කන්දරක සුත්තවණ්ණනා අට්ඨකථා
කන්දරක සුත්තවණ්ණනා
කන්දරක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති කන්දරකසුත්තං. තත්ථ චම්පායන්ති එවංනාමකෙ නගරෙ. තස්ස හි නගරස්ස ආරාමපොක්ඛරණීආදීසු තෙසු තෙසු ඨානෙසු චම්පකරුක්ඛාව උස්සන්නා අහෙසුං, තස්මා චම්පාති සඞ්ඛමගමාසි. ගග්ගරාය පොක්ඛරණියා තීරෙති තස්ස චම්පානගරස්ස අවිදූරෙ ගග්ගරාය නාම රාජමහෙසියා ඛණිතත්තා ගග්ගරාති ලද්ධවොහාරා පොක්ඛරණී අත්ථි. තස්සා තීරෙ සමන්තතො නීලාදිපඤ්චවණ්ණකුසුමපටිමණ්ඩිතං මහන්තං චම්පකවනං. තස්මිං භගවා කුසුමගන්ධසුගන්ධෙ චම්පකවනෙ විහරති. තං සන්ධාය “ගග්ගරාය පොක්ඛරණියා තීරෙ”ති වුත්තං. මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධින්ති අදස්සිතපරිච්ඡෙදෙන මහන්තෙන භික්ඛුසඞ්ඝෙන සද්ධිං. පෙස්සොති තස්ස නාමං. හත්ථාරොහපුත්තොති හත්ථාචරියස්ස පුත්තො. කන්දරකො ච පරිබ්බාජකොති කන්දරකොති එවංනාමො ඡන්නපරිබ්බාජකො. අභිවාදෙත්වාති ඡබ්බණ්ණානං ඝනබුද්ධරස්මීනං අන්තරං පවිසිත්වා පසන්නලාඛාරසෙ නිමුජ්ජමානො විය, සිඞ්ගීසුවණ්ණවණ්ණං දුස්සවරං පසාරෙත්වා සසීසං පාරුපමානො විය, වණ්ණගන්ධසම්පන්නචම්පකපුප්ඵානි සිරසා සම්පටිච්ඡන්තො විය, සිනෙරුපාදං උපගච්ඡන්තො පුණ්ණචන්දො විය භගවතො චක්කලක්ඛණපටිමණ්ඩිතෙ අලත්තකවණ්ණඵුල්ලපදුමසස්සිරිකෙ පාදෙ වන්දිත්වාති අත්ථො. එකමන්තං නිසීදීති ඡනිසජ්ජදොසවිරහිතෙ එකස්මිං ඔකාසෙ නිසීදි.
එවම්මෙසුතං යනු කන්දරක සුත්‍රයයි. එහි චම්පායං යනු එනම් ඇති නුවරෙහි. එනුවර උයන් පොකුණු ආදියෙහි ඒ ඒ තැන්හි චම්පක වෘක්ෂයෝම ගැවසී තිබුණාහ. ඒනිසා චම්පා යනුවෙන් වහරට පැමිණියේය. ගග්ගරාය පොක්ඛරණියා තීරෙ යනු ඒ ගග්ග නගරයට නුදුරෙහි ගග්ගාරානම් මෙහෙසියක විසින් කණවන ලද බැවින් ගග්ගරා යනුවෙන් ලද වහර ඇති පොකුණක් ඇත. ඒ පොකුණු තෙර හාත්පස නිල් ආදී පස්වණින් යුත් මලින් සැදුණු මහා චම්පක වනයක් ඇත. භාග්‍යවතුන් වහන්සේ ඒ මල්සුවඳින් සුවඳවත් වූ චම්පක වනයෙහි වැඩ වසන සේක. ඒ සඳහා ගග්ගරා පොකුණු තෙරයයි කියන ලදී. මහතා භික්ඛුසංඝන සද්ධිං යනු ගණනනොදක්වන ලද මහ බික්සඟන සමග පෙස්සො යනු ඔහුගේ නමයි. හත්‍ථාරොහ පුත්තො යනු ඇතරුපුත් කන්දරකොච පරිබ්බාජකො යනු කන්දරකො යනු එනම් ඇති වැසුණු පරිබ්‍රාජක අභිවාදෙත්වා යනු සවණක්ගන බුදුරැස් අතරට පිවිස පහන් ලාරසෙහි ගිලෙන්නාක් මෙන් රන්වන් උතුම් රෙදිකඩක් විහිදුවා හිස සිට පොරවන්නාක් මෙන්, පැහැ සුවඳයුත් චම්පක මල් මුදුනෙහි සිට මැනැවින් වසන්නාක් මෙන්, මහමෙර පාමුලට එළඹෙන පුන්සඳ මෙන් භාග්‍යවතුන් වහන්සේගේ සක් ලකුණින් සැදුණු ලාවන් පුල් පියුම්හි සිරියගත් පා වැඳ යන අර්ථයි. එකමන්තං නිසීදි යනු හිදීම් දොස් සයින් විරහිත එක් හිස් තැනක හුන්නේය.
තුණ්හීභූ තං තුණ්හීභූතන්ති යතො යතො අනුවිලොකෙති, තතො තතො තුණ්හීභූතමෙවාති අත්ථො. තත්ථ හි එකභික්ඛුස්සාපි හත්ථකුක්කුච්චං වා පාදකුක්කුච්චං වා නත්ථි, සබ්බෙ භගවතො චෙව ගාරවෙන අත්තනො ච සික්ඛිතසික්ඛතාය අඤ්ඤමඤ්ඤං විගතසල්ලාපා අන්තමසො උක්කාසිතසද්දම්පි අකරොන්තා සුනිඛාතඉන්දඛීලා විය නිවාතට්ඨානෙ සන්නිසින්නං මහාසමුද්දඋදකං විය කායෙනපි නිච්චලා මනසාපි අවික්ඛිත්තා රත්තවලාහකා විය සිනෙරුකූටං භගවන්තං පරිවාරෙත්වා නිසීදිංසු. පරිබ්බාජකස්ස එවං සන්නිසින්නං පරිසං දිස්වා මහන්තං පීතිසොමනස්සං උප්පජ්ජි. උප්පන්නං පන අන්තොහදයස්මිංයෙව සන්නිදහිතුං අසක්කොන්තො පියසමුදාහාරං සමුට්ඨාපෙසි. තස්මා අච්ඡරියං භොතිආදිමාහ.
තුන්හීභූතං තුණ්හීභූතං යනු යම් යම් තැනෙක සිට බලයිද ඒ ඒ තැනින් තුෂ්ණීභාවයම විය යන අර්ථයි. එහි වනාහි එක් භික්ෂුවගේ වත් අත් සෙලවීමක් හෝ පා සෙලවීමක් හෝ නැත. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම ගෞරවයෙන් ද, තමාගේ ද භික්මුණු බැවින් ද ඔවුනොවුන් කථානොකරන්නාහු යටත්පිරිසෙයින් උගුරපාදන හඩක් වත් නොකරන්නාහු මැනවින් සිටවු ඉන්ද්‍රඛීලයන් මෙන් හුදෙකලා තැනක ඇති මහසමුදුර ජලය මෙන් සිරුරින්ද නිශ්චලවුවාහු මනසින් නොවිසුරුණු රත් වලාකුළුමෙන් මහමෙර වන් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා හුන්හ. මෙසේ හුන් පිරිස දැක පිරිවැජියාට මහත් සතුටු සොම්නසක් උපන්නේය. උපන් සොම්නස ඇතුළු හද තුළම හිඳුවීමට නොහැක්කේ ප්‍රිය සංවාදයක් ඇති කළේය. ඒ නිසා අච්ඡරියං හොති ආදිය කීය.
තත්ථ අන්ධස්ස පබ්බතාරොහනං විය නිච්චං න හොතීති අච්ඡරියං. අයං තාව සද්දනයො. අයං පන අට්ඨකථානයො, අච්ඡරායොග්ගන්ති අච්ඡරියං. අච්ඡරං පහරිතුං යුත්තන්ති අත්ථො. අභූතපුබ්බං භූතන්ති අබ්භුතං. උභයම්පෙතං විම්හයස්සෙවාධිවචනං. තං පනෙතං ගරහඅච්ඡරියං, පසංසාඅච්ඡරියන්ති දුවිධං හොති. තත්ථ අච්ඡරියං මොග්ගල්ලාන අබ්භුතං මොග්ගල්ලාන, යාව බාහාගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස්සතීති (චූළව· 383; අ· නි· 8.20), ඉදං ගරහඅච්ඡරියං නාම. “අච්ඡරියං නන්දමාතෙ අබ්භුතං නන්දමාතෙ, යත්ර හි නාම චිත්තුප්පාදම්පි පරිසොධෙස්සසීති (අ· නි· 7.53) ඉදං පසංසාඅච්ඡරියං නාම. ඉධාපි ඉදමෙව අධිප්පෙතං” අයඤ්හි තං පසංසන්තො එවමාහ.
එහි අන්ධයා පර්වතයට නගින්නාක් මෙන් නිතරම නොවේනුයි අච්ඡරිය නම්, මේ නම් ශබ්ද නයයි. මේ වනාහි අටුවා නයයි. අසුරු ගැසීමට යෝග්යනුයි අච්ඡරිය නම් අසුරු පැහැරීමට යුතුය යන අර්ථයි නොවුවිරූ දෙයක් වූයේනුයි අබ්භුතං මේ දෙකම විස්මයට සම වචනයි. ඒ වනාහි ගරහනු පිණිස වූ අසුර ගැසීමය, පසසනු පිණිසවු ඇසුරගැසීමය යනුවෙන් දෙවැදෑරුම වෙයි. එහි මොග්ගල්ලාන, ආශ්චර්යය, මොග්ගල්ලාන අද්භූතය. යම්හෙයකින් ඒ හිස් මිනිසා අතින් ගෙන ගෙනඑනු ලබන්නේය. යනු මෙහි ගරහනු පිණිසවු අසුරගැසීමය. නන්දමාතාවනි ආශ්චර්යය, නන්දමාතාවනි, අද්භූතය. යම් තැනෙක සිත් ඉපදවීමක්ද පිරිසිදු කෙරෙන්නේය. මෙය පසසනු පිණිසවූ අසුර ගැසීමකි. මෙහිද මෙයම අදහස් කරන ලදී. මෙය වනාහි පසසන්නේ මෙසේකීය. යාවඤ්චිදං යනු මෙහි ඉදං යනු නීපාතමාත්රයකි. යාව යනු පමණ පිරිසිදීමකි.
යාවඤ්චිදන්ති එත්ථ ඉදන්ති නිපාතමත්තං. යාවාති පමාණපරිච්ඡෙදො, යාව සම්මා පටිපාදිතො, යත්තකෙන පමාණෙන සම්මා පටිපාදිතො, න සක්කා තස්ස වණ්ණෙ වත්තුං, අථ ඛො අච්ඡරියමෙවෙතං අබ්භුතමෙවෙතන්ති වුත්තං හොති. එතපරමංයෙවාති එවං සම්මා පටිපාදිතො එසො භික්ඛුසඞ්ඝො තස්සාපි භික්ඛුසඞ්ඝස්ස පරමොති එතපරමො, තං එතපරමං යථා අයං පටිපාදිතො, එවං පටිපාදිතං කත්වා පටිපාදෙසුං, න ඉතො භිය්යොති අත්ථො. දුතියනයෙ එවං පටිපාදෙස්සන්ති, න ඉතො භිය්යොති යොජෙතබ්බං. තත්ථ පටිපාදිතොති ආභිසමාචාරිකවත්තං ආදිං කත්වා සම්මා අපච්චනීකපටිපත්තියං යොජිතො. අථ කස්මා අයං පරිබ්බාජකො අතීතානාගතෙ බුද්ධෙ දස්සෙති, කිමස්ස තියද්ධජානනඤාණං අත්ථීති. නත්ථි, නයග්ගාහෙ පන ඨත්වා “යෙනාකාරෙන අයං භික්ඛුසඞ්ඝො සන්නිසින්නො දන්තො විනීතො උපසන්තො, අතීතබුද්ධාපි එතපරමංයෙව කත්වා පටිපජ්ජාපෙසුං, අනාගතබුද්ධාපි පටිපජ්ජාපෙස්සන්ති, නත්ථි ඉතො උත්තරි පටිපාදනා”ති මඤ්ඤමානො අනුබුද්ධියා එවමාහ.
යම්තාක් මනාසේ ප්රතිපාදිතද, යම් පමණකින් ප්රතිපාදිත ද, එහි ගුණය නසන්නට නොහැකිය. ඉක්බිති මෙය ආශ්චර්යයක්මය මෙය අද්භූතයක්මයයි කියන ලද්දේ වෙයි. එතපරමංයෙව යනු මෙසේ මැනවින් ප්රතිපාදිත වුයේ මේ භික්ෂුසංඝයාය, ඒ හික්ෂු සංඝයාටම ප්‍රධාන කොට ඇත්තේනුයි. එතපරම නම් වේ. යම්සේ මෙය ප්රතිපදිතද, එසේ ප්රතිපාදිත කොට පිළියෙලකළහ. මෙයින් වැඩියක් නොවේ යන අර්ථයි. දෙවැනි නයෙහි මෙසේ පිළියෙල කරන්නාහුය. එයින් වැඩියක් නොවේයයි යොදාගතයුතුය. එහි පටිපාදිතො යනු ආභිසමාචාරික වත ආදිකොට මනාසේ ප්‍රතිවිරුද්ධ නොවන ප්රතිපත්තියෙහි යොදනලදී. එසේනම් මේ පිරිවැජියා අතීත අනාගත බුදුවරුන් දක්වන්නේ ඇයි? මොහුට තුන්කල් දන්නා නුවණ ඇත්තේද? නැත. නයග්රාහයෙහිම සිට යම් ආකාරයකින් මේ භික්ෂු සංඝයා දමනය වී විනීතවී උපශාන්තවී වැඩ හුන්නේද, අතීත බුදුවරු ද මෙයට ප්‍රධාන කොට පිළිපැද්දාහුය. අනාගත බුදුවරු ද පිළිපදින්නාහුය, මීට ඉහළින් පිළිපැදීමක් නැතැයි හඟිමින් අනුමානයෙන් මෙසේ කීය.
එවමෙතං කන්දරකාති පාටිඑක්කො අනුසන්ධි. භගවා කිර තං සුත්වා “කන්දරක ත්වං භික්ඛුසඞ්ඝං උපසන්තොති වදසි, ඉමස්ස පන භික්ඛුසඞ්ඝස්ස උපසන්තකාරණං තුය්හං අපාකටං, න හි ත්වං සමතිංස පාරමියා පූරෙත්වා කුසලමූලං පරිපාචෙත්වා බොධිපල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣි, මයා පන පාරමියො පූරෙත්වා ඤාතත්ථචරියං ලොකත්ථචරියං බුද්ධත්ථචරියඤ්ච කොටිං පාපෙත්වා බොධිපල්ලඞ්කෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිද්ධං, මය්හං එතෙසං උපසන්තකාරණං පාකට”න්ති දස්සෙතුං ඉමං දෙසනං ආරභි.
එවමෙතං කන්දරක යනු හුදු ගැළපුමයි. භාග්‍යවතුන් වහන්සේ ඒ අසා කන්දරක ඔබ භික්ෂු සංඝයා උපශාන්තයයි කියහි මේ භික්ෂුසංඝයා උපශාන්ත වීමට කරුණ ඔබට නොපැහැදිලිය. ඔබ සමතිස් පෙරුම් පුරා කුසල්මුල් මුහුකුරුවා බෝමැඩ සර්වඥතාඥානය ප්‍රතිවේධ නොකෙළෙහිය, මා විසින් වනාහි පාරමිතා පුරා ඥාතර්ථචර්යාව, ලෝකාර්ථචර්යාව හා බුද්ධි චර්යාව කෙළවරට පමුණුවා බෝමැඩ සර්වඥතාඥානය ප්‍රතිවේධ කරන ලදී. මාහට මොවුන්ගේ උපශාන්තභාවයට හේතුව පැහැදිලියයි දැක්වීමට මේ දේශනාව ආරම්භ කළ සේක.
සන්ති හි කන්දරකාති අයම්පි පාටිඑක්කො අනුසන්ධි. භගවතො කිර එතදහොසි – “අයං පරිබ්බාජකො ඉමං භික්ඛුසඞ්ඝං උපසන්තොති වදති, අයඤ්ච භික්ඛුසඞ්ඝො කප්පෙත්වා පකප්පෙත්වා කුහකභාවෙන ඉරියාපථං සණ්ඨපෙන්තො චිත්තෙන අනුපසන්තො න උපසන්තාකාරං දස්සෙති. එත්ථ පන භික්ඛුසඞ්ඝෙ පටිපදං පූරයමානාපි පටිපදං පූරෙත්වා මත්ථකං පත්වා ඨිතභික්ඛූපි අත්ථි, තත්ථ පටිපදං පූරෙත්වා මත්ථකං පත්තා අත්තනා පටිවිද්ධගුණෙහෙව උපසන්තා, පටිපදං පූරයමානා උපරිමග්ගස්ස විපස්සනාය උපසන්තා, ඉතො මුත්තා පන අවසෙසා චතූහි සතිපට්ඨානෙහි උපසන්තා. තං නෙසං උපසන්තකාරණං දස්සෙස්සාමී”ති “ඉමිනා ච ඉමිනා ච කාරණෙන අයං භික්ඛුසඞ්ඝො උපසන්තො”ති දස්සෙතුං “සන්ති හි කන්දරකා”තිආදිමාහ.
සන්තිහි කන්දරක යනු මෙයද හුදු ගැළැපුමකි. භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් පහළවිය. මේ පිරිවැජියා මේ භික්ෂුසංඝයා උපශාන්තයයි කියයි. මේ භික්ෂුසංඝයා හිතාමතාම කුහක බැවින් ඉරියව් තබාගනිමින් සිතින් උපශාන්ත නොවීම උපශාන්ත බවක් පෙන්වන්නේ නොවේ. මෙහි භික්ෂුසංඝයා අතර පිළිවෙත් පුරමින්ම පිළිවෙත් පුරා මුදුන්පත් කරගත් භික්ෂුහු ද ඇත. එහි පිළිවෙත් පුරා මුදුන්පත් කරගත්තාහු තමන් විසින් ප්රතිවේධකරගත් ගුණයන්ගෙන්ම උපශාන්ත වුවෝය. පිළිවෙත් පුරමින්ම මතුමතුයෙහි මාර්ග විදර්ශනාවෙන් උපශාන්තවුවෝය. මෙයින් මිදුණාහු ඉතිරි සතිපට්ඨානයන්ගෙන් උපශාන්ත වුවෝය. ඒනිසා මොවුන්ගේ උපශාන්තභාවයට හේතුව දක්වන්නෙමියි මේ මේ කරුණින් මේ භික්ෂුසංඝයා උපශාන්ත වුයේයයි දක්වන්නට සන්තිහි කන්දරක යනාදිය කීසේක.
තත්ථ අරහන්තො ඛීණාසවාතිආදීසු යං වත්තබ්බං, තං මූලපරියායසුත්තවණ්ණනායමෙව වුත්තං. සෙඛපටිපදම්පි තත්ථෙව විත්ථාරිතං. සන්තතසීලාති සතතසීලා නිරන්තරසීලා. සන්තතවුත්තිනොති තස්සෙව වෙවචනං, සන්තතජීවිකා වාතිපි අත්ථො. තස්මිං සන්තතසීලෙ ඨත්වාව ජීවිකං කප්පෙන්ති, න දුස්සීල්යං මරණං පාපුණන්තීති අත්ථො.
එහි අරහන්තො බීණාසවා යනාදියෙහි යමක් කියයුතුනම් එය මුලපරියාය සුත්‍ර වර්ණනා යෙහිම කියන ලදී. සෙබපටිපදං යන්නද එහිම විස්තර කරන ලදී. සනත්තසීලා යනු සතතසීලයයි. නිරන්තරසීලයයි. සන්තවුත්තිනො යනු එයටම වෙනත් වචනයකි. නිරන්තර ජීවිතය යන අර්ථයද හෝ වෙයි. ඒ සන්තත සිලයෙහි සිටම ජීවිකාව කෙරෙති. දුස්සීල මරණයකට නොපැමිණෙත් යන අර්ථයි නිපකා යනු නුවණින් යුත් ප්‍රඥාවන්තයෝය.
නිපකාති නෙපක්කෙන සමන්නාගතා පඤ්ඤවන්තො. නිපකවුත්තිනොති පඤ්ඤාය වුත්තිනො, පඤ්ඤාය ඨත්වා ජීවිකං කප්පෙන්ති. යථා එකච්චො සාසනෙ පබ්බජිත්වාපි ජීවිතකාරණා ඡසු අගොචරෙසු චරති, වෙසියාගොචරො හොති, විධවථුල්ලකුමාරිකපණ්ඩකපානාගාරභික්ඛුනිගොචරො හොති. සංසට්ඨො විහරති රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි අනනුලොමිකෙන ගිහිසංසග්ගෙන (විභ· 514), වෙජ්ජකම්මං කරොති, දූතකම්මං කරොති, පහිණකම්මං කරොති, ගණ්ඩං ඵාලෙති, අරුමක්ඛනං දෙති, උද්ධංවිරෙචනං දෙති, අධොවිරෙචනං දෙති, නත්ථුතෙලං පචති, පිවනතෙලං පචති, වෙළුදානං, පත්තදානං, පුප්ඵදානං, ඵලදානං, සිනානදානං, දන්තකට්ඨදානං, මුඛොදකදානං, චුණ්ණමත්තිකදානං දෙති, චාටුකම්යං කරොති, මුග්ගසූපියං, පාරිභටුං, ජඞ්ඝපෙසනියං කරොතීති එකවීසතිවිධාය අනෙසනාය ජීවිකං කප්පෙන්තො අනිපකවුත්ති නාම හොති, න පඤ්ඤාය ඨත්වා ජීවිකං කප්පෙති, තතො කාලකිරියං කත්වා සමණයක්ඛො නාම හුත්වා “තස්ස සඞ්ඝාටිපි ආදිත්තා හොති සම්පජ්ජලිතා”ති වුත්තනයෙන මහාදුක්ඛං අනුභොති. එවංවිධා අහුත්වා ජීවිතහෙතුපි සික්ඛාපදං අනතික්කමන්තො චතුපාරිසුද්ධිසීලෙ පතිට්ඨාය යථාබලං බුද්ධවචනං උග්ගණ්හිත්වා රථවිනීතපටිපදං, මහාගොසිඞ්ගපටිපදං, මහාසුඤ්ඤතපටිපදං, අනඞ්ගණපටිපදං, ධම්මදායාදපටිපදං, නාලකපටිපදං, තුවට්ටකපටිපදං, චන්දොපමපටිපදන්ති ඉමානි අරියපටිපදානි පූරෙන්තො චතුපච්චය-සන්තොස-භාවනාරාම-අරියවංසපටිපත්තියං කායසක්ඛිනො හුත්වා අනීකා නික්ඛන්තහත්ථී විය යූථා විස්සට්ඨසීහො විය නිපච්ඡාබන්ධමහානාවා විය ච ගමනාදීසු එකවිහාරිනො විපස්සනං පට්ඨපෙත්වා අජ්ජඅජ්ජෙව අරහත්තන්ති පවත්තඋස්සාහා විහරන්තීති අත්ථො.
නිපක වුත්තිනො යනු ප්රඥාවෘත්ති ඇත්තෝය. ප්‍රඥාවෙහි සිට ජීවිකාව කෙරෙත්. යම්සේ ඇතැම් කෙනෙක් සසුනෙහි පැවිදිව ද ජීවිත හේතුවෙන් අගෝචරස්ථාන සයෙහි හැසිරෙත්. වෛශ්‍යාවන්ට ගොදුරු වෙත්. වැන්දඹුවන්ට, රාගයෙන් මත්වූ ගැහැණුන්ට, නපුංසකයන්ට සුරාසැල්වලට භික්ෂුණීන්ට ගොදුරු වෙත්. රජුන් සමග, රජ ඇමතින් සමග, තීර්ථකයන් සමග, තීර්ථක ශ්‍රාවකයන් සමග, නුසුදුසු ගිහි සංසර්ගයෙන් ද එක්ව වසත්. වෙදකම් කරත්, දුතකර්ම කරත්, පණිවිඩ ගෙනයාම කරත්. ගෙඩිපළත්, හොරි වණවලට තෙල් දෙත්, ළයවිරේක දෙත්, උදරවිරේක දෙත්, නශ්‍ය තෙල් සිඳිත්, බොන තෙල් සිඳිත්, උණගස් දෙත්, පත්රදෙති. මල්දෙති, නවනසුනුදති. දැහැටි දෙති. මුවදෝනා පැන් දෙති. දැහැටි දෙති. බොරු බස් දොඩති. දරුවන් නළවති. පයින්ගොස් පණිවිඩ දෙති යන විසි එක් වැදෑරුම් නොසිරිතින් ජීවිකාව කරන්නාහු නුනුවණ පැවැත්ම නම් වෙයි. ප්‍රඥාවෙහි නොපිහිටා ජීවිකාව කරත්. එයින් පසු කලුරිය කොට ශ්රමණයක්ෂයෙක්ව ඔහුගේ සඟලසිවුරද ගිනිගත්තේ, මහත්සේ ගිනිගත්තේ යයි කියන ලද ක්‍රමයෙන් මහත් දුක් අනුභව කරයි. මෙබන්දන් නොවී ජීවිතහේතු නිසාවත් සිකපද නොඉක්මවමින් සිව් පිරිසිදුසිල්හි පිහිටා හැකි පමණින් බුද්ධ වචනය ඉගෙන රථවීනීත ප්‍රතිපදාව, මහා ගොසිංග ප්‍රතිපදාව, මහා සුඤ්ඤතා ප්‍රතිපදාව, අනඞ්ගණ ප්‍රතිපදාව, ධම්මදායාද ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව එඤේපම ප්‍රතිපදාව යැයි මේ ආර්ය ප්රතිපදාවන් පුරමින්, සිව්පසයෙන් සතුටුවීම, භාවනාවෙහි ඇල්ම ආර්යවංශ ප්රතිපත්තියෙහි කායසාක්ෂීව රැලෙන් වෙන්ව ගිය ඇතකුමෙන්, රැලෙන් පිටමංකළ සිංහයකු මෙන් කඹයෙන් නොබැදි මහනැවක් මෙන් ගමන් කිරීම් ආදියෙහි එකලාව වසන්නේ විදර්ශනා එළවාගෙන අද අද රහත් බව පැමිණේයයි පැවති උත්සාහ ඇතිව වාසය කරත් යන අර්ථයි.
සුප්පතිට්ඨිතචිත්තාති චතූසු සතිපට්ඨානෙසු සුට්ඨපිතචිත්තා හුත්වා. සෙසා සතිපට්ඨානකථා හෙට්ඨා විත්ථාරිතාව. ඉධ පන ලොකියලොකුත්තරමිස්සකා සතිපට්ඨානා කථිතා, එත්තකෙන භික්ඛුසඞ්ඝස්ස උපසන්තකාරණං කථිතං හොති.
සුපතිට්ඨිත චිත්තා යනු සතර සතිපට්ඨානයෙහි මනාව තැබු සිත් ඇතිව, සෙසු සති පට්ඨාන කථා යට විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්‍ර සතිපට්ඨාන කියන ලදී, මෙපමණකින් භික්ෂුසංඝයාගේ උපශාන්තභාවය කියන ලද්දේ වෙයි.
යාව සුපඤ්ඤත්තාති යාව සුට්ඨපිතා සුදෙසිතා. මයම්පි හි, භන්තෙති ඉමිනා එස අත්තනො කාරකභාවං දස්සෙති, භික්ඛුසඞ්ඝඤ්ච උක්ඛිපති. අයඤ්හෙත්ථ අධිප්පායො, මයම්පි හි, භන්තෙ, ගිහි…පෙ… සුප්පතිට්ඨිතචිත්තා විහරාම, භික්ඛුසඞ්ඝස්ස පන අයමෙව කසි ච බීජඤ්ච යුගනඞ්ගලඤ්ච ඵාලපාචනඤ්ච, තස්මා භික්ඛුසඞ්ඝො සබ්බකාලං සතිපට්ඨානපරායණො, මයං පන කාලෙන කාලං ඔකාසං ලභිත්වා එතං මනසිකාරං කරොම, මයම්පි කාරකා, න සබ්බසො විස්සට්ඨකම්මට්ඨානායෙවාති. මනුස්සගහනෙති මනුස්සානං අජ්ඣාසයගහනෙන ගහනතා, අජ්ඣාසයස්සාපි නෙසං කිලෙසගහනෙන ගහනතා වෙදිතබ්බා. කසටසාඨෙය්යෙසුපි එසෙව නයො. තත්ථ අපරිසුද්ධට්ඨෙන කසටතා, කෙරාටියට්ඨෙන සාඨෙය්යතා වෙදිතබ්බා. සත්තානං හිතාහිතං ජානාතීති එවං ගහනකසටකෙරාටියානං මනුස්සානං හිතාහිතපටිපදං යාව සුට්ඨු භගවා ජානාති. යදිදං පසවොති එත්ථ සබ්බාපි චතුප්පදජාති පසවොති අධිප්පෙතා. පහොමීති සක්කොමි. යාවතකෙන අන්තරෙනාති යත්තකෙන ඛණෙන. චම්පං ගතාගතං කරිස්සතීති අස්සමණ්ඩලතො යාව චම්පානගරද්වාරා ගමනඤ්ච ආගමනඤ්ච කරිස්සති. සාඨෙය්යානීති සඨත්තානි. කූටෙය්යානීති කූටත්තානි. වඞ්කෙය්යානීති වඞ්කත්තානි. ජිම්හෙය්යානීති ජිම්හත්තානි. පාතුකරිස්සතීති පකාසෙස්සති දස්සෙස්සති. න හි සක්කා තෙන තානි එත්තකෙන අන්තරෙන දස්සෙතුං.
යම්තාක් සුපඤ්ඤත්තා යනු යම්තාක් මනාව තබන ලද්දේ මනාව දේශනාකරන ලද්දේ. මයම්පිහිභන්තෙ යනු මෙයින් මෙතෙමේ තමා කරන බව දක්වයි. භික්ෂු සංඝයාද ඔසවා තබයි. මේ මෙහි අදහසයි. ස්වාමිනි ගිහියන්වූ අපි - පෙ - එළඹගත් සිත් ඇත්තෝව වසමු. භික්ෂු සංඝයාට වනාහි මෙය කෘෂිකර්මයද, බීජද, වියගහද නගුලද නගුල්තලයද වෙයි. ඒ නිසා භික්ෂු සංඝයා සැම කල්හි සතිපට්ඨානය පිහිට කොට ඇත්තේ වෙයි, අපි නම් කලින් කල අවසරයක් ලැබ එය මෙනෙහි කරමු. අපිත් කරන්නෝ වෙමු. සැම අයුරින් විසිරීගිය කර්මස්ථානයෙන් නොවේ. මනුස්ස ගහණෙ යනු මිනිසුන්ගේ අදහස් බහුල බැවින් ගහණ බව, අදහසටද මොවුන්ගේ කෙලෙස් බහුල බැවින් ගහණබව දතයුතුය. අමිහිරි විශ්වාසය කඩකිරීම්හිද මේ ක්‍රමය මැයි. එහි අපිරිසිදු අර්ථයෙන් කසලබවය, කෛරාටික අර්ථයෙන් විශ්වාසය නොතැබිය හැකිබවද දතයුතුය. සත්තානං හිතාහිතං ජානාති යනු මෙසේ කෙලෙස් කසටන් කෛරාටික කම් ඇති මනුෂ්‍යයන්ගේ හිත අහිත ප්‍රතිපදාව යම්සේ භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක්ද යදිදං පසවො යනු මෙහි සියලු සිව්පා ජාතීහු පසවෝ යයි අදහස් කරන ලදහ. පහොමි යනු හැකිවෙමි. යාවතකෙන අන්තරෙන යනු යම්පමණ ක්ෂණයකින්. චම්පං ගතාගතං කරිස්සති යනු අස්ගාලෙහි සිට චම්පාවෙහි නගරද්වාරය තෙක් යාමද ඊමද කරන්නේය, සාඨෙය්යානි යනු කපටි බැව්, කටෙය්යානි යනු කුළු බැව්, වඞ්කෙය්යානි යනු වංකබැව්, ජිම්හෙය්යානි යනු විකෘතිබැව්. පාතුකරිස්සති යනු ප්‍රකාශකරන්නේය. දක්වන්නේය. ඔහු විසින් ඒවා එපමණ වෙනසකින් දක්වන්නට නොහැකිය.
තත්ථ යස්ස කිස්මිඤ්චිදෙව ඨානෙ ඨාතුකාමස්ස සතො යං ඨානං මනුස්සානං සප්පටිභයං, පුරතො ගන්ත්වා වඤ්චෙත්වා ඨස්සාමීති න හොති, තස්මිං ඨාතුකාමට්ඨානෙයෙව නිඛාතත්ථම්භො විය චත්තාරො පාදෙ නිච්චලෙ කත්වා තිට්ඨති, අයං සඨො නාම. යස්ස පන කිස්මිඤ්චිදෙව ඨානෙ අවච්ඡින්දිත්වා ඛන්ධගතං පාතෙතුකාමස්ස සතො යං ඨානං මනුස්සානං සප්පටිභයං, පුරතො ගන්ත්වා වඤ්චෙත්වා පාතෙස්සාමීති න හොති, තත්ථෙව අවච්ඡින්දිත්වා පාතෙති, අයං කූටො නාම. යස්ස කිස්මිඤ්චිදෙව ඨානෙ මග්ගා උක්කම්ම නිවත්තිත්වා පටිමග්ගං ආරොහිතුකාමස්ස සතො යං ඨානං මනුස්සානං සප්පටිභයං, පුරතො ගන්ත්වා වඤ්චෙත්වා එවං කරිස්සාමීති න හොති, තත්ථෙව මග්ගා උක්කම්ම නිවත්තිත්වා පටිමග්ගං ආරොහති, අයං වඞ්කො නාම. යස්ස පන කාලෙන වාමතො කාලෙන දක්ඛිණතො කාලෙන උජුමග්ගෙනෙව ගන්තුකාමස්ස සතො යං ඨානං මනුස්සානං සප්පටිභයං, පුරතො ගන්ත්වා වඤ්චෙත්වා එවං කරිස්සාමීති න හොති, තත්ථෙව කාලෙන වාමතො කාලෙන දක්ඛිණතො කාලෙන උජුමග්ගං ගච්ඡති, තථා ලණ්ඩං වා පස්සාවං වා විස්සජ්ජෙතුකාමස්ස සතො ඉදං ඨානං සුසම්මට්ඨං ආකිණ්ණමනුස්සං රමණීයං, ඉමස්මිං ඨානෙ එවරූපං කාතුං න යුත්තං, පුරතො ගන්ත්වා පටිච්ඡන්නඨානෙ කරිස්සාමීති න හොති, තත්ථෙව කරොති, අයං ජිම්හො නාම. ඉති ඉමං චතුබ්බිධම්පි කිරියං සන්ධායෙතං වුත්තං. සබ්බානි තානි සාඨෙය්යානි කූටෙය්යානි වඞ්කෙය්යානි ජිම්හෙය්යානි පාතුකරිස්සතීති එවං කරොන්තාපි තෙ සඨාදයො තානි සාඨෙය්යාදීනි පාතුකරොන්ති නාම.
එහි යම්කිසි තැනෙක සිටිනු කැමැත්තහුට. මිනිසුන්ට භය සහිත යම්තැනකට පෙරටුව ගොස් වංචා කොට සිටින්නෙමියි අදහසක් ඇති නොවේ. සිටිනු කැමැති තැනෙකම සිටවු කණුමෙන් පා සතර නිශ්චලව තබා සිටියි. මෙය සඨනමි. යම්කිසි තැනෙක සිරුරමත තිබුණු දෙයක් කපා හෙළන්නට කැමති යමෙකුට මිනිසුන්ට භය සහිත ඒ තැනට පළමුව ගොස් වංචා කොට හෙළන්නෙමියි අදහසක් ඇතිනොවේ. එතැනම කපා හෙළයි. මෙය කූට නමි යම් තැනෙක මගින් ඉවත්ව නැවතී හරස් මගට යාමට කැමැත්තහුට මිනිසුන්ට භයසහිත ඒතැනට පළමුව ගොස් වංචාකොට මෙසේ කරන්නෙමියි අදහසක් ඇති නොවේ. එහිදීම මගින් ඉවත්ව නැවතී හරස් මගට පැමිණේද මෙය වංක නමි වරෙක වමෙන්ද, වරෙක දකුණින්ද, වරක් කෙළින් මගෙහි යන්නට කැමති යමෙකුට මිනිසුන් බිය ඇතිකරන ඒ ස්ථානයට කලින් ගොස් වංචා කොට මෙසේ කරන්නෙමියි අදහසක් ඇති නොවේ. එහිම වරක් වමෙන්ද වරක් දකුණින්ද වරක් කෙළින් මහින්ද යයි. එසේ බෙටි හෝ මුත්‍ර විසුරවනු කැමැත්තහුට මෙතැන හොඳින් මටය, මිනිසුන්ගෙන් ගැවසුණේය. රමණීයය. මෙතැන එබඳු දෙයක් කරන්නට යුතුනැත. කලින් ගොස් පිළිසන් තැනක කරන්නෙමියි අදහසක් පහළ නොවේ. එහිම කරයි. මෙය ජිම්හ නමි මෙසේ මේ සිව්වැදෑරුම් වූද කාර්යය සඳහා කියන ලදී. සබ්බානි තානි සාඨෙය්යානි කුටෙය්යානි වඞ්කෙය්යානි ජීම්හෙය්යානි පාතු කරිස්සති යනු මෙසේ කරන්නේ ඒ සඨ ආදී ඒ සටකපටකම් පහළකරත්නමි.
එවං පසූනං උත්තානභාවං දස්සෙත්වා ඉදානි මනුස්සානං ගහනභාවං දස්සෙන්තො අම්හාකං පන, භන්තෙතිආදිමාහ. තත්ථ දාසාති අන්තොජාතකා වා ධනක්කීතා වා කරමරානීතා වා සයං වා දාසබ්යං උපගතා. පෙස්සාති පෙසනකාරකා. කම්මකරාති භත්තවෙතනභතා. අඤ්ඤථාව කායෙනාති අඤ්ඤෙනෙවාකාරෙන කායෙන සමුදාචරන්ති, අඤ්ඤෙනෙවාකාරෙන වාචාය, අඤ්ඤෙන ච නෙසං ආකාරෙන චිත්තං ඨිතං හොතීති දස්සෙති. තත්ථ යෙ සම්මුඛා සාමිකෙ දිස්වා පච්චුග්ගමනං කරොන්ති, හත්ථතො භණ්ඩකං ගණ්හන්ති, ඉමං විස්සජ්ජෙත්වා ඉමං ගණ්හන්තා සෙසානිපි ආසන-පඤ්ඤාපන-තාලවණ්ටබීජන-පාදධොවනාදීනි සබ්බානි කිච්චානි කරොන්ති, පරම්මුඛකාලෙ පන තෙලම්පි උත්තරන්තං න ඔලොකෙන්ති, සතග්ඝනකෙපි සහස්සග්ඝනකෙපි කම්මෙ පරිහායන්තෙ නිවත්තිත්වා ඔලොකෙතුම්පි න ඉච්ඡන්ති, ඉමෙ අඤ්ඤථා කායෙන සමුදාචරන්ති නාම. යෙ පන සම්මුඛා “අම්හාකං සාමි අම්හාකං අය්යො”තිආදීනි වත්වා පසංසන්ති, පරම්මුඛා අවත්තබ්බං නාම නත්ථි, යං ඉච්ඡන්ති, තං වදන්ති, ඉමෙ අඤ්ඤථා වාචාය සමුදාචරන්ති නාම.
මෙසේ හරකුන්ගේ නොගැඹුරු බව දක්වා දැන් මිනිසුන්ගේ ගහණ බව දක්වන්නේ අම්හාකංපන භන්තෙ ආදිය කීය. එහි දාසා යනු ගෙතුළ උපන්නෝ, හෝ මිල ගෙවා ගෙන ආවෝ හෝ යුදබිමේදී අල්ලාගනු ලැබුවෝ හෝ තමා දාසභාවයට පැමිණියාහු පෙසසා යනු පණිවිඩකරුවෝ. කම්මක්රා යනු බත්වැටුපින් යැපෙන්නෝ, අඤ්ඤථාව කායෙන යනු වෙනත් අයුරකින් කයින් හැසිරෙත්. වෙනත් අයුරකින් වචනයෙන්ද, මොවුන්ගේ වෙනත් අයුරකින් සිත පිහිටියේ වේයයි දක්වයි. හි සම්මුබවු යමෙක් ස්වාමීන් දැක පෙරගමන් කරත්, අතින් බඩුගනිත්, මෙය අතහැර මෙය ගන්නාහු ඉතිරි ආසන පැනවීම තල් වැටින් පවන් සැලීම පා දොවීම ආදී සියලු කිස කරත්, ඉවත බැලු කල්හි තෙල් ගෑවත් නොබලත් සියයක් වටිනා දහසක් වටිනා වැඩ පිරිහීයන කල්හි නැවතී බලන්නටවත් නොකැමති වෙත්. මේ කයින් වෙනස් අයුරකින් කයින් හැසිරෙත් නමි යම් කෙනෙක් අබිමුවෙහිදී අපගේ ස්වාමියාය අපගේ ආර්යයාය ආදිය කියා පසසති. අනභිමුවෙහිදී නොකිය යුත්තක් නම් නැත. යමක් කැමතිවෙත්ද එය කියත් මේ අඤ්ඤථා චාචාය සමුද්රචරන්ති නම් වේ.
චත්තාරොමෙ පෙස්සපුග්ගලාති අයම්පි පාටිඑක්කො අනුසන්ධි. අයඤ්හි පෙස්සො “යාවඤ්චිදං, භන්තෙ, භගවා එවං මනුස්සගහණෙ එවං මනුස්සකසටෙ එවං මනුස්සසාඨෙය්යෙ වත්තමානෙ සත්තානං හිතාහිතං ජානාතී”ති ආහ. පුරිමෙ ච තයො පුග්ගලා අහිතපටිපදං පටිපන්නා, උපරි චතුත්ථො හිතපටිපදං, එවමහං සත්තානං හිතාහිතං ජානාමීති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. හෙට්ඨා කන්දරකස්ස කථාය සද්ධිං යොජෙතුම්පි වට්ටති. තෙන වුත්තං “යාවඤ්චිදං භොතා ගොතමෙන සම්මා භික්ඛුසඞ්ඝො පටිපාදිතො”ති. අථස්ස භගවා “පුරිමෙ තයො පුග්ගලෙ පහාය උපරි චතුත්ථපුග්ගලස්ස හිතපටිපත්තියංයෙව පටිපාදෙමී”ති දස්සෙන්තොපි ඉමං දෙසනං ආරභි. සන්තොති ඉදං සංවිජ්ජමානාති පදස්සෙව වෙවචනං. “සන්තා හොන්ති සමිතා වූපසන්තා”ති (විභ· 542) එත්ථ හි නිරුද්ධා සන්තාති වුත්තා. “සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ වුච්චන්තී”ති එත්ථ (ම· නි· 1.82) නිබ්බුතා. “සන්තො හවෙ සබ්භි පවෙදයන්තී”ති එත්ථ (ජා· 2.21.413) පණ්ඩිතා. ඉධ පන විජ්ජමානා උපලබ්භමානාති අත්ථො.
චත්තාරො මෙ පෙස්ස පුග්ගලා යනු මෙයද හුදු ගැළපීමකි. මේ දාසයා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන් බහුල තැන මෙසේ මිනිස් කසටයෙහි මෙසේ මිනිස් කපටබව ඇති කල්හි සත්වයන්ට හිත අහිතදේ දතීයයි කීසේක. මුලදීද පුද්ගලයෝ තිදෙන අහිත ප්‍රතිපදාවට එළඹුණාහුය. මත්තෙහි ඉතිරි සතරවැන්නා හිත ප්‍රතිපදාවට පිළිපන්නේ ය. මම මෙසේ සත්වයන්ට හිත අහිත දේ දනිමියි දක්වන්ට මේ දේශනාව ඇරඹුසේක. යට කන්දරකගේ කථාව සමග යොදන්ට වටී. එහෙයින් කියන ලදී. යාවවිදං හොතා ගොතමෙන සම්මා භික්ඛු සංඝො පටිපාදිතො යනුවෙන් ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පෙර පුද්ගලයන් තිදෙන හැර, මත්තෙහි සිව්වැනි පුද්ගලයාට හිත ප්රතිපදාවෙහිම පිළියෙලකරමියි දක්වනසේක් මේ දේශනාව ඇරඹුසේක. සන්තො ඉමං සංවිජරමානා යන පදයටම තවත් වචනයකි. සන්තා හොන්ති සමිතා වුපසනා යනු මෙහි නිරුද්ධවුවාහුය. ශාන්තවූවාහුයයි කියන ලදී. සන්තා එතෙ විහාරා අරියස්ස විනයෙ චුච්චන්ති යනු මෙහි නිවීගියාහු, සන්තො හවෙ සබ්හි පවෙදයන්ති යනු මෙහි පණ්ඩිතයෝය. මෙහි වනාහි විද්‍යාමාන වන්නාහු, ලබාගත හැක්කාහු යන අර්ථයි.
අත්තන්තපාදීසු අත්තානං තපති දුක්ඛාපෙතීති අත්තන්තපො. අත්තනො පරිතාපනානුයොගං අත්තපරිතාපනානුයොගං. පරං තපති දුක්ඛාපෙතීති පරන්තපො. පරෙසං පරිතාපනානුයොගං පරපරිතාපනානුයොගං. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. නිච්ඡාතොති ඡාතං වුච්චති තණ්හා, සා අස්ස නත්ථීති නිච්ඡාතො. සබ්බකිලෙසානං නිබ්බුතත්තා නිබ්බුතො. අන්තො තාපනකිලෙසානං අභාවා සීතලො ජාතොති සීතිභූතො. ඣානමග්ගඵලනිබ්බානසුඛානි පටිසංවෙදෙතීති සුඛපටිසංවෙදී. බ්රහ්මභූතෙන අත්තනාති සෙට්ඨභූතෙන අත්තනා. චිත්තං ආරාධෙතීති චිත්තං සම්පාදෙති, පරිපූරෙති ගණ්හාති පසාදෙතීති අත්ථො.
තමාගේ තාපයට සුදුසු අත්තපරිතාපනානු යොගං නමි අනුන් තවානුයි පරන්තපො නමි අනුන්ගේ පරිතාපනයට සුදුසු පරපරිතාපනානුයොගං නමි දිට්ඨෙවධම්මෙ යනු මෙම අත්බවෙහි නිච්ඡාතො යන තන්හි ඡාත යනු තෘෂ්ණාවයි. එය ඔහුට නැත්තේ නුයි නිච්ඡාතො සියලු කෙලෙසුන් නිවු බැවින් නිබ්බුතො ඇතුළත දවන කෙලෙස් නැතිබැවින් සිසිල්වූයේ සීතිභූතො ධ්‍යාන මාර්ගඵල නිර්වාණ සැප විදීනුයි සුඛපටිසංවෙදී, බ්‍රහ්ම භුතෙන අතතනා යනු ශ්‍රේෂ්ඨවූ තමා විසින්. චිත්තං ආරාධෙති යනු සිත සදයි. පුරවයි, ගනී, පහදවයි යන අර්ථයි.
දුක්ඛපටික්කූලන්ති දුක්ඛස්ස පටිකූලං, පච්චනීකසණ්ඨිතං දුක්ඛං අපත්ථයමානන්ති අත්ථො.
දුක්ඛපටික්කූලං යනු දුකට විරුද්ධව සතුරුව සිටි, දුක නොපතන යන අර්ථය.
පණ්ඩිතොති ඉධ චතූහි කාරණෙහි පණ්ඩිතොති න වත්තබ්බො, සතිපට්ඨානෙසු පන කම්මං කරොතීති පණ්ඩිතොති වත්තුං වට්ටති. මහාපඤ්ඤොති ඉදම්පි මහන්තෙ අත්ථෙ පරිග්ගණ්හාතීතිආදිනා මහාපඤ්ඤලක්ඛණෙන න වත්තබ්බං, සතිපට්ඨානපරිග්ගාහිකාය පන පඤ්ඤාය සමන්නාගතත්තා මහාපඤ්ඤොති වත්තුං වට්ටති. මහතා අත්ථෙන සංයුත්තො අගමිස්සාති මහතා අත්ථෙන සංයුත්තො හුත්වා ගතො භවෙය්ය, සොතාපත්තිඵලං පාපුණෙය්යාති අත්ථො. කිං පන යෙසං මග්ගඵලානං උපනිස්සයො අත්ථි, බුද්ධානං සම්මුඛීභාවෙ ඨිතෙපි තෙසං අන්තරායො හොතීති. ආම හොති, න පන බුද්ධෙ පටිච්ච, අථ ඛො කිරියපරිහානියා වා පාපමිත්තතාය වා හොති. තත්ථ කිරියපරිහානියා හොති නාම – සචෙ හි ධම්මසෙනාපති ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස ආසයං ඤත්වා ධම්මං අදෙසයිස්සා, සො බ්රාහ්මණො සොතාපන්නො අභවිස්සා, එවං තාව කිරියපරිහානියා හොති. පාපමිත්තතාය හොති නාම – සචෙ හි අජාතසත්තු දෙවදත්තස්ස වචනං ගහෙත්වා පිතුඝාතකම්මං නාකරිස්සා, සාමඤ්ඤඵලසුත්තකථිතදිවසෙව සොතාපන්නො අභවිස්සා, තස්ස වචනං ගහෙත්වා පිතුඝාතකම්මස්ස කතත්තා පන න හොති, එවං පාපමිත්තතාය හොති. ඉමස්සාපි උපාසකස්ස කිරියපරිහානි ජාතා, අපරිනිට්ඨිතාය දෙසනාය උට්ඨහිත්වා පක්කන්තො.
පණ්ඩිතො යනු මෙහි සිව්කරුණෙකින් පණ්ඩිතයෙක් යයි නොකිය යුතුය. සිහිය එළැවීමෙහි කටයුතු කෙරේනුය පණ්ඩිතයෙක් යයි කියන්නට වටී මහාපඤ්ඤෙ යනු මෙයද මහත් අර්ථයෙක්හි අල්ලාගනී ආදි වශයෙන් මහා ප්රඥාලක්ෂණය සමග නොකිය යුතුය. සතිපට්ඨානයෙන් අල්ලාගත් ප්‍රඥාවෙන් යුක්ත බැවින් මහාප්රාඥයයි කීමට වටී. මහතා අත්ථෙන. සංයුත්තො ආගමිස්ස යනු මහත්වූ අර්ථයෙන් යුතුව ගියේ වන්නේය. සෝවාන් ඵලයට පැමිණෙන්නේය යන අර්ථයි. මාර්ගඵල උපනිශ්‍රය ඇති යම්කෙනෙකුට බුදුන් හමුවෙහිදී පවා ඔවුන්ට අන්තරාය සිදුවන්නේ ඇයි. එසේ සිදුවේය. බුදුන් උදෙසා නොවේ. එසේ වුවත් කාර්යපරිහාණිය නිසා හෝ පාපමිත්‍රතාව නිසා හෝ වෙයි. එහි කාර්යපරිහාණිය වීම නම් යම්හෙයකින් ධර්මසේනාපතින් වහන්සේ ධනඤ්ජානි බ්රාහ්මයාගේ අදහස දැන ධර්මය නෙදෙසු සේක්නම් ඒ බමුණා සෝවාන් වූවෙක් වන්නේය. කාය පරිහාණිය නිසා මෙසේ වෙයි. පාපමිත්රතාවෙන් ද වෙයි. ඉදින් අජාත සත්තු දෙවිදත්ගේ වචනය ගෙන පියා මැරීමේ කර්මය නොකෙළේනම් සාමඤ්ඤඵල සුත්‍රය දෙසු දිනයෙහිම සෝවාන් වූවෙක් වන්නේය. ඔහුගේ වචනය ගෙන පියා මැරීමේ කර්මය කළබැවින් එසේ නොවීය. පාපමිත්රතාවෙන් මෙසේ වෙයි. මේ උපාසකයාගේ කාර්ය පරිහාණිය විය. දේශනාව අවසන්වීමට කලින් නැගිට ගියේය.
අපිච, භික්ඛවෙ, එත්තාවතාපි පෙස්සො හත්ථාරොහපුත්තො මහතා අත්ථෙන සංයුත්තොති කතරෙන මහන්තෙන අත්ථෙන? ද්වීහි ආනිසංසෙහි. සො කිර උපාසකො සඞ්ඝෙ ච පසාදං පටිලභි, සතිපට්ඨානපරිග්ගහණත්ථාය චස්ස අභිනවො නයො උදපාදි. තෙන වුත්තං “මහතා අත්ථෙන සංයුත්තො”ති. කන්දරකො පන සඞ්ඝෙ පසාදමෙව පටිලභි. එතස්ස භගවා කාලොති එතස්ස ධම්මක්ඛානස්ස, චතුන්නං වා පුග්ගලානං විභජනස්ස කාලො.
අපිච භික්ඛවෙ එත්තාවතාපි පෙස්සො හත්ථාරොහපුත්තො මහතා අත්ථෙන සංයුත්තො යනු කවර මහත් අර්ථයෙන්ද යත්, ආනිසංස දෙකින්. ඒ උපාසකයා සංඝයා කෙරෙහි ප්‍රසාදය ලැබීය. සතිපට්ඨානය පුහුණුවීම පිණිසද ඔහුට අලුත් න්‍යායක් උපන්නේය. එහෙයින් කියන ලදී. මහතා අත්ථෙන සංයුත්තො යනුවෙන්, කන්දරක වනාහි සංඝයා කෙරෙහි ප්‍රසාදයම ලැබීය. එතස්ස භගවා කාලො යනු ධර්මය කියන මොහුට සිව් පුඟුලන් බෙදීමේ කාලයයි.
ඔරබ්භිකාදීසු උරබ්භා වුච්චන්ති එළකා, උරබ්භෙ හනතීති ඔරබ්භිකො. සූකරිකාදීසුපි එසෙව නයො. ලුද්දොති දාරුණො කක්ඛළො. මච්ඡඝාතකොති මච්ඡබන්ධකෙවට්ටො. බන්ධනාගාරිකොති බන්ධනාගාරගොපකො. කුරුරකම්මන්තාති දාරුණකම්මන්තා.
ඔරබ්භිකාදිසු උරබ්භා යනු එළුවෝය එළුවන් නසානුයි ඔරබ්භිකො ඌරන් ආදීන්හිද මෙම ක්‍රමයයි. ලුද්දොයනු දරුණු. කර්කශ, මච්ඡඝාතකො යනු මසුන් බඳනා කෙවුළා බන්ධනාගාරිකො යනු හිරගේ පල්ලා කූරූර කම්මන්තා යනු දරුණු ක්‍රියා ඇත්තාහු,
මුද්ධාවසිත්තොති ඛත්තියාභිසෙකෙන මුද්ධනි අභිසිත්තො. පුරත්ථිමෙන නගරස්සාති නගරතො පුරත්ථිමදිසාය. සන්ථාගාරන්ති යඤ්ඤසාලං. ඛරාජිනං නිවාසෙත්වාති සඛුරං අජිනචම්මං නිවාසෙත්වා. සප්පිතෙලෙනාති සප්පිනා ච තෙලෙන ච. ඨපෙත්වා හි සප්පිං අවසෙසො යො කොචි ස්නෙහො තෙලන්ති වුච්චති. කණ්ඩූවමානොති නඛානං ඡින්නත්තා කණ්ඩූවිතබ්බකාලෙ තෙන කණ්ඩූවමානො. අනන්තරහිතායාති අසන්ථතාය. සරූපවච්ඡායාති සදිසවච්ඡාය. සචෙ ගාවී සෙතා හොති, වච්ඡොපි සෙතකොව. සචෙ ගාවී කබරා වා රත්තා වා, වච්ඡොපි තාදිසො වාති එවං සරූපවච්ඡාය. සො එවමාහාති සො රාජා එවං වදෙති. වච්ඡතරාති තරුණවච්ඡකභාවං අතික්කන්තා බලවවච්ඡා. වච්ඡතරීසුපි එසෙව නයො. බරිහිසත්ථායාති පරික්ඛෙපකරණත්ථාය චෙව යඤ්ඤභූමියං අත්ථරණත්ථාය ච. සෙසං හෙට්ඨා තත්ථ තත්ථ විත්ථාරිතත්තා උත්තානමෙවාති.
මුද්ධාහිසිත්තො යනු ක්ෂත්රිය අභිෂේකයෙන් මුදුනෙහි අභිෂේක කරන ලද්දහු. පුරත්ථිමෙන නගරස්ස යනු නගරයෙන් පෙරදිගින්, සන්ථාගාරං යනු යඥශාලාවයි. බරාජිනං නිවාසෙත්වා යනු කුර සහිත අඳුන් දිවිසමක් පොරවා, සප්පතෙලෙන යනු ගිතෙලින්ද තෙලින්ද. ගිතෙල් හැර ඉතිරිවන කිසියම් තෙලක් වේද එය තෙල්යයි කියනු ලැබේ. කණ්ඩුවමානො යනු නිය සිදුණු බැවින් කැසියයුතු කල්හි එයින් කසමින්, අනත්ත රහිතාය යනු බුමුතුරුනු නැති බැවින්, සරූපවච්ජාය යනු සමාන පැටවුන් ඇති ඉදින් එළදෙන ස්වේත වර්ණනම් වස්සාද ශ්වෙත වර්ණය ඉදින් දුඹුරු නම්, රතුනම් වස්සා ද එවැනියයි මෙසේ සරූපවච්ජානි සොඑවමාන යනු ඒ රජ තෙමේ මෙසේ කියයි. වච්ජතරායනු තරුණ වස්සකු බැවින්, පාගාගෙන ගිය බලවත් වස්සෝ වච්ජතරීසු යන තන්හිද මේ ක්‍රමයයි. බරීගිසත්ථාය යනුවටකරනු පිණිසද යඥභූමියෙහි එළනුපිණිසද වේ. සෙස්ස යට තන්හි තන්හි විස්තර කරන ලද බැවින් නොගැඹුරු මය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය කන්දරකසුත්තවණ්ණනා නිට්ඨිතා.
පළමුවැනි කන්දරක සුත්‍රයයි.