බ්රහ්මනිමන්තනිකසුත්තං
1. 5. 9.
1. 5. 9.
බ්රහ්මනිමන්තනිකසුත්තං
බ්‍රහ්මනිමන්තනික සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භගවත්හු සැවැත් නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එ සමයෙහි භගවත්හු ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භගවත්හට පිළිවදන් දුන්හ. භගවත්හු තෙල වදාළහ:
2. එකමිදාහං භික්ඛවෙ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන බකස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: ඉදං නිච්චං ඉදං ධුවං ඉදං සස්සතං ඉදං කෙවලං ඉදං අචවනධම්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථීති. අථ ඛ්වාහං භික්ඛවෙ බකස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං උක්කට්ඨායං සුභගවනෙ සාලරාජමූලෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසිං.
2. මහණෙනි, මම එක් සමයෙක උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, ඒ සමයෙහි බක නම් බඹහට මෙබඳු පවිටු ශාශ්වත දෘෂ්ටියෙක් උපන: මේ බ්‍රහ්මස්ථානය (බඹලොව) නිත්‍යය, මේ ධ්‍රැවය (ස්ථිරය), මේ ශාශ්වතය (සදාවිද්යාමානය), මේ කේවලය (අඛණ්ඩය), මේ අවවන (ව්‍යය නොවන) ස්වභාවය. මේ බඹලොව (කිසිවෙක්) උපදනුයේ වේවයි, දිරනුයේ වේ වයි, මියනුයේ වේව යි, ච්‍යුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මේ බඹලොව හැර අනෙක් නිස්සරණයෙක් (දුකින් නික්මීමෙක්) ඇත්තේ ද නොවෙ’යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බඹහු අදහස් දැන බලවත් පුරුෂයකු වක්කළ අත් දික් කරනු සෙයින්, දික්කළ අත් වක් කරනු සෙයින් උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජ මූලයෙහි අතුරුදහන් වූයෙම් එ බඹලොව පහළ වීමි.
3. අද්දසා ඛො මං භික්ඛවෙ බකො බ්රහ්මා දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මං එතදවොච: එහි ඛො මාරිස, සාගතං මාරිස, චිරස්සං ඛො මාරිස, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදං හි මාරිස, නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථීති.
3. මහණෙනි, බකබ්රාහ්මමා එනුවා දුරදීම දිට. දැක මට තෙලබස් කී: “නිදුකාණෙනි, මොබ එව. නිදුකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිදුකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අයුරුකෙළෙහි. නිදුකාණෙනි, මේ බ්‍රහ්මස්ථානය නිත්‍යය, මේ ධ්‍රැවය, මේ ශාශ්වතය, මේ කේවලය, මේ අවවන ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිඃසරණයෙක් ඇත්තේ ද නොවෙ”යි කී.
4. එවං වුත්තෙ අහං භික්ඛවෙ බකං බ්රහ්මානං එතදවොචං: අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා, අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා: යත්ර හි නාම අනිච්චංයෙව සමානං නිච්චන්ති වක්ඛති, අද්ධුවංයෙව සමානං ධුවන්ති වක්ඛති, අසස්සතංයෙව සමානං සස්සතන්ති වක්ඛති, අකෙවලංයෙව සමානං කෙවලන්ති වක්ඛති, චවනධම්මංයෙව සමානං අචවනධම්මන්ති වක්ඛති. යත්ථ ච පන ජායතී ච ජීයති ච මීයති ච චවති ච උප්පජ්ජති ච, තං තථා වක්ඛති: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජතීති. සන්තඤ්ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති වක්ඛතීති.
4. මහණෙනි, මෙසේ කී කළ මම බක බ්‍රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අධ්‍රැව වූවක් ම ධ්‍රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකේවල වූවක් ම කේවල යයි කියා ද, වවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම බඹලොවෙක දෙනුයෙත් දිරනුයේත් මියනුයේත් ච්යුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරනුයේත් නොමියනුයේත් නොපහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අඥානයෙක් ම ය කියා යි.
5. අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං අන්වාවිසිත්වා මං එතදවොච: භික්ඛු, භික්ඛු, මෙතමාසදො මෙතමාසදො. එසො හි භික්ඛු බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජ්ජිතා වසී පිතා භූතභව්‍යානං.
5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්‍රහ්මපාරිෂද්‍ය බඹකු සිරුරෙහි ආවිෂ්ට ව මට තෙල බස් කී: “මහණ, මහණ, තෙල බඹහට නින්දා නො කර, තෙල බඹහට නින්දා නො කර. මහණ, තෙල බඹ මහබඹය. හැම බඹුන් අභිභවයි (මැඩලයි). තෙමේ අනභිභුතය. ඒකාන්තයෙන් සියල්ල දකිනේ ය. (හැම දෙනා) තම වසඟයෙහි පවත්වයි. ඊශ්වරය, (ලෝකයෙහි) කතෘය, නිර්මාතෘය, (ලෝකයට) උත්තමය. (තෝ ක්ෂිත්රිය වෙව, තෝ බ්‍රාහ්මණ වෙව යනාදීන්) ප්‍රජාව සකස් කරන්නේ ය. වශීය, උපන් සත්වයන්ගේ ද උපදනා සත්වයන්ගේ ද පිතෘය.”
අහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං පඨවිගරහකා පඨවිජිගුච්ඡකා, ආපගරහකා ආපජිගුච්ඡකා, තෙජගරහකා තෙජජිගුච්ඡකා, වායගරහකා වායජිගුච්ඡකා, භූතගරහකා භූතජිගුච්ඡකා, දෙවගරහකා දෙවජිගුච්ඡකා, පජාපතිගරහකා පජාපතිජිගුච්ඡකා, බ්රහ්මගරහකා බ්රහ්මජිගුච්ඡකා. තෙ කායස්ස භෙදා පාණුපච්ඡෙදා හීනෙ කායෙ පතිට්ඨිතා. අහෙසුං පන භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං පඨවිප්පසංසකා පඨවාභිනන්දිනො, ආපප්පසංසකා ආපාභිනන්දිනො, තෙජප්පසංසකා තෙජාභිනන්දිනො, වායප්පසංසකා වායාභිනන්දිනො, භූතප්පසංසකා භූතාභිනන්දිනො, දෙවප්පසංසකා දෙවාභිනන්දිනො, පජාපතිප්පසංසකා පජාපතාභිනන්දිනො, බ්රහ්මප්පසංසකා බ්රහ්මාභිනන්දිනො. තෙ කායස්ස භෙදා පාණුපච්ඡෙදා පණීතෙ කායෙ පතිට්ඨිතා.
මහණ, තට පූර්වයෙහි ද ලෝකයෙහි පෘථිවිය (අනිත්‍යය ආදීන්) ගරහන පෘථිවිය පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තේජස් ගරහන, තේජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්ත්වයන් ගරහන, සත්ත්වයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මරහු ගරහන මරහු පිළිකුල් කරන, බඹුන් ගරහන බඹුන් පිල්කුල් කරන මහණ බමුණෝ වූහ. ඔහු කය බිඳීමෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් හීනකාය සඞ්ඛ්‍යාත අපායෙහි උපන්හ. මහණ තට පෙරත් ලෝකයෙහි පෘථිවිය පසස්නා පෘථිවිය (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්දන කරන, ආපය පසස්නා ආපය අභිනන්දන කරන, තේජස් පසස්නා, තේජස් අභිනන්දන කරන, වායු පසස්නා වායු අභිනන්දන කරන, සතුන් පසස්නා, සතුන් අභිනන්දන කරන, දෙවියන් පසස්නා දෙවියන් අභිනන්දන කරන, මරහු පසස්නා මරහු අභිනන්දන කරන, බඹුන් පසස්නා බඹුන් අභිනන්දන කරන මහණ බමුණෝ වූහ. ඔහු කායභේදයෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් ප්රණීතකාය සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
තන්තාහං භික්ඛු එවං වදාමි: ඉඞ්ඝ ත්වං මාරිස යදෙව තෙ බ්රහ්මා ආහ, තදෙව ත්වං කරොහි. මා ත්වං බ්රහ්මුනො වචනං උපාතිවත්තිත්ථො. සචෙ ඛො ත්වං භික්ඛු බ්රහ්මුනො වචනං උපාතිවත්තිස්සසි, සෙය්යථාපි නාම පුරිසො සිරිං ආගච්ඡන්තිං දණ්ඩෙන පටිප්පණාමෙය්ය, සෙය්යථාපි වා පන භික්ඛු පුරිසො නරකප්පපාතෙ පපතන්තො හත්ථෙහි ච පාදෙහි ච පඨවිං විරාධෙය්ය, එවං සම්පදමිදං භික්ඛු තුය්හං භවිස්සති. ඉඞ්ඝ ත්වං මාරිස යදෙව තෙ බ්රහ්මා ආහ, තදෙව ත්වං කරොහි. මා ත්වං බ්රහ්මුනො වචනං උපාතිවත්තිත්ථො. නනු ත්වං භික්ඛු පස්සසි බ්රහ්මං පරිසං සන්නිසින්නන්ති. ඉති ඛො මං භික්ඛවෙ මාරො පාපිමා බ්රහ්මං පරිසං උපනෙසි.
මහණ, එබැවින් මම තට මෙසේ කියමි: නිදුකාණෙනි, මහාබඹ තට යමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බඹහු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බඹබස් ඉක්මෙහි නම් පුරුෂයෙකු සිරිකත ගෙට වදුත් දණ්ඩෙන් (සිවුරියන් මුගුරින්) පලවා පියන්නාක් වැන්න. තවද මහණ, නිරැහෙබෙක හෙන පුරුෂයකු අතිනුදු පයිනුදු ගත මනා පිහිටනු මනා අධාරස්ථාන වළහාලන්නාක් වැන්න. මහණ තට ද මේ කරුණ මෙබඳුම වන්නේය. නිදුකාණෙනි, එබැවින් තා බඹ තට යම් ම දැයක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බඹ කීවා නො ඉක්මවන්නේය. මහණ, තො මෙහි රැස්ව හුන් (සිරියෙන් බබලන) බඹපිරිස් නො දකින්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බඹපිරිසට එළවාලීය. (තො ද බ්‍රහ්මගරුක නම් බඹඉසුරු ලබනේ යයි කියූ සේය.)
6. එවං වුත්තෙ අහං භික්ඛවෙ මාරං පාපිමන්තං එතදවොචං: ජානාමි ඛො තාහං පාපිම. මා ත්වං මඤ්ඤිත්ථො න මං ජානාතීති. මාරො ත්වමසි පාපිම. යො චෙව පාපිම බ්රහ්මා යා ච බ්රහ්මපරිසා යෙ ච බ්රහ්මපාරිසජ්ජා සබ්බෙව තව හත්ථගතා, සබ්බෙව තව වසංගතා. තුය්හං හි පාපිම එවං හොති: එසොපි මෙ අස්ස හත්ථගතො, එසොපි මෙ අස්ස වසංගතොති. අහං ඛො පන පාපිම නෙව තව හත්ථගතො, නෙව තව වසංගතොති.
6. මහණෙනි, මෙසේ කීකල මම අයස උදාකරන පාපී වූ මරුහට තෙල බස් කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනති යි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි යම් බඹෙක් ඇද්ද, යම් බඹ පිරිසෙක් ඇද්ද, යම්ම බඹපිරිසැවූවෝ ඇද්ද, ඔහු හැම තා හස්තගතයහ. ඔහු හැම තා වසංගතයහ. ‘මෙ තෙමේ ද මා හස්තගතය, මෙ තෙමේ ද මා වසඟය’ යනුදු තට මෙසේ සිතෙයි. පවිට, මම තා හස්තගතයෙම් නො ම වෙමි. තා වසඟයෙම් නො ම වෙමි” කියායි.
7. එවං වුත්තෙ භික්ඛවෙ බකො බ්රහ්මා මං එතදවොච: “අහං හි මාරිස නිච්චංයෙව සමානං නිච්චන්ති වදාමි, ධුවංයෙව සමානං ධුවන්ති වදාමි, සස්සතංයෙව සමානං සස්සතන්ති වදාමි, කෙවලංයෙව සමානං කෙවලන්ති වදාමි, අචවනධම්මංයෙව සමානං අචවනධම්මන්ති වදාමි. යත්ථ ච පන න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති තදෙවාහං වදාමි: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති. අසන්තඤ්ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං, නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති වදාමි. අහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං, යාවතකං තුය්හං කසිණං ආයු තාවතකං තෙසං තපොකම්මමෙව අහොසි. තෙ ඛො එවං ජානෙය්යුං: සන්තං වා අඤ්ඤං උත්තරිං නිස්සරණං අත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති, අසන්තං වා අඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති. තං තාහං භික්ඛු එවං වදාමි: න චෙව අඤ්ඤං උත්තරිං නිස්සරණං දක්ඛිස්සසි, යාවදෙව ච පන කිලමථස්ස විඝාතස්ස භාගී භවිස්සසි. සචෙ ඛො ත්වං භික්ඛු පඨවිං අජ්ඣොසිස්සසි, ඔපසායිකො මෙ භවිස්සසි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. සචෙ -පෙ- ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්රහ්මං අජ්ඣොසිස්සසි, ඔපසායිකො මෙ භවිස්සසි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො”ති.
7. මහණෙනි, මෙසේ කීකල බක බ්‍රහ්ම මට තෙල බස් කී: “නිදුක, මම නිත්‍යය ම නිත්‍යයයි කියමි. ධ්‍රැවය ම ධ්‍රැවයයි කියමි. ශාශ්වතය ම ශාශ්වතයයි කියමි. කේවලය ම කේවලයයි කියමි. අවවන ධර්මය ම අවවන ධර්මයයි කියමි. යම් බඹලොවෙක නො උපදනේ වේ ද, නො දිරන්නේ වේ ද, නොමියන්නේ වේ ද, නො ච්යුතවන්නේ වේ ද, නො පහළ වන්නේ වේ ද, මම එය ම කියමි: මෙ බඹලොව උපදනේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේවයි, ච්යුතවනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැත්තේ ම මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැතියි කියමි. මහණ, තට පෙරාතුව ම ලෝකයෙහි මහණ බමුණෝ වූහ. තාගේ මුළුආයුකාලය යම්තාක් වේද, ඒ තාක් කල් උන්ගේ තපඃකර්ම වී උග්‍ර තපස් ඇතියෝ වූහ. ඔහු මතුයෙහි (මෙ බ්‍රහ්මස්ථානයට වැඩිතරම් වූ) අන් නිසරුණෙක් ඇත්නම් මතු අන් නිසරුණෙක් ඇතැ”යි මෙසේ දන්නාහුය. අන් මතු නිසරුණෙක් නැත්තේ ම අන් මතු නිසරුණෙක් නැතැ’යි මෙසේ දත්හ. මහණ, එහෙයින් මම තට මෙසේ කියමි: ‘තොයිදු මෙයින් මතු අන් නිසරුණෙක් නොදක්නෙහි. එයින්ම් (එය සෙවීමෙන්) තෝ හුදෙක් කිලමථයට වෙහෙසට හිමි වේමය. මහණ ඉදින් තෝ පෘථිවිය (තෘෂ්ණා මාන දෘෂ්ටින්) ගැලැගන්හි නම් මා වෙත ඖපශායික (හෝනේ) වෙහි. මගේ වස්තුයෙහි (විෂයෙහි මා අරක්ගෙන) හෝනේ වෙහි. මා කැමැති සේ කළයුත්තෙක්, (ලිහිලිකොළගසටත් වඩා) නීච කළයුත්තෙක් වෙහි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූතයන් ... දෙවියන් ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්හි නම්, මා උපනිඃශ්‍රය කොට ලගිනෙහි. මා සිටුනාතන්හි සිටුනෙහි. මා කැමැතිසේ කළයුත්තෙක්, හෙළා ලිය යුත්තෙක් වෙහි”යි බඹ අවමන් විසින් කී.
8. “අහම්පි ඛො එතං බ්රහ්මෙ ජානාමි: සචෙ පඨවිං අජ්ඣොසිස්සාමි, ඔපසායිකො තෙ භවිස්සාමි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. සචෙ ආපං -පෙ- තෙජං -පෙ- වායං -පෙ- භූතෙ -පෙ- දෙවෙ -පෙ- පජාපතිං -පෙ- බ්රහ්මං අජ්ඣොසිස්සාමි, ඔපසායිකො තෙ භවිස්සාමි වත්ථුසායිකො යථාකාමකරණීයො බාහිතෙය්යො. අපි ච තෙ අහං බ්රහ්මෙ ගතිඤ්ච පජානාමි ජුතිඤ්ච පජානාමි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්රහ්මා”ති.
8. බ්‍රහ්මය, මම ද තෙල දන්මි: ඉදින් පොළොව තහවුරු කොට ගනිම් නම්, තාගේ ඖපශායික වෙමි. වාස්තුශායික වෙමි. යථාකාමකරණීය වෙමි. පාතනාර්හ වෙමි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූත ... දේව ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්නෙම් නම්, තා වෙත හෝනේ වෙමි. තා සිටුනා තැන අරක්ගෙන සිටුමි. තා කැමැත්තක් කරනු ලබමි. හෙළා ලියහෙනු ලබමි. එතෙකුදු වුව බ්‍රහ්මය, මම තාගේ ගති (නිෂ්පත්තිය) ද ජුති (අනුභාවය) ද දන්මි: බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහ ඇත. බකබ්‍රහ්ම මෙසේ මහ අනුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇත, යනු දන්මියි බඹමන් නිගන්මින් බුදුහු වදාළහ.
9. යථාකථං පන මෙ ත්වං මාරිස ගතිඤ්ච පජානාසි ජුතිඤ්ච පජානාසි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්‍රහ්මාති?
9. නිදුකාණනි, කෙසේ නම් තොපි ‘බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහු ඇත. බක බ්‍රහ්ම මහානුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ’යි මාගේ ගතිදු ජුතිදු දන්ව?
10. යාවතා චන්දිමසූරියා පරිහරන්ති දිසා භන්ති විරොචනා, තාව සහස්සධා ලොකො එත්ථ තෙ වත්තතී වසො. පරොවරඤ්ච ජානාසි අථො රාගවිරාගිනං, ඉත්ථභාවඤ්ඤථාභාවං සත්තානං ආගතිං ගතින්ති.
10. හිරසඳ දෙදෙනා දසදිසා බබුළුවමින් යම්තාක් තැන් ඇවිදිත් ද, ඒ තාක් තැන් මේ සක්වළත් සමග සහස්රලෝකධාතුයෙක. මේ දහසක් සක්වළැ (පමණක්) තාගේ වාසය වැටෙයි. (සක්වළ දහසෙහි) හීනප්රණීතසත්ත්වයන් දන්හි. තවද, රාගවිරාගජනයා ද දන්හි. මෙසක්වළ ද (එකුන් දහස්) පරසක්වළ ද දන්හි. සතුන්ගේ (පිලිසඳ විසින් ආගතිදු (ච්යුතිවිසින්) ගතිදු දන්හි.
එවං ඛො තෙ අහං බ්රහ්මෙ ගතිඤ්ච පජානාමි ජුතිඤ්ච පජානාමි: එවං මහිද්ධිකො බකො බ්රහ්මා, එවං මහානුභාවො බකො බ්රහ්මා, එවං මහෙසක්ඛො බකො බ්රහ්මා’ති.
බ්‍රහ්මය, මෙසෙයින් මම “බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත, බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ”යි තාගේ ගතිදු ජුතිදු (පමණ විසින්) දන්මි.
11. අත්ථි ඛො බ්රහ්මෙ අඤ්ඤෙ තයො කායා. තං ත්වං න ජානාසි න පස්සසි. තය්යාහං ජානාමි පස්සාමි. අත්ථි ඛො බ්රහ්මෙ ආභස්සරා නාම කායො යතො ත්වං චුතො ඉධූපපන්නො. තස්ස තෙ අතිචිරනිවාසෙන සා සති මුට්ඨා. තෙන තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං. අථ ඛො අහමෙව තයා භිය්යො. අත්ථි ඛො බ්රහ්මෙ සුභකිණ්ණා නාම කායො -පෙ- [අත්ථි ඛො බ්රහ්මෙ] වෙහප්ඵලා නාම කායො, තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං. අථ ඛො අහමෙව තයා භිය්යො.
11. බ්‍රහ්මය, අන්‍ය වූ ද භූමීහු තුන්දෙනෙක් ඇත. තෝ ඒ නො දන්හි, නොදක්හි. මම ඒ ධ්යානභුමි දන්මි, දක්මි. බ්‍රහ්මය, තෝ යම් බඹළොවෙකින් සැව මෙහි උපන්හිද ඒ ආභස්සර නම් බඹලොවෙක් ඇත. ඉතා බොහෝ කල්පසු වූ හේතුවින් තට ඒ සිහි මුළා වෙයි. එයින් තෝ එය නොදන්හි, නො දක්හි මම එය දන්මි, දක්මි බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට දැනීමෙන් (නුවණින්) සමසමයෙම් නොවෙමි. පහත්බවෙක් කිසෙයින් වේ ද, වැළිදු මම ම තට වැඩිසිට්යෙම් වෙමි. බ්‍රහ්මය, සුභකිණ්ණ නම් ධ්‍යාන භුමියෙක් ඇත ... වෙහප්ඵල නම් ධ්යානභුමියෙක් ඇත. තෝ එය නොදන්හි නොදක්හි. මම එය දන්මි, දක්මි. බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට නුවණින් සමසමයෙම් නොම වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
පඨවිං ඛො අහං බ්රහ්මෙ පඨවිතො අභිඤ්ඤාය යාවතා පඨවියා පඨවිත්තෙන අනනුභූතං තදභිඤ්ඤාය පඨවිං නාහොසිං, පඨවියා නාහොසිං, පඨවිතො නාහොසිං, පඨවිං මෙති නාහොසිං, පඨවිං නාභිවදිං. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං, අථ ඛො අහමෙව තයා භිය්යො ආපං ඛො අහං බ්රහ්මෙ -පෙ- තෙජං ඛො අහං බ්රහ්මෙ -පෙ- වායං ඛො අහං බ්රහ්මෙ -පෙ- භූතෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- දෙවෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- පජාපතිං ඛො අහං බ්රහ්මෙ -පෙ- බ්රහ්මං ඛො අහං බ්රහ්මෙ -පෙ- ආභස්සරෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- සුභකිණ්ණෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- වෙහප්ඵලෙ ඛො අහං බ්රහ්මෙ -පෙ- අභිභුං ඛො අහං බ්රහ්මෙ -පෙ- සබ්බං ඛො අහං බ්රහ්මෙ සබ්බතො අභිඤ්ඤාය යාවතා සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං තදභිඤ්ඤාය සබ්බං නාහොසිං, සබ්බස්මිං නාහොසිං, සබ්බතො නාහොසිං, සබ්බං මෙති නාහොසිං, සබ්බං නාභිවදිං. එවම්පි ඛො අහං බ්රහ්මෙ නෙව තෙ සමසමො අභිඤ්ඤාය, කුතො නීචෙය්යං, අථ ඛො අහමෙව තයා භිය්යොති.
බ්‍රහ්මය, මම පෘථිවිය පෘථිවි භාවයෙන් දැන පෘථිවි පිළිබඳ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත (පෘථිවි භාවයට නොපත් යම්) නිර්‍වාණයෙක් ඇද්ද, ඒ නිවන ප්රත්යක්ෂ කොට පෘථිවිය (තෘෂ්ණාදීන්) නොගත්මි. පෘථිවියෙහි ලා නො ගත්මි. පෘථිවිභාවයෙන් නොගත්මි. “පෘථිවිය මා අයත් යැයි නොගත්මි. (මෙසේ) පෘථිවිය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය,මෙසෙයිනුදු දැනීමෙන් මම තට සමසමයෙම් නො වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම තට වැඩිසිටියෙමි. බ්‍රහ්මය, මම අප් ... තේජස් ... වායු ... භූත ... දෙවි ... මර ... බඹ ... ආභස්සර ... සුභකිණ්ණක ... වෙහප්ඵල ... අභිභූ ... නොගත්මි. බ්‍රහ්මය, මම සර්වය (සත්කාය ධර්ම) සර්වවශයෙන් දැන සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනනුභුත යම් නිවනෙක් ඇද්ද, ඒ නිවන ප්රත්යක්ෂ කොට සර්වය නොගත්මි. සර්වයෙහි ලා නොගත්මි. සර්‍වභාවයෙන් නොගත්මි. ‘සර්වය මට අයත් යැයි නොගත්මි. සර්වය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම තට සම්සමයෙම් නොවෙමි. පහත් සේ කොයින් වේ ද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
12. “සචෙ ඛො මාරිස සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං, මාහෙව තෙ රිත්තකමෙව අහොසි, තුච්ඡකමෙව අහොසී”.
12. “නිදුකාණෙනි, ඉදින් සර්‍වයාගේ සර්‍වභාවයෙන් අනනුභූතයෙක් වේ ද, එයින් තොපගේ බස් නො සිස් වේවා. මෘෂා නොවේවා”. (බඹහු යනු ‘සබ්බං’ යනු සර්ව - සර්ව යැයි ගෙණ සර්වය සර්වතායෙන් අනුභූත - ප්රත්යක්ෂ නොවේ නම් එහි ඔබ විසින් අනනුභුතයක් ඇතැයි මෙසේ බුදුන් මුසාවාදයෙන් නිගනිති.)
13. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතො පභං. තං පඨවියා පඨවිත්තෙන අනනුභූතං, ආපස්ස ආපත්තෙන අනනුභූතං, තෙජස්ස තෙජත්තෙන අනනුභූතං, වායස්ස වායත්තෙන අනනුභූතං, භූතානං භූතත්තෙන අනනුභූතං, දෙවානං දෙවත්තෙන අනනුභූතං, පජාපතිස්ස පජාපතිත්තෙන අනනුභූතං, බ්රහ්මස්ස බ්රහ්මත්තෙන අනනුභූතං, ආභස්සරානං ආභස්සරත්තෙන අනනුභූතං, සුභකිණ්ණානං සුභකිණ්ණත්තෙන අනනුභූතං, වෙහප්ඵලානං වෙහප්ඵලත්තෙන අනනුභූතං, අභිභුස්ස අභිභුත්තෙන අනනුභූතං, සබ්බස්ස සබ්බත්තෙන අනනුභූතං”.
13. එකල බුදුහු “විඥානය (විඥාතව්‍ය නිර්වාණය චක්‍ෂුර්විඥානයට අරමුණු නොවන බැවින්) අනිදර්‍ශන වෙයි. (උත්පාද ව්යයසඞ්ඛ්යාත අන්තරහිත හෙයින්) අනන්ත වෙයි. සියල්ලට වඩා ප්‍රභාසම්පන්න වෙයි. ඒ විඥානය (නිර්වාණය) පෘථිවිස්වභාවයෙන් අනුභූත (විෂය) නො වෙයි. අප්හුගේ අප්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. තේජස්හුගේ තේජස් ස්වභාවයෙන් අනුභූත නො වෙයි. වායුහුගේ වායුස්වභාවයෙන් අනුභූත නො වෙයි. භූතයන්ගේ භූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. දේවයන්ගේ දේවස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාරයාගේ මාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. බ්‍රහ්මයාගේ බ්රහ්මස්වභාවයෙන් අනුභූත නො වෙයි. ආභාස්වරයන්ගේ ආභාස්වරස්වභාවයෙන් අනුභූත නො වෙයි. ශුභකෘත්ස්තයන්ගේ ශුභකෘත්ස්තස්වභාවයෙන් අනුභූත නො වෙයි. වෘහත්ඵලයන්ගේ වෘහත්ඵලස්වභාවයෙන් අනුභූත නො වෙයි. අභිභූදෙවියන්ගේ අභිභූස්වභාවයෙන් අනුභූත නො වෙයි. සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනුභූත නො වේ” යයි වදාළහ.
14. “හන්ද ච හි තෙ මාරිස අන්තරධායාමී”ති. හන්ද ච හි මෙ ත්වං බ්රහ්මෙ අන්තරධායස්සු සචෙ විසහසීති. අථ ඛො භික්ඛවෙ බකො බ්රහ්මා “අන්තරධායිස්සාමි සමණස්ස ගොතමස්ස, අන්තරධායිස්සාමි සමණස්ස ගොතමස්සා”ති නෙවස්සු මෙ සක්කොති අන්තරධායිතුං.
14. “නිදුකාණෙනි, දැන් තොප කෙරෙන් අතුරුදන් වෙමි”යි (බඹ වාදයෙන් පිහිටක් නො ලබා සැඟවෙනු කැමැතිව) කී බ්‍රහ්මය, ඉදින් තෝ පොහොසත් විහි නම් දැන් මා කෙරෙන් අතුරුදන් වා (බුදුහු වදාළහ.) එසඳ මහණෙනි, බකබ්‍රහ්ම “මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි, මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි”යි යෙමින් මා හමුයෙහි අතුරුදන් වන්නට නො හැකි වී.
15. එවං වුත්තෙ අහං භික්ඛවෙ බකං බ්රහ්මානං එතදවොචං: හන්ද ච හි තෙ බ්රහ්මෙ අන්තරධායාමීති. “හන්ද ච හි මෙ ත්වං මාරිස අන්තරධායස්සු සචෙ විසහසී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසිං එත්තාවතා බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච සද්දඤ්ච මෙ සොස්සන්ති, න ච මං දක්ඛින්තීති අන්තරහිතො ඉමං ගාථං අභාසිං:
15. මහණෙනි, මෙසේ කීකල්හි මම බකබ්රහ්මහට තෙල කීමි: “බ්‍රහ්මය, මම දැන් තා කෙරෙන් අතුරුදන් වෙමි”යි. “නිදුකාණෙනි, ඉදින් පොහොසත් වුව දැන් මා හමුයෙහි තෙපි අතුරුදන් ව”යි (බඹ කී.) එසඳ මහණෙනි, මම “මෙතෙකින් බඹ ද බඹපිරිස් ද බඹපිරිස් වැසියෝ ද මා බස් අසත්වා. මා නො දකිත්වා”යි එබඳු ඉදුහයක් පිළියෙල කෙළෙමි. අතුරුදන් වැ සිට මේ ගාථා වදාළෙමි:
“භවෙවාහං භයං දිස්වා භවඤ්ච විභවෙසිනං, භවං නාභිවදිං කිඤ්චි නන්දිඤ්ච න උපාදියින්ති.”
මම භවයෙහි (සංසාරයෙහි ජාතිජරාදි භේද) භය දැක ම, විභව සඞ්ඛ්‍යාත නිර්වාණය සොයන්නාවූ (කාමභවාදි ත්‍රිවිධ සත්ත්ව) භවය - (සත්ත්ව සමූහය) ද භවයෙහි ම දැක, හෙවත් නිවන් සොයන්නවුන්ගේ භවයෙහි ම උප්පත්තිය දැක, කිසි උත්පත්ති භාවයක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) ග්‍රහණය නො කෙළෙමි. නන්දි සඞ්ඛ්‍යාත භව තෘෂ්ණාව (කර්මභවය) ද නොගතිමි.
16. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච අච්ඡරියබ්භුතචිත්තා ජාතා අහෙසුං: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස ගොතමස්ස මහිද්ධිකතා මහානුභාවතා. න ච වත නො ඉතො පුබ්බෙ දිට්ඨො වා සුතො වා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා එවං මහිද්ධිකො එවං මහානුභාවො යථායං සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. භවරාමාය වත භො පජාය භවරතාය භවසම්මුදිතාය සමූලං භවං උදබ්බහීති.
16. මහණෙනි, එසඳ බඹ ද බඹපිරිස් ද බඹපිරිස්වැසියෝද උපන් අසිරිඅබුතුසිතැතිවුහ: “භවත්නි, මහණගොයුම්හුගේ මහත් ඍද්ධි ඇති සේ මහත් අනුභාව ඇති සේ ආශ්චර්‍ය්‍ය ම ය, අද්භූත ම යා. සැහැකුලෙන් පැවිදිපත් සැහැපුත් මේ මහණ ගොයුම් බඳු, මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මින් පෙර නොදුටුවිරූ ම ය. නො ඇසුවිරූම ය. භවයෙහි ඇලුණු, භවරති ඇති භවයෙහි ප්‍රමුදිත වූ ප්‍රජායෙහි සිට සමූලභවය උපුටා හළෙ යැ කියායි.
17. අථ ඛො භික්ඛවෙ මාරො පාපිමා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං අන්වාවිසිත්වා මං එතදවොච: “සචෙ ඛො ත්වං මාරිස එවං ජානාසි, සචෙ ත්වං එවමනුබුද්ධො, මා සාවකෙ උපනෙසි, මා පබ්බජිතෙ. මා සාවකානං ධම්මං දෙසෙසි මා පබ්බජිතානං. මා සාවකෙසු ගෙධිමකාසි මා පබ්බජිතෙසු. අහෙසුං ඛො භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං අරහන්තො සම්මාසම්බුද්ධා පටිජානමානා. තෙ සාවකෙ උපනෙසුං පබ්බජිතෙ. සාවකානං ධම්මං දෙසෙසුං පබ්බජිතානං,
17. මහණෙනි, එසඳ පවිටු මර එක්තරා බඹපිරිස් වැසියකුට ආවිෂ්ට ව සිට මට තෙල බස් කී: “නිදුකාණෙනි, ඉදින් තෙපි මෙසේ (සිවුසස්) දනුහු නම්, මෙසේ අනුබද්ධ නම් තොප ඒ දහම සව්වන් කරා නො එළවව. පැවිද්දන් කරා නො එළවව. සව්වනට දහම් නො දෙසව. පැවිද්දනට දහම් නො දෙසව. සව්වන් කෙරෙහි ගේධ නො කරව. පැවිද්දන් කෙරෙහි ගේධ නො කරව. මහණ, තට පූර්වයෙහිත් ලෝකයෙහි අර්හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් වූහු ම ය. ඔහු (ඔවුන්ගේ) දහම සව්වන් කරා පැවිද්දන් කරා එළවූහ. සව්වනට පැවිද්දනට දහම් දෙසූහ.
සාවකෙසු ගෙධිමකංසු පබ්බජිතෙසු. තෙ සාවකෙ උපනෙත්වා පබ්බජිතෙ, සාවකානං ධම්මං දෙසෙත්වා පබ්බජිතානං, සාවකෙසු ගෙධිකතචිත්තා පබ්බජිතෙසු, කායස්ස භෙදා පාණුපච්ඡෙදා හීනෙ කායෙ පතිට්ඨිතා. අහෙසුං පන භික්ඛු තයා පුබ්බෙ සමණබ්රාහ්මණා ලොකස්මිං අරහන්තො සම්මාසම්බුද්ධා පටිජානමානා. තෙ න සාවකෙ උපනෙසුං න පබ්බජිතෙ, න සාවකානං ධම්මං දෙසෙසුං න පබ්බජිතානං, න සාවකෙසු ගෙධිමකංසු න පබ්බජිතෙසු තෙ න සාවකෙ උපනෙත්වා න පබ්බජිතෙ, න සාවකානං ධම්මං දෙසෙත්වා න පබ්බජිතානං, න සාවකෙසු ගෙධිකතචිත්තා න පබ්බජිතෙසු, කායස්ස භෙදා පාණුපච්ඡෙදා පණීතෙ කායෙ පතිට්ඨිතා. තන්තාහං භික්ඛු එවං වදාමි: ඉඞ්ඝ ත්වං මාරිස අප්පොස්සුක්කො දිට්ඨධම්මසුඛවිහාරමනුයුත්තො විහරස්සු. අනක්ඛාතං කුසලං හි මාරිස, මා පරං ඔවදාහී”ති.
සව්වන් කරා පැවිද්දන් කෙරෙහි ගේධ කළහ. ඔහු සව්වන් කරා පැවිද්දන් කරා දහම් එළවා සව්වනට පැවිද්දනට දහම් දෙසා, සව්වන් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගේධසිත් ඇති කොට, කාබුන් මරණින් සිවුඅවාහි උපන්හ. මහණ, තට පෙරත් අර්හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් ලෝකයෙහි වූහු ම ය. ඔහු සව්වන් කරා දහම් නො එළවූහ. පැවිද්දන් කරා නො එළවූහ. සව්වනට දහම් නො දෙසූහ. පැවිද්දනට නො දෙසූහ. සව්වන් කෙරෙහි ගේධ නො කළහ, පැවිද්දන් කෙරෙහි ගේධ නො කළහ. ඔහු සව්වන් කරා දහම් නො එළවා, පැවිද්දන් කරා නො එළවා, සව්වනට දහම් නො දෙසා, පැවිද්දනට නො දෙසා, සව්වන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, පැවිද්දන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, කාබුන් මරණයෙන් බඹලොව උපන්හ. මහණ, ඒහේතුවින් මම තට මෙසේ කියමි: “භවත, තෙපි අල්පොත්සුකව දෘශ්ටධර්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වාස කරව: මෙරමාහට නො දෙසීම කුසල් ය. මෙරමාහට ඕවා නො දෙව” කියයි.
18. එවං වුත්තෙ අහං භික්ඛවෙ මාරං පාපිමන්තං එතදවොචං: ජානාමි ඛො තාහං පාපිම, මා ත්වං මඤ්ඤිත්ථො ‘න මං ජානාතී’ති. මාරො ත්වමසි පාපිම. න මං ත්වං පාපිම හිතානුකම්පී එවං වදෙසි. අහිතානුකම්පී මං ත්වං පාපිම එවං වදෙසි. තුය්හං හි පාපිම එවං හොති: යෙසං සමණො ගොතමො ධම්මං දෙසිස්සති තෙ මෙ විසයං උපාතිවත්තිස්සන්තීති. අසම්මාසම්බුද්ධා ච පන තෙ පාපිම සමණබ්රාහ්මණා සමානා ‘සම්මාසම්බුද්ධම්හා’ති පටිජානිංසු. අහං ඛො පන පාපිම සම්මාසම්බුද්ධොව සමානො ‘සම්මාසම්බුද්ධොම්හී’ති පටිජානාමි. දෙසෙන්තොපි හි පාපිම තථාගතො සාවකානං ධම්මං තාදිසොව. අදෙසෙන්තොපි හි පාපිම තථාගතො සාවකානං ධම්මං තාදිසොව. උපනෙන්තොපි හි පාපිම තථාගතො සාවකෙ තාදිසොව. අනුපනෙන්තොපි හි පාපිම තථාගතො සාවකෙ තාදිසොව. තං කිස්ස හෙතු? තථාගතස්ස පාපිම යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, තෙ පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සෙය්යථාපි පාපිම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා, එවමෙව ඛො පාපිම තථාගතස්ස යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, තෙ පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මාති.
18. මහණෙනි, මෙසේ කීකල මම පවිටු මරහට තෙල කීමි: “පවිට, මම තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට තෝ මාරයෙහි. පවිට, තෝ හිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තෝ අහිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: ‘මහණ ගොයුම් යම් කෙනෙකුන්ට දහම් දෙසා නම්, ඔහු මා විෂය ඉක්ම යෙති’යි. පවිට, ඒ මහණබමුණෝ සම්‍යක්සම්බුද්ධ නො වූවාහු ම ‘සම්යක්සම්බුද්ධයම්හ’යි පිළින කළහ. පවිට මම සම්‍යක්සම්බුද්ධ වූයෙම් ම සම්‍යක්සම්බුද්ධයෙමි යි පිළින කෙරෙමි. පවිට, තථාගත සව්වනට දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට තථාගත සව්වනට දහම් නො දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් එළවනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් නො එළවනුයේ ද තාදෘශ ම වෙයි. ඒ කවර හෙයින යත්: පවිට, කෙලෙසනසැහැවි ඇති, පුනර්භවය උදාකරන, දරථ සහිත, දුඃඛවිපාක දෙන, මතු ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රවයෝ ඇද්ද, තථාගතහට ඔහු ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතුයෙහි අනුත්පාද ස්වභාවයහ. පවිට, යම්පිරිදි මුදුන්සුන් තල නැවත විරූඪිය පිණිස අභව්‍ය වේ ද, පවිට, එපිරිදි ම කෙලෙසන සැහැවි ඇති, පුනර්භවයපිණිස පවත්නා, කායචිත්තදරථ සහිත, දුක් විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණ කරන, යම් ආස්රාවයෝ ඇද්ද, ඔහු තථාගතහට ප්‍රහීණයහ, මුලසුන්හ, මුදුන් බුන් තලක් සෙයින් අවාස්තුභාව ඇතියහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතු නූපදනා සැහැවීයහ.
19. ඉති හිදං මාරස්ස ච අනාලපනතාය බ්රහ්මුනො ච අභිනිමන්තනතාය තස්මා ඉමස්ස වෙය්යාකරණස්ස බ්රහ්මනිමන්තනිකන්තෙව අධිවචනන්ති.
19. මෙසේ මාරයාගේ අනුල්ලපනභාව (තථාගතයන් බඹපිරිස්හි එළවා බිණිමේ) හේතුයෙනුදු, බ්‍රහ්මයාගේ අභිනිමන්ත්රණ (“ඉදං හි මාරිස, නිච්චං”) ආදීන් තථාගතයන් බ්‍රහ්මස්ථානය කෙරෙහි නිමන්ත්‍රණය කිරීමේ (පොළඹ වීමේ) හේතුවිනුදු මේ වෙය්‍යාකරණයට බ්‍රහ්මනිමන්තනික කියා ම අධිවචන විය.
බ්රහ්මනිමන්තනිකසුත්තං නවමං.
බ්‍රහ්මනිමන්තනික සූත්‍රය නවවැනියි.