යෙදුමෙන් කියවන්න

සාලෙය්‍යකසුත‍්තං

1. 5. 1.

1. 5. 1.

සාලෙය්‍යකසුත‍්තං

සාලෙය්‍යක සූත්‍රය

1. එවං මෙ සුතං: – එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං යෙන සාලා නාම කොසලානං බ්‍රාහ‍්මණගාමො තදවසරි.

1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟන හා සමඟ කොසොල් දනවියෙහි (අතුරිතචාරිකා විසින්) සැරිසරනසේක් කොසොල්රැටියන්ගේ සාලා නම් බමුණු ගමට වැඩිසේක.

2. අස‍්සොසුං ඛො සාලෙය්‍යකා බ්‍රාහ‍්මණගහපතිකා: “සමණො ඛලු භො ගොතමො සක්‍යපුත‍්තො සක්‍යකුලා පබ‍්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං සාලං අනුප‍්පත‍්තො. තං ඛො පන භවන‍්තං ගොතමං එවං කල්‍යාණො කිත‍්තිසද‍්දො අබ‍්භුග‍්ගතො: ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං, සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස‍්සනං හොතී”ති.

2. සාලා බමුණුගැමි බමුණු ගැහැවියෝ “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු මහබික්සඟන හා සමඟ කොසොල් දනව්හි සැරිසරනසේක් සාලාගමට වැඩිසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙබඳු කලණ යසගී පැනැනැඟිණ: ඒ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් දැන පසක් කොට දන්වත් ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසත්. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බඹසර පවසත්. එවන් රහතුන් දස්නෙක් වේ නම් මනා මැ නු”යි ඇසූහු මැයි.

3. අථ ඛො සාලෙය්‍යකා බ්‍රාහ‍්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා අප‍්පෙකච‍්චෙ භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ භගවතා සද‍්ධිං සම‍්මොදිංසු, සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ භගවතො සන‍්තිකෙ නාමගොත‍්තං සාවෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ තුණ‍්හීභූතා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො සාලෙය්‍යකා බ්‍රාහ‍්මණගහපතිකා භගවන‍්තං එතදවොචුං:

3. එසඳ සාලාගම බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු වූහු තුස්නට නිසි සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් සාලාගම බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

4. කො නු ඛො භො ගොතම හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති? කො පන භො ගොතම හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති?

4. භවත් ගොයුම් ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහ ව ගිය, නපුරුගති ඇති, විනිවාප වූ, නිරැ වැදැ ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත් හු.

5. අධම‍්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. ධම‍්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්තීති.

5. ගැහැවියෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි, නපුරුගති ඇති, විනිපාත වූ නිරැ වැදගනිති. ගැහැවියෙනි, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිතියි වදාළහ.

6. න ඛො මයං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාම. සාධු නො භවං ගොතමො තථා ධම‍්මං දෙසෙතු යථා මයං ඉමස‍්ස භොතො ගොතමස‍්ස සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං අවිභත‍්තස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යාමාති. තෙන හි ගහපතයො සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවං භොති ඛො සාලෙය්‍යකා බ්‍රාහ‍්මණගහපතිකා භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

6. “විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල බස පිළිබඳ ව විස්තර වශයෙන් අර්‍ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්‍ත්‍ථ දැනැගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසනසේක් නම් මනා මැනු”යි සැළකළහ. “ගැහැවියෙනි, එසේ නම් අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. භවත්නි, එසේ යැ යි සල්ගැමි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

7. තිවිධං ඛො ගහපතයො කායෙන අධම‍්මචරියා විසමචරියා හොති. චතුබ‍්බිධං වාචාය අධම‍්මචරියා විසමචරියා හොති. තිවිධං මනසා අධම‍්මචරියා විසමචරියා හොති.

7. ගැහැවියෙනි, කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

8. කථඤ‍්ච ගහපතයො තිවිධං කායෙන අධම‍්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො පාණාතිපාතී හොති ලුද‍්දො ලොහිතපාණි හතපහතෙ නිවිට‍්ඨො අදයාපන‍්නො පාණභූතෙසු. අදින‍්නාදායී ඛො පන හොති, යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා තං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච‍්ඡාචාරී ඛො පන හොති, යා තා මාතුරක‍්ඛිතා පිතුරක‍්ඛිතා මාතාපිතුරක‍්ඛිතා භාතුරක‍්ඛිතා භගිනීරක‍්ඛිතා ඤාතිරක‍්ඛිතා ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා සස‍්සාමිකා සපරිදණ‍්ඩා, අන‍්තමසො මාලාගුණපරික‍්ඛිත‍්තාපි, තථාරූපාසු චාරිත‍්තං ආපජ‍්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන අධම‍්මචරියා විසමචරියා හොති.

8. ගැහැවියෙනි, කෙසේ කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි, කැකුළු වෙයි. ලෙයින් වැකි අත් ඇති වෙයි. මෙරමා කෙටීමෙහි දු මැරීමෙහි දු නිවිෂ්ට වෙයි. ප්‍රාණීන් කෙරෙහි නිදැලි වෙයි. අයිනාදන් කරනුවෙයි. පරා අයත්, එයින්ම පරාසතු පරා තුටු කරන පිරිකරබඩු ගම්හි තැබුවා වේවායි, අරන්හි තැබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොරසිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇතිවෙයි: මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා යයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මාලාදාමයෙන් විවාහපිණිස පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරි භාවයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කාදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

9. කථඤ‍්ච ගහපතයො චතුබ‍්බිධං වාචාය අධම‍්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො මුසාවාදී හොති සභාගතො වා පරිසගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො රාජකුල මජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො: ‘එහම‍්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස‍්සං වා ආහ පස‍්සාමීති, පස‍්සං වා ආහ න පස‍්සාමීති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිස කිඤ‍්චික‍්ඛහෙතු වා සම‍්පජානමුසා භාසිතා හොති. පිසුණවාචො ඛො පන හොති: ඉතො සුත්‍වා අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති සමග‍්ගානං වා භෙත‍්තා භින‍්නානං වා අනුප‍්පදාතා, වග‍්ගාරාමො වග‍්ගරතො වග‍්ගනන්‍දී වග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසාවාචො ඛො පන හොති. යා සා වාචා අණ‍්ඩකා කක‍්කසා පරකටුකා පරාභිසජ‍්ජනී කොධසාමන‍්තා අසමාධිසංවත‍්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපී ඛො පන හොති: අකාලවාදී අභූතවාදී අනත්‍ථවාදී අධම‍්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා අකාලෙන අනපදෙසං අපරියන‍්තවතිං අනත්‍ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ‍්බිධං වාචාය අධම‍්මචරියා විසමචරියා හොති.

9. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේව යි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා” යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව හේ නොදන්මින් හෝ දන්මි කියයි. දන්මින් හෝ නොදන්මී කියයි, නොදක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනුබස් ඇති වෙයි: මෙහි දී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි, එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳුනේ හෝ වෙයි, බිඳුණු දෙයහළුවන් වියෝවනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්‍ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්‍ගයෙහි ඇලුම් ඇතියේ, වර්‍ගව සිටුනා දැක තුස්නේ (සමග වූවනුදු බිඳී යනසේ) වර්‍ග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරහට කුළු වූ, (චිත්ත දූෂණ උදාකරන) මෙරමා ඝටන, කෝපයට අසල්ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. ප්‍රලාප ඇති වෙයි: (යුතුකල් පියා) අයතුකල කියනු වෙයි, නොවූ දැය කියනු වෙයි, අර්‍ත්‍ථරහිත දැය කියනු වෙයි, අස්වභාව කියනු වෙයි, සංවරවිනය නොකියනු වෙයි, (හෘදයම ඤ්ජුෂායෙහි) නිදහනට නොනිසි බස් බණනු වෙයි, අකාලයෙහි සූත්‍රාපදේශරහිත කොට පර්‍ය්‍යන්තරහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ විසිදොරින් අධර්‍මචර්‍ය්‍යාවිෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.

10. කථඤ‍්ච ගහපතයො තිවිධං මනසා අධම‍්මචරියා විසමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො අභිජ‍්ඣාලු හොති: යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං තං අභිජ‍්ඣිතා හොති ‘අහො වත යං පරස‍්ස තං මම අස‍්සා’ති. බ්‍යාපන‍්නචිත‍්තො ඛො පන හොති පදුට‍්ඨමනසඞ‍්කප‍්පො: ඉමෙ සත‍්තා හඤ‍්ඤන‍්තු වා වජ‍්ඣන‍්තු වා උච‍්ඡිජ‍්ජන‍්තු වා විනස‍්සන‍්තු වා මා වා අහෙසුං ඉති චා’ති. මිච‍්ඡාදිට‍්ඨි ඛො පන හොති විපරීතදස‍්සනො: නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො නත්‍ථි පරො ලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මා පටිපන‍්නා යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. එවං ඛො ගහපතයො තිවිධං මනසා අධම‍්මචරියා විසමචරියා හොති.

10. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේ ය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල වෙයි. පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනැව යන) ලොබ සිතින් බලනු වෙයි. “අහෝ, පරාසතු යම් දැයෙක් වේ ද, ඒ මා සතු වේවයි” පතනුයේ වෙයි. විපන්සිත් ඇති වෙයි, ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙසත්හු ඝාතන ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ නසනුලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ” කියායි. විපර්‍ය්‍යාසදර්‍ශන ඇති මිසදිටුයෙක් (අකුසලදර්‍ශන ඇතියෙක්) හෝ වෙයි: “දුන් දැය විපාක නැත. යාගවිපාක නැත. අමුතුවනට යුතු කළ දන විපාක නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත. පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග් ගත, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

11. එවං අධම‍්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

11. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැද ගනිති.

12. තිවිධං ඛො ගහපතයො කායෙන ධම‍්මචරියා සමචරියා හොති. චතුබ‍්බිධං වාචාය ධම‍්මචරියා සමචරියා හොති. තිවිධං මනසා ධම‍්මචරියා සමචරියා හොති.

12. ගැහැවියෙනි, කායද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

13. කථඤ‍්ච ගහපතයො තිවිධං කායෙන ධම‍්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති: නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති: යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං ගාමගතං වා අරඤ‍්ඤගතං වා තං නාදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදාතා හොති. කාමෙසු මිච‍්ඡාචාරං පහාය කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක‍්ඛිතා පිතුරක‍්ඛිතා මාතාපිතුරක‍්ඛිතා භාතුරක‍්ඛිතා භගිනීරක‍්ඛිතා ඤාතිරක‍්ඛිතා ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා සස‍්සාමිකා සපරිදණ‍්ඩා, අන‍්තමසො මාලාගුණපරික‍්ඛිත‍්තාපි, තථාරූපාසු න චාරිත‍්තං ආපජ‍්ජිතා හොති. එවං ඛො, ගහපතයො තිවිධං කායෙන ධම‍්මචරියා සමචරියා හොති.

13. ගැහැවියෙනි, කෙසේ කාදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරැ පියා පණිවායෙන් දුරුවූයේ වෙයි: බහා ලූ දඬු ඇති ව, බහා ලූ සත් ඇති ව, (පාපජුගුප්සා ලක්‍ෂණ) ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරාසතු, තුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙයසඞ්ඛ්‍යාත සොරසිතින් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැර පියා කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි: මතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩා ය යි යම්ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි මෙසේ කායද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

14. කථඤ‍්ච ගහපතයො චතුබ‍්බිධං වාචාය ධම‍්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සභාගතො වා පරිසගතො වා ඤාතිමජ‍්ඣගතො වා පූගමජ‍්ඣගතො වා රාජකුලමජ‍්ඣගතො වා අභිනීතො සක‍්ඛිපුට‍්ඨො: ‘එහම‍්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස‍්සං වා ආහ න පස‍්සාමීති, පස‍්සං වා ආහ පස‍්සාමීති. ඉති අත‍්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ‍්චික‍්ඛහෙතු වා න සම‍්පජානමුසා භාසිතා හොති. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය. ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා, සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති.

14. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සේනාසමූහයන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා”යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නො දන්මි කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි. දක්මින් හෝ දක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළකියේ වෙයි. මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමගි දෙයහළුවන් සන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි.

ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ‍්බිධං වාචාය ධම‍්මචරියා සමචරියා හොති.

පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි. නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරවැසියනට නිසි, බොහෝදෙනාට පිය වූ, බොහෝදෙනා මනවඩන යම් බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. ප්‍රලාප පියා පලපින් වැළකියේ වෙයි. බුණුව මනා කල් බලා බණනු වෙයි. ඇතිසැටි බණනු වෙයි. අරුතු බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය දහම් බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ ළෙහි නිදහන් කළයුතු බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.

15. කථඤ‍්ච ගහපතයො තිවිධං මනසා ධම‍්මචරියා සමචරියා හොති? ඉධ ගහපතයො එකච‍්චො අනභිජ‍්ඣාලු හොති: යං තං පරස‍්ස පරවිත‍්තූපකරණං, තං නාභිජ‍්ඣිතා හොති: ‘අහො වත යං පරස‍්ස තං මම අස‍්සා’ති. අබ්‍යාපන‍්නචිත‍්තො ඛො පන හොති අප‍්පදුට‍්ඨමනසඞ‍්කප‍්පො: ‘ඉමෙ සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ඣා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තූ’ති. සම‍්මාදිට‍්ඨි ඛො පන හොති අවිපරීතදස‍්සනො: ‘අත්‍ථි දින‍්නං, අත්‍ථි යිට‍්ඨං, අත්‍ථි හුතං, අත්‍ථි සුකටදුක‍්කටානං කම‍්මානං ඵලං විපාකො, අත්‍ථි අයං ලොකො, අත්‍ථි පරො ලොකො, අත්‍ථි මාතා අත්‍ථි පිතා, අත්‍ථි සත‍්තා ඔපපාතිකා, අත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා, යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. එවං ඛො, ගහපතයො තිවිධං මනසා ධම‍්මචරියා සමචරියා හොති.

15. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරාඅයත් එයින් ම පරාසතු තුටු දනවන, යම් පිරිකර බඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “පරාසතු යම් දැයෙක් වේද, ඒ මා සතු වේවයි පතනුයේ නොවෙයි. විපන් සිත් ඇති නොවෙයි ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති නොවෙයි”. “මෙ සත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිතව ආත්ම පරිහරණ කෙරෙත්වා” කියාය. අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත. යාග විපාක ඇත. අමුතුවනට සකස් කළ දන විපාක ඇත. කුශලාකුශලකර්‍මයන්ගේ ඵලවිපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් පසක් කොටගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව ඇත” කියාය. ගැහැවියෙනි, මෙසේ මනදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.

16. එවං ධම‍්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච‍්චෙ සත‍්තා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

16. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසේ කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට වැදගනිති.

17. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා ඛත‍්තියමහාසාළානං වා සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා ඛත‍්තිසමහාසාළානං වා සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රාහ‍්මණමහාසාළානං වා -පෙ- ගහපතිමහාසාළානං වා සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා ගහපතිමහාසාළානං වා සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී.

17. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම් කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු” යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.

18. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා චාතුම‍්මහාරාජිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා චාතුමහාරාජිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම‍්මානරතීනං දෙවානං -පෙ- පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී.

18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි. ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසී පුර වැසි දෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි. කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි පරනිම්මිත වසවත්ති දෙවියන් ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි, එහෙයින.

19. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා බ්‍රහ‍්මකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී අහො වතාහං කායස‍්ස භෙදා පරම‍්මරණා ආභානං දෙවානං -පෙ- පරිත‍්තාභානං දෙවානං -පෙ- අප‍්පමාණාභානං දෙවානං -පෙ- ආභස‍්සරානං දෙවානං -පෙ- සුභානං දෙවානං -පෙ- පරිත‍්තසුභානං දෙවානං -පෙ- අප‍්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ‍්ණකානං දෙවානං -පෙ- වෙහප‍්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප‍්පානං දෙවානං -පෙ- සුදස‍්සානං දෙවානං -පෙ- සුදස‍්සීනං දෙවානං -පෙ- අකනිට‍්ඨකානං දෙවානං -පෙ- ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනූපගානං දෙවානං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනූපගානං දෙවානං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍යන‍්ති, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො කායස‍්ස භෙදා පරම‍්මරණා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරී.

19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායිකදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභ දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ … පරිත්තසුභ දෙවියන්ගේ … අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්නක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය, ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.

20. ආකඞ‍්ඛෙය්‍ය චෙ ගහපතයො ධම‍්මචාරී සමචාරී ‘අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. ඨානං ඛො පනෙතං විජ‍්ජති යං සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තං කිස‍්ස හෙතු? තථා හි සො ධම‍්මචාරී සමචාරීති.

20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති - ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදුවන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.

21. එවං වුත‍්තෙ සාලෙය්‍යකා බ්‍රාහ‍්මණගහපතිකා භගවන‍්තං එතදවොචුං: “අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතම. සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය. පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, ‘චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තී’ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එතෙ මයං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතෙ”ති.

21. මෙසේ වදාළ කල්හි සල්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ සළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, යම් පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේ ද, මග මුළාපත් යමකුට මග හෝ කියාපානේ වේද, ‘ඇස් ඇතියාහු රූ දක්නාහ’ යි අඳුරුයෙහි තෙල් පහන් ධරන්නේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම් ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ, ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදිකොට අප දිවිහිමියෙන් සරණගත උපාසකයන් සේ රුස්නාසේක්වයි සැළ කළහ.

සාලෙය්‍යකසුත‍්තං පඨමං.

සාලෙය්‍යක සූත්‍රය පළමු වැනියි