යෙදුමෙන් කියවන්න

බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තවණ‍්ණනා

බ්‍රහ්මනිමන්තනික සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තං. තත්‍ථ පාපකං දිට‍්ඨිගතන‍්ති ලාමකා සස‍්සතදිට‍්ඨි. ඉදං නිච‍්චන‍්ති ඉදං සහ කායෙන බ්‍රහ‍්මට‍්ඨානං අනිච‍්චං “නිච‍්ච”න‍්ති වදති. ධුවාදීනි තස‍්සෙව වෙවචනානි. තත්‍ථ ධුවන‍්ති ථිරං. සස‍්සතන‍්ති සදා විජ‍්ජමානං. කෙවලන‍්ති අඛණ‍්ඩං සකලං. අචවනධම‍්මන‍්ති අචවනසභාවං. ඉදඤ‍්හි න ජායතීතිආදීසු ඉමස‍්මිං ඨානෙ කොචි ජායනකො වා ජීයනකො වා මීයනකො වා චවනකො වා උපපජ‍්ජනකො වා නත්‍ථීති සන්‍ධාය වදති. ඉතො ච පනඤ‍්ඤන‍්ති ඉතො සහ කායකා බ්‍රහ‍්මට‍්ඨානා උත‍්තරි අඤ‍්ඤං නිස‍්සරණං නාම නත්‍ථීති එවමස‍්ස ථාමගතා සස‍්සතදිට‍්ඨි උප‍්පන‍්නා හොති. එවංවාදී පන සො උපරි තිස‍්සො ඣානභූමියො චත‍්තාරො මග‍්ගා චත‍්තාරි ඵලානි නිබ‍්බානන‍්ති සබ‍්බං පටිබාහති. අවිජ‍්ජාගතොති අවිජ‍්ජාය ගතො සමන‍්නාගතො අඤ‍්ඤාණී අන්‍ධීභූතො. යත්‍ර හි නාමාති යො නාම.

එවම්මෙ සුතං බ්‍රහ්ම නිමන්තික සූත්‍රයයි. එහි පාපකං දිටඨිගතං ලාමක වූ ශාස්වත දෘෂ්ටිය, ඉදනිච්චං යනු මේ අවකාශ සහිත වූ අනිත්‍ය වූ, බ්‍රහ්මස්ථානය නිත්‍ය යයි කියයි. ධුවං යනු ද එයටම සමාන අර්ථයි. එහි ‘ධුවං’ ස්ථිරය. සස්සතං සදාකල්හිම විද්‍යමාන වේ. කෙවලං අඛණ්ඩය. සියල්ලය. අවචන ධම්මං චුත නොවන ස්වභාවය. ඉදං හි න ජායති ආදියෙහි මෙතැන කිසිවකු උපදින්නේ හෝ මිය යන්නේ හෝ ප්‍රතිසන්ධි වශයෙන් පැමිණෙන්නේ හෝ නැත යනු සඳහා කියයි. ඉතො ච පනඤ්ඤං මේ අවකාශ සහිත වූ බ්‍රහ්මස්ථානයෙන් මත්තෙහි අන්‍ය වූ නිශ්ශරණයක් නම් නැත. මෙසේ ස්ථාවරත්වයට පැමිණි ඔහුට ශාස්වත දෘෂ්ටිය උපන්නේ වෙයි. මෙසේ කියන්නා වූ හෙතෙම මත්තෙහි තුන් ධ්‍යාන භූමි, සතරමාර්ග, සතරඵල, නිවන යන මේ සියල්ල නැතැයි කියයි. (ප්‍රතික්‍ෂේප කරයි) අවිජ්ජාගතො අවිද්‍යාවට ගියේ, අවිද්‍යාවෙන් අන්ධ වූයේ යත්‍ර භි නාම යමෙක් නම්,

අථ ඛො, භික‍්ඛවෙ, මාරො පාපිමාති මාරො කථං භගවන‍්තං අද‍්දස? සො කිර අත‍්තනො භවනෙ නිසීදිත්‍වා කාලෙන කාලං සත්‍ථාරං ආවජ‍්ජෙති – “අජ‍්ජ සමණො ගොතමො කතරස‍්මිං ගාමෙ වා නිගමෙ වා වසතී”ති. ඉමස‍්මිං පන කාලෙ ආවජ‍්ජන‍්තො, “උක‍්කට‍්ඨං නිස‍්සාය සුභගවනෙ විහරතී”ති ඤත්‍වා, “කත්‍ථ නු ඛො ගතො”ති ඔලොකෙන‍්තො බ්‍රහ‍්මලොකං ගච‍්ඡන‍්තං දිස‍්වා, “සමණො ගොතමො බ්‍රහ‍්මලොකං ගච‍්ඡති, යාව තත්‍ථ ධම‍්මකථං කථෙත්‍වා බ්‍රහ‍්මගණං මම විසයා නාතික‍්කමෙති, තාව ගන‍්ත්‍වා ධම‍්මදෙසනායං විඡන්‍දං කරිස‍්සාමී”ති සත්‍ථු පදානුපදිකො ගන‍්ත්‍වා බ්‍රහ‍්මගණස‍්ස අන‍්තරෙ අදිස‍්සමානෙන කායෙන අට‍්ඨාසි. සො, “සත්‍ථාරා බකබ්‍රහ‍්මා අපසාදිතො”ති ඤත්‍වා බ්‍රහ‍්මුනො උපත්‍ථම‍්භො හුත්‍වා අට‍්ඨාසි. තෙන වුත‍්තං – “අථ ඛො, භික‍්ඛවෙ, මාරො පාපිමා”ති.

අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා මාරයා භාග්‍යවතුන් වහන්සේ කෙසේ දැක්කේ ද, මාරයා වූ කලි කලින් කල තමන්ගේ භවනයෙහිම හිඳ ශාස්තෲන් වහන්සේ පිළිබඳව සොයා බලයි. මහණ ගොයුම් අද කොහේ ඉන්නේ ද, කවර ගමක හෝ නියම්ගමක වෙද, ඒ අන්දමට මෙදින ශාස්තෲන් ගැන බලන්නේ උක්කට්ඨා නුවර ඇසිරිකොට සුභග වනයෙහි වාසය කරතියි දැන, දැන් කොහේ ගියේදැයි බලන්නේ බ්‍රහ්මලෝකයට යන බව දැක, ‘ශ්‍රමණ ගෞතමයන් බඹලොවට යයි. එහි ගොස් එහිදී දහම් දෙසා බ්‍රහ්ම සමූහයා මාගේ විෂය නො ඉක්මවාද, ඉන් පෙර ගොස් බ්‍රහ්මයන් තුළ ධර්මදේශනාවට කැමැත්ත නැති බව කරන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ පියවරින් පියවර ගොස් බ්‍රහ්ම සමූහයා අතර නො පෙනෙන ශරීරයෙන් යුතුව සිටියේය. හෙතෙම ශාස්තෲන් වහන්සේ විසින් බක බ්‍රහ්මයා කෙරෙහි අප්‍රසාද බව දැන බකබ්‍රහ්මයාට උඵස්ථම්භකව සිටියේය. අථඛො භික්ඛවෙ මාරො පාපිමා යන්න එහෙයින් කියන ලදී.

බ්‍රහ‍්මපාරිසජ‍්ජං අන්‍වාවිසිත්‍වාති එකස‍්ස බ්‍රහ‍්මපාරිසජ‍්ජස‍්ස සරීරං පවිසිත්‍වා. මහාබ්‍රහ‍්මානං පන බ්‍රහ‍්මපුරොහිතානං වා අන්‍වාවිසිතුං න සක‍්කොති. මෙතමාසදොති මා එතං අපසාදයිත්‍ථ. අභිභූති අභිභවිත්‍වා ඨිතො ජෙට‍්ඨකො. අනභිභූතොති අඤ‍්ඤෙහි අනභිභූතො. අඤ‍්ඤදත්‍ථූති එකංසවචනෙ නිපාතො. දස‍්සනවසෙන දසො, සබ‍්බං පස‍්සතීති දීපෙති. වසවත‍්තීති සබ‍්බජනං වසෙ වත‍්තෙති. ඉස‍්සරොති ලොකෙ ඉස‍්සරො. කත‍්තා නිම‍්මාතාති ලොකස‍්ස කත‍්තා ච නිම‍්මාතා ච, පථවීහිමවන‍්තසිනෙරුචක‍්කවාළමහාසමුද‍්දචන්‍දිමසූරියා ච ඉමිනා නිම‍්මිතාති දීපෙති.

බ්‍රහ්මපාරිසජ්ජං අන්‍වා විසිත්‍වා බ්‍රහ්ම පාරිසජ්ජයෙහි එක් බ්‍රහ්මයකුගේ ශරීරයට ආවේශව එහෙත් මහා බ්‍රහ්මයාට හෝ බ්‍රහ්ම පුරෝහිතයන්ට ආවේශ වන්නට නො හැකි වේ. මෙතවාසදො මොහුට නින්දා නොකරව. අභිභූ මැඩපවත්වාගෙන සිටියේ අනභිභූතො අනෙක් අය විසින් මැඩ නොපවත්වන ලද්දේ, අඤ්ඤදත්‍ථු ඒකාන්ත වචනයෙහි නිපාතය. දැකීම් වශයෙන් දසො සියල්ල දකියි යයි දක්වයි. වසවත්ති සියලු ජනයා වශයෙහි පවත්වයි. ඉස්සරො ලොවට ඊශ්වර වූයේ, කත්තා නිම්මාතා ලෝකය පිළිබඳ කර්තෘ ද නිර්මාතෘ ද වූ, පොළව, හිමවත, සිනේරු පර්වතය සක්වළ, මහා සමුද්‍ර, සඳ හිරු මේ සියල්ල මොහු විසින් මවන ලදැයි දක්වයි.

සෙට‍්ඨො සජිතාති අයං ලොකස‍්ස උත‍්තමො ච සජිතා ච. “ත්‍වං ඛත‍්තියො නාම හොහි, ත්‍වං බ්‍රාහ‍්මණො නාම, වෙස‍්සො නාම, සුද‍්දො නාම, ගහට‍්ඨො නාම, පබ‍්බජිතො නාම, අන‍්තමසො ඔට‍්ඨො හොහි, ගොණො හොහී”ති එවං සත‍්තානං විසජ‍්ජෙතා අයන‍්ති දස‍්සෙති. වසී පිතා භූතභබ්‍යානන‍්ති අයං චිණ‍්ණවසිතාය වසී, අයං පිතා භූතානඤ‍්ච භබ්‍යානඤ‍්චාති වදති.

සෙට්ඨො සජ්ජිතා මෙතෙම ලොවට උතුම් වූයේ ද, සකස් කරන්නේද වෙයි. ඔබ ක්‍ෂත්‍රිය වෙව, ඔබ බ්‍රාහ්මණි වෙව. ඔබ වෛශ්‍ය වෙව. ඔබ ශුද්‍ර වෙව. ඔබ ප්‍රවෘජිත වෙව. යටත්පිරිසෙයින් ඔටු වෙව, ගොනෙක් වෙව. මෙසේ මේ සත්ත්වයා බෙදා වෙන් කරන්නේ ඔහුම බව දක්වයි. වසී පීතා භූත භව්‍යානං මෙතෙම පුරුදු පුහුණු කළ වශී බව ඇති බැවින් වශීය. මෙතෙම භූතයන්ටද භව්‍යයන්ට ද පීතෘෘ යයි කියයි.

තත්‍ථ අණ‍්ඩජජලාබුජා සත‍්තා අන‍්තොඅණ‍්ඩකොසෙ චෙව අන‍්තොවත්‍ථිම‍්හි ච භබ්‍යා නාම, බහි නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය භූතා. සංසෙදජා පඨමචිත‍්තක‍්ඛණෙ භබ්‍යා, දුතියතො පට‍්ඨාය භූතා. ඔපපාතිකා පඨමඉරියාපථෙ භබ්‍යා, දුතියතො පට‍්ඨාය භූතාති වෙදිතබ‍්බා. තෙ සබ‍්බෙපි එතස‍්ස පුත‍්තාති සඤ‍්ඤාය, “පිතා භූතභබ්‍යාන”න‍්ති ආහ.

එහි අණ්ඩජ-ජලාබුජ සත්ත්වයෝ ද, ඇතුළු බිජුවටෙහි ද ඇතුළු වස්තියෙහි ද සුදුස්සෝම වෙති. භව්‍යයෝම වෙති. පිටත නික්මීමේ පටන් භූතයෝ වෙති. සංස්වේදජයෝ පළමුවන චිත්තක්‍ෂණයෙහි භව්‍යයෝය. දෙවැනි චිත්ත ක්‍ෂණයේ පටන් භූතයෝය. ඕපාතිකයෝ පළමුවන ඉරියව්වෙහි භව්‍යයේය. දෙවන චිත්ත ක්‍ෂණයේ පටන් භූතයෝ යයි දතයුතුයි. ඒ සියල්ලෝම මොහුගේ දරුවෝය යන සංඥාවෙන් පිතා භූත භව්‍යානං යනාදිය කීහ.

පථවීගරහකාති යථා ත්‍වං එතරහි, “අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා”ති පථවිං ගරහසි ජිගුච‍්ඡසි, එවං තෙපි පථවීගරහකා අහෙසුං, න කෙවලං ත්‍වංයෙවාති දීපෙති. ආපගරහකාතිආදීසුපි එසෙව නයො. හීනෙ කායෙ පතිට‍්ඨිතාති චතූසු අපායෙසු නිබ‍්බත‍්තා. පථවීපසංසකාති යථා ත්‍වං ගරහසි, එවං අගරහිත්‍වා, “නිච‍්චා ධුවා සස‍්සතා අච‍්ඡෙජ‍්ජා අභෙජ‍්ජා අක‍්ඛයා”ති එවං පථවීපසංසකා පථවියා වණ‍්ණවාදිනො අහෙසුන‍්ති වදති. පථවාභිනන්‍දිනොති තණ‍්හාදිට‍්ඨිවසෙන පථවියා අභිනන්‍දිනො. සෙසෙසුපි එසෙව නයො. පණීතෙ කායෙ පතිට‍්ඨිතාති බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තා.

පඨවිගහෙකා යම්සේ තෙපි මෙකල්හි අනිත්‍යය, දුකය. අනාත්මය යයි මහපොළව ගරහා කරයි ද, පිළිකුල් කරයි ද, එසේ ඔහු ද පෘථුවිය ගරහන්නෝ වූහ. හුදෙක් තෙපිම නොවේයි දක්වයි. ආපෙ ගරහකා ආදියෙහි ද මෙම ක්‍රමයමැයි. හීනෙ කායෙ පතිට්ඨිතා සතර අපායේ උපන්නාහුය. පඨවි පසංසකා යම්සේ තෙපි එසේ නිගරු කෙරෙයි ද, එසේ නො ගරහා නිත්‍යය, ස්ථිරය, ශාස්වතය, නො සිඳිය හැකිය නො බිඳිය හැකිය. ක්‍ෂය නොවේ යයි පෘථුවියට පසසන්නාහු මහපොළවේ ගුණ කියන්නාහු වූහයි කියයි. පඨවාහි නන්‍දිතෙ තණ්හා දිට්ඨි වශයෙන් පොළවට සතුටු වන්නාහු සෙසු පදයන්හි ද මෙම නයයි. පණීතෙ කායෙ පතිට්ඨිතා බ්‍රහ්ම ලෝකයේ උපන්නාහු ය.

තං තාහන‍්ති තෙන කාරණෙන තං අහං. ඉඞ‍්ඝාති චොදනත්‍ථෙ නිපාතො. උපාතිවත‍්තිත්‍ථොති අතික‍්කමිත්‍ථ. “උපාතිවත‍්තිතො”තිපි පාඨො, අයමෙවත්‍ථො. දණ‍්ඩෙන පටිප‍්පණාමෙය්‍යාති චතුහත්‍ථෙන මුග‍්ගරදණ‍්ඩෙන පොථෙත්‍වා පලාපෙය්‍ය. නරකපපාතෙති සතපොරිසෙ මහාසොබ‍්භෙ. විරාධෙය්‍යාති හත්‍ථෙන ගහණයුත‍්තෙ වා පාදෙන පතිට‍්ඨානයුත‍්තෙ වා ඨානෙ ගහණපතිට‍්ඨානානි කාතුං න සක‍්කුණෙය්‍ය. නනු ත්‍වං භික‍්ඛු පස‍්සසීති භික‍්ඛු නනු ත්‍වං ඉමං බ්‍රහ‍්මපරිසං සන‍්නිපතිතං ඔභාසමානං විරොචමානං ජොතයමානං පස‍්සසීති බ්‍රහ‍්මුනො ඔවාදෙ ඨිතානං ඉද‍්ධානුභාවං දස‍්සෙති. ඉති ඛො මං, භික‍්ඛවෙ, මාරො පාපිමා බ්‍රහ‍්මපරිසං උපනෙසීති, භික‍්ඛවෙ, මාරො පාපිමා නනු ත්‍වං භික‍්ඛු පස‍්සසි බ්‍රහ‍්මපරිසං යසෙන ච සිරියා ච ඔභාසමානං විරොචමානං ජොතයමානං, යදි ත්‍වම‍්පි මහාබ්‍රහ‍්මුනො වචනං අනතික‍්කමිත්‍වා යදෙව තෙ බ්‍රහ‍්මා වදති, තං කරෙය්‍යාසි, ත්‍වම‍්පි එවමෙවං යසෙන ච සිරියා ච විරොචෙය්‍යාසීති එවං වදන‍්තො මං බ්‍රහ‍්මපරිසං උපනෙසි උපසංහරි.

තං තාහන්ති මේ කාරණයෙන් මම ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතය. උපාතිවත්තිත්‍ථො ඉක්මව ‘උපාතිවත්තිතො’ ද පාඨයක් වේ. මේ තේරුම ම යි. දණ්ඩෙන පටිප්පනාමෙය්‍ය සතර රියන් මුගුරකින් තළා පලවා හරින්නේ ය. නරකප්පපාතෙ රියන් සියයක් පමණ වූ නරාවෙළක, විරාධෙය්‍යා අතින් ගතයුතු තැන හෝ, පයින් සිටිය යුතු තැන හෝ ගැනීම් සිටීම් දෙක කරන්නට නො හැකි වන්නේ ද, න නු ත්‍වං භික්ඛු පස්සසි මහණ තෙපි රැස්ව සිටින්නා වූ, බබළන්නා වූ, දිලිසෙන්නා වූ, මේ බ්‍රහ්ම පිරිස නො දක්නෙහි ද, බ්‍රහ්මයාගේ අවවාදයෙහි සිටින්නවුන්ගේ සෘද්ධ්‍යනුභාවය දක්වයි. ඉති ඛො මං භික්ඛවෙ මාරො පාපිමා බ්‍රහ්ම පරිසං උපනෙසී පාපී වූ මාරයා ශ්‍රමණය, තෙපි යසසින් ද, ශ්‍රියාවෙන් ද බබළන්නා වූ බඹ පිරිස නො දක්නෙහි ද, තෙපිත් මහ බඹුගේ වචනය නො ඉක්මවා, නුඹට යමක් බ්‍රහ්මයා කියයිද එය කරන්නෙහි. නුඹත් මෙපරිද්දෙන් ම යසසින් ශ්‍රීයෙන් බබළන්නෙහි යයි කියමින් මා බඹ පිරිසට එළවූයේය. එක් කළේය.

මා ත්‍වං මඤ‍්ඤිත්‍ථොති මා ත්‍වං මඤ‍්ඤි. මාරො ත්‍වමසි පාපිමාති පාපිම ත්‍වං මහාජනස‍්ස මාරණතො මාරො නාම, පාපකං ලාමකං මහාජනස‍්ස අයසං කරණතො පාපිමා නාමාති ජානාමි.

මා ත්‍වං මඤ්ඤත්‍ථො තෙපි නහමක් නො සිතව, මාමෙ තිමසි පාපිමා නුඹ මහජනයා මරණ හෙයින් මාරයාය. මහජනයාට පවිටු ලාමක, විපත් පමුණුවන හෙයින්ම පාපිමත් මාරයාම ය. මම තා දනිමි.

කසිණං ආයුන‍්ති සකලං ආයුං. තෙ ඛො එවං ජානෙය්‍යුන‍්ති තෙ එවං මහන‍්තෙන තපොකම‍්මෙන සමන‍්නාගතා, ත්‍වං පන පුරිමදිවසෙ ජාතො, කිං ජානිස‍්සසි, යස‍්ස තෙ අජ‍්ජාපි මුඛෙ ඛීරගන්‍ධො වායතීති ඝට‍්ටෙන‍්තො වදති. පථවිං අජ‍්ඣොසිස‍්සසීති පථවිං අජ‍්ඣොසාය ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා තණ‍්හාමානදිට‍්ඨීහි ගණ‍්හිස‍්සසි. ඔපසායිකො මෙ භවිස‍්සසීති මය‍්හං සමීපසයො භවිස‍්සසි, මං ගච‍්ඡන‍්තං අනුගච‍්ඡිස‍්සසි, ඨිතං උපතිට‍්ඨිස‍්සසි, නිසින‍්නං උපනිසීදිස‍්සසි, නිපන‍්නං උපනිපජ‍්ජිස‍්සසීති අත්‍ථො. වත්‍ථුසායිකොති මම වත්‍ථුස‍්මිං සයනකො. යථාකාමකරණීයො බාහිතෙය්‍යොති මයා අත‍්තනො රුචියා යං ඉච‍්ඡාමි, තං කත‍්තබ‍්බො, බාහිත්‍වා ච පන ජජ‍්ඣරිකාගුම‍්බතොපි නීචතරො ලකුණ‍්ඩටකතරො කාතබ‍්බො භවිස‍්සසීති අත්‍ථො.

කසිණං ආයුන්ති සියලු ආයුෂ තෙචො එව ජානෙය්‍යුං ඔව්හූ මෙසේ මහත් තපස්කමින් යුක්තයෝය. තෙපි ඉපදී පළමු දිනයෙහිම කුමක් දන්නේද, තොපගේ කටේ අදත් කිරිසුවඳ හමා යයි. පඨවි අජ්ඣො සිස්සසි පෘථුවිය ද ඇතුළුව ගිල නිමවා තෘෂ්ණා මාන දෘෂ්ටීන් ගන්නෙහි ඔපසායිකො මෙ භවිස්සසි මා සමීපයේ වසන්නෙක් වන්නෙහි, මා අනුව යන්නෙකු වන්නෙහි. සිටියහු සමීපයේ සිටින්නෙහි, හුන්නහු අනුව හිඳිනෙහි, හෙත්තහු අනුව හෝනෙහි යන අර්ථයි. වත්‍ථු සායිකො මගේ වස්තුවෙහි සයනය කරන්නේ යථාකාම කරණීයො බාහිතෙය්‍යාසී මා විසින් තමාගේ කැමැත්තෙන් යමක් කැමති වෙම් ද, එය කළයුතු වුයේ, යළි යටපත් කොට ද (පණ්ඩරිකා) ලැහැබකටත් වඩා ඉතා පහත් වූවෙක් ඉතා මිටි වූවෙක් කළ යුතු වන්නෙහිය යන අර්ථයි.

ඉමිනා එස භගවන‍්තං උපලාපෙති වා අපසාදෙති වා. උපලාපෙති නාම සචෙ ඛො ත්‍වං, භික‍්ඛු, තණ‍්හාදීහි පථවිං අජ‍්ඣොසිස‍්සසි, ඔපසායිකො මෙ භවිස‍්සසි, මයි ගච‍්ඡන‍්තෙ ගමිස‍්සසි, තිට‍්ඨන‍්තෙ ඨස‍්සසි, නිසින‍්නෙ නිසීදිස‍්සසි, නිපන‍්නෙ නිපජ‍්ජිස‍්සසි, අහං තං සෙසජනං පටිබාහිත්‍වා විස‍්සාසිකං අබ‍්භන‍්තරිකං කරිස‍්සාමීති එවං තාව උපලාපෙති නාම. සෙසපදෙහි පන අපසාදෙති නාම. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – සචෙ ත්‍වං පථවිං අජ‍්ඣොසිස‍්සසි, වත්‍ථුසායිකො මෙ භවිස‍්සසි, මම ගමනාදීනි ආගමෙත්‍වා ගමිස‍්සසි වා ඨස‍්සසි වා නිසීදිස‍්සසි වා නිපජ‍්ජිස‍්සසි වා, මම වත්‍ථුස‍්මිං මය‍්හං ආරක‍්ඛං ගණ‍්හිස‍්සසි, අහං පන තං යථාකාමං කරිස‍්සාමි බාහිත්‍වා ච ජජ‍්ඣරිකාගුම‍්බතොපි ලකුණ‍්ඩකතරන‍්ති එවං අපසාදෙති නාම. අයං පන බ්‍රහ‍්මා මානනිස‍්සිතො, තස‍්මා ඉධ අපසාදනාව අධිප‍්පෙතා. ආපාදීසුපි එසෙව නයො.

මෙයින් මෙතෙම භාග්‍යවතුන් අවමන් කරන්නේ වෙයි. නළවන්නේ හෝ වෙයි. නළවන්නේ නම්, මහණ, ඉදින් අපි තෘෂ්ණා දෘෂ්ටීන් මහපොළව ඇතුළත්කොට ගන්නේ නම්, මට අනුව වසන්නෙක් වන්නෙහි. මා යන කල යන්නෙහි, සිටින කල සිටිනෙහි, හිඳන කල හිඳිනෙහි, හෝනාකල හෝනෙහි මම තොප සෙසු ජනයා අත්හැර විශ්වාසවන්තයෙක් ඇතුළත් වූවෙක් කරන්නෙමි. මෙසේ පළමුව නළවයි. අනෙක් පදයන්ගෙන් නින්දා කරන්නේ නම් ඉදින් තෙපි මහපොළව ඇතුළත්කොට ගන්නෙහි නම්, මාගේ විෂය සංඝයාත වස්තුවෙහි හෝනේ වෙයි. මගේ ගමන්බිමන් බලා යන්නෙහි හෝ සිටින්නෙහි හෝ ඉඳින්නෙහි හෝ හෝනෙහි හෝ වන්නේ ය. මාගේ වස්තුවෙහි මට අරක් ගන්නෙහි, මම තා කැමති සේ යටපත් කොට...........ලැහැබකටත් වඩා ඉතා මිටි වූවෙක් කරන්නෙමි. මෙසේ නින්දා කරන්නේ ය. යම්හෙයකින් මේ බ්‍රහ්ම මාන නිශ්‍රිත වී ද, එහෙයින් මෙහි නින්දාවම අදහස් කරන ලදී. ආපං යනාදියෙහි ද මේ ක්‍රමයමැයි.

අපිච තෙ අහං බ්‍රහ‍්මෙති ඉදානි භගවා, “අයං බ්‍රහ‍්මා මානනිස‍්සිතො ‘අහං ජානාමී’ති මඤ‍්ඤති, අත‍්තනො යසෙන සම‍්මත‍්තො සරීරං ඵුසිතුම‍්පි සමත්‍ථං කිඤ‍්චි න පස‍්සති, ථොකං නිග‍්ගහෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා ඉමං දෙසනං ආරභි. තත්‍ථ ගතිඤ‍්ච පජානාමීති නිප‍්ඵත‍්තිඤ‍්ච පජානාමි. ජුතිඤ‍්චාති ආනුභාවඤ‍්ච පජානාමි. එවං මහෙසක‍්ඛොති එවං මහායසො මහාපරිවාරො.

අපි ච ත අහං බ්‍රහ්මති මේ වනවිට භාග්‍යවතුන් වහන්සේ මම දනිමි. මේ බ්‍රහ්ම මාන නිශ්‍රිතය. තමන්ගේ යසසින් මත් වී සිටීත ශරීරය ස්පර්ශයට ද සමත් කිසිවෙක් නො දකී. මදක් නිග්‍රහ කරන්නට වටී යයි සිතා මේ ධර්මදේශනාව ආරම්භ කළේය. එහි ගතිඤ්ච පජානාති උත්පත්තිය ද දනිමි. ජුතිඤ්චාති ආනුභාවය (බලය ශක්තිය) ද දනිමි. එවං මහෙසක්ඛො මෙසේ මහත් කීර්තියයි. මහා පිරිවරය.

යාවතා චන්‍දිමසූරියා පරිහරන‍්තීති යත‍්තකෙ ඨානෙ චන්‍දිමසූරියා විචරන‍්ති. දිසා භන‍්ති විරොචනාති දිසාසු විරොචමානා ඔභාසන‍්ති, දිසා වා තෙහි විරොචමානා ඔභාසන‍්ති. තාව සහස‍්සධා ලොකොති තත‍්තකෙන පමාණෙන සහස‍්සධා ලොකො, ඉමිනා චක‍්කවාළෙන සද‍්ධිං චක‍්කවාළසහස‍්සන‍්ති අත්‍ථො. එත්‍ථ තෙ වත‍්තතෙ වසොති එත්‍ථ චක‍්කවාළසහස‍්සෙ තුය‍්හං වසො වත‍්තති. පරොපරඤ‍්ච ජානාසීති එත්‍ථ චක‍්කවාළසහස‍්සෙ පරොපරෙ උච‍්චනීචෙ හීනප‍්පණීතෙ සත‍්තෙ ජානාසි. අථො රාගවිරාගිනන‍්ති න කෙවලං, “අයං ඉද‍්ධො අයං පකතිමනුස‍්සො”ති පරොපරං, “අයං පන සරාගො අයං වීතරාගො”ති එවං රාගවිරාගිනම‍්පි ජනං ජානාසි. ඉත්‍ථංභාවඤ‍්ඤථාභාවන‍්ති ඉත්‍ථංභාවොති ඉදං චක‍්කවාළං. අඤ‍්ඤථාභාවොති ඉතො සෙසං එකූනසහස‍්සං. සත‍්තානං ආගතිං ගතින‍්ති එත්‍ථ චක‍්කවාළසහස‍්සෙ පටිසන්‍ධිවසෙන සත‍්තානං ආගතිං, චුතිවසෙන ගතිං ච ජානාසි. තුය‍්හං පන අතිමහන‍්තොහමස‍්මීති සඤ‍්ඤා හොති, සහස‍්සිබ්‍රහ‍්මා නාම ත්‍වං, අඤ‍්ඤෙසං පන තයා උත‍්තරි ද‍්විසහස‍්සානං තිසහස‍්සානං චතුසහස‍්සානං පඤ‍්චසහස‍්සානං දසසහස‍්සානං සතසහස‍්සානඤ‍්ච බ්‍රහ‍්මානං පමාණං නත්‍ථි, චතුහත්‍ථාය පිලොතිකාය පටප‍්පමාණං කාතුං වායමන‍්තො විය මහන‍්තොස‍්මීති සඤ‍්ඤං කරොසීති නිග‍්ගණ‍්හාති.

යාවතා චන්‍දිමා සුරියා පරිහරන්ති යම් පමණ තැන්හි සඳ හිරු දෙදෙන සැරිසරත් ද, දිසා භන්ති විරොචනා ඒ දිශාවන් බබළවමින් දීප්තිමත් වෙත් ද, තාව සහස්සධා ලොකො එපමණකින් සහශ්‍රීලෝක ධාතුවයි. මේ සක්වල සමග සක්වල දහසෙක යන අර්ථයි. එත්‍ථ තෙ වත්තතී වසො මේ සක්වල දහසෙහි ඔබගේ බලපරාක්‍රමය (වශය) පවතී. පරොචරං නාජානාසි යන මෙහි සක්වල දහසෙහි පරාචර වූ උසස් පහත් වූ හීන ප්‍රණීත වූ සත්ත්වයන් දන්නෙහි, අථො රාග විරාගීනං හුදෙක් මේ තෙම සමෘද්ධයෙක. මෙතෙම ප්‍රකෘති මිනිසෙක. යළි මෙතෙම රාග චරිතයෙක, රාග සහිතය. මෙතෙම පහ වූ රාග ඇත්තේය. රාග විරාගී ජනයා ද දන්නේ ය. ඉත්‍ථභාවඤ්ඤථා භාවං මෙහි ඉත්‍ථභාවං යනු මේ සක්වළ ය. අඤ්ඤථාභාවං යනු මෙයින් වෙනස් වූ එකුන් දහසක් සක්වලය. සත්තානං ආගතිං ගතිං මෙහි මේ සක්වළ දහසෙකි. පිළිසිඳීම් වශයෙන්, සත්ත්වයන්ගේ පැමිණීම ද, චුති වශයෙන් ඉවත්වීම ද දන්නෙකි. එහෙත් ඔබට මම ඉතා මහත් එකක් කියමි. නුඹ සහශ්‍රී බ්‍රහ්ම නමැයි හැඟීම පමණි, නුඹ සහශ්‍රී බ්‍රහ්මය, ඔබට ඔබට වැඩි ද්වි සහශ්‍රී ත්‍රිසහශ්‍රී චතු සහශ්‍රී, පංච සහශ්‍රී දස සහශ්‍රී ශත සහශ්‍රී බ්‍රහ්මයන්ගේ ප්‍රමාණයක් නැත. නුඹ සතර රියන් රෙදිකඩක් පමණ ගන්නට උත්සාහ දරන්නෙකු මෙනි ය. නිග්‍රහයට පත් කළේය.

ඉධූපපන‍්නොති ඉධ පඨමජ‍්ඣානභූමියං උපපන‍්නො. තෙන තං ත්‍වං න ජානාසීති තෙන කාරණෙන තං කායං ත්‍වං න ජානාසි. නෙව තෙ සමසමොති ජානිතබ‍්බට‍්ඨානං පත්‍වාපි තයා සමසමො න හොමි. අභිඤ‍්ඤායාති අඤ‍්ඤාය. කුතො නීචෙය්‍යන‍්ති තයා නීචතරභාවො පන මය‍්හං කුතො.

ඉධූප්පන්නො මෙහි පළමුවන ධ්‍යාන භූමියේ උපන්නේ, තෙන තං ත්‍වං නජානාසි ඒ කරුණෙන් ඒ කය නුඹ නො දන්නෙහි, නෙව තෙ සමසමො දතයුතු තැනට පැමිණියද, ඔබ හා සම සමයෙක් නො වෙමි. අභිඤ්ඤාය ප්‍රඥාවෙන් කුතො නීචෙය්‍යං නුඹට වඩා පහත් බවක් මට කොයින්ද,

හෙට‍්ඨූපපත‍්තිකො කිරෙස බ්‍රහ‍්මා අනුප‍්පන‍්නෙ බුද‍්ධුප‍්පාදෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා අපරිහීනජ‍්ඣානො කාලං කත්‍වා චතුත්‍ථජ‍්ඣානභූමියං වෙහප‍්ඵලබ්‍රහ‍්මලොකෙ පඤ‍්චකප‍්පසතිකං ආයුං ගහෙත්‍වා නිබ‍්බත‍්ති. තත්‍ථ යාවතායුකං ඨත්‍වා හෙට‍්ටූපපත‍්තිකං කත්‍වා තතියජ‍්ඣානං පණීතං භාවෙත්‍වා සුභකිණ‍්හබ්‍රහ‍්මලොකෙ චතුසට‍්ඨිකප‍්පං ආයුං ගහෙත්‍වා නිබ‍්බත‍්ති. තත්‍ථ දුතියජ‍්ඣානං භාවෙත්‍වා ආභස‍්සරෙසු අට‍්ඨකප‍්පං ආයුං ගහෙත්‍වා නිබ‍්බත‍්ති. තත්‍ථ පඨමජ‍්ඣානං භාවෙත්‍වා පඨමජ‍්ඣානභූමියං කප‍්පායුකො හුත්‍වා නිබ‍්බත‍්ති, සො පඨමකාලෙ අත‍්තනා කතකම‍්මඤ‍්ච නිබ‍්බත‍්තට‍්ඨානඤ‍්ච අඤ‍්ඤාසි, කාලෙ පන ගච‍්ඡන‍්තෙ උභයං පමුස‍්සිත්‍වා සස‍්සතදිට‍්ඨිං උප‍්පාදෙසි. තෙන නං භගවා, “තෙන තං ත්‍වං න ජානාසි…පෙ… කුතො නීචෙය්‍ය”න‍්ති ආහ.

මේ බ්‍රහ්ම වනාහි උඩ බඹලොවින් චුතව පහළ බඹලොව උපදනා කෙනෙකි. බුද්ධෝත්පාදයක් නො පැමිණි කල්හි තවුස් පැවිද්දෙහි පැවිදිව කිසිණු පිරියම්කොට සමවත් උපදවා නො පිරිහුණු ධ්‍යාන ඇතිව කලුරිය කොට චතුර්ථධ්‍යාන භූමියෙහි බ්‍රහ්මලෝකයේ කල්ප පන්සියයකට ආයු ඇතිව උපන්නේ ය. එහි ආයු ඇති තෙක් සිට යට බඹලොව උපදින්නට හේතු වූ තෘතිය ධ්‍යානය ප්‍රණීත කොට වඩා සුභකිණ්හක බ්‍රහ්ම ලෝකයෙහි කල්ප හැටහයක් ආයු ඇතිව උපන. එහිදී ද්වීතියධ්‍යානය වඩා ආභස්සරයෙහි කල්ප අටක් ආයුෂ ඇතිව උපන. එහිදී ප්‍රථමධ්‍යානය වඩා ප්‍රථමධ්‍යාන භූමියේ කල්පයක් ආයු ඇතිව උපන. හෙතෙම ප්‍රථම කාලයේ තමන් කළ කර්මය ද, උපන් තැන ද දැන ගත්තේය. එහෙත් කල්යාමෙන් ශාස්වත දෘෂ්ටිය ඉපදවීය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ තං ත්‍වං පජානාසි -පෙ- කුතො නීචෙය්‍යං යන වදාළහ.

අථ බ්‍රහ‍්මා චින‍්තෙසි – “සමණො ගොතමො මය‍්හං ආයුඤ‍්ච නිබ‍්බත‍්තට‍්ඨානඤ‍්ච පුබ‍්බෙකතකම‍්මඤ‍්ච ජානාති, හන්‍ද නං පුබ‍්බෙ කතකම‍්මං පුච‍්ඡාමී”ති සත්‍ථාරං අත‍්තනො පුබ‍්බෙකතකම‍්මං පුච‍්ඡි. සත්‍ථා කථෙසි.

එවිට බ්‍රහ්මයා මෙසේ සිතීය. ශ්‍රමණ භවත් ගෞතමයෝ මගේ ආයුෂද උපදිනු තැන් ද, පෙර කරන ලද කර්මයන් ද සියල්ල දනිති. හොඳයි මම පෙර කළ කර්මය විචාරමි යි තමන් විසින් කරන ලද පූර්ව කර්මය ශාස්තෲන්ගෙන් විචාළේය. ශාස්තෲහු මෙසේ වදාරති.

පුබ‍්බෙ කිරෙස කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා, “ජාතිජරාබ්‍යාධිමරණස‍්ස අන‍්තං කරිස‍්සාමී”ති නික‍්ඛම‍්ම ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා අභිඤ‍්ඤාපාදකජ‍්ඣානලාභී හුත්‍වා ගඞ‍්ගාතීරෙ පණ‍්ණසාලං කාරෙත්‍වා ඣානරතියා වීතිනාමෙති. තදා ච කාලෙන කාලං සත්‍ථවාහා පඤ‍්චහි සකටසතෙහි මරුකන‍්තාරං පටිපජ‍්ජන‍්ති. මරුකන‍්තාරෙ පන දිවා න සක‍්කා ගන‍්තුං, රත‍්තිං ගමනං හොති. අථ පුරිමසකටස‍්ස අග‍්ගයුගෙ යුත‍්තබලිබද‍්දා ගච‍්ඡන‍්තා නිවත‍්තිත්‍වා ආගතමග‍්ගාභිමුඛාව අහෙසුං. ඉතරසකටානි තථෙව නිවත‍්තිත්‍වා අරුණෙ උග‍්ගතෙ නිවත‍්තිතභාවං ජානිංසු. තෙසඤ‍්ච තදා කන‍්තාරං අතික‍්කමනදිවසො අහොසි. සබ‍්බං දාරුදකං පරික‍්ඛීණං, තස‍්මා, “නත්‍ථි දානි අම‍්හාකං ජීවිත”න‍්ති චින‍්තෙත්‍වා ගොණෙ චක‍්කෙසු බන්‍ධිත්‍වා මනුස‍්සා සකටපච‍්ඡායායං පවිසිත්‍වා නිපජ‍්ජිංසු. තාපසොපි කාලස‍්සෙව පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා පණ‍්ණසාලද‍්වාරෙ නිසින‍්නො ගඞ‍්ගං ඔලොකයමානො අද‍්දස ගඞ‍්ගං මහතා උදකොඝෙන වුය‍්හමානං පවත‍්තිතමණික‍්ඛන්‍ධං විය ආගච‍්ඡන‍්තිං. දිස‍්වා චින‍්තෙසි – “අත්‍ථි නු ඛො ඉමස‍්මිං ලොකෙ එවරූපස‍්ස මධුරොදකස‍්ස අලාභෙන කිලිස‍්සමානා සත‍්තා”ති. සො එවං ආවජ‍්ජන‍්තො මරුකන‍්තාරෙ තං සත්‍ථං දිස‍්වා, “ඉමෙ සත‍්තා මා නස‍්සන‍්තූ”ති, “ඉතො මහා උදකක‍්ඛන්‍ධො ඡිජ‍්ජිත්‍වා මරුකන‍්තාරෙ සත්‍ථාභිමුඛො ගච‍්ඡතූ”ති අභිඤ‍්ඤාචිත‍්තෙන අධිට‍්ඨාසි. සහචිත‍්තුප‍්පාදෙන මාතිකාරුළ‍්හං විය උදකං තත්‍ථ අගමාසි. මනුස‍්සා උදකසද‍්දෙන වුට‍්ඨාය උදකං දිස‍්වා හත්‍ථතුට‍්ඨා න‍්හායිත්‍වා පිවිත්‍වා ගොණෙපි පායෙත්‍වා සොත්‍ථිනා ඉච‍්ඡිතට‍්ඨානං අගමංසු. සත්‍ථා තං බ්‍රහ‍්මුනො පුබ‍්බකම‍්මං දස‍්සෙන‍්තො –

අතීතයේ බ්‍රහ්ම කුල ගෙදරක ඉපිද, කාමයන්හි ආදීනව දැක ජාති ජරා ව්‍යාධි මරණ දුරු කරන්නෙමියි සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව සමාපත්තීන් උපදවා අභිඥාපාදක ධ්‍යානලාභීය ගංඉවුරක පන්සලක් කරවා ධ්‍යාන සුව විඳිමින් කල්යැවීය. එකල්හි කලින් කල ඝාර්ථවාහකයෝ (කරත්තවලින් බඩු විකුණන්නෝ) ගැල් පන්සියයක බඩු පටවාගෙන මාරක කාන්තාරයට පිවිසෙත්. මරුකතර වනාහි දහවල් කාලයේ යන්නට නුපුළුවන. රාත්‍රී කාලයෙහිම ගමන වේ. එකල මුල් කරත්තයේ අශ්වියෙහි බැඳි ගවයෝ යෙමින් යෙමින් නැවතෙමින් පළමු ආ මගටම සේන්දු වූහ. සියලු කරත්ත එසේ නැවතුනහ. හිරු නැගි කල්හි කරත්ත නැවති බව දැනගත්හ. එදින දවස ඔව්හූ කතරින් එතරවිය යුතු දවස විය. සියලු ජලය දර අවසන් වී තිබුණි. එහෙයින් අපගේ ජීවිත නැතැයි සිතා ගවයන් කරත්ත රෝදවල බැඳ මිනිස්සු කරත්තවල සෙවණැලි යට නිදාගත්හ. තාපස තෙමේ කලින්ම පන්සලෙන් නික්ම පන්සල් දොර උන්නේ, ගඟ මහ වතුරෙන් පිරී පෙරැළී එන්නා වූ මැණික් කඳක් මෙන් දිටීය. එය දුටු තවුසා ‘මෙබඳු මිහිරි ජලය නොලැබීමෙන් දුක් විඳින සත්ත්වයෝත් ඇත්දැයි’ සිතීය. හෙතෙම මෙසේ ආවර්ජනය කරමින් සිටියදී මරුකතර දිය නොලැබ සිටින ගැල් සාත්තුව දැක ‘මේ සත්ත්වයෝ නො නැසෙත්වා. මේ මහදිය කඳ සිඳී මරුකතර කරත්තකරුවන්ට පෙනෙන සේ ඉදිරියෙන් යේවා’යි අභිඥා චිත්තයෙන් අධිෂ්ඨාන කළේය. එසේ සිතීමත් සමගම ඇලකින් ගලා යන්නා සේ වතුර එහි ගියේය. මිනිස්සු දියහඬින් නැගිට ජලය දැක සතුටු වී දිය නා ජලය බී ගොනුන්ට ද පොවා සුවසේ තමන් කැමති තැනට ගියාහුය. ශාස්තෲන් වහන්සේ මේ බ්‍රහ්මයාගේ එම පූර්වකර්මය දක්වමින් මෙසේ වදාළහ -

“යං ත්‍වං අපායෙසි බහූ මනුස‍්සෙ, පිපාසිතෙ ඝම‍්මනි සම‍්පරෙතෙ; තං තෙ පුරාණං වතසීලවත‍්තං, සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමී”ති. (ජා· 1.7.71) – ඉමං ගාථමාහ.

යං ත්‍වං අපායෙසි බහූ මනුස්සෙ - පිපාසිතෙඝම්මනි සම්පරෙතෙ තං තෙ පුරාණං වත සීල වන්තං - සුත්තප්ප බුද්ධො ව අනුස්සරාමි

නුඹ හටගත් සා පිපාසා ඇති, ග්‍රීෂ්මයෙන් අතිශයින් පීඩිත වූ ක්ලාන්ත වූ බොහෝ මිනිසුන්ට පැන් පෙවූහ. ඔබ විසින් කරන ලද පැරණි වූ ඒ ව්‍රත සමාදානය හා ශීල ව්‍රතය නිදා පිබිදියකු අලුයම දුටු සිහිනයක් මෙන් සිහි කරමි.

අපරස‍්මිං සමයෙ තාපසො ගඞ‍්ගාතීරෙ පණ‍්ණසාලං මාපෙත්‍වා ආරඤ‍්ඤකං ගාමං නිස‍්සාය වසති. තෙන ච සමයෙන චොරා තං ගාමං පහරිත්‍වා හත්‍ථසාරං ගහෙත්‍වා ගාවියො ච කරමරෙ ච ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. ගාවොපි සුනඛාපි මනුස‍්සාපි මහාවිරවං විරවන‍්ති. තාපසො තං සද‍්දං සුත්‍වා “කිං නු ඛො එත”න‍්ති ආවජ‍්ජන‍්තො, “මනුස‍්සානං භයං උප‍්පන‍්න”න‍්ති ඤත්‍වා, “මයි පස‍්සන‍්තෙ ඉමෙ සත‍්තා මා නස‍්සන‍්තූ”ති අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අභිඤ‍්ඤාචිත‍්තෙන චොරානං පටිපථෙ චතුරඞ‍්ගිනිසෙනං මාපෙසි කම‍්මසජ‍්ජං ආගච‍්ඡන‍්තිං. චොරා දිස‍්වා, “රාජා”ති තෙ මඤ‍්ඤමානා විලොපං ඡඩ‍්ඩෙත්‍වා පක‍්කමිංසු. තාපසො “යං යස‍්ස සන‍්තකං, තං තස‍්සෙව හොතූ”ති අධිට‍්ඨාසි, තං තථෙව අහොසි. මහාජනො සොත්‍ථිභාවං පාපුණි. සත්‍ථා ඉදම‍්පි තස‍්ස පුබ‍්බකම‍්මං දස‍්සෙන‍්තො –

ශාස්තෲන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ (තවත්) පූර්ව කර්මයක් දක්වමින් - මෑත කාලයේ තාපසයා ගංතෙර පන්සලක වන ගමක් ඇසුරුකොට වසයි. එකල්හි සොරු ඒ ගම කොල්ලකමින් මිනිසුන්ගේ හස්තසාර වස්තුව ද, දෙනුන් ගොනුන් ආදී ජංගම වස්තූන් ද පැහැරගෙන යති. ගව දෙනුන් ද බල්ලෝ ද මිනිස්සු ද මහ හඬින් හඬත්. තාපසයා ඒ ශබ්දය අසා මේ කිමෙක්දැයි ආවර්ජනා කර බලද්දී මිනිසුන්ට භයක් උපන් බව දැන ‘මා දක්නා කල්හි මේ සත්ත්වයෝ නො නසිත්වා’යි අභිඥා පාදක ධ්‍යානයට සමවැදී නැගී සිට අභිඥා සිතෙන් සොරුන්ගේ ඉදිරියට එන ආයුධ සම්පන්න සිවුරඟ සෙනඟක් මැවීය. සොරු ඒ සිවුරඟ හමුදාව දැක රජු ආවේ වනැයි පැහැරගත් වස්තුව දමා පියා පලා ගියහ. තාපස තෙමේ යම් භාණ්ඩයක් අයිති නම් ඒ සියල්ල නියම හිමියන්ටම අත්වේවායි අධිෂ්ඨාන කළෙන් එය එපරිද්දෙන්ම සිදුවිය. මහජනයා දුකින් මිදී සැපතට පැමිණියහ. සර්වඥයන් වහන්සේ ඔහුගේ මේ පූර්ව කුසලයත් දැක්වූ සේක -

“යං එණිකූලස‍්මිං ජනං ගහීතං, අමොචයී ගය‍්හක නීයමානං; තං තෙ පුරාණං වතසීලවත‍්තං, සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමී”ති. (ජා· 1.7.72) –

යං එණි කුලස්මිං ජනං ගහිතං අමො වයි ගය්හක නීය්‍යමානං තං තෙ පුරාණං වත සීලවන්තං සුත්තප්ප බුද්ධොව අනුස්සරාමි

ඉමං ගාථමාහ. එත්‍ථ එණිකූලස‍්මින‍්ති ගඞ‍්ගාතීරෙ.

ඒණි නම් නදී තීරයේ සොරුන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන යන ලද සත්ත්වයෝ මේ තවුසා විසින් මුදවන ලද්දාහ.

පුන එකස‍්මිං සමයෙ උපරිගඞ‍්ගාවාසිකං කුලං හෙට‍්ඨාගඞ‍්ගාවාසිකෙන කුලෙන සද‍්ධිං මිත‍්තසන්‍ථවං කත්‍වා නාවාසඞ‍්ඝාටං බන්‍ධිත්‍වා බහුං ඛාදනීයභොජනීයඤ‍්චෙව ගන්‍ධමාලාදීනි ච ආරොපෙත්‍වා ගඞ‍්ගාසොතෙන ආගච‍්ඡති. මනුස‍්සා ඛාදමානා භුඤ‍්ජමානා නච‍්චන‍්තා ගායන‍්තා දෙවවිමානෙන ගච‍්ඡන‍්තා විය බලවසොමනස‍්සා අහෙසුං. ගඞ‍්ගෙය්‍යකො නාගො දිස‍්වා කුපිතො, “ඉමෙ මයි සඤ‍්ඤම‍්පි න කරොන‍්ති, ඉදානි නෙ සමුද‍්දමෙව පාපෙස‍්සාමී”ති මහන‍්තං අත‍්තභාවං මාපෙත්‍වා උදකං ද‍්විධා භින්‍දිත්‍වා උට‍්ඨාය ඵණං කත්‍වා සුස‍්සූකාරං කරොන‍්තො අට‍්ඨාසි. මහාජනො දිස‍්වා භීතො විස‍්සරමකාසි. තාපසො පණ‍්ණසාලාය නිසින‍්නො සුත්‍වා, “ඉමෙ ගායන‍්තා නච‍්චන‍්තා සොමනස‍්සජාතා ආගච‍්ඡන‍්ති, ඉදානි පන භයරවං රවිංසු, කිං නු ඛො”ති ආවජ‍්ජන‍්තො නාගරාජං දිස‍්වා, “මයි පස‍්සන‍්තෙ ඉමෙ සත‍්තා මා නස‍්සන‍්තූ”ති අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා අත‍්තභාවං විජහිත්‍වා සුපණ‍්ණවණ‍්ණං මාපෙත්‍වා නාගරාජස‍්ස දස‍්සෙසි. නාගරාජා භීතො ඵණං සංහරිත්‍වා උදකං පවිට‍්ඨො. මහාජනො සොත්‍ථිභාවං පාපුණි. සත්‍ථා ඉදම‍්පි තස‍්ස පුබ‍්බකම‍්මං දස‍්සෙන‍්තො –

නැවත එක් කලෙක ගඟ ඉහල ඉසව්වේ ජීවත්වන මිනිස්සු ගඟ පහල ඉසව්වේ ජීවත්වන මිනිසුන් සමග සමගි සම්පන්නව නැව්, අඟුලු ගෙන බොහෝ කන බොන ජාති පුරවා මල්දම් ආදියෙන් සැරසී ගඟදියෙන් එති. මේ මිනිස්සු දිව්‍ය විමානයකින් යන අය මෙන් ඉතා ප්‍රීතිමත්ව ගී ගයමින් නටමින් යන්නාහුය. මේ ගඟ වසන බලවත් නාගරාජයෙක් මොවුන් දැක ‘මොව්හූ මා කෙරෙහි කිසිදු ගරුසරුවක් නැතිව ගමන් කරතියි කිපී මේ සියලු දෙන මුහුදට ඇද දමන්නෙමියි මහත් වූ අත්බවක් මවාගෙන ගඟ දිය දෙබෑ කොට පෙනය නගා සුස්වමින් පිඹිමින් එළවීය. මහාජනයා නාගරාජයා දැක ‘බිය වී මහත් හඬින් කෑගැසූහ. මේ වෙලාවේ පන්සලේ හුන් තාපසයා, විමසන්නේ නා රජු දැක ‘මා බලා සිටිද්දී මේ සත්ත්වයෝ විනාශ නොවේවායි අභිඥාපාදක ධ්‍යානයට සමවැද, අත්බැව හැර දමා ගුරුළු වෙසක් මවාගෙන නා රජු හමුවේ පෙනී සිටියේය. නා රජු බිය වී පෙණය හකුළුවා ගෙන දිය යටට ගියේය. මහජනයා සැපයට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ මේ පූර්ව කර්මයක් දැක්වූ සේක් -

“ගඞ‍්ගාය සොතස‍්මිං ගහීතනාවං, ලුද‍්දෙන නාගෙන මනුස‍්සකප‍්පා; අමොචයිත්‍ථ බලසා පසය‍්හ, තං තෙ පුරාණං වතසීලවත‍්තං; සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමී”ති. (ජා· 1.7.73) – ඉමං ගාථමාහ.

ගංගාය සොතස්මිං ගහීත නාවං ලුද්දෙන නාගෙන මනුස්සකම්‍යා අමොචයිත්‍ථ බලසා පසය්හ තං තෙ පුරාණ වත සීලවන්තං සුත්තප්ප බුද්ධො අනුස්සරාති

ගඟ දියෙහි නැව්වලින් යන්නා වූ මහජනයා නසනු කැමතිව, ගඟ දියෙන් මතු වූ දරුණු වූ නාගරාජයාගේ බලය මැඩපවත්වා, මිනිසුන් උවදුරුවලින් මිදවීය.

අපරස‍්මිං සමයෙ එස ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා කෙසවො නාම තාපසො අහොසි. තෙන සමයෙන අම‍්හාකං බොධිසත‍්තො කප‍්පො නාම මාණවො කෙසවස‍්ස බද‍්ධචරො අන‍්තෙවාසිකො හුත්‍වා ආචරියස‍්ස කිංකාරපටිස‍්සාවී මනාපචාරී බුද‍්ධිසම‍්පන‍්නො අත්‍ථචරො අහොසි. කෙසවො තං විනා වත‍්තිතුං නාසක‍්ඛි, තං නිස‍්සායෙව ජීවිකං කප‍්පෙසි. සත්‍ථා ඉදම‍්පි තස‍්ස පුබ‍්බකම‍්මං දස‍්සෙන‍්තො –

නැවත එක් කලෙක මොහු ඉසි පැවිද්දන් පැවිදිව ‘කේසව’ තාපස නමින් ජීවත් විය. එසමයෙහි අප බෝසතුන් ‘කප්ප’ නම් තරුණයෙක්ව කේසව තාපසයන්ගේ අතවැසි වූයේය. ආචාර්යවරයන් වෙනුවෙන් සියලු වතාවත් කළ කප්ප, නුවණැත්තේ වැඩකරුම වූයේ විය. කේසව තාපසයන්ට ඔහුගෙන් වෙන්ව ජීවිතයක් නුවූයේය. ඔහු නිසාම ජීවිකාව කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ පූර්ව චරිතයද දැක්වීය.

“කප‍්පො ච තෙ බද‍්ධචරො අහොසි, සම‍්බුද‍්ධිමන‍්තං වතිනං අමඤ‍්ඤි; තං තෙ පුරාණං වතසීලවත‍්තං, සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමී”ති. (ජා· 1.7.74) – ඉමං ගාථමාහ.

කප්පො ච තෙ බද්ධවරො අහොසි තං බුද්ධිමන්තං වතිනං අමඤ්ඤි තං තෙ පරාණං වත සීලවන්තං සුත්තප්ප බුද්ධොව අනුස්සරාමි

කප්ප නම් වූ අතවැසියෙක් ඔබට සිටියේය. ඔහු මහා නුවණැත්තේ විය. හිතයෙන් ද සම්පූර්ණ වූවාහු යයි සිතීය.

එවං බ්‍රහ‍්මුනො නානත‍්තභාවෙසු කතකම‍්මං සත්‍ථා පකාසෙසි. සත්‍ථරි කථෙන‍්තෙයෙව බ්‍රහ‍්මා සල‍්ලක‍්ඛෙසි, දීපසහස‍්සෙ උජ‍්ජලිතෙ රූපානි විය සබ‍්බකම‍්මානිස‍්ස පාකටානි අහෙසුං. සො පසන‍්නචිත‍්තො ඉමං ගාථමාහ –

මෙසේ බඹහු නොයෙක් ආත්ම භාවයන්හි දී කළ කර්මයන් ශාස්තෲන් වහන්සේ හෙළිකළ සේක. ශාස්තෲන් එසේ වදාරද්දීම පහන් දහසක් දැක්වෙන කල්හී සෙවණැලි පෙනෙන්නාක් මෙන් ඔහුට සියලු කර්මයෝ ප්‍රකට වූහ. හෙතෙම පහන් සිතින් යුතුව මේ ගාථාව කීය.

“අද‍්ධා පජානාසි මමෙතමායුං, අඤ‍්ඤම‍්පි ජානාසි තථා හි බුද‍්ධො; තථා හි තායං ජලිතානුභාවො, ඔභාසයං තිට‍්ඨති බ්‍රහ‍්මලොක”න‍්ති. (ජා· 1.7.75);

අද්ධා පජානාමි මමෙත මායුං අඤ්ඤම්පි ජානාසි තථාහි බුද්ධො තථාහි ත්‍යායං ජලිතානුභාවො ඔභාසයං තිට්ඨති බ්‍රහ්මලොකං

ඒකාන්තයෙන් මම මාගේ මේ ආයුෂය දන්නෙහි. එහෙයින් ඔබ බුද්ධ වූ බැවින් සියලු ධර්මයන් අවබෝධ කළ හෙයින් ම, ඔබගේ මේ දිලිසෙන ශරීරප්‍රභාවය මේ සියලු බඹලොව බබුලුවමින් පවතී.

අථස‍්ස භගවා උත‍්තරි අසමසමතං පකාසෙන‍්තො පථවිං ඛො අහං බ්‍රහ‍්මෙතිආදිමාහ. තත්‍ථ පථවියා පථවත‍්තෙන අනනුභූතන‍්ති පථවියා පථවිසභාවෙන අනනුභූතං අප‍්පත‍්තං. කිං පන තන‍්ති? නිබ‍්බානං. තඤ‍්හි සබ‍්බස‍්මා සඞ‍්ඛතා නිස‍්සටත‍්තා පථවිසභාවෙන අප‍්පත‍්තං නාම. තදභිඤ‍්ඤායාති තං නිබ‍්බානං ජානිත්‍වා සච‍්ඡිකත්‍වා. පථවිං නාපහොසින‍්ති පථවිං තණ‍්හාදිට‍්ඨිමානගාහෙහි න ගණ‍්හිං. ආපාදීසුපි එසෙව නයො. විත්‍ථාරො පන මූලපරියායෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි ද අසම බව ප්‍රකාශ කරන සේක්, පඨවිං ඛො අහං බ්‍රහ්ම ආදිය වදාළහ. එහි පඨවියා පඨවිත්තෙන අනනු භූතන්ති පෘථුවි ධාතුව විසින් පෘථිවිය ස්වභාවයෙන් අනනුභූතය. නො පැමිණෙන ලද ඒ කුමක් ද, නිර්වාණයයි. ඒ නිවන වූ කලී සියලු සංස්කාරයන්ගෙන් නික්මුණු බැවින්, පෘථුවි භාවයෙන් ද නික්මුනේ විය. තදභිඤ්ඤා ඒ නිවන පසක් කොට පඨවිං නාහොසි පෘථුවි ධාතුව තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් නො ගත්තෙමි. ආපං ආපෝ ධාතු ආදියෙහි ද මෙම න්‍යායයි. විස්තර මූල පරියාය සූත්‍රයේ කී ආකාරයෙන් දතයුතුයි.

සචෙ ඛො තෙ, මාරිස, සබ‍්බස‍්ස සබ‍්බත‍්තෙනාති ඉදමෙව බ්‍රහ‍්මා අත‍්තනො වාදිතාය සබ‍්බන‍්ති අක‍්ඛරං නිද‍්දිසිත්‍වා අක‍්ඛරෙ දොසං ගණ‍්හන‍්තො ආහ. සත්‍ථා පන සක‍්කායං සන්‍ධාය “සබ‍්බ”න‍්ති වදති, බ්‍රහ‍්මා සබ‍්බසබ‍්බං සන්‍ධාය. ත්‍වං “සබ‍්බ”න‍්ති වදසි, “සබ‍්බස‍්ස සබ‍්බත‍්තෙන අනනුභූත”න‍්ති වදසි, යදි සබ‍්බං අනනුභූතං නත්‍ථි, අථස‍්ස අනනුභූතං අත්‍ථි. මා හෙව තෙ රිත‍්තකමෙව අහොසි තුච‍්ඡකමෙව අහොසීති තුය‍්හං වචනං රිත‍්තකං මා හොතු, තුච‍්ඡකං මා හොතූති සත්‍ථාරං මුසාවාදෙන නිග‍්ගණ‍්හාති.

සචෙ බො මාරිස සබ්බස්ස සබ්බතෙන යනු මේ බ්‍රහ්මයා ‘අත්තවාදී’ තමා වාදී බැවින් ‘සබ්බං’ යනුවෙන් අකුරා දක්වා අකුරුවල දොස් දක්වමින් කීය. ‘ශාස්තෲන් වහන්සේ වනාහි සත්කාය සඳහා මෙහිදී ‘සබ්බං’ යන්න වදාරති. බ්‍රහ්මයා ‘සර්ව සර්වය’ සඳහා කියයි. ඔබ සියල්ල යයි කියව, සර්වභාවයෙන් නො පැමිණෙන ලදැයි කියව. ඉදින් සියල්ල සර්වභාවයෙන් පැමිණෙන ලද්දේ නො වන්නේ ද, එකල්හි ඔහුගේ නො පැමිණීම ඇති. මා හෙව තෙ රිත්තක මෙව අහොසි තුච්ඡකමෙව අහොසි ඔබගේ වචනය හිස් නොවේවා. පහත් නොවේවා යි ශාස්තෲන් මුසාවාදයෙන් නිග්‍ර කරයි.

සත්‍ථා පන එතස‍්මා බ්‍රහ‍්මුනා සතගුණෙන සහස‍්සගුණෙන සතසහස‍්සගුණෙන වාදීතරො, තස‍්මා අහං සබ‍්බඤ‍්ච වක‍්ඛාමි, අනනුභූතඤ‍්ච වක‍්ඛාමි, සුණාහි මෙති තස‍්ස වාදමද‍්දනත්‍ථං කාරණං ආහරන‍්තො විඤ‍්ඤාණන‍්තිආදිමාහ. තත්‍ථ විඤ‍්ඤාණන‍්ති විජානිතබ‍්බං. අනිදස‍්සනන‍්ති චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආපාථං අනුපගමනතො අනිදස‍්සනං නාම, පදද‍්වයෙනපි නිබ‍්බානමෙව වුත‍්තං. අනන‍්තන‍්ති තයිදං උප‍්පාදවයඅන‍්තරහිතත‍්තා අනන‍්තං නාම. වුත‍්තම‍්පි හෙතං –

ශාස්තෲන් වහන්සේ වනාහි බ්‍රහ්මයාට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් වාදීභසිංහ වේ. එහෙයින් මෙම සියල්ල කියමි. හෙළි නොවුනු දේද, (අප්‍රාප්තිය) කියමි. මාගේ වචන අසව යි බ්‍රහ්මයාගේ වාදය මර්දනය සඳහා කරුණු දක්වති. විඤ්ඤාණං යනාදිය වදාළහ. එහි විඤ්ඤාණං යනු විශේෂයෙන් දතයුතු දේයි. අනිදස්සනං චක්‍ෂුර් විඤ්ඤාණයාගේ ඉදිරියට නො පැමිණෙන හෙයින් ආපාථයට නොඑන හෙයින්, ‘අනිදසසන’ නමි. දෙපදයෙන්ම උත්පාදය හා ව්‍යය (නිවන) අන්තරහිත බැවින් අනන්ත නම් වේ.

“අන‍්තවන‍්තානි භූතානි, අසම‍්භූතං අනන‍්තකං; භූතෙ අන‍්තානි දිස‍්සන‍්ති, භූතෙ අන‍්තා පකාසිතා”ති.

අන්තවන්තානි භූතානි - අසමභූතං අනන්තකං අභූතෙ අන්තා නදිස්සන්ති - භූතෙ අන්තා පකාසිතා

භූතයෝ උත්පාද ව්‍යය සංඛ්‍යාත අන්තය ඇත්තාහුය. අන්ත රහිත වූ නිවන, ප්‍රත්‍යයෙන් ඉපදුනේ නොවේ. නූපන් වස්තුවෙහි උත්පාද ව්‍යය අන්තයෝ නො දක්නා ලැබෙත්. භූතයෙහි අන්තයෝ ප්‍රකාශ කරන ලදහ.

සබ‍්බතොපභන‍්ති සබ‍්බසො පභාසම‍්පන‍්නං. නිබ‍්බානතො හි අඤ‍්ඤො ධම‍්මො සපභතරො වා ජොතිවන‍්තතරො වා පරිසුද‍්ධතරො වා පණ‍්ඩරතරො වා නත්‍ථි. සබ‍්බතො වා තථා පභූතමෙව, න කත්‍ථචි නත්‍ථීති සබ‍්බතොපභං. පුරත්‍ථිමදිසාදීසු හි අසුකදිසාය නාම නිබ‍්බානං නත්‍ථීති න වත‍්තබ‍්බං. අථ වා පභන‍්ති තිත්‍ථස‍්ස නාමං, සබ‍්බතො පභමස‍්සාති සබ‍්බතොපභං. නිබ‍්බානස‍්ස කිර යථා මහාසමුද‍්දස‍්ස යතො යතො ඔතරිතුකාමා හොන‍්ති, තං තදෙව තිත්‍ථං, අතිත්‍ථං නාම නත්‍ථි. එවමෙවං අට‍්ඨතිංසාය කම‍්මට‍්ඨානෙසු යෙන යෙන මුඛෙන නිබ‍්බානං ඔතරිතුකාමා හොන‍්ති, තං තදෙව තිත්‍ථං. නිබ‍්බානස‍්ස අතිත්‍ථං නාම කම‍්මට‍්ඨානං නත්‍ථි. තෙන වුත‍්තං සබ‍්බතොපභන‍්ති. තං පථවියා පථවත‍්තෙනාති තං නිබ‍්බානං පථවියා පථවීසභාවෙන තතො පරෙසං ආපාදීනං ආපාදිසභාවෙන ච අනනුභූතං. ඉති යං තුම‍්හාදිසානං විසයභූතං සබ‍්බතෙභූමකධම‍්මජාතං තස‍්ස සබ‍්බත‍්තෙන තං විඤ‍්ඤාණං අනිදස‍්සනං අනන‍්තං සබ‍්බතොපතං අනනුභූතන‍්ති වාදං පතිට‍්ඨපෙසි.

සබ්බතො පභං සම්පූර්ණයෙන් ප්‍රභා සම්පන්න වූ නිවනට වඩා අනික් දහමක් ප්‍රභා සම්පන්න වූයේ, අතිශයින් බබළන්නේ අතිශයින් පිරිසිදු වූයේ අතිශයින් පණ්ඩර වූයේ හෝ නැත. සියළු තැන්හි ප්‍රභූ වූයේ හෝ එයම කිසිතැනක නැත්තේ නොවේ. සබ්බතොපභං පූර්ව දිශාව ආදී කිසිම දිසාවක නිර්වාණය නම් නැතැයි නො කිව යුතුය. පභං තීර්ථයට නමකි. සියලු තන්හි තොටුපළවල් ඇත්තේ මොහුටනුයි සබ්බතො පභං නිවනට වනාහි යම්සේ මහ මුහුදට යම් යම් තැනකින් බසිනු කැමැත්තෝ ඒ ඒ තැනින්ම බසිති. සෑම තැනම තොට වෙයි. නො තොටක් නම් නැත. එපරිද්දෙන් අටතිස් කමටහන් අතුරෙහි, යම් යම් දොරටුවකින් නිවනට බසිනු කැමැත්තාහු වෙත් ද, ඒ ඒ කමටහනම නිවනට තොටුපළ වෙයි. තොටුපළක් නො වූ කමටහනක් නැත. සබ්බතො පහං යනු ඒ සඳහා වදාරන ලදී. තං පඨවියා පඨවිත්තෙන ඒ නිවන පෘථුවි ධාතුවගේ පෘථුවි ස්වභාවයෙන්, එයින් වෙනස් වූ ආපෝ ධාතු ආදීන්ගේ ඒ ඒ ස්වභාවයන්ගෙන්, අනනුභූතං මෙසේ තොප වැන්නවුන්ට විෂය වූ ත්‍රෛභූමක ධම්මජාතයක් වේද, ඒ සියල්ලට සර්වභාවයෙන් දතයුතු වූ, චක්‍ෂුර් විඥානයට ගොදුරු නොවූ උත්පාද, ව්‍යය, අන්ත රහිත වූ, මුළුමනින්ම ප්‍රභා සම්පන්න වූ ඒ නිවන අප්‍රාප්තයයි වාදය පිහිටවූ සේක.

තතො බ්‍රහ‍්මා ගහිතගහිතං සත්‍ථාරා විස‍්සජ‍්ජාපිතො කිඤ‍්චි ගහෙතබ‍්බං අදිස‍්වා ලළිතකං කාතුකාමො හන්‍ද චරහි තෙ, මාරිස, අන‍්තරධායාමීති ආහ. තත්‍ථ අන‍්තරධායාමීති අදිස‍්සමානකපාටිහාරියං කරොමීති ආහ. සචෙ විසහසීති යදි සක‍්කොසි මය‍්හං අන‍්තරධායිතුං, අන‍්තරධායසි, පාටිහාරියං කරොහීති. නෙවස‍්සු මෙ සක‍්කොති අන‍්තරධායිතුන‍්ති මය‍්හං අන‍්තරධායිතුං නෙව සක‍්කොති.

ඉක්බිති බ්‍රහ්ම තෙම ගත් ගත් වාදය ශාස්තෲන් විසින් විසඳන ලද්දේ ගතයුතු කිසිවක් නො දැක ලලිතයක් (ලීලාවක්) කරනු කැමතිව, හන්‍ද චරති තෙ මාරිස අන්තරධායාමි එහි අන්තර ධායාමි යනු අදෘශ්‍යමාන ප්‍රාතිහාර්යයක් කරමි. සචෙ විසහසී ඉදින් මට අතුරුදහන් වන්නට හැකි නම් අතුරුදහන් වෙහි. පෙළහර කරව. නෙවස්සු මෙ සක්කොසි අන්තරධායිතුං මට අතුරුදහන් වන්නට නොහැකි වෙයි.

කිං පනෙස කාතුකාමො අහොසීති? මූලපටිසන්‍ධිං ගන‍්තුකාමො අහොසි. බ්‍රහ‍්මානඤ‍්හි මූලපටිසන්‍ධිකඅත‍්තභාවො සුඛුමො, අඤ‍්ඤෙසං අනාපාථො, අභිසඞ‍්ඛතකායෙනෙව තිට‍්ඨන‍්ති. සත්‍ථා තස‍්ස මූලපටිසන්‍ධිං ගන‍්තුං න අදාසි. මූලපටිසන්‍ධිං වා අගන‍්ත්‍වාපි යෙන තමෙන අත‍්තානං අන‍්තරධාපෙත්‍වා අදිස‍්සමානකො භවෙය්‍ය, සත්‍ථා තං තමං විනොදෙසි, තස‍්මා අන‍්තරධායිතුං නාසක‍්ඛි. සො අසක‍්කොන‍්තො විමානෙ නිලීයති, කප‍්පරුක‍්ඛෙ නිලීයති, උක‍්කුටිකො නිසීදති. බ්‍රහ‍්මගණො කෙළිමකාසි – “එස ඛො බකො බ්‍රහ‍්මා විමානෙ නිලීයති, කප‍්පරුක‍්ඛෙ නිලීයති, උක‍්කුටිකො නිසීදති, බ්‍රහ‍්මෙ ත්‍වං අන‍්තරහිතොම‍්හී”ති සඤ‍්ඤං උප‍්පාදෙසි නාමාති. සො බ්‍රහ‍්මගණෙන උප‍්පණ‍්ඩිතො මඞ‍්කු අහොසි.

නැවත මේ බ්‍රහ්මයා කුමක් කරන්නට අරඅඳියිද, චූල ප්‍රතිසන්ධියට යනු කැමති වෙයි. යම් හෙයකින් බ්‍රහ්මයන්ගේ මූල ප්‍රතිසන්ධියෙහි ආත්මභාවය සියුම් වූයේ අන්‍යයන්ට සුදුසු නොවේ ද, නිර්මිත කයින්ම සිටිත්ද, ශාස්තෲන් වහන්සේ ඔහුට මූල ප්‍රතිසන්ධියට යාමට ඉඩ නුදුන් සේක් ද, මූල ප්‍රතිසන්ධියට හෝ නොගොස් යම් අන්ධකාරයකින් මුවහ වී නොපෙනී යන්නෙක් වන්නේද, ශාස්තෲන් වහන්සේ ඒ අන්ධකාරය දුරුකළ සේක්, එහෙයින් අන්ධකාරයේ සැඟවෙන්නට ද නුපුළුවන් විය. එසේ අසමත් වන ඔහු විමානයෙහි සැඟවෙයි. කප්රුකෙහි සැඟවෙයි. උක්කුටිකයෙන් හිඳී. බඹ පිරිස අපහාස කළේය. මේ බක බ්‍රහ්මයා විමානයේ සැඟවෙයි. කප්රුකේ සැඟවෙයි. උක්කුටිකව හිඳියි. බ්‍රහ්මය, ඔබ අතුරුදහන් වෙතියි සිතීද හෙතෙම බඹ පිරිස විසින් පිරිහාස කරන ලදින් මතු විය.

එවං වුත‍්තෙ අහං, භික‍්ඛවෙති, භික‍්ඛවෙ, එතෙන බ්‍රහ‍්මුනා, “හන්‍ද චරහි තෙ, මාරිස, අන‍්තරධායාමී”ති එවං වුත‍්තෙ තං අන‍්තරධායිතුං අසක‍්කොන‍්තං දිස‍්වා අහං එතදවොචං. ඉමං ගාථමභාසින‍්ති කස‍්මා භගවා ගාථමභාසීති? සමණස‍්ස ගොතමස‍්ස ඉමස‍්මිං ඨානෙ අත්‍ථිභාවො වා නත්‍ථිභාවො වා කථං සක‍්කා ජානිතුන‍්ති එවං බ්‍රහ‍්මගණස‍්ස වචනොකාසො මා හොතූති අන‍්තරහිතොව ගාථමභාසි.

එවං වුත්තෙ අහං භික්ඛවෙ මහණෙනි, බක බ්‍රහ්මයා විසින්, භාග්‍යවතුන් වහන්ස, එසේනම් ඔබට අතුරුදහන් වෙමි. මෙසේ කී කල්හි අතුරුදහන් වන්නට නො හැකි වන්නා වූ ඔහු දැක මම මෙසේ කීමි. මේ ගාථාව කීහ. ශ්‍රමණ භවත් ගෞතමයන් මෙතැන්හි ඇති බව හෝ නැති බව කෙසේ දැනගන්නාහුද, දැන ගන්නේ කෙසේද, බ්‍රහ්ම සමූහයාගේ මේ වචනවලට ඉඩක් නොවේවයි අතුරුදහන් වූවහු ගාථාව කීය.

තත්‍ථ භවෙවාහං භයං දිස‍්වාති අහං භවෙ භයං දිස‍්වායෙව. භවඤ‍්ච විභවෙසිනන‍්ති ඉමඤ‍්ච කාමභවාදිතිවිධම‍්පි සත‍්තභවං විභවෙසිනං විභවං ගවෙසමානං පරියෙසමානම‍්පි පුනප‍්පුනං භවෙයෙව දිස‍්වා. භවං නාභිවදින‍්ති තණ‍්හාදිට‍්ඨිවසෙන කිඤ‍්චි භවං න අභිවදිං, න ගවෙසින‍්ති අත්‍ථො. නන්‍දිඤ‍්ච න උපාදියින‍්ති භවතණ‍්හං න උපගඤ‍්ඡිං, න අග‍්ගහෙසින‍්ති අත්‍ථො.

භවෙචායං භයං දිස්වා මම සංසාරයේ බිය දැකම භවං විභවෙසීනං මේ කාම භවාදී ත්‍රිවිධ සත්ත්ව ස්වභාවය විභවෙසීනං ගවේෂණය කරන්නහු පර්යේෂණය කරන්නහු. නැවත නැවත භවයෙහිම සිටිනු දැක, භවං නාභි වදින්ති තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් නොගත්තෙමි යන අර්ථයි. නන්‍දිඤ්ච න උපාදියිං භව තණ්හාවට නොපැමිණියෙමි. නොගත්තෙමි.

ඉති චත‍්තාරි සච‍්චානි පකාසෙන‍්තො සත්‍ථා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ දෙසනානුසාරෙන විපස‍්සනාගබ‍්භං ගාහාපෙත්‍වා දසමත‍්තානි බ්‍රහ‍්මසහස‍්සානි මග‍්ගඵලාමතපානං පිවිංසු.

මෙසේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරමින් ශාස්තෲන් වහන්සේ ධර්මදේශනා කළ සේක. දේශනාව අවසානයේ දේශනාව අනුසාරයෙන් විදර්ශනාව ගැබ් ගන්වා, දස දහසක් පමණ බ්‍රහ්මයෝ මාර්ගඵල නමැති අමෘත පානය වැළඳූහ.

අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතාති අච‍්ඡරියජාතා අබ‍්භුතජාතා තුට‍්ඨිජාතා ච අහෙසුං. සමූලං භවං උදබ‍්බහීති බොධිමණ‍්ඩෙ අත‍්තනො තාය තාය දෙසනාය අඤ‍්ඤෙසම‍්පි බහූනං දෙවමනුස‍්සානං සමූලකං භවං උදබ‍්බහි, උද‍්ධරි උප‍්පාටෙසීති අත්‍ථො.

අච්ඡරිය අබ්භූත චිත්ත ජාතාති උපන් ආශ්චර්ය ඇති, උපන් අද්භූත ඇති, උපන් සතුට ඇත්තෝම වූහ. සමූලභවං උදබ්බහී බෝමැඩදී තමන්වහන්සේ ද ධර්මදේශනා මගින් අනෙක් බොහෝ දෙව් මිනිසුන්ගේ ද, මුල් සහිත වූ භවය. උදබ්බහී මුලිනුපුටා දැමීය.

තස‍්මිං පන සමයෙ මාරො පාපිමා කොධාභිභූතො හුත්‍වා, “මයි විචරන‍්තෙයෙව සමණෙන ගොතමෙන ධම‍්මකථං කථෙත්‍වා දසමත‍්තානි බ්‍රහ‍්මසහස‍්සානි මම වසං අතිවත‍්තිතානී”ති කොධාභිභූතතාය අඤ‍්ඤතරස‍්ස බ්‍රහ‍්මපාරිසජ‍්ජස‍්ස සරීරෙ අධිමුච‍්චි, තං දස‍්සෙතුං අථ ඛො, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සචෙ ත්‍වං එවං අනුබුද‍්ධොති සචෙ ත්‍වං එවං අත‍්තනාව චත‍්තාරි සච‍්චානි අනුබුද‍්ධො. මා සාවකෙ උපනෙසීති ගිහිසාවකෙ වා පබ‍්බජිතසාවකෙ වා තං ධම‍්මං මා උපනයසි. හීනෙ කායෙ පතිට‍්ඨිතාති චතූසු අපායෙසු පතිට‍්ඨිතා. පණීතෙ කායෙ පතිට‍්ඨිතාති බ්‍රහ‍්මලොකෙ පතිට‍්ඨිතා. ඉදං කෙ සන්‍ධාය වදති? බාහිරපබ‍්බජ‍්ජං පබ‍්බජිතෙ තාපසපරිබ‍්බාජකෙ. අනුප‍්පන‍්නෙ හි බුද‍්ධුප‍්පාදෙ කුලපුත‍්තා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා කස‍්සචි කිඤ‍්චි අවිචාරෙත්‍වා එකචරා හුත්‍වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජිංසු, තෙ සන්‍ධාය එවමාහ.

එකල්හි පාපී වූ මාරයා ක්‍රෝධයෙන් පරිපීඩිත වී මා හැසිරෙත්ම, ‘මා ඉදින්ම ශ්‍රමණ ගෞතමයන් විසින් ධර්මකථා වදාරා දස දහසක් පමණ බ්‍රහ්මයෝ මගේ වශය ඉක්මව, මගේ බලපරාක්‍රමයෙන් ඉවත් කළහ. ක්‍රෝධයෙන් පීඩිත වූ බැවින් බ්‍රහ්ම පාරිසජ්ජයේ එක් බ්‍රහ්මයෙකුගේ ශරීරයේ ආවේශ විය. එය දක්වන්නට අථඛො භික්ඛවෙ යනාදිය වදාළහ. එහි සචෙ ත්‍වං එවමනු බුද්ධො ඉදින් ඔබ විසින්ම චතුස්සත්‍යය අවබෝධ කළාහු නම් මා සාවකෙ උපනෙසි ගිහි ශ්‍රාවකයන් ද, පැවිදි ශ්‍රාවකයන්ද ඒ දහමට නො පමුණුව. හීන කායෙ පතිට්ඨිතා සතර අපායෙහි පිහිටියාහු පණීත කායෙ බඹලොව පිහිටියාහූ, මේ කවුරුන් සඳහා කියත්ද, බාහිර ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූ තාපස පිරිවැජියන් සඳහාය. අබුද්ධෝත්පාද කාලයන්හි, කුලපුත්‍රයෝ තවුස් පැවිද්දෙහි පැවිදිව කිසිවකුගෙන් කිසිවක් නො විමසා එකවරම සමාපත්ති උපදවා බඹලොව උපන් අය සඳහා මෙය කියන ලදී.

අනක‍්ඛාතං කුසලඤ‍්හි මාරිසාති පරෙසං අනක‍්ඛාතං අනොවදනං ධම‍්මකථාය අකථනං කුසලං එතං සෙය්‍යො. මා පරං ඔවදාහීති කාලෙන මනුස‍්සලොකං, කාලෙන දෙවලොකං, කාලෙන බ්‍රහ‍්මලොකං, කාලෙන නාගලොකං ආහිණ‍්ඩන‍්තො මා විචරි, එකස‍්මිං ඨානෙ නිසින‍්නො ඣානමග‍්ගඵලසුඛෙන වීතිනාමෙහීති.

අනක්ඛානං කුසලංහි මාරිස තථාගතයිනි, අනුන්ට නොකීම, අවවාද නොකිරීම, ධර්මකථා නොදෙසීම මැනවි. මෙය ශ්‍රේෂ්ටය. මා පරං ඔවදාහි වරක් දෙව්ලොව, කලක් බඹලොව, කලක් නා ලොව, කලක් මනුලොව ඇවිදිමින් නො හැසිරෙනු මැනව. එක්තැනක හිඳ ධ්‍යාන මාර්ග ඵල සැපයෙන් සමවත් සුව විඳිනු මැනව.

අනාලපනතායාති අනුල‍්ලපනතාය. බ්‍රහ‍්මුනො ච අභිනිමන‍්තනතායාති බකබ්‍රහ‍්මුනො ච ඉදඤ‍්හි, මාරිස, නිච‍්චන‍්තිආදිනා නයෙන සහ කායකෙන බ්‍රහ‍්මට‍්ඨානෙන නිමන‍්තනවචනෙන. තස‍්මාති තෙන කාරණෙන. ඉමස‍්ස වෙය්‍යාකරණස‍්ස බ්‍රහ‍්මනිමන‍්තනිකංත්‍වෙව අධිවචනං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති ජාතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අනාලපනතාය කථා නොකරන බැවින් බ්‍රහ්මුනො අභින්මන්තනකාය බ්‍රහ්මයාගේ ඉදංහි මාරිස නිච්චං යනාදී වශයෙන් අවකාශ සහිත බ්‍රහ්ම ලෝකයෙන් නිමන්ත්‍රණ වචනයෙන් ද, තස්මා ඒ කරුණෙන් මේ ධර්මයට බ්‍රහ්මනිමන්තනික යයි නාමය උපන්නේ ය. සෙසු සියලු තන්හි අදහස් ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

බ්‍රහ්ම නිමන්තණික සූත්‍ර වර්ණනාව නිමියේය.