යෙදුමෙන් කියවන්න

කන්‍දරක සුත‍්තං

2. 1. 1.

2. 1. 1.

කන්‍දරක සුත‍්තං

කන්‍දරක සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා චම‍්පායං විහරති ගග‍්ගරාය පොක‍්ඛරණියා තීරෙ මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං. අථ ඛො පෙස‍්සො ච හත්‍ථාරොහපුත‍්තො කන්‍දරකො ච පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. කන්‍දරකො පන පරිබ‍්බාජකො භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො කන්‍දරකො පරිබ‍්බාජකො තුණ‍්හීභූතං තුණ‍්හීභූතං භික‍්ඛුසඞ‍්ඝං අනුවිලොකෙත්‍වා භගවන‍්තං එතදවොච: අච‍්ඡරියං භො ගොතම, අබ‍්භුතං භො ගොතම, යාවඤ‍්චිදං භොතා ගොතමෙන සම‍්මා භික‍්ඛුසඞ‍්ඝො පටිපාදිතො: යෙපි තෙ භො ගොතම අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො එතපරමංයෙව සම‍්මා භික‍්ඛුසඞ‍්ඝං පටිපාදෙසුං සෙය්‍යථාපි එතරහි භොතා ගොතමෙන සම‍්මා භික‍්ඛුසඞ‍්ඝො පටිපාදිතො. යෙපි තෙ භො ගොතම භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො එතපරමංයෙව සම‍්මා භික‍්ඛුසඞ‍්ඝං පටිපාදෙස‍්සන‍්ති සෙය්‍යථාපි එතරහි භොතා ගොතමෙන සම‍්මා භික‍්ඛුසඞ‍්ඝො පටිපාදිතොති.

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර ගග්ගරා නම පොකුණුතෙර සමීපයෙහි වැඩවාසය කරන සේක. එකල්හි පෙස්ස නම් ඇතරුපුත් ද කන්‍දරක පිරිවැජි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ පෙස්ස අතරුපුත් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. කන්‍දරක පිරිවැජි වැළිත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත් පස් වැ සිටි කන්‍දරක පරිව්‍රාජක හාත්පස නො බැණැ වැඩහුන් සඟුන් බලා භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් භික්‍ෂුසඞ්ඝයා මැනැවින් යම් පමණ ප්‍රතිපාදනා කරනලද ද, භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හුදු තෙල පරම කොට මැනැවින් භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කළාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කරනලද ද එමෙනි. භවත් ගෞතමයෙනි, අනාගත කාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම් පරිදි භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි’යි.

එවමෙතං කන්‍දරක, එවමෙතං කන්‍දරක, යෙපි තෙ කන්‍දරක අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො එතපරමංයෙව සම‍්මා භික‍්ඛුසඞ‍්ඝං පටිපාදෙසුං සෙය්‍යථාපි එතරහි මයා සම‍්මා භික‍්ඛුසඞ‍්ඝො පටිපාදිතො. යෙපි තෙ කන්‍දරක භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, තෙපි භගවන‍්තො එතපරමංයෙව සම‍්මා භික‍්ඛුසඞ‍්ඝං පටිපාදෙස‍්සන‍්ති සෙය්‍යථාපි එතරහි මයා සම‍්මා භික‍්ඛුසඞ‍්ඝො පටිපාදිතො.

කන්‍දරකය, තෙල එසේ මැ ය, කන්‍දරකය තෙල එසේ මැ ය. කන්‍දරකය, අතීතයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කළාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන ලද ද එමෙනි. කන්‍දරකය, අනායෙහි යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි.

සන‍්ති හි කන්‍දරක භික‍්ඛූ ඉමස‍්මිං භික‍්ඛුසඞ‍්ඝෙ අරහන‍්තො ඛීණාසවා වුසිතවන‍්තො කතකරණීයා ඔහිතභාරා අනුප‍්පත‍්තසදත්‍ථා පරික‍්ඛීණභවසංයොජනා සම‍්මදඤ‍්ඤා විමුත‍්තා. සන‍්ති පන කන්‍දරක භික‍්ඛූ ඉමස‍්මිං භික‍්ඛුසඞ‍්ඝෙ සෙඛා සන‍්තතසීලා සන‍්තතවුත‍්තිනො නිපකා නිපකවුත‍්තිනො. තෙ චතුසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා විහරන‍්ති. කතමෙසු චතුසු: ඉධ කන්‍දරක භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්ස’න‍්ති.

කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ මඟබඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ ස්කන්‍ධභාර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු රහත්හු ඇත් මැ ය. යළිදු කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි නිරතුරු සිල් ඇති නිරතුරු සීලයෙහි සිට දිවිවටන ප්‍රඥා ඇති ප්‍රඥායෙහි සිට දිවිවටන ශෛක්‍ෂ භික්‍ෂූහු ඇත. ඔහු සියුසීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වෙසෙත්. කවර සතරෙක යත්: කන්‍දරකය, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනායෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. සරාගාදි චිත්තයෙහි චිත්තානුදර්ශීවැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව චිත්තලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරෙයි. ස්කන්‍ධාදි ධර්‍මයෙහි ධර්‍මානුදර්ශී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව ධර්‍මලොකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරේ යයි.

එවං වුත‍්තෙ පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො භගවන‍්තං එතදවොච: අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව සුපඤ‍්ඤත‍්තා චිමෙ භන‍්තෙ භගවතා චත‍්තාරො සතිපට‍්ඨානා සත‍්තානං විසුද‍්ධියා සොකපරිද‍්දවානං සමතික‍්කමාය දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාය ඤායස‍්ස අධිගමාය නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියාය. මයම‍්පි හි භන‍්තෙ ගිහී ඔදාතවසනා කාලෙන කාලං ඉමෙසු චතුසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා විහරාම. ඉධ මයං භන‍්තෙ කායෙ කායානුපස‍්සිනො විහරාම, ආතාපිනො සම‍්පජානා සතිමන‍්තො විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, වෙදනාසු වෙදනානුපස‍්සිනො විහරාම ආතාපිනො සම‍්පජානා සතිමන‍්තො විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, චිත‍්තෙ චිත‍්තානුපස‍්සිනො විහරාම ආතාපිනො සම‍්පජානා සතිමන‍්තො විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරාම ආතාපිනො සම‍්පජානා සතිමන‍්තො විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං.

මෙසේ වදාළ කල්හි පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: වහන්ස, ආශ්චර්‍ය්‍යය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතරසීවටන්හු සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝක-පරිදේවයන් ඉක්මවාලීම පිණිස දුක්දොම්නසුන් නැසීම පිණිස න්‍යායසඞ්ඛ්‍යාත මාර්‍ගය අධිගමය පිණිස නිවන් පසක්කිරීම පිණිස මැනැවින් වදාරනලද්දාහු මැ ය. වහන්ස, එසේ මැ ය: හෙළ පිළි හඳනා ගිහිගේවැසි වූ ඇපිදු කලින් කල මේ සතර සීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වසම්හ. වහන්ස, මෙහි ඇපි රූපසමූහ සඞ්ඛ්‍යාත කයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්ප්‍රජන්‍යයෙන් යුක්ත ව කය සිහිකරන සිහි ඇති ව (නැසෙන වැනැසෙන හෙයින්) ලෝක නම් වූ රූප රාශියෙහි දැඩි ලෝභය හා දොම්නස දුරු කොට අනිත්‍යාදි විසින් කය පුනපුනා බලමින් වාසය කරම්හ. සුවදුක් ආදි වේදනායෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ වේදනා ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන් පුනපුනා බලමින් වාසය කරම්හ. සරාගාදි චිත්තයෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ චිත්තලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිත විදසුන් නැණින් පුනපුනා බලමින් වාසය කරම්හ. ස්කන්‍ධාදි ධර්‍මයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව ධර්‍මසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කරම්හ.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාවඤ‍්චිදං භන‍්තෙ භගවා එවං මනුස‍්සගහනෙ එවංමනුස‍්සකසටෙ එවංමනුස‍්සසාඨෙය්‍යෙ වත‍්තමානෙ සත‍්තානං හිතාහිතං ජානාති. ගහනං හෙතං භන‍්තෙ යදිදං මනුස‍්සා, උත‍්තානකං හෙතං භන‍්තෙ යදිදං පසවො. අහං හි භන‍්තෙ පහොමි හත්‍ථිදම‍්මං සාරෙතුං යාවතකෙන අන‍්තරෙන චම‍්පං ගතාගතං කරිස‍්සති සබ‍්බානි තානි සාඨෙය්‍යානි කූටෙය්‍යානි වඞ‍්කෙය්‍යානි ජිම‍්හෙය්‍යානි පාතුකරිස‍්සති. අම‍්හාකං පන භන‍්තෙ දාසාති වා පෙස‍්සාති වා කම‍්ම කරාති වා අඤ‍්ඤථා ව කායෙන සමුදාචරන‍්ති, අඤ‍්ඤථාව වාචාය සමුදාචරන‍්ති, අඤ‍්ඤථා ව නෙසං චිත‍්තං හොති. අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාවඤ‍්චිදං භන‍්තෙ භගවා එවං මනුස‍්සගහනෙ එවං මනුස‍්සකසටෙ එවං මනුස‍්සසාඨෙය්‍යෙ වත‍්තමානෙ සත‍්තානං හිතාහිතං ජානාති. ගහනං හෙතං භන‍්තෙ යදිදං මනුස‍්සා, උත‍්තානකං හෙතං භන‍්තෙ යදිදං පසවො ති.

වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ යම් පමණෙකින් සත්ත්‍වයන්ගේ හිතාහිත පිළිවෙත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන (මුවහ) මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල නො මුවහ මැ ය. එසේ මැ ය; වහන්ස, මම දම්‍ය වූ ඇතකු මෙහෙයන්නට පොහොසත්මි, යම් ඇසිල්ලෙකින් චම්පානගරද්වාරයට ගමනාගමනය කරන්නේ ද, (ඒ ඇසිල්ලෙහි) ඒ හැම ශඨබව කුළුබව වක්බව ඇදබව පහළකරන්නේ ය. වහන්ස, එතෙකුදුවතඅපගේ දාසයෝ වේවයි ප්‍රෙෂ්‍යයෝ වේවයි කම්කරුවෝ වේවයි ඔහු කයින් අන්පරිදි ක්‍රියාකෙරෙති, බසින් අන්පරිදි බෙණෙති. ඔවුන්ගේ සිත වූකලි අන්පරිදි වේ. වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි සත්ත්‍වයන්ට හිතාහිත ප්‍රතිපත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල (අදහස් විසින්) පිළිසන් මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද තෙල නො පිළිසන් මැ යි.

එවමෙතං පෙස‍්ස, එවමෙතං පෙස‍්ස, ගහනං හෙතං පෙස‍්ස යදිදං මනුස‍්සා, උත‍්තානකං හෙතං පෙස‍්ස යදිදං පසවො. චත‍්තාරොමෙ පෙස‍්ස පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං, කතමෙ චත‍්තාරො: ඉධ පෙස‍්ස එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පන පෙස‍්ස එකච‍්චො පුග‍්ගලො පරන‍්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පන පෙස‍්ස එකච‍්චො පුග‍්ගලො අත‍්තන‍්තපො ච හොති අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො. ඉධ පන පෙස‍්ස එකච‍්චො පුග‍්ගලො නෙවත‍්තන‍්තපො හොති නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. ඉමෙසං පෙස‍්ස චතුන‍්නං පුග‍්ගලානං කතමො තෙ පුග‍්ගලො චිත‍්තං ආරාධෙතී’ති.

පෙස්සය, තෙල (කරුණ) එසේ මැ ය. පෙස්සය, තෙල එසේ මැ ය, පෙස්සය, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන මැ ය, පෙස්සය, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල උත්තාන මැ යි. පෙස්සය, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වූවාහු වෙති, කවර සතරදෙනෙක යත්: පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්ම තාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වෙයි. තවද පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනයොගයෙහි යෙදුණේ මෙරමා තවනුයේ වෙයි. පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත් වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වෙයි. තවද පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මතාපනයොගයෙහි නො යෙදුණේ තමා නො මැ තවනුයේ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවන් නිවුණේ (ඇතුළත තවන කෙලෙස් නැතිබැවින්) සිහිල් වූයේ (ධ්‍යාන මාර්‍ග ඵල නිර්‍වාණසුවයෙන්) සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වෙසෙයි. පෙස්සය, මෙ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත පහදවා දැ’යි.

ය‍්වායං භන‍්තෙ පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, අයං මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භන‍්තෙ පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො, අයම‍්පි මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භන‍්තෙ පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො, අයම‍්පි මෙ පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යො ච ඛො අයං පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. අය මෙ පුග‍්ගලො චිත‍්තං ආරාධෙතී’ති.

වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද මේ පුඟුල් මාගේ සිත නො පහදවයි. වහන්ස, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ, මෙරමා තවන යම් පුඟුලෙකුත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. තවද වහන්ස යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ තමා නො තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේත් වේ ද. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් පිරිනිවින්) නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ ද, මේ පුඟුල් මා ගේ සිත පහදවා යයි.

කස‍්මා පන තෙ පෙස‍්ස ඉමෙ තයො පුග‍්ගලා චිත‍්තං නාරාධෙන‍්තී’ති.

තවද පෙස්සය, කුමක් හෙයින් මේ තුන් පුඟුලෝ තොපගේ සිත නො පහදවත් දැයි.

ය‍්වායං භන‍්තෙ පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අත‍්තානං සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භන‍්තෙ පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො පරං සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යොපායං භන‍්තෙ පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අත‍්තානඤ‍්ච පරඤ‍්ච සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං ආතාපෙති, පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං නාරාධෙති. යො ච ඛො අයං භන‍්තෙ පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති. සො අත‍්තානං ච පරඤ‍්ච සුඛකාමං දුක‍්ඛපටික‍්කූලං නෙව ආතාපෙති, න පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග‍්ගලො චිත‍්තං ආරාධෙති. හන්‍ද ච දානි මයං භන‍්තෙ ගච‍්ඡාම බහුකිච‍්චා මයං බහුකරණීයා’ති.

වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමා පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනු වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති මෙරමා ආතාපන පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමාත් මෙරමාත් පරිතාපන කෙරෙයි. මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ ආත්මන්තප නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වේ ද. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් ගිනි නිවූ හෙයින්) නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වාස කෙරෙයි. මේ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත පහදවයි. සොඳය! වහන්ස, දැන් ඇපි යම්හ. ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.

යස‍්සදානි ත්‍වං පෙස‍්ස, කාලං මඤ‍්ඤසී’ති. අථ ඛො පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

පෙස්සය, දැන් තෙපි ගමනට කල් දන්නාව’යි. ඉක්බිති පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තෙ පෙස‍්සෙ හත්‍ථාරොහපුත‍්තෙ භික‍්ඛූ ආමන‍්තෙසි. පණ‍්ඩිතො භික‍්ඛවෙ පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො මහාපඤ‍්ඤො භික‍්ඛවෙ පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො, සචෙ භික‍්ඛවෙ පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො මුහුත‍්තං නිසීදෙය්‍ය යාවස‍්සාහං ඉමෙ චත‍්තාරො පුග‍්ගලෙ විත්‍ථාරෙන විභජාමි. මහතා අත්‍ථෙන සඤ‍්ඤුත‍්තො අගමිස‍්ස. අපි ච භික‍්ඛවෙ එත‍්තාවතාපි පෙස‍්සො හත්‍ථාරොහපුත‍්තො මහතා අත්‍ථෙන සඤ‍්ඤුත‍්තො’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස ඇතරුපිත් නික්මැ ගිය නොබොහෝ වේලෙහි භික්‍ෂූන් ඇමතූ සේක. ‘මහණෙනි, පෙස්ස, ඇතරුපිත් පණ්ඩිත යැ, මහණෙනි, පෙස්ස, ඇතරුපිත් මහාප්‍රාඥ යැ, ඉදින් මහණෙනි, පෙස්ස ඇතරුපිත් යම්තාක් ඔහුට මම මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කෙරෙම් ද, එතෙක් මොහොතක් කල් හුන්නේ නම්, (සෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) මහත් අර්‍ත්‍ථයෙන්යුක්ත ව ගියේ වන්නේ ය. තවද මහණෙනි පෙස්ස ඇතරුපිත් මෙතෙකිනුදු මහත් අර්‍ත්‍ථයෙන් යුක්ත වූයේ ය’යි.

එතස‍්ස භගවා කාලො, එතස‍්ස සුගත කාලො, යං භගවා ඉමෙ චත‍්තාරො පුග‍්ගලෙ විත්‍ථාරෙන විභජෙය්‍ය, භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තී’ති. තෙන හි භික‍්ඛවෙ සුණාථ සාධුකං මනසිකරොථ භාසිස‍්සාමී’ති. එවං භන‍්තෙ’ති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කරනසේක් නම්, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් අසා ධරන්නාහ’යි. එහෙයින් මහණෙනි, අසවු, මනා කොට මෙනෙහි කරවු, කියන්නෙමි’යි. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. බුදුහු තෙල වදාළ සේක.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො අචෙලකො හොති මුත‍්තාචාරො, හත්‍ථාපලෙඛනො, න එහිභද‍්දන‍්තිකො, න තිට‍්ඨභද‍්දන‍්තිකො, නාභිහටං, න උද‍්දිස‍්ස කටං, න නිමන‍්තනං සාදියති. සො න කුම‍්භිමුඛා පතිගණ‍්හාති. න කළොපිමුඛා පතිගණ‍්හාති. න එළකමන‍්තරං න දණ‍්ඩමන‍්තරං න මුසලමන‍්තරං, න ද‍්වින‍්නං භුඤ‍්ජමානානං, න ගබ‍්භිනියා, න පායමානාය, න පුරිසන‍්තරගතාය, න සඞ‍්කිත‍්තීසු, න යත්‍ථ සා උපට‍්ඨිතො හොති, න යත්‍ථ මක‍්ඛිකා සණ‍්ඩසණ‍්ඩචාරිනී, න මච‍්ඡං, න මංසං, න සුරං, න මෙරයං, න ථුසොදකං පිබති..

මහණෙනි, ආත්මන්තප වූ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු පුද්ගල කවරේ ද: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුඟුලෙක් හළ ආචාර ඇතියේ අජෙලූ වෙයි, අහරකිස නිමවා අත ලෝනේ වෙයි, (භික්‍ෂාව සඳහා) එව වහන්සැයි කියන ලදුයේ නො එනු වෙයි, සිට වහන්සැයි කියන ලදුයේ නොසිටිනු වෙයි, පළමු ගෙනඑනලද උදෙසා කරනලද පවරනලද භික්‍ෂාව නො ඉවසයි, හේ කළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, සැළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, එළිපත අතර කොට දුන් දැය නොගනී, දඬුකඩ අතර කොට දුන් දැය නොගනී, මොහොල් අතර කොට දුන් දැය නොගනී, වළඳන දෙදෙනකුගෙන් එකකු නැඟී දුන් භික්‍ෂාව නොගනී, ගැබිනිය විසින් දෙනලද්ද නොගනී, කිරි පොවන්නිය විසින් දෙනලද්ද නොගනී, පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් දැය නොගනී, සංකීර්තනය කොට දුන් කල්හි නොගනී, ශුනකයකු එළඹ සිටි තැන ඔහුට නොදී දුන් දැය නොගනී, මැස්සන් ගොමු ගොමු වැ සිටි තැන දුන් දැය නොගනී, (ගොඩ-දිය) මස් නො වළඳයි, රහ-මෙර-සෝවීරක පානය නො කෙරෙයි,

සො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද‍්වාගාරිකො වා හොති ද‍්වාලොපිකො -පෙ- සත‍්තාගාරිකො වා හොති සත‍්තාලොපිකො. එකිස‍්සාපි දත‍්තියා යාපෙති, ද‍්වීහිපි දත‍්තීහි යාපෙති, -පෙ- සත‍්තහිපි දත‍්තීහි යාපෙති, එකාහිකම‍්පි ආහාරං ආහාරෙති, ද‍්වීහිකම‍්පි ආහාරං ආහාරෙති -පෙ- සත‍්තාහිකම‍්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද‍්ධමාසිකම‍්පි පරියායභත‍්තභොජනානුයොගමනුයුත‍්තො විහරති. සො සාකභක‍්ඛො වා හොති. සාමාකභක‍්ඛො වා හොති. නීවාරභක‍්ඛො වා හොති. දද‍්දුලභක‍්ඛො වා හොති. හටභක‍්ඛො වා හොති. කණභක‍්ඛො වා හොති. ආචාමභක‍්ඛො වා හොති. පිඤ‍්ඤාකභක‍්ඛො වා හොති. තිණභක‍්ඛො වා හොති. ගොමයභක‍්ඛො වා හොති. වනමූලඵලාහාරො යාපෙති පවත‍්තඵලභොජී.

හේ එක් මැ ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ එක් ආලෝපයකින් යැපෙනුයේ වෙයි, දෙගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ ආලෝප දෙකකින් යැපෙනුයේ වෙයි ... සත්ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ සත් ආලෝපයෙකින් යැපෙනුයේ වෙයි. එක් කුඩා බත්තලියකිනුදු යැපෙයි, බත්තලි දෙකකිනුදු යැපෙයි ... බත්තලි සතකිනුදු යැපෙයි, දවසකට වරකුදු ආහාර ගනී, දෙදවසකට වරකුදු ආහාර ගනී ... සත් දවසකට වරකුදු ආහාර ගනී, මෙසේ මෙබඳු වූ අඩමසකට වරකුදු පරියායභක්තය වැළඳීමෙහි යෙදුණේ වෙයි. හේ අමුපලා වළඳනුයේ හෝ වෙයි, බොඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට බුදිනුයේ හෝ වෙයි, ලහටු බුදිනුයේ හෝ වෙයි, කුඩු බුදිනුයේ හෝ වෙයි, දඹුබත් බුදිනුයේ හෝ වෙයි, මුරුවට බුදිනුයේ යෝ වෙයි, තණ බුදිනුයේ හෝ වෙයි, ගොම බුදිනුයේ හෝ වෙයිම්, වනමුල්පල අහර කොට ඇති වැ යැපෙයි, වැටුණු පල බුදිනුයේ වෙයි.

සො සාණානිපි ධාරෙති. මසාණානිපි ධාරෙති. ඡවදුස‍්සානිපි ධාරෙති. පංසුකූලානිපි ධාරෙති. තිරීටානිපි ධාරෙති. අජිනානිම‍්පි ධාරෙති. අජිනක‍්ඛිපම‍්පි ධාරෙති. කුසචීරම‍්පි ධාරෙති. වාකචීරම‍්පි ධාරෙති. ඵලකචීරම‍්පි ධාරෙති. කෙසකම‍්බලම‍්පි ධාරෙති. වාළකම‍්බලම‍්පි ධාරෙති. උලූකපක‍්ඛම‍්පි ධාරෙති. කෙසමස‍්සුලොචකොපි හොති කෙසමස‍්සුලොචනානුයොගමනුයුත‍්තො. උබ‍්බට‍්ටකොපි හොති ආසනපටික‍්ඛිත‍්තො. උක‍්කුටිකොපි හොති උක‍්කුටිකප‍්පධානමනුයුත‍්තො. කණ‍්ටකාපස‍්සයිකොපි හොති කණ‍්ටකාපස‍්සයෙ සෙය්‍යං කප‍්පෙති. සායතතියකම‍්පි උදකොරොහනානුයොගමනුයුත‍්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස‍්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත‍්තො විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තන‍්තපො අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො.

හේ සණවැහැරිදු දරයි, මුසු රෙදිකඩ ද දරයි, මළසිරුරින් බැහැරකළ වස්ත්‍ර ද දරයි, පාංශකූල ද දරයි, තිහිරිපිළි ද දරයි, අඳුන්දිවිසමුදු දරයි, කුරසහිත අඳුන්දිවි සුමුදු දරයි, කුසවැහැරිදු දරයි, නියඳවැහැරිදු දරයි, පුවරුවැහැරිදු දරයි, කේශකම්බල දු දරයි, අස්ලොම් ආදියෙන් කළ කම්බල දු දරයි, මහමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍ර ද දරයි, කේසමස්සුලෝචනානුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු ව සිටුනේ ද වෙයි, උත්කුටික ව හිඳ කරන වීර්‍ය්‍යයෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි, කටුපුවරුයෙහි හිඳීම් ආදිය කරනුයේ ද වෙයි, කටුපුවරුයෙහි ශයනය කෙරෙයි, සවස තුන්වනු කොට දියෙහි ගැලීමෙහි යෙදුණේ ද වෙයි. මෙසේ මෙබඳු අනේකවිධ වූ ශරීරයාගේ අතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුණේ වාස කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප පුද්ගල යයි කියනුලැබේ.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො ඔරබ‍්භිකො හොති, සූකරිකො සාකුන‍්තිකො මාගවිකො ළුද‍්දො මච‍්ඡඝාතකො චොරො චොරඝාතකො බන්‍ධනාගාරිකො, යෙ වා පනඤ‍්ඤෙපි කෙචි කුරූරකම‍්මන‍්තා, අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො පරන‍්තපො පරපරිතාපනානුයොගමනුයුත‍්තො.

මහණෙනි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මේ ලොවැ ඇතැම් පුඟුලෙක් එළුවන් නසනුයේ වෙයි, හූරන් නසනුයේ ළිහිණිවැදි වූයේ මුවවැදි වූයේ වෙයි, රෞද්‍ර වූයේ මසුන් බඳනා කෙවුළු වෙයි, සොරකම් කරනුයේ චෝරඝාතක වූයේ බන්‍ධනාගාරයෙහි යෙදුණේ වෙයි. අන්‍ය වූත් යම් කුරිරුකම් ඇද්ද ඒ කරනුයේ වෙයි. මහණෙනි, මේ පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල යයි කියනුලැබේ.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො: ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො රාජා වා හොති ඛත‍්තියො මුද‍්ධාභිසිත‍්තො, බ්‍රාහ‍්මණො වා මහාසාළො, සො පුරත්‍ථිමෙන නගරස‍්ස නවං සන්‍ථාගාරං කාරාපෙත්‍වා කෙසමස‍්සුං ඔහාරෙත්‍වා ඛරාජිනං නිවාසෙත්‍වා සප‍්පිතෙලෙන කායං අබ‍්භඤ‍්ජිත්‍වා මිගවිසාණෙන පිට‍්ඨිං කණ‍්ඩූවමානො සන්‍ථාගාරං පවිසති සද‍්ධිං මහෙසියා බ්‍රාහ‍්මණෙන ච පුරොහිතෙන. සො තත්‍ථ අනන‍්තරහිතාය භූමියා හරිතුපත‍්තාය සෙය්‍යං කප‍්පෙති, එකිස‍්සා ගාවියා සරූපවච‍්ඡාය යං එකස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්‍රාහ‍්මණො පුරොහිතො යාපෙති. යං චතුත්‍ථස‍්මිං ථනෙ ඛීරං හොති, තෙන අග‍්ගිං ජුහන‍්ති. අවසෙසෙන වච‍්ඡකො යාපෙති. සො එවමාහ: එත‍්තකා උසභා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා වච‍්ඡතරා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තිකා වච‍්ඡතරියො හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා අජා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා උරබ‍්භා හඤ‍්ඤන‍්තු යඤ‍්ඤත්‍ථාය, එත‍්තකා රුක‍්ඛා ඡිජ‍්ජන‍්තු යූපත්‍ථාය, එත‍්තකා දබ‍්භා ලූයන‍්තු බරිහිසත්‍ථායාති. යෙපිස‍්ස තෙ හොන‍්ති දාසාති වා පෙස‍්සාති වා කම‍්මකරාති වා, තෙපි දණ‍්ඩතජ‍්ජිතා භයතජ‍්ජිතා අස‍්සුමුඛා රුදමානා පරිකම‍්මානි කරොන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො අත‍්තන‍්තපො ච අත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො පරන‍්තපො ච පරපරිතාපනානුයොගමනුයුත‍්තො.

මහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුනු පරන්තප වූ ද පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මූර්‍ධාභිෂේක කළ ක්‍ෂත්‍රිය රජෙක් හෝ වෙයි, මහාසාරකුලයෙහි උපන් බමුණෙක් හෝ වෙයි, හේ නුවරින් පෙරදිග නව යාගශාලාවක් කරවා කෙහෙ රවුලු බහා සරාජික පිරිස් වාස කරවා ගිතෙල් තලතෙලින් කය අභ්‍යඞ්ගකොට මුවහඟින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණු සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි අමුගොම තවරගත් නො අතුළ බිමැ හෝනේ වෙයි, සමානරූප වස්සකු ඇති එක දෙනකගේ එක තනයෙක යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙවැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි, තෙවෙනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් පෙරෙවි බමුණු යැපෙයි. සිව්වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. සෙසු තනයෙහි කිරෙන් වසු යැපෙයි. හේ මෙසේ කියයි: ‘යාග සඳහා මෙතෙක් වෘෂභයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරීහු නසනු ලැබෙත්වා, යාග සඳහා මෙතෙක් බැටළුවෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් එළුවෝ නසනුලැබෙත්වා, යාගස්තම්භ සඳහා මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා. පරික්‍ෂේප-ආස්තරණ සඳහා මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා’යි. ඔහුගේ යම් දාස කෙනෙක් හෝ ප්‍රෙෂ්‍ය කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ වෙත ද, ඔහුදු දඬුවමින් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළුමුසු මුහුණු ඇත්තාහු හඬමින් පරිකර්‍ම කෙරෙත්. මහණෙනි, මෙ ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප වූ ද පුද්ගල යයි කියනුලැබේ.

කතමො ච භික‍්ඛවෙ පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරති: ඉධ භික‍්ඛවෙ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ‍්මකං සස‍්සමණබ්‍රාහ‍්මණිං පජං සදෙවමනුස‍්සං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙති. සො ධම‍්මං දෙසෙති: ආදිකල්‍යාණං මජ‍්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සබ්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං පකාසෙති. තං ධම‍්මං සුණාති

මහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ආත්මන්තප නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ පුද්ගල කවරේ ද යත්: හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වාස කෙරෙයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිදූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ මෙ ලෝකයෙහි පහළවන සේක. ඒ තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති මේ ලෝකය තුමුහු නුවණින් දැන පසක් කොට දන්නාසේක. ඒ තථාගතයෝ ආදි මධ්‍ය පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ධර්‍මය දේශනා කෙරෙති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.

ගහපති වා ගහපතිපුත‍්තො වා අඤ‍්ඤතරස‍්මිං වා කුලෙ පච‍්චාජාතො. සො තං ධම‍්මං සුත්‍වා තථාගතෙ සද‍්ධං පටිලභති. සො තෙන සද‍්ධාපටිලාභෙන සමන‍්නාගතො ඉති පටිසඤ‍්චික‍්ඛති: සම‍්බාධො ඝරාවාසො රජාපථො: අබ‍්භොකාසො පබ‍්බජ‍්ජා. නයිදං සුකරං අගාරං අජ‍්ඣාවසතා එකන‍්තපරිපුණ‍්ණං එකන‍්තපරිසුද‍්ධං සඞ‍්ඛලිඛිතං බ්‍රහ‍්මචරියං චරිතුං. යන‍්නූනාහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යන‍්ති . සො අපරෙන සමයෙන අප‍්පං වා භොගක‍්ඛන්‍ධං පහාය මහන‍්තං වා භොගක‍්ඛන්‍ධං පහාය, අප‍්පං වා ඤාතිපරිවට‍්ටං පහාය මහන‍්තං වා ඤාතිපරිවට‍්ටං පහාය, කෙසමස‍්සුං ඔහාරෙත්‍වා, කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජති.

ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ අන්‍යතර කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ ධර්‍මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි, හේ ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් යුක්ත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ගෘහවාසය සම්බාධ යැ, කෙලෙස් උපදනා තැනෙක, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්‍ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලිඛිත ශඞ්ඛයක් බඳු මේ සසුන්බඹසර වසන්නට පහසු නො වෙයි. මම් කෙසේ රවුලු බහා කහවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙම් නම් යෙහෙකැ’යි. හේ පසු කෙලෙක අල්ප වූ භෝගස්කන්‍ධය හෝ හැරැපියා මහත් වූ භෝගස්කන්‍ධය හෝ හැරපියා ස්වල්ප වූ නෑපිරිස් හෝ හැරපියා මහත්වූ නෑ පිරිස් හෝ හැරැපියා කෙස්මස්බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙයි.

සො එවං පබ‍්බජිතො සමානො භික‍්ඛූනං සික‍්ඛාසාජීවසමාපන‍්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ‍්ඩො නිහිතසත්‍ථො ලජ‍්ජී දයාපන‍්නො සබ‍්බපාණභූතහිතානුකම‍්පී විහරති. අදින‍්නාදානං පහාය අදින‍්නාදානා පටිවිරතො හොති, දින‍්නාදායී දින‍්නපාටිකඞ‍්ඛී අථෙනෙන සුචිභූතෙන අත‍්තනා විහරති. අබ්‍රහ‍්මචරියං පහාය බ්‍රහ‍්මචාරී හොති, ආරාචාරී විරතො මෙථුනා ගාමධම‍්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්‍වා න අමුත්‍ර අක‍්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්‍වා න ඉමෙසං අක‍්ඛාතා අමූසං භෙදාය, ඉති භින‍්නානං වා සන්‍ධාතා සහිතානං වා අනුප‍්පදාතා, සමග‍්ගාරාමො සමග‍්ගරතො සමග‍්ගනන්‍දී සමග‍්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙලා කණ‍්ණසුඛා පෙමනීයා හදයඞ‍්ගමා පොරී බහුජනකන‍්තා බහුජනමනාපා, තථාරූපං වාචං භාසිතා හොති. සම‍්ඵප‍්පලාපං පහාය සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන‍්තවතිං අත්‍ථසංහිතං.

හේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, තැබූ දඬු ඇති ව තැබූ අවි ඇති ව (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසකෙරෙයි. අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකුණේ වෙයි, දුන් දැය ගන්නේ දුන් දැය කැමැතිවනුයේ නො සොර වූ පවිත්‍ර වූ සිතින් යුක්ත ව වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර ඇතියේ අබ්‍රහම්සරින් දුරුව මෛථුන සඞ්ඛ්‍යාත ග්‍රාමධර්‍මයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වැළකුණේ වෙයි, සත්‍යවාදී ව සත්‍යසන්‍ධාන ඇතියේ තිර කථා ඇතියේ හැදැහියයුතු වූයේ ලෝකයා නො රවටනුයේ වෙයි, පිසුනුබස් හැරපියා පිසුනුබසින් වැළැකුණේ වෙයි. මෙතැනින් අසා මුන්ගේ භේදයට තුලුන් කෙරෙහි නො කියනුයේ නොහොත් එතැනින් අසා තුලුන්ගේ භේදයට මොවුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමගි කරනුයේ සමග වූවනට අනුබල දෙනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමඟි වූවන් කෙරෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනුයේ සමඟි කරන බස් කියනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකුණේ වෙයි. නිදොස් වූ කනට සුව වූ පෙම් වඩන නියරි වූ බොහෝ දෙනහට මනාප වූ යම් බසක් ඇද්ද, එබඳු බස් කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර පියා සම්ඵප්‍රලාපයෙන් වැළැකුණේ වෙයි, කාලවාදී භූතවාදී අර්‍ත්‍ථවාදී ධර්‍මවාදී විනයවාදී වූයේ නිසි කාලයෙහි සකාරණ වූ පර්‍ය්‍යන්ත ඇති අර්‍ත්‍ථසම්පන්න වූ සිත්හි ලා ධැරියයුතු බසක් කියන්නේ වෙයි.

සො බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතො හොති. එකභත‍්තිකො හොති රත‍්තූපරතො විරතො විකාලභොජනා. නච‍්චගීතවාදිතවිසූකදස‍්සනා පටිවිරතො හොති. මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා පටිවිරතො හොති. උච‍්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකධඤ‍්ඤපටිග‍්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග‍්ගහණා පටිවිරතො හොති. ඉත්‍ථිකුමාරිකපටිග‍්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග‍්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග‍්ගහණා පටිවිරතො හොති. කුක‍්කුටසූකරපටිග‍්ගහණා පටිවිරතො හොති. හත්‍ථිගවාස‍්සවළවාපටිග‍්ගහණා පටිවිරතො හොති. ඛෙත‍්තවත්‍ථුපටිග‍්ගහණා පටිවිරතො හොති. දූතෙය්‍යපහීනගමනානුයොගා පටිවිරතො හොති. කයවික‍්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක‍්කොටනවඤ‍්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්‍ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.

හේ බීජග්‍රාම භූතග්‍රාමයන්ගේ සිඳීම් ආදී (විකෝපන)යෙන් වෙන්වූයේ වෙයි. රාත්‍රි භෝජනයෙන් වැළැකුණේ විකල්බොජුනෙන් වෙන්වූයේ එක්වේලේ වළඳනු වෙයි. නටනු ගයනු වයනු විසුලුදස්නෙන් වැළැකුණේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීම් සඞ්ඛ්‍යාත මණ්ඩන විභූෂණකාරණයෙන් වැළැකුණේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළැකුණේ වෙයි. රන් රිදී පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ස්ත්‍රීන් කුමරීන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දැසිදසුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි, කුකුළන් හූරන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. කෙත්වත් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දූතගමන් හා පණිවිඩ ගමන්හි යෙදීමෙන් වැළැකුණේ වෙයි. ක්‍රයවික්‍රයයෙන් වැළැකුණේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැකුණේ වෙයි. අත්ලස් වංචා රැවටීම් යන කුටිලප්‍රයෝගයෙන් වැළැකුණේ වෙයි. අත්පාආදිය සිඳීම් වධ බන්‍ධන මංපැහැරීම් ගම්පැහැරීම් සාහසක්‍රියා යන මෙයින් වැළැකුණේ වෙයි.

සො සන‍්තුට‍්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන. සො යෙන යෙනෙව පක‍්කමති, සමාදායෙව පක‍්කමති. සෙය්‍යථාපි නාම පක‍්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත‍්තභාරොව ඩෙති. එවමෙව භික‍්ඛු සන‍්තුට‍්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච‍්ඡිපරිහාරිකෙන පිණ‍්ඩපාතෙන. යෙන යෙනෙව පක‍්කමති, සමාදායෙව පක‍්කමති. සො ඉමිනා අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අනවජ‍්ජසුඛං පටිසංවෙදෙති.

හේ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. යම්සේ පක්‍ෂි ශකුනයෙක් යම් දිගෙක පියාඹායේ ද, පියාපත්බර සහිත ව මැ පියාඹායෙයි. එසෙයින් මැ මහණ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳී.

සො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති මනින්‍ද්‍රියං, මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සො ඉමිනා අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො අජ‍්ඣත‍්තං අබ්‍යාසෙකසුඛං පටිසංවෙදෙති.

හේ ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට .... දිවින් රස විඳ .... කයින් පහස් පැහැස ... මනසින් දහම්අරමුණු දැන නිමිති විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, මනඉන්‍ද්‍රියය රකී, මනඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. හේ ආර්‍ය්‍ය වූ මේ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාසේකසුඛය විඳී.

සො අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති, සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති, සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති, උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති.

හේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ (සම්පජානකාරී) වෙයි, අභිමුඛ ව බැලීමෙහි අවට බැලීමෙහි සම්පජානකාරී වෙයි, (අත්පා) හැකිළීමෙහි දිගුකිරීමෙහි සම්පජානකාරී වෙයි, සඟළ-පා-සිවුරු ධැරීමෙහි සම්පජානකාරී වෙයි, අසිත පීත ඛායිත සායිතයෙහි සම්පජානකාරී වෙයි, උච්චාර ප්‍රස්‍රාවකර්‍මයෙහි සම්පජානකාරී වෙයි. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි සම්පජානකාරී වේ.

සො ඉමිනා ච අරියෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො ඉමිනා ච අරියෙන ඉන්‍ද්‍රියසංවරෙන සමන‍්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතො, විවිත‍්තං සෙනාසනං භජති. අරඤ‍්ඤං රුක‍්ඛමූලං පබ‍්බතං කන්‍දරං ගිරිගුහං සුසානං වනපත්‍ථං අබ‍්භොකාසං පලාලපුඤ‍්ජං.

හේ මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්‍ධයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද සමන්‍වාගත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ සුසාන යැ වනප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජන ශුන්‍ය වූ සෙනසුනක් ඇසුරුකෙරෙයි.

සො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො අභිජ‍්ඣං ලොකෙ පහාය විගතාභිජ‍්ඣෙන චෙතසා විහරති. අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙති. බ්‍යාපාදපදොසං පහාය අබ්‍යාපන‍්නචිත‍්තො විහරති සබ‍්බපාණභූතහිතානුකම‍්පී. බ්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙති. ථීනමිද‍්ධං පහාය විගතථීනමිද‍්ධො විහරති ආලොකසඤ‍්ඤී සතො සම‍්පජානො. ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙති. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහාය අනුද‍්ධතො විහරති අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො. උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙති. විචිකිච‍්ඡං පහාය තිණ‍්ණවිචිකිච‍්ඡො විහරති අකථඞ‍්කථී කුසලෙසු ධම‍්මෙසු. විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙති.

හේ පසුබත පිණ්ඩපාතයෙන් නැවැතුණේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට එළවා හිඳී. හේ ස්කන්‍ධලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට විගත අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි, ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරුකොට ව්‍යාපාදයට නො පැමිණි සිත් ඇති ව සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසෙයි, ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුර කොට විගත වූ ථීනමිද්ධ ඇති වැ වෙසෙයි, ආලෝකසංඥා ඇති ව සිහි ඇති ව සම්ප්‍රඥාන ඇති ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්ච ය දුරුකොට අනුද්ධත වැ වෙසෙයි, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතියේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසුදු කෙරෙයි. විචිකිච්ඡාව දුරුකොට තුරු සැක ඇති වැ වෙසෙයි, කුශලධර්‍මවිෂයෙහි කථංකථා (සැක) රහිත වූයේ විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.

සො ඉමෙ පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති. සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති, යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති: උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා, පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

හේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරුකොට කාමච්ඡන්‍ද නීවරණයෙන් වෙන් වැ (ශේෂ නීවරණ) අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍කසහිත විචාරසහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍ක-විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්ප්‍රඥාන ඇති වැ වෙසෙයි. කයින් සුවය විඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් (ගෙන) උපේක්‍ෂා ඇත, ස්මෘතිමත් යැ, සුඛවිහාර ඇතැ’යි පවසත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන් නැතිකිරීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘතීන්ගේ පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො, තිස‍්සොපි ජාතියො චතස‍්සොපි ජාතියො පඤ‍්චපි ජාතියො දසපි ජාතියො වීසතිම‍්පි ජාතියො තිංසම‍්පි ජාතියො චත‍්තාරීසම‍්පි ජාතියො පඤ‍්ඤාසම‍්පි ජාතියො ජාතිසතම‍්පි ජාතිසහස‍්සම‍්පි ජාතිසතසහස‍්සම‍්පි අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ අනෙකෙපි විවට‍්ටකප‍්පෙ අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ අමුත්‍රාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං එවන‍්නාමො එවඞ‍්ගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛප‍්පටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො ඉධූපපන‍්නො’ති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

හේ මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙන් සමාහිත කල්හි සමාහිත හෙයින් පරිශුද්ධ කල්හි පරිශුද්ධ හෙයින් ම පර්‍ය්‍යවදාත කල්හි එහෙයින් අනඞ්ගණ කල්හි අනඞ්ගණ හෙයින් විගතෝපක්ලේශ කල්හි එහෙයින් මෘදු වූ කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි අචලප්‍රාප්ත කල්හි පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, හේ අනේකප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත (නැසෙන) කල්පයනුදු නොයෙක් විවර්‍ත (හටගන්නා) කල්පයනුදු නොයෙක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු අසුවල් තැනැ මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙ වන් පැහැ ඇතියෙම් මෙ වන් අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳිනු වූයෙමි, මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. එ මම් ඉන් සැවැ අසුවල් තැනැ උපන්මි, එහි දු මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙවන් පැහැ ඇතියෙම් මේ බඳු අහර ඇතියෙම් වීමි. මෙසේ සුවදුක් විඳිනු වූයෙමි. මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් ඉන් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකරයි.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ සත‍්තානං චුතූපපාතඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ඉමෙ වත භොන‍්තො සත‍්තා කායදුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති.

හේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි අනිඤ්ජනභාවයට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති-උපප්‍රාප්ති ඥානය පිණිස සිත එළවයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගති ඇති දුර්‍ගති ඇති යථාකර්මෝපග සත්ත්‍වයන් දැනගනී: මේ භවත් සත්ත්‍වයෝ මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නරකයට පැමිණියාහු වෙත්. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග් දෘෂ්ටි ඇත්තාහු සම්‍යග් දෘෂ්ටිකර්‍ම සමාදානය කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණියාහ’යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවඇසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනැගනී.

සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ ආනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙති. සො ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති . අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවා පි චිත‍්තං විමුච‍්චති. භවාසවා පි චිත‍්තං විමුච‍්චති. අවිජ‍්ජාසවා පි චිත‍්තං විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.

හේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කල්හි කර්‍මක්‍ෂම ස්ථිත කල්හි අනිඤ්ජනභාවප්‍රාප්ත කල්හි ආශ්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හේ මේ දුක යැයි තත්වූ පරිදි දැන ගනී, මේ දුක්ඛසමුදය යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි යථාභූත වැ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවසමුදය යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදායැයි යථාභූත වැ දැනගනී, මෙසේ දන්නා ඔහුගේ මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, සිත භවාස්‍රවයෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, විමුක්ත කල්හි විමුක්ත යැයි ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි, ජාති ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරනලද, මේ අර්‍හත්ත්‍වය සඳහා කටයුතු අනෙකක් නැතැයි දැනගනී.

අයං වුච‍්චති භික‍්ඛවෙ පුග‍්ගලො නෙවත‍්තන‍්තපො නාත‍්තපරිතාපනානුයොගමනුයුත‍්තො, න පරන‍්තපො න පරපරිතාපනානුයොගමනුයුත‍්තො, සො අනත‍්තන‍්තපො අපරන‍්තපො දිට‍්ඨෙව ධම‍්මෙ නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරතී’ති.

මහණෙනි, මේ ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අනාත්මන්තප වූ පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අපරන්තප වූ පුද්ගල යැයි කියනු ලැබේ. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ ධ්‍යාන මගපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ යයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක, සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළාහ’යි.

කන්‍දරක සුත‍්තං පඨමං.

කන්‍දරක සූත්‍රය පළමුවැනියි.