අට්ඨකනාගර සුත්තවණ්ණනා අට්ඨකථා
අට්ඨකනාගර සුත්තවණ්ණනා
අට්ඨකනාගර සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අට්ඨකනාගරසුත්තං. තත්ථ බෙලුවගාමකෙති වෙසාලියා දක්ඛිණපස්සෙ අවිදූරෙ බෙලුවගාමකො නාම අත්ථි, තං ගොචරගාමං කත්වාති අත්ථො. දසමොති සො හි ජාතිගොත්තවසෙන චෙව සාරප්පත්තකුලගණනාය ච දසමෙ ඨානෙ ගණීයති, තෙනස්ස දසමොත්වෙව නාමං ජාතං. අට්ඨකනාගරොති අට්ඨකනගරවාසී. කුක්කුටාරාමොති කුක්කුටසෙට්ඨිනා කාරිතො ආරාමො.
එවම්මෙසුතං යනු අට්ඨකනාගර සුත්‍රයයි. එහි බෙලුව ගාමකෙ යනු විසාලානුවර දකුණු පස නුදුරෙහි බේලුවනම් ගමක්ඇත. එය ගොදුරුගම් කොට යන අර්ථයි. දසමො යනු ඔහු වනාහි ජාතිගෝත්‍ර වශයෙන්ද, උත්තමකුල ගණනින්ද දසවැනි තැනට ගැණේ නුයි එයට දසම යනුවෙන් නමක් හටගත්තේය. අටඨකනාගරො යනු අටයක නුවර වැසි කුක්කුටාරාමො යනු කුක්කුට සිටුවිසින් කරවන ලද අරම.
තෙන භගවතා…පෙ… අක්ඛාතොති එත්ථ අයං සඞ්ඛෙපත්ථො, යො සො භගවා සමතිංස පාරමියො පූරෙත්වා සබ්බකිලෙසෙ භඤ්ජිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, තෙන භගවතා, තෙසං තෙසං සත්තානං ආසයානුසයං ජානතා, හත්ථතලෙ ඨපිතආමලකං විය සබ්බං ඤෙය්යධම්මං පස්සතා. අපිච පුබ්බෙනිවාසාදීහි ජානතා, දිබ්බෙන චක්ඛුනා පස්සතා, තීහි විජ්ජාහි ඡහි වා පන අභිඤ්ඤාහි ජානතා, සබ්බත්ථ අප්පටිහතෙන සමන්තචක්ඛුනා පස්සතා, සබ්බධම්මජානනසමත්ථාය පඤ්ඤාය ජානතා, සබ්බසත්තානං චක්ඛුවිසයාතීතානි තිරොකුට්ටාදිගතානිපි රූපානි අතිවිසුද්ධෙන මංසචක්ඛුනා පස්සතා, අත්තහිතසාධිකාය සමාධිපදට්ඨානාය පටිවෙධපඤ්ඤාය ජානතා, පරහිතසාධිකාය කරුණාපදට්ඨානාය දෙසනාපඤ්ඤාය පස්සතා, අරීනං හතත්තා පච්චයාදීනඤ්ච අරහත්තා අරහතා, සම්මා සාමඤ්ච සච්චානං බුද්ධත්තා සම්මාසම්බුද්ධෙන. අන්තරායිකධම්මෙ වා ජානතා, නිය්යානිකධම්මෙ පස්සතා, කිලෙසාරීනං හතත්තා අරහතා, සාමං සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධෙනාති එවං චතුවෙසාරජ්ජවසෙන චතූහි කාරණෙහි ථොමිතෙන. අත්ථි නු ඛො එකො ධම්මො අක්ඛාතොති.
තෙන භගවතා -පෙ- අක්බාතො යනු මෙහි සංක්ෂේප අර්ථයයි. යම් ඒ භාග්‍යවත් කෙනෙක් සමතිස් පෙරුම්පුරා සව් කෙලෙස් බිඳ අනුත්තර සමබෝධිය අවබෝධ කරගත් සේක්ද ඒ භාග්‍යවතුන් විසින් ඒ ඒ සතුන්ගේ ආසය අනුසය ජානතා අත්ලෙහි තැබු ඇඹුලක් මෙන් සියලු දතයුතු දහම පස්සතා, තවද පුර්වනිවාස ආදීන්ගෙන් ජානතා, දිවැසින් පස්සතා ත්‍රිවිද්‍යාවෙන් හෝ ෂට් අභිඥා වන්ගෙන් ජානතා සියලු තන්හි අප්‍රතිහත සමන්ත චක්ෂුසයෙන් පස්සතා සියලු දහම් දැක්මේ සමත් නුවණින්. ජානතා සියලු සතුන්ගේ චක්ෂුපථය ඉක්මවාගිය තිරොකුඩ්ඩ ආදිකොට ගියාවුද රූප අතිපරිශුද්ධවු මසැසින් ද පස්සතා තමාට හිත සදන සමාධියට පාතලය වූ දේශනා ප්‍රඥාවෙන් පස්සතා සතුරන් නැසුහෙයින් ප්‍රත්‍යයාදීන්ට සුදුසු බැවින් අරහතා මැනැවින් සියලු සත්‍යයන් අවබෝධ කළහෙයින්. සම්මා සම්බුද්ධෙන, අන්තරායික ධර්මයන් ජානතා දන්නා බැවින් නෛර්යානික ධර්ම දක්නා බැවින් කෙලෙස් සතුරන් නැසු බැවින් අරහතා අර්හත්වූ, සියලු දහම් මැනවින් අවබෝධ කරගත් බැවින්, සම්මා සම්බුද්ධෙන යනු මෙසේ චතුර්වෛශාරද්ය වශයෙන් කරුණු සතරෙහි ස්තුති කරනු ලැබු බැවින් අත්ථිනුඛො එකො ධම්මො අක්ඛාතො යනු
අභිසඞ්ඛතන්ති කතං උප්පාදිතං. අභිසඤ්චෙතයිතන්ති චෙතයිතං පකප්පිතං. සො තත්ථ ඨිතොති සො තස්මිං සමථවිපස්සනාධම්මෙ ඨිතො. ධම්මරාගෙන ධම්මනන්දියාති පදද්වයෙහි සමථවිපස්සනාසු ඡන්දරාගො වුත්තො. සමථවිපස්සනාසු හි සබ්බෙන සබ්බං ඡන්දරාගං පරියාදියිතුං සක්කොන්තො අරහා හොති, අසක්කොන්තො අනාගාමී හොති. සො සමථවිපස්සනාසු ඡන්දරාගස්ස අප්පහීනත්තා චතුත්ථජ්ඣානචෙතනාය සුද්ධාවාසෙ නිබ්බත්තති, අයං ආචරියානං සමානකථා.
අභිසංඛතං යනු කරන ලද උපදවන ලද, අභිසංචෙතයිතං යනු සිතන ලද මැනවින් කල්පනා කරන ලද. සොතත්ථඨිතො යනු හේ ඒ සමථ විදර්ශනා ධර්මයෙහි සිටියේ. ධම්මරාගෙන ධම්ම නන්දියා යනු පද දෙකින් සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය කියන ලදී. සමථ විදර්ශනාවන්හි සියල්ලෙන් සියල්ල ඡන්දරාගය පතුරුවන්නට හැක්කේ රහත්වුයේ නම් වේ. නොහැක්කේ අනාගාමි වෙයි. හෙතෙමේ සමථවිදර්ශනාවන්හි ඡන්දරාගය ප්‍රහීණ නොකළ බැවින් චතුර්ධ්‍යාන චේතනාවෙන් සුද්ධාවාසයෙහි උපදී. මෙය ආචාර්යවරුන්ගේ සමාන කථාවෙකි.
විතණ්ඩවාදී පනාහ “තෙනෙව ධම්මරාගෙනාති වචනතො අකුසලෙන සුද්ධාවාසෙ නිබ්බත්තතී”ති සො “සුත්තං ආහරා”ති වත්තබ්බො, අද්ධා අඤ්ඤං අපස්සන්තො ඉදමෙව ආහරිස්සති, තතො වත්තබ්බො “කිං පනිදං සුත්තං නෙය්යත්ථං නීතත්ථ”න්ති, අද්ධා නීතත්ථන්ති වක්ඛති. තතො වත්තබ්බො – එවං සන්තෙ අනාගාමිඵලත්ථිකෙන සමථවිපස්සනාසු ඡන්දරාගො කත්තබ්බො භවිස්සති, ඡන්දරාගෙ උප්පාදිතෙ අනාගාමිඵලං පටිවිද්ධං භවිස්සති “මා සුත්තං මෙ ලද්ධ”න්ති යං වා තං වා දීපෙහි. පඤ්හං කථෙන්තෙන හි ආචරියස්ස සන්තිකෙ උග්ගහෙත්වා අත්ථරසං පටිවිජ්ඣිත්වා කථෙතුං වට්ටති, අකුසලෙන හි සග්ගෙ, කුසලෙන වා අපායෙ පටිසන්ධි නාම නත්ථි. වුත්තඤ්හෙතං භගවතා –
විතණ්ඩවාදියා මෙසේ කීය. තෙනෙව ධම්මරාගෙන යනු වචනයෙන් සිදුවන අකුසලයෙන් සුද්ධාවාසයෙහි උපදියි යනුවෙන් හෙතෙමේ සුත්‍රයක් ගෙනවයි කිවයුතුය. ඒකාන්තයෙන් අනෙකක් නොදක්නේ මෙයම ගෙනෙන්නේ ය. ඒනිසා කිවයුතුයි. මේ සුත්‍රය ගෙන ආයුතු අර්ථ ඇත්තේද, ගෙන ආ අර්ථ ඇත්තේද, ඒකාන්තයෙන් ගෙන එන ලද අර්ථ ඇත්තේ යයි කියයි. එවිට මෙසේ කිවයුතුයි. මෙසේ ඇති කල්හි අනාගාමිඵල කැමැත්තහු විසින් සමථවිදර්ශනාවන්හි ඡන්දරාගය කළයුතු වන්නේ ය. ඡන්දරාගය උපදවාගත්විට අනාගාමිඵලය ප්‍රතිවේධ කරන ලද්දේ වන්නේ ය. සුත්‍රය මා විසින් ලබන ලද්දේ යයි යම්කිසිවක් නොදක්වන්න. ප්රශ්නය කථාකරන්නහු විසින් ආචාර්යයන් ළඟ උගෙන අර්ථ රසය අවබෝධ කොට කියන්නට වටී. අකුසලයෙන් ස්වර්ගයෙහි වත් කුසලයෙන් අපායෙහි වත් ඉපදීමක් නම් නැත. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී -
“න, භික්ඛවෙ, ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියො, අථ ඛො, භික්ඛවෙ, ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා පනඤ්ඤාපි කාචි දුග්ගතියො”ති –
මහණෙනි. ලෝභයෙන් උපන් කර්මයෙන්, දෝෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නොපැනෙත්. මිනිස්සු පැනෙත් කිම වෙනත් කිසියම් සුගතීහු වෙත්ද? ඉක්බිති මහණෙනි, ලෝභයෙන් උපන් කර්මයෙන් දෝෂයෙන් උපන් කර්මයෙන් මෝහයෙන් උපන් කර්මයෙන් නිරය පැනෙයි තිරිසන් යෝනිය පැනෙයි. ප්‍රේත විෂය පැනෙයි. කිම කිසියම් අන් දුගතියක් වේද -
එවං පඤ්ඤාපෙතබ්බො. සචෙ සඤ්ජානාති සඤ්ජානාතු, නො චෙ සඤ්ජානාති, “ගච්ඡ පාතොව විහාරං පවිසිත්වා යාගුං පිවාහී”ති උය්‍යොජෙතබ්බො.
මෙසේ පැනවිය යුතුය. ඉදින් දන්නේ නම් දනීවා. නොදන්නේනම්. යව. උදෑසනම විහාරයට පිවිස කැඳ බොවයි යැවිය යුතුය.
යථා ච පන ඉමස්මිං සුත්තෙ, එවං මහාමාලුක්යොවාදෙපි මහාසතිපට්ඨානෙපි කායගතාසතිසුත්තෙපි සමථවිපස්සනා කථිතා. තත්ථ ඉමස්මිං සුත්තෙ සමථවසෙන ගච්ඡතොපි විපස්සනාවසෙන ගච්ඡතොපි සමථධුරමෙව ධුරං, මහාමාලුක්යොවාදෙ විපස්සනාව ධුරං, මහාසතිපට්ඨානං පන විපස්සනුත්තරං නාම කථිතං, කායගතාසතිසුත්තං සමථුත්තරන්ති.
යම්සේ මේ සුත්‍රයෙහි මෙසේ මහාමාලුඞ්ක්යයා චාදයෙහි ද මහා සතිපට්ඨානයෙහිද කායගතාසති සූත්‍රයෙහිද සමථ විපස්සනාව කියන ලදී. එහි මේ සුත්‍රයෙහි සමථ වශයෙන් යන්නහුගේද විදර්ශනා වශයෙන් යන්නහුගේද සමථ ධුරයම ධුරය වේ. මහා මාලුඞ්ක්‍ය වාදයෙහි විදර්ශනාවම ධුරයයි. මහාසතිපට්ඨානය විදර්ශනාවෙන් උසස්යයි කියන ලදී. කායගතාසති සූත්‍රය සමථයෙන් උසස්ය.
අයං ඛො ගහපති…පෙ… එකධම්මො අක්ඛාතොති එකධම්මං පුච්ඡිතෙන අයම්පි එකධම්මොති එවං පුච්ඡාවසෙන කථිතත්තා එකාදසපි ධම්මා එකධම්මො නාම ජාතො. මහාසකුලුදායිසුත්තස්මිඤ්හි එකූනවීසති පබ්බානි පටිපදාවසෙන එකධම්මො නාම ජාතානි, ඉධ එකාදසපුච්ඡාවසෙන එකධම්මොති ආගතානි. අමතුප්පත්තියත්ථෙන වා සබ්බානිපි එකධම්මොති වත්තුං වට්ටති.
අයං ඛො ගහපති - පෙ - එකධම්මො අක්ඛාතො යනු එක් ධර්මයක් අසනු ලැබුවහු විසින් මෙයද ඒකධර්මයයි මෙසේ ඇසීම් වශයෙන් කියන ලද බැවින් එකොළොස්දහම් එකධම්ම නම් විය. මහාසකුලුදායි සුත්‍රයෙහි පරිච්ඡේද දහනවයක ප්රතිපදාවශයෙන් ඒකධර්ම නම් විය. මෙහි එකොළොසක් විමසීම් වශයෙන් ඒකධර්ම යි පැමිණියේය. අමෘත ඉපදවීම් අරුතින් හෝ සියල්ලම ඒකධර්ම යයි කියන්ට වටී.
නිධිමුඛං ගවෙසන්තොති නිධිං පරියෙසන්තො. සකිදෙවාති එකපයොගෙන. කථං පන එකපයොගෙනෙව එකාදසන්නං නිධීනං අධිගමො හොතීති. ඉධෙකච්චො අරඤ්ඤෙ නිධිං ගවෙසමානො චරති, තමෙනං අඤ්ඤතරො අත්ථචරකො දිස්වා “කිං භො චරසී”ති පුච්ඡති. සො “ජීවිතවුත්තිං පරියෙසාමී”ති ආහ. ඉතරො “තෙන හි සම්ම ආගච්ඡ, එතං පාසාණං පවත්තෙහී”ති ආහ. සො තං පවත්තෙත්වා උපරූපරි ඨපිතා වා කුච්ඡියා කුච්ඡිං ආහච්ච ඨිතා වා එකාදස කුම්භියො පස්සෙය්ය, එවං එකපයොගෙන එකාදසන්නං නිධීනං අධිගමො හොති.
නිධිමුඛං ගවෙසන්තො යනු නිධානය සොයන්නේ. සකිදෙවා යනු එක් ප්රයෝගයකින්ම, එක් ප්‍රයෝගයකින් එකොළොස් නිධන් පිළිබඳ අධිගමය වන්නේ කෙසේද. මෙහි ඇතැම් කෙනෙක් වනයෙහි නිධන් සොයමින් හැසිරෙති. ඔවුන්ගේ එක්තරා අර්ථයෙහි හැසිරෙන පුද්ගලයෙක් ඒ දැක මිතුරනි ඔබ කුමක් නිසා හැසිරෙනු දැයි අසයි. හේ ජිවිකාවෘත්තිය සොයමියි කීය. අනිකා එසේනම් මිතුර එන්න. එක්ගලක් පෙරළවයිකීය. ඔහු එය පෙරළා උඩින් උසින් තැබුවාවුද ලෙන්වල එකිනෙක ගැටී තිබුණාවුද කළගෙඩි එකොළොසක් දකී. මෙසේ එක් ප්‍රයෝගයකින් එකොළොසක අධිගමය වන්නේය.
ආචරියධනං පරියෙසිස්සන්තීති අඤ්ඤතිත්ථියා හි යස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හන්ති, තස්ස සිප්පුග්ගහණතො පුරෙ වා පච්ඡා වා අන්තරන්තරෙ වා ගෙහතො නීහරිත්වා ධනං දෙන්ති. යෙසං ගෙහෙ නත්ථි, තෙ ඤාතිසභාගතො පරියෙසන්ති, තථා අලභමානා භික්ඛම්පි චරිත්වා දෙන්තියෙව. තං සන්ධායෙතං වුත්තං.
ආචරියධනං පරියෙසිස්සන්ති යනු අන්‍ය තීර්ථකයෝ යමකු සමීපයෙහි ශිල්ප උගනිත්ද, ඔහුට ශිල්ප උගෙනීමට පෙරාතුවද, පසුවද අතරතුරෙහිද ගෙන් පිටතට ගෙනවුත් ධන දෙති, යමකුගේ ගෙහි නැත්නම් ඔවුහු ඥාතීන් සොයා යති. එසේත් නොලබන්නාහු පිඬුසිගා හැසිර හෝ දෙත්මය. ඒ සඳහා මෙය කියන ලදී.
කිමඞ්ගං පනාහන්ති බාහිරකා තාව අනිය්යානිකෙපි සාසනෙ සිප්පමත්තදායකස්ස ධනං පරියෙසන්ති; අහං පන එවංවිධෙ නිය්යානිකසාසනෙ එකාදසවිධං අමතුප්පත්තිපටිපදං දෙසෙන්තස්ස ආචරියස්ස පූජං කිං න කරිස්සාමි, කරිස්සාමියෙවාති වදති. පච්චෙකදුස්සයුගෙන අච්ඡාදෙසීති එකමෙකස්ස භික්ඛුනො එකෙකං දුස්සයුගමදාසීති අත්ථො. සමුදාචාරවචනං පනෙත්ථ එවරූපං හොති, තස්මා අච්ඡාදෙසීති වුත්තං. පඤ්චසතවිහාරන්ති පඤ්චසතග්ඝනිකං පණ්ණසාලං කාරෙසීති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මම කුමක් කරම්ද? බැහැරියෝ නම් අනෛර්යානිකවු සසුනෙහිද ශිල්ප මාත්‍රය පමණක් දෙන්නහුට ධනය සොයත්. මම වනාහි නෛර්යානික ශාසනයෙහි එකොළොස් වැදෑරූම් අමා උපදවන ප්‍රතිපදාව දෙසන ආචාර්ය වරයාට පූජාවක් කිම නොකරන්නෙම්දැයි කියයි. පච්චෙක දුස්ස යුගෙන අච්ඡාදෙසි යනු එක්එක් භික්ෂුවට එක් එක් වස්ත්‍ර යුගලයක් බැගින් දුන්නේය යන අර්ථයි. ව්‍යවහාර වචනය මෙහි මෙසේ වෙයි. ඒ නිසා හැඳගන්නැයි කියන ලඳී. පඤ්චසතං විහාරං යනු පන්සියයක් වටනා පන්සලක් කරවීය යන අර්ථයි සෙස්ස හැමතැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අට්ඨකනාගරසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි අටඨකනාගර සුත්‍රයයි.