යෙදුමෙන් කියවන්න

චූළවෙදල‍්ලසුත‍්තං

1. 5. 4.

1. 5. 4.

චූළවෙදල‍්ලසුත‍්තං

චූළවේදල්ල සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො විසාඛො උපාසකො යෙන ධම‍්මදින‍්නා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ධම‍්මදින‍්නං භික‍්ඛුනිං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො විසාඛො උපාසකො ධම‍්මදින‍්නං භික‍්ඛුනිං එතදවොච:

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර (ලෙහෙනුනට නිම දුනුයෙන්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි විසාඛ උවසු ධම්මදින්නා මෙහෙණ කරා එළඹිණ. එළඹ ධම්මදින්නා මෙහෙණ ඇදුරු කොට වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණට (සක්කායෝ - ආදි) තෙලබස් කී:

1. සක‍්කායො සක‍්කායොති අය්‍යෙ වුච‍්චති. කතමො නු ඛො අය්‍යෙ, සක‍්කායො වුත‍්තො භගවතාති?

1. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?

පඤ‍්ච ඛො ඉමෙ ආවුසො විසාඛ උපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතා. සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො ආවුසො විසාඛ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා සක‍්කායො වුත‍්තො භගවතාති.

ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.

2. සාධු අය්‍යෙති ඛො විසාඛො උපාසකො ධම‍්මදින‍්නාය භික‍්ඛුනියා භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා ධම‍්මදින‍්නං භික‍්ඛුනිං උත‍්තරිං පඤ‍්හං ආපුච‍්ඡි: සක‍්කායසමුදයො සක‍්කායසමුදයොති අය්‍යෙ වුච‍්චති. කතමො නු ඛො අය්‍යෙ සක‍්කායසමුදයො වුත‍්තො භගවතාති?

2. විසාඛ උපාසක ‘ආර්‍ය්‍යාවෙනි, බුණුසේ මැනැව’යි ධම්මදින්නා මෙහෙණගේ බසට තුටු ව, අනුමෝදන් ව, ධම්මදින්නා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය සමුදය, සත්කාය සමුදය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය සමුදය’යි වදාරන ලද්දේ ද?

යායං ආවුසො විසාඛ තණ‍්හා පොනොබ‍්භවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා. අයං ඛො ආවුසො විසාඛ සක‍්කායසමුදයො වුත‍්තො භගවතාති.

ඇවැත විශාඛයෙනි, පුනර්‍භවය පිණිස වැටෙන, නන්‍දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇද්ද, ඕ කවර යත්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණායි. ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තෘෂ්ණා ‘සත්කාය සමුදය’ විසින් වදාරන ලදු.

3. සක‍්කායනිරොධො සක‍්කායනිරොධොති අය්‍යෙ වුච‍්චති. කතමො නු ඛො, අය්‍යෙ සක‍්කායනිරොධො වුත‍්තො භගවතාති?

3. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධය, සත්කායනිරෝධය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය නිරෝධය’යි වදාරන ලද්දේ ද?

යො ඛො ආවුසො විසාඛ තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො, අයං ඛො ආවුසො විසාඛ සක‍්කායනිරොධො වුත‍්තො භගවතාති.

ඇවැත, විශාඛයෙනි, එම තෘෂ්ණාවගේ යම් අශේෂවිරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් ප්‍රතිනිස්සර්‍ගයෙක් විමුක්තියෙක් අනාලයෙක් ඇද්ද, ඇවැත විශාඛයෙනි, තෘෂ්ණාවගේ මේ අශේෂවිරාගනිරෝධය ‘සත්කාය නිරෝධය’ යි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන ලදී.

4. සක‍්කායනිරොධගාමිනී පටිපදා සක‍්කායනිරොධගාමිනීපටිපදාති අය්‍යෙ වුච‍්චති. කතමා නු ඛො අය්‍යෙ සක‍්කායනිරොධගාමිනීපටිපදා වුත‍්තා භගවතාති?

4. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපදා ‘සත්කාය නිරොධගාමිනීප්‍රතිපදාය’යි වදාරන ලදු ද?

අයමෙව ඛො ආවුසො විසාඛ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සක‍්කායනිරොධගාමිනීපටිපදා වුත‍්තා භගවතා සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධීති.

ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අරීඅටඟිමඟ ම ‘සත්කාය නිරෝධගාමිනීප්‍රතිපදා’ යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.

5. තඤ‍්ඤෙව නු ඛො අය්‍යෙ උපාදානං තෙව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, උදාහු අඤ‍්ඤං නු ඛො පඤ‍්චහුපාදානක‍්ඛන්‍ධෙහි උපාදානන‍්ති?

5. ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ හා එක් ම වේ ද? නොහොත් පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන අනෙකෙක් වේ ද?

න ඛො ආවුසො විසාඛ තඤ‍්ඤෙව උපාදානං, තෙච පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, නාපි අඤ‍්ඤත්‍ර පඤ‍්චහුපාදානක‍්ඛන්‍ධෙහි උපාදානං. යො ඛො ආවුසො විසාඛ, පඤ‍්චසුපාදානක‍්ඛන්‍ධෙසු ඡන්‍දරාගො, තං තත්‍ථ උපාදානන‍්ති.

ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.

6. කථං පනය්‍යෙ සක‍්කායදිට‍්ඨි හොතීති?

6. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?

ඉධාවුසො විසාඛ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඤ‍්ඤං, සඤ‍්ඤාය වා අත‍්තානං. සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සංඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සංඛාරෙ, සංඛාරෙසු වා අත‍්තානං. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො ආවුසො විසාඛ සක‍්කායදිට‍්ඨි හොතීති.

ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව අකෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අකෝවිද, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්‍ශනයෙන්) දක්නේය. වේදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වේදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි ඇති වෙතියි කියු.

7. කථං පනය්‍යෙ සක‍්කායදිට‍්ඨි න හොතීති?

7. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?

ඉධාවුසො විසාඛ සුතවා අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො, සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො, න රූපං අත‍්තතො සමනුපස‍්සති, න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං. න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා වෙදනං, න වෙදනාය වා අත‍්තානං. න සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, න සඤ‍්ඤාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා සඤ‍්ඤං, න සඤ‍්ඤාය වා අත‍්තානං. න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, න සංඛාරවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා සංඛාරෙ, න සංඛාරෙසු වා අත‍්තානං. න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. එවං ඛො ආවුසො විසාඛ සක‍්කායදිට‍්ඨි න හොතීති.

ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව කෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ ව කෝවිද, සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය වේදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි නොවෙතියි කියු.

8. කතමො පනය්‍යෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති?

8. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කවරේ ද?

අයමෙව ඛො ආවුසො විසාඛ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධීති.

ඇවැත විශාඛයෙනි, මේ ම අරීඅටඟිමඟ වෙයි. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.

9. අරියො පනය්‍යෙ අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ඛතො උදාහු අසඞ‍්ඛතොති?

9. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වේ ද?

අරියො ඛො ආවුසො විසාඛ අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ඛතොති.

ඇවැත විශාඛයෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වෙයි.

10. අරියෙන නු ඛො, අය්‍යෙ අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන තයො ඛන්‍ධා සඞ‍්ගහිතා, උදාහු තීහි ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතොති?

10. ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සංග්‍රහ කොට ගන්නා ලද්දාහු ද? නොහොත් ත්‍රිවිධස්කන්‍ධයෝ විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සංග්‍රහ කොට ගන්නා ලද්දේ ද?

න ඛො ආවුසො විසාඛ අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන තයො ඛන්‍ධා සඞ‍්ගහිතා. තීහි ච ඛො ආවුසො විසාඛ ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතො: යා චාවුසො විසාඛ සම‍්මාවාචා යො ච සම‍්මාකම‍්මන‍්තො යො ච සම‍්මාආජීවො, ඉමෙ ධම‍්මා සීලක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා. යො ච සම‍්මාවායාමො යා ච සම‍්මාසති යො ච සම‍්මාසමාධි, ඉමෙ ධම‍්මා සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා. යා ච සම‍්මාදිට‍්ඨි යො ච සම‍්මාසඞ‍්කප‍්පො, ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහීතාති.

ඇවැත විශාඛයෙනි, ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සඞ්ගෘහීත නො වෙති. ඇවැත විශාඛයෙනි, ත්‍රිවිධස්කන්‍ධ විසින් ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සඞ්ගෘහීත වෙයි. ඇවැත විශාඛයෙනි, යම් සම්‍යග්වාචයෙක් ඇද්ද, යම් සම්‍යක් කර්‍මාන්තයෙක් ඇද්ද, යම් සම්‍යගාජීවයෙක් ඇද්ද, මේ දහම්හු ශීලස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙයි. යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, යම් සම්‍යක් ස්මෘතියෙක් ඇද්ද, යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ දහම්හු සමාධිස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙති. යම් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, යම් සම්‍යක්සඞ්කලපයෙක් ඇද්ද, මේ දහම්හු ප්‍රඥාස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙතියි කියු.

11. කතමො පනය්‍යෙ සමාධි, කතමෙ ධම‍්මා සමාධිනිමිත‍්තා, කතමෙ ධම‍්මා සමාධිපරික‍්ඛාරා, කතමා සමාධිභාවනාති?

11. ආර්‍ය්‍යාවෙනි, සමාධි කවරේ ය? සමාධිනිමිතතයෝ කවරහු ය? සමාධිපරිෂ්කාරයෝ කවරහු ය? සමාධිභාවනා කවර?

යා ඛො ආවුසො විසාඛ චිත‍්තස‍්ස එකග‍්ගතා අයං සමාධි. චත‍්තාරො සතිපට‍්ඨානා සමාධිනිමිත‍්තා. චත‍්තාරො සම‍්මප‍්පධානා සමාධිපරික‍්ඛාරා. යා තෙසංයෙව ධම‍්මානං ආසෙවනා භාවනා බහුලීකම‍්මං, අයං තත්‍ථ සමාධිභාවනාති.

ඇවැත විශාඛයෙනි, යම් චිත‍්තෛකාග්‍රතායෙක් ඇද්ද, මේ ය සමාධිනම්. සතරසීවටන්හු සමාධිනිමිති වෙති. සතර සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෝ සමාධිපරිෂ්කාර වෙති. එම දහමුන් පිළිබඳ යම් ආසේවනායෙක් භාවනායෙක් බිහිලිකමෙක් ඇද්ද, මේය එහි සමාධි භාවනා නම්.

12. කති පනය්‍යෙ සඞ‍්ඛාරාති?

12. ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කෙතෙක් ඇද්ද?

තයොමෙ ආවුසො විසාඛ සඞ‍්ඛාරා: කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරොති.

ඇවැත විශාඛයෙනි, සංස්කාරයෝ මොහු තුන් දෙනෙකි. කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාරයි.

13. කතමො පනය්‍යෙ කායසඞ‍්ඛාරො, කතමො වචීසඞ‍්ඛාරො, කතමො චිත‍්තසඞ‍්ඛාරොති?

13. ආර්‍ය්‍යාවෙනි, කායසංස්කාර කවරේ ය? වාක්සංස්කාර කවරේ ය? චිත්තසංස්කාර කවරේ ය?

අස‍්සාසපස‍්සාසා ඛො ආවුසො විසාඛ කායසඞ‍්ඛාරො. විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො. සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති.

ඇවැත විශාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර යි. විතර්‍කවිචාර වාක්සංස්කාර යි. සංඥා හා වේදනා චිත්තසංස්කාර යි.

14. කස‍්මා පනය්‍යෙ අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො? කස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො, කස‍්මා සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති?

14. ආර්‍ය්‍යාවෙනි, කවරහෙයෙකින් ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර වේද? කවරහෙයෙකින් විතර්‍කවිචාර වාක්සංස්කාර වේද? කවරහෙයෙකින් සංඥා හා වේදනා චිත්තසංස්කාර වේද?

අස‍්සාසපස‍්සාසා ඛො ආවුසො විසාඛ, කායිකා එතෙ ධම‍්මා කායපටිබද‍්ධා. තස‍්මා අස‍්සාසපස‍්සාසා කායසඞ‍්ඛාරො. පුබ‍්බෙ ඛො ආවුසො විසාඛ, විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දති. තස‍්මා විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරො. සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා. තස‍්මා සඤ‍්ඤා ච වෙදනා ච චිත‍්තසඞ‍්ඛාරොති.

ඇවැත විසාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාසයෝ කායික වෙති. මේ ධර්‍මයෝ කාය ප්‍රතිබද්ධයහ. එයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කායසංස්කාර වෙති. ඇවැත විසාඛයෙනි, කැලැම විතර්‍ක කොට විචාර කොට පසු ව බස බිඳුනේ ය. එයින් විතර්‍කවිචාරයෝ වාක්සංස්කාර වෙති. සංඥා ද වේදනා ද චෛතසිකයහ. මේ ධර්‍මයෝ චිත්ත ප්‍රතිබද්ධයහ. එයින් සංඥා ද වේදනා ද චිත්තසංස්කාර වෙති.

15. කථං ච පනය්‍යෙ සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්ති හොතීති?

15. ආර්‍ය්‍යාවෙනි, කෙසෙයින් සංඥාවේදයිත නිරෝධ සමාපත්ති වේද?

න ඛො ආවුසො විසාඛ සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස භික‍්ඛුනො එවං හොති: අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජිස‍්සන‍්ති වා, අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජාමීති වා, අහං සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නොති වා. අථ ඛ‍්වාස‍්ස පුබ‍්බෙව තථා චිත‍්තං භාවිතං හොති යන‍්තං තථත‍්තාය උපනෙතීති.

ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට මෙවන් සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධයට (මතු) සමවදින්නෙම් කියා හෝ, (දැන්) සමවදිමි කියා හෝ, (අන්තේනිරෝධ විසින්) සමවැදිණිමි කියා හෝයි. වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අන්තේනිරෝධ විසින් අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට එළවා ද, ඒ මහණහුගේ කාලය පිරිසිඳුනා සිත (නිරෝධසමාපත්තියෙන්) පළමු කොට ම එසෙයින් භාවිත වෙයි.

16. සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස පනය්‍යෙ භික‍්ඛුනො කතමෙ ධම‍්මා පඨමං නිරුජ‍්ඣන‍්ති: යදි වා කායසඞ‍්ඛාරො යදි වා වචීසඞ‍්ඛාරො යදි වා චිත‍්තසඞ‍්ඛාරොති?

16. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට කිනම් ධර්‍මකෙනෙක් පළමු ව නිරුද්ධ වෙද් ද, කායසංස්කාර හෝ නිරුද්ධ වේද? වාක්සංස්කාර හෝ නිරුද්ධ වේද? චිත්තසංස්කාර හෝ නිරුද්ධ වේද?

සඤ‍්ඤාවෙදයිත නිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස ඛො ආවුසො විසාඛ භික‍්ඛුනො පඨමං නිරුජ‍්ඣති වචීසඞ‍්ඛාරො, තතො කායසඞ‍්ඛාරො, තතො චිත‍්තසඞ‍්ඛාරොති.

ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක්සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කායසංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු චිත්තසංස්කාර නිරුද්ධ වෙයි.

17. කථං පනය්‍යෙ සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨානං හොතීති?

17. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගී සිටීම කෙසේ වේද?

න ඛො ආවුසො විසාඛ, සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්ස භික‍්ඛුනො එවං හොති: අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහිස‍්සන‍්ති වා, අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහාමීති වා, අහං සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතොති වා. අථ ඛ‍්වාස‍්ස පුබ‍්බෙව තථා චිත‍්තං භාවිතං හොති යන‍්තං තථත‍්තාය උපනෙතීති.

ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන මහණහට මෙබඳු සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන්නෙමි කියා හෝ, නැගෙමි කියා හෝ, නැගුණෙමි කියා හෝ” යි. ‘වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට ගෙන යේද, ඒ මහණහුගේ (අද්ධාන පරිච්ඡේද) චිත්තය කැලැම (අද්ධාන පරිච්ඡේදකාලයෙහි ම) එසෙයින් භාවිත වෙයි.

18. සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්සපනය්‍යෙ, භික‍්ඛුනො කතමෙ ධම‍්මා පඨමං උප‍්පජ‍්ජන‍්ති, යදි වා කායසඞ‍්ඛාරො, යදි වා වචීසඞ‍්ඛාරො, යදි වා චිත‍්තසඞ‍්ඛාරොති?

18. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැඟෙන මහණහට කිනම් ධර්‍ම කෙනෙක් පළමු ව උපදනාහු ද, කායසංස්කාර හෝ උපදනේ වේද? වාක්සංස්කාර හෝ උපදනේ වේ ද? චිත්තසංස්කාර හෝ උපදනේ වේ ද?

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨහන‍්තස‍්ස ඛො ආවුසො විසාඛ, භික‍්ඛුනො පඨමං උප‍්පජ‍්ජති චිත‍්තසඞ‍්ඛාරො, තතො කායසඞ‍්ඛාරො, තතො වචීසඞ‍්ඛාරොති.

ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැගෙන මහණහට පළමු ව චිත්තසංස්කාර උපදනේය. ඉන්පසු කායසංස්කාර උපදනේය. ඉන්පසු වාක්සංස්කාර උපදනේය.

19. සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතං පනය්‍යෙ භික‍්ඛුං කති ඵස‍්සා ඵුසන‍්තීති?

19. ආර්‍ය්‍යාවෙනි, කෙතෙක් ස්පර්‍ශයෝ සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිද්ද?

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතං ඛො ආවුසො විසාඛ, භික‍්ඛුං තයො ඵස‍්සා ඵුසන‍්ති: සුඤ‍්ඤතො ඵස‍්සො, අනිමිත‍්තො ඵස‍්සො, අප‍්පණිහිතො ඵස‍්සොති.

ඇවැත විසාඛයෙනි, ස්පර්‍ශයෝ තුන් දෙනෙක් සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිති: සුඤ්ඤත පහස, අනිමිත්ත පහස, අප්පණිහිත පහසයි.

20. සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස පනය්‍යෙ භික‍්ඛුනො කින‍්නින‍්නං චිත‍්තං හොති කිම‍්පොණං කිම‍්පබ‍්භාරන‍්ති?

20. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත කිමෙක අවනත ව ඇද්ද? කිමෙක ප්‍රවණව (නැමී) ඇද්ද? කිමෙක ප්‍රාග්භාර ව (නැඹුරු) ව ඇද්ද?

සඤ‍්ඤාවෙදයිතනිරොධසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස ඛො ආවුසො විසාඛ, භික‍්ඛුනො විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරන‍්ති.

ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත උපධිවිවේකය (නිවන) කෙරෙහි අවනතව ඇත. උපධි විවේකය කෙරෙහි ප්‍රවණ ව සිටියේ වෙයි. උපධිවිවේකය කෙරෙහි (හෙන්නාක් සෙයින්) ප්‍රාග්භාරව සිටියේ වෙයි.

21. කති පනය්‍යෙ වෙදනාති?

21. ආර්‍ය්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක් ඇද්ද?

තිස‍්සො ඛො ඉමා ආවුසො විසාඛ වෙදනා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනාති.

ඇවැත විසාඛයෙනි, මේ වේදනාවෝ තුන් දෙනෙකි: සුඛවේදනාය, දුඃඛවෙදනාය, අදුඃඛසුඛවේදනායි.

22. කතමා පනය්‍යෙ සුඛා වෙදනා, කතමා දුක‍්ඛා වෙදනා, කතමා අදුක‍්ඛමසුඛා වෙදනාති?

22. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කවර? දුඃඛවේදනා කවර? අදුඃඛාසුඛ වේදනා කවර?

යං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා සුඛං සාතං වෙදයිතං, අයං සුඛා වෙදනා. යං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා දුක‍්ඛං අසාතං වෙදයිතං, අයං දුක‍්ඛා වෙදනා. යං ඛො ආවුසො විසාඛ කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, අයං අදුක‍්ඛමසුඛා වෙදනාති.

ඇවැත විසාඛයෙනි, (පඤ්චද්වාරික විසින්) කායික වූ (මනෝද්වාරික) විසින් මිහිරි සැහැවි ඇති යම් සුඛවේදනායෙක් ඇද්ද, මේ සුඛ සහගිය වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, නොමිහිරි සැහැවි ඇති යම් දුකඛවෙදනායෙක් ඇද්ද, මේ දුක්වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, මධුරත් අමධුරත් නො වූ යම් වේදනායෙක් ඇද්ද, මේ අදුඃඛාසුඛ වේදනායි කියු.

23. සුඛා පනය්‍යෙ වෙදනා කිංසුඛා, කිංදුක‍්ඛා? දුක‍්ඛා වෙදනා කිංදුක‍්ඛා, කිංසුඛා? අදුක‍්ඛමසුඛා වෙදනා කිංසුඛා කිංදුක‍්ඛාති?

23. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක් දුක් කොට ඇති වේ ද? දුඃඛවේදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක් සුඛ කොට ඇති වේ ද? උපේක්‍ෂාවේදනා කුමක් සුඛ කොට ඇති වේද, කුමක් දුක් කොට ඇති වේ ද?

සුඛා ඛො ආවුසො විසාඛ වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක‍්ඛා, දුක‍්ඛා වෙදනා ඨිතිදුක‍්ඛා විපරිණාමසුඛා, අදුක‍්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ‍්ඤාණදුක‍්ඛාති.

ඇවැත විසාඛයෙනි, සුඛවේදනා ස්ථිති (අස්තිභාවයෙහි) සුඛ වෙයි. විපරිණාම (නාස්තිභාවයෙහි) දුඃඛ වෙයි. දුඃඛවේදනා ස්ථිති දුඃඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපේක්‍ෂාවේදනා ඥාන සුඛ (දන්නාබව සුව කොට ඇති) වෙයි. අඥාන දුඃඛ (නොදන්නාබව දුක්කොට ඇති) වෙයි.

24. සුඛාය පනය්‍යෙ වෙදනාය කිං අනුසයො අනුසෙති? දුක‍්ඛාය වෙදනාය කිං අනුසයො අනුසෙති? අදුක‍්ඛමසුඛාය වෙදනාය කිං අනුසයො අනුසෙතීති?

24. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිනම් අනුශය දහමෙක් (නොපුහුන් බැවින් සතන්හි) හෝනේ වේ ද? දුඃඛ වේදනායෙහි කිනම් අනුශය දහමෙක් (සතන්හි) ලගනේ වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිනම් අනුශය දහමෙක් ලුහුබැඳ ලැගගන්නේ වේ ද?

සුඛාය ඛො ආවුසො විසාඛ වෙදනාය රාගානුසයො අනුසෙති. දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති. අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො අනුසෙතීති.

ඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය අනුශයන කෙරෙයි. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය හෝනේ වෙයි. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය හෝනේ වෙයි.

25. සබ‍්බාය නු ඛො අය්‍යෙ සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති? සබ‍්බාය දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති? සබ‍්බාය අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො අනුසෙතීති?

25. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද?

න ඛො ආවුසො විසාඛ සබ‍්බාය සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති. න සබ‍්බාය දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති. න සබ‍්බාය අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො අනුසෙතීති.

ඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය නො ලගනේය. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය නො ලගනේය. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය නො ලගනේය.

26. සුඛාය පනය්‍යෙ වෙදනාය කිං පහාතබ‍්බං? දුක‍්ඛාය වෙදනාය කිං පහාතබ‍්බං? අදුක‍්ඛමසුඛාය වෙදනාය කිං පහාතබ‍්බන‍්ති?

26. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? දුඃඛ වේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද?

සුඛාය ඛො ආවුසො විසාඛ වෙදනාය රාගානුසයො පහාතබ‍්බො. දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ‍්බො. අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො පහාතබ‍්බොති.

ඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ.

27. සබ‍්බාය නු ඛො අය්‍යෙ සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ‍්බො? සබ‍්බාය දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ‍්බො? සබ‍්බාය අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො පහාතබ‍්බොති?

27. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ ද?

න ඛො ආවුසො විසාඛ සබ‍්බාය සුඛාය වෙදනාය රාගානුසයො පහාතබ‍්බො. න සබ‍්බාය දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ‍්බො. න සබ‍්බාය අදුක‍්ඛමසුඛාය වෙදනාය අවිජ‍්ජානුසයො පහාතබ‍්බො.

ඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය නො වේ.

ඉධාවුසො විසාඛ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම‍්පජ‍්ජ විහරති. රාගං තෙන පජහති. න තත්‍ථ රාගානුසයො අනුසෙති.

ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙ. ඒ ප්‍රථමධ්‍යානයෙන් රාගය ප්‍රහීණ කෙරෙ. ඒ ප්‍රථමධ්‍යාන (සුඛවේදනා)යෙහි රාගානුශය ලුහුබැඳ ගෙන හෝනේ නො වෙයි.

ඉධාවුසො විසාඛ භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: ‘කුදස‍්සු නාමාහං තදායතනං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමි, යදරියා එතරහි ආයතනං උපසම‍්පජ‍්ජ විහරන‍්තී’ති. ඉති අනුත‍්තරෙසු විමොක‍්ඛෙසු පිහං උපට‍්ඨාපයතො උප‍්පජ‍්ජති. පිහප‍්පච‍්චායා දොමනස‍්සං. පටිඝං තෙන පජහති. න තත්‍ථ පටිඝානුසයො අනුසෙති.

ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙ: “ආර්‍ය්‍යයෝ දැන් යම් රහත්බවක් (ඇටිඇටිසඳ) සමවැද වෙසෙද්ද, මම කිනම් දිනෙක ඒ අර්‍හත්ත්‍වායතනයට සමවැද වෙසෙම් දෝ” කියායි. මෙසේ අනුත්තරවිමෝක්‍ෂයෙහි (අර්‍හත්ත්‍වයෙහි) ප්‍රාර්‍ත්‍ථනා එළවා තබනුවහට තත්ප්‍රාර්‍ත්‍ථනා නො ලැබීම හේතුයෙන් දොම්නස් උපදනේ වෙයි. ඒ දෞර්‍මනස්‍යයෙන් ප්‍රතිඝ දුරුකෙරේ. තද්රූපදෞර්‍මනස්‍ය (දුඃඛවේදනා) යෙහි ප්‍රතිඝානුශය අනුශයන නො කෙරෙ.

ඉධාවුසො විසාඛ භික‍්ඛු සුඛස‍්ස ච පහානා, දුක‍්ඛස‍්ස ච පහානා, පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා, අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථංඣානං උපසම‍්පජ‍්ජ විහරති. අවිජ‍්ජං තෙන පජහති. න තත්‍ථ අවිජ‍්ජානුසයො අනුසෙතීති.

ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නසුන් කලින් ම පහව යෑමෙන් අදුඃඛ වූ, අසුඛ වූ, උපේක්‍ෂාවෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන සමවැද වෙසෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපේක්‍ෂා වේදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි.

28. සුඛාය පනය්‍යෙ වෙදනාය කිං පටිභාගොති?

28. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනාවට ප්‍රතිභාග කිම?

සුඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය දුක‍්ඛා වෙදනා පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, සුඛවේදනාවට දුඃඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.

29. දුක‍්ඛාය පනය්‍යෙ වෙදනාය කිං පටිභාගොති?

29. ආර්‍ය්‍යාවෙනි, දුඃඛවෙදනාවට ප්‍රතිභාග කිම?

දුක‍්ඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය සුඛා වෙදනා පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, දුඃඛවෙදනාවට සුඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.

30. අදුක‍්ඛමසුඛාය පනය්‍යෙ වෙදනාය කිං පටිභාගොති?

30. ආර්‍ය්‍යාවෙනි, උපේක්‍ෂාවේදනාවට ප්‍රතිභාග කිම?

අදුක‍්ඛමසුඛාය ඛො ආවුසො විසාඛ, වෙදනාය අවිජ‍්ජා පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, උපේක්‍ෂාවේදනාවට අවිද්‍යා විසභාග (අවිරුද්ධ) ප්‍රතිභාග වෙයි.

31. අවිජ‍්ජාය පනය්‍යෙ කිං පටිභාගොති?

31. ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට ප්‍රතිභාග කිම?

අවිජ‍්ජාය ඛො ආවුසො විසාඛ, විජ‍්ජා පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, අවිද්‍යාවට විද්‍යා විසභාගප්‍රතිභාග වෙයි.

32. විජ‍්ජාය පනය්‍යෙ කිං පටිභාගොති?

32. ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට ප්‍රතිභාග කිම?

විජ‍්ජාය ඛො ආවුසො විසාඛ, විමුත‍්ති පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, විද්‍යාවට විමුක්ති සභාගප්‍රතිභාග වෙයි.

33. විමුත‍්තියා පනය්‍යෙ කිං පටිභාගොති?

33. ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට ප්‍රතිභාග කිම?

විමුත‍්තියා ඛො ආවුසො විසාඛ, නිබ‍්බානං පටිභාගොති.

ඇවැත විසාඛයෙනි, විමුක්තියට නිවන සභාගප්‍රතිභාග වෙයි.

34. නිබ‍්බානස‍්ස පනය්‍යෙ කිං පටිභාගොති?

34. ආර්‍ය්‍යාවෙනි, නිවනට ප්‍රතිභාග කිම?

අච‍්චසරාවුසො විසාඛ, පඤ‍්හං. නාසක‍්ඛි පඤ‍්හානං පරියන‍්තං ගහෙතුං. නිබ‍්බානොගධං හි ආවුසො විසාඛ, බ්‍රහ‍්මචරියං නිබ‍්බානපරායනං නිබ‍්බානපරියොසානං. ආකඞ‍්ඛමානො ච ත්‍වං ආවුසො විසාඛ, භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි, යථා ච තෙ භගවා බ්‍යාකරොති තථා නං ධාරෙය්‍යාසීති.

ඇවැත විසාඛයෙනි, පැන පන්වා ගියෙහි නො. ප්‍රශ්නයන්ගේ පර්‍ය්‍යන්තය ගන්නට නොහැකි විහි නො. ඇවැත විසාඛයෙනි, බ්‍රම්සරවස නිවන් බැසගෙන ඇත. නිවන් පරමගති කොට ඇත. නිවන් කෙළවර කොට ඇත. ඇවැත විසාඛයෙනි, තෙපි කැමැතියහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අරුත් විචාරව භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට විභාග කොට වදාරද්ද, එ අරුත් එපරිදි ගෙන් ධරව.

අථ ඛො විසාඛො උපාසකො ධම‍්මදින‍්නාය භික‍්ඛුනියා භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ධම‍්මදින‍්නං භික‍්ඛුනිං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො විසාඛො උපාසකො යාවතකො අහොසි ධම‍්මදින‍්නාය භික‍්ඛුනියා සද‍්ධිං කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

එක්බිති විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණගේ තෙපුල් අභිනන්‍දන කොට අනුමෝදන් ව හුනස්නෙන් නැගී ධම්මදින්නා මෙහෙණ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මැනැවින් වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණ හා සමග යම්තාක් කථා සංලාප වී ද, එහැම භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

එවං වුත‍්තෙ භගවා විසාඛං උපාසකං එතදවොච: පණ‍්ඩිතා විසාඛ, ධම‍්මදින‍්නා භික‍්ඛුනී, මහාපඤ‍්ඤා විසාඛ, ධම‍්මදින‍්නා භික‍්ඛුනී. මමඤ‍්චෙපි ත්‍වං විසාඛ, එතමත්‍ථං පුච‍්ඡෙය්‍යාසි, අහම‍්පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යං, යථා තං ධම‍්මදින‍්නාය භික‍්ඛුනියා බ්‍යාකතං. එසො චෙවෙතස‍්ස අත්‍ථො. එවමෙතං ධාරෙහීති.

මෙසේ සැළකළකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකහට තෙල වදාළහ: විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ පණ්ඩිතභාව ඇතියක. විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ මහපැන ඇතියහ. විසාඛයෙනි, තෙපි මයිත් තෙල පැන පුළුවුස්නහු නම්, යම් පරිදි ධම්මදින්නා මෙහෙණ විසින් පවසන ලද නම්, මම ද එය එපරිදි ම ප්‍රකාශ කරමි. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ තෙල ම වෙයි. තෙල අරුත් එපරිදි ම ධරව.

ඉදමවොච භගවා. අත‍්තමනො විසාඛො උපාසකො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙ බස් වදාළ සේක. (ප්‍රීතිසෞමනස්‍යයෙන්) ගත් සිතැති විසාඛ උපාසක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වී.

චූළවෙදල‍්ලසුත‍්තං චතුත්‍ථං.

චූළවේදල්ලසුත්‍රය සතරවැනියි.