චූළඅස්සපුරසුත්තවණ්ණනා අට්ඨකථා
චූළඅස්සපුරසුත්තවණ්ණනා
චූළඅස්සපුර සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළඅස්සපුරසුත්තං. තස්ස දෙසනාකාරණං පුරිමසදිසමෙව. සමණසාමීචිප්පටිපදාති සමණානං අනුච්ඡවිකා සමණානං අනුලොමප්පටිපදා.
එවම්මෙසුතං චූළ අස්සපුර සූත්‍රයයි. දේශනාකරණය පළමු සූත්‍රය හා සමාන වේ. සමණසාමීචි පටිපදා භික්ෂූන්ට සුදුසු වූ, භික්ෂූන්ගේ අනුලෝම පිළිවෙත.
සමණමලානන්තිආදීසු එතෙ ධම්මා උප්පජ්ජමානා සමණෙ මලිනෙ කරොන්ති මලග්ගහිතෙ, තස්මා “සමණමලා”ති වුච්චන්ති. එතෙහි සමණා දුස්සන්ති, පදුස්සන්ති, තස්මා සමණදොසාති වුච්චන්ති. එතෙ උප්පජ්ජිත්වා සමණෙ කසටෙ නිරොජෙ කරොන්ති මිලාපෙන්ති, තස්මා සමණකසටාති වුච්චන්ති. ආපායිකානං ඨානානන්ති අපායෙ නිබ්බත්තාපකානං කාරණානං. දුග්ගතිවෙදනියානන්ති දුග්ගතියං විපාකවෙදනාය පච්චයානං. මතජං නාමාති මනුස්සා තිඛිණං අයං අයෙන සුඝංසිත්වා තං අයචුණ්ණං මංසෙන සද්ධිං මද්දිත්වා කොඤ්චසකුණෙ ඛාදාපෙන්ති. තෙ උච්චාරං කාතුං අසක්කොන්තා මරන්ති. නො චෙ මරන්ති, පහරිත්වා මාරෙන්ති. අථ තෙසං කුච්ඡිං ඵාලෙත්වා නං උදකෙන ධොවිත්වා චුණ්ණං ගහෙත්වා මංසෙන සද්ධිං මද්දිත්වා පුන ඛාදාපෙන්තීති එවං සත්ත වාරෙ ඛාදාපෙත්වා ගහිතෙන අයචුණ්ණෙන ආවුධං කරොන්ති. සුසික්ඛිතා ච නං අයකාරා බහුහත්ථකම්මමූලං ලභිත්වා කරොන්ති. තං මතසකුණතො ජාතත්තා “මතජ”න්ති වුච්චති, අතිතිඛිණං හොති. පීතනිසිතන්ති උදකපීතඤ්චෙව සිලාය ච සුනිඝංසිතං. සඞ්ඝාටියාති කොසියා. සම්පාරුතන්ති පරියොනද්ධං. සම්පලිවෙඨිතන්ති සමන්තතො වෙඨිතං.
සමණමලානං යනාදියෙහි මේ ධර්මයෝ උපදනාහු භික්ෂූන් මලිනයන් මල ගත්තවුන් කෙරෙති. එහෙයින් සමණමල යයි කියනු ලැබෙත්. මොවුන් විසින් භික්ෂූහු දූෂ්‍ය කරනු ලැබෙත්. ප්‍රදූෂ්‍ය කරනු ලැබෙති. එහෙයින් සමණෙදාස යයි කියනු ලැබේ. මොව්හූ ඉපිද භික්ෂූන් කසටයන්, ඕජස් නැත්තවුන් කරත්. මලානික කෙරෙත්. එහෙයින් සමණ කසට යයි කියනු ලැබේ. අපායිකානං ඨානානං අපායෙහි උපදවන කාරණයන්ට, දුග්ග නිවෙද නීයානං දුගතියෙහි විපාක විඳින්නට නියම වූවන්ට, මතජං නාමාති මිනිස්සු තියුණු මුවහත් යකඩ පීරෙන් පහර දී ඒ යහුණු මස් සමග කළවම්කොට කොස්වාලිහිණියන්ට කවති. උන්ට මළපහ කිරීමට නො හැක්කාහු මැරෙති. ඉදින් නො මැරෙන්නේ නම් පහර දී මරති. ඉක්බිති ඔවුන්ගේ බඩ පලා අතුණු ජලයෙන් සෝදා සුණු ගෙන මස් සමග කළවම්කොට නැවත කවත්, මෙසේ සත්ත්වරක් කවාගත් යකඩ කුඩුවලින් ආයුධ තනති. එය මැනැවින් පුහුණු වූ ලොහොකරුවෝ බොහෝ කම්මල්වල වැඩ කරත්. ඒ මළ ළිහිණියාගෙන් උපන් හෙයින් මතජ යයි කියති. ඉතා තියුණු වේ. පීත නිසිතං දිය බොන ලද්දා වූද, ගලෙහි මැනවින් ගටන ලද්දා වූ ද, සංඝාටියා කොපුවෙන් සම්පාරුතං හාත්පසින් වසන ලද්දේ, වෙලන ලද්දේ.
රජොජල්ලිකස්සාති රජොජල්ලධාරිනො. උදකොරොහකස්සාති දිවසස්ස තික්ඛත්තුං උදකං ඔරොහන්තස්ස. රුක්ඛමූලිකස්සාති රුක්ඛමූලවාසිනො. අබ්භොකාසිකස්සාති අබ්භොකාසවාසිනො. උබ්භට්ඨකස්සාති උද්ධං ඨිතකස්ස. පරියායභත්තිකස්සාති මාසවාරෙන වා අඩ්ඪමාසවාරෙන වා භුඤ්ජන්තස්ස. සබ්බමෙතං බාහිරසමයෙනෙව කථිතං. ඉමස්මිඤ්හි සාසනෙ චීවරධරො භික්ඛු සඞ්ඝාටිකොති න වුච්චති. රජොජල්ලධාරණාදිවතානි ඉමස්මිං සාසනෙ නත්ථියෙව. බුද්ධවචනස්ස බුද්ධවචනමෙව නාමං, න මන්තාති. රුක්ඛමූලිකො, අබ්භොකාසිකොති එත්තකංයෙව පන ලබ්භති. තම්පි බාහිරසමයෙනෙව කථිතං.
රජො ජල්ලිකස්ස රජස් දැළි දරන්නහුගේ උදකො රොහකස්ස දවසට තුන්වරක් දියට බස්නහුගේ, රුක්ඛමූලිකස්සා රුක්මුල්හි වසන්නහුගේ අබ්භොකාසිකස්ස අභ්‍යවකාශයෙහි වසන්නහුගේ උබ්භට්ඨකස්ස උඩුබැලිව සිටින්නහුගේ, පරියාභත්තිකස්ස මසකට වරක් හෝ අඩමසකට වරක් වළඳන්නහුගේ මේ සියල්ල බාහිර සමයෙන්ම කියන ලදී. මේ සසුනෙහි සිවුරු දරන භික්ෂූහු, සංඝාටික යයි නො කියනු ලැබේ. රජස් දැලි දැරීම් ආදී, ව්‍රතයෝ ද මේ ශාසනයෙහි නැත්තේම ය. බුද්ධ වචනයට ‘බුද්ධ වචනයම’ යයි නාමයයි. ‘මන්ත’ යයි නාමයක් නැත. ‘රුක්ඛමූලිකය. අබ්භොකාසිකය’ යන මෙතෙක් ම ලැබෙයි. එය ද මෙහි බාහිර සමයෙන්ම කියන ලදී.
ජාතමෙව නන්ති තංදිවසෙ ජාතමත්තංයෙව නං. සඞ්ඝාටිකං කරෙය්යුන්ති සඞ්ඝාටිකං වත්ථං නිවාසෙත්වා ච පාරුපිත්වා ච සඞ්ඝාටිකං කරෙය්යුං. එස නයො සබ්බත්ථ.
ජාතමෙවනං උපන්දිනයෙහි උපන් මොහොතක් ඇත්තා වූම ඔහු සංඝාටිකං කරෙය්යුං සඟලවතක් හඳවා පෙරවා, සංඝාටිකයකු කරන්නාහුය. සියලු තන්හි මේ ක්‍රමයයි.
විසුද්ධමත්තානං සමනුපස්සතීති අත්තානං විසුජ්ඣන්තං පස්සති. විසුද්ධොති පන න තාව වත්තබ්බො. පාමොජ්ජං ජායතීති තුට්ඨාකාරො ජායති. පමුදිතස්ස පීතීති තුට්ඨස්ස සකලසරීරං ඛොභයමානා පීති ජායති. පීතිමනස්ස කායොති පීතිසම්පයුත්තස්ස පුග්ගලස්ස නාමකායො. පස්සම්භතීති විගතදරථො හොති. සුඛං වෙදෙතීති කායිකම්පි චෙතසිකම්පි සුඛං වෙදියති. චිත්තං සමාධියතීති ඉමිනා නෙක්ඛම්මසුඛෙන සුඛිතස්ස චිත්තං සමාධියති, අප්පනාපත්තං විය හොති.
විසුද්ධ මත්තානං සමනුපස්සති තමන් විසුද්ධියෙකැයි දනී. එහෙත් ඒ තාක් විසුද්ධ යයි නොකිව යුතු. පාමුජ්ජං ජායති සතුටු ආකාරය උපදී. පමුදිතස්ස පීති සතුටු වූවහුගේ සියලු ශරීරය අලලමින් ප්‍රීතිය උපදී. පීතිමනස්සකායො ප්‍රීතියෙන් යුක්ත වූ පුද්ගලයාගේ නාම කාය, පස්සම්භති පහ වූ විඩා ඇත්තේ වෙයි. සුඛං වෙදෙති කායික වූ ද, මානසික වූ ද සුවය විඳී. චිත්තං සමාධියති මේ නෛෂ්ක්‍රම්‍ය සුවයෙන් සුවපත් වූවහුගේ සිත එකඟ වේ. අර්පණාවට පැමිණියාක් මෙන් වෙයි.
සො මෙත්තාසහගතෙන චෙතසාති හෙට්ඨා කිලෙසවසෙන ආරද්ධා දෙසනා පබ්බතෙ වුට්ඨවුට්ඨි විය නදිං යථානුසන්ධිනා බ්රහ්මවිහාරභාවනං ඔතිණ්ණා. තත්ථ යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තමෙව. සෙය්යථාපි, භික්ඛවෙ, පොක්ඛරණීති මහාසීහනාදසුත්තෙ මග්ගො පොක්ඛරණියා උපමිතො, ඉධ සාසනං උපමිතන්ති වෙදිතබ්බං. ආසවානං ඛයා සමණො හොතීති සබ්බකිලෙසානං සමිතත්තා පරමත්ථසමණො හොතීති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සො මෙත්තා සහගතෙන චෙතසා යට කෙලෙස් වශයෙන් පටන් ගත් දේශනාව පර්වතයෙහි වට වැස්ස ගඟට යන්නාක් මෙන් අනුසන්ධි නො ඉක්මවා බ්‍රහ්මවිහාර භාවනාවට බැස ගන්නා ලද්දීය. එහි යමක් කියනු කැමැත්තේ නම් ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේය. සෙය්යථාපි භික්ඛවෙ පොක්ඛරණී මහා සීහනාද සූත්‍රයෙහි පොකුණට මාර්ගය උපමා කරන ලදී. මෙහි ශාසනය උපමා කරන ලද්දේයයි දතයුතු. ආසවානං ඛයා සමණොහොති සියලු කෙළෙසුන් සන්සිඳුවන ලද බැවින් පරමාර්ථ ශ්‍රමණ වූයේ වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකට වූයේමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළඅස්සපුරසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූළ අස්සපුර සූත්‍රය නිමියේ ය.
චතුත්ථවග්ගවණ්ණනා නිට්ඨිතා.
සිව්වැනි වූ මහා යමක වර්ගය සමාප්තයි.