මහාවෙදල්ලසුත්තවණ්ණනා අට්ඨකථා
මහාවෙදල්ලසුත්තවණ්ණනා
මහාවෙදල්ල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාවෙදල්ලසුත්තං. තත්ථ ආයස්මාති සගාරවසප්පතිස්සවචනමෙතං. මහාකොට්ඨිකොති තස්ස ථෙරස්ස නාමං. පටිසල්ලානා වුට්ඨිතොති ඵලසමාපත්තිතො වුට්ඨිතො. දුප්පඤ්ඤො දුප්පඤ්ඤොති එත්ථ පඤ්ඤාය දුට්ඨං නාම නත්ථි, අප්පඤ්ඤො නිප්පඤ්ඤොති අත්ථො. කිත්තාවතා නු ඛොති කාරණපරිච්ඡෙදපුච්ඡා, කිත්තකෙන නු ඛො එවං වුච්චතීති අත්ථො. පුච්ඡා ච නාමෙසා අදිට්ඨජොතනාපුච්ඡා, දිට්ඨසංසන්දනාපුච්ඡා, විමතිච්ඡෙදනාපුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්යතාපුච්ඡාති පඤ්චවිධා හොති. තාසමිදං නානාකරණං –
එවම්මෙසුතං මේ මහා වේදල්ල සූත්‍රයයි. එහි ආයස්මා යනු ගරුත්ව සහිත වචනයකි. මහා කොටඨිතො ඒ තෙරුන් වහන්සේ ගේ නමයි. පටිසල්ලාණා වුට්ඨිතො පල සමවතින් නැගී සිටියේ, දුප්පඤ්ඤො දුප්පඤ්ඤො මෙහි ප්‍රඥාවගේ දුෂ්ටත්වයක් නැත. නුවණ නැති යන අර්ථයි. කිත්තානුවතානු ඛො කරුණු, කොටස්, වෙන්කිරීම් විමසීමයි. කොපමණකින් මෙසේ වේද යන අර්ථයි. තව ද මේ විචාරීම නම්, අදිට්ඨ ජොතනා පුච්ඡා (නො දන්නා ධර්මයන්ගේ ලක්ෂණ විචාරීම) දිටඨ සංසන්දනා පුච්ඡා (දන්නා ලද ධර්මයන් ගැන විමසීම) විමතිච්ඡදනා පුච්ඡා (සැක දුරුකිරීම පිණිස විමසීම) අනුමති පුච්ඡා, (අනුමතිය ලැබීම සඳහා විමසීම) කථෙතු කම්‍යතා පුච්ඡා (භික්ෂු සංඝයා විසින් ම විචාරා පිළිතුරු සැපයීම) යනුවෙන් පස්වැදෑරුම් වෙයි. ඔවුන්ගේ මේ විවිධත්වය, විවිධ ස්වරූප ය -
කතමා අදිට්ඨජොතනාපුච්ඡා? පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභූතාය විභාවනත්ථාය පඤ්හං පුච්ඡති. අයං අදිට්ඨජොතනාපුච්ඡා.
එහි අදිට්ඨජොතිකා පුච්ඡා නම් කවරේද, ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ නො දන්නේ නො දක්නේ, ප්‍රමාණ නො කරන ලද්දේ, තීරණය නො කරන ලද්දේ. පැහැදිලි නොවූයේ, නුවණින් නො වඩනා ලද්දේ, ඒ ධර්මයේ ලක්ෂණ දැනගැනීම පිණිස, තුලනය පිණිස, පැහැදිලි කරගැනීම පිණිස, විභාග කිරීම පිණිස ප්‍රශ්න විචාරීම ‘අදිට්ඨ ජොතනා පුච්ඡා’ නම් වේ.
කතමා දිට්ඨසංසන්දනාපුච්ඡා? පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති. අයං දිට්ඨසංසන්දනාපුච්ඡා.
දිටඨ සංසන්දනා පුච්ඡා නම් කවරේද, ස්වභාවයෙන් ධර්ම ලක්ෂණ දන්නා ලද්දේ, දක්නා ලද්දේ, තුලනය කරන ලද්දේ, තීරණය කරන ලද්දේ, පැහැදිලි වූයේ, නුවණින් වඩනා ලදුව, අනෙක් උගතුන් සමග සැසඳීම පිණිස ප්‍රශ්න විචාරීම දිට්ඨ සංසන්දනා පුච්ඡා නම් වේ.
කතමා විමතිච්ඡෙදනාපුච්ඡා? පකතියා සංසයපක්ඛන්දො හොති විමතිපක්ඛන්දො, ද්වෙළ්හකජාතො, “එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛො”ති, සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති. අයං විමතිච්ඡෙදනාපුච්ඡා (මහානි· 150; චූළනි· පුණ්ණකමාණවපුච්ඡානිද්දෙස 12).
විමතිච්ඡෙදනා පුච්ඡා නමි. ස්වභාවයෙන්ම සැකයට පැමිණියේ, විමතියට පැමිණියේ, මෙසේ වේද නොවේද, කිමෙක් ද, කෙසේ ද, වශයෙන් දෙපැත්තකින් හටගත් සැක ඇත්තේ, හෙතෙම ඒ ඒ විමතිය විසඳීම පිණිස ප්‍රශ්න විචාරීම විමතිච්ඡෙදනා පුච්ඡා නම් වේ.
“තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං, භන්තෙ”ති (මහාව· 21) එවරූපා අනුමතිං ගහෙත්වා ධම්මදෙසනාකාලෙ පුච්ඡා අනුමතිපුච්ඡා නාම.
මහණෙනි, ඒ කුමක්දැයි සිතවුද, රූපය නිත්‍ය වේද, අනිත්‍ය වේද, වහන්ස අනිත්‍යයයි. මේ අන්දමින් දහම් දෙසන කල අනුමතිය ගෙන විචාරීම අනුමති පුච්ඡා නමි.
“චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා, කතමෙ චත්තාරො”ති (සං· නි· 5.390) එවරූපා භික්ඛුසඞ්ඝං සයමෙව පුච්ඡිත්වා සයමෙව විස්සජ්ජෙතුකාමස්ස පුච්ඡා කථෙතුකම්යතාපුච්ඡා නාම. තාසු ඉධ දිට්ඨසංසන්දනාපුච්ඡා අධිප්පෙතා.
මහණෙනි, මෙසේ සීවටන් සතරකි. කවර සතරක් ද, භික්ෂු සංඝයා තුමූ ම විචාරා තුමූම විසඳනු කැමති සර්වඥයන් වහන්සේගේ මෙබඳු ප්‍රශ්න කථෙතු කම්‍යතා පුච්ඡා නමි. ඔවුන් අතුරෙන් මෙහි දිට්ඨ සන්සන්දනා පෘච්ඡාව අදහස් කරන ලදී.
ථෙරො හි අත්තනො දිවාට්ඨානෙ නිසීදිත්වා සයමෙව පඤ්හං සමුට්ඨපෙත්වා සයං විනිච්ඡිනන්තො ඉදං සුත්තං ආදිතො පට්ඨාය මත්ථකං පාපෙසි. එකච්චො හි පඤ්හං සමුට්ඨාපෙතුංයෙව සක්කොති න නිච්ඡෙතුං; එකච්චො නිච්ඡෙතුං සක්කොති න සමුට්ඨාපෙතුං; එකච්චො උභයම්පි න සක්කොති; එකච්චො උභයම්පි සක්කොති. තෙසු ථෙරො උභයම්පි සක්කොතියෙව. කස්මා? මහාපඤ්ඤතාය. මහාපඤ්ඤං නිස්සාය හි ඉමස්මිං සාසනෙ සාරිපුත්තත්ථෙරො, මහාකච්චානත්ථෙරො, පුණ්ණත්ථෙරො, කුමාරකස්සපත්ථෙරො, ආනන්දත්ථෙරො, අයමෙව ආයස්මාති සම්බහුලා ථෙරා විසෙසට්ඨානං අධිගතා.
තෙරුන් වහන්සේ තමන්ගේ දිවාස්ථානයෙහිම සිට තුමූ ම ප්රශ්නය උපදවා, තුමූ ම විසඳමින් මේ සූත්‍රය මුල පටන් මුදුන් පැමිණවූහ. එක් අයෙක් ප්රශ්නය උපදවන්නට හැකිවෙයි. විසඳන්නට නො හැකිවෙයි. එක් අයෙක් විසඳන්නට හැකිවෙයි. ප්‍රශ්න උපදවන්නට නො හැකි වෙයි. තව අයෙක් මේ දෙකම නො හැකි වෙයි. තව කෙනෙක් දෙකම හැකි වෙයි. ඔවුන් අතුරෙන් මහාකොට්ඨිත තෙරුන් වහන්සේට දෙකම හැකිවෙයි. කවර හෙයින්ද මහාප්‍රාඥ වන හෙයිනි. මහා ප්‍රඥාව නිසා මේ ශාසනයෙහි සැරියුත් තෙරුන්, මහා කච්චායන තෙරුන්, පුණ්ණ තෙරුන්, කුමාරකාශ්‍යප තෙරුන්, ආනන්ද තෙරුන්, මේ ස්ථවිරයන් වහන්සේලා විශේෂස්ථානයට පැමිණියාහුය.
න හි සක්කා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතෙන භික්ඛුනා සාවකපාරමීඤාණස්ස මත්ථකං පාපුණිතුං, මහාපඤ්ඤෙන පන සක්කාති මහාපඤ්ඤතාය සාරිපුත්තත්ථෙරො තං ඨානං අධිගතො. පඤ්ඤාය හි ථෙරෙන සදිසො නත්ථි. තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො”ති (අ· නි· 1.189).
මද පමණ වූ නුවණින් යුත් මහණකු විසින් ශ්‍රාවක පාරමී ඥානයාගේ උපරිම තලයට පැමිණීමට නො හැක්කේ ය. මහා ප්රාඥයකු විසින් ම හැකියේය. මහාප්‍රාඥ බැවින් සැරියුත් ස්ථවිරයන් වහන්සේ ඒ තනතුරට පැමිණියහ. ප්‍රඥාවෙන් ඒ තෙරුන් හා සමානයෙක් නැත. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථවිරයන් ඒතදග්‍රයෙහි තැබූ සේක. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො
තථා න සක්කා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතෙන භික්ඛුනා භගවතා සංඛිත්තෙන භාසිතස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දිත්වා සමානෙත්වා විත්ථාරෙන අත්ථං විභජෙතුං, මහාපඤ්ඤෙන පන සක්කාති මහාපඤ්ඤතාය මහාකච්චානත්ථෙරො තත්ථ පටිබලො ජාතො, තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”ති (අ· නි· 1.197).
එපරිද්දෙන් මද පමණ වූ නුවණින් යුත්, භික්ෂුව විසින් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ ධර්මය, සර්වඥතාඥානය සමග සන්සන්දනය කොට සමානකොට විස්තර වශයෙන් අර්ථය විසඳන්නට නො හැක්ක. මහා ප්රාඥයකුටම හැකිවන නිසා මහා ප්‍රාඥ වූ කච්චායන ස්ථවිරයන් වහන්සේ එයට ඉදිරිපත් වූහ. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ කාත්‍යායන හිමියන්, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජනතා යදිදං මහා කච්චානො’ යි ඒතදග්‍රයෙහි තැබූ සේක.
තථා න සක්කා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතෙන භික්ඛුනා ධම්මකථං කථෙන්තෙන දස කථාවත්ථූනි ආහරිත්වා සත්ත විසුද්ධියො විභජන්තෙන ධම්මකථං කථෙතුං, මහාපඤ්ඤෙන පන සක්කාති මහාපඤ්ඤතාය පුණ්ණත්ථෙරො චතුපරිසමජ්ඣෙ අලඞ්කතධම්මාසනෙ චිත්තබීජනිං ගහෙත්වා නිසින්නො ලීළායන්තො පුණ්ණචන්දො විය ධම්මං කථෙසි. තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ධම්මකථිකානං යදිදං පුණ්ණො මන්තාණිපුත්තො”ති (අ· නි· 1.196).
මද පමණ ප්‍රඥාවෙන් යුක්ත වූ භික්ෂුව ධර්මකථාව කියන්නාහු දශකථා වස්තූන් ඉදිරිපත් කර, සප්ත විශුද්ධි විභාග කරන්නහු විසින් ධර්මකථාව කියන්නට නො හැක්ක. යළි මහා ප්රාඥයෙකුට හැකි නිසා මහා ප්‍රාඥ බැවින් පුණ්ණ තෙරුන් වහන්සේ සිව්පිරිස් මැද අලංකාර ධර්මාසනයෙහි විජිනිපත ද ගෙන උන්නේ පුන්සඳ මෙන් බැබලෙමින් ධර්මකථාව වදාරති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ ස්ථවිරයන් එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධම්මකථිකානං යදිදං පුණ්ණෙ මන්තානි පුත්තො යනුවෙන් ඒ තෙරුන් ඒතදග්රස්ථානයේ තැබූ සේක.
තථා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතො භික්ඛු ධම්මං කථෙන්තො ඉතො වා එත්තො වා අනුක්කමිත්වා යට්ඨිකොටිං ගහෙත්වා අන්ධො විය, එකපදිකං දණ්ඩකසෙතුං ආරුළ්හො විය ච ගච්ඡති. මහාපඤ්ඤො පන චතුප්පදිකං ගාථං නික්ඛිපිත්වා උපමා ච කාරණානි ච ආහරිත්වා තෙපිටකං බුද්ධවචනං ගහෙත්වා හෙට්ඨුපරියං කරොන්තො කථෙසි. මහාපඤ්ඤතාය පන කුමාරකස්සපත්ථෙරො චතුප්පදිකං ගාථං නික්ඛිපිත්වා උපමා ච කාරණානි ච ආහරිත්වා තෙහි සද්ධිං යොජෙන්තො ජාතස්සරෙ පඤ්චවණ්ණානි කුසුමානි ඵුල්ලාපෙන්තො විය සිනෙරුමත්ථකෙ වට්ටිසහස්සං තෙලපදීපං ජාලෙන්තො විය තෙපිටකං බුද්ධවචනං හෙට්ඨුපරියං කරොන්තො කථෙසි. තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො”ති (අ· නි· 1.217).
නැවත යම් ඒ අල්පමාත්‍ර වූ ප්‍රඥාවෙන් සමන්විත භික්ෂුව ධර්මකථාව කියන්නේ මෙතැනින් හෝ එතැනින් සැරයටියක් ගෙන මගට බට අන්ධයකු මෙන් ද, එක් කොටසක් පමණක් ඇති ඒදණ්ඩක යන්නෙකු මෙන් ද යෙයි. එසේ වුවත් මහා ප්‍රාඥ තෙම සතරපද ගාථාවක් මාතෘකා තබා විස්තර වර්ණනා උපමා මගින් බුදුවදන් උඩු යටිකුරු කරමින් කියයි. එසේ මහ නුවණැති බැවින් කුමාර කාශ්‍යප තෙරණුවෝ සිව්පද ගාථාවක් කියා උපමා ද කරුණු ද දක්වා ඒ උපමා ප්රස්තුතයන් සමග යොදමින්, විලක පස්වනක් මල් පුබුදුවන්නාක් මෙන් තෙවලා බුදුවදන් සවිස්තරව දෙසති. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං චිත්තකථිකානං යදිදං කුමාරකස්සපො’ යනුවෙන් එතදග්‍ර ස්ථානයෙහි තැබූ සේක.
තථා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතො භික්ඛු චතූහි මාසෙහි චතුප්පදිකම්පි ගාථං ගහෙතුං න සක්කොති. මහාපඤ්ඤො පන එකපදෙ ඨත්වා පදසතම්පි පදසහස්සම්පි ගණ්හාති. ආනන්දත්ථෙරො පන මහාපඤ්ඤතාය එකපදුද්ධාරෙ ඨත්වා සකිංයෙව සුත්වා පුන අපුච්ඡන්තො සට්ඨි පදසහස්සානි පන්නරස ගාථාසහස්සානි වල්ලියා පුප්ඵානි ආකඩ්ඪිත්වා ගණ්හන්තො විය එකප්පහාරෙනෙව ගණ්හාති. ගහිතගහිතං පාසාණෙ ඛතලෙඛා විය, සුවණ්ණඝටෙ පක්ඛිත්තසීහවසා විය ච ගහිතාකාරෙනෙව තිට්ඨති. තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දො, සතිමන්තානං, ධිතිමන්තානං, බහුස්සුතානං, උපට්ඨාකානං යදිදං ආනන්දො”ති (අ· නි· 1.219-223).
මද පමණ නුවණින් යුත් භික්ෂුව සිව්මසකින් සතරපද ගාථාවක් ඉගෙන ගන්නට නො හැක්කේ ය. එහෙත් මහ නුවණැත්තෙක් එක පියවරේම සිට පද සියයක්, පද දහසක්, උගෙන ගනියි. ආනන්ද ස්ථවිරයෝ මහා ප්‍රාඥ බැවින් එක් පියවරක්ම සිට එක්වරක්ම අසා නැවත නො විචාරා පද සැටදහසක් හෝ ගාථා පසළොස් දහසක්, වැලකින් මල් නෙලා ගන්නාක් මෙන් එක් වරකින් ධාරණය කරති. ධාරණය කරන කරන ලද පද ගලෙහි කටු අකුරු මෙන්, රන්බඳුනෙහි දැමු සිංහතෙල් මෙන්, ගත් පමණින්ම මතකයේ රැඳෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දො සතිමන්තානං, ධිතිමන්තානං, බහුස්සුතානං, උපට්ඨකානං යදිදං ආනන්දො’ ආදී වශයෙන් ඒතදග්‍ර ස්ථානයෙහි තැබූ සේක.
න හි සක්කා යාය වා තාය වා අප්පමත්තිකාය පඤ්ඤාය සමන්නාගතෙන භික්ඛුනා චතුපටිසම්භිදාපභෙදස්ස මත්ථකං පාපුණිතුං. මහාපඤ්ඤෙන පන සක්කාති මහාපඤ්ඤතාය මහාකොට්ඨිතත්ථෙරො අධිගමපරිපුච්ඡාසවනපුබ්බයොගානං වසෙන අනන්තනයුස්සදං පටිසම්භිදාපභෙදං පත්තො. තෙනෙව නං භගවා එතදග්ගෙ ඨපෙසි – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පටිසම්භිදාපත්තානං යදිදං මහාකොට්ඨිතො”ති (අ· නි· 1.218).
අල්පමාත්‍ර ප්‍රඥාවෙන් යුත් මහණකුහට සිව්පිළිසිඹියා ප්රභේදයාගේ මුදුනට පැමිණෙන්නට නො පුළුවන. මහා ප්රාඥයකුටම පුළුවන් වන්නේය. මහා ප්‍රඥා ඇති මහා කොට්ඨිත ස්ථවිරයෝ අධිගම පරිපච්ඡා, ශ්‍රවණ, පූර්ව යෝගයන්ගේ වශයෙන් විවිධ ආකාරයෙන් ප්රශස්ත වූ, උත්සන්න වූ, ප්‍රතිසම්භිදා ප්‍රභේදයට පැමිණියහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භිකඛුනං පටිසම්භිදාප්පත්තං යදිදං මහා කොටඨිතො යනුවෙන් ඒතදග්රස්ථානයේ තැබූහ.
ඉති ථෙරො මහාපඤ්ඤතාය පඤ්හං සමුට්ඨාපෙතුම්පි නිච්ඡෙතුම්පීති උභයම්පි සක්කොති. සො දිවාට්ඨානෙ නිසීදිත්වා සයමෙව සබ්බපඤ්හෙ සමුට්ඨපෙත්වා සයං විනිච්ඡිනන්තො ඉදං සුත්තං ආදිතො පට්ඨාය මත්ථකං පාපෙත්වා, “සොභනා වත අයං ධම්මදෙසනා, ජෙට්ඨභාතිකෙන නං ධම්මසෙනාපතිනා සද්ධිං සංසන්දිස්සාමි, තතො අයං ද්වින්නම්පි අම්හාකං එකමතියා එකජ්ඣාසයෙන ච ඨපිතා අතිගරුකා භවිස්සති පාසාණච්ඡත්තසදිසා, චතුරොඝනිත්ථරණත්ථිකානං තිත්ථෙ ඨපිතනාවා විය, මග්ගගමනත්ථිකානං සහස්සයුත්තආජඤ්ඤරථො විය බහුපකාරා භවිස්සතී”ති දිට්ඨසංසන්දනත්ථං පඤ්හං පුච්ඡි. තෙන වුත්තං – “තාසු ඉධ දිට්ඨසංසන්දනාපුච්ඡා අධිප්පෙතා”ති.
මෙසේ තෙරුන් වහන්සේ මහා ප්‍රාඥ බැවින් ප්‍රශ්න උපදවන්නටද විචාරන්නට ද සමථයහ. හෙතෙම දිවාකාලය ගෙවා තෙමේ ම සියලු ප්‍රශ්න උපදවා, තෙමේම විසඳන්නේ මේ සූත්‍රයේ මුල පටන්ම මුදුන් පමුණුවා ‘මේ ධර්මදේශනාව ඉතා මනහරය. දෙටු සොයුරු ධර්මසේනාධිපතීන් හා සන්සන්දනය කරමි. නැවත මේ ධර්ම කරුණු අප දෙදෙනාගේම ඒකමතික බවින් එකම අදහසින් තබන ලද්දී නම් ඉතා ගරුකටයුතු වන්නේ ය. පහණ සතක් සමාන වන්නීය. චතුරෝඝතරණය කරනු කැමැත්තන්ට නැව්තොට තැබූ නැවක් වැන්න. දෙව්ලෝ යනු කැමැත්තන්ට දහසක් ආජානීය අසුන් යෙදූ රථයක් වැන්න. බොහෝ උපකාර වන්නීය යයි සන්සන්දනය සඳහා ප්‍රශ්න විමසීම කැමැත්ත දැක්වීය.
නප්පජානාතීති එත්ථ යස්මා නප්පජානාති, තස්මා දුප්පඤ්ඤොති වුච්චතීති අයමත්ථො. එස නයො සබ්බත්ථ. ඉදං දුක්ඛන්ති නප්පජානාතීති ඉදං දුක්ඛං, එත්තකං දුක්ඛං, ඉතො උද්ධං නත්ථීති දුක්ඛසච්චං යාථාවසරසලක්ඛණතො න පජානාති. අයං දුක්ඛසමුදයොති ඉතො දුක්ඛං සමුදෙතීති පවත්තිදුක්ඛපභාවිකා තණ්හා සමුදයසච්චන්ති යාථාවසරසලක්ඛණතො න පජානාති. අයං දුක්ඛනිරොධොති ඉදං දුක්ඛං අයං දුක්ඛසමුදයො ච ඉදං නාම ඨානං පත්වා නිරුජ්ඣතීති උභින්නං අප්පවත්ති නිබ්බානං නිරොධසච්චන්ති යාථාවසරසලක්ඛණතො න පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති අයං පටිපදා දුක්ඛනිරොධං ගච්ඡතීති මග්ගසච්චං යාථාවසරසලක්ඛණතො න පජානාතීති. අනන්තරවාරෙපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. සඞ්ඛෙපතො පනෙත්ථ චතුසච්චකම්මට්ඨානිකො පුග්ගලො කථිතොති වෙදිතබ්බො.
නප්පජානාති නප්පජානාති යන මෙහි යම්හෙයකින් නො දන්නේද, එහෙයින් දුප්පඤ්ඤ යයි කියයි. සියලු තන්හි මේ ක්‍රමයයි. ඉදං දුක්ඛන්ති නප්පජානා මේ උපාදානස්කන්ධ පහ දුකය. මෙතෙක් දුකය. මෙයින් පිට දුකක් නැත්තේය. දුක්ඛ සත්‍යය තතුසේ සිරස් ලක්ෂණ වශයෙන් නො දනීස. අයං දුක්ඛ සමුදයො මේ දුක උපදවයි. පවත්වාගෙන යයි. දුක උපදවන්නා වූ තෘෂ්ණාව සමුදය සත්‍යයයි. අයං දුක්ඛං නිරෝධං මේ දුක ද, දුක ඉපදීමේ හේතුව ද මෙතැනට පැමිණ අභාවයට යේ නිරුද්ධ වේ. දෙදෙනාගේම නො පැවැත්ම වේ යන අරුතින් නිරෝධ සත්‍යයේ පරිපූර්ණ ලක්ෂණ හෙයින් නොදනී. අයං දුක්ඛ නිරොධ ගාමිනී පටිපදා මේ ප්‍රතිපදාව දුක් නිවාරණයට පැමිණේ යයි මාර්ග සත්‍යයේ පරිපූර්ණ ලක්ෂණ වශයෙන් නො දනීද, මෙයට අමතරව මෙසේ අර්ථ දතයුතුයි. [missing sentence]
අයඤ්හි ආචරියසන්තිකෙ චත්තාරි සච්චානි සවනතො උග්ගණ්හාති. ඨපෙත්වා තණ්හං තෙභූමකා ධම්මා දුක්ඛසච්චං, තණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිබ්බානං නිරොධසච්චං, දුක්ඛසච්චං පරිජානන්තො සමුදයසච්චං පජහන්තො නිරොධපාපනො මග්ගො මග්ගසච්චන්ති එවං උග්ගහෙත්වා අභිනිවිසති. තත්ථ පුරිමානි ද්වෙ සච්චානි වට්ටං, පච්ඡිමානි විවට්ටං, වට්ටෙ අභිනිවෙසො හොති, නො විවට්ටෙ, තස්මා අයං අභිනිවිසමානො දුක්ඛසච්චෙ අභිනිවිසති.
මෙයින් ඉතා කෙටියෙන් චතුස්සත්‍ය කර්මස්ථානික චතුරාර්ය සත්‍යය ඇසීමෙන් උගනී. තෘෂ්ණාව තබා, ත්‍රෛභූමික ධර්මයෝ දුක්ඛ සත්‍යයයි. තෘෂ්ණාව සමුදය සත්‍යයයි. ඒ දෙදෙනා නො පවතින්නා වූ නිවන නිරෝධ සත්‍යයයි. නිරෝධය දැනගන්නා වූ මාර්ගය මාර්ග සත්‍යයයි. මෙසේ ඉගෙන ගනියි. ඒ සත්‍යයන් අතුරෙන් පූර්ව සත්‍ය දෙක වෘත්තය - සසරය. අවසාන සත්‍ය දෙක විවෘත්තය. සසරින් එතරවීමය. සංසාරයේ අභිනිවේසය වේ. විවෘතයෙහි නොවේ. මෙතෙම අභිනිවේසය කරන්නේ දුක්ඛ සත්‍යයේ මොහු අභිනිවේසය කරයි.
දුක්ඛසච්චං නාම රූපාදයො පඤ්චක්ඛන්ධාති වවත්ථපෙත්වා ධාතුකම්මට්ඨානවසෙන ඔතරිත්වා, “චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං රූප”න්ති වවත්ථපෙති. තදාරම්මණා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං නාමන්ති එවං යමකතාලක්ඛන්ධං භින්දන්තො විය “ද්වෙව ඉමෙ ධම්මා නාමරූප”න්ති වවත්ථපෙති.
දුක්ඛ සත්‍යය නම් නාමරූපාදී පංචස්කන්ධයයි. ඒ පංචස්කන්ධය නිශ්චය කරන්නට චතුධාතු කර්මස්ථාන වශයෙන් බැස සතරමහා භූතයන්ගේ උපාදාය රූප රූපයයි නිශ්චය කරයි. ඒ රූපයට අරමුණු වූ වේදනාය, සංඥාය, සංස්කාරයා විඥානය, ‘නාම’ යයි තරුණ තල්කඳක් බිඳින්නකු මෙන් මේ ධර්ම දෙදෙන නාමරූප යයි නිශ්චය කරයි.
තං පනෙතං න අහෙතුකං සහෙතුකං සප්පච්චයං, කො චස්ස පච්චයො අවිජ්ජාදයො ධම්මාති එවං පච්චයෙ චෙව පච්චයුප්පන්නධම්මෙ ච වවත්ථපෙත්වා “සබ්බෙපි ධම්මා හුත්වා අභාවට්ඨෙන අනිච්චා”ති අනිච්චලක්ඛණං ආරොපෙති, තතො උදයවයප්පටිපීළනාකාරෙන දුක්ඛා, අවසවත්තනාකාරෙන අනත්තාති තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනාපටිපාටියා සම්මසන්තො ලොකුත්තරමග්ගං පාපුණාති.
ඒ නාමරූප දෙක අහේතුක නොවේ. සහේතුකය. ප්‍රත්‍ය සහිතය. ඔහුගේ ප්‍රත්‍ය කවරේද, අවිද්‍යාදී ධර්මයෝ යයි මෙසේ ප්‍රත්‍ය ද ප්‍රත්‍යයෙන් උපන් ධර්ම ද නිශ්චය කොට මේ සියලු ධර්මයෝ ඇතිව නැසෙන අර්ථයෙන් අනිත්‍ය වන්නේ යයි අනිත්‍ය ලක්ෂණයට ආරෝපණය කරයි. නැවත ඇතිවීම හා නැතිවීම (උදයව්‍යය) දෙකින් පෙලෙන අයුරින් දුක්ඛය තමාගේ වශයෙන් නො පවත්නා අයුරින් අනාත්මයෝ යයි ත්රිලක්ෂණයට නගා විදර්ශනා ප්‍රතිපදාවෙන් නැවත නැවත මෙනෙහි කරන්නේ ලොව්තුරා මගට පැමිණේ.
මග්ගක්ඛණෙ චත්තාරි සච්චානි එකපටිවෙධෙන පටිවිජ්ඣති, එකාභිසමයෙන අභිසමෙති. දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣති. සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච්ඡිකිරියාපටිවෙධෙන, මග්ගං භාවනාපටිවෙධෙන පටිවිජ්ඣති. දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන, නිරොධං සච්ඡිකිරියාභිසමයෙන, මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති. සො තීණි සච්චානි කිච්චතො පටිවිජ්ඣති, නිරොධං ආරම්මණතො. තස්මිඤ්චස්ස ඛණෙ අහං දුක්ඛං පරිජානාමි, සමුදයං පජහාමි, නිරොධං සච්ඡිකරොමි, මග්ගං භාවෙමීති ආභොගසමන්නාහාරමනසිකාරපච්චවෙක්ඛණා නත්ථි. එතස්ස පන පරිග්ගණ්හන්තස්සෙව මග්ගො තීසු සච්චෙසු පරිඤ්ඤාදිකිච්චං සාධෙන්තොව නිරොධං ආරම්මණතො පටිවිජ්ඣතීති.
මාර්ගක්ෂණයෙහි චතුරාර්ය සත්‍යයන් එකප්රතිවේධයෙන්ම අවබෝධ කරයි. ඒකාවබෝධයෙන්ම අවබෝධ කරයි. දුක්ඛ සත්‍යය නුවණින් දැන ගනියි. සමුදය ප්‍රහාණාභිසමයෙන්, නිරෝධය මාර්ග භාවනාභිසමයෙන් අභිසමය කෙරෙයි. නුවණින් දැනගනියි. ඒ දුක්ඛ සමුදය මාර්ග යන තුන් සත්‍යය කෘත්‍ය හෙයින් නිරෝධන අරමුණ හෙයින් ප්‍රතිවේධ කෙරෙයි. තව ද ඕ හට එකෙණෙහි ‘මම දුක හාත්පසින් දැනගනිමි. සමුදය හේතුව දුරු කෙරෙමි. නිරෝධය පසක් කෙරෙමි. මාර්ගය වඩමි’ ආභෝගයක් සිත් එළවීමක්, මෙනෙහි කිරීමක් ප්රත්යවේක්ෂාවක් නැත. යම්හෙයකින් චතුස්සත්‍ය කර්මස්ථාන වඩන මහණ පරිග්‍රහණය කරත් කරත්ම. මාර්ගය තෙම තුන් සත්‍යයන්ම පරිඥාදී කෘත්‍ය සිදුකරමින්ම නිරෝධය අරමුණු හෙයින් ප්‍රතිවේධ කෙරේ.
තස්මා පඤ්ඤවාති වුච්චතීති එත්ථ හෙට්ඨිමකොටියා සොතාපන්නො, උපරිමකොටියා ඛීණාසවො පඤ්ඤවාති නිද්දිට්ඨො. යො පන තෙපිටකං බුද්ධවචනං පාළිතො ච අත්ථතො ච අනුසන්ධිතො ච පුබ්බාපරතො ච උග්ගහෙත්වා හෙට්ඨුපරියං කරොන්තො විචරති, අනිච්චදුක්ඛානත්තවසෙන පරිග්ගහමත්තම්පි නත්ථි, අයං පඤ්ඤවා නාම, දුප්පඤ්ඤො නාමාති? විඤ්ඤාණචරිතො නාමෙස, පඤ්ඤවාති න වත්තබ්බො. අථ යො තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනාපටිපාටියා සම්මසන්තො අජ්ජ අජ්ජෙව අරහත්තන්ති චරති, අයං පඤ්ඤවා නාම, දුප්පඤ්ඤො නාමාති? භජාපියමානො පඤ්ඤවාපක්ඛං භජති. සුත්තෙ පන පටිවෙධොව කථිතො.
තස්මා පඤ්ඤාවා වුච්චති ති මෙහි යටත් පිරිසෙයින් සෝවාන් ද, උඩත් පිරිසෙයින් රහතන් වහන්සේගේ ද ප්‍රඥාව දක්වයි. යම්කිසිවෙක් ත්‍රිපිටක බුද්ධවචනය පාලි වශයෙන් ද, අටුවා වශයෙන් ද, අනුසන්ධි වශයෙන් ද පූර්වාපර වශයෙන් ද, උගෙන උඩුයටි කෙරෙමින් හැසිරෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පරිග්ගහ මාත්‍රයකුත් නැත්ද, මෙතෙමේ ප්රාඥයෙකැයි කියයි. මෝඩයෙක් දුෂ්ප්‍රාඥයෙක් නොවේ යයි සේවනය කරන්නවුන් ප්‍රාඥ පක්ෂයම ඇසුරු කරයි. සූත්‍රයෙහි වූ කලී ප්රතිවේධයම කියන ලදී.
විඤ්ඤාණං විඤ්ඤාණන්ති ඉධ කිං පුච්ඡති? යෙන විඤ්ඤාණෙන සඞ්ඛාරෙ සම්මසිත්වා එස පඤ්ඤවා නාම ජාතො, තස්ස ආගමනවිපස්සනා විඤ්ඤාණං කම්මකාරකචිත්තං පුච්ඡාමීති පුච්ඡති. සුඛන්තිපි විජානාතීති සුඛවෙදනම්පි විජානාති. උපරිපදද්වයෙපි එසෙව නයො. ඉමිනා ථෙරො “සුඛං වෙදනං වෙදයමානො සුඛං වෙදනං වෙදයාමීති පජානාතී”තිආදිනා (ම· නි· 1.113; දී· නි· 2.380) නයෙන ආගතවෙදනාවසෙන අරූපකම්මට්ඨානං කථෙසි. තස්සත්ථො සතිපට්ඨානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
විඤ්ඤාණං විඤ්ඤාණන්ති මෙහි කුමක් විචාරයි ද, යම් විඥානයකින් සංස්කාරයන් පිරිසිඳ බලා මෙතෙර ප්‍රඥාවත් නම් වූයේ ද, ඔහුගේ ආගමනීය විදර්හනා විඥාන කර්මය කළ සිත විචාරමි. විචාරයි. සුඛන්ති විජානාති සැපවේදනාව දැනගනී. මතු පද දෙකෙහිද මෙම ක්‍රමයමැයි. මෙයින් තෙරුන් වහන්සේ ‘සුඛ වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති’ යනාදී ක්‍රමයෙන් ආ වේදනාව වශයෙන් අරූප කර්මස්ථානය වදාළේය. එහි අර්ථය සතිපට්ඨානයෙහි කී අයුරින්ම දතයුතුය.
සංසට්ඨාති එකුප්පාදාදිලක්ඛණෙන සංයොගට්ඨෙන සංසට්ඨා, උදාහු විසංසට්ඨාති පුච්ඡති. එත්ථ ච ථෙරො මග්ගපඤ්ඤඤ්ච විපස්සනාවිඤ්ඤාණඤ්චාති ඉමෙ ද්වෙ ලොකියලොකුත්තරධම්මෙ මිස්සෙත්වා භූමන්තරං භින්දිත්වා සමයං අජානන්තො විය පුච්ඡතීති න වෙදිතබ්බො. මග්ගපඤ්ඤාය පන මග්ගවිඤ්ඤාණෙන, විපස්සනාපඤ්ඤාය ච විපස්සනාවිඤ්ඤාණෙනෙව සද්ධිං සංසට්ඨභාවං පුච්ඡතීති වෙදිතබ්බො. ථෙරොපිස්ස තමෙවත්ථං විස්සජ්ජෙන්තො ඉමෙ ධම්මා සංසට්ඨාතිආදිමාහ.
සංසට්ඨා ඒකෝත්පාදාදී ලක්ෂණ වූ සංසර්ගයෙන් මිශ්‍ර වූවාහු ද, නොහොත් අමිශ්‍ර වූවාහු ද විචාරති. තව ද මෙහි තෙරුන් වහන්සේ, මාර්ග ප්‍රඥාව ද විදර්ශනා ඤාණයද යන මේ ලෞකික ලෝකෝත්තර ධර්මයන් දෙදෙන මිශ්‍රකොට භුම්යන්තරය බිඳ සමය නොදන්නකු වීමෙන් විචාරති යි නො දතයුතු. මාර්ග ප්‍රඥාවගේ මාර්ග විඤ්ඤාණය සමග ද, විදර්ශනා ප්‍රඥාවගේ විදර්ශනා විඥානය සමග ද මිශ්‍ර බව විචාරතියි දතයුතු. තෙරුන් වහන්සේ ද (සැරියුත්) ඒ තෙරුන්ගේ (කොට්ඨිත) අර්ථයම විසඳන සේක්. ඉමෙ ධම්මා සංසට්ඨා යනාදිය කීහ.
තත්ථ න ච ලබ්භා ඉමෙසං ධම්මානන්ති ඉමෙසං ලොකියමග්ගක්ඛණෙපි ලොකුත්තරමග්ගක්ඛණෙපි එකතො උප්පන්නානං ද්වින්නං ධම්මානං. විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වාති විසුං විසුං කත්වා විනිවට්ටෙත්වා, ආරම්මණතො වා වත්ථුතො වා උප්පාදතො වා නිරොධතො වා නානාකරණං දස්සෙතුං න සක්කාති අත්ථො. තෙසං තෙසං පන ධම්මානං විසයො නාම අත්ථි. ලොකියධම්මං පත්වා හි චිත්තං ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, ලොකුත්තරං පත්වා පඤ්ඤා.
එහි නච ලබ්භා ඉමෙසං ධම්මානං යනු ලෞකික මාර්ගක්ෂණයෙහි ද, ලෝකෝත්තර මාර්ග ක්ෂණයෙහි ද, එක්විට උපන් ධර්මයන් දෙදෙනාගේ විනිබ්භුජිත්වා විනිබ්භුජිත්වා විනිරිභෝග කරමින්, විනිවර්තනය කරමින් ආරම්මණ වශයෙන් හෝ වස්තු වශයෙන් හෝ, උත්පාද වශයෙන් හෝ නිරෝධ හෙයින් හෝ වෙනත් කරුණක් දක්වන්නට නො හැක්කේය යන අර්ථයි. ඒ ඒ ධර්මයන්ගේ විෂය නම් ඇත. ලෞකික ධර්මයට පැමිණ සිත දෙටු වෙයි. පෙරදැරි වෙයි. ලෝකෝත්තර ධර්මයට පැමිණ ප්‍රඥාව පෙරදැරි වෙයි.
සම්මාසම්බුද්ධොපි හි ලොකියධම්මං පුච්ඡන්තො, “භික්ඛු, ත්වං කතමං පඤ්ඤං අධිගතො, කිං පඨමමග්ගපඤ්ඤං, උදාහු දුතිය තතිය චතුත්ථ මග්ගපඤ්ඤ”න්ති න එවං පුච්ඡති. කිං ඵස්සො ත්වං, භික්ඛු, කිං වෙදනො, කිං සඤ්ඤො, කිං චෙතනොති න ච පුච්ඡති, චිත්තවසෙන පන, “කිඤ්චිත්තො ත්වං, භික්ඛූ”ති (පාරා· 135) පුච්ඡති. කුසලාකුසලං පඤ්ඤපෙන්තොපි “මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා”ති (ධ· ප· 1, 2) ච, “කතමෙ ධම්මා කුසලා? යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොතී”ති (ධ· ස· 1) ච එවං චිත්තවසෙනෙව පඤ්ඤාපෙති. ලොකුත්තරං පුච්ඡන්තො පන කිං ඵස්සො ත්වං භික්ඛු, කිං වෙදනො, කිං සඤ්ඤො, කිං චෙතනොති න පුච්ඡති. කතමා තෙ, භික්ඛු, පඤ්ඤා අධිගතා, කිං පඨමමග්ගපඤ්ඤා, උදාහු දුතියතතියචතුත්ථමග්ගපඤ්ඤාති එවං පඤ්ඤාවසෙනෙව පුච්ඡති.
සම්මා සම්බුදුන් වහන්සේ ලෞකික ධර්ම විචාරන්නේ මහණ, තෙපි කවර ප්‍රඥාවට පැමිණියේ ද, ප්‍රථම මාර්ග ප්‍රඥාවට ද, නොහොත් ද්විතීය, තෘතීය, චතුර්ථ මාර්ග ප්‍රඥාවට ද, මෙසේ නො විචාරති. තෙපි කවර ස්පර්ශ ඇත්තේ ද, කවර සංඥා ඇත්තේ ද, කවර චේතනා ඇත්තේද, කියාත් නො විචාරති. එහෙත් සිත් වශයෙන් මහණ තෙපි කවර සිත් ඇත්තේ වේදැයි විචාරති. කුසලා කුසල පනවන්නාහු ‘මනො පුබ්බංගමා ධම්මා, මනො සෙට්ඨා මනොමයා, යිද, කතමෙ ධම්මා කුසලා යසමි සමයෙ කාමාවචර කුසල චිත්තං උප්පන්නං හොති, මෙසේ චිත්තයාගේ වශයෙන් පනවන සේක. නැවත ලොව්තුරු දහම් විමසන්නේ, මහණ තෙපි කවර ස්පර්ශ ඇත්තේ කවර වේදනා ඇත්තේ, කවර සංඥා ඇත්තේ, කවර චේතනා ඇත්තේ වෙහිදැයි නො විචාරති. මහණ තොප විසින් කවර ප්‍රඥාවක් ලබන ලදද. කිම ප්‍රථම මාර්ග ප්‍රඥාවද, නොහොත් ද්විතීය, තෘතීය, චතුර්, මාර්ග ප්රඥාවදැයි ප්‍රඥා වශයෙන්ම විචාරති.
ඉන්ද්රියසංයුත්තෙපි “පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං වීරියින්ද්‍රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. කත්ථ ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං දට්ඨබ්බං? චතූසු සොතාපත්තියඞ්ගෙසු එත්ථ සද්ධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච, භික්ඛවෙ, වීරියින්ද්‍රියං දට්ඨබ්බං? චතූසු සම්මප්පධානෙසු එත්ථ වීරියින්ද්‍රියං දට්ඨබ්බං. කත්ථ ච, භික්ඛවෙ, සතින්ද්රියං දට්ඨබ්බං? චතූසු සතිපට්ඨානෙසු එත්ථ සතින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච, භික්ඛවෙ, සමාධින්ද්රියං දට්ඨබ්බං? චතූසු ඣානෙසු එත්ථ සමාධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච, භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං? චතූසු අරියසච්චෙසු එත්ථ පඤ්ඤින්ද්රියං දට්ඨබ්බ”න්ති (සං· නි· 5.478). එවං සවිසයස්මිංයෙව ලොකියලොකුත්තරා ධම්මා කථිතා.
ඉන්ද්රිය සංයුත්තයෙහි ද, මහණෙනි, ඉන්ද්රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක්ද යත්, ශ්‍රද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, ස්මෘති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය, ප්‍රඥා ඉන්ද්රිය යන මොහුයි. මහණෙනි, කොතැන්හි ශ්‍රද්ධා ඉන්ද්රිය දැක්ක යුතුද, සිව් සෝතාපත්ති අංගවලය. මෙහි සද්ධා ඉන්ද්රිය දැකිය යුතුය. කොතැන්හි විරිය ඉන්ද්රිය දැක්ක යුතුද, චතුසම්පදාන වීර්යයෙහිය. මෙහි විරියින්ද්රිය දැක්ක යුතුය. කොතැන්හී ස්මෘති ඉන්ද්රිය දැක්ක යුතුද, සතර සීවටන්වලදීය. මෙසේ ස්මෘති ඉන්ද්රිය දැකිය යුතුය. කොතැන්හි සමාධි ඉන්ද්රිය දැකිය යුතුද, සිව්දැහැන් (ධ්‍යාන) වලය. මෙහි සමාධි ඉන්ද්රිය දැකිය යුතුය. කොතැන්හි ප්‍රඥා ඉන්ද්රිය දැකිය යුතුයි. චතුරාර්ය සත්යයේය. මෙහි ප්‍රඥා ඉන්ද්රිය දැක්ක යුතුය. මෙසේ තමන්ගේ විෂයයෙහිම ලෞකික ලෝකෝත්තර ධර්මයෝ වදාළහ.
යථා හි චත්තාරො සෙට්ඨිපුත්තා රාජාති රාජපඤ්චමෙසු සහායෙසු නක්ඛත්තං කීළිස්සාමාති වීථිං ඔතිණ්ණෙසු එකස්ස සෙට්ඨිපුත්තස්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව, “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. දුතියස්ස තතියස්ස චතුත්ථස්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව, “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. අථ සබ්බපච්ඡා රඤ්ඤො ගෙහං ගතකාලෙ කිඤ්චාපි රාජා සබ්බත්ථ ඉස්සරොව, ඉමස්මිං පන කාලෙ අත්තනො ගෙහෙයෙව, “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති විචාරෙති. එවමෙවං ඛො සද්ධාපඤ්චමකෙසු ඉන්ද්රියෙසු තෙසු සහායෙසු එකතො වීථිං ඔතරන්තෙසු විය එකාරම්මණෙ උප්පජ්ජමානෙසුපි යථා පඨමස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සොතාපත්තියඞ්ගානි පත්වා අධිමොක්ඛලක්ඛණං සද්ධින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා දුතියස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සම්මප්පධානානි පත්වා පග්ගහණලක්ඛණං වීරියින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා තතියස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සතිපට්ඨානානි පත්වා උපට්ඨානලක්ඛණං සතින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා චතුත්ථස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං ඣානවිමොක්ඛෙ පත්වා අවික්ඛෙපලක්ඛණං සමාධින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. සබ්බපච්ඡා රඤ්ඤො ගෙහං ගතකාලෙ පන යථා ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, රාජාව ගෙහෙ විචාරෙති, එවමෙව අරියසච්චානි පත්වා පජානනලක්ඛණං පඤ්ඤින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති.
යම් සේ වනාහි රජු පස්වෙනි කොට ඇති සිටුපුත්රයෝ පස්දෙනෙක් නැකැත් කෙළි කෙළින්නෙමු යයි වීදියට බැස එක් සිටු පුත්‍රයකුගේ ගෙට ගිය කල ඉතිරි සතරදෙනා කථා නො කර සිටිති. ගෙහිමියාම මේ අයට කෑම් බීම් සුවඳ මල් ආභරණ ආදිය දිය යුතුයයි විධාන කෙරේ. දෙවෙනි තුන්වෙනි සතරවැනි සිටු පුතුන්ගේ ගෙවලට ගිය කල්හි ඉතිරි සතරදෙන නිහඬව සිටිති. ගෙහිමියාම මොවුනට කැඳ බත් ආහාරපාන සුවඳමල් දිය යුතුයයි විධාන කෙරෙයි. නැවත සියල්ලට පසුව රජුගේ මාලිගාවට ගිය කල්හි රජු සියලු තන්හි අධිපති වූයේ නමුත්, මෙවේලේ තමාගේ මාලිගයේදීම, මොවුන්ට කෑම් බීම්, සුවඳ විලවුන් අලංකාර ආභරණ දිය යුතුයයි විධාන කෙරේ. නියම කෙරේ. එපරිද්දෙන් ශ්‍රද්ධාව පස්වෙනි කොට ඇති ඉන්ද්රියයන්, ඒ යහළුවන් පස්දෙන එකතුව වීදියට සේන්දු වූවාක් මෙන්, එක අරමුණෙහි උපදිනා විටත්, යම්සේ පළමුවැන්නාගේ ගෙයි ඉතිරි සතරදෙනා නිහඬව සිටිත්ද, ගෙහිමියාම විධාන කෙරේද, එපරිද්දෙන් සෝවාන් ආදී අංගයන්ට පැමිණ, අධිමෝක්ෂ ලක්ෂණය වූ ශ්‍රද්ධාවම ප්‍රධාන වෙයි. පෙරදැරි වෙයි. අනෙක් අය ඒ අනුව ගියාහු වෙති. යම්සේ දෙවැන්නාගේ ගෙහි ඉතිරි සතරදෙන නිහඬව සිටිත්ද, ගෙහිමියාම විධාන කෙරෙත්ද, එපරිද්දෙන් සම්‍යක් ප්‍රධානයට පැමිණ ප්‍රගහ ලක්ෂණය වූ වීර්ය ඉන්ද්‍රියම ප්‍රධාන වෙයි. පෙරදැරි වෙයි. සෙසෝ ඒ අනුව ගියාහු වෙති. යම්සේ තෙවැන්නාගේ ගෙහි ඉතිරි සතරදෙන නිහඬව සිටිත්ද, ගෙහිමියාම විධාන කෙරෙත්ද, එපරිද්දෙන් සතිපට්ඨානයන්ට පැමිණ උපස්ථාන ලක්ෂණ වූ ස්මෘති ඉන්ද්‍රියම දෙටු වෙයි. පෙරදැරි වෙයි. සෙස්සෝ ඒ අනුව ගියහ. යම්සේ සතරවැන්නාගේ ගෙහි ඉතිරි සතරදෙන නිහඬව සිටීද, ගෙහිමියාම විධාන කෙරේද, එසේ ධ්‍යාන විමෝක්ෂයන්ට පැමිණි අවික්‍ෂේප ලක්ෂණ වූ සමාධි ඉන්ද්‍රියම පෙරදැරි වෙයි. ප්‍රධාන වෙයි. සෙස්සෝ ඒ අනුව ගියාහු වෙති. රජ මාලිගාවට ගිය කල්හි ඉතිරි සතරදෙන නිහඬව සිටීද, රජ තෙමේ සියලු සංග්‍රහ කෙරේද, එපරිද්දෙන් ආර්ය සත්‍යයන්ට පැමිණ පජානන ලක්ෂණ වූ ප්‍රඥා ඉන්ද්‍රියම ප්‍රධාන වෙයි. පෙරදැරි වෙයි. සෙස්සෝ ඒ අනුව ගියාහු වෙති.
ඉති පටිසම්භිදාපත්තානං අග්ගෙ ඨපිතො මහාකොට්ඨිතත්ථෙරො ලොකියධම්මං පුච්ඡන්තො චිත්තං ජෙට්ඨකං චිත්තං පුබ්බඞ්ගමං කත්වා පුච්ඡි; ලොකුත්තරධම්මං පුච්ඡන්තො පඤ්ඤං ජෙට්ඨකං පඤ්ඤං පුබ්බඞ්ගමං කත්වා පුච්ඡි. ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරොපි තථෙව විස්සජ්ජෙසීති.
මෙසේ පිළිසිඹියාවූවන් අතුරෙන් අගතැන්හි තැබූ මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ලෞකික ධර්මය විචාරන්නාහු සිත ප්‍රධානකොට සිත පෙරදැරිකොට විචාළහ. ලෝකෝත්තර ධර්ම විමසන්නාහූ ප්‍රඥාව දෙටු කොට ප්‍රඥාව පෙරදැරි කොට විචාළහ. දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ ද එසේම විසඳූ සේක.
යං හාවුසො, පජානාතීති යං චතුසච්චධම්මමිදං දුක්ඛන්තිආදිනා නයෙන මග්ගපඤ්ඤා පජානාති. තං විජානාතීති මග්ගවිඤ්ඤාණම්පි තථෙව තං විජානාති. යං විජානාතීති යං සඞ්ඛාරගතං අනිච්චන්තිආදිනා නයෙන විපස්සනාවිඤ්ඤාණං විජානාති. තං පජානාතීති විපස්සනාපඤ්ඤාපි තථෙව තං පජානාති. තස්මා ඉමෙ ධම්මාති තෙන කාරණෙන ඉමෙ ධම්මා. සංසට්ඨාති එකුප්පාදඑකනිරොධඑකවත්ථුකඑකාරම්මණතාය සංසට්ඨා.
යං භාවුසො පජානාති යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් මේ දුකය යනාදී වශයෙන් මාර්ග ප්‍රඥාව දැනගනීද, තං විජානාති මාර්ග චිත්තය ද එසේම දැනගනී. යං විජානාති යම් සංස්කාරයක් අනිත්‍යය ආදී න්‍යායයෙන් විදර්ශනා චිත්තය දැනගනීද, තං පජානාති විදර්ශනා ප්‍රඥාවද එසේම දැනගනී. තස්මා ඉමෙ ධම්මා ඒ කාරණයෙන් මේ ධර්මයෝ සංසට්ඨා ඒකුප්පාද, ඒකනිරෝධ - ඒකවත්ථුක, ඒකාරම්මණ බැවින් සංයුක්ත වූවාහුය.
පඤ්ඤා භාවෙතබ්බාති ඉදං මග්ගපඤ්ඤං සන්ධාය වුත්තං. තංසම්පයුත්තං පන විඤ්ඤාණං තාය සද්ධිං භාවෙතබ්බමෙව හොති. විඤ්ඤාණං පරිඤ්ඤෙය්යන්ති ඉදං විපස්සනාවිඤ්ඤාණං සන්ධාය වුත්තං. තංසම්පයුත්තා පන පඤ්ඤා තෙන සද්ධිං පරිජානිතබ්බාව හොති.
පඤ්ඤා භාවෙ තබ්බා මෙය මාර්ග ප්‍රඥාව සඳහා කියන ලදී. ඒ මාර්ග ප්‍රඥාව හා සම්ප්‍රයුක්ත එකට යෙදුනු ප්‍රඥාව ඒ ප්‍රඥාව සමගම වැඩිය යුතු වෙයි. විඤ්ඤාණං පරිඤ්ඤෙය්යං මෙය විදර්ශනා සිත ගැන කියන ලදී. ඒ විඤ්ඤාණය හා එකට යෙදුනු ප්‍රඥාව ඒ විඤ්ඤාණය සමගම හාත්පසින්ම දැනගත යුත්තේ වේ.
වෙදනා වෙදනාති ඉදං කස්මා පුච්ඡති? වෙදනාලක්ඛණං පුච්ඡිස්සාමීති පුච්ඡති. එවං සන්තෙපි තෙභූමිකසම්මසනචාරවෙදනාව අධිප්පෙතාති සල්ලක්ඛෙතබ්බා. සුඛම්පි වෙදෙතීති සුඛං ආරම්මණං වෙදෙති අනුභවති. පරතො පදද්වයෙපි එසෙව නයො. “රූපඤ්ච හිදං, මහාලි, එකන්තදුක්ඛං අභවිස්ස, දුක්ඛානුපතිතං දුක්ඛාවක්කන්තං අනවක්කන්තං සුඛෙන, නයිදං සත්තා රූපස්මිං සාරජ්ජෙය්යුං. යස්මා ච ඛො, මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං අනවක්කන්තං දුක්ඛෙන, තස්මා සත්තා රූපස්මිං සාරජ්ජන්ති, සාරාගා සංයුජ්ජන්ති, සංයොගා සංකිලිස්සන්ති. වෙදනා ච හිදං… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණඤ්ච හිදං, මහාලි, එකන්තදුක්ඛං අභවිස්ස…පෙ… සංකිලිස්සන්තී”ති (සං· නි· 3.70) ඉමිනා හි මහාලිසුත්තපරියායෙන ඉධ ආරම්මණං සුඛං දුක්ඛං අදුක්ඛමසුඛන්ති කථිතං. අපිච පුරිමං සුඛං වෙදනං ආරම්මණං කත්වා අපරා සුඛා වෙදනා වෙදෙති; පුරිමං දුක්ඛං වෙදනං ආරම්මණං කත්වා අපරා දුක්ඛා වෙදනා වෙදෙති; පුරිමං අදුක්ඛමසුඛං වෙදනං ආරම්මණං කත්වා අපරා අදුක්ඛමසුඛා වෙදනා වෙදෙතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. වෙදනායෙව හි වෙදෙති, න අඤ්ඤො කොචි වෙදිතා නාම අත්ථීති වුත්තමෙතං.
වෙදනා වෙදනා යන මෙය කුමක් හෙයින් විචාරත්ද, වේදනා ලක්ෂණය දැනගැනීම සඳහා විචාරයි. මෙසේ ඇති කල්හිද ත්‍රෛභූමක සම්මර්ශන වාරයෙහි, වේදනාවම අදහස් කරන ලද්දේයයි සැලකිය යුතුය. සුඛම්පි වෙදෙති සුව අරමුණ විඳියි. අනුභව කරයි. මතු දෙපදයෙහි ද මේ ක්‍රමයමැයි. මහාලී! යම් හෙයකින් මේ රූපය ද, ඒකාන්තයෙන් අනිෂ්ට වූයේ, එනිසාම දුක් වූයේ දුක් වේදනාවෙන් බැසගන්නා ලද්දේ. දුකින් අවක්රාන්ත වූයේ, එසේ වන්නේ නම් සත්ත්වයෝ රූපයෙහි නො ඇලෙන්නේය. තව ද මහාලී යම්හෙයකින් රූපය සැප වූයේ ද, සැපයෙන් බැසගන්නා ලද ද, සැපයෙන් අවක්රාන්ත ද දුකින් අනවක්රාන්ත ද, එහෙයින් රූපයෙහි ඇලෙති. ඇලීම හේතුකොටගෙන සංයෝග වෙති. සංයෝගය හේතුකොටගෙන කෙලෙසෙත්. ‘මේ මහා සූත්‍ර පරියායෙන් ද මෙහි ආලම්බනය සැපය, දුක්ය, උපේක්ෂාය යි කියන ලදී. තව ද පූර්ව වූ සුඛවේදනාව අරමුණු කොටගෙන අනෙක් (අපර) සුඛ වේදනාවන් විඳී. පෙර වූ දුක් වේදනාව අරමුණු කොට මතු දුක් වේදනා විඳී. යටගිය උපේක්ෂා වේදනාව අරමුණු කොට මතු දුක් වේදනා විඳී. මෙසේ මෙහි අර්ථ දතයුතු. වේදනාව තමන්ම විඳිය යුතුය. එය විඳින්නා වූ වෙන කිසිවෙක් නම් නැතැයි කියන ලදී.
සඤ්ඤා සඤ්ඤාති ඉධ කිං පුච්ඡති? සබ්බසඤ්ඤාය ලක්ඛණං. කිං සබ්බත්ථකසඤ්ඤායාති? සබ්බසඤ්ඤාය ලක්ඛණන්තිපි සබ්බත්ථකසඤ්ඤාය ලක්ඛණන්තිපි එකමෙවෙතං, එවං සන්තෙපි තෙභූමිකසම්මසනචාරසඤ්ඤාව අධිප්පෙතාති සල්ලක්ඛෙතබ්බා. නීලකම්පි සඤ්ජානාතීති නීලපුප්ඵෙ වා වත්ථෙ වා පරිකම්මං කත්වා උපචාරං වා අප්පනං වා පාපෙන්තො සඤ්ජානාති. ඉමස්මිඤ්හි අත්ථෙ පරිකම්මසඤ්ඤාපි උපචාරසඤ්ඤාපි අප්පනාසඤ්ඤාපි වට්ටති. නීලෙ නීලන්ති උප්පජ්ජනකසඤ්ඤාපි වට්ටතියෙව. පීතකාදීසුපි එසෙව නයො.
සඤ්ඤා සඤ්ඤාය මේ කුමක්දැයි විචාරයි. සංඥාවගේ ලක්ෂණ විචාරති. කිම සියල්ලෙන් යුක්ත වූ (සර්වත්‍ර) සංඥාවගේ ද, සංඥාවගේ ලක්ෂණ යයි ද, සර්වත්‍ර සංඥාවගේ ලක්ෂණ යයි ද මේ එකකි. මෙසේ ඇතිකල්හි ත්‍රෛභූමක සම්මර්ශනවාර සංඥාවම අදහස් කරන ලදැයි සැළකිය යුතුය. නීලම්පි සඤ්ජානාති නිල් මලක් හෝ නිල් වස්ත්‍රයක් පරිකර්මකොට උපචාරයට හෝ අර්පණාවට පමුණුවමින් හැඳින ගනී. මේ අර්ථයෙහි පරිකර්ම සංඥාවද, උපචාර සංඥාවද, අර්පණා සංඥාවද වටී. නිල්පාටෙහි නීල යයි උපදනා සංඥාව ද, සුදුසුමය. වටින්නේමය. පීතාදියෙහි ද මෙම ක්‍රමයමැයි.
යා චාවුසො, වෙදනාති එත්ථ වෙදනා, සඤ්ඤා, විඤ්ඤාණන්ති ඉමානි තීණි ගහෙත්වා පඤ්ඤා කස්මා න ගහිතාති? අසබ්බසඞ්ගාහිකත්තා. පඤ්ඤාය හි ගහිතාය පඤ්ඤාය සම්පයුත්තාව වෙදනාදයො ලබ්භන්ති, නො විප්පයුත්තා. තං පන අග්ගහෙත්වා ඉමෙසු ගහිතෙසු පඤ්ඤාය සම්පයුත්තා ච විප්පයුත්තා ච අන්තමසො ද්වෙ පඤ්චවිඤ්ඤාණධම්මාපි ලබ්භන්ති. යථා හි තයො පුරිසා සුත්තං සුත්තන්ති වදෙය්යුං, චතුත්ථො රතනාවුතසුත්තන්ති. තෙසු පුරිමා තයො තක්කගතම්පි පට්ටිවට්ටකාදිගතම්පි යංකිඤ්චි බහුං සුත්තං ලභන්ති අන්තමසො මක්කටකසුත්තම්පි. රතනාවුතසුත්තං පරියෙසන්තො මන්දං ලභති, එවංසම්පදමිදං වෙදිතබ්බං. හෙට්ඨතො වා පඤ්ඤා විඤ්ඤාණෙන සද්ධිං සම්පයොගං ලභාපිතා විස්සට්ඨත්තාව ඉධ න ගහිතාති වදන්ති. යං හාවුසො, වෙදෙතීති යං ආරම්මණං වෙදනා වෙදෙති, සඤ්ඤාපි තදෙව සඤ්ජානාති. යං සඤ්ජානාතීති යං ආරම්මණං සඤ්ඤා සඤ්ජානාති, විඤ්ඤාණම්පි තදෙව විජානාතීති අත්ථො.
යං චාවුසො වෙදනා යන මෙහි වේදනාය, සංඥාය, විඤ්ඤාණය යන මේ තුන ගෙන ප්‍රඥාව කුමක් හෙයින් නො ගත්තේද, සියල්ලෙහි ඇතුළත් නොවන හෙයිනි. ප්‍රඥාව ගත් කල්හි ප්‍රඥාවෙහි යෙදුනා වූ වේදනාදියද ලැබෙති. වෙන් වූවාහු නො ලැබෙති. නැවත ඒ ප්‍රඥාව නොගෙන මොවුන් ගත්කල්හි ප්‍රඥා සම්ප්‍රයුක්ත වූද, විප්‍රයුක්ත වූද, දෙපස් විඤ්ඤාණ ධර්මයෝ ලැබෙති. යම්සේ පුරුෂයෝ තිදෙනෙක් නූල් නූල් යයි කියති. සතරවැන්න රතු ඇමුණූ නූලක් යයි කියන්නාහුද, ඒ පළමු පුරුෂයෝ තිදෙන නූල් කටින ‘තක්ක’ යෙහි වූ නූල්, වෙළන ලද ‘පරිවට්ටාදියෙහි’ වූ බොහෝ වෙනත් නුල් ලබත් ද, යටත්පිරිසෙයින් මකුළු හුයකුදු ලබත්ද, රුවන් ඇමුණූ නූල සොයන තැනැත්තේ ටිකක් ලබයිද. මේ කරුණ එපරිද්දෙන් දතයුතු. නොහොත් යටින් ප්‍රඥාව විඤ්ඤාණය සමග සම්ප්‍රයෝග ලබා හරන ලද්දේ යයි කියනුයේ හළ බැවින්ද, මෙහි නො ගන්නා ලද්දේ යයි කියත්. යංහාවුසො වෙදෙති යම් අරමුණක් වේදනාව විඳීද, සංඥාව එය හැඳිනගනී. යංසඤ්ජානන්ති යම් අරමුණක් සංඥාව විසින් හඳුනාගනු ලබන්නේද, විඥානයත් එම ම දැනගනු ලබන්නේ ය යන අර්ථයි.
ඉදානි සඤ්ජානාති විජානාති පජානාතීති එත්ථ විසෙසො වෙදිතබ්බො. තත්ථ උපසග්ගමත්තමෙව විසෙසො. ජානාතීති පදං පන අවිසෙසො. තස්සාපි ජානනත්ථෙ විසෙසො වෙදිතබ්බො. සඤ්ඤා හි නීලාදිවසෙන ආරම්මණං සඤ්ජානනමත්තමෙව, අනිච්චං දුක්ඛං අනත්තාති ලක්ඛණපටිවෙධං පාපෙතුං න සක්කොති. විඤ්ඤාණං නීලාදිවසෙන ආරම්මණඤ්චෙව සඤ්ජානාති, අනිච්චාදිලක්ඛණපටිවෙධඤ්ච පාපෙති, උස්සක්කිත්වා පන මග්ගපාතුභාවං පාපෙතුං න සක්කොති. පඤ්ඤා නීලාදිවසෙන ආරම්මණම්පි සඤ්ජානාති, අනිච්චාදිවසෙන ලක්ඛණපටිවෙධම්පි පාපෙති, උස්සක්කිත්වා මග්ගපාතුභාවං පාපෙතුම්පි සක්කොති.
මෙවිට සඤ්ජානාති විජානාති යන මෙහි විශේෂය ද, අවිශේෂය ද දතයුතු. එහි උපසර්ගය යෙදීමම විශේෂයි. ‘ජානාති’ යන පදය අවිශේෂයි. ඒ පදයේ ජනනාර්ථය විශේෂයෙන් දතයුතුය. සංඥාව වනාහී නීලා දී වශයෙන් අරමුණු හැඳිනීම පමණක් කරයි. අනිත්‍යය, දුකය, අනාත්මයය යන ලක්ෂණ අවබෝධයට හරවන්නට නොහැකි වෙයි. විඥානය නීලාදී අරමුණු දැනගැනීම කරයි. අනිත්‍යාදී ලක්ෂණ අවබෝධයටත් පමුණුවයි. එහෙත් උත්සාහකොට මාර්ගයට පමුණුවන්නට නොහැකි වෙයි. ප්‍රඥාව වූ කලී නීලාදී වශයෙන් අරමුණක් හැඳිනගනී. අනිත්‍යාදී වශයෙන් ලක්ෂණද අවබෝධ කරගනියි. උත්සාහකොට මාර්ගයටත් පමුණුවයි.
යථා හි හෙරඤ්ඤිකඵලකෙ කහාපණරාසිම්හි කතෙ අජාතබුද්ධි දාරකො ගාමිකපුරිසො මහාහෙරඤ්ඤිකොති තීසු ජනෙසු ඔලොකෙත්වා ඨිතෙසු අජාතබුද්ධි දාරකො කහාපණානං චිත්තවිචිත්තචතුරස්සමණ්ඩලභාවමෙව ජානාති, ඉදං මනුස්සානං උපභොගපරිභොගං රතනසම්මතන්ති න ජානාති. ගාමිකපුරිසො චිත්තාදිභාවඤ්චෙව ජානාති, මනුස්සානං උපභොගපරිභොගරතනසම්මතභාවඤ්ච. “අයං කූටො අයං ඡෙකො අයං කරතො අයං සණ්හො”ති පන න ජානාති. මහාහෙරඤ්ඤිකො චිත්තාදිභාවම්පි රතනසම්මතභාවම්පි කූටාදිභාවම්පි ජානාති, ජානන්තො ච පන නං රූපං දිස්වාපි ජානාති, ආකොටිතස්ස සද්දං සුත්වාපි, ගන්ධං ඝායිත්වාපි, රසං සායිත්වාපි, හත්ථෙන ගරුකලහුකභාවං උපධාරෙත්වාපි අසුකගාමෙ කතොතිපි ජානාති, අසුකනිගමෙ අසුකනගරෙ අසුකපබ්බතච්ඡායාය අසුකනදීතීරෙ කතොතිපි, අසුකාචරියෙන කතොතිපි ජානාති. එවමෙවං සඤ්ඤා අජාතබුද්ධිදාරකස්ස කහාපණදස්සනං විය නීලාදිවසෙන ආරම්මණමත්තමෙව සඤ්ජානාති. විඤ්ඤාණං ගාමිකපුරිසස්ස කහාපණදස්සනං විය නීලාදිවසෙන ආරම්මණම්පි සඤ්ජානාති, අනිච්චාදිවසෙන ලක්ඛණපටිවෙධම්පි පාපෙති. පඤ්ඤා මහාහෙරඤ්ඤිකස්ස කහාපණදස්සනං විය නීලාදිවසෙන ආරම්මණම්පි සඤ්ජානාති, අනිච්චාදිවසෙන ලක්ඛණපටිවෙධම්පි පාපෙති, උස්සක්කිත්වා මග්ගපාතුභාවම්පි පාපෙති. සො පන නෙසං විසෙසො දුප්පටිවිජ්ඣො.
උපමාව මෙසේය. රන්කරුවාගේ මේසය උඩ කහවණු රැසක් දැමු කල්හී නුවණ නොමේරූ දරුවෙක් ද, ගැමියෙක් ද, මහාරන්කරුය යන තිදෙනෙක් බලාසිටිති. මේ තිදෙනා අතුරෙන් නුවණ නොමේරූ දරුවා කහවණු පිළිබඳව දිලිසෙන ස්වභාවය, රන්වන් පැහැය, හැඩය, පමණක් දැනගනී. මේ මිනිසුන්ගේ පරිහරණයට සුදුසු රත්තරන් යයි නො හැඳින ගනී. ගැමියා රන්වන්ව දිලිසෙන බවත්, මිනිසුන්ගේ උපභෝග පරිභෝග රත්තරන් බවත්, දැනගනී. එහෙත් ඒවායේ බාල බව හෝ වටිනාකම් පිළිබඳව යමක් නො දනී. රන්කරු දිලිසෙනසුළු බව ද, බබළන බව ද, නියම රත්තරන් ද බාල රත්තරන් ද, කළවම් රත්තරන් ද ආදී සියලු විස්තර දැනගනී. එසේ දැනගන්නා අතර එහි හැඩ රුව අනුව ද, ශබ්දය බලාද, අතින් බර සැහැල්ලු බව අනුවද, අසවල් රටේ කරන ලද ය, අසවල් ගල සෙවණේ, අසවල් ගං ඉවුරේ, අසවල් කම්හලේ, අසවල් කර්මාන්තකරු විසින් කරන ලද්දේය යනුවෙනුත් දැනගනී. එපරිද්දෙන් සංඥා තොමෝ නොමේරූ නුවණැති ළදරුවා ගේ කහවණු දැකීම මෙන් නීලාදි වශයෙන් අරමුණු පමණක් දැනගනී. විඥානය ගැමියාගේ කහවණු දැනීම මෙන්, නීලාදී වශයෙන් අරමුණත් දැනගනී. අනිත්‍යාදී වශයෙන් ලක්ෂණත් අවබෝධ කරගනී. ප්‍රඥාව මහා රන්කරුවාගේ දැකීම මෙන්, නීලාදී වශයෙන් අරමුණ දැනගනී. අනිත්‍යාදී වශයෙන් ලක්ෂණ ද අවබෝධ කරගනී. උත්සාහවත්ව මාර්ගයාගේ පහළවීමටත් පමුණුවයි. ඔවුන්ගේ ඒ දැනීම් විශේෂය දුකසේ අවබෝධ කටයුත්තේය.
තෙනාහ ආයස්මා නාගසෙනො – “දුක්කරං, මහාරාජ, භගවතා කතන්ති. කිං, භන්තෙ, නාගසෙන භගවතා දුක්කරං කතන්ති? දුක්කරං, මහාරාජ, භගවතා කතං, ඉමෙසං අරූපීනං චිත්තචෙතසිකානං ධම්මානං එකාරම්මණෙ පවත්තමානානං වවත්‍ථානං අක්ඛාතං, අයං ඵස්සො, අයං වෙදනා, අයං සඤ්ඤා, අයං චෙතනා, ඉදං චිත්ත”න්ති (මි· ප· 2.7.16). යථා හි තිලතෙලං, සාසපතෙලං, මධුකතෙලං, එරණ්ඩකතෙලං, වසාතෙලන්ති ඉමානි පඤ්ච තෙලානි එකචාටියං පක්ඛිපිත්වා දිවසං යමකමන්ථෙහි මන්ථෙත්වා තතො ඉදං තිලතෙලං, ඉදං සාසපතෙලන්ති එකෙකස්ස පාටියෙක්කං උද්ධරණං නාම දුක්කරං, ඉදං තතො දුක්කරතරං. භගවා පන සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස සුප්පටිවිද්ධත්තා ධම්මිස්සරො ධම්මරාජා ඉමෙසං අරූපීනං ධම්මානං එකාරම්මණෙ පවත්තමානානං වවත්‍ථානං අක්ඛාසි. පඤ්චන්නං මහානදීනං සමුද්දං පවිට්ඨට්ඨානෙ, “ඉදං ගඞ්ගාය උදකං, ඉදං යමුනායා”ති එවං පාටියෙක්කං උදකඋද්ධරණෙනාපි අයමත්ථො වෙදිතබ්බො.
එහෙයින් නාගසේන ස්ථවිරයෝ ‘මහරජ, භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර දෙයක්ම කරන ලදැයි කීහ. භවත් නාගසේනයන් වහන්ස, කවර දුෂ්කර දෙයක් කරන ලදද. මහරජ, භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර දෙයක්ම කළහ. එක් අරමුණෙහි පවත්නා වූ, අරූපී චෛතසික ධර්මයන්ගේ මේ ස්පර්ශය, මෝ වේදනාවය, මෝ සංඥාය. මේ චේතනාය. මේ චිත්ත යයි යම් විභාගයක් වදාරණ ලද ද, යම් සේ තලතෙල්, අබ තෙල්, මීතෙල්, එරඩු තෙල්, චුරුණු තෙල් යන මේ පස්තෙල් එක් සැළියෙක බහා දවසක් පැත්තකින් අළලා (කළවම්කර) ඉක්බිති නැවත මේ තලතෙල්ය, මේ අබතෙල්ය, වශයෙන් එකක් එකක් වෙන් වෙන්ව වෙන්කිරීම, දුෂ්කර වේද, මෙය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානය මැනවින් අවබෝධ කළ බැවින් ධර්මස්වාමී, ධර්මරාජන් වූ බැවින්ම එක් අරමුණෙහි පවත්නා වූ මේ අරූපී ධර්මයන්ගේ විභාගය බෙදීම කළ සේක. පංචමහා ගංගා මුහුදට වැටෙන තැන දී, මේ යමුනා නදියේ ජලය ය, මේ ගංගා නම් ජලය ය, මෙසේ ජලය වෙන්කර දැක්වීමේ උපමාව ද මේ හා සම වේ.
නිස්සට්ඨෙනාති නිස්සටෙන පරිච්චත්තෙන වා. තත්ථ නිස්සටෙනාති අත්ථෙ සති පඤ්චහි ඉන්ද්රියෙහීති නිස්සක්කවචනං. පරිච්චත්තෙනාති අත්ථෙ සති කරණවචනං වෙදිතබ්බං. ඉදං වුත්තං හොති – පඤ්චහි ඉන්ද්රියෙහි නිස්සරිත්වා මනොද්වාරෙ පවත්තෙන පඤ්චහි වා ඉන්ද්රියෙහි තස්ස වත්ථුභාවං අනුපගමනතාය පරිච්චත්තෙනාති. පරිසුද්ධෙනාති නිරුපක්කිලෙසෙන. මනොවිඤ්ඤාණෙනාති රූපාවචරචතුත්ථජ්ඣානචිත්තෙන. කිං නෙය්යන්ති කිං ජානිතබ්බං. “යංකිඤ්චි නෙය්‍යං නාම අත්ථි ධම්ම”න්තිආදීසු (මහානි· 69) හි ජානිතබ්බං නෙය්යන්ති වුත්තං. ආකාසානඤ්චායතනං නෙය්යන්ති කථං රූපාවචරචතුත්ථජ්ඣානචිත්තෙන අරූපාවචරසමාපත්ති නෙය්යාති? රූපාවචරචතුත්ථජ්ඣානෙ ඨිතෙන අරූපාවචරසමාපත්තිං නිබ්බත්තෙතුං සක්කා හොති. එත්ථ ඨිතස්ස හි සා ඉජ්ඣති. තස්මා “ආකාසානඤ්චායතනං නෙය්‍ය”න්තිආදිමාහ.
නිස්සට්ඨෙන යනු නික්මුනා වූ නොහොත් හරන ලද්දා වූ, එහි නික්මුණු යන අර්ථය ඇතිකල්හි පසිඳුරන් කෙරෙහි අවධි අර්ථයයි. හරණ ලද යන අර්ථය ඇති කල්හි කරණ වචනය දතයුතු. පසිඳුරන් කෙරෙන් නික්ම මනෝද්වාරයෙහි පැවැතියා වූ, නොහොත් පසිඳුරන් කරණකොට ගෙන ඔහුගේ වස්තු බවට නො පැමිණෙන බැවින්, පරිත්‍යාග කරන ලද පරිසුද්ධෙන උපක්ලේශ රහිත වූ මනොවිඤ්ඤාණෙන යනු රූපාවචර චතුර්ථධ්යාන සිතෙන්, කීංනෙය්ය කුමක් දතයුතුද, ‘යංකිඤ්චි නෙය්‍යං නාම අත්ථි ධම්මං’ යනාදිය මෙන් දතයුත්ත නෙය්‍ය යයි කියන ලදී. ආකාසානඤ්චායතනං - නෙය්‍යං යනු රූපාවචර චතුර්ථධ්යාන චිත්තයෙන් අරූපාවචර සමාපත්ති කෙසේ දතයුතුද, රූපාවචර චතුර්ථ ධ්‍යානයෙහි සිටියවුන් විසින් අරූපාවචර සමාපත්තිය පිහිටුවන්නට හැකි වෙයි. යම්හෙයකින් මෙහි සිටියහුට, ඒ සමාපත්ති සමෘද්ධ වේද, එහෙයින් ‘ආකාසානඤ්චායතනං නෙය්‍යං’ යනාදිය කීහ.
අථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනං කස්මා න වුත්තන්ති? පාටියෙක්කං අභිනිවෙසාභාවතො. තත්ථ හි කලාපතො නයතො සම්මසනං ලබ්භති, ධම්මසෙනාපතිසදිසස්සාපි හි භික්ඛුනො පාටියෙක්කං අභිනිවෙසො න ජායති. තස්මා ථෙරොපි, “එවං කිරමෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී”ති (ම· නි· 3.94) කලාපතො නයතො සම්මසිත්වා විස්සජ්ජෙසීති. භගවා පන සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස හත්ථගතත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියම්පි පරොපඤ්ඤාස ධම්මෙ පාටියෙක්කං අංගුද්ධාරෙනෙව උද්ධරිත්වා, “යාවතා සඤ්ඤාසමාපත්තියො, තාවතා අඤ්ඤාපටිවෙධො”ති ආහ.
නැවත නේවසඤ්ඤා නාසඤ්ඤායතනය කුමක් හෙයින් නො කියන ලදද, වෙන වෙනම අභිනිවේශයක් නැති හෙයිනි. යම්හෙයකින් එහි කලාප හෙයින් නය හෙයින් සම්මර්ශනය ලැබේද දම්සෙනෙවි වැනි මහා තෙරුන්ට ද වෙන වෙනම අභිනිවේශයක් නොවේද, එහෙයින් තෙරුන් වහන්සේත් මෙසේ වනාහි මේ ධර්මයෝ අභිනිවේශ නොවී, පහළ වෙති. පහළවී නැසෙති. කලාප හෙයින් නය හෙයින් සම්මර්ශනය කරමින් විසඳූහ. භාග්‍යවතුන් වහන්සේ වූ කලී සර්වඥතාඥානය අත්පත් කරගත් බැවින් නේවසඤ්ඤා නාසඤ්ඤා සමාපත්තියෙහි ද පරෝ පණස් ධර්මයන් වෙන වෙනම අංගෝද්ධාරයෙන්ම, නගා, ‘යාවතා සඤ්ඤා සමාපත්ති, තාවතා අඤ්ඤො පටිවෙධො’ යනාදිය කීහ.
පඤ්ඤාචක්ඛුනා පජානාතීති දස්සනපරිණායකට්ඨෙන චක්ඛුභූතාය පඤ්ඤාය පජානාති. තත්ථ ද්වෙ පඤ්ඤා සමාධිපඤ්ඤා විපස්සනාපඤ්ඤා ච. සමාධිපඤ්ඤාය කිච්චතො අසම්මොහතො ච පජානාති. විපස්සනාපඤ්ඤාය ලක්ඛණපටිවෙධෙන ආරම්මණතො ජානනං කථිතං.
පඤ්ඤා චක්ඛුනා පජානාතී යනු දැකීමේ පරිණායක අර්ථයෙන් ඇසක් වැනි වූ ප්‍රඥාවෙන් දැනගනී. එහි ප්‍රඥාවෝ දෙදෙනෙක් දක්වති. සමාධි ප්‍රඥා, විදර්ශනා ප්‍රඥා වශයෙන් සමාධි ප්‍රඥාවෙන් කෘත්‍ය හෙයින්ද, අසම්මූළ්හ වශයෙන් දැනගනී. විදර්ශනා ප්‍රඥාවෙන් ලක්ෂණ අවබෝධයෙන් අරමුණු හෙයින් දැනීම කියන ලදී.
කිමත්ථියාති කො එතිස්සා අත්ථො. අභිඤ්ඤත්ථාතිආදීසු අභිඤ්ඤෙය්‍යෙ ධම්මෙ අභිජානාතීති අභිඤ්ඤත්ථා. පරිඤ්ඤෙය්‍යෙ ධම්මෙ පරිජානාතීති පරිඤ්ඤත්ථා. පහාතබ්බෙ ධම්මෙ පජහතීති පහානත්ථා. සා පනෙසා ලොකියාපි අභිඤ්ඤත්ථා ච පරිඤ්ඤත්ථා ච වික්ඛම්භනතො පහානත්ථා. ලොකුත්තරාපි අභිඤ්ඤත්ථා ච පරිඤ්ඤත්ථා ච සමුච්ඡෙදතො පහානත්ථා. තත්ථ ලොකියා කිච්චතො අසම්මොහතො ච පජානාති, ලොකුත්තරා අසම්මොහතො.
කිමත්ථියා යනු ඒ ප්‍රඥාවගේ අර්ථය කවරේද, අභිඤ්ඤත්ථා යනාදියෙහි දතයුතු ධර්මයන් විශේෂයෙන් දැනගනී යන අර්ථයෙන් අභිඤ්ඤත්ථා වේ. අවබෝධ කරගත යුතු පිරිසිඳ දැනගතයුතු ධර්මයන් දැනගත්තේය යන අර්ථයෙන් පරිඤ්ඤත්ථා නම් වේ. පහ කළයුතු ධර්මයන් පහකළේය යන අර්ථයෙන් පහානත්ථා නම් වේ. ඒ මේ ප්‍රඥාව ලෞකික වූයේ ද, අභිඥාව ප්‍රයෝජනකොට ඇත්තේත්, පරිඤ්ඤාව ප්‍රයෝජනකොට ඇත්තේත්, විෂ්කම්භන වශයෙන් ප්රහාණය ප්‍රයෝජනකොට ඇත්තේත් වේ. ලෝකෝත්තර වූයේ ද අභිඥාව ප්‍රයෝජනකොට ඇත්තේත්, පරිඤ්ඤාව ප්‍රයෝජනකොට ඇත්තේත්, සමුච්ඡේද වශයෙන් ප්රහාණය ප්‍රයෝජනකොට ඇත්තේත්, සමුච්ඡේද වශයෙන් ප්රහාණය ප්‍රයෝජනකොට ඇත්තේත් වේ. එහි ලෞකික ප්‍රඥාව කෘත්‍ය වශයෙන් ද නො මුළා වශයෙන් ද, දැනගනී. ලෝකෝත්තර ප්‍රඥාව නො මුළා වශයෙන් දැනගනී.
සම්මාදිට්ඨියා උප්පාදායාති විපස්සනාසම්මාදිට්ඨියා ච මග්ගසම්මාදිට්ඨියා ච. පරතො ච ඝොසොති සප්පායධම්මස්සවනං. යොනිසො ච මනසිකාරොති අත්තනො උපායමනසිකාරො. තත්ථ සාවකෙසු අපි ධම්මසෙනාපතිනො ද්වෙ පච්චයා ලද්ධුං වට්ටන්තියෙව. ථෙරො හි කප්පසතසහස්සාධිකං එකං අසඞ්ඛ්යෙය්යං පාරමියො පූරෙත්වාපි අත්තනො ධම්මතාය අණුමත්තම්පි කිලෙසං පජහිතුං නාසක්ඛි. “යෙ ධම්මා හෙතුප්පභවා”ති (මහාව· 60) අස්සජිත්ථෙරතො ඉමං ගාථං සුත්වාවස්ස පටිවෙධො ජාතො. පච්චෙකබුද්ධානං පන සබ්බඤ්ඤුබුද්ධානඤ්ච පරතොඝොසකම්මං නත්ථි, යොනිසොමනසිකාරස්මිංයෙව ඨත්වා පච්චෙකබොධිඤ්ච සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්ච නිබ්බත්තෙන්ති.
සම්මා දිට්ඨියා උපාදාය විදර්ශනා සම්‍යග් දෘෂ්ටියේද, මාර්ග සම්‍යග් දෘෂ්ටියේ ද, පරතො ඝොසො සත්ප්‍රාය වූ සැප වූ, ධර්මශ්රවණය. යොනිසොච මනසිකාරො තමන්ගේ උපාය මනසිකාරය එහි ශ්‍රාවකයන් අතුරෙහි දම්සෙනෙවියන්ට ද ප්‍රත්‍ය දෙක ලබන්ට සුදුසුමැයි. තෙරුන්වහන්සේ කල්ප ලක්ෂයක් අධික කොට ඇති එක් අසංඛ්‍යයක් පෙරුම් පුරාම තමන්ගේ ධර්මතාවය අනුමාත්‍ර වූ ක්ලේශයන් දුරුකිරීමට නොහැකි විය. ‘යෙ ධම්මා හේතුප්පභවා’ යනාදී වශයෙන් අස්සජි තෙරුන් විසින් දේශිත ගාථාව අසාම ඒ තෙරුන්ගේ ප්‍රතිවේධය විය. පසේබුදුවරුන් වනාහි සර්වඥ බුදුවරුන්ටද අනුන්ගේ ඝෝෂාවෙන් අර්ථයක් නැත. මැනවින් සිහිය පිහිටුවීමේ සිට ප්රත්යෙක බෝධිය ද, සර්වඥතාඥාන ගුණයම පිහිටුවත්.
අනුග්ගහිතාති ලද්ධූපකාරා. සම්මාදිට්ඨීති අරහත්තමග්ගසම්මාදිට්ඨි. ඵලක්ඛණෙ නිබ්බත්තා චෙතොවිමුත්ති ඵලං අස්සාති චෙතොවිමුත්තිඵලා. තදෙව චෙතොවිමුත්තිසඞ්ඛාතං ඵලං ආනිසංසො අස්සාති චෙතොවිමුත්තිඵලානිසංසා. දුතියපදෙපි එසෙව නයො. එත්ථ ච චතුත්ථඵලපඤ්ඤා පඤ්ඤාවිමුත්ති නාම, අවසෙසා ධම්මා චෙතොවිමුත්තීති වෙදිතබ්බා.
අනුග්ගහිතාය ලබන ලද උපකාර ඇත්තේ, සම්මා දිට්ඨි අර්හත් මාර්ග සම්‍යක් දෘෂ්ටිය, ඵලක්ෂණයෙහි උපන් චේතෝ විමුක්තිය මේ අයට ඇතැයි චෙතො විමුත්ති ඵලා නම් එම චෙතො විමුත්ති ඵලයම මේ අයගේ ප්‍රතිඵලය නම් වේනුයි. චෙතො විමුත්ති ඵලානිසංසො යයි කියන ලදී. දෙවන පදයේද මේ ක්‍රමයමැයි. මෙහි ද සතරවන ඵල ප්‍රඥාව පඤ්ඤා විමුත්ති නම් වේ. අවශේෂ ධර්මයෝ චෙතො විමුත්ති යයි දතයුතු.
සීලානුග්ගහිතාතිආදීසු සීලන්ති චතුපාරිසුද්ධිසීලං. සුතන්ති සප්පායධම්මස්සවනං. සාකච්ඡාති කම්මට්ඨානෙ ඛලනපක්ඛලනච්ඡෙදනකථා. සමථොති විපස්සනාපාදිකා අට්ඨ සමාපත්තියො. විපස්සනාති සත්තවිධා අනුපස්සනා. චතුපාරිසුද්ධිසීලඤ්හි පූරෙන්තස්ස, සප්පායධම්මස්සවනං සුණන්තස්ස, කම්මට්ඨානෙ ඛලනපක්ඛලනං ඡින්දන්තස්ස, විපස්සනාපාදිකාසු අට්ඨසමාපත්තීසු කම්මං කරොන්තස්ස, සත්තවිධං අනුපස්සනං භාවෙන්තස්ස අරහත්තමග්ගො උප්පජ්ජිත්වා ඵලං දෙති.
සීලානුග්ගහිතා යනාදියෙහි සීලං යනු සිව් පිරිසිදු සිල්ය. සුතං යනු සත්ප්‍රාය වූ ධර්මශ්රවණයයි. සාකච්ඡා නම් කර්මස්ථානයන්හි සැලීම් පැකිලීම් සිඳීම් කථාවයි. සමථො යනු විදර්ශනාපාදක වූ අෂ්ට සමාපත්තීහුය. විපස්සනා යනු සත්වැදෑරුම් අනුපස්සනාවෝය. සිව් පිරිසිදු සිල් පුරන්නා හට සත්ප්‍රාය වූ ගැලපෙන්නා වූ ධර්මකථා අසන්නාට, කර්මස්ථානයෙහි සැලීම් පැකිලීම් සිඳින්නහුට විදර්ශනාවට පාදක වූ අෂ්ට සමාපත්තීන් කෙරෙහි කර්ම කරන්නහුට සත්වැදෑරුම් අනුපස්සනාවේ වසන්නහුට රහත්මග ඉපිද ඵලය ගෙන දෙයි.
යථා හි මධුරං අම්බපක්කං පරිභුඤ්ජිතුකාමො අම්බපොතකස්ස සමන්තා උදකකොට්ඨකං ථිරං කත්වා බන්ධති. ඝටං ගහෙත්වා කාලෙන කාලං උදකං ආසිඤ්චති. උදකස්ස අනික්ඛමනත්ථං මරියාදං ථිරං කරොති. යා හොති සමීපෙ වල්ලි වා සුක්ඛදණ්ඩකො වා කිපිල්ලිකපුටො වා මක්කටකජාලං වා, තං අපනෙති. ඛණිත්තිං ගහෙත්වා කාලෙන කාලං මූලානි පරිඛණති. එවමස්ස අප්පමත්තස්ස ඉමානි පඤ්ච කාරණානි කරොතො සො අම්බො වඩ්ඪිත්වා ඵලං දෙති. එවංසම්පදමිදං වෙදිතබ්බං.
යම්සේ මිහිරි වූ අඹ ගෙඩියක් වළඳනු කැමැත්තේ අඹපැලය වටා දිය කොටුවක් ස්ථිරකොට බඳී. කළයක් ගෙන කලින් කල දිය වත්කරයි. දිය බැහැර නො යාම පිණිස ඉවුර උස්සා තර කරයි. සමීපයේ වැලක් හෝ දණ්ඩක් හෝ දිමිගොටු ආදියක් හෝ මකුළුදැලක් හෝ තිබේනම් ඒවා ඉවත් කරයි. සාරන ආයුධයක් ගෙන වරින්වර මුල් අවට පස් බුරුල් කරයි. මෙසේ මේ පස් ආකාර සත්කාර කරන්නා වූ ඔහුට අඹ ගස වැඩී ඵල ලබාදෙයි. මෙසේ ඒ කරුණ දතයුතුයි.
රුක්ඛස්ස සමන්තතො කොට්ඨකබන්ධනං විය හි සීලං දට්ඨබ්බං, කාලෙන කාලං උදකසිඤ්චනං විය ධම්මස්සවනං, මරියාදාය ථිරභාවකරණං විය සමථො, සමීපෙ වල්ලිආදීනං හරණං විය කම්මට්ඨානෙ ඛලනපක්ඛලනච්ඡෙදනං, කාලෙන කාලං ඛණිත්තිං ගහෙත්වා මූලඛණනං විය සත්තන්නං අනුපස්සනානං භාවනා. තෙහි පඤ්චහි කාරණෙහි අනුග්ගහිතස්ස අම්බරුක්ඛස්ස මධුරඵලදානකාලො විය ඉමස්ස භික්ඛුනො ඉමෙහි පඤ්චහි ධම්මෙහි අනුග්ගහිතාය සම්මාදිට්ඨියා අරහත්තඵලදානං වෙදිතබ්බං.
අඹ පැලය වටා කොටුව බැඳීම මෙන් සිවු පිරිසිදු ශීලය දතයුතුය. කලින් කල ජලය ඉසීම මෙන් ධර්ම ශ්‍රවණය ද, ඉවුර තර කිරීම මෙන් ශමථය ද, සමීපයේ වැල් ආදිය බැහැර කිරීම මෙන් කමටහන්හි සැලීම් බිඳීම් සිඳීම ද, කලින් කල පස් බුරුල් කිරීම මෙන් සත්වැදෑරුම් අනුපස්සනාවන්ගේ භාවනාව ද, ඒ කරුණු පසින් සාරවත්ව අඹරුක මිහිරි ඵල දෙන කලක් මෙන් මේ මහණ හට පංච ධර්මයන්ගෙන් අනුව යන ලද සම්‍යක් දෘෂ්ටියේ රහත් ඵලය ලැබීම ද දතයුතුයි.
කති පනාවුසො, භවාති ඉධ කිං පුච්ඡති? මූලමෙව ගතො අනුසන්ධි, දුප්පඤ්ඤො යෙහි භවෙහි න උට්ඨාති, තෙ පුච්ඡිස්සාමීති පුච්ඡති. තත්ථ කාමභවොති කාමභවූපගං කම්මං කම්මාභිනිබ්බත්තා උපාදින්නක්ඛන්ධාපීති උභයමෙකතො කත්වා කාමභවොති ආහ. රූපාරූපභවෙසුපි එසෙව නයො.
කති පනාවුසො භවා මෙහි කුමක් විචාරත්ද, මුලටම ගියා වූ අනුසන්ධියයි. අනුවණ තැනැත්තේ යම් භවයන්ගෙන් නො නැගී සිටීද, එය විචාරන්නෙමියි විචාරයි. එහි කාමභවො කාම භවයට යන කර්මයද කර්මයෙන් උපදනා ලද උපාදින්න ස්කන්ධයෝ ද, මේ දෙක එක්තැන් කොට ‘කාම භවො’ යයි කීහ. රූපා රූප භවයන් හි ද මේ ක්‍රමයමැයි.
ආයතින්ති අනාගතෙ. පුනබ්භවස්ස අභිනිබ්බත්තීති පුනබ්භවාභිනිබ්බත්ති. ඉධ වට්ටං පුච්ඡිස්සාමීති පුච්ඡති. තත්රාතත්රාභිනන්දනාති රූපාභිනන්දනා සද්දාභිනන්දනාති එවං තහිං තහිං අභිනන්දනා, කරණවචනෙ චෙතං පච්චත්තං. තත්රතත්රාභිනන්දනාය පුනබ්භවාභිනිබ්බත්ති හොතීති අත්ථො. එත්තාවතා හි ගමනං හොති, ආගමනං හොති, ගමනාගමනං හොති, වට්ටං වත්තතීති වට්ටං මත්ථකං පාපෙත්වා දස්සෙසි.
ආයතිං අනාගතයෙහි නැවත භවයේ ඉපදීම පුනබ්භවා නිබ්බන්ති නම් වේ. මෙහි වර්තය (පැවැත්ම) විචාරමියි විචාරයි. තත්ර තත්රාභි නන්දනා රූපයෙහි සතුටු වීමය. ශබ්දයෙහි සතුටු වීමය. මෙසේ ඒ ඒ තැන සතුටු වීම තව ද මේ කාරණයෙහි ප්‍රථමා ය, ඒ ඒ තන්හි අභිනන්දනය නිසා නැවත ඉපදීම සිදුවේය යන අර්ථයි. මෙතෙකින් ගමන වෙයි. ආපසු ඒම වෙයි. ගමනාගමනය වෙයි. වර්තය පවතී යයි වර්තය මුදුන් පමුණුවා දැක්වූ සේක.
ඉදානි විවට්ටං පුච්ඡන්තො “කථං පනාවුසො”තිආදිමාහ. තස්ස විස්සජ්ජනෙ අවිජ්ජාවිරාගාති අවිජ්ජාය ඛයනිරොධෙන. විජ්ජුප්පාදාති අරහත්තමග්ගවිජ්ජාය උප්පාදෙන. කිං අවිජ්ජා පුබ්බෙ නිරුද්ධා, අථ විජ්ජා පුබ්බෙ උප්පන්නාති? උභයමෙතං න වත්තබ්බං. පදීපුජ්ජලනෙන අන්ධකාරවිගමො විය විජ්ජුප්පාදෙන අවිජ්ජා නිරුද්ධාව හොති. තණ්හානිරොධාති තණ්හාය ඛයනිරොධෙන. පුනබ්භවාභිනිබ්බත්ති න හොතීති එවං ආයතිං පුනබ්භවස්ස අභිනිබ්බත්ති න හොති, ගමනං ආගමනං ගමනාගමනං උපච්ඡිජ්ජති, වට්ටං න වත්තතීති විවට්ටං මත්ථකං පාපෙත්වා දස්සෙසි.
දැන් විවර්තය විමසන්නාහූ කථං පනාවුසො යනාදිය කීහ. එය විසඳීමෙහි අවිජ්ජාරාගා අවිද්‍යාවේ ක්ෂය විරාගයෙන් විජ්ජුප්පාදා අර්හත් මාර්ග විද්‍යාවගේ ඉපදීමෙන් කිම අවිද්‍යාව පළමුව නිරුද්ධ වූයේ ද, විද්‍යාව උපන්නීද? මේ දෙකම නො කිය යුතුමය. පහන දැල්වීමෙන් අඳුර නැති වූවා සේ, විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යාව දුරු වූයේම වේ. තණ්හා නිරොධා යනු තෘෂ්ණාවේ විනාශය යයි කියන නිරෝධයෙන්, පුනබ්භවො නිබ්බන්ති නහොති මෙසේ මතුයෙහි පුනර්භවයාගේ පහළවීම නොවෙයි. ගමනය ආගමනය සිඳෙයි. සසර පැවැත්ම (වර්තය) නො පවතී යයි විවර්තය (නිවන) මුදුන්පමුණුවා දැක්වූහ.
කතමං පනාවුසොති ඉධ කිං පුච්ඡති? උභතොභාගවිමුත්තො භික්ඛු කාලෙන කාලං නිරොධං සමාපජ්ජති. තස්ස නිරොධපාදකං පඨමජ්ඣානං පුච්ඡිස්සාමීති පුච්ඡති. පඨමං ඣානන්ති ඉධ කිං පුච්ඡති? නිරොධං සමාපජ්ජනකෙන භික්ඛුනා අඞ්ගවවත්ථානං කොට්ඨාසපරිච්ඡෙදො නාම ජානිතබ්බො, ඉදං ඣානං පඤ්චඞ්ගිකං චතුරඞ්ගිකං තිවඞ්ගිකං දුවඞ්ගිකන්ති අඞ්ගවවත්ථානං කොට්ඨාසපරිච්ඡෙදං පුච්ඡිස්සාමීති පුච්ඡති. විතක්කොතිආදීසු පන අභිනිරොපනලක්ඛණො විතක්කො, අනුමජ්ජනලක්ඛණො විචාරො, ඵරණලක්ඛණා පීති, සාතලක්ඛණං සුඛං, අවික්ඛෙපලක්ඛණා චිත්තෙකග්ගතාති ඉමෙ පඤ්ච ධම්මා වත්තන්ති.
කතමං පනාවුසො මෙහි කුමක් විචාරත්ද, උභතො භාග විමුත්ත වූ භික්ෂුව කලින් කල නිරෝධයට සමවදියි. ඔහුගේ නිරෝධපාදක වූ ප්‍රථමධ්‍යනය ප්‍රශ්න කරමියි විචාරයි. පඨමං පනාවුසොජ්ඣානං මෙහි කුමක් විචාරයිද, නිරෝධයට සමවදනා මහණ විසින් අංග ව්‍යවස්ථාවය. කොට්ඨාශ පරිච්ඡේදය දතයුත්තේය. මේ ධ්‍යානය පස් ආකාරය. මේ ධ්‍යානය සතරාකාරය. මෙය තෙයාකාරය. මෙය දෙයාකාරය. ඒ අංග ව්‍යවස්ථාව හා කොට්ඨාස පරිච්ඡේදය විචාරති. විතක්කො යනාදියෙහි නැගීම ලක්ෂණ වූයේ විතක්ක නමි. පිරිමැදීම් ලක්ෂණ වූයේ විචාර නමි. පැතිරීම් ලක්ෂණ වූයේ පීති නමි. සැපය ලක්ෂණ වූයේ සුඛ නමි. අවික්‍ෂේපය ලක්ෂණ වූයේ චිත්තෙකග්ගතා නමි. මේ ධර්ම පස පවතිත්.
කතඞ්ගවිප්පහීනන්ති ඉධ පන කිං පුච්ඡති? නිරොධං සමාපජ්ජනකෙන භික්ඛුනා උපකාරානුපකාරානි අඞ්ගානි ජානිතබ්බානි, තානි පුච්ඡිස්සාමීති පුච්ඡති, විස්සජ්ජනං පනෙත්ථ පාකටමෙව. ඉති හෙට්ඨා නිරොධපාදකං පඨමජ්ඣානං ගහිතං, උපරි තස්ස අනන්තරපච්චයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පුච්ඡිස්සති. අන්තරා පන ඡ සමාපත්තියො සංඛිත්තා, නයං වා දස්සෙත්වා විස්සට්ඨාති වෙදිතබ්බා.
කතංග විපපහීණං මෙහි කුමක් විචාරන්ද, නිරෝධ සමාපත්තියට සමවදින්නා වූ මහණ විසින් උපකාර වූද අනුපකාර වූ ද, අංගයෝ දතයුත්තාහ. ඒ විචාරන්නෙමියි විචාරත්. විසඳුම වනාහි පතළමය. මෙසේ යට නිරෝධය පාදක වූ ප්‍රථමධ්‍යානය ගන්නා ලදී. මත්තෙහි ඒ නිරෝධයට අනන්තර ප්‍රත්‍ය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය විචාරන්නේ ය. යළි අතරත ෂට් සමාපත්තීහූ කෙටි කරන ලද්දාහු න්‍යාය දක්වා විසඳන ලද්දේ යයි දතයුතු.
ඉදානි විඤ්ඤාණනිස්සයෙ පඤ්ච පසාදෙ පුච්ඡන්තො පඤ්චිමානි, ආවුසොතිආදිමාහ. තත්ථ ගොචරවිසයන්ති ගොචරභූතං විසයං. අඤ්ඤමඤ්ඤස්සාති චක්ඛු සොතස්ස සොතං වා චක්ඛුස්සාති එවං එකෙකස්ස ගොචරවිසයං න පච්චනුභොති. සචෙ හි නීලාදිභෙදං රූපාරම්මණං සමොධානෙත්වා සොතින්ද්රියස්ස උපනෙය්‍ය, “ඉඞ්ඝ තාව නං වවත්ථපෙහි විභාවෙහි, කිං නාමෙතං ආරම්මණ”න්ති. චක්ඛුවිඤ්ඤාණඤ්හි විනාපි මුඛෙන අත්තනො ධම්මතාය එවං වදෙය්ය – “අරෙ අන්ධබාල, වස්සසතම්පි වස්සසහස්සම්පි පරිධාවමානො අඤ්ඤත්ර මයා කුහිං එතස්ස ජානනකං ලභිස්සසි, ආහර නං චක්ඛුපසාදෙ උපනෙහි, අහමෙතං ආරම්මණං ජානිස්සාමි, යදි වා නීලං යදි වා පීතකං, න හි එසො අඤ්ඤස්ස විසයො, මය්හෙවෙසො විසයො”ති. සෙසද්වාරෙසුපි එසෙව නයො. එවමෙතානි අඤ්ඤමඤ්ඤස්ස ගොචරං විසයං න පච්චනුභොන්ති නාම. කිං පටිසරණන්ති එතෙසං කිං පටිසරණං, කිං එතානි පටිසරන්තීති පුච්ඡති. මනො පටිසරණන්ති ජවනමනො පටිසරණං. මනො ච නෙසන්ති මනොද්වාරිකජවනමනො වා පඤ්චද්වාරිකජවනමනො වා එතෙසං ගොචරවිසයං රජ්ජනාදිවසෙන අනුභොති. චක්ඛුවිඤ්ඤාණඤ්හි රූපදස්සනමත්තමෙව, එත්ථ රජ්ජනං වා දුස්සනං වා මුය්හනං වා නත්ථි. එතස්මිං පන ද්වාරෙ ජවනං රජ්ජති වා දුස්සති වා මුය්හති වා. සොතවිඤ්ඤාණාදීසුපි එසෙව නයො.
දැන් විඥානයට උපකාරි වූ පංච ප්රසාදයන් විමසන්නාහූ පඤ්චිමානි ආවුසො ආදිය කීයේය. එහි ගොචර විසයං යනු ගෝචර විෂයයි. අඤ්ඤ මඤ්ඤස්ස යනු චක්ෂුන්ද්රිය ශ්‍රෝත ඉන්ද්රියයාගේ ද, ශ්රොතෙන්ද්රිය හෝ චක්ෂුන්ද්රියාගේ ද මෙසේ එකක් එකක්හුගේ ගෝචර විෂය නො විඳී. ඉදින් නීලාදී භේද වූ රූපාරම්මණය රැස්කොට ශ්රෝතෙන්ද්රියට ‘මේ කිනම් අරමුණක්දැයි විනිශ්චය කරව, සලකවයි කියන්නේ නම්, එ විඥානය මුඛයක් නැති නමුදු තමාගේ ප්‍රකෘතියෙන් මෙසේ කියන්නේ ය. බොල මෝඩය, අවුරුදු සියයක් හෝ දහසක් හෝ හාත්පස දුවන්නේ මා හැර මොහුගේ දැනීමක් කොහි ලබන්නෙහි ද, ගෙනෙව. එය චක්ෂු ප්‍රසාදයෙහි එළවව. නිල් වූයේ හෝ කසාවත් වූයේ හෝ මම මේ අරමුණ දැනගන්නෙමි. මෙතෙම අනෙකෙකුට විෂය වූයේ නොවේමැයි. මෙතෙම මට ම විෂය වෙයි. සෙසු තන්හි ද මෙම න්යායමැයි. මෙසේ මොව්හූ එකිනෙකාගේ ගෝචර විෂය නො විඳිත්. කිං පටිසරණං මොවුන්ගේ පිළිසරණ කුමක්ද? මොව්හූ කුමක් පිළිසරණ කෙරෙත්ද යනුවෙන් විමසයි. මනො පටිසරණං යනු ජවන් සිත පිළිසරණය. මනොච නෙසං මනෝද්වාරික ජවන් සිත හෝ පංචද්වාරික ජවන් සිත හෝ මොවුන්ගේ ගෝචර විෂය ඇලීම් ආදියෙන් විඳී. චක්ෂුර් විඥානය රූප දැකීමේ මාත්‍රයක් ම වෙයි. මෙහි ඇළීමක් හෝ නො සතුටක් හෝ මුළාවක් හෝ නැත. මේ චක්ෂුර් ද්වාරයෙහි ජවනය ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුළාවන්නේ හෝ වෙයි. ශ්‍රෝත විඥානාදියෙහි ද මෙම ක්‍රමයමැයි.
තත්රායං උපමා – පඤ්ච කිර දුබ්බලභොජකා රාජානං සෙවිත්වා කිච්ඡෙන කසිරෙන එකස්මිං පඤ්චකුලිකෙ ගාමෙ පරිත්තකං ආයං ලභිංසු. තෙසං තත්ථ මච්ඡභාගො මංසභාගො යුත්තිකහාපණො වා, බන්ධකහාපණො වා, මාපහාරකහාපණො වා, අට්ඨකහාපණො වා, සොළසකහාපණො වා, බාත්තිංසකහාපණො වා, චතුසට්ඨිකහාපණො වා, දණ්ඩොති එත්තකමත්තමෙව පාපුණාති. සතවත්ථුකං පඤ්චසතවත්ථුකං සහස්සවත්ථුකං මහාබලිං රාජාව ගණ්හාති. තත්ථ පඤ්චකුලිකගාමො විය පඤ්ච පසාදා දට්ඨබ්බා; පඤ්ච දුබ්බලභොජකා විය පඤ්ච විඤ්ඤාණානි; රාජා විය ජවනං; දුබ්බලභොජකානං පරිත්තකං ආයපාපුණනං විය චක්ඛුවිඤ්ඤාණාදීනං රූපදස්සනාදිමත්තං. රජ්ජනාදීනි පන එතෙසු නත්ථි. රඤ්ඤො මහාබලිග්ගහණං විය තෙසු ද්වාරෙසු ජවනස්ස රජ්ජනාදීනි වෙදිතබ්බානි.
මේ ඒ පිළිබඳ උපමාවයි. දුර්වල වූ භෝජකයෝ මුලාදෑනිවරු පස්දෙනෙක් රජු ඇසුරුකොට දුකසේ ඉතා දුකසේ වෙසෙන්නා වූ කුල පසක් ඇති එක්තරා ගමක ස්වල්ප වූ ආදායම ලැබූහ. ඔවුන්ට එහි මත්ස්‍ය භාගය හෝ මාංශ භාගය යුක්ත එක කහවණුවක් හෝ අනු කහවණුවක් හෝ මාස කහවණුවක් හෝ අට කහවණුවක් හෝ සොළොස් කහවණුවක් හෝ දෙතිස් කහවණුවක් හෝ සුසැට කහවණුවක් හෝ දඩ මුදල් පමණක්ම ලැබේ. සියගණන් හෝ දහස් ගණන් වන අයබදු මහරජුම ගනී. ඒ උපමාවෙහි කුල පහකින් යුත් ගම මෙන් ප්‍රසාද පහ දතයුතුය. දුර්වල මුලාදෑනිවරු පස්දෙන මෙන් පංච විඤ්ඤාණයෝ ද, රජු මෙන් ජවන ද, මුලාදෑනීන්ට ලැබෙන සුළු ආදායම මෙන් චක්ෂුර් විඥානාදීන්ගේ රූප දර්ශන ආදියද දතයුතුය. ඇලීම් ආදිය වනාහි මේ චක්ෂුර් විඥානාදියෙහි නැත. රජුගේ මහා ආදායම් ගැනීම මෙන් ඒ ද්වාරයන් ජවනයාගේ ඇලීම දතයුතු.
පඤ්චිමානි, ආවුසොති ඉධ කිං පුච්ඡති? අන්තොනිරොධස්මිං පඤ්ච පසාදෙ. කිරියමයපවත්තස්මිඤ්හි වත්තමානෙ අරූපධම්මා පසාදානං බලවපච්චයා හොන්ති. යො පන තං පවත්තං නිරොධෙත්වා නිරොධසමාපත්තිං සමාපන්නො, තස්ස අන්තොනිරොධෙ පඤ්ච පසාදා කිං පටිච්ච තිට්ඨන්තීති ඉදං පුච්ඡිස්සාමීති පුච්ඡති. ආයුං පටිච්චාති ජීවිතින්ද්රියං පටිච්ච තිට්ඨන්ති. උස්මං පටිච්චාති ජීවිතින්ද්රියං කම්මජතෙජං පටිච්ච තිට්ඨති. යස්මා පන කම්මජතෙජොපි ජීවිතින්ද්රියෙන විනා න තිට්ඨති, තස්මා “උස්මා ආයුං පටිච්ච තිට්ඨතී”ති ආහ.
පඤ්චිමා නි ආවුසො මෙහි කුමක් විචාරත් ද ඇතුලු නිරෝධයෙහි පංච ප්රසාදයන් ක්‍රියාමය ප්‍රවෘත්තියෙහි පවත්නා කල්හි අරූප ධර්මයෝ ප්‍රසාදයන්ගේ බලවත් ප්‍රත්‍යයෙන් වෙති. යමෙක් ඒ පැවැත්ම නිරෝධ කොට නිරෝධ සමාපත්තිය සමවදින්නේ ද, ඔහුගේ ඇතුළු නිරෝධයෙහි පංච ප්‍රසාදයෝ කුමක් ඇසුරුකොට සිටිත්ද, මෙය විචාරති. ආයුං පටිච්ච ජීවිතේන්ද්රිය නිසා සිටී. උසමං පටිච්ච ජිවිතේන්ද්‍රිය කර්මජ තේජස නිසා සිටී. යම්හෙයකින් වනාහි කර්මජ තේජස් ද ජීවිතේන්ද්රියෙන් බාහිරව නො සිටී. එහෙයින් කර්මජ තේජස ආයුෂය නිසා සිටීයයි කීහ.
ඣායතොති ජලතො. අච්චිං පටිච්චාති ජාලසිඛං පටිච්ච. ආභා පඤ්ඤායතීති ආලොකො නාම පඤ්ඤායති. ආභං පටිච්ච අච්චීති තං ආලොකං පටිච්ච ජාලසිඛා පඤ්ඤායති.
ඣායතො දැවෙන්නා වූ, අච්චිං පටිච්ච ගිනිසිළුව නිසා ආභාපඤ්ඤායති ආලෝකය නම් පෙනෙයි. ආභං පටිච්ච අච්චි ඒ ආලෝකය නිසා ගිනිදැල් පෙනෙයි.
එවමෙව ඛො, ආවුසො, ආයු උස්මං පටිච්ච තිට්ඨතීති එත්ථ ජාලසිඛා විය කම්මජතෙජො. ආලොකො විය ජීවිතින්ද්රියං. ජාලසිඛා හි උප්පජ්ජමානා ආලොකං ගහෙත්වාව උප්පජ්ජති. සා තෙන අත්තනා ජනිතආලොකෙනෙව සයම්පි අණු ථූලා දීඝා රස්සාති පාකටා හොති. තත්ථ ජාලපවත්තියා ජනිතආලොකෙන තස්සායෙව ජාලපවත්තියා පාකටභාවො විය උස්මං පටිච්ච නිබ්බත්තෙන කම්මජමහාභූතසම්භවෙන ජීවිතින්ද්රියෙන උස්මාය අනුපාලනං. ජීවිතින්ද්රියඤ්හි දසපි වස්සානි…පෙ… වස්සසතම්පි කම්මජතෙජපවත්තං පාලෙති. ඉති මහාභූතානි උපාදාරූපානං නිස්සයපච්චයාදිවසෙන පච්චයානි හොන්තීති ආයු උස්මං පටිච්ච තිට්ඨති. ජීවිතින්ද්රියං මහාභූතානි පාලෙතීති උස්මා ආයුං පටිච්ච තිට්ඨතීති වෙදිතබ්බා.
එවමෙව ඛො ආවුසො ආයු උස්මං පටිච්ච තිට්ඨති යන මේ ගිනිසිළුව මෙන් කර්මජ තේජෝ ධාතුවය. ආලෝකය මෙන් ජීවිතේන්ද්රිය ය, ගිනිසිළුව උපදින්නේ ආලෝකය රැගෙනම උපදී. ඒ ගිනිසිළුව තමන් ඉපිද වූ ආලෝකයෙන් ම තොමෝත් සියුම්ය. මහත්ය. කෙටිය. දිගය යි පතළ වෙයි. එහි ගිනිසිළුව පැවැත්මෙන් ඉපිද වූ ආලෝකයෙන් ඒ ගිනිසිලුවේ පැවැත්ම ප්‍රකට වන්නා සේම, කර්මජ තේජස නිසා කර්මජ මහා භූතයන්ගෙන් හටගත් ජීවිතේන්ද්රිය විසින් කර්මජ තේජස්හුගේ පාලනය වෙයි. ජීවිතේන්ද්රිය ය දසවසකුදු විසිවසකදු සියක් වසකුදු කර්මජ තේජස්හුගේ පැවැත්ම පාලනය කෙරෙයි. මෙසේ මහාභූතයෝ උපාදාය රූපයන්ට නිශ්‍රය ප්‍රත්‍ය ආදීන්ගේ වශයෙන් ප්‍රත්‍ය වෙත්නුයි ජීවිතේන්ද්රිය කර්මජ තේජස නිසා සිටී. ජීවිතේන්ද්රිය මහාභූතයන් පාලනය කරන්නේ ය යන නිසා කර්මජ ත්තේජස ජීවිතේන්ද්රිය නිසා සිටී යයි දතයුතුය.
ආයුසඞ්ඛාරාති ආයුමෙව. වෙදනියා ධම්මාති වෙදනා ධම්මාව. වුට්ඨානං පඤ්ඤායතීති සමාපත්තිතො වුට්ඨානං පඤ්ඤායති. යො හි භික්ඛු අරූපපවත්තෙ උක්කණ්ඨිත්වා සඤ්ඤඤ්ච වෙදනඤ්ච නිරොධෙත්වා නිරොධං සමාපන්නො, තස්ස යථාපරිච්ඡින්නකාලවසෙන රූපජීවිතින්ද්රියපච්චයා අරූපධම්මා උප්පජ්ජන්ති. එවං පන රූපාරූපපවත්තං පවත්තති. යථා කිං? යථා එකො පුරිසො ජාලාපවත්තෙ උක්ඛණ්ඨිතො උදකෙන පහරිත්වා ජාලං අප්පවත්තං කත්වා ඡාරිකාය අඞ්ගාරෙ පිධාය තුණ්හී නිසීදති. යදා පනස්ස පුන ජාලාය අත්ථො හොති, ඡාරිකං අපනෙත්වා අඞ්ගාරෙ පරිවත්තෙත්වා උපාදානං දත්වා මුඛවාතං වා තාලවණ්ටවාතං වා දදාති. අථ ජාලාපවත්තං පුන පවත්තති. එවමෙව ජාලාපවත්තං විය අරූපධම්මා. පුරිසස්ස ජාලාපවත්තෙ උක්කණ්ඨිත්වා උදකප්පහාරෙන ජාලං අප්පවත්තං කත්වා ඡාරිකාය අඞ්ගාරෙ පිධාය තුණ්හීභූතස්ස නිසජ්ජා විය භික්ඛුනො අරූපපවත්තෙ උක්කණ්ඨිත්වා සඤ්ඤඤ්ච වෙදනඤ්ච නිරොධෙත්වා නිරොධසමාපජ්ජනං. ඡාරිකාය පිහිතඅඞ්ගාරා විය රූපජීවිතින්ද්රියං. පුරිසස්ස පුන ජාලාය අත්ථෙ සති ඡාරිකාපනයනාදීනි විය භික්ඛුනො යථාපරිච්ඡින්නකාලාපගමනං. අග්ගිජාලාය පවත්ති විය පුන අරූපධම්මෙසු උප්පන්නෙසු රූපාරූපපවත්ති වෙදිතබ්බා.
ආයුසංඛාරා ආයුෂය ජීවිතේන්ද්රියමයි. වෙදනීයා ධම්මා යනු වේදනා ධර්මයෝය. වුට්ඨානං පඤ්ඤායති යනු සමවතින් නැගී සිටීමයි. යම් භික්ෂුවක් අරූප ධර්මයන්ගේ පැවතීමෙහි උකටලීව සංඥාවද වේදනාවද නිරුද්ධකොට නිරෝධයට සමවදින්නේ ද, ඔහුට සීමිත කරන ලද කාලයාගේ වශයෙන්, රූප ජීවිතේන්ද්රියයාගේ ප්‍රත්‍යයෙන් අරූප ධර්මයෝ උපදිත්. යළි මෙපරිද්දෙන් රූපාරූප ප්රවෘත්ති පවතී. කුමක් මෙන් ද යම්සේ එක් පුරුෂයෙක් ගිනිදැල් පැවැත්මෙහි උකටලී වූයේ වතුර ගසා ගිනිදැල් නිවා අලුවලින් අඟුරු වසා නිහඬව සිටී ද, නැවත යම් විටක ගිනිවලින් ප්‍රයෝජනයක් වේ නම් අළු ඉවත්කොට අඟුරු උඩට ගෙන දර දමා කටින් පිඹ හෝ, යමකින් (තල්වැටකින්) පවන්සැලීම හෝ කරයි ද, එවිට යළි ගිනි ඇවිළේ ද, එපරිද්දෙන් ගිනිදැල් නැගීම මෙන් අරූප ධර්මයෝය, ගිනිදැල් අනවශ්‍ය වූ විට වතුර ගසා ගිනි නිවා අළුවලින් අඟුරු වසා නිශ්ශබ්දව සිටි පුරුෂයා මෙන් අරූප ධර්මයන්ගේ පැවැත්මෙහි උකටලීව සංඥාවත්, වේදනාවත් නිරුද්ධකොට, භික්ෂුවගේ නිරෝධයට සමවැදීමය. අළුවලින් වැසූ අඟුරු මෙන් රූප ජීවිතේන්ද්රිය ය. යළි ගිනිදැල්වලින් ප්‍රයෝජන ඇතිකල්හි පුරුෂයාගේ අළු ඉවත් කිරීම මෙන් භික්ෂුවගේ සීමිත කාලය ඉක්මීමය. ගිනිදැල් පැවැත්ම මෙන් යළි අරූප ධර්මයන් උපන් කල්හි රූපාරූපයන්ගේ පැවැත්ම දතයුතුය.
ආයු උස්මා ච විඤ්ඤාණන්ති රූපජීවිතින්ද්රියං, කම්මජතෙජොධාතු, චිත්තන්ති ඉමෙ තයො ධම්මා යදා ඉමං රූපකායං ජහන්ති, අථායං අචෙතනං කට්ඨං විය පථවියං ඡඩ්ඩිතො සෙතීති අත්ථො. වුත්තඤ්චෙතං –
ආයු උස්මා ච විඤ්ඤාණං යනු රූප ජීවිතේන්ද්රිය, කර්ම තේජෝ ධාතුව ය, සිත ය, යන මේ ධර්ම තුන යම් කලෙක රූප කාය අතහරිත්ද, එකල්හි මේ කය සිත් නැති දඬු කඩක් මෙන් පොළවෙහි හැර දමන ලද්දේ වේ.
“ආයු උස්මා ච විඤ්ඤාණං, යදා කායං ජහන්තිමං; අපවිද්ධො තදා සෙති, පරභත්තං අචෙතන”න්ති. (සං· නි· 3.95);
යම්කලෙක ජීවිතේන්ද්රිය ද, කර්මජ තේජස ද සිත ද, යන මොහු මේ කය හරිත්ද, එකල්හි බලාපොරොත්තු රහිතව හැරදමන ලද්දේ, බලු කැනහිල් ආදීන් විසින් කෑ යුතුව සිතිවිලි රහිතව හෝනේ ය.
කායසඞ්ඛාරාති අස්සාසපස්සාසා. වචීසඞ්ඛාරාති විතක්කවිචාරා. චිත්තසඞ්ඛාරාති සඤ්ඤාවෙදනා. ආයූති රූපජීවිතින්ද්රියං. පරිභින්නානීති උපහතානි, විනට්ඨානීති අත්ථො. තත්ථ කෙචි “නිරොධසමාපන්නස්ස චිත්තසඞ්ඛාරාව නිරුද්ධා”ති වචනතො චිත්තං අනිරුද්ධං හොති, තස්මා සචිත්තකා අයං සමාපත්තීති වදන්ති. තෙ වත්තබ්බා – “වචීසඞ්ඛාරාපිස්ස නිරුද්ධා”ති වචනතො වාචා අනිරුද්ධා හොති, තස්මා නිරොධං සමාපන්නෙන ධම්මම්පි කථෙන්තෙන සජ්ඣායම්පි කරොන්තෙන නිසීදිතබ්බං සියා. “යො චායං මතො කාලඞ්කතො, තස්සාපි චිත්තසඞ්ඛාරා නිරුද්ධා”ති වචනතො චිත්තං අනිරුද්ධං භවෙය්ය, තස්මා කාලඞ්කතෙ මාතාපිතරො වා අරහන්තෙ වා ඣාපයන්තෙන අනන්තරියකම්මං කතං භවෙය්ය. ඉති බ්යඤ්ජනෙ අභිනිවෙසං අකත්වා ආචරියානං නයෙ ඨත්වා අත්ථො උපපරික්ඛිතබ්බො. අත්ථො හි පටිසරණං, න බ්යඤ්ජනං.
කාය සංඛාරා යනු ආශ්වාස ප්‍රශ්වාසයෝ, වචී සංඛාරා විතක්ක විචාර, චිත්ත සංඛාරා සංඥා වේදනා, ආයු රූප ජීවිතින්ද්රිය, විපරිභින්නාති විනාශ වූවාහු විශේෂයෙන් විනාශ වුවාහු, එහි කිසිවෙක් ‘නිරොධං සමාපන්නසස චිත්ත සංඛාරාච නිරුද්ධා’ යයි කී හෙයින් සිත අනිරුද්ධ වෙයි. එහෙයින් මේ සමාපත්තිය සවිතර්ක වූවායයි කියත්ද, ඔව්හූ එසේ කිවයුත්තාහ. වචී සංඛාරා පිස්ස නිරුද්ධා යි කී හෙයින් වචනය අනිරුද්ධ වෙයි. එහෙයින් නිරෝධ සමාපත්තියට සමවදින්නවුන් විසින්, බණ කියමින් ද සජ්ඣායනා කරමින් ද හිඳිය යුත්තාහ. ‘යොචායං මතො කාලකතො තස්සාපි චිත්ත සංඛාරා නිරුදධා’ යයි කී හෙයින් සිත අනිරුද්ධ වන්නේ ය. එහෙයින් කළුරිය කරන ලද මව්පියන් හෝ රහතුන් හෝ දවන්නහු විසින් ආනන්තරිය කර්මය කරන ලද්දේ වන්නේ ය. මෙසේ හෙයින් ව්‍යඤ්ජනයෙහි අභිනිවේශය නොකොට, ආචාර්යවරුන්ගේ න්‍යායයෙහි පිහිටා අර්ථය පරීක්ෂා කළ යුතුය. අර්ථයම පිහිටයි. බ්‍යඤ්ජනය පිහිට නොවේ.
ඉන්ද්රියානි විප්පසන්නානීති කිරියමයපවත්තස්මිඤ්හි වත්තමානෙ බහිද්ධා ආරම්මණෙසු පසාදෙ ඝට්ටෙන්තෙසු ඉන්ද්රියානි කිලමන්තානි උපහතානි මක්ඛිතානි විය හොන්ති, වාතාදීහි උට්ඨිතෙන රජෙන චතුමහාපථෙ ඨපිතආදාසො විය. යථා පන ථවිකායං පක්ඛිපිත්වා මඤ්ජූසාදීසු ඨපිතො ආදාසො අන්තොයෙව විරොචති, එවං නිරොධං සමාපන්නස්ස භික්ඛුනො අන්තොනිරොධෙ පඤ්ච පසාදා අතිවිරොචන්ති. තෙන වුත්තං “ඉන්ද්රියානි විප්පසන්නානී”ති.
ඉන්ද්රියානු විප්පසන්නානි යනු ක්‍රියාමය ප්රවෘත්ති පවත්නා කල්හි, බාහිර අරමුණු ප්‍රසාදයෙහි ගැටෙන කල්හි ඉන්ද්රියයෝ ක්ලාන්ත වෙත්ද, සුළඟින් නැගුණු දුහුවිලි ඇති සතරමං සන්ධියක තබන ලද කැඩපතක් මෙන් අරමුණුවලින් මැඩුනාහු වෙත් ද, තැවරුනාහු වෙත් ද, තව ද යම්සේ පසුම්බියක බහා පෙට්ටිවල තැබූ කැඩපත ඇතුළතම බබළයිද එපරිද්දෙන් නිරෝධයට සමවන් භික්ෂුවගේ ඇතුළු නිරෝධයෙහි පංච ප්රසාදයෝම ඉතාම බබළත්. ඉන්ද්රියානි විප්පසන්නා යන්න එහෙයින් කියන ලදී.
කති පනාවුසො, පච්චයාති ඉධ කිං පුච්ඡති? නිරොධස්ස අනන්තරපච්චයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පුච්ඡිස්සාමීති පුච්ඡති. විස්සජ්ජනෙ පනස්ස සුඛස්ස ච පහානාති චත්තාරො අපගමනපච්චයා කථිතා.
කතී පනාවුසො පච්චයා මෙහි කුමක් විචාරත්ද, නිරෝධයාගේ අන්තප්රත්යය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ප්‍රශ්න කරමියි විචාරයි. ඒ ප්රශ්නයේ විසඳීම වනාහි සුඛස්සච පහානා පභව යන සතර ප්‍රත්‍යයෝ කියන ලද්දේය.
අනිමිත්තායාති ඉධ කිං පුච්ඡති? නිරොධතො වුට්ඨානකඵලසමාපත්තිං පුච්ඡිස්සාමීති පුච්ඡති. අවසෙසසමාපත්තිවුට්ඨානඤ්හි භවඞ්ගෙන හොති, නිරොධා වුට්ඨානං පන විපස්සනානිස්සන්දාය ඵලසමාපත්තියාති තමෙව පුච්ඡති. සබ්බනිමිත්තානන්ති රූපාදීනං සබ්බාරම්මණානං. අනිමිත්තාය ච ධාතුයා මනසිකාරොති සබ්බනිමිත්තාපගතාය නිබ්බානධාතුයා මනසිකාරො. ඵලසමාපත්තිසහජාතං මනසිකාරං සන්ධායාහ. ඉති හෙට්ඨා නිරොධපාදකං පඨමජ්ඣානං ගහිතං, නිරොධස්ස අනන්තරපච්චයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං ගහිතං, ඉධ නිරොධතො වුට්ඨානකඵලසමාපත්ති ගහිතාති.
අනිමිත්තායා යනුවෙන් කුමක් විචාරයි ද, නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමාපත්තිය විචාරයි. අවශේෂ සමාපත්තීන්හි නැගී සිටීම භවාංගයෙන් වෙයි. එහෙත් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටීම විදර්ශනානිසංස වූ ඵලසමාපත්තියෙන් වෙයි. මේ තෙරණුවෝ ඒ ඵලසමවත විචාරති. සබ්බනිමිත්තානං රූපාදී වූ සියළු අරමුණුවල අනිමිත්තාය ච ධාතුයා මනසිකරොති සියළු නිමිත්තයන්ගෙන් පහ වූ, නිර්වාණ ධාතුහුගේ මෙනෙහි කිරීම ඵල සමාපත්තිය හා සහජාත වූ මෙනෙහි කිරීම සඳහා කීහ. මෙසේ යට නිරෝධපාදක වූ ප්‍රථමධ්‍යානය ගන්නා ලදී. නිරෝධයාගේ අනන්තර ප්‍රත්‍යය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ගන්නා ලදී. මෙහි නිරෝධයෙන් නැගී සිටින ඵලසමාපත්තිය ගන්නා ලදී.
ඉමස්මිං ඨානෙ නිරොධකථා කථෙතබ්බා හොති. සා, “ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණ”න්ති එවං පටිසම්භිදාමග්ගෙ (පටි· ම· 1.83) ආගතා. විසුද්ධිමග්ගෙ පනස්සා සබ්බාකාරෙන විනිච්ඡයකථා කථිතා.
මෙතැන්හිදී නිරෝධ කථාව කිවයුතුය. ඕ තොමෝ විවිධ බලයන්ගෙන් යුක්ත බැවින් (සමථ-විදර්ශනා) ත්‍රිවිධ සංස්කාරයන්ගේ දුරලීමෙන් සොළොස් ඤාණ චරියාවන්ගෙන් ද නව සමාධි චරියාවන්ගෙන් ද වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධ සමාපත්තිය පිළිබඳ ඥානය යයි ප්‍රතිසම්භිදා මාර්ගයෙහි සඳහන් වේ. විශුද්ධි මාර්ගයෙහි ඒ නිරෝධ කථාවන්ගේ විනිශ්චය කථාව සම්පූර්ණයෙන් කියන ලද්දේය.
ඉදානි වලඤ්ජනසමාපත්තිං පුච්ඡන්තො කති පනාවුසො, පච්චයාතිආදිමාහ. නිරොධතො හි වුට්ඨානකඵලසමාපත්තියා ඨිති නාම න හොති, එකං ද්වෙ චිත්තවාරමෙව පවත්තිත්වා භවඞ්ගං ඔතරති. අයඤ්හි භික්ඛු සත්ත දිවසෙ අරූපපවත්තං නිරොධෙත්වා නිසින්නො නිරොධවුට්ඨානකඵලසමාපත්තියං න චිරං තිට්ඨති. වලඤ්ජනසමාපත්තියං පන අද්ධානපරිච්ඡෙදොව පමාණං. තස්මා සා ඨිති නාම හොති. තෙනාහ – “අනිමිත්තාය චෙතොවිමුත්තියා ඨිතියා”ති. තස්සා චිරට්ඨිතත්ථං කති පච්චයාති අත්ථො. විස්සජ්ජනෙ පනස්සා පුබ්බෙ ච අභිසඞ්ඛාරොති අද්ධානපරිච්ඡෙදො වුත්තො. වුට්ඨානායාති ඉධ භවඞ්ගවුට්ඨානං පුච්ඡති. විස්සජ්ජනෙපිස්සා සබ්බනිමිත්තානඤ්ච මනසිකාරොති රූපාදිනිමිත්තවසෙන භවඞ්ගසහජාතමනසිකාරො වුත්තො.
මෙවිට වළඳනා සමාපත්තිය විචාරන්නේ කතිපනාවුසො පච්චයා යනාදිය කීහ. නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමවත්හුගේ සිටීමක් නො වේද, චිත්තවාර එකක් දෙකක් පැවති භවාංගයට බසීද, මේ භික්ෂුව සත්දිනක් අරූප ධර්මයන් ගේ පැවැත්ම නිරෝධ කොට උන්නේ නිරෝධයෙන් නැගී සිටිනා ඵල සමාපත්තියෙහි කලක් නො සිටී. නැවත වලඤ්ජන සමාපත්තියෙහි කාල පරිච්ඡේදයම ප්‍රමාණ වෙයි. එහෙයින් ඒ වලඤ්ජන සමාපත්තියම ඨිති නම් වේ. එහෙයින් කියන ලදී. අනිමිත්තාය චෙතො විමුත්තියා ඨිතියා යනු ඒ සමාපත්තියගේ චිරස්ථිතිය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ වෙත්ද, යන අර්ථයි. ඒ ප්රශ්නය විසඳීමෙහි පුබ්බෙව අභිසංඛාරො කාල පරිච්ඡේදය, වුටඨානාය මෙහි භවාංගයේ උට්ඨානය පිණිස විචාරති. ඒ ප්රශ්නය විසඳීමෙහි ද සබ්බ නිමිත්තානඤ්ච මනසිකරොති රූපාදී නිමිති වශයෙන් භවාංගය හා සහජාත වූ මනසිකාරය කියන ලදී.
යා චායං, ආවුසොති ඉධ කිං පුච්ඡති? ඉධ අඤ්ඤං අභිනවං නාම නත්ථි. හෙට්ඨා කථිතධම්මෙයෙව එකතො සමොධානෙත්වා පුච්ඡාමීති පුච්ඡති. කත්ථ පන තෙ කථිතා? “නීලම්පි සඤ්ජානාති පීතකම්පි, ලොහිතකම්පි, ඔදාතකම්පි සඤ්ජානාතී”ති (ම· නි· 1.450) එතස්මිඤ්හි ඨානෙ අප්පමාණා චෙතොවිමුත්ති කථිතා. “නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනන්ති නෙය්‍ය”න්ති (ම· නි· 1.451) එත්ථ ආකිඤ්චඤ්ඤං. “පඤ්ඤාචක්ඛුනා පජානාතී”ති (ම· නි· 1.451) එත්ථ සුඤ්ඤතා. “කති පනාවුසො, පච්චයා අනිමිත්තාය චෙතොවිමුත්තියා ඨිතියා වුට්ඨානායා”ති එත්ථ අනිමිත්තා. එවං හෙට්ඨා කථිතාව ඉමස්මිං ඨානෙ එකතො සමොධානෙත්වා පුච්ඡති. තං පන පටික්ඛිපිත්වා එතා තස්මිං තස්මිං ඨානෙ නිද්දිට්ඨාවාති වත්වා අඤ්ඤෙ චත්තාරො ධම්මා එකනාමකා අත්ථි. එකො ධම්මො චතුනාමකො අත්ථි, එතං පාකටං කත්වා කථාපෙතුං ඉධ පුච්ඡතීති අට්ඨකථායං සන්නිට්ඨානං කතං.
යාචායං ආවුසො යනු මෙහි කුමක් විචාරත්ද, මෙහි වෙනත් අලුත් නමක් නැත. යට කියන ලද ධර්මයන්ම එකක් වශයෙන් එක්තැන්කොට විචාරමියි විචාරයි. මේ ධර්මයෝ කවර තැනෙක්හි කියන ලදද, ‘නීලම්පි සඤ්ජානාති පීතකම්පි ලොහිතකම්පි ඔදාතම්පි සඤ්ජානාති මෙතැන්හි අප්පමාණ චෙතො විමුක්තිය කියන ලදී. ‘නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං නෙය්‍යං’ යනු මෙහි ආකිඤ්චඤ්ඤායතනය කියන ලදී. ‘පඤ්ඤා චක්ඛු නා පජානාති’ මෙහි ශුන්‍යතා චේතො විමුත්තිය කියන ලදී. ‘කතිපනාවුසො පච්චයා අනිමිත්තාය චෙතො විමුත්තියා වුට්ඨානාය’ යන මෙහි අනිමිත්ත චෙතො විමුත්තිය කියන ලදී. මෙසේ ඉහත කියන ලද්දාහුම මෙතැන්හිදී එකක් වශයෙන් එක්රැස්කොට විචාරයි. එය ප්‍රතික්ෂේප කොට මේවා ඒ ඒ තැන්වල දක්වන ලද්දේ යයි කියා අනෙක් සතර ධර්මයක් එක් නම් ඇත්තාහු ඇති, එක් ධර්මයක් නම් සතරක් ඇත්තේය. මෙය පැහැදිලිකොට කියවන්නට මෙහි විචාරති යි අටුවාවෙහි සනිටුහන් කරන ලදී.
තස්සා විස්සජ්ජනෙ අයං වුච්චතාවුසො, අප්පමාණා චෙතොවිමුත්තීති අයං ඵරණඅප්පමාණතාය අප්පමාණා නාම. අයඤ්හි අප්පමාණෙ වා සත්තෙ ඵරති, එකස්මිම්පි වා සත්තෙ අසෙසෙත්වා ඵරති.
එය විසඳීම් වශයෙන්, අයං වුච්චතාවුසො අප්පමාණා චෙතො විමුත්ත යනු මෙය පැතිරීම අප්‍රමාණ බැවින් අප්‍රමාණ නම් අප්‍රමාණ වූ සත්ත්වයන් කෙරෙහි පතුරුවයි. එක් සත්ත්වයකු කෙරෙහි හෝ ඉතිරි නොකොට පතුරුවයි.
අයං වුච්චතාවුසො, ආකිඤ්චඤ්ඤාති ආරම්මණකිඤ්චනස්ස අභාවතො ආකිඤ්චඤ්ඤා. අත්තෙන වාති අත්ත භාවපොසපුග්ගලාදිසඞ්ඛාතෙන අත්තෙන සුඤ්ඤං. අත්තනියෙන වාති චීවරාදිපරික්ඛාරසඞ්ඛාතෙන අත්තනියෙන සුඤ්ඤං. අනිමිත්තාති රාගනිමිත්තාදීනං අභාවෙනෙව අනිමිත්තා, අරහත්තඵලසමාපත්තිං සන්ධායාහ. නානත්ථා චෙව නානාබ්යඤ්ජනා චාති බ්යඤ්ජනම්පි නෙසං නානා අත්ථොපි. තත්ථ බ්යඤ්ජනස්ස නානතා පාකටාව.
අයං වුච්චතාවුසො ආකිඤ්චඤ්ඤා ආරම්මණ පළිබෝධයාගේ අභාවයෙන් ආකිඤ්චඤ්ඤා වේ. අත්තෙනවා ආත්මභාව - පුරිස, පුද්ගල, සංඛ්‍යාත ආත්මයෙන් ශුන්‍යය. අත්තනියෙන වා යනු සිවුරු පිරිකර සංඛ්‍යාත තමා අයත් දෙයින් ශුන්‍යය. අනිමිත්තානි රාගාදී නිමිති නැති හෙයින් අභාවයෙන් ‘අනිමිත්තා’ නමි. අර්හත් ඵල සමාපත්තිය සඳහා කියන ලදී. නානාට්ඨා චෙව නානාබ්යඤ්ජනානි ඔවුන්ගේ ව්‍යඤ්ජනද අර්ථය ද විවිධය. එහි ව්යඤ්ජනයාගේ නානත්වය පැහැදිලිය. (ප්රකටය.)
අත්ථො පන, අප්පමාණා චෙතොවිමුත්ති භූමන්තරතො මහග්ගතා එව හොති රූපාවචරා; ආරම්මණතො සත්ත පඤ්ඤත්තිආරම්මණා. ආකිඤ්චඤ්ඤා භුම්මන්තරතො මහග්ගතා අරූපාවචරා; ආරම්මණතො න වත්තබ්බාරම්මණා. සුඤ්ඤතා භුම්මන්තරතො කාමාවචරා; ආරම්මණතො සඞ්ඛාරාරම්මණා. විපස්සනා හි එත්ථ සුඤ්ඤතාති අධිප්පෙතා. අනිමිත්තා භුම්මන්තරතො ලොකුත්තරා; ආරම්මණතො නිබ්බනාරම්මණා.
අර්ථය වනාහි අප්‍රමාණ චේතෝ විමුත්තිය භූම්යන්තර හෙයින් මහග්ගත වේ. රූපාවචරය අරමුණ හෙයින් සත්ත්ව ප්රඥප්තිය අරමුණුකොට ඇත. ආකිඤ්චඤ්ඤායතන චේතෝ විමුත්තිය භූම්යන්තර හෙයින් මහද්ගතය. අරූපාවචරය. අරමුණු හෙයින් නවක්තව්යාරම්මණය, ශුන්‍යතා චේතො විමුත්තිය භූම්යන්තරය කාමාවචරය. අරමුණු වශයෙන් සංස්කාරාරම්මණය මෙහි විදර්ශනාව ‘සුඤ්ඤතා’ යයි අදහස් කරයි. අනිමිත්ත චේතො විමුත්තිය භූම්යන්තර වන අතර ලෝකෝත්තර වේ. අරමුණු වශයෙන් නිර්වාණාරම්මණය.
රාගො ඛො, ආවුසො, පමාණකරණොතිආදීසු යථා පබ්බතපාදෙ පූතිපණ්ණරසඋදකං නාම හොති කාළවණ්ණං; ඔලොකෙන්තානං බ්යාමසතගම්භීරං විය ඛායති. යට්ඨිං වා රජ්ජුං වා ගහෙත්වා මිනන්තස්ස පිට්ඨිපාදොත්ථරණමත්තම්පි න හොති. එවමෙවං යාව රාගාදයො නුප්පජ්ජන්ති, තාව පුග්ගලං සඤ්ජානිතුං න සක්කා හොන්ති, සොතාපන්නො විය, සකදාගාමී විය, අනාගාමී විය ච ඛායති. යදා පනස්ස රාගාදයො උප්පජ්ජන්ති, තදා රත්තො දුට්ඨො මූළ්හොති පඤ්ඤායති. ඉති එතෙ “එත්තකො අය”න්ති පුග්ගලස්ස පමාණං දස්සෙන්තො විය උප්පජ්ජන්තීති පමාණකරණා නාම වුත්තා.
රාගො චො ආවුසො පමාණ කරණෙන ආදියෙහි යම්සේ පර්වත පාදයෙක්හි කුණු වූ කොලවලින් යුත් ජලය කළුපැහැ වන්නේ ද, බලන්නවුන්ට බඹ සියයක් පමණ ගැඹුර ඇති සේ පෙනේද, වැටහේද, රිටක් හෝ රැහැනක් හෝ ගෙන මනින්නහුට පිටිපතුල වැසෙන පමණකුත් නොවේද, එපරිද්දෙන් රාගාදීහු නූපදිත් ද, ඒතාක් පුද්ගලයා හැඳින ගන්නට නොහැකි වෙයි. සෝවාන් වූ අයෙකු මෙන් ද, සකෘදාගාමී වූ අයෙකු මෙන් ද, අනාගාමී වූ අයෙකු මෙන් ද, වැටහෙයි. එහෙත් යම්කලෙක රාගාදීහූ උපදිත් ද, එකල්හි (රත්තයෙක) ඇලුණෙකි. දුෂ්ටයෙකි. මෝඩයෙකි යනුවෙන් පෙනේ. මෙසේ ඒ රාගාදීහු මෙපමණකැයි පුද්ගලයාගේ ප්‍රමාණය දක්වන්නවුන් මෙන් උපදින්නේය යන අර්ථයෙන් ‘පමාණකරණ’ නමැයි කියන ලද්දාහුය.
යාවතා ඛො, ආවුසො, අප්පමාණා චෙතොවිමුත්තියොති යත්තකා අප්පමාණා චෙතොවිමුත්තියො. කිත්තකා පන තා? චත්තාරො බ්රහ්මවිහාරා, චත්තාරො මග්ගා, චත්තාරි ච ඵලානීති ද්වාදස. තත්ථ බ්රහ්මවිහාරා ඵරණඅප්පමාණතාය අප්පමාණා. සෙසා පමාණකරණානං කිලෙසානං අභාවෙන අප්පමාණා. නිබ්බානම්පි අප්පමාණමෙව, චෙතොවිමුත්ති පන න හොති, තස්මා න ගහිතං. අකුප්පාති අරහත්තඵලචෙතොවිමුත්ති; සා හි තාසං සබ්බජෙට්ඨිකා, තස්මා අග්ගමක්ඛායතීති වුත්තා.
යාවතා ඛො ආවුසො අප්පමාණ චෙතො විමුත්තියා යනු අප්පමණ චේතො විමුත්තිහු යම්තාක් වෙත්ද, නැවත ඔව්හූ කෙතෙක් වෙත්ද, සතර බ්‍රහ්ම විහාරයෝය. සතර මාර්ගයෝය. සතර ඵලයෝය යි. දොළොසකි. එම බ්‍රහ්මවිහාරයෝ ඵරණයාගේ අප්රමාණ්යයෙන් අප්‍රමාණයහ. සෙස්සෝ ප්රමාණයහ. ප්‍රමාණය කරන්නා වූ කෙලෙසුන්ගේ අභාවයෙන් නිර්මාණයත් අප්‍රමාණ ම වේ. එහෙත් චේතෝ විමුත්තිය නොවේ. එහෙයින් නො ගන්නා ලදී. අකුප්පා අර්හත්පල චේතො විමුත්තිය ඔවුන් අතුරෙන් සියල්ලන්ටම ජ්‍යෙෂ්ඨ වේද, එහෙයින් අග්ගමක්ඛා යයි කියන ලදී.
රාගො ඛො, ආවුසො, කිඤ්චනොති රාගො උප්පජ්ජිත්වා පුග්ගලං කිඤ්චති මද්දති පලිබුන්ධති. තස්මා කිඤ්චනොති වුත්තො. මනුස්සා කිර ගොණෙහි ඛලං මද්දාපෙන්තො කිඤ්චෙහි කපිල, කිඤ්චෙහි කාළකාති වදන්ති. එවං මද්දනත්ථො කිඤ්චනත්ථොති වෙදිතබ්බො. දොසමොහෙසුපි එසෙව නයො. ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්තියො නාම නව ධම්මා ආකිඤ්චඤ්ඤායතනඤ්ච මග්ගඵලානි ච. තත්ථ ආකිඤ්චඤ්ඤායතනං කිඤ්චනං ආරම්මණං අස්ස නත්ථීති ආකිඤ්චඤ්ඤං. මග්ගඵලානි කිඤ්චනානං මද්දනානං පලිබුන්ධනකිලෙසානං නත්ථිතාය ආකිඤ්චඤ්ඤානි. නිබ්බානම්පි ආකිඤ්චඤ්ඤං, චෙතොවිමුත්ති පන න හොති, තස්මා න ගහිතං.
රාගො ඛො ආවුසො කිඤ්චිනො රාගය පුද්ගලයා පෙළයි. මඩියි. පළිබෝධ කෙරෙයි. එහෙයින් කිඤ්චන යයි කියන ලදී. මිනිස්සු ගොනුන් ලවා කමත මඩවනවිට කපිලය මඩව, කළුව මඩවයි කියත්ලු. මෙසේ මැඩීමේ අර්ථය කිඤ්චනාර්ථයයි දතයුතුය. ද්වේෂ මෝහයන්හිද එසේමැයි. ආකිඤ්චඤ්ඤායතන චෙතො විමුත්තියො ආකිඤ්චඤ්ඤායතන චේතො විමුත්තිය නම් ධර්ම නවයකි. ආකිඤ්චඤ්ඤායතනය හා මාර්ග ඵලයද යනුවෙනි. එහි ආකිඤ්චඤ්ඤායතනය, කිසි අරමුණක් එයට නැති නිසා ආකිඤ්චඤ්ඤායතන නමි. මාර්ගඵලයෝ මඩින පලිබෝධ කරන කෙලෙසුන් නැති බැවින් ‘ආකිඤ්චඤ්ඤා’ නමි. නිර්වාණය ද ආකිඤ්චඤ්ඤය. එහෙත් චේතෝ විමුත්තිය නොවේ. එනිසා එය නො ගනී.
රාගො ඛො, ආවුසො, නිමිත්තකරණොතිආදීසු යථා නාම ද්වින්නං කුලානං සදිසා ද්වෙ වච්ඡකා හොන්ති. යාව තෙසං ලක්ඛණං න කතං හොති, තාව “අයං අසුකකුලස්ස වච්ඡකො, අයං අසුකකුලස්සා”ති න සක්කා හොන්ති ජානිතුං. යදා පන තෙසං සත්තිසූලාදීසු අඤ්ඤතරං ලක්ඛණං කතං හොති, තදා සක්කා හොන්ති ජානිතුං. එවමෙව යාව පුග්ගලස්ස රාගො නුප්පජ්ජති, තාව න සක්කා හොති ජානිතුං අරියො වා පුථුජ්ජනො වාති. රාගො පනස්ස උප්පජ්ජමානොව සරාගො නාම අයං පුග්ගලොති සඤ්ජානනනිමිත්තං කරොන්තො විය උප්පජ්ජති, තස්මා “නිමිත්තකරණො”ති වුත්තො. දොසමොහෙසුපි එසෙව නයො.
රාගො චො ආවුසො නිමිත්ත කරණො ආදියෙහි කුල දෙකක සමාන වූ වස්සෝ දෙදෙනෙක් වෙත්ද, යම්තාක් ඔවුන්ගේ ලකුණු කිරීමක් (හංවඩු ගැසීමක්) නොකරන ලද්දේ ද, ඒ තාක් මේ අසවල් කුලයේ වස්සාය. මේ අසවල් කුලයේ වස්සා යයි හැඳින ගැනීමට නො හැකි වේද, යලි යම් දවසක ඔවුන්ගේ ලකුණු කිරීමක් කරන්නේ වේද, එකල්හි දැනගන්නට හැකිවෙත්ද, එපරිද්දෙන් යමෙකුට යම්තාක් රාගය නූපදීද, ඒ තාක් ආර්යයෙක් ද, පෘථග්ජනයෙක් දැයි දැනගැනීමට නොහැකි වෙති. යම් විධියකින් ඔහුට රාගය උපන්නේ ද, මේ පුද්ගලයා සරාගිකයෙක් යයි හැඳින ගන්නා නිමිත්ත උපදී ද, එහෙයින් නිමිත්තකරණයයි කියන ලදී. ද්වේෂ මෝහ දෙක පිළිබඳව ද මෙම ක්‍රමයමැයි.
අනිමිත්තා චෙතොවිමුත්ති නාම තෙරස ධම්මා – විපස්සනා, චත්තාරො ආරුප්පා, චත්තාරො මග්ගා, චත්තාරි ච ඵලානීති. තත්ථ විපස්සනා නිච්චනිමිත්තං සුඛනිමිත්තං අත්තනිමිත්තං උග්ඝාටෙතීති අනිමිත්තා නාම. චත්තාරො ආරුප්පා රූපනිමිත්තස්ස අභාවෙන අනිමිත්තා නාම. මග්ගඵලානි නිමිත්තකරණානං කිලෙසානං අභාවෙන අනිමිත්තානි. නිබ්බානම්පි අනිමිත්තමෙව, තං පන චෙතොවිමුත්ති න හොති, තස්මා න ගහිතං. අථ කස්මා සුඤ්ඤතා චෙතොවිමුත්ති න ගහිතාති? සා, “සුඤ්ඤා රාගෙනා”තිආදිවචනතො සබ්බත්ථ අනුපවිට්ඨාව, තස්මා විසුං න ගහිතා. එකත්ථාති ආරම්මණවසෙන එකත්ථා. අප්පමාණං ආකිඤ්චඤ්ඤං සුඤ්ඤතං අනිමිත්තන්ති හි සබ්බානෙතානි නිබ්බානස්සෙව නාමානි. ඉති ඉමිනා පරියායෙන එකත්ථා. අඤ්ඤස්මිං පන ඨානෙ අප්පමාණා හොන්ති, අඤ්ඤස්මිං ආකිඤ්චඤ්ඤා අඤ්ඤස්මිං සුඤ්ඤතා අඤ්ඤස්මිං අනිමිත්තාති ඉමිනා පරියායෙන නානාබ්යඤ්ජනා.
අනිමිත්ත චෙතො විමුත්තියො අනිමිත්ත චේතෝ විමුක්තිය නම් විදර්ශනාවය. සතර ආරුප්යය, සතර ඵලයෝය යනුවෙන් ධර්ම තෙළෙසකි. එහි විදර්ශනා නිත්‍ය නිමිත්තය, සුඛ නිමිත්තය, ආත්ම නිමිත්තය යන මොවුන් ඉස්මතු කරන්නේයයි ‘අනිමිත්ත’ නම් මාර්ගඵලයෝ කෙලෙස් නැති හෙයින් අනිමිත්ත නම් වෙති. නිර්වාණය ද අනිමිත්තය. එහෙත් එය චේතෝ විමුත්ති නොවේ. එහෙයින් නො ගන්නා ලදී. කුමක්හෙයින් ශුන්‍යතා චේතෝ විමුත්තිය නො ගන්නේ ද, චේතෝ විමුත්තිය සුඤ්ඤාරාගෙන යනු කී හෙයින් හැමතැන්හිම නො පිවිසියේය. එහෙයින් වෙනම නොගන්නා ලදී. එකට්ඨා යනු අරමුණු වශයෙන් ඒකාර්ථයෝය. අප්පමාණය. ආකිඤ්චඤ්ඤය. සුඤ්ඤතය. අනිමිත්තය යන මේ සියල්ල නිවනට නම් වේ. මෙසේ මේ ක්‍රමයෙන් ඒකාර්ථයෝය. යළි අන් තැනක අප්රමාණ්යයෝ වෙති. අන් තැනක ආකිඤ්චඤ්ඤා වෙති. සමහර තැනක ශුන්‍යතා වෙති. තවත් තැනක අනිමිත්තා වෙති. මේ ක්‍රමයෙන් නා නා ව්‍යඤ්ජන ඇත්තාහු වෙත්.
ඉති ථෙරො යථානුසන්ධිනාව දෙසනං නිට්ඨපෙසීති.
මෙසේ තෙරුන් වහන්සේ අනුසන්ධි වූ පරිද්දෙන් දේශනාව නිමවූ සේක.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාවෙදල්ලසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා වේදල්ල සූත්‍ර වර්ණනාව නිමියේය.