සෙඛ සුත්තවණ්ණනා අට්ඨකථා
සෙඛ සුත්තවණ්ණනා
සෙඛ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සෙඛසුත්තං. තත්ථ නවං සන්ථාගාරන්ති අධුනා කාරිතං සන්ථාගාරං, එකා මහාසාලාති අත්ථො. උය්යොගකාලාදීසු හි රාජානො තත්ථ ඨත්වා “එත්තකා පුරතො ගච්ඡන්තු, එත්තකා පච්ඡා, එත්තකා උභොහි පස්සෙහි, එත්තකා හත්ථීසු අභිරුහන්තු, එත්තකා අස්සෙසු, එත්තකා රථෙසු තිට්ඨන්තූ”ති එවං සන්ථං කරොන්ති, මරියාදං බන්ධන්ති, තස්මා තං ඨානං සන්ථාගාරන්ති වුච්චති. උය්යොගට්ඨානතො ච ආගන්ත්වා යාව ගෙහෙසු අල්ලගොමයපරිභණ්ඩාදීනි කරොන්ති, තාව ද්වෙ තීණි දිවසානි තෙ රාජානො තත්ථ සන්ථම්භන්තීතිපි සන්ථාගාරං. තෙසං රාජූනං සහ අත්ථානුසාසනං අගාරන්තිපි සන්ථාගාරං ගණරාජානො හි තෙ, තස්මා උප්පන්නකිච්චං එකස්ස වසෙන න ඡිජ්ජති, සබ්බෙසං ඡන්දො ලද්ධුං වට්ටති, තස්මා සබ්බෙ තත්ථ සන්නිපතිත්වා අනුසාසන්ති. තෙන වුත්තං “සහ අත්ථානුසාසනං අගාරන්තිපි සන්ථාගාර”න්ති. යස්මා පනෙතෙ තත්ථ සන්නිපතිත්වා “ඉමස්මිං කාලෙ කසිතුං වට්ටති, ඉමස්මිං කාලෙ වපිතු”න්ති එවමාදිනා නයෙන ඝරාවාසකිච්චානි සම්මන්තයන්ති, තස්මා ඡිද්දාවඡිද්දං ඝරාවාසං තත්ථ සන්ථරන්තීතිපි සන්ථාගාරං. අචිරකාරිතං හොතීති කට්ඨකම්ම-සිලාකම්ම-චිත්තකම්මාදිවසෙන සුසජ්ජිතං දෙවවිමානං විය අධුනා නිට්ඨාපිතං. සමණෙන වාති එත්ථ යස්මා ඝරවත්ථුපරිග්ගහකාලෙයෙව දෙවතා අත්තනො වසනට්ඨානං ගණ්හන්ති, තස්මා “දෙවෙන වා”ති අවත්වා “සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙනා”ති වුත්තං.
එවම්මෙසුතං යනු සෙඛ සුත්‍රයයි. එහි නවං සන්ථාගාරං යනු අලුතින් කරවන ලද සන්ථාගාරං එක් මහාශාලාවකි යන අර්ථයි. යුද්ධකාලආදියෙහි රජවරු මරණයට ළංවු කල්හි එහි සිට මෙපමණ කෙනෙක් දෙපසින් යවු. මෙපමණ කෙනෙක් ඇතුන් පිටනගිවු. මෙපමණ කෙනෙක් අශ්වයන් පිටනගිවු. මෙපමණ කෙනෙක් රියවල යවුයයි මෙසේ වින්‍යාස කරත්. වැට බඳිත් ඒ නිසාත් ස්ථානය සන්ථාගාරයයි කියනු ලැබේ. යොදවන ස්ථානයෙහි සිට පැමිණ යම්තාක් ගෙවල අමුගොම පිරිබඩ ගැනීම් ආදිය කරත්ද ඒතාක් දෙතුන් දිනක් ඒ රජවරු එහි තනිව වෙසෙත්නුයි සන්ථාගාර නමි ඒ රජුන්ගේ අර්ථානුශාසනා සහිත ගෙයනුයි සන්ථාගාර නමි ඔවුහු වනාහි ගණරජවරුය. ඒනිසා හටගත් කාර්යය එක් අයකුට යැයි නොබෙදේ, සියල්ලන්ගේ කැමැත්ත ලැබීම අවශ්‍යය. ඒනිසා සියල්ලෝ එහි රැස්ව උපදෙස් ගනිත්. අර්ථානුශාසනය සහිතවු අගාරයනුයි සන්ථාගාරයයිද ඒනිසා කියන ලදී. යම්හෙයකින් ඔවුහු එහි රැස්ව මෙකල සීසාන්ට සුදුසුය මෙකල වපුරන්ට සුදුසුය. මේ ආදි ක්‍රමයෙන් ගෘහවාසයෙහි කටයුතු සම්මන්ත්‍රණය කෙරෙත්. ඒනිසා ගෘහවාසයෙහි අඩුපාඩුකම් මෙහිදී දිගහරිත්නුයි සන්ථාගාර නමි අචිරකාරිතං යනු ලී වැඩ සිතුවම් ගල්වැඩ ආදිවශයෙන් සුසැදි දෙවි විමනක් මෙන් අලුතින් නිමවන ලදී, සමණෙනවා යනු මෙහි යම්හෙයකින් ගෘහවාස්තු පිළිගන්නා කාලයෙහිම දෙවියෝ තමන්ගේ වසනතැන් ගනිති. ඒ නිසා දෙවියන් යයි නොකියා සමණෙනවා බ්රාහ්මණෙනවා කෙනචිවා මනුස්සභුතෙන යයි කියන ලදී.
යෙන භගවා තෙනුපසඞ්කමිංසූති සන්ථාගාරං නිට්ඨිතන්ති සුත්වා “ගච්ඡාම, නං පස්සිස්සාමා”ති ගන්ත්වා ද්වාරකොට්ඨකතො පට්ඨාය සබ්බං ඔලොකෙත්වා “ඉදං සන්ථාගාරං දෙවවිමානසදිසං අතිවිය මනොරමං සස්සිරිකං කෙන පඨමං පරිභුත්තං අම්හාකං දීඝරත්තං හිතාය සුඛාය අස්සා”ති චින්තෙත්වා “අම්හාකං ඤාතිසෙට්ඨස්ස පඨමං දිය්යමානෙපි සත්ථුනොව අනුච්ඡවිකං, දක්ඛිණෙය්යවසෙන දිය්යමානෙපි සත්ථුනොව අනුච්ඡවිකං, තස්මා පඨමං සත්ථාරං පරිභුඤ්ජාපෙස්සාම, භික්ඛුසඞ්ඝස්ස ආගමනං කරිස්සාම, භික්ඛුසඞ්ඝෙ ආගතෙ තෙපිටකං බුද්ධවචනං ආගතමෙව භවිස්සති, සත්ථාරං තියාමරත්තිං අම්හාකං ධම්මකථං කථාපෙස්සාම, ඉති තීහි රතනෙහි පරිභුත්තං මයං පච්ඡා පරිභුඤ්ජිස්සාම, එවං නො දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති සන්නිට්ඨානං කත්වා උපසඞ්කමිංසු.
යෙන භගවා තෙනුපසංකමිංසු යනු සන්ථාගාරය නිමාවී යයි අසා යමු එය බලන්නෙමුයි ගොස් දොරකොටුවෙහි පටන් සියල්ල බලා මේ සන්ථාගාරය දෙවි විමනක් මෙන් අතිශයින් මනරම්ය. සිරිමත්ය. කවරකු විසින් පළමුව පරිභෝජනය කරන ලද්දේ අපහට බොහෝකලක් හිතසුව පිණිස වන්නේදැයි සිතා අපගේ ඥාති ශ්‍රේෂ්ඨයාට පළමුකොට දෙනු ලබන කල්හිද, ශාස්තෘෘන් වහන්සේට සුදුසු ලෙස දක්ෂිණාවක් වශයෙන් දෙනුලබන කල්හි ද ශාස්තෘෘන්වහන්සේටම සුදුසුයයි ඒ නිසා පළමුව ශාස්තෘන් වහන්සේ වළඳවන්නෙමු. භික්ෂුසංඝයාගේ පැමිණීම සිදු කරන්නෙමු. භික්ෂුසංඝයා පැමිණිකල්හි ත්‍රිපිටක බුද්ධ වචනයම පැමිණියේම වන්නේය. ශාස්තෘෘන් වහන්සේ ලවා තුන්යම්රැය අපට ධර්ම කථා කියවන්නෙමු. මෙසේ තුනුරුවන් විසින් පරිභෝග කළ දෙය පසුව අපි පරිභෝග කරන්නෙමු. මෙසේ අපට දිගුලකලක් හිතසුව පිණිස වන්නේයයි සනිටුහන් කොට එළමියාහුය.
යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසූති තං දිවසං කිර සන්ථාගාරං කිඤ්චාපි රාජකුලානං දස්සනත්ථාය දෙවවිමානං විය සුසජ්ජිතං හොති සුපටිජග්ගිතං, බුද්ධාරහං පන කත්වා අප්පඤ්ඤත්තං. බුද්ධා හි නාම අරඤ්ඤජ්ඣාසයා අරඤ්ඤාරාමා අන්තොගාමෙ වසෙය්යුං වා නො වා, තස්මා භගවතො මනං ජානිත්වාව පඤ්ඤාපෙස්සාමාති චින්තෙත්වා තෙ භගවන්තං උපසඞ්කමිංසු. ඉදානි පන මනං ලභිත්වා පඤ්ඤාපෙතුකාමා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු.
යෙන සන්ථාගාරං තෙනුපසංකමිංසු යනු එදවස වනාහි සන්ථාගාරය ඕනෑම රාජකුලයන්ට පෙන්වනු පිණිස දෙව්විමනක් මෙන් සරසන ලද්දේවෙයි. මනාසේ පිළිදැගුම් කරන ලද්දේ බුදුන්ට සුදුසුසේ කොට ආසන නොපවන ලද්ය. බුදුවරුනම් අරණ්‍යය පිළිබඳ අදහස් ඇත්තාහුය. අරණ්‍යයෙහි විසීමට කැමැත්ත ඇත්තෝය. ඇතුළුගම වසන්නෝ හෝ නොවසන්නෝ හෝ, ඒනිසා භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙනම අසුන් පනවන්නෙමුයි සිතා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට එළැඹියාහුය. දැන් කැමැත්ත ලැබ අසුන් පනවනු කැමැත්තාහු සන්ථාගාරය ඇති තැනට එළැඹියාහුය.
සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වාති යථා සබ්බමෙව සන්ථතං හොති, එවං තං සන්ථරාපෙත්වා. සබ්බපඨමං තාව “ගොමයං නාම සබ්බමඞ්ගලෙසු වට්ටතී”ති සුධාපරිකම්මකතම්පි භූමිං අල්ලගොමයෙන ඔපුඤ්ඡාපෙත්වා පරිසුක්ඛභාවං ඤත්වා යථා අක්කන්තට්ඨානෙ පදං න පඤ්ඤායති, එවං චතුජ්ජාතියගන්ධෙහි ලිම්පාපෙත්වා උපරි නානාවණ්ණෙ කටසාරකෙ සන්ථරිත්වා තෙසං උපරි මහාපිට්ඨිකකොජවකෙ ආදිං කත්වා හත්ථත්ථරක-අස්සත්ථරක-සීහත්ථරක-බ්යග්ඝත්ථරක-චන්දත්ථරක-සූරියත්ථරක-චිත්තත්ථරකාදීහි නානාවණ්ණෙහි අත්ථරණෙහි සන්ථරිතබ්බකයුත්තං සබ්බොකාසං සන්ථරාපෙසුං. තෙන වුත්තං “සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා”ති.
සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා යනු යම්සේ සියල්ල අතුරුවා නම් වේද එසේ එය අතුරුවා සියල්ලට පළමුව ගොම සියලු මංගල අවස්ථාවල සුදුසුය. හුණුපිරියම් කළද, බිම අමුගොමින් ගාවා පිරිසිදු බව දැන යම්සේ පාතැබුතැන පාසලකුණ පෙනේද එසේ සිව්දැගඳින් ආලේපකොට මත්තෙහි නන්වන් පැලලි එලා ඒවා මත්තෙහි කෙඳි සහිත කොමුපිළි ආදී කොට ඇති ඇත්වැසුම් අස්වැසුම් දිවිවැසුම් රන් වැසුම් හිරුවැසුම් විසිතුරුවැසුම් ආදී නන් ඇතිරිලිවලින් ඇතිරිය යුතු සියලු අවකාශයන් අතුරාලූහ. එසේ හෙයින් කියන ලදී සබ්බත්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා යනුවෙන්ද
ආසනානි පඤ්ඤාපෙත්වාති මජ්ඣට්ඨානෙ තාව මඞ්ගලත්ථම්භං නිස්සාය මහාරහං බුද්ධාසනං පඤ්ඤාපෙත්වා තත්ථ යං යං මුදුකඤ්ච මනොරමඤ්ච පච්චත්ථරණං, තං තං පච්චත්ථරිත්වා භගවතො ලොහිතකං මනුඤ්ඤදස්සනං උපධානං උපදහිත්වා උපරි සුවණ්ණරජතතාරකවිචිත්තං විතානං බන්ධිත්වා ගන්ධදාමපුප්ඵදාමපත්තදාමාදීහි පච්චත්ථරණෙහි අලඞ්කරිත්වා සමන්තා ද්වාදසහත්ථට්ඨානෙ පුප්ඵජාලං කරිත්වා තිංසහත්ථමත්තං ඨානං පටසාණියා පරික්ඛිපාපෙත්වා පච්ඡිමභිත්තිං නිස්සාය භික්ඛුසඞ්ඝස්ස පල්ලඞ්කපීඨ-අපස්සයපීඨ-මුණ්ඩපීඨානි පඤ්ඤාපෙත්වා උපරි සෙතපච්චත්ථරණෙහි පච්චත්ථරාපෙත්වා පාචීනභිත්තිං නිස්සාය අත්තනො අත්තනො මහාපිට්ඨිකකොජවකෙ පඤ්ඤාපෙත්වා හංසලොමාදිපූරිතානි උපධානානි ඨපාපෙසුං “එවං අකිලමමානා සබ්බරත්තිං ධම්මං සුණිස්සාමා”ති. ඉදං සන්ධාය වුත්තං “ආසනානි පඤ්ඤාපෙත්වා”ති.
ආසනානි පඤ්ඤපෙත්වා යනුවෙන්ද මධ්‍යස්ථානයෙහි මඟුල්ටැඹ නිසා මහාර්ඝවු බුද්ධාසනය පනවා එහි යම්යම් මෘදුවුද මනොරම්යවුද තවත් ඇතිරිලිවේද ඒ ඒ ඇතිරිලි නැවත අතුරා භාග්‍යවතුන් වහන්සේට ලෝහිත වර්ණවු මනෝඥ පෙනුම ඇති කොට්ටයක් තබා මත්තෙහි රනින් හා රිදියෙන් තරු මැසු විසිතුරු වියනක් බැඳ ගඳදුම් මල්දම් පන්දම් ආදියෙන් අලංකාර කොට හාත්පස දොළොස් රියන් තැන මල්වැල් කරවා තිස්රියන් පමණ තැන් පටතිරයෙන් වටකරවා පසුපස බිත්තිය නිසා භික්ෂුසංඝයාට පලක් බැඳ හිඳිනා පුටු ඇඳිපුටු ඇඳපුටු පනවා මතුයෙහි සුදු ඇතිරිලි අතුරා පෙරදිග බිත්තිය නිසා තමාට කෙඳිසහිත බුමුතුරුණු අතුරා හංස පිහාටු ආදියෙන් පුරවාලු කොට්ට තැබ්බවූහ. මෙසේ වෙහෙස නොබලා මුළු රැය දහම් අසන්නෙමුයි. අසුන් පනවා යයි මේ සඳහා කියන ලදී.
උදකමණිකන්ති මහාකුච්ඡිකං උදකචාටිං. උපට්ඨපෙත්වාති එවං භගවා ච භික්ඛුසඞ්ඝො ච යථාරුචියා හත්ථෙ වා ධොවිස්සන්ති පාදෙ වා, මුඛං වා වික්ඛාලෙස්සන්තීති තෙසු තෙසු ඨානෙසු මණිවණ්ණස්ස උදකස්ස පූරාපෙත්වා වාසත්ථාය නානාපුප්ඵානි චෙව උදකවාසචුණ්ණානි ච පක්ඛිපිත්වා කදලිපණ්ණෙහි පිදහිත්වා පතිට්ඨාපෙසුං. ඉදං සන්ධාය වුත්තං “උපට්ඨපෙත්වා”ති.
උදකමණිකං යනු මහ බඳක් ඇති දියසැළිය, පතිට්ඨපෙත්වා යනු මෙසේ භාග්‍යවතුන් වහන්සේද භික්ෂුසංඝයාද රුචිපරිදි අත් හෝ දොවන්නාහුය, පා හෝ මුව හෝ සෝදන්නාහු යයි ඒ ඒ තැන මිණිවන් ජලය පුරවා සුවඳ පිණිස නොයෙක් මල් ද, ජලය සුවඳවත් කරන සුණුද බහා කෙසෙල් පත්‍රයෙන් වසා තැබ්බවුහ, පතිට්ඨපෙත්වා යනු මේ සඳහා කියන ලදී.
තෙලප්පදීපං ආරොපෙත්වාති රජතසුවණ්ණාදිමයදණ්ඩාසු දීපිකාසු යොනකරූපකිරාතරූපකාදීනං හත්ථෙ ඨපිතසුවණ්ණරජතාදිමයකපල්ලකාදීසු ච තෙලප්පදීපං ජලයිත්වාති අත්ථො. යෙන භගවා තෙනුපසඞ්කමිංසූති එත්ථ පන තෙ සක්යරාජානො න කෙවලං සන්ථාගාරමෙව, අථ ඛො යොජනාවට්ටෙ කපිලවත්ථුස්මිං නගරවීථියොපි සම්මජ්ජාපෙත්වා ධජෙ උස්සාපෙත්වා ගෙහද්වාරෙසු පුණ්ණඝටෙ ච කදලියො ච ඨපාපෙත්වා සකලනගරං දීපමාලාදීහි විප්පකිණ්ණතාරකං විය කත්වා “ඛීරපායකෙ දාරකෙ ඛීරං පායෙථ, දහරෙ කුමාරෙ ලහුං ලහුං භොජෙත්වා සයාපෙථ, උච්චාසද්දං මා කරිත්ථ, අජ්ජ එකරත්තිං සත්ථා අන්තොගාමෙ වසිස්සති, බුද්ධා නාම අප්පසද්දකාමා හොන්තී”ති භෙරිං චරාපෙත්වා සයං දණ්ඩදීපිකා ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු.
තෙලප්ප දීපං ආරොපෙත්වා යනු රිදි රන් මුවා දඩු ඇති පහන් තුළ යවනයන් විසින් කොටන ලද රූප ආදියෙහි අත තැබු රන්රිදී මුවා කබල් ආදියෙහි තෙල්පහන් දල්වා යන අර්ථයි. යෙන භගවා තෙනුපසංකමිංසු යනු මෙහි වනාහි ඒ ශාක්‍ය රජවරු සන්ථාගාරය පමණක් නොව යොදුනක් පමණ වට ඇති කිඹුල්වත්හි නගර වීථින්ද හමදවා ද්වජ ඔසවා ගෙදොරවල පුන්කලස්ද කෙසෙල් ගස්ද තබ්බවා මුළු නුවර පහන් දැලින් විසිරුණු තරු ඇතිසේ කොට කිරිබොන දරුවන්ට කිරිපොවවු, ළදරු කුමරුන් වහවහා අනුභවකරවා නිදිකරවවු. උස්හඬින් කථා නොකරවු අද එක් රැයක් ශාස්තෘෘන් වහන්සේ ඇතුළුගම වසන සේක. බුදුවරුනම් අල්පශබ්දයට කැමැත්තෝ වෙතියි. බෙර හසුරුවා තමන් දඬුවැටපහන් ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට එළමියාහුය.
අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමීති. “යස්ස දානි, භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති එවං කිර කාලෙ ආරොචිතෙ භගවා ලාඛාරසෙන තින්තරත්තකොවිළාරපුප්ඵවණ්ණං රත්තදුපට්ටං කත්තරියා පදුමං කන්තන්තො විය සංවිධාය තිමණ්ඩලං පටිච්ඡාදෙන්තො නිවාසෙත්වා සුවණ්ණපාමඞ්ගෙන පදුමකලාපං පරික්ඛිපන්තො විය විජ්ජුල්ලතාසස්සිරිකං කායබන්ධනං බන්ධිත්වා රත්තකම්බලෙන ගජකුම්භං පරියොනද්ධන්තො විය රතනසතුබ්බෙධෙ සුවණ්ණග්ඝිකෙ පවාළජාලං ඛිපමානො විය සුවණ්ණචෙතියෙ රත්තකම්බලකඤ්චුකං පටිමුඤ්චන්තො විය ගච්ඡන්තං පුණ්ණචන්දං රත්තවණ්ණවලාහකෙන පටිච්ඡාදයමානො විය කඤ්චනපබ්බතමත්ථකෙ සුපක්කලාඛාරසං පරිසිඤ්චන්තො විය චිත්තකූටපබ්බතමත්ථකං විජ්ජුල්ලතාය පරික්ඛිපන්තො විය ච සචක්කවාළසිනෙරුයුගන්ධරං මහාපථවිං චාලෙත්වා ගහිතං නිග්රොධපල්ලවසමානවණ්ණං රත්තවරපංසුකූලං පාරුපිත්වා ගන්ධකුටිද්වාරතො නික්ඛමි කඤ්චනගුහතො සීහො විය උදයපබ්බතකූටතො පුණ්ණචන්දො විය ච. නික්ඛමිත්වා පන ගන්ධකුටිපමුඛෙ අට්ඨාසි.
අථඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛු සංඝෙන ගෙන සත්‍ථාගාරං තෙනුපසඞ්කමි යනු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල් දන්නා සේකැයි මෙසේ කල් දැන්වුවිට භාග්‍යවතුන්වහන්සේ ලාරසින් ඝනරත් කෝවිළාර පුෂ්පවර්ණයෙන් යුත් රන් දෙපොට සිවුර කතුරින් නෙළුම්මලක් කපන්නාක්මෙන් සකසා තෙමඩුලු වසමින් හැඳපෙරව රන් දම්වැලින් නෙළුම් මල් කලබක් වටකරන්නාක් මෙන් විදුලිය සිරිගත් කාබහන බැඳ රන් කම්කිලියකින් ඇත්තුඹ වසන්නාක් මෙන් රියන් සියයක් උස රන් ඇගෑයකට පබළු දැලක් එලන්නාක් මෙන් රන්සෑයෙන් රන් කම්බිලි වැස්ම ඉවත්කරන්නාක් මෙන්, ගමනෙහි යෙදුණු පුන්සඳ රන් වලාකුළින් වසන්නාක් මෙන් රන්පව් මත උණුවූ ලාරස ඉසින්නාක් මෙන් චිත්‍රකූට පර්වත මුදුන විදුලියෙන් වටකරන්නාක් මෙන්ද, සක්වළ, මහමෙර යුගන්ධර සහිත මහපොළොව සොලවා ගත් නුගපලවන් උතුම් රන් පාංශුකූල චීවරය පොරවා ගඳකිලි දොරින් නික්මුණු සේක. රන් ගුහාවෙන් සිංහයකු මෙන් ද උදයපර්වත මුදුනින් පූර්ණචන්ද්රයා මෙන් ද නික්ම ගඳකිලි අභිමුඛයෙහි වැඩසිටිසේක.
අථස්ස කායතො මෙඝමුඛෙහි විජ්ජුකලාපා විය රස්මියො නික්ඛමිත්වා සුවණ්ණරසධාරාපරිසෙකමඤ්ජරිපත්තපුප්ඵඵලවිටපෙ විය ආරාමරුක්ඛෙ කරිංසු. තාවදෙව ච අත්තනො අත්තනො පත්තචීවරමාදාය මහාභික්ඛුසඞ්ඝො භගවන්තං පරිවාරෙසි. තෙ පන පරිවාරෙත්වා ඨිතා භික්ඛූ එවරූපා අහෙසුං අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා ආරද්ධවීරියා වත්තාරො වචනක්ඛමා චොදකා පාපගරහී සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනසම්පන්නාති. තෙහි පරිවාරිතො භගවා රත්තකම්බලපරික්ඛිත්තො විය සුවණ්ණක්ඛන්ධො රත්තපදුමසණ්ඩමජ්ඣගතා විය සුවණ්ණනාවා පවාළවෙදිකාපරික්ඛිත්තො විය සුවණ්ණපාසාදො විරොචිත්ථ. සාරිපුත්තමොග්ගල්ලානාදයො මහාථෙරාපි නං මෙඝවණ්ණං පංසුකූලං පාරුපිත්වා මණිවම්මවම්මිකා විය මහානාගා පරිවාරයිංසු වන්තරාගා භින්නකිලෙසා විජටිතජටා ඡින්නබන්ධනා කුලෙ වා ගණෙ වා අලග්ගා.
ඉක්බිති උන්වහන්සේගේ සිරුරින් මේකුළු මුවින් විදුලිය කලප්මෙන් රැස් නික්ම රන්රස දහරාවෙන් නෑවී රන්පැහැගත් පත්රමල් පල වෙළෙප් මෙන් ආරාමයෙහි වෘක්ෂයන් සැදීය. එකෙණෙහිම තමතමාගේ පාසිවුරු ගෙන මහාභික්ෂුසංඝයා භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූහ. පිරිවරා සිටි භික්ෂුහු එබඳු වුහ. අල්පේච්ඡ වූහ. සන්තුෂ්ට වූහ. වෙන්වූහ. නොඇලුණෝ වූහ. ඇරඹුවීර්ය ඇත්තෝ වූහ. සිව්වදන් ඉවසන්නෝ වූහ. චෝදනා කරන්නෝ වූහ. පාපයට ගරහන්නෝ වූහ. ශීලසම්පන්න වූහ. සමාධි සම්පන්න වූහ. ප්‍රඥාවිමුක්ති විමුක්තිඥාන දර්ශන සම්පන්නවූහ. ඔවුන් විසින් පිරිවරන ලද භාග්‍යවතුන් වහන්සේ රන් කම්බිලියෙන් වටකරන ලද්දහු මෙන් රන් බඳ ඇතිව රන් පියුම් ලැහැබට වන් රන් නැවක් මෙන් ප්‍රවාල වේදිකාවෙන් වට කරන ලද්දහු මෙන් රන් පහය බැබළවු සේක. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහතෙරහුද මේවන් පාංශුකූල චීවර පොරවා මැණික් සන්නාහයන් හැඳගත් මහ ඇතුන්මෙන් මහතෙරවරු පිරිවැරූහ. වැමෑරූ රාග ඇත්තෝ, බිඳලු කෙලෙස් ඇත්තෝ ලිහු අවුල් ඇත්තෝ, සිඳලු බැඳීම් ඇත්තෝ කුලයෙහි හෝ ගණයෙහි නො ඇලුණෝය.
ඉති භගවා සයං වීතරාගො වීතරාගෙහි, වීතදොසො වීතදොසෙහි, වීතමොහො වීතමොහෙහි, නිත්තණ්හො නිත්තණ්හෙහි, නික්කිලෙසො නික්කිලෙසෙහි, සයං බුද්ධො බහුස්සුතබුද්ධෙහි පරිවාරිතො, පත්තපරිවාරිතං විය කෙසරං, කෙසරපරිවාරිතා විය කණ්ණිකා, අට්ඨනාගසහස්සපරිවාරිතො විය ඡද්දන්තො නාගරාජා, නවුතිහංසසහස්සපරිවාරිතො විය ධතරට්ඨො හංසරාජා, සෙනඞ්ගපරිවාරිතො විය චක්කවත්ති, මරුගණපරිවාරිතො විය සක්කො දෙවරාජා, බ්රහ්මගණපරිවාරිතො විය හාරිතමහාබ්රහ්මා, තාරාගණපරිවාරිතො විය පුණ්ණචන්දො, අසමෙන බුද්ධවෙසෙන අපරිමාණෙන බුද්ධවිලාසෙන කපිලවත්ථුගමනමග්ගං පටිපජ්ජි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාද වීතරාගීව වීතරාගීන් විසින්, වීතදොසීව වීතදෝසීන් විසින් වීත මෝහීව වීත මෝහීන් විසින් තෘෂ්ණා නැතිව තෘෂ්ණා නැත්තවුන් විසින්, තමා බුදුවැ බහුශ්‍රැත බුදුවරුන් විසින් පිරිවරන ලදසේක. පෙත්තෙන් වැසුණු කෙසුරුමෙන්, කෙසුරින් වැසුණු කෙමිය මෙන්. අටදහසක් ඇතුන් විසින් පිරිවරන ලද ජද්දන්ත හස්තිරාජයා මෙන්, අනුදහසක් හංසයන් විසින් පිරිවරන ලද ධෘතරාෂ්ට්‍ර හංසරාජයා මෙන්, සේනාංගයන්ගෙන් පිරිවරන ලද, චක්‍රවර්ති රජු මෙන්, දේවසමුහයා විසින් පිරිවරන ලද ශක්‍රදේව රාජයා මෙන්, බ්‍රහ්මසමූහයා විසින් පිරිවරන ලද හාරිත මහා බ්‍රහ්මයා මෙන්, තරුණයා විසින් පිරිවරන ලද පුර්ණ චන්ද්‍රයා මෙන් අසමවූ බුද්ධ වේශයෙන් අපරිමාණවූ බුද්ධ විලාශයෙන් කපිලවස්තුවට යන මාර්ගයට පිළිපන් සේක.
අථස්ස පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණා රස්මී උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. පච්ඡිමකායතො දක්ඛිණහත්ථතො, වාමහත්ථතො සුවණ්ණවණ්ණා රස්මී උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. උපරි කෙසන්තතො පට්ඨාය සබ්බකෙසාවත්තෙහි මොරගීවවණ්ණා රස්මී උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. හෙට්ඨා පාදතලෙහි පවාළවණ්ණා රස්මී උට්ඨහිත්වා ඝනපථවියං අසීතිහත්ථට්ඨානං අග්ගහෙසි. එවං සමන්තා අසීතිහත්ථමත්තං ඨානං ඡබ්බණ්ණා බුද්ධරස්මියො විජ්ජොතමානා විප්ඵන්දමානා කඤ්චනදණ්ඩදීපිකාහි නිච්ඡරිත්වා ආකාසං පක්ඛන්දජාලා විය චාතුද්දීපිකමහාමෙඝතො නික්ඛන්තවිජ්ජුල්ලතා විය විධාවිංසු. සබ්බදිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය, සුවණ්ණඝටා නික්ඛන්තසුවණ්ණරසධාරාහි සිඤ්චමානා විය, පසාරිතසුවණ්ණපටපරික්ඛිත්තා විය, වෙරම්භවාතසමුට්ඨිතකිංසුකකණිකාරපුප්ඵචුණ්ණසමොකිණ්ණා විය විප්පකිරිංසු.
ඉක්බිති උන්හන්සේගේ සිරුරෙහි ඉදිරිපසින් රන්වන් රශ්මියක් නැගී රියන් අසූවක් තැන ගති. සිරුර පසුපසින්, දකුණත පැත්තෙන් වම් අත පැත්තෙන් රන්වන් රැස් නැගී රියන් අසුවක් තැන් ගති. ඉහළින් කේශාන්තයේ සිට සියලුකෙස් රැලිවලින් මොනර ගෙලවන් රශ්මිය නැගී ගුවන්තලයෙහි රියන් අසුවක් තැන ගති. යට පාතලයන්ගෙන් පබළුවන් රැස් නැගී ඝන පොළොවෙහි රියන් අසුවක් තැන ගති. මෙසේ හාත්පස රියන් අසුවක් පමණ තැන සවණක් බුදුරැස් බබලමින් රන්දඬුවැටපහනින් නික්ම අහසට පැන නැගි දැලක් මෙන් සිව්මහදිවි මහමෙයින් නික්මුණු විදුලිය මෙන් දිවගියේය. සියලු දිසාවෝ රන් සපුමලින් විසුරුවනු ලබන්නාක් මෙන් රන්කළයෙන් නික්මුණු රන් දිය දහරින් ඉසින්නාක් මෙන් දිගහරනා ලද රෙද්දෙන් වට කරන ලද්දක් මෙන් වේරම්බ වාතයෙන් ඔසවන ලද කිණිහිරි මල්රොනින් ගැවසුණාක් මෙන් පෙනුණාහ.
භගවතොපි අසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාද්වත්තිංසවරලක්ඛණසමුජ්ජලං සරීරං සමුග්ගතතාරකං විය ගගනතලං, විකසිතමිව පදුමවනං, සබ්බපාලිඵුල්ලො විය යොජනසතිකො පාරිච්ඡත්තකො, පටිපාටියා ඨපිතානං ද්වත්තිංසූචන්දානං ද්වත්තිංසසූරියානං ද්වත්තිංසචක්කවත්තීනං ද්වත්තිංසදෙවරාජානං ද්වත්තිංසමහාබ්රහ්මානං සිරියා සිරිං අභිභවමානං විය විරොචිත්ථ, යථා තං දසහි පාරමීහි දසහි උපපාරමීහි දසහි පරමත්ථපාරමීහි සුපූරිතාහි සමතිංසපාරමිතාහි අලඞ්කතං. කප්පසතසහසාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි දින්නදානං රක්ඛිතසීලං කතකල්යාණකම්මං එකස්මිං අත්තභාවෙ ඔසරිත්වා විපාකං දාතුං ඨානං අලභමානං සම්බාධපත්තං විය අහොසි. නාවාසහස්සභණ්ඩං එකනාවං ආරොපනකාලො විය, සකටසහස්සභණ්ඩං එකසකටං ආරොපනකාලො විය, පඤ්චවීසතියා නදීනං ඔඝස්ස සම්භිජ්ජ මුඛද්වාරෙ එකතො රාසීභූතකාලො විය ච අහොසි.
භාග්‍යවතුන් වහන්සේගේ අසුඅනුව්යංජනව්යාමප්රභා දෙතිස් උතුම් ලකුණින් දිලිසෙන සිරුර නැගුණු තරුවක් මෙන් විකසිත වුණු පියුම් වනයක් මෙන් පිපී වැනී ගිය යොදුන් සියයක්වූ පරසතුමලක් මෙන් පිළිවෙළින් තබනලද, දෙතිස් චන්ද්‍රයන්ගේ දෙතිස් සුර්යයන්ගේ දෙතිස් චක්රවර්තීන්ගේ දෙතිස් දේවරාජයන්ගේ දෙතිස් මහාබ්‍රහ්මයන්ගේ ග්රීය අභිබවමින් මෙන් බැබලුණාහුය. යම්සේ එය දස පාරමීගෙන් දස උප පාරමීන්ගෙන් දසපරමත්ථ පාරමීන්ගෙන් පුරන ලද සමතිස් පාරමිතාවන්ගෙන් අලංකෘත කල්ප සිය දහසකට වැඩි සතර අසංඛෙය්‍යක් හි දුන් දන්. රැකිසිල්, කළ කලණදම් මේ අත් බැව්හි එක්තැන්ව විපාක දෙන්ට තැනක් නොලැබ බාධා වුවාක් මෙන් විය. නැව් දහසක බඩු එක් නැවකට පටවන කලක් මෙන්. ගැල්දහසක බඩු එක් ගැලකට පටවන කලක් මෙන්. ගංගා විසිපහක දිය කඳ බිඳ මුවදොරදී එකට රැස්ව කලක් මෙන්ද විය.
ඉමාය බුද්ධසිරියා ඔභාසමානස්සාපි ච භගවතො පුරතො අනෙකානි දණ්ඩදීපිකසහස්සානි උක්ඛිපිංසු. තථා පච්ඡතො. වාමපස්සෙ දක්ඛිණපස්සෙ. ජාතිකුසුමචම්පකවනමල්ලිකරත්තුප්පලනීලුප්පලමකුලසින්දුවාරපුප්ඵානි චෙව නීලපීතාදිවණ්ණසුගන්ධගන්ධචුණ්ණානි ච චාතුද්දීපිකමෙඝවිස්සට්ඨොදකවුට්ඨියො විය විප්පකිරිංසු. පඤ්චඞ්ගිකතූරියනිග්ඝොසා චෙව බුද්ධධම්මසඞ්ඝගුණප්පටිසංයුත්තා ථුතිඝොසා ච සබ්බදිසා පූරයිංසු. දෙවමනුස්සනාගසුපණ්ණගන්ධබ්බයක්ඛාදීනං අක්ඛීනි අමතපානං විය ලභිංසු. ඉමස්මිං පන ඨානෙ ඨත්වා පදසහස්සෙන ගමනවණ්ණං වත්තුං වට්ටති. තත්රිදං මුඛමත්තං –
මේ බුදුසිරියෙන් බබලන්නාවු භාග්‍යවතුන් වහන්සේගේ පෙරටුව නොයෙක් දහස්ගණන් දඬුවැට පනත් එසවූහ පසුපසින්ද එසේය. වම්පසද දකුණුපසද. දැසමන් සපු මලිගිය රතුපුල් නිලුපුල් මුනමල් සිඳුවර මලින්ද. නිල්කහආදී වර්ණයන්ගෙන්ද යුතු සුවඳ සුන්නෙන් ද චාතුර්ද්වීපික මේඝයෙන් විසුරුවන ලද වැසිදහරා මෙන් විසිරී ගියාහුය. පසඟතුරු හඬින්ද බුදුන් දහම් සඟුන් ගුණ යුත් තුති ගොසින්ද සියලුදිග් පිරවූහ. දේව මනුෂ්‍ය නාග සුපර්ණ ගන්ධර්ව යක්ෂආදීන්ගේ ඇස් අමාපැනක් මෙන් ලැබීය. මෙතැන් සිට පද සියයකින් පෙද දහසකින් පදසිය දහසකින් ගමන් වැණුම කීම වටනේය. මෙහි ඒ ආරම්භය පමණි.
“එවං සබ්බඞ්ගසම්පන්නො, කම්පයන්තො වසුන්ධරං; අහෙඨයන්තො පාණානි, යාති ලොකවිනායකො.
එවං සබ්බඞ්ග සම්පන්තො - කම්පයන්තො වසුන්ධරං අහෙඨ යන්තො පාණානි - යාති ලොක විපායකො.
මෙසේ සියලු අංගයෙන් යුතු - ලෝකනායකයාණෝ දෙරණ කම්පාකරමින් - පණැතියන් නොවෙහෙසා වැඩම කරති.
දක්ඛිණං පඨමං පාදං, උද්ධරන්තො නරාසභො; ගච්ඡන්තො සිරිසම්පන්නො, සොභතෙ ද්විපදුත්තමො.
දක්ඛිණං පඨමං පාදං - උද්ධරන්තො නරාසභො ගච්ඡන්තො සිරි සම්පන්තො - සොභතෙ දිපදුත්ත මො
දකුණු පා පළමුව ඔසවා - සිරිසම්පතින් වඩනා උන්වහන්සේ බබලති.
ගච්ඡතො බුද්ධසෙට්ඨස්ස, හෙට්ඨා පාදතලං මුදු; සමං සම්ඵුසතෙ භූමිං, රජසා නුපලිප්පති.
ගච්ඡතො බුද්ධ සෙට්ඨස්ස - හෙට්ඨාපාදතලං මුදු සමං සම්ඵුසතෙ භූමි - රජසානුපලිම්පතී
ගමනෙහි යෙදෙන බුදුරදුන්ගේ මුදුසුමුදු සිරිපතුල සමසේ පොළොව සිපගනී එහෙත් දුවිලි නොගෑවේ.
නින්නට්ඨානං උන්නමති, ගච්ඡන්තෙ ලොකනායකෙ; උන්නතඤ්ච සමං හොති, පථවී ච අචෙතනා.
නින්නං ඨානං උන්නමති - ගච්ඡන්තෙ ලොකනායකෙ උන්නතංච සමං හොති - පඨවීච ආචෙතනා
උන්වහන්සේ වඩනාකල - වළගොඩැලි සමවෙයි සිත් පිත් නැති වුවද - මහපොළොව සමතලවෙයි
පාසාණා සක්ඛරා චෙව, කථලා ඛාණුකණ්ටකා; සබ්බෙ මග්ගා විවජ්ජන්ති, ගච්ඡන්තෙ ලොකනායකෙ.
පාසාණා සක්ඛරා චෙව - කඨලා බාණුකණ්ටකා සබ්බෙ මග්ගා විවජ්ජෙන්ති - ගච්ඡන්තෙ ලොකනායකෙ
ලෝක නාථයන් වහන්සේ වඩනාකල ගල්කැට කටු කොහොල් සියල්ලම මගින් ඉවත්වෙයි.
නාතිදූරෙ උද්ධරති, නච්චාසන්නෙ ච නික්ඛිපං; අඝට්ටයන්තො නිය්යාති, උභො ජාණූ ච ගොප්ඵකෙ.
නාතිදුරෙ උද්ධරති - නාච්චාසන්නෙ ච නික්ඛිපං අඝට්ටයන්තො නීය්යාති - උභොජාණු ච ගොප්ඵකෙ
වැඩි ඈතිනුත් වැඩිළගිනුත් පියවර නොතබති. දණහිස් ඇස්වට නොගැටේ.
නාතිසීඝං පක්කමති, සම්පන්නචරණො මුනි; න චාතිසණිකං යාති, ගච්ඡමානො සමාහිතො.
නාති සීඝං පක්කමති - සම්පන්න චරණො මුනී නචාති සනිකං යාති - ගච්ඡමානො සමාහිතො
විජ්ජාචරණයෙන් යුත් උන්වහන්සේ, සමාහිතසිත් ඇත්තහු ඉතාවේගයෙන්ද ඉතා සෙමින්ද නොවඩිති
උද්ධං අධො ච තිරියං, දිසඤ්ච විදිසං තථා; න පෙක්ඛමානො සො යාති, යුගමත්තම්හි පෙක්ඛති.
උද්ධං අධොච තිරියං - දීසංච විදිසං තථා න පෙක්ඛමානො සො යාති - යුගමත්තංහි පෙක්ඛති
උඩද යටද සරසද අවට දෙස්ද නොබලති දුර බලති වියගසක් පමණ.
නාගවික්කන්තචාරො සො, ගමනෙ සොභතෙ ජිනො; චාරුං ගච්ඡති ලොකග්ගො, හාසයන්තො සදෙවකෙ.
නාගවික්කන්ත චාරො සො - ගමනෙ සොභතෙ ජිනො චාරුං ගච්ඡති ලොකග්ගො - හාසයන්තො සදෙව කෙ
ඇත්ගමනින් වඩනා ගමන නොබනේය. දෙවියන් සහිත ලෝකය සතුටුකරමින් වඩනා ගමන සොඳුරුය.
උළුරාජාව සොභන්තො, චතුචාරීව කෙසරී; තොසයන්තො බහූ සත්තෙ, පුරං සෙට්ඨං උපාගමී”ති.
උසහරාජාව සොභන්තො - චතුවාරීව කෙසරී තොසයන්තො බහු සත්තෙ - පුරසෙට්ඨමුපාගමීති
වෘෂභරාජයකු මෙන්ද සිංහරාජයකු මෙන්ද බොහෝ සතුන් තුටුකරමින් පුරවරයට වැඩිසේක.
වණ්ණකාලො නාම කිරෙස, එවංවිධෙසු කාලෙසු බුද්ධස්ස සරීරවණ්ණෙ වා ගුණවණ්ණෙ වා ධම්මකථිකස්ස ථාමොයෙව පමාණං චුණ්ණියපදෙහි වා ගාථාබන්ධෙන වා යත්තකං සක්කොති, තත්තකං වත්තබ්බං. දුක්කථිතන්ති න වත්තබ්බං. අප්පමාණවණ්ණා හි බුද්ධා, තෙසං බුද්ධාපි අනවසෙසතො වණ්ණං වත්තුං අසමත්ථා, පගෙව ඉතරා පජාති. ඉමිනා සිරිවිලාසෙන අලඞ්කතප්පටියත්තං සක්යරාජපුරං පවිසිත්වා භගවා පසන්නචිත්තෙන ජනෙන ගන්ධධූමවාසචුණ්ණාදීහි පූජයමානො සන්ථාගාරං පාවිසි. තෙන වුත්තං – “අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන එවං සන්ථාගාරං තෙනුපසඞ්කමී”ති.
මේනම් වර්ණනා කාලයයි. මෙබඳුකාලවල බුද්ධ ශරීර වර්ණනා හෝ ගුණවර්ණනා හෝ ධර්ම කථිකයාගේ උත්සාහයට ප්රමාණවේ. වෙන් වෙන්වූ පදයෙන් හෝ ගාථා බන්ධනයෙන් හෝ යම් පමණ හැකිවේද, එපමණක් කිවයුතුයි. නොකිවයුත්තක් නොකිය යුතුය. බුදුවරුනම් ගුණ ඇත්තෝය. බුදුවරුම නිරවශේෂයෙන් කීමට අසමර්ථයහ. අන් අය ගැන කියනුම කවරේද මේ ශ්රීවිලාශයෙන් අලංකාර කොට පිළියෙල කරන ලද ශාක්‍ය පුරයට පිවිස භාග්‍යවතුන්වහන්සේ පහන් සිත් ඇති ජනයා විසින් ගඳදුම් සුවඳ සුනු ආදියෙන් පුදනු ලබමින් සන්ථාගාරයට පිවිසි සේක. එහෙයින් කියන ලදී. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳපෙරව පා සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග සන්ථාගාරය යම්තැනෙකද එතැනට පිවිසිසේකැයි.
භගවන්තංයෙව පුරක්ඛත්වාති භගවන්තං පුරතො කත්වා. තත්ථ භගවා භික්ඛූනඤ්චෙව උපාසකානඤ්ච මජ්ඣෙ නිසින්නො ගන්ධොදකෙන න්හාපෙත්වා දුකූලචුම්බටකෙන වොදකං කත්වා ජාතිහිඞ්ගුලකෙන මජ්ජිත්වා රත්තකම්බලපලිවෙඨිතෙ පීඨෙ ඨපිතරත්තසුවණ්ණඝනපටිමා විය අතිවිරොචිත්ථ. අයං පනෙත්ථ පොරාණානං වණ්ණභණනමග්ගො –
භගවන්තං යෙව පුරක්ඛත්වා යනු භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට එහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ද උපාසකවරුන්ද මැද වැඩ හුන්සේක් සුවඳ පැනින් නහවා දුහුල් සුඹුළුවකින් දිය සිඳුවා දෑහිඟුලින් මැද රන් පලසකින් වෙළන ලද පීඨයෙහි තැබු රන් රන් පිළිමයක් මෙන් අතිශයින් බැබලුණුසේක. මේ වනාහි පෞරාණිකයන් ගුණ කියන ආකාරයයි -
“ගන්ත්වාන මණ්ඩලමාළං, නාගවික්කන්තචරණො; ඔභාසයන්තො ලොකග්ගො, නිසීදි වරමාසනෙ.
ගන්ත්වාන මණ්ඩලමාලං - නාගවික්කන්ත වාරණො ඔහාසයන්තො ලොකග්ගො - නිසිදි වරමාස නෙ
ඇත් ගමනින් යන ඇතකුමෙන් වටමළුවට වැඩම කොට හාත්පස බබුළුවමින් උතුම් අසුනෙහි හුන්සේක
තස්මිං නිසින්නො නරදම්මසාරථි, දෙවාතිදෙවො සතපුඤ්ඤලක්ඛණො; බුද්ධාසනෙ මජ්ඣගතො විරොචති, සුවණ්ණනෙක්ඛං විය පණ්ඩුකම්බලෙ.
නහිං නිසින්නො වරදම්ම සාරථි - දෙවාතිදෙවො සත පුඤ්ඤලක්ඛණො බුද්ධාසනෙ මජ්ඣ ගතො විරොවතී - සුවණ්ණ නෙක්ඛං විය පණ්ඩුකම්බලෙ
තරදම්සැරී, දෙවියන්ට දෙවි වූ සියක් පින් ලකුණින් හෙබි උන්වහන්සේ බුදුඅසුන් මැද වැඩහුන් කළ පඬුවන් සළපටක එතු රන් අබරණක් මෙන් බබලති.
නෙක්ඛං ජම්බොනදස්සෙව, නික්ඛිත්තං පණ්ඩුකම්බලෙ; විරොචති වීතමලො, මණිවෙරොචනො යථා.
නෙක්ඛං ජම්බොනදස්සෙව - නික්ඛිත්තං පණ්ඩුකම්බලෙ විරොචති වීත මලො - මණි වෙරොචනො යථා
පඬුවන් සළුපටක එතු දඹරන් අබරණක් සේ නිමල වෙරෝවන මැණිකක්සේ බබලති.
මහාසාලොව සම්ඵුල්ලො, නෙරුරාජාවලඞ්කතො; සුවණ්ණයූපසඞ්කාසො, පදුමො කොකනදො යථා.
මහා සාලොව සම්ඵුල්ලො - නෙරු රාජාවලඞ්කතො සුවණ්ණ යුපසංකාසො - පදුමො කොකාසකො යථා
පිපුණු සල්රුකක් මෙන් ලකල මහමෙර මෙන් රන්මුවා යාගකණුවක් මෙන් රන් පියුමක් මෙන් බබලන සේක
ජලන්තො දීපරුක්ඛොව, පබ්බතග්ගෙ යථා සිඛී; දෙවානං පාරිච්ඡත්තොව, සබ්බඵුල්ලො විරොචථා”ති.
ජලන්තො දීප රුක්බොව - පබ්බතග්ගෙ යථාසිඛී දෙවානං පරිච්ජත්තොව - සබ්බ ඵුල්ලො විරොචථ
දැල්වෙන පහන් රුකක් මෙන් කඳුමුදුනැ ගිනි මෙන්. පරසතු රුක මෙන් සුපිපී බැබලුණු සේක.
කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙව රත්තිං ධම්මියා කථායාති එත්ථ ධම්මී කථා නාම සන්ථාගාරඅනුමොදනප්පටිසංයුත්තා පකිණ්ණකකථා වෙදිතබ්බා. තදා හි භගවා ආකාසගඞ්ගං ඔතාරෙන්තො විය පථවොජං ආකඩ්ඪන්තො විය මහාජම්බුං ඛන්ධෙ ගහෙත්වා චාලෙන්තො විය යොජනිකං මධුභණ්ඩං චක්කයන්තෙන පීළෙත්වා මධුපානං පායමානො විය කාපිලවත්ථවානං සක්යානං හිතසුඛාවහං පකිණ්ණකකථං කථෙසි. “ආවාසදානං නාමෙතං මහාරාජ මහන්තං, තුම්හාකං ආවාසො මයා පරිභුත්තො භික්ඛුසඞ්ඝෙන පරිභුත්තො මයා ච භික්ඛුසඞ්ඝෙන ච පරිභුත්තො පන ධම්මරතනෙන පරිභුත්තො යෙවාති තීහි රතනෙහි පරිභුත්තො නාම හොති. ආවාසදානස්මිඤ්හි දින්නෙ සබ්බදානං දින්නමෙව හොති. භූමට්ඨකපණ්ණසාලාය වා සාඛාමණ්ඩපස්ස වාපි ආනිසංසො නාම පරිච්ඡින්දිතුං න සක්කා”ති නානානයවිචිත්තං බහුං ධම්මකථං කථෙත්වා –
කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙවරත්තිං ධම්මියා කථාය යනු මෙහි ධර්මකථා නම් සන්ථාගාර අනුමෝදනා ඇතුළත් ප්රකීර්ණක කථා යයි දත යුතුය. එදා භාග්‍යවතුන් වහන්සේ ආකාස ගංගාව ගලාබසින්නාක් මෙන් පෘථුවියෙහි ඕජාව ඇදගන්නාක් මෙන් මහා දඹගස හිස මතට ගෙන සොලවන්නාක් මෙන් යොදුනක් පමණවු මීවදය චක්‍ර යන්ත්‍රයෙන් මිරිකා මී පැණි පොවන්නාක්මෙන් කපිලවස්තුවාසී ශාක්‍යයන්ට හිතසුව එළවන ප්රකීර්ණක කථා වදාළ සේක. මහරජ මේ ආවාසදානය මහත්ය, ඔබගේ නිවස මා විසින් පරිභෝග කරන ලදී. භික්ෂුසංඝයා විසින් පරිභෝග කරන ලදී. මා විසිනුත් භික්ෂ සංඝයා විසිනුත් පරිභෝග කරන ලද්දේ යනු ධර්මරත්නය විසින්ද පරිභෝග කරන ලද්දේමයයි ත්‍රිවිධ රත්නයන් විසින් පරිභෝග කරන ලද්දේ නම්වෙයි. ආවාස දානය දුන්කල්හි සියලු දන් දුන්නේම වෙයි. බිම පන්සලකත් කොළමණ්ඩපයකත් ආනිසංස පිරිසිදින්නට නොහැක්කේ යයි නන්නයින් විසිතුරු බොහෝ ධර්මකථා කියා
“සීතං උණ්හං පටිහන්ති, තතො වාළමිගානි ච; සරීසපෙ ච මකසෙ, සිසිරෙ චාපි වුට්ඨියො.
සීතං උණ්හං පටිහන්ති - නතො වාළමිගානි ච සිරිංසපෙච මකසෙ - සිසිරේ චාපි වුට්ඨියො
සීතලද උණුසුමද වල්සතුන්ද සපුන්ද මකුණාන්ද වැස්සද වළහයි
තතො වාතාතපො ඝොරො, සඤ්ජාතො පටිහඤ්ඤති; ලෙණත්ථඤ්ච සුඛත්ථඤ්ච, ඣායිතුඤ්ච විපස්සිතුං.
තතො වාතාතපො ඝොරො - සඤ්ජාතො පටි හඤ්ඤති ලෙනත්ථඤ්ච සුඛත්ථඤ්ච - ඣායිතුඤ්ච විපස්සිතුං
හටගත් ගොරබිරම් වාතය හිරුකිරණ වළහයි. රැකවරණය සුවය සඳහාද දැහැන් වැඩුමට විදසුනටද සුදුසුය.
විහාරදානං සඞ්ඝස්ස, අග්ගං බුද්ධෙන වණ්ණිතං; තස්මා හි පණ්ඩිතො පොසො, සම්පස්සං අත්ථමත්තනො. විහාරෙ කාරයෙ රම්මෙ, වාසයෙත්ථ බහුස්සුතෙ;
විහාරදානං සංඝස්ස - අග්ගං බුද්ධෙන වණ්ණිතං [missing sentence] විහාරෙ කාරයෙ රම්මෙ - වාසයෙත්ථ බහුස්සුතෙ
සඟුනට පිදෙන වෙහෙර දානය උතුම්යයි බුදුරදුන් විසින් වණන ලද්දේය රමණීය වෙහෙරක් කරවා - ඇසුපිරූතැන් ඇත්තවුන් එහි වස්වන්න.
තෙසං අන්නඤ්ච පානඤ්ච, වත්ථසෙනාසනානි ච. දදෙය්ය උජුභූතෙසු, විප්පසන්නෙන චෙතසා;
තෙසං අන්නඤ්ච පානඤ්ච - වත්ථ සෙනාසනානිච දදෙය්ය උජුභූතෙසු - විප්පසත්තෙන චෙතසා
ඔවුන්ට අහර පැන් වත් සෙනසුන් මනාව පහන්වු සිතින් උජුගුණ ඇත්ත වුන් කෙරෙහි පිරිනමන්න
තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො”ති. (චූළව· 295) –
තෙ තස්ස ධම්මං දෙසෙන්ති - සබ්බදුක්ඛාපනුදනං යංසො ධම්මං ඉධඤ්ඤාය - පරිනිබ්බාති අනාසවොති
ඔවුහු සියලු දුක් නස්නා දහම් දෙසති. ඒ දහම් දත් තැනැත්තේ කෙලෙස්නසා පිරිනිවන් පායි.
එවං අයම්පි ආවාසෙ ආනිසංසො, අයම්පි ආනිසංසොති බහුදෙවරත්තිං අතිරෙකතරං දියඩ්ඪයාමං ආවාසානිසංසකථං කථෙසි. තත්ථ ඉමා ගාථාව සඞ්ගහං ආරුළ්හා, පකිණ්ණකධම්මදෙසනා පන සඞ්ගහං න ආරොහති.
මෙසේ මෙයත් ආවාසදානයෙහි ආනීසංසයකි. මෙයත් ආනිසංසයකියා බොහෝ රැයට අතිරේකව දෙයම්රැය ආවාස ආනිසංසකථාව වදාළ සේක. එහි මේ ගාථාද සංග්‍රහයට ඇතුළුව ප්රකීර්ණක ධර්ම දේශනාව සංග්‍රහ නොවේ.
සන්දස්සෙසීතිආදීනි වුත්තත්ථානෙව. ආයස්මන්තං ආනන්දං ආමන්තෙසීති ධම්මකථං කථාපෙතුකාමො ජානාපෙසි. අථ කස්මා සාරිපුත්තමහාමොග්ගල්ලානමහාකස්සපාදීසු අසීතිමහාථෙරෙසු විජ්ජමානෙසු භගවා ආනන්දත්ථෙරස්ස භාරමකාසීති. පරිසජ්ඣාසයවසෙන. ආයස්මා හි ආනන්දො බහුස්සුතානං අග්ගො, පහොසි පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි මධුරධම්මකථං කථෙතුන්ති සාකියමණ්ඩලෙ පාකටො පඤ්ඤාතො. තස්ස සක්යරාජූහි විහාරං ගන්ත්වාපි ධම්මකථා සුතපුබ්බා, ඔරොධා පන නෙසං න යථාරුචියා විහාරං ගන්තුං ලභන්ති, තෙසං එතදහොසි – “අහො වත භගවා අප්පංයෙව ධම්මකථං කථෙත්වා අම්හාකං ඤාතිසෙට්ඨස්ස ආනන්දස්ස භාරං කරෙය්යා”ති. තෙසං අජ්ඣාසයවසෙන භගවා තස්සෙව භාරමකාසි.
සන්දස්සෙති යනු ආදිය කියන ලද අර්ථ ඇත්තේමය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි යනු ධර්මකථාවක් කියවනු කැමැත්තේ දැන්වීය. එසේප්නම් කුමක් හෙයින් ශාරිපුත්‍ර මොග්ගල්ලාන මහා කස්සප ආදී අසුමහ තෙරුන් සිටිද්දී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන්ට භාර කළ සේක්ද පිරිසගේ අධ්‍යාශය වශයෙනි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බහුශ්‍රැතයන් අතර අග්‍රය මනා ශබ්ද ඇති පදයෙදුම් ඇති මිහිරි දහම් කතා කීමට දක්ෂය ශාක්‍යයන් අතර ප්රකටය. කැපී පෙනෙති. ශාක්‍ය රජුන් විසින් විහාරයට ගොස්ද ධර්ම කථා ඇසුවිරූය. අන්තඃපුර වාසීහු ඔවුන්ගේ අභිරුචිය පරිදි විහාරයට යන්ට නොලබති. ඔවුන්ට මෙසේ අදහසක් පහළවිය. භාග්‍යවතුන් වහන්සේ මදක් දහම් කථා පවත්වා අපගේ උතුම්නෑයාවු ආනන්ද හිමියන්ටම භාරකරන්නේ නම් මැනවි යන ඔවුන්ගේ අධ්යශය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන්ටම භාරදුන් සේක.
සෙඛො පාටිපදොති පටිපන්නකො සෙඛසමණො. සො තුය්හං පටිභාතු උපට්ඨාතු, තස්ස පටිපදං දෙසෙහීති පටිපදාය පුග්ගලං නියමෙත්වා දස්සෙති. කස්මා පන භගවා ඉමං පටිපදං නියමෙසි? බහූහි කාරණෙහි. ඉමෙ තාව සක්යා මඞ්ගලසාලාය මඞ්ගලං පච්චාසීසන්ති වඩ්ඪිං ඉච්ඡන්ති, අයඤ්ච සෙඛපටිපදා මය්හං සාසනෙ මඞ්ගලපටිපදා වඩ්ඪමානකපටිපදාතිපි ඉමං පටිපදං නියමෙසි. තස්සඤ්ච පරිසති සෙඛාව බහූ නිසින්නා, තෙ අත්තනා පටිවිද්ධට්ඨානෙ කථීයමානෙ අකිලමන්තාව සල්ලක්ඛෙස්සන්තීතිපි ඉමං පටිපදං නියමෙසි. ආයස්මා ච ආනන්දො සෙඛපටිසම්භිදාපත්තොව, සො අත්තනා පටිවිද්ධෙ පච්චක්ඛට්ඨානෙ කථෙන්තො අකිලමන්තො විඤ්ඤාපෙතුං සක්ඛිස්සතීතිපි ඉමං පටිපදං නියමෙසි. සෙඛපටිපදාය ච තිස්සොපි සික්ඛා ඔසටා, තත්ථ අධිසීලසික්ඛාය කථිතාය සකලං විනයපිටකං කථිතමෙව හොති, අධිචිත්තසික්ඛාය කථිතාය සකලං සුත්තන්තපිටකං කථිතං හොති, අධිපඤ්ඤාසික්ඛාය කථිතාය සකලං අභිධම්මපිටකං කථිතං හොති, ආනන්දො ච බහුස්සුතො තිපිටකධරො, සො පහොති තීහි පිටකෙහි තිස්සො සික්ඛා කථෙතුං, එවං කථිතෙ සක්යානං මඞ්ගලමෙව වඩ්ඪියෙව භවිස්සතීතිපි ඉමං පටිපදං නියමෙසි.
සෙඛො පටිපදො යනු පිළිපන් ඒ සේඛ ශ්‍රමණයා ඔබට වැටහේවා. එළැඹේවා. තස්ස පටිපදං දෙසෙහී යනු ප්‍රතිපදාවෙන් පුද්ගලයා නියම කොට දක්වයි. කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රතිපදාව නියම කළසේක්ද? බොහෝ කරුණු නිසාය. මේ ශාක්‍යයෝ මංගල ශාලාවෙන් යහපත් දෙයක් අපේක්ෂා කරති. වෘද්ධියක් කැමති වෙති. මෙයද සෙඛ ප්‍රතිපදාවයි මාගේ සස්නෙහි මංගල ප්‍රතිපදාවයි වැඩෙන එකම ප්‍රතිපදාවයයි මේ ප්‍රතිපදාව නියම කළසේක. හුන් බොහෝ සේඛයෝ තමන් අවබෝධ කරගත් තැන කියනු ලබන කල්හි වෙහෙසට පත්නොවීම මනාසිහියෙන් සලකාබලන්නාහුය යනුවෙන්ද මේ ප්‍රතිපදාව නියම කළසේක. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝද සේඛ ප්රතිසම්පදාවටම පැමිණිම තමා අවබෝධකරගත් ප්රත්යක්ෂ ස්ථානයෙහි කියන්නාහු වෙහෙසට පත්නොවී දැන්වීමට හැකිවන්නාහු යයිද මේ ප්‍රතිපදාව නියම කළසේක. සේඛප්රතිපදාවෙහි ශික්ෂාත්රයක් අන්තර්ගතය. එහි අධිශීල ශික්ෂාව කීවිට සියලු විනය පිටකය කීවානම් වේ. අධි චිත්ත ශික්ෂාව කීවිට සියලු සුත්‍ර පිටකය කීවා නම් වේ. අධිපඤ්ඤ ශික්ෂා පදය කීවිට සියලු අභිධර්ම පිටකය කීවානම් වේ. ආනන්ද තෙරුණුවෝද බහුශ්‍රතය. ත්‍රිපිටකධරය තුන් පිටකයන් සමග ත්‍රිවිධ ශික්ෂාවන් කීමට දක්ෂයහ. මෙසේ කීකල්හි ශාක්‍යයන්ට මංගලයක්ම වේ. වෘද්ධියක්ම වන්නේයයි මේ ප්‍රතිපදාව නියම කළසේක.
පිට්ඨි මෙ ආගිලායතීති කස්මා ආගිලායති? භගවතො හි ඡබ්බස්සානි පධානං පදහන්තස්ස මහන්තං කායදුක්ඛං අහොසි, අථස්ස අපරභාගෙ මහල්ලකකාලෙ පිට්ඨිවාතො උප්පජ්ජි. අකාරණං වා එතං. පහොති හි භගවා උප්පන්නං වෙදනං වික්ඛම්භෙත්වා එකම්පි ද්වෙපි සත්තාහෙ එකපල්ලඞ්කෙන නිසීදිතුං. සන්ථාගාරසාලං පන චතූහි ඉරියාපථෙහි පරිභුඤ්ජිතුකාමො අහොසි, තත්ථ පාදධොවනට්ඨානතො යාව ධම්මාසනා අගමාසි, එත්තකෙ ඨානෙ ගමනං නිප්ඵන්නං. ධම්මාසනං පත්තො ථොකං ඨත්වා නිසීදි, එත්තකෙ ඨානං. දියඩ්ඪයාමං ධම්මාසනෙ නිසීදි, එත්තකෙ ඨානෙ නිසජ්ජා නිප්ඵන්නා. ඉදානි දක්ඛිණෙන පස්සෙන ථොකං නිපන්නෙ සයනං නිප්ඵජ්ජිස්සතීති එවං චතූහි ඉරියාපථෙහි පරිභුඤ්ජිතුකාමො අහොසි. උපාදින්නකසරීරඤ්ච නාම “නො ආගිලායතී”ති න වත්තබ්බං, තස්මා චිරං නිසජ්ජාය සඤ්ජාතං අප්පකම්පි ආගිලායනං ගහෙත්වා එවමාහ.
පිට්ඨිමෙ ආගිලායති යනු කුමක් නිසා වෙහෙසට පත්වේදයත්. සවසක් ප්‍රධන් වීර්ය කරන භාග්‍යවතුන් වහන්සේට මහත් දුකක් ඇතිවිය. ඉක්බිති උන්වහන්සේට මහලුකල පිටෙහි වාතයක් හටගත්තේය. මෙයම හේතුවක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ උපන් වේදනාව මැඩපවත්වා සතියක් හෝ දෙකක් එක්ම පර්යංකයකින් හිඳින්ට හැකිවන්නාහුය. සන්ථාගාරශාලාව නම් සිව්ඉරියව්වෙන්ම පරිභෝග කරන්නට කැමැත්තෝ වූහ. එහි පා දෝනා තැන් සිට ධර්මාසනය තෙක් වැඩම කළහ. එපමණ තැන් නිමවිය. ධර්මාසනයට පැමිණ මඳක් සිට වැඩහුන් සේක. එපමණ තැන යාම දෙකක් ධර්මාසනයෙහි වැඩහුන්සේක. එපමණතැන් හිඳීම අවසන් විය. දැන් දකුණු පසින් මඳක් නිදාගත් කල්හි නිදාගැනීම සම්පූර්ණ වේයයි මෙසේ සිව්ඉරියව්වෙන් පරිභෝජනය කිරීමේ කැමැත්ත විය. උපාදින්නක ශරීරය වෙහෙසට පත්නොවේයැයි කිවයුතුය. ඒනිසා බොහෝ කලක් නිදාගැනීමෙන් හටගත් වෙහෙස ගෙන මෙසේ කීය.
සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වාති සන්ථාගාරස්ස කිර එකපස්සෙ තෙ රාජානො පට්ටසාණිං පරික්ඛිපාපෙත්වා කප්පියමඤ්චකං පඤ්ඤපෙත්වා කප්පියපච්චත්ථරණෙන අත්ථරිත්වා උපරි සුවණ්ණ-තාරක-ගන්ධමාලා-දාමපටිමණ්ඩිතං විතානං බන්ධිත්වා ගන්ධතෙලප්පදීපං ආරොපයිංසු “අප්පෙව නාම සත්ථා ධම්මාසනතො වුට්ඨාය ථොකං විස්සමන්තො ඉධ නිපජ්ජෙය්ය, එවං නො ඉමං සන්ථාගාරං භගවතා චතූහි ඉරියාපථෙහි පරිභුත්තං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති. සත්ථාපි තදෙව සන්ධාය තත්ථ සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා නිපජ්ජි. උට්ඨානසඤ්ඤං මනසි කරිත්වාති එත්තකං කාලං අතික්කමිත්වා වුට්ඨහිස්සාමීති වුට්ඨානසඤ්ඤං චිත්තෙ ඨපෙත්වා.
සංඝාටිං පඤ්ඤාපෙත්වා ගනු සන්ථාගාරයෙහි එක් පසෙක ඒ රජවරු පටතිරයකින් වට කරවා කැපවු කුඩා ඇඳක් පනවා කැප ඇතිරිල්ලෙන් අතුරා මත්තෙහි රන්තරු ගඳමල්දම්වලින් සැදුම්ලත් වියනක් බැඳ සුවඳ තෙලින් පිරූ පහනක් නැවූහ. ශාස්තෘන් වහන්සේ ධර්මාසනයෙන් නැගී මඳක් ගිමන්හැර මෙහි නිදන්නේනම් මැනැවැයි. මෙසේ අපගේ මේ සන්ථාගාරය භාග්‍යවතුන් වහන්සේ විසින් සිව් ඉරියව්වෙන් පරිභෝග කරන ලද්දේ දිගුකලක් හිතසුව පිණිස වන්නේය. ශාස්තෘෘන් වහන්සේද ඒ සඳහාම එහි සගලසිවුර පනවා සැතපුණුසේක උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා යනු මෙපමණ කල් ඉක්මවා නැගිටින්නෙමියි නැගිටීමේ සංඥාව සිත තබා
මහානාමං සක්කං ආමන්තෙසීති සො කිර තස්මිං කාලෙ තස්සං පරිසති ජෙට්ඨකො පාමොක්ඛො, තස්මිං සඞ්ගහිතෙ සෙසපරිසා සඞ්ගහිතාව හොතීති ථෙරො තමෙව ආමන්තෙසි. සීලසම්පන්නොති සීලෙන සම්පන්නො, සම්පන්නසීලො පරිපුණ්ණසීලොති අත්ථො. සද්ධම්මෙහීති සුන්දරධම්මෙහි, සතං වා සප්පුරිසානං ධම්මෙහි.
මහා නාමං සක්කං ආමන්තෙසි යනු මොහු වනාහි එකල්හි ඔවුන්ගේ පිරිසෙහි ජ්‍යෙෂ්ඨයාය. ප්රධානියාය. ඔහු එක්වූ කල්හි සෙසු පිරිසද එකතුවුවාද වෙතියි තෙරණුවෝ ඔහුම ඇමතූහ. සීලසම්පන්නො යනු සීලයෙන් යුක්තවුයේ, සිල් සහිතවුයේ පිරිපුන් සිල් ඇත්තේ යන අර්ථයි. සද්ධම්මෙහි යනු සොඳුරු දහමින් සාධුජනයන්ගේ හෝ සත්පුරුෂයන්ගේ ධර්මයන්ගෙන්
කථඤ්ච මහානාමාති ඉමිනා එත්තකෙන ඨානෙන සෙඛපටිපදාය මාතිකං ඨපෙත්වා පටිපාටියා විත්ථාරෙතුකාමො එවමාහ. තත්ථ සීලසම්පන්නොතිආදීනි “සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථා”ති ආකඞ්ඛෙය්යසුත්තාදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
කථඤ්ච මහානාම යනු මෙයින් මෙපමණ තැනින් සේඛ ප්‍රතිපදාවෙහි මාතෘකා තබා පිළිවෙළින් විස්තර කරනු කැමැත්තේ මෙසේ කීහ. එහි සීලසම්පන්නො ආදිය මහණෙනි සීල සම්පන්නව වසවුයයි ආකඞ්ඛෙය්ය සුත්‍ර ආදියෙහි කියන ලද පරිදි දතයුතුය.
කායදුච්චරිතෙනාතිආදීසු උපයොගත්ථෙ කරණවචනං, හිරියිතබ්බානි කායදුච්චරිතාදීනි හිරියති ජිගුච්ඡතීති අත්ථො. ඔත්තප්පනිද්දෙසෙ හෙත්වත්ථෙ කරණවචනං, කායදුච්චරිතාදීහි ඔත්තප්පස්ස හෙතුභූතෙහි ඔත්තප්පති භායතීති අත්ථො. ආරද්ධවීරියොති පග්ගහිතවීරියො අනොසක්කිතමානසො. පහානායාති පහානත්ථාය. උපසම්පදායාති පටිලාභත්ථාය. ථාමවාති වීරියථාමෙන සමන්නාගතො. දළ්හපරක්කමොති ථිරපරක්කමො. අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසූති කුසලෙසු ධම්මෙසු අනොරොපිතධුරො අනොසක්කිතවීරියො. පරමෙනාති උත්තමෙන. සතිනෙපක්කෙනාති සතියා ච නිපකභාවෙන ච. කස්මා පන සතිභාජනියෙ පඤ්ඤා ආගතාති? සතියා බලවභාවදීපනත්ථං. පඤ්ඤාවිප්පයුත්තා හි සති දුබ්බලා හොති, සම්පයුත්තා බලවතීති.
කායදුච්චරිතෙන යන ආදී තන්හි ද්විතීයාර්ථයෙහි කරණ විභක්තියි. ලජ්ජා කටයුතු කාය දුශ්චරිතාදිය ගැන ලජ්ජාවේ පිළිකුල් කෙරේ යන අර්ථ භය නිර්දේශයෙහි හේතු අර්ථයෙහි කරණ විභක්තියි. බියට හේතුවු කායදුශ්චරිතාදීන්ගෙන් ඔත්තපති බිය වේය. යන අර්ථයි ආරද්ධවිරියො යනු ඇරඹු වීර්ය ඇත්තේ, පසු නොබෑ සිත් ඇත්තේ, පහානාය ප්රහාණය පිණිස, උපසම්පදාය ලැබගැනීම පිණිස ථාමවා යනු වීර්ය ශක්තියෙන් යුක්තවුයේ දළ්හපරක්කමො යනු ස්ථිර පරාක්‍රම ඇත්තේ, අනික්ඛිත්ත ධුරො කුසලෙසු ධම්මෙසු යනු කුසල් දහම්හි නොතැබු බර ඇත්තේ. පසුනොබෑ වීර්ය ඇත්තේ පරමෙන යනු උතුම් සතිනෙපක්කෙන යනු සිහියෙන්ද බුද්ධිමත් බැවින්ද කවරහෙයින් සිහිය බෙදා දැක්විය යුතු තැන ප්‍රඥාව පැමිණියේය. සතියෙහි බලවත් බව පෙන්වීම පිණිසය. ප්‍රඥාවෙන් වෙන්වූ සතිය දුබලවෙයි. එකට එක්වු විට බලවත්වෙයි.
චිරකතම්පීති අත්තනා වා පරෙන වා කායෙන චිරකතං චෙතියඞ්ගණවත්තාදි අසීති මහාවත්තපටිපත්තිපූරණං. චිරභාසිතම්පීති අත්තනා වා පරෙන වා වාචාය චිරභාසිතං සක්කච්චං උද්දිසන-උද්දිසාපන-ධම්මොසාරණ-ධම්මදෙසනා-උපනිසින්නකථා-අනුමොදනියාදිවසෙන පවත්තිතං වචීකම්මං. සරිතා අනුස්සරිතාති තස්මිං කායෙන චිරකතෙ “කායො නාම කායවිඤ්ඤත්ති, චිරභාසිතෙ වාචා නාම වචීවිඤ්ඤත්ති. තදුභයම්පි රූපං, තංසමුට්ඨාපිකා චිත්තචෙතසිකා අරූපං. ඉති ඉමෙ රූපාරූපධම්මා එවං උප්පජ්ජිත්වා එවං නිරුද්ධා”ති සරති චෙව අනුස්සරති ච, සතිසම්බොජ්ඣඞ්ගං සමුට්ඨාපෙතීති අත්ථො. බොජ්ඣඞ්ගසමුට්ඨාපිකා හි සති ඉධ අධිප්පෙතා. තාය සතියා එස සකිම්පි සරණෙන සරිතා, පුනප්පුනං සරණෙන අනුස්සරිතාති වෙදිතබ්බා.
චිරකතම්පි යනු තමා විසින් හෝ අනුන් විසින් කයින් බොහෝ කලක සිට කරන ලද සෑමළුවන් ආදී අසුමහා වත් පිළිවෙත් පිරිමයි. චිරභාසිතම්පි යනු තමා විසින් හෝ අනුන් විසින් බොහෝ කලක සිට වචනයෙන් කියන ලද සකසා උදෙසීම උදෙසවීම් ධර්මයට පෙළඹීම ධර්ම දේශනාවන්ට අදාළ විස්තර, අනුමෝදන් විය යුතුය. ආදී වශයෙන් පවත්වන ලද වචීකර්මය. සරිතා අනුස්සරිතා යනු කයින් බෝකලක් කළ, කායො නම් කාය විඤ්ඤත්තියයි බෝකල් කියු වදන් නම් වචීවිඤ්ඤත්තියයි ඒ රූපද්වයම ඉන්පට ගන්නා චිත්ත චෛතසික අරූපයයි මේ රූපාරූප ධම මෙසේ ඉපිද මෙසේ නිරුද්ධවූහයි සිහිකරයි. නැවත නැවත සිහිකරයි. සති සම්බොජ්ඣංගය ඇතිකරයි යන අර්ථයි. බොජ්ඣංගයෙන් ඇතිකරන සතිය මෙහි අදහස් කරන ලදී. ඒ සතියෙන් මෙය වරක් සරණයෙන් සිහිකරනු ලැබ නැවත නැවත සරණයෙන් නැවත නැවත සිහි කරන ලද්දේ යයි දත යුතුය.
උදයත්ථගාමිනියාති පඤ්චන්නං ඛන්ධානං උදයවයගාමිනියා උදයඤ්ච වයඤ්ච පටිවිජ්ඣිතුං සමත්ථාය. අරියායාති වික්ඛම්භනවසෙන ච සමුච්ඡෙදවසෙන ච කිලෙසෙහි ආරකා ඨිතාය පරිසුද්ධාය. පඤ්ඤාය සමන්නාගතොති විපස්සනාපඤ්ඤාය චෙව මග්ගපඤ්ඤාය ච සමඞ්ගීභූතො. නිබ්බෙධිකායාති සායෙව නිබ්බිජ්ඣනතො නිබ්බෙධිකාති වුච්චති, තාය සමන්නාගතොති අත්ථො. තත්ථ මග්ගපඤ්ඤාය සමුච්ඡෙදවසෙන අනිබ්බිද්ධපුබ්බං අපදාලිතපුබ්බං ලොභක්ඛන්ධං දොසක්ඛන්ධං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකා. විපස්සනාපඤ්ඤාය තදඞ්ගවසෙන නිබ්බෙධිකාය මග්ගපඤ්ඤාය පටිලාභසංවත්තනතො චාති විපස්සනා “නිබ්බෙධිකා”ති වත්තුං වට්ටති. සම්මා දුක්ඛක්ඛයගාමිනියාති ඉධාපි මග්ගපඤ්ඤා “සම්මා හෙතුනා නයෙන වට්ටදුක්ඛං ඛෙපයමානා ගච්ඡතීති සම්මා දුක්ඛක්ඛයගාමිනී නාම. විපස්සනා තදඞ්ගවසෙන වට්ටදුක්ඛඤ්ච කිලෙසදුක්ඛඤ්ච ඛෙපයමානා ගච්ඡතීති දුක්ඛක්ඛයගාමිනී. දුක්ඛක්ඛයගාමිනියා වා මග්ගපඤ්ඤාය පටිලාභසංවත්තනතො එසා දුක්ඛක්ඛයගාමිනී”ති වෙදිතබ්බා.
උදයත්ථගාමිනියා යනු පංචස්කන්ධයන් උදයව්‍යයට යන හටගැනීම හා ව්යායවීම අවබෝධකර ගැනිමට සමත්, අරියාය යනු විෂ්කම්භන වශයෙන්ද සමුච්ඡේද වශයෙන්ද කෙලෙසුන්ගෙන් දුරස්ව සිටීම පිණිස පිරිසිදුවීම පිණිස පඤ්ඤාය සමන්තාගතො යනු විදර්ශනා ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන්ද යුත් නිබ්බෙධිකාය යනු එයම පැලීයන නිබ්බෙධිතා යයි කියනු ලැබේ. එයින් යුක්තය යන අර්ථයි. එහි මාර්ග ප්‍රඥාව සමුච්ඡේද වශයෙන් නොපැලුණු වීරු ලෝභස්කන්ධය දෝෂ මෝහ ස්කන්ධය බිඳෙන්නේය පැලෙන්නේය. යනු නිබ්බෙධිකානම, විදර්ශනා ප්‍රඥාව තදඞ්ග වශයෙන් බිඳලන මාර්ග ප්‍රඥාවෙන් ප්රතිලාභ ඇති කරවන බැවින්ද විපස්සනා නිබ්බෙධිකා යයි කියන්නට වටී. සම්මා දුක්ඛක්ඛයගාමිනියා යනු මෙහිද මාර්ගප්රඥව මනාහේතු ක්‍රමයෙන් සසරදුක ගෙවමින් යානුයි දුක්ඛක්ඛයගාමිනී, දුක් නැති කරන මාර්ග ප්‍රඥාව ලබාගැනීමට හේතුවන නිසාද දුක්ඛක්ඛය ගාමිනී යයි දතයුතුය.
අභිචෙතසිකානන්ති අභිචිත්තං සෙට්ඨචිත්තං සිතානං නිස්සිතානං. දිට්ඨධම්මසුඛවිහාරානන්ති අප්පිතප්පිතක්ඛණෙ සුඛපටිලාභහෙතූනං. නිකාමලාභීති ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපජ්ජිතා. අකිච්ඡලාභීති නිදුක්ඛලාභී. අකසිරලාභීති විපුලලාභී. පගුණභාවෙන එකො ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපජ්ජිතුං සක්කොති, සමාධිපාරිපන්ථිකධම්මෙ පන අකිලමන්තො වික්ඛම්භෙතුං න සක්කොති, සො අත්තනො අනිච්ඡාය ඛිප්පමෙව වුට්ඨාති, යථාපරිච්ඡෙදවසෙන සමාපත්තිං ඨපෙතුං න සක්කොති අයං කිච්ඡලාභී කසිරලාභී නාම. එකො ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ ච සමාපජ්ජිතුං සක්කොති, සමාධිපාරිපන්ථිකධම්මෙ ච අකිලමන්තො වික්ඛම්භෙති, සො යථාපරිච්ඡෙදවසෙනෙව වුට්ඨාතුං සක්කොති, අයං අකිච්ඡලාභී අකසිරලාභී නාම.
ආභිචෙතසිකානං යනු උසස්සිත, ශ්රේෂ්ඨසිත, හා බැඳුණු දිට්ඨ ධම්ම සුඛ විහාරානං යනු සැමවැදුණු හැම මොහොතකම සැපලැබීමේ හේතුන්, නිකාමලාභී යනු කැමති කැමති කෙණෙහි සමවැදුණු, අකසිරලාභී යනු බොහෝ ලැබීම් ඇති ප්‍රගුණභාවය නිසා එකෙක් කැමති කැමති කෙණෙහි සමවදින්ට හැකිවෙයි සමාධියට බාධකවු ධර්මයන්ද වෙහෙසක් නැතිව විනාශ කිරීමට නොහැකිවෙයි. හේ තමාගේ අකැමැත්තෙන් වහාම නැගී සිටියි. පිරිසිඳීම් ආකාරයෙන් සමවත් තබාගැනීමට නොහැකි වෙයි. මෙය කිච්ඡලාභී අපහසුවෙන් ලැබෙන්නේ කසිරලාභී කරදර සහිතව ලබන්නේ නම් එකෙක් කැමති කැමති ක්ෂණයකම සමවැදීමට සමත්වෙයි. සමාධියට බාධකවු ධර්මයන්ද වෙහෙසක් නැතිවම විනාශකරදමයි. හේ පිරිසිඳීම් වශයෙන්ම නැගී සිටීමට සමත්වෙයි. මෙය අකිච්ඡලාභී අපහසුවක් නැතිව ලබන්නේ අකසිරලාභී කරදර රහිතව ලබන්නේ නම්
අයං වුච්චති මහානාම අරියසාවකො සෙඛො පාටිපදොති මහානාම අරියසාවකො සෙඛො පාටිපදො විපස්සනාගබ්භාය වඩ්ඪමානකපටිපදාය සමන්නාගතොති වුච්චතීති දස්සෙති. අපුච්චණ්ඩතායාති අපූතිඅණ්ඩතාය. භබ්බො අභිනිබ්භිදායාති විපස්සනාදිඤාණප්පභෙදාය භබ්බො. සම්බොධායාති අරියමග්ගාය. අනුත්තරස්ස යොගක්ඛෙමස්සාති අරහත්තං අනුත්තරො යොගක්ඛෙමො නාම, තදභිගමාය භබ්බොති දස්සෙති. යා පනායමෙත්ථ අත්ථදීපනත්ථං උපමා ආහටා, සා චෙතොඛිලසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා. කෙවලඤ්හි තත්ථ “තස්සා කුක්කුටියා අණ්ඩෙසු තිවිධකිරියකරණං විය හි ඉමස්ස භික්ඛුනො උස්සොළ්හිපන්නරසෙහි අඞ්ගෙහි සමන්නාගතභාවො”ති යං එවං ඔපම්මසංසන්දනං ආගතං, තං ඉධ එවං සීලසම්පන්නො හොතීතිආදිවචනතො “තස්සා කුක්කුටියා අණ්ඩෙසු තිවිධකිරියකරණං විය ඉමස්ස භික්ඛුනො සීලසම්පන්නතාදීහි පන්නරසෙහි ධම්මෙහි සමඞ්ගිභාවො”ති. එවං යොජෙත්වා වෙදිතබ්බං. සෙසං සබ්බත්ථ වුත්තසදිසමෙව.
අයං වුච්චති මහානාම අරිය සාවකො සෙඛො පාටිපදො යනු මහානාම මේ ආර්ය ශ්රාවකයා නම් සේඛ පිළිවෙත් ඇත්තේය. විදර්ශනා ගර්භය සඳහා වර්ධමානක ප්‍රතිපදාවෙන් යුක්තවුයේයයි දක්වයි. අපුච්චණ්ඩකාය යනු කුණුනොවූ බිජු ඇති බැවින් භබ්බො අභිනිබ්බිදාය යනු ඥානය ප්‍රභේදනය කිරීමට හැක්කෙකි. සම්බොධාය යනු ආර්ය මාර්ග සඳහා, අනුත්තරස්ස යොගක්ඛෙමස්ස යනු අර්හත්වය අනුත්තරය යෝගක්ෂේම නම් වේ. එය අවබෝධ කරනු පිණිස හැක්කේ යයි දක්වයි මෙහි යමක් අර්ථ දීපනය පිණිස උපමා ගෙනහැර දක්වනු ලැබීද, එය චෙතොඛීලසුත්රයෙහි කියු ක්‍රමයෙන් දතයුතුය. හුදෙක් එහි ඒ කිකිළියගේ බිජුවල ත්‍රිවිධ කාර්යයක් කිරීම මෙන් මේ භික්ෂුවගේ උත්සාහයෙන් කරන පසළොස් අංගයකින් යුක්තභාවය යන යම් ඒ උපමා සංසන්දනයක් ආයේද එය මෙහි මෙසේ සීලසම්පන්න වේය ආදී වචනයෙන් ඒ කිකිළියගේ බිජුවල ත්‍රිවිධ කාර්යයක් කිරීම මෙන් මේ භික්ෂුවගේ සීලසම්පන්න භාවය ආදී පසළොස් ධර්මයන්ගෙන් යුක්තවූ බවයයි. මෙසේ යොදා දත යුතුය. සෙස්ස සියලු තැන්හි කියනලද පරිදිමය.
ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධින්ති ඉමං පඨමාදිජ්ඣානෙහි අසදිසං උත්තමං චතුත්ථජ්ඣානිකං උපෙක්ඛාසතිපාරිසුද්ධිං. පඨමාභිනිබ්භිදාති පඨමො ඤාණභෙදො. දුතියාදීසුපි එසෙව නයො. කුක්කුටච්ඡාපකො පන එකවාරං මාතුකුච්ඡිතො එකවාරං අණ්ඩකොසතොති ද්වෙ වාරෙ ජායති. අරියසාවකො තීහි විජ්ජාහි තායො වාරෙ ජායති. පුබ්බෙනිවාසච්ඡාදකං තමං විනොදෙත්වා පුබ්බෙනිවාසඤාණෙන පඨමං ජායති, සත්තානං චුතිපටිසන්ධිච්ඡාදකං තමං විනොදෙත්වා දිබ්බචක්ඛුඤාණෙන දුතියං ජායති, චතුසච්චපටිච්ඡාදකං තමං විනොදෙත්වා ආසවක්ඛයඤාණෙන තතියං ජායති.
ඉමං යෙව අනුත්තරං උපෙබාසති පාරිසුද්ධි යනු මේ ප්‍රථමධ්‍යානාදීන් ගෙන් අසදෘශ වූ උතුම් චතුර්ථධ්‍යානයෙන් උපන් උපෙබාසති පාරිසුද්ධි නම්වේ. පඨමා අභිනිබ්බිදා යනු ප්‍රථම ඥානභේදයයි. ද්වීතීය ධ්යානාදියෙහිද මේ ක්‍රමයයි. කුකුළුපැටවා එක්වරක් මව්කුසින්ද එක්වරක් අණ්ඩකෝෂයෙන්දැයි දෙවරක් උපදී. ආර්ය ශ්රාවකයා ත්‍රිවිද්‍යාවෙන් තෙවරක් උපදී. පෙර විසූකඳ පිළිවෙළ වසන අන්ධකාරය දුරුකර පෙර විසු කඳ පිළිවෙළ දන්නා නුවණින් පළමුව උපදී. සතුන්ගේ චුතිප්රතිසන්ධිසන අන්ධකාරය දුරුකොට දිවැස් නැණින් දෙවැනිව උපදී. චතුරාර්යසත්යය වසන අන්ධකාරය දුරුකොට ආශ්රවක්ෂය ඥානයෙන් තෙවැනිව උපදී.
ඉදම්පිස්ස හොති චරණස්මින්ති ඉදම්පි සීලං අස්ස භික්ඛුනො චරණං නාම හොතීති අත්ථො. චරණං නාම බහු අනෙකවිධං, සීලාදයො පන්නරසධම්මා, තත්ථ ඉදම්පි එකං චරණන්ති අත්ථො. පදත්ථො පන චරති තෙන අගතපුබ්බං දිසං ගච්ඡතීති චරණං. එස නයො සබ්බත්ථ.
ඉදම්පිස්ස හොති චරණස්මිං යනු මෙය ද සිල්වත් භික්ෂුවකගේ චරණ නම් වේ යන අර්ථයි. චරණය නම් බොහෝය. අනේකවිධය ශීලාදී පසළොස් ධර්මයෝ, එහි මෙයද එක් චරණයකි යන අර්ථයි, පදාර්ථ වශයෙන් එයින් හැසිරේ නොගිය විරූ දිශාවට නානුයි වරණ නමි. සියලු තැන මේ ක්‍රමයයි.
ඉදම්පිස්ස හොති විජ්ජායාති ඉදං පුබ්බෙනිවාසඤාණං තස්ස විජ්ජා නාම හොතීති අත්ථො. විජ්ජා නාම බහු අනෙකවිධා, විපස්සනඤාණාදීනි අට්ඨ ඤාණානි, තත්ථ ඉදම්පි ඤාණං එකා විජ්ජාතිපි අත්ථො. පදත්ථො පන විනිවිජ්ඣිත්වා එතාය ජානාතීති විජ්ජා. එස නයො සබ්බත්ථ. විජ්ජාසම්පන්නො ඉතිපීති තීහි විජ්ජාහි විජ්ජාසම්පන්නො ඉතිපි. චරණසම්පන්නො ඉතිපීති පඤ්චදසහි ධම්මෙහි චරණසම්පන්නො ඉතිපි. තදුභයෙන පන විජ්ජාචරණසම්පන්නො ඉතිපීති.
ඉදම්පිස්ස හොති විජ්ජාය යනු මේ පෙරවිසූ කඳ පිළිවෙළ දන්නා ඥානය එයට විද්‍යාව වේනුයි අර්ථයි විජ්ජානම් බොහෝය. අනේකවිධය. විදර්ශනාඥාන ආදී ඥාන අටකි. එහි මෙයද ඥානයකි. එකම විද්‍යාවයි යන අර්ථයි. පදාර්ථ වශයෙන් විනිවිදගොස් එයින් දනීනුයි විජ්ජානමි සියලු තැන මේ ක්‍රමයයි. විජ්ජා සම්පන්නො ඉතිපි යනු පසළොස් ධර්මයන් ගෙන් මෙසේද චරණ සම්පන්නො වෙයි. ඒ දෙකින්ම මෙසේද විජ්ජාචරණ සම්පන්නො වෙයි
සනඞ්කුමාරෙනාති පොරාණකකුමාරෙන, චිරකාලතො පට්ඨාය කුමාරොති පඤ්ඤාතෙන. සො කිර මනුස්සපථෙ පඤ්චචූළකකුමාරකකාලෙ ඣානං නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ නිබ්බත්ති, තස්ස සො අත්තභාවො පියො අහොසි මනාපො, තස්මා තාදිසෙනෙව අත්තභාවෙන චරති, තෙන නං සනඞ්කුමාරොති සඤ්ජානන්ති. ජනෙතස්මින්ති ජනිතස්මිං, පජායාති අත්ථො. යෙ ගොත්තපටිසාරිනොති යෙ ජනෙතස්මිං ගොත්තං පටිසරන්ති “අහං ගොතමො, අහං කස්සපො”ති, තෙසු ලොකෙ ගොත්තපටිසාරීසු ඛත්තියො සෙට්ඨො. අනුමතා භගවතාති මම පඤ්හබ්යාකරණෙන සද්ධිං සංසන්දිත්වා දෙසිතාති අම්බට්ඨසුත්තෙ බුද්ධෙන භගවතා “අහම්පි, අම්බට්ඨ, එවං වදාමි –
සනං කුමාරෙන යනු පෞරාණික කුමරු විසින් බොහෝ කලෙක පටන් කුමාරයයි ප්‍රසිද්ධවු ඔහුගෙන් ඔහු වනාහි මිනිස් ලොව පඤ්ච චුලක නම් කුමාර කාලයෙහි ධ්‍යාන උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන්නේය. ඔහුට ඒ අත්බව ප්‍රියවිය. මනාපවිය. ඒනිසා එබඳුම අත් බවකින් හැසිරේ. ඒනිසා ඔහු සනංකුමාර යයි හඳුන්වති. ඡනෙතස්මිං යනු උපත ලැබු ප්‍රජාවෙහි යන අර්ථයි. යෙ ගොත්ත පටිසාරිනො යනු යම් ජනකෙනෙක් එහි මම ගෞතමය. මම කස්සපයැයි එහි ගෝත්‍රය කියත්ද ලෝකයෙහි ගෝත්‍ර කියන්නවුන් අතර ක්ෂත්රියයා ශ්‍රේෂ්ඨය. අනුමතා භගවතා යනු මාගේ ප්‍රශ්න ව්‍යාකරණය සමග සසඳා දේශනා කරන ලද්දේයයි අම්බට්ඨ සුත්‍රයෙහි භාග්‍යවත් බුදුරදුන් විසින් අම්බට්ඨය, මමද එසේ කියමි,
‘ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං, යෙ ගොත්තපටිසාරිනො; විජ්ජාචරණසම්පන්නො, සො සෙට්ඨො දෙවමානුසෙ’ති”. (දී· නි· 1.277) –
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං - යොගොත්ත පටිසාරිනො විජ්ජාචරණ සම්පන්නො - සොසෙට්ඨො දෙවමානු සෙ
කුලහොත් විචාරණ ජනයන් අතර කැත් කුලය ශ්‍රේෂ්ඨය විජ්ජා චරණයෙන් යුත් තැනැත්තේ දෙවිමිනිසුන් අතර ශ්‍රේෂ්ඨය.
එවං භාසන්තෙන අනුඤ්ඤාතා අනුමොදිතා. සාධු සාධු ආනන්දාති, භගවා කිර ආදිතො පට්ඨාය නිද්දං අනොක්කමන්තොව ඉමං සුත්තං සුත්වා ආනන්දෙන සෙඛපටිපදාය කූටං ගහිතන්ති ඤත්වා උට්ඨාය පල්ලඞ්කං ආභුජිත්වා නිසින්නො සාධුකාරං අදාසි. එත්තාවතා ච පන ඉදං සුත්තං ජිනභාසිතං නාම ජාතං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මෙසේ කියන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේය. අනුමෝදන් වන ලද්දේය. සාධු සාධු ආනන්ද යනු භාග්‍යවතුන් වහන්සේ මුලපටන් නිද්‍රාවට නොඑළඹ මේ සුත්‍රය අසා ආනන්ද විසින් සේඛ ප්‍රතිපදාවෙන් කුළුගන්නා ලද්දේයයි දැන නැගිට පළක් බැඳ වැඩහුන් සේක් සාධුකාර දුන් සේක. එපමණකින්ම මේ සුත්‍රය බුද්ධභාෂිතයක් යයි නම් ලැබීය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සෙඛසුත්තවණ්ණනා නිට්ඨිතා.
තුන්වැනි සේඛ සුත්‍රයයි