කොසම්බියසුත්තවණ්ණනා අට්ඨකථා
කොසම්බියසුත්තවණ්ණනා
කෝසම්බිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති කොසම්බියසුත්තං. තත්ථ කොසම්බියන්ති එවංනාමකෙ නගරෙ. තස්ස කිර නගරස්ස ආරාමපොක්ඛරණීආදීසු තෙසු තෙසු ඨානෙසු කොසම්බරුක්ඛාව උස්සන්නා අහෙසුං, තස්මා කොසම්බීති සඞ්ඛං අගමාසි. කුසම්බස්ස නාම ඉසිනො අස්සමතො අවිදූරෙ මාපිතත්තාතිපි එකෙ. ඝොසිතාරාමෙති ඝොසිතසෙට්ඨිනා කාරිතෙ ආරාමෙ.
එවම්මෙසුතං කෝසම්බක සූත්‍රයයි. එහි කොසම්බියං යනු මෙනම් නම ඇති නගරයයි. ඒ නගරයේ ආරාම, පොකුණු, ආදී ඒ ඒ තන්හි කොසඹ ගස් බහුල වීම නිසා කෝසම්බි යයි ප්‍රසිද්ධියට පත්විය. කුසුම්බ නම් සෘෂීහුගේ අසපුව සමීපයේ ඉදිකරන ලද නිසා ද කොසම්බ යයි කියතියි ඇතැමෙක් කියති. ඝොසිතාරාමෙ ඝෝසිත සිටු විසින් කරවන ලද ආරාමයේ දී මේ සූත්‍රය දේශනා කරන ලදී.
පුබ්බෙ කිර අද්දිලරට්ඨං නාම අහොසි. තතො කොතූහලකො නාම දලිද්දො ඡාතකභයෙන සපුත්තදාරො කෙදාරපරිච්ඡින්නං සුභික්ඛං රට්ඨං ගච්ඡන්තො පුත්තං වහිතුං අසක්කොන්තො ඡඩ්ඩෙත්වා අගමාසි. මාතා නිවත්තිත්වා තං ගහෙත්වා ගතා. තෙ එකං ගොපාලකගාමකං පවිසිංසු, ගොපාලකානඤ්ච තදා පහතපායසො පටියත්තො හොති, තතො පායසං ලභිත්වා භුඤ්ජිංසු. අථ සො පුරිසො පහූතපායසං භුඤ්ජිත්වා ජිරාපෙතුං අසක්කොන්තො රත්තිභාගෙ කාලං කත්වා තත්ථෙව සුනඛියා කුච්ඡිම්හි පටිසන්ධිං ගහෙත්වා කුක්කුරො ජාතො. සො ගොපාලකස්ස පියො අහොසි මනාපො, ගොපාලකො ච පච්චෙකබුද්ධං උපට්ඨාසි. පච්චෙකබුද්ධොපි භත්තකිච්චාවසානෙ කුක්කුරස්ස එකං පිණ්ඩං දෙති. සො පච්චෙකබුද්ධෙ සිනෙහං උප්පාදෙත්වා ගොපාලකෙන සද්ධිං පණ්ණසාලම්පි ගච්ඡති.
අතීතයේ අද්දිල නම් රටක් වූයේය. එරට විසූ කොතුහල නම් දුප්පතෙක් දුර්භික්ෂය නිසා සිය අඹුදරුවන් සමගින් කෙත් වත් ඇති රටකට යන්නේ පුත්‍රයා ඔසවා ගෙන යන්නට නො හැකි නිසා ඔහු හැරදමා ගියේය. මව් තොමෝ නැවතී, ඔහු ගෙන ගියාය. ඔව්හූ එක් ගොපලු ගමකට පිවිසියාහුය. ඒ දවස ගොපල්ලන්ට ද බොහෝ කිරිබත් ලැබුණු දවසක් විය. ඔව්හු ද එයින් කිරිබත් ලැබ අනුභව කළහ. ඉක්බිති ඒ පුරුෂයා වැඩිපුර කිරිබත් අනුභව කළෙන් දිරවන්නට නොහැකි වූයේ රාත්‍රී කාලයේ කළුරිය කොට එහිම බැල්ලකගේ කුස පිළිසිඳගෙන බල්ලෙක්ව උපන්නේ ය. හේ ගොපල්ලාට මනාප වූයේ ප්‍රිය වූයේ විය. ගොපල්ලා එක්තරා පස්බුදු කෙනෙකුන්ට උපස්ථාන කරයි. පසේබුදුන් ද දන් වළඳින විටද බලු පැටියාට ද බත් පිඩක් දෙයි. හෙතෙම පසේබුදුන් කෙරෙහි බැති සිත් උපදවා ගොපල්ලා සමගින් පන්සලට ද යයි.
සො ගොපාලකෙ අසන්නිහිතෙ භත්තවෙලාය සයමෙව ගන්ත්වා කාලාරොචනත්ථං පණ්ණසාලද්වාරෙ භුස්සති, අන්තරාමග්ගෙපි චණ්ඩමිගෙ දිස්වා භුස්සිත්වා පලාපෙති. සො පච්චෙකබුද්ධෙ මුදුකෙන චිත්තෙන කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්ති. තත්රස්ස ඝොසකදෙවපුත්තොත්වෙව නාමං අහොසි. සො දෙවලොකතො චවිත්වා කොසම්බියං එකස්මිං කුලඝරෙ නිබ්බත්ති. තං අපුත්තකො සෙට්ඨි තස්ස මාතාපිතූනං ධනං දත්වා පුත්තං කත්වා අග්ගහෙසි. අථ සො අත්තනො පුත්තෙ ජාතෙ සත්තක්ඛත්තුං මාරාපෙතුං උපක්කමි. සො පුඤ්ඤවන්තතාය සත්තසුපි ඨානෙසු මරණං අප්පත්වා අවසානෙ එකාය සෙට්ඨිධීතාය වෙය්යත්තියෙන ලද්ධජීවිකො අපරභාගෙ පිතුඅච්චයෙන සෙට්ඨිට්ඨානං පත්වා ඝොසිතසෙට්ඨි නාම ජාතො. අඤ්ඤෙපි කොසම්බියං කුක්කුටසෙට්ඨි පාවාරිකසෙට්ඨීති ද්වෙ සෙට්ඨිනො සන්ති. ඉමෙහි සද්ධිං තයො අහෙසුං.
හෙතෙම ගොපල්ලා නැති කල්හි බත් වේලාවට තෙමේ ම පන්සලට ගොස් බත් වේලාව දන්වනු පිණිස පන්සලේ දොරකඩ සිට බුරයි. අතරමග දී චණ්ඩ මෘගයන් දැක බුරමින් එලවා දමයි. හෙතෙම පසේබුදුන් කෙරෙහි බැති සිතින් කලුරිය කොට දෙලොව ඉපදුනේය. ඔහු ඝෝසිත දිව්‍යපුත්‍රයා නමින් හැඳින්වීය. හේ දෙලොවින් චුතවැ කොසබෑ නුවර එක්තරා කුල ගෙදරක උපන්නේ ය. අපුත්තක නම් සිටුවරයෙක් ඔහුගේ දෙමාපියන්ට ධනය දී, ඔහු පුත්‍රයකු කොට ගත්තේ ය. ඉක්බිතිව තමන්ට දරුවකු ලැබුණු විට මොහු මරා දමන්නට සත්ත්වරක්ම උත්සාහ කළේය. හෙතෙම පින්වත් දරුවෙකු නිසා සත් තැනදීම මරණයෙන් බේරී, අවසානයේ එක් සිටු දුවකගේ බුද්ධිමත් බවින් දිවි ලබා මෑත කාලයෙහි පියාගේ ඇවෑමෙන් සිටු පදවියට පත්ව ඝෝසක සිටු නමින් ප්රචාරයට පත්විය. කොසබෑ නුවර කුක්කුට සිටුය. පාවාරික සිටු යයි තවත් සිටුවරු දෙදෙනෙක් සිටී. මොහු සමග සිටුවරු තිදෙනෙක් වූහ.
තෙන ච සමයෙන තෙසං සහායකානං සෙට්ඨීනං කුලූපකා පඤ්චසතා ඉසයො පබ්බතපාදෙ වසිංසු. තෙ කාලෙන කාලං ලොණම්බිලසෙවනත්ථාය මනුස්සපථං ආගච්ඡන්ති. අථෙකස්මිං වාරෙ ගිම්හසමයෙ මනුස්සපථං ආගච්ඡන්තා නිරුදකමහාකන්තාරං අතික්කමිත්වා කන්තාරපරියොසානෙ මහන්තං නිග්රොධරුක්ඛං දිස්වා චින්තෙසුං – “යාදිසො අයං රුක්ඛො, අද්ධා එත්ථ මහෙසක්ඛාය දෙවතාය භවිතබ්බං, සාධු වතස්ස, සචෙ නො පානීයං වා භොජනීයං වා දදෙය්යා”ති.
ඒ කාලයේ ම ඒ යහළු සිටුවරුන්ගේ කුලුපග වූ තාපසයෝ පන්සියයක් පර්වත පාදයේ විසූහ. ඔහු කලින් කල ලුණුඇඹුල් සෙවීම සඳහා මිනිස් පෙදෙසට එන්නාහ. එක්වරක් ග්‍රීෂ්ම කාලයේ මිනිස් පියසට එන සෘෂීහූ නිරුදක මහා කාන්තාරය ගෙවා එන කල්හි කාන්තාරය කෙළවර සුවිසල් නුග ගසක් දැක මෙසේ සිතූහ. මෙබඳු වූ සුවිසල් රුකෙහි ඒකාන්තයෙන් දෙවියකු විසිය යුතුය. හේ මහේශාක්යයකු විය යුතුය. ඔහු අපට බීමට හා පරිභෝජනයට වතුර සපයන්නේ නම් යහපත්ය.
දෙවතා ඉසීනං අජ්ඣාසයං විදිත්වා ඉමෙසං සඞ්ගහං කරිස්සාමීති අත්තනො ආනුභාවෙන විටපන්තරතො නඞ්ගලසීසමත්තං උදකධාරං පවත්තෙසි. ඉසිගණො රජතක්ඛන්ධසදිසං උදකවට්ටිං දිස්වා අත්තනො භාජනෙහි උදකං ගහෙත්වා පරිභොගං කත්වා චින්තෙසි – “දෙවතාය අම්හාකං පරිභොගඋදකං දින්නං, ඉදං පන අගාමකං මහාඅරඤ්ඤං, සාධු වතස්ස, සචෙ නො ආහාරම්පි දදෙය්යා”ති. දෙවතා ඉසීනං උපසංකප්පනවසෙන දිබ්බානි යාගුඛජ්ජකාදීනි දත්වා සන්තප්පෙසි.
දෙවියා සෘෂීන්ගේ අදහස් දැන මොවුන්ට සංග්‍රහ කරන්නෙමියි තමන්ගේ ආනුභාවයෙන් පෙළෙප් අතරින් නගුලිසක් පමණ වූ දියදහරාවක් පැවැත්වීය. ඍෂි සමූහයා රිදී කඳක් බඳු වූ දියවැටිය දැක තම තමන්ගේ භාජනවලට ජලය රැගෙන පරිභෝග කොට යළි සිතීය. දෙවියෝ අපගේ පරිභෝගයට ජලය දුන්හ. මේ වූ කලී ගම් පියසක් නැති අරණ්යයකි. අපට ආහාර ද ලබාදෙන්නේ නම් ඉතා යහපත්ය. දෙවියා ද සෘෂීන්ගේ අදහස් අනුව දිව්‍යමය වූ කැඳ කෑ යුතු දේ දී සන්තර්පණය කළේය.
ඉසයො චින්තයිංසු – “දෙවතාය අම්හාකං පරිභොගඋදකම්පි භොජනම්පි සබ්බං දින්නං, සාධු වතස්ස, සචෙ නො අත්තානං දස්සෙය්යා”ති.
ඍෂිවරු සිතූහ. දෙවියා අපට ජලය ද ආහාර ද දුන්නේ ය. දැන් ඔහු අපට දැකීම සඳහා අප ඉදිරියේ පෙනී සිටින්නේ නම් මැනවි.
දෙවතා තෙසං අජ්ඣාසයං විදිත්වා උපඩ්ඪකායං දස්සෙසි. තෙ ආහංසු – “දෙවතෙ, මහතී තෙ සම්පත්ති, කිං කම්මං කත්වා ඉමං සම්පත්තිං අධිගතාසී”ති? භන්තෙ, නාතිමහන්තං පරිත්තකං කම්මං කත්වාති. උපඩ්ඪඋපොසථකම්මං නිස්සාය හි දෙවතාය සා සම්පත්ති ලද්ධා.
දෙවියා ඔවුන්ගේ ඒ අදහස දැන තමගේ උඩුකය පෙන්වීය. ඔව්හූ කීහූ. දේවතාවෙනි! තොපගේ සම්පත් ඉතා මහත්ය. කවර කුසල කර්මයක් කොට මෙවැනි සම්පත් ලදුයේද, ස්වාමීනි, ඒ තරම් විශාල ලොකු කුසලකර්ම නො කෙළෙමි. ඉතා සුළු කර්මයක් කළෙමි. අර්ථ උපෝසථ කර්මය නිසා මේ මහත් දිව්‍ය සම්පත් ලදුයෙමි.
අනාථපිණ්ඩිකස්ස කිර ගෙහෙ අයං දෙවපුත්තො කම්මකාරො අහොසි. සෙට්ඨිස්ස හි ගෙහෙ උපොසථදිවසෙසු අන්තමසො දාසකම්මකාරෙ උපාදාය සබ්බො ජනො උපොසථිකො හොති. එකදිවසං අයං කම්මකාරො එකකොව පාතො උට්ඨාය කම්මන්තං ගතො. මහාසෙට්ඨි නිවාපං ලභනමනුස්සෙ සල්ලක්ඛෙන්තො එතස්සෙවෙකස්ස අරඤ්ඤං ගතභාවං ඤත්වා අස්ස සායමාසත්ථාය නිවාපං අදාසි. භත්තකාරිකා දාසී එකස්සෙව භත්තං පචිත්වා අරඤ්ඤතො ආගතස්ස භත්තං වඩ්ඪෙත්වා අදාසි, කම්මකාරො ආහ – “අඤ්ඤෙසු දිවසෙසු ඉමස්මිං කාලෙ ගෙහං එකසද්දං අහොසි, අජ්ජ අතිවිය සන්නිසින්නං, කිං නු ඛො එත”න්ති ? තස්ස සා ආචික්ඛි – “අජ්ජ ඉමස්මිං ගෙහෙ සබ්බෙ මනුස්සා උපොසථිකා, මහාසෙට්ඨි තුය්හෙවෙකස්ස නිවාපං අදාසී”ති. එවං අම්මාති? ආම සාමීති. ඉමස්මිං කාලෙ උපොසථං සමාදින්නස්ස උපොසථකම්මං හොති න හොතීති මහාසෙට්ඨිං පුච්ඡ අම්මාති? තාය ගන්ත්වා පුච්ඡිතො මහාසෙට්ඨි ආහ – “සකලඋපොසථකම්මං න හොති, උපඩ්ඪකම්මං පන හොති, උපොසථිකො හොතූ”ති. කම්මකාරො භත්තං අභුඤ්ජිත්වා මුඛං වික්ඛාලෙත්වා උපොසථිකො හුත්වා වසනට්ඨානං ගන්ත්වා නිපජ්ජි. තස්ස ආහාරපරික්ඛීණකායස්ස රත්තිං වාතො කුප්පි. සො පච්චූසසමයෙ කාලං කත්වා උපඩ්ඪඋපොසථකම්මනිස්සන්දෙන මහාවට්ටනිඅටවියං නිග්රොධරුක්ඛෙ දෙවපුත්තො හුත්වා නිබ්බත්ති. සො තං පවත්තිං ඉසීනං ආරොචෙසි.
පෙරදී මේ දෙවියා අනේපිඬු සිටාණන්ගේ සිටු මැදුරේ කම්කරුවකු වූයේය. සිටුවරයාගේ ගෙදර සියළුම දැසි දස් කම්කරුවෝ උපෝසථ දිනයන්හි පෙහෙවස් රකිති. එක් දවසක් මම හුදෙකලාවම පාන්දර නැගිට රැකියාවට ගියෙමි. මහා සිටානෝ සිය කම්කරුවන්ට දිනපතා බත් වැටුප් දෙයි. මේ සේවකයා වැඩට ගිය බව දැන ඔහුට ද සවස බත් වැටුප් දුනි. බත් පිසින දාසිය එක් අයකුට බත් උයා දවල් බතට වැඩපලෙන් ආ අයට බත් දින. කම්කරුවා මෙසේ ඇසීය. වෙනදා මේ වෙලාවට මේ ගෙයි හරි කලබලය. අද බොහෝ නිශ්ශබ්දය. ඒ මන්දැයි ඇසීය. අද මේ ගෙයි සියලු දෙනා පෙහෙවස් සමාදන්ව ඇත. මහසිටාණෝ ඔබට පමණක් අද වැටුප් දුන්හ යි දාසිය කීවාය. මෑණියනි එසේද, දැන් පෙහෙවස් සමාදන් වුවහොත් එය පෙහෙවස් වේද නොවේදැයි කම්කරුවා ඇසීය. ගොස් මහසිටු වෙතින් විචාරන්නැයි බත් අම්මා කීවාය. එසේ විචාරන ලද්දහුට මහසිටාණෝ මෙසේ කීහ. සම්පූර්ණ උපෝසථය සිදු නොවේ. එහෙත් අර්ධ උපෝසථය සිදු වේ. පෙහෙවස් සමාදන් වෙවයි කීය. සේවකයා බත් නොකා කට සෝදා පෙහෙවස් සමාදන්ව වසන තෙනට ගොස් වැද හොත්තේය. රාත්‍රී කාලයේ නිරාහාරව සිටි ඔහුගේ උදර වාතය කිපී අලුයම කලුරිය කළේය. අර්ධ උපෝසථය රැකි කර්මයේ ආනිසංසයෙන් මහා වත්තනි නම් වනදොර මහ නුගරුකෙහි බලවත් දිව්‍ය පුත්‍රයෙක් ව උපන්නේ යයි දෙවියා තම පුවත සෘෂීන්ට දැන්වීය.
ඉසයො තුම්හෙහි මයං බුද්ධො, ධම්මො, සඞ්ඝොති අසුතපුබ්බං සාවිතා, උප්පන්නො නු ඛො ලොකෙ බුද්ධොති? ආම, භන්තෙ, උප්පන්නොති. ඉදානි කුහිං වසතීති? සාවත්ථිං නිස්සාය ජෙතවනෙ, භන්තෙති. ඉසයො තිට්ඨථ තාව තුම්හෙ මයං සත්ථාරං පස්සිස්සාමාති හට්ඨතුට්ඨා නික්ඛමිත්වා අනුපුබ්බෙන කොසම්බිනගරං සම්පාපුණිංසු. මහාසෙට්ඨිනො, “ඉසයො ආගතා”ති පච්චුග්ගමනං කත්වා, “ස්වෙ අම්හාකං භික්ඛං ගණ්හථ, භන්තෙ”ති නිමන්තෙත්වා පුනදිවසෙ ඉසිගණස්ස මහාදානං අදංසු.
ඍෂිවරු බුද්ධ, ධම්ම, සංඝ යන අප පෙර නො ඇසූ බසක් තා විසින් අපට කියන ලදී. බුදුන් ලොව උපන්නෙහි ද, එසේ බුදුන් ලොව පහළවිය. දැන් කොහේ වසන්නේද, ස්වාමීනි, සැවැත්නුවර ඇසුරු කරමින් දෙව්රම වාසය කරයි. තෙපි ඔහොම සිටුවු. අපි ශාස්තෲන් වහන්සේ දකින්නට යන්නෙමුයි තුටුපහටු සිත් ඇතිව නික්මී පිළිවෙළින් කොසබෑ නුවරට පැමිණියාහුය. මහසිටු තෙමේ ඍෂිවරුන් පැමිණි බව දැන පෙරගමන් කොට අපගේ නිවසේ දානය පිළිගන්නැයි ආරාධනා කොට දෙවැනි දින ඍෂි සමූහයාට මහා දන් දුන්හ.
ඉසයො භුඤ්ජිත්වාව ගච්ඡාමාති ආපුච්ඡිංසු. තුම්හෙ, භන්තෙ, අඤ්ඤස්මිං කාලෙ එකම්පි මාසං ද්වෙපි තයොපි චත්තාරොපි මාසෙ වසිත්වා ගච්ඡථ. ඉමස්මිං පන වාරෙ හිය්යො ආගන්ත්වා අජ්ජෙව ගච්ඡාමාති වදථ, කිමිදන්ති? ආම ගහපතයො බුද්ධො ලොකෙ උප්පන්නො, න ඛො පන සක්කා ජීවිතන්තරායො විදිතුං, තෙන මයං තුරිතා ගච්ඡාමාති. තෙන හි, භන්තෙ, මයම්පි ගච්ඡාම, අම්හෙහි සද්ධිංයෙව ගච්ඡථාති. තුම්හෙ අගාරියා නාම මහාජටා, තිට්ඨථ තුම්හෙ, මයං පුරෙතරං ගමිස්සාමාති නික්ඛමිත්වා එකස්මිං ඨානෙ ද්වෙපි දිවසානි අවසිත්වා තුරිතගමනෙනෙව සාවත්ථිං පත්වා ජෙතවනවිහාරෙ සත්ථු සන්තිකමෙව අගමංසු. සත්ථු මධුරධම්මකථං සුත්වා සබ්බෙව පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු.
සෘෂීහු දන් වළඳා අපි යමු යයි කීහු. ස්වාමීනි, ඔබලා වෙනත් කාලවල පැමිණිවිට මාස දෙකක් තුනක් හතරක් මෙහි වැස ආපසු යයි. මේ වාරයෙහි අද ම යන්නෙමුයි කියයි. මේ මන්ද, ගෘහපතිය එසේය. බුදුහු ලොව පහළ වූහ. කොයි වේලේ ජීවිත අන්තරාවක් වේදැයි නොදනිමු. එහෙයින් අපි වහා යන්නෙමු. ස්වාමීනි එසේ වීනම් අපිද යන්නෙමු. අප සමගම යා හැකිය. තෙපි ගිහිගෙයි වසන්නෝ මහඅවුල් ඇත්තාහ. ඔබලා සිටින්න. අපි පළමුව යන්නෙමුයි පිටත් වී, එක් තැනක දෙ දවසකුදු නො නැවතී ඉක්මන් ගමනින් ම සැවැත්නුවරට ගොස් දෙව්රම් වෙහෙර ශාස්තෲන් සමීපයටම ගියාහුය. එහිදී මිහිරි බණ කථා අසා සියල්ලන්ම පැවිදි වී අර්හත්වයට පත්වූහ.
තෙපි තයො සෙට්ඨිනො පඤ්චහි පඤ්චහි සකටසතෙහි සප්පිමධුඵාණිතාදීනි චෙව පට්ටුන්නදුකූලාදීනි ච ආදාය කොසම්බිතො නික්ඛමිත්වා අනුපුබ්බෙන සාවත්ථිං පත්වා ජෙතවනසාමන්තෙ ඛන්ධාවාරං බන්ධිත්වා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා පටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදිංසු. සත්ථා තිණ්ණම්පි සහායකානං මධුරධම්මකථං කථෙසි. තෙ බලවසොමනස්සජාතා සත්ථාරං නිමන්තෙත්වා පුනදිවසෙ මහාදානං අදංසු. පුන නිමන්තෙත්වා පුනදිවසෙති එවං අඩ්ඪමාසං දානං දත්වා, “අම්හාකං ජනපදං ආගමනාය පටිඤ්ඤං දෙථා”ති පාදමූලෙ නිපජ්ජිංසු. භගවා, “සුඤ්ඤාගාරෙ ඛො ගහපතයො තථාගතා අභිරමන්තී”ති ආහ. එත්තාවතා පටිඤ්ඤා දින්නා නාම හොතීති ගහපතයො සල්ලක්ඛෙත්වා දින්නා නො භගවතා පටිඤ්ඤාති දසබලං වන්දිත්වා නික්ඛමිත්වා අන්තරාමග්ගෙ යොජනෙ යොජනෙ ඨානෙ විහාරං කාරෙත්වා අනුපුබ්බෙන කොසම්බිං පත්වා, “ලොකෙ බුද්ධො උප්පන්නො”ති කථයිංසු. තයොපි ජනා අත්තනො අත්තනො ආරාමෙ මහන්තං ධනපරිච්චාගං කත්වා භගවතො වසනත්ථාය විහාරෙ කාරාපයිංසු. තත්ථ කුක්කුටසෙට්ඨිනා කාරිතො කුක්කුටාරාමො නාම අහොසි. පාවාරිකසෙට්ඨිනා අම්බවනෙ කාරිතො පාවාරිකම්බවනො නාම අහොසි. ඝොසිතෙන කාරිතො ඝොසිතාරාමො නාම අහොසි. තං සන්ධාය වුත්තං – “ඝොසිතසෙට්ඨිනා කාරිතෙ ආරාමෙ”ති.
ඒ සිටුවරු තුන්දෙන ද පන්සියයක් පන්සියයක් ගැල්වල ගිතෙල් මී උක්සකුරු ආදිය ද, පටදුහුල් වස්ත්‍ර ආදිය ද ගෙන කොසබෑ නුවරින් පිටත්ව පිළිවෙලින් සැවැත්නුවරට සැපත්ව, දෙව්රම අසල කඳවුරු බැඳ ශාස්තෲන් සමීපයට ගොස් පිළිසඳර කථාකොට එකත්පස්ව හුන්නාහුය. ශාස්තෲන් වහන්සේ යහළුවන් තිදෙනාටම මිහිරි ධර්මකථා වදාළහ. ඔහු බලවත් සොම්නසින් යුතුව දෙවන දවසේ පටන් අඩමසක් දන් දුන්හ. මෙසේ දන් දී ස්වාමීනි, අපගේ ජනපදයට වැඩමවීම සඳහා අපට ප්‍රතිඥා දුන මැනවැයි පාමුල වැදහොත්තාහ. ගෘහපතිවරුනි, තථාගතයෝ ශුන්යගාරයෙහි සිත් අලවා වෙසෙති යි වදාළහ. මෙතෙකින් ප්‍රතිඥා දුන්නේ වනැයි සලකා, ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ විසින් අපට ප්‍රතිඥා දෙන ලද්දේ වනැයි සලකා තථාගතයන් වැඳ නික්ම ගොස් යොදුනක් පාසා විහාරයක් බැගින් කරවා පිළිවෙළින් කොසබෑ නුවරට පැමිණ ලෝකයෙහි බුදුන් උපන්නේ යයි කීහු. තිදෙනම තම තමන්ගේ ආරාමයෙහි මහත් ධන පරිත්‍යාග කොට භාග්‍යවතුන් වහන්සේගේ වාසය සඳහා විහාර කර වූහ. එහි කුක්කුට සිටුහු විසින් කරවන ලද ආරාමය කුක්කුටාරාමය විය. පාවාරික සිටු විසින් පාවාරික අඹ වනයෙහි කරවන ලද විහාරය පාවාරිකම්බ වන නම් විය. ඝෝසිත සිටුහු විසින් කරවන ලද විහාරය ඝෝසිතාරාමය නම් විය. ඝෝසිත සෙට්ඨිනාකාරිත ආරාමෙ යන්න ඒ සඳහා කියන ලදී.
භණ්ඩනජාතාතිආදීසු කලහස්ස පුබ්බභාගො භණ්ඩනං නාම, තං ජාතං එතෙසන්ති භණ්ඩනජාතා. හත්ථපරාමාසාදිවසෙන මත්ථකං පත්තො කලහො ජාතො එතෙසන්ති කලහජාතා. විරුද්ධභූතං වාදන්ති විවාදං, තං ආපන්නාති විවාදාපන්නා. මුඛසත්තීහීති වාචාසත්තීහි. විතුදන්තාති විජ්ඣන්තා. තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති න ච සඤ්ඤත්තිං උපෙන්තීති තෙ අත්ථඤ්ච කාරණඤ්ච දස්සෙත්වා නෙව අඤ්ඤමඤ්ඤං ජානාපෙන්ති. සචෙපි සඤ්ඤාපෙතුං ආරභන්ති, තථාපි සඤ්ඤත්තිං න උපෙන්ති, ජානිතුං න ඉච්ඡන්තීති අත්ථො. නිජ්ඣත්තියාපි එසෙව නයො. එත්ථ ච නිජ්ඣත්තීති සඤ්ඤත්තිවෙවචනමෙවෙතං. කස්මා පනෙතෙ භණ්ඩනජාතා අහෙසුන්ති? අප්පමත්තකෙන කාරණෙන.
භණ්ඩන ජාතා ආරවුලේ පසුබිම පූර්වභාගය ‘භණ්ඩන’ නමි. එය හටගත්තේ මේ අය අතරේ යයි කියනු සඳහා භණ්ඩනජාතා වී. අත්, පා, වචන ආදිය උපයෝගී කරගනිමින් පැමිණි කලහය ආරාවුල මොවුන් අතරේ ඇතිවිය යන්න කීම සඳහා කලහජාතා නම් විය. විරුද්ධ වාදයට විවාදයට පැමිණි බව කීම සඳහා විවාදාපන්නා නමි. මුඛඝත්තීහි වචන නමැති අවි ආයුධවලින්, විතු දන්තා විඳින්නාහු, තෙන චෙව අඤ්ඤ මඤ්ඤං සඤ්ඤාපෙන්ති - න ච සඤ්ඤත්තං උපෙන්ති ඔව්හූ අර්ථය ද කාරණය ද දක්වා ඔවුනොවුන්ට නො දන්වති. කියන්නට සූදානම් වෙත් ද එහෙත් දැන ගැනීමට නො පැමිණෙති. දැනගැනීමට කැමැත්තක් නැත යන අර්ථයි. ‘නිජ්ඣන්ති’ යන්නෙහි ද මෙම ක්‍රමයමැයි. මෙහි නිජ්ඣත්ති යනු හැඟීම් වශයෙන් ඒ අදහසට පරියාය වචනයි. කුමක් හෙයින් මොව්හූ කලහ ඇතිකර ගත්තෝද, ඉතා සුළු කරුණක් සඳහාය.
ද්වෙ කිර භික්ඛූ එකස්මිං ආවාසෙ වසන්ති විනයධරො ච සුත්තන්තිකො ච. තෙසු සුත්තන්තිකො භික්ඛු එකදිවසං වච්චකුටිං පවිට්ඨො ආචමනඋදකාවසෙසං භාජනෙ ඨපෙත්වාව නික්ඛමි. විනයධරො පච්ඡා පවිට්ඨො තං උදකං දිස්වා නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි, ආවුසො, තයා ඉදං උදකං ඨපිතන්ති? ආම, ආවුසොති. ත්වමෙත්ථ ආපත්තිභාවං න ජානාසීති? ආම න ජානාමීති. හොති, ආවුසො, එත්ථ ආපත්තීති. සචෙ හොති දෙසෙස්සාමීති. සචෙ පන තෙ, ආවුසො, අසඤ්චිච්ච අසතියා කතං, නත්ථි තෙ ආපත්තීති. සො තස්සා ආපත්තියා අනාපත්තිදිට්ඨි අහොසි.
එක්තරා ආවාසයක විනයධර හා සූත්‍රධර භික්ෂූහු දෙනමක් වූහ. ඔවුන් අතුරෙන් සූත්‍රාන්තික භික්ෂුව එක් දවසක් වැසිකිළියට පිවිසියේ පරිභෝග කරන ලද ජලයෙන් මදක් භාජනයේම ඉතිරිව තබා නික්මගියේය. විනයධර භික්ෂුව පසුව පැමිණ ඒ ජලය දැක නික්ම ඒ භික්ෂුවගෙන් විචාළේය. ඇවැත්නි, ඔබ විසින් ජලය භාජනයේ ඉතිරි කර ආවෙහිද, ඇවැත්නි එසේය. ඔබ මෙය ඇවැත් බව නො දන්නේ ද, සේය නො දනිමි. ඇවැත්නි, එය ඇවැතකි. එනිසා එය ඇවැත් වේ නම් දෙසන්නෙමි. නැවත ඉදින් ඇවැත්නි, තොප නො දැන සිහි නො කිරීමෙන් කරන ලද නම් ඇවැත් නැත. හෙතෙම ඒ ඇවතෙහි ඇවැත් නැත යන නිගමනයට එළඹියේය.
විනයධරො අත්තනො නිස්සිතකානං, “අයං සුත්තන්තිකො ආපත්තිං ආපජ්ජමානොපි න ජානාතී”ති ආරොචෙසි. තෙ තස්ස නිස්සිතකෙ දිස්වා – “තුම්හාකං උපජ්ඣායො ආපත්තිං ආපජ්ජිත්වාපි ආපත්තිභාවං න ජානාතී”ති ආහංසු. තෙ ගන්ත්වා අත්තනො උපජ්ඣායස්ස ආරොචෙසුං. සො එවමාහ – “අයං විනයධරො පුබ්බෙ ‘අනාපත්තී’ති වත්වා ඉදානි ‘ආපත්තී’ති වදති, මුසාවාදී එසො”ති. තෙ ගන්ත්වා, “තුම්හාකං උපජ්ඣායො මුසාවාදී”ති එවං අඤ්ඤමඤ්ඤං කලහං වඩ්ඪයිංසු, තං සන්ධායෙතං වුත්තං.
විනයධර තෙම (එසේ කියා) තමන් ඇසුරු කරන්නන් සමග සූත්‍රාන්තික භික්ෂුව ඇවතට පැමිණ එය නො දැන සිටී යනුවෙන් කීය. ඔව්හූ විනයධර තෙරුන්ගේ අතවැසියන් දැක තොපගේ උපාධ්‍යායයෝ ඇවතට පැමිණ ද ඇවැත් බව නොදැන සිටී යයි කීහ. ඔව්හූ ගොස් තමන්ගේ උපාධ්‍යායන්ට කීහ. හෙතෙම (සූත්‍රාන්තික) මෙසේ කීය. මේ විනයධර තෙම පළමුව ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් වේයයි කියයි. ඒ නිසා විනයධර තෙම මුසාවාසියෙකි යි කීය. ඔහු ගොස් (විනයධර අතවැස්සත් සමග) තොපගේ උපාධ්‍යය තෙමේ බොරු කාරයෙකැයි චෝදනා කළහ. මෙසේ ඔවුනොවුන් කලහ, අරගල ඇතිකළහ. ඒ සඳහා මෙය කියන ලදී.
භගවන්තං එතදවොචාති එතං, “ඉධ, භන්තෙ, කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා”තිආදිවචනං අවොච. තඤ්ච ඛො නෙව පියකම්යතාය න භෙදාධිප්පායෙන, අථ ඛො අත්ථකාමතාය හිතකාමතාය. සාමග්ගිකාරකො කිරෙස භික්ඛු, තස්මාස්ස එතදහොසි – “යථා ඉමෙ භික්ඛූ විවාදං ආරද්ධා, න සක්කා මයා, නාපි අඤ්ඤෙන භික්ඛුනා සමග්ගා කාතුං, අප්පෙව නාම සදෙවකෙ ලොකෙ අප්පටිපුග්ගලො භගවා සයං වා ගන්ත්වා, අත්තනො වා සන්තිකං පක්කොසාපෙත්වා එතෙසං භික්ඛූනං ඛන්තිමෙත්තාපටිසංයුත්තං සාරණීයධම්මදෙසනං කථෙත්වා සාමග්ගිං කරෙය්යා”ති අත්ථකාමතාය හිතකාමතාය ගන්ත්වා අවොච.
භගවන්තං එතදවොච මේ ස්වාමීනි, ඉධ භන්තෙ කොසම්බියං භික්ඛු භණ්ඩන ජාතානි කොසබෑ නුවර භික්ෂූහූ හටගත් කලහ ඇත්තෝ (අරගල කරන්නෝ) වෙති යි තථාගතයන්ට කීහ. එය එසේ කීවේ බිඳවන අදහසින් නොවේ. වැඩ කැමති බැවින් හිත කැමති බැවින් සමගි කරවනු සඳහාමය. යම්කිසි විධියකින් මේ දෙපිරිස සමගි කරවනු සඳහාමය. යම්කිසි විධියකින් මේ දෙපිරිස සමගි කරන්නෙක් වීද ඔහුට ඒ අදහසම ඇතිවිය. යම්කිසි අයුරකින් මේ දෙපිරිස කලහය පටන් ගත්තාහු ද අපට එය සමගි කළ නො හැකිය. වෙනත් භික්ෂුවකටද මේ අය සමගි කළ නොහැක. දෙවියන් සහිත ලෝකයේ අග්‍ර පුද්ගල වූ භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේ පැමිණ හෝ තමන්ගේ සමීපයට කැඳවා හෝ මේ භික්ෂූන්ට ඉවසීම, මෛත්‍රිය මුසු වූ සිහි කළයුතු ධර්මදේශනාවක් වදාරා මේ දෙපිරිස සමගි කරන්නේ නම් ඉතා යෙහෙකැයි වැඩි කැමැත්තෙන්ම මෙසේ කීයේය.
ඡයිමෙ, භික්ඛවෙ, ධම්මා සාරණීයාති හෙට්ඨා කලහභණ්ඩනවසෙන දෙසනා ආරද්ධා. ඉමස්මිං ඨානෙ ඡ සාරණීයා ධම්මා ආගතාති එවමිදං කොසම්බියසුත්තං යථානුසන්ධිනාව ගතං හොති. තත්ථ සාරණීයාති සරිතබ්බයුත්තා අද්ධානෙ අතික්කන්තෙපි න පමුස්සිතබ්බා. යො තෙ ධම්මෙ පූරෙති, තං සබ්රහ්මචාරීනං පියං කරොන්තීති පියකරණා. ගරුං කරොන්තීති ගරුකරණා. සඞ්ගහායාති සඞ්ගහණත්ථාය. අවිවාදායාති අවිවාදනත්ථාය. සාමග්ගියාති සමග්ගභාවත්ථාය. එකීභාවායාති එකීභාවත්ථාය නින්නානාකරණාය. සංවත්තන්තීති භවන්ති. මෙත්තං කායකම්මන්ති මෙත්තචිත්තෙන කත්තබ්බං කායකම්මං. වචීකම්මමනොකම්මෙසුපි එසෙව නයො. ඉමානි භික්ඛූනං වසෙන ආගතානි, ගිහීසුපි ලබ්භන්තියෙව. භික්ඛූනඤ්හි මෙත්තචිත්තෙන ආභිසමාචාරිකධම්මපූරණං මෙත්තං කායකම්මං නාම. ගිහීනං චෙතියවන්දනත්ථාය බොධිවන්දනත්ථාය සඞ්ඝනිමන්තනත්ථාය ගමනං ගාමං පිණ්ඩාය පවිට්ඨෙ භික්ඛූ දිස්වා පච්චුග්ගමනං පත්තපටිග්ගහණං ආසනපඤ්ඤාපනං අනුගමනන්ති එවමාදිකං මෙත්තං කායකම්මං නාම.
ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා කලහ භණ්ඩන වශයෙන් දේශනාව ඉහතින් ආරම්භ කරන ලදී. එහෙත් මෙතැන්හි දී සාරාණීය ධර්ම සය පිළිබඳව ධර්මයෝ මේ කෝසම්බ සුත්‍රයට අනුසන්ධි ලෙසින් ගියේ වෙයි. එහි සාරාණීයා සිහිකළ යුතු, කල් ඉක්මගියද, අමතක නොකළ යුතු, යමෙක් ඒ ධර්මයන් පුරාද, ඔහු සබ්‍රම්සරුන්ට පිය කෙරෙත්. පියකරණා ගරු කෙරෙත්. ගරුකරණ සංගාහායා සංග්‍රහ කිරීම පිණිස, අවිවාදාය විවාද නො කිරිම පිණිස, සාමග්ගියා සමගි බව පිණිස, එකීභාවාය එක්බව පිණිස, නොවෙනස් වීම පිණිස, සංවත්තන්තී පවතිත්. මෙත්තං කායකම්මං මෙත් සිතින් කළයුතු කායකර්ම, වචීකර්ම හා මනඃකර්මයන්හි ද මෙම ක්‍රමයමයි. නැවත මොව්හූ භික්ෂූන් වශයෙන් ආවාහූ ගිහීන් කෙරෙහි ද ලැබෙත්. භික්ෂූන්ගේ මෙත් සිත් වශයෙන් ආභිසමාචාරික ධර්මයන් පිරීම මෛත්‍රී කායකර්ම නමි. ගිහීන්ගේ චෛත්‍ය වැඳීම පිණිස, බෝධි වැඳීම පිණිස, සංඝ නිමන්ත්‍රණය පිණිස යාමය. ගමට පිඬු පිණිස වැඩි භික්ෂූන් දැක පෙරගමන් කිරීමය. පාත්‍ර පිළිගැනීම, අසුන් පැනවීම, පසුගමන් කිරීම ආදිය මෛත්‍රී කායකර්ම වේ.
භික්ඛූනං මෙත්තචිත්තෙන ආචාරපඤ්ඤත්තිසික්ඛාපදං, කම්මට්ඨානකථනං ධම්මදෙසනා තෙපිටකම්පි බුද්ධවචනං මෙත්තං වචීකම්මං නාම. ගිහීනඤ්ච, “චෙතියවන්දනත්ථාය ගච්ඡාම, බොධිවන්දනත්ථාය ගච්ඡාම, ධම්මස්සවනං කරිස්සාම, පදීපමාලාපුප්ඵපූජං කරිස්සාම, තීණි සුචරිතානි සමාදාය වත්තිස්සාම, සලාකභත්තාදීනි දස්සාම, වස්සාවාසිකං දස්සාම, අජ්ජ සඞ්ඝස්ස චත්තාරො පච්චයෙ දස්සාම, සඞ්ඝං නිමන්තෙත්වා ඛාදනීයාදීනි සංවිදහථ, ආසනානි පඤ්ඤාපෙථ, පානීයං උපට්ඨපෙථ, සඞ්ඝං පච්චුග්ගන්ත්වා ආනෙථ, පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා ඡන්දජාතා උස්සාහජාතා වෙය්යාවච්චං කරොථා”තිආදිකථනකාලෙ මෙත්තං වචීකම්මං නාම.
භික්ෂූන්ගේ මෙත් සිතින් ආචාරධර්මයන්හි හික්මවීම, කමටහන් කීම, බණ කීම, ත්‍රිපිටකය වැදෑරීම, මෛත්‍රී වාක් කර්ම නම් වේ. ගිහීන්ගේ චෛත්‍ය වැඳීමට යාම, බෝධි වැඳීමට යාම, බණ ඇසීම, මල් පහන් පූජා කිරිම, ත්‍රිවිධ සුචරිතයන්හි යෙදීම, ලාබ බත් ආදිය දීම, සිවුරු පිදීම, සංඝයාට සිව්පසය දීම, සංඝයා වඩමවා දන්දීම, අසුන් පැනවීම, පැන් පෙරහා තැබීම, සංඝයාට පෙරගමන් කිරීම, වඩා හිඳුවීම, වතාවත් කිරීම, පසුගමන් යාම ආදිය පිළිබඳව කථා කිරීම සාකච්ඡා කිරීම, විධිවිධාන යෙදීම මෛත්‍රී වාක් කර්ම නම් වේ.
භික්ඛූනං පාතොව උට්ඨාය සරීරපටිජග්ගනං චෙතියඞ්ගණවත්තාදීනි ච කත්වා විවිත්තාසනෙ නිසීදිත්වා, “ඉමස්මිං විහාරෙ භික්ඛූ සුඛී හොන්තු, අවෙරා අබ්යාපජ්ඣා”ති චින්තනං මෙත්තං මනොකම්මං නාම. ගිහීනං “අය්යා සුඛී හොන්තු, අවෙරා අබ්යාපජ්ඣා”ති චින්තනං මෙත්තං මනොකම්මං නාම.
භික්ෂූහු අරුණට පළමුව පිබිද සිරුර පිළිදැගුම් කොට වතාවත් නිමවා මේ විහාරයේ භික්ෂූහු සුවපත් වේවා. අවෛරී වෙත්වා. ව්‍යාපාද රහිත වෙත්වා ආදී වශයෙන් සිතීම මෛත්‍රී මනඃකර්ම නමි. ගිහියෝ ද ආර්යයන් වහන්සේ සුවපත් වෙත්වා. අවෛරී වෙත්වා. ව්‍යාපාද නැත්තෝ වෙත්වා. දුකින් මිදෙත්වා ආදී වශයෙන් සිතීම මෛත්‍රී මනඃකර්ම නම් වේ.
ආවි චෙව රහො චාති සම්මුඛා ච පරම්මුඛා ච. තත්ථ නවකානං චීවරකම්මාදීසු සහායභාවූපගමනං සම්මුඛා මෙත්තං කායකම්මං නාම. ථෙරානං පන පාදධොවනවන්දනබීජනදානාදිභෙදම්පි සබ්බං සාමීචිකම්මං සම්මුඛා මෙත්තං කායකම්මං නාම. උභයෙහිපි දුන්නික්ඛිත්තානං දාරුභණ්ඩාදීනං තෙසු අවමඤ්ඤං අකත්වා අත්තනා දුන්නික්ඛිත්තානං විය පටිසාමනං පරම්මුඛා මෙත්තං කායකම්මං නාම. දෙවත්ථෙරො තිස්සත්ථෙරොති එවං පග්ගය්හ වචනං සම්මුඛා මෙත්තං වචීකම්මං නාම. විහාරෙ අසන්තං පන පරිපුච්ඡන්තස්ස, කුහිං අම්හාකං දෙවත්ථෙරො, අම්හාකං තිස්සත්ථෙරො කදා නු ඛො ආගමිස්සතීති එවං මමායනවචනං පරම්මුඛා මෙත්තං වචීකම්මං නාම. මෙත්තාසිනෙහසිනිද්ධානි පන නයනානි උම්මීලෙත්වා සුප්පසන්නෙන මුඛෙන ඔලොකනං සම්මුඛා මෙත්තං මනොකම්මං නාම. දෙවත්ථෙරො, තිස්සත්ථෙරො අරොගො හොතු අප්පාබාධොති සමන්නාහරණං පරම්මුඛා මෙත්තං මනොකම්මං නාම.
ආවිචෙව රහොච යනු ඉදිරිපිටදී ද, නැති තැනදී ද නවකයන්ගේ සිවුරු කිරීම් ආදී කටයුතුවලදී සහාය බවට යාම සම්මුඛයෙහි මෛත්‍රී කාය කර්ම නමි. වැඩිමහල් ස්ථවිර භික්ෂූන්ගේ පා සේදීම, පවන් සැලීම ආදී සියලුම සාමීචිකර්ම (යහපත් ක්‍රියා) සම්මුඛයෙහි මෛත්‍රී කාය කර්ම නමි. භික්ෂූන් විසින් වරදවා තබන ලද දැව බඩු ආදිය ඔවුන් කෙරෙහි අවඥා නො කොට තමන් විසින් වැරදියට තබන ලද්දේයයි සලකා නිසි ලෙස සකස් කිරීම (පරාම්මුඛ) අනභිමුඛයේ කරන මෛත්‍රී කාය කර්ම නම් වේ. දේව ස්ථවිර තිස්ස ස්ථවිර ආදී වශයෙන් ගරු ලෙස කථා කිරීම හමුවෙහි මෛත්‍රී වාක් කර්ම නම් වේ. විහාරයෙහි නැති භික්ෂුවක් පිළිබඳව ‘අපේ දේව ස්ථවිරයන් කොහිද, අපගේ තිස්ස ස්ථවිරයන් කොහිද, කවදා වඩින්නේ ද ආදී මමත්වයෙන් යුතුව කරන කථාව අනභිමුඛයේ (නැති තැන) මෛත්‍රී වාක් කර්ම නම් වේ. මෛත්‍රී ස්නේහයෙන් යුතුවැ සිනිඳු ඇස් දල්වා පහන් මුහුණින් බැලීම හමුවෙහි මෛත්‍රී මනඃකර්ම නමි. දේව ස්ථවිර, තිස්ස ස්ථවිර සුවපත් වේවා. අල්පාබාධ ඇත්තේ වේවායි සිතින් සිතීම අනභිමුඛයේ තැන තැන මෛත්‍රී මනඃකර්ම වේ.
ලාභාති චීවරාදයො ලද්ධපච්චයා. ධම්මිකාති කුහනාදිභෙදං මිච්ඡාජීවං වජ්ජෙත්වා ධම්මෙන සමෙන භික්ඛාචරියවත්තෙන උප්පන්නා. අන්තමසො පත්තපරියාපන්නමත්තම්පීති පච්ඡිමකොටියා පත්තෙ පරියාපන්නං පත්තස්ස අන්තොගතං ද්වත්තිකටච්ඡුභික්ඛාමත්තම්පි. අප්පටිවිභත්තභොගීති එත්ථ ද්වෙ පටිවිභත්තානි නාම ආමිසපටිවිභත්තං පුග්ගලපටිවිභත්තඤ්ච. තත්ථ, “එත්තකං දස්සාමි, එත්තකං න දස්සාමී”ති එවං චිත්තෙන විභජනං ආමිසපටිවිභත්තං නාම. “අසුකස්ස දස්සාමි, අසුකස්ස න දස්සාමී”ති එවං චිත්තෙන විභජනං පන පුග්ගලපටිවිභත්තං නාම. තදුභයම්පි අකත්වා යො අප්පටිවිභත්තං භුඤ්ජති, අයං අප්පටිවිභත්තභොගී නාම.
ලාභා චීවරාදී ලද ප්‍රත්‍යයෝ ධම්මිකා කුහක ආදී මිථ්‍යා ජීවය හැර දැහැමෙන් සෙමෙන් පිණ්ඩපාතයෙන් උපන් අන්තමසො පතත පරියාපන්ත මත්තමපි යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුනා වූ හැඳි දෙක තුනක් පමණ භික්‍ෂාවද, අප්ප විභත්ත භොගී බෙදීම් දෙකක් වෙති. ආමිෂ ප්රචිභක්තය පුද්ගල ප්රචිභක්තය යනුවෙනි. මෙපමණක් දෙන්නෙමි. මෙපමණක් නො දෙන්නෙමියි මෙසේ සිතින් බෙදීම ආමි ප්රවිභක්ත නම් වේ. අසවලාට දෙන්නෙමි. අසවලාට නො දෙන්නෙමි යනුවෙන් සිතින් බෙදීම පුද්ගල ප්රවිභක්තනම් වේ. ඒ දෙකම නොකොට යමක් නො බෙදන ලද ද එය වළඳා ද ඔහු නො බෙදා වළඳන තැනැත්තා වූයේ වෙයි.
සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගීති එත්ථ සාධාරණභොගිනො ඉදං ලක්ඛණං, යං යං පණීතං ලබ්භති, තං තං නෙව ලාභෙන ලාභං ජිගීසනාමුඛෙන ගිහීනං දෙති, න අත්තනා පරිභුඤ්ජති; පටිග්ගණ්හන්තොව සඞ්ඝෙන සාධාරණං හොතූති ගහෙත්වා ගණ්ඩිං පහරිත්වා පරිභුඤ්ජිතබ්බං සඞ්ඝසන්තකං විය පස්සති. ඉදං පන සාරණීයධම්මං කො පූරෙති, කො න පූරෙතීති? දුස්සීලො තාව න පූරෙති. න හි තස්ස සන්තකං සීලවන්තා ගණ්හන්ති. පරිසුද්ධසීලො පන වත්තං අඛණ්ඩෙන්තො පූරෙති.
සීලවන්තෙහි සබ්රහ්මචාරීහි, සාධාරණ භොගී මේ සාධාරණ භෝගීහුගේ ලක්ෂණයි. යම් යම් ප්‍රණීත වූවකම ලබාද, ඒ ඒ දෙය ලාභයෙන් ලාභය සෙවීම, ද්වාරයෙන් ගිහීන්ට නොදෙයි. තමාද පරිභෝග නො කරයි. පිළිගන්නේම සංඝයා හා සාධාරණ වේවයි සිතා ගෙඩිය ගසා (භික්ෂුන් කැඳවා) පරිභෝග කළයුතු දෙයක් මෙන් සිතයි. මේ සාරාණීය ධර්ම කවරෙක් පුරයි ද කවරෙක් නොපුරයි ද, දුසිල් මහණ නො පුරයි. ඔහු අයත් දෙස සිල්වත්හු නො ගනිති. පිරිසිදු සිල් ඇති වත පිළිවෙත පුරණ තැනැත්තේම පුරයි.
තත්රිදං වත්තං – යො හි ඔදිස්සකං කත්වා මාතු වා පිතු වා ආචරියුපජ්ඣායාදීනං වා දෙති, සො දාතබ්බං දෙති, සාරණීයධම්මො පනස්ස න හොති, පලිබොධජග්ගනං නාම හොති. සාරණීයධම්මො හි මුත්තපලිබොධස්සෙව වට්ටති, තෙන පන ඔදිස්සකං දෙන්තෙන ගිලානගිලානුපට්ඨාකආගන්තුකගමිකානඤ්චෙව නවපබ්බජිතස්ස ච සඞ්ඝාටිපත්තග්ගහණං අජානන්තස්ස දාතබ්බං. එතෙසං දත්වා අවසෙසං ථෙරාසනතො පට්ඨාය ථොකං ථොකං අදත්වා යො යත්තකං ගණ්හාති, තස්ස තත්තකං දාතබ්බං. අවසිට්ඨෙ අසති පුන පිණ්ඩාය චරිත්වා ථෙරාසනතො පට්ඨාය යං යං පණීතං, තං තං දත්වා සෙසං පරිභුඤ්ජිතබ්බං, “සීලවන්තෙහී”ති වචනතො දුස්සීලස්ස අදාතුම්පි වට්ටති.
තත්රිදං වත්තං මේ එහි වත පිළිවෙතයි. යමෙක් නියමකොට මවට පියාට ආචාර්ය උපාධ්‍යාය ආදීන්ට දෙන්නේ ද හෙතෙම දිය යුත්තන්ට දෙන්නේ වෙයි. එහෙත් ඔහුට සාරාණීය ධර්මය නොවෙයි. පළිබෝධ පිළිදැගීම නම් වෙයි. සාරාණීය ධර්මය මිදුණු පළිබෝධ ඇත්තහුටම විය යුතුය. යළි නියමකොට දෙන්නා වූ ඔහු විසින් ගිලනුන්ට, ගිලන් උපස්ථායකයන්ට, ආගන්තුකයන්ට, ගමිකයන්ට අලුත පැවිදි වූ සඟල සිවුර පාත්‍රා ගැනීම නොදන්නවුන්ට දිය යුතුයි. මොවුන්ට දී ඉතිරි කොටස් ස්ථවිර ආසනයෙහි සිට මදින් මද නො දී කැමති කැමති පරිදි දියයුතුයි. ඉතිරියක් වූයේ නැතිනම් නැවත පිඬු සිඟා වැඩ ස්ථවිරාසනයෙහි පටන් යමක් යමක් ප්‍රණීත නම් එසේ දී ඉතිරි වූ දෙය තමන් වැළදිය යුතුයි. ‘සීලවන්තෙහි’ කී හෙයින් දුසිලුන්ට නොදිය යුතුයි.
අයං පන සාරණීයධම්මො සුසික්ඛිතාය පරිසාය සුපූරො හොති, නො අසික්ඛිතාය පරිසාය. සුසික්ඛිතාය හි පරිසාය යො අඤ්ඤතො ලභති, සො න ගණ්හාති, අඤ්ඤතො අලභන්තොපි පමාණයුත්තමෙව ගණ්හාති, න අතිරෙකං. අයඤ්ච පන සාරණීයධම්මො එවං පුනප්පුනං පිණ්ඩාය චරිත්වා ලද්ධං ලද්ධං දෙන්තස්සාපි ද්වාදසහි වස්සෙහි පූරති, න තතො ඔරං. සචෙ හි ද්වාදසමෙපි වස්සෙ සාරණීයධම්මපූරකො පිණ්ඩපාතපූරං පත්තං ආසනසාලායං ඨපෙත්වා නහායිතුං ගච්ඡති, සඞ්ඝත්ථෙරො ච කස්සෙසො පත්තොති? සාරණීයධම්මපූරකස්සාති වුත්තෙ – “ආහරථ න”න්ති සබ්බං පිණ්ඩපාතං විචාරෙත්වා භුඤ්ජිත්වා ච රිත්තපත්තං ඨපෙති. අථ සො භික්ඛු රිත්තපත්තං දිස්වා, “මය්හං අසෙසෙත්වාව පරිභුඤ්ජිංසූ”ති දොමනස්සං උප්පාදෙති, සාරණීයධම්මො භිජ්ජති, පුන ද්වාදස වස්සානි පූරෙතබ්බො හොති, තිත්ථියපරිවාසසදිසො හෙස. සකිං ඛණ්ඩෙ ජාතෙ පුන පූරෙතබ්බොව. යො පන, “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ පත්තගතං අනාපුච්ඡාව සබ්රහ්මචාරී පරිභුඤ්ජන්තී”ති සොමනස්සං ජනෙති, තස්ස පුණ්ණො නාම හොති.
මේ සාරාණීය ධර්ම නො හික්මුණු අය ඇසුරේ පිරිය නොහැක්ක. හික්මුණු පිරිසෙහි යමෙක් අන් තැනකින් ලබාද, හෙතෙම නොගනී. වෙනත් තැනකින් නො ලබන තැනැත්තේ ද ප්‍රමාදයෙන් යුක්තවම ගනී. වැඩියක් නො ගනී. මෙ සාරාණීය ධර්මය නැවත නැවත පිඬු පිණිස හැසිර, ලැබුණු ලැබුණු දේ දෙන්නහුට ද දොළොස් වසරකින් පිරෙයි. ඉන් මෙපිට නො පිරේ. ඉදින් දොළොස්වන වසරේ සාරාණීය ධර්මය පිරූ තැනැත්තා පිණ්ඩපාතය පිරූ පාත්‍රය ආසන ශාලාවෙහි තබා නාන්නට ගියේ ද, සංඝ ස්ථවිරයන් වහන්සේත් මේ පාත්‍රය කාගේදැයි අසා සාරාණීය ධර්මය පුරන්නහුගේ යයි දැන එය ගෙනෙවැයි සියලු පිණ්ඩපාතය බෙදා ගෙන වළඳා හිස් පාත්‍රය තැබූ කල්හි (නාන්ට ගිය මහණ) ඒ හිස් පාත්‍රය දැක මට ඉතිරි නොකොටම වැළඳූයේ යයි දොම්නසක් උපදවාද, එකල්හි සාරාණීය ධර්මය බිඳේ. නැවත දොළොස් වසක් පිරිය යුතු වෙයි. මේ සාරාණීය ධර්මය තීර්ථක පරිවාසය හා සමානය. වරක් කඩ වූ කල නැවත මුලපටන් පිරිය යුතුය. මට ලාභයක. මා විසින් මැනැවින් ලබන ලද පිණ්ඩපාතය මා නොවිචාරාම, මට ඉතිරි නො කොටම සබ්‍රහ්මචාරීහු වැළඳුවෝදැයි සතුටු වේද, සොම්නස් උපදවාද, ඔහුට සාරාණීය ධර්මය පිරුණේ නම් වෙයි.
එවං පූරිතසාරණීයධම්මස්ස පන නෙව ඉස්සා, න මච්ඡරියං හොති, සො මනුස්සානං පියො හොති, සුලභපච්චයො; පත්තගතමස්ස දීයමානම්පි න ඛීයති, භාජනීයභණ්ඩට්ඨානෙ අග්ගභණ්ඩං ලභති, භයෙ වා ඡාතකෙ වා සම්පත්තෙ දෙවතා උස්සුක්කං ආපජ්ජන්ති.
මෙසේ පුරණ ලද සාරාණීය ධර්ම ඇත්තෙකුට ඊර්ෂ්‍යාවක්, මාත්සර්යයක් නොවේ. හේ මිනිසුන්ට ප්‍රිය වේ. සුලභ වූ ප්‍රත්‍ය ඇත්තේ වේ. ඔහුගේ පාත්‍ර ගත වූ දේ කෙතෙක් දුන්නත් ක්ෂය නොවේ. බෙදිය යුතු භාණ්ඩ ඇති තාක් අග්රභාණ්ඩ ලබයි. භයක් හෝ දුර්භික්ෂයක් පැමිණි කල්හි දෙවියෝ උත්සාහයට පැමිණෙත්.
තත්රිමානි වත්ථූනි – ලෙණගිරිවාසී තිස්සත්ථෙරො කිර මහාගිරිගාමං උපනිස්සාය වසති. පඤ්ඤාස මහාථෙරා නාගදීපං චෙතියවන්දනත්ථාය ගච්ඡන්තා ගිරිගාමෙ පිණ්ඩාය චරිත්වා කිඤ්චි අලද්ධා නික්ඛමිංසු. ථෙරො පවිසන්තො තෙ දිස්වා පුච්ඡි – “ලද්ධං, භන්තෙ”ති? විචරිම්හා, ආවුසොති. සො අලද්ධභාවං ඤත්වා ආහ – “යාවාහං, භන්තෙ, ආගච්ඡාමි, තාව ඉධෙව හොථා”ති. මයං, ආවුසො, පඤ්ඤාස ජනා පත්තතෙමනමත්තම්පි න ලභිම්හාති. නෙවාසිකා නාම, භන්තෙ, පටිබලා හොන්ති, අලභන්තාපි භික්ඛාචාරමග්ගසභාවං ජානන්තීති. ථෙරා ආගමිංසු. ථෙරො ගාමං පාවිසි. ධුරගෙහෙයෙව මහාඋපාසිකා ඛීරභත්තං සජ්ජෙත්වා ථෙරං ඔලොකයමානා ඨිතා ථෙරස්ස ද්වාරං සම්පත්තස්සෙව පත්තං පූරෙත්වා අදාසි. සො තං ආදාය ථෙරානං සන්තිකං ගන්ත්වා, “ගණ්හථ, භන්තෙ”ති සඞ්ඝත්ථෙරමාහ. ථෙරො, “අම්හෙහි එත්තකෙහි කිඤ්චි න ලද්ධං, අයං සීඝමෙව ගහෙත්වා ආගතො, කිං නු ඛො”ති සෙසානං මුඛං ඔලොකෙසි. ථෙරො ඔලොකනාකාරෙනෙව ඤත්වා – “ධම්මෙන සමෙන ලද්ධපිණ්ඩපාතො, නික්කුක්කුච්චා ගණ්හථ භන්තෙ”තිආදිතො පට්ඨාය සබ්බෙසං යාවදත්ථං දත්වා අත්තනාපි යාවදත්ථං භුඤ්ජි.
ලුණුගල වැසි තිස්ස තෙරුන් වහන්සේ මාකිරිගම ඇසුරුකොට වැඩ වෙසෙති. පනහක් පමණ ස්ථවිරවරු නාගදීප මහාසෑය වැඳීම පිණිස වැඩමවන්නේ කිරිගම පිඩුසිඟා හැසිර කිසිවක් නො ලැබම නික්මුණාහුය. තෙරුන් වහන්සේ ගමට පිවිසෙමින්ම ඒ භික්ෂූන් දැක ස්වාමීනි, කිසිවක් ලදදැයි විචාළහ. හෙතෙම නො ලද බව දැන දැනම කීයේය. ස්වාමීනි, යම්තාක් මම එම් ද ඒතාක් මෙතැන වැඩසිටිනු මැනවි. ඇවැත්නි, අපි පනස් දෙනම පාළය තෙමෙන පමණකුත් නොලදුම්හ. ස්වාමීනි, නේවාසිකයෝ නම් බල ඇත්තෝ වෙති. නොලබන්නාහු නමුත් පිඬු පිණිස හැසිරෙන මාර්ග ස්වභාවය දනී. ස්ථවිරවරහු නැවතුනාහ. (නේවාසික) තෙරහු ගමට පිවිසියේය. සමීපයෙහිම මහා උපාසිකා තොමෝ කිරිබතක් සකස්කොට තෙරුන් එනතෙක් මග බලමින් සිටියාය. දොරට පැමිණියා වූ මහතෙරණුන්ගේ පාත්‍රය පුරවා දිනි. උන්වහන්සේ එය ගෙන ස්ථවිරවරුන් සමීපයට ගොස් ස්වාමීනි ගනු මැනවැයි සංඝ ස්ථවිරයන්ට කීය. තෙරුන්වහන්සේ අප මෙතෙක් දෙනා විසින් කිසිවක් නො ලද මෙතෙම වහා ගෙන ආයේය. කිමෙක්දෝහෝයි අනෙක් හිමිවරුන්ගේ මුහුණ බැලූහ. තෙරුන්වහන්සේ බලන ආකාරයෙන් ම දැන ස්වමීනි දැහැමෙන් සෙමෙන් ලද පිණ්ඩපාතයයි කුකුස් නැතුව පිළිගත මැනව. මුලපටන් සියල්ලන්ට යැපෙන පමණ දී තමාද යැපෙන පමණ වැළඳූහ.
අථ නං භත්තකිච්චාවසානෙ ථෙරා පුච්ඡිංසු – “කදා, ආවුසො, ලොකුත්තරධම්මං පටිවිජ්ඣී”ති? නත්ථි මෙ, භන්තෙ, ලොකුත්තරධම්මොති. ඣානලාභීසි, ආවුසොති? එතම්පි මෙ, භන්තෙ, නත්ථීති. නනු, ආවුසො, පාටිහාරියන්ති? සාරණීයධම්මො මෙ, භන්තෙ, පූරිතො, තස්ස මෙ ධම්මස්ස පූරිතකාලතො පට්ඨාය සචෙපි භික්ඛුසතසහස්සං හොති, පත්තගතං න ඛීයතීති. සාධු සාධු, සප්පුරිස, අනුච්ඡවිකමිදං තුය්හන්ති. ඉදං තාව පත්තගතං න ඛීයතීති එත්ථ වත්ථු.
ඉක්බිති සංඝස්ථවිරයෝ බත්කිස නිම වී උන්වහන්සේ විචාළහ. ඇවැත්නි, කවදා ලොව්තුරු දහම් ප්‍රතිවේධ කළේද, ස්වාමීනි, මට ලොව්තුරු දහම් නැත. ඇවැත්නි, ධ්‍යානලාභී ද, එය ද නැත. ඇවැත්නි, ප්රාතිහාර්යයක් නොවේද, ස්වාමීනි, මා විසින් සාරාණීය දහම් පුරන ලද, එය පිරූකල පටන් ඉදින් භික්ෂූන් දහසක් වුව ද, ඒ මගේ පාත්‍රගත පිණ්ඩය ක්ෂය නොවේ. සාධු, සාධු සත්පුරුෂය, ඔබට මෙය සුදුසුය. මේ වනාහි ඔහුගේ පාත්‍රගත වූ දෙය ක්ෂය නොවේයයි යන කාරණයයි.
අයමෙව පන ථෙරො චෙතියපබ්බතෙ ගිරිභණ්ඩමහාපූජාය දානට්ඨානං ගන්ත්වා, “ඉමස්මිං ඨානෙ කිං වරභණ්ඩ”න්ති පුච්ඡති. ද්වෙ සාටකා, භන්තෙති. එතෙ මය්හං පාපුණිස්සන්තීති. තං සුත්වා අමච්චො රඤ්ඤො ආරොචෙසි – “එකො දහරො එවං වදතී”ති. “දහරස්සෙවං චිත්තං, මහාථෙරානං පන සුඛුමසාටකා වට්ටන්තී”ති වත්වා, “මහාථෙරානං දස්සාමී”ති ඨපෙසි. තස්ස භික්ඛුසඞ්ඝෙ පටිපාටියා ඨිතෙ දෙන්තස්ස මත්ථකෙ ඨපිතාපි තෙ සාටකා හත්ථං නාරොහන්ති, අඤ්ඤෙව ආරොහන්ති. දහරස්ස දානකාලෙ පන හත්ථං ආරුළ්හා. සො තස්ස හත්ථෙ ඨපෙත්වා අමච්චස්ස මුඛං ඔලොකෙත්වා දහරං නිසීදාපෙත්වා දානං දත්වා සඞ්ඝං විස්සජ්ජෙත්වා දහරස්ස සන්තිකෙ නිසීදිත්වා, “කදා, භන්තෙ, ඉමං ධම්මං පටිවිජ්ඣිත්ථා”ති ආහ. සො පරියායෙනපි අසන්තං අවදන්තො, “නත්ථි මය්හං, මහාරාජ, ලොකුත්තරධම්මො”ති ආහ. නනු, භන්තෙ, පුබ්බෙව අවචුත්ථාති? ආම, මහාරාජ, සාරණීයධම්මපූරකො අහං, තස්ස මෙ ධම්මස්ස පූරිතකාලතො පට්ඨාය භාජනීයභණ්ඩට්ඨානෙ අග්ගභණ්ඩං පාපුණාතීති. සාධු සාධු, භන්තෙ, අනුච්ඡවිකමිදං තුම්හාකන්ති වන්දිත්වා පක්කාමි. ඉදං භාජනීයභණ්ඩට්ඨානෙ අග්ගභණ්ඩං පාපුණාතීති එත්ථ වත්ථු.
නැවත මේ තෙරුන්වහන්සේම සෑගිරියෙහි ගිරිභණ්ඩ මහා පූජාවෙහි දානස්ථානයට ගොස් මේ දානයේ උතුම් භාණ්ඩය කුමක්දැයි විමසීය. ස්වාමීනි, සළු දෙකකැයි කීය. ඒ දෙක මට පැමිණෙන්නේ ය. ඒ අසා ඇමතිවරු රජුට කීය. එක් තරුණ භික්ෂුවක් මෙසේ කීය. තරුණ භික්ෂුවගේ සිත මෙබඳුය. මහතෙරුන්ට සියුම් සළු සුදුසුය කියා මහතෙරුන්ට දෙමියි තැබීය. භික්ෂු සංඝයා පිළිවෙළින් සිටි කල්හි මුදුනෙහි තබන ලද සළු දෙක දීම සඳහා ඔහුගේ අතට නොපැමිණේ. එහෙත් තරුණ භික්ෂුවට දෙන කල්හි අතට ආයේය. හෙතෙම ඒ තෙරුන්ගේ අතේ තබා ඇමතියාගේ මුහුණ බලා තරුණ භික්ෂුව හිඳුවා දන් දී සංඝයා හැර තරුණ භික්ෂුව හිඳ, ස්වාමීනි, මේ ධර්මය කවදා ප්‍රතිවේධ කළාහුද, ඇසීය. ඒ තෙරණුවෝ පරියායෙනුදු නැති ගුණ නො කියන්නාහූ මහරජ, මට ලොව්තුරු දහමෙක් නැතයි කීහ. ස්වාමීනි, පළමුව කීයේ නොවේද? එසේය මහරජ, මම සාරාණීය ධර්මය පිරූවෙක්මි. ඒ ධර්මය පිරූ කල පටන් බෙදන තැන්හි අග්‍ර භාණ්ඩයමට පැමිණෙන්නේ ය. සාධු සාධු ස්වාමීනි, මේ ඔබවහන්සේට සුදුසුමය යි වැඳ නික්ම ගියේ ය. බෙදිය යුතු භාණ්ඩ ඇති තන්හි අග භාණ්ඩය පැමිණේය යන කථා පුවතයි.
බ්රාහ්මණතිස්සභයෙ පන භාතරගාමවාසිනො නාගත්ථෙරියා අනාරොචෙත්වාව පලායිංසු. ථෙරී පච්චූසකාලෙ, “අතිවිය අප්පනිග්ඝොසො ගාමො, උපධාරෙථ තාවා”ති දහරභික්ඛුනියො ආහ. තා ගන්ත්වා සබ්බෙසං ගතභාවං ඤත්වා ආගම්ම ථෙරියා ආරොචෙසුං. සා සුත්වා, “මා තුම්හෙ තෙසං ගතභාවං චින්තයිත්ථ, අත්තනො උද්දෙසපරිපුච්ඡායොනිසොමනසිකාරෙසුයෙව යොගං කරොථා”ති වත්වා භික්ඛාචාරවෙලාය පාරුපිත්වා අත්තද්වාදසමා ගාමද්වාරෙ නිග්රොධරුක්ඛමූලෙ අට්ඨාසි. රුක්ඛෙ අධිවත්ථා දෙවතා ද්වාදසන්නම්පි භික්ඛුනීනං පිණ්ඩපාතං දත්වා, “අය්යෙ, අඤ්ඤත්ථ මා ගච්ඡථ, නිච්චං ඉධෙව එථා”ති ආහ.
තව ද චණ්ඩාලතීය භය ඇතිකල්හි භාතර ගම්වැසියෝ නාග ස්ථවිරීන්ට නො කියාම පලා ගියහ. තෙරණියෝ අලුයම කාලයෙහි ගම ඉතාම නිශ්ශබ්දය. පළමුකොට විමසමු යයි තරුණ භික්ෂුණීන්ට කීහ. ඈලා ගොස් ගමේ සියල්ලෝම පිටව ගොස් ඇති බව දැන ආපසු පැමිණ තෙරණියට කීහ. ඕ තොමෝ එය අසා ඔබලා ඔවුන් ගිය බව නො සිතව්. තමාගේ උදෙසීම් පිළිවිසීම්, නුවණින් මෙනෙහි කිරීම් යන කරුණුවලට නිරත වෙව්. වෑයම් කරව් කියා, භික්ෂාචාර වේලාවෙහි සිවුරු පොරවා තොමෝ දොළොස්වෙනි කොට ඇත්තී ගම්දොර නුගරුක මුල සිටියාය. වෘක්ෂයේ අධිපති දේවතාවා භික්ෂුණීන් දොළොස් දෙනා වහන්සේටම පිණ්ඩපාතය දී ආර්යාවනි, වෙන කොහේවත් නො යන්න. දිනපතා මෙහිම වැඩමවන්නැයි කීය.
ථෙරියා පන කනිට්ඨභාතා නාගත්ථෙරො නාම අත්ථි. සො, “මහන්තං භයං, න සක්කා ඉධ යාපෙතුං, පරතීරං ගමිස්සාමාති අත්තද්වාදසමොව අත්තනො වසනට්ඨානා නික්ඛන්තො ථෙරිං දිස්වා ගමිස්සාමී”ති භාතරගාමං ආගතො. ථෙරී, “ථෙරා ආගතා”ති සුත්වා තෙසං සන්තිකං ගන්ත්වා, කිං අය්යාති පුච්ඡි. සො තං පවත්තිං ආචික්ඛි. සා, “අජ්ජ එකදිවසං විහාරෙයෙව වසිත්වා ස්වෙව ගමිස්සථා”ති ආහ. ථෙරා විහාරං අගමංසු.
තෙරණින් වහන්සේගේ කණිටු සහෝදරයකු වූ නාග නම් ස්ථවිර කෙනෙක් සිටී. ඒ තෙරුන් වහන්සේ මහත් භයය. යැපෙන්ට නුපුළුවන. පරතෙර යන්නෙමුයි තමන් දොළොස්වෙනිකොට තමන් වසන තැනින් නික්මුනේ ස්ථවිරීන් දැක යන්නෙමියි භාතරගමට පැමිණියහ. තෙරණිය තෙරුන් ආ බව අසා. උන්වහන්සේ සමීපයට ගොස් කිමෙක් ද ආර්යයෙනියි ඇසුවාය. හෙතෙම තමාගේ ප්‍රවෘත්තිය කීයේය. ඕ තොමෝ අද එක දවසක් විහාරයෙහි වැස හෙට වඩින්නැයි කීවාය. තෙරණුවෝ විහාරයට වැඩමවූහ.
ථෙරී පුනදිවසෙ රුක්ඛමූලෙ පිණ්ඩාය චරිත්වා ථෙරං උපසඞ්කමිත්වා, “ඉමං පිණ්ඩපාතං පරිභුඤ්ජථා”ති ආහ. ථෙරො, “වට්ටිස්සති ථෙරී”ති වත්වා තුණ්හී අට්ඨාසි. ධම්මිකො තාතා පිණ්ඩපාතො කුක්කුච්චං අකත්වා පරිභුඤ්ජථාති. වට්ටිස්සති ථෙරීති. සා පත්තං ගහෙත්වා ආකාසෙ ඛිපි, පත්තො ආකාසෙ අට්ඨාසි. ථෙරො, “සත්තතාලමත්තෙ ඨිතම්පි භික්ඛුනීභත්තමෙව, ථෙරීති වත්වා භයං නාම සබ්බකාලං න හොති, භයෙ වූපසන්තෙ අරියවංසං කථයමානො, ‘භො පිණ්ඩපාතික භික්ඛුනීභත්තං භුඤ්ජිත්වා වීතිනාමයිත්ථා’ති චිත්තෙන අනුවදියමානො සන්ථම්භෙතුං න සක්ඛිස්සාමි, අප්පමත්තා හොථ ථෙරියො”ති මග්ගං ආරුහි.
තෙරණිය දෙවන දවසේ ගස මුලට පිණ්ඩපාතයේ ගොස්, තෙරුන් වෙත එළඹ මේ පිණ්ඩපාතය වළඳන්නැයි කීය. තෙරණුවෝ වටනේ ද සුදුසු දැයි අසා නිහඬව සිටියේය. තෙරණිය, පිණ්ඩපාතය ධාර්මිකය. කුකුස් නැතිව වළඳන්නැයි කීවාය. තෙරණියනි, වටනේද, ඕ තොමෝ පාත්‍රය ගෙන අහසට විසි කළාය. පාත්‍රය ආකාසයේ පිහිටියේය. ස්ථවිර තෙමේ, තෙරණියනි, සත් තලකින් මතුයෙහි සිටියද, භික්ෂුණී බත්මැයි, කියා භය නම් හැමකල නොවේ. බිය සිඳුණු පසු ආර්යවංස කියමින්, එම්බා පිණ්ඩපාතිකය, භික්ෂුණියගේ බත වළඳා කල් යැවූවයි සිතින් උපවාද කරනු ලබන්නේ පිහිටා සිටින්නට (දරාගන්නට) නො හැකි වන්නෙමි. තෙරණියනි අප්‍රමාද වව් යයි කියා මගට පිළිපන්නේය.
රුක්ඛදෙවතාපි, “සචෙ ථෙරො ථෙරියා හත්ථතො පිණ්ඩපාතං පරිභුඤ්ජිස්සති, න නං නිවත්තෙස්සාමි, සචෙ පන න පරිභුඤ්ජිස්සති, නිවත්තෙස්සාමී”ති චින්තයමානා ඨත්වා ථෙරස්ස ගමනං දිස්වා රුක්ඛා ඔරුය්හ පත්තං, භන්තෙ, දෙථාති පත්තං ගහෙත්වා ථෙරං රුක්ඛමූලංයෙව ආනෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා පිණ්ඩපාතං දත්වා කතභත්තකිච්චං පටිඤ්ඤං කාරෙත්වා ද්වාදස භික්ඛුනියො, ද්වාදස ච භික්ඛූ සත්ත වස්සානි උපට්ඨහි. ඉදං දෙවතා උස්සුක්කං ආපජ්ජන්තීති එත්ථ වත්ථු, තත්ර හි ථෙරී සාරණීයධම්මපූරිකා අහොසි.
රුක් දෙවියා ද ඉදින් තෙරුන් වහන්සේ තෙරණියගේ අතින් පිණ්ඩපාතය වළඳන්නාහු ද, එය නො නවත්වන්නෙමි, ඉදින් නො වළඳන්නාහු නම් නවත්වමි යි සිතමින් සිට තෙරුන්ගේ ගමන දැක රුකින් බැස ස්වාමීනි, පාත්‍රය දුන මැනවි යි පාත්‍රය ගෙන ගස මුලටම වඩමවා අසුන් පනවා පිණ්ඩපාතය පුදා කරන ලද බත්කියෙන් පසුව ප්‍රතිඥා කරවා දොළසක් භික්ෂුණීන් ද දොළසක් භික්ෂූන් ද සත්වසක් උපස්ථාන කළහ. මේ දෙවියෝ උත්සාහ බවට පත්වෙති යන මේ වස්තුවයි. එහි වනාහි ස්ථවිරි තොමෝ සාරාණීයධර්මය පූරණය කළා වන්නීය.
අඛණ්ඩානීතිආදීසු යස්ස සත්තසු ආපත්තික්ඛන්ධෙසු ආදිම්හි වා අන්තෙ වා සික්ඛාපදං භින්නං හොති, තස්ස සීලං පරියන්තෙ ඡින්නසාටකො විය ඛණ්ඩං නාම. යස්ස පන වෙමජ්ඣෙ භින්නං, තස්ස මජ්ඣෙ ඡිද්දසාටකො විය ඡිද්දං නාම හොති. යස්ස පන පටිපාටියා ද්වෙ තීණි භින්නානි, තස්ස පිට්ඨියං වා කුච්ඡියං වා උට්ඨිතෙන විසභාගවණ්ණෙන කාළරත්තාදීනං අඤ්ඤතරවණ්ණා ගාවී විය සබලං නාම හොති. යස්ස පන අන්තරන්තරා භින්නානි, තස්ස අන්තරන්තරා විසභාගබින්දුචිත්රා ගාවී විය කම්මාසං නාම හොති. යස්ස පන සබ්බෙන සබ්බං අභින්නානි, තස්ස තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි නාම හොන්ති. තානි පනෙතානි තණ්හාදාසබ්යතො මොචෙත්වා භුජිස්සභාවකරණතො භුජිස්සානි. බුද්ධාදීහි විඤ්ඤූහි පසත්ථත්තා විඤ්ඤුප්පසත්ථානි. තණ්හාදිට්ඨීහි අපරාමට්ඨත්තා, “ඉදං නාම ත්වං ආපන්නපුබ්බො”ති කෙනචි පරාමට්ඨුං අසක්කුණෙය්යත්තා ච අපරාමට්ඨානි. උපචාරසමාධිං වා අප්පනාසමාධිං වා සංවත්තයන්තීති සමාධිසංවත්තනිකානීති වුච්චන්ති. සීලසාමඤ්ඤගතො විහරතීති තෙසු තෙසු දිසාභාගෙසු විහරන්තෙහි භික්ඛූහි සද්ධිං සමානභාවූපගතසීලො විහරති. සොතාපන්නාදීනඤ්හි සීලං සමුද්දන්තරෙපි දෙවලොකෙපි වසන්තානං අඤ්ඤෙසං සොතාපන්නාදීනං සීලෙන සමානමෙව හොති, නත්ථි මග්ගසීලෙ නානත්තං, තං සන්ධායෙතං වුත්තං.
අඛණ්ඩානි යන තැන්හි යමෙකුගේ සප්ත ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් මුලින් හෝ අගින් යම්කිසි ශික්ෂාපදයක් බිඳුනේද, ඔහුගේ සීලය කෙළවරක් ඉරුණු සාටකයක් මෙන් ඛණ්ඩ සීල නම් වේ. යළි යමෙකුගේ ශීලය මැදින් බිඳුනේ නම් මැද සිදුරු වූ සාටකයක් මෙන් ‘ඡිද්‍ර’ නම් වෙයි. යමෙකුගේ පිළිවෙළින් ශික්ෂාපද දෙක තුනක් බිඳුනේ ද ඔහුගේ ශීලය පිටෙහි හෝ බඩෙහි හෝ රතු ආදී පැහැයක් ඇති දෙනකගේ මෙන් ‘ශබල’ නම් වෙයි. යමෙකුගේ අතරින් පතර බිඳුනාහු නම් අසමාන තිත්වලින් පුල්ලිවලින් චිත්‍ර වූ දෙනක මෙන් ‘කල්මාස’ නම් වෙයි. යළි යමෙකුගේ ශීලය සියල්ලෙන් සියල්ල නො බිඳී පවතින්නේ නම් ඔහුගේ සීලය අඛණ්ඩ, අෂිදු, අශබල, අකල්මාස වූවාහූ වෙත්, තව ද ඒ මේ ශීලයෝ තණ්හා නමැති දාස බවින් මිදුණු හෙයින් භුජිස්සානි බුද්ධාදී උතුමන් විසින් ප්රශස්ත හෙයින් විඤ්ඤූප්පසත්ථානි තණ්හා දිට්ඨි ආදීන් විසින් පරාමර්ශනය නො කළ හෙයින් අසවල් ඇවතට පැමිණියේ යයි. කිසිවකු විසින් චෝදනා කරන්ට නො හැකි බැවින් අපරාමට්ඨා උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පවත්නුයි සමාධි සංවත්තනිකානි සමාධි සංවත්තනිකා යයි කියනු ලැබේ. සීල සාමඤ්ඤගතො විහරති ඒ ඒ පළාත්වල වාසය කරන්නා වූ භික්ෂූන් සමග සමාන බවට පැමිණ සිල් ඇතිව වෙසෙයි. සෝතාපන්න ආදීන්ගේ සීලය මුහුදින් එතෙරද, දෙව්ලොවද වසන අනෙක් සෝතාපන්නාදීන්ගේ ශීලය හා සමාන වෙයි. මාර්ගයෙන් පැමිණි ශීලයෙහි විවිධත්වයක් නැත. ඒ සඳහා කියන ලදි.
යායං දිට්ඨීති මග්ගසම්පයුත්තා සම්මාදිට්ඨි. අරියාති නිද්දොසා. නිය්යාතීති නිය්යානිකා. තක්කරස්සාති යො තථාකාරී හොති. දුක්ඛක්ඛයායාති සබ්බදුක්ඛක්ඛයත්ථං. දිට්ඨිසාමඤ්ඤගතොති සමානදිට්ඨිභාවං උපගතො හුත්වා විහරති.
යායං දිට්ඨි යනු මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියයි. අරියා නිදොස් වූ, නික්ම යානුයි. නීය්යානිකා, තක්කරස්ස යමෙක් එසේ කරන්නේද දුක්ඛක්බාය සියලු දුක් ක්ෂය කිරීම පිණිස දිට්ඨිසාමඤ්ඤගතො සමාන දෘෂ්ටි බවට පැමිණියෙක්ව වෙසේ.
අග්ගන්ති ජෙට්ඨකං. සබ්බගොපානසියො සඞ්ගණ්හාතීති සඞ්ගාහිකං. සබ්බගොපානසීනං සඞ්ඝාටං කරොතීති සඞ්ඝාටනිකං. සඞ්ඝාටනියන්ති අත්ථො. යදිදං කූටන්ති යමෙතං කූටාගාරකණ්ණිකාසඞ්ඛාතං කූටං නාම. පඤ්චභූමිකාදිපාසාදා හි කූටබද්ධාව තිට්ඨන්ති. යස්මිං පතිතෙ මත්තිකං ආදිං කත්වා සබ්බෙ පතන්ති. තස්මා එවමාහ. එවමෙව ඛොති යථා කූටං කූටාගාරස්ස, එවං ඉමෙසම්පි සාරණීයධම්මානං යා අයං අරියා දිට්ඨි, සා අග්ගා ච සඞ්ගාහිකා ච සඞ්ඝාටනියා චාති දට්ඨබ්බා.
අග්ගං ජ්‍යෙෂ්ඨ වුයේ සංගාහිකං සියලු ගොනැස් රැස් කෙරේනුයි සංඝානකිං රැස්කිරිම යන අර්ථයි. යදිදං කූටං යම් මේ කුළුගෙයක කැණිමඬලක් කූටය නම් වේද, යම්හෙයකින් පංච භූමකාදී ප්‍රාසාදයෝ කටයෙන් බඳනා ලද්දාහුම සිටිත්ද. එය වැටුණු කල්හි මැටි ආදී වශයෙන් සියල්ල වැටෙත් ද එහෙයින් මෙසේ කීහ. එවමෙව ඛො කූටය කුළුගෙයට යම්සේද, එපරිද්දෙන් මේ සාරාණීය ධර්මයන්ට කිසියම් ආර්ය දෘෂ්ටියක් වේද, ඒ අග්‍ර වූයේ ද සංග්‍රහ කරන්නේ ද, රැස් කරන්නේ ද වේයයි දතයුතුය.
කථඤ්ච, භික්ඛවෙ, යායං දිට්ඨීති එත්ථ, භික්ඛවෙ, යායං සොතාපත්තිමග්ගදිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති වුත්තා, සා කථං කෙන කාරණෙන නිය්යාතීති අත්ථො. පරියුට්ඨිතචිත්තොව හොතීති එත්තාවතාපි පරියුට්ඨිතචිත්තොයෙව නාම හොතීති අත්ථො. එස නයො සබ්බත්ථ. සුප්පණිහිතං මෙ මානසන්ති මය්හං චිත්තං සුට්ඨු ඨපිතං. සච්චානං බොධායාති චතුන්නං සච්චානං බොධත්ථාය. අරියන්තිආදීසු තං ඤාණං යස්මා අරියානං හොති, න පුථුජ්ජනානං, තස්මා අරියන්ති වුත්තං. යෙසං පන ලොකුත්තරධම්මොපි අත්ථි, තෙසංයෙව හොති, න අඤ්ඤෙසං, තස්මා ලොකුත්තරන්ති වුත්තං. පුථුජ්ජනානං පන අභාවතො අසාධාරණං පුථුජ්ජනෙහීති වුත්තං. එස නයො සබ්බවාරෙසු.
කථඤ්ච භික්ඛවෙ යායං දිට්ඨි යනු මෙහි මහණෙනි, නිදොස් වූ නෛර්යාණික වූ යම්කිසි සෝවාන් මාර්ග දෘෂ්ටියක් එසේ භාවිත කරන්නහුගේ දුක් ක්ෂය වීමට පමුණුවන්නේ ය. ඕ කෙසේ පමුණුවන්නේද, කවර කාරණයකින් පමුණුවන්නේ ද යන අර්ථයි. පරියුට්ඨි ත චිත්තො ච හොති, මෙතෙකිනුදු මඩනා ලද සිත් ඇත්තේ මෙනම් වේ යන තේරුමයි. සෑම තන්හිම මේ ක්‍රමයයි. සුප්පණිහිතං මෙ මානසං මගේ සිත මනාකොට තබන ලද, සච්චානං බොධයා සතර සත්‍යයන් ගේ අවබෝධය පිණිස අරියං යනාදියෙහි ඤාණය යම්හෙයකින් ආර්යයන්ට වේද, පෘථග්ජනයන්ට නොවේද, එහෙයින් අරිය යයි කියනු ලැබේ. යම් කෙනෙකුට ලොව්තුරු දහම් ඇත්ද, ඔවුන්ටම වේ. අන්‍යයන්ට නොවේ. එහෙයින් ලොකුත්තරං යයි කියන ලදී. පෘථග්ජනයන්ට නැති හෙයින් අසාධාරණං ප්රමුජ්ජනෙ යන්න කියන ලදී. සියලු වාරයන්හි මේ ක්‍රමයමයි.
ලභාමි පච්චත්තං සමථන්ති අත්තනො චිත්තෙ සමථං ලභාමීති අත්ථො. නිබ්බුතියම්පි එසෙව නයො. එත්ථ ච සමථොති එකග්ගතා. නිබ්බුතීති කිලෙසවූපසමො.
ලභාමි පච්චත්තං සමථං තමන්ගේ සිතෙහි සමථය ලබමියි යන අර්ථයි. නිබ්බුතියෙහි ද මේ ක්‍රමයමයි. මෙහි සමථො යනු එකඟ බවයි. නිබ්බුතී යනු කෙලෙස් සංසිඳීමයි.
තථාරූපාය දිට්ඨියාති එවරූපාය සොතාපත්තිමග්ගදිට්ඨියා.
තථාරූපාය දිට්ඨියා මෙබඳු වූ සෝවාන් මා දැක්මෙන්,
ධම්මතායාති සභාවෙන. ධම්මතා එසාති සභාවො එස. වුට්ඨානං පඤ්ඤායතීති සඞ්ඝකම්මවසෙන වා දෙසනාය වා වුට්ඨානං දිස්සති. අරියසාවකො හි ආපත්තිං ආපජ්ජන්තො ගරුකාපත්තීසු කුටිකාරසදිසං, ලහුකාපත්තීසු සහසෙය්යාදිසදිසං අචිත්තකාපත්තිංයෙව ආපජ්ජති, තම්පි අසඤ්චිච්ච, නො සඤ්චිච්ච, ආපන්නං න පටිච්ඡාදෙති. තස්මා අථ ඛො නං ඛිප්පමෙවාතිආදිමාහ.
ධම්ම තායා ස්වභාවයෙන් ධම්මතා එසා මේ ස්වභාවයමැයි. මුට්ඨානං පඤ්ඤායති සංඝකර්ම වශයෙන් හෝ දේශනාවෙන් හෝ නැගී සිටීම දක්නා ලැබේ. යම්හෙයකින් ආර්ය ශ්රාවකයා ඇවතට අවදනේ ගරුකාපත්තීන් අතුරෙහි කුටිකාර සමාන වූද ලුහු ඇවැත් අතුරෙන් සහසෙය්යාදි වැනි ඇවතකටද පැමිණේද, එය ද නොදැනය. දැන නො පැමිණේ. ඇවත් ඇවත, ඇවැත් දෙසීමෙන් නිදොස් නො කෙරේද, එහෙයින් අථ ඛො නං ඛිප්පමෙව ආදිමාහ යනාදිය වදාළහ.
දහරොති තරුණො. කුමාරොති න මහල්ලකො. මන්දොති චක්ඛුසොතාදීනං මන්දතාය මන්දො. උත්තානසෙය්යකොති අතිදහරතාය උත්තානසෙය්යකො, දක්ඛිණෙන වා වාමෙන වා පස්සෙන සයිතුං න සක්කොතීති අත්ථො. අඞ්ගාරං අක්කමිත්වාති ඉතො චිතො ච පසාරිතෙන හත්ථෙන වා පාදෙන වා ඵුසිත්වා. එවං ඵුසන්තානං පන මනුස්සානං න සීඝං හත්ථො ඣායති, තථා හි එකච්චෙ හත්ථෙන අඞ්ගාරං ගහෙත්වා පරිවත්තමානා දූරම්පි ගච්ඡන්ති. දහරස්ස පන හත්ථපාදා සුඛුමාලා හොන්ති, සො ඵුට්ඨමත්තෙනෙව දය්හමානො චිරීති සද්දං කරොන්තො ඛිප්පං පටිසංහරති, තස්මා ඉධ දහරොව දස්සිතො. මහල්ලකො ච දය්හන්තොපි අධිවාසෙති, අයං පන අධිවාසෙතුං න සක්කොති. තස්මාපි දහරොව දස්සිතො. දෙසෙතීති ආපත්තිපටිග්ගාහකෙ සභාගපුග්ගලෙ සති එකං දිවසං වා රත්තිං වා අනධිවාසෙත්වා රත්තිං චතුරඞ්ගෙපි තමෙ සභාගභික්ඛුනො වසනට්ඨානං ගන්ත්වා දෙසෙතියෙව.
දහරො තරුණ වූයේ, කුමාරො මහළු නොවූයේ, මන්දො ඇස් කන් ආදීන්ගේ මන්ද භාවයෙන් මන්ද වූයේ, උත්තාන සෙය්‍යකො ඉතා තරුණ බවින් උඩුකුරුව නිදන්නේ දකුණු හෝ වම් ඇලයෙන් නිදන්නට නොහැකි වෙයි. අංගාරං අක්කමිත්වා එහාට මෙහාට දිගුකරන අතින් හෝ පයින් හෝ ස්පර්ශකොට, මෙසේ ස්පර්ශ කරන මිනිසුන්ගේ අත් වහා නො දවයිද, ඇතැම් කෙනෙක් අඟුරු ගෙන පෙරළෙමින් දුරට යති. තරුණයාගේ අත් පා සීතල වෙති. හේ ස්පර්ශ කළ ඇසිල්ලකින්ම දවමින් ‘චිරි’ යයි හඬින් හකුළුවයිද, එහෙයින් මෙහි තරුණයෙක්ම දක්වන ලද, මහල්ලෙක් දවනු ලබන්නේ ඉවසයි. මොහුට ඉවසීමට නො හැක්කේය. එහෙයින්ම තරුණයෙක්වම දක්වන ලදී. දෙසෙති ඇවත පිළිගන්නා සමාන සභාග පුද්ගලයකු ඇති කල්හි එක් දවසක් හෝ රැයක් හෝ නොඉවසා රාත්‍රියෙහි චතුරංග අන්ධකාරයෙහි පවා සභාග භික්ෂුව වසන තැනට ගොස් නැවත දේශනා කෙරේ ම ය.
උච්චාවචානීති උච්චනීචානි. කිං කරණීයානීති කිං කරොමීති එවං වත්වා කත්තබ්බකම්මානි. තත්ථ උච්චකම්මං නාම චීවරස්ස කරණං රජනං චෙතියෙ සුධාකම්මං උපොසථාගාරචෙතියඝරබොධිඝරෙසු කත්තබ්බකම්මන්ති එවමාදි. අවචකම්මං නාම පාදධොවනමක්ඛනාදිඛුද්දකකම්මං, අථ වා චෙතියෙ සුධාකම්මාදි උච්චකම්මං නාම. තත්ථෙව කසාවපචනඋදකානයනකුච්ඡකරණ නිය්යාසබන්ධනාදි අවචකම්මං නාම. උස්සුක්කං ආපන්නො හොතීති උස්සුක්කභාවං කත්තබ්බතං පටිපන්නො හොති. තිබ්බාපෙක්ඛො හොතීති බහලපත්ථනො හොති.
උච්චාවචාති උස් පහත් වූ, කිං කරණීයානි කුමක් කෙරෙම්දැයි මෙසේ කියා කළයුතු ක්‍රියාවෝ, එහි උසස් ක්‍රියා නම් සිවුරු මැහීම, පඬු පෙවීම, චෛත්‍යයේ පිරිසිදු කිරීම් ආදිය, පොහොය ගෙයි, චේතිය ඝරයෙහි, බෝධිඝරයෙහි කළයුතු වතාවත් ආදී ක්‍රියාවන් කිරීම ආදියයි. පහත් ක්‍රියා නම් පා සේදීම, තෙල් ගැල්වීම ආදී කුඩා කාර්යයන්ය. නොහොත් සෑයෙහි සුණුකම් කිරීම උසස් ක්‍රියාවකි. එහි කහට දිය වත්කිරීම, ඉනිමං බැඳීම, කොහු බැඳීම ආදිය කුඩා ක්රියාවන්ය. උස්සුක්කං ආපන්නො හොති උත්සුක බවට කළයුතු බවට පිළිපන්නේ වෙයි. තිබ්බාපෙක්ඛා හොතීති බහුල වූ ප්‍රාර්ථනා වේ.
ථම්බඤ්ච ආලුම්පතීති තිණඤ්ච ආලුම්පමානා ඛාදති. වච්ඡකඤ්ච අපචිනාතීති වච්ඡකඤ්ච අපලොකෙති. තරුණවච්ඡා හි ගාවී අරඤ්ඤෙ එකතො ආගතං වච්ඡකං එකස්මිං ඨානෙ නිපන්නං පහාය දූරං න ගච්ඡති, වච්ඡකස්ස ආසන්නට්ඨානෙ චරමානා තිණං ආලුම්පිත්වා ගීවං උක්ඛිපිත්වා එකන්තං වච්ඡකමෙව ච විලොකෙති, එවමෙව සොතාපන්නො උච්චාවචානි කිං කරණීයානි කරොන්තො තන්නින්නො හොති, අසිථිලපූරකො තිබ්බච්ඡන්දො බහලපත්ථනො හුත්වාව කරොති.
ථම්භඤ්ච ආලුම්පති තණ ද කඩමින් කයි. වච්ඡකඤ්ච අපචිනති වසුපැටියා ද බලයි. තරුණ වස්සකු ඇති දෙනක් වස්සා සමග වනයට ආයේද, වස්සා හැර දෙන දුරට නොයයි. නුදුරු තැන හැසිරෙමින්ම තණ කඩාගෙන කමින්ම ගෙල ඔසවා අනිවාර්යයෙන්ම (වරින්වර) වස්සාම බලයි. එපරිද්දෙන් සෝවාන් පුද්ගලයා විචාරා කළයුතු උස්පහත් වූ ක්‍රියාවන් කරමින් ඊට නැමුණේම නො ලිහිල්ව පුරන්නේ ම වෙයි. තීව්ර වූ කැමැත්ත ඇතිව දැඩි වූ ප්‍රාර්ථනා ඇතිවම කෙරෙයි.
තත්රිදං වත්ථු – මහාචෙතියෙ කිර සුධාකම්මෙ කරියමානෙ එකො අරියසාවකො එකෙන හත්ථෙන සුධාභාජනං, එකෙන කුච්ඡං ගහෙත්වා සුධාකම්මං කරිස්සාමීති චෙතියඞ්ගණං ආරුළ්හො. එකො කායදළ්හිබහුලො භික්ඛු ගන්ත්වා ථෙරස්ස සන්තිකෙ අට්ඨාසි. ථෙරො අඤ්ඤස්මිං සති පපඤ්චො හොතීති තස්මා ඨානා අඤ්ඤං ඨානං ගතො. සොපි භික්ඛු තත්ථෙව අගමාසි. ථෙරො පුන අඤ්ඤං ඨානන්ති එවං කතිපයට්ඨානෙ ආගතං, – “සප්පුරිස මහන්තං චෙතියඞ්ගණං කිං අඤ්ඤස්මිං ඨානෙ ඔකාසං න ලභථා”ති ආහ. න ඉතරො පක්කාමීති.
මහා සෑයෙහි සුසුකම් කරන කල්හි එක් ආර්ය ශ්‍රාවකයෙක් එක් අතකින් හුණු බඳුන ද එක් අතකින් කොස්සද ගෙන සුණුකම් කරන්නෙමියි සෑමළුවට නැංගේය. කාය ශක්තියෙන් දැඩි වූ එක් මහණෙක් තෙරුන් සමීපයේ සිටියේය. තෙරුන්වහන්සේ අනිකෙක් ඇති නිසා ප්‍රමාද වේයයි එතැනින් වෙනත් තැනකට ගියේය. ඒ මහණ ද එහිම ගියේය. තෙරුන් වහන්සේ නැවත වෙනත් තැනකට ගියේය. ඒ මහණ ද එහි ගියේය. තෙරුන් වහන්සේ යළි අනිත් තැනකට ගියේය. මෙසේ තුන්වෙනි තැනටද ආ ඒ භික්ෂුවට සත්පුරුෂය, සෑමළුව විශාලය. කිම ද වෙනත් තැනක ඉඩක් නැත්ද, ඇසීය. එකල්හි අනික් මහණ නික්ම ගියේය.
බලතාය සමන්නාගතොති බලෙන සමන්නාගතො. අට්ඨිං කත්වාති අත්ථිකභාවං කත්වා, අත්ථිකො හුත්වාති අත්ථො. මනසිකත්වාති මනස්මිං කරිත්වා. සබ්බචෙතසා සමන්නාහරිත්වාති අප්පමත්තකම්පි වික්ඛෙපං අකරොන්තො සකලචිත්තෙන සමන්නාහරිත්වා. ඔහිතසොතොති ඨපිතසොතො. අරියසාවකා හි පියධම්මස්සවනා හොන්ති, ධම්මස්සවනග්ගං ගන්ත්වා නිද්දායමානා වා යෙන කෙනචි සද්ධිං සල්ලපමානා වා වික්ඛිත්තචිත්තා වා න නිසීදන්ති, අථ ඛො අමතං පරිභුඤ්ජන්තා විය අතිත්තාව හොන්ති ධම්මස්සවනෙ, අථ අරුණං උග්ගච්ඡති. තස්මා එවමාහ.
බලතාය සමන්නාගතො බලයෙන් යුක්ත වූයේ, අට්ඨිකත්වානි ප්‍රයෝජන ඇතියෙක් වී මනසිකත්වා සිත්හි තබා, සබ්බ චෙතසො සමන්නාහරිත්වා මද පමණ වූත් වික්ෂේපයක් නො කරමින් මුළු සිතින්ම එළවා, ඔහිත සොතො බහා තැබූ කන ඇතිව, (බණ ඇසීමටම යොමු කළ කන් ඇතිව) යම්හෙයකින් ආර්යශ්‍රාවකයෝ ධර්මශ්රවණයට ප්‍රිය වෙත් ද, මනාප වෙත් ද, (එවැන්නන්) බණ අසන තැනට ගොස් නිදි කිරමින් හෝ වෙනත් කිසිවකු සමග කථා කරමින් හෝ කලබලකාරි සිත් ඇතිව හෝ නො හිඳිත්. අමෘතය, වළඳන්නවුන් මෙන් ධර්මශ්‍රවණයෙන් සතුටට පැමිණියාහු වෙත් ද, අරුණ නැගීමද නො දනී. එහෙයින් මෙසේ වදාළහ.
ධම්මතා සුසමන්නිට්ඨා හොතීති සභාවො සුට්ඨු සමන්නෙසිතො හොති. සොතාපත්තිඵලසච්ඡිකිරියායාති කරණවචනං, සොතාපත්තිඵලසච්ඡිකතඤාණෙනාති අත්ථො. එවං සත්තඞ්ගසමන්නාගතොති එවං ඉමෙහි සත්තහි මහාපච්චවෙක්ඛණඤාණෙහි සමන්නාගතො. අයං තාව ආචරියානං සමානකථා. ලොකුත්තරමග්ගො හි බහුචිත්තක්ඛණිකො නාම නත්ථි.
ධම්මතා සුසමන්තිට්ඨා හොති ස්වභාවය මනාකොට විමසන ලද්දේ වෙයි. සොතාපත්තිඵල සච්ඡිකිරියාය යනු කරණ වචනයි. සෝවාන් ඵලය පසක් කළ නුවණින් යන අර්ථයි. එවං සත්තංග සමන්නාගතො මෙසේ මහා ප්රත්යවේක්ෂා ඤාණ සතින් යුක්ත වූයේ මේ පළමුව දක්වන්නේ ආචාර්යවරුන්ගේ සමාන කථා ය. එනම් ලොව්තුරා මග, බහු චිත්තක්ෂණික වූයේ නම් නැත.
විතණ්ඩවාදී පන එකචිත්තක්ඛණිකො නාම මග්ගො නත්ථි, “එවං භාවෙය්ය සත්ත වස්සානී”ති හි වචනතො සත්තපි වස්සානි මග්ගභාවනා හොන්ති. කිලෙසා පන ලහු ඡිජ්ජන්තා සත්තහි ඤාණෙහි ඡිජ්ජන්තීති වදති. සො සුත්තං ආහරාති වත්තබ්බො, අද්ධා අඤ්ඤං සුත්තං අපස්සන්තො, “ඉදමස්ස පඨමං ඤාණං අධිගතං හොති, ඉදමස්ස දුතියං ඤාණං…පෙ… ඉදමස්ස සත්තමං ඤාණං අධිගතං හොතී”ති ඉමමෙව ආහරිත්වා දස්සෙස්සති. තතො වත්තබ්බො කිං පනිදං සුත්තං නෙය්යත්ථං නීතත්ථන්ති. තතො වක්ඛති – “නීතත්ථත්ථං, යථාසුත්තං තථෙව අත්ථො”ති. සො වත්තබ්බො – “ධම්මතා සුසමන්නිට්ඨා හොති සොතාපත්තිඵලසච්ඡිකිරියායාති එත්ථ කො අත්ථො”ති? අද්ධා සොතාපත්තිඵලසච්ඡිකිරියායත්ථොති වක්ඛති. තතො පුච්ඡිතබ්බො, “මග්ගසමඞ්ගී ඵලං සච්ඡිකරොති, ඵලසමඞ්ගී”ති. ජානන්තො, “ඵලසමඞ්ගී සච්ඡිකරොතී”ති වක්ඛති. තතො වත්තබ්බො, – “එවං සත්තඞ්ගසමන්නාගතො ඛො, භික්ඛවෙ, අරියසාවකො සොතාපත්තිඵලසමන්නාගතො හොතීති ඉධ මග්ගං අභාවෙත්වා මණ්ඩූකො විය උප්පතිත්වා අරියසාවකො ඵලමෙව ගණ්හිස්සති. මා සුත්තං මෙ ලද්ධන්ති යං වා තං වා අවච. පඤ්හං විස්සජ්ජෙන්තෙන නාම ආචරියසන්තිකෙ වසිත්වා බුද්ධවචනං උග්ගණ්හිත්වා අත්ථරසං විදිත්වා වත්තබ්බං හොතී”ති. “ඉමානි සත්ත ඤාණානි අරියසාවකස්ස පච්චවෙක්ඛණඤාණානෙව, ලොකුත්තරමග්ගො බහුචිත්තක්ඛණිකො නාම නත්ථි, එකචිත්තක්ඛණිකොයෙවා”ති සඤ්ඤාපෙතබ්බො. සචෙ සඤ්ජානාති සඤ්ජානාතු. නො චෙ සඤ්ජානාති, “ගච්ඡ පාතොව විහාරං පවිසිත්වා යාගුං පිවාහී”ති උය්‍යොජෙතබ්බො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
විරුද්ධවාදීහූ වනාහි ඒක චිත්ත ක්ෂණික වූ මාර්ගයක් නම් නැතැයි (කියත) ‘එවං භාවෙය්ය සත්ත වස්සානි’ කී හෙයින් සත් වසකුදු මාර්ග භාවනාව වෙයි. ක්ලේශයෝ වහා සිඳෙන්නාහුය. නුවණ සතකින් සිඳෙතියි කියයි. හෙතෙම සූත්‍රයක් දක්වන්නැයි කිය යුතුය. ඒකාන්තයෙන් අනිකක් නො දක්නේ ‘ඉදමස්ස පඨමං ඤාණං අධිගතං හොති - ඉදමස්ස දුතියං ඤාණං -පෙ- ඉදමස්ස සත්තමංඤාණං අධිගතං හොති’ යන්න ගෙනහැර දක්වන්නේ ය. කිමෙක් ද මේ සුත්‍රය නෙය්‍යාර්ථ ද නීතාර්ථ ද, නීතාර්ථයයි කියන්නේ ය. සූත්‍රය යම්සේ ද අර්ථය එසේ වේ. හෙතෙම මෙසේ කිවයුතුය. ‘ධම්මතා සුසමන්නිට්ඨා හොති, සොතාඵල සච්ඡිකිරියාය’ මෙහි අර්ථය කවරේද, ඒකාන්තයෙන් සෝවාන්ඵලය පසක් කිරීම පිණිසය. ඉක්බිතිව කිවයුතුයි. මාර්ගයෙන් යුක්ත වූයේ ඵලය පසක් කෙරේද, ඵලයෙන් යුක්ත වූයේ ‘මාර්ගයද (හෙතෙම) දන්නේ ඵලයෙන් යුක්ත වූයේ පසක් කෙරේය යන්නය. ‘එවං සප්තංග සමන්නාගතො ඛො භිකඛවෙ අරිය සාවකො සොතාපත්ති සමන්නාගතො හොති’ තොපට මේ මාර්ගය නොවඩා මැඩියෙකු මෙන් පැන ආර්යශ්‍රාවක ඵලයම ගන්නේද, මා විසින් සූත්‍රයක් ලදැයි යම් ඒ (කටට ආවක්) නො කියව. ප්‍රශ්න විසඳන්නහු විසින් නම් ආචාර්යවරුන් සමීපයේ වැස බුද්ධවචනය ඉගෙන, අර්ථ රසය විඳ කිවයුතු වන්නේය. මේ ඥාන සත ප්රත්යවේක්ෂා ඥානම වේ. ලෝකෝත්තර මාර්ගය බහු චිත්තක්ෂණික වූයේ නම් නැත. ඒක චිත්ත ක්ෂණික වූයේ යයි හැඟවිය යුතුය. ඉදින් පිළිගන්නේ නම් පිළිගන්වා නො පිළිගන්නේ නම් යව උදෑසනම ආරාමයට ගොස් කැඳ බොවයි යැවිය යුත්තේ ය. සෙසු තන්හි අර්ථය ප්‍රකට මැයි.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය කොසම්බියසුත්තවණ්ණනා නිට්ඨිතා.
කෝසම්බක සූත්‍ර වර්ණනාව නිමියේය.