යෙදුමෙන් කියවන්න

චූළධම‍්මසමාදානසුත‍්තං

1. 5. 5.

1. 5. 5.

චූළධම‍්මසමාදානසුත‍්තං

චූළධම්මසමාදාන සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2. චත‍්තාරිමානි භික‍්ඛවෙ ධම‍්මසමාදානානි. කතමානි චත‍්තාරි?

2. මහණෙනි, ධර්‍මසමාදානයෝ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛ විපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං.

මහණෙනි, මෙ වත්මනු සුව දෙන මතුයෙහි දුක්විවාදෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු දුක්දා වූත්, මතුයෙහි ද දුක් විවාදා වූත් ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්දා, මතුයෙහි සුවවිවාදා ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු සුවදාවූත්, මතුයෙහිදු සුවවිවාදා වූ ධර්‍මසමාදානයෙක් ඇත.

3. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං?

3. මහණෙනි, ප්‍රත්‍යුත්පන්නසුඛ ඇති, අනාගතවිපාකකාලයෙහි දුඃඛවිපාක ඇති ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

සන‍්ති භික‍්ඛවෙ එකෙ සමණබ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: නත්‍ථි කාමෙසු දොසොති. තෙ කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජන‍්ති. තෙ ඛො මොළිබද‍්ධාහි පරිබ‍්බාජිකාහි පරිචාරෙන‍්ති. තෙ එවමාහංසු: ‘කිංසු නාම තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා කාමෙසු අනාගතභයං සම‍්පස‍්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති? සුඛො ඉමිස‍්සා පරිබ‍්බාජිකාය තරුණාය මුදුකාය ලොමසාය බාහාය සම‍්ඵස‍්සො’ති. තෙ කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජන‍්ති. තෙ කාමෙසු පාතබ්‍යතං ආපජ‍්ජිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. තෙ තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියන‍්ති. තෙ එවමාහංසු: ‘ඉදං ඛො තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා කාමෙසු අනාගතභයං සම‍්පස‍්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති, ඉමෙහි මයං කාමහෙතු කාමනිදානා දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියාමා’ති.

මහණෙනි, වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැතියි එවංවාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෘෂ්ටික වූ (මෙසෙයින් ගත් දෘෂ්ටිගත ඇති) මහණබමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (ක්ලේශකාමද්වාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැළඳිය යුතු බවට) පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවත්. ඔහු මෙසේ බෙණෙති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාමප්‍රහාණය කියද්ද, කාමසමතික්‍රමය පනවද්ද? තරුණ, මෘදු, බූ ඇති මේ පරිබ්‍රාජිකාවගේ බාහු පහස සුවදා වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පීයයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුක්වේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති, කාමසමතික්‍රමය පනවති. මෙ අපි කාමහේතුයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ’යි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ මාලුවාසිපාටිකා ඵලෙය්‍ය, අථ ඛො තං භික‍්ඛවෙ මාලුවාබීජං අඤ‍්ඤතරස‍්මිං සාලමූලෙ නිපතෙය්‍ය, අථ ඛො භික‍්ඛවෙ යා තස‍්මිං සාලෙ අධිවත්‍ථා දෙවතා සා භීතා සංවිග‍්ගා සන‍්තාසං ආපජ‍්ජෙය්‍ය. අථ ඛො භික‍්ඛවෙ තස‍්මිං සාලෙ අධිවත්‍ථාය දෙවතාය මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධිතිණවනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා සඞ‍්ගම‍්ම සමාගම‍්ම එවං සමස‍්සාසෙය්‍යුං:

මහණෙනි, යම්පරිදි ග්‍රිෂ්මමාසයන් කෙරෙහි පැසිම් මස (සිපත් බඳු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැළෙනු වේ ද, මහණෙනි, එක්බිති ඒ මාලුවා ලියබිජු එක්තරා රුක්මුලෙක හෙන්නේ වේ ද, මහණෙනි, එකල එරුක්හි අධිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවිග්න ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේ ද, මහණෙනි, එසඳ එරුක්හි අධිවාස කරන දෙවිහුගේ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනැ වූ අරම්වැසිදෙවියන් හා වනවැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා ඔෂධීතෘණ වනස්පති වෘක්‍ෂයෙහි අධිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙයින් අස්වැසුම් කෙරෙති:

‘මා භවං භායි, මා භවං භායි. අප‍්පෙව නාමෙතං මාලුවා බීජං මොරො වා ගිලෙය්‍ය, මගො වා ඛාදෙය්‍ය, දවඩාහො වා ඩහෙය්‍ය, වනකම‍්මිකා වා උද‍්ධරෙය්‍යුං, උපචිකා වා උද්‍රභෙය්‍යුං, අබීජං වා පනස‍්සා’ති. අථ ඛො තං භික‍්ඛවෙ මාලුවාබීජං නෙව මොරො ගිලෙය්‍ය, න මගො ඛාදෙය්‍ය, න දවඩාහො ඩහෙය්‍ය, න වනකම‍්මිකා උද‍්ධරෙය්‍යුං, න උපචිකා උද්‍රභෙය්‍යුං, බීජංව පනස‍්ස. තං පාවුස‍්සකෙන මෙඝෙන අභිප‍්පවට‍්ඨං සම‍්මදෙව විරූළ‍්හෙය්‍ය. සාස‍්ස මාලුවාලතා තරුණා මුදුකා ලොමසා විලම‍්බිනී, සා තං සාලං උපනිසෙවෙය්‍ය.

“භවත් නහමක් බියපත්වා, භවත් නහමක් බියපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා බිජු ගලන්නේ නම්, මුවෙක් හෝ බුදින්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම්, මනා මැනු” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු නොම ගැලැගන්නේය මුවෙක් හෝ නො බුදින්නේ ය. ළැව්ගිනි හෝ නො දවන්නේය. වනකර්‍මයෙහි තියුක්තයෝ හෝ නො උදුරාලන්නාහ. වේයෝ හෝ නොකන්නාහ. (එයින්) බීජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාවෘෂ්‍යමේඝයා (වැසිකල මහමේ) විසින් මොනොවට වස්නා ලදුව මනාකොට ම නැඟෙන්නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මෘදු ව බූ ඇති ව ඔබමොබ ලෙළෙනු වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිරැඹ සෙවුනී වෙයි.

අථ ඛො භික‍්ඛවෙ තස‍්මිං සාලෙ අධිවත්‍ථාය දෙවතාය එවමස‍්ස: “කිංසු නාම තෙ භොන‍්තො මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධිතිණවනස‍්පතීසු අධිවත්‍ථා දෙවතා මාලුවාබීජෙ අනාගතභයං සම‍්පස‍්සමානා සඞ‍්ගම‍්ම සමාගම‍්ම එවං සමස‍්සාසෙසුං: මා භවං භායි. මා භවං භායි. අප‍්පෙව නාමෙතං මාලුවාබීජං මොරො වා ගිලෙය්‍ය, මගො වා ඛාදෙය්‍ය, දවඩාහො වා ඩහෙය්‍ය, වනකම‍්මිකා වා උද‍්ධරෙය්‍යුං, උපචිකා වා උද්‍රභෙය්‍යුං, අබීජං වා පනස‍්සාති. සුඛො ඉමිස‍්සා මාලුවාලතාය තරුණාය මුදුකාය ලොමසාය විලම‍්බිනියා සම‍්ඵස‍්සො”ති. සා තං සාලං අනුපරිහරෙය්‍ය, සා තං සාලං අනුපරිහරිත්‍වා උපරි විටභිං කරෙය්‍ය, උපරි විටභිං කරිත්‍වා ඔඝනං ජනෙය්‍ය, ඔඝනං ජනෙත්‍වා යෙ තස‍්ස සාලස‍්ස මහන‍්තා මහන‍්තා ඛන්‍ධා තෙ පදාලෙය්‍ය. අථ ඛො භික‍්ඛවෙ තස‍්මිං සාලෙ අධිවත්‍ථාය දෙවතාය එවමස‍්ස: “ඉදං ඛො තෙ භොන‍්තො මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා ආරාමදෙවතා වනදෙවතා රුක‍්ඛදෙවතා ඔසධිතිණවනප‍්පතීසු අධිවත්‍ථා දෙවතා මාලුවාබීජෙ අනාගතභයං සම‍්පස‍්සමානා සඞ‍්ගම‍්ම සමාගම‍්ම එවං සමස‍්සාසෙසුං: මා භවං භායි, මා භවං භායි. අප‍්පෙව නාමෙතං මාලුවාබීජං මොරො වා ගිලෙය්‍ය, මගො වා ඛාදෙය්‍ය, දවඩාහො වා ඩහෙය්‍ය, වනකම‍්මිකා වා උද‍්ධරෙය්‍යුං, උපචිකා වා උද්‍රභෙය්‍යුං, අබීජං වා පනස‍්සාති, යඤ‍්චාහං මාලුවාබීජහෙතු දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියාමී”ති.

මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙව්පුත්හට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑ වූ අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණ වනදෙටු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාබියක් දක්මින් මුළුදී මෙසෙයින් අස්වසාලූහු ද: “භවත් නොබානේ මැනැව, භවත් නො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාබීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මනා මැනු යි. තරුණ, මෘදු, බූ ඇති, ඔබමොබ ලෙළෙන, මේ මාලුවාලතායෙහි පහස සුවදා වෙයි.” (මෙවන් සිත් වෙයි). එ මාලුවාලිය එ රුක් වැළඳ ගනී. එ ලිය එ රුක් වැළඳගෙන මතුයෙහි (ඡත්‍රාකාරයෙන්) වෙළබ කොට ගනී. මතුයෙහි වෙළෙප් කොට ගෙන අවඝන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවඝන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ඇත් ද, ඒ කඳ පළාපියයි. මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑවූ, අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණවනස්පති වෘක්‍ෂයෙහි නිවැසි දෙවියෝ මාලුවාබීජයෙහි මේ අනාබිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, නොබානේ මැනැව, භවත් නොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා බීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාපියන්නාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම් මනා මැනුයි කියායි. මම (දැන්) යම් හෙයෙකින් මාලුවාබීජහේතුයෙන් දුක්, තීව්‍ර, කටුක වේදනා විඳිම් ද, (එසෙයින් එසේ අස්වැසුහුය.)

එවමෙව ඛො භික‍්ඛවෙ සන‍්ති එකෙ සමණ බ්‍රාහ‍්මණා එවංවාදිනො එවංදිට‍්ඨිනො: නත්‍ථි කාමෙසු දොසොති. තෙ කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජන‍්ති. තෙ මොළිබද‍්ධාහි පරිබ‍්බාජිකාහි පරිචාරෙන‍්ති. තෙ එවමාහංසු:

මහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැති’යි එවංවාදී වූ, එව දෘෂ්ටික වූ මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවති. ඔහු මෙසේ බෙණෙති:

කිං සු නාම තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා කාමෙසු අනාගතභයං සම‍්පස‍්සමානා කාමානං පහානමාහංසු, කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති? ‘සුඛො ඉමිස‍්සා පරිබ‍්බාජිකාය තරුණාය මුදුකාය ලොමසාය බාහාය සම‍්ඵස‍්සො’ති. තෙ කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජන‍්ති. තෙ කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජිත්‍වා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති. තෙ තත්‍ථ දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියන‍්ති. තෙ එවමාහංසු: ඉදං ඛො භොන‍්තො සමණබ්‍රාහ‍්මණා කාමෙසු අනාගතභයං සම‍්පස‍්සමානා කාමානං පහානමාහංසු. කාමානං පරිඤ‍්ඤං පඤ‍්ඤාපෙන‍්ති. ඉමෙ හි මයං කාමහෙතු කාමනිදානා දුක‍්ඛා තිප‍්පා කටුකා වෙදනා වෙදියාමා’ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛං ආයතිං දුක‍්ඛවිපාකං.

‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාම ප්‍රහාණය කියද්ද, කාම සමතික්‍රමය පනවද්ද? ‘තරුණ, මෘදු, බූ ඇති, මේ පරිබ්‍රාජිකාවගේ බාහායෙහි පහස සුවදා වෙති’යි (මෙසේ බැණ) ඔහු කාමයෙහි පාතව්‍යතාවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පියයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ඒ භවත් මහණබමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති. කාමසමතික්‍රමය පනවති. මේ අපි කාම හේතුයෙන් කාමනිදානයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ යි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුව දෙන, මතු දුක් විපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

4. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං?

4. මහණෙනි, මෙවත්මන්හිත් දුඃඛදායක වූ මතුයෙහිත් දුඃඛවිපාක දායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො අචෙලකො හොති මුත‍්තාචාරො හත්‍ථාවලෙඛනො. න එහිභද‍්දන‍්තිකො න තිට‍්ඨභදන‍්තිකො, න අභිහටං න උද‍්දිස‍්සකටං න නිමන‍්තනං සාදියති. සො න කුම‍්භිමුඛා පතිගණ‍්හාති, න කළොපිමුඛා පතිගණ‍්හාති, න එළකමන‍්තරං න දණ‍්ඩමන‍්තරං න මුසලමන‍්තරං න ද‍්වින‍්නං භුඤ‍්ජමානානං, න ගබ‍්භිනියා න පායමානාය න පුරිසන‍්තරගතාය, න සඞ‍්කිත‍්තීසු, න යත්‍ථ සා උපට‍්ඨිතො හොති, න යත්‍ථ මක‍්ඛිකා සණ‍්ඩසණ‍්ඩචාරිනී, න මච‍්ඡං න මංසං. න සුරං න මෙරයං න ථුසොදකං පිබති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි. හළ ආචාර ඇති වෙයි. (අහරකිස නිමි කල) අත ලෝනේ වෙයි. අහර පිණිස ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇති වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටුනු සිල් කොට ඇති වෙයි. ළඟට එළවූ අහර නො පිළිගනු වෙයි. උදෙසා කළ අහර නො පිළිගනු වෙයි. නිමන්ත්‍රණ නො පිළිගනු වෙයි. හෙ කළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. හෙ සැළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගනු වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගනු වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගනු වෙයි. පුරුෂාන්තර ගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගනු වෙයි. සමාදන් කොට පිසූ කල දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. මත්ස්‍ය නො පිළිගනු වෙයි. මාංශ නො පිළිගනු වෙයි. රහ නො බොනු වෙයි. මෙර නො බොනු වෙයි. සෞවීර නො බොනු වෙයි.

සො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද‍්වාගාරිකො වා හොති ද‍්වාලොපිකො -පෙ- සත‍්තාගාරිකො වා හොති සත‍්තාලොපිකො. එකිස‍්සාපි දත‍්තියා යාපෙති, ද‍්වීහිපි දත‍්තීහි යාපෙති -පෙ- සත‍්තහිපි දත‍්තීහි යාපෙති. එකාහිකම‍්පි ආහාරං ආහාරෙති, ද‍්වාහිකම‍්පි ආහාරං ආහාරෙති, -පෙ- සත‍්තාහිකම‍්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද‍්ධමාසිකම‍්පි පරියායභත‍්තභොජනානුයොගමනුයුත‍්තො විහරති.

හෙ එක් ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. ... සත්ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝපසතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (එක් බත්තැටියකිනුදු) යැපෙයි දෙ දැත්තෙකිනුදු යැපෙයි ... සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි. දෙදවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි ... සත්දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරහක්ත භෝජනයෙහි යෙදුණේ වෙසෙයි.

සො සාකභක‍්ඛො වා හොති සාමාකභක‍්ඛො වා හොති නීවාරභක‍්ඛො වා හොති දද‍්දුලභක‍්ඛො වා හොති හටභක‍්ඛො වා හොති කණභක‍්ඛො වා හොති ආචාමභක‍්ඛො වා හොති පිඤ‍්ඤාකභක‍්ඛො වා හොති තිණභක‍්ඛො වා හොති ගොමයභක‍්ඛො වා හොති. වනමූලඵලාහාරො වා යාපෙති පවත‍්තඵලභොජී.

හේ පලා වළඳන්නේ හෝ වෙයි. බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වැහැරි වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. තණ වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. තුවටුයෙන් ගිලුණු ඵල වළඳ කරන සුලු වූයේ, වන මූලඵල අහර කොට ඇතියේ ද යැපෙයි.

සො සාණානිපි ධාරෙති මසාණානිපි ධාරෙති ඡවදුස‍්සානිපි ධාරෙති පංසුකූලානිපි ධාරෙති තිරීටානිපි ධාරෙති අජිනානිපි ධාරෙති අජිනක‍්ඛිපම‍්පි ධාරෙති කුසචීරම‍්පි ධාරෙති වාකචීරම‍්පි ධාරෙති ඵලකචීරම‍්පි ධාරෙති කෙසකම‍්බලම‍්පි ධාරෙති වාළකම‍්බලම‍්පි ධාරෙති උලූකපක‍්ඛම‍්පි ධාරෙති. කෙසමස‍්සුලොචකොපි හොති කෙසමස‍්සුලොචනානුයොගමනුයුත‍්තො. උබ‍්භට‍්ඨකොපි හොති ආසනපටික‍්ඛිත‍්තො. උක‍්කුටිකොපි හොති උක‍්කුටිකප‍්පධානානුයොගමනුයුත‍්තො, කණ‍්ටකාපස‍්සයිකොපි හොති කණ‍්ටකාපස‍්සයෙ සෙය්‍යං කප‍්පෙති. සායතතියකම‍්පි උදකොරොහනානුයොගමනුයුත‍්තො විහරති.

හෙ හණවැහැරි ද දරයි. මුසුහණවැහැරි ද දරයි. මිනියෙන් මුදාහළ පිළි ද දරයි. පහුල්පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන්මුවසම් ද දරයි. කුරසහිත අඳුන්මුවසම් ද දරයි. කුසවැහැරි ද දරයි. කෙඳිවැහැරි ද දරයි. ලීපත් වැහැරි ද දරයි. කේසකම්බලය ද දරයි. අස්ලොම්කම්බලය ද දරයි. මහමුහුණුපියාපතුදු දරයි. හිසකේ රවුළු උදුරනුයේ හිසකේ රවුළු උදුරන වතෙහි යෙදුණේ වෙයි. අසුන් පිළිකෙව් කෙළේ, උඩුහුරු ව සිටුනේ වෙයි. උක්කුටුක ව (උලුළුයෙන්) හිඳ තවුස්වැර වැඩීමෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි. කටු ඇතිරියෙහි වැතිරෙන්නේ ද වෙයි. කටුඇතිරියෙහි ශයන ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් දියට බැසීම් වතෙහි යෙදුණේ වෙසේ.

ඉති එවරූපං අනෙකවිහිතං කායස‍්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත‍්තො විහරති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛඤ‍්චෙව ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකං.

මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය (තැවීමෙහි හාත්පස තැවී මෙහි) යෙදුණේ වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ, නිරයට පැමිණෙයි. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන්නා වූ ද, මතුයෙහි දුක් විපාක දෙන්නා වූ ද කර්‍මසමාදානය යි කියනු ලැබේ.

6. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං?

6. මහණෙනි, මෙ වත්මනු දුඃඛදායක වූත්, මතු අනායෙහි සුඛ විපාකදායක වූත් ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පකතියා තිබ‍්බරාගජාතිකො හොති. සො අභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියා තිබ‍්බදොසජාතිකො හොති, සො අභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියා තිබ‍්බමොහජාතිකො හොති, සො අභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. සො සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙන අස‍්සුමුඛො රුදමානො පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නදුක‍්ඛං ආයතිං සුඛවිපාකං.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග ගති ඇති වෙයි. හේ නිතොර (ඇදුරු වත්තෙරුන්ගේ දඬුවම් නිසා) රාගයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ ගති ඇති වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහගති ඇති වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. හේ සහගිය දුක් ඇතිව ද, සහගිය දොම්නස් ඇතිව ද, කඳුළුමුසු මුහුණු ඇතිව හඬනුයේ පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසගලෝ එළඹෙන්නේ ය. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

7. කතමඤ‍්ච භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං?

7. මහණෙනි, මෙවත්මන්හිදු සුව දෙන්නා වූ, මතු අනායෙහිදු සුඛ විපාකදායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පකතියා න තිබ‍්බරාගජාතිකො හොති, සො න අභික‍්ඛණං රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියා න තිබ‍්බදොසජාතිකො හොති, සො න අභික‍්ඛණං දොසජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. පකතියා න තිබ‍්බමොහජාතිකො හොති, සො න අභික‍්ඛණං මොහජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු රාගජ දුඃඛදෞර්‍මනස්‍ය නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය.

සො විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික‍්ඛන‍්ති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛා සතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධම‍්මසමාදානං පච‍්චුප‍්පන‍්නසුඛඤ‍්චෙව ආයතිඤ‍්ච සුඛවිපාකං.

හේ කාමයෙන් වෙන් ව ම, අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සියසතන්හි සම්ප්‍රසාද ඇති, චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක, අවිචාර, සමාධිජ, ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක ව ද ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව වාස කෙරෙයි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් ගෙන “ඒ උපේක්‍ෂක, ස්මෘතිමත් පුද්ගල සුඛවිහාර ඇතියේ ය”යි බෙණෙද්ද, ඒ තෘතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් පළමු ම සොම්නස්දොම්නසුන් පහව යෑමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසග බඹලොව කරා එළඹෙයි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුඛදායක වූත්, මතු අනායෙහි සුඛවිපාකදායක වූත් ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි ධම‍්මසමාදානානීති.

මහණෙනි, මොහු ධර්‍මසමාදානයෝ සතර දෙන යයි වදාළ සේක.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙසුත් වදාළසේක. හටගත් සොම්නස් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

චූළධම‍්මසමාදානසුත‍්තං පඤ‍්චමං.

චුළධම්මසමාදානසූත්‍රය පස් වැනි යි.