චූළවෙදල්ලසුත්තවණ්ණනා අට්ඨකථා
චූළවෙදල්ලසුත්තවණ්ණනා
චූළවෙදල්ල සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළවෙදල්ලසුත්තං. තත්ථ විසාඛො උපාසකොති විසාඛොති එවංනාමකො උපාසකො. යෙන ධම්මදින්නාති යෙන ධම්මදින්නා නාම භික්ඛුනී තෙනුපසඞ්කමි. කො පනායං විසාඛො? කා ධම්මදින්නා? කස්මා උපසඞ්කමීති? විසාඛො නාම ධම්මදින්නාය ගිහිකාලෙ ඝරසාමිකො. සො යදා භගවා සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිත්වා පවත්තවරධම්මචක්කො යසාදයො කුලපුත්තෙ විනෙත්වා උරුවෙලං පත්වා තත්ථ ජටිලසහස්සං විනෙත්වා පුරාණජටිලෙහි ඛීණාසවභික්ඛූහි සද්ධිං රාජගහං ගන්ත්වා බුද්ධදස්සනත්ථං ද්වාදසනහුතාය පරිසාය සද්ධිං ආගතස්ස බිම්බිසාරමහාරාජස්ස ධම්මං දෙසෙසි. තදා රඤ්ඤා සද්ධිං ආගතෙසු ද්වාදසනහුතෙසු එකං නහුතං උපාසකත්තං පටිවෙදෙසි, එකාදස නහුතානි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු සද්ධිං රඤ්ඤා බිම්බිසාරෙන. අයං උපාසකො තෙසං අඤ්ඤතරො, තෙහි සද්ධිං පඨමදස්සනෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාය, පුන එකදිවසං ධම්මං සුත්වා සකදාගාමිඵලං පත්වා, තතො අපරභාගෙපි එකදිවසං ධම්මං සුත්වා අනාගාමිඵලෙ පතිට්ඨිතො.
එවම්මෙසුතං චූළ වේදල්ල සූත්‍රයයි. එහි විසාඛො උපාසකො විසාඛ නම් වූ උපාසක තෙමේ. යෙන ධම්මදින්නා ධම්මදින්නා මෙහෙණ යම්තැනෙක සිටීද, එහි එළඹියේය. මේ විසාඛ කවරෙක්ද, ධම්මදින්නා කවරෙක්ද, කුමක් හෙයින් පැමිණියේද, විසාඛ නම් ධම්මදින්නාගේ ගිහිකල ස්වාමිපුරුෂයා වේ හෙතෙම, යම් දවසක භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට පවත්වන ලද උතුම් වූ දම්සක් ඇත්තේ, යස කුලපුත්‍ර ආදීන් හික්මවා උරුවෙල් දනව්වට වැඩ, දහසක් ජටිලයන් හික්මවා පැරණි ජටිල හා භික්ෂු සංඝයා සමග රජගහ නුවරට වැඩ, බුදුන් දැකීම සඳහා දොළොස් නහුතයක් සමග ආවා වූ බිම්බිසාර මහරජුට දහම් දෙසුයේද, එදා රජු සමග පැමිණි දොළොස් නහුතයක් වූ පිරිස් අතුරෙන් එක් නහුතයක් උපාසක බවට පැමිණියේය. එකොළොස් නහුතයක් බිම්බිසාර රජු සමග සෝවාන් පෙලෙහි පිහිටියාහුය. මේ උපාසකවරුන් අතුරෙන් එක් අයෙක් විසාඛය. ඔවුන් සමග පළමු හමුවීමේදීම සෝවාන් පෙලෙහි පිහිටා, නැවත එක්දිනක් බණ අසා සකෘදාගාමී ඵලයට පැමිණ, එයින් පසුදිනක බණ අසා අනාගාමී ඵලයෙහි පිහිටියේ ය.
සො අනාගාමී හුත්වා ගෙහං ආගච්ඡන්තො යථා අඤ්ඤෙසු දිවසෙසු ඉතො චිතො ච ඔලොකෙන්තො සිතං කුරුමානො ආගච්ඡති, එවං අනාගන්ත්වා සන්තින්ද්රියො සන්තමානසො හුත්වා අගමාසි.
(හේ අනාගාමී වී ගෙට එනවිට) පෙර දී ඔහු ගෙට එනවිට ඔබිමොබ බලමින්, සතුටුවෙමින්, සිනහවෙමින් එන්නේ ද, හේ අනාගාමී වී එනවිට සන්සුන් ඉඳුරන් ඇතිව ඔබිනොබ නොබලා, සන්සිඳුනු සිතින් යුතුව ආයේය.
ධම්මදින්නා සීහපඤ්ජරං උග්ඝාටෙත්වා වීථිං ඔලොකයමානා තස්ස ආගමනාකාරං දිස්වා, “කිං නු ඛො එත”න්ති චින්තෙත්වා තස්ස පච්චුග්ගමනං කුරුමානා සොපානසීසෙ ඨත්වා ඔලම්බනත්ථං හත්ථං පසාරෙසි. උපාසකො අත්තනො හත්ථං සමිඤ්ජෙසි. සා “පාතරාසභොජනකාලෙ ජානිස්සාමී”ති චින්තෙසි. උපාසකො පුබ්බෙ තාය සද්ධිං එකතො භුඤ්ජති. තං දිවසං පන තං අනපලොකෙත්වා යොගාවචරභික්ඛු විය එකකොව භුඤ්ජි. සා, “සායන්හකාලෙ ජානිස්සාමී”ති චින්තෙසි. උපාසකො තංදිවසං සිරිගබ්භං න පාවිසි, අඤ්ඤං ගබ්භං පටිජග්ගාපෙත්වා කප්පියමඤ්චකං පඤ්ඤපාපෙත්වා නිපජ්ජි. උපාසිකා, “කිං නු ඛ්වස්ස බහිද්ධා පත්ථනා අත්ථි, උදාහු කෙනචිදෙව පරිභෙදකෙන භින්නො, උදාහු මය්හෙව කොචි දොසො අත්ථී”ති බලවදොමනස්සා හුත්වා, “එකං ද්වෙ දිවසෙ වසිතකාලෙ සක්කා ඤාතු”න්ති තස්ස උපට්ඨානං ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි.
ධම්මදින්නා ඔහු එන සන්හුන් විලාසය සීමැදුරු කවුළුව හැර බලා මේ කිමෙක්දෝ හෝ යි සිතා පෙර ගමන් යන්න තරප්පු පේලියේ සිට අල්ලා ගන්නා අත දිගු කළාය. උපාසක තෙමේ තම අත හැකිළීය. ඕ තොමෝ උදේ ආහාර ගන්නා විට දැනගනිමියි සිතුවාය. පෙරදී විසාඛ ආහාර ගන්නා විට ධම්මදින්නා සමග එකතුව ආහාර ගනියි. අද ඈ දෙස නො බලාම තනිවම යෝගාවචරයකු සේ ආහාර වළඳයි. ඕ නිදන කල දැනගන්නෙමියි සිතුවාය. උපාසකයා එදින සිරියහන්ගැබට නොපැමිණියේය. අනික් කාමරයක් පිරිසිදු කරවා සැප ඇඳක් පනවා එහි සැතපුණේය. ධම්මදින්නා මෙසේ සිතීය. කිමෙක්ද, මොහු තුළ වෙනත් බලාපොරොත්තුවක් ඇත්ද, නැතිනම් කේලාම් කියන්නකු විසින් කේලාම් කියා මා බිඳුවා පීද, එසේත් නැතිනම් මා අතින් වරදක් සිදුවීද, මෙසේ දොම්නස් දවසක් ගතවූවිට දැනගත හැකිවේයයි සිතා ඔහුට උපස්ථානය පිණිස ගොස් වැඳ සිටියාය.
උපාසකො, “කිං ධම්මදින්නෙ අකාලෙ ආගතාසී”ති පුච්ඡි. ආම අය්යපුත්ත, ආගතාම්හි, න ත්වං යථා පුරාණො, කිං නු තෙ බහිද්ධා පත්ථනා අත්ථීති? නත්ථි ධම්මදින්නෙති. අඤ්ඤො කොචි පරිභෙදකො අත්ථීති? අයම්පි නත්ථීති. එවං සන්තෙ මය්හෙව කොචි දොසො භවිස්සතීති. තුය්හම්පි දොසො නත්ථීති. අථ කස්මා මයා සද්ධිං යථා පකතියා ආලාපසල්ලාපමත්තම්පි න කරොථාති?
උපාසක තෙමේ ඇයි ධම්මදින්නාවෙනි, අවේලාවේ පැමිණියේද, එසේය ස්වාමීනි, ආවෙමි. නුඹ පෙර මෙන් නොවේ. වෙනත් බලාපොරොත්තුවක් ඇත්ද, නැත ධම්මදින්නාවෙනි. අන්කිසිවකු කේලමක් කීයේද, එසේද නැත. මා අතින් කිසියම් වරදක් වූයේද, තොපගේ කිසිම දොසක් නැත. එසේ නම් මා සමග වෙනදා මෙන් කථාබහ කිරීමක්වත් නැත්තේ ඇයිද,
සො චින්තෙසි – “අයං ලොකුත්තරධම්මො නාම ගරු භාරියො න පකාසෙතතබ්බො, සචෙ ඛො පනාහං න කථෙස්සාමි, අයං හදයං ඵාලෙත්වා එත්ථෙව කාලං කරෙය්යා”ති තස්සානුග්ගහත්ථාය කථෙසි – “ධම්මදින්නෙ අහං සත්ථු ධම්මදෙසනං සුත්වා ලොකුත්තරධම්මං නාම අධිගතො, තං අධිගතස්ස එවරූපා ලොකියකිරියා න වට්ටති. යදි ත්වං ඉච්ඡසි, තව චත්තාලීස කොටියො මම චත්තාලීස කොටියොති අසීතිකොටිධනං අත්ථි, එත්ථ ඉස්සරා හුත්වා මම මාතිට්ඨානෙ වා භගිනිට්ඨානෙ වා ඨත්වා වස. තයා දින්නෙන භත්තපිණ්ඩමත්තකෙන අහං යාපෙස්සාමි. අථෙවං න කරොසි, ඉමෙ භොගෙ ගහෙත්වා කුලගෙහං ගච්ඡ, අථාපි තෙ බහිද්ධා පත්ථනා නත්ථි, අහං තං භගිනිට්ඨානෙ වා ධිතුට්ඨානෙ වා ඨපෙත්වා පොසෙස්සාමී”ති.
හෙතෙම මෙසේ සිතීය. ලොව්තුරු දහම් නම් ගරුය. බැරෑරුම්ය. නො පැවසිය යුතුය. එහෙත් ඉදින් මම නො කියන්නේ නම් මෝ මෙහි ම ළය පැලී මිය යනු ඇත. ඇයට අනුග්‍රහ පිණිස කිවයුතුය. ධම්මදින්නාවෙනි, මම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලොව්තුරා දහමට (තත්ත්වයට) පැමිණියේ වෙමි. එසේ පැමිණියහුට මෙබඳු ලෞකික ක්‍රියා නො වටී. ඉදින් ඔබ කැමැත්තෙහි නම්, මගේ සතලිස් කෝටියක ධනයත්, තිගේ සතලිස් කෝටියක ධනයත් යන අසූ කෝටියක් ධනයටම අධිපතිව ඉසුරුව, මගේ මව් තනතුරේ හෝ මගේ නැගනි තනතුරේ හෝ සිටුව. තී දෙන ආහාරවලින් පමණක් මම යැපෙන්නෙමි. නැවත ඔබ එසේ නො කැමති නම් මේ වස්තුව ගෙන ඔබේ දෙමාපියන් වෙත යන්න. එසේත් නැතිව වෙනත් බලාපොරොත්තුවක් ඇත්නම් මම තී නැගනි තනතුරේ හෝ දුවණි තනතුරේ තබා පෝෂණය කරන්නෙමි.
සා චින්තෙසි – “පකතිපුරිසො එවං වත්තා නාම නත්ථි. අද්ධා එතෙන ලොකුත්තරවරධම්මො පටිවිද්ධො. සො පන ධම්මො කිං පුරිසෙහෙව පටිබුජ්ඣිතබ්බො, උදාහු මාතුගාමොපි පටිවිජ්ඣිතුං සක්කොතී”ති විසාඛං එතදවොච – “කිං නු ඛො එසො ධම්මො පුරිසෙහෙව ලභිතබ්බො, මාතුගාමෙනපි සක්කා ලද්ධු”න්ති? කිං වදෙසි ධම්මදින්නෙ, යෙ පටිපන්නකා, තෙ එතස්ස දායාදා, යස්ස යස්ස උපනිස්සයො අත්ථි, සො සො එතං පටිලභතීති. එවං සන්තෙ මය්හං පබ්බජ්ජං අනුජානාථාති. සාධු භද්දෙ, අහම්පි තං එතස්මිංයෙව මග්ගෙ යොජෙතුකාමො, මනං පන තෙ අජානමානො න කථෙමීති තාවදෙව බිම්බිසාරස්ස රඤ්ඤො සන්තිකං ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි.
ඕ තොමෝ මෙසේ සිතුවාය. ස්වාභාවික පිරිමියෙක් නම් මෙසේ නො කියයි. ඒකාන්තයෙන්ම මොහු ලොව්තුරු දහම් ලබා ඇත. එහෙත් ඒ දහම පුරුෂයන් විසින් පමණක් අවබෝධ කළයුතුද, ස්ත්රීන්ට එය නුසුදුසු වන්නේද, ස්ත්රීන්ට අවබෝධ කළ නො හැකි වන්නේද, මෙසේ විසාඛට කීවාය. ධම්මදින්නාවෙනි, කුමක් කියන්නේද? යම්කෙනෙක් පිළිපදින්නේද ඔහුට මේ දායාදයයි. යම් යම් කෙනෙකුට උපනිශ්‍රය ඇත්ද ඒ ඒ අයට මෙය ලබාගත හැකිය. (විසාඛ කීයේය.) එසේනම් මට පැවිදි වන්නට අවසර දෙව, මැනවි සොඳුර, මම ද මේ මග යොදන්නට කැමැත්තෙන් සිටියෙමි. එහෙත් ඔබගේ අදහස් නොදන්නා බැවින් එය නො කීමි. එකෙණෙහිම විසාඛ බිම්බිසාර රජු සමීපයට ගොස් අභිවාදනය කොට සිටියේය.
රාජා, “කිං, ගහපති, අකාලෙ ආගතොසී”ති පුච්ඡි. ධම්මදින්නා, “මහාරාජ, පබ්බජිස්සාමී”ති වදතීති. කිං පනස්ස ලද්ධුං වට්ටතීති? අඤ්ඤං කිඤ්චි නත්ථි, සොවණ්ණසිවිකං දෙව, ලද්ධුං වට්ටති නගරඤ්ච පටිජග්ගාපෙතුන්ති. රාජා සොවණ්ණසිවිකං දත්වා නගරං පටිජග්ගාපෙසි.
රජ තෙමේ, ඇයිද ගෘහපතිය, මේ අවේලාවේ පැමිණියේ ද විචාළේය. මහරජ, ධම්මදින්නා පැවිදිවන්නෙමියි කියයි. ඈට කුමක් අවශ්‍ය වේද, දේවයිනි, ස්වර්ණ සිවිකාවක් ලබන්නට වටී. නගරය පිළිදැගුම් කරන්නට (පෙරහැරක් කරන්නට) වටී. රජු ස්වර්ණ සිවිකාවක් දී නුවර (පෙරහැර කරන්නට ද කටයුතු කළේය.) පිළිදැගුම් කරවීය.
විසාඛො ධම්මදින්නං ගන්ධොදකෙන නහාපෙත්වා සබ්බාලඞ්කාරෙහි අලඞ්කාරාපෙත්වා සොවණ්ණසිවිකාය නිසීදාපෙත්වා ඤාතිගණෙන පරිවාරාපෙත්වා ගන්ධපුප්ඵාදීහි පූජයමානො නගරවාසනං කරොන්තො විය භික්ඛුනිඋපස්සයං ගන්ත්වා, “ධම්මදින්නං පබ්බාජෙථාය්යෙ”ති ආහ. භික්ඛුනියො “එකං වා ද්වෙ වා දොසෙ සහිතුං වට්ටති ගහපතී”ති ආහංසු. නත්ථය්යෙ කොචි දොසො, සද්ධාය පබ්බජතීති. අථෙකා බ්යත්තා ථෙරී තචපඤ්චකකම්මට්ඨානං ආචික්ඛිත්වා කෙසෙ ඔහාරෙත්වා පබ්බාජෙසි. විසාඛො, “අභිරමය්යෙ, ස්වාක්ඛාතො ධම්මො”ති වන්දිත්වා පක්කාමි.
විසාඛ තෙමේ ධම්මදින්නා සුවඳ පැනින් නාවා සියලු අලංකාරයෙන් සරසවා ස්වර්ණ සිවිකාවෙහි හිඳුවා, ඥාතීන් පිරිවරා සුවඳ මලින් සුවඳ දුමින් පුදමින් නුවර බැබළීම කරන්නෙකු මෙන් මෙහෙණ අසපුවට ගොස් ආර්යාවෙනි, ධම්මදින්නා පැවිදි කළ මැනවැයි කීය. භික්ෂුණීහූ ගෘහපතිය, එකක් හෝ දෙකක් දොස් ඉවසන්නට වටී යයි කීහ. ආර්යාවනි, නැත. කිසිම දොසක් නැත. ඕ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වන්නීය. ඉක්බිති ව්‍යක්ත වූ තෙරණියක් තච පංචක කර්මස්ථානය කියවා හිසකෙස් බහා පැවිදි කරවූය. විසාඛ තෙමේ, සිත් අලවා වාසය කරන්න, ධර්මය ස්වක්ඛාත වේ කියා වැඳ නික්ම ගියේය.
තස්සා පබ්බජිතදිවසතො පට්ඨාය ලාභසක්කාරො උප්පජ්ජි. තෙනෙව පලිබුද්ධා සමණධම්මං කාතුං ඔකාසං න ලභති. අථාචරිය-උපජ්ඣායථෙරියො ගහෙත්වා ජනපදං ගන්ත්වා අට්ඨතිංසාය ආරම්මණෙසු චිත්තරුචිතං කම්මට්ඨානං කථාපෙත්වා සමණධම්මං කාතුං ආරද්ධා, අභිනීහාරසම්පන්නත්තා පන නාතිචිරං කිලමිත්ථ.
ඇය පැවිදි වූ දින පටන් ලාභසත්කාර උපන. ඒ පලිබෝධයෙන් මහණදම් පුරන්නට ඉඩක් නො ලැබිණ. එකල ආචාර්ය උපාධ්‍යාය තෙරණිවරුන් ද කැටුව අටතිස් අරමුණු අතුරෙන් සිතට රුචි වූ කමටහනක් කියවාගෙන මහණදම් පුරන්නට පටන් ගත්හ. අභිනීහාර සම්පන්න බැවින් බොහෝකලක් ක්ලාන්ත නොවීය.
ඉතො පට්ඨාය හි සතසහස්සකප්පමත්ථකෙ පදුමුත්තරො නාම සත්ථා ලොකෙ උදපාදි. තදා එසා එකස්මිං කුලෙ දාසී හුත්වා අත්තනො කෙසෙ වික්කිණිත්වා සුජාතත්ථෙරස්ස නාම අග්ගසාවකස්ස දානං දත්වා පත්ථනමකාසි. සා තාය පත්ථනාභිනීහාරසම්පත්තියා නාතිචිරං කිලමිත්ථ, කතිපාහෙනෙව අරහත්තං පත්වා චින්තෙසි – “අහං යෙනත්ථෙන සාසනෙ පබ්බජිතා, සො මත්ථකං පත්තො, කිං මෙ ජනපදවාසෙන, මය්හං ඤාතකාපි පුඤ්ඤානි කරිස්සන්ති, භික්ඛුනිසඞ්ඝොපි පච්චයෙහි න කිලමිස්සති, රාජගහං ගච්ඡාමී”ති භික්ඛුනිසඞ්ඝං ගහෙත්වා රාජගහමෙව අගමාසි. විසාඛො, “ධම්මදින්නා කිර ආගතා”ති සුත්වා, “පබ්බජිත්වා නචිරස්සෙව ජනපදං ගතා, ගන්ත්වාපි නචිරස්සෙව පච්චාගතා, කිං නු ඛො භවිස්සති, ගන්ත්වා ජානිස්සාමී”ති දුතියගමනෙන භික්ඛුනිඋපස්සයං අගමාසි. තෙන වුත්තං – “අථ ඛො විසාඛො උපාසකො යෙන ධම්මදින්නා භික්ඛුනී තෙනුපසඞ්කමී”ති.
මෙහි පටන් කල්ප ලක්ෂයකින් පෙර පදුමුත්තර සර්වඥයන් වහන්සේ ලොව උපන්හ. එකල්හී එකී කුලයක දාසියක වශයෙන් සිටියදී තමන්ගේ කෙස් විකුණා අග්‍රශ්‍රාවක වූ සුජාත තෙරුන්ට දන් දී ප්‍රාර්ථනයක් කළාය. එම ප්‍රාර්ථනාව මුදුන්පත් වීමෙන් බොහෝ කලක් ක්ලාන්ත නොවීය. කීප දිනකින්ම රහත්ඵලයට පැමිණියාය. ඉක්බිතිව ඕ මෙසේ සිතීය. ‘මා යම් ප්‍රයෝජනයක් සඳහා මේ බුදු සසුනේ පැවිදි වූයෙම් ද, ඒ අර්ථය මුදුන් පැමිණියේය. තවදුරටත් ජනපද වාසයෙන් කවර අර්ථද, මගේ නෑදෑයෝ පින් කරන්නාහුය. භික්ෂුණී සංඝයාත් ප්‍රත්‍යයෙන් නො වෙහෙසෙන්නෝය. රජගහ නුවරට යමි’යි භික්ෂුණී සංඝයා ද ගෙන රජගහ නුවරටම ගියාය. විසාඛ තෙමේ ධම්මදින්නා ආපසු ආවායයි අසා, පැවිදි වී කෙටි කලකින්ම ජනපදයට ගියාය. ගොස් කෙටි කලකින්ම ආපසු ආවාය. කුමක් සිදුවන්නේ ද, එහි ගොස් දැනගත යුතු යයි. දෙවෙනි ගමනින් උපාසිකාරාමයට ගියේය. අථඛො විසාඛො උපාසකො යෙන ධම්මදින්නා භික්ඛුනී තෙනුපසංකමි යන්න එහෙයින් කියන ලදී.
එතදවොචාති එතං සක්කායොතිආදිවචනං අවොච. කස්මා අවොචාති? එවං කිරස්ස අහොසි – “අභිරමසි නාභිරමසි, අය්යෙ”ති එවං පුච්ඡනං නාම න පණ්ඩිතකිච්චං, පඤ්චුපාදානක්ඛන්ධෙ උපනෙත්වා පඤ්හං පුච්ඡිස්සාමි, පඤ්හබ්යාකරණෙන තස්සා අභිරතිං වා අනභිරතිං වා ජානිස්සාමීති, තස්මා අවොච.
එතදවොච මේ සක්කායො යන වචනය කීයේය. කුමක් හෙයින් කීවේද, ඔහුට මෙසේ සිතිණ, ආර්යාවෙනි, සිත් අලවා වෙසෙයිද, නො වෙසෙයි ද, මෙසේ විචාරීම නුවණැත්තන්ගේ විචාරීමක් නොවේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ ප්‍රශ්න විචාරමි. පැන විසඳීමෙන් ඇගේ අභිරතිය (ඇල්ම) අනභිරතිය ද (නො ඇල්ම) දැනගනිමි. එහෙයින් කීහ.
තං සුත්වාව ධම්මදින්නා අහං, ආවුසො විසාඛ, අචිරපබ්බජිතා සකායං වා පරකායං වා කුතො ජානිස්සාමීති වා, අඤ්ඤත්ථෙරියො උපසඞ්කමිත්වා පුච්ඡාති වා අවත්වා උපනික්ඛිත්තං සම්පටිච්ඡමානා විය, එකපාසකගණ්ඨිං මොචෙන්තී විය ගහනට්ඨානෙ හත්ථිමග්ගං නීහරමානා විය ඛග්ගමුඛෙන සමුග්ගං විවරමානා විය ච පටිසම්භිදාවිසයෙ ඨත්වා පඤ්හං විස්සජ්ජමානා, පඤ්ච ඛො ඉමෙ, ආවුසො විසාඛ, උපාදානක්ඛන්ධාතිආදිමාහ. තත්ථ පඤ්චාති ගණනපරිච්ඡෙදො. උපාදානක්ඛන්ධාති උපාදානානං පච්චයභූතා ඛන්ධාති එවමාදිනා නයෙනෙත්ථ උපාදානක්ඛන්ධකථා විත්ථාරෙත්වා කථෙතබ්බා. සා පනෙසා විසුද්ධිමග්ගෙ විත්ථාරිතා එවාති තත්ථ විත්තාරිතනයෙනෙව වෙදිතබ්බා. සක්කායසමුදයාදීසුපි යං වත්තබ්බං, තං හෙට්ඨා තත්ථ තත්ථ වුත්තමෙව.
ඒ අසා ඇවැත් විසාඛ, මා පැවිදි වී ටික කලක් ඉක්ම ගියේය. ස්වකාය හෝ පරකාය කොහෙන් දැනගන්නෙම්ද, අන්‍ය ස්ථවිරීන් කරා එළඹ විචාරවයි නො කියා, ප්රවේසම්කර තබන ලද්දක් ආපසු දෙන්නාක් මෙන්, එක් පාශයක් ඇති ගැටයක් ලිහන්නාක් මෙන්, කැලයෙන් වැසුනු තැනක ඇත්මග විවර කරන්නාක් මෙන්, කඩු තුඩකින් පෙට්ටියක් විවෘත කරන්නාක් මෙන්, විශ්ලේෂණාත්මක ඤාණයෙහි සිට ප්රශ්නය විසඳමිනි. පඤ්ච ඛො ඉමෙ ආවුසො විසාඛ උපාදානක්ඛන්ධා ආදිය කීහ. එහි පඤ්ච යනු ගණන දැක්වීමයි. උපාදානක්ඛන්ධ යනු උපාදානයන්ට ප්‍රත්‍ය වූ ස්කන්ධයෝ යනාදී වශයෙන් උපාදානස්කන්ධ කථාව විස්තරකොට කිවයුතු වේ. මේ ස්කන්ධ කථා විස්තරය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේද, එසේ විස්තර කළ අනුසාරයෙන් දතයුතුය. සක්කාය සමුදය ආදිය පිළිබඳව යමක් කිවයුතු නම්, එය ඒ ඒ තැන කියන ලදී.
ඉදං පන චතුසච්චබ්යාකරණං සුත්වා විසාඛො ථෙරියා අභිරතභාවං අඤ්ඤාසි. යො හි බුද්ධසාසනෙ උක්කණ්ඨිතො හොති අනභිරතො, සො එවං පුච්ඡිතපුච්ඡිතපඤ්හං සණ්ඩාසෙන එකෙකං පලිතං ගණ්හන්තො විය, සිනෙරුපාදතො වාලුකං උද්ධරන්තො විය විස්සජ්ජෙතුං න සක්කොති.
මේ (ධම්මදින්නාගේ) චතුරාර්ය සත්‍ය විස්තරය අසා විසාඛ තෙරණින් වහන්සේ බුදුසසුනේ ඇළුම් ඇති බව අවබෝධ කළේය. යමෙක් බුදුසසුනෙහි උකටලී වූයේ නම්, නො ඇලුනා වූ හෙතෙම මෙසේ ඇසූ ඇසූ ප්රශ්නය අඬුවකින් එක් නරකෙසක් ගන්නකු මෙන්, මහාමේරු පල්ලෙන් වැල් ගන්නකු සේ විසඳන්නට නො හැකි වෙයි.
යස්මා පන ඉමානි චත්තාරි සච්චානි ලොකෙ චන්දිමසූරියා විය බුද්ධසාසනෙ පාකටානි, පරිසමජ්ඣෙ ගතො හි භගවාපි මහාථෙරාපි සච්චානෙව පකාසෙන්ති; භික්ඛුසඞ්ඝොපි පබ්බජිතදිවසතො පට්ඨාය කුලපුත්තෙ චත්තාරි නාම කිං, චත්තාරි අරියසච්චානීති පඤ්හං උග්ගණ්හාපෙති. අයඤ්ච ධම්මදින්නා උපායකොසල්ලෙ ඨිතා පණ්ඩිතා බ්යත්තා නයං ගහෙත්වා සුතෙනපි කථෙතුං සමත්ථා, තස්මා “න සක්කා එතිස්සා එත්තාවතා සච්චානං පටිවිද්ධභාවො ඤාතුං, සච්චවිනිබ්භොගපඤ්හබ්යාකරණෙන සක්කා ඤාතු”න්ති චින්තෙත්වා හෙට්ඨා කථිතානි ද්වෙ සච්චානි පටිනිවත්තෙත්වා ගුළ්හං කත්වා ගණ්ඨිපඤ්හං පුච්ඡිස්සාමීති පුච්ඡන්තො තඤ්ඤෙව නු ඛො, අය්යෙතිආදිමාහ.
යම් හෙයකින් වනාහි මේ සිවුසස් ලෝකයෙහි සඳ හිරු මෙන් බුදු සසුන්හි ප්‍රකට වෙත්ද, සිව්පිරිස් මැදට වන් භාග්‍යවතුන් වහන්සේත්, මහා තෙරවරුත් සිව්සස්ම දේශනා කරත් ද, (සත්‍යයම ප්‍රකාශ කරත්ද) භික්ෂු සංඝයා ද පැවිදි වූ දවසේ පටන් කුලපුතුන්ට සතර නම් කුමක්ද, සතරනම් ආර්ය සත්‍ය සතරය ප්රශ්නය උගන්වාද, මේ ධම්මදින්නා තොමෝත් උපාසක කුලයාගේ දියණිය වී පණ්ඩිත වූවාය. ව්‍යක්ත වූවාය. නීතිය ක්‍රමය ගෙන ඇසීමෙන් ද, කියන්ට සමර්ථ වූවාය. එහෙයින් මෙතෙකින් මැය සත්‍යයන් ප්‍රතිවේධ කළ බව දැනගන්නට නොහැක්ක. නැවත සත්‍ය විභාග ප්රශ්නය විසඳීමෙන් දැනගන්නට හැකියයි සිතා, යට කී සත්‍ය දෙක නවතා ගැට සහිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙමියි විමසන්නේ, තං යෙව නුධො අය්යෙ ආදිය කීහ.
තස්ස විස්සජ්ජනෙ න ඛො, ආවුසො විසාඛ, තඤ්ඤෙව උපාදානන්ති උපාදානස්ස සඞ්ඛාරක්ඛන්ධෙකදෙසභාවතො න තංයෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, නාපි අඤ්ඤත්ර පඤ්චහි උපාදානක්ඛන්ධෙහි උපාදානං. යදි හි තඤ්ඤෙව සියා, රූපාදිසභාවම්පි උපාදානං සියා. යදි අඤ්ඤත්ර සියා, පරසමයෙ චිත්තවිප්පයුත්තො අනුසයො විය පණ්ණත්ති විය නිබ්බානං විය ච ඛන්ධවිනිමුත්තං වා සියා, ඡට්ඨො වා ඛන්ධො පඤ්ඤපෙතබ්බො භවෙය්ය, තස්මා එවං බ්යාකාසි.
එය විසඳීමෙහි නඛො ආවුසො විසාඛ තං දෙව උපාදානං උපාදානය නම් සංස්කාර ස්කන්ධයාගේ එක දේශයක් බැවින් ඒ උපාදානයම පංචස්කන්ධයෝ නොවෙති. පංච උපාදානස්කන්ධයන් විනා උපදානයක් නැත. ඉදින් එයම වන්නේ නම් රූපාදි ස්වභාවයක් උපාදාන වන්නේද, උපාදාන ස්කන්ධයන් විනා උපාදානය වන්නේ නම් එකල්හි පරසමයෙහි සිතින් වෙන්වූ අනුසය මෙන් ද, ප්රඥප්තිය මෙන් ද, නිවන මෙන් ද, ස්කන්ධයෙන් තොර වූයේ වන්නේද හයවෙනි ස්කන්ධයක් හෝ පැනවිය හැකි වන්නේ ද, එහෙයින් මෙසේ පිළිතුරු දුන්නීය.
තස්සා බ්‍යාකරණං සුත්වා “අධිගතපතිට්ඨා අය”න්ති විසාඛො නිට්ඨමගමාසි. න හි සක්කා අඛීණාසවෙන අසම්බද්ධෙන අවිත්ථායන්තෙන පදීපසහස්සං ජාලෙන්තෙන විය එවරූපො ගුළ්හො පටිච්ඡන්නො තිලක්ඛණාහතො ගම්භීරො පඤ්හො විස්සජ්ජෙතුං. නිට්ඨං ගන්ත්වා පන, “අයං ධම්මදින්නා සාසනෙ ලද්ධපතිට්ඨා අධිගතපටිසම්භිදා වෙසාරජ්ජප්පත්තා භවමත්ථකෙ ඨිතා මහාඛීණාසවා, සමත්ථා මය්හං පුච්ඡිතපඤ්හං කථෙතුං, ඉදානි පන නං ඔවත්තිකසාරං පඤ්හං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා තං පුච්ඡන්තො, කථං පනාය්යෙතිආදිමාහ.
ඇගේ විසඳීම අසා මෝ තොමෝ පැමිණි ප්‍රතිවේධ ඇත්තී යයි විසාඛ තෙමේ නිගමනයට පැමිණියේය. ක්ෂීණාශ්රව නොවූවෙකුට නො ගැටෙමින් ව්‍යාකූල නොවෙමින්, පහන් දහසක් දල්වන්නකු මෙන්, මෙබඳු වූ සැඟවුණු තිලකුණෙන් මඩනා ලද ගැඹුරු වූ මෙබඳු ප්‍රශ්නයක් විසඳීමට නො හැක්කේමය යි නිගමනයට පැමිණ, නැවත මෝ ධම්මදින්නා ශාසනයෙහි ලද ප්‍රතිෂ්ඨා ඇත්තීය. අවබෝධ කළ පිළිසිඹියා ඇත්තීය. විශාරද බවට පැමිණියාය. භවය නසන ලද්දීය. මහා ක්ෂීණාශ්රව වූවාය. මා විමසන විමසන ප්‍රශ්න විසඳීමට සමර්ථ වන්නී යයි සිතීය. මෙවිට නැවත ඕවට්ටික සාරය කොට ප්‍රශ්නයක් සිතා එය විචාරන්නේ කථං පනෙය්ය ආදිය කීහ.
තස්ස විස්සජ්ජනෙ අස්සුතවාතිආදි මූලපරියායෙ විත්ථාරිතමෙව. රූපං අත්තතො සමනුපස්සතීති, “ඉධෙකච්චො රූපං අත්තතො සමනුපස්සති. යං රූපං සො අහං, යො අහං තං රූපන්ති රූපඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි නාම තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි සො වණ්ණො, යො වණ්ණො සා අච්චීති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො රූපං අත්තතො සමනුපස්සති…පෙ… අද්වයං සමනුපස්සතී”ති (පටි· ම· 1.131) එවං රූපං අත්තාති දිට්ඨිපස්සනාය පස්සති. රූපවන්තං වා අත්තානන්ති අරූපං අත්තාති ගහෙත්වා ඡායාවන්තං රුක්ඛං විය තං අත්තානං රූපවන්තං සමනුපස්සති. අත්තනි වා රූපන්ති අරූපමෙව අත්තාති ගහෙත්වා පුප්ඵස්මිං ගන්ධං විය අත්තනි රූපං සමනුපස්සති. රූපස්මිං වා අත්තානන්ති අරූපමෙව අත්තාති ගහෙත්වා කරණ්ඩාය මණිං විය අත්තානං රූපස්මිං සමනුපස්සති. වෙදනං අත්තතොතිආදීසුපි එසෙව නයො.
එය විසඳීමෙහි අස්සුතවා යනාදිය මූලපරියාය සූත්‍රයේ විස්තර කරන ලදී. රූපං අත්තනො සමනුපස්සති යනු මෙලොව කිසිවෙක් රූපය ආත්මය වශයෙන් දකී. යමෙක් රූපය ද හේ මමය, යමෙක් මම වෙමිද එය රූපයයි. රූපයත් ආත්මයත් දෙකක් නොවන සේ එකක්ම සේ දකී. දැල්වෙන තෙල් පහනෙක යම් ගිනිසිළුවක් වේද, එය වර්ණය - යම් වර්ණයක් වේද ඒ ගිනිසිලමය. මෙසේ අද්වය කොට දකී ද, එපරිද්දෙන් මෙලොව කිසිවෙක් රූපය ආත්ම වශයෙන් -පෙ- අද්වය කොට දකී. මෙසේ රූපය ආත්මයයි දෘෂ්ටි දර්ශනයෙන් දකී. ආත්මය රූපවත් යයි හෝ අරූපය ආත්මයයි ගෙන සෙවණැල්ලත් ගස මෙන් රූපවත් ආත්මය දකී. අත්තනිවා රූපං අරූපයම ආත්මයයි ගෙන, මලෙහි සුවඳ මෙන් ආත්මයෙහි රූපය දකී. රූපස්මිං වා අත්තානං අරූපයම ආත්මයයි ගෙන, කරඬුවෙහි මැණික් මෙන්, ආත්මය රූප විෂයෙහි ඇතැයි දකී. වෙදනං අත්තනො යනාදියෙහි ද මේ ක්‍රමයමයි.
තත්ථ, රූපං අත්තතො සමනුපස්සතීති සුද්ධරූපමෙව අත්තාති කථිතං. රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං අත්තතො සමනුපස්සතීති ඉමෙසු සත්තසු ඨානෙසු අරූපං අත්තාති කථිතං. වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානන්ති එවං චතූසු ඛන්ධෙසු තිණ්ණං තිණ්ණං වසෙන ද්වාදසසු ඨානෙසු රූපාරූපමිස්සකො අත්තා කථිතො.
එහි ශුද්ධ රූපයම ආත්මයයි කියන ලදී. ‘රූපවන්තං වා අත්තානං, අත්තනිවා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං, අත්තනො සඤ්ඤං සංඛාරෙ, විඤ්ඤාණං අත්තනො සමනුපස්සති’ යන මේ සත් තැනෙහි ම අරූපය ආත්මයයි කියන ලදී. ‘වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වේදනාය වා අත්තානං’ යන මේ සතර ස්කන්ධයන්හි තුනක් තුනක්හුගේ වශයෙන්, දොළොස් තැනෙක්හි රූපාරූප මිශ්‍ර වූ ආත්මය කියන ලදී.
තත්ථ රූපං අත්තතො සමනුපස්සති… වෙදනං… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං අත්තතො සමනුපස්සතීති ඉමෙසු පඤ්චසු ඨානෙසු උච්ඡෙදදිට්ඨි කථිතා, අවසෙසෙසු සස්සතදිට්ඨීති. එවමෙත්ථ පන්නරස භවදිට්ඨියො, පඤ්ච විභවදිට්ඨියො හොන්ති.
එහි ‘රූපං අත්තනො සමනුපස්සති, වෙදනං, සඤ්ඤං, සංඛාරෙ විඤ්ඤාණං, අත්තනො සමනුපස්සති යන මේ පස් තැනෙහි උච්ඡේද දෘෂ්ටිය කියන ලදී. අනෙක් තැන්හි ශාස්වත දෘෂ්ටිය කියයි. මෙසේ මෙහි භව දෘෂ්ටි පසළොසක් ද, විභව දෘෂ්ටි පසක් ද දැක්වේ.
න රූපං අත්තතොති එත්ථ රූපං අත්තාති න සමනුපස්සති. අනිච්චං දුක්ඛං අනත්තාති පන සමනුපස්සති. න රූපවන්තං අත්තානං…පෙ… න විඤ්ඤාණස්මිං අත්තානන්ති ඉමෙ පඤ්චක්ඛන්ධෙ කෙනචි පරියායෙන අත්තතො න සමනුපස්සති, සබ්බාකාරෙන පන අනිච්චා දුක්ඛා අනත්තාති සමනුපස්සති.
න රූපං අත්තනො මෙහි රූපය ආත්මයයි නො දකී. අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි දකී. න රූපවන්තං අත්තානං -පෙ- න විඤ්ඤාණස්මිං අත්තානං මේ පඤ්චස්කන්ධයන් කිසිම අයුරකින් ආත්ම වශයෙන් නො දකී. එසේම සියලු ආකාරයෙන් අනිත්‍යයෝය. දුක්ඛයෝය. අනාත්මයෝ යයි දකී.
එත්තාවතා ථෙරියා, “එවං ඛො, ආවුසො විසාඛ, සක්කායදිට්ඨි හොතී”ති එවං පුරිමපඤ්හං විස්සජ්ජෙන්තියා එත්තකෙන ගමනං හොති, ආගමනං හොති, ගමනාගමනං හොති, වට්ටං වත්තතීති වට්ටං මත්ථකං පාපෙත්වා දස්සිතං. එවං ඛො, ආවුසො විසාඛ, සක්කායදිට්ඨි න හොතීති පච්ඡිමං පඤ්හං විස්සජ්ජෙන්තියා එත්තකෙන ගමනං න හොති, ආගමනං න හොති, ගමනාගමනං න හොති, වට්ටං නාම න වත්තතීති විවට්ටං මත්ථකං පාපෙත්වා දස්සිතං.
මෙතෙකින් ස්ථවිරීන් විසින් ඇවැත් විසාඛය, මෙසේ සක්කාය දිට්ඨිය වන්නේය. මෙසේ පළමු ප්රශ්නය විසඳන්නීය. මෙතෙකින් ගමනය වෙයි. ආගමනය වෙයි. ගමනාගමනය වේ. සංසාර වර්තය පවතී යයි වර්තය මුදුන් පමුණුවා දක්වයි. එවං ඛො විසාඛ සක්කාය දිට්ඨි න හොති යයි පශ්චිම ප්රශ්නය විසඳන්නීය. මෙතෙකින් ගමනය නොවෙයි. ආගමන නොවෙයි. ගමනාගමනය නොවෙයි. වර්තය නො පවතී. විවර්තය මුදුන් පමුණුවා දක්වන ලදී.
කතමො පනාය්‍යෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගොති අයං පඤ්හො ථෙරියා පටිපුච්ඡිත්වා විස්සජ්ජෙතබ්බො භවෙය්ය – “උපාසක, තයා හෙට්ඨා මග්ගො පුච්ඡිතො, ඉධ කස්මා මග්ගමෙව පුච්ඡසී”ති. සා පන අත්තනො බ්යත්තතාය පණ්ඩිච්චෙන තස්ස අධිප්පායං සල්ලක්ඛෙසි – “ඉමිනා උපාසකෙන හෙට්ඨා පටිපත්තිවසෙන මග්ගො පුච්ඡිතො භවිස්සති, ඉධ පන තං සඞ්ඛතාසඞ්ඛතලොකියලොකුත්තරසඞ්ගහිතාසඞ්ගහිතවසෙන පුච්ඡිතුකාමො භවිස්සතී”ති. තස්මා අප්පටිපුච්ඡිත්වාව යං යං පුච්ඡි, තං තං විස්සජ්ජෙසි. තත්ථ සඞ්ඛතොති චෙතිතො කප්පිතො පකප්පිතො ආයූහිතො කතො නිබ්බත්තිතො සමාපජ්ජන්තෙන සමාපජ්ජිතබ්බො.
කතයො පනෙය්ය අරියො අට්ඨංගිකො මග්ගො මේ ප්රශ්නය තෙරණින් විමසා විසඳිය යුතු වන්නේය. ‘උපාසකය, ඔබ විසින් මේ මාර්ගය විමසන ලදී’ මෙහි කවර නම් මගක් විචාරයිද, කුමක් හෙයින් විචාරයිද, එහෙත් ඕ තොමෝ තමන් ව්‍යක්ත බැවින් පණ්ඩිත බැවින්, ඔහුගේ බලාපොරොත්තුව සැලකීය. මේ උපාසකයා විසින් ප්‍රතිපත්ති වශයෙන් මාර්ගය විචාරන ලද්දේ වන්නේය. මෙහි වනාහි එය සංඛත අසංඛත වශයෙන්, ලෞකික, ලෝකෝත්තර වශයෙන් සකස් කරන ලද හා සකස් නොකරන ලද වශයෙන්, විචාරන කැමැත්තේ වන්නේ ය. එහෙයින් නො පිළිවිසම යමක් යමක් විචාළේ නම් ඒ ඒ ප්රශ්නය විසඳීය. එහි සංඛතො යනු සිතන ලද, සලකන ලද, හාත්පසින් සලකන ලද, රැස්කරන ලද, උපදවන ලද, පැමිණෙන්නහු විසින් පැමිණිය යුතුයි.
තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතොති එත්ථ යස්මා මග්ගො සප්පදෙසො, තයො ඛන්ධා නිප්පදෙසා, තස්මා අයං සප්පදෙසත්තා නගරං විය රජ්ජෙන නිප්පදෙසෙහි තීහි ඛන්ධෙහි සඞ්ගහිතො. තත්ථ සම්මාවාචාදයො තයො සීලමෙව, තස්මා තෙ සජාතිතො සීලක්ඛන්ධෙන සඞ්ගහිතාති. කිඤ්චාපි හි පාළියං සීලක්ඛන්ධෙති භුම්මෙන විය නිද්දෙසො කතො, අත්ථො පන කරණවසෙන වෙදිතබ්බො. සම්මාවායාමාදීසු පන තීසු සමාධි අත්තනො ධම්මතාය ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං න සක්කොති. වීරියෙ පන පග්ගහකිච්චං සාධෙන්තෙ සතියා ච අපිලාපනකිච්චං සාධෙන්තියා ලද්ධූපකාරො හුත්වා සක්කොති.
තීහිච ඛො ආවුසො විසාඛ - ඛන්ධෙහි අරියො අට්ඨංගිකො මග්ගො සංගහීතො මෙහි යම්හෙයකින් මාර්ගය ප්‍රදේශ සහිතද, ස්කන්ධත්රය ප්‍රදේශ රහිත ද, එහෙයින් මේ මාර්ගය සප්‍රදේශ බැවින්, නගරය නිෂ්ප්‍රදේශ රාජ්‍යය මෙන් නිෂ්ප්‍රදේශ වූ තුන් ස්කන්ධයන්හි සංග්‍රහ කරන ලද්දේය. එහි සම්මා වාචාදී තිදෙන සීලය මැයි. එහෙයින් සමාන ජාති වශයෙන් සීලස්කන්ධ වශයෙන් දක්වන ලදී. යම්කිසි විදියකින් පාලියෙහි සීලක්ඛන්ධෙ ආධාරයෙන් මෙන් නිර්දේශ කර ඇත. එහෙත් අර්ථය කරුණු වශයෙන් දතයුතුය. සම්මා වාචා ආදී තිදෙනාගේ සමාධිය තමාගේ ප්‍රකෘතියෙන් අරමුණෙහි එකඟ බැවින් පිහිටා සිටින්නට නො හැකි වෙයි. නැවත වීර්යය ප්‍රග්‍රහ කෘත්‍යය සිදුකරන කල්හි සිහියද අපිලාපන කෘත්‍යය සිදුකරන කල්හි ලද උපකාර ඇතිව නැතිවේ.
තත්රායං උපමා – යථා හි “නක්ඛත්තං කීළිස්සාමා”ති උය්යානං පවිට්ඨෙසු තීසු සහායෙසු එකො සුපුප්ඵිතං චම්පකරුක්ඛං දිස්වා හත්ථං උක්ඛිපිත්වාපි ගහෙතුං න සක්කුණෙය්ය. අථස්ස දුතියො ඔනමිත්වා පිට්ඨිං දදෙය්ය, සො තස්ස පිට්ඨියං ඨත්වාපි කම්පමානො ගහෙතුං න සක්කුණෙය්ය. අථස්ස ඉතරො අංසකූටං උපනාමෙය්ය, සො එකස්ස පිට්ඨියං ඨත්වා එකස්ස අංසකූටං ඔලුබ්භ යථාරුචි පුප්ඵානි ඔචිනිත්‍වා පිළන්ධිත්වා නක්ඛත්තං කීළෙය්ය. එවංසම්පදමිදං දට්ඨබ්බං.
එහි උපමාව මෙසේය. යම්සේ නැකැත් ක්‍රීඩා කරන්නට උයනට පිවිසි යහළුවන් තිදෙනෙකු අතුරෙන් එකෙක් සපු ගසක් දැක අත ඔසවාද ගන්නට නො හැකි වෙයි. ඉක්බිති දෙවැන්නා පහතට නැවී පිට පාන්නේය. හෙතෙම ඔහුගේ පිට උඩ සිට ද වෙවුලමින් ගන්නට නොහැකි වන්නේ ය. එවිට තුන්වැන්නා උරහිස පාන්නේ ය. හෙතෙම එකකුගේ පිටෙහි සිට, අනෙකාගේ උරේ එල්ලී, කැමති පරිදි මල් කඩාගෙන නැකැත් ක්‍රීඩාවෙහි යෙදෙන්නේ ය. මේ කරුණ එපරිද්දෙන් දතයුතුයි.
එකතො උය්යානං පවිට්ඨා තයො සහායකා විය හි එකතො ජාතා සම්මාවායාමාදයො තයො ධම්මා. සුපුප්ඵිතචම්පකො විය ආරම්මණං. හත්ථං උක්ඛිපිත්වාපි ගහෙතුං අසක්කොන්තො විය අත්තනො ධම්මතාය ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං අසක්කොන්තො සමාධි. පිට්ඨිං දත්වා ඔනතසහායො විය වායාමො. අංසකූටං දත්වා ඨිතසහායො විය සති. යථා තෙසු එකස්ස පිට්ඨියං ඨත්වා එකස්ස අංසකූටං ඔලුබ්භ ඉතරො යථාරුචි පුප්ඵං ගහෙතුං සක්කොති, එවමෙවං වීරියෙ පග්ගහකිච්චං සාධෙන්තෙ, සතියා ච අපිලාපනකිච්චං සාධෙන්තියා ලද්ධුපකාරො සමාධි සක්කොති ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං. තස්මා සමාධියෙවෙත්ථ සජාතිතො සමාධික්ඛන්ධෙන සඞ්ගහිතො. වායාමසතියො පන කිරියතො සඞ්ගහිතා හොන්ති.
එක්ව උයනට පිවිසි තුන් යහළුවන් මෙන් එක්ව උපන් සම්‍යක් ව්යායාමාදී ධර්ම තුනය. සුපිපි සපුගස මෙන් අරමුණුය. අත ඔසවාත් ගන්නට නොහැකි වූවාක් මෙන් තමන්ගේ ස්වභාවික අරමුණෙහි එකඟ සිතින් පිහිටන්නට නො හැකි වූ සමාධිය ය. පිට පා ආධාර කළ යහළුවා මෙන් ව්‍යායාම යැ. උරහිස පෑ යහළුවා මෙන් සිහියය, ඔවුන් අතුරෙන් එකකුගේ පිට නැගී, එකකුගේ උරහිසේ එල්ලී මල් නෙලා ගත්තාක් මෙන් වීර්ය ප්‍රග්‍රහ කෘත්‍යය ද, සිහිය අපිලාපන කෘත්‍යය ද සිදුකරන කල්හි ලද උපකාර ඇති සමාධිය අරමුණෙහි එකඟ බැවින් පිහිටා සිටින්නට හැකි වේ. එහෙයින් මෙහි සමාධියම සමාන ජාති වශයෙන් සමාධි ස්කන්ධයෙන් සංග්‍රහ කරන ලදී. ව්‍යායාම - සති වනාහි ක්‍රියා වශයෙන් සංග්‍රහ කර ඇත්තේය.
සම්මාදිට්ඨිසම්මාසඞ්කප්පෙසුපි පඤ්ඤා අත්තනො ධම්මතාය අනිච්චං දුක්ඛං අනත්තාති ආරම්මණං නිච්ඡෙතුං න සක්කොති, විතක්කෙ පන ආකොටෙත්වා ආකොටෙත්වා දෙන්තෙ සක්කොති. කථං? යථා හි හෙරඤ්ඤිකො කහාපණං හත්ථෙ ඨපෙත්වා සබ්බභාගෙසු ඔලොකෙතුකාමො සමානොපි න චක්ඛුදලෙනෙව පරිවත්තෙතුං සක්කොති, අඞ්ගුලිපබ්බෙහි පන පරිවත්තෙත්වා ඉතො චිතො ච ඔලොකෙතුං සක්කොති. එවමෙව න පඤ්ඤා අත්තනො ධම්මතාය අනිච්චාදිවසෙන ආරම්මණං නිච්ඡෙතුං සක්කොති, අභිනිරොපනලක්ඛණෙන පන ආහනනපරියාහනනරසෙන විතක්කෙන ආකොටෙන්තෙන විය පරිවත්තෙන්තෙන විය ච ආදායා දින්නමෙව විනිච්ඡෙතුං සක්කොති. තස්මා ඉධාපි සම්මාදිට්ඨියෙව සජාතිතො පඤ්ඤාක්ඛන්ධෙන සඞ්ගහිතා. සම්මාසඞ්කප්පො පන කිරියතො සඞ්ගහිතො හොති. ඉති ඉමෙහි තීහි ඛන්ධෙහි මග්ගො සඞ්ගහං ගච්ඡති. තෙන වුත්තං – “තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතො”ති.
සම්මා දිට්ඨි සංකල්පයන් අතුරෙන් ප්‍රඥාව වූ කලී තමන්ගේ ධර්මභාවයෙන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය එනිසා අරමුණු නිශ්චය කළ නො හැක්කේය. විතර්කය වනාහි එළව එළවා දෙන කල්හි හැකිවෙයි. කෙසේද, යම්සේ රන්කරුවා කහවණුව අතෙහි තබා සම්පූර්ණ කොටස් බලනු කැමති වන්නේ නමුත්, ඇසේ බලයෙන්ම පෙරලන්නට නො හැකි වෙයි. ඇඟිලි තුඩුවලින් පෙරලමින් එහා මෙහා (ඒ පැත්ත මේ පැත්ත) බලන්නට හැකිවෙයි. මෙම ප්‍රඥාව තමාගේ ධර්මතාවයෙන් අනිත්‍යාදී වශයෙන් අරමුණු නිශ්චය කරන්නට නො හැකිවෙයි. යම්හෙයකින් අරමුණට අභිමුඛ කොට නැංවීම ලක්‍ෂණකොට ඇති විතර්කය විසින් එළවන්නකු මෙන් ද පෙරළන්නෙකු මෙන් ද, ගෙන දෙන ලද්දම නිශ්චය කරන්නට හැකිවේද, එහෙයින් මෙහි ද සම්‍යක් දෘෂ්ටියම සමාන ජාති වශයෙන් ප්‍රඥා ස්කන්ධයෙන් සංග්‍රහ කරන ලද්දේ ය. සම්මා සංකල්පය වනාහි ක්‍රියා හෙයින් සංග්‍රහ කරන ලද්දේ ය. මෙසේ මේ තුන් ස්කන්ධයන් නිසා මාර්ගය සංග්‍රහයට පැමිණේ. තීහිච ඛො ආවුසො විසාඛ බන්ධෙ හි අරියො අටඨංගිකො මග්ගො සංගහීතො යන්න එහෙයින් කියන ලදී.
ඉදානි එකචිත්තක්ඛණිකං මග්ගසමාධිං සනිමිත්තං සපරික්ඛාරං පුච්ඡන්තො, කතමො පනාය්යෙතිආදිමාහ. තස්ස විස්සජ්ජනෙ චත්තාරො සතිපට්ඨානා මග්ගක්ඛණෙ චතුකිච්චසාධනවසෙන උප්පන්නා සති, සා සමාධිස්ස පච්චයත්ථෙන නිමිත්තං. චත්තාරො සම්මප්පධානා චතුකිච්චසාධනවසෙනෙව උප්පන්නං වීරියං, තං පරිවාරට්ඨෙන පරික්ඛාරො හොති. තෙසංයෙව ධම්මානන්ති තෙසං මග්ගසම්පයුත්තධම්මානං. ආසෙවනාතිආදීසු එකචිත්තක්ඛණිකායෙව ආසෙවනාදයො වුත්තාති.
දැන් ඒක චිත්තක්ෂණික වූ නිමිති සහිත වූ පිරිවර සහිත වූ මාර්ග සමාධිය විචරන්නේ කතමො පනෙය්ය ආදිය කීහ. එය විසඳීමේදී චත්තාරො සතිපට්ඨානා සතර සතිපට්ඨානයෝ මාර්ග ක්ෂණයෙහි සතර කෘත්‍යයන් සිදුකිරීම් වශයෙන් උපන් සිහිය සමාධියට ප්රත්යාර්ථයෙන් නිමිත්තා නිමිති වෙත්, චත්තාරො සම්මප්පධානා සතර සම්‍යක් ප්‍රධන් වීර්යය සතර කෘත්‍යයන් සිදුකිරීම් වශයෙන් උපන් වීර්යයයි. එය පරිවාරාර්ථයෙන් පරික්ඛාරො පිරිකර වේ. තෙසං යෙව ධම්මානං ඒ මාර්ග සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ආසෙවනා ඒක චිත්තක්ෂණික ආසෙවනාදිය කියන ලදී.
විතණ්ඩවාදී පන, “එකචිත්තක්ඛණිකො නාම මග්ගො නත්ථි, ‘එවං භාවෙය්ය සත්ත වස්සානී’ති හි වචනතො සත්තපි වස්සානි මග්ගභාවනා හොති, කිලෙසා පන ලහු ඡිජ්ජන්තා සත්තහි ඤාණෙහි ඡිජ්ජන්තී”ති වදති. සො “සුත්තං ආහරා”ති වත්තබ්බො. අද්ධා අඤ්ඤං අපස්සන්තො, “යා තෙසංයෙව ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්ම”න්ති ඉදමෙව සුත්තං ආහරිත්වා, “අඤ්ඤෙන චිත්තෙන ආසෙවති, අඤ්ඤෙන භාවෙති, අඤ්ඤෙන බහුලීකරොතී”ති වක්ඛති. තතො වත්තබ්බො – “කිං පනිදං, සුත්තං නෙය්යත්ථං නීතත්ථ”න්ති. තතො වක්ඛති – “නීතත්ථං යථා සුත්තං තථෙව අත්ථො”ති.
(විතණ්ඩවාදීහු) විරුද්ධවාදීහූ ඒක චිත්තක්ෂණික වූ මාර්ගයක් නැතැයි කියති. ‘එවං භාවෙය්ය සත්තවස්සානි’ යනු වචන හෙයින් සත් වසක් මාර්ග භාවනාව වෙයි. ක්ලේශයෝ වනාහි වහා සිඳෙන්නාහූ සප්ත අනුපස්සනා ඤාණයෙන් බිඳෙති’යි කියයි. හෙතෙම සුත්‍රයක් ඉදිරිපත්කොට කියවයි. කිවයුත්තේය. ඒකාන්තයෙන් අනෙක් සූත්‍රයක් නො දක්නේ යා තෙසං යෙව ධම්මානං ආසෙවනා භාවනා බහුලී කම්මං යන මෙය ගෙන දක්වා අන් සිතකින් ආසේවනය කරයි. අන් සිතකින් වඩයි. අන් සිතකින් බහුල කෙරේයයි කියයි. එහෙයින් මෙසේ කිවයුතුය. කිම මේ සුත්‍රය නෙය්යාර්ථද, නීතාර්ථද එහෙයින් කියයි. ‘නීතාර්ථය’ සූත්‍රය යම්සේද අර්ථයත් එසේමය.
තස්ස ඉදං උත්තරං – එවං සන්තෙ එකං චිත්තං ආසෙවමානං උප්පන්නං, අපරම්පි ආසෙවමානං, අපරම්පි ආසෙවමානන්ති එවං දිවසම්පි ආසෙවනාව භවිස්සති, කුතො භාවනා, කුතො බහුලීකම්මං? එකං වා භාවයමානං උප්පන්නං අපරම්පි භාවයමානං අපරම්පි භාවයමානන්ති එවං දිවසම්පි භාවනාව භවිස්සති, කුතො ආසෙවනා කුතො බහුලීකම්මං? එකං වා බහුලීකරොන්තං උප්පන්නං, අපරම්පි බහුලීකරොන්තං, අපරම්පි බහුලීකරොන්තන්ති එවං දිවසම්පි බහුලීකම්මමෙව භවිස්සති කුතො ආසෙවනා, කුතො භාවනාති.
මේ ඔහුගේ උත්තරයයි. මෙසේ ඇතිකල්හි සේවනය කරමින් උපන් එක් සිතකි. සේවනය කරමින් තවත් සිතකි. සේවනය කරමින් අනිකදු සිතකි. මෙසේ දවසක්ම ආසේවනය වන්නේ ය. වැඩීමක් කොයින්ද, බහුලීකරණයක් කොයින්ද, වඩමින් උපන් එක් සිතෙක, වඩමින් තවත් සිතෙක, වඩමින් අනෙකුදු සිතෙක, මෙසේ දවසම භාවනා වැඩීම වන්නේ ය. ආසේවනයක් කොයින්ද, බහුලීකරණයක් කොයින්ද, බහුල කරමින් උපන් එක් සිතෙක, බහුලීකරණයෙන් උපන් තවත් සිතකි. බහුලීකරණයෙන් උපන් අනිකුදු සිතකි. මෙසේ දවසක්ම බහුලීකරණය වන්නේ ය. ආසේවනයක් කොයින්ද? බහුලීකරණයක් කොයින්ද? භාවනාවක් කොයින්ද?
අථ වා එවං වදෙය්ය – “එකෙන චිත්තෙන ආසෙවති, ද්වීහි භාවෙති, තීහි බහුලීකරොති. ද්වීහි වා ආසෙවති, තීහි භාවෙති, එකෙන බහුලීකරොති. තීහි වා ආසෙවති, එකෙන භාවෙති, ද්වීහි බහුලීකරොතී”ති. සො වත්තබ්බො – “මා සුත්තං මෙ ලද්ධන්ති යං වා තං වා අවච. පඤ්හං විස්සජ්ජෙන්තෙන නාම ආචරියස්ස සන්තිකෙ වසිත්වා බුද්ධවචනං උග්ගණ්හිත්වා අත්ථරසං විදිත්වා වත්තබ්බං හොති. එකචිත්තක්ඛණිකාව අයං ආසෙවනා, එකචිත්තක්ඛණිකා භාවනා, එකචිත්තක්ඛණිකං බහුලීකම්මං. ඛයගාමිලොකුත්තරමග්ගො බහුලචිත්තක්ඛණිකො නාම නත්ථි, ‘එකචිත්තක්ඛණිකොයෙවා’ති සඤ්ඤාපෙතබ්බො. සචෙ සඤ්ජානාති, සඤ්ජානාතු, නො චෙ සඤ්ජානාති, ගච්ඡ පාතොව විහාරං පවිසිත්වා යාගුං පිවාහී”ති උය්‍යොජෙතබ්බො.
දැන් නැවත මෙසේ කියයි - එක් සිතකින් සේවනය කරයි. සිත් දෙකකින් වඩයි. තුන් සිතකින් බහුල කෙරෙයි. දෙසිතකින් හෝ සේවනය කෙරෙයි. තුන් සිතකින් වඩයි. එක් සිතකින් බහුල කෙරෙයි. තුන් සිතකින් හෝ ආසේවනය කරයි. එකකින් වඩයි. දෙසිතකින් බහුල කෙරෙයි. හෙතෙම මෙසේ කිවයුතුය. මා විසින් සූත්‍රයක් ලබන ලද්දේය. යම් ඒ කටට ආවක් ම නොකියව, ප්‍රශ්න විසඳන්නහු විසින් ගුරුවරුන් සමීපයේ වැඩි බුදුවදන් ඉගෙන, අරුත් රස විඳ කිවයුතු වෙයි. මේ ආසේවනා ඒක චිත්තක්ෂණික මැයි. භාවනා ඒක චිත්තක්ෂණිකය. බහුලීකරණය ඒක චිත්තක්ෂණිකය. ක්‍ෂයගාමී වූ ලෝකෝත්තර මාර්ගය බහුචිත්ත ක්ෂණික වූයේ නම් නැත. ඒකචිත්ත ක්ෂණික වූයේමය යයි දැක්විය යුතුය. ඉදින් එසේ හැඳින නො ගන්නේ නම් යව විභාරයට ගොස් කැඳ බොන්නැයි යැවිය යුත්තේය.
කති පනාය්‍යෙ සඞ්ඛාරාති ඉධ කිං පුච්ඡති? යෙ සඞ්ඛාරෙ නිරොධෙත්වා නිරොධං සමාපජ්ජති, තෙ පුච්ඡිස්සාමීති පුච්ඡති. තෙනෙවස්ස අධිප්පායං ඤත්වා ථෙරී, පුඤ්ඤාභිසඞ්ඛාරාදීසු අනෙකෙසු සඞ්ඛාරෙසු විජ්ජමානෙසුපි, කායසඞ්ඛාරාදයොව ආචික්ඛන්තී, තයොමෙ, ආවුසොතිආදිමාහ. තත්ථ කායපටිබද්ධත්තා කායෙන සඞ්ඛරීයති කරීයති නිබ්බත්තීයතීති කායසඞ්ඛාරො. වාචං සඞ්ඛරොති කරොති නිබ්බත්තෙතීති වචීසඞ්ඛාරො. චිත්තපටිබද්ධත්තා චිත්තෙන සඞ්ඛරීයති කරීයති නිබ්බත්තීයතීති චිත්තසඞ්ඛාරො.
කති පනෙය්ය සංඛාරා මෙහි කුමක් විචාරයිද, යම් සංස්කාර කෙනෙක් නිරුද්ධකොට නිරෝධයට සමවදිත්ද, ඒ සංස්කාරයන් විචාරන්නෙමි යි විචාරයි. එයින්ම ඔහුගේ අදහස දැන ස්ථවිරීන් වහන්සේ පුණ්යාභිසංස්කාරාදී නොයෙක් සංස්කාරයන් ඇති කල්හිදු කාය සංස්කාරාදියම ප්‍රකාශ කරමින් තයො මෙ ආවුසො යනාදිය කීහ. එය කය පිළිබඳව නිසාත්, කයින් රැස්කරනු ලබන නිසාත්, කයින් උපදවනු ලැබෙන නිසාත් කාය සංඛාර නම් වේ. වචන පිළිබඳ බැවිනුත් වචනයෙන් රැස්කරනු ලබන නිසාත්, වචනයෙන් උපදවනු ලබන නිසාත්, වචී සංඛාර නමි. සිත පිළිබඳ බැවිනුත්, සිතින් රැස්කරනු ලබන නිසාත් සිතෙන් උපදවනු ලබන නිසාත් චිත්ත සංඛාර නම් වේ.
කතමො පනාය්යෙති ඉධ කිං පුච්ඡති? ඉමෙ සඞ්ඛාරා අඤ්ඤමඤ්ඤමිස්සා ආලුළිතා අවිභූතා දුද්දීපනා. තථා හි, කායද්වාරෙ ආදානගහණමුඤ්චනචොපනානි පාපෙත්වා උප්පන්නා අට්ඨ කාමාවචරකුසලචෙතනා ද්වාදස අකුසලචෙතනාති එවං කුසලාකුසලා වීසති චෙතනාපි අස්සාසපස්සාසාපි කායසඞ්ඛාරාත්වෙව වුච්චන්ති. වචීද්වාරෙ හනුසංචොපනං වචීභෙදං පාපෙත්වා උප්පන්නා වුත්තප්පකාරාව වීසති චෙතනාපි විතක්කවිචාරාපි වචීසඞ්ඛාරොත්වෙව වුච්චන්ති. කායවචීද්වාරෙසු චොපනං අපත්තා රහො නිසින්නස්ස චින්තයතො උප්පන්නා කුසලාකුසලා එකූනතිංස චෙතනාපි සඤ්ඤා ච වෙදනා චාති ඉමෙ ද්වෙ ධම්මාපි චිත්තසඞ්ඛාරොත්වෙව වුච්චන්ති. එවං ඉමෙ සඞ්ඛාරා අඤ්ඤමඤ්ඤමිස්සා ආලුළිතා අවිභූතා දුද්දීපනා. තෙ පාකටෙ විභූතෙ කත්වා කථාපෙස්සාමීති පුච්ඡති.
කතමො පනෙය්ය යනු මෙහි කුමක් විචාරයිද, යම්කිසි සංස්කාරයක් නිරුද්ධ කොට නිරෝධයට සමවදිත්ද, ඒ සංස්කාරයන් විචාරයි. ඔහුගේ අදහස එයින්ම දත් ස්ථවිරීන් වහන්සේ මේ සංස්කාරයෝ ඔවුනොවුන් මිශ්‍ර වූවාහු කැළඹුනාහූ අප්‍රකට වූවාහු දැක්වීමට දුෂ්කර වේ. කායද්වාරයෙහි අල්ලාගැනීම් සංඛ්‍යාත ගැනීමය. හැරීමය. සැලීමය යන මොවුන්ට පමුණුවා උපන් කාමාවචර කුසල චේතනා අටද, අකුසල චේතනා දොළහද, මෙසේ කුසල් අකුසල් චේතනා විස්ස ආශ්වාස ප්‍රශ්වාසයෝ ද කාය සංස්කාර යයි කියති. වාග් ද්වාරයෙහි හනු සැලීමට, වාග් භේදයට උපන් යට කියන ලද චේතනා විස්ස විතර්ක විචාරයෝ ද වාක් සංස්කාර නම් වෙයි. මෙසේ මේ සංස්කාරයෝ ඔවුනොවුන් කාය වාග් ද්වාරයන්හි චලනයට නො පැමිණ, රහසිගතව සිතන්නහුට උපන් කුසලා කුසල චේතනා විසි නවය ද සංඥාව හා වේදනාව ද, චිත්ත සංස්කාර නම් වේ. මෙසේ මේ සංස්කාරයෝ ඔවුනොවුන් මිශ්රයෝය. ඇලලුනාහුය. අප්‍රකටයහ. නොදැක්විය හැක්කාහු වෙති. ඔවුන් ප්‍රකට වූවක් විභූත වූවක් කොට කියවන්නෙමියි විචාරයි.
කස්මා පනාය්යෙති ඉධ කායසඞ්ඛාරාදිනාමස්ස පදත්ථං පුච්ඡති. තස්ස විස්සජ්ජනෙ කායප්පටිබද්ධාති කායනිස්සිතා, කායෙ සති හොන්ති, අසති න හොන්ති. චිත්තප්පටිබද්ධාති චිත්තනිස්සිතා, චිත්තෙ සති හොන්ති, අසති න හොන්ති.
කස්මාපනෙය්ය මෙහි ‘කාය සංඛාර’ ආදී නාමයන්ගේ පදාර්ථ විචාරයි. එය විසඳීමෙහි කාය පටිබද්ධා කය ඇසුරු කළාහූ කය ඇතිකල්හි සිටිති. නැතිකල්හි නො සිටිති. චිත්ත පටිබද්ධා සිත ඇතිකල්හි සිටිති. සිත නැතිකල්හි නො සිටිති.
ඉදානි කිං නු ඛො එසා සඤ්ඤාවෙදයිතනිරොධං වලඤ්ජෙති, න වලඤ්ජෙති. චිණ්ණවසී වා තත්ථ නො චිණ්ණවසීති ජානනත්ථං පුච්ඡන්තො, කථං පනාය්‍යෙ, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතීතිආදිමාහ. තස්ස විස්සජ්ජනෙ සමාපජ්ජිස්සන්ති වා සමාපජ්ජාමීති වා පදද්වයෙන නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිකාලො කථිතො. සමාපන්නොති පදෙන අන්තොනිරොධො. තථා පුරිමෙහි ද්වීහි පදෙහි සචිත්තකකාලො කථිතො, පච්ඡිමෙන අචිත්තකකාලො. පුබ්බෙව තථා චිත්තං භාවිතං හොතීති නිරොධසමාපත්තිතො පුබ්බෙ අද්ධානපරිච්ඡෙදකාලෙයෙව, එත්තකං කාලං අචිත්තකො භවිස්සාමීති අද්ධානපරිච්ඡෙදචිත්තං භාවිතං හොති. යං තං තථත්තාය උපනෙතීති යං එවං භාවිතං චිත්තං, තං පුග්ගලං තථත්තාය අචිත්තකභාවාය උපනෙති.
දැන් මේ සඤ්ඤායිත නිරෝග්ධය වළඳා ද, නො වළඳා ද, එහි වණ්ණවසී වෙයි ද වණ්ණවසී නො වෙයි ද, දැනගැනීම පිණිස විචාරන්නේ කථං පනෙය්ය සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්ති හොති යයි කීහ. එය විසඳීමෙහි සමාපජ්ජිස්සන්ති වා සමා පජ්ජාමීති වා යන දෙපදයෙන් නේවසඤ්ඤා නාසඤ්ඤා සමාපත්ති කාලය කියන ලදී. සමාපන්නො යන පදයෙන් ඇතුළු නිරෝධය කියන ලදී. එසේම පළමු දෙපදයෙන් සචිත්ත කාලයද, පසුපදයෙන් අචිත්ත කාලයද කියන ලදී. පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති නිරෝධ සමාපත්තියෙන් පෙර කාලය පිරික්සන කල්හි මෙතෙක් කල් අචිත්තක වන්නෙම් කාල පරිච්ඡේද සිත මඩනා ලද වෙයි. යං තං තථත්තාය උපනෙති මෙසේ වඩන ලද යම් සිතක් ඒ පුද්ගලයා අචිත්තක භාවයට පමුණුවයිද,
පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරොති සෙසසඞ්ඛාරෙහි පඨමං දුතියජ්ඣානෙයෙව නිරුජ්ඣති. තතො කායසඞ්ඛාරොති තතො පරං කායසඞ්ඛාරො චතුත්ථජ්ඣානෙ නිරුජ්ඣති. තතො චිත්තසඞ්ඛාරොති තතො පරං චිත්තසඞ්ඛාරො අන්තොනිරොධෙ නිරුජ්ඣති. වුට්ඨහිස්සන්ති වා වුට්ඨහාමීති වා පදද්වයෙන අන්තොනිරොධකාලො කථිතො. වුට්ඨිතොති පදෙන ඵලසමාපත්තිකාලො. තථා පුරිමෙහි ද්වීහි පදෙහි අචිත්තකකාලො කථිතො, පච්ඡිමෙන සචිත්තකකාලො. පුබ්බෙව තථා චිත්තං භාවිතං හොතීති නිරොධසමාපත්තිතො පුබ්බෙ අද්ධානපරිච්ඡෙදකාලෙයෙව එත්තකං කාලං අචිත්තකො හුත්වා තතො පරං සචිත්තකො භවිස්සාමීති අද්ධානපරිච්ඡෙදචිත්තං භාවිතං හොති. යං තං තථත්තාය උපනෙතීති යං එවං භාවිතං චිත්තං, තං පුග්ගලං තථත්තාය සචිත්තකභාවාය උපනෙති. ඉති හෙට්ඨා නිරොධසමාපජ්ජනකාලො ගහිතො, ඉධ නිරොධතො වුට්ඨානකාලො.
පඨමං නිරුජ්ඣති වචී සංඛාරො සෙසු සංස්කාරයන්ගේ පළමුවෙනි දෙවෙනි දැහැන්හිම නිරුද්ධ වෙයි. තතොකාය සංඛාරෙ ඉන්පසු කාය සංස්කාරය සතරවන දැහැන්හිම නිරුද්ධ වෙයි. තතො චිත්ත සංඛාරො ඉන්පසු චිත්ත සංස්කාරය ඇතුළු නිරෝධයෙහි නිරුද්ධ වේ. වුට්ඨභිස්සං වා වුට්ඨහාමී යන පද ද්වයෙන් ඇතුළු නිරෝධ කාලය කියන ලදී. වුට්ඨිතො යන පදයෙන් ඵලසමාපත්ති කාලය කියන ලදී. එසේම මේ පළමු දෙපදයෙන් අචිත්තක කාලය කියන ලදී. පසුපදයෙන් චිත්ත කාලය කියන ලදී. පුබ්බෙව කථං චිත්තං භාවිතං හොති නිරෝධ සමාපත්තියෙන් පෙර කල් බලන කල්හි මෙතෙක් කල් අචිත්තකව සිට ඉන්පසු සචිත්තක වන්නෙමියි කාලය බෙදාගැනීමේ සිත වඩන ලද වෙයි. යං තං තථත්තාය උපනෙති මෙසේ වඩන ලද යම් සිතක් ඒ පුද්ගලයා පූර්ණ බවට සචිත්තක බවට පමුණුවාද, මෙසේ නිරෝධයට සමවදින කාලය ගන්නා ලදී. මෙහි නිරෝධයෙන් නැගී සිටින කාලය ගන්නා ලදී. දැන් නිරෝධ කථාව කියන්නට සුදුසු කාලය යයි නිරෝධ කථාව කියන්නේ ය.
ඉදානි නිරොධකථං කථෙතුං වාරොති නිරොධකථා කථෙතබ්බා සියා, සා පනෙසා, “ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණ”න්ති මාතිකං ඨපෙත්වා සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ කථිතා. තස්මා තත්ථ කථිතනයෙනෙව ගහෙතබ්බා.
දැන් නිරෝධ කථාව කියන්නට සුදුසු කාලය යයි නිරෝධ කථාව කිවයුතුයි. ඒ නිරෝධ කථාව වූ කලී, ‘දවීහි බලෙහි සමන්නාගතත්තා - තයො වා සංඛාරානං පටිප්පස්සද්ධියා සොළසෙහි ඤාණ චරියාහි නවහි සමාධි චරියාහි වසීභාවතා පඤ්ඤා නිරෝධ සමාපත්තියා ඤාණං’ යනුවෙන් මාතෘකා තබා සියලු ආකාරයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලදී. එහෙයින් එහි කියන ලද අයුරින් ගතයුතුය. (බල දෙකකින් සමන්විත හෙයින් ත්‍රිවිධ සංස්කාරයන් සංසිඳුවීමෙන්, සොළොස් ආකාර ඤාණයන්ගේ පැවැත්මෙන් ද, නව සමාධීන් ගේ පැවැත්මෙන් ද, වශීභාවයට පැමිණි ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණයයි.)
කො පනායං නිරොධො නාම? චතුන්නං ඛන්ධානං පටිසඞ්ඛා අප්පවත්ති. අථ කිමත්ථමෙතං සමාපජ්ජන්තීති. සඞ්ඛාරානං පවත්තෙ උක්කණ්ඨිතා සත්තාහං අචිත්තකා හුත්වා සුඛං විහරිස්සාම, දිට්ඨධම්මනිබ්බානං නාමෙතං, යදිදං නිරොධොති එතදත්ථං සමාපජ්ජන්ති.
මේ නිරෝධය නම් කවරේද, වේදනාදී සතර ස්කන්ධයන්ගේ ප්රත්යවේක්ෂාවෙන් නො පැවැත්මය. එකල්හි කුමක් හෙයින් මෙසේ සම වදිත්ද, සංස්කාරයන්ගේ පැවැත්මෙහි උකටලී වූවාහු සතියක් සිතින් තොරව සුවසේ වසන්නෙමු. ඒ නිරෝධය වූ කලී ‘දිට්ඨ ධම්ම නිබ්බාන’ (මෙලොවදීම ලබන නිවන්සුවය) මේ සඳහා සමවදිත්.
පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරොති නිරොධා වුට්ඨහන්තස්ස හි ඵලසමාපත්තිචිත්තං පඨමං උප්පජ්ජති. තංසම්පයුත්තං සඤ්ඤඤ්ච වෙදනඤ්ච සන්ධාය, “පඨමං උප්පජ්ජති චිත්තසඞ්ඛාරො”ති ආහ. තතො කායසඞ්ඛාරොති තතො පරං භවඞ්ගසමයෙ කායසඞ්ඛාරො උප්පජ්ජති. කිං පන ඵලසමාපත්ති අස්සාසපස්සාසෙ න සමුට්ඨාපෙතීති? සමුට්ඨාපෙති. ඉමස්ස පන චතුත්ථජ්ඣානිකා ඵලසමාපත්ති, සා න සමුට්ඨාපෙති. කිං වා එතෙන ඵලසමාපත්ති පඨමජ්ඣානිකා වා හොතු, දුතියතතියචතුත්ථජ්ඣානිකා වා, සන්තාය සමාපත්තියා වුට්ඨිතස්ස භික්ඛුනො අස්සාසපස්සාසා අබ්බොහාරිකා හොන්ති. තෙසං අබ්බොහාරිකභාවො සඤ්ජීවත්ථෙරවත්ථුනා වෙදිතබ්බො.
පඨමං උප්පජ්ජති චිත්ත සංඛාරො යනු නිරෝධයෙන් නැගී සිටින්නහුගේ ඵල සමාපත්ති සිත පළමුව උපදීද, එය හා එකට යෙදුනා වූ සංඥාවත් වේදනාවත් සඳහා ‘පඨමං උප්පජ්ජති චිත්ත සංඛාරො’ යන්න කීය. තතො කාය සංඛාරො ඉන්පසු භවාංග සමයෙහි කාය සංස්කාරය උපදී. ඵල සමාපත්තිය ආශ්වාස ප්රශ්වාසයෙන් නූපදවයිද, යම් හෙයකින් චතුර්ථධ්යාන ඵල සමාපත්තිය වේද, එහෙයින් කාය සංස්කාරය නූපදවයි. ඵල සමාපත්තිය ප්‍රථම ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානික වේද, ශාන්ත වූ සමාධියෙන් නැගී සිටි භික්ෂූහුගේ ආශ්වාස ප්රශ්වාසයෙන් ව්‍යාපාරයෙහි නො පවතී. මේ බව මේ තත්ත්වය සංජීව තෙරුන්ගේ වස්තුවෙන් දතයුතුය.
සඤ්ජීවත්ථෙරස්ස හි සමාපත්තිතො වුට්ඨාය කිංසුකපුප්ඵසදිසෙ වීතච්චිතඞ්ගාරෙ මද්දමානස්ස ගච්ඡතො චීවරෙ අංසුමත්තම්පි න ඣායි, උසුමාකාරමත්තම්පි නාහොසි, සමාපත්තිඵලං නාමෙතන්ති වදන්ති. එවමෙවං සන්තාය සමාපත්තියා වුට්ඨිතස්ස භික්ඛුනො අස්සාසපස්සාසා අබ්බොහාරිකා හොන්තීති භවඞ්ගසමයෙනෙවෙතං කථිතන්ති වෙදිතබ්බං.
සංජීව තෙරුන් සමාපත්තියෙන් නැගිට කෑලමල් වැනි වූ ගිනිදැල් රහිත දිලිසෙන අඟුරු පාගමින් ගිය මුත් සිවුරෙහි නූල්පටක්වත් උණුසුම් වීම පමණකුදු නො වීය. මේ සමාපත්ති බලය නමැයි කියති. එපරිද්දෙන් ශාන්ත වූ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂූහුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ අව්‍යවහාරික වෙති. මෙය භවාංග කාලයේම සිදුවේයයි දතයුතු.
තතො වචීසඞ්ඛාරොති තතො පරං කිරියමයපවත්තවළඤ්ජනකාලෙ වචීසඞ්ඛාරො උප්පජ්ජති. කිං භවඞ්ගං විතක්කවිචාරෙ න සමුට්ඨාපෙතීති? සමුට්ඨාපෙති. තංසමුට්ඨානා පන විතක්කවිචාරා වාචං අභිසඞ්ඛාතුං න සක්කොන්තීති කිරියමයපවත්තවළඤ්ජනකාලෙනෙවතං කථිතං.
තතො වචීසංඛාරො ඉන්පසු කාර්යයන්හි යෙදෙන කල්හි වචී සංඛාරය උපදී. භවාංගය විතර්ක විචාරය නූපදවයිද, උපදවයි. එහෙත් එයින් උපන් විතර්ක විචාරයෝ වචනය උපදවන්නට නො හැකි වෙත්. මෙය කාර්යයෙහි යෙදෙන කල්හිම කියන ලදී.
සුඤ්ඤතො ඵස්සොතිආදයො සගුණෙනාපි ආරම්මණෙනාපි කථෙතබ්බා. සගුණෙන තාව සුඤ්ඤතා නාම ඵලසමාපත්ති, තාය සහජාතං ඵස්සං සන්ධාය සුඤ්ඤතො ඵස්සොති වුත්තං. අනිමිත්තාපණිහිතෙසුපිඑසෙව නයො. ආරම්මණෙන පන නිබ්බානං රාගාදීහි සුඤ්ඤත්තා සුඤ්ඤං නාම, රාගනිමිත්තාදීනං අභාවා අනිමිත්තං, රාගදොසමොහප්පණිධීනං අභාවා අප්පණිහිතං. සුඤ්ඤතං නිබ්බානං ආරම්මණං කත්වා උප්පන්නඵලසමාපත්තියං ඵස්සො සුඤ්ඤතො නාම. අනිමිත්තාපණිහිතෙසුපි එසෙව නයො.
සුඤ්ඤතො ඵස්සො ආදිය සමාන ගුණයෙන් ද, ආරම්මණයෙන් ද, කිය යුතුය. පළමුව සමාන ගුණයෙන් කියනු ලැබේ. ‘සුඤ්ඤතා” නම් ඵල සමාපත්තියයි. ඒ ඵල සමවත සමග උපන් ස්පර්ශය සඳහා ‘සුඤ්ඤතො ඵස්සො’ යන්න කියන ලදී. අනිමිත්ත - අප්පණිහිත යන තන්හිද මෙම ක්‍රමය මැයි. ආරම්මණයෙන් වනාහි නිර්වාණය රාගාදියෙන් හිස් බැවින් ‘සුඤ්ඤත’ නම් වේ. රාග නිමිති නැති බැවින් ‘අනිමිත්ත’ වේ. රාග ද්වේෂ මෝහයන්ගේ අභාවය නිසා අප්පණිහි නම් වේ. මෙසේ ශුන්‍ය වූ නිර්වාණය අරමුණු කොට උපන් ඵලසමවතෙහි ස්පර්ශය සුඤ්ඤත නමින්ද, අනිමිත්ත අප්පණිහිත වශයෙන් ද දතයුතුයි.
අපරා ආගමනියකථා නාම හොති, සුඤ්ඤතා, අනිමිත්තා, අප්පණිහිතාති හි විපස්සනාපි වුච්චති. තත්ථ යො භික්ඛු සඞ්ඛාරෙ අනිච්චතො පරිග්ගහෙත්වා අනිච්චතො දිස්වා අනිච්චතො වුට්ඨාති, තස්ස වුට්ඨානගාමිනිවිපස්සනා අනිමිත්තා නාම හොති. යො දුක්ඛතො පරිග්ගහෙත්වා දුක්ඛතො දිස්වා දුක්ඛතො වුට්ඨාති, තස්ස අප්පණිහිතා නාම. යො අනත්තතො පරිග්ගහෙත්වා අනත්තතො දිස්වා අනත්තතො වුට්ඨාති, තස්ස සුඤ්ඤතා නාම. තත්ථ අනිමිත්තවිපස්සනාය මග්ගො අනිමිත්තො නාම, අනිමිත්තමග්ගස්ස ඵලං අනිමිත්තං නාම. අනිමිත්තඵලසමාපත්තිසහජාතෙ ඵස්සෙ ඵුසන්තෙ අනිමිත්තො ඵස්සො ඵුසතීති වුච්චති. අප්පණිහිතසුඤ්ඤතෙසුපි එසෙව නයො.
අනෙක් වූ ආගමනීය කථා නම්, සුඤ්ඤතා, අනිමිත්තතා - අප්පණිහිතා යනු විසින් විදර්ශනාව කියනු ලැබේ. එහි යම් භික්ෂුවක් සංස්කාරයන් අනිත්‍ය වශයෙන් පරිග්‍රහණය කොට අනිත්‍ය වශයෙන් දැක, අනිත්‍යභාවයෙන් නැගී සිටීද, ඔහුගේ විදර්ශනාව උත්තානගාමිනී විදර්ශනාව ‘අනිමිත්තා’ නම් වෙයි. යම් භික්ෂුවක් දුක් වශයෙන් සලකා, දුක්ඛයෙන් නැගී සිටී ද, ඔහුගේ විදර්ශනාව ‘අප්පණිහිතා’ නමි. යම්කිසි භික්ෂුවක් අනාත්ම වශයෙන් සලකා අනාත්ම වශයෙන් දැක සංස්කාරයන්ගේ අනාත්ම වශයෙන් නැගී සිටීද, ඔහුගේ විදර්ශනාව ‘සුඤ්ඤතා’ නමි. එහි අනිමිත්ත විදර්ශනාවගේ මාර්ගය අනිමිත්ත නමි. අනිමිත්ත මාර්ගයාගේ ඵලය අනිමිත්ත ඵල නමි. අනිමිත්ත ඵල සමාපත්තිය හා එකට උපන් ස්පර්ශය ස්පර්ශ කරන කල්හි අනිමිත ස්පර්ශය ස්පර්ශ කරන්නේ යයි කියනු ලැබේ. අප්‍රණිහිත සුඤ්ඤ, තැන්වලද මෙම ක්‍රමයමැයි.
ආගමනියෙන කථිතෙ පන සුඤ්ඤතො වා ඵස්සො අනිමිත්තො වා ඵස්සො අප්පණිහිතො වා ඵස්සොති විකප්පො ආපජ්ජෙය්ය, තස්මා සගුණෙන චෙව ආරම්මණෙන ච කථෙතබ්බං. එවඤ්හි තයො ඵස්සා ඵුසන්තීති සමෙති.
ආගමනීය කථාව කී කල්හි ශුන්‍යතා ස්පර්ශය හෝ අනිමිත්ත ස්පර්ශය අප්‍රණිහිත ස්පර්ශය හෝ විකල්පය පැමිණෙන්නේ ද එහෙයින් සමාන ගුණයෙන් හා ආරම්මණයෙන් ද කිවයුතුයි. එපරිද්දෙන් තයො ඵස්සා ඵුසන්ති යනු සම වේ.
විවෙකනින්නන්තිආදීසු නිබ්බානං විවෙකො නාම, තස්මිං විවෙකෙ නින්නං ඔනතන්ති විවෙකනින්නං. අඤ්ඤතො ආගන්ත්වා යෙන විවෙකො, තෙන වඞ්කං විය හුත්වා ඨිතන්ති විවෙකපොණං. යෙන විවෙකො, තෙන පතමානං විය ඨිතන්ති විවෙකපබ්භාරං.
විවෙකනින්නං යනු ‘නිවන’ විවේක නම්, ඒ නිවන නමැති විවෙකයෙහි නැමුණේ අවනත වූයේ යන අර්ථයෙන් ‘විවෙක නින්න’ නමි. විවේකයෙහි ප්‍රමාණය වූයේ අන් තැනක නොගොස් විවේකය යම් තැනකද එතැන්හි වැටෙන්නෙකු මෙන් සිටියේය යන අර්ථයෙන් විවෙක පබ්භාර නම් වේ.
ඉදානි යා වෙදනා නිරොධෙත්වා නිරොධසමාපත්තිං සමාපජ්ජති, තා පුච්ඡිස්සාමීති පුච්ඡන්තො කති පනාය්‍යෙ, වෙදනාති ආහ. කායිකං වාතිආදීසු පඤ්චද්වාරිකං සුඛං කායිකං නාම, මනොද්වාරිකං චෙතසිකං නාමාති වෙදිතබ්බං. තත්ථ සුඛන්ති සභාවනිද්දෙසො. සාතන්ති තස්සෙව මධුරභාවදීපකං වෙවචනං. වෙදයිතන්ති වෙදයිතභාවදීපකං, සබ්බවෙදනානං සාධාරණවචනං. සෙසපදෙසුපි එසෙව නයො.
දැන් යම් වේදනාවක් නිරුද්ධකොට නිරෝධ සමාපත්තියට සම වදීද, ඒ වේදනාවන් විචාරමි. කති පෙභය්ය වේදනා යනු කීය. කායිකං වා යනාදියෙහි පස්දොර උපන් සැපය කායික නම් වේ. මනෝද්වාරයෙහි උපනේ චෙතසික නම් වේ. එහි සුඛං යනු ස්වභාව නිර්දේශය. සාතං යනු ඔහුගේම මිහිරි බව දක්වන තවත් වචනයකි. වෙදයිතං යනු වේදනාභාවය දක්වන සියළු වේදනාවන්ට සාධාරණ වචනයි. අනෙක් පදයන්හිද මෙම ක්‍රමයමැයි.
ඨිතිසුඛා විපරිණාමදුක්ඛාතිආදීසු සුඛාය වෙදනාය අත්ථිභාවො සුඛං, නත්ථිභාවො දුක්ඛං. දුක්ඛාය වෙදනාය අත්ථිභාවො දුක්ඛං, නත්ථිභාවො සුඛං. අදුක්ඛමසුඛාය වෙදනාය ජානනභාවො සුඛං, අජානනභාවො දුක්ඛන්ති අත්ථො.
සුඛා වෙදනා ඨිති සුඛා විපරිණාම දුක්ඛා යනාදියෙහි සැප වේදනාව ඇති බව සුවය, නැති බව දුකය. දුක් වේදනාව ඇති බව දුකය, නැති බව සුවය. උපේක්ෂා වේදනාව දන්නා බව සුවය නො දන්නා බව දුකය යන අදහසයි.
කිං අනුසයො අනුසෙතීති කතමො අනුසයො අනුසෙති. අප්පහීනට්ඨෙන සයිතො විය හොතීති අනුසයපුච්ඡං පුච්ඡති. න ඛො, ආවුසො විසාඛ, සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙතීති න සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති. න සබ්බාය සුඛාය වෙදනාය සො අප්පහීනො, න සබ්බං සුඛං වෙදනං ආරබ්භ උප්පජ්ජතීති අත්ථො. එස නයො සබ්බත්ථ. කිං පහාතබ්බන්ති අයං පහානපුච්ඡා නාම.
කිං අනුසයො අනුසෙති කවර අනුසයයෙක් අනුව සයනය කෙරේද, අප්‍රහීනාර්ථයෙන් සයනය කළ කෙනෙක් මෙන් වේද, අනුසය ප්රශ්නය විචාරයි. න ඛො ආවුසො විසාඛ සබ්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති සියලු සැප වේදනාවෙහි රාගානුසය අනුසයනය නො කෙරෙයි. සියලු සැප වේදනාවෙහි හෝ අප්‍රහීන වූයේ නොවේ. සියලු සැප වේදනා අරභයා නූපදී යන අර්ථයි. සියලු තන්හි මෙම ක්‍රමයමැයි. කිං පහාතබ්බං මේ ප්‍රහාණ ප්රශ්නයයි.
රාගං තෙන පජහතීති එත්ථ එකෙනෙව බ්යාකරණෙන ද්වෙ පුච්ඡා විස්සජ්ජෙසි. ඉධ භික්ඛු රාගානුසයං වික්ඛම්භෙත්වා පඨමජ්ඣානං සමාපජ්ජති, ඣානවික්ඛම්භිතං රාගානුසයං තථා වික්ඛම්භිතමෙව කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අනාගාමිමග්ගෙන සමුග්ඝාතෙති. සො අනාගාමිමග්ගෙන පහීනොපි තථා වික්ඛම්භිතත්තාව පඨමජ්ඣානෙ නානුසෙති නාම. තෙනාහ – “න තත්ථ රාගානුසයො අනුසෙතී”ති.
රාගං තෙන පජහති මෙහි එක විසඳීමෙන් ප්‍රශ්න දෙකක් විසඳයි. මේ ශාසනයෙහි භික්ෂුව රාගානුසය යටපත්කොට ප්‍රථම ධ්‍යානයට සමවදියි. ධ්‍යානයෙන් යටපත් කළ රාගානුශය එන්සේ යටපත් කරන ලද්දක්ම කොට විදසුන් වඩා අනාගාමී මාර්ගය මගින් සමූලඝාතනය කෙරෙයි. හෙතෙම අනාගාමී මාර්ගයෙන් ප්‍රහීණ වූයේ නමුත් එසේ යටපත් කළ බැවින්ම ප්‍රථමධ්‍යානයේ අනුසයනය නො කෙරේ. න තත්ථ රාගානුසයො අනුසෙති යන්න එහෙයින් කියන ලදී.
තදායතනන්ති තං ආයතනං, පරමස්සාසභාවෙන පතිට්ඨානභූතං අරහත්තන්ති අත්ථො. ඉති අනුත්තරෙසූති එවං අනුත්තරා විමොක්ඛාති ලද්ධනාමෙ අරහත්තෙ. පිහං උපට්ඨාපයතොති පත්ථනං පට්ඨපෙන්තස්ස. උප්පජ්ජති පිහාපච්චයා දොමනස්සන්ති පත්ථනාය පට්ඨපනමූලකං දොමනස්සං උප්පජ්ජති. තං පනෙතං න පත්ථනාය පට්ඨපනමූලකං උප්පජ්ජති, පත්ථෙත්වා අලභන්තස්ස පන අලාභමූලකං උප්පජ්ජමානං, “උප්පජ්ජති පිහාපච්චයා”ති වුත්තං. තත්ථ කිඤ්චාපි දොමනස්සං නාම එකන්තෙන අකුසලං, ඉදං පන සෙවිතබ්බං දොමනස්සං වට්ටතීති වදන්ති. යොගිනො හි තෙමාසිකං ඡමාසිකං වා නවමාසිකං වා පටිපදං ගණ්හන්ති. තෙසු යො තං තං පටිපදං ගහෙත්වා අන්තොකාලපරිච්ඡෙදෙයෙව අරහත්තං පාපුණිස්සාමීති ඝටෙන්තො වායමන්තො න සක්කොති යථාපරිච්ඡින්නකාලෙන පාපුණිතුං, තස්ස බලවදොමනස්සං උප්පජ්ජති, ආළින්දිකවාසිමහාඵුස්සදෙවත්ථෙරස්ස විය අස්සුධාරා පවත්තන්ති. ථෙරො කිර එකූනවීසතිවස්සානි ගතපච්චාගතවත්තං පූරෙසි. තස්ස, “ඉමස්මිං වාරෙ අරහත්තං ගණ්හිස්සාමි, ඉමස්මිං වාරෙ විසුද්ධිපවාරණං පවාරෙස්සාමී”ති මානසං බන්ධිත්වා සමණධම්මං කරොන්තස්සෙව එකූනවීසතිවස්සානි අතික්කන්තානි. පවාරණාදිවසෙ ආගතෙ ථෙරස්ස අස්සුපාතෙන මුත්තදිවසො නාම නාහොසි. වීසතිමෙ පන වස්සෙ අරහත්තං පාණුණි.
තදායතනං තං + ආයතනං - පරමාස්වාස භාවයෙන් පිහිටුවන ලද අර්හත්වය යන අර්ථයි. ඉති අනුත්තරෙසු මෙසේ අනුත්තරය විමොක්ඛය, යන නම් ලද රහත්බැව්හී ප්‍රාර්ථනා තබන්නන්ට උප්පජ්ජති පිහප්පච්චයා දොමනස්සං ප්‍රාර්ථනාව තැබීම මුල්කොට ඇති දොම්නස උපදී. ඒ ප්‍රාර්ථනාව කොට නො ලබන්නහුට නො ලැබීම මුල්ව උපදනේ උප්පජ්ජති පිහප්පච්චයා යනු කියන ලදී. එහි දොම්නස නම් ඒකාන්ත අකුසල්ය. එහෙත් මේ සේවනය කළයුතු දොම්නස වටීයයි කියති. යෝගීහූ තෙමසකින් හෝ සයමසකින් හෝ නව මසකින් ප්‍රතිපදාව ගනිත්. ඔවුන් අතරෙන් යමෙක් ඒ ප්‍රතිපදාව ගෙන අතරතුර කාල පරිච්ඡේදයක දී අර්හත්වයට පැමිණෙන්නෙමියි වෑයම් කරමින්, ගැටෙමින්, සීමිත කාලයකදී පැමිණෙන්නට නො හැකි වේද, ඔහුට බලවත් දොම්නස උපදී. ආලින්දක වැසි මහාඵුස්ස තෙරුන්ට මෙන් කඳුළු ධාරා වැටෙත්. තෙරුන්වහන්සේ දහනව අවුරුද්දක් ගතපච්චාගත වත පිරූහ. මෙවර රහත්බව ලබන්නෙම්, විශුද්ධි පවාරණයෙන් පවරන්නෙමි යි මනසින් බැඳී ශ්‍රමණ ධර්මය කරන්නේ නමුත් දහනව වසක් ඉක්මවා පවාරණ දිනයෙහි පැමිණියා වු ඒ තෙරුන් ගේ කඳුළු නො වැගුණු දවසක් නම් නැත. අනතුරුව විසිවෙනි වස රහත්බවට පැමිණුනේය.
පටිඝං තෙන පජහතීති එත්ථ දොමනස්සෙනෙව පටිඝං පජහති. න හි පටිඝෙනෙව පටිඝප්පහානං, දොමනස්සෙන වා දොමනස්සප්පහානං නාම අත්ථි. අයං පන භික්ඛු තෙමාසිකාදීසු අඤ්ඤතරං පටිපදං ගහෙත්වා ඉති පටිසඤ්චික්ඛති – “පස්ස භික්ඛු, කිං තුය්හං සීලෙන හීනට්ඨානං අත්ථි, උදාහු වීරියෙන, උදාහු පඤ්ඤාය, නනු තෙ සීලං සුපරිසුද්ධං වීරියං සුපග්ගහිතං පඤ්ඤා සූරා හුත්වා වහතී”ති. සො එවං පටිසඤ්චික්ඛිත්වා, “න දානි පුන ඉමස්ස දොමනස්සස්ස උප්පජ්ජිතුං දස්සාමී”ති වීරියං දළ්හං කත්වා අන්තොතෙමාසෙ වා අන්තොඡමාසෙ වා අන්තොනවමාසෙ වා අනාගාමිමග්ගෙන තං සමුග්ඝාතෙති. ඉමිනා පරියායෙන පටිඝෙනෙව පටිඝං, දොමනස්සෙනෙව දොමනස්සං පජහති නාම.
පටිඝං තෙන පජහති යනු දොම්නසින්ම ප්‍රතිඝය දුරුකෙරෙයි. ප්‍රතිඝයෙන් ප්‍රතිඝය දුරලීමක් හෝ දොම්නසින් දොම්නස දුරලීමක් නැත. මේ භික්ෂුව ත්‍රෛමාසික ආදී පිළිවෙත් අතුරෙන් එක් පිළිවෙතක් ගෙන මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි. බලව මහණ, කිම තොපගේ සීලයේ පිරිහිණු තැනක් ඇද්ද, නැතහොත් වීර්යයෙන්, නැතිනම් ප්‍රඥාවෙන් පිරිහුණු තැනක් ඇත්ද, ඒකාන්තයෙන් තොපගේ සීලය පිරිසිදු නොවේද, වීර්යය දැඩිකොට ගත්තේ නොවේද, ප්‍රඥාව ශුරව පැමිණියේ නොවේද, හෙතෙම මෙසේ නිතර නිතර නුවණින් සලකා නැවත දොම්නසට උපදින්නට ඉඩ නො දෙමියි වීර්යය දැඩිකොට ඉදිරි තුන්මසින් හෝ හයමසින් හෝ නවමසින් අනාගාමී මාර්ගයෙන් ඒ දොම්නස අවසන් කරයි. මේ ක්‍රමයෙන් ප්‍රතිඝයෙන් ප්‍රතිඝය දොම්නසින් දොම්නස දුරු කෙරෙයි.
න තත්ථ පටිඝානුසයො අනුසෙතීති තත්ථ එවරූපෙ දොමනස්සෙ පටිඝානුසයො නානුසෙති. න තං ආරබ්භ උප්පජ්ජති, පහීනොව තත්ථ පටිඝානුසයොති අත්ථො.
න තත්ථ පටිඝානුසයො අනුසෙතී යන මෙහි මෙබඳු දොම්නසෙහි ප්‍රතිඝානුසය අනුසය නො කෙරෙයි. එය අරභයා නූපදී. එහි ප්‍රතිඝානුසය ප්‍රහීණය යන අර්ථයි.
අවිජ්ජං තෙන පජහතීති ඉධ භික්ඛු අවිජ්ජානුසයං වික්ඛම්භෙත්වා චතුත්ථජ්ඣානං සමාපජ්ජති, ඣානවික්ඛම්භිතං අවිජ්ජානුසයං තථා වික්ඛම්භිතමෙව කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තමග්ගෙන සමුග්ඝාතෙති. සො අරහත්තමග්ගෙන පහීනොපි තථා වික්ඛම්භිතත්තාව චතුත්ථජ්ඣානෙ නානුසෙති නාම. තෙනාහ – “න තත්ථ අවිජ්ජානුසයො අනුසෙතී”ති.
අවිජ්ජං තෙන පජහති මේ සසුනෙහි භික්ෂුව අවිද්‍යානුසය යටපත්කොට සතරවන ධ්‍යානයට සමවදී. ධ්‍යානයෙන් යටපත් කළ අවිද්‍යානුසය එසේ යටපත් කරන ලද්දක්ම කොට විදසුන් වඩා රහත් මගින් සහමුලින්ම නසයි. රහත් මගින් ප්‍රහීණ වූයේ නමුත් එසේ යටපත් කරන ලද බැවින්ම චතුර්ථධ්යානයෙහි අනුසය නො කෙරෙයි නම් න තත්ථ අවිජ්ජානුසයො අනුසෙති යන්න එහෙයින් කියන ලදී.
ඉදානි පටිභාගපුච්ඡං පුච්ඡන්තො සුඛාය පනාය්යෙතිආදිමාහ. තස්ස විස්සජ්ජනෙ යස්මා සුඛස්ස දුක්ඛං, දුක්ඛස්ස ච සුඛං පච්චනීකං, තස්මා ද්වීසු වෙදනාසු විසභාගපටිභාගො කථිතො. උපෙක්ඛා පන අන්ධකාරා අවිභූතා දුද්දීපනා, අවිජ්ජාපි තාදිසාවාති තෙනෙත්ථ සභාගපටිභාගො කථිතො. යත්තකෙසු පන ඨානෙසු අවිජ්ජා තමං කරොති, තත්තකෙසු විජ්ජා තමං විනොදෙතීති විසභාගපටිභාගො කථිතො. අවිජ්ජාය ඛො, ආවුසොති එත්ථ උභොපෙතෙ ධම්මා අනාසවා ලොකුත්තරාති සභාගපටිභාගොව කථිතො. විමුත්තියා ඛො, ආවුසොති එත්ථ අනාසවට්ඨෙන ලොකුත්තරට්ඨෙන අබ්යාකතට්ඨෙන ච සභාගපටිභාගොව කථිතො.
මෙවිට ප්‍රතිභාග ප්රශ්නය විමසමින්, සුඛාය පනෙය්ය ආදිය කීහ. එය විසඳීමෙහි යම්හෙයකින් සැපයට දුකත්, දුකට සැපයත් විරුද්ධ ද, එබැවින් වේදනා දෙකෙහි නොගැළපෙන හා ගැළපෙන තත්වයන් කියන ලදී. උපේක්ෂාව වනාහි අන්ධකාරය අප්‍රකටය. දැක්වීමට දුෂ්කරය. අවිද්‍යාව හා සමානය. අවිද්‍යාවත් එබඳුමය. එබැවින් මෙහි සභාග - ප්‍රතිභාගය කියන ලදී. ‘යත්තකෙසු පන ඨානෙසු අවිජ්ජා තමං කරොති, තත්තකෙසු විජ්ජා තමං විනොදෙති’ යන මෙහි විසභාග ප්‍රතිභාගය කියන ලදී. විජ්ජාය ඛො ආවුසො මෙහි මේ ධර්ම දෙදෙනම අනාශ්‍රවයෝය. ලෝකෝත්තර යයි සභාග ප්රතිභාගයම කියන ලදී. විමුත්තියා ඛො ආවුසො මෙහි අනාශ්‍රව අර්ථයෙන් ද ලෝකෝත්තර අර්ථයෙන් ද, අව්‍යාකත අර්ථයෙන් ද, සභාග ප්‍රතිභාගය කියන ලදී.
අච්චයාසීති එත්ථ පඤ්හං අතික්කමිත්වා ගතොසීති අත්ථො. නාසක්ඛි පඤ්හානං පරියන්තං ගහෙතුන්ති පඤ්හානං පරිච්ඡෙදපමාණං ගහෙතුං නාසක්ඛි, අප්පටිභාගධම්මස්ස පටිභාගං පුච්ඡි. නිබ්බානං නාමෙතං අප්පටිභාගං, න සක්කා නීලං වා පීතකං වාති කෙනචි ධම්මෙන සද්ධිං පටිභාගං කත්වා දස්සෙතුං. තඤ්ච ත්වං ඉමිනා අධිප්පායෙන පුච්ඡසීති අත්ථො.
අච්චසරා යනු ප්රශ්නය ඉක්මවා ගියේ යන අර්ථයි. නාසක්ඛි පඤ්හානං පරියන්තං ග හෙතුං ප්රශ්නයන්ගේ පරිච්ඡේදයක් ප්‍රමාණයක් ගන්නට නො හැකි වෙයි. අප්‍රතිභාග ධර්මයාගේ ප්‍රතිභාගය විචාළේය. නිර්වාණය නම් අප්රතිභාගය, නිල් පාටය කහ පාටය යනුවෙන් කිසි ධර්මයක් සමග සමානකොට දක්වන්නට නො හැක. එය තෙපි මේ අදහසින් විචාරයි යන අර්ථයි.
එත්තාවතා චායං උපාසකො යථා නාම සත්තමෙ ඝරෙ සලාකභත්තං ලභිත්වා ගතො භික්ඛු සත්ත ඝරානි අතික්කම්ම අට්ඨමස්ස ද්වාරෙ ඨිතො සබ්බානිපි සත්ත ගෙහානි විරද්ධොව න අඤ්ඤාසි, එවමෙවං අප්පටිභාගධම්මස්ස පටිභාගං පුච්ඡන්තො සබ්බාසුපි සත්තසු සප්පටිභාගපුච්ඡාසු විරද්ධොව හොතීති වෙදිතබ්බො. නිබ්බානොගධන්ති නිබ්බානබ්භන්තරං නිබ්බානං අනුපවිට්ඨං. නිබ්බානපරායනන්ති නිබ්බානං පරං අයනමස්ස පරා ගති, න තතො පරං ගච්ඡතීති අත්ථො. නිබ්බානං පරියොසානං අවසානං අස්සාති නිබ්බානපරියොසානං.
මෙතෙකින් මේ උපාසක තෙම යම්සේ හත්වැනි ගෙහි සලාක පිණ්ඩපාතය සඳහා ගිය භික්ෂුව ගෙවල් හතක් ඉක්මවා අටවෙනි ගෙදර සිටියේ ගෙවල් හතම වැරදුන බව දැන නොගත්තේ ද, එපරිද්දෙන් අප්‍රතිභාග ධර්මයාගේ ප්‍රතිභාගය විචාරන්නේ සියලුම ප්‍රතිභාග ප්‍රශ්න සතෙහි වැරදුනේ යයි දතයුතු. නිබ්බාණොගධ නිවනට ඇතුළත් වූයේ නිවනට පිවිසියේ නිබ්බාන පරායණ නිර්මාණය උතුම්ගතිය වූයේ එයින් මත්තෙහි නො යයි යන අර්ථයයි. නිර්වාණය අවසාන වූයේ මොහුටය යන තේරුමින් නිබ්බාන පරියොසාන නමි.
පණ්ඩිතාති පණ්ඩිච්චෙන සමන්නාගතා, ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා ඨානාට්ඨානකුසලාති අත්ථො. මහාපඤ්ඤාති මහන්තෙ අත්ථෙ මහන්තෙ ධම්මෙ මහන්තා නිරුත්තියො මහන්තානි පටිභානානි පරිග්ගණ්හනසමත්ථාය පඤ්ඤාය සමන්නාගතා. යථා තං ධම්මදින්නායාති යථා ධම්මදින්නාය භික්ඛුනියා බ්යාකතං, අහම්පි තං එවමෙවං බ්යාකරෙය්යන්ති. එත්තාවතා ච පන අයං සුත්තන්තො ජිනභාසිතො නාම ජාතො, න සාවකභාසිතො. යථා හි රාජයුත්තෙහි ලිඛිතං පණ්ණං යාව රාජමුද්දිකාය න ලඤ්ඡිතං හොති, න තාව රාජපණ්ණන්ති සඞ්ඛ්‍යං ගච්ඡති; ලඤ්ඡිතමත්තං පන රාජපණ්ණං නාම හොති, තථා, “අහම්පි තං එවමෙව බ්යාකරෙය්ය”න්ති ඉමාය ජිනවචනමුද්දිකාය ලඤ්ඡිතත්තා අයං සුත්තන්තො ආහච්චවචනෙන ජිනභාසිතො නාම ජාතො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
පණ්ඩිතා නුවණින් යුක්ත වූ, අටළොස් ධාතුවෙහි දක්ෂ වූ, දොළොස් ආයතනයෙහි දක්ෂ වූ පටිච්ච සමුප්පාදයෙහි දක්ෂ වූ, ස්ථානා ස්ථානයෙහි දක්ෂ වූ, මහා පඤ්ඤා මහත් අර්ථයන් මහත් ධර්මයන් මහත් නිරුක්තීන්, මහත් වූ ප්‍රතිභානයන් පරිග්‍රහණයෙන් සමර්ථ වූ ප්‍රඥාවෙන් යුක්ත වූ යථා තං ධම්ම දිනනාය ධම්මදින්නා භික්ෂුණිය විසින් යමක් පවසන ලද්දේ ද, මමත් එසේම ප්‍රකාශ කරන්නෙමි. තව ද මෙතෙකින් මේ සූත්‍රාන්තය ශ්‍රාවක භාෂිතයක් නොව, ජීන භාෂිතයක්ම විය. යම්සේ රාජකාරියෙහි නියුක්ත වූවන් විසින් ලියන ලද සන්නස රාජ මුද්‍රාවෙන් ලස් නොකරන ලද්දේ ද, ඒ තාක් එය රාජකීය සන්නසක් නොවේ. එහෙත් රාජ මුද්‍රාව තැබූ කල්හි රාජකීය සන්නසක් වේද, එපරිද්දෙන්ම අහම්පි තං එවමෙව ව්යාකරෙය්යං යන මේ ජින වචන මුද්‍රාවෙන් ලස් කළ බැවින් මේ සූත්‍රාන්තය එළවා කියන ලද වචනයෙන් ජීන භාෂිතයෙක්ම වන්නේ ය. සෙස්ස සියලු තන්හි ප්‍රකට අර්ථ ඇත්තේ ය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළවෙදල්ලසුත්තවණ්ණනා නිට්ඨිතා.
චුල්ල වේදල්ල සූත්‍ර වර්ණනාව නිමියේය.