යෙදුමෙන් කියවන්න

මාරතජ‍්ජනියසුත‍්තං

1. 5. 10.

1. 5. 10.

මාරතජ‍්ජනියසුත‍්තං

මාරතජ්ජනිය සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භග‍්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො අබ‍්භොකාසෙ චඞ‍්කමති.

1. මා විසින් මෙසේ අසන ලද: එක්කෙලෙක මහමුගලන් මහතෙරහු භගුරට සුංසුමාරගිරි නුවර මුවළැව්වන මිහිඟගස් ඇති උයන්හි වාස කෙරෙති.

2. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස කුච‍්ඡිගතො හොති කොට‍්ඨමනුපවිට‍්ඨො. අථ ඛො ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස එතදහොසි: “කින‍්නු ඛො මෙ කුච‍්ඡි ගරුගරු විය මාසාචිතං මඤ‍්ඤෙති. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො චඞ‍්කමා ඔරොහිත්‍වා විහාරං පවිසිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො පච‍්චත‍්තං යොනිසො මනසාකාසි.

2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙති. එවිට පවිටු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුක්‍ෂිගත ව පක්‍වාශයට පිවිසියේය. එසඳ මහමුගලන් මහතෙරණුවනට තෙල සිත්වී: “කිම මා කුස් අතිහාරයක් වැනිය. මෑබත් වළඳ කළහුගේ කුස වැනිය. නො හොත් මෑ ඇට පිරූ පහියක් (පසුම්බියක්) වනැ”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙනෙහි කළහ.

3. අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො මාරං පාපිමන‍්තං කුච‍්ඡිගතං කොට‍්ඨමනුපවිට‍්ඨං. දිස‍්වාන මාරං පාපිමන‍්තං එතදවොච: නික‍්ඛම පාපිම, නික‍්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති.

3. මහමුගලන් මහතෙරහු පවිටුමරහු කුසට වැද පක්‍වාශයට පිවිසියහු දුටහ. දැක පවිටුමරහට තෙල බස් කීහ: “පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා” කියායි.

4. අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: “අජානමෙව ඛො මං අයං සමණො අපස‍්සං එවමාහ: ‘නික‍්ඛම පාපිම, නික‍්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා’ති. යොපිස‍්ස සො සත්‍ථා, සොපි මං නෙව ඛිප‍්පං ජානෙය්‍ය, කුතො පන මං අයං සාවකො ජානිස‍්සතී”ති.

4. එසඳ පවිටු මරහට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගත ශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.

5. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො මාරං පාපිමන‍්තං එතදවොච: “එතස‍්මිං ඛො තාහං පාපිම ජානාමි මා ත්‍වං මඤ‍්ඤිත්‍ථො: න මං ජානාතීති. මාරො ත්‍වමසි පාපිම. තුය‍්හං හි පාපිම එවං හොති: ‘අජානමෙව ඛො මං අයං සමණො අපස‍්සං එවමාහ: නික‍්ඛම පාපිම, නික‍්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායා’ති. යොපිස‍්ස සො සත්‍ථා සොපි මං නෙව ඛිප‍්පං ජානෙය්‍ය, කුතො පන මං අයං සාවකො ජානිස‍්සතී”ති.

5. ඉක්බිති මහමුගලන් මහතෙරහු පවිටු මරහට තෙල බස් කීහ: “පවිට, මම මෙතන්හි ලා තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’ නොසිත, තෝ මරෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නො පෙළා, තථාගතශ්‍රාවක නො පෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.

6. අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: ජානමෙව ඛො මං අයං සමණො පස‍්සං එවමාහ: නික‍්ඛම පාපිම, නික‍්ඛම පාපිම, මා තථාගතං විහෙසෙසි, මා තථාගතසාවකං. මා තෙ අහොසි දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. අථ ඛො මාරො පාපිමා ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස මුඛතො උග‍්ගන‍්ත්‍වා පච‍්චග‍්ගළෙ අට‍්ඨාසි.

6. එසඳ පවිටු මරුහට තෙල සිත්වී: “මේ මහණ මා දන්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට නික්මයා. තථාගතයන් නො පෙළා. තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා”යි. එසඳ පවිටු මර මහ මුගලන් මහතෙරුන්ගේ මුවින් නැගී (පන්සලෙන් බැහැර) කවුළුදොර ළඟ සිටගත.

7. අද‍්දසා ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො මාරං පාපිමන‍්තං පච‍්චග‍්ගළෙ ඨිතං. දිස‍්වාන මාරං පාපිමන‍්තං එතදවොච: එත්‍ථපි ඛො තාහං පාපිම පස‍්සාමි. මා ත්‍වං මඤ‍්ඤිත්‍ථො: න මං පස‍්සතීති. එසො ත්‍වං පාපිම පච‍්චග‍්ගළෙ ඨිතො.

7. මහමුගලන් මහතෙරහු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දැක පවිටු මරහට තෙල කීහ: “පවිට, මෙහිදු මම තා දක්මි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට, තෙල තෝ කවුළුදොර සිටියෙහි නො.”

8. භූතපුබ‍්බාහං පාපිම දූසී නාම මාරො අහොසිං. තස‍්ස මෙ කාළී නාම භගිනී. තස‍්සා ත්‍වං පුත‍්තො. සො මෙ ත්‍වං භාගිනෙය්‍යො හොසි. තෙන ඛො පන පාපිම සමයෙන කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො හොති. කකුසන්‍ධස‍්ස ඛො පන පාපිම භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස විධුර - සඤ‍්ජීව නාම සාවකයුගං අහොසි අග‍්ගං භද‍්දයුගං. යාවතා ඛො පන පාපිම කකුසන්‍ධස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාවකා, නාස‍්සුධ කොචි ආයස‍්මතා විධුරෙන සමසමො හොති යදිදං ධම‍්මදෙසනාය. ඉමිනා ඛො එතං පාපිම පරියායෙන ආයස‍්මතො විධුරස‍්ස විධුරො විධුරොත්‍වෙව සමඤ‍්ඤා උදපාදි.

8. පවිට, පෙර වූවිරී දැයක් කියමි: මම දුසී නම් මර වීමි. මාගේ බින් කාළී නම. තෝ ඇයගේ පුත් වූයෙහි. තෝ (එකල) මාගේ බෑනෙහි. පවිට, එකල අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූහ. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේට අග්‍ර භද්‍රයූග වූ විධුර-සඤ්ජීව නම් ශ්‍රාවකයුග්මයෙක් වී. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේට යම් පමණ ශ්‍රාවකයෝ වූහු ද, ධර්‍මදේශනායෙහි ලා ආයුෂ්මත් විධුර මහතෙරණුවන් හා සමසම ව සිටුනා කිසිදු සව්වෙක් නොවී. පවිට, මේ හේතුවින් ආයුෂ්මත් විධුරතෙරණුවනට විධුර ය, විධුර යැ යි (-විගතධුර ය, අන්‍යයන් හා අසම ය යන) අන්‍වර්‍ත්‍ථසංඥා උපන.

ආයස‍්මා පන පාපිම සඤ‍්ජීවො අරඤ‍්ඤගතොපි රුක‍්ඛමූලගතොපි සුඤ‍්ඤාගාරගතොපි අප‍්පකසිරෙනෙව සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජති. භූතපුබ‍්බං පාපිම ආයස‍්මා සඤ‍්ජීවො අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නො නිසින‍්නො හොති. අද‍්දසංසු ඛො පාපිම ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො ආයස‍්මන‍්තං සඤ‍්ජීවං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නං. දිස‍්වාන තෙසං එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, අයං සමණො නිසින‍්නකොව කාලකතො, හන්‍ද නං දහාමාති. අථ ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො තිණඤ‍්ච කට‍්ඨඤ‍්ච ගොමයඤ‍්ච සඞ‍්කඩ‍්ඪිත්‍වා ආයස‍්මතො සඤ‍්ජීවස‍්ස කායෙ උපචිනිත්‍වා අග‍්ගිං දත්‍වා පක‍්කමිංසු. අථ ඛො පාපිම ආයස‍්මා සඤ‍්ජීවො තස‍්සා රත‍්තියා අච‍්චයෙන තාය සමාපත‍්තියා වුට‍්ඨහිත්‍වා චීවරානි පප‍්ඵොටෙත්‍වා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං පිණ‍්ඩාය පාවිසි. අද‍්දසංසු ඛො තෙ පාපිම ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො ආයස‍්මන‍්තං සඤ‍්ජීවං පිණ‍්ඩාය චරන‍්තං. දිස‍්වාන නෙසං එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, අයං සමණො නිසින‍්නකොව කාලකතො ස‍්වායං පතිසඤ‍්ජීවිතොති. ඉමිනා ඛො එතං පාපිම පරියායෙන ආයස‍්මතො සඤ‍්ජීවස‍්ස සඤ‍්ජීවො සඤ‍්ජීවොත්‍වෙව සමඤ‍්ඤා උදපාදි.

පවිට, ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ අරණ්‍යගත වුව ද, වෘක්‍ෂමූලගත වුව ද, ශුන්‍යාගාර ගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිති. පවිට, පෙර වූවක් කියමි: ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්නෝද, එළුබටෙළු රක්නාහු ද, සීසානාහු ද මගබැසයන්නාහු සඤ්ජීවතෙරණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවැද හුන්නවුන් දුටහ. දැක ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ආශ්‍චර්‍ය්‍යය, භවත්නි, අද්භූතය, මේ මහණ හුන්වන ම කලුරිය කෙළේය. එයින් උන් දවම්හ” කියායි. පවිට, ඉක්බිති ගෝපාලයෝ ද පශුපාලයෝ ද කර්‍ෂකයෝ ද යන ඒ මගියෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්ජීව තෙරණුවන්ගේ කය වටා සෑයක් බැඳ ගිනි ලා ගියහ. පවිට, එසඳ සඤ්ජීව තෙරණුවෝ එරැය ඇවෑමෙන් ඒ සමවතින් නැගී සිවුරු පොළාපියා පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලො ද පසුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මගීහු සඤ්ජීව තෙරණුවන් පිඬු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ඒකාන්තයෙන් අසිරි ය, භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය මේ මහණ හුන්වන ම මළේ ය. හේ නැවත මැනැවින් දිවි ලද” කියායි. පවිට, මේ හේතුවින් සඤ්ජීව තෙරණුවනට සඤ්ජීව ය, සඤ්ජීව යැයි අන්‍වර්‍ත්‍ථසංඥා පහළ විය.

9. අථ ඛො පාපිම දූසිස‍්ස මාරස‍්ස එතදහොසි: ඉමෙසං ඛො අහං භික‍්ඛූනං සීලවන‍්තානං කල්‍යාණධම‍්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යන‍්නූනාහං බ්‍රාහ‍්මණගහපතිකෙ අන්‍වාවිසෙය්‍යං: එථ තුම‍්හෙ භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අක‍්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි අක‍්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති. අථ ඛො තෙ පාපිම දූසී මාරො බ්‍රාහ‍්මණගහපතිකෙ අන්‍වාවිසි: එථ තුම‍්හෙ, භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අක‍්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි අක‍්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති.

9. පවිට, ඉක්බිති දූසීමරහට තෙල සිත් වී: “මම සිල්සපන් කලණ දහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොම දන්මි. ‘බමුණුගැහැවියෙනි, එව. සිල්වත් කළණදහම් ඇති මහණුන් (දස අකෙස්ලියෙන්) ආක්‍රෝශ කරව, තෙපුලින් පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, තෙපුලින් නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙසනු ලබන ඒ මහණුනට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් (ක්ලේෂොත්පත්තියට ප්‍රත්‍යයෙක්) වේ නම් මනාම යයි, ඉදින් මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වෙම් නම් යෙහෙක” යන සිතයි. පවිට, ඉක්බිති දූසිමර බමුණු ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කල්‍යාණධර්‍ම ඇති, මහණුනට ආක්‍රෝශ කරව, පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, පරිභාෂණ කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන ඒ මහණුනට දූසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනාමයැ”යි කියායි.

10. අථ ඛො තෙ පාපිම බ්‍රාහ‍්මණගහපතිකා අන්‍වාවිට‍්ඨා දූසිනා මාරෙන භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්ති රොසෙන‍්ති විහෙසෙන‍්ති: “ඉමෙ පන මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා ‘ඣායිනොස‍්මා ඣායිනොස‍්මා’ති පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා මධුරකජාතා ඣායන‍්ති පජ‍්ඣායන‍්ති නිජ‍්ඣායන‍්ති අපජ‍්ඣායන‍්ති. සෙය්‍යථාපි නාම උලූකො රුක‍්ඛසාඛාය මූසිකං මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, එවමෙවිමෙ මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා ‘ඣායිනොස‍්මා ඣායිනොස‍්මා’ති පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා මධුරකජාතා ඣායන‍්ති පජ‍්ඣායන‍්ති නිජ‍්ඣායන‍්ති අපජ‍්ඣායන‍්ති. සෙය්‍යථාපි නාම කොත්‍ථු නදීතීරෙ මච‍්ඡෙ මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, එවමෙවිමෙ මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා ‘ඣායිනොස‍්මා ඣායිනොස‍්මා’ති පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා මධුරකජාතා ඣායන‍්ති පජ‍්ඣායන‍්ති නිජ‍්ඣායන‍්ති අපජ‍්ඣායන‍්ති. සෙය්‍යථාපි නාම බිළාරො සන්‍ධිසමලසඞ‍්කටීරෙ මූසිකං මගයමානො ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, එවමෙවිමෙ මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා ‘ඣායිනොස‍්මා ඣායිනොස‍්මා’ති පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා මධුරකජාතා ඣායන‍්ති පජ‍්ඣායන‍්ති නිජ‍්ඣායන‍්ති අපජ‍්ඣායන‍්ති. සෙය්‍යථාපි නාම ගද්‍රභො වහච‍්ඡින‍්නො සන්‍ධිසමලසඞ‍්කටීරෙ ඣායති පජ‍්ඣායති නිජ‍්ඣායති අපජ‍්ඣායති, එවමෙවිමෙ මුණ‍්ඩකා සමණකා ඉබ‍්භා කිණ‍්හා බන්‍ධුපාදාපච‍්චා ‘ඣායිනොස‍්මා, ඣායිනොස‍්මා’ති පත‍්තක‍්ඛන්‍ධා අධොමුඛා මධුරකජාතා ඣායන‍්ති පජ‍්ඣායන‍්ති නිජ‍්ඣායන‍්ති අපජ‍්ඣායන‍්තී”ති.

10. පවිට, ඉක්බිති ඒ බමුණු ගැහැවියෝ දූසීමරහු විසින් ආවිෂ්ට වූවාහු සිල්වත් කලණ දහම් ඇති මහණුනට ආක්‍රෝශ කෙරෙති. නින්‍දා කෙරෙති. ඝටති. වෙහෙස කෙරෙති. (කෙසේ යත්:) “නින්‍දිත මුණ්ඩයන් වන, නින්‍දිත ශ්‍රමණයන් වන, ගෘහපතිකයන් වන, කෘෂ්ණයන් වන, බන්‍ධුපාදාපත්‍යයන් (බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපනුවන්) වන මොහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී බැහුකඳ ඇතිව යටිහුරු මුව ඇතිව උපන් අලස බව ඇතිව ධ්‍යාන කෙරෙති. සිතති, ප්‍රකර්‍ෂයෙන් සිතති, නිගන්නට සිතති. පැහැර ගන්නට සිතති. යම් පරිදි මහමුහුනු වෘක්‍ෂශාඛායෙහි හිඳැ මුෂිකයකු පිරියෙස්මින් ... සිතමින් හිඳුනේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බඹහුගේ පාමිලිදරු වන මේ මුණ්ඩක ශ්‍රමණකයෝ, අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යි බහාගත කඳ ඇතිව අධෝමුඛ ව හටගත් අලසසැහැවි ඇති ව ... සිතති. යම් පරිදි සිවලු නදීතීරයෙහි හිඳ මසුන් පිරියෙස් මින් … සිතනුයේ වේ ද, එපරිදි ම ගැහැවිගති ඇති, කළුවන් ගුණ ඇති, බඹහුගේ පිටිපයිනුපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිකුරු කළ මුව ඇතිව උපන් අලසගති ඇති ව … සිතති. යම් පරිදි බලලු ගෘහසන්‍ධි හා මලබස්නා ඇලිදොර හා කසළ ගොඩෙහි මිහියකු පිරියෙස්මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බන්‍ධුපාදාපත්‍ය වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව අධෝමුඛව ජාතාලස්‍ය වැ ... සිතති. යම් පරිදි ගද්‍රභ වහච්ඡිනන ව (-කතර තැරෑ බඩුබර ඉසිලීමෙන් තොරව) සන්‍ධිසමලසඞ‍්කටීරස්ථානයන්හි ලැගගෙන ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බ්‍රහ්මපාදයෙන් උපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිහුරුමුව ඇති ව ජාතාලස්‍ය ව ... සිතතියි නිග්‍රහ කළහ.

යෙ ඛො පන පාපිම තෙන සමයෙන මනුස‍්සා කාලං කරොන‍්ති, යෙභුය්‍යෙන කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජන‍්ති.

පවිට, එකල යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු (මාරාවේශ රහිතව ද, මාරු විසින් මවා පෑ මහණුන්ගේ විකාර දැක පියවි මහණුන්ට නිග්‍රහ කළෝ) බෙහෙවින් කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපදිති.

11. අථ ඛො පාපිම කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො භික‍්ඛූ ආමන‍්තෙසි: අන්‍වාවිට‍්ඨා ඛො භික‍්ඛවෙ බ්‍රාහ‍්මණගහපතිකා දූසිනා මාරෙන: ‘එථ තුම‍්හෙ, භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ අක‍්කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි අක‍්කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති. එථ තුම‍්හෙ භික‍්ඛවෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරථ. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරථාති.

11. පවිට, එසඳ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමැතුසේක: මහණෙනි, දූසි මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවීෂ්ටයහ: “තෙපි එව, සිල්සපන් කලණදහම් ඇති මහණුන් ආක්‍රෝශ කරව, නින්‍දා කරව, ඝටව, වෙහෙසව තොප විසින් අක්‍රොශ කරනු ලබන නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන මහණුනට දුසී මර සිදුරු ලැබියහෙන සේ චිත්ත වික්‍ෂේපයෙක් වේ නම්, මැනැව” කියායි. මහණෙනි, තෙපි එව මෙත් සහගිය සිතින් එක්දිගක් ඵරණ කොට වාස කරව. එසෙයින් දෙවන දිග ද, එසෙයින් තෙවන දිග ද, එසෙයින් සිවු වන දිග දැයි මෙසේ උඩයට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැම සතුන් ඇති ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කරව. කරුණා සහගත සිතින් එක්දිගක් අරමුණු කොට වාස කරව ... මුදිතාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කරවයි වදාළහ.

12. අථ ඛො තෙ පාපිම භික‍්ඛූ කකුසන්‍ධෙන භගවතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ‍්ඤගතාපි රුක‍්ඛමූලගතාපි සුඤ‍්ඤාගාරගතාපි මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරිංසු. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරිංසු.

12. පවිට, එක්බිති ඒ භික්‍ෂූහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසෙයින් අවවාද කරනු ලබන්නාහු, මෙසෙයින් අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශුන්‍යාගාරගත ව ද මෙත් සහගිය සිතින් එක් දිගක් ස්‍පර්‍ශ කොට ගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර අව්‍යාබාධ, මෛත්‍රීසහගත චිත්තයෙන් ස්‍පර්‍ශ කොටගෙන වාස කළහ ... කරුණාසහගතචිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... මුදිතාසහගත චිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... උපේක්‍ෂාසහගත චිත්තයෙන් එක් දිගක් ස්පර්‍ශ කොටගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්‍මතායෙන් හැමසත්ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට ගෙන වාස කළහ.

13. අථ ඛො පාපිම දූසිස‍්ස මාරස‍්ස එතදහොසි: “එවම‍්පි ඛො අහං කරොන‍්තො ඉමෙසං භික‍්ඛූනං සීලවන‍්තානං කල්‍යාණධම‍්මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යන‍්නූනාහං බ්‍රාහ‍්මණගහපතිකෙ අන්‍වාවිසෙය්‍යං: එථ තුම‍්හෙ, භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි සක‍්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති.

13. පවිට, ඉක්බිති දූසී මරහට තෙල සිත් වි: “මම මෙසේ ද කරනුයෙම් වුව ද, සිල්සපන් කලණදහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොදන්මි. මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වන්නෙම් නම් යෙහෙක: තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. මානනා පූජනා කරව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, මානනා පූජනා කරනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි.

14. අථ ඛො තෙ පාපිම, දූසීමාරො බ්‍රාහ‍්මණගහපතිකෙ අන්‍වාවිසි: එථ තුම‍්හෙ, භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි සක‍්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති. අථ ඛො තෙ පාපිම බ්‍රාහ‍්මණගහපතිකා අන්‍වාවිට‍්ඨා දූසිනා මාරෙන භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති.

14. පවිට, ඉක්බිති දූසීමර ඒ බමුණන් හා ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව පුදව. තොප විසින් සත්කාර කරනු ලබන ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන සේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි. පවිට, ඉක්බිති දුසීමර විසින් ඒ බමුණන් හා ගැහැ වියෝ ආවිෂ්ට වූවාහු සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. බුහුමන් කෙරෙති. පුදති.

යෙ ඛො පන පාපිම තෙන සමයෙන මනුස‍්සා කාලං කරොන‍්ති, යෙභුය්‍යෙන කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජන‍්ති.

පවිට, එසමයෙහි යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු කාබුන් මරණින් මතුයෙහි බෙහෙවින් සුගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදිත්.

15. අථ ඛො පාපිම, කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො භික‍්ඛූ ආමන‍්තෙසි: අන්‍වාවිට‍්ඨා ඛො භික‍්ඛවෙ බ්‍රාහ‍්මණගහපතිකා දූසිනා මාරෙන “එථ තුම‍්හෙ, භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පූජෙථ. අප‍්පෙවනාම තුම‍්හෙහි සක‍්කරියමානානං ගරුකරියමානානං මානියමානානං පූජියමානානං සියා චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තං යථා තං දූසී මාරො ලභෙථ ඔතාරන‍්ති”. එථ තුම‍්හෙ භික‍්ඛවෙ, අසුභානුපස‍්සී කායෙ විහරථ. ආහාරෙ පටිකූලසඤ‍්ඤිනො සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤිනො, සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සිනොති.

15. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ, කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දුසී මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවිෂටයහ. ‘තෙපි එව. සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව. පුදව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරන ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙනසේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය’කියායි. මහණෙනි, තෙපි එව. කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍ව ලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කරව.”

16. අථ ඛො තෙ පාපිම භික‍්ඛූ කකුසන්‍ධෙන භගවතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අරඤ‍්ඤගතාපි රුක‍්ඛමූලගතාපි සුඤ‍්ඤාගාරගතාපි අසුභානුපස‍්සී කායෙ විහරිංසු, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤිනො, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤිනො සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සිනො.

16. පවිට, ඉක්බිති ඒ මහණහු අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශූන්‍යගාරගත ව ද, කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍ව සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කළහ.

17. අථ ඛො පාපිම, කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ආයස‍්මතා විධුරෙන පච‍්ඡාසමණෙන ගාමං පිණ‍්ඩාය පාවිසි. අථ ඛො පාපිම දූසී මාරො අඤ‍්ඤතරං කුමාරං අන්‍වාවිසිත්‍වා යක‍්ඛරං ගහෙත්‍වා ආයස‍්මතො විධුරස‍්ස සීසෙ පහාරං අදාසි. සීසං වොභින්‍දි. අථ ඛො පාපිම ආයස‍්මා විධුරො භින‍්නෙන සීසෙන ලොහිතෙන ගලන‍්තෙන කකුසන්‍ධංයෙව භගවන‍්තං අරහන‍්තං සම‍්මාසම‍්බුද‍්ධං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. අථ ඛො පාපිම කකුසන්‍ධො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො නාගාපලොකිතං අපලොකෙසි: න වායං දූසී මාරො මත‍්තමඤ‍්ඤාසීති. සහාපලොකනාය ච පන පාපිම දූසී මාරො තම‍්හා ච ඨානා චවි. මහානිරයඤ‍්ච උපපජ‍්ජි.

17. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් කැටුව යනුවන් හා ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, එසඳ දුසී මර එක්තරා කුමාරක්හට අවිෂ්ට ව කැටක් ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් හිසෙහි පහර දින. හිස බිඳුනේ ය. පවිට, එසඳ ආයුෂ්මත් විධුර තෙරණුවෝ බුන් හිසින් ගළන ලෙහෙයෙන් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියහ. පවිට, එසඳ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කකුසඳ තථාගතයන් වහන්සේ නාගාපලෝකනය කොට (ඇතකු සෙයින් මුළුකය පෙරළා බැලුම්ලා) බැලූසේක: “මේ දුසීමර පමණ නො දත්හයි (-ප්‍රමාණය පන්වා ගියහයි)” කියායි. පවිට, එසේ බලන්නා හා ම දුසීමර ඒ දෙව්බැවින් ච්‍යුත විය. මහනිරයෙහි ද උපන.

18. තස‍්ස ඛො පන පාපිම මහානිරයස‍්ස තයො නාමධෙය්‍යා හොන‍්ති: ඡඵස‍්සායතනිකො ඉතිපි, සඞ‍්කුසමාහතො ඉතිපි, පච‍්චත‍්තවෙදනියො ඉතිපි. අථ ඛො මං පාපිම නිරයපාලා උපසඞ‍්කමිත්‍වා එතදවොචුං: යදා ඛො තෙ මාරිස සඞ‍්කුනා සඞ‍්කු හදයෙ සමාගච‍්ඡෙය්‍ය, අථ නං ආජානෙය්‍යාසි ‘වස‍්සසහස‍්සං මෙ නිරයෙ පච‍්චමානස‍්සා’ති. සො ඛො අහං පාපිම බහූනි වස‍්සානි බහූනි වස‍්සසතානි බහූනි වස‍්සසහස‍්සානි තස‍්මිං මහානිරයෙ අපච‍්චිං. දසවස‍්සසහස‍්සානි තස‍්සෙව මහානිරයස‍්ස උස‍්සදෙ අපච‍්චිං වුට‍්ඨානිමං නාම වෙදනං වෙදියමානො. තස‍්ස මය‍්හං පාපිම එවරූපො කායො හොති සෙය්‍යථාපි මනුස‍්සස‍්ස. එවරූපං සීසං හොති සෙය්‍යථාපි මච‍්ඡස‍්ස. -

18. පවිට, ඒ මහානිරයට නාමයෝ තුන්දෙනෙකි: ඡඵස‍්සායතනිකය (සවැදෑරුම් සපර්‍ශායතනයෙහි ලා වෙන ම වෙන ම උදා දෙන වේදනාවට හේතු වන නිරය) කියා ද, සඞකුසමාහත (යහුලින් හෘදයෙහි කොටා ලන නරාපලුන් ඇති නිරය) කියා ද, පච්චත්තවේදනිය (තෙමේ ම වේදනා උපදවන නිරය) කියා දැයි නම් තුනෙකි. පවිට, එහි නිරයපාලයෝ මා කරා පැමිණ තෙල බස් කීහු: “සබඳ, යම් දිනෙක තා ළමැඩියෙහි හුලින් හුල එකට හැපී යයි ද, එකල ‘නිරයෙහි පැසෙන මට වර්‍ෂසහස්‍රයෙක් ඉක්මිණැ’යි එය දනගනැ” යි කියා යි. පවිට, මම බොහෝ වර්‍ෂයන්, බොහෝ වර්‍ෂශතයන්, බොහෝ වර්‍ෂසහස්‍රයන් ඒ මහානිරයෙහි පැසිණිමි. ‘වුට‍්ඨානිම’ (විපාකවේදනායෙන් නැගී සිටුනා වේදනා) නම් වේදනා විඳුමින් ඒ මහානරකයට අයත් ‘උස්සද’ නිරයෙහි දශවර්‍ෂසහස්‍රයක් කල් පැසිණිමි. පවිට, මට මිනිසකු කය බඳු කය විය. මසකු හිස බඳු හිස විය. –

1. කීදිසො නිරයො ආසි යත්‍ථ දූසී අපච‍්චථ, විධුරං සාවකමාසජ‍්ජ කකුසන්‍ධඤ‍්ච බ්‍රාහ‍්මණං:

1. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ගැටීමෙන් දූසී මර යම් නිරයෙක පැසිණි ද, ඒ නිරය කෙබඳු වී ද යත්:

2. සතං ආසි අයොසඞ‍්කූ සබ‍්බෙ පච‍්චත‍්තවෙදනා, ඊදිසො නිරයො ආසි යත්‍ථ දූසී අපච‍්චථ, විධුරං සාවකමාසජ‍්ජ කකුසන්‍ධඤ‍්ච බ්‍රාහ‍්මණං.

2. යහුල් සියෙක් වී. එ හැම තුමූ ම වෙන වෙන වේදනා දනවන සුලු ය. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ඝටා දුසී මර යම් නිරයක පැසිණි ද, එ නිරය මෙබඳු වී.

3. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

3. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල නිරැපවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

4. මජ‍්ඣෙ සරස‍්ස තිට‍්ඨන‍්ති විමානා කප‍්පඨායිනො, වෙළුරියවණ‍්ණා රුචිරා අච‍්චිමන‍්තො පභස‍්සරා, අච‍්ඡරා තත්‍ථ නච‍්චන‍්ති පුථු නානත‍්තවණ‍්ණියො.

4. මහමුහුද මැද කල‍්පස‍්ථායී විමානයෝ ඇත. වෛඩූර්‍ය්‍යවර්‍ණ ඇතියහ, රුචිරයහ, (දිලෙන ගිනිකඳුමෙන්) සිළුමත්හ, ප්‍රභාස්වරයහ. නානාත‍්මවර්‍ණ ඇති බොහෝ දෙවඟනෝ ඒ විමන්හි නටති.

5. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

5. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල විමානප්‍රවෘත්ති දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

6. යො වෙ බුද‍්ධෙන චූදිතො භික‍්ඛු සඞ‍්ඝස‍්ස පෙක‍්ඛතො, මිගාරමාතුපාසාදං පාදඞ‍්ගුට‍්ඨෙන කම‍්පයි.

6. බුදුන් විසින් මෙහයුම් ලද යම් මහණෙක් බික්සඟන බලාසිටිය දී මුවරමාපහය පාදාඞ්ගුෂ‍්ඨයෙන් සැලී ද,

7. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

7. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

8. යො වෙජයන‍්තං පාසාදං පාදඞ‍්ගුට‍්ඨෙන කම‍්පයි, ඉද‍්ධිබලෙනුපත්‍ථද‍්ධො සංවෙජෙසි ච දෙවතා.

8. ඍද්ධිබලයෙන් වහල ලද යම් මහණෙක් පාදාඞ්ගුෂ්ඨයෙන් වෛජයන්තප්‍රසාදය සැලී ද, දෙවියන් සංවිග්නත් කළේ ද,

9. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

9. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

10. යො වෙජයන‍්තෙ පාසාදෙ සක‍්කං සො පරිපුච‍්ඡති, අපි ආවුසො ජානාසි තණ‍්හක‍්ඛයවිමුත‍්තියො, තස‍්ස සක‍්කො වියාකාසි පඤ‍්හං පුට‍්ඨො යථාතථං.

10. යම් ඒ මහණෙක් විජයත්පහයෙහි දී “ඇවැත්නි, තෘෂ්ණාක්‍ෂය විමුක්ති දන්හි දැ?”යි ශක්‍රයා අතින් පිළිවිසී ද, ප්‍රශ්න පුළුවුස්නාලද ශක්‍රයා ද තථ්‍ය සේ ඒ මහණහට විසඳුන් කෙළේ යයි ද,

11. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

11. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

12. යො බ්‍රහ‍්මානං පරිපුච‍්ඡති සුධම‍්මායං අභිතො සභං, ‘අජ‍්ජාපි තෙ ආවුසො දිට‍්ඨි යා තෙ දිට‍්ඨි පුරෙ අහු, පස‍්සසි වීතිවත‍්තන‍්තං බ්‍රහ‍්මලොකෙ පභස‍්සරං’.

12-14. යම් මහණෙක් ‘සුධර්‍මා’ නම් බ්‍රහ්මසභාසමීපයෙහි දී “ඇවැත්නි, පෙර තට යම් මිසදුටුයෙක් වී ද, තට ඒ දිටු අදත් ඇද්ද, මෙ බඹලොව බඹ ගණ මඩනා බුදුන් ආලොකය දක්හි දැ”යි බඹහු අතින් පිළිවිසී ද, ඒ මහණහට බ්‍රහ්මයා ද “සබඳ, මට යම් මිසදිටුයෙක් පෙර වී ද, ඒ මිස දිටු දැන් නැත. මෙ බඹලොව බඹගණ මැඩගෙන සිටුනා බුදුන් ඕභාස දක්මි. ‘මම නිත්‍යයෙමි, මම ශාශ්වතයෙමි’ යි මම දැන් කෙසේ කියම් දැ”යි පිළිවෙළ ගෙන තථ්‍ය සේ ප්‍රකාශ කෙළේ ද,

13. තස‍්ස බ්‍රහ‍්මා වියාකාසි අනුපුබ‍්බං යථාතථං, ‘න මෙ මාරිස සා දිට‍්ඨි යා මෙ දිට‍්ඨි පුරෙ අහු.

14. පස‍්සාමි වීතිවත‍්තන‍්තං බ්‍රහ‍්මලොකෙ පභස‍්සරං, සොහං අජ‍්ජ කථං වජ‍්ජං අහං නිච‍්චොම‍්හි සස‍්සතො.’

15. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

15. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

16. යො මහානෙරුනො කූටං විමොඛෙන අඵස‍්සයි, වනං පුබ‍්බවිදෙහානං යෙ ච භූමිසයා නරා.

16. යම් මහණෙක් මහානේරුපර්‍වතරාජයාගේ කූටය ධ්‍යානවිමෝක්‍ෂ අභිඥ්ඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද, දඹදිව හා පූර්‍වවිදේහයන්ගේ දිවයින ද, ගෘහපරිග්‍රහයෙන් භුමිසායි මනුෂ්‍ය කෙනෙක් වෙත් නම්, උන්ගේ දිවයින් ද (උත්තරකුරු - අපරගොයාන ද දිවයින් ද) ධ්‍යානවිමෝක්‍ෂභිඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද,

17. යො එතමභිජානාති භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො, තාදිසං භික‍්ඛුමාසජ‍්ජ කණ‍්හ දුක‍්ඛං නිගච‍්ඡසි.

17. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

18. න වෙ අග‍්ගි වෙඨයති අහං බාලං ඩහාමීති, බාලොච ජලිතං අග‍්ගිං ආසජ‍්ජන ස ඩය‍්හති.

18. ගින්න වනාහි “මම බාලයා දවාලමි”යි ඒකාන්තයෙන් නො වෙළා ගන්නේ ය. ඒ බාලයාම දිලියෙන ගිනි වැදගෙන දැවෙන්නේ ය.

19. එවමෙව තුවං මාර ආසජ‍්ජන තථාගතං, සයං ඩහිස‍්සසි අත‍්තානං බාලො අග‍්ගිංව සම‍්ඵුසං.

19. මාරය, එපරිදි ම තෝ තථාගතයන් වහන්සේ ඝටා තමා දවාගන්නෙහි. ගින්න ස්පර්‍ශ කරන බාලයකු තමා දවා ගන්නාක් සෙයිනි.

20. අපුඤ‍්ඤං පසවී මාරො ආසජ‍්ජන තථාගතං, කින‍්නු මඤ‍්ඤසි පාපිම න මෙ පාපං විපච‍්චති.

20. කකුසඳ තථාගතයන් වහන්සේ ඝටා දූසී මාරයා පව් ලැබී ය. පවිට, කීම තෝ “මා පිළිබඳ පව් නො පැසේය”යි සිතහි ද?

21. කරොතො චීයති පාපං චිරරත‍්තාය කන්‍දති, මාර නිබ‍්බින්‍ද බුද‍්ධම‍්හා ආසං මාකාසි භික‍්ඛුසු.

21. කරනුවාහට පව් රැස්වෙයි. චිරරාත්‍රයෙහි (හේ) වැලපෙයි. පවිට, බුදුන් කෙරෙන් පහව යා. භික්‍ෂූන් කෙරෙහි (ඝටනු පිණිස) ආශා නො කර.

22. ඉති මාරං අතජ‍්ජෙසි භික‍්ඛු භෙසකලාවනෙ, තතො සො දුම‍්මනො යක‍්ඛො තත්‍ථෙවන‍්තරධායථාති.

22. මෙසේ භේසකලා වනයෙහිදී මුගලන්මහතෙරණුවෝ මරහු තැති ගැන්වූහ. එයින් ඒ මරදෙවි දුක්පත් සිතැති ව එහි ම අතුරුදන් විය.

මාරතජ‍්ජනීයසුත‍්තං දසමං.

මාරතජ්ජනිය සූත්‍රය දසවැනියි.

චූළයමකවග‍්ගො පඤ‍්චමො.

චූළයමකවර්‍ගය පස්වැනියි.

තස‍්ස වග‍්ගස‍්ස උද‍්දානං:

ඒ වර්‍ගයේ උද්දානය:

සාලෙය්‍ය වෙරඤ‍්ජදුවෙ ච වෙදා චූළංමහංධම‍්මසමාදනං ච, වීමංසකොසම‍්බියථො ච බ්‍රහ‍්මා දූසී ච මාරො පඤ‍්චමො ච වග‍්ගො.

සාලෙය්‍යක සූත්‍රය හා වේරඤ්ජක සූත්‍රය, මහාවේදල්ල චූළවේදල්ල සූත්‍ර දෙක, චූළධම්මසමාදාන සූත්‍රය, මහා ධම්මසමාදාන සූත්‍රය, වීමංසක සූත්‍රය හා කෝසම්බිය සූත්‍රය, යළි බ්‍රහ්මනිමන්තනික සූත්‍රය, දූසීමාර සඳහන් ලත් මාරතජ්ජනීය සූත්‍රය ද ඇත. මේ පස්වැනි චූළකමකවර්‍ගයයි.

මූලපණ‍්ණාසකං නිට‍්ඨිතං.

මූලපණ්ණාසකය නිමියේ ය.