සාලෙය්යකසුත්තවණ්ණනා අට්ඨකථා
සාලෙය්යකසුත්තවණ්ණනා
සාලෙය්‍යක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සාලෙය්‍යකසුත්තං. තත්ථ කොසලෙසූති කොසලා නාම ජානපදිනො රාජකුමාරා. තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීසද්දෙන කොසලාති වුච්චති, තස්මිං කොසලෙසු ජනපදෙ. පොරාණා පනාහු – යස්මා පුබ්බෙ මහාපනාදං රාජකුමාරං නානානාටකානි දිස්වා සිතමත්තම්පි අකරොන්තං සුත්වා රාජා ආහ – “යො මම පුත්තං හසාපෙති, සබ්බාලඞ්කාරෙන නං අලඞ්කරොමී”ති. තතො නඞ්ගලානිපි ඡඩ්ඩෙත්වා මහාජනකායෙ සන්නිපතිතෙ මනුස්සා සාතිරෙකානි සත්තවස්සානි නානාකීළිකායො දස්සෙත්වා නං හසාපෙතුං නාසක්ඛිංසු. තතො සක්කො දෙවනටං පෙසෙසි. සො දිබ්බනාටකං දස්සෙත්වා හසාපෙසි. අථ තෙ මනුස්සා අත්තනො අත්තනො වසනොකාසාභිමුඛා පක්කමිංසු. තෙ පටිපථෙ මිත්තසුහජ්ජාදයො දිස්වා පටිසන්ථාරං කරොන්තා, “කච්චි, භො, කුසලං, කච්චි, භො, කුසල”න්ති ආහංසු. තස්මා තං “කුසලං කුසල”න්ති වචනං උපාදාය සො පදෙසො කොසලාති වුච්චතීති.
එවම්මෙසුතං සාලෙය්‍යක සූත්‍රයයි. එහි කොසලෙසු කෝසල නම් ජනපදයේ රාජ කුමාරයා ඔවුගේ පදිංචිය වූ එක් ජනපදයෙක, සමානාර්ථයෙන් කෝසල යයි කියයි. ඒ කෝසල ජනපදයෙහි පැරණි ආචාර්යවරු මෙසේ කීහ. යම්හෙයකින් පෙර මහාපනාද නම් රාජකුමාරයා නොයෙක් විධියේ නළුනිළියන් දැකත්, මදකුත් සිනහ නො වන්නේ යයි අසා රජු මෙසේ කීහ. ‘යම්කිසි කෙනෙකු මගේ පුතා සිනහ ගැන්වීමට සමත් වෙතොත් ඔහු සර්වාලංකාරයෙන් සරසවමි. අලංකාර කරමි.’ ඉක්බිති මහජනයා සිය වගා කිරීම්, කුඹුරු කෙටීම් කර්මාන්ත ආදිය අත්හැර රැස්ව නොයෙක් විධියේ නැටුම් ආදී විවිධ උපා යෙදුවත් හත් අවුරුද්දක් මුළුල්ලේත් ඒ කුමරු සිනා ගන්වන්නට නො හැකි විය. ඉක්බිති සක්දෙවි දිව්‍ය නළුවන් එවීය. ඒ දිව්‍ය නළුවා නාට්‍ය දක්වා සිනහ ගැන්වීය. එකල්හි මිනිස්සු තම තමන්ගේ නිවාසස්ථානවලට ගියාහුය. ඔව්හූ සමුවන සමුවන මිතුරන් දැක ‘කිම සුවදැයි’ ඇසූහ. එහෙයින් ඒ කුසලය කුසලය යන වචනය ගෙන ඒ ප්‍රදේශය කෝසල නම් වීය.
චාරිකං චරමානොති අතුරිතචාරිකං චරමානො. මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධින්ති සතං වා සහස්සං වා සතසහස්සං වාති එවං අපරිච්ඡින්නෙන මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. බ්රාහ්මණගාමොති බ්රාහ්මණානං සමොසරණගාමොපි බ්රාහ්මණගාමොති වුච්චති බ්රාහ්මණානං භොගගාමොපි. ඉධ සමොසරණගාමො අධිප්පෙතො. තදවසරීති තං අවසරි, සම්පත්තොති අත්ථො. විහාරො පනෙත්ථ අනියාමිතො; තස්මා තස්ස අවිදූරෙ බුද්ධානං අනුච්ඡවිකො එකො වනසණ්ඩො භවිස්සති, සත්ථා තං වනසණ්ඩං ගතොති වෙදිතබ්බො.
චාරිකං චරමානො අතුරිත චාරිකාවෙහි හැසිරෙන සේක්, මහතා භිකඛු සංඝෙන සද්ධිං සියයක් හෝ දහසක් හෝ ලක්ෂයක් දැයි මෙසේ පිරිසිඳීම් රහිත භික්ෂු සංඝයා සමග, බ්රාහ්මණගාමො බමුණන් සමූහ වශයෙන් හැසිරෙන පෙදෙස බමුණුගම නමින් හැඳින්වේ. ඒ බමුණන්ගේ ගොදුරුගම, තදවසරි ඒ ගමට ඇතුල්විය. පැමිණියහ යන අර්ථයි. මෙහි විහාරයක් නියම කර නැත. එහෙයින් එයට නුදුරු බුදුනට ගැලපෙන සුදුසු වූ එක් වනලැහැබක් යයි ගතයුතුය. ශාස්තෲන් වහන්සේ ඒ වනලැහැබට වැඩි සේකැයි දතයුතුය.
අස්සොසුන්ති සුණිංසු උපලභිංසු. සොතද්වාරසම්පත්තවචනනිග්ඝොසානුසාරෙන ජානිංසු. ඛොති අවධාරණත්ථෙ පදපූරණමත්තෙ වා නිපාතො. තත්ථ අවධාරණත්ථෙන අස්සොසුංයෙව, න නෙසං කොචි සවනන්තරායො අහොසීති අයමත්ථො වෙදිතබ්බො. පදපූරණෙන බ්යඤ්ජනසිලිට්ඨතාමත්තමෙව.
අස්සොසුං ඇසූහ. ලැබූහ. ශ්‍රෝතද්වාරයට පැමිණි වචනයේ ශබ්දානුසාරයෙන් දැනගත්හ. ඛො යනු අවධාරණාර්ථයෙහි, පද පූරණයෙහි නිපාතය එහි අවධාරණාර්ථයෙන් ‘ඇසුවාහුමය’ ඔවුන්ට කිසි ශ්රවණාන්තරායෙක් නො වීය. මේ අර්ථය දතයුතුය. පද පූරණයේ බ්යඤ්ජනයාගේ සිලුටු බව පමණක්මැයි.
ඉදානි යමත්ථං අස්සොසුං, තං පකාසෙතුං සමණො ඛලු, භො, ගොතමොතිආදි වුත්තං. තත්ථ සමිතපාපත්තා සමණොති වෙදිතබ්බො. ඛලූති අනුස්සවනත්ථෙ නිපාතො. භොති තෙසං අඤ්ඤමඤ්ඤං ආලපනමත්තං. ගොතමොති භගවතො ගොත්තවසෙන පරිදීපනං. තස්මා සමණො ඛලු, භො, ගොතමොති එත්ථ සමණො කිර, භො, ගොතමගොත්තොති එවමත්ථො දට්ඨබ්බො. සක්යපුත්තොති ඉදං පන භගවතො උච්චාකුලපරිදීපනං. සක්යකුලා පබ්බජිතොති සද්ධාපබ්බජිතභාවදීපනං. කෙනචි පාරිජුඤ්ඤෙන අනභිභූතො අපරික්ඛීණංයෙව තං කුලං පහාය සද්ධාපබ්බජිතොති වුත්තං හොති. තතො පරං වුත්තත්ථමෙව.
මෙවිට යම් කරුණක් ඇසුවාහුද, එය ප්‍රකාශ කරන්ට සමණෙ ඛලු භො ගොතමො ආදිය කියන ලදී. එහි සන්සිඳුවන ලද පව් ඇත්තේනුයි සමණ නමි. ඛලූ අනුශ්රවණ අර්ථයෙහි නිපාතයි. භො යනු ඔවුනොවුන් ඇමතීම් මාත්‍රයෙකි. ගොතමො යනු භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර වශයෙන් ඇමතීමයි. එහෙයින් සමණෙ ඛලු භො ගොතමො යන මෙහි පින්වත ශ්‍රමණයෝ ගෞතම ගෝත්‍ර ඇත්තාහු. මෙසේ අර්ථ දතයුතුයි. සක්යකුලො පබ්බජිතො යනු සැදැහැයෙන් පැවිදි වූයේ යන අර්ථයි. කිසිදු පිරිහීමකින් නො මඩනා ලද, ක්ෂය නොවූ ඒ කුලය හැර, ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ ය යන අර්ථයි. එයින් මත්තෙහි කියන ලද අරුත් ඇත්තේම ය.
තං ඛො පනාති ඉත්ථම්භූතාඛ්යානත්ථෙ උපයොගවචනං, තස්ස ඛො පන භොතො ගොතමස්සාති අත්ථො. කල්යාණොති කල්යාණගුණසමන්නාගතො, සෙට්ඨොති වුත්තං හොති. කිත්තිසද්දොති කිත්තියෙව, ථුතිඝොසො වා. අබ්භුග්ගතොති සදෙවකං ලොකං අජ්ඣොත්ථරිත්වා උග්ගතො. කින්ති? “ඉතිපි සො භගවා…පෙ… බුද්ධො භගවා”ති.
තං ඛොපනා යනු මෙය මෙසේ වූයේය යන අර්ථයේ කර්මවචනයි. ඒ භවත් ගෞතමයන්ගේ යන අර්ථයි. කල්යාණො යහපත් ගුණයෙන් සමන්විත වූ, ශ්‍රේෂ්ඨ යයි කියන ලදී. කිත්තිසද්දො කීර්තියමයි, ස්තුති ඝෝෂාවයි. අබ්භුග්ගතො දෙවියන් සහිත ලොව යටකරගෙන උඩට නැංගේ. කුමක්ද, ඉතිපි සො භගවා -පෙ- බුද්ධො භගවා
තත්රායං පදසම්බන්ධො – සො භගවා ඉතිපි අරහං, ඉතිපි සම්මාසම්බුද්ධො…පෙ… ඉතිපි භගවාති. ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත්තං හොති. තත්ථ ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි සො භගවා අරහන්ති වෙදිතබ්බොතිආදිනා නයෙන මාතිකං නික්ඛිපිත්වා සබ්බානෙව එතානි පදානි විසුද්ධිමග්ගෙ බුද්ධානුස්සතිනිද්දෙසෙ විත්ථාරිතානීති තතො තෙසං විත්ථාරො ගහෙතබ්බො.
මේ එහි පද සම්බන්ධයයි. ‘සො භගවා ඉතිපි’ ‘අරහං’ ඉතිපි සම්මා සම්බුද්ධො -පෙ ඉතිරි, භගවා’ මේ මේ කරුණු සඳහා කියන ලදී. එහි පළමුකොට කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්, සතුරන් ද දැවි ද නැසූ හෙයින් ය. ප්‍රත්‍යයාදීන්ට සුදුසු වූ හෙයින් ය. පව් කිරීමෙහි රහස් නැති හෙයින්ය. මේ කාරණයන්ගෙන් ඒ භගවත්හු අරහ නම් වන්නේ ය. යනාදී ක්‍රමයෙන් මාතෘකාවට අනුව මේ සියලු පද විශුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයේ විස්තර කරන ලදී. එහෙයින් ඒ පදයන්ගේ විස්තර දතයුතු.
සාධු ඛො පනාති සුන්දරං ඛො පන; අත්ථාවහං සුඛාවහන්ති වුත්තං හොති. තථාරූපානං අරහතන්ති යථාරූපො සො භවං ගොතමො, එවරූපානං අනෙකෙහිපි කප්පකොටිසතසහස්සෙහි දුල්ලභදස්සනානං බ්යාමප්පභාපරික්ඛිත්තෙහි අසීතිඅනුබ්යඤ්ජනරතනපටිමණ්ඩිතෙහි ද්වත්තිංස්මහාපුරිසලක්ඛණවරෙහි සමාකිණ්ණමනොරමසරීරානං අතප්පකදස්සනානං අතිමධුරධම්මනිග්ඝොසානං, යථාභූතගුණාධිගමෙන ලොකෙ අරහන්තොති ලද්ධසද්දානං අරහතං. දස්සනං හොතීති පසාදසොම්මානි අක්ඛීනි උම්මීලෙත්වා දස්සනමත්තම්පි සාධු හොති. සචෙ පන අට්ඨඞ්ගසමන්නාගතෙන බ්රහ්මස්සරෙන ධම්මං දෙසෙන්තස්ස එකං පදම්පි සොතුං ලභිස්සාම, සාධුතරංයෙව භවිස්සතීති එවං අජ්ඣාසයං කත්වා.
සාධු ඛො පන සුන්දරය. අර්ථ එළවන්නේ ය. සුව එළවන්නේ ය. කිය යුතුය. තථාරූපානං අරහතං ඒ ගෞතම බුදුරදු යම්බඳු ද, එබඳු වූ නොයෙක් කප් කෙළ දහසකිනුදු දුර්ලභ වූ දර්ශන ඇති, ව්‍යාම ප්‍රභාවෙන්, බඹයක් හරහා විහිදෙන රැස් වළල්ලෙන් යුක්ත වූ, අසූ අනූ ව්‍යඤ්ජන නමැති රත්නයෙන් සැදුම් ලත් උතුම් වූ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි මනහර ශරීර ඇති, දැක, බලා, ඇතිවීමක් නැති දර්ශන ඇති, ඉතා මිහිරි වූ ධර්ම ඝෝෂා ඇති, විද්‍යමාන වූ ගුණයන්ට පැමිණීමෙන් ලෝකයේ ‘අරහන්තා’ නමින් හඳුන්වන රහතුන් ගේ දස්සනං හොති ප්‍රසාදයෙන් සෞම්‍ය වූ, දෙනෙත් උන්මීලනය කොට දැකීම් මාත්රයකු යහපත්ම වේ. ඉදින් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරයෙන් ධර්මය දේශනා කරන්නේ එක පදයක් හෝ අසන්නට, ලැබෙත් නම් එය යහපත් වන්නේ යයි මෙසේ අදහසක් ප්‍රාර්ථනයක් කොට,
යෙන භගවා තෙනුපසඞ්කමිංසූති සබ්බකිච්චානි පහාය තුට්ඨමානසා ආගමංසු. එතදවොචුන්ති දුවිධා හි පුච්ඡා අගාරිකපුච්ඡා අනගාරිකපුච්ඡා ච. තත්ථ “කිං, භන්තෙ, කුසලං, කිං අකුසල”න්ති ඉමිනා නයෙන අගාරිකපුච්ඡා ආගතා. “ඉමෙ ඛො, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා”ති ඉමිනා නයෙන අනගාරිකපුච්ඡා. ඉමෙ පන අත්තනො අනුරූපං අගාරිකපුච්ඡං පුච්ඡන්තා එතං, “කො නු ඛො, භො ගොතම, හෙතු කො පච්චයො”තිආදිවචනං අවොචුං.
යෙන භගවා තෙනුපසංකමිංසු සියලු කටයුතු හැරදමා ප්‍රසාදයට පත් වූ සිතින් පැමිණියාහුය. එතදවොචුං ප්රශ්නය දෙවදෑරුම්ය. අගාරිය ප්රශ්නය ද අනගාරිය ප්රශ්නය ද වේ. ‘කිං භන්තෙ කුසලං කිං අකුසලං’ යනු විසින් අගාරිය ප්රශ්නය ආයේය. ‘ඉමෙ නු ඛො භන්තෙ පඤ්චුපාදානක්ඛන්ධා’ මේ නයින් අනගාරිය ප්රශ්නය ආයේය. මොව්හූ වූ කලි තමහට අනුරූප වූ අගාරිය පෘච්ඡාව විචාරන්නාහු එතං කොනු ඛො භො ගොතම හෙතු, කො පච්චයො ආදි වචන කීහු.
තෙසං භගවා යථා න සක්කොන්ති සල්ලක්ඛෙතුං, එවං සංඛිත්තෙනෙව තාව පඤ්හං විස්සජ්ජෙන්තො, අධම්මචරියාවිසමචරියාහෙතු ඛො ගහපතයොතිආදිමාහ. කස්මා පන භගවා යථා න සල්ලක්ඛෙන්ති, එවං විස්සජ්ජෙසීති? පණ්ඩිතමානිකා හි තෙ; ආදිතොව මාතිකං අට්ඨපෙත්වා යථා සල්ලක්ඛෙන්ති, එවං අත්ථෙ විත්ථාරිතෙ, දෙසනං උත්තානිකාති මඤ්ඤන්තා අවජානන්ති, මයම්පි කථෙන්තා එවමෙව කථෙය්යාමාති වත්තාරො භවන්ති. තෙන නෙසං භගවා යථා න සක්කොන්ති සල්ලක්ඛෙතුං, එවං සංඛිත්තෙනෙව තාව පඤ්හං විස්සජ්ජෙසි.
භාග්‍යවතුන් වහන්සේ ඔවුනට යම් සේ සලකන්නට නො හැකි වෙත්ද, මෙසේ සැකෙවින් පළමුකොට ප්රශ්නය විසඳන සේක්, අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො ආදිය වදාළහ. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ යම්සේ නො සැලකිය හැකි වෙත්නම් එය විසඳූ සේක් ද, ඔහු යම්හෙයකින් අප පණ්ඩිතයම්හයි මාන ඇත්තාහු වෙත්ද, පළමුව මාතෘකාව තබා යම්සේ සැලකිය හැකි වෙත් ද, එසේ අර්ථය විස්තර කරද්දී දේශනාව නො ගැඹුරු යයි සිතමින් අවමන් කෙරේද, අපිත් කියන්නෙමු නම් මෙසේ කියන්නෝ වෙමු කියන්නාහු වෙත්ද එහෙයිනි. එහෙයින් ඔවුන්ට පළමුව සලකන්නට නො හැකි වේද, ඒ සඳහා මෙසේ සංක්ෂේපයෙන් ප්රශ්නය විසඳූහ.
තතො සල්ලක්ඛෙතුං අසක්කොන්තෙහි විත්ථාරදෙසනං යාචිතො විත්ථාරෙන දෙසෙතුං, තෙන හි ගහපතයොතිආදිමාහ. තත්ථ තෙන හීති කාරණත්ථෙ නිපාතො. යස්මා මං තුම්හෙ යාචථ, තස්මාති අත්ථො.
ඉක්බිති සලකන්නට තේරුම් ගන්නට, නො හැකි වන්නේ ම විස්තර වශයෙන් දේශනා කරන ලෙස ඉල්ලා සිටින්නේ අයැද සිටින්නේ, සවිස්තරව දේශනා කිරීම පිණිස, තෙනහි ගහපතයො ආදිය කීහ. එහි තෙනහි යනු කරණාර්ථයෙහි නිපාතයි. යම්හෙයකින් තෙපි මා යාඥා කරවුද, එහෙයින් යන අර්ථයි.
තිවිධන්ති තීහි කොට්ඨාසෙහි. කායෙනාති කායද්වාරෙන. අධම්මචරියාවිසමචරියාති අධම්මචරියසඞ්ඛාතා විසමචරියා. අයං පනෙත්ථ පදත්ථො, අධම්මස්ස චරියා අධම්මචරියා, අධම්මකරණන්ති අත්ථො. විසමා චරියා, විසමස්ස වා කම්මස්ස චරියාති විසමචරියා. අධම්මචරියා ච සා විසමචරියා චාති අධම්මචරියාවිසමචරියා. එතෙනුපායෙන සබ්බෙසු කණ්හසුක්කපදෙසු අත්ථො වෙදිතබ්බො.
තිවිධං යනු කොටස් තුනකින්, කායෙන කායද්වාරයෙන්, අධම්ම චරියා විසම චරියා අධර්ම චරියා සංඛ්‍යාත විෂම චරියාව, මේ වනාහි පදාර්ථයි. දහමින් තොර හැසිරීම, වැරදි ලෙස හැසිරීම අධම්මචරියා නම් වේ. දහමින් තොර ක්‍රියාව යන අර්ථයි. විෂම හැසිරීම, අසමාන ක්‍රියාවන් කිරීම අසමාන කර්මයන්හි හැසිරීම, විසමචරියා නමි. ධර්මානුකූල නොවන හැසිරීම ද, අසමාන වූ හැසිරීම ද වේනුයි අධම්මචරියා - විසමචරියා නම් වේ. මේ උපායෙන් ක්‍රමයෙන් ම සියලු කලු සුදු පදයන්හි අරුත් දතයුතුය.
ලුද්දොති කක්ඛළො. දාරුණොති සාහසිකො. ලොහිතපාණීති පරං ජීවිතා වොරොපෙන්තස්ස පාණී ලොහිතෙන ලිප්පන්ති. සචෙපි න ලිප්පන්ති, තථාවිධො ලොහිතපාණීත්වෙව වුච්චති. හතප්පහතෙ නිවිට්ඨොති හතෙ ච පරස්ස පහාරදානෙ, පහතෙ ච පරමාරණෙ නිවිට්ඨො. අදයාපන්නොති නික්කරුණතං ආපන්නො.
ලුද්දො කර්කශ වූ දරුණු වූ, සාහසික වූ, ලොහිතපාණි අනුන් ජිවිතයෙන් තොර කරන්නන්ගේ දෙඅත් ලේවලින් කිලිටි වේ. ඉදින් නො තැවරෙන්නේ නමුත්, එසේ ලේ තැවරුණු අත් යයි කියනු ලැබේ. හත පහතෙ නිවිට්ඨො නැසීමෙහි, අනුන්ට පහර දීමෙහි අනුන් මැරීමෙහි තත්පර වූයේ, යා පනෙනා කරුණ රහිත බවට පැමිණියේ,
යං තං පරස්සාති යං තං පරස්ස සන්තකං. පරවිත්තූපකරණන්ති තස්සෙව පරස්ස විත්තූපකරණං තුට්ඨිජනනං පරික්ඛාරභණ්ඩකං. ගාමගතං වාති අන්තොගාමෙ වා ඨපිතං. අරඤ්ඤගතං වාති අරඤ්ඤෙ රුක්ඛග්ගපබ්බතමත්ථකාදීසු වා ඨපිතං. අදින්නන්ති තෙහි පරෙහි කායෙන වා වාචාය වා අදින්නං. ථෙය්යසඞ්ඛාතන්ති එත්ථ ථෙනොති චොරො. ථෙනස්ස භාවො ථෙය්යං, අවහරණචිත්තස්සෙතං අධිවචනං. සඞ්ඛා සඞ්ඛාතන්ති අත්ථතො එකං, කොට්ඨාසස්සෙතං අධිවචනං, “සඤ්ඤානිදානා හි පපඤ්චසඞ්ඛා”තිආදීසු විය. ථෙය්යඤ්ච තං සඞ්ඛාතඤ්චාති ථෙය්යසඞ්ඛාතං, ථෙය්යචිත්තසඞ්ඛාතො එකො චිත්තකොට්ඨාසොති අත්ථො. කරණත්ථෙ චෙතං පච්චත්තවචනං, තස්මා ථෙය්යසඞ්ඛාතෙනාති අත්ථතො දට්ඨබ්බං.
යං තං පරස්සා යනු යම් ඒ අනුන් සතු වූවක් පරචිත්තූපකරණං යනු ඒ අනුන් සතු වූ සතුට උපදවන උපකරණ සතුට ඇතිකරන පිරිකර භාණ්ඩ, ගාමගතංවො ඇතුලුගම තබන ලද අරඤ්ඤකගතංවා ගස් අග, අතු අග, පර්වත මුදුන් ආදියෙහි තබන ලද අදින්නං අනුන් විසින් කයින් හෝ වචනයෙන් නො දෙන ලද, ථෙය්‍ය සංඛාතං යනු එහි ථෙන නම් සොරායි. සොරකම් කරන බව සොරකම් සිත, පැහැර ගැනීමේ සිතට මේ නමකි. සංඛාතං ‘සංඛාතං’ යනු අර්ථ හෙයින් එක් කොටසකට මේ නමකි. සඤ්ඤා නිදානා හි පපඤ්ච සංඛ යනාදී තන්හි මෙනි. ථෙය්‍ය (සොරසිත) වූයේත් සංඛ්‍යාත වූයේත් එකම යයි ථෙය්‍ය සංඛ්‍යාත නමි. ථෙය්‍ය චිත්ත සංඛ්‍යාත වූ එක් චිත්ත කොට්ඨාශයක යන අර්ථයි. තව ද මේ කරණාර්ථයෙහි කර්ම වචනයි. එහෙයින් ථෙය්‍ය සංඛ්‍යාත වූ සිතින් යයි අර්ථ දතයුතුය.
මාතුරක්ඛිතාතිආදීසු යං පිතරි නට්ඨෙ වා මතෙ වා ඝාසච්ඡාදනාදීහි පටිජග්ගමානා, වයපත්තං කුලඝරෙ දස්සාමීති මාතා රක්ඛති, අයං මාතුරක්ඛිතා නාම. එතෙනුපායෙන පිතුරක්ඛිතාදයොපි වෙදිතබ්බා. සභාගකුලානි පන කුච්ඡිගතෙසුපි ගබ්භෙසු කතිකං කරොන්ති – “සචෙ මය්හං පුත්තො හොති, තුය්හං ධීතා, අඤ්ඤත්ථ ගන්තුං න ලභිස්සති, මය්හං පුත්තස්සෙව හොතූ”ති. එවං ගබ්භෙපි පරිග්ගහිතා සස්සාමිකා නාම. “යො ඉත්ථන්නාමං ඉත්ථිං ගච්ඡති, තස්ස එත්තකො දණ්ඩො”ති එවං ගාමං වා ගෙහං වා වීථිං වා උද්දිස්ස ඨපිතදණ්ඩා, පන සපරිදණ්ඩා නාම. අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපීති යා සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන, “එසා මෙ භරියා භවිස්සතී”ති සඤ්ඤාය තස්සා උපරි කෙනචි මාලාගුණං ඛිපන්තෙන මාලාගුණමත්තෙනාපි පරික්ඛිත්තා හොති. තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොතීති එවරූපාසු ඉත්ථීසු සම්මාදිට්ඨිසුත්තෙ වුත්තමිච්ඡාචාරලක්ඛණවසෙන වීතික්කමං කත්තා හොති.
මාතුරක්ඛිතා පියා මියගිය කල්හි වස්ත්‍ර ආහාර ආදියෙන් පිළිදැගුම් කරමින්, වියපත් යමෙක් කුලගෙය පාවාදෙන්නෙමියි මව් රකී ද මෝ මාතුරක්ඛිතා නමි. මේ ක්‍රමයෙන් ම පිතුරක්ඛිතා යන්න ද දතයුතුය. සමාන කුලයෙන් දරුගැබක් කුස පිහිටි කල්හි කතිකා කරති. ඉදින් මට පුතෙකුත් නුඹට දුවෙකුත් වී නම් වෙනත් තැනක යන්නට නො ලැබෙන්නේ ය. මගේ පුතාටම වේවයි මෙසේ ගැබෙහිදීම අයත් කරන ලද්දේ සස්සාමිකා නමි. යමෙක් මේ නම් ස්ත්‍රිය කරා යේනම් ඔහුට මෙතෙක් දඩ යයි මෙසේ ගමක හෝ වීදියක හෝ නගරයක හෝ තැබූ දඬුවම් ඇත්තී සපරිදණ්ඩා නමු. අන්තමසො මාලාගුණ පරික්ඛිත්තාපි යම් ස්ත්‍රියක් හැමට යටත්පිරිසෙයින් මෝ මට භාර්යා වන්නේ යයි ඇගේ ඇඟෙහි මල්දම් දමන්නා වූ කිසිවකු විසින් මල්දම් පමණකින්ම පරික්ෂිප්ත වූවා වේද, තථාරූපාසු වාරිත්තං ආපජ්ජිතා හොති මෙබඳු ස්ත්‍රීන් කෙරෙහි සම්මාදිට්ඨි සූත්‍රයෙහි කී මිථ්‍යාචාරයේ ලක්ෂණ වශයෙන් කරන්නේ වේ.
සභාගතොති සභායං ඨිතො. පරිසාගතොති පරිසායං ඨිතො. ඤාතිමජ්ඣගතොති දායාදානං මජ්ඣෙ ඨිතො. පූගමජ්ඣගතොති සෙනීනං මජ්ඣෙ ඨිතො. රාජකුලමජ්ඣගතොති රාජකුලස්ස මජ්ඣෙ මහාවිනිච්ඡයෙ ඨිතො. අභිනීතොති පුච්ඡනත්ථාය නීතො. සක්ඛිපුට්ඨොති සක්ඛිං කත්වා පුච්ඡිතො. එහම්භො පුරිසාති ආලපනමෙතං. අත්තහෙතු වා පරහෙතු වාති අත්තනො වා පරස්ස වා හත්ථපාදාදිහෙතු වා ධනහෙතු වා. ආමිසකිඤ්චික්ඛහෙතු වාති එත්ථ ආමිසන්ති ලාභො අධිප්පෙතො. කිඤ්චික්ඛන්ති යං වා තං වා අප්පමත්තකං. අන්තමසො තිත්තිරවට්ටකසප්පිපිණ්ඩනවනීතපිණ්ඩාදිමත්තකස්සපි ලඤ්ජස්ස හෙතූති අත්ථො. සම්පජානමුසා භාසිතා හොතීති ජානන්තොයෙව මුසාවාදං කත්තා හොති.
සභග්ගතො සභාවෙහි සිටියේ, පරිසග්ගතො ගම පිරිස් මැද සිටියේ, ඤාති මජ්ඣගතො දායාදයන් මැද සිටියේ, පූගමජ්ඣගතො ශ්‍රේණිය (සමූහයා) මැද සිටියේ, රාජකුලමජ්ඣගතො රජකුලයන් මැද මහා විනිශ්චයෙහි සිටියේ, අභිනීතො ප්‍රශ්න කරනු සඳහා කැඳවන ලද්දේ. සක්ඛිපුට්ඨො සාක්ෂිකොට විචාරන ලද්දේ, එතම්හො පුරිසා ඇමතීමයි. අත්තහෙතුවා පරහෙතුවා තමාගේ හෝ අනුන්ගේ හෝ අත් පා නිසා හෝ ධනය නිසා හෝ, ආමිසකිඤ්චික්ඛහෙතු වා මෙහි ‘ආමිස’ යන්නෙන් ‘අත්ලස්’ අදහස් කරන ලදී. ‘කිඤ්චික්ඛං’ යන්නෙන් ඉතා සුළු දෙයක් හෝ අවම වශයෙන් තිත්වටුවෙක්, ගිතෙල් පිඬක්, වෙඬරු පිඩක් ආදී වූ සුළු අත්ලසක්, හේතුකොටගෙන යන අර්ථයි. සම්පජාන මුසා භාවිතො හොති දැනුවත්වම මුසාවාද කියන්නේ වේ.
ඉමෙසං භෙදායාති යෙසං ඉතොති වුත්තානං සන්තිකෙ සුතං හොති, තෙසං භෙදාය. අමූසං භෙදායාති යෙසං අමුත්රාති වුත්තානං සන්තිකෙ සුතං හොති, තෙසං භෙදාය. ඉති සමග්ගානං වා භෙදකාති එවං සමග්ගානං වා ද්වින්නං සහායකානං භෙදං කත්තා. භින්නානං වා අනුප්පදාතාති සුට්ඨු කතං තයා, තං පජහන්තෙන කතිපාහෙනෙව තෙ මහන්තං අනත්ථං කරෙය්යාති එවං භින්නානං පුන අසංසන්දනාය අනුප්පදාතා උපත්ථම්භෙතා කාරණං දස්සෙතාති අත්ථො. වග්ගො ආරාමො අභිරතිට්ඨානමස්සාති වග්ගාරාමො. වග්ගරතොති වග්ගෙසු රතො. වග්ගෙ දිස්වා වා සුත්වා වා නන්දතීති වග්ගනන්දී. වග්ගකරණිං වාචන්ති යා වාචා සමග්ගෙපි සත්තෙ වග්ගෙ කරොති භින්දති, තං කලහකාරණං වාචං භාසිතා හොති.
ඉමෙසං භෙදායා යමෙකුන්ට, ඉතො මෙයින් යම් කෙනෙකුන් ඉදිරිපිටදී අසන ලද්දේ වේද, ඔවුන්ගේ භේදය පිණිස අමුසං හෙදාය ඔවුන්ගේ අමුත්රා අසවල් තැනයයි කියන ලද ද ඔවුන්ගේ භේදය පිණිස, ඉති සමග්ගානංවා හෙන්තා මෙසේ සමගි වූ යහළුවන් දෙදෙනෙකු භේද කරන්නේ, භින්නානංවා අනුප්පදාතා ඔහු හරණ වූ තොප විසින් කරන ලද්ද මැනව, කීප දිනකින්ම තිට අවැඩක් කරන්නේ යයි, මෙසේ වෙනස් වූවන්ගේ නැවත සමගි නො වීමට, උදව් දෙන්නේ කරුණු දක්වන්නේ යන අර්ථයි. වෙන්වීම සිත් ඇලවූයේ යහපත් වූයේ මොහුටනුයි වග්ගාරාම නමි. වෙන්වීමේ ඇලුනේ යන අර්ථයේ වග්ගරත නම් වේ. අසමගි වූවන් අසා සතුටු වන්නේ යන අර්ථයෙන් වග්ගනන්දි නම් වේ. වග්ගකරණී වාචං යම් වචනයක් සමග වූ සත්ත්වයන් වර්ග කෙරේද, බිඳුවාද, ඒ කලහකාරී වචන කියන්නේ වෙයි.
අණ්ඩකාති යථා සදොසෙ රුක්ඛෙ අණ්ඩකානි උට්ඨහන්ති, එවං සදොසතාය ඛුංසනාවම්භනාදිවචනෙහි අණ්ඩකා ජාතා. කක්කසාති පූතිකා. යථා නාම පූතිකරුක්ඛො කක්කසො හොති පග්ඝරිතචුණ්ණො, එවං කක්කසා හොති, සොතං ඝංසමානා විය පවිසති. තෙන වුත්තං “කක්කසා”ති. පරකටුකාති පරෙසං කටුකා අමනාපා දොසජනනී. පරාභිසජ්ජනීති කුටිලකණ්ටකසාඛා විය මම්මෙසු විජ්ඣිත්වා පරෙසං අභිසජ්ජනී ගන්තුකාමානම්පි ගන්තුං අදත්වා ලග්ගනකාරී. කොධසාමන්තාති කොධස්ස ආසන්නා. අසමාධිසංවත්තනිකාති අප්පනාසමාධිස්ස වා උපචාරසමාධිස්ස වා අසංවත්තනිකා. ඉති සබ්බානෙව තානි සදොසවාචාය වෙවචනානි.
අණ්ඩකා යම්සේ උවදුරු සහිත ගසෙක බිත්තර දමන්නේ ද, එසේ වැරදි සදොස් බවින් ආක්‍රොශය පහත් කිරීමය ආදී වචනයන්ගෙන් හටගත් බිජුවට ඇති, කක්කසා කුණු වූ ඕ යම් සේ නම් කුණු වූ වෘක්ෂය කලක වූයේ, වැගිරෙන සුණු ඇත්තේ වේද, එසේ කුණු වූවා වෙයි. කණට ගසමින් මෙන් පිවිසෙයි. එයින් කියන ලදී. කක්කසා යනු. පරකුටකා අන්‍යයන්ට කටුක වූ, සිතට අප්‍රිය උපදවන, පරාභිසජ්ජනී වක් වූ කටු අත්තක් මෙන්.............අනුන් අලවන්නී යනු කැමැත්ත ඇති අයට යන්ට නොදී, ඇලීම් කරන්නා වූ කොධසාමන්තා ක්රෝෂ්ඨයට ආසන්න වූ, අසමාධි සංවත්තනිකා අර්පණා සමාධියට හෝ උපචාර සමාධියට නො පවත්නී වූ, මේ සියල්ල ‘සදොස’ වචනයට නිර්වචනයි. සමාන අදහස් ඇති වචනයි.
අකාලවාදීති අකාලෙන වත්තා. අභූතවාදීති යං නත්ථි, තස්ස වත්තා. අනත්ථවාදීති අකාරණනිස්සිතං වත්තා. අධම්මවාදීති අසභාවං වත්තා. අවිනයවාදීති අසංවරවිනයපටිසංයුත්තස්ස වත්තා. අනිධානවති වාචන්ති හදයමඤ්ජූසායං නිධෙතුං අයුත්තං වාචං භාසිතා හොති. අකාලෙනාති වත්තබ්බකාලස්ස පුබ්බෙ වා පච්ඡා වා අයුත්තකාලෙ වත්තා හොති. අනපදෙසන්ති සුත්තාපදෙසවිරහිතං. අපරියන්තවතින්ති අපරිච්ඡෙදං, සුත්තං වා ජාතකං වා නික්ඛිපිත්වා තස්ස උපලබ්භං වා උපමං වා වත්ථුං වා ආහරිත්වා බාහිරකථංයෙව කථෙති. නික්ඛිත්තං නික්ඛිත්තමෙව හොති. “සුත්තං නු ඛො කථෙති ජාතකං නු ඛො, නස්ස අන්තං වා කොටිං වා පස්සාමා”ති වත්තබ්බතං ආපජ්ජති. යථා වටරුක්ඛසාඛානං ගතගතට්ඨානෙ පාරොහා ඔතරන්ති, ඔතිණ්ණොතිණ්ණට්ඨානෙ සම්පජ්ජිත්වා පුන වඩ්ඪන්තියෙව. එවං අඩ්ඪයොජනම්පි යොජනම්පි ගච්ඡන්තියෙව, ගච්ඡන්තෙ ගච්ඡන්තෙ පන මූලරුක්ඛො විනස්සති, පවෙණිජාතකාව තිට්ඨන්ති. එවමයම්පි නිග්රොධධම්මකථිකො නාම හොති; නික්ඛිත්තං නික්ඛිත්තමත්තමෙව කත්වා පස්සෙනෙව පරිහරන්තො ගච්ඡති. යො පන බහුම්පි භණන්තො එතදත්ථමිදං වුත්තන්ති ආහරිත්වා ජානාපෙතුං සක්කොති, තස්ස කථෙතුං වට්ටති. අනත්ථසංහිතන්ති න අත්ථනිස්සිතං.
අකාලවාදී නො කල්හි කියන, අභූතවාදිනී නැති දෙයක් කියන, අනත්ථවාදී නිකරුණේ අර්ථයක් නැති වචන කියන, අවිනයවාදී සංවර විනයට පටහැනි දේ කියන, අධම්මවාදී අස්වාභාවය කියන, අනිධානවතිං වාචං හදවතෙහි තබාගැනීමට නුසුදුසු වචන කියන, අකාලෙන කීමට සුදුසු කාලයට පෙර හෝ පසුව නො කිවයුතු කල කියන, අනපදෙසං සූත්‍ර ධර්මයන්ට නො ගැළපෙන සේ කියන, අපරියන්තිවතිං කොටස් කිරීම් රහිත, සූත්‍රයක් හෝ ජාතකයක් හෝ අත්හැර ඒ සූත්‍රයට හෝ ජාතකයට හේ යෙදිය යුතු උපමාවක් හෝ වස්තුවක් හෝ නො එළවා, බාහිර කථාවක්ම කියයි. පළමු කියන ලදීද කී පමණකින්ම වේ. සූත්‍රයක් කියන්නේ ද ජාතකයක් කියන්නේ ද යනුවෙන් නිශ්චිතයක් අරමුණක් කෙළවරක් නො දක්නෙමුයි කිවයුතු බවට පැමිණෙයි. යම්සේ නුගරුක අතු ගිය ගිය තැන අරලු (අතුවලින් ඇතිවන මුල්) බසිත්ද, වැටුණු වැටුණ තන්හි පොළව පිහිටාගෙන නැවත වැඩෙත්ද, මෙසේ අඩ යොදුනක්, යොදුනක් පමණ යමින් යමින් මුල් රුක විනාශ වේද, ප්‍රවේණියෙන් හටගත්තාහුම සිටිති. එපරිද්දෙන් මේ අයත් ‘නිග්‍රෝධ ධර්ම කථික’ නම් වෙත්. කියන ලද්දම කියන ලද කොටස් පහකින් ගනිමින් සිටියි. යමෙක් බොහෝ දේ කියන්නේ ද, ඒ සඳහා මෙය කියන ලදී. එළව එළවා දක්වන්නට හැක්කේ ද, ඔහුගේ කීම වටී. අනත්ථ සංහිතො අනර්ථය පිණිස හේතු වූ.
අභිජ්ඣාතා හොතීති අභිජ්ඣාය ඔලොකෙතා හොති. අහො වතාති පත්ථනත්ථෙ නිපාතො. අභිජ්ඣාය ඔලොකිතමත්තකෙන චෙත්ථ කම්මපථභෙදො න හොති. යදා පන, “අහො වතිදං මම සන්තකං අස්ස, අහමෙත්ථ වසං වත්තෙය්ය”න්ති අත්තනො පරිණාමෙති, තදා කම්මපථභෙදො හොති, අයමිධ අධිප්පෙතො.
අභිජ්ඣාතා හොති යනු අභිධ්‍යාවෙන් බලන්නේ වෙයි. අභොවත යනු ප්රාර්ථනාර්ථයෙහි නිපාතයි. තව ද, දැඩි ලෝභයෙන් බැලූ පමණකින් කර්මපථ භේදය නොවේ. යම්කලෙක මෙය මා සතු වන්නේ ද, මම මෙහි අධිපති වන්නේ ද, එය ඉතා යෙහෙකැයි තමන්ට පිරිනමයිද, එකල්හි කර්මපථ භේදය වෙයි. මේ මෙහි අදහසයි.
බ්යාපන්නචිත්තොති විපන්නචිත්තො පූතිභූතචිත්තො. පදුට්ඨමනසඞ්කප්පොති දොසෙන දුට්ඨචිත්තසඞ්කප්පො. හඤ්ඤන්තූති ඝාතියන්තූ. වජ්ඣන්තූති වධං පාපුණන්තු. මා වා අහෙසුන්ති කිඤ්චිපි මා අහෙසුං. ඉධාපි කොපමත්තකෙන කම්මපථභෙදො න හොති. හඤ්ඤන්තූතිආදිචින්තනෙනෙව හොති, තස්මා එවං වුත්තං.
බ්යාපන්නචිත්තො විරුද්ධ බවට පැමිණි සිත් ඇත්තේ, කුණු වූ සිත් ඇත්තේ, පදුට්ඨමනසංකප්පො ද්වේෂයෙන් දූෂිත වූ සිත් ඇත්තේ, හඤ්ඤන්තු නසනු ලැබෙත්වා. වජ්ඣන්තු වධයට පැමිණෙත්වා. මාවා අහෙසුං කිසිවකුදු නොවේවා. මෙහිද කෝප මාත්‍රයකින් කර්මපථ භේදය නොවෙයි. නසනු ලැබෙත්වා යන සිතීමෙන්ම වේ. එහෙයින් මෙසේ කියන ලදී.
මිච්ඡාදිට්ඨිකොති අකුසලදස්සනො. විපරීතදස්සනොති විපල්ලත්ථදස්සනො. නත්ථි දින්නන්ති දින්නස්ස ඵලාභාවං සන්ධාය වදති. යිට්ඨං වුච්චති මහායාගො. හුතන්ති පහෙණකසක්කාරො අධිප්පෙතො, තම්පි උභයං ඵලාභාවමෙව සන්ධාය පටික්ඛිපති. සුකතදුක්කටානන්ති සුකතදුක්කටානං, කුසලාකුසලානන්ති අත්ථො. ඵලං විපාකොති යං ඵලන්ති වා විපාකොති වා වුච්චති, තං නත්ථීති වදති. නත්ථි අයං ලොකොති පරලොකෙ ඨිතස්ස අයං ලොකො නත්ථි. නත්ථි පරො ලොකොති ඉධ ලොකෙ ඨිතස්සපි පරලොකො නත්ථි, සබ්බෙ තත්ථ තත්ථෙව උච්ඡිජ්ජන්තීති දස්සෙති. නත්ථි මාතා නත්ථි පිතාති තෙසු සම්මාපටිපත්තිමිච්ඡාපටිපත්තීනං ඵලාභාවවසෙන වදති. නත්ථි සත්තා ඔපපාතිකාති චවිත්වා උපපජ්ජනකසත්තා නාම නත්ථීති වදති. සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං අභිවිසිට්ඨාය පඤ්ඤාය සයං පච්චක්ඛං කත්වා පවෙදෙන්ති, තෙ නත්ථීති සබ්බඤ්ඤුබුද්ධානං අභාවං දීපෙති, එත්තාවතා දසවත්ථුකා මිච්ඡාදිට්ඨි කථිතා හොති.
මිච්ඡාදිට්ඨිකො යනු අකුශල දර්ශන ඇත්තේ, විපරීත දස්සනො විපර්යාස වූ දර්ශන ඇත්තේ, නත්ථි දින්නං දුන් දෙයෙහි විපාකය සඳහා කියන ලදී. යිට්ඨං මහා යාගය කියනු ලැබේ. හුතං පඬුරුකොට යවන සත්කාරය කියන ලදී. එහි ද ඒ දෙකම එලාභාවය සඳහා ප්‍රතික්ෂේප කරති. සුතං දුක්කටානං යහපත් අයහපත්, කුසල් අකුසල් යන අර්ථයි. ඵලං විපාකො යම්කිසි ඵලයක් හෝ විපාකයක් හෝ කියයි. එය නැතැයි කියයි. නත්ථි අයං ලොකො පරලොව සිටියවුනට මෙලොවක් නැතැයි කියයි. නත්ථි පරො ලොකො මෙලොව සිටින්නවුන්ට පරලොවක් නැතැයි කියයි. සියල්ලෝ ඒ ඒ තන්හි අවසානයට පැමිණේයයි කියයි. නත්ථි මාතා නත්ථි පිතා දෙමාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති (හොඳ නරක කිරිමෙන්) ප්‍රතිඵල නැති බව කියයි. නත්ථි සත්තා ඔපපාතිකා චුත වැ උපදනා සත්ත්වයෝ නැතැයි කියයි. සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති යමෙක් මෙලොවද පරලොව ද අති විශිෂ්ට ඤාණයෙන් තෙමේම අවබෝධ කරගෙන, ප්‍රකාශ එවැනි කෙනෙක් නැතැයි කියයි. සර්වඥ බුදුවරුන් නැති බව දක්වයි. මෙසේ දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය කියන ලද දේ වේ.
පාණාතිපාතං පහායාතිආදයො සත්ත කම්මපථා චූළහත්ථිපදෙ විත්ථාරිතා. අනභිජ්ඣාදයො උත්තානත්ථායෙව.
පාණාතිපාතං පහාය යනාදී සත්වැදෑරුම් කර්මපථ චූළ හත්ථිපදෝපම සූත්‍රයෙහි විස්තර කරන ලදී. අනභිධ්යාදියෙහි කරුණු ප්රකටය.
සහබ්යතං උපපජ්ජෙය්යන්ති සහභාවං උපගච්ඡෙය්යං. බ්රහ්මකායිකානං දෙවානන්ති පඨමජ්ඣානභූමිදෙවානං. ආභානං දෙවානන්ති ආභා නාම විසුං නත්ථි, පරිත්තාභඅප්පමාණාභආභස්සරානමෙතං අධිවචනං. පරිත්තාභානන්තිආදි පන එකතො අග්ගහෙත්වා තෙසංයෙව භෙදතො ගහණං. පරිත්තසුභානන්තිආදීසුපි එසෙව නයො. ඉති භගවා ආසවක්ඛයං දස්සෙත්වා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨපෙසි.
සහව්යතං උපපජ්ජෙය්යං සහභාවයට පැමිණෙන්නෙමි. බ්රහ්මකායිකානං දෙවානං ප්‍රථමධ්‍යාන භූමි දෙවිවරුන්ගේ ආභානං දෙවානං ආභා යයි වෙනම නැත. පරිත්තාභ, අවීපමාණාභ, ආභස්සර දෙවියන්ට මේ නමයි. පරිත්තාභානං යනාදිය එක්කොට නොගෙන ඔවුන්ගේම භේද වශයෙන් ගැනීමය. සුභානං පරිත්තසුභානං යනාදියෙහි ද මේ ක්‍රමයමැයි. මෙපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන් නැතිකිරීම දක්වා අර්හත්වයට කුළුගන්වා දේශනාව අවසන් කළ සේක.
ඉධ ඨත්වා පන දෙවලොකා සමානෙතබ්බා. තිස්සන්නං තාව ඣානභූමීනං වසෙන නව බ්රහ්මලොකා, පඤ්ච සුද්ධාවාසා චතූහි ආරූපෙහි සද්ධිං නවාති අට්ඨාරස, වෙහප්ඵලෙහි සද්ධිං එකූනවීසති, තෙ අසඤ්ඤං පක්ඛිපිත්වා වීසති බ්රහ්මලොකා හොන්ති, එවං ඡහි කාමාවචරෙහි සද්ධිං ඡබ්බීසති දෙවලොකා නාම. තෙසං සබ්බෙසම්පි භගවතා දසකුසලකම්මපථෙහි නිබ්බත්ති දස්සිතා.
නැවත මෙහි සිට දිව්‍යලෝක දැක්විය යුතුය. පළමුව ත්‍රිවිධ ධ්‍යානභූමි වශයෙන් නව බ්‍රහ්මලෝක වෙති. පංච ශුද්ධාවාස, සතර අරූපී බඹලෝ සමග නවයක්ම යයි දහඅටෙකි. වෘහත්ඵලයන් සමග දහනවයෙකි. ඔව්හූ අසංඥතලය මහා බ්‍රහ්මලෝක විස්ස වෙති. මෙසේ කාමාවචර සය සමග සවිසි දිව්‍යලෝක වෙති. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ලන්ගේම දශකුශල කර්මපථයන්ගේ ඉපදීම දක්වති.
තත්ථ ඡසු තාව කාමාවචරෙසු තිණ්ණං සුචරිතානං විපාකෙනෙව නිබ්බත්ති හොති. උපරිදෙවලොකානං පන ඉමෙ කම්මපථා උපනිස්සයවසෙන කථිතා. දස කුසලකම්මපථා හි සීලං, සීලවතො ච කසිණපරිකම්මං ඉජ්ඣතීති. සීලෙ පතිට්ඨාය කසිණපරිකම්මං කත්වා පඨමජ්ඣානං නිබ්බත්තෙත්වා පඨමජ්ඣානභූමියං නිබ්බත්තති; දුතියාදීනි භාවෙත්වා දුතියජ්ඣානභූමිආදීසු නිබ්බත්තති; රූපාවචරජ්ඣානං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අනාගාමිඵලෙ පතිට්ඨිතො පඤ්චසු සුද්ධාවාසෙසු නිබ්බත්තති; රූපාවචරජ්ඣානං පාදකං කත්වා අරූපාවචරසමාපත්තිං නිබ්බත්තෙත්වා චතූසු අරූපෙසු නිබ්බත්තති; රූපාරූපජ්ඣානං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණාති. අසඤ්ඤභවො පන බාහිරකානං තාපසපරිබ්බාජකානං ආචිණ්ණොති ඉධ න නිද්දිට්ඨො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එහි කාමාවචර සයෙහි තුන් කුසලයන්ගේ විපාකයන්ගෙන් ම උපැදීම ලබයි. එහෙත් මතු දිව්‍ය ලෝකයන්ට මේ කර්මපථයෝ උපනිශ්‍රය වශයෙන් කියන ලද්දාහුය. ඒ එසේමැයි. දශකුශල කර්මපථයෝ ශීලය ය. සිල්වතුන්ගේම කසිණ පරිකර්ම සමෘද්ධ වන බැවින් සීලයෙහි පිහිටා කසිණ වඩා පළමුවන ධ්‍යානය උපදවා දෙවෙනි දහම් ආදිය වඩා ද්විතීය ධ්‍යාන භූමියෙහි උපදී. රූපාවචර ධ්‍යානය පාදක කොට විදසුන් වඩා අනාගාමි ඵලයෙහි පිහිටියේ පංචශුද්ධා වාසයන්හි උපදී. රූපාවචර ධ්‍යානය පාදක කොට අරූපාවචර සමාපත්තිය උපදවා, සතර ආරුප්පයන්හි උපදී. රූපාවචර ධ්‍යානය පාදකකොට විදසුන් වඩා රහත්ඵලයට පැමිණෙයි. අසංඥසත්ත්වයා වූ කලී බාහිර වූ පිරිවැජියන් විසින් පුරුදු කරන ලද්දක් වන නිසා මෙහි නො දැක්වේ. ඉතිරිය සියලු තැන පැහැදිලි අර්ථ ඇත්තේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සාලෙය්යකසුත්තවණ්ණනා නිට්ඨිතා.
සාලෙය්‍යක සූත්‍ර වර්ණනාව නිමියේය.