යෙදුමෙන් කියවන්න

අට‍්ඨකනාගර සුත‍්තං

2. 1 .2

2. 1. 2.

අට‍්ඨකනාගර සුත‍්තං

අට්ඨකනාගර සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං ආයස‍්මා ආනන්‍දො වෙසාලියං විහරති බෙලුවගාමකෙ. තෙන ඛො පන සමයෙන දසමො ගහපති අට‍්ඨකනාගරො පාටලිපුත‍්තං අනුප‍්පත‍්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො දසමො ගහපති අට‍්ඨකනාගරො යෙන කුක‍්කුටාරාමො යෙන අඤ‍්ඤතරො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො දසමො ගහපති අට‍්ඨකනාගරො තං භික‍්ඛුං එතදවොච: කහන‍්නු ඛො භන‍්තෙ ආයස‍්මා ආනන්‍දො එතරහි විහරති. දස‍්සනකාමා හි මයං තං ආයස‍්මන‍්තං ආනන්‍දන‍්ති. එසො ගහපති ආයස‍්මා ආනන්‍දො වෙසාලියං විහරති බෙලුවගාමකෙ’ති. අථ ඛො දසමො ගහපති අට‍්ඨකනාගරො පාටලිපුත‍්තෙ තං කරණීයං තීරෙත්‍වා යෙන වෙසාලී යෙන බෙලුවගාමකො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො දසමො ගහපති අට‍්ඨකනාගරො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති. එකල අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරුණෙකින් පැළලුප් නුවරට පැමිණියේ වෙයි. අට්ඨකනගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි එක්තරා මහණක්හු කරා එළැඹියේ යැ. එළැඹැ ඒ මහණහු සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ඒ මහණහට තෙල කී: ‘වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැන් කොහි වෙසෙත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දක්නා කැමැත්තම්හ’යි. ‘ගැහැවිය, තෙල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති’යි. එසඳ අට්ඨකනගර වැසි දසම ගැහැවි පැළලුප් නුවර ඒ කරණී නිමවා විශාලා මහනුවර බේලුවගාමයෙහි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කී:

අත්‍ථි නු ඛො භන‍්තෙ ආනන්‍ද තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තං වා චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා වා ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. අනනුප‍්පත‍්තං වා අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාතී’ති. අත්‍ථි ඛො ගහපති තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො, යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තඤ‍්චෙව චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා ච ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. අනනුප‍්පත‍්තඤ‍්ච අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාතී’ති. කතමො පන භන‍්තෙ ආනන්‍ද තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තඤ‍්චෙව චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා ච ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. අනනුප‍්පත‍්තඤ‍්ච අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාතී’ති.

‘වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක ලා නො මිදුණු හෝ සිත් මිදේ ද, ක්‍ෂය නො වූ හෝ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ හෝ අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වේ ද? ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා නො මිදුණා වූ ද සිත මිදේ ද, ක්‍ෂය නො වූ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ අනුත්තර යෝගක්‍ෂේමයත් නුවණින් ලබා ද එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වෙයි. වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හු ගේ යම් අරමුණෙක ලා නො මිදුණා වූත් සිත මිදේ ද, ක්‍ෂය නො වූත් ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූත් අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳුවූ වදාරන ලද එක් ධර්‍මය කවරේ යැ.

ඉධ ගහපති භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති. ඉදම‍්පි ඛො පඨමං ඣානං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. අයම‍්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො, යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තඤ‍්චෙව චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා ච ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති, අනනුප‍්පත‍්තඤ‍්ච අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ සිතයි: ‘මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලද්දෙකි. සිතින් නිපදවන ලද්දෙකි. යම් කිසිවක් කරන ලද නම් සිතින් නිපදවන ලද නම් ඒ අනිත්‍ය යැ. නිරුද්ධ වන සැහැවි ඇති’යි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනාමය ධර්‍මරාගයෙන් පඤ්චඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ, එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන මහණක්හුගේ අවිමුක්ත චිත්තය විමුක්ත වේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද නො පැමිණි අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳුවූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: ඉදම‍්පි ඛො දුතියං ඣානං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. අයම‍්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො, යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තඤ‍්චෙව චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා ච ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. අනනුප‍්පත‍්තඤ‍්ච අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් සිය සතන්හි සම්ප්‍රසාද ඇති කරන දෙවන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ දෙවන දැහැන ද උත්පාදිත යැ ප්‍රකල්පිත යැ. යම් කිසිවක් උත්පාදිත වේ නම් ප්‍රකල්පිත වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇත්තේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනා ඡන්‍දරාගයෙන් මැ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වැ යෑමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ පිරිනිවන් පානේ යැ. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා අවිමුක්ත වූත් සිත විමුක්ත වේ ද අපරික්‍ෂීණ වූත් ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද අප්‍රාප්ත වූත් අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳු වූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: ඉදම‍්පි ඛො තතියං ඣානං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ … ප්‍රීතිවිරාගයෙනුදු තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ තුන්වන දැහැන ද සිතින් නිපදවන ලද්දෙකි. සිතින් කරන ලද්දෙකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: ඉදම‍්පි ඛො චතුත්‍ථං ඣානං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ සුඛප්‍රහාණයෙනුදු … සියුවන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ සියුවන දැහැන ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: අයම‍්පි ඛො මෙත‍්තාචෙතොවිමුත‍්ති අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා. යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වාස කෙරෙයි. එ සෙයින් මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතර වන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත සිතින් පැහැස වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ මෙත්තාචේතෝවිමුක්තිය ද කරන ලද්දක. සිතින් නිපදවන ලද්දකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: අයම‍්පි ඛො උපෙක‍්ඛාචෙතොවිමුත‍්ති අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා. යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං, තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපෙක්ඛා සහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. ඒසේ මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ උපේක්‍ෂා චේතෝවිමුක්තිය ද සිතින් කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසො ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: අයම‍්පි ඛො පන ආකාසානඤ‍්චායතනසමාපත‍්ති අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘අහස අනන්තයැ’යි ආකාසානඤ්චායතනය උපදවා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ ආකාසානඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: අයම‍්පි ඛො විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්ති අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො -පෙ- අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාති.

තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

පුන චපරං ගහපති භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉති පටිසඤ‍්චික‍්ඛති: අයම‍්පි ඛො ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති අභිසඞ‍්ඛතා අභිසඤ‍්චෙතයිතා, යං ඛො පන කිඤ‍්චි අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං තදනිච‍්චං නිරොධධම‍්මන‍්ති පජානාති. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති, තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. අයම‍්පි ඛො ගහපති තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන එකධම‍්මො අක‍්ඛාතො යත්‍ථ භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො අවිමුත‍්තඤ‍්චෙව චිත‍්තං විමුච‍්චති. අපරික‍්ඛීණා ච ආසවා පරික‍්ඛයං ගච‍්ඡන‍්ති. අනනුප‍්පත‍්තඤ‍්ච අනුත‍්තරං යොගක‍්ඛෙමං අනුපාපුණාතී’ති.

තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා පියා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වෙසෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද හේතුයෙන් කරන ලද වෙයි. සිතින් සිතන ලද වෙයි. වැලි යම් මැ දැයෙක් අභිසඞ්ඛත අභිසඤ්චේතයිත වේ නම්, එය අනිත්‍ය වෙයි, නිරුද්ධ වන සැහැවි ඇතැ’යි දැනගනී. හේ ඒ ශමථවිදර්‍ශනාධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, ඒ මැ ශමථ විදර්‍ශනා ධර්‍ම රාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, (ඒ ඒ සත්ත්‍වයන්ගේ ආශයානුශය) දන්නා වූ (හැම ඥේයධර්‍මය) දක්නා වූ අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් විසින් යම් අරමුණෙක අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන භික්‍ෂුහු ගේ අවිමුක්ත චිත්තයත් මිදේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ ක්‍ෂයවීමට යෙත් ද, අනනුප්‍රාප්ත අනුත්තර යෝගක්ක්‍ෂේම යත් ප්‍රතිලාභ කෙරේ ද එබඳු වූ මේ ඒකධර්‍මය වදාරන ලද්දේ යයි.

එවං වුත‍්තෙ දසමො ගහපති අට‍්ඨකනාගරො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “සෙය්‍යථාපි භන‍්තෙ ආනන්‍ද පුරිසො එකං නිධිමුඛං ගවෙසන‍්තො සකිදෙව එකාදස නිධිමුඛානි අධිගච‍්ඡෙය්‍ය, එවමෙව ඛො අහං භන‍්තෙ එකං අමතද‍්වාරං ගවෙසන‍්තො සකිදෙව එකාදස අමතද‍්වාරානි අලත්‍ථං සවණාය. සෙය්‍යථාපි භන‍්තෙ පුරිසස‍්ස අගාරං එකාදසද‍්වාරං, සො තස‍්මිං අගාරෙ ආදිත‍්තෙ එකමෙකෙනපි ද‍්වාරෙන සක‍්කුණෙය්‍ය අත‍්තානං සොත්‍ථිං කාතුං, එවමෙව ඛො අහං භන‍්තෙ ඉමෙසං එකාදසන‍්නං අමතද‍්වාරානං එකමෙකෙනපි අමතද‍්වාරෙන සක‍්කුණිස‍්සාමි අත‍්තානං සොත්‍ථිං කාතුං. ඉමෙ හි නාම භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියා ආචරියස‍්ස ආචරියධනං පරියෙසිස‍්සන‍්ති. කිංපනාහං ආයස‍්මතො ආනන්‍දස‍්ස පූජං න කරිස‍්සාමී”ති.

මෙසේ වදාළ කල්හි අට්ඨකනගර වැසි දශම ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සැල කළේ: “වහන්ස, ආනන්‍දයෙනි, එක නිධානයක් සොයන පුරුෂයෙක් එක් මැ පියොවින් එකොළොස් නිධාන කෙනකුන් යම්සේ ලබා ද, එසෙයින් මැ වහන්ස, මම එක් අමාදොරක් සොයනුයෙම් එක් මැ පියොවින් එකොළොස් අමෘතද්වාර කෙනකුන් අසන්නට ලත්මි. වහන්ස, යම් පරිදි මිනිසක්හට එකොළොස් දොරක් ඇති ගෙයක් වේ ද, ඒ ගෙය ඇවිළැගත් සඳ එක් එක් මැ දොරෙකින් තමහට සුව කරන්නට හැකි වේ ද, එසෙයින් මැ වහන්ස, මම් මේ එකොළොස් අමාදොර අතුරෙන් එක් එක් මැ අමාදොරෙකින් තමහට සුව කරන්නට හැකිවන්නෙමි. වහන්ස, යම්හෙයෙකින් මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ ආචාර්‍ය්‍ය හට ආචාර්‍ය්‍යධනය සොයත් නම්, වැලි කුමක්හෙයින් මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පූජාවක් නො කෙරෙම් දැ”යි.

අථ ඛො දසමො ගහපති අට‍්ඨකනාගරො පාටලිපුත‍්තකඤ‍්ච වෙසාලිකඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙසි සම‍්පවාරෙසි. එකමෙකඤ‍්ච භික‍්ඛුං පච‍්චෙකදුස‍්සයුගෙන අච‍්ඡාදෙසි. ආයස‍්මන‍්තං ආනන්‍දං තිචීවරෙන අච‍්ඡාදෙසි. ආයස‍්මතො ච ආනන්‍දස‍්ස පඤ‍්චසතං විහාරං කාරාපෙසී’ති.

ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සන්තර්‍පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තුන්සිවුරු දුන්නේ ය. තවද ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පඤ්චසතික විහාරයක් කැරැවී යයි.

අට‍්ඨකනාගරසුත‍්තං දුතියං.

දෙවැනි අට්ඨකනාගර සූත්‍රය යි.