මාරතජ්ජනියසුත්තවණ්ණනා අට්ඨකථා
මාරතජ්ජනියසුත්තවණ්ණනා
මාරතජ්ජනිය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මාරතජ්ජනීයසුත්තං. තත්ථ කොට්ඨමනුපවිට්ඨොති කුච්ඡිං පවිසිත්වා අන්තානං අන්තො අනුපවිට්ඨො, පක්කාසයට්ඨානෙ නිසින්නො. ගරුගරො වියාති ගරුකගරුකො විය ථද්ධො පාසාණපුඤ්ජසදිසො. මාසාචිතං මඤ්ඤෙති මාසභත්තං භුත්තස්ස කුච්ඡි විය මාසපූරිතපසිබ්බකො විය තින්තමාසො විය චාති අත්ථො. විහාරං පවිසිත්වාති සචෙ ආහාරදොසෙන එස ගරුභාවො, අබ්භොකාසෙ චඞ්කමිතුං න සප්පායන්ති චඞ්කමා ඔරොහිත්වා පණ්ණසාලං පවිසිත්වා පකතිපඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. පච්චත්තං යොනිසො මනසාකාසීති, “කිං නු ඛො එත”න්ති ආවජ්ජමානො අත්තනොයෙව උපායෙන මනසි අකාසි. සචෙ පන ථෙරො අත්තනො සීලං ආවජ්ජෙත්වා, “යං හිය්යො වා පරෙ වා පරසුවෙ වා පරිභුත්තං අවිපක්කමත්ථි, අඤ්ඤො වා කොචි විසභාගදොසො, සබ්බං ජීරතු ඵාසුකං හොතූ”ති හත්ථෙන කුච්ඡිං පරාමසිස්ස, මාරො පාපිමා විලීයිත්වා අගමිස්ස. ථෙරො පන තථා අකත්වා යොනිසො මනසි අකාසි.
එවම්මෙසුතං මාර තජ්ජනික සූත්‍රයයි. එහි කොට්ඨ මනු පවිට්ඨො කුසට පිවිස අතුනුබහන් ඇතුළත පක්වාසය ස්ථානයේ හුන්නේ ගරුගරු විය. මහත් බරක් මෙන්, තද වූ ගල් රැසක් මෙන් වූයේ මාසාවිතං මඤ්ඤෙ උඳු බත් කෑ අයකුගේ කුස මෙන්, උඳු පිරූ මල්ලක් මෙන්, තෙත් උඳු යනුවෙන් ද අරුත් දක්වයි. විහාරං පවිසිත්වා වැළඳූ ආහාරවල දොසින් මේ බර බව ඇතිවී නම් අභ්‍යවකාශයේ සක්මන් කරන්නට නො හැකි නිසා සක්මනින් බැස පන්සලට පිවිස ස්වභාවයෙන් ම පනවා තිබූ ආසනයෙහි හිඳගත්තේය. පච්චත්තං යොනිසො මනසිකාසි මේ කිමෙක්දැයි ආවර්ජනය කරමින් තමන් විසින් උපායෙන් හොඳ සිහියෙන් මෙනෙහි කළේය. තෙරුන් වහන්සේ තමන්ගේ ශීලය ආවර්ජනය කරමින් ඊයේ හෝ පෙරේදා වැළඳූ නොදිරවූ යමක් ඇත්නම් හෝ වෙනත් කිසියම් විෂභාග දෝෂයක් ඇත්නම් හෝ ඒ සියල්ල පහසුවෙන් දිරවාවයි අතින් කුස පිරිමැද්දහ. පාපී මාරයා සැඟවී යන්නේ ය. නැවත තෙරුන් වහන්සේ එසේ නො කොට උපායයෙන් මෙනෙහි කළහ.
මා තථාගතං විහෙසෙසීති යථා හි පුත්තෙසු විහෙසිතෙසු මාතාපිතරො විහෙසිතාව හොන්ති, සද්ධිවිහාරිකඅන්තෙවාසිකෙසු විහෙසිතෙසු ආචරියුපජ්ඣායා විහෙසිතාව, ජනපදෙ විහෙසිතෙ රාජා විහෙසිතොව හොති, එවං තථාගතසාවකෙ විහෙසිතෙ තථාගතො විහෙසිතොව හොති. තෙනාහ – “මා තථාගතං විහෙසෙසී”ති.
මා තථාගතං විහෙසි යම්සේ දරුවන් වෙහෙස කළ කල්හි මවුපිය දෙදෙන වෙහෙස වෙද්ද, වෙහෙසනු ලබද්ද, සද්ධිවිහාරික, අන්තේවාසිකයන් වෙහෙස කළ කල්හි ආචාර්ය උපාධ්‍යාය යෝ වෙහෙසට පත්වෙද්ද, ජනපදය වෙහෙසූ කල රජතුමා වෙහෙසට ලද්දේද, එපරිද්දෙන් තථාගත ශ්‍රාවකයකු වෙහෙසූ කළ තථාගතයන් වෙහෙසවන ලද ලද්දේමය. මා තථාගතං විහෙසි යන්න එහෙයින් කියන ලදී.
පච්චග්ගළෙ අට්ඨාසීති පතිඅග්ගළෙව අට්ඨාසි. අග්ගළං වුච්චති කවාටං, මුඛෙන උග්ගන්ත්වා පණ්ණසාලතො නික්ඛමිත්වා බහිපණ්ණසාලාය කවාටං නිස්සාය අට්ඨාසීති අත්ථො.
පච්චග්ගලෙ අට්ඨාසි දොර කවුළුවෙහි සිටියේය. අග්ගල යනුවෙන් කවුළුවද ගැනේ. මුඛයෙන් උඩට නැගී පන්සලෙන් නික්ම ජනේලය අසල සිටියේය යන අදහසයි.
භූතපුබ්බාහං පාපිමාති කස්මා ඉදං දෙසනං ආරභි? ථෙරො කිර චින්තෙසි – “ආකාසට්ඨකදෙවතානං තාව මනුස්සගන්ධො යොජනසතෙ ඨිතානං ආබාධං කරොති. වුත්තඤ්හෙතං – ‘යොජනසතං ඛො රාජඤ්ඤ මනුස්සගන්ධො දෙවෙ උබ්බාධතී’ති (දී· නි· 2.415). අයං පන මාරො නාගරිකො පරිචොක්ඛො මහෙසක්ඛො ආනුභාවසම්පන්නො දෙවරාජා සමානො මම කුච්ඡියං පවිසිත්වා අන්තානං අන්තො පක්කාසයොකාසෙ නිසින්නො අතිවිය පදුට්ඨො භවිස්සති. එවරූපං නාම ජෙගුච්ඡං පටිකූලං ඔකාසං පවිසිත්වා නිසීදිතුං සක්කොන්තස්ස කිමඤ්ඤං අකරණීයං භවිස්සති, කිං අඤ්ඤං ලජ්ජිස්සති, ත්වං මම ඤාතිකොති පන වුත්තෙ මුදුභාවං අනාපජ්ජමානො නාම නත්ථි, හන්දස්ස ඤාතිකොටිං පටිවිජ්ඣිත්වා මුදුකෙනෙව නං උපායෙන විස්සජ්ජෙස්සාමී”ති චින්තෙත්වා ඉමං දෙසනමාරභි.
භූතපුබ්බං පාපිමා කුමක් හෙයින් මේ දේශනාව ආරම්භ කළේද, ස්ථවිරයෝ මෙසේ සිතූහු. අහසේ සිටින දෙවියන්ට යොදුන් සියයක් දුරින් සිටි මිනිසකුගේ ගඳ පීඩා කරයි. යොජන සත ඛො රාජඤ්ඤ මනුස්ස ගන්ධො දෙවෙ උබ්බහති යන්න එහෙයින් කියන ලදී. එහෙත් මේ මාර නම් වූ, සියුමැලි හාත්පසින් පිරිසිදු වූ මහේශාක්‍ය වූ, ආනුභාව සම්පන්න වූ දෙවි රජෙක් මගේ කුසට පිවිස අතුනු ඇතුළත පක්වාසය පිහිටි කුඩා ඉඩකඩෙහි හුන්නේ ඉතාම දුෂ්ට වූවෙක් වන්නේ ය. මෙවැනි පිළිකුල් කටයුතු වූ විපරීත වූ පෙදෙසක සිටින්නට හැකි වූ මොහුට කළ නො හැක්කේ වෙන කුමක්ද, වෙනත් කුමකින් ලජ්ජා වන්නේ ද, නුඹ මගේ නෑයෙක් වන්නේ යයි කී කල්හි මොළොක් ගතියට නො පැමිණෙන්නාහු නම් නැත. එබැවින් ඔහුට නෑයෙකැයි අවබෝධ කරවා මෘදු වූ උපායකින්ම ඔහු පළවා හරිමියි සිතා මේ දේශනාව ආරම්භ කළහ.
සො මෙ ත්වං භාගිනෙය්යො හොසීති සො ත්වං තස්මිං කාලෙ මය්හං භාගිනෙය්යො හොසි. ඉදං පවෙණිවසෙන වුත්තං. දෙවලොකස්මිං පන මාරස්ස පිතු වංසො පිතාමහස්ස වංසො රජ්ජං කරොන්තො නාම නත්ථි, පුඤ්ඤවසෙන දෙවලොකෙ දෙවරාජා හුත්වා නිබ්බත්තො, යාවතායුකං ඨත්වා චවති. අඤ්ඤො එකො අත්තනා කතෙන කම්මෙන තස්මිං ඨානෙ අධිපති හුත්වා නිබ්බත්තති. ඉති අයං මාරොපි තදා තතො චවිත්වා පුන කුසලං කත්වා ඉමස්මිං කාලෙ තස්මිං අධිපතිට්ඨානෙ නිබ්බත්තොති වෙදිතබ්බො.
සො මෙ ත්වං භාගිනෙය්‍ය හොසී එකල්හි නුඹ මගේ බෑනා කෙනෙකු වූයේය. පරම්පරාව වශයෙන් බලා මෙය කියන ලදී. දෙව්ලොව මගේ පිතු වංශයයි. මුත්තාගේ වංශයයි. රජ කරන්නෙක් නම් නැත. පින්කම්වල ශක්තියෙන් දෙව්ලොව දෙව්රජව ඉපදී. ආයු ඇති තෙක් දෙව් සැප විඳ එයින් චුත වෙයි. එතැන් සිට වෙනත් කෙනෙක් තමන් විසින් කරන ලද කුශලයන්ගේ විපාක අනුව එතැන රජවෙයි. මෙසේ මේ මාරයාද එකල ඉන් චුතව නැවත කුසල් කොට මෙකල මෙහි අධිපතිව උපන්නේ යයි දතයුතු.
විධුරොති විගතධුරො, අඤ්ඤෙහි සද්ධිං අසදිසොති අත්ථො. අප්පකසිරෙනාති අප්පදුක්ඛෙන. පසුපාලකාති අජෙළකපාලකා. පථාවිනොති මග්ගපටිපන්නා. කායෙ උපචිනිත්වාති සමන්තතො චිතකං බන්ධිත්වා. අග්ගිං දත්වා පක්කමිංසූති එත්තකෙන සරීරං පරියාදානං ගමිස්සතීති චිතකස්ස පමාණං සල්ලක්ඛෙත්වා චතූසු දිසාසු අග්ගිං දත්වා පක්කමිංසු. චිතකො පදීපසිඛා විය පජ්ජලි, ථෙරස්ස උදකලෙණං පවිසිත්වා නිසින්නකාලො විය අහොසි. චීවරානි පප්ඵොටෙත්වාති සමාපත්තිතො වුට්ඨාය විගතධූමෙ කිංසුකවණ්ණෙ අඞ්ගාරෙ මද්දමානො චීවරානි විධුනිත්වා. සරීරෙ පනස්ස උසුමමත්තම්පි නාහොසි, චීවරෙසු අංසුමත්තම්පි නජ්ඣායි, සමාපත්තිඵලං නාමෙතං.
විධුරො විධුරො විගතධර වූයේ, අන්‍යයන් හා සමග අසමාන වූයේ, අප්පකසිරෙන නිදුකින් පසුපාලකා එළු බැටළුවන් රක්නාහු, පථාවිනො මගට පිළිපන්නාහු, කායෙ උපචිනිත්වා හාත්පසින් සෑයක් බැඳ, අග්හිං දත්වා පක්කමිංසු මෙතෙකින් ශරීරය විනාශයට යන්නේ යයි චිතකයාගේ පමණ සලකා, සිව් දිසාවන්හි ගිනි දී නික්ම ගියහ. චිතකය පහන් සිළුවක් මෙන් දැල්විනි. තෙරුන්ට දිය ළෙනකට බැස සිටින කලක් මෙන් විය. චීවරානි පප්ඵොටෙත්වා සමවතින් නැගිට පහවගිය දුම් ඇති, කෑලමල් පැහැ ඇති, ගිනි අඟුරු මඩිමින් සිවුරු උන්වහන්සේගේ සිරුරේ උණුසුමක් පමණකුදු නො වීය. සිවුරෙහි කොණක්වත් නො දැවිනි. සමාපත්ති බලය නම් වේ.
අක්කොසථාති දසහි අක්කොසවත්ථූහි අක්කොසථ. පරිභාසථාති වාචාය පරිභාසථ. රොසෙථාති ඝට්ටෙථ. විහෙසෙථාති දුක්ඛාපෙථ. සබ්බමෙතං වාචාය ඝට්ටනස්සෙව අධිවචනං. යථා තං දූසී මාරොති යථා එතෙසං දූසී මාරො. ලභෙථ ඔතාරන්ති ලභෙථ ඡිද්දං, කිලෙසුප්පත්තියා ආරම්මණං පච්චයං ලභෙය්යාති අත්ථො.
අක්කොසථ දශ ආක්‍රෝශ වස්තුවෙන් බනිවු. පරිභාසථ වචනයෙන් පරිභව කරවු. රොසෙථ ගටවු. විහෙසෙථ වෙහෙකරව්. දුක් ඉපදවව්. මේ සියල්ල වචනයෙන් පහර දීමට නම් ය. යථා තං දුසිත මාරෝ යම් සේ මොවුන්ට දුසීමාර තෙම, ලභෙථ ඔතාරං සිදුරක් ලබානම්, කෙලෙස් ඉපදීමට අරමුණක් ලබන්නේ නම් යන අර්ථයි.
මුණ්ඩකාතිආදීසු මුණ්ඩෙ මුණ්ඩාති සමණෙ ච සමණාති වත්තුං වට්ටෙය්ය, ඉමෙ පන හීළෙන්තා මුණ්ඩකා සමණකාති ආහංසු. ඉබ්භාති ගහපතිකා. කිණ්හාති කණ්හා, කාළකාති අත්ථො. බන්ධුපාදාපච්චාති එත්ථ බන්ධූති බ්රහ්මා අධිප්පෙතො. තඤ්හි බ්රාහ්මණා පිතාමහොති වොහරන්ති. පාදානං අපච්චා පාදාපච්චා, බ්රහ්මුනො පිට්ඨිපාදතො ජාතාති අධිප්පායො. තෙසං කිර අයං ලද්ධි – “බ්රාහ්මණා බ්රහ්මුනො මුඛතො නික්ඛන්තා, ඛත්තියා උරතො, වෙස්සා නාභිතො, සුද්දා ජාණුතො, සමණා පිට්ඨිපාදතො”ති.
මුණ්ඩකා ආදියෙහි මුඩු වූවන්ට ‘මුණ්ඩ’ යයි ද, ශ්රමණයන් ට ‘සමණ’ යයි ද කියන්නට වටී. මොව්හූ නැවත මුණ්ඩකා සමණකා යයි කීහ. ඉබ්භා ගෘහපතියෝ කිණ්හා කළු වූවෝ, බන්දුපාදා පච්ච මෙහි බන්දු යනෙන් බ්‍රහ්මයා අදහස් කරයි. බමුණෝ ඔහු මුත්තා යයි ව්‍යවහාර කරති. පාදාපච්චා බඹහුගේ පිටිපත්ලෙන් උපන්, පාදයන්ගේ දරුවෝ යන අදහසයි. බමුණෝ මහබඹුගේ පිටිපත්ලෙන් උපන්, පාදයන්ගේ දරුවෝ යන අදහසයි. බමුණෝ මහ බඹුගේ මුවින් ඉපදුනාහුය. ක්ෂත්රියයෝ ළයින්, වෛශ්‍යයෝ නැබින්, ශුද්‍රයෝ දණින් ශ්‍රමණයෝ පිටිපසින් නික්මුණාහු යයි
ඣායිනොස්මා ඣායිනොස්මාති ඣායිනො මයං ඣායිනො මයන්ති. මධුරකජාතාති ආලසියජාතා. ඣායන්තීති චින්තයන්ති. පජ්ඣායන්තීතිආදීනි උපසග්ගවසෙන වඩ්ඪිතානි. මූසිකං මග්ගයමානොති සායං ගොචරත්ථාය සුසිරරුක්ඛතො නික්ඛන්තං රුක්ඛසාඛාය මූසිකං පරියෙසන්තො. සො කිර උපසන්තූපසන්තො විය නිච්චලොව තිට්ඨති, සම්පත්තකාලෙ මූසිකං සහසා ගණ්හාති. කොත්ථූති සිඞ්ගාලො, සොණොතිපි වදන්ති. සන්ධිසමලසඞ්කටිරෙති සන්ධිම්හි ච සමලෙ ච සඞ්කටිරෙ ච. තත්ථ සන්ධි නාම ඝරසන්ධි. සමලො නාම ගූථනිද්ධමනපනාළි. සඞ්කටිරං නාම සඞ්කාරට්ඨානං. වහච්ඡින්නොති කන්තාරතො නික්ඛන්තො ඡින්නවහො. සන්ධිසමලසඞ්කටිරෙති සන්ධිම්හි වා සමලෙ වා සඞ්කටිරෙ වා. සොපි හි බද්ධගත්තො විය නිච්චලො ඣායති.
ඣායි නො සමිඣායි නොසමි අපි ධ්‍යන ඇත්තමෝ වමු. අපි ධ්‍යන ඇත්තමෝ වමු. මධුරක ජාතා අලස බැව් ඇති, කම්මැලිකමින් යුත් ඣායන්ති සිතත්. පජ්ඣායන්ති යනාදිය උපසර්ග ව්‍යයෙන් වැඩි වූවාහු, මූසිකං මගයමානො සවස ගොදුරු සඳහා රුක් සිදුරෙන් නික්මී ගසේ අත්තක සිටි මීයෙකු සොයන්නේ, හේ වනාහි අතිශයින් අතිශයින් ශාන්ත වූවෙකු මෙන් නිසසලව සිටී. පැමිණි වහාම අල්ලාගනී. කොත්ථූ යනු සිවලා - උකුස්සා යයි ද කියති. සන්ධි සමලසංකටීරෙ බිත්ති (ගෘහ) සන්ධියෙහි ද, අසූචි නික්ම යන ඇළ ද කසළ ගොඩ ය යන තැන්වල වහච්ඡින්නො කන්තාරයෙන් නික්මුණු බිඳුනු කඳ ඇති, සන්ධි සමල සංකටීරෙ ගෘහ (බිත්ත) සන්ධිවල හෝ අසූචි ගලා යන තන්හි හෝ කසළ ගොඩෙහි හෝ හෙතෙක් බාගයක් වැසූ සිරුරු ඇතිව, නිශ්චලව සිටියි.
නිරයං උපපජ්ජන්තීති සචෙ මාරො මනුස්සානං සරීරෙ අධිමුච්චිත්වා එවං කරෙය්ය, මනුස්සානං අකුසලං න භවෙය්ය, මාරස්සෙව භවෙය්ය. සරීරෙ පන අනධිමුච්චිත්වා විසභාගවත්ථුං විප්පටිසාරාරම්මණං දස්සෙති, තදා කිර සො භික්ඛූ ඛිප්පං ගහෙත්වා මච්ඡෙ අජ්ඣොත්ථරන්තෙ විය, ජාලං ගහෙත්වා මච්ඡෙ ගණ්හන්තෙ විය, ලෙපයට්ඨිං ඔඩ්ඩෙත්වා සකුණෙ බන්ධන්තෙ විය, සුනඛෙහි සද්ධිං අරඤ්ඤෙ මිගවං චරන්තෙ විය, මාතුගාමෙ ගහෙත්වා ආපානභූමියං නිසින්නෙ විය, නච්චන්තෙ විය, ගායන්තෙ විය, භික්ඛුනීනං රත්තිට්ඨානදිවාට්ඨානෙසු විසභාගමනුස්සෙ නිසින්නෙ විය, ඨිතෙ විය ච කත්වා දස්සෙසි. මනුස්සා අරඤ්ඤගතාපි වනගතාපි විහාරගතාපි විප්පටිසාරාරම්මණං පස්සිත්වා ආගන්ත්වා අඤ්ඤෙසං කථෙන්ති – “සමණා එවරූපං අස්සමණකං අනනුච්ඡවිකං කරොන්ති, එතෙසං දින්නෙ කුතො කුසලං, මා එතෙසං කිඤ්චි අදත්ථා”ති. එවං තෙ මනුස්සා දිට්ඨදිට්ඨට්ඨානෙ සීලවන්තෙ අක්කොසන්තා අපුඤ්ඤං පසවිත්වා අපායපූරකා අහෙසුං. තෙන වුත්තං “නිරයං උපපජ්ජන්තී”ති.
නිරයං උප්පජ්ජති යනු මාරයා මිනිසුන්ගේ සිරුරෙහි ආවේශව, මෙසේ කරන්නේ නම්, මිනිසුන්ට අකුසල් නො වන්නේ ය. මාරයාටම වන්නේ ය. එබැවින් සිරුරෙහි ආවේශ නොව විෂභාග වස්තුවක් උපදින අරමුණක් දක්වයි. එකල වනාහී හෙතෙම භික්ෂූන් කෙමිනක් ගෙන මසුන් මිරිකන්නවුන් මෙන් ද, දැලක් ගෙන මසුන් අල්ලන්නවුන් මෙන් ද, ලාටු තැවරුණු දණ්ඩක් බහා ළිහිණින් බඳින්නවුන් මෙන් ද, බල්ලන් සමග වනයෙහි මුව දඩයමේ හැසිරෙන්නවුන් මෙන් ද මාගමුන් ගෙන අවන්හල්හි හුන්නවුන් මෙන් ද, නටන්නවුන්, ගයන්නවුන් මෙන් ද, භික්ෂුණින්ගේ රාත්‍රී ස්ථාන දිවා ස්ථානයන්හි, හුන්නා වූ කාමාතුරයන් මෙන් ද, කොට දැක්වීය. මිනිස්සු වනයට ගියාහු ද, වලට ගියාහු ද, වෙහෙරට ගියාහුද, විපිළිසර අරමුණු දැක අනෙක් අයට කියති. ‘ශ්‍රමණයෝ මෙබඳු මහණුන්ට නො ගැළපෙන දේ නො සුදුසු දේ කරති’ මොවුන්ට දුන් කල කුසල් කොයින්ද, මොවුන්ට කිසිවක් නො දෙව’ මෙසේ ඒ මනුෂ්‍යයෝ දුටු දුටු තැන සිල්වතුන්ට ආක්‍රෝශ කරති. මෙසේ ආක්‍රොශ කොට පව් රැස්කොට අපාය පුරවන්නෝ ය. නිරයං උප්පජ්ජති යන්න එහෙයින් කියන ලදී.
අන්වාවිට්ඨාති ආවට්ටිතා. ඵරිත්වා විහරිංසූති න කෙවලං ඵරිත්වා විහරිංසු. කකුසන්ධස්ස පන භගවතො ඔවාදෙ ඨත්වා ඉමෙ චත්තාරො බ්රහ්මවිහාරෙ නිබ්බත්තෙත්වා ඣානපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තෙ පතිට්ඨහිංසු.
අත්ථාවිට්ඨා ආවේශ වූවාහු, ඵරිත්වා විහරිංසු හුදෙක් පතුරුවා, විසුරුවා වාසය කළාහු නො වෙති. කකුසඳ භාග්‍යවතුන්ගේ අවවාදයෙහි සිට, සතර බ්‍රහ්ම විහාරයන් උපදවා - ධ්‍යාන පාදස්ථාන කොට, විදසුන් රහත්බැව්හි පිහිටියාහුය.
ආගතිං වා ගතිං වාති පටිසන්ධිවසෙන ආගමනට්ඨානං වා, චුතිවසෙන ගමනට්ඨානං වා න ජානාමි. සියා චිත්තස්ස අඤ්ඤථත්තන්ති සොමනස්සවසෙන අඤ්ඤථත්තං භවෙය්ය. සග්ගං ලොකං උපපජ්ජන්තීති ඉධාපි පුරිමනයෙනෙව අත්ථො වෙදිතබ්බො. යථා හි පුබ්බෙ විප්පටිසාරකරං ආරම්මණං දස්සෙති, එවමිධාපි පසාදකරං. සො කිර තදා මනුස්සානං දස්සනට්ඨානෙ භික්ඛූ ආකාසෙ ගච්ඡන්තෙ විය, ඨිතෙ විය පල්ලඞ්කෙන නිසින්නෙ විය, ආකාසෙ සූචිකම්මං කරොන්තෙ විය, පොත්ථකං වාචෙන්තෙ විය, ආකාසෙ චීවරං පසාරෙත්වා කායං උතුං ගණ්හාපෙන්තෙ විය, නවපබ්බජිතෙ ආකාසෙන චරන්තෙ විය, තරුණසාමණෙරෙ ආකාසෙ ඨත්වා පුප්ඵානි ඔචිනන්තෙ විය කත්වා දස්සෙසි. මනුස්සා අරඤ්ඤගතාපි වනගතාපි විහාරගතාපි පබ්බජිතානං තං පටිපත්තිං දිස්වා ආගන්ත්වා අඤ්ඤෙසං කථෙන්ති – “භික්ඛූසු අන්තමසො සාමණෙරාපි එවංමහිද්ධිකො මහානුභාවා, එතෙසං දින්නං මහප්ඵලං නාම හොති, එතෙසං දෙථ සක්කරොථා”ති. තතො මනුස්සා භික්ඛුසඞ්ඝං චතූහි පච්චයෙහි සක්කරොන්තා බහුං පුඤ්ඤං කත්වා සග්ගපථපූරකා අහෙසුං. තෙන වුත්තං “සග්ගං ලොකං උපපජ්ජන්තී”ති.
ආගතිං වා ගතිං වා පිළිසිඳ ගැනීම් වශයෙන් පැමිණෙන තැනක් හෝ ගති විසින් යන තැනක් හෝ නො දනිමි. සියා චිත්තස්ස අඤ්ඤතත්ථං සොම්නස් වශයෙන් අනන්‍යතාවයක් වන්නේ නම්. සය්හං ලොකං උප්පජ්ජන්ති ස්වර්ග ලෝකවල උපදිත් මෙහි ද යට කී සෙයින්ම අරුත් දතයුතු. යම්සේ පළමු විපිළිසර උපදනා අරමුණ දැක්වීද, එසේ මෙවිට ප්‍රසාද කරවූ අරමුණ දැක්වී හෙතෙම එකල්හි මිනිසුන්ට පෙනෙන තැන භික්ෂූන් අහසින් යන්නවුන් මෙන් අහසෙහි සිටියවුන් මෙන්, පළඟින් හුන්නවුන් මෙන්, අහසේ හිඳ සිවුරු මැසීම්, පොත් කියවීම්, අහසේදීම සිවුර දිගහැර සාතු ගන්නන්නාවුන් මෙන්, මහලු පැවිද්දන් අහසේ හැසිරෙන්නවුන් මෙන්, තරුණ සාමණේරවරුන් අහසැ පිපි මල් නෙල්ලවුන් මෙන්, කොට දැක්වීය. මිනිස්සු කුලනයට ගියාහු වලට ගියාහු, වෙහෙරට ගියාහු පැවිද්දන්ගේ පිළිවෙත් දැක මෙසේ අනුන් සමග කියති. ‘භික්ෂූන් අතුරෙහි යටත්පිරිසෙයින් සාමණේරයෝ පවා මෙසේ මහත් ඍද්ධි ඇත්තාහුය. මහානුභාව ඇත්තාහුය. මේ ශ්‍රමණයන්ට දෙන ලද්ද මහත්ඵල මහානිසංස වේ’ මේ පැවිද්දන්ට දන් දෙව්. සත්කාර කරව්. එකල්හි මිනිස්සු භික්ෂූන්ට සිව්පසයෙන් සත්කාර කොට, බොහෝ පින් රැස්කොට යහමග පුරන්නෝ වූහ. සග්ගං ලොකං උපපජ්ජන්තී යනු එහෙයින් කීහ.
එථ තුම්හෙ, භික්ඛවෙ, අසුභානුපස්සිනො කායෙ විහරථාති භගවා සකලජම්බුදීපං ආහිණ්ඩන්තො අන්තමසො ද්වින්නම්පි තිණ්ණම්පි භික්ඛූනං වසනට්ඨානං ගන්ත්වා –
එථ තුම්හෙ භික්ඛවෙ අසුභානුපස්සී කායෙ විහරථ භාග්‍යවතුන් වහන්සේ මුළු දඹදිව ඇවිදිමින් අවම වශයෙන් භික්ෂූන් දෙතුන් නමක් වසන තැනකට ගොස් -
“අසුභසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති.
‘මහණෙනි, අශුභ සංඥාව පුරුදු කළ සිතින් බහුලව වසන භික්ෂුවගේ සිත, මෛථුන ධර්මයන් පිළිබඳ හැගීම්වලින් සැඟවෙයි. හැකිළෙයි. පෙරලෙයි. නො පැතිරෙයි. උපේක්ෂාව හා පිළිකුල් බවම එළඹ සිටී.
ආහාරෙ පටිකූලසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති.
මහණෙනි, ආහාරය පිළිබඳව පිළිකුල් හැඟීම පුරුදු කළ සිතින් බහුලව වසන භික්ෂූන් ගේ සිත රස තෘෂ්ණාවෙන් සැඟවෙයි. හැකිළෙයි. පෙරළෙයි. නො පැතිරෙයි. උපේක්ෂාව හෝ පිළිකුල් බවම එළඹ සිටී.
සබ්බලොකෙ අනභිරතිසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලොකචිත්‍රෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති.
මහණෙනි, සියලු ලෝකයෙහි අනභිරති සංඥාව පුරුදු කළ සිතින් බහුලව වෙසෙන භික්ෂුවගේ සිත (ඇත්, අස් ආරාම පන්සල්) ආදී ලෝකයෙහි තෘෂ්ණාව උපදනා වස්තු විෂයෙහි සැඟවෙයි. හැකිළෙයි. පෙරළෙයි. නො පැතිරෙයි. උපේක්ෂාව හෝ පිළිකුල් බවම එළඹ සිටී.
අනිච්චසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාතී”ති (අ· නි· 7.49) එවං ආනිසංසං දස්සෙත්වා –
මහණෙනි, අනිත්‍ය සංඥාව පුහුණු කළ සිතින් බහුලව වෙසෙන භික්ෂුවගේ සිත ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදියෙහි සැඟවෙයි. පැකිළෙයි. පෙරලෙයි. උපේක්ෂව හෝ පිළිකුල් බවම එළඹ සිටී. මෙසේ අනුසස් දක්වන සේක. එසේ දක්වා -
එථ තුම්හෙ, භික්ඛවෙ, අසුභානුපස්සී කායෙ විහරථ, ආහාරෙ පටිකූලසඤ්ඤිනො සබ්බලොකෙ අනභිරතිසඤ්ඤිනො සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සිනොති. ඉමානි චත්තාරි කම්මට්ඨානානි කථෙසි. තෙපි භික්ඛූ ඉමෙසු චතූසු කම්මට්ඨානෙසු කම්මං කරොන්තා විපස්සනං වඩ්ඪෙත්වා සබ්බාසවෙ ඛෙපෙත්වා අරහත්තෙ පතිට්ඨහිංසු, ඉමානිපි චත්තාරි කම්මට්ඨානානි රාගසන්තානි දොසමොහසන්තානි රාගපටිඝාතානි දොසමොහපටිඝාතානි චාති.
එථ තුම්හෙ භික්ඛවෙ අසුභානුපස්සී කායෙ විහරථ, ආහාරෙ පටික්කූල සඤ්ඤිනො සබ්බලොකෙ අනභිරත සඤ්ඤිනො, සබ්බ සංඛාරෙසු අනිච්චානු පස්සිනො මේ සතර කමටහන් වදාළහ. ඒ භික්ෂූහු ද මේ සතර කර්මස්ථානයන්හි නිරතවැ වඩා විදසුන් වඩා සියලු ආශ්‍රවයන් ක්ෂය කොට රහත්බැව්හි පිහිටියාහු වෙති. මේ සතර කර්මස්ථානයෝ රාගය සන්සිඳවන්නාහු ද්වේෂ මෝහ සන්සිඳවන්නාහු රාගය නසන්නාහු, ද්වේෂය නසන්නාහුම වෙති.
සක්ඛරං ගහෙත්වාති අන්තොමුට්ඨියං තිට්ඨනපමාණං පාසාණං ගහෙත්වා. අයඤ්හි බ්රාහ්මණගහපතිකෙහි භික්ඛූ අක්කොසාපෙත්වාපි, බ්රාහ්මණගහපතිකානං වසෙන භික්ඛුසඞ්ඝස්ස ලාභසක්කාරං උප්පාදාපෙත්වාපි, ඔතාරං අලභන්තො ඉදානි සහත්ථා උපක්කමිතුකාමො අඤ්ඤතරස්ස කුමාරස්ස සරීරෙ අධිමුච්චිත්වා එවරූපං පාසාණං අග්ගහෙසි. තං සන්ධාය වුත්තං “සක්ඛරං ගහෙත්වා”ති.
සක්ඛරං ගහෙත්වා මිට ඇතුළෙහි සිටින ප්‍රමාණයේ ගලක් ගෙන මේ මාරයා වනාහි වනාහි බමුණු ගෘහපති ආදීන් ලවා භික්ෂූන්ට ආක්‍රොශ කරවා ද බමුණු ගෘහපති ආදීන්ගේ වශයෙන් භික්ෂු සංඝයාට ලාභ සත්කාර උපදවාද, සිදුරක් නො ලබන්නේ ද දැන් සියතින් උපක්‍රම කරනු කැමතිව, එක්තරා කුමාරයකුගේ ශරිරයෙහි ආවේශව මෙබඳු ගලක් ගත්තේය. සක්ඛරං ගහෙත්වාති යන්න ඒ සඳහා කියන ලදී.
සීසං වො භින්දීති සීසං භින්දි, මහාචම්මං ඡිජ්ජිත්වා මංසං ද්වෙධා අහොසි. සක්ඛරා පනස්ස සීසකටාහං අභින්දිත්වා අට්ඨිං ආහච්චෙව නිවත්තා. නාගාපලොකිතං අපලොකෙසීති පහාරසද්දං සුත්වා යථා නාම හත්ථිනාගො ඉතො වා එත්තො වා අපලොකෙතුකාමො ගීවං අපරිවත්තෙත්වා සකලසරීරෙනෙව නිවත්තිත්වා අපලොකෙති. එවං සකලසරීරෙනෙව නිවත්තිත්වා අපලොකෙසි. යථා හි මහාජනස්ස අට්ඨීනි කොටියා කොටිං ආහච්ච ඨිතානි, පච්චෙකබුද්ධානං අඞ්කුසලග්ගානි, න එවං බුද්ධානං. බුද්ධානං පන සඞ්ඛලිකානි විය එකාබද්ධානි හුත්වා ඨිතානි, තස්මා පච්ඡතො අපලොකනකාලෙ න සක්කා හොති ගීවං පරිවත්තෙතුං. යථා පන හත්ථිනාගො පච්ඡාභාගං අපලොකෙතුකාමො සකලසරීරෙනෙව පරිවත්තති, එවං පරිවත්තිතබ්බං හොති. තස්මා භගවා යන්තෙන පරිවත්තිතා සුවණ්ණපටිමා විය සකලසරීරෙනෙව නිවත්තිත්වා අපලොකෙසි, අපලොකෙත්වා ඨිතො පන, “න වායං දූසී මාරො මත්තමඤ්ඤාසී”ති ආහ. තස්සත්ථො, අයං දූසී මාරො පාපං කරොන්තො නෙව පමාණං අඤ්ඤාසි, පමාණාතික්කන්තමකාසීති.
සීසං වොභින්දති හිස බිඳුනේය. හිසේ සම බිඳී මස් දෙකඩ විය. ගල වනාහි හිස් කබල නොබිඳ ඇටයටම හැපී නැවතුනේය. නාගාපලොකිතං අපලොකෙසි මහා ශබ්දය අසා යම්සේ හස්ති නගා ඇතා ඈත හෝ මෑත බලනු කැමැත්තේ, බෙල්ල නො හරවා මුළු ඇඟම හරවා නැවතී ආපසු බලාද, එපරිද්දෙන් සියලු සිරුරින්ම නැවතී හැරී ආපසු බැලූ සේක. යම් හෙයකින් යම්සේ මහජනයාගේ ඇට කෙළවරින් කෙළවර හැපුනේද, (උරෙනුර ගැටී සිටියේද) පසේබුදුවරුන්ගේ අංකුසයෙන් ලැගුනාහු වෙත්ද, බුදුවරුන්ගේ එසේ නො වෙති. බුදුවරුන්ගේ හැකිල්ලක් මෙන් ඒකාබද්ධව සිටියාහු ද, එහෙයින් පිටිපස බලන කල්හි බෙල්ල පෙරළන්නට නො හැකි වෙයි. යම්සේ හස්ති නාගයා පිටිපස බලනු කැමැත්තේ සියලු සිරුරින්ම හැරේද, එසේ පෙරළා හැරියයුතු වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යන්ත්‍රයකින් හරවන ලද රන් පිළිමයක් සෙයින් සියලු සිරුරින්ම නැවතී බැලූ සේක. නැවත නැවත බලා සිටි සේක්, න චායං දුසීමාරො මත්තමඤ්ඤාසි යි වදාළහ. මේ දුසී මාරයා පව් කරන්නේ ප්‍රමාණයක් නො දත්තේම ය. පමණ ඉක්මවන සේ පව් කරයි.
සහාපලොකනායාති කකුසන්ධස්ස භගවතො අපලොකනෙනෙව සහ තඞ්ඛණඤ්ඤෙව. තම්හා ච ඨානා චවීති තම්හා ච දෙවට්ඨානා චුතො, මහානිරයං උපපන්නොති අත්ථො. චවමානො හි න යත්ථ කත්ථචි ඨිතො චවති, තස්මා වසවත්තිදෙවලොකං ආගන්ත්වා චුතො, “සහාපලොකනායා”ති ච වචනතො න භගවතො අපලොකිතත්තා චුතොති වෙදිතබ්බො, චුතිකාලදස්සනමත්තමෙව හෙතං. උළාරෙ පන මහාසාවකෙ විරද්ධත්තා කුදාරියා පහටං වියස්ස ආයු තත්ථෙව ඡිජ්ජිත්වා ගතන්ති වෙදිතබ්බං. තයො නාමධෙය්යා හොන්තීති තීණි නාමානි හොන්ති. ඡඵස්සායතනිකොති ඡසු ඵස්සායතනෙසු පාටියෙක්කාය වෙදනාය පච්චයො.
සභාපලොකෙනා කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේගේ බැලීම සමග එකෙණෙහිම තම්හා ච ඨානා වචි ඒ දෙව්ලොවින් ද චුත වූයේ මහා නරකයෙහි උපන්නේ ය. චුත වන්නේ ද යම්කිසි තැනක නොගොස් වසවර්ති දිව්‍ය ලෝකයටම චුත විය. සහාපලොකනාය යන වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ බැලූ බැවින්ම චුත වීයයි නොදත යුතු. මේ වනාහි චුති කාලය දැක්වීම පමණකි. උදාර වූ මහා ශ්‍රාවකයන් වෙත වරද කරන ලද බැවින් පොරවෙන් ගසන ලද්දක් මෙන් ඔහුගේ ආයුෂ එහිම සිඳී ගියේයයි දතයුතුය. තයො නාමධෙය්යො හොන්ති නම් තුනක් වෙති. ජ පස්සායතනිකො ස්පර්ශයතන සය අතුරෙහි වෙනම වේදනාවට ප්‍රත්‍යය වූ
සඞ්කුසමාහතොති අයසූලෙහි සමාහතො. පච්චත්තවෙදනියොති සයමෙව වෙදනාජනකො. සඞ්කුනා සඞ්කු හදයෙ සමාගච්ඡෙය්යාති අයසූලෙන සද්ධිං අයසූලං හදයමජ්ඣෙ සමාගච්ඡෙය්ය. තස්මිං කිර නිරයෙ උපපන්නානං තිගාවුතො අත්තභාවො හොති, ථෙරස්සාපි තාදිසො අහොසි. අථස්ස හි නිරයපාලා තාලක්ඛන්ධපමාණානි අයසූලානි ආදිත්තානි සම්පජ්ජලිතානි සජොතිභූතානි සයමෙව ගහෙත්වා පුනප්පුනං නිවත්තමානා, – “ඉමිනා තෙ ඨානෙන චින්තෙත්වා පාපං කත”න්ති පූවදොණියං පූවං කොට්ටෙන්තො විය හදයමජ්ඣං කොට්ටෙත්වා, පණ්ණාස ජනා පාදාභිමුඛා පණ්ණාස ජනා සීසාභිමුඛා කොට්ටෙත්වා ගච්ඡන්ති, එවං ගච්ඡන්තා පඤ්චහි වස්සසතෙහි උභො අන්තෙ පත්වා පුන නිවත්තමානා පඤ්චහි වස්සසතෙහි හදයමජ්ඣං ආගච්ඡන්ති. තං සන්ධාය එවං වුත්තං.
සංකුසමාහතො යහුල්වලින් විදින ලද්දේ පච්චත්ත වෙදනීයො තමා ම වේදනාව උපදවන්නේ, සංකුනා සංකු හදයෙ සමාගච්ඡෙය්ය යහුල සමග යහුල ළමැද එක්වන්නේ ය. ඒ නිරයේ උපන් සත්ත්වයන්ගේ තුන්ගවු වූ ආත්මභාව වෙයි. දුසීමාර වූ තෙරුන්ට ද එසේම විය. එකල ඔහුගේ ඒ අත්බැව්හිදී නිරයපාලයෝ තල්කඳන් පමණ වූ, හාත්පසින් ගිනි ඇවිලෙන්නා වූ, ගිනිදැල් සහිත වූ යකඩ උල් සියයක්ම ගෙන ‘තා විසින් මෙතැනින් සිතා පව්කරන ලදදැයි’ හුණු ඔරුවක හුණු කොටන්නවුන් මෙන් ළමැද කොටා පනස් දෙනෙක් දෙපා ළගින් ද, පනස් දෙනෙක් ඔළුව ළඟින්ද කොට කොටා යති. මෙසේ යමින් අවුරුදු පන්සියයකින් දෙකෙළවරට පැමිණ, නැවතී යළි අවුරුදු පන්සියයක් ළමැදට පැමිණෙත්. ඒ සඳහා කියන ලදී.
වුට්ඨානිමන්ති විපාකවුට්ඨානවෙදනං. සා කිර මහානිරයෙ වෙදනාතො දුක්ඛතරා හොති, යථා හි සිනෙහපානසත්තාහතො පරිහාරසත්තාහං දුක්ඛතරං, එවං මහානිරයදුක්ඛතො උස්සදෙ විපාකවුට්ඨානවෙදනා දුක්ඛතරාති වදන්ති. සෙය්යථාපි මච්ඡස්සාති පුරිසසීසඤ්හි වට්ටං හොති, සූලෙන පහරන්තස්ස පහාරො ඨානං න ලභති පරිගලති, මච්ඡසීසං ආයතං පුථුලං, පහාරො ඨානං ලභති, අවිරජ්ඣිත්වා කම්මකාරණා සුකරා හොති, තස්මා එවරූපං සීසං හොති.
වුට්ඨානිමං යනු විපාකයෙන් උපන් වේදනාවයි. එය වනාහි මහා නිරයේ වේදනාවට වඩා අතිශයින් දුක්වෙයි. යම්සේ තෙල් පානය කරන සතියට වඩා පරිහාර සතිය, පථ්‍ය සේවය කරන සතිය අතිශයින් දුක් වේද, එපරිද්දෙන් මහා නිරයට වඩා උස්සද නිරයේ විපාක වුට්ඨාන වේදනාව දුක් සහිතයයි කියත්. සෙය්යථාපි මච්ජස්ස යම්සේ පුරුෂයාගේ හිස රවුම් වේද, හුලෙන් පහර දෙන්නහුගේ පහර සිටීම නොලබාද, මාළුවාගේ හිස දික්ව පුළුල් වේද, පහර සිටීම ලබා ද, නොවරදවා කම්කටොළු කිරීම පහසු වේ. එහෙයින් මෙබඳු හිස වේ.
විධුරං සාවකමාසජ්ජාති විධුරං සාවකං ඝට්ටයිත්වා. පච්චත්තවෙදනාති සයමෙව පාටියෙක්කවෙදනාජනකා. ඊදිසො නිරයො ආසීති ඉමස්මිං ඨානෙ නිරයො දෙවදූතසුත්තෙන දීපෙතබ්බො. කණ්හ-දුක්ඛං නිගච්ඡසීති කාළක-මාර, දුක්ඛං වින්දිස්සසි.
විධුරං සාවක මාසජ්ජා විධුර නම් ශ්‍රාවකයන් අතර ගැටුම් ඇතිකොට, පච්චත්තවෙදනා තෙමේම වෙන වෙන වේදනා උපදවන ඊදිසො නිරයො ආසී මෙතැන්හි නිරය දේවදූත සූත්‍රයෙන් දැක්විය යුතු. කණ්හ දුක්ඛං නිගච්ඡසී කළුවන් මාරයා දුක් විඳින්නෙහි.
මජ්ඣෙ සරස්සාති මහාසමුද්දස්ස මජ්ඣෙ උදකං වත්ථුං කත්වා නිබ්බත්තවිමානානි කප්පට්ඨිතිකානි හොන්ති, තෙසං වෙළුරියස්ස විය වණ්ණො හොති, පබ්බතමත්ථකෙ ජලිතනළග්ගික්ඛන්ධො විය ච නෙසං අච්චියො ජොතන්ති, පභස්සරා පභාසම්පන්නා හොන්ති, තෙසු විමානෙසු නීලභෙදාදිවසෙන නානත්තවණ්ණා අච්ඡරා නච්චන්ති. යො එතමභිජානාතීති යො එතං විමානවත්ථුං ජානාතීති අත්ථො. එවමෙත්ථ විමානපෙතවත්ථුකෙනෙව අත්ථො වෙදිතබ්බො.
මජ්ඣෙ සරස්සා මහ මුහුද මැද ජලය වස්තු කොට උපන් විමානයෝ කල්පයක් පවතින්නා වෙති. ඒ විමානයන්ගේ වර්ණය පැහැය වෛධූර්ය මැණික් පාට වේ. කන්දක් මුදුනේ දැවෙන ගිනි කඳක් මෙන් ද, ඒ විමානයන්ගේ රශ්මීහු බබළති. පභස්සරා ප්‍රභාසම්පන්න වෙති. ඒ විමානයන්හි නිල් රතු ආදී විවිධ වර්ණ වෙති. අප්සරාවෝ නටති. යො එතම්හි ජානාති යමෙක් ඒ විමාන තොරතුරු දනිත් ද යන අර්ථයි. මෙහි දී විමාන වත්ථු ප්‍රේත වත්ථු ආදියෙන් අරුත් දැක්විය යුතුය.
පාදඞ්ගුට්ඨෙන කම්පයීති ඉදං පාසාදකම්පනසුත්තෙන දීපෙතබ්බං. යො වෙජයන්තං පාසාදන්ති ඉදං චූළතණ්හාසඞ්ඛයවිමුත්තිසුත්තෙන දීපෙතබ්බං. සක්කං සො පරිපුච්ඡතීති ඉදම්පි තෙනෙව දීපෙතබ්බං. සුධම්මායාභිතො සභන්ති සුධම්මසභාය සමීපෙ, අයං පන බ්රහ්මලොකෙ සුධම්මසභාව, න තාවතිංසභවනෙ. සුධම්මසභාවිරහිතො හි දෙවලොකො නාම නත්ථි.
පාදංගුට්ඨෙන කම්පයී යනු මේය ආසාද කම්පන සූත්‍රයෙන් දැක්විය යුතුය. යො වෙජයන්තං මෙය චූල තණ්හා සංඛය සූත්‍රයෙන් දැක්විය යුතුය. සක්කං සො පරිපුච්ඡති මෙය ද ඒ සූත්‍රයෙන්ම දැක්විය යුතුය. සුධම්මායං අභීතොසහං සුධර්මා සභාව සමීපයෙහි, මෙය බඹලොව සුධර්මා සභාවයි. තව්තිසා දෙව්ලොව නොවේ. සුධර්මා සභාවක් නැති දෙව්ලොවක් නැත.
බ්රහ්මලොකෙ පභස්සරන්ති බ්රහ්මලොකෙ මහාමොග්ගල්ලානමහාකස්සපාදීහි සාවකෙහි සද්ධිං තස්ස තෙජොධාතුං සමාපජ්ජිත්වා නිසින්නස්ස භගවතො ඔභාසං. එකස්මිඤ්හි සමයෙ භගවා බ්රහ්මලොකෙ සුධම්මාය දෙවසභාය සන්නිපතිත්වා, – “අත්ථි නු ඛො කොචි සමණො වා බ්රාහ්මණො වා එවංමහිද්ධිකො. යො ඉධ ආගන්තුං සක්කුණෙය්යා”ති චින්තෙන්තස්සෙව බ්රහ්මගණස්ස චිත්තමඤ්ඤාය තත්ථ ගන්ත්වා බ්රහ්මගණස්ස මත්ථකෙ නිසින්නො තෙජොධාතුං සමාපජ්ජිත්වා මහාමොග්ගල්ලානාදීනං ආගමනං චින්තෙසි. තෙපි ගන්ත්වා සත්ථාරං වන්දිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා පච්චෙකං දිසාසු නිසීදිංසු, සකලබ්රහ්මලොකො එකොභාසො අහොසි. සත්ථා චතුසච්චප්පකාසනං ධම්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ අනෙකානි බ්රහ්මසහස්සානි මග්ගඵලෙසු පතිට්ඨහිංසු. තං සන්ධායිමා ගාථා වුත්තා, සො පනායමත්ථො අඤ්ඤතරබ්රහ්මසුත්තෙන දීපෙතබ්බො.
බ්රහ්මලොකෙ පභස්සරං බ්‍රහ්මලෝකයේ සැරියුත් මුගලන්, මහා කස්සප ආදී ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද, තේජෝ ධාතුවට සමවැද වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ ආලෝකය (ඒ මෙසේයි.) එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බඹලොව සුධර්මා සභාවට රැස්ව, ‘යමෙක් මෙහි පැමිණෙන්නට හැකිවන්නේ නම් එසේ මහත් සෘද්ධි ඇති කිසි මහණෙක් හෝ බමුණෙක් ඇද්දෝ’ හෝ යි සිතන්නේ බ්‍රහ්ම සමූහයාගේ සිත් දැන එහි ගොස්, බ්‍රහ්ම සමූහයාගේ මුදුනෙහි වැඩහුන් සේක් තේජෝ ධාතුවට සමවැද, මහ මුගලන් ආදී තෙරුන්ගේ පැමිණීම බලාපොරොත්තු වූ සේක. ඔවුහු ද ගොස් ශාස්තෲන් වැඳ තේජෝ ධාතුවට සමවැද, වෙන වෙන දිශාවන්හි වැඩහුන්හ. සමස්ත බඹලොවම ඒකාලෝක විය. ශාස්තෲන් වහන්සේ චතුස්සත්‍යය ඇතුළත් ධර්මය දෙසූ සේක. දේශනාවසානයේ නොයෙක් දහස් ගණන් බඹ පිරිස මාර්ග ඵලයන්හි පිහිටියාහුය. ඒ සඳහා මේ ගාථාව කියන ලදී. එය බක බ්‍රහ්ම සූත්‍රයෙහි දැක්විය යුතුය. දැනගත යුතුය.
විමොක්ඛෙන අඵස්සයීති ඣානවිමොක්ඛෙන ඵුසි. වනන්ති ජම්බුදීපං. පුබ්බවිදෙහානන්ති පුබ්බවිදෙහානඤ්ච දීපං. යෙ ච භූමිසයා නරාති භූමිසයා නරා නාම අපරගොයානකා ච උත්තරකුරුකා ච. තෙපි සබ්බෙ ඵුසීති වුත්තං හොති. අයං පන අත්ථො නන්දොපනන්දදමනෙන දීපෙතබ්බො. වත්ථු විසුද්ධිමග්ගෙ ඉද්ධිකථාය විත්ථාරිතං. අපුඤ්ඤං පසවීති අපුඤ්ඤං පටිලභි. ආසං මා අකාසි භික්ඛූසූති භික්ඛූ විහෙසෙමීති එතං ආසං මා අකාසි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
විමොඛෙන අත්ථස්සයී ධ්‍යාන විමෝක්ෂයෙන් ස්පර්ශ කළේය. වනං දඹදිව, පුබ්බවිදෙහානං පූර්වවිදේහ නම් ද්වීපය. යෙච භූමිසයා නරා බිම හෝනා මිනිස්සු නම් අපරගෝයාන වාසීහුද, උතුරුකුරු දිවයින් වාසීහුද වෙති. ඔවුන් සියල්ලන් ද ස්පර්ශ කරන ලද්දේ යයි කියයි. මේ අර්ථය නන්දෝපනන්ද දමනයෙන් දැක්විය යුතුය. ඒ වස්තුව විශුද්ධි මාර්ගයේ සෘද්ධි කථාවෙන් විස්තර කරන ලදී. අපුඤ්ඤං පසවි අකුසල් ලැබී. අස මාකාසි භික්ඛූසු භික්ෂුන් රැස්වීම වෙහෙසෙමි. මෙසේ ආසා නොකරව. සෙසු සියලු තන්හි පැහැදිලි වූ අරුත් ඇත්තාහ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මාරතජ්ජනීයසුත්තවණ්ණනා නිට්ඨිතා.
මාර තජ්ජනීය සූත්‍ර වර්ණනාව නිමියේය.
පඤ්චමවග්ගවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි චූල යමක වර්ගය සමාප්තයි.
මූලපණ්ණාසට්ඨකථා නිට්ඨිතා.
පපඤ්ච සූදනී මජ්ඣිම නිකාය අට්ඨකථාවේ මූල පණ්ණාසක වර්ණනාව මෙතෙකින් අවසන් වේ.