කම්මානි කරොන්ති, කම්මන්තට්ඨානෙපි නෙසං අඤ්ඤා කථා නාම නත්ථි. චත්තාරො මග්ගට්ඨා චත්තාරො ඵලට්ඨාති අට්ඨ පුග්ගලා අරියසඞ්ඝො නාම; තෙ “එවරූපෙන සීලෙන, එවරූපෙන ආචාරෙන, එවරූපාය පටිපත්තියා සමන්නාගතා ලජ්ජිනො පෙසලා උළාරගුණා”ති භික්ඛුසඞ්ඝස්සෙව වණ්ණං කථෙන්ති. කම්මන්තට්ඨානතො ආගන්ත්වා භුත්තසායමාසා ඝරද්වාරෙ නිසින්නාපි, සයනිඝරං පවිසිත්වා නිසින්නාපි භික්ඛුසඞ්ඝස්සෙව වණ්ණං කථෙන්ති. භගවා තෙසං මනුස්සානං නිපච්චකාරං දිස්වා භික්ඛුසඞ්ඝං පිණ්ඩපාතාපචායනෙ නියොජෙත්වා එතදවොච.
[missing trans] මෙසේ මේ අය ලජ්ජීහුය. සුපේශල ශික්ෂාකාමීහුය. උදාර ගුණ ඇත්තාහු වෙති. භික්ෂු සංඝයාගේ ගුණම කියති. කුඹුරෙන් හේනෙන් අවුත් රාත්‍රී කෑම ගත් පසුවද, ගෙදර ඉන්දදී ද නින්දට යනතෙක්ම භික්ෂු සංඝයාගේම ගුණ කියත්. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන්ගේ යටහත් පහත් ගති පැවතුම් දැන භික්ෂු සංඝයා පිඬුසිඟා යාමෙහි යොදවා මෙසේ වදාළ සේක.
යෙ ධම්මා සමණකරණා ච බ්රාහ්මණකරණා චාති යෙ ධම්මා සමාදාය පරිපූරිතා සමිතපාපසමණඤ්ච බාහිතපාපබ්රාහ්මණඤ්ච කරොන්තීති අත්ථො. “තීණිමානි, භික්ඛවෙ, සමණස්ස සමණියානි සමණකරණීයානි. කතමානි තීණි? අධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදාන”න්ති (අ· නි· 3.82) එත්ථ පන සමණෙන කත්තබ්බධම්මා වුත්තා. තෙපි ච සමණකරණා හොන්තියෙව. ඉධ පන හිරොත්තප්පාදිවසෙන දෙසනා විත්ථාරිතා.
යෙ ධමමා සමණ කරණාච බ්‍රාහ්මණ කරණාච යම් ධර්ම කෙනෙක් සමාදන්ව පුරන ලද්දාහු සමිතපාප ශ්‍රමණයකුත් බාහිතපාප බ්රාහ්මණයකුත් කෙරෙත් ද යන අර්ථයි. ‘ශ්‍රමණයා විසින් කළයුතු ධර්මයෝ මෙහි කියන ලදී. මහණෙනි, ශ්‍රමණයා විසින් කටයුතු තුනෙකි. කවර තුනක්ද යත්, අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්‍රඥා ශික්ෂා සමාදානය යන තුනයි. ඔහු ශ්‍රමණ කරණයෝ වෙත්මැයි. මෙහි වනාහි හිරි ඔතප් ආදී වශයෙන් දේශනාව විස්තර කරන ලදී.
එවං නො අයං අම්හාකන්ති එත්ථ නොති නිපාතමත්තං. එවං අයං අම්හාකන්ති අත්ථො. මහප්ඵලා මහානිසංසාති උභයම්පි අත්ථතො එකමෙව. අවඤ්ඣාති අමොඝා. සඵලාති අයං තස්සෙව අත්ථො. යස්සා හි ඵලං නත්ථි, සා වඤ්ඣා නාම හොති. සඋද්රයාති සවඩ්ඪි, ඉදං සඵලතාය වෙවචනං. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති, භික්ඛවෙ, එවං තුම්හෙහි සික්ඛිතබ්බං. ඉති භගවා ඉමිනා එත්තකෙන ඨානෙන හිරොත්තප්පාදීනං ධම්මානං වණ්ණං කථෙසි.
එවං නො අයං අම්හාකං යන මෙහි නො යනු නිපාත මාත්‍රයකි. අපගේ යන අර්ථයි. මහප්ඵලා මහානිසංසා යන දෙකම අර්ථ වශයෙන් එක සමානය. අවඤ්ධා නොසිස් වූවාහු සඵලා ඒ පදයේම අර්ථයි. යමකගේ ඵලයක් නැද්ද, ඕ වඳ වූවා නම් වේ. සඋද්‍රයා වැඩීම් සහිත වූවා ඒ සඵලයන්ගේම සමාන වචනයි. එවංහි ඛො භික්ඛවෙ සික්ඛිතබ්බං මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ මෙතෙක් කරුණුවලින් ලජ්ජා භය ආදී ධර්මයන්ගේ ගුණ වදාළ සේක.
කස්මා? වචනපථපච්ඡින්දනත්ථං. සචෙ හි කොචි අචිරපබ්බජිතො බාලභික්ඛු එවං වදෙය්ය – “භගවා හිරොත්තප්පාදිධම්මෙ සමාදාය වත්තථාති වදති, කො නු ඛො තෙසං සමාදාය වත්තනෙ ආනිසංසො”ති? තස්ස වචනපථපච්ඡින්දනත්ථං. අයඤ්ච ආනිසංසො, ඉමෙ හි ධම්මා සමාදාය පරිපූරිතා සමිතපාපසමණං නාම බාහිතපාපබ්රාහ්මණං නාම කරොන්ති, චතුපච්චයලාභං උප්පාදෙන්ති, පච්චයදායකානං මහප්ඵලතං සම්පාදෙන්ති, පබ්බජ්ජං අවඤ්ඣං සඵලං සඋද්රයං කරොන්තීති වණ්ණං අභාසි. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන වණ්ණකථා සතිපට්ඨානෙ (දී· නි· අට්ඨ· 2.373; ම· නි· අට්ඨ· 2.373) වුත්තනයෙනෙව වෙදිතබ්බා.
කුමක් හෙයින් ද වචන මාර්ගය පසිඳිනා පිණිසය. ඉදින් පැවිදි වූ නොබෝ කල් ඇති කිසි බාල භික්ෂුවක් මෙසේ කියන්නේ නම් ‘භාග්‍යවතුන් වහන්සේ හිරි ඔතප් ආදී ධර්මයන් සමාදන්ව පවතීවයි වදාරති. ඒ ධර්මයන් සමාදන් වී පැවැත්මේ අනුසස් කවරේදැයි (අසති) ඔහුගේ වචන මග පසිඳිනා පිණිස මේ මේ ආනිසංස වේයයි (කීය) මේ ධර්මයෝ සමාදන්ව පුරන ලද්දාහූ සමිතපාප ශ්‍රමණයකු බාහිතපාප බ්‍රාහ්මණයකු යයි නම් කරති. සිව්පස ලාභය උපදවති. ප්‍රත්‍ය දායකයන්ට මහත්ඵල ආනිශංස ලබා දෙති. පැවිද්ද නො වඳ වූ සඵල වූ වැඩීම් සහිත වූවක් කෙරෙතියි ගුණ වදාළහ. මෙහි මෙය කෙටියෙන් කියන ලදී. විස්තර වශයෙන් කථාව සතිපට්ඨාන සූත්‍රයේ ආ පරිදිම දතයුත්තේය.
හිරොත්තප්පෙනාති “යං හිරීයති හිරීයිතබ්බෙන, ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙනා”ති (ධ· ස· 1331) එවං විත්ථාරිතාය හිරියා චෙව ඔත්තප්පෙන ච. අපිචෙත්ථ අජ්ඣත්තසමුට්ඨානා හිරී, බහිද්ධාසමුට්ඨානං ඔත්තප්පං. අත්තාධිපතෙය්‍යා හිරී, ලොකාධිපතෙය්යං ඔත්තප්පං. ලජ්ජාසභාවසණ්ඨිතා හිරී, භයසභාවසණ්ඨිතං ඔත්තප්පං, විත්ථාරකථා පනෙත්ථ සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ වුත්තා.
හිරොත්තප්පෙන යනු ‘යමකින් ලජ්ජාව උපදීද ඒ ලජ්ජාවමයි. යමකින් බිය උපදීද ඒ බියමයි. මෙසේ විස්තර කරන ලද ලජ්ජාවෙන් හා බියෙන් ද, තව ද මෙහි අධ්‍යාත්මයෙහි උපදින්නේ ලජ්ජාවයි. බාහිරව උපදින්නේ ඔත්තප්පයයි. ‘බය’යි. ලජ්ජාව තමන් අධිපතිකොට ඇත්තේය. බිය ලෝකය අධිපතිකොට ඇත්තේය. හිරි ලජ්ජා ස්වභාවයෙන් සිටී. ඔත්තප්පය භය ස්වභාවයෙන් සිටී. මේ ධර්ම දෙදෙන ලෝකය පාලනය කරන හෙයින් ලෝක පාලක ධර්මයෝ යයි කියන ලදී. මෙහි විස්තරාර්ථ කථා විශුද්ධි මාර්ගයෙහි කියන ලදී.
අපිච ඉමෙ ද්වෙ ධම්මා ලොකං පාලනතො ලොකපාලධම්මා නාමාති කථිතා. යථාහ – “ද්වෙමෙ, භික්ඛවෙ, සුක්කා ධම්මා ලොකං පාලෙන්ති. කතමෙ ද්වෙ? හිරී ච ඔත්තප්පඤ්ච. ඉමෙ ඛො, භික්ඛවෙ, ද්වෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති. ඉමෙ ච ඛො, භික්ඛවෙ, ද්වෙ සුක්කා ධම්මා ලොකං න පාලෙය්යුං, නයිධ පඤ්ඤායෙථ, ‘මාතා’ති වා, ‘මාතුච්ඡා’ති වා, ‘මාතුලානී’ති වා, ‘ආචරියභරියා’ති වා, ‘ගරූනං දාරා’ති වා, සම්භෙදං ලොකො අගමිස්ස, යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිඞ්ගාලා”ති (අ· නි· 2.9). ඉමෙයෙව ජාතකෙ “දෙවධම්මා”ති කථිතා. යථාහ –
මහණෙනි, මේ ශුක්ල ධර්මයෝ දෙදෙනෙක් ලොව පාලනය කරති. කවර දෙදෙනෙක්ද යත්, හිරි ද ඔතප් ද යන දෙදෙනා විසිනි. මහණෙනි, මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව රකිති. තව ද මහණෙනි, මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව නො රක්නාහු නම් මේ ලෝකයේ මව්ය, කුඩා මව්ය, නැන්දාය, ඇදුරු බිරිය, ගුරුන්ගේ බිරිඳය යනාදී වශයෙන් වෙනසක් නො පෙනෙන්නේ ය. එළු බැටළුවන් මෙන් ද, ඌරු කුකුළු, ආදීන් මෙන් ද බලු සිවල්ලු යම්සේද එමෙන් ලෝවැසි මිනිස්සු ද යන්නෝ ය. මොව්හූ ජාතක යේ දේව ධර්මයයි කියන ලදී.
“හිරිඔත්තප්පසම්පන්නා, සුක්කධම්මසමාහිතා; සන්තො සප්පුරිසා ලොකෙ, දෙවධම්මාති වුච්චරෙ”ති. (ජා· 1.1.6);
හිරි ඔතප් දෙකින් යුක්ත වූ, කුශල ධර්මයන්ගෙන් යුක්ත වූ, ශාන්ත වූ සත්පුරුෂයෝ ලෝකයේ දේව ධර්මයයි කියනු ලැබේ.
මහාචුන්දත්ථෙරස්ස පන කිලෙසසල්ලෙඛනපටිපදාති කත්වා දස්සිතා. යථාහ – “පරෙ අහිරිකා භවිස්සන්ති, මයමෙත්ථ හිරිමනා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො. පරෙ අනොත්තාපී භවිස්සන්ති, මයමෙත්ථ ඔත්තාපී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො”ති (ම· නි· 1.83).
මහා චුන්ද ස්ථවිරයන්ට කෙලෙස් ලිහා දමන පිළිවෙත දක්වන ලදී වදාළේමය. ‘අන්‍යයෝ ලජ්ජා රහිතයෝ වන්නාහ. අපි මෙහි ලජ්ජා සිත් ඇත්තෝ වන්නෙමු’යි සැලකිය යුතුය. අන්‍යයෝ ඔතප් රහිතයෝ වන්නාහුය. අපි ඔතප් ඇතියෝ වන්නෙමු යයි සැලකිය යුතුය.
ඉමෙව මහාකස්සපත්ථෙරස්ස ඔවාදූපසම්පදාති කත්වා දස්සිතා. වුත්තඤ්හෙතං – “තස්මා තිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං, තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු මජ්ඣිමෙසූති. එවඤ්හි තෙ, කස්සප, සික්ඛිතබ්බ”න්ති (සං· නි· 2.154). ඉධ පනෙතෙ සමණධම්මා නාමාති දස්සිතා.
යළිත් මොව්හූ මහා කාශ්‍යප ස්ථවිරයන්ට අවවාදොප සම්පදාව කොට යයි දක්වන ලද්දාහුය. මෙසේ වදාරණ ලදී. ‘කාශ්‍යප එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුය. ස්ථවිර නවක මධ්‍යමයන් කෙරෙහි මාගේ දැඩි වූ හිරි ඔතප් එළඹ සිටියේ වන, කාශ්‍යප තොප විසින් මෙසේ හික්මිය යුතු’ මොව්හූ ‘ශ්‍රමණ ධර්මයෝ’ නමැයි දක්වන ලද්දාහුය.
යස්මා පන එත්තාවතා සාමඤ්ඤත්ථො මත්ථකං පත්තො නාම හොති, තස්මා අපරෙපි සමණකරණධම්මෙ දස්සෙතුං සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකන්තිආදිමාහ. තත්ථ සාමඤ්ඤත්ථොති සංයුත්තකෙ තාව, “කතමඤ්ච, භික්ඛවෙ, සාමඤ්ඤං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං, සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධි, ඉදං වුච්චති, භික්ඛවෙ, සාමඤ්ඤං. කතමො ච, භික්ඛවෙ, සාමඤ්ඤත්ථො? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති, භික්ඛවෙ, සාමඤ්ඤත්ථො”ති (සං· නි· 5.36) මග්ගො “සාමඤ්ඤ”න්ති, ඵලනිබ්බානානි “සාමඤ්ඤත්ථො”ති වුත්තානි. ඉමස්මිං පන ඨානෙ මග්ගම්පි ඵලම්පි එකතො කත්වා සාමඤ්ඤත්ථො කථිතොති වෙදිතබ්බො. ආරොචයාමීති කථෙමි. පටිවෙදයාමීති ජානාපෙමි.
යම්හෙයකින් මෙතෙකින් පැවිද්දෙහි ඵලය මුදුන්පැමිණියේ නම් නොවේද, එහෙයින් අනෙක් ශ්‍රමණ කරණ ධර්මයන් දැක්වීමට සසියා ඛො පන භික්ඛවෙ තුම්හාකං යනාදිය වදාළහ. එහි සාමඤ්ඤත්ථො යනු සංයුක්තකයේ මහණෙනි, ශ්‍රමණ බව කවරේද, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි. සම්‍යක් දෘෂ්ටිය -පෙ- සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, මේ ශ්‍රාමාණ්‍ය යයි කියනු ලැබේ. මහණෙනි, ශ්රාමාණ්යර්ථය කවරේද, මහණෙනි, යම් රාගය ක්ෂය කිරීමක්, ද්වේෂය ක්ෂය කිරීමක්, මෝහය ක්ෂය කිරීමක් වේද මහණෙනි, මේ ශ්රාමාණ්යර්ථයයි පැවිද්දේ ඵලය යයි කියනු ලැබේ. මාර්ගය ශ්‍රමණ බව යයිද, ඵල නිර්වාණ ශ්‍රමණ භාවයේ අර්ථයයිද වදාරන ලදී. එහෙත් මෙහිදී මාර්ගයත් ඵලයත් එක්කොට ශ්රාමාණ්යර්ථය වදාරන ලදැයි දතයුතු. ආරොචයාමි කියමි. පටිවෙදයාමි දන්වමි.
පරිසුද්ධො නො කායසමාචාරොති එත්ථ කායසමාචාරො පරිසුද්ධො අපරිසුද්ධොති දුවිධො. යො හි භික්ඛු පාණං හනති අදින්නං ආදියති, කාමෙසු මිච්ඡා චරති, තස්ස කායසමාචාරො අපරිසුද්ධො නාම, අයං පන කම්මපථවසෙනෙව වාරිතො. යො පන පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා පරං පොථෙති විහෙඨෙති, තස්ස කායසමාචාරො අපරිසුද්ධො නාම, අයම්පි සික්ඛාපදබද්ධෙනෙව පටික්ඛිත්තො. ඉමස්මිං සුත්තෙ උභයම්පෙතං අකථෙත්වා පරමසල්ලෙඛො නාම කථිතො. යො හි භික්ඛු පානීයඝටෙ වා පානීයං පිවන්තානං, පත්තෙ වා භත්තං භුඤ්ජන්තානං කාකානං නිවාරණවසෙන හත්ථං වා දණ්ඩං වා ලෙඩ්ඩුං වා උග්ගිරති, තස්ස කායසමාචාරො අපරිසුද්ධො. විපරීතො පරිසුද්ධො නාම. උත්තානොති උග්ගතො පාකටො. විවටොති අනාවටො අසඤ්ඡන්නො. උභයෙනාපි පරිසුද්ධතංයෙව දීපෙති. න ච ඡිද්දවාති සදා එකසදිසො අන්තරන්තරෙ ඡිද්දරහිතො. සංවුතොති කිලෙසානං ද්වාර පිදහනෙන පිදහිතො, න වජ්ජපටිච්ඡාදනත්ථාය.
පරිසුද්ධො නො කාය සමාචාරො මෙහි කාය සමාචාරය පිරිසුදුය. අපිරිසිදු යයි දෙපරිදි වේ. යම් ශ්‍රමණයෙන් පරපණ නසා ද, සොරකම් වංචා කෙරේද, මිය හසරෙහි හැසිරේද ඔහුගේ කාය සමාචාරය අපිරිසිදු වූයේ වෙයි. මෙය කර්ම පථ වශයෙන් ම වළකන ලදී. යම්කිසි ශ්‍රමණයෙක් අතින් හෝ ගලකින් හෝ දණ්ඩකින් හෝ අනුන් පෙළයි ද, විශේෂයෙන් පීඩාවට පත් කරයිද, ඔහුගේ කාය සමාචාරය අපිරිසිදු වූයේ වේ. මෙය ශික්ෂාපද මගින්ම පණවන ලදී. මේ සූත්‍රයෙහි මේ දෙකම නො වදාරා පරම ස්ලේඛ නමැයි වදාරන ලදී. ඒ එසේමයි. යම් ශ්‍රමණයෙක් පැන් කළයෙහි පැන් බොන්නා වූ හෝ පාත්‍රයෙහි ආහාර ගන්නා වූ, කවුඩන් එළවීම් වශයෙන් අතක් හෝ ගලක් හෝ දණ්ඩක් හෝ නගාද, ඔහුගේ කාය සමාචාරය අපිරිසිදුය. ඒවායින් වෙන්වූයේ පිරිසිදු වේ. උත්තානො උද්ගත වූයේ ප්‍රකට වූයේ විවටො අනාවරණය වූයේ නොවැසුනේ දෙකින්ම පිරිසිදු බව දක්වයි. නච ඡිද්දවා සියලු කල එක සමාන වූයේ අතරින් සිදුරු රහිත වූයේ සංවුතො කෙලෙසුන්ට දොර වැසීමෙන් වූයේ වරද වැසීම සඳහා නොවූයේ,
වචීසමාචාරෙපි යො භික්ඛු මුසා වදති, පිසුණං කථෙති, ඵරුසං භාසති, සම්ඵං පලපති, තස්ස වචීසමාචාරො අපරිසුද්ධො නාම. අයං පන කම්මපථවසෙන වාරිතො. යො පන ගහපතිකාති වා දාසාති වා පෙස්සාති වා ආදීහි ඛුංසෙන්තො වදති, තස්ස වචීසමාචාරො අපරිසුද්ධො නාම. අයං පන සික්ඛාපදබද්ධෙනෙව පටික්ඛිත්තො. ඉමස්මිං සුත්තෙ උභයම්පෙතං අකථෙත්වා පරමසල්ලෙඛො නාම කථිතො. යො හි භික්ඛු දහරෙන වා සාමණෙරෙන වා, “කච්චි, භන්තෙ, අම්හාකං උපජ්ඣායං පස්සථා”ති වුත්තෙ, සම්බහුලා, ආවුසො, භික්ඛුභික්ඛුනියො එකස්මිං පදෙසෙ විචදිංසු, උපජ්ඣායො තෙ වික්කායිකසාකභණ්ඩිකං උක්ඛිපිත්වා ගතො භවිස්සතී”තිආදිනා නයෙන හසාධිප්පායොපි එවරූපං කථං කථෙති, තස්ස වචීසමාචාරො අපරිසුද්ධො. විපරීතො පරිසුද්ධො නාම.
වචී සමාචාරෙපි වාක් සමාචාරයෙහි, යම්කිසි භික්ෂුවක් බොරු කියයි ද, හිස් අර්ථ රහිත වචන කථා කරයි ද, ඵරුස වචන කියයි ද, සම්පප්‍රලාප කියයි ද, ඔහුගේ වාක් සමාචාරය අපිරිසිදු වූයේ නම් වේ. මේ අධර්ම කර්මපථ වශයෙන්ම වළකන ලදී. තව ද ගෘහපතියෝ යයි හෝ දාසයෝ යයි හෝ මෙහෙකරුවෝ යයි හෝ මේ ආදීන් ආක්‍රෝශ කරමින් කියාද ඔහුගේ වාක් සමාචාරය අපිරිසිදු වූයේ වෙයි. මෙයද ශික්ෂාපද මගින්ම ප්රතික්ෂිප්තය. මේ සූත්‍රයෙහි මේ දෙක නො වදාරා පරම සල්ලෙඛ නමින් වදාරා ඇත. යම් භික්ෂුවක් හෝ තරුණ මහණෙකු විසින් හෝ ළදරු සාමණේරයකු විසින් හෝ, වහන්ස කිමෙක්ද, අපගේ උපාධ්‍යායයන් වහන්සේ දැක්කේද, ඇසූවිට ඇවැත්නි, බොහෝ භික්ෂුණීහු එක් පෙදෙසක හැසිරුණහ. ඔබගේ උපාධ්‍යායන් ද විකිණිය හැකි පලා පොදියක් ඔසවාගෙන යන්නට ඇතැයි මේ ආදී නයින් සිනාසෙන සුළු කථා විහිළුවටවත් කියයිද, ඔහුගේ වාක් සමාචාරය අපිරිසිදුය. විපරීත පරිශුද්ධ නමි.
මනොසමාචාරෙ යො භික්ඛු අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො හොති, තස්ස මනොසමාචාරො අපරිසුද්ධො නාම. අයං පන කම්මපථවසෙනෙව වාරිතො. යො පන උපනික්ඛිත්තං ජාතරූපරජතං සාදියති, තස්ස මනොසමාචාරො අපරිසුද්ධො නාම. අයම්පි සික්ඛාපදබද්ධෙනෙව පටික්ඛිත්තො. ඉමස්මිං සුත්තෙ උභයම්පෙතං අකථෙත්වා පරමසල්ලෙඛො නාම කථිතො. යො පන භික්ඛු කාමවිතක්කං වා බ්යාපාදවිතක්කං වා විහිංසාවිතක්කං වා විතක්කෙති, තස්ස මනොසමාචාරො අපරිසුද්ධො. විපරීතො පරිසුද්ධො නාම.
මනඃ සමාචාරයෙහි යම් මහණෙක් අභිධ්‍යා බහුල වීද, ව්‍යාපාදයට පැමිණි සිත් ඇත්තේ, මිථ්‍යාදෘෂ්ටි ගත්තේද, ඔහුගේ චිත්ත සමාචාරය අපිරිසිදු වූයේය. මේ වනාහි කර්මපථ විසින්ම වළකන ලදී. යමෙක් වනාහි එළවා තබන ලද රන් රිදී ඉවසාද, ඔහුගේ චිත්ත සමාචාරය අපිරිසිදු වූයේ වෙයි. මෙයද ශික්ෂාපද විසින්ම වළක්වන ලදී. මේ සූත්‍රයෙහි මේ දෙක නො වදාරා පරම සල්ලේඛ වශයෙන් වදාරණ ලදහ. ඒ එසේමැයි. යම් මහණෙක්, තරුණ මහණෙකු විසින් හෝ සාමණේර නමක විසින් හෝ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් උපදවන ලද්දේ ද, ඔහුගේ චිත්ත සමාචාරය අපිරිසිදුය. විපරීත වූ පිරිසිදු නමි.
ආජීවස්මිං යො භික්ඛු ආජීවහෙතු වෙජ්ජකම්මං පහිණගමනං ගණ්ඩඵාලනං කරොති, අරුමක්ඛනං දෙති, තෙලං පචතීති එකවීසතිඅනෙසනාවසෙන ජීවිකං කප්පෙති. යො වා පන විඤ්ඤාපෙත්වා භුඤ්ජති, තස්ස ආජීවො අපරිසුද්ධො නාම. අයං පන සික්ඛාපදබද්ධෙනෙව පටික්ඛිත්තො. ඉමස්මිං සුත්තෙ උභයම්පෙතං අකථෙත්වා පරමසල්ලෙඛො නාම කථිතො. යො හි භික්ඛු සප්පිනවනීතතෙලමධුඵාණිතාදීනි ලභිත්වා, “ස්වෙ වා පුනදිවසෙ වා භවිස්සතී”ති සන්නිධිකාරකං පරිභුඤ්ජති, යො වා පන නිම්බඞ්කුරාදීනි දිස්වා සාමණෙරෙ වදති – “අංඞ්කුරෙ ඛාදථා”ති, සාමණෙරා ථෙරො ඛාදිතුකාමොති කප්පියං කත්වා දෙන්ති, දහරෙ පන සාමණෙරෙ වා පානීයං පිවථ, ආවුසොති වදති, තෙ ථෙරො පානීයං පිවිතුකාමොති පානීයසඞ්ඛං ධොවිත්වා දෙන්ති, තම්පි පරිභුඤ්ජන්තස්ස ආජීවො අපරිසුද්ධො නාම හොති. විපරීතො පරිසුද්ධො නාම.
ආජීවයෙහි ‘යම් මහණෙක් ආජීවය හේතුකොට වෙදකම් ගිහියන්ගේ ලියුම් ගෙන යාම්, භාණ්ඩයන් රැකීම කෙරේද, වණවලට ආලේප දේද්ද, තෙල් සිඳීද’ එක්විසි අනේසනාවෙන් ජීවිකාව කෙරේද, යමෙක් සතුටුකොට වළඳාද, ඔහුගේ ආජීවය අපිරිසිදු වේ. මෙය වනාහි ශික්ෂාපද පැනවීමෙන් පිහිටුවා ස්ථාවර කොට ඇත. මේ සූත්‍රයෙහි මෙය නොවදාරා පරම සල්ලේඛ නමැයි වදාරණ ලදී. යම් මහණෙක් ගිතෙල් - වෙඬරු, තෙල්, මී, සකුරු ආදිය ලැබ ‘හෙට හෝ අනිද්දා ප්‍රයෝජනයට ගන්නේ යයි රැස්කොට වළඳාද, යමෙක් වනාහි නිමිබංකුරාදිය (කොසඹ) දැක සාමණේරයන්ට ‘ඇවැත්නි, අංකුර කවයි’ කියාද, සාමණේරයෝ ‘තෙරුන් වහන්සේ කනු කැමැත්තේ’ යයි සූදානම් කොට දෙද්ද, යළි තරුණ භික්ෂූන්ට හෝ සාමණේරයන්ට හෝ ඇවැත්නි, පැන් බොවයි කියාද, තෙරුන් වහන්සේ පැන් බොනු කැමැත්තාහයි පැන් සක සෝදා පැන් දෙත්ද, එය වළඳන්නහුගේ ආජීවය අපිරිසිදු වේ. පිරිසිදු බව විපරීත වේ.
මත්තඤ්ඤූති පරියෙසනපටිග්ගහණපරිභොගෙසු මත්තඤ්ඤූ, යුත්තඤ්ඤූ, පමාණඤ්ඤූ.
මත්තඤ්ඤූ යනු සෙවීම, පිළිගැනීම, පරිභෝගය යන තන්හිදී පමණ දන්නා වූ, යුක්ත වූවාහු,
ජාගරියමනුයුත්තාති රත්තින්දිවං ඡ කොට්ඨාසෙ කත්වා එකස්මිං කොට්ඨාසෙ නිද්දාය ඔකාසං දත්වා පඤ්ච කොට්ඨාසෙ ජාගරියම්හි යුත්තා පයුත්තා. සීහසෙය්යන්ති එත්ථ කාමභොගිසෙය්‍යා, පෙතසෙය්‍යා, සීහසෙය්‍යා, තථාගතසෙය්යාති චතස්සො සෙය්යා. තත්ථ “යෙභුය්යෙන, භික්ඛවෙ, කාමභොගී සත්තා වාමෙන පස්සෙන සෙන්තී”ති (අ· නි· 4.246) අයං කාමභොගිසෙය්‍යා, තෙසු හි යෙභුය්යෙන දක්ඛිණපස්සෙන සයානො නාම නත්ථි.
ජාගරිය මනුයුත්තා රෑ දාවල් සය කොටසක් කොට, එක් කොටසක සැතපී, නිදා නිදිවැරීමෙහි යෙදුනාහූ, සීහ සෙය්යං යන මෙහි කාමභෝගී සෙය්යාව, ප්‍රේත සෙය්යාව, සිංහ සෙය්යාව, තථාගත සෙය්යාව යයි නිදීමේ ක්‍රම හතරකි. ‘මහණෙනි, බොහෝසෙයින් කම්සුව වළඳන සත්ත්වයෝ වම් ඇලයෙන් නිදත්. මෙය කාමභෝගී සෙය්යාව නම්, ඔවුනතුරෙන් බොහෝසෙයින් දකුණු ඇලයෙන් නිදන්නෝ නම් නැත.
“යෙභුය්යෙන, භික්ඛවෙ, පෙතා උත්තානා සෙන්තී”ති (අ· නි· 4.246) අයං පෙතසෙය්‍යා, පෙතා හි අප්පමංසලොහිතත්තා අට්ඨිසඞ්ඝාතජටිතා එකෙන පස්සෙන සයිතුං න සක්කොන්ති, උත්තානාව සෙන්ති.
බොහෝසෙයින් මහණෙනි, ප්‍රේතයෝ උඩුකුරුව නිදත්. එය ප්‍රේත සෙය්යා නමි. මද වූ මස් ලේ ඇති බැවින් ඇටසැකිලි වලින් යුක්ත වූවන්ට එක් ඇලයකින් නිදන්ට නොහැකි නිසා උඩුකුරුව නිදති.
“යෙභුය්යෙන, භික්ඛවෙ, සීහො මිගරාජා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි අනුපක්ඛිපිත්වා දක්ඛිණෙන පස්සෙන සෙතී”ති (අ· නි· 4.246) අයං සීහසෙය්‍යා. තෙජුස්සදත්තා හි සීහො මිගරාජා ද්වෙ පුරිමපාදෙ එකස්මිං ඨානෙ පච්ඡිමපාදෙ එකස්මිං ඨපෙත්වා නඞ්ගුට්ඨං අන්තරසත්ථිම්හි පක්ඛිපිත්වා පුරිමපාදපච්ඡිමපාදනඞ්ගුට්ඨානං ඨිතොකාසං සල්ලක්ඛෙත්වා ද්වින්නං පුරිමපාදානං මත්ථකෙ සීසං ඨපෙත්වා සයති. දිවසම්පි සයිත්‍වා පබුජ්ඣමානො න උත්රාසන්තො පබුජ්ඣති. සීසං පන උක්ඛිපිත්වා පුරිමපාදානං ඨිතොකාසං සල්ලක්ඛෙති. සචෙ කිඤ්චි ඨානං විජහිත්වා ඨිතං හොති, “නයිදං තුය්හං ජාතියා, න සූරභාවස්ස ච අනුරූප”න්ති අනත්තමනො හුත්වා තත්ථෙව සයති, න ගොචරාය පක්කමති. අවිජහිත්වා ඨිතෙ පන “තුය්හං ජාතියා සූරභාවස්ස ච අනුරූපමිද”න්ති හට්ඨතුට්ඨො උට්ඨාය සීහවිජම්භිතං විජම්භිත්වා කෙසරභාරං විධුනිත්වා තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. චතුත්ථජ්ඣානසෙය්යා පන තථාගතසෙය්යාති වුච්චති. තාසු ඉධ සීහසෙය්‍යා ආගතා. අයඤ්හි තෙජුස්සදඉරියාපථත්තා උත්තමසෙය්යා නාම.
බොහෝසෙයින් මහණෙනි, සිංහ මිගරාජයෝ වලිගය කලවා අතර රුවා දකුණු ඇලයෙන් නිදති. මේ සිංහ සෙය්යාව යයි කියති. තේජසින් උණුසුම් බැවින් සිංහයෝ පෙර දෙපය එක තැනක තබා, වලිගය කලවා අතර තබා, පෙර පා පසු පා නගුට යන අංග සිටි සේ සලකා පෙර දෙපය ම ත්තෙහි හිස තබා නිදති. දවසක් නිදාගෙන වුව ද පුබුදින විට බිය රහිතව පුබුදියි. හිස නගා පෙර පා සිටි ආකාරය සලකයි. ඉදින් මද තැනක් හැර සිටියේ නම් මෙය තොපගේ ජාතියට, ශූරභාවයට නො සුදුසු යයි නො සතුටුව එහිම නිදත්. ගොදුරු පිණිස නොයයි. මද තැනක් හෝ නො හැර සිටියේ නම්, තාගේ ජාතියට ද, ශූර භාවයට ද සුදුසු යයි තුටු පහටුව නැගිට...............කෙසරු සලා සිංහනාද කොටගොදුරු සඳහා නික්මෙයි. චතුර්ථධ්යාන සෙය්යාව (නිදන පිළිවෙළ) තථාගත සෙය්යාව නම් වේ. ඔවුනතුරෙන් සිංහ සෙය්යාව ආයේය. මේ තේජසින් ද උණුසුම් බවින් ද යුතු නිසා උත්තම සෙය්යා නම් වේ.
පාදෙ පාදන්ති දක්ඛිණපාදෙ වාමපාදං. අච්චාධායාති අතිආධාය ඊසකං අතික්කම්ම ඨපෙත්වා, ගොප්ඵකෙන හි ගොප්ඵකෙ, ජාණුනා වා ජාණුම්හි සඞ්ඝට්ටියමානෙ අභිණ්හං වෙදනා උප්පජ්ජති, චිත්තං එකග්ගං න හොති, සෙය්යා අඵාසුකා හොති. යථා පන න සඞ්ඝට්ටෙති, එවං අතික්කම්ම ඨපිතෙ වෙදනා නුප්පජ්ජති, චිත්තං එකග්ගං හොති, සෙය්යා ඵාසුකා හොති, තස්මා එවමාහ.
පාදෙ පාදං දකුණු පාදය හා වම් පාදය, අච්චාධායා මඳක් ඉක්ම තබා, ගොප් ඇටයෙන් ගොස් ඇටය, දණහිසෙන් දණහිස ගැටෙනවිට වේදනාව උපදී. සිත එකඟ නොවේ. නිදිම අපහසු වේ. යම් සේ ඒ ස්ථාන නො ගැටේ. එසේ නොගැටෙන ලෙසින් තබාගැනීමෙන් වේදනාව නූපදී. සිත එකඟ වේ. නිදීම පහසු වේ. එහෙයින් මෙසේ කීහ.
අභිජ්ඣං ලොකෙතිආදි චූළහත්ථිපදෙ විත්ථාරිතං.
අභිජ්ඣං ලොකෙ යනාදිය චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙහි විස්තර කරන ලදී.
යා පනායං සෙය්යථාපි, භික්ඛවෙති උපමා වුත්තා. තත්ථ ඉණං ආදායාති වඩ්ඪියා ධනං ගහෙත්වා. බ්යන්තී කරෙය්යාති විගතන්තානි කරෙය්ය. යථා තෙසං කාකණිකමත්තොපි පරියන්තො නාම නාවසිස්සති, එවං කරෙය්ය, සබ්බසො පටිනිය්යාතෙය්යාති අත්ථො. තතොනිදානන්ති ආණණ්යනිදානං. සො හි අණණොම්හීති ආවජ්ජන්තො බලවපාමොජ්ජං ලභති, බලවසොමනස්සමධිගච්ඡති. තෙන වුත්තං – “ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්ස”න්ති.
නැවත මෙය සෙය්යථාපි භික්ඛවෙ උපමාවක් වදාරණ ලද්දී ද, එහි ඉණ ආදාය පොලියට මුදල් ගෙන බ්‍යන්ති කරෙය්ය කෙළවර කරන්නේ යම්සේ ඔවුනතුරෙන් කහවණුවක් පමණකදු අන්තයක් ඉතිරි නො වන්නේ ද, එපරිද්දෙන්ම කරන්නේ ය. මුළුමනින් ම පෙරළා දමන්නේ ය යන අර්ථයි. තතො නිදානං ණය නැති බව නිසා, හෙතෙම ණය නැත්තෙමියි සිහි කරන්නේ බලවත් සතුටට පත් වේ. එහෙයින් වදාරණ ලදී. ලභෙත පාමොජ්ජං අධිගච්ඡෙය්ය සොමනස්සං යනු එහෙයින් කියන ලදී.
විසභාගවෙදනුප්පත්තියා කකචෙනෙව චතුඉරියාපථං ඡින්දන්තො ආබාධතීති ආබාධො, ස්වාස්ස අත්ථීති ආබාධිකො. තංසමුට්ඨානෙන දුක්ඛෙන දුක්ඛිතො. අධිමත්තගිලානොති බාළ්හගිලානො. නච්ඡාදෙය්යාති අධිමත්තබ්යාධිපරෙතතාය න රුච්චෙය්ය. බලමත්තාති බලමෙව, බලඤ්චස්ස කායෙ න භවෙය්‍යාති අත්ථො. තතොනිදානන්ති ආරොග්යනිදානං, තස්ස හි අරොගොම්හීති ආවජ්ජයතො තදුභයං හොති. තෙන වුත්තං – “ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්ස”න්ති.
විසභාග අසමාන වූ වේදනාවන්ගේ ඉපදීමෙන් කියතකින් මෙන් සිව් ඉරියව් සිඳිමින් පෙළේ යන අදහසින් ‘ආබාධ’ නම් වේ. එයින් උපදනා දුකින් දුකට පත්වූයේ දුක්ඛිත නමි. දැඩි සේ ගිලන් වූයේ බාළ්හගිලාන නමි. නච්ඡා දෙය්යා දැඩි වූ ලෙඩ රෝගවලින් පීඩිත බැවින් රුචි නො වන්නේ ය. බලමත්තා බලයමැයි. ඔහුගේ කයෙහි බලය නො වන්නේ ය යන අර්ථයි. තතො නිදානං යනු නිරෝගි බව කරුණුකොට, යහෙයකින් අරෝග වෙමි. මෙනෙහි කරන ඔහුට ඒ දෙකම වේ. එහෙයින් වදාරන ලදී. ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං
න චස්ස කිඤ්චි භොගානං වයොති කාකණිකමත්තම්පි භොගානං වයො න භවෙය්ය. තතොනිදානන්ති බන්ධනාමොක්ඛනිදානං, සෙසං වුත්තනයෙනෙව සබ්බපදෙසු යොජෙතබ්බං.
න චස්ස කිඤ්චි භොගානං වයො කහවණුවක් පමණකුදු භෝගයන්ගේ විනාශයක් නො වන්නේ ය. තතො නිදානං බන්ධනයෙන් මිදීම කරණ කොට, ඉතිරි සියල්ල පෙර කී අයුරින් සියලු පදයන්හි යෙදිය යුතුය.
අනත්තාධීනොති න අත්තනි අධීනො, අත්තනො රුචියා කිඤ්චි කාතුං න ලභති. පරාධීනොති පරෙසු අධීනො, පරස්සෙව රුචියා පවත්තති. න යෙන කාමං ගමොති යෙන දිසාභාගෙනස්ස කාමො හොති. ඉච්ඡා උප්පජ්ජති ගමනාය, තෙන ගන්තුං න ලභති. දාසබ්යාති දාසභාවා. භුජිස්සොති අත්තනො සන්තකො. තතොනිදානන්ති භුජිස්සනිදානං. කන්තාරද්ධානමග්ගන්ති කන්තාරං අද්ධානමග්ගං, නිරුදකං දීඝමග්ගන්ති අත්ථො. තතොනිදානන්ති ඛෙමන්තභූමිනිදානං.
අනත්තාධිනො තමන් කෙරෙහි ප්‍රධාන නො වූයේ, තමා ගේ කැමැත්තෙන් කිසිවක් කරන්නට නො ලබයි. පරාධීනො අනුන් කෙරෙහි ප්‍රධාන වූයේ, අනුන්ගේම කැමැත්තෙන් පවතී. න යෙන කාමංගමො යම් දිසාවකට යාමට ඔහු කැමති වේද, රුචිය උපදීද එහි යන්නට නො ලබයි. දාසව්යා දාස භාවයෙන්, භුජිස්සො තමන් සතු වූයේ, තතො නිදානං ක්ෂේම භූමිය නිදානය කොට කරුණු කොට,
ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙති එත්ථ භගවා අප්පහීනං කාමච්ඡන්දනීවරණං ඉණසදිසං, සෙසානි රොගාදිසදිසානි කත්වා දස්සෙති. තත්රායං සදිසතා – යො හි පරෙසං ඉණං ගහෙත්වා විනාසෙති. සො තෙහි ඉණං දෙහීති වුච්චමානොපි ඵරුසං වුච්චමානොපි බජ්ඣමානොපි පහරියමානොපි කිඤ්චි පටිබාහිතුං න සක්කොති, සබ්බං තිතික්ඛති, තිතික්ඛකාරණඤ්හිස්ස තං ඉණං හොති. එවමෙවං යො යම්හි කාමච්ඡන්දෙන රජ්ජති, තණ්හාගණෙන තං වත්ථුං ගණ්හාති, සො තෙන ඵරුසං වුච්චමානොපි බජ්ඣමානොපි පහරියමානොපි සබ්බං තිතික්ඛති. තිතික්ඛකාරණඤ්හිස්ස සො කාමච්ඡන්දො හොති ඝරසාමිකෙහි වධීයමානානං ඉත්ථීනං වියාති. එවං ඉණං විය කාමච්ඡන්දො දට්ඨබ්බො.
ඉමෙ පඤ්චනීවරණෙ අප්පහීනෙ යන මෙහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රහීණ නොවූ කාමච්ඡන්ද නීවරණය ණය සමානකොට අනෙක් අය රෝගාදීන් සමාන වූවන් කොට දක්වයි. එහි මොවුන් සමාන බවය. යමෙක් වනාහි අන්‍යයන්ගේ ණය ගෙන විනාශ කෙරේද ඔවුන් විසින් ‘ණය දෙවයි’ ඉල්ලා සිටිනු ලබන්නේද, ඵරුෂ වචන කියනු ලබන්නේ ද, බඳිනු ලබන්නේ ද විරුද්ධව කිසිවක් කියන්ට නොහැකි වෙයි. සියල්ල ඉවසයි. යම් හෙයකින් ඒ ණය ඔහුගේ ඉවසීමට කරුණු වේද එහෙයිනි. එපරිද්දෙන්ම යමෙක් යමෙකු කෙරෙහි කාමච්ඡන්දයෙන් ඇලේද, තෘෂ්ණාවෙන් යුතුව ඒ වස්තුව ගනීද, හෙතෙම ඔහු විසින් බැණවදිනු ලබන්නේද, බඳිනු ලබන්නේද, පහර දෙනු ලබන්නේද, සියල්ල ඉවසයි. යම්හෙයකින් ඒ කාමච්ඡන්දය ඔහුගේ ඉවසීමට කරුණු වේද, එහෙයිනි. ගෙහිමියන් විසින් වධ කරනු ලබන්නා වූ දාසියන් මෙනැයි, මෙසේ ණයක් මෙන් කාමච්ඡන්දය ගතයුතුය.
යථා පන පිත්තරොගාතුරො මධුසක්කරාදීසුපි දින්නෙසු පිත්තරොගාතුරතාය තෙසං රසං න වින්දති, තිත්තකං තිත්තකන්ති උග්ගිරතියෙව. එවමෙවං බ්යාපන්නචිත්තො හිතකාමෙහි ආචරියුපජ්ඣායෙහි අප්පමත්තකම්පි ඔවදීයමානො ඔවාදං න ගණ්හාති, “අති විය මෙ තුම්හෙ උපද්දවෙථා”තිආදීනි වත්වා විබ්භමති. පිත්තරොගාතුරතාය සො පුරිසො මධුසක්කරාදිරසං විය, කොධාතුරතාය ඣානසුඛාදිභෙදං සාසනරසං න වින්දතීති. එවං රොගො විය බ්යාපාදො දට්ඨබ්බො.
යම්සේ පිත්ත රෝගයෙන් ආතුර වූවෙකුට මීසකුරු ආදිය දුන්නේ වී නමුත් පිත්ත රෝගයෙන් ආතුර නිසා මී සකුරු ආදීන්ගේ පැණිරස නො විඳීද, තිත්ත යයි කියා වමාරන්නේද එපරිද්දෙන් ව්‍යාපාදයට පැමිණි සිත් ඇත්තා වැඩ කැමති ආචාර්ය උපාධ්‍යාය ආදීන් අවවාද දුන්නත් ඒ අවවාද පිළි නො ගනී ද, ‘තෙපි මට ඉතා උපද්‍රවකාරී කියා සිවුරු හරිද, පිත්තයෙන් ආතුර වූ තැනැත්තා මී-උක් රස හරනාක් මෙන් ක්‍රෝධයෙන් ආතුර වූ තැනැත්තා එසේ ආතුර බැවින්ම ධ්‍යාන සුව ඇති ශාසන රසය නො විඳී. මෙසේ රෝගයක් මෙන් ව්‍යාපාදය පිළිගත යුතුය.
යථා පන නක්ඛත්තදිවසෙ බන්ධනාගාරෙ බද්ධො පුරිසො නක්ඛත්තස්ස නෙව ආදිං, න මජ්ඣං, න පරියොසානං පස්සති. සො දුතියදිවසෙ මුත්තො, “අහො හිය්යො නක්ඛත්තං මනාපං, අහො නච්චං, අහො ගීත”න්තිආදීනි සුත්වාපි පටිවචනං න දෙති. කිං කාරණා? නක්ඛත්තස්ස අනනුභූතත්තා. එවමෙවං ථිනමිද්ධාභිභූතො භික්ඛු විචිත්තනයෙපි ධම්මස්සවනෙ පවත්තමානෙ නෙව තස්ස ආදිං, න මජ්ඣං, න පරියොසානං ජානාති. සො උට්ඨිතෙ ධම්මස්සවනෙ, “අහො ධම්මස්සවනං, අහො කාරණං, අහො උපමා”ති ධම්මස්සවනස්ස වණ්ණං භණමානානං සුත්වාපි පටිවචනං න දෙති. කිං කාරණා? ථිනමිද්ධවසෙන ධම්මකථාය අනනුභූතත්තාති. එවං බන්ධනාගාරං විය ථිනමිද්ධං දට්ඨබ්බං.
යම් නැකැත් දිනයෙක සිපිරිගෙයි සිටි කෙනෙක් නැකැත් කෙළි නො දකීද, හෙතෙම දෙවන දවසේ නිදහස් වූයේ, අහෝ ඊයේ නැකැත් කෙළි, නැටුම් ගැයුම් වැයුම් ඉතා මනස්කාන්තයයි අසාත් පිළිතුරු නො දේද, එයට හේතුව නැකැත් කෙළි නො දැකීමයි. නො විඳීමයි. එපරිද්දෙන් ථිනමිද්ධයෙන් මඩනා ලද ශ්‍රමණයා විසිතුර න්‍යාය ඇති ක්‍රම ඇති ධර්මශ්රවණය පවත්නා කල්හි එහි මුල මැද අග අවබෝධ කර නොගනී. හෙතෙම ධර්මශ්රවණය අවසන් වූ කල අහෝ ධර්මශ්රවණය, කාරණය උපමාව, අර්ථවත් බව යයි ධර්ම දේශනාවන්ගේ ගුණ කියන්නවුන් ගේ වචන අසා නිහඬව සිටී. පිළිතුරු නොදේ. ඇයිද යත් ථිනමිද්ධය නිසා ධර්මය ශ්‍රවණය නො කළ බැවිනි. මෙසේ ථීනමිද්ධය සිරගෙයක් මෙන් දතයුතුය.
යථා පන නක්ඛත්තං කීළන්තොපි දාසො, “ඉදං නාම අච්චායිකං කරණීයං අත්ථි, සීඝං, තත්ථ ගච්ඡ, නො චෙ ගච්ඡසි, හත්ථපාදං වා තෙ ඡින්දාමි කණ්ණනාසං වා”ති වුත්තො සීඝං ගච්ඡතියෙව, නක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවිතුං න ලභති. කස්මා? පරාධීනතාය. එවමෙවං විනයෙ අප්පකතඤ්ඤුනා විවෙකත්ථාය අරඤ්ඤං පවිට්ඨෙනාපි කිස්මිඤ්චිදෙව අන්තමසො කප්පියමංසෙපි අකප්පියමංසසඤ්ඤාය උප්පන්නාය විවෙකං පහාය සීලවිසොධනත්ථං විනයධරස්ස සන්තිකෙ ගන්තබ්බං හොති. විවෙකසුඛං අනුභවිතුං න ලභති. කස්මා? උද්ධච්චකුක්කුච්චාභිභූතතායාති, එවං දාසබ්යං විය උද්ධච්චකුක්කුච්චං දට්ටබ්බං.
නැකැත් කෙළි කෙළින්නා වූ දාසයෙක් ‘තොපට ඉක්මන් කටයුත්තක් ඇත වහා යව, ‘නොගියේ නම් අත් පා හෝ කන් නාසා සිඳිණු ඇත’යි කියන ලද්දේ නම් වහා දුවයයි. නැකැත්කෙළියේ මුල මැද අග විඳින්නට ඔහුට නො හැකි වේ. කුමක් හෙයින්ද, පරාධීන බැවිනි. එ පරිද්දෙන් විනයෙහි ප්‍රගුණ නො වූ අය, ආරණ්‍යගත වුවද කැප මසෙහි අකැපය යන හැඟීම උපන් කල්හි විවේකය හැර සිල් පිරිසිදු කරනු පිණිස විනයධරයකු වෙත යා යුතු වෙයි. විවේක සුව විඳින්නට නො ලැබේ. කවර හෙයින්ද, උද්ධච්ච කුක්කුච්චයෙන් යුක්ත, මඩනා ලද බැවිනි. මෙසේ උද්ධච්ච කුක්කුච්චය දාස බව මෙන් දතයුතුය.
යථා පන කන්තාරද්ධානමග්ගපටිපන්නො පුරිසො චොරෙහි මනුස්සානං විලුත්තොකාසං පහතොකාසඤ්ච දිස්වා දණ්ඩකසද්දෙනපි සකුණසද්දෙනපි චොරා ආගතාති උස්සඞ්කිතපරිසඞ්කිතො හොති, ගච්ඡතිපි, තිට්ඨතිපි, නිවත්තතිපි, ගතට්ඨානතො ආගතට්ඨානමෙව බහුතරං හොති. සො කිච්ඡෙන කසිරෙන ඛෙමන්තභූමිං පාපුණාති වා, න වා පාපුණාති. එවමෙවං යස්ස අට්ඨසු ඨානෙසු විචිකිච්ඡා උප්පන්නා හොති. සො “බුද්ධො නු ඛො, න නු ඛො බුද්ධො”තිආදිනා නයෙන විචිකිච්ඡන්තො අධිමුච්චිත්වා සද්ධාය ගණ්හිතුං න සක්කොති. අසක්කොන්තො මග්ගං වා ඵලං වා න පාපුණාතීති යථා කන්තාරද්ධානමග්ගෙ “චොරා අත්ථි නත්ථී”ති පුනප්පුනං ආසප්පනපරිසප්පනං අපරියොගාහනං ඡම්භිතත්ත චිත්තස්ස උප්පාදෙන්තො ඛෙමන්තපත්තියා අන්තරායං කරොති, එවං විචිකිච්ඡාපි “බුද්ධො නු ඛො න බුද්ධො”තිආදිනා නයෙන පුනප්පුනං ආසප්පනපරිසප්පනං අපරියොගාහනං ඡම්භිතත්තං චිත්තස්ස උප්පාදයමානා අරියභූමිප්පත්තියා අන්තරායං කරොතීති කන්තාරද්ධානමග්ගො විය දට්ඨබ්බා.
යම්සේ කාන්තාර මගකට පිළිපන් පුරුෂයා, සොරුන් විසින් මිනිසුන්ගේ ධනය පැහැරගත් තැන්, ආගිය තැන්, දඬු ශබ්දයෙන් ද පක්ෂීන්ගේ හඬින් ද, සොරු ආවාහු යයි (හැඟී) (ඔවුන්) සිටියේ නමුත් ගියේ නමුත් හටගත් සැක ඇතිව, හාත්පස සැක ඇතිව සිටින්නේ ද, ගිය තැනට වඩා ආ තැනම බොහෝ වේද, හෙතෙම දුකින් මහන්සියෙන් ක්ෂේම භූමියට පැමිණෙන්නේ හෝ නො පැමිණෙන්නේ හෝ වෙයි. එපරිද්දෙන් යමෙකුට බුද්ධාදී අටතැන්හි සැකය උපන්නේද, ‘හෙතෙම බුදු වූයේ ද, බුදු නොවූයේ ද ආදී වශයෙන් සැක කරන්නේ ද, ගුණ සලකා ශ්‍රද්ධාවෙන් ගන්නට නො හැකි වේ. නො හැකි වන නිසා මාර්ගයට හෝ ඵලයට නො පැමිණේ නුයි, මෙපරිද්දෙන් කාන්තාර මාර්ගයේ සොරු ඇත්දැයි නැද්දැයි නිතර නිතර නැවත සිතන්නේ ද, එසේ සිතමින් ඉදිරියට යාම ආපසු යාම, හාත්පස යාම බැසගැනීම, තැති ගැනීම, උපදවමින් අභය භූමියට පැමිණීමට අනතුරක් කෙරේද, එපරිද්දෙන් සැකයද, ‘බුදුහු වීද බුදු නොවීද ආදී වශයෙන් සැකය ඇති කොට නැවත නැවත හිතේ ඉදිරියට, පසුපසට-හාත්පසට, බැසගැනීම තැති ගැනීම උපදවන්නා වූ අයට ආර්ය භූමියට පැමිණීමට අන්තරා කිරීම කාන්තාර මාර්ගය වශයෙන් දතයුතුය.
ඉදානි සෙය්යථාපි, භික්ඛවෙ, ආණණ්යන්ති එත්ථ භගවා පහීනකාමච්ඡන්දනීවරණං ආණණ්යසදිසං, සෙසානි ආරොග්යාදිසදිසානි කත්වා දස්සෙති. තත්රායං සදිසතා – යථා හි පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙත්වා සමිද්ධකම්මන්තො, “ඉදං ඉණං නාම පලිබොධමූල”න්ති චින්තෙත්වා සවඩ්ඪිකං ඉණං නිය්යාතෙත්වා පණ්ණං ඵාලාපෙය්ය. අථස්ස තතො පට්ඨාය නෙව කොචි දූතං පෙසෙති, න පණ්ණං, සො ඉණසාමිකෙ දිස්වාපි සචෙ ඉච්ඡති, ආසනා උට්ඨහති, නො චෙ, න උට්ඨහති. කස්මා? තෙහි සද්ධිං නිල්ලෙපතාය අලග්ගතාය. එවමෙව භික්ඛු, “අයං කාමච්ඡන්දො නාම පලිබොධමූල”න්ති සතිපට්ඨානෙ වුත්තනයෙනෙව ඡ ධම්මෙ භාවෙත්වා කාමච්ඡන්දනීවරණං පජහති. තස්සෙවං පහීනකාමච්ඡන්දස්ස යථා ඉණමුත්තස්ස පුරිසස්ස ඉණසාමිකෙ දිස්වා නෙව භයං න ඡම්භිතත්තං හොති. එවමෙව පරවත්ථුම්හි නෙව සඞ්ගො න බන්ධො හොති. දිබ්බානිපි රූපානි පස්සතො කිලෙසො න සමුදාචරති. තස්මා භගවා ආණණ්යමිව කාමච්ඡන්දප්පහානමාහ.
දැන් සෙය්යථාපි භිකඛවෙ ආනණ්යං යන මෙහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්ද නීවරණය ණය නැති බවට සමානකොට අනෙක් නීවරණයන් නිරෝගි බවට සමකොට දක්වයි. මේ එහි සමාන බවයි. යම්සේ පුරුෂයෙක් ණය ගෙන, කර්මාන්තයන්හි යොදවා කර්මාන්තය දියුණු කොට ‘ණය නම් පළිබෝධයට මුල’ යයි සිතා පොළිය සහිත ණය ගෙවා, ගිවිසුම ඉරා දමන්නේ ද, එතැන් පටන් ඔහු නැවත දූතයන් හෝ පණිවුඩකරුවන් හෝ හසුන් නො එවන්නේද, ඒ ණය හිමියන් හමුවීත් ඉදින් කැමති නම් තම ආසනයෙන් නැගිටින්නේ ද, කැමති නම් නො නැගිටින්නේ ද වේ. කවර හෙයින්ද, ඔහු සමග බැඳීම් නැති හෙයිනි. ඇලීමක් නැති හෙයිනි. එපරිද්දෙන්ම මහණතෙම කාමච්ඡන්ද නම් වූ පලිබෝධ මූලය, සතිපට්ඨානයෙහි කී අයුරින් අශුභ නිමිත්ත ආදී සය ධර්මයන් වඩා කාමච්ඡන්ද නීවරණය ප්‍රහීණ කරයි. මෙසේ දුරුකළ කාමච්ඡන්දය ඇති ඔහුට, යම්සේ ණයෙන් මිදුණු පුද්ගලයාට ණය හිමියන් දැක බියක් ඇති නොවේ ද, තැති ගැනීමක් ඇති නොවේ ද, එපරිද්දෙන් අනුන් සතු වස්තුව කෙරෙහි ඇලීමක් බැඳීමක් ඇති වේ. දෙවඟනන්ගේ රූ දිටුවත් කෙලෙස් නූපදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ණය නැති බව මෙන් කාමච්ඡන්ද නීවරණය උපමාකොට දක්වා වදාළ සේක.
යථා පන සො පිත්තරොගාතුරො පුරිසො භෙසජ්ජකිරියාය තං රොගං වූපසමෙත්වා තතො පට්ඨාය මධුසක්කරාදීනං රසං වින්දති. එවමෙවං භික්ඛු, “අයං බ්යාපාදො නාම අනත්ථකාරකො”ති ඡ ධම්මෙ භාවෙත්වා බ්යාපාදනීවරණං පජහති. සො එවං පහීනබ්යාපාදො යථා පිත්තරොගවිමුත්තො පුරිසො මධුසක්කරාදීනි මධුරානි සම්පියායමානො පටිසෙවති. එවමෙවං ආචාරපණ්ණත්තිආදීනි සික්ඛාපියමානො සිරසා සම්පටිච්ඡිත්වා සම්පියායමානො සික්ඛති. තස්මා භගවා ආරොග්යමිව බ්යාපාදප්පහානමාහ.
නැවත යම්සේ පිත් රෝගයෙන් පෙළෙන්නා වූ පුද්ගලයාට බෙහෙත් කිරීමෙන් ඒ රෝගය සුවකොට එතැන් පටන් මී-සකුරු ආදීන්ගේ රස විඳීද, එපරිද්දෙන් ශ්‍රමණ තෙමේ, මේ ‘ව්‍යාපාදය අනර්ථකාරී’ යයි (මෛත්‍රී ආදී) ධර්ම සය වඩා ව්‍යාපාද නීවරණය දුරු කෙරේ. හෙතෙම ප්‍රහීණ වූ ව්‍යාපාද ඇත්තේ, යම්සේ පිත් රෝගයෙන් සුව වූ පුද්ගලයා, මී උක්සකුරු ආදී මිහිරි රසයන් ප්‍රිය කෙරෙමින් පරිභෝග කෙරේද, එපරිද්දෙන් ආචාර ප්රඥප්තීන්ගෙන් හික්මවනු ලබන්නේ හිසින් පිළිගෙන ප්‍රිය කෙරෙමින් හික්මෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ නිරෝගී බව මෙන් ව්‍යාපාද ප්‍රහීණය දක්වා වදාළහ.
යථා සො නක්ඛත්තදිවසෙ බන්ධනාගාරං පවෙසිතො පුරිසො අපරස්මිං නක්ඛත්තදිවසෙ, “පුබ්බෙපි අහං පමාදදොසෙන බද්ධො තං නක්ඛත්තං නානුභවාමි, ඉදානි අප්පමත්තො භවිස්සාමී”ති යථාස්ස පච්චත්ථිකා ඔකාසං න ලභන්ති. එවං අප්පමත්තො හුත්වා නක්ඛත්තං අනුභවිත්වා – “අහො නක්ඛත්තං අහො නක්ඛත්ත”න්ති උදානං උදානෙසි. එවමෙව භික්ඛු, “ඉදං ථිනමිද්ධං නාම මහාඅනත්ථකර”න්ති ඡ ධම්මෙ භාවෙත්වා ථිනමිද්ධනීවරණං පජහති. සො එවං පහීනථිනමිද්ධො යථා බන්ධනා මුත්තො පුරිසො සත්තාහම්පි නක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවති. එවමෙවං භික්ඛු ධම්මනක්ඛත්තස්ස ආදිමජ්ඣපරියොසානං අනුභවන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණාති. තස්මා භගවා බන්ධනා මොක්ඛමිව ථිනමිද්ධප්පහානමාහ.
යම්සේ උත්සව දවසෙහි සිරගෙට ඇතුල් කළ පුරුෂයා අනෙක් උත්සව දිනයෙහි ‘පෙරත් මම ප්‍රමාද දෝෂයෙන් බඳනා ලද්දේ ඒ උත්සව දින ප්‍රීතිය නො වින්දෙමි. මෙවිට ප්‍රමාද නො වන්නෙමි.’ යම්සේ ඔහුගේ පසමිතුරෝ අවකාශ නො ලබත්ද, එපරිද්දෙන් අප්‍රමාදීව උත්සව ප්‍රීතිය විඳ අහෝ, උත්සවය ප්‍රීතියයි උදම් අනන්නේ ද, එපරිද්දෙන් ශ්‍රමණ තෙමේ ‘මේ ථිනමිද්ධය නම් මහා අනර්ථකාරීයයි භෝජනයේ පමණ දැනීම ආදී ධර්ම සය වඩා ථිනමිද්ධය දුරු කරයි. හෙතෙම මෙසේ ප්‍රහීණ කළ ථීනමිද්ධය ඇත්තේ, සිරගෙයින් මිදුණු පුද්ගලයා සතියක් පුරා උත්සවයේ මුල මැද අග යන තැන් තැන්හී සතුට විඳිමින් සිටීද, එපරිද්දෙන් දහම් නමැති උත්සවයේ මුල මැද අග විඳිමින් සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සිරගෙයින් නිදහස්වීම මෙන් ථිනමිද්ධයාගේ ප්රහාණය වදාළහ.
යථා පන දාසො කඤ්චිදෙව මිත්තං උපනිස්සාය සාමිකානං ධනං දත්වා අත්තානං භුජිස්සං කත්වා තතො පට්ඨාය යං ඉච්ඡති, තං කරෙය්ය. එවමෙව භික්ඛු, “ඉදං උද්ධච්චකුක්කුච්චං නාම මහාඅනත්ථකර”න්ති ඡ ධම්මෙ භාවෙත්වා උද්ධච්චකුක්කුච්චං පජහති. සො එවං පහීනුද්ධච්චකුක්කුච්චො යථා භුජිස්සො පුරිසො යං ඉච්ඡති, තං කරොති. න තං කොචි බලක්කාරෙන තතො නිවත්තෙති. එවමෙවං භික්ඛු යථාසුඛං නෙක්ඛම්මපටිපදං පටිපජ්ජති, න නං උද්ධච්චකුක්කුච්චං බලක්කාරෙන තතො නිවත්තෙති. තස්මා භගවා භුජිස්සං විය උද්ධච්චකුක්කුච්චප්පහානමාහ.
යම්සේ වනාහි දාසයෙක් කිසියම් මිත්‍රයෙකු ඇසුරුකොට වහල්හිමියාට මුදල් දී තමන් දාසබවින් මුදා එවක් පටන් තමන් කැමති යමක් කරන්නේ ද එපරිද්දෙන් ශ්‍රමණයා මේ ‘උද්ධච්ච කුක්කුච්චය’ නම් මහා අනර්ථකාරීය. ධර්මසය වඩා (බහුශ්‍රැත භාවය ආදී) උද්ධච්ච කුක්කුච්චය දුරු කෙරේද, හෙතෙම මෙසේ පහ වූ උද්ධච්ච කුක්කුච්චය ඇත්තේ, යම්සේ දාස භාවයෙන් මිදුණු පුද්ගලයා යම්දෙයක් කැමතිනම් එය කෙරේද, කිසිවෙක් බලහත්කාරයෙන් ඔහු නො වළකාද, එපරිද්දෙන් භික්ෂුව කැමති සේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවට පැමිණේ. ඔහු උද්ධච්ච කුක්කුච්චය බලාත්කාරයෙන් එයින් නො නවත්වයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දාස භාවයෙන් මිදීම මෙන් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්රහාණය වදාළහ.
යථා බලවා පුරිසො හත්ථසාරං ගහෙත්වා සජ්ජාවුධො සපරිවාරො කන්තාරං පටිපජ්ජෙය්ය. තං චොරා දූරතොව දිස්වා පලායෙය්යුං. සො සොත්ථිනා තං කන්තාරං නිත්ථරිත්වා ඛෙමන්තං පත්තො හට්ඨතුට්ඨො අස්ස. එවමෙවං භික්ඛු, “අයං විචිකිච්ඡා නාම අනත්ථකාරිකා”ති ඡ ධම්මෙ භාවෙත්වා විචිකිච්ඡං පජහති. සො එවං පහීනවිචිකිච්ඡො යථා බලවා සජ්ජාවුධො සපරිවාරො පුරිසො නිබ්භයො චොරෙ තිණං විය අගණෙත්වා සොත්ථිනා නික්ඛමිත්වා ඛෙමන්තභූමිං පාපුණාති. එවමෙවං දුච්චරිතකන්තාරං නිත්ථරිත්වා පරමඛෙමන්තභූමිං අමතං නිබ්බානං පාපුණාති. තස්මා භගවා ඛෙමන්තභූමිං විය විචිකිච්ඡාපහානමාහ.
යම්සේ බලවත් පුරුෂයෙක් මිලමුදල් ආදී ධනය ගෙන, ආයුධ සහිත මිනිසුන් පිරිවරා කාන්තාරයට පිවිසෙන්නේ ද, සොරු ඔහු දුරදීම දැක පළා යන්නේද, හෙතෙම සුවසේ කාන්තාරයෙන් එතෙර වී ක්ෂේම භූමියට පැමිණ සතුටු වන්නේද, එපරිද්දෙන් ශ්‍රමණයා ‘මේ විචිකිච්ඡාව මහත් අනර්ථකාරීය’යි බහුශ්‍රැතභාවය ආදී සය ධර්මයන් වඩා විචිකිච්ඡාව දුරු කරන්නේද, හෙතෙම එසේ දුරු කළා වූ විචිකිච්ඡාව ඇත්තේ යම්සේ බලවත්ව සෑදුණ අවිආයුධ ඇති සපරිවාර පුරුෂයෙක් සොරුන් දැක නිර්භය වූයේ, සොරුන් තණකොළ ගහක් කොටද, නො සිතා සුවසේ පැමිණ ක්ෂේමභූමියට පැමිණේද එපරිද්දෙන් දුෂ්කර වූ දුශ්චරිත නමැති කාන්තාරය තරණයකොට පරම ක්ෂේම භූමිය වූ නිවනට පැමිණේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විචිකිච්ඡා ප්රහාණය ක්ෂේමභූමියක් මෙන් වදාළහ.
ඉමමෙව කායන්ති ඉමං කරජකායං. අභිසන්දෙතීති තෙමෙති ස්නෙහෙති, සබ්බත්ථ පවත්තපීතිසුඛං කරොති. පරිසන්දෙතීති සමන්තතො සන්දෙති. පරිපූරෙතීති වායුනා භස්තං විය පූරෙති. පරිප්ඵරතීති සමන්තතො ඵුසති. සබ්බාවතො කායස්සාති අස්ස භික්ඛුනො සබ්බකොට්ඨාසවතො කායස්ස. කිඤ්චි උපාදින්නකසන්තතිපවත්තිට්ඨානෙ ඡවිමංසලොහිතානුගතං අණුමත්තම්පි ඨානං පඨමජ්ඣානසුඛෙන අඵුට්ඨං නාම න හොති.
ඉමමෙව කායං මේ කරජකාය අභිසන්දෙති තෙමයි. ස්නේහ කරයි. සියලු තැන්හි ප්රීතිසුවය පතුරුවයි. පරිසන්දෙති හාත්පසින් තෙමයි. පරිපූරෙහි වාතයෙන් පසුම්බියක් මෙන් පුරයි. පරිප්ඵරති හාත්පසින් ස්පර්ශ කෙරෙයි. සබ්බාවතො කායස්මා ඒ භික්ෂුවගේ සියලු කොටස් ඇති ශරීරය පිළිබඳ උපාදින්නක සන්තතිය පවත්නා තැන්හි සිවි මස් ලේ අනුව ගිය කිසි මද පමණකුදු තැනකි. පළමුවන දැහැන් සුවයෙන් ස්පර්ශ කරන ලද්දේ නොවේ.
දක්ඛොති ඡෙකො පටිබලො න්හානීයචුණ්ණානි කාතුඤ්චෙව යොජෙතුඤ්ච සන්නෙතුඤ්ච. කංසථාලෙති යෙන කෙනචි ලොහෙන කතභාජනෙ. මත්තිකභාජනං පන ථිරං න හොති, සන්නෙන්තස්ස භිජ්ජති, තස්මා තං න දස්සෙති. පරිප්ඵොසකං පරිප්ඵොසකන්ති සිඤ්චිත්වා සිඤ්චිත්වා. සන්නෙය්යාති වාමහත්ථෙන කංසථාලං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන පමාණයුත්තං උදකං සිඤ්චිත්වා සිඤ්චිත්වා පරිමද්දන්තො පිණ්ඩං කරෙය්ය. ස්නෙහානුගතාති උදකසිනෙහෙන අනුගතා. ස්නෙහපරෙතාති උදකසිනෙහෙන පරිගතා. සන්තරබාහිරාති සද්ධිං අන්තොපදෙසෙන චෙව බහිපදෙසෙන ච, සබ්බත්ථකමෙව උදකසිනෙහෙන ඵුටාති අත්ථො. න ච පග්ඝරිණීති න බින්දු බින්දු උදකං පග්ඝරති, සක්කා හොති හත්ථෙනපි ද්වීහිපි තීහිපි අඞ්ගුලීහි ගහෙතුං ඔවට්ටිකම්පි කාතුන්ති අත්ථො.
දක්ඛො නානසුණු චූර්ණ කරන්නට ද, යොදන්නට ද, පිඬු කරන්නටද දක්ෂ වූ, කංසථාලෙ ලෝහ වර්ගයකින් කරන ලද භාජනයක, මැටි බඳුන ස්ථිර නොවේද පිඬු කරනවිට බිඳේ ද, එනිසා එය නො දක්වයි. පරිප්ඵොසකං පරිප්ඵොසකං ඉසිමින් සන්තෙය්ය වමතින් යකඩ භාජනය ගෙන, දකුණතින් ප්‍රමාණයට දිය ඉසිමින් පිරිමදිමින් පිඬු කරන්නේය. ස්නෙහානුගතා උදක ස්නේහයෙන් යුක්ත වූයේ ස්නෙහ පරෙතා උදක ස්නේහයෙන් හාත්පසින් යුක්ත වූයේ, සන්තර බාහිර ඇතුළු පෙදෙසද පිට පෙදෙස ද යන සියලු තැනම දිය තෙතින් ස්පර්ශ කරන ලද්දේ යන අර්ථයි. නච පග්ඝරණී බිඳ බිඳ දිය නො වැගිරේ. අතින් ද දෑඟිලිවලින් ද ගන්නටත් වැටි කරන්නටත් හැකිවේ යන අර්ථයි.
දුතියජ්ඣානසුඛඋපමායං උබ්භිතොදකොති උබ්භින්නඋදකො, න හෙට්ඨා උබ්භිජ්ජිත්වා උග්ගච්ඡනඋදකො, අන්තොයෙව පන උබ්භිජ්ජනඋදකොති අත්ථො. ආයමුඛන්ති ආගමනමග්ගො. දෙවොති මෙඝො. කාලෙනකාලන්ති කාලෙ කාලෙ, අන්වද්ධමාසං වා අනුදසාහං වාති අත්ථො. ධාරන්ති වුට්ඨිං. නානුප්පවෙච්ඡෙය්යාති න පවෙසෙය්ය, න වස්සෙය්යාති අත්ථො. සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වාති සීතං වාරි තං උදකරහදං පූරයමානං උබ්භිජ්ජිත්වා. හෙට්ඨා උග්ගච්ඡනඋදකඤ්හි උග්ගන්ත්වා උග්ගන්ත්වා භිජ්ජන්තං උදකං ඛොභෙති. චතූහි දිසාහි පවිසනඋදකං පුරාණපණ්ණතිණකට්ඨදණ්ඩකාදීහි උදකං ඛොභෙති. වුට්ඨිඋදකං ධාරානිපාතපුප්ඵුළකෙහි උදකං ඛොභෙති. සන්නිසින්නමෙව පන හුත්වා ඉද්ධිනිම්මිතමිව උප්පජ්ජමානං උදකං ඉමං පදෙසං ඵරති, ඉමං පදෙසං න ඵරතීති නත්ථි. තෙන අඵුටොකාසො නාම න හොතීති. තත්ථ රහදො විය කරජකායො, උදකං විය දුතියජ්ඣානසුඛං. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
ද්විතීයධ්‍යාන පිළිබඳ උපමාවෙහි උබ්භිතොදකො පොළව බිඳී උඩට නගින දිය ඇත්තේ, යට බිඳී උඩට නගින දිය නොවේ. වැලි ඇතුළතම උපදින දිය ඇති යන අර්ථයි. ආය මුඛං එන මග, දෙවො වැස්ස, කාලෙන කාලං අඩමසක් පාසා හෝ දසදිනක් පාසා හෝ යන අර්ථයි. ධාරං වැහිපොද, නානුප්පචෙච්ඡෙය්ය නො පිවිසෙන්නේ ය. නො වස්නේ ය යන අර්ථයි. සිතා වාරිධාරා උබ්භිජ්ජිත්වා සිහිල් දිය ඒ විල පුරමින් ඉපිද, යටින් උඩට නගින දිය, උඩට නැගී බිඳෙන්නේ දිය අලලයි. සිව්දෙසින් ගලා එන දිය පරඬැල්, තණ, දර, ලීදඬු ආදියෙන් දිය කළඹයි. ධාරානිපාත වැස්සෙන් ඇතිවූ දිය බුබුළු ජලය කළඹයි. වැඩහිටිමින්ම සිද්ධියෙන් නිර්මාණය කරන ලද වැහිදිය මේ පෙදෙස පැතිරෙයි. නො පැතිරෙන ප්‍රදේශයක් නැත. එහෙයින් ස්පර්ශ නො කළ ප්‍රදේශයක් නැත. එහි ජලය මෙන් කරජකායයි. ජලය මෙන් දුතියධ්යානයයි, සෙස්ස කලින් කියන ලද ක්‍රමයෙන්ම දතයුතු.
තතියජ්ඣානසුඛඋපමායං උප්පලානි එත්ථ සන්තීති උප්පලිනී. සෙසපදද්වයෙසුපි එසෙව නයො. එත්ථ ච සෙතරත්තනීලෙසු යංකිඤ්චි උප්පලං උප්පලමෙව, ඌනකසතපත්තං පුණ්ඩරීකං, සතපත්තං පදුමං. පත්තනියමං වා විනාපි සෙතං පදුමං, රත්තං පුණ්ඩරීකන්ති අයමෙත්ථ විනිච්ඡයො.
තතියධ්‍යානය පිළිබඳ උපමාවෙහි, උපුල් මෙහි ඇත්තේනුයි උප්පලීනි නම් වේ. සෙසු දෙපදයෙහි ද මෙම ක්‍රමයමැයි. මෙහි සුදු, රතු, නිල් යම්කිසි උපුලක්ව, උපුල්මැයි, උනු සියපත් ඇතියේ පුණ්ඩරීක නමි. පුණ්ඩරීක සියපත් ඇත්තේ පදුම නමි. නැතිනම් පත්‍ර නියමයක් නැතිවම සුදු වූයේ පදුම නමි. රත් වූයේ පුණ්ඩරීක යයි මෙහි විනිශ්චය මැයි.
උදකානුග්ගතානීති උදකතො න උග්ගතානි. අන්තොනිමුග්ගපොසීනීති උදකතලස්ස අන්තො නිමුග්ගානියෙව හුත්වා පොසීනි, වඩ්ඪීනීති අත්ථො. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
උදකානුග්ගතානි ජලයෙන් නො නැංගාහූ. අන්තො නිමුග්ග පොසිනී ජලයෙහි ඇතුලෙම වැඩී පෝෂණය වේ. වැඩේ යන අර්ථයි. සෙස්ස පෙර කී නයින්ම දතයුතු.
චතුත්ථජ්ඣානසුඛඋපමායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙනාති එත්ථ නිරුපක්කිලෙසට්ඨෙන පරිසුද්ධං. පභස්සරට්ඨෙන පරියොදාතං වෙදිතබ්බං. ඔදාතෙන වත්ථෙනාති ඉදං උතුඵරණත්ථං වුත්තං. කිලිට්ඨවත්ථෙන හි උතුඵරණං න හොති, තඞ්ඛණධොතපරිසුද්ධෙන උතුඵරණං බලවං හොති.
චතුර්ථධ්යාන සුවය පිළිබඳ උපමාවෙහි පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන මෙහි උපක්ලේශ නැත්තේය යන අර්ථයෙන් පරිසුද්ධ ප්‍රභාස්වර විහිදෙන්නේය යන අර්ථයෙන් පරියොදාතය දතයුතු. ඔදාතවත්ථෙන මෙය ඍතු පැතිරිම සඳහා කියන ලදී. කිලිටි වතින් ඍතු පැතිරීමක් නොවේ. එකෙණෙහිදු සේදූ පිරිසිදු වතින් ගුණ පැතිරීම බලවත් වේ.
ඉමිස්සා හි උපමාය වත්ථං විය කරජකායො. උතුඵරණං විය චතුත්ථජ්ඣානසුඛං. තස්මා යථා සුන්හාතස්ස පුරිසස්ස පරිසුද්ධං වත්ථං සසීසං පාරුපිත්වා නිසින්නස්ස සරීරතො උතු සබ්බමෙව වත්ථං ඵරති, න කොචි වත්ථස්ස අඵුටොකාසො හොති. එවං චතුත්ථජ්ඣානසුඛෙන භික්ඛුනො කරජකායස්ස න කොචි ඔකාසො අඵුටො හොතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. චතුත්ථජ්ඣානචිත්තමෙව වා වත්ථං විය, තංසමුට්ඨානරූපං උතුඵරණං විය. යථා හි කත්ථචි ඔදාතවත්ථෙ කායං අප්ඵුසන්තෙපි තංසමුට්ඨානෙන උතුනා සබ්බත්ථකමෙව කායො ඵුට්ඨො හොති. එවං චතුත්ථජ්ඣානසමුට්ඨිතෙන සුඛුමරූපෙන සබ්බත්ථකමෙව භික්ඛුනො කරජකායො ඵුටො හොතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
යම්හෙයකින් මෙම උපමාවෙහි වස්ත්‍රය මෙන් කරජකාය වේද, ඍතු පැතිරීම මෙන් සතරවන දැහැන්සුවය වේ. එහෙයින් යම්සේ මනාකොට ස්නානය කොට පිරිසිදු වතක් හිස සහිත පොරවා, හුන් පුරුෂයාගේ ශරීරයෙන් සෘතුගුණය සම්පූර්ණ වස්ත්‍රය පුරා පැතිරේද, වස්ත්‍රයේ කිසි ස්පර්ශයක් නො කළ, ඉඩකඩක් නොවේද, එපරිද්දෙන් සතරවන දැහැන් සුවයෙන් භික්ෂූහුගේ කරජකාය පිළිබඳ කිසි අවකාශයෙක් ස්පර්ශ නො කරන ලද්දේ නොවේයයි අරුත් දතයුතුයි. චතුර්ථධ්යාන චිත්තයම පොරවන ලද වස්ත්‍රය මෙන් වෙයි. එයින් උපදනා රූපය සෘතු විපර්යාසය මෙනි. යම්සේ සුදු වස්ත්‍රය ශරීරය ස්පර්ශ නොකරන කල්හි එයින් උපදනා සෘතුවෙන් සියලු තන්හි වූම කය ස්පර්ශ කරන ලදී. එපරිද්දෙන් චතුර්ථධ්‍යානයෙන් උපන් සියුම් රූපයෙන් භික්ෂූහුගේ සම්පුර්ණ කය ස්පර්ශ කරන ලද්දේ වේ යයි ද අර්ථ කිවහැකිය.
පුබ්බෙනිවාසඤාණඋපමායං තංදිවසං කතකිරියා පාකටා හොතීති තංදිවසං ගතගාමත්තයමෙව ගහිතං. තත්ථ ගාමත්තයං ගතපුරිසො විය පුබ්බෙනිවාසඤාණලාභී දට්ඨබ්බො. තයො ගාමා විය තයො භවා දට්ඨබ්බා. තස්ස පුරිසස්ස තීසු ගාමෙසු තංදිවසං කතකිරියාය ආවිභාවො විය පුබ්බෙනිවාසාය චිත්තං අභිනීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො තීසු භවෙසු කතකිරියාය ආවිභාවො දට්ඨබ්බො.
පූර්වේනිවාසානුස්මෘති උපමාවෙහි එදවස කළ ක්‍රියාව ප්‍රකට වේ. එදවස ගිය ගම් තුනක්ම ගන්නා ලදී. එහි ගම් තුනට ගිය පුරුෂයා මෙන්, පූර්වේනිවාසානුස්මෘති ඤාණලාභියා දතයුතුය. ගම් තුන මෙන් තුන් භවය ගතයුතුය. ඒ පුරුෂයාට ගම් තුනෙහි එදවස කළ ක්‍රියාව ප්‍රකට වීම මෙන් පූර්වේනිවාසානුස්මෘතිය පිණිස සිත එළවා හුන් මහණහට තුන්භවයෙහි කළ ක්‍රියාවන් පහළවීම දතයුතු.
දිබ්බචක්ඛුඋපමායං ද්වෙ අගාරාති ද්වෙ ඝරා. සද්වාරාති සම්මුඛද්වාරා. අනුචඞ්කමන්තෙති අපරාපරං සඤ්චරන්තෙ. අනුවිචරන්තෙති ඉතො චිතො ච විචරන්තෙ, ඉතො පන ගෙහා නික්ඛමිත්වා එතං ගෙහං, එතස්මා වා නික්ඛමිත්වා ඉමං ගෙහං පවිසනවසෙනපි දට්ඨබ්බා. තත්ථ ද්වෙ අගාරා සද්වාරා විය චුතිපටිසන්ධියො, චක්ඛුමා පුරිසො විය දිබ්බචක්ඛුඤාණලාභී, චක්ඛුමතො පුරිසස්ස ද්වින්නං ගෙහානං අන්තරෙ ඨත්වා පස්සතො ද්වෙ අගාරෙ පවිසනකනික්ඛමනකපුරිසානං පාකටකාලො විය දිබ්බචක්ඛුලාභිනො ආලොකං වඩ්ඪෙත්වා ඔලොකෙන්තස්ස චවනකඋපපජ්ජනකසත්තානං පාකටකාලො. කිං පන තෙ ඤාණස්ස පාකටා, පුග්ගලස්සාති? ඤාණස්ස. තස්ස පාකටත්තා පන පුග්ගලස්ස පාකටායෙවාති.
දිවැස් උපමාවෙහි ද්වෙ අගාරා ගෙවල් දෙකක් සද්වාරා මුඛවාරම සහිත වූ, අනුචංකමන්තෙ ඔබිනොබ සක්මන් කරන්නේ, අනුවිචරෙන්ති එහා මෙහා හැසිරෙන්නේ මේ ගෙයින් නික්ම අනෙක් ගෙට ද, ඒ ගෙයින් නික්මීම හෝ මේ ගෙට පැමිණීම ද, ඒ ගෙයින් ද නික්ම ඒ ගෙයින් මෙම ගෙට ද පැමිණීම දතයුතුය. ඒ උපමාවෙහි ගෘහද්වාර සහිත ගෙවල් දෙක මෙන් චුතිප්රතිසන්ධි දෙක දතයුතුයි. ඇස් ඇති පුරුෂයා මෙන් දිව්යචක්ෂුලාභියා දතයුතුයි. ගෙවල් දෙක අතර සිට බලන්නා වූ ඇස් ඇති පුරුෂයාට ගෙවල් දෙක අතර අතර පිවිසෙන නික්මෙන පුරුෂයන් දුටු කාලය මෙන් ආලෝකය වඩා බලන්නා වූ දිවැස්ලාභී හට චුතවන උපදින සත්ත්වයන් දුටු කාලය වේ. කිමෙක්ද, ඔහු ඤාණය ප්‍රකට වූ පුද්ගලයාද නුවණට ප්‍රකට වූවාහුද, යත් නුවණටය. යළිත් ඒ නුවණට ප්‍රකට බැවින් පුද්ගලයා හට ප්‍රකට වූවාහුම වෙති.
ආසවක්ඛයඤාණඋපමායං පබ්බතසඞ්ඛෙපෙති පබ්බතමත්ථකෙ. අනාවිලොති නික්කද්දමො. සිප්පියො ච සම්බුකා ච සිප්පිසම්බුකං. සක්ඛරා ච කථලා ච සක්ඛරකථලං. මච්ඡානං ගුම්බා ඝටාති මච්ඡගුම්බං. තිට්ඨන්තම්පි චරන්තම්පීති එත්ථ සක්ඛරකථලං තිට්ඨතියෙව, ඉතරානි චරන්තිපි තිට්ඨන්තිපි. යථා පන අන්තරන්තරා ඨිතාසුපි නිසින්නාසුපි විජ්ජමානාසුපි, “එතා ගාවො චරන්තී”ති චරන්තියො උපාදාය ඉතරාපි චරන්තීති වුච්චන්ති. එවං තිට්ඨන්තමෙව සක්ඛරකථලං උපාදාය ඉතරම්පි ද්වයං තිට්ඨන්තන්ති වුත්තං. ඉතරඤ්ච ද්වයං චරන්තං උපාදාය සක්ඛරකථලම්පි චරන්තන්ති වුත්තං.
ආසවක්ෂය ඤාණ උපමාවෙහි පබ්බසංකපෙති පර්වතය මුදුනේ, අනාවිලො මඩ රහිත වූ බැවින් සිප්පි බෙල්ලෝ ද රන්වන් බෙල්ලෝ ද, සිප්පිසම්බුකං නම් කැට කැබලිති ද, සක්ඛරකඨල නම් මසුන්ගේ සමූහ යනුයි. මච්ඡගුම්බ නමි. තිට්ඨන්තම්පි චිරත්තම්පි මෙහි කැටකැබලිති ඇත්තේමය. සෙස්සෝ හැසිරෙන්නාහු සිටින්නාහු යම්සේ අතරින් පතර සිටියා වූ ද, ඉන්නා වූ ද හෝනා වූ ද දෙනුන් ඇති කල්හි ‘මේ දෙන්නු හැසිරෙති’ ඇවිදින දෙනුන් සඳහා අන්‍යයෝත් ඇවිදිති’ කියනු ලැබෙත්ද, එපරිද්දෙන් සිටිනා වූ කැට කැබලිති ගෙන ඉතිරි දෙක ද, ‘තිට්ඨන්තං’යී කියන ලද නැවත නැවත හැසිරෙන්නා වූ ඉතිරි දෙක ගෙන කැට කැබලිතිද, ‘චරන්තං’ යයි කියන ලදී.
තත්ථ චක්ඛුමතො පුරිසස්ස තීරෙ ඨත්වා පස්සතො සිප්පිසම්බුකාදීනං විභූතකාලො විය ආසවානං ඛයාය චිත්තං නීහරිත්වා නිසින්නස්ස භික්ඛුනො චතුන්නං සච්චානං විභූතකාලො දට්ඨබ්බො.
එහි ඉවුරෙහි සිට බලන්නා වූ ඇස් ඇති පුරුෂයාට සිප්පි සම්බුකාදීන් ප්‍රකට කාලය මෙන් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස සිත එළවාගත් මහණ හට සිව්සස් ප්‍රකට වූ කාලය සේ දතයුතු.
ඉදානි සත්තහාකාරෙහි සලිඞ්ගතො සගුණතො ඛීණාසවස්ස නාමං ගණ්හන්තො, අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු සමණො ඉතිපීතිආදිමාහ. තත්ථ එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සමණො හොතීතිආදීසු, භික්ඛවෙ, එවං භික්ඛු සමිතපාපත්තා සමණො හොති. බාහිතපාපත්තා බ්රාහ්මණො හොති. න්හාතකිලෙසත්තා න්හාතකො හොති, ධොතකිලෙසත්තාති අත්ථො. චතුමග්ගඤාණසඞ්ඛාතෙහි වෙදෙහි අකුසලධම්මානං ගතත්තා වෙදගූ හොති, විදිතත්තාති අත්ථො. තෙනෙව විදිතාස්ස හොන්තීතිආදිමාහ. කිලෙසානං සුතත්තා සොත්තියො හොති, නිස්සුතත්තා අපහතත්තාති අත්ථො. කිලෙසානං ආරකත්තා අරියො හොති, හතත්තාති අත්ථො. තෙහි ආරකත්තා අරහං හොති, දූරීභූතත්තාති අත්ථො. සෙසං සබත්ථ පාකටමෙවාති.
‘දැන් සත් ආකාරයකින් සමාන ලිංග වශයෙන් සමාන ගුණ වශයෙන් ක්ෂීණාශ්රවයාගේ නම ගන්නා වූ ‘අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සමණො ඉතිපි’ යනාදිය වදාළහ. එහි ‘එවං ඛො භික්ඛවෙ භික්ඛු සමණො හොති ආදියෙහි මහණෙනි, භික්ෂුව සන්සිඳුවන ලද පව් ඇති බැවින් ශ්‍රමණ වේ. බැහැරකළ පව් ඇති බැවින් බ්‍රාහ්මණ නම් වේ. කෙලෙස් ඇති බැවින් නහාතක නම් වේ. සෝදන ලද කෙලෙස් ඇත්තේ යන අර්ථයි. සිවුමග නුවණ නම් වූ වේදයන් විසින් අකුසල ධර්ම නසන ලද බැවින් වෙදගු වේ. විඳිනු ලබයි යන අර්ථයි. එම නිසා විදිතාස්ස හොන්ති ආදිය කීහ. කෙළෙස් නසන ලද බැවින් සොත්තිය නම් වේ. නිශ්රිත බැවින් පහවූ යන අර්ථයි. කෙලෙසුන් දුරුකළ බැවින් අරිය නම් වේ. දුරු වූ බැවින් යන අර්ථයි. ඉතිරි වූ සියල්ල ප්‍රකට වූයේම වේ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාඅස්සපුරසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා අස්සපුර සූත්‍ර වර්ණනාව නිමියේය.