යෙදුමෙන් කියවන්න

වීමංසකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

වීමංසකසුත‍්තවණ‍්ණනා

විමංසක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති වීමංසකසුත‍්තං. තත්‍ථ වීමංසකෙනාති තයො වීමංසකා – අත්‍ථවීමංසකො සඞ‍්ඛාරවීමංසකො සත්‍ථුවීමංසකොති. තෙසු, “පණ‍්ඩිතා හාවුසො, මනුස‍්සා වීමංසකා”ති (සං· නි· 3.2) එත්‍ථ අත්‍ථවීමංසකො ආගතො. “යතො ඛො, ආනන්‍ද, භික‍්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච හොති, පටිච‍්චසමුප‍්පාදකුසලො ච හොති, ඨානාට‍්ඨානකුසලො ච හොති, එත‍්තාවතා ඛො, ආනන්‍ද, පණ‍්ඩිතො භික‍්ඛු වීමංසකොති අලං වචනායා”ති (ම· නි· 3.124) එත්‍ථ සඞ‍්ඛාරවීමංසකො ආගතො.

එවම්මෙසුතං වීමංසක සූත්‍රයයි. එහි වීමංසකෙන යනු වීමංසකයෝ තිදෙනෙක් වෙති. අර්ථ වීමංසක, සංස්කාර වීමංසක, ශාස්තෲ වීමංසක යනුවෙනි. ඔවුනතුරෙන් පණ්ඩිතා හාවුසො මනුස්සා වීමංසකා යන මෙහි අර්ථ වීමංසක දැක්වෙයි. යතො ඛො ආනන්‍ද භික්ඛු ධාතු කුසලො ච හොති ආයතන කුසලො ච හොති, එත්තාවතා ඛො ආනන්‍ද පණ්ඩිතො භික්ඛු වීමංසකො ති අලං වචනාය යන මෙහි සංස්කාර වීමංසක ආයේය.

ඉමස‍්මිං පන සුත‍්තෙ සත්‍ථුවීමංසකො අධිප‍්පෙතො. චෙතොපරියායන‍්ති චිත‍්තවාරං චිත‍්තපරිච‍්ඡෙදං. සමන‍්නෙසනාති එසනා පරියෙසනා උපපරික‍්ඛා. ඉති විඤ‍්ඤාණායාති එවං විජානනත්‍ථාය.

මේ සූත්‍රයෙහි ශාස්තෲ වීමංසක අදහස් කර ඇත්තේ ය. චෙතො පරියාය චිත්ත පරිච්ඡේදය. සමන්නෙසනා සෙවීම හාත්පසින් සෙවීම, පරීක්‍ෂා කිරීම, ඉති විඤ්ඤාණය මෙසේ දැන ගැනීම පිණිස,

ද‍්වීසු ධම‍්මෙසු තථාගතො සමන‍්නෙසිතබ‍්බොති ඉධ කල්‍යාණමිත‍්තූපනිස‍්සයං දස‍්සෙති. මහා හි එස කල්‍යාණමිත‍්තූපනිස‍්සයො නාම. තස‍්ස මහන‍්තභාවො එවං වෙදිතබ‍්බො – එකස‍්මිං හි සමයෙ ආයස‍්මා ආනන්‍දො උපඩ‍්ඪං අත‍්තනො ආනුභාවෙන හොති, උපඩ‍්ඪං කල්‍යාණමිත‍්තානුභාවෙනාති චින‍්තෙත්‍වා අත‍්තනො ධම‍්මතාය නිච‍්ඡෙතුං අසක‍්කොන‍්තො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි, – “උපඩ‍්ඪමිදං, භන‍්තෙ, බ්‍රහ‍්මචරියස‍්ස, යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතා”ති.

ද්වීසු ධම්මෙසු තථාගතො සමන්නෙසිතබ්බො මෙහි කල්‍යාණ මිත්‍රයාගේ උපනිශ්‍රය දක්වන සේක. මේ කල්‍යාණ මිත්‍ර සේවනය ආශ්‍රය නම් මහත්ය. ඔහුගේ මහත් බව මෙසේ දතයුතු. එක් අවස්ථාවෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බ්‍රහ්ම චරියාවෙන් භාගයක් තමන්ගේ ආනුභාවයෙන් වෙයි. භාගයක් කල්‍යාණ මිත්‍ර ආනුභාවයෙන් වෙත්යයි සිතා තමන්ගේ නුවණින් නිශ්චය කරන්නට නො හැකිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාළේය - ස්වාමීනි, යම් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බවක් වේද කල්‍යාණ සහායයන් ඇති බවක් වේද, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බවක් වේද, මෙය මාර්ග බ්‍රහ්මචරියාවේ අර්ධයකැයි

භගවා ආහ – “මා හෙවං, ආනන්‍ද, මා හෙවං, ආනන්‍ද, සකලමෙවිදං, ආනන්‍ද, බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා, කල්‍යාණසම‍්පවඞ‍්කතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං, ආනන්‍ද, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙස‍්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරිස‍්සති. කථඤ‍්චානන්‍ද, භික‍්ඛු කල්‍යාණමිත‍්තො…පෙ… අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොති. ඉධානන්‍ද, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති…පෙ… සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං එවං ඛො, ආනන්‍ද, භික‍්ඛු කල්‍යාණමිත‍්තො…පෙ… බහුලීකරොති, තදමිනාපෙතං, ආනන්‍ද, පරියායෙන වෙදිතබ‍්බං. යථා සකලමෙවිදං බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත‍්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම‍්පවඞ‍්කතා. මමඤ‍්හි, ආනන්‍ද, කල්‍යාණමිත‍්තං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති. ජරාධම‍්මා…පෙ… සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්තී”ති (සං· නි· 5.2).

භාග්‍යවතුන් වහන්සේ වදාළහ - ආනන්ද එසේ නො කියව, ආනන්ද එසේ නොකියව, ආනන්ද යම් මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බවක්, කල්‍යාණ සහායයන් ඇති බවක්, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු බවක් වේද මෙය සියලුම මාර්ග බ්‍රහ්මචරියාව වෙයි. ආනන්ද කල්‍යාණ මිත්‍රයන් ඇති කල්‍යාණ සහායයන් ඇති, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු මහණ හට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ ය යන යමක් ඇද්ද, මෙය කැමති විය යුතුයි. ආනන්ද, මහණතෙම කල්‍යාණ මිත්‍රයන් ඇතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩන්නේ ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ බහුල කරන්නේද, ආනන්ද මේ ශාසනයේ භික්‍ෂුව සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ සම්‍යක් සමාධිය වඩයි. -පෙ- ආනන්ද මෙසේ භික්‍ෂුව කලණ මිතුරන් ඇත්තේ -පෙ- ආනන්ද යම් කලණ මිතුරන් ඇති බවත්, කලණ යහළුවන් ඇති බවත්, කළණ මිතුරන් කෙරෙහි නැමුණු බවත්, වේද යමසේ සියලු බඹසර වේද, මේ කරුණ මතු දක්වන ක්‍රමයෙන් දතයුතු. ආනන්ද කලණ මිතුරා මා කරා පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ජාතියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්වයෝ -පෙ- ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස, ස්වභාව කොට ඇති සත්ත්වයෝ ශෝක පරිදේව දුක් දෝමනස්සයන්ගෙන් මිදේ.

භික‍්ඛූනං බාහිරඞ‍්ගසම‍්පත‍්තිං කථෙන‍්තොපි ආහ – “බාහිරං, භික‍්ඛවෙ, අඞ‍්ගන‍්ති කරිත්‍වා නාඤ‍්ඤං එකඞ‍්ගම‍්පි සමනුපස‍්සාමි, යං එවං මහතො අත්‍ථාය සංවත‍්තති, යථයිදං, භික‍්ඛවෙ, කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තතා, භික‍්ඛවෙ, මහතො අත්‍ථාය සංවත‍්තතී”ති (අ· නි· 1.113). මහාචුන්‍දස‍්ස කිලෙසසල‍්ලෙඛපටිපදං කථෙන‍්තොපි, “පරෙ පාපමිත‍්තා භවිස‍්සන‍්ති, මයමෙත්‍ථ කල්‍යාණමිත‍්තා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො”ති (ම· නි· 1.83) ආහ.

භික්‍ෂූන්ට බාහිරංග සමාපත්තිය වදාරමින් මෙසේ වදාළහ. ‘මහණෙනි, යම් කරුණක් මෙසේ මහත් වූ අර්ථය පිණිස පවතීද මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව යම්සේද, එබඳු වූ බාහිර අංගය කොට අන් එක ද කරුණක් එම නො දක්මි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති බව මහත් අර්ථය පිණිස පවත්නේම ය. මහා චුන්ද තෙරුන්ට කෙලෙස් ලිහා දමන පිළිවෙත වදාරන්නාහු අන්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වෙති. අපි මෙහි දී කල්‍යාණ මිත්‍රයන් ඇත්තෝ වෙමු යි සැලකිය යුතුය.

මෙඝියත්‍ථෙරස‍්ස විමුත‍්තිපරිපාචනියධම‍්මෙ කථෙන‍්තොපි, “අපරිපක‍්කාය, මෙඝිය, චෙතොවිමුත‍්තියා පඤ‍්ච ධම‍්මා පරිපාකාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච? ඉධ, මෙඝිය, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති”ති (උදා· 31) කල්‍යාණමිත‍්තූපනිස‍්සයමෙව විසෙසෙසි. පියපුත‍්තස‍්ස රාහුලත්‍ථෙරස‍්ස අභිණ‍්හොවාදං දෙන‍්තොපි –

මේඝිය තෙරුන්ට විමුක්තිය මුහුකුරුවන ධර්මයන් වදාරන්නාහූ මේඝිය, මුහුකුරා නොගිය චිත්ත විමුත්තිහුගේ මේරීම පිණිස ධර්මයෝ පස්දෙනෙක් හේතු වේ. කවර පස් දෙනෙක් ද මේ ශාසනයෙහි භික්‍ෂුව කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ වෙයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රයම විශේෂයි. පිය පුත් රාහුල තෙරුන්ට නිතර අවවාද දෙන සේක් -

“මිත‍්තෙ භජස‍්සු කල්‍යාණෙ, පන‍්තඤ‍්ච සයනාසනං; විවිත‍්තං අප‍්පනිග‍්ඝොසං, මත‍්තඤ‍්ඤූ හොහි භොජනෙ.

කල්‍යාණ මිත්‍රයන් සේවනය කරව, ජනාකීර්ණ නොවූ ජනයාගේ සෝෂා රහිත වූ, වනයෙහි ඉතා දුර වූ, සෙනසුන සේවනය කරව, භෝජනයෙහි පමණ දැනගනුව.

චීවරෙ පිණ‍්ඩපාතෙ ච, පච‍්චයෙ සයනාසනෙ; එතෙසු තණ‍්හං මාකාසි, මා ලොකං පුනරාගමී”ති. (සු· නි· 340, 341) –

චීවරයෙහි ද පිණ්ඩපාතයෙහි ද ගිලාන ප්‍රත්‍යයෙහි ද සේනාසනයෙහිද යන සිවුපසයෙහි තණ්හාව නො කරව. මේ ලෝකයට ප්‍රතිසන්ධි වශයෙන් නැවත නො පැමිණෙව.

කල්‍යාණමිත‍්තූපනිස‍්සයමෙව සබ‍්බපඨමං කථෙසි.

කල්‍යාණ මිත්‍රයන්ගේ උපනිශ්‍රයම සියල්ලට පෙර වදාළහ.

එවං මහා එස කල්‍යාණමිත‍්තූපනිස‍්සයො නාම. ඉධාපි තං දස‍්සෙන‍්තො භගවා ද‍්වීසු ධම‍්මෙසු තථාගතො සමන‍්නෙසිතබ‍්බොති දෙසනං ආරභි. පණ‍්ඩිතො භික‍්ඛු ද‍්වීසු ධම‍්මෙසු තථාගතං එසතු ගවෙසතූති අත්‍ථො.

මෙසේ කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නම් මහත් වේ. මෙහිද එය දක්වන භාග්‍යවතුන් වහන්සේ ද්වීසු ධම්මෙසු තථාගතො සමන්තෙසි තබ්බො ආදී වශයෙන් දේශනාව ආරම්භ කළ සේක. නුවණැති භික්‍ෂුව ධර්ම දෙකක් සඳහා තථාගතයන් සොයාවා පරීක්‍ෂා කෙරේවා.

එතෙන භගවා අයං මහාජච‍්චොති වා, ලක‍්ඛණසම‍්පන‍්නොති වා, අභිරූපො දස‍්සනීයොති වා, අභිඤ‍්ඤාතො අභිලක‍්ඛිතොති වා, ඉමං නිස‍්සායාහං චීවරාදයො පච‍්චයෙ ලභිස‍්සාමීති වා, එවං චින‍්තෙත්‍වා මං නිස‍්සාය වසනකිච‍්චං නත්‍ථි. යො පන එවං සල‍්ලක‍්ඛෙති, “පහොති මෙ එස සත්‍ථා හුත්‍වා සත්‍ථුකිච‍්චං සාධෙතු”න‍්ති, සො මං භජතූති සීහනාදං නදති. බුද‍්ධසීහනාදො කිර නාමෙස සුත‍්තන‍්තොති.

භාග්‍යවතුන් වහන්සේ මේ මගින්, මෙතෙම මහා ජාති ඇත්තෙකැයි හෝ මනා රූප ඇති දැකීමට සුදුස්සෙකැයි හෝ ප්‍රසිද්ධ වූවෙක අභිලක්‍ෂිතයෙකැයි හෝ මොහු නිසා මම චීවරාදී සිව්පසය ලබන්නෙමැයි හෝ මෙසේ සිතා ඇසුරු කිරීමෙන් වැඩක් නැත. මෙතෙම මට ශාස්තෲවැ ශාස්තෲ කෘත්‍යය සිදු කරන්නට පොහොසත්දැයි හෙතෙම මා සේවනය කෙරේවයි සිංහනාද කළ සේක. මේ සූත්‍රය බුද්ධ සිංහනාද වීල.

ඉදානි තෙ ද‍්වෙ ධම‍්මෙ දස‍්සෙන‍්තො චක‍්ඛුසොතවිඤ‍්ඤෙය්‍යෙසූති ආහ. තත්‍ථ සත්‍ථු කායිකො සමාචාරො වීමංසකස‍්ස චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො නාම. වාචසිකො සමාචාරො සොතවිඤ‍්ඤෙය්‍යො ධම‍්මො නාම. ඉදානි තෙසු සමන‍්නෙසිතබ‍්බාකාරං දස‍්සෙන‍්තො යෙ සංකිලිට‍්ඨාතිආදිමාහ. තත්‍ථ සංකිලිට‍්ඨාති කිලෙසසම‍්පයුත‍්තා. තෙ ච න චක‍්ඛුසොතවිඤ‍්ඤෙය්‍යා. යථා පන උදකෙ චලන‍්තෙ වා පුප‍්ඵුළකෙ වා මුඤ‍්චන‍්තෙ අන‍්තො මච‍්ඡො අත්‍ථීති විඤ‍්ඤායති, එවං පාණාතිපාතාදීනි වා කරොන‍්තස‍්ස, මුසාවාදාදීනි වා භණන‍්තස‍්ස කායවචීසමාචාරෙ දිස‍්වා ච සුත්‍වා ච තංසමුට‍්ඨාපකචිත‍්තං සංකිලිට‍්ඨන‍්ති විඤ‍්ඤායති. තස‍්මා එවමාහ. සංකිලිට‍්ඨචිත‍්තස‍්ස හි කායවචීසමාචාරාපි සංකිලිට‍්ඨායෙව නාම. න තෙ තථාගතස‍්ස සංවිජ‍්ජන‍්තීති න තෙ තථාගතස‍්ස අත්‍ථි. න උපලබ‍්භන‍්තීති එවං ජානාතීති අත්‍ථො.

දැන් ඒ ධර්මයන් දෙදෙනා දක්වන්නේ චක්ඛු සොත විඤ්ඤෙය්‍යුං යන්න වදාළහ. එහි ශාස්තෲන්ගේ කායික සමාචාර්ය විමසන්නහුගේ චක්‍ෂුර් විඥානයෙන් දතයුතු ධර්මය නම් වාචසික සමාචාරය. ශ්‍රොත විඤ්ඤාණයන්ගෙන් දතයුතු ධර්මය නමි. දැන් ඒ ධර්මය විමසිය යුතු ආකාරය දක්වන සේක්, යෙ සංකිලිට්ඨා යනාදිය වදාළහ. එහි සංකිලිට්ඨා කෙලෙසුන්ගෙන් යුක්ත වූවාහු ඔව්හූ චක්ඛු සෝත විඤ්ඤාණයන්ගෙන් දතයුතු නොවේ. යම්සේ දිය සැලෙන කල්හි හෝ බුබුළු නැගෙන කල්හි ඇතුළත මත්ස්‍යයෝ ඇතැයි හැඟේ ද, එපරිද්දෙන් ප්‍රාණඝාතාදිය කරන්නහුගේ, බොරු කියන්නහුගේ, කාය වාග් සමාචාරයක් ඇත්තේද, දැක්කේද ඇසුයේද, එය උපදවන සිත කිලිටු වේ යයි දනී. කිලුටු සිත් ඇත්තහුගේ කාය වාක් සමාචාරයෝ ද කිලුටු වූවාහුමය. නතෙ තථාගතස්ස සංවිජ්ජන්ති ඒ සමාචාරයෝ තථාගතයන්ගේ නැත. නො ලබති. මෙසේ ඇනගනී යන අර්ථයි. නැතිහෙයින් එය නොලබති. මෙසේ දැනගනී යන අර්ථයි.

නත්‍ථිතායෙව හි තෙ න උපලබ‍්භන‍්ති න පටිච‍්ඡන‍්නතාය. තථා හි භගවා එකදිවසං ඉමෙසු ධම‍්මෙසු භික‍්ඛුසඞ‍්ඝං පවාරෙන‍්තො ආහ – “හන්‍ද දානි, භික‍්ඛවෙ, පවාරෙමි වො, න ච මෙ කිඤ‍්චි ගරහථ කායිකං වා වාචසිකං වා”ති. එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච – “න ඛො මයං, භන‍්තෙ, භගවතො කිඤ‍්චි ගරහාම කායිකං වා වාචසිකං වා. භගවා හි, භන‍්තෙ, අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා, අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජානෙතා, අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා, මග‍්ගඤ‍්ඤූ මග‍්ගවිදූ මග‍්ගකොවිදො. මග‍්ගානුගා ච, භන‍්තෙ, එතරහි සාවකා විහරන‍්ති පච‍්ඡාසමන‍්නාගතා”ති (සං· නි· 1.215). එවං පරිසුද‍්ධා තථාගතස‍්ස කායවචීසමාචාරා.

නැති හෙයින් ම නො ලබති. ප්‍රතිච්ඡන්න වූ නිසා නොවේ. භාග්‍යවතුන් වහන්සේ එක් දවසක් මේ ධර්මයන් කෙරෙහි භික්‍ෂු සංඝයා පවරමින් මෙසේ වදාළහ. හන්‍දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො නච මෙ කිඤ්චි ගරහථ කායිකං වා වාචසිකං වා, මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් හුන් අසුනෙන් නැගී සිට සඟල සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවක වැඩසිටීද, ඒ දිසාවට ඇඳිලි බැඳ වැඳගෙන භාග්‍යවතුන්ට මෙසේ කීහ. ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ කායික හෝ වාචසික හෝ කිසිදු සමාචාරයක් නො ගරහමු. ස්වාමීනි, යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නේ ය. ජනිත නොකළ මාර්ගය ජනනය කරවන්නේ ය. ප්‍රකාශ නොකළ මාර්ගය ප්‍රකාශ කරන්නේ ය. මාර්ගය විශේෂයෙන් දන්නෝ ය. මාර්ගයෙහි දක්‍ෂයහ. තව ද ස්වාමීනි, මෙකල මාර්ගය අනුව යන්නා වූද, පසුව යෙදුනා වූද ශ්‍රාවකයෝ වාසය කරති. මෙසේ තථාගතයන්ගේ කාය වාග් සමාචාර පිරිසිදු වූවාහුමය.

උත‍්තරොපි සුදං මාණවො තථාගතස‍්ස කායවචීද‍්වාරෙ අනාරාධනීයං කිඤ‍්චි පස‍්සිස‍්සාමීති සත‍්ත මාසෙ අනුබන්‍ධිත්‍වා ලික‍්ඛාමත‍්තම‍්පි න අද‍්දස. මනුස‍්සභූතො වා එස බුද‍්ධභූතස‍්ස කායවචීද‍්වාරෙ කිං අනාරාධනීයං පස‍්සිස‍්සති? මාරොපි දෙවපුත‍්තො බොධිසත‍්තස‍්ස සතො මහාභිනික‍්ඛමනතො පට‍්ඨාය ඡබ‍්බස‍්සානි ගවෙසමානො කිඤ‍්චි අනාරාධනීයං නාද‍්දස, අන‍්තමසො චෙතොපරිවිතක‍්කමත‍්තම‍්පි. මාරො කිර චින‍්තෙසි – “සචස‍්ස විතක‍්කිතමත‍්තම‍්පි අකුසලං පස‍්සිස‍්සාමි, තත්‍ථෙව නං මුද‍්ධනි පහරිත්‍වා පක‍්කමිස‍්සාමී”ති. සො ඡබ‍්බස‍්සානි අදිස‍්වා බුද‍්ධභූතම‍්පි එකං වස‍්සං අනුබන්‍ධිත්‍වා කිඤ‍්චි වජ‍්ජං අපස‍්සන‍්තො ගමනසමයෙ වන්‍දිත්‍වා –

උත්තර මානවක තෙමේත් තථාගතයන්ගේ කාය වාග් සමාචාරයේ සිත් නොගන්නා කිසිවක් දක්නෙම්, සත්මසක් මුළුල්ලෙහි ලුහුබැඳ අල්ප මාත්‍රයකුත් නො දැක්කහ. මනුෂ්‍ය වූ හෝ මෙ තෙමේ බුදුබවට පැමිණියහුගේ කාය වාග් ද්වාරයන්හි සිත් නොගන්නා කුමක් දකින්නේද, මාරදෙව් පුත් ද බෝසතුන්ගේ මහාභිනිෂ්ක්‍රමණයේ සිට සයවසක් විමසමින් සිත් නොගන්නා කිසිවක්, යටත්පිරිසෙයින් හිතේ විතර්ක මාත්‍රයකුදු නොදැක්කහ. මාරයා මෙසේ සිතීල. ඉදින් මොහු විතර්ක කළ පමණකුදු, අකුශලයක් දක්නෙම් නම්, ඒ විගසම එහිදීම ඔහුගේ මුදුනට පහර දී යන්නෙමි. හෙතෙම අවුරුදු හයක්ම නො දැක බුදුවීමෙන් පසුව එක් අවුරුද්දක් ලුහුබැඳ කිසි වරදක් විතර්කයක් නො දක්නේ, ආපසු යනවිට වැඳ -

“මහාවීර මහාපුඤ‍්ඤං, ඉද‍්ධියා යසසා ජලං; සබ‍්බවෙරභයාතීතං, පාදෙ වන්‍දාමි ගොතම”න‍්ති. (සං· නි· 1.159) –

මහාවීර මහාපඤ්ඤ - ඉද්ධියා යසසා ජලං සබ්බ වෙර භයානීත - පාදෙ වන්‍දා ගොතම

මහාවීර වූ, මහාප්‍රාඥ වූ, සෘද්ධියෙන් ද, යසසින් ද, දිලිසෙන්නා වූ සියලු අකුශල වෛරයන්, පුද්ගල වෛරයන්, දුගති භය ආදිය ඉක්මවා සිටි ඔබවහන්සේ ගේ පා වඳිමි.

ගාථං වත්‍වා ගතො.

ගාථාව කියා ගියේය.

වීතිමිස‍්සාති කාලෙ කණ‍්හා, කාලෙ සුක‍්කාති එවං වොමිස‍්සකා. වොදාතාති පරිසුද‍්ධා නික‍්කිලෙසා. සංවිජ‍්ජන‍්තීති වොදාතා ධම‍්මා අත්‍ථි උපලබ‍්භන‍්ති. තථාගතස‍්ස හි පරිසුද‍්ධා කායසමාචාරාදයො. තෙනාහ –

වීතිමිස්සා එක්කලෙක කළු වුයේ, එක් කලෙක සුදු වූයේ යයි ව්‍යතිමිත්‍ර වූ, වොදානා පිරිසිදු වූ නිකෙලෙස් වූ, සංවිජ්ජන්ති පිරිසිදු වූ ධර්මයෝ ඇත. ලැබෙත්. තථාගතයන්ගේ කාය සමාචාරාදිය පිරිසිදු වූහ. එහෙයින් කීහ -

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, තථාගතස‍්ස අරක‍්ඛෙය්‍යානි. කතමානි චත‍්තාරි? පරිසුද‍්ධකායසමාචාරො, භික‍්ඛවෙ, තථාගතො, නත්‍ථි තථාගතස‍්ස කායදුච‍්චරිතං, යං තථාගතො රක‍්ඛෙය්‍ය, ‘මා මෙ ඉදං පරො අඤ‍්ඤාසී’ති. පරිසුද‍්ධවචීසමාචාරො… පරිසුද‍්ධමනොසමාචාරො… පරිසුද‍්ධාජීවො, භික‍්ඛවෙ, තථාගතො, නත්‍ථි තථාගතස‍්ස මිච‍්ඡාජීවො, යං තථාගතො රක‍්ඛෙය්‍ය, මා මෙ ඉදං පරො අඤ‍්ඤාසී”ති (අ· නි· 7.58).

‘මහණෙනි, තථාගතයන්ගේ නො රැක්ක යුතු ධර්ම සතරක් වෙති. කවර සතරක්ද, මාගේ මේ කර්මය අනිකකු නො දැකීමයි. තථාගතයෝ කිසියම් දුශ්චරිතයක් නො කරන්නෝ ය. වචී සමාර, මනෝ සමාචාර, මහණෙනි තථාගතයෝ පරිසුද්ධ ආජීව ඇත්තාහ. මාගේ මේ කර්මය කිසිවකු නො දක්වායි තථාගත තෙමේ යම් මිථ්‍යා ජීවයක් දරන්නේ ද රක්නේ ද එබඳු මිථ්‍යාජීවයක් තථාගතයන්ට නැත.’

ඉමං කුසලං ධම‍්මන‍්ති ඉමං අනවජ‍්ජං ආජීවට‍්ඨමකසීලං. “අයමායස‍්මා සත්‍ථා කිං නු ඛො දීඝරත‍්තං සමාපන‍්නො අතිචිරකාලතො පට‍්ඨාය ඉමිනා සමන‍්නාගතො, උදාහු ඉත‍්තරසමාපන‍්නො හිය්‍යො වා පරෙ වා පරසුවෙ වා දිවසෙ සමාපන‍්නො”ති එවං ගවෙසතූති අත්‍ථො.

ඉමං කුසලං මේ ආජීව අෂ්ඨමක සීලයට ශාස්තෲ තෙම පැමිණ බොහෝ කලක් වන්නේ ද, බොහෝ කලක පටන් මෙයින් යුක්ත වූයේ ද, එසේ නැතිනම් පැමිණ මද කලක් ඇත්තේ ද, ඊයේ පෙරේදා හෝ ඊට පළමුදා පැමිණියේ වේද, විමසන අර්ථයි.

එකච‍්චෙන හි එකස‍්මිං ඨානෙ වසන‍්තෙන බහු මිච‍්ඡාජීවකම‍්මං කතං, තං තත්‍ථ කාලාතික‍්කමෙ පඤ‍්ඤායති, පාකටං හොති. සො අඤ‍්ඤතරං පච‍්චන‍්තගාමං වා සමුද‍්දතීරං වා ගන‍්ත්‍වා පණ‍්ණසාලං කාරෙත්‍වා ආරඤ‍්ඤකො විය හුත්‍වා විහරති. මනුස‍්සා සම‍්භාවනං උප‍්පාදෙත්‍වා තස‍්ස පණීතෙ පච‍්චයෙ දෙන‍්ති. ජනපදවාසිනො භික‍්ඛූ තස‍්ස පරිහාරං දිස‍්වා, “අතිදප‍්පිතො වතායං ආයස‍්මා, කො නු ඛො එසො”ති පරිග‍්ගණ‍්හන‍්තා, “අසුකට‍්ඨානෙ අසුකං නාම මිච‍්ඡාජීවං කත්‍වා පක‍්කන‍්තභික‍්ඛූ”ති ඤත්‍වා න සක‍්කා ඉමිනා සද‍්ධිං උපොසථො වා පවාරණා වා කාතුන‍්ති සන‍්නිපතිත්‍වා ධම‍්මෙන සමෙන උක‍්ඛෙපනීයාදීසු අඤ‍්ඤතරං කම‍්මං කරොන‍්ති. එවරූපාය පටිච‍්ඡන‍්නපටිපත‍්තියා අත්‍ථිභාවං වා නත්‍ථිභාවං වා වීමංසාපෙතුං එවමාහ.

එකකු විසින් එකම තැනක බොහෝකල් වසන්නාහු නම් මිථ්‍යාජීව කර්ම කරන ලද්දේ වෙයි. කල් ඉක්මයාමේ දී එය පෙනෙයි. ප්‍රකට වෙයි. හෙතෙම එක්තරා පසල් ගමක හෝ, මුහුදු තීරයට හෝ ගොස් පන්සලක් කරවා ආරණ්‍යයක මෙන් වසයි. මිනිස්සු බුහුමන් උපදවා ඔහුට ප්‍රණීත වූ ප්‍රත්‍යයන් දෙති. ජනපදවාසී භික්‍ෂූහු ඔහුගේ පිරිවර, පෙරහැර දැක ‘ඒකාන්තයෙන් මේ භික්‍ෂුව ඉතා දැපුනෙකු විය යුතුය. මේ කවරෙක්දැයි විමසන්නාහු අසවල් තැන අසවල් මිථ්‍යාජීවය කොට (වැරදි විදියට ජීවත් වී) පැනගිය පුද්ගලයා යයි දැන, ‘මොහු සමග පොහොය කිරීම් ආදී විනය කර්ම කරන්නට නො පුළුවනැයි, භික්‍ෂූන් රැස්ව දැහැමෙන් සෙමෙන් උක්ඛේපනීය ආදී විනය කර්මයක් කරත්. මෙබඳු වූ පිළිකෙව් කරන්නා වූ ප්‍රතිපත්ති ඇති බව හෝ නැති බව විමසන්නට මෙසේ වදාළහ.

එවං ජානාතීති දීඝරත‍්තං සමාපන‍්නො, න ඉත‍්තරසමාපන‍්නොති ජානාති. අනච‍්ඡරියං චෙතං. යං තථාගතස‍්ස එතරහි සබ‍්බඤ‍්ඤුතං පත‍්තස‍්ස දීඝරත‍්තං ආජීවට‍්ඨමකසීලං පරිසුද‍්ධං භවෙය්‍ය. යස‍්ස බොධිසත‍්තකාලෙපි එවං අහොසි.

එවං ජානාති බොහෝ කලක පටන් පැමිණියේ ය. පැමිණීම ද කල් ඇතිව නොවේ යයි දැනගනී. තව ද මෙකල්හි සර්වඥ බවට පැමිණි තථාගතයන් ගේ ආජීව අට්ඨමක සීලය බොහෝකල් සිට පිරිසිදු වන්නේ ද, බෝසත්ව හැසිරෙන කාලයේ ද, යමෙකුගේ සීලය මෙසේ පිරිසිදු වී ද එනිසා මෙහි පුදුම විය යුත්තක් නැත්තේ ය.

අතීතෙ කිර ගන්‍ධාරරාජා ච වෙදෙහරාජා ච ද‍්වෙපි සහායකා හුත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා රජ‍්ජානි පුත‍්තානං නිය්‍යාතෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා එකස‍්මිං අරඤ‍්ඤගාමකෙ පිණ‍්ඩාය චරන‍්ති. පච‍්චන‍්තො නාම දුල‍්ලභලොණො හොති. තතො අලොණං යාගුං ලභිත්‍වා එකිස‍්සාය සාලාය නිසීදිත්‍වා පිවන‍්ති. අන‍්තරන‍්තරෙ මනුස‍්සා ලොණචුණ‍්ණං ආහරිත්‍වා දෙන‍්ති. එකදිවසං එකො වෙදෙහිසිස‍්ස පණ‍්ණෙ පක‍්ඛිපිත්‍වා ලොණචුණ‍්ණං අදාසි. වෙදෙහිසි ගහෙත්‍වා උපඩ‍්ඪං ගන්‍ධාරිසිස‍්ස-සන‍්තිකෙ ඨපෙත්‍වා උපඩ‍්ඪං අත‍්තනො සන‍්තිකෙ ඨපෙසි. තතො ථොකං පරිභුත‍්තාවසෙසං දිස‍්වා, “මා ඉදං නස‍්සී”ති පණ‍්ණෙන වෙඨෙත්‍වා තිණගහනෙ ඨපෙසි. පුන එකස‍්මිං දිවසෙ යාගුපානකාලෙ සතිං කත්‍වා ඔලොකෙන‍්තො තං දිස‍්වා ගන්‍ධාරිසිං උපසඞ‍්කමිත්‍වා, “ඉතො ථොකං ගණ‍්හථ ආචරියා”ති ආහ. කුතො තෙ ලද‍්ධං වෙදෙහිසීති? තස‍්මිං දිවසෙ පරිභුත‍්තාවසෙසං “මා නස‍්සී”ති මයා ඨපිතන‍්ති. ගන්‍ධාරිසි ගහෙතුං න ඉච‍්ඡති, අලොණකංයෙව යාගුං පිවිත්‍වා වෙදෙහං ඉසිං අවොච –

අතීතයේ ගන්ධාර රට ගන්ධාර රජු ද, විදේහ රජු ද යහළුවෝ වැ කාමයන්හි ආදීනව දැන, රාජ්‍යයන්ට පුතුන්ට භාර දී, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව, එක්තරා කැලෑබද ගමක පිඬු පිණිස හැසිරෙත්. පිටිසර ප්‍රදේශයේ ලුණු ලැබීම දුෂ්කරය. ඔහු ලුණු නැති කැඳ ලැබී එක් ශාලාවෙක හිඳ කැඳ බොති. අතරින් අතර (ඉඳහිට) මිනිස්සු ලුණු කුඩු ගෙනැවිත් දෙති. එක් දවසක් වේදේහ ඍෂි හට කොළයක ඔතා ලුණු කුඩු දුන්නේ ය. වේදේහ ඍෂි එය ගෙන අඩක් ගන්ධාර ඍෂීන් සමීපයේ තබා, අඩක් තමන් සමීපයෙහි තබා ගත්තේය. එයින් මදක් වළඳා ඉතිරි වූ ලුණු සුණු ටික කොළයෙන් ඔතා මෙය නැති නොවේවයි සිතා තණ පඳුරක තැබීය. නැවත එක් දිනක් කැඳ බොන විටකදී සිහිපත් කර බලා ඒ ලුණු ගෙන ගන්ධාර ඍෂීන් වෙත පැමිණ ආචාරීනි මෙයින් මදක් ගත මැනවැයි කීය. වේදේහ ඍෂිය තොප විසින් කොයින් ලදද, එදා වළඳා ඉතිරි ලුණු ටික නො නසීවයි තබන ලදැයි වේදේහ ඍෂි කීය. ගන්ධාර සෘෂි එය ගන්නට අකමැතිව, ලුණු නැති කැඳ බී වේදේහ සෘෂිට මෙසේ කීහ -

“හිත්‍වා ගාමසහස‍්සානි, පරිපුණ‍්ණානි සොළස; කොට‍්ඨාගාරානි ඵීතානි, සන‍්නිධිං දානි කුබ‍්බසී”ති. (ජා· 1.7.76);

හිත්‍වා ගාම සහස්සානි - පරිපුණ්ණානි සොළස කොට්ඨාගාරානි ඵීතානි - සන්නිධිං දානි කුබ්බසී

සම්පූර්ණ වූ සොළොස් දහසක් ගම් ද, රන්රුවන් පිරි කොටු ගුල්ද හැරදමා දැන් ලුණු සුණු ටිකක් රැස් කරන්නෙහි.

වෙදෙහිසි අවොච – “තුම‍්හෙ රජ‍්ජං පහාය පබ‍්බජිතා, ඉදානි කස‍්මා ලොණචුණ‍්ණමත‍්තසන‍්නිධිකාරණා පබ‍්බජ‍්ජාය අනුච‍්ඡවිකං න කරොථා”ති? කිං මයා කතං වෙදෙහිසීති? අථ නං ආහ –

වේදේහ ඍෂි මෙසේ කීය. නුඹවහන්සේ රාජ්‍යය හැරදමා පැවිදි වී දැන් ලුණු කුඩු ටිකක් රැස්කිරීමෙන් පැවිද්දට නුසුදුසු වූවක් නො කරන්නාහුද, වේදේහ ඍෂිය මා විසින් කුමක් කරන ලදද, එකල්හි ගන්ධාර ඍෂීන්ට මෙසේ කීහ.

“හිත්‍වා ගන්‍ධාරවිසයං, පහූතධනධාරියං; පසාසනතො නික‍්ඛන‍්තො, ඉධ දානි පසාසසී”ති. (ජා· 1.7.77);

හිත්‍වා ගන්‍ධාර විසයං - පහූත ධන ධානියං පසාසනාතො නික්ඛන්තො - ඉධදානි පසාසසී

පිරුණා වූ ධනධාන්‍ය ඇති ගන්ධාර දේශය හැරදමා අවවාද අනුශාසනා දානයෙන් නික්මුනේ දැන් මේ වනයෙහි මට කුමක් හෙයින් අවවාද කරන්නේ ද,

ගන්‍ධාරො ආහ –

ගන්ධාර ඍෂි මෙසේ කීය.

“ධම‍්මං භණාමි වෙදෙහ, අධම‍්මො මෙ න රුච‍්චති; ධම‍්මං මෙ භණමානස‍්ස, න පාපමුපලිම‍්පතී”ති. (ජා· 1.7.78);

ධම්මං භණාමි භද්දන්තෙ - අධම්මො මෙ න රුච්චති ධම්මං මෙ භණ මානස්ස - න පාප මුපලිප්පති

නුඹට යහපතක්ම වේවා. බුද්ධාදීන් වර්ණනා කළ ස්වභාවය වූ ප්‍රශස්ත කාරණය මට කියමි. මට අධර්ම නම් වූ ස්වභාව රුචි නො වේ. ධර්මයම කියන්නා වූ මගේ සිතේ පාපයෙක් නො ඇලෙයි.

වෙදෙහො ආහ –

වේදේහ සෘෂි කීය.

“යෙන කෙනචි වණ‍්ණෙන, පරො ලභති රුප‍්පනං; මහත්‍ථියම‍්පි චෙ වාචං, න තං භාසෙය්‍ය පණ‍්ඩිතො”ති. (ජා· 1.7.79);

යෙන කෙනචි වණ්ණෙන - පරො ලබ්භති රුප්පනං මහත්‍ථියම්පි චෙ වාචං - න තං භාසෙය්‍ය පණ්ඩිතො

දැහැමි වූ ද යම්කිසි කාරණයකින් අනුන් කිපෙනු ඇත. ඉදින් අනුන් කිපෙන්නා වූ අර්ථ රහිත ඒ වචනය පණ්ඩිතයෝ නොකියන්නාහ.

ගන්‍ධාරො ආහ –

ගන්ධාර ඍෂි කීය.

“කාමං රුප‍්පතු වා මා වා, භුසංව විකිරීයතු; ධම‍්මං මෙ භණමානස‍්ස, න පාපමුපලිම‍්පතී”ති. (ජා· 1.7.80);

කාමං රුප්පතු වා මාවා - භුසංච විකිරිය්‍යතු ධම්මං මෙ භණමානස්ස - න පාප මුපලිප්පති

ඒකාන්තයෙන් අයුක්තියක් කරනු ලබන්නෙකුට අවවාද කරනු ලබන්නේ කිපේවා හෝ නො කිපේවා හෝ, බොල් මිටක් මෙන් විසිරේවා හෝ ධර්මය කියන්නා වූ මගේ සිතේ පාපය නො ඇලේ.

තතො වෙදෙහිසි යස‍්ස සකාපි බුද‍්ධි නත්‍ථි, ආචරියසන‍්තිකෙ විනයං න සික‍්ඛති, සො අන්‍ධමහිංසො විය වනෙ චරතීති චින‍්තෙත්‍වා ආහ –

මෙසේ ද කියා නැවත යමෙකුට ස්වකීය බුද්ධියක් නැද්ද, ආචාර්යවරුන් ඉදිරියේ නො හික්මේ ද, හෙතෙම වනයෙහි අඳ මීමකු මෙන් හැසිරේ.

“නො චෙ අස‍්ස සකා බුද‍්ධි, විනයො වා සුසික‍්ඛිතො; වනෙ අන්‍ධමහිංසොව, චරෙය්‍ය බහුකො ජනො.

නො වෙ අස්ස සකා බුද්ධි - විනයො වා සුසික්ඛිතො වනෙ අන්‍ධ මහිසොව - චරෙය්‍ය බහුකො ජනො

ඉදින් ස්වකීය බුද්ධිය හෝ මනාව හික්මුණු ආචාරය විනය නැත්තේ ද එකල්හි හේ වනයෙහි අඳ මීමෙකු මෙන් හැසිරේ.

යස‍්මා ච පනිධෙකච‍්චෙ, ආචෙරම‍්හි සුසික‍්ඛිතා; තස‍්මා විනීතවිනයා, චරන‍්ති සුසමාහිතා”ති. (ජා· 1.7.81-82);

යස්මා ච පනිධෙ කච්චෙ - ආචාරම්හි සුසික්ඛිතා තස්මා විනීත විනයා - චරන්ති සුසමාහිතා

නැවත යම් හෙයකින් මේ ලෝකයේ ඇතැම් කෙනෙක් මැනවින් හික්මුණාහු වෙති ද, හික්මවන ලද විනය ඇති ඒ නුවණැත්තෝ එකඟ වූ සිත් ඇතිව හැසිරෙත්.

එවඤ‍්ච පන වත්‍වා වෙදෙහිසි අජානිත්‍වා මයා කතන‍්ති ගන්‍ධාරිසිං ඛමාපෙසි. තෙ උභොපි තපං චරිත්‍වා බ්‍රහ‍්මලොකං අගමංසු. එවං තථාගතස‍්ස බොධිසත‍්තකාලෙපි දීඝරත‍්තං ආජීවට‍්ඨමකසීලං පරිසුද‍්ධං අහොසි.

ඉක්බිති වේදේහ තවුස් තෙමේ නොදැන තමා විසින් කරන ලද වරදට ගන්ධාර ඍෂීන් ක්‍ෂමා කරවාගෙන දෙදෙනම තපස් රැක බඹලොව ගියහ. මෙසේ තථාගතයන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේ ද බොහෝ ආජීව අට්ඨමක සීලයෙන් පිරිසිදු වීය.

උත‍්තජ‍්ඣාපන‍්නො අයමායස‍්මා භික‍්ඛු යසපත‍්තොති අයමායස‍්මා අම‍්හාකං සත්‍ථා භික‍්ඛු ඤත‍්තං පඤ‍්ඤාතභාවං පාකටභාවං අජ‍්ඣාපන‍්නො නු ඛො, සයඤ‍්ච පරිවාරසම‍්පත‍්තිං පත‍්තො නු ඛො නොති. තෙන චස‍්ස පඤ‍්ඤාතජ‍්ඣාපන‍්නභාවෙන යසසන‍්නිස‍්සිතභාවෙන ච කිං එකච‍්චෙ ආදීනවා සන්‍දිස‍්සන‍්ති උදාහු නොති එවං සමන‍්නෙසන‍්තූති දස‍්සෙති. න තාව, භික‍්ඛවෙති, භික‍්ඛවෙ, යාව භික‍්ඛු න රාජරාජමහාමත‍්තාදීසු අභිඤ‍්ඤාතභාවං වා පරිවාරසම‍්පත‍්තිං වා ආපන‍්නො හොති, තාව එකච‍්චෙ මානාතිමානාදයො ආදීනවා න සංවිජ‍්ජන‍්ති උපසන‍්තූපසන‍්තො විය සොතාපන‍්නො විය සකදාගාමී විය ච විහරති. අරියො නු ඛො පුථුජ‍්ජනො නු ඛොතිපි ඤාතුං න සක‍්කා හොති.

ඤත්තජ්ඣා පන්නො අයමායස්මා භික්ඛු යසංපත්තො මේ ආයුෂ්මත් වූ අපගේ ශාස්තෲ වූ භික්‍ෂු තෙම දන්නා බවට ප්‍රකට බවට ප්‍රසිද්ධ බවට පැමිණි බැවින් ද, යසසින් යුක්ත බැවින් ද, ඇතැම් ආදීනවයෝ දක්නා ලැබේ, නැතහොත් එසේ නොවන්නේදැයි විමසනු මැනවයි දක්වන සේක. න තාව භික්ඛවෙ යම්තාක් භික්‍ෂුව රාජරාජ මහාමාත්‍යාදීන් කෙරෙහි ප්‍රසිද්ධ බවට හෝ පිරිවර බවට නො පැමිණියෝ ද, ඒ තාක් මාන අතිමාන ආදී ආදීනවයෝ නො දක්නා ලැබෙත්. අතිශයින් උපශාන්ත වූයේ සෝවාන් කෙනෙකු මෙන් ද, සකෘදාගාමී කෙනෙකු මෙන් ද, වාසය කෙරෙයි. ආර්යයෙක් ද, පෘථග්ජනයෙක් ද කියා දැනගැනීමට ද නොහැකි වෙයි.

යතො ච ඛො, භික‍්ඛවෙති යදා පන ඉධෙකච‍්චො භික‍්ඛු ඤාතො හොති පරිවාරසම‍්පන‍්නො වා, තදා තිණ‍්හෙන සිඞ‍්ගෙන ගොගණං විජ‍්ඣන‍්තො දුට‍්ඨගොණො විය, මිගසඞ‍්ඝං අභිමද‍්දමානො දීපි විය ච අඤ‍්ඤෙ භික‍්ඛූ තත්‍ථ තත්‍ථ විජ‍්ඣන‍්තො අගාරවො අසභාගවුත‍්ති අග‍්ගපාදෙන භූමිං ඵුසන‍්තො විය චරති. එකච‍්චො පන කුලපුත‍්තො යථා යථා ඤාතො හොති යසස‍්සී, තථා තථා ඵලභාරභරිතො විය සාලි සුට‍්ඨුතරං ඔනමති, රාජරාජමහාමත‍්තාදීසු උපසඞ‍්කමන‍්තෙසු අකිඤ‍්චනභාවං පච‍්චවෙක‍්ඛිත්‍වා සමණසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා ඡින‍්නවිසාණඋසභො විය, චණ‍්ඩාලදාරකො විය ච සොරතො නිවාතො නීචචිත‍්තො හුත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස චෙව සදෙවකස‍්ස ච ලොකස‍්ස, හිතාය සුඛාය පටිපජ‍්ජති. එවරූපං පටිපත‍්තිං සන්‍ධාය “නාස‍්ස ඉධෙකච‍්චෙ ආදීනවා”ති ආහ.

යතො ච ඛො භික්ඛවෙ නැවත යම් සේ මෙම ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රසිද්ධ වූයේ පිරිවර සම්පන්න වූයේ වේද එකල්හි, තියුණු අගකින් යුක්තව ගව සමූහයාට අනින්නා වූ දුෂ්ට ගොනෙකු මෙන් ද, මෘග සමූහයා විනාශකරන දිවියකු මෙන් ද, අනෙක් භික්‍ෂූන් ඒ ඒ තැන්වල ගෞරව රහිත වූයේ අසමාන පැවතුම් ඇත්තේ, අග පයින් බිම ස්පර්ශ කරමින් ඇවිදින්නේ ය. ඇතැම් කුල පුත්‍රයෙක් යම් යම් පරිද්දෙන් ප්‍රසිද්ධ වූයේ කීර්තිය ඇත්තේ වේද, ඒ ඒ පරිද්දෙන්, පල බරින් බර වූ වී කරල් මෙන් ඉතා මැනවින් පහතට නැමේ. රාජරාජ මහ ඇමතින් වෙත එළඹෙන කල්හි නිදොස් බව සිහි නුවණින් සලකා ශ්‍රමණ සංඥාව එළවා, සිඳුණු අං ඇති වෘෂභයකු මෙන් ද, සැඩොල් දරුවකු මෙන් ද, නිහතමානී යහපත් පැවතුම් ඇත්තේ, පහන් සිත් ඇතිව භික්‍ෂු සංඝයාගේ ද දෙවියන් සහිත ලෝකයාගේ ද හිත සුව පිණිස පිළි පදී. මෙබඳු වූ පිළිවෙත සඳහා නාස්ස ඉධෙකච්චෙ ආදීනවා යනුවෙන් වදාළහ.

තථාගතො පන අට‍්ඨසු ලොකධම‍්මෙසු තාදී, සො හි ලාභෙපි තාදී, අලාභෙපි තාදී, යසෙපි තාදී, අයසෙපි තාදී, පසංසායපි තාදී, නින්‍දායපි තාදී, සුඛෙපි තාදී, දුක‍්ඛෙපි තාදී, තස‍්මා සබ‍්බාකාරෙන නාස‍්ස ඉධෙකච‍්චෙ ආදීනවා සංවිජ‍්ජන‍්ති.

තථාගතයන් වහන්සේ අටලෝ දහම්හි තාදී සේක. ලාභයෙහි ද අලාභයෙහි ද තාදී සේක. කීර්තියේ දී ද අවමන් කිරීමේදී ද තාදී සේක. සුව දුක් දෙකේ දී තාදී සේක. එහෙයින් සියලු ආකාරයෙන්ම තථාගතයන්ගේ ඇතැම් ආදීනවයෝ විද්‍යමාන නොවෙත්.

අභයූපරතොති අභයො හුත්‍වා උපරතො, අච‍්චන‍්තූපරතො සතතූපරතොති අත්‍ථො. න වා භයෙන උපරතොතිපි අභයූපරතො. චත‍්තාරි හි භයානි කිලෙසභයං වට‍්ටභයං දුග‍්ගතිභයං උපවාදභයන‍්ති. පුථුජ‍්ජනො චතූහිපි භයෙහි භායති. සෙක‍්ඛා තීහි, තෙසඤ‍්හි දුග‍්ගතිභයං පහීනං, ඉති සත‍්ත සෙක‍්ඛා භයූපරතා, ඛීණාසවො අභයූපරතො නාම, තස‍්ස හි එකම‍්පි භයං නත්‍ථි. කිං පරවාදභයං නත්‍ථීති? නත්‍ථි. පරානුද‍්දයං පන පටිච‍්ච, “මාදිසං ඛීණාසවං පටිච‍්ච සත‍්තා මා නස‍්සන‍්තූ”ති උපවාදං රක‍්ඛති. මූලුප‍්පලවාපිවිහාරවාසී යසත්‍ථෙරො විය.

අභයූ පරතො නොබියව අතිශයින් ඇලුනේ නිරතුරුව ඇලුනේ වේද යන අර්ථයි. නොහොත් භයෙන් නො ඇලුනේ යන අර්ථයෙන් අභයූපරතො නම් වේ. එය සතරෙකි. ක්ලේශ භය, සංසාර භය, දුග්ගති භය, උපවාද භය යනුවෙනි. පෘථග්ජනයා මේ බිය සතරෙන්ම බිය වෙයි. ශෛක්‍ෂයෝ බිය තුනකින් බිය වෙති. ඔවුනට දුර්ගති භය නොමැත. ඉදින් සප්ත ශෛක්‍ෂයෝ බියෙන් ඇලුනාහු වෙති. ක්‍ෂීණාශ්‍රවයෝ බිය රහිත වූවෝය. ඔවුන්ට එක් බියක්වත් නැත. පරවාද බිය නැත් ද ඒ පරානුකම්පාව නිසාය. මා වැනි ක්‍ෂීණාශ්‍රවයකු නිසා සත්ත්වයෝ නොනැසෙත්වා යි උපවාදය රකී.

ථෙරො කිර මූලුප‍්පලවාපිගාමං පිණ‍්ඩාය පාවිසි. අථස‍්ස උපට‍්ඨාකකුලද‍්වාරං පත‍්තස‍්ස පත‍්තං ගහෙත්‍වා ථණ‍්ඩිලපීඨකං නිස‍්සාය ආසනං පඤ‍්ඤපෙසුං. අමච‍්චධීතාපි තංයෙව පීඨකං නිස‍්සාය පරතොභාගෙ නීචතරං ආසනං පඤ‍්ඤාපෙත්‍වා නිසීදි. එකො නෙවාසිකො භික‍්ඛු පච‍්ඡා පිණ‍්ඩාය පවිට‍්ඨො ද‍්වාරෙ ඨත්‍වාව ඔලොකෙන‍්තො ථෙරො අමච‍්චධීතරා සද‍්ධිං එකමඤ‍්චෙ නිසින‍්නොති සල‍්ලක‍්ඛෙත්‍වා, “අයං පංසුකූලිකො විහාරෙව උපසන‍්තූපසන‍්තො විය විහරති, අන‍්තොගාමෙ පන උපට‍්ඨායිකාහි සද‍්ධිං එකමඤ‍්චෙ නිසීදතී”ති චින‍්තෙත්‍වා, “කිං නු ඛො මයා දුද‍්දිට‍්ඨ”න‍්ති පුනප‍්පුනං ඔලොකෙත්‍වා තථාසඤ‍්ඤීව හුත්‍වා පක‍්කාමි. ථෙරොපි භත‍්තකිච‍්චං කත්‍වා විහාරං ගන‍්ත්‍වා වසනට‍්ඨානං පවිසිත්‍වා ද‍්වාරං පිධාය නිසීදි. නෙවාසිකොපි කතභත‍්තකිච‍්චො විහාරං ගන‍්ත්‍වා, “තං පංසුකූලිකං නිග‍්ගණ‍්හිත්‍වා විහාරා නික‍්කඩ‍්ඪිස‍්සාමී”ති අසඤ‍්ඤතනීහාරෙන ථෙරස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා පරිභොගඝටතො උලුඞ‍්කෙන උදකං ගහෙත්‍වා මහාසද‍්දං කරොන‍්තො පාදෙ ධොවි. ථෙරො, “කො නු ඛො අයං අසඤ‍්ඤතචාරිකො”ති ආවජ‍්ජන‍්තො සබ‍්බං ඤත්‍වා, “අයං මයි මනං පදොසෙත්‍වා අපායූපගො මා අහොසී”ති වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා කණ‍්ණිකාමණ‍්ඩලසමීපෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. නෙවාසිකො දුට‍්ඨාකාරෙන ඝටිකං උක‍්ඛිපිත්‍වා ද‍්වාරං විවරිත්‍වා අන‍්තො පවිට‍්ඨො ථෙරං අපස‍්සන‍්තො, “හෙට‍්ඨාමඤ‍්චං පවිට‍්ඨො භවිස‍්සතී”ති ඔලොකෙත්‍වා තත්‍ථාපි අපස‍්සන‍්තො නික‍්ඛමිතුං ආරභි. ථෙරො උක‍්කාසි. ඉතරො උද‍්ධං ඔලොකෙන‍්තො දිස‍්වා අධිවාසෙතුං අසක‍්කොන‍්තො එවමාහ – “පතිරූපං තෙ, ආවුසො, පංසුකූලික එවං ආනුභාවසම‍්පන‍්නස‍්ස උපට‍්ඨායිකාය සද‍්ධිං එකමඤ‍්චෙ නිසීදිතු”න‍්ති. පබ‍්බජිතා නාම, භන‍්තෙ, මාතුගාමෙන සද‍්ධිං න එකමඤ‍්චෙ නිසීදන‍්ති, තුම‍්හෙහි පන දුද‍්දිට‍්ඨමෙතන‍්ති. එවං ඛීණාසවා පරානුද‍්දයාය උපවාදං රක‍්ඛන‍්ති.

මුලුප්පලවාපී විහාරවාසී තෙරුන් මෙනි. මුලුප්පලවාපී තෙරුන් වහන්සේ ‘මුලු පුලෑගම’ පිඬු පිණිස පිවිසියහ. උපස්ථායක කුලගෙදර දොරකඩට පැමිණි උන්වහන්සේගේ පාත්‍රය ගෙන පිලෙහි (ඉස්තෝප්පුවේ) අසුනක් පැනවීය. ඇමති දුව ද ඒ පිලේම අනෙක් පැත්තේ ඉතා මිටි අසුනක හිඳගත්තීය. එක් නේවාසික භික්‍ෂුවක් පසුව පිඬු පිණිස පැමිණ දොර සිටම බලන්නේ, තෙරුන් වහන්සේ ඇමති දූ හා එක ඇඳෙහි උන්නේ යයි සලකා, මේ භික්‍ෂුව පාංශුකූලික විහාරයේ ඉතා සන්සුන් උපශාන්ත කෙනෙකු මෙන් වෙසේ. එහෙත් ඇතුළුගම උපස්ථායිකාවන් සමග එක ඇඳෙහි සිටී යයි සිතා, කෙසේ ද මා විසින් වැරදි ලෙස දක්නා ලද්දේ දැයි නැවත නැවත හැරි හැරී බලා ඒ හැඟීමෙන්ම නික්ම ගියේය. තෙරුන්වහන්සේ බත්කිස නිමවා විහාරයට පැමිණ වසන කුටියට පිවිස දොර වසා වැඩ උන්හ. නේවාසික භික්‍ෂුව ද බත්කිස අවසන් කොට විහාරයට අවුත් ඒ පාංශුකූලික භික්‍ෂුවට අවමන්කොට විහාරයෙන් නෙරපන්නෙමියි තෙරුන් වසන තෙනට ගොස් අසංවර ලෙසින් පරිභෝග දියකළයෙන්, දිය කෙනෙස්සෙන් වතුර ගෙන මහත් ශබ්ද කෙරෙමින් පා සේදීය. තෙරණුවෝ මේ අසංවර ලෙස හැසිරෙන්නේ කවරෙක්දැයි විමසන්නාහූ සියල්ල දැන මේ තෙමේ මා පිළිබඳව සිත දූෂ්‍යකොට අපාගත නොවේවායි අහසට පැන නැගී කැණිමඬල සමීපයේ පලඟින් වැඩ හුන්නේ ය. නේවාසික භික්‍ෂුව දුෂ්ට අදහසින් යතුර ඔසවා දොර හැර ඇතුළත ද නො සිටියෙන් ආපසු නික්ම යන්නට සැරසුණි. තෙරණුවෝ කෑරීමෙන් ශබ්ද කළහ. නේවාසික භික්‍ෂුව උඩ බලා දැක ඉවසාගත නො හැකිව ඇවැත්නි, පාංශුකූලිකය, මෙසේ මහත් ආනුභාවයෙන් යුක්ත වූ තොපට උපස්ථායිකාව සමග එකම ඇඳේ ඉඳින්නට සුදුසුදැයි විචාළේය. ඔබ විසින් වැරදි ලෙස දක්නා ලද්දේ යයි (කී තෙරණුවෝ) මෙසේ ක්‍ෂීණාශ්‍රවයෝ පරානුකම්පාවෙන් උපවාද රකිත්.

ඛයා රාගස‍්සාති රාගස‍්ස ඛයෙනෙව. වීතරාගත‍්තා කාමෙ න පටිසෙවති, න පටිසඞ‍්ඛාය වාරෙත්‍වාති. තඤ‍්චෙති එවං තථාගතස‍්ස කිලෙසප‍්පහානං ඤත්‍වා තත්‍ථ තත්‍ථ ඨිතනිසින‍්නකාලාදීසුපි චතුපරිසමජ‍්ඣෙ අලඞ‍්කතධම‍්මාසනෙ නිසීදිත්‍වාපි ඉතිපි සත්‍ථා වීතරාගො වීතදොසො වීතමොහො වන‍්තකිලෙසො පහීනමලො අබ‍්භා මුත‍්තපුණ‍්ණචන්‍දො විය සුපරිසුද‍්ධොති එවං තථාගතස‍්ස කිලෙසප‍්පහානෙ වණ‍්ණං කථයමානං තං වීමංසකං භික‍්ඛුං පරෙ එවං පුච‍්ඡෙය්‍යුං චෙති අත්‍ථො.

ඛයා රාගස්ස යනු රාගය ක්‍ෂය වීමෙන් ම වීතරාගී හෙයින් කාමයන් සේවනය නො කෙරෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කොට වළකා නොවේ. තඤ්චෙ මෙසේ තථාගතයන්ගේ ක්ලේශ ප්‍රහාණය දැන ඒ ඒ තන්හි සිටි කාලයන්හිදී ද සිව් පිරිස් මැද අලංකෘත ධර්මාසනයන්හි හිඳ ද, මෙසේත් තථාගතයන් වහන්සේ පහ වූ රාග ඇතියහ. පහ වූ ද්වේෂ ඇතියහ. පහ වූ මෝහ ඇත්තේය. වමනය කළ කෙලෙස් හා ප්‍රහීණ වූ මල ඇත්තේය. කළු වළාකුළින් මිදුණු පුන්සඳ සේ අති පිරිසිදුයහ. මෙසේ තථාගතයන්ගේ ක්ලේශ ප්‍රහාණයෙහි ගුණ කියන්නා වූ වීමංසක භික්‍ෂුව, අන්‍යයෝ මෙසේ විචාරන්නාහු වෙති යන අර්ථයි.

ආකාරාති කාරණානි. අන්‍වයාති අනුබුද‍්ධියො. සඞ‍්ඝෙ වා විහරන‍්තොති අප‍්පෙකදා අපරිච‍්ඡින‍්නගණනස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ විහරන‍්තො. එකො වා විහරන‍්තොති ඉච‍්ඡාමහං, භික‍්ඛවෙ, අඩ‍්ඪමාසං පටිසල‍්ලීයිතුන‍්ති, තෙමාසං පටිසල‍්ලීයිතුන‍්ති එවං පටිසල‍්ලානෙ චෙව පාලිලෙය්‍යකවනසණ‍්ඩෙ ච එකකො විහරන‍්තො. සුගතාති සුට‍්ඨුගතා සුප‍්පටිපන‍්නා කාරකා යුත‍්තපයුත‍්තා. එවරූපාපි හි එකච‍්චෙ භික‍්ඛූ අත්‍ථි. දුග‍්ගතාති දුට‍්ඨුගතා දුප‍්පටිපන‍්නා කායදළ‍්හිබහුලා විස‍්සට‍්ඨකම‍්මට‍්ඨානා. එවරූපාපි එකච‍්චෙ අත්‍ථි. ගණමනුසාසන‍්තීති ගණබන්‍ධනෙන බද‍්ධා ගණාරාමා ගණබහුලිකා හුත්‍වා ගණං පරිහරන‍්ති. එවරූපාපි එකච‍්චෙ අත්‍ථි. තෙසං පටිපක‍්ඛභූතා ගණතො නිස‍්සටා විසංසට‍්ඨා විප‍්පමුත‍්තවිහාරිනොපි අත්‍ථි.

ආකාරා කාරණයෝ අන්‍ධයාති අනුබද්ධීහූ. සංඝෙවා විහරන්තො එක් කලෙක අපරිච්ඡින්න වූ (පරපුර නොකැඩුනා වූ) භික්‍ෂු සංඝයා මැද වාසය කරන්නේ එකොවා විහරන්තො = ඉච්ඡාමහං භික්ඛවෙ අන්‍වද්ධමාසං පතිසල්ලියිතුං ‘තෙමාසං පතිසල්ලියිතුං මෙසේ විවේකව වාසය කරන්නේ හා පාරිලෙය්‍යක වනලැහැබ මැද එකලාව වාසය කරන්නේ, සුගතා යහපත් සේ ගියා වූ සුපිළිපන් වූවාහු, කාරක වූවාහු යුතුකම්හි නියැලෙන්නා වූ, ඇතැම් භික්‍ෂූහු ඇත. දුග්ගතානි වැරදි සේ ගියා වූ, දුෂ්ප්‍රතිපන්න වූ, ශරීරයේ දැඩි බව ඇත්තාහු මෙබඳු හික්‍ෂූන් ද සමහරවිට ඇත. ගණමනුසාසන්ත සමුහය බන්‍ධනයෙන් බැඳුනාහූ, සමූහයා කෙරෙහි බහුල පැවතුම් ඇත්තාහූ ගණයා පරිහරණය කෙරෙති. මෙබඳු වූ භික්‍ෂුහූ ද වෙති. ඔවුන්ට විරුද්ධ වූ ගණයා කෙරෙන් නික්මුණා වූ, පහ වූ සංසර්ග ඇති, වෙන් ව වාසය කරන්නාහු ද වෙති.

ආමිසෙසු සන්‍දිස‍්සන‍්තීති ආමිසගිද‍්ධා ආමිසචක‍්ඛුකා චතුපච‍්චයආමිසත්‍ථමෙව ආහිණ‍්ඩමානා ආමිසෙසු සන්‍දිස‍්සමානකභික‍්ඛූපි අත්‍ථි. ආමිසෙන අනුපලිත‍්තා චතූහි පච‍්චයෙහි විනිවත‍්තමානසා අබ‍්භා මුත‍්තචන්‍දසදිසා හුත්‍වා විහරමානාපි අත්‍ථි.

ආමිසෙසු සන්‍දිස්සන්ති ආමිෂයෙහි ගිජු වූවාහු ලොල් වූවාහූ, සිවුපසය සඳහාම ඇවිදින්නා වූ ආමිෂයෙන්ම පෙළෙන්නා වූ භික්‍ෂූන් ද ඇත. ආමිෂයෙහි නො ඇලුණා වූ සිව්පසය පිළිබඳ නැවතුණු සිත් ඇති, වැහි වළාකුලින් වෙන් වූ සඳ මෙන් වාසය කරන්නා වූ භික්‍ෂූන් ද ඇත.

නායමායස‍්මා තං තෙන අවජානාතීති අයං ආයස‍්මා සත්‍ථා තාය තාය පටිපත‍්තියා තං තං පුග‍්ගලං නාවජානාති, අයං පටිපන‍්නො කාරකො, අයං ගණතො නිස‍්සටො විසංසට‍්ඨො. අයං ආමිසෙන අනුපලිත‍්තො පච‍්චයෙහි විනිවත‍්තමානසො අබ‍්භා මුත‍්තො චන්‍දිමා වියාති එවමස‍්ස ගෙහසිතවසෙන උස‍්සාදනාපි නත්‍ථි. අයං දුප‍්පටිපන‍්නො අකාරකො කායදළ‍්හිබහුලො විස‍්සට‍්ඨකම‍්මට‍්ඨානො, අයං ගණබන්‍ධනබද‍්ධො, අයං ආමිසගිද‍්ධො ලොලො ආමිසචක‍්ඛුකොති එවමස‍්ස ගෙහසිතවසෙන අපසාදනාපි නත්‍ථීති අත්‍ථො. ඉමිනා කිං කථිතං හොති? තථාගතස‍්ස සත‍්තෙසු තාදිභාවො කථිතො හොති. අයඤ‍්හි –

නාසමා යස්මා - තං තෙන අවජානාති මේ ආයුෂ්මත් ශාස්තෲ තෙමේ ඒ ඒ පිළිවෙතින් ඒ ඒ පුද්ගලයා අවමන් කෙරෙයි. මේ තෙමේ සුපිළිපන්ය. ක්‍රියාකාරීය. මෙතෙම ගණයා කෙරෙන් වෙන් වූයේය. පහ වූ සංසර්ග ඇත්තේය. මෙතෙම ආමිෂයෙන් නො ඇලුනේය. ප්‍රත්‍යයන්ගෙන් නැවතුණු සිත් ඇත්තේය. වළාකුලින් මිදුණු සඳ මෙන් යයි, මෙසේ ඔහුගේ ගෘහාශ්‍රිත වශයෙන් උසස් කිරීමකුදු නැත. මෙතෙමේ දුෂ්ප්‍රතිපන්නය. ශරීරයේ දැඩි බව බහුලකොට ඇත්තේය. අත්හළ කමටහන් ඇත්තේය. මෙතෙම සමූහ බන්ධනයෙන් බැඳුනේය. මෙතෙම ආමිෂයෙහි ගිජුය. ලොල්ය. ආමිස පිළිබඳවම ඇස් ඇත්තේය. මෙසේ ඔහු තෘෂ්ණා වශයෙන් බැහැර කිරීමකුදු නැත. මෙයින් කුමක් කියයි ද, සත්ත්වයන් කෙරෙහි තථාගතයන් තුළ පවත්නා තාදී බවම කියයි.

“වධකස‍්ස දෙවදත‍්තස‍්ස, චොරස‍්සඞ‍්ගුලිමාලිනො; ධනපාලෙ රාහුලෙ ච, සබ‍්බෙසං සමකො මුනී”ති. (මි· ප· 6.6.5);

වධකස්ස දෙවදත්තස්ස වොරස්සංගුලි මාලිනො ධනපාල කෙ රාහුලෙච - සබ්බෙසං සමනො මුනි

තත්‍ර, භික‍්ඛවෙති තෙසු ද‍්වීසු වීමංසකෙසු. යො, “කෙ පනායස‍්මතො ආකාරා”ති පුච‍්ඡායං ආගතො ගණ‍්ඨිවීමංසකො ච, යො “අභයූපරතො අයමායස‍්මා”ති ආගතො මූලවීමංසකො ච. තෙසු මූලවීමංසකෙන තථාගතොව උත‍්තරි පටිපුච‍්ඡිතබ‍්බො. සො හි පුබ‍්බෙ පරස‍්සෙව කථාය නිට‍්ඨඞ‍්ගතො. පරො ච නාම ජානිත්‍වාපි කථෙය්‍ය අජානිත්‍වාපි. එවමස‍්ස කථා භූතාපි හොති අභූතාපි, තස‍්මා පරස‍්සෙව කථාය නිට‍්ඨං අගන‍්ත්‍වා තතො උත‍්තරි තථාගතොව පටිපුච‍්ඡිතබ‍්බොති අත්‍ථො.

තත්‍ර භික්ඛවෙ ඒ වීමාංසකයන් දෙදෙනා අතරෙහි ‘කෙපනායස්මතො ආකාරා යන ප්‍රශ්නයෙන් ගැටළු විසඳන්නෙකුත් වීද ‘අභයුපරතො ආයමායස්මා’ යන ප්‍රශ්නයෙන් ආ මූල වීමංසිකයකුත් වේද, ඔවුන් අතුරෙහි මූල වීමංසකයා විසින් තථාගත තෙමේ මත්තෙහි නො විචාළ යුත්තේය. යම්හෙයකින් හෙතෙම පළමු අනුන්ගේම කථාවෙන් අවසානයට නොගොස් එයින් මතු ද තථාගතයන්ගෙන්ම විචාල යුත්තේය යන අර්ථයි.

බ්‍යාකරමානොති එත්‍ථ යස‍්මා තථාගතස‍්ස මිච‍්ඡාබ්‍යාකරණං නාම නත්‍ථි, තස‍්මා සම‍්මා මිච‍්ඡාති අවත්‍වා බ්‍යාකරමානොත්‍වෙව වුත‍්තං. එතං පථොහමස‍්මි එතං ගොචරොති එස මය‍්හං පථො එස ගොචරොති අත්‍ථො. “එතාපාථො”තිපි පාඨො, තස‍්සත්‍ථො මය‍්හං ආජීවට‍්ඨමකසීලං පරිසුද‍්ධං, ස‍්වාහං තස‍්ස පරිසුද‍්ධභාවෙන වීමංසකස‍්ස භික‍්ඛුනො ඤාණමුඛෙ එතාපාථො, එවං ආපාථං ගච‍්ඡාමීති වුත‍්තං හොති. නො ච තෙන තම‍්මයොති තෙනපි චාහං පරිසුද‍්ධෙන සීලෙන න තම‍්මයො, න සතණ‍්හො, පරිසුද‍්ධසීලත‍්තාව නිත‍්තණ‍්හොහමස‍්මීති දීපෙති.

බ්‍යාකරමානො මෙහි තථාගතයන්ගේ මිථ්‍යා ප්‍රකාශයක් නම් නැත්තේ ම ය. එහෙයින් ‘සම්මා මිච්ඡා’ යයි නො කියා බ්‍යාකරමානො යයි කීහ. එථපතොහමස්මි එත ගොචරො මගේ ආජීව අට්ඨමක සීලය පිරිසිදුය. ඒ මම මාගේ මාර්ගය, මෙ තෙමේ ගෝචරය යන අර්ථයි. ‘එතාපාථො’ යනුවෙන් ද පාඨයක් වේ. එහි අර්ථය, මගේ ආජීව අෂ්ඨමක සීලය පිරිසිදුය. ඒ මම ඒ සීලයාගේ පිරිසිදු බැවින් වීමංසක භික්‍ෂුවගේ නුවණෙහි එතාපාථො මෙසේ අපාථයටම එමි යි කියන ලද්දේය. නො ච තෙන තම්මයො තව ද මම ඒ පිරිසිදු සීලයෙන් තෘෂ්ණා සහිත නො වෙමි. පිරිසිදු සිල් ඇති බැවින් මම තෘෂ්ණා රහිත වෙමි’යි දක්වයි.

උත‍්තරුත‍්තරිං පණීතපණීතන‍්ති උත‍්තරුත‍්තරිං චෙව පණීතතරඤ‍්ච කත්‍වා දෙසෙති. කණ‍්හසුක‍්කසප‍්පටිභාගන‍්ති කණ‍්හං චෙව සුක‍්කඤ‍්ච, තඤ‍්ච ඛො සප‍්පටිභාගං සවිපක‍්ඛං කත්‍වා, කණ‍්හං පටිබාහිත්‍වා සුක‍්කන‍්ති සුක‍්කං පටිබාහිත්‍වා කණ‍්හන‍්ති එවං සප‍්පටිභාගං කත්‍වා කණ‍්හසුක‍්කං දෙසෙති. කණ‍්හං දෙසෙන‍්තොපි සඋස‍්සාහං සවිපාකං දෙසෙති, සුක‍්කං දෙසෙන‍්තොපි සඋස‍්සාහං සවිපාකං දෙසෙති.

උත්තරුත්තරිං පණීත පණීතං යනු අතිශයින් ශ්‍රේෂ්ඨ ද අතිශයින් ප්‍රණීත ද කොට දේශනා කරති. කණ්හසුක්කං පටිභාගං අකුසලය ද කුසලය ද ප්‍රතිභාග සහිත කොට, විපාක සහිත කොට අකුසලය විනාසකොට කුසලය ද ප්‍රතිභානය කොට, අකුසලය සප්‍රතිභාග කොට කුසල් අකුසල් දේශනා කරති. අකුසලය දේශනා කරන්නාහූ උත්සාහ සහිතව, විපාක සහිතව දේශනා කරති. කුසලය දේශනා කරන්නාහූ උත්සාහය සහිතව විපාක සහිතව දේශනා කරති.

අභිඤ‍්ඤාය ඉධෙකච‍්චං ධම‍්මං ධම‍්මෙසු නිට‍්ඨං ගච‍්ඡතීති තස‍්මිං දෙසිතෙ ධම‍්මෙ එකච‍්චං පටිවෙධධම‍්මං අභිඤ‍්ඤාය තෙන පටිවෙධධම‍්මෙන දෙසනාධම‍්මෙ නිට‍්ඨං ගච‍්ඡති. සත්‍ථරි පසීදතීති එවං ධම‍්මෙ නිට‍්ඨං ගන‍්ත්‍වා භිය්‍යොසොමත‍්තාය සම‍්මාසම‍්බුද‍්ධො සො භගවාති සත්‍ථරි පසීදති. තෙන පන භගවතා යො ධම‍්මො අක‍්ඛාතො, සොපි ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො නිය්‍යානිකත‍්තා. ය‍්වාස‍්ස තං ධම‍්මං පටිපන‍්නො සඞ‍්ඝො, සොපි සුප‍්පටිපන‍්නො වඞ‍්කාදිදොසරහිතං පටිපදං පටිපන‍්නත‍්තාති එවං ධම‍්මෙ සඞ‍්ඝෙපි පසීදති. තඤ‍්චෙති තං එවං පසන‍්නං තත්‍ථ තත්‍ථ තිණ‍්ණං රතනානං වණ‍්ණං කථෙන‍්තං භික‍්ඛුං.

අභිඤ්ඤාය ඉධෙකච්චං ධම්මං ධම්මෙසු නිට්ඨ ගච්ඡන්ති ඒ දේශනා කළ ධර්මයෙහි ඇතැම් ප්‍රතිවේධ ධර්මයක් අවබෝධ කරගෙන, එසේ අවබෝධ කරගත් ප්‍රතිවේධ ධර්මයෙන් දේශනා ධර්මයේ කෙළවරට පැමිණෙයි. සත්‍ථරි පසීදති යනු එසේ ධර්මයේ කෙළවරට ගොස් ඇති හෙයින් සම්මා සම්බුද්ධො භගවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයයි ශාස්තෲන් කෙරෙහි පහදියි. එහෙයින්ම ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නේ ද, සොපි ස්වාක්ඛාතො භගවතා ධම්මො ඒ භාග්‍යවතුන් විසින් දේශිත ධර්මය ස්වාක්ඛාතය. නෛර්යාණික යයි (දනී), යමෙක් ඒ ධර්මය පිළිපදින්නේ ද ඒ (සංඝයා) සුපටිපන්නො සංඝො සුප්‍රතිපන්නය. කාය වංකාදී දොස් රහිතය. පිළිවෙතට පිළිපන්හයි ධර්මයා කෙරෙහි ද සංඝයා කෙරෙහි ද, ප්‍රසන්න වේ. එහි තුන්රුවන ගුණ කියන්නා වූ භික්‍ෂුව

ඉමෙහි ආකාරෙහීති ඉමෙහි සත්‍ථුවීමංසනකාරණෙහි. ඉමෙහි පදෙහීති ඉමෙහි අක‍්ඛරසම‍්පිණ‍්ඩනපදෙහි. ඉමෙහි බ්‍යඤ‍්ජනෙහීති ඉමෙහි ඉධ වුත‍්තෙහි අක‍්ඛරෙහි. සද‍්ධා නිවිට‍්ඨාති ඔකප‍්පනා පතිට‍්ඨිතා. මූලජාතාති සොතාපත‍්තිමග‍්ගවසෙන සඤ‍්ජාතමූලා. සොතාපත‍්තිමග‍්ගො හි සද‍්ධාය මූලං නාම. ආකාරවතීති කාරණං පරියෙසිත්‍වා ගහිතත‍්තා සකාරණා. දස‍්සනමූලිකාති සොතාපත‍්තිමග‍්ගමූලිකා. සො හි දස‍්සනන‍්ති වුච‍්චති. දළ‍්හාති ථිරා. අසංහාරියාති හරිතුං න සක‍්කා. සමණෙන වාති සමිතපාපසමණෙන වා. බ්‍රාහ‍්මණෙන වාති බාහිතපාපබ්‍රාහ‍්මණෙන වා. දෙවෙන වාති උපපත‍්තිදෙවෙන වා. මාරෙන වාති වසවත‍්තිමාරෙන වා, සොතාපන‍්නස‍්ස හි වසවත‍්තිමාරෙනාපි සද‍්ධා අසංහාරියා හොති සූරම‍්බට‍්ඨස‍්ස විය.

ඉමෙහි ආකාරෙහි මේ ශාස්තෲන් විමසන කරුණුවලින්, ඉමෙහි පදෙහි මේ අකුරුවලින් යුත් පදයන්ගෙන් ඉමෙහි බ්‍යඤ්ජනෙහි මෙහි මේ කී අකුරුවලින් සද්ධ නිවිට්ඨා ඔකප්පනා ශ්‍රද්ධාව පිහිටියා වෙයි. මූලජාතා සෝවාන්මග විසින් ගත් මුල් ඇත්තී වෙයි. සෝවාන් මග ගත් ශ්‍රද්ධාවගේ මූලය නම් ආකාරවතී කාරණය විමසා ගෙන කරුණු සහිත වූ බැවින්, දස්සන මූලිකා සෝවාන්මග මුල්කොට ඇති බැවින් ඒ සෝවාන් මග දර්ශනයයි කියනු ලැබේ. දළ්හා ස්ථිර වූ, අසංහාරියා හරින්නට නොහැකි, සමණෙන වා සංසිඳවූ පව් ඇති මහණෙකු විසින් හෝ, බ්‍රාහ්මණෙන වා බැහැර කළ පව් ඇති බ්‍රාහ්මණයකු වශයෙන් හෝ, දෙවෙන වා උත්පත්ති දෙවියකු විසින් හෝ, මාරෙන වා වසවත් මරු විසින් හෝ, සෝවාන් වූවහුගේ ශ්‍රද්ධාව නො වෙනස් කළ හැක්කෝ වෙයි. සුරම්බට්ඨයාගේ මෙනි.

සො කිර සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සොතාපන‍්නො හුත්‍වා ගෙහං ආගතො. අථ මාරො ද‍්වත‍්තිංසවරලක‍්ඛණප‍්පටිමණ‍්ඩිතං බුද‍්ධරූපං මාපෙත්‍වා තස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා – “සත්‍ථා ආගතො”ති සාසනං පහිණි. සූරො චින‍්තෙසි, “අහං ඉදානෙව සත්‍ථු සන‍්තිකා ධම‍්මං සුත්‍වා ආගතො, කිං නු ඛො භවිස‍්සතී”ති උපසඞ‍්කමිත්‍වා සත්‍ථුසඤ‍්ඤාය වන්‍දිත්‍වා අට‍්ඨාසි. මාරො ආහ – “යං තෙ මයා, සූරම‍්බට‍්ඨ, රූපං අනිච‍්චං…පෙ… විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති කථිතං, තං අනුපධාරෙත්‍වාව සහසා මයා එවං වුත‍්තං. තස‍්මා ත්‍වං රූපං නිච‍්චං…පෙ… විඤ‍්ඤාණං නිච‍්චන‍්ති ගණ‍්හාහී”ති. සූරො චින‍්තෙසි – “අට‍්ඨානමෙතං, යං බුද‍්ධා අනුපධාරෙත්‍වා අපච‍්චක‍්ඛං කත්‍වා කිඤ‍්චි කථෙය්‍යුං, අද‍්ධා අයං මය‍්හං විබාධනත්‍ථං මාරො ආගතො”ති. තතො නං ත්‍වං මාරොති ආහ. සො මුසාවාදං කාතුං නාසක‍්ඛි, ආම මාරොස‍්මීති පටිජානි. කස‍්මා ආගතොසීති වුත‍්තෙ තව සද‍්ධාචාලනත්‍ථන‍්ති ආහ. කණ‍්හ පාපිම, ත්‍වං තාව එකකො තිට‍්ඨ, තාදිසානං මාරානං සතම‍්පි සහස‍්සම‍්පි මම සද‍්ධං චාලෙතුං අසමත්‍ථං, මග‍්ගෙන ආගතා සද‍්ධා නාම සිලාපථවියං පතිට‍්ඨිතසිනෙරු විය අචලා හොති, කිං ත්‍වං එත්‍ථාති අච‍්ඡරං පහරි. සො ඨාතුං අසක‍්කොන‍්තො තත්‍ථෙවන‍්තරධායි. බ්‍රහ‍්මුනා වාති බ්‍රහ‍්මකායිකාදීසු අඤ‍්ඤතරබ්‍රහ‍්මුනා වා. කෙනචි වා ලොකස‍්මින‍්ති එතෙ සමණාදයො ඨපෙත්‍වා අඤ‍්ඤෙනපි කෙනචි වා ලොකස‍්මිං හරිතුං න සක‍්කා. ධම‍්මසමන‍්නෙසනාති සභාවසමන‍්නෙසනා. ධම‍්මතාසුසමන‍්නිට‍්ඨොති ධම‍්මතාය සුසමන‍්නිට‍්ඨො, සභාවෙනෙව සුට‍්ඨු සමන‍්නෙසිතො හොතීති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඒ සුරම්බට්ඨ වනාහි තථාගතයගෙන් බණ අසා සෝවාන්ව ගෙට ගියේය. එකල මාරයා දෙතිස්මහා පුරිස් ලකුණෙන් හෙබි බුද්ධ රූපය මවා දොරකඩ සිට ශාස්තෲන් වහන්සේ ආ සේකැයි පණිවුඩයක් යැවීය. සුරම්බට්ඨ, ‘මා දැන් ශාස්තෲන් වහන්සේ සමීපයෙන් බණ අසා මෙය ආවා පමණි. කුමක් ද මේ වෙන්නේ යන සිතිවිල්ලෙන්ම පැමිණ, සර්වඥයන් යන හැඟීමෙන් වැන්දේය. මාරයා මෙසේ කීය. සුරම්බට්ඨය, මා විසින් නුඹට රූපය අනිත්‍යය -පෙ- විඤ්ඤාණය අනිත්‍යයයි යමක් කීවේද එය වැරදීමකින් කියන ලදී. යම්හෙයකින් නො විමසා මා විසින් මෙසේ කියන ලදද, එහෙයින් ඔබේ රූපය නිත්‍යය -පෙ- විඥානය නිත්‍යය යි සිතට ගනුව. සුරම්බට්ඨ මෙසේ සිතීය. ශාස්තෲවරයෝ නම් නො විමසා ප්‍රත්‍යක්‍ෂ නො කොට කිසිවක් නො කියති. මෙය කරුණු රහිතය. ඒකාන්තයෙන් මේ මාරයා මට අප්‍රසාදය උපදවනු පිණිස ආවේ වන. ඉක්බිතිව ඔහු ‘ඔබ මාරයා නොවේදැ’යි ඇසීය. හෙතෙම බොරු කියන්ට නොහැකිව ඔව් මම මාරයා වෙමි’යි කීය. කුමක් නිසා මෙහි ආවේද, ඔබගේ ශ්‍රද්ධාව චලනය කරන්නට යයි කීය. පවිටු මාරය, නුඹ වැනි මාරයන් එකක් නොව සියයක් ආවත් මගේ ශ්‍රද්ධාව චලනය කරන්නට නුපුළුවන. තොප එයට අසමර්ථය. සෝවාන් මාර්ගයෙන් පැමිණි ශ්‍රද්ධාව ගල්පොළවෙහි පිහිටි මහමෙර මෙන් ස්ථිරය. නො සෙල්වෙන සුළුය. නුඹ මෙහි කුමක් කෙරේදැයි අසුර ගැසීය. ඔහුට එහි රැඳෙන්නට නො හැකි වූයේ අතුරුදන් විය. බ්‍රහ්මුනාවා බ්‍රහ්ම කායිකාදීන් අතරින් කිසියම් බ්‍රහ්මයකු විසින් හෝ, කෙනචි වා ලොකස්මිං වෙනත් ශ්‍රමණාදී වෙනත් කිසිවකු විසින් හෝ, වෙනස් කරන්නට නො හැක්කෝය. ධම්ම සමන්නෙසනා යථා ස්වභාවය සෙවීම, ධම්මතා සුසමන්තිට්ඨො ධර්මතාවෙන් මැනවින් විමසන ලද්දේ, ස්වභාවයෙන් මැනවින් පරීක්‍ෂාව කරන ලද්දේ වෙයි යන අර්ථයි. සෙස්ස සියලු තැන නො ගැඹුරු ඇත් ඇත්තේය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය වීමංසකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

වීමංසක සූත්‍ර වර්ණනාව නිමියේය.