සෙඛ සුත්තං
2. 1. 3.
2. 1. 3.
සෙඛ සුත්තං
සේඛ සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො කාපිලවත්ථවා සක්යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ, කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. තං භන්තෙ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්ථවා සක්යා පරිභුඤ්ජිස්සන්ති. තදස්ස කාපිලවත්ථවානං සක්යානං දීඝරත්තං හිතාය සුඛායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
මා විසින් මෙසේ අසන ලදි. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කරනසේක. එසමයෙහි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි යම් මැ මිනිසකු විසින් නො වසනලද වෙයි. එසඳ කිඹුල්වත් වැසි සැහැකුල වැසියෝ බුදුන් කරා එළැඹියහ. එළැඹ සකසා බුදුන් වැඳ පසෙක හුන්හු. එකත්පසෙක හුන් කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ බුදුන්ට තෙල සැල කොළෝ: ‘වහන්ස, කිඹුල්වත් වැසි සැහැකුල වැසියන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි මනුෂ්‍ය වූ යම් මැ කෙනකුන් විසින් වාස නො කරනලදි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහහල පළමු වැ ලා වළඳ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු වැ ලා වළඳ කළ හල පසු වැ ලා කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ වළඳ කෙරෙති. එය කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවනට හිතසුව පිණිස වැටේ’යයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූසේක.
අථ ඛො කාපිලවත්ථවා සක්යා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං: සබ්බසන්ථරිං සන්ථතං භන්තෙ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො. යස්සදානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී’ති. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි, භගවන්තං යෙව පුරක්ඛත්වා. කාපිලවත්ථවාපි ඛො සක්යා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡාමුඛා නිසීදිංසු, භගවන්තංයෙව පුරක්ඛත්වා. අථ ඛො භගවා කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙවරත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: පටිභාතු තං ආනන්ද කාපිලවත්ථවානං සක්යානං සෙඛො පාටිපදො පිට්ඨිම්මෙ ආගිලායති. තමහං ආයමිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා.
ඉක්බිති කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ගේ අධිවාසනා දැන හුනස්නෙන් නැඟී බුදුන් සකසා වැඳ පැදැකුණු කොට සන්ථාගාරශාලාව කරා එළැඹියහ. එළැඹැ සන්ථාගාරය හැම තැන් ඇතිරි ලීමෙන් අතුරා අසුන් පන්වා දියසැළ තබා තෙල්පහන් නඟා බුදුන් කරා එළැඹියහ. එළැඹැ බුදුන් සකසා වැඳ එකත්පස් වැ සිටියෝ. එකත්පස් වැ සිටි කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ට තෙල සැලකොළෝ: ‘වහන්ස සන්ථාගාරය සර්වසංස්තරණ කොට අතුරන ලද. ආසනයෝ පනවන ලදහ. දියසැළ එළවා තබන ලදි. තෙල් පහන් නැංවී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එයට දැන් කල් දන්නාසේක්ව’යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සංවිධානයෙන් හැඳ පා සිවුරු ගෙන බික්සඟුන් සමග වැඩවදාළහ. වැඩ වදාරා පා දෙව සන්ථාගාරයට පිවිස මැඳුම්ටැඹ ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා වැඩහුන්හු. බික්සඟහු ද සන්ථාගාරයට වැද පැසිම්බිත් ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා බුදුන් මැ පෙරටු කොටගෙන හුන්හු. කිඹුල්වත් වැසි සැහැරජදරුවෝ ද පා දොවා සන්ථාගාරයට වැද පෙරදිගබිත් ඇසිරි කොට පැළදික් ලූ මුහුණු ඇති වැ බුදුන් මැ පෙරටු කොට හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් වැසි සැහැරජුන් රෑ බොහෝ වේලෙහි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, කිඹුල්වත් වැසි සැහැ රජුනට පිළිපන් සේඛ මහණ (ගැන දෙසන්නට) තොපට වටහාව’යි. මාගේ පිට මඳක් ගිලන් වෙයි. මම් ඒ මඳක් සන්හිඳුවමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එසඳ බුදුහු සඟළ සිවුගුණ කොට පනවා දකුණු පයෙහි වම්පය හයා තබා සිහි ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ උත්ථාන සංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යා කළහ.
අථ ඛො ආයස්මා ආනන්දො මහානාමං සක්යං ආමන්තෙසි. ඉධ මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති. ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. භොජනෙ මත්තඤ්ඤූ හොති. ජාගරියං අනුයුත්තො හොති. සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘මහානාම’ සැහැරජු ඇමතූහ: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි. ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි, බොජුනෙහි පමණ දන්නේ වෙයි. නිදි වැරීමෙහි යෙදුණේ වෙයි, (ශ්‍රද්ධාදි) සප්ත සද්ධර්ම යෙන් සමන්වාගත වූයේ වෙයි, අධිචිත්තය ඇසිරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයෙන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි.
කථඤ්ච මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති: ඉධ මහානාම අරියසාවකො සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වෙයි, ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුකුත වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නාසුලු ව වෙසෙයි, ශික්ෂා කොටසෙහි ඒ ඒ ශික්ෂාපදය දැඩි ව ගෙන හික්මෙයි, මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වූයේ වේ.
කථඤ්ච මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ මහානාම අරියසාවකො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක චක්ෂුර්විඥානයෙන් රූප දැක නිමිත්ත විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුහු අභිධ්‍යා දෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු වෙද් ද, ඒ චක්ෂුරින්ද්රියා ගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. චක්ෂුරින්ද්රියය රකියි, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙ යි. ශ්‍රෝත විඥානයෙන් ශබ්ද අසා … ඝ්‍රාණවිඥාන යෙන් ගඳ ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රස විඳ … කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්ශ කොට … මනෝවිඥානයෙන් ධර්මාලම්බන දැන නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්යඤ්ජනග්රාහී නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තුලුහු ලාමක අකුශලධර්ම වූ අභිධ්‍යා දෞර්මනස්යයෝ ලුහුබඳනාහු ද ඒ මනින්ද්රියාගේ සංවරයට පිළිපන්නේ වෙයි, මනින්ද්රියය රකී, මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මෙහෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇත්තේ වෙයි.
කථඤ්ච මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ මහානාම අරියසාවකො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා ති. එවං ඛො මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක නුවණින් ප්රත්යවේක්ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්‍රා ද අනවද්‍යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වූයේ වෙයි.
කථඤ්ච මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති: ඉධ මහානාම අරියසාවකො දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති, පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො, උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති.
මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක කිසෙයින් නිදිවැරීමෙහි යෙදුණේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දවස සක්මනින් නිෂද්‍යායෙන් යෙදී නීවරණධර්‍මයන් ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණුපයෙහි වම්පය මඳක් ඇඳ තබා සිහි නුවණ ඇති ව උත්ථානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
කථඤ්ච මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති: ඉධ මහානාම අරියසාවකො සද්ධො හොති. සද්දහති තථාගතස්ස බොධිං. “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. හිරිමා හොති. හිරීයති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. ඔත්තප්පී හොති, ඔත්තප්පති කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො. චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. එවං ඛො මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි. ඒ භාග්‍යවත්හු මෙ කරුණෙන් අර්හත් වූහ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යායෙන් පසළොස් චරණ ධර්මයෙන් සමන්වාගතයහ. සුගත වූහ, ලෝකවිද් වූහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූහ, බුද්ධ වූහ, භගවත් වූහ යි තථාගතයන් වහන්සේ ගේ බුද්ධත්වය හදහයි. පාපයෙහි ජුගුප්සා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජා ඇති වෙයි. ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා ඇති වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බියපත් වෙයි. ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් බියපත් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතය ධරනුයේ ශ්‍රැත සන්නිචය වූයේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද එ බඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් මොනවට පිළිවිදිනා ලද්දාහු වෙති. අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කුශල ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. කුශල ධර්මයන්හි වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ ස්ථිර පරාක්‍රම ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙයි. ස්මෘතිමත් වූයේ උතුම් වූ ස්මෘතියෙන් හා ප්‍රඥායෙන් හා සමන්වාගත වෙයි. පෙර කළ දෑ ද පෙර කියූ දෑ ද සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. උදයව්‍යය ප්‍රතිවේධ කිරීමට සමර්ත්ථ ප්‍රඥායෙන් සමන්වාගත වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ මොනවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ප්‍රඥායෙන් ප්‍රඥා ඇතියේ වෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වූයේ වෙයි.
කථඤ්ච මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉධ මහානාම අරියසාවකො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක කාමච්ඡන්දයෙන් වෙන් වැ අකුශල ධර්මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්ක සහිත වූ විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක අභිචිත්තයෙහි උපන් ඉහාත්ම සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි.
යතො ඛො මහානාම අරියසාවකො එවං සීලසම්පන්නො හොති. එවං ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. එවං භොජනෙ මත්තඤ්ඤූ හොති. එවං ජාගරියං අනුයුත්තො හොති. එවං සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති. එවං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී, අකසිරලාභී. අයං වුච්චති මහානාම අරියසාවකො සෙඛො පාටිපදො අපුච්චණ්ඩතාය සමාපන්නො භබ්බො අභිනිබ්භිදාය භබ්බො සම්බොධාය භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ශීල සම්පන්න වේද, මෙසේ ඉන්ද්රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්ෂ්ය ප්‍රතිපත් ඇත්තේ යැ, කුණු නො වූ බිජුවට ඇති බවට පිළිපන්නේ ය. ඥානප්‍රභේදයට භව්‍ය යැ ආර්ය්යමාර්ගයට භව්‍ය යැ අර්හත්ත්වප්රාප්තියට භව්‍ය යැ යි කියනු ලැබේ.
සෙය්යථාපි මහානාම කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානාස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි, කිඤ්චාපි තස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වතිමෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යු’න්ති. අථ ඛො භබ්බාව තෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. එවමෙව ඛො මහානාම යතො අරියසාවකො එවං සීලසම්පන්නො හොති, එවං ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, එවං භොජනෙ මත්තඤ්ඤූ හොති, එවං ජාගරියං අනුයුත්තො හොති, එවං සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, එවං චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. අයං වුච්චති මහානාම අරියසාවකො සෙඛො පාටිපදො අපුච්චණ්ඩතාය සමාපන්නො භබ්බො අභිනිබ්භිදාය භබ්බො සම්බොධාය භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය.
යම්සේ මහානාමය, කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දෙළොසෙක් හෝ වේ ද, එ බිජුවටහු, කිකිළිය විසින් (අධිශයනයෙන්) මොනොවට රක්නා ලද්දාහු, මොනොවට හුණු ගන්වන ලද්දාහු, මොනොවට පරිභාවනා කරන ලද්දාහු වෙත් ද, එතෙකුදු වත් එ කිකිළියට මෙවන් ඉච්ඡායෙක් නූපදනේ යැ: ‘මේ කුකුළු පොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් මැනැවැ’යි ඉච්ඡායෙක් නූපදනේ යැ. වැළිත් එ කුකුළුපොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ බැහැරට නික්මෙන්නට භව්‍ය මැ වෙති. එසෙයින් මැ මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සිල්සපන් වේ ද, මෙසේ ඉඳුරන්හි පියූ දොර ඇති වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්මසුඛවිහරණ ඇති චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්ෂ්යප්රතිපදා ඇත්තේ යැ, අපූත්‍යණ්ඩ භාවයට පැමිණියේ යැ, ඥානප්‍රභේදයට භව්‍ය යැ, ආර්ය්යමාර්ගාවබෝධයට භව්‍ය යැ, අනුත්තර යෝගක්‍ෂේමයා ගේ අධිගමයට භව්‍ය යි කියනු ලැබේ.
ස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයමස්ස පඨමා’භිනිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ අනේකප්‍රකාර වූ පූර්වනිවාසය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙජාතියකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්වනිවාසය සිහි කෙරෙයි. අණ්ඩකොෂයෙන් කුකුළුපැටවා ගේ මෙන් මේ ඔහුගේ පළමුවන ඥාන ප්‍රභේදය වෙයි.
ස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයමස්ස දුතියාභි’නිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිව්‍ය චක්ෂුසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්ගතිගත සත්ත්වයන් දකී, … කම් වූ පරිදි පැමිණි සත්ත්වයන් දැනගනී. අණ්ඩකෝෂයෙන් කුකුළුපැටවක්හුගේ සෙයින් මේ ඔහුගේ දෙවැනි ඥානප්‍රභේදය වෙයි.
ස ඛො සො මහානාම අරියසාවකො ඉමංයෙව අනුත්තරං උපෙක්ඛාසතිපාරිසුද්ධිං ආගම්ම ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයමස්ස තතියා’භිනිබ්භිදා හොති කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
මහානාමය, ඒ තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රරවයන්ගේ ක්ෂයවීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියට ඵලප්‍රඥාව ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වෙසෙයි. අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවක්හුගේ (නික්මීම) සෙයින් මේ ඔහුගේ තුන්වන ඥානප්‍රභේදය වෙයි.
යම්පි ඛො මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං. යම්පි මහානාම අරියසාවකො චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී, ඉදම්පිස්ස හොති චරණස්මිං.
මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ඉන්ද්රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද මෙ ද ඔහුට චරණ නම් වේ.
යම්පි ඛො මහානාම අරියසාවකො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පිස්ස හොති විජ්ජාය. යම්පි මහානාම අරියසාවකො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ - යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පිස්ස හොති විජ්ජාය. යම්පි මහානාම අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පිස්ස හොති විජ්ජාය. අයං වුච්චති මහානාම අරියසාවකො විජ්ජාසම්පන්නො ඉතිපි, චරණසම්පන්නො ඉතිපි. විජ්ජාචරණසම්පන්නො ඉතිපි. බ්රහ්මුනා ඛො පනෙසා මහානාම සනඞ්කුමාරෙන ගාථා භාසිතා.
මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක අනේකවිධ වූ පූර්වනිවාසය සිහි කෙරේ ද ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්වනිවාසය නුවණින් සිහි කෙරෙයි. මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක විශුද්ධ වූ මිනිසැස ඉකමැසිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්ගතිගත වූ ද සත්ත්වයන් දක්නේ වේ ද, කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දන්නේ වේ ද, මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආස්රවක්ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥා විමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට උපයා විහරණ කෙරේ ද, මෙ ද ඔහුට විද්‍යා වේ. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක විද්‍යා සම්පන්න යයි ද කියනු ලැබේ. මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථා කියන ලදු:
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං යෙ ගොත්තපටිසාරිනො, විජ්ජාචරණසම්පන්නො සො සෙට්ඨො දෙවමානුසෙ’ති.
“යම් ජන කෙනෙක් (ජනිත) ප්‍රජායෙහි (කසුබු ආදී) ගොත් සිහිකරනසුලු වෙත් ද, ඔවුන් කෙරෙහි ක්ෂත්රිය ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද, දේවමනුෂ්‍යයන් කෙරෙහි හේ ශ්‍රේෂ්ඨ වේ.
සා ඛො පනෙසා මහානාම බ්රහ්මුනා සනඞ්කුමාරෙන ගාථා සුගීතා නො දුග්ගීතා, සුභාසිතා නො දුබ්භාසිතා, අත්ථසංහිතා නො අනත්ථසංහිතා, අනුමතා භගවතාති.
මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථාව මොනවට ගයන ලදු, දුර්ගීත නො වෙයි. සුභාෂිත වෙයි, දුර්භාෂිත නොවෙයි, අර්ත්ථ සංහිත වෙයි, අනර්‍ත්‍ථ සංහිත නොවෙයි, භගවත්හු විසිනුදු අනුමත යි.
අථ ඛො භගවා උට්ඨහිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: සාධු සාධු ආනන්ද, සාධු ඛො ත්වං ආනන්ද කාපිලවත්ථවානං සක්යානං සෙඛං පාටිපදං අභාසීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමතූ සේක: ආනන්දය. මැනැව මැනැව. ආනන්දය, තෙපි කපිලවාස්තු වාසත්ව්ය වූ සැහැකුලනට ශෛක්ෂ ප්‍රතිපදා කීවහු යයි.
ඉදමවොචායස්මා ආනන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා කාපිලවත්ථවා සක්යා ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දුන්ති.
ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මෙ සුත් දෙසූ හ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. (ප්‍රීතිසෞමනස්‍යයන් විසින්) ගත් සිත් ඇති කිඔුල්වත් වාසි සැහැකුලයෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්දනය කළහ.
සෙඛසුත්තං තතියං.
තෙවැනි සේඛ සූත්‍ර යි.