යෙදුමෙන් කියවන්න

චූළධම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චූළධම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා

චූළධම්මසමාදාන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චූළධම‍්මසමාදානසුත‍්තං. තත්‍ථ ධම‍්මසමාදානානීති ධම‍්මොති ගහිතගහණානි. පච‍්චුප‍්පන‍්නසුඛන‍්ති පච‍්චුප‍්පන‍්නෙ සුඛං, ආයූහනක‍්ඛණෙ සුඛං සුකරං සුඛෙන සක‍්කා පූරෙතුං. ආයතිං දුක‍්ඛවිපාකන‍්ති අනාගතෙ විපාකකාලෙ දුක‍්ඛවිපාකං. ඉමිනා උපායෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

එවම්මෙසුතං යනු චුල්ල ධම්ම සමාදාන සූත්‍රයයි. එහි ධම්මසමාදානා යන ධර්මයයි ගන්නා ලද ග්‍රහණයෝ ලබ්ධි පච්චුප්පන්නාසුඛං වර්තමානයෙහි සුව වූ, රැස්කරන අවධියේ සුව වූ, සුවසේ පුරන්නට හැකි, ආයතිං දුක්ඛ විපාකං විපාක දෙන කාලයෙහි දුක් වූ දුක් විපාක වූ, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතු.

නත්‍ථි කාමෙසු දොසොති වත්‍ථුකාමෙසුපි කිලෙසකාමෙසුපි දොසො නත්‍ථි. පාතබ්‍යතං ආපජ‍්ජන‍්තීති තෙ වත්‍ථුකාමෙසු කිලෙසකාමෙන පාතබ්‍යතං පිවිතබ‍්බතං, යථාරුචි පරිභුඤ‍්ජිතබ‍්බතං ආපජ‍්ජන‍්තීති අත්‍ථො. මොළිබද‍්ධාහීති මොළිං කත්‍වා බද‍්ධකෙසාහි. පරිබ‍්බාජිකාහීති තාපසපරිබ‍්බාජිකාහි. එවමාහංසූති එවං වදන‍්ති. පරිඤ‍්ඤං පඤ‍්ඤපෙන‍්තීති පහානං සමතික‍්කමං පඤ‍්ඤපෙන‍්ති.

නත්‍ථි කාමෙසු දොසො වස්තු කාමයන්හි ද ක්ලේශ කාමයන්හි ද දොසක් නැති. පාතව්‍යංතං ආපජ්ජන්ති ඔව්හූ වස්තුකාම ක්ලේශ කාමයෙන් පියයුතු බවට කැමති සේ වැළඳිය යුතු බවට පැමිණෙත් යන අර්ථයි. මොලි බද්ධාහි ඔටුන්න මෙන් උඩට බඳින ලද කේශ කලාප ඇති තාපස පරිබ්‍රාජිකාවන් සමග එවමාහංසු මෙසේ කියත්. පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති ප්‍රහාණය ඉක්මවීම පනවති.

මාලුවාසිපාටිකාති දීඝසණ‍්ඨානං මාලුවාපක‍්කං. ඵලෙය්‍යාති ආතපෙන සුස‍්සිත්‍වා භිජ‍්ජෙය්‍ය. සාලමූලෙති සාලරුක‍්ඛස‍්ස සමීපෙ. සන‍්තාසං ආපජ‍්ජෙය්‍යාති කස‍්මා ආපජ‍්ජති? භවනවිනාසභයා. රුක‍්ඛමූලෙ පතිතමාලුවාබීජතො හි ලතා උප‍්පජ‍්ජිත්‍වා රුක‍්ඛං අභිරුහති. සා මහාපත‍්තා චෙව හොති බහුපත‍්තා ච, කොවිළාරපත‍්තසදිසෙහි පත‍්තෙහි සමන‍්නාගතා. අථ තං රුක‍්ඛං මූලතො පට‍්ඨාය විනන්‍ධමානා සබ‍්බවිටපානි සඤ‍්ඡාදෙත්‍වා මහන‍්තං භාරං ජනෙත්‍වා තිට‍්ඨති. සා වාතෙ වා වායන‍්තෙ දෙවෙ වා වස‍්සන‍්තෙ ඔඝනං ජනෙත්‍වා තස‍්ස රුක‍්ඛස‍්ස සබ‍්බසාඛාපසාඛං භඤ‍්ජති, භූමියං නිපාතෙති. තතො තස‍්මිං රුක‍්ඛෙ පතිට‍්ඨිතවිමානං භිජ‍්ජති නස‍්සති. ඉති සා භවනවිනාසභයා සන‍්තාසං ආපජ‍්ජති.

මාලුවා - සිපාටිකා දික් සටහන් ඇති මාලුවා කරලක් ඵලෙය්‍ය අව්වෙන් වියලී පැලෙන්නේ ය. සාලමූලෙ සල්රුක සමීපයෙහි, සන්තාසං ආපජ්ජෙය්‍ය යනු කුමක් හෙයින් පැමිණේ ද යත්, විමානය නැසෙන බියෙනි. රුක්මුල වැටුණු මාලුවා ඇටයෙන් වැලක් පැළ වී රුකට නගී. මහත් වූ ද බොහෝ වූ ද කොල ඇත්තේ කොබෝලීල කොල වැනි කොලවලින් යුක්ත වූයේ වෙයි. අනතුරුව ඒ ගස මුල පටන් බඳිමින් සියලු වෙළෙප් වසා මහත් වූ බරක් උපදවයි. සුළං හමන විට හෝ වැසි වසිනවිට යටට බර උපදවා ඒ ගසේ අතු බිඳී බිමට වැටේ. ඉක්බිතිව ඒ ගසෙහි පිහිටි විමන බිඳෙයි. වැනසෙයි. මෙසේ දේවතා විමානය වැනසේය යන බියෙන් තැති ගැනීමට පත්වෙයි.

ආරාමදෙවතාති තත්‍ථ තත්‍ථ පුප‍්ඵාරාමඵලාරාමෙසු අධිවත්‍ථා දෙවතා. වනදෙවතාති අන්‍ධවනසුභගවනාදීසු වනෙසු අධිවත්‍ථා දෙවතා. රුක‍්ඛදෙවතාති අභිලක‍්ඛිතෙසු නළෙරුපුචිමන්‍දාදීසු රුක‍්ඛෙසු අධිවත්‍ථා දෙවතා. ඔසධිතිණවනප‍්පතීසූති හරීතකීආමලකීආදීසු ඔසධීසු තාලනාළිකෙරාදීසු තිණෙසු වනජෙට‍්ඨකෙසු ච වනප‍්පතිරුක‍්ඛෙසු අධිවත්‍ථා දෙවතා. වනකම‍්මිකාති වනෙ කසනලායනදාරුආහරණගොරක‍්ඛාදීසු කෙනචිදෙව කම‍්මෙන වා විචරකමනුස‍්සා. උද‍්ධරෙය්‍යුන‍්ති ඛාදෙය්‍යුං. විලම‍්බිනීති වාතෙන පහතපහතට‍්ඨානෙසු කෙළිං කරොන‍්තී විය විලම‍්බන‍්තී. සුඛො ඉමිස‍්සාති එවරූපාය මාලුවාලතාය සම‍්ඵස‍්සොපි සුඛො, දස‍්සනම‍්පි සුඛං. අයං මෙ දාරකානං ආපානමණ‍්ඩලං භවිස‍්සති, කීළාභූමි භවිස‍්සති, දුතියං මෙ විමානං පටිලද‍්ධන‍්ති ලතාය දස‍්සනෙපි සම‍්ඵස‍්සෙපි සොමනස‍්සජාතා එවමාහ.

ආරාම දෙවතා ඒ ඒ තැන පුෂ්පාරාම, ඵලාරාමයන්ට අධිපති දේවතාවෝ වන දෙවතා අන්ධවන සුභග වනයන්ට අධිගෘහිත දේවතාවෝ රුක්ඛ දෙවතා පූජ්‍යත්වයෙන් සලකනු ලබන නළෙරු පුචිමන්ද ආදී වූ වෘක්‍ෂයන්හි අධිපතිව වසන දේවතාවෝ ඔසධී තිණ වනස්පතීසූ අරළු නෙල්ලි ආදී බෙහෙත් වර්ගයන්හි ද, තල් පොල් ආදී ගස්වල ද වන දෙටුව වනස්පතී වෘක්‍ෂයන්හි වසන දේවතාවෝ ද, වන කම්මිකා වනයෙහි සී සෑම, ගොයම් කිරීම, දර ගෙන ඒම, ගෙරින් රැකීම ආදී කටයුතු කරමින් හැසිරෙන මිනිස්සු උද්‍රභෙය්‍යුං කන්නාහුය. විලම්බිනී යනු සුළඟින් පහල තැන්හි ක්‍රීඩා කරන්නහුගේ මෙන් එල්බෙන්නී, සුඛො ඉමිස්සා යනු මෙබඳු වූ මාලුවා වැලේ ස්පර්ශය ද, සුවඳ ද මාගේ දරුවන්ට අවන් මඩලක් වන්නේ ය. ක්‍රීඩා භූමියක් වන්නේ ය. මා විසින් දෙවෙනි විමනක් ලදැයි හටගත් සතුටින් යුතුව මෙසේ කීය.

විටභිං කරෙය්‍යාති සාඛානං උපරි ඡත‍්තාකාරෙන තිට‍්ඨෙය්‍ය. ඔඝනං ජනෙය්‍යාති හෙට‍්ඨා ඝනං ජනෙය්‍ය. උපරි ආරුය‍්හ සකලං රුක‍්ඛං පලිවෙඨෙත්‍වා පුන හෙට‍්ඨා භස‍්සමානා භූමිං ගණ‍්හෙය්‍යාති අත්‍ථො. පදාලෙය්‍යාති එවං ඔඝනං කත්‍වා පුන තතො පට‍්ඨාය යාව මූලා ඔතිණ‍්ණසාඛාහි අභිරුහමානා සබ‍්බසාඛා පලිවෙඨෙන‍්තී මත්‍ථකං පත්‍වා තෙනෙව නියාමෙන පුන ඔරොහිත්‍වා ච අභිරුහිත්‍වා ච සකලරුක‍්ඛං සංසිබ‍්බිත්‍වා අජ‍්ඣොත්‍ථරන‍්තී සබ‍්බසාඛා හෙට‍්ඨා කත්‍වා සයං උපරි ඨත්‍වා වාතෙ වා වායන‍්තෙ දෙවෙ වා වස‍්සන‍්තෙ පදාලෙය්‍ය. භින්‍දෙය්‍යාති අත්‍ථො. ඛාණුමත‍්තමෙව තිට‍්ඨෙය්‍ය, තත්‍ථ යං සාඛට‍්ඨකවිමානං හොති, තං සාඛාසු භිජ‍්ජමානාසු තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජිත්‍වා සබ‍්බසාඛාසු භින‍්නාසු සබ‍්බං භිජ‍්ජති. රුක‍්ඛට‍්ඨකවිමානං පන යාව රුක‍්ඛස‍්ස මූලමත‍්තම‍්පි තිට‍්ඨති, තාව න නස‍්සති. ඉදං පන විමානං සාඛට‍්ඨකං, තස‍්මා සබ‍්බසාඛාසු සංභිජ‍්ජමානාසු භිජ‍්ජිත්‍ථ. දෙවතා පුත‍්තකෙ ගහෙත්‍වා ඛාණුකෙ ඨිතා පරිදෙවිතුං ආරද‍්ධා.

විටපිං කරෙය්‍ය අතු උඩට වටේට කුඩයක් මෙන් සිටින්නේ ය. ඔඝනං ජනෙය්‍ය යටට යන බව උපදවන්නේ ය. උඩට නැගී මුළුගස හාත්පසින් වෙලා යළි යටට බස්නේ පොළව ගන්නේ ය. පදා ලෙය්‍ය මෙසේ යටට යන බව උපදවා, එතැන් පටන් මුල දක්වා බැසගත් අතුවලින් උඩට නගිමින් සියලු අතු වෙළමින් මුදුනට පැමිණ, නැවත ඒ ක්‍රමයෙන් ම බසී ද නගී ද, සියලු රුක වසා සියලු අතු යට කොට තමන් මතුයෙහි සිට සුළං හමන කල්හි වැසි වසින කල්හි පලන්නේ ය. බිඳින්නේ ය. කණු පමණක්ම සිටින්නේ ය. එහි යම් ශාඛාවක විමානයක් වේද, ඒ අතු බිඳෙන කල්හි ඒ ඒ තැනම බිඳී. සියලු අතු බිඳුණු කල්හි මුළු ගසම බිඳෙයි. රුකෙහි තිබූ විමානය වනාහි යම් ගසේ මුල පමණක් ඉතිරි වේද, ඒ තාක් විමානය පවතී. යම්හෙයකින් මේ විමන අත්තක පැවතියේ ද, සියලු අතු බිඳෙන කල්හි විමානය ද බිඳුනේ ය. දෙවියා දරුවන් ද ගෙන කණුවෙහි සිට හඬන්ට පටන් ගත්තේ ය.

තිබ‍්බරාගජාතිකොති බහලරාගසභාවො. රාගජං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙතීති තිබ‍්බරාගජාතිකත‍්තා දිට‍්ඨෙ දිට‍්ඨෙ ආරම‍්මණෙ නිමිත‍්තං ගණ‍්හාති. අථස‍්ස ආචරියුපජ‍්ඣායා දණ‍්ඩකම‍්මං ආණාපෙන‍්ති. සො අභික‍්ඛණං දණ‍්ඩකම‍්මං කරොන‍්තො දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති, නත්‍වෙව වීතික‍්කමං කරොති. තිබ‍්බදොසජාතිකොති අප‍්පමත‍්තිකෙනෙව කුප‍්පති, දහරසාමණෙරෙහි සද‍්ධිං හත්‍ථපරාමාසාදීනි කරොන‍්තොව කථෙති. සොපි දණ‍්ඩකම‍්මපච‍්චයා දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති. මොහජාතිකො පන ඉධ කතං වා කතතො අකතං වා අකතතො න සල‍්ලක‍්ඛෙති, තානි තානි කිච‍්චානි විරාධෙති. සොපි දණ‍්ඩකම‍්මපච‍්චයා දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙති.

තිබ්බරාග ජාතිකො බහුල වූ රාග ස්වභාව ඇති රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති තියුණු රාග ස්වභාව ඇති බැවින් දුටු දුටු අරමුණුවල නිමිති ගනී. ආචාර්ය උපාධ්‍යායයෝ ඔහුට දඬුවම් නියම කරති. හෙතෙම නිරතුරු දඬුවම් කරන්නේ දුක් දොම්නස් විදී. ව්‍යතික්‍රමණය නො කෙරෙයි. තියුණු ද්වේෂ ස්වභාව ඇති බැවින් මද පමණකින් කිපෙයි. තරුණ සාමණේරයන් සමග අත පය දිගහරිමින් කථා කරයි. හෙතෙමේ ද දඬුවම් හේතුවෙන් දුක් දොම්නස් විඳී. [missing trans]

න තිබ‍්බරාගජාතිකොතිආදීනි වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බානි. කස‍්මා පනෙත්‍ථ කොචි තිබ‍්බරාගාදිජාතිකො හොති, කොචි න තිබ‍්බරාගාදිජාතිකො? කම‍්මනියාමෙන. යස‍්ස හි කම‍්මායූහනක‍්ඛණෙ ලොභො බලවා හොති, අලොභො මන්‍දො, අදොසාමොහා බලවන‍්තො, දොසමොහා මන්‍දා, තස‍්ස මන්‍දො අලොභො ලොභං පරියාදාතුං න සක‍්කොති, අදොසාමොහා පන බලවන‍්තො දොසමොහෙ පරියාදාතුං සක‍්කොන‍්ති. තස‍්මා සො තෙන කම‍්මෙන දින‍්නපටිසන්‍ධිවසෙන නිබ‍්බත‍්තො ලුද‍්ධො හොති, සුඛසීලො අක‍්කොධනො පඤ‍්ඤවා වජිරූපමඤාණො.

න තිබ්බරාග ජාතිකො යනාදී කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. කුමක් හෙයින් මෙහි කිසිවෙක් තියුණු රාග ස්වභාව ඇත්තේ වේද, කිසිවෙක් තියුණු රාග ස්වභාව නැත්තේ වේද, කර්ම නියමයෙහි, යමෙකුට කර්මය රැස්කරන වේලේ ලෝභය බලවත් වේද, අලෝභය මද වේද අද්වේෂ, අමෝහයෝ බලවත් වේ ද, ද්වේෂ මෝහයෝ මද වේද, ඔහුගේ මද වූ අලෝභය ලෝභය යටපත් කරන්නට නුපුළුවන් වෙයි. යම් හෙයකින් අද්වේෂ අමෝහ බලවත් වූ විට ද්වේෂ මෝහයන් යටපත් කරන්නට හැකි වෙත්ද, එහෙයින් හෙතෙම ඒ කර්මයෙන් දුන් ප්‍රතිසන්ධි වශයෙන් උපන්නේ ලෝභී වූයේ සැප විඳිනසුලු වූයේ ක්‍රෝධ නොකරන්නේ ප්‍රඥා ඇත්තේ වජ්‍රොපම ඤාණය ඇත්තේ වෙයි.

යස‍්ස පන කම‍්මායූහනක‍්ඛණෙ ලොභදොසා බලවන‍්තො හොන‍්ති, අලොභාදොසා මන්‍දා, අමොහො බලවා, මොහො මන්‍දො, සො පුරිමනයෙනෙව ලුද‍්ධො චෙව හොති දුට‍්ඨො ච, පඤ‍්ඤවා පන හොති වජිරූපමඤාණො දත‍්තාභයත්‍ථෙරො විය.

යමෙකුට කර්මය රැස්කරන වේලේ ලෝභ ද්වේෂ බලවත් වේද, අලෝභ අදෝස මද වේද, හෙතෙම පෙර කීවා සේම, ලෝභී වූයේත් දුෂ්ට වූයේත් වෙයි. යළි ප්‍රඥාවත් වූයේ විදුරුනැණ ඇත්තේ වෙයි. දන්තාභය තෙරුන් මෙනි.

යස‍්ස පන කම‍්මායූහනක‍්ඛණෙ ලොභාදොසමොහා බලවන‍්තො හොන‍්ති, ඉතරෙ මන්‍දා, සො පුරිමනයෙනෙව ලුද‍්ධො චෙව හොති දන්‍ධො ච, සුඛසීලකො පන හොති අක‍්කොධනො.

යමෙකුට කර්මය රැස්කරන අවදියේ ලෝභ ද්වේෂ මෝහ බලවත් වේද, අනෙක්වා මඳ වෙත් ද, හෙතෙම පෙර කී අයුරින් ම ලෝභී වූයේත්, මද නුවණැත්තේත් වෙයි. සැප විඳිනසුලු වූයේ ක්‍රෝධ නො කරන්නේ වෙයි.

තථා යස‍්ස කම‍්මායූහනක‍්ඛණෙ තයොපි ලොභදොසමොහා බලවන‍්තො හොන‍්ති, අලොභාදයො මන්‍දා, සො පුරිමනයෙනෙව ලුද‍්ධො චෙව හොති දුට‍්ඨො ච මූළ‍්හො ච.

එසේ යමෙක් කර්ම රැස් කරන වේලේ ලෝභ, දෝස, මෝහ බලවත් වේ ද, අලෝභාදිය මද වේද, හෙතෙම පෙර කී අයුරින්ම ලෝභ ද වේ. දුෂ්ට ද මෝඩ ද වේ.

යස‍්ස පන කම‍්මායූහනක‍්ඛණෙ අලොභදොසමොහා බලවන‍්තො හොන‍්ති, ඉතරෙ මන්‍දා, සො පුරිමනයෙනෙව අප‍්පකිලෙසො හොති, දිබ‍්බාරම‍්මණම‍්පි දිස‍්වා නිච‍්චලො, දුට‍්ඨො පන හොති දන්‍ධපඤ‍්ඤො ච.

යමෙක් වනාහි කර්ම රැස්කරන විට අලෝභ, දෝස, මෝහ බලවත් වේද, ලෝභාදිය මද වේද, හෙතෙම අල්ප වූ ක්ලේශ ඇත්තේ වේ. දිව්‍යාරම්මණයකුදු දැක නිශ්චල වූයේ වෙයි. කිපෙනසුළු වූයේත් මද නුවණ ඇත්තේත් වෙයි.

යස‍්ස පන කම‍්මායූහනක‍්ඛණෙ අලොභාදොසමොහා බලවන‍්තො හොන‍්ති, ඉතරෙ මන්‍දා, සො පුරිමනයෙනෙව අලුද‍්ධො චෙව හොති සුඛසීලකො ච, මූළ‍්හො පන හොති.

යමෙක් කුසල් රැස්කරන අවදියේ අලෝභ අදෝස අමෝහයෝ බලවත් වේද, සෙස්සෝ මද වෙත් ද ඔහු අලෝභ වූයේත් සැප විඳිනසුළු වූයෙත් වේ. යළි මද නුවණැත්තේය.

තථා යස‍්ස කම‍්මායූහනක‍්ඛණෙ අලොභදොසාමොහා බලවන‍්තො හොන‍්ති, ඉතරෙ මන්‍දා, සො පුරිමනයෙනෙව අලුද‍්ධො චෙව හොති පඤ‍්ඤවා ච, දුට‍්ඨො පන හොති කොධනො.

යමෙකුට කර්ම රැස්කරන වේලේ අලෝභ දෝස අමෝහ බලවත් වේද, සෙස්සෝ මද වේද හෙතෙම අලෝභ වූයේත් නුවණැත්තේත් වෙයි. දුෂ්ට වූයේ කිපෙනසුලු වූයේ වෙයි.

යස‍්ස පන කම‍්මායූහනක‍්ඛණෙ තයොපි අලොභාදයො බලවන‍්තො හොන‍්ති, ලොභාදයො මන්‍දා, සො මහාසඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරො විය අලුද‍්ධො අදුට‍්ඨො පඤ‍්ඤවා ච හොති.

යමෙකුට කර්ම රැස්කරන වේලේ අලෝභ අදෝස අමෝහ බලවත් වේද ලෝභාදිය මද වේද හෙතෙම මහා සංඝරක්ඛිත තෙරුන් මෙන් ලෝභ නැති වූයේ, අදුෂ්ට වූයේ නුවණැති වූයේත් වෙයි.

සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සෙස්ස ප්‍රකට අරුත් ඇත්තේය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළධම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

චුළ ධම්ම සමාදාන සුත්‍ර වර්ණනාව නිමියේය.

මහාධම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා

මහාධම්මසමාදාන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුත‍්තන‍්ති මහාධම‍්මසමාදානසුත‍්තං. තත්‍ථ එවංකාමාති එවංඉච‍්ඡා. එවංඡන්‍දාති එවංඅජ‍්ඣාසයා. එවංඅධිප‍්පායාති එවංලද‍්ධිකා. තත්‍රාති තස‍්මිං අනිට‍්ඨවඩ‍්ඪනෙ චෙව ඉට‍්ඨපරිහානෙ ච. භගවංමූලකාති භගවා මූලං එතෙසන‍්ති භගවංමූලකා. ඉදං වුත‍්තං හොති – ඉමෙ, භන‍්තෙ, අම‍්හාකං ධම‍්මා පුබ‍්බෙ කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධෙන උප‍්පාදිතා, තස‍්මිං පරිනිබ‍්බුතෙ එකං බුද‍්ධන‍්තරං අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා ඉමෙ ධම‍්මෙ උප‍්පාදෙතුං සමත්‍ථො නාම නාහොසි, භගවතා පන නො ඉමෙ ධම‍්මා උප‍්පාදිතා. භගවන‍්තඤ‍්හි නිස‍්සාය මයං ඉමෙ ධම‍්මෙ ආජානාම පටිවිජ‍්ඣාමාති එවං භගවංමූලකා නො, භන‍්තෙ, ධම‍්මාති. භගවංනෙත‍්තිකාති භගවා හි ධම‍්මානං නෙතා විනෙතා අනුනෙතාති. යථාසභාවතො පාටියෙක‍්කං පාටියෙක‍්කං නාමං ගහෙත්‍වා දස‍්සිතා ධම‍්මා භගවංනෙත‍්තිකා නාම හොන‍්ති. භගවංපටිසරණාති චතුභූමකා ධම‍්මා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස ආපාථං ආගච‍්ඡමානා භගවති පටිසරන‍්ති නාමාති භගවංපටිසරණා. පටිසරන‍්තීති ඔසරන‍්ති සමොසරන‍්ති. අපිච මහාබොධිමණ‍්ඩෙ නිසින‍්නස‍්ස භගවතො පටිවෙධවසෙන ඵස‍්සො ආගච‍්ඡති, අහං භගවා කින‍්නාමොති? ත්‍වං ඵුසනට‍්ඨෙන ඵස‍්සො නාම. වෙදනා, සඤ‍්ඤා, සඞ‍්ඛාරා, විඤ‍්ඤාණං ආගච‍්ඡති. අහං භගවා කින‍්නාමන‍්ති? ත්‍වං විජානනට‍්ඨෙන විඤ‍්ඤාණං නාමාති එවං චතුභූමකධම‍්මානං යථාසභාවතො පාටියෙක‍්කං පාටියෙක‍්කං නාමං ගණ‍්හන‍්තො භගවා ධම‍්මෙ පටිසරතීතිපි භගවංපටිසරණා. භගවන‍්තඤ‍්ඤෙව පටිභාතූති භගවතොයෙව එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො උපට‍්ඨාතු, තුම‍්හෙයෙව නො කථෙත්‍වා දෙථාති අත්‍ථො.

එවම්මෙසුතං මහා ධම්ම සමාදාන සුත්‍රයයි. එවං කාමා මෙසේ ආශා ඇති එවං ජන්‍දා මෙසේ අදහස් ඇති. එවං අධිප්පායා මෙබඳු ලබ්ධි ඇති. තත්‍ර ඒ අනිෂ්ටයන් මැඩීමෙහි ද, ඉෂ්ටයන් පිරිහීමෙහි ද, භගවංමූලකා භාග්‍යවතුන් මුල්වූයේ මොවුන්ටය යන තේරුමෙන් ‘භගවං මූලකා’ යනු කියන ලදී. ස්වාමීනි, මේ ධර්මයෝ අපට කස්සප සම්මා සම්බුදුන් විසින් උපදවන ලදී. ඒ සම්බුදුන් පිරිනිවි කල්හි එක් බුද්ධාන්තරයක් වෙනත් මහණෙක් හෝ බමුණෙක් මේ ධර්ම උපදවන්නට සමත් වූයේ නැත. යළි භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මේ ධර්ම උපදවන ලදී. භාග්‍යවතුන් නිසාම අපි මේ ධර්මයන් දැන ගන්නෙමු. පිළිපදින්නෙමු. මෙසේ අපේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භගවං නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේම ධර්මයන්ට විනේතෘය. නායකය. අනුනෙතං අනුනායකයහ. යථා ස්වභාවයෙන් මේ ධර්ම වෙන වෙනම නම් ගෙන දක්වන නිසාම ධර්මය භවතුන් නේතෘ කොට ඇත්තාහු වෙති. භගවං පටිසරණං චාතුර්භූමක ධර්මයෝ සර්වඥතා ඥානයෙන් මිහි කිරීම් බවට පැමිණෙන්නාහු භාග්‍යවතුන් කෙරෙහිම රැස්වෙත්. එහෙයින්ම භාග්‍යවතුන් පිළිසරණ කොට ඇත්තාහු වෙති. පටිසරන්ති බැසගනිත්. රැස්වෙත්. තව ද මහ බෝමැඩ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. භාග්‍යවතුන් වහන්ස, ‘මම කියම්ද,’ ඔබ ‘ස්පර්ශ’ කිරීම් අර්ථයෙන් ‘ඵස්ස’ නමි. වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන මොහු පැමිණෙති. භාග්‍යවතුන් වහන්ස මම කිනම්ද, ඔබ විජානන අර්ථයේ ‘විඤ්ඤාණ’ නම් වෙයි. මෙසේ චාතුර්භූමක ධර්මයන්ට යථා පරිද්දෙන්, වෙන වෙනම නම් ගන්නා වූ, භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රැස්කෙරෙන අර්ථයෙන් ද, භාග්‍යවතුන් පිළිසරණ කොට ඇත්තාහ. භගවන්තං යෙව අධිභාතු භාග්‍යවතුන් වහන්සේටම මේ වචනයන්හි අරුත් වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ අපට කියා දේවා.

සෙවිතබ‍්බෙති නිස‍්සයිතබ‍්බෙ. භජිතබ‍්බෙති උපගන‍්තබ‍්බෙ. යථා තං අවිද‍්දසුනොති යථා අවිදුනො බාලස‍්ස අන්‍ධපුථුජ‍්ජනස‍්ස. යථා තං විද‍්දසුනොති යථා විදුනො මෙධාවිනො පණ‍්ඩිතස‍්ස.

සෙවිතබ්බෙ ඇසුරු කටයුතු ධර්මයන්, භජිතබ්බෙ එළඹිය යුතු ධර්මයන්, යථා තං අවිද්දසුනො අපණ්ඩිත වූ බාල වූ අන්ධ පෘථග්ජනයකුට යම් සේ, යථා තං විදස්සුනො නුවණැති ප්‍රඥාව ඇති පණ්ඩිතයකුට යම් සේද එසේ,

අත්‍ථි, භික‍්ඛවෙ, ධම‍්මසමාදානන‍්ති පුරිමසුත‍්තෙ උප‍්පටිපාටිආකාරෙන මාතිකා ඨපිතා, ඉධ පන යථාධම‍්මරසෙනෙව සත්‍ථා මාතිකං ඨපෙසි. තත්‍ථ ධම‍්මසමාදානන‍්ති පාණාතිපාතාදීනං ධම‍්මානං ගහණං.

අත්‍ථි භික්ඛවෙ ධම්ම සමාදානං පළමු සුත්‍රයෙහි දක්වන ලද පරිද්දෙන් මාතෘකාව තබන ලදී. මෙහි වනාහි ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම රසය වූ පරිද්දෙන් ම මාතෘකාව තබන ලදී. එහි ධම්ම සමාදානං යනු පාණාතිපාද ආදී ධර්මයන්ගේ ගැනීමයි.

අවිජ‍්ජාගතොති අවිජ‍්ජාය සමන‍්නාගතො.

අවිජ්ජාගතො අවිද්‍යාවෙන් සමන්විත වූයේ

විජ‍්ජාගතොති විජ‍්ජාය සමන‍්නාගතො පඤ‍්ඤවා.

විජ්ජාගතො විද්‍යාවෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වූයේ.

සහාපි දුක‍්ඛෙනාති එත්‍ථ මිච‍්ඡාචාරො අභිජ‍්ඣා මිච‍්ඡාදිට‍්ඨීති ඉමෙ තාව තයො පුබ‍්බචෙතනාය ච අපරචෙතනාය චාති ද‍්වින‍්නං චෙතනානං වසෙන දුක‍්ඛවෙදනා හොන‍්ති. සන‍්නිට‍්ඨාපකචෙතනා පන සුඛසම‍්පයුත‍්තා වා උපෙක‍්ඛාසම‍්පයුත‍්තා වා හොති. සෙසා පාණාතිපාතාදයො සත‍්ත තිස‍්සන‍්නම‍්පි චෙතනානං වසෙන දුක‍්ඛවෙදනා හොන‍්ති. ඉදං සන්‍ධාය වුත‍්තං – “සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙනා”ති. දොමනස‍්සමෙව චෙත්‍ථ දුක‍්ඛන‍්ති වෙදිතබ‍්බං. පරියෙට‍්ඨිං වා ආපජ‍්ජන‍්තස‍්ස පුබ‍්බභාගපරභාගෙසු කායිකං දුක‍්ඛම‍්පි වට‍්ටතියෙව.

සභාපි දුක්ඛෙන යන මෙහි මිථ්‍යාචාරය, අභිධ්‍යාව, මිථ්‍යා දෘෂ්ටිය යන මේ තිදෙන වනාහී පූර්ව සිතිවිල්ලේ ද, අපර සිතිවිල්ලේ ද යන චේතනාවන් දෙක්හිම, දුක්වේදනා ඇත්තාහු වෙති. නැවත සන්නිට්ඨාපන චේතනාව සුව සහගත වූයේ, උපේක්‍ෂා සහගත වූයේ හෝ වෙයි. සෙසු ප්‍රාණඝාත ආදී සත් දෙන වූ චේතනාවන්ම දුක් වේදනා වේ. සභාපි දුක්ඛො - සභාපි දොමනස්සෙන යන්න මේ සඳහා කියන ලදී. මෙහි දෝමනස්සයම දුක යයි දතයුතු. සෙවීමට හෝ පැමිණෙන්නහුට පූර්වභාග අපරභාග, කායික දුක් ලැබේමයි.

සහාපි සුඛෙනාති එත්‍ථ පාණාතිපාතො ඵරුසවාචා බ්‍යාපාදොති ඉමෙ තාව තයො පුබ‍්බචෙතනාය ච අපරචෙතනාය චාති ද‍්වින‍්නං චෙතනානං වසෙන සුඛවෙදනා හොන‍්ති. සන‍්නිට‍්ඨාපකචෙතනා පන දුක‍්ඛසම‍්පයුත‍්තාව හොති. සෙසා සත‍්ත තිස‍්සන‍්නම‍්පි චෙතනානං වසෙන සුඛවෙදනා හොන‍්තියෙව. සහාපි සොමනස‍්සෙනාති සොමනස‍්සමෙව චෙත්‍ථ සුඛන‍්ති වෙදිතබ‍්බං. ඉට‍්ඨඵොට‍්ඨබ‍්බසමඞ‍්ගිනො වා පුබ‍්බභාගපරභාගෙසු කායිකං සුඛම‍්පි වට‍්ටතියෙව.

සභාපි සුඛෙන යනු මෙහි ප්‍රාණඝාත, ඵරුෂ වචන, ව්‍යාපාදය යන මේ තිදෙන පූර්වචේනා අපර චේතනා යන චේතනා දෙකේදීම සැප වේදනා ඇත්තාහු වෙති. සන්නිට්ඨාපක චේතනාව වනාහි දුක් සහගත වූයේය. සෙසු සත්දෙන තුන් චේතනාවන්ගේම වශයෙන් සැප වේදනා ඇත්තාහු වෙති. සභාපි සොමනස්සෙන මෙහි සොම්නසම සැප යයි දතයුතුය. බ්‍රහ්ම ස්පර්ශයෙන් යුක්ත වූවහුගේ පූර්වභාග අපරභාගයන්හි කායික සුවය වටී.

තතියධම‍්මසමාදානෙ ඉධෙකච‍්චො මච‍්ඡබන්‍ධො වා හොති, මාගවිකො වා, පාණුපඝාතංයෙව නිස‍්සාය ජීවිකං කප‍්පෙති. තස‍්ස ගරුට‍්ඨානියො භික‍්ඛු අකාමකස‍්සෙව පාණාතිපාතෙ ආදීනවං, පාණාතිපාතවිරතියා ච ආනිසංසං කථෙත්‍වා සික‍්ඛාපදං දෙති. සො ගණ‍්හන‍්තොපි දුක‍්ඛිතො දොමනස‍්සිතොව හුත්‍වා ගණ‍්හාති. අපරභාගෙ කතිපාහං වීතිනාමෙත්‍වා රක‍්ඛිතුං අසක‍්කොන‍්තොපි දුක‍්ඛිතොව හොති, තස‍්ස පුබ‍්බාපරචෙතනා දුක‍්ඛසහගතාව හොන‍්ති. සන‍්නිට‍්ඨාපකචෙතනා පන සුඛසහගතා වා උපෙක‍්ඛාසහගතා වාති එවං සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. ඉති පුබ‍්බභාගපරභාගචෙතනාව සන්‍ධාය ඉදං වුත‍්තං – “සහාපි දුක‍්ඛෙන සහාපි දොමනස‍්සෙනා”ති. දොමනස‍්සමෙව චෙත්‍ථ දුක‍්ඛන‍්ති වෙදිතබ‍්බං.

තුන්වන ධර්ම සමාදානයෙහි මෙලොව කිසිවෙක් ධීවරයෙක් හෝ මුව වැද්දෙක් හෝ වෙයි. ප්‍රාණඝාතය නිසාම ජීවිකාව කරයි. ගරුතැනෙහි සිටි ශ්‍රමණයෙක් අකමැති වූම ඔහුට ප්‍රාණඝාතයේ ආදීනව ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ආනිසංස ද කියා සිල් සමාදන් කරවයි. හෙතෙම සිල් ගන්නේම දුකින් දොම්නසින් සිල් ගනියි. පසුව කීපදිනක් ඉක්මවීමෛන් රකින්නට නො හැකි වෙයි. ඔහුගේ පූර්වාපර චේතනා දුක් සහිතම වේ. සන්නිට්ඨාපක චේතනාව සුව සහගත වේ. නැතිනම් උපේක්‍ෂා සහගත වේ. මෙසේ සියලු තන්හි අරුත් දතයුතුයි. පූර්වභාග - අපරභාග චේතනාවන් සඳහා මෙය කියන ලදී. සභාපි දුක්ඛෙන සභාපි දොමනස්සෙන යනු දොම්නසම දුකයයි දතයුතු.

චතුත්‍ථධම‍්මසමාදානෙ දසසුපි පදෙසු තිස‍්සොපි පුබ‍්බභාගාපරභාගසන‍්නිට‍්ඨාපකචෙතනා සුඛසම‍්පයුත‍්තා හොන‍්තියෙව, තං සන්‍ධාය ඉදං වුත‍්තං – “සහාපි සුඛෙන සහාපි සොමනස‍්සෙනා”ති. සොමනස‍්සමෙව චෙත්‍ථ සුඛන‍්ති වෙදිතබ‍්බං.

සතරවෙනි ධර්ම සමාදානයෙහි දශ පදයන්හිම පූර්වභාග අපරභාග සන්නිට්ඨාපක චේතනා තිදෙනම සුව සහගත වූවෝ වෙති. සභාපි සුඛෙන සභාපි සොමනස්සෙන යනු එහෙයින් කියන ලදී. මෙහි සොම්නසම සැප යයි කියන ලදැයි දතයුතු.

තිත‍්තකාලාබූති තිත‍්තකරසඅලාබු. විසෙන සංසට‍්ඨොති හලාහලවිසෙන සම‍්පයුත‍්තො මිස‍්සිතො ලුළිතො. නච‍්ඡාදෙස‍්සතීති න රුච‍්චිස‍්සති න තුට‍්ඨිං කරිස‍්සති. නිගච‍්ඡසීති ගමිස‍්සසි. අප‍්පටිසඞ‍්ඛාය පිවෙය්‍යාති තං අප‍්පච‍්චවෙක‍්ඛිත්‍වා පිවෙය්‍ය.

තිත්ත කාලාපූ තිත්ත රස ඇති ලබු විසෙන සංසට්ඨො හලාහල විෂ සමග කලවම් වූයේ නච්ඡා දෙස්සති කැමති නො වන්නේ ය. සතුටු නො කරන්නේ ය. නිගච්ඡසි පැමිණෙන්නෙහි. අප්පටිසංකා පිවෙය්‍යා යනු ප්‍රත්‍යවේක්‍ෂා නො කොට බොන්නේ නම්,

ආපානීයකංසොති ආපානීයස‍්ස මධුරපානකස‍්ස භරිතකංසො. වණ‍්ණසම‍්පන‍්නොති පානකවණ‍්ණාදීහි සම‍්පන‍්නවණ‍්ණො, කංසෙ පක‍්ඛිත‍්තපානකවසෙන පානකකංසොපි එවං වුත‍්තො. ඡාදෙස‍්සතීති තඤ‍්හි හලාහලවිසං යත්‍ථ යත්‍ථ පක‍්ඛිත‍්තං හොති, තස‍්ස තස‍්සෙව රසං දෙති. තෙන වුත‍්තං “ඡාදෙස‍්සතී”ති.

ආපානීයකංසො පානය කළ යුතු මිහිරි පානය පුරවන ලද බඳුන. වණ්ණ සම්පන්නො පානක වර්ණාදියෙන් යුක්ත වූ ලෝහ බඳුන - නැවත පුරවන ලද ද්‍රවයන්ගෙන් ලෝ තලිය මෙසේ කියයි. ඡාදෙස්සති යම් හෙයකින් ඒ හලාහල විෂ බඳුන, පුරවන ලද්දහුගේම රසය දෙන්නේ ද, එහෙයින් කියන ලදී. ඡාදෙස්සති යන්න.

පූතිමුත‍්තන‍්ති මුත‍්තමෙව. යථා හි මනුස‍්සභාවො සුවණ‍්ණවණ‍්ණො පූතිකායොත්‍වෙව, තදහුජාතාපි ගලොචිලතා පූතිලතාත්‍වෙව වුච‍්චති. එවං තඞ‍්ඛණං ගහිතං තරුණම‍්පි මුත‍්තං පූතිමුත‍්තමෙව. නානාභෙසජ‍්ජෙහීති හරීතකාමලකාදීහි නානොසධෙහි. සුඛී අස‍්සාති අරොගො සුවණ‍්ණවණ‍්ණො සුඛී භවෙය්‍ය.

පූති මුත්තං යනු මුත්‍රමයි. යම්සේ මිනිසත් බව රන්වන් වූයේ නමුත්, පූතිකාය මැයි කියයි. එදවසම හටගත්තා වූ කීඳි වැලක් පූතිලතාවමයි කියයි. එපරිද්දෙන් එකෙණෙහිම ගත්තා වූ තරුණ වූ මුත්‍රා ද ‘පූතිමුත්ත’ මැයි. නානා භෙසජ්ජෙහි යනු අරළු නෙල්ලි ආදී ඖෂධයන්ගෙන් සූවී අස්සා සුව ඇත්තේ වේ. නිරෝගි වූයේ රන්වන් වූයේ, සුවපත් වූයේ වන්නේ ය.

දධි ච මධු චාති සුපරිසුද‍්ධං දධි ච සුමධුරං මධු ච. එකජ‍්ඣං සංසට‍්ඨන‍්ති එකතො කත්‍වා මිස‍්සිතං ආලුළිතං. තස‍්ස තන‍්ති තස‍්ස තං චතුමධුරභෙසජ‍්ජං පිවතො රුච‍්චෙය්‍ය. ඉදඤ‍්ච යං භගන්‍දරසංසට‍්ඨං ලොහිතං පක‍්ඛන්‍දති, න තස‍්ස භෙසජ‍්ජං, ආහාරං ථම‍්භෙත්‍වා මග‍්ගං අවලඤ‍්ජං කරොති. යං පන පිත‍්තසංසට‍්ඨං ලොහිතං, තස‍්සෙතං භෙසජ‍්ජං සීතලකිරියාය පරියත‍්තභූතං.

දධි ච මධු පිරිසිදු වූ දී ද, මිහිරි වූ මීපැණි ද එකජ්ඣං සංසට්ඨං එකට අනන ලද්දේ කලවම් කරන ලද්දේ අලලන ලද්දේ, තස්ස තං ඒ මිහිරි වූ බෙහෙත බොන්නා වූ අයට එය රුචි වන්නේ ය. මෙය භගන්දර නම් රෝගයෙන් යම් ලේ ගැලීමක් වේද එයට බෙහෙත් නොවේ. ආහාරය දැඩිකොට මාර්ගය නො වළඳනා කෙරෙයි. නැවත පිත කිපීමෙන් ඇති වූ යම් ලේ යාමක් වේද, ඊට මේ බෙහෙත ශීතල වීම අවසන් කොට ඇත්තේ වේ.

විද‍්ධෙති උබ‍්බිද‍්ධෙ. මෙඝවිගමෙන දූරීභූතෙති අත්‍ථො. විගතවලාහකෙති අපගතමෙඝෙ, දෙවෙති ආකාසෙ. ආකාසගතං තමගතන‍්ති ආකාසගතං තමං. පුථුසමණබ්‍රාහ‍්මණපරප‍්පවාදෙති පුථූනං සමණබ්‍රාහ‍්මණසඞ‍්ඛාතානං පරෙසං වාදෙ. අභිවිහච‍්චාති අභිහන‍්ත්‍වා. භාසතෙ ච තපතෙ ච විරොචතෙ චාති සරදකාලෙ මජ‍්ඣන‍්හිකසමයෙ ආදිච‍්චොව ඔභාසං මුඤ‍්චති තපති විජ‍්ජොතතීති.

විද්ධෙ යනු වළාකුළු පහවීමෙන් දුරු වූ යන අර්ථයි. විගතවළාහකෙ පහ වූ වැස්ස ඇති. දෙවෙ අහසෙහි ආකාසගතං තමගතං අහසෙහි වූ අඳුරු ගතිය. පුථු සමණ බ්‍රාහ්මණ පරප්පවාදෙ බොහෝ වූ මහණ බමුණු සංඛ්‍යාත අනුන්ගේ වාදයෙහි, අභිවිභච්ච වෙසෙසින් නසා භාස තෙ ච තපතෙ ච, විරොචති සරත් කාලයේ මධ්‍යාහ්නයේ හිරු මෙන් ආලෝකය පතුරුවයි. දිලිසෙයි. බබළයි.

ඉදං පන සුත‍්තං දෙවතානං අතිවිය පියං මනාපං. තත්‍රිදං වත්‍ථු – දක‍්ඛිණදිසායං කිර හත්‍ථිභොගජනපදෙ සඞ‍්ගරවිහාරො නාම අත්‍ථි. තස‍්ස භොජනසාලද‍්වාරෙ සඞ‍්ගරරුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා රත‍්තිභාගෙ එකස‍්ස දහරස‍්ස සරභඤ‍්ඤවසෙන ඉදං සුත‍්තං ඔසාරෙන‍්තස‍්ස සුත්‍වා සාධුකාරං අදාසි. දහරො කිං එසොති ආහ. අහං, භන‍්තෙ, ඉමස‍්මිං රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතාති. කස‍්මිං දෙවතෙ පසන‍්නාසි, කිං සද‍්දෙ, උදාහු සුත‍්තෙති? සද‍්දො නාම, භන‍්තෙ, යස‍්ස කස‍්සචි හොතියෙව, සුත‍්තෙ පසන‍්නාම‍්හි. සත්‍ථාරා ජෙතවනෙ නිසීදිත්‍වා කථිතදිවසෙ ච අජ‍්ජ ච එකබ්‍යඤ‍්ජනෙපි නානං නත්‍ථීති. අස‍්සොසි ත්‍වං දෙවතෙ සත්‍ථාරා කථිතදිවසෙති? ආම, භන‍්තෙ. කත්‍ථ ඨිතා අස‍්සොසීති? ජෙතවනං, භන‍්තෙ, ගතාම‍්හි, මහෙසක‍්ඛාසු පන දෙවතාසු ආගච‍්ඡන‍්තීසු තත්‍ථ ඔකාසං අලභිත්‍වා ඉධෙව ඨත්‍වා අස‍්සොසින‍්ති. එත්‍ථ ඨිතාය සක‍්කා සුත්‍ථු සද‍්දො සොතුන‍්ති? ත්‍වං පන, භන‍්තෙ, මය‍්හං සද‍්දං සුණසීති? ආම දෙවතෙති. දක‍්ඛිණකණ‍්ණපස‍්සෙ නිසීදිත්‍වා කථනකාලො විය, භන‍්තෙ, හොතීති. කිං පන දෙවතෙ සත්‍ථු රූපං පස‍්සසීති? සත්‍ථා මමෙව ඔලොකෙතීති මඤ‍්ඤමානා සණ‍්ඨාතුං න සක‍්කොමි, භන‍්තෙති. විසෙසං පන නිබ‍්බත‍්තෙතුං අසක‍්ඛිත්‍ථ දෙවතෙති. දෙවතා තත්‍ථෙව අන‍්තරධායි. තං දිවසං කිරෙස දෙවපුත‍්තො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො. එවමිදං සුත‍්තං දෙවතානං පියං මනාපං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මේ සූත්‍රය වනාහි දෙවියන්ට ඉතාම ප්‍රිය ය. මනාප ය. එහි මෙය පුවතකි. මෙසේ අසනු ලැබේ. දකුණු දෙස හස්ති භෝග ජනපදයේ පංගුර නම් විහාරයක් ඇත. ඒ වෙහෙර දාන ශාලාව ඉදිරිපිට පංගුර (පඟුරු) ගසෙහි අධිගෘහිත දේවතාවා රාත්‍රි කාලයෙහි එක් තරුණ භික්‍ෂුවක් පද ප්‍රශ්න වශයෙන් මේ සූත්‍රය පිරිවහත්‍ර අසා (කියවනු අසා) සාධුකාර දුනි. තරුණ භික්‍ෂුව මේ කවුද කියා ඇසීය. වහන්ස, මම මේ රුකට අධිපති දේවතාවා වෙමි. දේවතාවෙනි, කුමක් නිසා පැහැදුනේ ද, ශබ්දයෙහි ද, සූත්‍රයෙහි ද ස්වාමීනි ශබ්දය නම් යම්කිසිවකුට හිමි දෙයකි. සූත්‍රයෙහි පැහැදුනෙමි. ශාස්තෲන් වහන්සේ දෙව්රමදී වදාළ දිනයෙහි ද, අද ද, එක අකුරකුදු වෙනසක් නැත. දේවතාවෙනි, තෙපි ශාස්තෲන් වදාළ දිනයෙහි ඇසුවෙහිද, එසේය ස්වාමීනි. කොහි සිටද, ස්වාමීනි දෙව්රමට ගියෙමි. එහෙත් මහේශාක්‍ය දේවතාවන් පැමිණෙන කල්හි මට ඉඩ නැතිව අවකාශ නො ලබා මෙහි සිට ඇසීමි. මෙහි සිටියවුන්ට ශාස්තෲන්ගේ ශබ්දය අසන්නට හැකි ද, වහන්ස, ඔබ නැවත මගේ හඬ අසවුද, එසේය දේවතාවෙනි, ස්වාමීනි, දකුණු කන ළඟ ඉඳගෙන කියන කලක් මෙන් ඇසීමි. කෙසේද දේවතාවෙනි, ශාස්තෲන් වහන්සේගේ රූපය දැක්කෙහිද, ශාස්තෲන් වහන්සේ මාව ම බලන සේකැයි සිතමින් සිටින්නට නො හැකි වීමි. දේවතාවෙනි, අධිගමයක් උපදවන්නට හැකි වූවෙහි ද, දේවතා තෙමේ අතුරුදන් වූහ. එදින මේ දේවතාවා සෝවාන් පෙලෙහි පිහිටියේල මෙසේ මේ සූත්‍රය දෙවියන්ට ප්‍රියය. මනාපය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාධම‍්මසමාදානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා ධම්ම සමාදාන සූත්‍ර වර්ණනාව නිමියේය.