මහාවෙදල‍්ලසුත‍්තං
1. 5. 3.
1. 5. 3.
මහාවෙදල‍්ලසුත‍්තං
මහාවේදල්ල සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ‘ජේතවන’ නම් වන, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්වරුයෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමඟ සතුටු වූහ. තුස්නට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පස්හි හුන්හු. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණූන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ.
2. “දුප‍්පඤ‍්ඤො දුප‍්පඤ‍්ඤොති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො දුප‍්පඤ‍්ඤොති වුච‍්චතී”ති?
2. “ඇවැත්නි, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් දුෂ්ප්‍රාඥය යි කියනු ලැබේ ද?”
නප‍්පජානාති නප‍්පජානාතීති ඛො ආවුසො, තස‍්මා දුප‍්පඤ‍්ඤොති වුච‍්චති. කිඤ‍්ච නප‍්පජානාති? ඉදං දුක‍්ඛන‍්ති නප‍්පජානාති, අයං දුක‍්ඛසමුදයොති නප‍්පජානාති, අයං දුක‍්ඛනිරොධොති නප‍්පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති නප‍්පජානාති. නප‍්පජානාති, නප‍්පජානාතීති ඛො ආවුසො, තස‍්මා දුප‍්පඤ‍්ඤොති වුච‍්චති.
‘නොදනියි නොදනියි යනු යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ. කුමක් නොදන්නේය යත්: ‘දුක මේ’ යයි නොදන්නේය. ‘දුඃඛසමුදය මේ’යයි නොදන්නේය, ‘දුඃඛනිරෝධ මේ’යයි නොදන්නේය. ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි නොදන්නේය. ඇවැත්නි, මෙසේ ‘නොදනියි නොදනියි’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ.
3. සාධාවුසොති ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි:
3. ඇවැත්නි, මැනැවැ”යි කියා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස අභිනන්‍දන කොට අනුමෝ ව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් මතුයෙහි පැන පුළුවුත්හ:
“පඤ‍්ඤවා පඤ‍්ඤවාති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො පඤ‍්ඤවාති වුච‍්චතී”ති?
“ඇවැත්නි, ‘පැනැතිය පැනැතිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”
පජානාති පජානාතීති ඛො ආවුසො, තස‍්මා පඤ‍්ඤවාති වුච‍්චති. කිඤ‍්ච පජානාති? ඉදං දුක‍්ඛන‍්ති පජානාති, අයං දුක‍්ඛසමුදයොති පජානාති, අයං දුක‍්ඛනිරොධොති පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාතීති ඛො ආවුසො, තස‍්මා පඤ‍්ඤවාති වුච‍්චති.
ඇවැත්නි, ‘දනී දනී’ යන යම්හෙතුයෙක් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘දුක මේ’ යයි දන්නේය, දුඃඛසමුදය මේ’යයි දන්නේය ‘දුඃඛනිරෝධ මේ’යයි දන්නේය, ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දනී දනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.
4. “විඤ‍්ඤාණං විඤ‍්ඤාණන‍්ති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො විඤ‍්ඤාණන‍්ති වුච‍්චතී”ති?
4. “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
විජානාති විජානාතීති ඛො ආවුසො, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චති. කිඤ‍්ච විජානාති: සුඛන‍්තිපි විජානාති, දුක‍්ඛන‍්තිපි විජානාති, අදුක‍්ඛමසුඛන‍්තිපි විජානාති. විජානාති විජානාතීති ඛො ආවුසො, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චතීති.
ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවේදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වේදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවේදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.
5. “යා චාවුසො පඤ‍්ඤා යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා උදාහු විසංසට‍්ඨා, ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතු”න‍්ති.
5. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු (ඒකෝත්පදාදි ලකුණින්) සංසට්ඨ (මිශ්‍ර) වෙද්ද?. නොහොත් විසංසට්ඨ (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
යා චාවුසො පඤ‍්ඤා, යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං. යඤ‍්චාවුසො පජානාති තං විජානාති. යං විජානාති තං පජානාති. තස‍්මා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුන‍්ති.
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. මේ දහමුන් (අරමුණු ඈ විසින්) වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (මාර්‍ගප්‍රඥාව) යම් චතුස්සත්‍යධර්‍මයක් (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග විඥානය ද) ඒ දහම (විඥාන කෘත්‍ය විසින්) දන්නේ ය. (මාර්‍ග විඥානය) යම් චතුස්සත්‍යධර්‍මයක් (විඥාන කෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග ප්‍රඥාව ද) ඒ දහම (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
6. “යා චාවුසො පඤ‍්ඤා, යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙසං ධම‍්මානං සංසට‍්ඨානං නො විසංසට‍්ඨානං කිං නානාකරණ”න‍්ති?
6. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන්ගේ වෙනස කිම?”
යා චාවුසො පඤ‍්ඤා, යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙසං ධම‍්මානං සංසට‍්ඨානං නො විසංසට‍්ඨානං පඤ‍්ඤා භාවෙතබ‍්බා, විඤ‍්ඤාණං පරිඤ‍්ඤෙය්‍යං. ඉදං නෙසං නානාකරණන‍්ති.
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන් අතුරින් (මාර්‍ග) ප්‍රඥාව භැවිය යුතුය. (විදර්‍ශනා) විඥානය පරිඥේය (පිරිසිඳ දත යුතු) වෙයි. මෙ උන් දෙදෙනාගේ වෙනස යි.
7. “වෙදනා වෙදනාති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො වෙදනාති වුච‍්චතී”ති?
7.“ඇවැත්නි, ‘වේදනාය වේදනාය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් වේදනා’යයි කියනු ලැබේ ද?”
වෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස‍්මා වෙදනාති වුච‍්චති. කිඤ‍්ච වෙදෙති? සුඛම‍්පි වෙදෙති, දුක‍්ඛම‍්පි වෙදෙති, අදුක‍්ඛමසුඛම‍්පි වෙදෙති. වෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස‍්මා වෙදනාති වුච‍්චතීති.
ඇවැත්නි, ‘විඳුනේය විඳුනේ’ය යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘වේදනා’යයි කියනු ලැබේ. කුමක් විඳුනේය යත්: සුව අරමුණ ද විඳුනේය. දුක් අරමුණද විඳුනේය. නොදුක් නොසුව අරමුණද විඳුනේය. ඇවැත්නි, මෙසේ, ‘විඳුනේය විඳුනේ’යයි යම් හේතුයෙක් වේද, එහෙයින් ‘වේදනා’ යයි කියනු ලැබේ.
8. “සඤ‍්ඤා සඤ‍්ඤාති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො සඤ‍්ඤාති වුච‍්චතීති?
8. “ඇවැත්නි, ‘සංඥා, සංඥා’යයි කියනු ලැබේ ඇවැත්නි, කිපමණෙකින් ‘සංඥා’ යයි කියනු ලැබේ ද?”
සඤ‍්ජානාති සඤ‍්ජානාතීති ඛො ආවුසො, තස‍්මා සඤ‍්ඤාති වුච‍්චති. කිඤ‍්ච සඤ‍්ජානාති? නීලකම‍්පි සඤ‍්ජානාති, පීතකම‍්පි සඤ‍්ජානාති, ලොහිතකම‍්පි සඤ‍්ජානාති, ඔදාතම‍්පි සඤ‍්ජානාති. සඤ‍්ජානාති සඤ‍්ජානාතීති ඛො ආවුසො, තස‍්මා සඤ‍්ඤාති වුච‍්චති.
ඇවැත්නි, ‘හඳුනා ගනී, හඳුනා ගනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් සංඥා ය යි කියනු ලැබේ. කුමක් හඳුනා ගන්නේය යත්: නිල්වන ද, හඳුනාගනී, කසාවත ද හඳුනාගනී ලෙහෙවන ද හඳුනාගනී, සුදුවන ද හඳුනාගනී. ඇවැත්නි මෙසේ ‘හඳුනා ගනී, හඳුනාගනී’, යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘සංඥා’යි කියනු ලැබේ.
9. “යා චාවුසො වෙදනා යා ච සඤ‍්ඤා යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා උදාහු විසංසට‍්ඨා, ලබ‍්භා ච පනිමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතු”න‍්ති?
9. “ඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද: යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨ වෙද්ද? නොහොත් අසංසට්ඨ වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
යා චාවුසො වෙදනා යා ච සඤ‍්ඤා යඤ‍්ච විඤ‍්ඤාණං ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුං. යඤ‍්චාවුසො වෙදෙති තං සඤ‍්ජානාති, යං සඤ‍්ජානාති තං විජානාති. තස‍්මා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා නො විසංසට‍්ඨා. න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතුන‍්ති.
ඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (වේදනාව) යම් අරමුණක් විඳී ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඥානය ද) ඒ අරමුණ (විඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. නොසසට නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
10. “නිස‍්සට‍්ඨෙන හාවුසො පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පරිසුද‍්ධෙන මනොවිඤ‍්ඤාණෙන කිං නෙය්‍ය”න‍්ති?
10. “ඇවැත්නි, පඤ්චේන්‍ද්‍රියයන් විසින් පරිත්‍යක්ත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් (රූපාවචරචතුර්‍ත්‍ථධ්‍යානචිත්තයෙන්) කුමක් දතයුතුද?”
නිස‍්සට‍්ඨෙන හාවුසො පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පරිසුද‍්ධෙන මනොවිඤ‍්ඤාණෙන අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං නෙය්‍යං, අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං නෙය්‍යං, නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං නෙය්‍යන‍්ති.
ඇවැත්නි, පසිඳුරන් විසින් නිඃසෘත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් ‘ආකාශය අනන්ත’යයි ආකාශානන්ත්‍යායතනය දත යුතුය. ‘විඥානය අනන්ත’ය යි විඥානන්ත්‍යායතනය දත යුතුය ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනය දත යුතුය.
11. “නෙය්‍යං පනාවුසො ධම‍්මං කෙන පජානාතී”ති,
11. “ඇවැත්නි, ඥේය ධර්‍මය වනාහි කිමෙකින් දන්නේ ද?”
නෙය්‍යං ඛො ආවුසො ධම‍්මං පඤ‍්ඤාචක‍්ඛුනා පජානාතීති.
ඇවැත්නි, ඥේය වූ ධර්‍මය ප්‍රඥාචක්‍ෂුසින් දන්නේය.
12. “පඤ‍්ඤා පනාවුසො කිමත්‍ථියා”ති?
12. “ඇවැත්නි, ප්‍රඥා වනාහි කිනම් අර්‍ත්‍ථ ඇත් ද?”
පඤ‍්ඤා ඛො ආවුසො අභිඤ‍්ඤත්‍ථා පරිඤ‍්ඤත්‍ථා පහානත්‍ථාති.
ඇවැත්නි, ප්‍රඥාව (අභිඥෙය ධර්‍ම දනීනුයි) අභිඥා අර්‍ත්‍ථ කෙ ට ඇත. (පරිඥෙයධර්‍ම දනීනුයි) පරිඥා අර්‍ත්‍ථ කොට ඇත (ප්‍රහාතව්‍ය ධර්‍ම පහා නුයි) ප්‍රහාණ අර්‍ත්‍ථ කොට ඇත.
13. කති පනාවුසො පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදායාති?
13. “ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ ඇද්ද?”
ද‍්වෙ ඛො ආවුසො පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය: පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදායාති.
ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස ප්‍රත්‍යයෝ දෙදෙනෙක් ඇත: පරතෝඝෝෂය (සත්ප්‍රාය ධර්‍ම ශ්‍රවණය) හා යෝනිසෝමනසිකාරය (තමන්ගේ උපාය මනසිකාරය) හා දෙකයි. ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටිඋත්පාදය පිණිස මොහු දෙදෙන ප්‍රත්‍ය වෙති.
14. කතීහි පනාවුසො අඞ‍්ගෙහි අනුග‍්ගහීතා සම‍්මාදිට‍්ඨි චෙතොවිමුත‍්තිඵලා ච හොති චෙතොවිමුත‍්තිඵලානිසංසා ච. පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා චාති?
14. “ඇවැත්නි, කෙතෙක් අඞ්ගයෙන් වහල ලැබූ සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇද්ද? චේතෝ විමුක්තිඵලය අනුසස් කොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිය ඵලකොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇද්ද?”
පඤ‍්චහි ඛො ආවුසො අඞ‍්ගෙහි අනුග‍්ගහීතා සම‍්මාදිට‍්ඨි චෙතොවිමුත‍්තිඵලා ච හොති චෙතොවිමුත‍්තිඵලානිසංසා ච. පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා ච: ඉධාවුසො, සම‍්මාදිට‍්ඨි සීලානුග‍්ගහීතා ච හොති, සුතානුග‍්ගහීතා ච හොති, සාකච‍්ඡානුග‍්ගහීතා ච හොති, සමථානුග‍්ගහීතා ච හොති, විපස‍්සනානුග‍්ගහීතා ච හොති. ඉමෙහි ඛො ආවුසො පඤ‍්චහි අඞ‍්ගෙහි අනුග‍්ගහීතා සම‍්මාදිට‍්ඨි චෙතොවිමුත‍්තිඵලා ච හොති චෙතොවිමුත‍්තිඵලානිසංසා ච පඤ‍්ඤාවිමුත‍්තිඵලා ච හොති පඤ‍්ඤාවිමුත‍්තිඵලානිසංසා චාති.
ඇවැත්නි, අඞ්ගපසෙකින් අනුගෘහීත සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇත. චේතෝවිමුක්ති පලය අනුසස් කොට ද ඇත. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ද ඇත. ඇවැත්නි, මෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලානුගෘහීත ද වෙයි. ශ්‍රැතානුගෘහීත ද වෙයි. සඞ්කථානුගෘහීත ද වෙයි. සමථානුගෘහීත ද වෙයි. විදර්‍ශනාගෘහීත ද වෙයි. ඇවැත්නි, මේ පසඟින් වහල ලත් සම්දිටු චේතෝවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි.
15. කති පනාවුසො භවාති?
15. “ඇවැත්නි, භවයෝ කෙතෙක් වෙද්ද?”
තයො මෙ ආවුසො භවා: කාමභවො, රූපභවො, අරූපභවොති.
ඇවැත්නි, මේ භවයෝ තුන් දෙනෙකි: කාමභවය, රූපභවය, අරූපභවයි.
16. කථං පනාවුසො ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොතීති?
16. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”
අවිජ‍්ජානීවරණානං ඛො ආවුසො සත‍්තානං තණ‍්හාසඤ‍්ඤොජනානං තත්‍ර තත්‍රාභිනන්‍දනා එවං ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොතීති.
ඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්‍වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්‍දනයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම වෙයි.
17. කථං පනාවුසො ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති න හොතීති?
17. “ඇවැත්නි, අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”
අවිජ‍්ජාවිරාගා ඛො ආවුසො විජ‍්ජුප‍්පාදා තණ‍්හානිරොධා එවං ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති න හොතීති.
ඇවැත්නි, අවිද්‍යාක්‍ෂය විරාගහේතුයෙන් වන අර්‍හත් මාර්‍ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්‍ෂය නිරෝධයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම නො වෙයි.
18. කතමං පනාවුසො පඨමං ඣානන‍්ති?
18. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කවරේ ද?”
ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චතාවුසො පඨමං ඣානන‍්ති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන්ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මේ ප්‍රථමධ්‍යාන යයි කියනු ලැබේ.
19. පඨමං පනාවුසො ඣානං කතඞ‍්ගිකන‍්ති?
19. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කෙතෙක් අඞ්ග ඇද්ද?”
පඨමං ඛො ආවුසො ඣානං පඤ‍්චඞ‍්ගිකං: ඉධාවුසො පඨමං ඣානං සමාපන‍්නස‍්ස භික‍්ඛුනො විතක‍්කො ච වත‍්තති විචාරො ච. පීති ච සුඛඤ‍්ච චිත‍්තෙකග‍්ගතා ච. පඨමං ඛො ආවුසො ඣානං එවං පඤ‍්චඞ‍්ගිකන‍්ති.
ඇවැත්නි, ප්‍රථම ධ්‍යානය පඤ්චාඞ්ගික වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණහට විතර්‍කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ගික වෙයි.
20. පඨමං පනාවුසො ඣානං කතඞ‍්ගවිප‍්පහීනං කතඞ‍්ගසමන‍්නාගතන‍්ති?
20. “ඇවැත්නි, පළමු දැහැන් අඞ්ග කෙතෙකින් විප්‍රහීණ වේ ද? අඞ්ග කෙතෙකින් සමන්‍වාගත වේ ද?”
පඨමං ඛො ආවුසො ඣානං පඤ‍්චඞ‍්ගවිප‍්පහීනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං: ඉධාවුසො පඨමං ඣානං සමාපන‍්නස‍්ස භික‍්ඛුනො කාමච‍්ඡන්‍දො පහීනො හොති, බ්‍යාපාදො පහීනො හොති, ථීනමිද‍්ධං පහීනං හොති, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීනං හොති, විචිකිච‍්ඡා පහීනා හොති. විතක‍්කො ච වත‍්තති විචාරො ච පීති ච සුඛඤ‍්ච චිත‍්තෙකග‍්ගතා ච. පඨමං ඛො ආවුසො ඣානං එවං පඤ‍්චඞ‍්ගවිප‍්පහීනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතන‍්ති.
ඇවැත්නි, පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ග සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණ හට කාමච්ඡන්‍ද ප්‍රහීණ වෙයි. ව්‍යාපාද ප්‍රහීණ වෙයි. ථිනමිද්ධ ප්‍රහීණ වෙයි. උද්ධච්චකුකුච්ච ප්‍රහීණ වෙයි. විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. විතර්‍කය ද විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
21. පඤ‍්චිමානි ආවුසො ඉන්‍ද්‍රියානි නානාවිසයානි නානාගොචරානි, න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති, සෙය්‍යථිදං: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං. ඉමෙසං ඛො ආවුසො පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්තානං කිං පටිසරණං, කො ච නෙසං ගොචරවිසයං පච‍්චනුභොතීති?
21. “ඇවැත්නි, මේ පඤ්චේන්‍ද්‍රියයෝ නානාවිෂය ඇත්තෝ වෙති. නානාගෝචර ඇත්තෝ වෙති. උනුන්ගේ ගෝචරවිෂය වළඳ නො කෙරෙති. ඒ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් පෘථග්භූත, ගෝචර විසින් පෘථග්භූත, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ කිම? කවරෙක් උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරේ ද?”
පඤ‍්චිමානි ආවුසො ඉන්‍ද්‍රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්ති සෙය්‍යථිදං: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං. ඉමෙසං ඛො ආවුසො පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං පච‍්චනුභොන‍්තානං මනොපටිසරණං, මනො ච නෙසං ගොචරවිසයං පච‍්චනුභොතීති.
ඇවැත්නි, නානාවිෂය වූ, නානාගෝචර වූ, උනුන්ගේ ගෝචරවිෂය වළඳ නොකරන මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් වෙන් ව සිටි, ගෝචර විසින් වෙන් ව සිටි, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ ජවන මනස වෙයි. (මනෝද්වාරික හෝ පඤ්චද්වාරික හෝ) ජවනමනස උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරෙයි.
22. පඤ‍්චිමානි ආවුසො ඉන්‍ද්‍රියානි. සෙය්‍යථිදං: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං. ඉමානි ඛො ආවුසො පඤ‍්චින්‍ද්‍රියානි කිං පටිච‍්ච තිට‍්ඨන‍්තීති?
22. “ඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මෙ පඤ්චේන්‍ද්‍රියයෝ කුමක් නිසා සිටිත් ද?”
පඤ‍්චිමානි ආවුසො ඉන්‍ද්‍රියානි. සෙය්‍යථිදං: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං. ඉමානි ඛො ආවුසො පඤ‍්චින්‍ද්‍රියානි ආයුං පටිච‍්ච තිට‍්ඨන‍්තීති.
ඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මේ පසිඳුරෝ ආයු නිසා සිටුති.
23. ආයු පනාවුසො කිං පටිච‍්ච තිට‍්ඨතීති?
23. “ඇවැත්නි, ආයු කුමක් නිසා සිටුනේ වේද?”
ආයු උස‍්මං පටිච‍්ච තිට‍්ඨතීති.
ආයු උසුම නිසි සිටුනේ වෙයි.
24. උස‍්මා පනාවුසො කිං පටිච‍්ච තිට‍්ඨතීති?
24. “ඇවැත්නි, උස්ම කුමක් නිසා සිටුනේ වේද?”
උස‍්මා ආයුං පටිච‍්ච තිට‍්ඨතීති.
උස්ම ආයු නිසා සිටුනේ ය.
25. ඉදානෙව ඛො මයං ආවුසො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං එවං ආජානාම: ආයු උස‍්මං පටිච‍්ච තිට‍්ඨතීති. ඉදානෙව ඛො මයං ආවුසො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං එවං ආජානාම: උස‍්මා ආයුං පටිච‍්ච තිට‍්ඨතීති. යථා කථං පනාවුසො, ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො දට‍්ඨබ‍්බොති?
25. “ඇවැත්නි, අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස් මෙසේ වටහා ගනුම්හ: ‘ආයු උස්ම නිසා සිටුනේය’ යනුයි. ඇවැත්නි තවද අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස මෙසේ වටහා ගනුම්හ: ‘උස්ම ආයු නිසා සිටුනේය’ යනු යි. ඇවැත්නි, කෙබඳු සෙයෙකින් මේ භාෂිතයාගේ අරුත් දත මනා වේ ද?”
තෙන හාවුසො උපමං තෙ කරිස‍්සාමි. උපමායපිධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති. සෙය්‍යථාපි ආවුසො තෙලප‍්පදීපස‍්ස ඣායතො අච‍්චිං පටිච‍්ච ආභා පඤ‍්ඤායති, ආභං පටිච‍්ච අච‍්චි පඤ‍්ඤායති, එවමෙව ඛො ආවුසො ආයු උස‍්මං පටිච‍්ච තිට‍්ඨති. උස‍්මා ච ආයුං පටිච‍්ච තිට‍්ඨතීති.
ඇවැත්නි, එකරුණින් තොපට උපමාවක් කරමි. උපමායෙනුදු මෙලොව විඥ පුරුෂ කෙනෙක් භාෂිතයාගේ අර්‍ත්‍ථ වටහා ගනිති. ඇවැත්නි, යම් පරිදි දලන තෙල්පහන සිළු නිසා අලූ පැනේ ද, අලූ නිසා සිළු පැනේ ද, ඇවැත්නි, එපරිදි ම ආයු උස්ම නිසා සිටුනේ ය. උස්ම ආයු නිසා සිටුනේ ය.
26. තෙව නු ඛො ආවුසො ආයුසඞ‍්ඛාරා තෙව වෙදනියා ධම‍්මා, උදාහු අඤ‍්ඤෙ ආයුසඞ‍්ඛාරා අඤ‍්ඤෙ වෙදනියා ධම‍්මාති?
26. “ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාර වෙද්ද? ඔහු ම වෙදනාධර්‍ම වෙද්ද? නොහොත් අන්හු ආයුසංස්කාර වෙද්ද? අන්හු වෙදනාධර්‍ම වෙද්ද?”
න ඛො ආවුසො තෙව ආයුසඞ‍්ඛාරා තෙ වෙදනියා ධම‍්මා. තෙච ඛො ආවුසො ආයුසඞ‍්ඛාරා අභවිංසු තෙව වෙදනියා ධම‍්මා, නයිදං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස භික‍්ඛුනො වුට‍්ඨානං පඤ‍්ඤායෙථ. යස‍්මා ච ඛො ආවුසො අඤ‍්ඤෙ ආයුසඞ‍්ඛාරා, අඤ‍්ඤෙ වෙදනියා ධම‍්මා, තස‍්මා සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස භික‍්ඛුනො වුට‍්ඨානං පඤ‍්ඤායතීති.
ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් නොවෙති. ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් වූහු නම්, සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීසිටුම නො පැනෙන්නේ ය. ඇවැත්නි, යම්හෙයෙකින් අන්හු ආයුසංස්කාරයෝ වෙද්ද, අන්හු වේදනාධර්‍මයෝ වෙද්ද, එහෙයින්, සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීම පැනේය.
27. යදා නු ඛො ආවුසො ඉමං කායං කති ධම‍්මා ජහන‍්ති, අථායං කායො උජ‍්ඣිතො අවක‍්ඛිත‍්තො සෙති, යථා කට‍්ඨං අචෙතනන‍්ති?
27. “ඇවැත්නි, යම් දිනෙක කෙතෙක් දහම්හු මේ කය හැරැපියද්ද, එසඳ මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව අචේතන වූ කාෂ්ඨයක් සෙයින් හෝනේ වෙ ද?”
යදා ඛො ආවුසො ඉමං කායං තයො ධම‍්මා ජහන‍්ති: ආයු උස‍්මා ච විඤ‍්ඤාණං, අථායං කායො උජ‍්ඣිතො අවක‍්ඛිත‍්තො සෙති යථා කට‍්ඨං අචෙතනන‍්ති.
ඇවැත්නි, යම් කලෙක ආයුෂය, උස්මය, විඥානය යන දහම්හු තුන් දෙන මේ කය හැරැපියද්ද, එකල මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව හෝනේ වෙයි. අචේතන කාෂ්ඨයක් සෙයින.
28. ය‍්වායං ආවුසො මතො කාලකතො, යො චායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, ඉමෙසං කිං නානාකරණන‍්ති?
28. “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නේ වේ ද, මොවුන්ගේ වෙනස කවරේ ද?”
ය‍්වායං ආවුසො මතො කාලකතො තස‍්ස කායසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. වචීසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. චිත‍්තසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. ආයු පරික‍්ඛීණො. උස‍්මා වූපසන‍්තා. ඉන්‍ද්‍රියානි විපරිභින‍්නානි. යො චායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, තස‍්සපි කායසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. වචීසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. චිත‍්තසඞ‍්ඛාරා නිරුද‍්ධා පටිප‍්පස‍්සද‍්ධා. ආයු අපරික‍්ඛීණො. උස‍්මා අවූපසන‍්තා. ඉන්‍ද්‍රියානි විප‍්පසන‍්නානි. ය‍්වායං ආවුසො මතො කාලකතො යො චායං භික‍්ඛු සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො, ඉදං තෙසං නානාකරණන‍්ති.
ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, උහුගේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයහ, නැවතීයහ. විතර්‍කවිචාරයෝ නටහ, නැවැත්හ. සංඥාවේදනාවෝ බුන්හ, නැවැත්හ. ආයු ක්‍ෂීණ විය. උසුම සන්හින. ඉඳුරහු නටහ. යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, උහුගේත් කායසංස්කාරයෝ නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. වාක්සංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශබ්ධයහ. චිත්තසංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. ආයු අපරික්‍ෂීණ වෙයි. උස්ම අව්‍යුපශාන්ත වෙයි. ඉන්‍ද්‍රියයෝ විප්‍රසන්න වෙති. ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, මේ උන්ගේ වෙනස යි.
29. කති පනාවුසො පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියාති?
29. “ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
චත‍්තාරො ඛො ආවුසො පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා: ඉධාවුසො භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙ ඛො ආවුසො චත‍්තාරො පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියාති.
ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ සතර දෙනෙක් ඇත: ඇවැත්නි, මේ සස්නෙහි මහණ සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන් හස්ත්‍යට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති, චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනු පිණිස මේ (විගත) ප්‍රත්‍යයෝ සතරදෙනෙක් ඇත.
30. කති පනාවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියාති?
30. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ද‍්වෙ ඛො ආවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා: සබ‍්බනිමිත‍්තානඤ‍්ච අමනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා මනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද‍්වෙ පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියාති.
ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: (රූපාදි) හැම නිමිති නොමෙනෙහි කිරීමය, අනිමිත්තධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණය මෙනෙහි කිරීමයි. ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
31. කති පනාවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා ඨිතියාති?
31. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙන් ඇද්ද?”
තයො ඛො ආවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා ඨිතියා: සබ‍්බනිමිත‍්තානඤ‍්ච අමනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා මනසිකාරො, පුබ‍්බෙ ච අභිසඞ‍්ඛාරො. ඉමෙ ඛො ආවුසො තයො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා ඨිතියාති.
ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් ඇත: (රූපාදි) සර්‍වනිමිත්තයන් නොමෙනෙහි කිරීම ය, නිර්‍වාණධාතු මෙනෙහි කිරීම ය, කැලැ ම අභිසංස්කාරයි. (කාලපරිච්ඡේද කිරීමයි). ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තිස්ථිතිය පිණිස මේ ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් වෙත්.
32. කති පනාවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා වුට‍්ඨානායාති?
32. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ (භවාඞ්ග) ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ද‍්වෙ ඛො ආවුසො පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා වුට‍්ඨානාය: සබ‍්බනිමිත‍්තානඤ‍්ච මනසිකාරො, අනිමිත‍්තාය ච ධාතුයා අමනසිකාරො. ඉමෙ ඛො ආවුසො ද‍්වෙ පච‍්චයා අනිමිත‍්තාය චෙතොවිමුත‍්තියා වුට‍්ඨානායාති.
ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: හැම නිමිති මෙනෙහි කිරීමය, අනිමිත්තධාතු මෙනෙහි නොකිරීමයි. ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස මෙ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
33. යා චායං ආවුසො අප‍්පමාණා චෙතොවිමුත‍්ති, යා ච ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්ති, යා ච සුඤ‍්ඤතා චෙතොවිමුත‍්ති, යා ච අනිමිත‍්තා චෙතොවිමුත‍්ති, ඉමෙ ධම‍්මා නානට‍්ඨා චෙව නානාබ්‍යඤ‍්ජනා ච, උදාහු එකට‍්ඨා බ්‍යඤ‍්ජනමෙව නානන‍්ති?
33. “ඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙද්ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙද්ද? ව්‍යඤ්ජනමාත්‍රය ම වෙනස් වේ ද?”
යා චායං ආවුසො අප‍්පමාණා චෙතොවිමුත‍්ති යා ච ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්ති යා ච සුඤ‍්ඤතා චෙතොවිමුත‍්ති, යා ච අනිමිත‍්තා චෙතොවිමුත‍්ති, අත්‍ථි ඛො ආවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානට‍්ඨා චෙව නානාබ්‍යඤ‍්ජනා ච, අත්‍ථි ච ඛො ආවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකට‍්ඨා බ්‍යඤ‍්ජනමෙව නානං.
ඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙති, නානාව්‍යඤ්ජනත් වෙති”යි කියහෙද්ද, එබඳු කරුණෙක් ඇත. ඇවැත්නි, සම් කරුණක් ලැබ “මේ දහමහු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසැ”යි කියහෙත් ද, එබඳු කරුණෙක් ද ඇත.
34. කතමො චාවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානට‍්ඨා චෙව නානාබ්‍යඤ‍්ජනා ච?
34. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානා ව්‍යඤ්ජන ද වෙති”යි කියහෙත් ද, ඒ කරුණ කවරේය යත්:
ඉධාවුසො භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. අයං වුච‍්චතාවුසො අප‍්පමාණා චෙතොවිමුත‍්ති.
ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැස (අරමුණු කොට) ගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසවතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, මෛත්‍රීසහගත සිතින් ස්ඵරණ කොට වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොටගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසමතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අප්‍රමාණා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
කතමා චාවුසො ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්ති?
ඇවැත්නි, ආකිඤ්චන්‍යා චේතෝවිමුක්ති කවර යත්:
ඉධාවුසො භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චතාවුසො ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්ති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඥානානන්ත්‍යායතනය ඉක්ම ‘කිසිත් නැති’යි ගෙන ආකිඤ්චන්‍යායතනය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ ආකිඤ්චන්‍යායතනචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
කතමා චාවුසො සුඤ‍්ඤතාචෙතොවිමුත‍්ති?
ඇවැත්නි, ශුන්‍යතා චේතෝවිමුක්ති කවර යත්:
ඉධාවුසො භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා ඉති පටිසඤ‍්චික‍්ඛති: සුඤ‍්ඤමිදං අත‍්තෙන වා අත‍්තනියෙන වාති. අයං වුච‍්චතාවුසො සුඤ‍්ඤතා චෙතොවිමුත‍්ති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අරණ්‍යගත වූයේ හෝ වෘක්‍ෂමූලගත වූයේ හෝ ශුන්‍යාගාරගත වූයේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ආත්ම ආත්මීය විසින් මේ ශුන්‍ය වේය”යි කියායි. ඇවැත්නි, මෝ ශුන්‍යතා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
කතමා චාවුසො අනිමිත‍්තා චෙතොවිමුත‍්ති?
ඇවැත්නි, අනිමිත්තාචේතෝවිමුක්ති කවර යත්:
ඉධාවුසො භික‍්ඛු සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා අනිමිත‍්තං චෙතො සමාධිං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චතාවුසො අනිමිත‍්තා චෙතොවිමුත‍්ති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ රාගාදි හැමනිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්තචේතෝසමාධිය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අනිමිත්තාචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
අයං ඛො ආවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා නානාට‍්ඨා චෙව නානාබ්‍යඤ‍්ජනා ච.
ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙති”යි කියහෙද්ද, මේ ඒ කරුණ වෙයි.
35. කතමො චාවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකට‍්ඨා බ්‍යඤ‍්ජනමෙව නානං?
35. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, ඒ කරුණ කවරේ ද?
රාගො ඛො ආවුසො පමාණකරණො, දොසො පමාණකරණො, මොහො පමාණකරණො. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො ආවුසො අප‍්පමාණා චෙතොවිමුත‍්තියො, අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති. සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන සුඤ‍්ඤා දොසෙන සුඤ‍්ඤා මොහෙන.
ඇවැත්නි, රාගය ප්‍රමාණකරණ වෙයි. ද්වේෂය ප්‍රමාණකරණ වෙයි. මෝහය ප්‍රමාණකරණ වෙයි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණ වෙති. උසුන්මුල් වෙති. මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති වෙති. කළ අභාව ඇති වෙති. මතුයෙහි නූපදනා සැහැවි ඇති වෙති. ඇවැත්නි, යම් පමණ අප්පමාණා චේතෝවිමුත්තීහු ඇද්ද, උන් අතුරින් අකෝප්‍ය (අර්‍හත්ඵල) චේතෝවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
රාගො ඛො ආවුසො කිඤ‍්චනො, දොසො කිඤ‍්චනො, මොහො කිඤ‍්චනො. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො ආවුසො ආකිඤ‍්චඤ‍්ඤා චෙතොවිමුත‍්තියො, අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති. සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන, සුඤ‍්ඤා දොසෙන, සුඤ‍්ඤා මොහෙන.
ඇවැත්නි, රාගය කිඤ්චනයෙකි. ද්වේෂය කිඤ්චනයෙකි. මොහොය කිඤ්චනයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තානාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තීහු ඇද්ද, ඔවුනතුරින් අකෝප්‍යචේතෝවිමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසිනු ශුන්‍ය වෙයි.
රාගො ඛො ආවුසො නිමිත‍්තකරණො, දොසො නිමිත‍්තකරණො, මොහො නිමිත‍්තකරණො. තෙ ඛීණාසවස‍්ස භික‍්ඛුනො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. යාවතා ඛො ආවුසො අනිමිත‍්තා චෙතොවිමුත‍්තියො අකුප‍්පා තාසං චෙතොවිමුත‍්ති අග‍්ගමක‍්ඛායති. සා ඛො පනාකුප‍්පා චෙතොවිමුත‍්ති සුඤ‍්ඤා රාගෙන, සුඤ‍්ඤා දොසෙන, සුඤ‍්ඤා මොහෙන.
ඇවැත්නි, රාගය නිමිත්තකරණයෙකි. ද්වේෂය නිමිත්තකරණයෙකි. මෝහය නිමිත්තකරණයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ අනිමිත්තාචේතෝවිමුක්තිහු ඇද්ද, ඔවුනතුරින් අකොප්‍යචෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
අයං ඛො ආවුසො පරියායො යං පරියායං ආගම‍්ම ඉමෙ ධම‍්මා එකට‍්ඨා, බ්‍යඤ‍්ජනමෙව නානත‍්ති.
ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, මේ ඒ නියර වෙයි.
ඉදමවොචායස‍්මා සාරිපුත‍්තො. අත‍්තමනො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දීති.
ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ මෙය දෙසූහු. (සොම්නසින්) ගත් සිත් ඇති ආයුෂ්මත් මහාකොට්ඨිත මහතෙරහු ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දන කළහ.
මහාවෙදල‍්ලසුත‍්තං තතියං.
මහාවේදල්ලසූත්‍රය තුන්වැනීයි.