වෙරඤ්ජකසුත්තං
1. 5. 2.
1. 5. 2.
වෙරඤ්ජකසුත්තං
වේරඤ්ජක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා සාවත්ථියං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන.
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ‘ජේතවන’ නම් වූ, අනේ වඩු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු කිසියම් කරුණින් සැවැත්හි වාස කෙරෙති.
2. අස්සොසුං ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
2. වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු සැවැත් නුවර ‘ජේතවන’ නම් වූ, අනේවඩු මහසිටාණන් අරමෙහි වැඩ වසනසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් ව නැගිණ: ඒ භගවත්හු මෙකරුණිනුදු අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමාවිසින් දැන, පසක් කොට දන්වති. ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්ත්ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසති එබඳු රහතුන්ගේ දර්ශනයෙක් වේ නම් මනා මැනු” යි ඇසූහු මැයි.
3. අථ ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං:
3. එක්බිති වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සම්මෝදනා කළහ. සම්මෝදනයට නිසි, සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති? කො පන භො ගොතම හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති?
4. භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහව සිටි, නපුරු ගති ඇති, විනිපාත වූ නිරෑ වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්ගලෝකයට වැදගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත්හු.
5. අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති; ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
5. ගැහැවියෙනි, අධර්මචර්ය්යා විෂමචර්ය්යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි නපුරුගති ඇති, විනිපාත වූ, නිරයට වැදගනිති. ගැහැවියෙනි, ධර්ම චර්ය්යා සමචර්ය්යාහේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්ගලෝකයට වැදැගනිතියි වදාළහ.
6. “න ඛො මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාම. සාධු නො භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථා මයං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යාමා”ති.
6. “භවත් ගොයුම්ගොතුවන් විසින් විස්තර විසින් අර්ත්ථ විභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස පිළිබඳ විස්තරාර්ත්ථමාර්ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්ත්ථවිභාග නොකළ, සැකෙවින් වදහළ තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්ත්ථ දැන ගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසන සේක් නම් මනා මැනු”යි ඔහු සැළකළහ.
7. තෙන හි ගහපතයො සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භොති ඛො වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
7. ගැහැවියෙනි, එකරුණින් අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. ‘භවත්නි, එසේ යැ’යි වේරඤ්ජායෙහි වාස කරන බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
8. තිවිධං ඛො ගහපතයො කායෙන අධම්මචාරී විසමචාරී හොති. චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති. තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති.
8. ගැහැවියෙනි, කාදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. විසිදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
9. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. අදින්නාදායී ඛො පන හොති: යන්තං පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤ ගතං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච්ඡාචාරී ඛො පන හොති: යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතාපිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනීරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන අධම්මචාරී විසමචාරී හොති.
9. ගැහැවියෙනි, කෙසේ කාදොරින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි: දරුණු වෙයි, ලෙයින් වැකි අතැති වෙයි, මෙරමා කෙටීමෙහිදු මැරීමෙහිදු නිවිෂ්ට වෙයි, ප්‍රාණීන් කෙරෙහි දයාරහිත වෙයි. අයිනාදන් ගනු වෙයි, පරා අයත්, පරාසතු තුටු දනවන පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොර සිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇති වෙයි: මාතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩාය යි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්යාචාරිත්වයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
10. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදී හොති: සභාගතො වා පරිසගාතො වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො ‘එහම්භො පුරිස යං ජානාසි තං වදෙහී’ති. සො අජානං වා ආහ ජානාමීති, ජානං වා ආහ න ජානාමීති, අපස්සං වා ආහ පස්සාමීති. පස්සංවා ආහ න පස්සාමීති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසිතා හොති. පිසුණවාචො ඛො පන හොති: ඉතො සුත්වා අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති සමග්ගානං වා භෙත්තා භින්නානං වා අනුප්පදාතා, වග්ගාරාමො වග්ගරතො වග්ගනන්දී වග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසවාචො ඛො පන හොති: යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධිසංවත්තනිකා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපී ඛො පන හොති: අකාලවාදී අභූතවාදී අනත්ථවාදී අධම්මවාදී අවිනයවාදී අනිධානවතිං වාචං භාසිතා අකාලෙන අනපදෙසං අපරියන්තවතිං අනත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය අධම්මචාරී විසමචාරී හොති.
10. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් අධර්මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි ‘එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා ඉදිරියට කැඳවනුලදු ව, සාක්ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ දන්මි කියයි, දන්මින් හෝ නොදන්මී කියයි, නො දක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනු බස් ඇති වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳිනු හෝ වෙයි. බිඳුනු දෙයහළුවන් අසන්ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්ගයෙහි ඇලුම් ඇතිවේ, වර්ග ව සිටුනා දැක තුස්නේ, (සමග වූවනුදු බිඳීයන සේ) වග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරාහට කුළු වූ, (චිත්ත දූෂණ උදා කරන) මෙරමා ඝටන කෝපයට අසල් ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. පල්ප ඇති වෙයි: (යුතුකල් පියා) අයුතු කල කියනු වෙයි. නො වූ දැය කියනු වෙයි. අර්ත්ථරහිත දැය කියනු වෙයි. අස්වභාව කියනු වෙයි. සංවර විනය නොකියනු වෙයි. (ළෙහි) නිදහනට නොනිසිබස් බණනු වෙයි. අකාලයෙහි සූත්රාපදේශ රහිත කොට පර්‍ය්‍යන්ත රහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් අධර්මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි.
11. කථඤ්ච ගහපතයො තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො අභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරචිත්තූපකරණං තං අභිජ්ඣිතා හොති: අහො වත යං පරස්ස තං මම අස්සා’ති.
11. ගැහැවියෙනි, කෙසේ මනසින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යා බහුල වෙයි පරා අයත්, යම් ම තුටු කරන පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනව යන) ලොබ සිතින් බලනු වෙයි: “යගහ, පරාසතු යම් දැයෙක් වේ ද ඒ මා සතු වෙවා” කියාය.
බ්යාපන්නචිත්තො ඛො පන හොති පදුට්ඨමනසඞ්කප්පො: ඉමෙ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා, මා වා අහෙසුං ඉති වා’ති. මිච්ඡාදිට්ඨි ඛො පන හොති විපරීතදස්සනො: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකා පරඤ්ච ලොකා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. එවං ඛො ගහපතයො තිවිධං මනසා අධම්මචාරී විසමචාරී හොති.
විපන් සිත් ඇත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙ සත්හු ඝාතන ලබත්වයි හෝ, වධ ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ, නස්නා ලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ”යි කියායි. විපර්‍ය්‍යාස දර්ශන ඇති මිසදුටුයෙක් හෝ වෙයි: “දුන් දැන විපාක නැත. යාග විපාක නැත. අමුතුවනට යුතුකළ දන විපාක නැත. කුශලාකුශලකර්මයන් ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත, පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පර ලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්යග්ගත්, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනසින් අධර්මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
12. එවං අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
12. ගැහැවියෙනි, මෙසේ අධර්මචර්ය්යා විෂමචර්ය්යා හේතුයෙන් මෙලොව කිසි සත්ත්ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි. නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැදගනිති.
13. තිවිධං ඛො ගහපතයො කායෙන ධම්මචාරී සමචාරී හොති. චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති. තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති.
13. ගැහැවියෙනි, කයින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. වචනයෙන් ධර්මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනසින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
14. කථඤ්ච ගහපතයො තිවිධං කායෙන ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති: යන්තං පරස්ස පරචිත්තූපකරණං ගාමගතං වා අරඤ්ඤගතං වා, තං නාදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතා හොති. කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. යා තා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඤාතිරක්ඛිතා ගොත්තරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා, අන්තමසො මාලාගුණපරික්ඛිත්තාපි, තථාරූපාසු න චාරිත්තං ආපජ්ජිතා හොති. එවං ඛො ගහපතයො තිවිධං කායෙන ධම්මචාරී සමචාරී හොති.
14. ගැහැවියෙනි, කෙසේ කයින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇති ව, බහා තැබූ සත් ඇති ව, ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්වසත්ත්වහිතානු කම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැරැපියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරා සතු තුටුදා පිරිකරබඩු ගම්හි තුබුවා වේවයි. අරන්හි තුබුවා වේවයි, ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙය සඞ්ඛ්යාතයෙන් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි: මාතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරි දණ්ඩායයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එවන් මාගමුන් කෙරෙහි මිථ්යාචාරිත්වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
15. කථඤ්ච ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති: සභාගතො වා පරිසග්ගතො වා ඤාතිමජ්ඣගතොවා පූගමජ්ඣගතොවා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො: ‘එහම්භො පුරිස, යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ න ජානාමීති, ජානං වා ආහ ජානාමීති, අපස්සංවා ආහ න පස්සාමීති, පස්සංවා ආහ පස්සාමීති.
15. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් ධර්මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි. ගම්පිරිස්හි සිටියේ වේවායි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි “එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා නෙත්තියට කැඳවන ලදු ව, සාක්ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නොදන්මී කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි, දක්මින් හෝ දක්මී කියයි.
ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා න සම්පජානමුසා භාසිතා හොති. පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති: යා සා වාචා නෙලා කණ්ණසුඛං පෙමණීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. එවං ඛො ගහපතයො චතුබ්බිධං වාචාය ධම්මචාරී සමචාරී හොති.
මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, ඇලුප් පමණ අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළැකියේ වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්ධාන කරනු හෝ වෙයි. සමඟි දෙයහළුවන් ගළපනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමැතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි. පරුස බස් පියා පරුස් බසින් වැළැකියේ වෙයි: නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරට නිසි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනා මනවඩන, යම්බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. පලප් පියා පලපින් වැළැකියේ වෙයි: කල් බලා බණනු වෙයි. ඇති දැය බණනු වෙයි. අරුත් බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ, ළෙහි නිදහන් කළ යුතු, බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් ධර්මචාරී සමචාරී පුද්ගල චතුරුවිධ වෙයි.
16. කථඤ්ච ගහපතයො තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති? ඉධ ගහපතයො එකච්චො අනභිජ්ඣාලු හොති: යං තං පරස්ස පරවිත්තූපකරණං තං නාභිජ්ඣාතා හොති: අහො වත යං පරස්ස තං මම අස්සා’ති. අබ්යාපන්නචිත්තො ඛො පන හොති අප්පදුට්ඨමනසඞ්කප්පො: ඉමෙ සත්තා අවෙරා අබ්යාපජ්ඣා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති. සම්මාදිට්ඨි ඛො පන හොති අවිපරීතදස්සනො: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො ගහපතයො තිවිධං මනසා ධම්මචාරී සමචාරී හොති.
16. ගැහැවියෙනි, කෙසේ මනසින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරා අයත්, යම් පරාසතු තුටුදා පිරිකරබඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “අහෝ පරා සතු යම් දැයෙක් වේද, ඒ මාසතු වේවා” කියායි. විපන් සිත් නැත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්ත සඞ්කල්ප ඇත්තේ නොවෙයි: ‘මෙසත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිත ව, ආත්ම පරිහරණ කෙරෙත්වා” කියායි. අවිපරීත දර්ශන ඇති සම්‍යක් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත, යාගවිපාක ඇත, අමුතුවනට සකස් කළ දන විපාක ඇත, කුශලාකුශලකර්මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්වයෝ ඇත, යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක් ප්‍රතිපන්න, මහණබමුණෝ ලොව ඇත” කියායි ගැහැවියෙනි, මෙසේ මනසින් ධර්මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
17. එවං ධම්මචරියා සමචරියා හෙතු ඛො ගහපතයො එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
17. ගැහැවියෙනි, මෙසේ ධර්මචර්ය්යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසෙයින් කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්ගලෝකයට වැදගනිති.
18. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති, යං සො කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
18. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින.
ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රාහ්මණමහාසාලානං වා -පෙ- ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති, ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණෙම් නම් මනා මැනු යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේව යි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින.
19. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම්මානරතීනං දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තීනං දෙවානං -පෙ- බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
19. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තවුතිසා වැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසීපුර වැසිදෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින.
20. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ආභානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා ආභානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී ‘අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පරිත්තාභානං දෙවානං -පෙ- අප්පමාණාභානං දෙවානං -පෙ- සුභානං දෙවානං -පෙ- ආභස්සරානං දෙවානං -පෙ- පරිත්තසුභානං දෙවානං -පෙ- අප්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ්හකානං දෙවානං -පෙ- වෙහප්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප්පානං දෙවානං -පෙ- සුදස්සානං දෙවානං -පෙ- සුදස්සීනං දෙවානං -පෙ- අකනිට්ඨකානං දෙවානං -පෙ- ආකාසානඤ්චායතනූපගානං දෙවානං -පෙ- විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං -පෙ- ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො කායස්ස භෙදා පරම්මරණා නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරී.
20. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්ණක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සි දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසාඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චකඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවරහෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින.
21. ආකඞ්ඛෙය්ය චෙ ගහපතයො ධම්මචාරී සමචාරී අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති’ ඨානං ඛො පනෙතං විජ්ජති යං සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. තං කිස්ස හෙතු? තථා හි සො ධම්මචාරී සමචාරීති.
21. ගැහැවියෙනි, ඉදින් ධර්මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම්, මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්මචාරී සමචාරී වෙයි. එහෙයින.
22. එවං වුත්තෙ වෙරඤ්ජකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙති.
22. මෙසේ වදාළ කල්හි වේරඤ්ජා වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි. භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි භවත් ගොයුම්ගොතුවෙනි, යම්පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේද, මඟ මුළාපත් යමකුට මඟ කියා පානේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම්ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවැසිණ තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදි කොට දිවිහිමියෙන් සරණ ගත උපාසකයන් සේ අප රුස්නා සේක්වයි සැළකළහ.
වෙරඤ්ජකසුත්තං දුතියං.
වේරඤ්ජක සූත්‍රය දෙවැනියි.