යෙදුමෙන් කියවන්න

පොතලිය සුත‍්තං

2. 1. 4.

2. 1. 4.

පොතලිය සුත‍්තං

පෝතලිය සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා අඞ‍්ගුත‍්තරාපෙසු විහරති ආපණං නාම අඞ‍්ගුත‍්තරාපානං නිගමො. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ආපණං පිණ‍්ඩාය පාවිසි. ආපණෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙනඤ‍්ඤතරො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප ජනපදයෙහි ආපණ නම් අඞ්ගුත්තරාප නිගමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණාහු දිවා විහරණය සඳහා එක්තරා වන ලැහැබක් කරා එළැඹි සේක. ඒ වන ළැහැබට ඇතුළු වැ අන්‍යතර වෘක්‍ෂ මූලයෙක්හි දිවාවිහරණයට වැඩහුන්සේක.

පොතලියොපි ඛො ගහපති සම‍්පන‍්නනිවාසනපාපුරණො ඡත‍්තුපාහනාහි ජඞ‍්ඝාවිහාරං අනුවිචරමානො අනුචඞ‍්කමමානො යෙන සො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි. තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො පොතලියං ගහපතිං භගවා එතදවොච: ‘සංවිජ‍්ජන‍්තෙ ඛො ගහපති ආසනානි සචෙ ආකඞ‍්ඛසි නිසීදා’ති. එවං වුත‍්තෙ පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත‍්තමනො තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො භගවා පොතලියං ගහපතිං භගවා එතදවොච ‘සංවිජ‍්ජන‍්තෙ ඛො ගහපති ආසනානි, සචෙ ආකඞ‍්ඛසි නිසීදා’ති. දුතියම‍්පි ඛො පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත‍්තමනො තුණ‍්හී අහොසි. තතියම‍්පි ඛො භගවා පොතලියං ගහපතිං එතදවොච: ‘සංවිජ‍්ජන‍්තෙ ඛො ගහපති ආසනානි, සචෙ ආකඞ‍්ඛසි නිසීදා’ති. එවං වුත‍්තෙ පොතලියො ගහපති ‘ගහපතිවාදෙන මං සමණො ගොතමො සමුදාචරතී’ති කුපිතො අනත‍්තමනො භගවන‍්තං එතදවොච: ‘තයිදං භො ගොතම නච‍්ඡන‍්නං, තයිදං නප‍්පතිරූපං, යං මං ත්‍වං ගහපතිවාදෙන සමුදාචරසී’ති.

පෝතලිය නම් ගැහැවි ද පිරිපුන් සඳහා පෙරොනා ඇතියේ සතක් ගෙන වහන් නැඟී ජඞ්ඝාවිහරණයෙහි ඔබිනොබැ හැසිරෙනුයේ සක්මන් කරනුයේ ඒ වනළැහැබ කරා එළැඹියේ යැ. ඒ වන ළැහැබට ඇතුළු වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියැයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටි පෝතලිය ගැහැවි හට බුදුහු තෙල වදාළහ: ‘ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’ යි මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ‘ශ්‍රමණ ගෞතමයෝ මට ‘ගහපති’ යන බසින් වහරතී’ කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. දෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: “ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව” යි දෙවනවට දු පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. තෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: ‘ගැහැවිය’ අසුන් ඇත. ඉදින් කැමැත හිඳුව’ යි. මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තෙපි මට ‘ගහපති’ යන බසින් ව්‍යවහාර කරහු ද, එ බස් නො නිස්ස. එ බස් නො සරුප්යැ’යි.

තෙ හි තෙ ගහපති ආකාරා තෙ ලිඞ‍්ගා තෙ නිමිත‍්තා යථා තං ගහපතිස‍්සාති. තථා හි පන මෙ භො ගොතම සබ‍්බෙ කම‍්මන‍්තා පටික‍්ඛිත‍්තා, සබ‍්බෙ වොහාරා සමුච‍්ඡින‍්නාති. ‘යථා කථං පන තෙ ගහපති සබ‍්බෙ කම‍්මන‍්තා පටික‍්ඛිත‍්තා, සබ‍්බෙ වොහාරා සමුච‍්ඡින‍්නා’ති. ‘ඉධ මෙ භො ගොතම යං අහොසි ධනං වා ධඤ‍්ඤං වා රජතං වා ජාතරූපං වා සබ‍්බං තං පුත‍්තානං දායජ‍්ජං නිය්‍යාතං, තත්‍ථාහං අනොවාදී අනුපවාදී ඝාසච‍්ඡාදනපරමො විහරාමි. එවං ඛො මෙ භො ගොතම සබ‍්බෙ කම‍්මන‍්තා පටික‍්ඛිත‍්තා, සබ‍්බෙ වොහාරා සමුච‍්ඡින‍්නා’ති.

ගැහැවිය, තොපගේ ඒ ආකාරයෝ ඒ ලිඞ්ගයෝ ඒ නිමිත්තයෝ ගැහැවියක්හු ගේ යම් සේ ද එමෙනි. එසේ වතුදු භවත් ගෞතමයෙනි, මා විසින් හැම කර්‍මාන්තයෝ බහා තබන ලදහ. හැම ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි. ගැහැවිය, තොප විසින් කවරපරිද්දෙකින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්ත වූවාහු සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූවාහ දැ’යි. ‘භවත් ගෞතමයෙනි, මෙහි මට යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රජතයෙක් හෝ ජාත රූපයෙක් හෝ වී ද, ඒ හැම පුතුනට දායාද්‍ය කොට දෙනලද, එහි මම් අවවාද නො කරනුයෙම් උපවාද නො කරනුයෙම් අසන වසන (කෑම් හැඳීම්) මතුවක් පරම කොට ඇතියෙම් වෙසෙමි. භවත් ගෞතමයෙනි, මෙසේ මා විසින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්තයහ. සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි.

අඤ‍්ඤථා ඛො ත්‍වං ගහපති වොහාරසමුච‍්ඡෙදං වදෙසි අඤ‍්ඤථා ච පන අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදො හොතී’ති. යථා කථං පන භන‍්තෙ අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදො හොති. සාධු මෙ භන‍්තෙ භගවා තථා ධම‍්මං දෙසෙතු. යථා අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදො හොතී’ති. තෙන හි ගහපති සුණාහි සාධුකං මනසිකරොහි භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

‘ගැහැවිය, තෙපි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය කියහු, එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය වේ යැ’යි. ‘වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද? මැනැව වහන්ස, යම්පරිදි ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාරසමුච්ඡේදය වේ නම්, මට භාග්‍යවත්හු එපරිදි දහම් දෙසනසේක්ව’යි. එහෙයින් ගැහැවිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි. ‘එසේ යැ, වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවත්හු තෙල වදාළසේක.

අට‍්ඨ ඛො ඉමෙ ගහපති ධම‍්මා අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදාය සංවත‍්තන‍්ති. කතමෙ අට‍්ඨ: අපාණාතිපාතං නිස‍්සාය පාණාතිපාතො පහාතබ‍්බො, දින‍්නාදානං නිස‍්සාය අදින‍්නාදානං පහාතබ‍්බං, සච‍්චං වාචං නිස‍්සාය මුසාවාදො පහාතබ‍්බො, අපිසුණං වාචං නිස‍්සාය පිසුණා වාචා පහාතබ‍්බා, අගිද‍්ධිලොභං නිස‍්සාය ගිද‍්ධිලොභො පහාතබ‍්බො, අනින්‍දාරොසං නිස‍්සාය නින්‍දාරොසො පහාතබ‍්බො, අක‍්කොධූපායාසං නිස‍්සාය කොධූපායාසො පහාතබ‍්බො, අනතිමානං නිස‍්සාය අතිමානො පහාතබ‍්බො. ඉමෙ ඛො ගහපති අට‍්ඨ ධම‍්මා සංඛිත‍්තෙන වුත‍්තා විත්‍ථාරෙන අවිභත‍්තා අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදාය සංවත‍්තන‍්තී’ති.

ගැහැවිය, මේ අට දහම් කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහ. කවර අටදෙනෙකෙ යත්: ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු යැ, දුන් දෑ ගැනීම නිසා අයිනාදන් හළයුතු යැ, සබසව නිසා මුසාව හළයුතු යැ, නො පිසිනුබස් නිසා පිසුනු බස් හළයුතු යැ, අගිද්ධිලෝභය නිසා ගේධසංඛ්‍යාතලෝභය හළයුතු යැ, අනින්‍දාරොසය නිසා නින්‍දා ගැටීම හළයුතු යැ, අකෝධූපායාසය නිසා ක්‍රෝධ උපායාස හළයුතු යැ, අනතිමානය නිසා අතිමානය හළයුතු යැ, ගැහැවිය, (මා විසින්) සැකෙවින් කියන ලද විස්තර විසින් විභාග නො කළ මේ අටදහම්හු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහ.

යෙමෙ භන‍්තෙ භගවතා අට‍්ඨ ධම‍්මා සංඛිත‍්තෙන වුත‍්තා විත්‍ථාරෙන අවිභත‍්තා අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදාය සංවත‍්තන‍්ති. සාධු මෙ භන‍්තෙ භගවා ඉමෙ අට‍්ඨ ධම‍්මෙ විත්‍ථාරෙන විභජතු අනුකම‍්පං උපාදායාති. තෙන හි ගහපති සුණාහි සාධුකං මනසි කරොහි. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

වහන්ස, භගවත්හු විසින් සැකෙවින් වදාරනලද විස්තරයෙන් විභාග නො කළ යම් අෂ්ටධර්‍ම කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහු ද, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ට ධර්‍ම විස්තර විසින් අනුකම්පා පිණිස විභාග කරනසේක්වා’යි. ගැහැවිය, එසේ වී නම් අසව, මොනවට මෙනෙහි කරව. කියන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

‘අපාණාතිපාතං නිස‍්සාය පාණාතිපාතො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු පාණාතිපාතී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො. අහඤ‍්චෙව ඛො පන පාණාතිපාතී අස‍්සං අත‍්තාපි මං උපවදෙය්‍ය පාණාතිපාතපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං පාණාතිපාතපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා පාණාතිපාතපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං පාණාතිපාතො, යෙ ච පාණාතිපාතපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, පාණාතිපාතා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අපාණාතිපාතං නිස‍්සාය පාණාතිපාතො පහාතබ‍්බො’ති ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. මේ කුමක් පිණිස කියනලද ද යත්: ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘පාණාතිපාතී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් පාණාතිපාතතී වෙම් නම් තෙමේත් මට ප්‍රාණවධ හේතුයෙන් නුගුණ කියන්නේ යැ. නුවණැත්තාහු දැන ප්‍රාණවධ හේතුයෙන් නිගා කරන්නාහු යැ. ප්‍රාණවධ හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් ප්‍රාණවධයෙක් වේ ද මෙය මැ සංයෝජන යැ. මෙය නීවරණ යි. ප්‍රාණඝාත ප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ප්‍රාණඝාතයෙන් වෙන් වූනහුට මෙසේ ඒ විඝාතපරිදාහ වූ ආස්‍රවයෝ නොවෙති. ‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල සඳහා කියනලදි.

‘දින‍්නාදානං නිස‍්සාය අදින‍්නාදානං පහාතබ‍්බ’න‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු අදින‍්නාදායී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො අහඤ‍්චෙව ඛො පන අදින‍්නාදායී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය අදින‍්නාදානපච‍්චයා.

‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘අදින්නාදායී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් අදින්නාදායී වෙම් නම් අදින්නාදාන

අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං අදින‍්නාදානපච‍්චයා. කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා අදින‍්නාදානපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං අදින‍්නාදානං, යෙ ච අදින‍්නාදානපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අදින‍්නාදානා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘දින‍්නාදානං නිස‍්සාය අදින‍්නාදානං පහාතබ‍්බ’න‍්ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

ප්‍රත්‍යයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. නුවණැත්තාහු දැන අදින්නාදාන ප්‍රත්‍යයෙන් නිගා කරන්නාහ. අදින්නාදාන ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් අදින්නාදානයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අදින්නාදාන ප්‍රත්‍යයෙන් දුක්තැවුලි උපදවන යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අදින්නාදානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ දුක්තැවුලි උපදවන ඒ ආස්‍රවයෝ නො වෙත්, ‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.

‘සච‍්චං වාචං නිස‍්සාය මුසාවාදො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු මුසාවාදී අස‍්සං. තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො. අහඤ‍්චෙව ඛො පන මුසාවාදී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය මුසාවාදපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං මුසාවාදපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා මුසාවාදපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං මුසාවාදො, යෙ ච මුසාවාදපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. මුසාවාදා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘සච‍්චං වාචං නිස‍්සාය මුසාවාදො පහාතබ‍්බො’ති ඉති යං තං, වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘සබසව නිසා මුසාව හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය’ මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘මුසාවාදී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් මුසාවාදී වෙම් නම් මුසවා හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. මුසවා හේතුයෙන් විඥයෝ දැන නිගා කරන්නාහ. මුසවා හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් මුසවායෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. මුසාවාද ප්‍රත්‍යයෙන් විඝාත පරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් මුසාවාදයෙන් වෙන් වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘සබසව නිසා මුසවා හළයුතු’ යයි මෙසේ යම් කරුණක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.

‘අපිසුණං වාචං නිස‍්සාය පිසුනා වාචා පහාතබ‍්බා’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු පිසුනාවාචො අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො අහඤ‍්චෙව ඛො පන පිසුනාවාචො අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය පිසුනාවාචපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං පිසුනාවාචපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා පිසුනාවාචපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං පිසුනා වාචා, යෙ ච පිසුනාවාචපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා පිසුනා වාචා පටිවිරතස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අපිසුණං වාචං නිස‍්සාය පිසුණා වාචා පහාතබ‍්බා’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘නො පිසිනුබස් නිසා පිසුනුබස් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට පිසුනුබස් ඇතියෙම් වීම් ද මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම පිසුනුබස් ඇතියෙම් නම් පිසුනුබස් හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන පිසුනුබස් හේතුයෙන් ගරහන්නාහු යැ. පිසුනුබස් හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම්, පිසුනුබසෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙය මැ නීවරණ යි. පිසුනුබස් හේතුයෙන් විඝාතපරිළාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් පිසුනුබසින් වැළකුණහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘නො පිසිනුබස් නිසා පිසුනු බස්හළයුතු’ යයි යම් කරුණක් කියනලද නම් මේ තෙල කරුණු සඳහා කියනලදි.

‘අගිද‍්ධිලොභං නිස‍්සාය ගිද‍්ධිලොභො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු ගිද‍්ධිලොභී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො අහඤ‍්චෙව ඛො පන ගිද‍්ධිලොභී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය ගිද‍්ධිලොභපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං ගිද‍්ධිලොභපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා ගිද‍්ධිලොභපච‍්චයා එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං ගිද‍්ධිලොභො, යෙ ච ගිද‍්ධිලොභපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අගිද‍්ධිලොභස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අගිද‍්ධිලොභං නිස‍්සාය ගිද‍්ධිලොභො පහාතබ‍්බො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘අගිද්ධිලෝභය නිසා ගේධ සඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි, මෙසේ තෙල කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ගේධ සඞ්ඛ්‍යාත ලෝභ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළි මම ගේධ ලෝභ ඇති වීම් නම් ගිද්ධිලෝභ හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන ගිද්ධිලෝභ හේතුයෙන් ගරහන්නාහු යැ. කාබුන් මරණින් මතුයෙහි ගිද්ධිලෝභ හේතුයෙන් දුර්‍ගති කැමැති වියයුත්තී යැ. තවද යම්, ගිද්ධිලෝභයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. ගිද්ධිලෝභ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ගිද්ධිලෝභ රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘ගිද්ධිලෝභය නිසා ගේධසඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි යමක් කියනලද ද, මේ තෙල කරුණ පිණිස කියනලදි.

‘අනින්‍දාරොසං නිස‍්සාය නින්‍දාරොසො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු නින්‍දාරොසී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො. අහඤ‍්චෙව ඛො පන නින්‍දාරොසී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය නින්‍දාරොසපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං නින්‍දාරොසපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා නින්‍දාරොසපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං නින්‍දාරොසො. යෙ ච නින්‍දාරොසපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අනින්‍දාරොසිස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අනින්‍දාරොසං නිස‍්සාය නින්‍දාරොසො පහාතබ‍්බො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

අනින්‍දාරෝෂය නිසා නින්‍දාගැටුම හළයුතු යයි මෙසේ තෙල කියනලද ද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට නින්‍දාරෝෂ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම නින්‍දාරෝෂ ඇති වීම් නම් තෙමේත් මට නින්‍දාරෝෂ ප්‍රත්‍යෙයන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන නින්‍දාරෝෂ හේතුයෙන් ගරහන්නාහු යැ. නින්‍දාරෝෂ හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම් නින්‍දාරෝෂයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. නින්‍දාරෝෂ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද නින්‍දාරෝෂ නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. ‘අනින්‍දාරෝෂය නිසා නින්‍දාරෝෂය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියන ලද.

‘අකොධූපායාසං නිස‍්සාය කොධූපායාසො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු කොධූපායාසී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො. අහඤ‍්චෙව ඛො පන කොධූපායාසී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය කොධූපායාසපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං කොධූපායාසපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා කොධූපායාසපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං කොධූපායාසො. යෙ ච කොධූපායාසපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. අකොධූපායාසිස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අක‍්කොධූපායාසං නිස‍්සාය කොධූපායාසො පහාතබ‍්බො’ති ඉති යං තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු යයි මෙසේ තෙල කරුණ කියනලද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට කෝධූපායාසය ඇති වීම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් කෝධූපායාස ඇති වීම් නම් තෙමේත් මට කෝධූපායාස හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන කෝධූපායාස හේතුයෙන් නිගා කරන්නාහු යැ. කෝධූපායාසය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් කෝධූපායාසයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ මෙ නීවරණ යි. ‘කෝධූපායාසය හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද කෝධූපායාසය රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.

‘අනතිමානං නිස‍්සාය අතිමානො පහාතබ‍්බො’ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යෙසං ඛො අහං සංයොජනානං හෙතු අතිමානී අස‍්සං, තෙසාහං සංයොජනානං පහානාය සමුච‍්ඡෙදාය පටිපන‍්නො. අහඤ‍්චෙව ඛො පන අතිමානී අස‍්සං, අත‍්තාපි මං උපවදෙය්‍ය අතිමානපච‍්චයා, අනුවිච‍්ච විඤ‍්ඤූ ගරහෙය්‍යුං අතිමානපච‍්චයා, කායස‍්ස භෙදා පරම‍්මරණා දුග‍්ගති පාටිකඞ‍්ඛා අතිමානපච‍්චයා. එතදෙව ඛො පන සංයොජනං එතං නීවරණං යදිදං අතිමානො. යෙ ච අතිමානපච‍්චයා උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අනතිමානිස‍්ස එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ‘අනතිමානං නිස‍්සාය අතිමානො පහාතබ‍්බො’ති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

‘අනතිමානය නිසා අතිමානය හළයුතු යයි යමක් මෙසේ කියන ලද ද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට අතිමාන ඇති වීම් නම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම වැළිත් අතිමාන ඇති වීම් නම් තෙමේත් මට අතිමාන හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන අතිමානය හේතුයෙන් ගරහන්නාහු, යැ. අතිමානය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් අතිමානයයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අතිමාන හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද අතිමාන නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. අනතිමානය නිසා අතිමානය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.

ඉමෙ ඛො ගහපති අට‍්ඨ ධම‍්මා සංඛිත‍්තෙන වුත‍්තා විත්‍ථාරෙන විභත‍්තා යෙ අරියස‍්ස විනයෙ වොහාරසමුච‍්ඡෙදාය සංවත‍්තන‍්ති. න ත්‍වෙව තාව අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො හොතීති. යථා කථං පන භන‍්තෙ අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො හොති: සාධු මෙ භන‍්තෙ භගවා තථා ධම‍්මං දෙසෙතු යථා අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො හොතීති. තෙන හි ගහපති සුණාහි. සාධුකං මනසිකරොහි. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො පොතලියො ගහපති භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

ගැහැවිය, ආර්‍ය්‍ය විනයෙහි යම් ධර්‍ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහු ද මේ අෂ්ට ධර්‍මයෝ සැකෙවින් කියන ලද්දහු විස්තරයෙන් විභක්ත වූවාහු වෙති. එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය නො මැ වේ යයි. වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල කවර පරිද්දෙකින් ව්‍යවහාරසමුච්ඡේදය වේ ද: මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය වේ ද එ පරිද්දෙන් දහම් දෙසනසේක්වා යි, එසේ නම් ගැහැවිය, අසව මොනවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේ යැ වහන්සැ’ යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවත්හු තෙල වදාළ සේක.

සෙය්‍යථාපි ගහපති කුක‍්කුරො ජිඝච‍්ඡාදුබ‍්බල්‍යපරෙතො ගොඝාතකසූණං පච‍්චුපට‍්ඨිතො අස‍්ස. තමෙනං දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා අට‍්ඨිකඞ‍්කලං සුනිකන‍්තනිකන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිත‍්තං උපච‍්ඡුභෙය්‍ය. තං කිං මඤ‍්ඤසි ගහපති: අපි නු සො කුක‍්කුරො අමුං අට‍්ඨිකඞ‍්කලං සුනිකන‍්තනිකන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිත‍්තං පළිඛාදෙන‍්තො ජිඝච‍්ඡාදුබ‍්බල්‍යං පටිවිනෙය්‍යාති. නො හෙතං භන‍්තෙ, තං කිස‍්ස හෙතු: අදුං හි භන‍්තෙ අට‍්ඨිකඞ‍්කලං සුනිකන‍්තනිකන‍්තං නිම‍්මංසං ලොහිතමක‍්ඛිත‍්තං, යාවදෙව ච පන සො කුක‍්කුරො කිලමථස‍්ස විඝාතස‍්ස භාගී අස‍්සාති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති. අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො’ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා යායං උපෙක‍්ඛා නානත‍්තා නානත‍්තසිතා, තං අභිනිවජ‍්ජෙත්‍වා යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා, යත්‍ථ සබ‍්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, බඩසා දුබල බැවින් පෙළුණු සුනඛයෙක් ගවයන් නසන වධස්ථායට පැමිණියේ වෙයි. ඔහුට දක්‍ෂ වූ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ මොනවට මස් ලියන ලද, මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ලක් දමන්නේ යැ. ගැහැවිය, ඒ කිමැයි සිතව. ඒ කුක්කුරයා මොනවට ලියන ලද මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ල ලෙවකන්නේ බඩසා දුබල බැව් නසන්නේදැ යි, වහන්ස, තෙල නො වේ මැ යි. එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් තෙල ඇටසැකිල්ල මොනවට මස් ලියන ලද මස් රහිත වූ යේ ද ලෙහෙයෙන් වැකුණේ ද එහෙයිනි. යළි ඒ කුක්කුරයා ක්ලමථයට මැ වෙහෙසට මැ හිමි වන්නේ යයි. එසෙයින් මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ. මෙහි බොහෝ ආදීනව ඇතැ’යි වදාරන ලද. මෙසේ තෙල කාමය යථාභූත වැ සම්‍යග්ඥානයෙන් දැක යම් මේ උපේක්‍ෂාවක් නානා ස්වභාව වූ ද නානා අරමුණු ඇසුරු කළා ද ඒ උපේක්‍ෂාව දුරු කොට යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාවක් ඒකස්වභාව වූ ද එක් අරමුණක් ඇසුරුකොට ඇත්තී ද, යම් ධ්‍යානෝපෙක්‍ෂායෙක සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණාමිසයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

සෙය්‍යථාපි ගහපති ගිජ‍්ඣො වා කඞ‍්කො වා කුලලො වා මංසපෙසිං ආදාය උඩ‍්ඩීයෙය්‍ය, තමෙනං ගිජ‍්ඣාපි කඞ‍්කාපි කුලලාපි අනුපතිත්‍වා අනුපතිත්‍වා විතච‍්ඡෙය්‍යුං විරාජෙය්‍යුං: තං කිම‍්මඤ‍්ඤසි ගහපති, සචෙ සො ගිජ‍්ඣො වා කඞ‍්කො වා කුලලො වා තං මංසපෙසිං න ඛිප‍්පමෙව පටිනිස‍්සජ‍්ජෙය්‍ය. සො තතො නිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. එවං භන‍්තෙ, එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: මංසපෙසූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා යායං උපෙක‍්ඛා නානත‍්තා නානත‍්තසිතා, තං අභිනිවජ‍්ජෙත්‍වා යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා. යත්‍ථ සබ‍්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, ගිජුළිහිණියෙක් වේවයි ලොහොතුඩුවෙක් වේවයි උකුසෙක් වේවයි මස්වැදැල්ලක් ගෙන අහසට පියාඹා යන්නේ ද, ඔහු ගිජුළිහිණියෝ ද ලොහොතුඩුවෝ ද උකුස්සෝ ද ලුහුබඳිමින් කොටන්නාහු ද ( මස් වැදැල්ල) හෙළන්නා හු ද, ගැහැවිය, ඒ කුමැ යි සිතව. ඉදින් ඒ ගිජුළිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්වැදැල්ල වහා මැ නො හරන්නේ නම් හේ එ කරුණින් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යයි. එසේ යැ වහන්ස, එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද, මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක යම් උපේක්‍ෂාවක් නානාස්වභාව ඇද්ද නානාලම්බන ඇසුරු කළා ද ඒ කාමගුණාලම්බන උපේක්‍ෂාව හැරපියා යම් ධ්‍යානෝපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාරයෙන් ලෝකාමිෂ සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණෝපාදානයෝ, අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

සෙය්‍යථාපි ගහපති පුරිසො ආදිත‍්තං තිණුක‍්කං ආදාය පටිවාතං ගච‍්ඡෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤසි ගහපති, සචෙ සො පුරිසො තං ආදිත‍්තං තිණුක‍්කං න ඛිප‍්පමෙව පටිනිස‍්සජ‍්ජෙය්‍ය. තස‍්ස සා ආදිත‍්තා තිණුක‍්කා හත්‍ථං වා දහෙය්‍ය බාහං වා දහෙය්‍ය. අඤ‍්ඤතරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං දහෙය්‍ය. සො තතො නිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. එවං භන‍්තෙ. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: තිණුක‍්කූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථභිය්‍යොති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා -පෙ- තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඇවිළැගත් තණහුලක් ගෙන ප්‍රතිවාතයට යන්නේ යැ. ගැහැවි, ඒ කිමැ යි සිතහි? ඉදින් ඒ පුරුෂ ඒ ඇවිළගත් තණහුල වහා මැ නො හරන්නේ නම් ඒ ඇවිළගත් තණහුල ඔහුගේ අත හෝ දවන්නේ යැ. බාහුව හෝ දවන්නේ යැ. අන්‍යතර අඟපසඟ හෝ දවන්නේ යැ. ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යැ යි. එසේ යැ වහන්ස, එපරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද’ යි. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් යථාභූත කොට දැක ... ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

සෙය්‍යථාපි ගහපති අඞ‍්ගාරකාසු සාධිකපොරිසා පූරා අඞ‍්ගාරානං වීතච‍්චිකානං වීතධූමානං, අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛපටික‍්කූලො. තමෙනං ද‍්වෙ බලවන‍්තො පුරිසා නානාබාහාසු ගහෙත්‍වා අඞ‍්ගාරකාසුං උපකඩ‍්ඪෙය්‍යුං. තං කිම‍්මඤ‍්ඤසි ගහපති, අපි නු සො පුරිසො ඉතිචිතිචෙව කායං සන‍්නාමෙය්‍යාති, එවං භන‍්තෙ තං කිස‍්ස හෙතු: විදිතං හි භන‍්තෙ තස‍්ස පුරිසස‍්ස ඉමඤ‍්චෙහං අඞ‍්ගාරකාසුං පතිස‍්සාමි. තතො නිදානං මරණං වා නිගච‍්ඡාමි මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා -පෙ- තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, පුරුෂ ප්‍රමාණයෙන් අධික වූ සිළු රහිත දුම් රහිත අඟුරු පිරැණු අඞ්ගාරකර්ෂූයෙක් වෙයි. එකලැ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමුති දුකට ප්‍රතිකූල වූ පුරුෂයෙක් එන්නේ යැ. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත් ගෙන තෙල පුඟුල්හු අඞ්ගාරකර්ෂූවට අදනාහු යැ. ගැහැවිය, ඒ කිමැ යි සිතහි? ඒ පුරුෂ ඔබ මොබ කය නමන්නේ නො වේ ද? එසේ යැ වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් එ පුරුෂයා විසින් ‘ඉදින් මම් මේ අඞ්ගාරකර්ෂූවට වැටෙම් නම් එ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙමි’යි දන්නා ලද ද, එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

සෙය්‍යථාපි ගහපති පුරිසො සුපිනකං පස‍්සෙය්‍ය ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක‍්ඛරණීරාමණෙය්‍යකං සො පටිබුද‍්ධො න කිඤ‍්චි පස‍්සෙය්‍ය, එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: සුපිනකූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා -පෙ- තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ආරාමයෙන් රමණී වූ වනයෙන් රමණී වූ භූමි විසින් රමණී වූ පුෂ්කරණින් රමණී වූ සිහින දක්නේ යැ. හේ පිබිදියේ කිසිවක් නො දකී. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ස්වප්නයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව වඩා.

සෙය්‍යථාපි ගහපති පුරිසො යාචිතකං භොගං යාචිත්‍වා යානං වා පොරොසෙය්‍යං පවරමණිකුණ‍්ඩලං. සො තෙහි යාචිතකෙහි භොගෙහි පුරක‍්ඛතො පරිවුතො අන‍්තරාපණං පටිපජ‍්ජෙය්‍ය. තමෙනං ජනො දිස‍්වා එවං වදෙය්‍ය: භොගී වත භො පුරිසො, එවං කිර භොගිනො භොගානි භුඤ‍්ජන‍්තීති. තමෙනං සාමිකා යත්‍ථ යත්‍ථෙව පස‍්සෙය්‍යුං. තත්‍ථ තත්‍ථෙව සානි හරෙය්‍යුං. තං කිම‍්මඤ‍්ඤසි ගහපති, අලන‍්නු ඛො තස‍්ස පුරිසස‍්ස අඤ‍්ඤථත‍්තායාති. එවං භන‍්තෙ, තං කිස‍්ස හෙතු: සාමිනො හි භන‍්තෙ සානි අරහන‍්තීති. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: යාචිතකූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා -පෙ- තමෙවූපෙක‍්ඛං භාවෙති.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් පුරුෂයනට නිසි වූ යානයක් හෝ උතුම් මිණිකොඬොල් හෝ පිරුළු කොටගත් භෝගයක් අයැද ගෙන හේ එ පිරුළු කොටගත් භෝගයෙන් පෙරටු කොට ඇතියේ පිරිවරන ලදුයේ අතුරු අවුණට පිළිපදනේ යැ. තෙල පුරුෂයා දැක ජනයා මෙසේ කියන්නේ යැ, භවත, භෝග ඇති පුරුෂයෙක් මැ යැ. භෝග ඇත්තාහු මෙසේ භෝගයන් වළඳ කෙරෙති යි. ස්වාමීහු තෙල පුරුෂයා යම් යම් තැනෙක්හි මැ දක්නාහු ද එ එ තැන්හි දී මැ තමන්ගේ භාණ්ඩයන් හැරගන්නාහු යැ. ගැහැවි, එ කිමැ? යි හඟිහි. එ පුරුෂයාගේ අන්‍යථාත්‍වයට නිසි වූයේ නු? යි. එසේ යැ වහන්ස, එ කුමක් හෙයින යත්: වහන්ස, යම් හෙයකින් ස්වාමීහු ස්වකීය භාණ්ඩයන් හැරගනිත් ද එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ පිරුළුගත් භාණ්ඩයකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

සෙය්‍යථාපි ගහපති ගාමස‍්ස වා නිගමස‍්ස වා අවිදූරෙ තිබ‍්බො වනසණ‍්ඩො. තත්‍රස‍්ස රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච උප‍්පන‍්නඵලො ච, න චස‍්සු කානිචි ඵලානි භූමියං පතිතානි. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ඵලත්‍ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො. සො තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා තං රුක‍්ඛං පස‍්සෙය්‍ය සම‍්පන‍්නඵලඤ‍්ච උපපන‍්නඵලඤ‍්ච, නත්‍ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි. ජානාමි ඛො පනාහං රුක‍්ඛං ආරුහිතුං යන‍්නූනාහං ඉමං රුක‍්ඛං ආරුහිත්‍වා යාවදත්‍ථඤ‍්ච ඛාදෙය්‍යං උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍යන‍්ති. සො තං රුක‍්ඛං ආරුහිත්‍වා යාවදත්‍ථඤ‍්ච

යම් පරිදි ගැහැවිය, ගමට හෝ නිගමයට හෝ නුදුරෙහි ගහන වූ වනලැහැබෙක් වෙයි. එහි මධුර ඵල ඇති බොහෝ ඵල ඇති රුකෙක් වන්නේ යැ. බිම වැටුණු කිසි ඵල කෙනෙක් නො ද වූවාහ. එකල්හි ඵල අර්‍ත්‍ථ කොට ඇති ඵල සොයන ඵල සෙවීමට හැසිරෙන පුරුෂයෙක් එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇති බොහෝ හටගත් ඵල ඇති එ රුක් දක්නේ යැ. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත. මම් රුකට නඟින්නට දනිමි. මම් මෙ රුකට නැඟී යැපෙන පමණ කන්නෙම් නම් හිඟැ පුරාලන්නෙම් නම් මැනැවැ යි. හෙ එ රුකට නැඟී යැපෙන පමණ කන්නේ යැ. හිඟ ද

ඛාදෙය්‍ය උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍ය. අථ දුතියො පුරිසො ආගච‍්ඡෙය්‍ය ඵලත්‍ථිකො ඵලගවෙසී ඵලපරියෙසනං චරමානො තිණ‍්හං කුඨාරිං ආදාය. සො තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා තං රුක‍්ඛං පස‍්සෙය්‍ය සම‍්පන‍්නඵලඤ‍්ච උප‍්පන‍්නඵලඤ‍්ච තස‍්ස එවමස‍්ස: අයං ඛො රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච, උප‍්පන‍්නඵලො ච, නත්‍ථි ච කානිචි ඵලානි භූමියං පතිතානි. න ඛො පනාහං ජානාමි රුක‍්ඛං ආරුහිතුං, යන‍්නූනාහං ඉමං රුක‍්ඛං මූලතො ඡෙත්‍වා යාවදත්‍ථඤ‍්ච ඛාදෙය්‍යං උච‍්ඡඞ‍්ගඤ‍්ච පූරෙය්‍යන‍්ති. සො තං රුක‍්ඛං මූලතො ඡින්‍දෙය්‍ය. තං කිම‍්මඤ‍්ඤසි ගහපති, අසු යො සො පුරිසො පඨමං රුක‍්ඛං ආරූළ‍්හො, සචෙ සො න ඛිප‍්පමෙව ඔරොහෙය්‍ය තස‍්ස සො රුක‍්ඛො පපතන‍්තො හත්‍ථං වා භඤ‍්ජෙය්‍ය, අඤ‍්ඤතරං වා අඞ‍්ගපච‍්චඞ‍්ගං භඤ‍්ජෙය්‍ය, සො තතො නිදානං මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. එවං භන‍්තෙ. එවමෙව ඛො ගහපති අරියසාවකො ඉති පටිසඤ‍්චික‍්ඛති: රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යොති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා යායං උපෙක‍්ඛා එකත‍්තා එකත‍්තසිතා යත්‍ථ සබ‍්බසො ලොකාමිසූපාදානා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. තමෙවූපෙක‍්ඛං භාවෙති.

පුරාලන්නේ යැ. ඉක්බිති ඵලාර්ත්‍ථී වූ ඵල ගවේෂණය කරන ඵල පර්‍ය්‍යෙෂණයෙහි හැසිරෙන දෙවැනි පුරුෂයෙක් තිහිණි කෙටේරියක් ගෙන එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇත්තා වූ ද බොහෝ ඵල ඇත්තා වූ ද එ රුක දක්නේ යැ. ඔහුට මෙ සිත වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත්තේ ද වෙයි. මම් වැළිත් රුකට නැඟින්නට නො දනිමි. මම් මේ රුක මුලින් සිඳ යැපෙන පමණ කන්නෙම් නම් හිඟ ද පුරාලන්නෙම් නම් මැනැවැ’ යි. හෙ එ රුකමුලින් සිඳිනේ යැ. ගැහැවිය, එ කිමැ යි හඟිහි? පළමු රුකට නැඟුණු ඒ පුරුෂයෙක් වේ ද, ඉදින් හෙතෙම වහා මැ නො බස්නේ නම් වැටෙන එ රුක ඔහුගේ අත හෝ බිඳින්නේ යැ. පය හෝ බිඳින්නේ යැ. අන්‍යතර අඞ්ග ප්‍රත්‍යඬගයක් හෝ බිඳින්නේ යැ. හේ ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණේ යයි? එසේ යැ වහන්ස. එසෙයින්ම ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ වෘක‍්ෂඵලෝපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි පීඩා ඇත්තාහ’යි වදාරන ලද. මෙහි ආදීනව බොහෝ යයි මෙසෙයින් කරුණ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක නානා ස්වභාව වූ නානාලම්බන ඇසුරු කළ යම් පඤ්චකාමගුණ උපේක්‍ෂායෙක් ඇද්ද එය දුරු කොට එක ස්වභාව වූ ඒකාලම්බන වූ යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂායෙක් ඇද්ද, යම් උපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාර ලෝකාමිස සඞ්ඛ්‍යාත වූ පඤ්චකාම ගුණෝපාදානයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද, ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.

ස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත‍්තරං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං ආගම‍්ම අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. සෙය්‍යථිදං: එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො තිස‍්සොපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරුත්තර වූ මෙ මැ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට නන් වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු .. .මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කරයි.

ස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත‍්තරං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං ආගම‍්ම දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ. හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි.

ස ඛො සො ගහපති අරියසාවකො ඉමංයෙව අනුත‍්තරං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං ආගම‍්ම ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කෙරෙයි.

එත‍්තාවතා ඛො ගහපති අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො හොති. තං කිම‍්මඤ‍්ඤසි ගහපති, යථා අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො හොති. අපි නු ත්‍වං එවරූපං වොහාරසමුච‍්ඡෙදං අත‍්තනි සමනුපස‍්සසීති. කො චාහං භන‍්තෙ කො ච අරියස‍්ස විනයෙ සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං වොහාරසමුච‍්ඡෙදො. මයං හි භන‍්තෙ පුබ‍්බෙ අඤ‍්ඤතිත්‍ථියෙ පරිබ‍්බාජකෙ අනාජානීයෙව සමානෙ ආජානීයාති අමඤ‍්ඤිම‍්හ. අනාජානීයෙව සමානෙ ආජානීයභොජනං භොජිම‍්හ. අනාජානීයෙව සමානෙ ආජානීයඨානෙ ඨපිම‍්හ. භික‍්ඛූ පන මයං භන‍්තෙ ආජානීයෙව සමානෙ අනාජානීයාති අමඤ‍්ඤිම‍්හ. ආජානීයෙව සමානෙ අනාජානීයභොජනං භොජිම‍්හ.

ගැහැවිය, මෙතෙකින් ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වෙයි. ගැහැවිය, ඒ කිමැයි සිතහි? යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද, කිම තෙපි මෙබඳු වූ ව්‍යවහාර සමුච්ඡේදය තමා කෙරෙහි ලා දක්නාව? යි. වහන්ස, මම කවරෙකිම් ද? ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය කවරේ ද? වහන්ස, මම සර්‍වථායෙන් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදයෙන් (අහසට පොළොව මෙන්) දුරු වෙමි. වහන්ස, අපි පෙර අන්තොටු පිරිවැජියන් (ගිහි ව්‍යවහාර සමුච්ඡෙදයට කාරණා) නො දන්නවුන් ‘දන්නාහ’ යි සිතුම්හ. නො දන්නවුනට මැ කරුණු දන්නවුන් විසින් වැළැඳියයුතු භෝජනය වැළඳවූම්හ. කාරණ නො දන්නාවුන් මැ කාරණ දන්නවුන්ගේ තන්හි තැබුම්හ. තවද වහන්ස, අපි භික්‍ෂූන් (ව්‍යවහාර සමුච්ඡේද) කාරණ දන්නාවුන් මැ ‘නොදන්නාහ’යි සිතුම්හ. කාරණ දන්නාවුන් මැ කාරණ නො දනුවනට නිසි භෝජනය වැළඳ වූම්හ.

ආජානීයෙව සමානෙ අනාජානීයඨානෙ ඨපිම‍්හ. ඉදානි පන මයං භන‍්තෙ අඤ‍්ඤතිත්‍ථියෙ පරිබ‍්බාජකෙ අනාජානීයෙව සමානෙ අනාජානීයාති ජානිස‍්සාම. අනාජානීයෙව සමානෙ අනාජානීයභොජනං භොජෙස‍්සාම අනාජානීයෙව සමානෙ අනාජානීයඨානෙ ඨපෙස‍්සාම. භික‍්ඛූ පන මයං භන‍්තෙ ආජානීයෙව සමානෙ ආජානීයාති ජානිස‍්සාම ආජානීයෙව සමානෙ ආජානීයභොජනං භොජෙස‍්සාම. ආජානීයෙව සමානෙ ආජානීයඨානෙ ඨපෙස‍්සාම අජනෙසි වත මෙ භන‍්තෙ භගවා සමණෙසු සමණපෙමං සමණෙසු සමණප‍්පසාදං සමණෙසු සමණගාරවං.

කාරණ දන්නාවුන් මැ අනාජානීය ස්ථානයෙහි තැබූම්හ. දැන් වූකලී වහන්ස, අපි අන්තොටු පිරිවැජියන් කාරණා නො දන්නවුන් මැ ‘නො දන්නාහ’යි දනුම්හ. නො දන්නවුන් මැ නො දන්නාවුනට නිසි භෝජනය වළඳවම්හ. අනාජානීය වූවන් මැ අනාජානීය ස්ථානයෙහි තබම්හ. යළි වහන්ස, අපි භික්‍ෂූන් කාරණ දන්නාවුන් මැ ‘අජානීය වූහ’යි දනුම්හ. අජානීය වූවන් මැ අජානීයනට නිසි භෝජනය වළඳවම්හ. අජානීය වූවන් මැ අජානීය ස්ථානයෙහි තබම්හ. වහන්ස, බුදුහු ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය දැනවූසේක. ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය දැනවූ සේක.

අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය, චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්තීති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

වහන්ස, ඉතා මැනව. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, යම් පරිදි යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’යි තෙල් පහනක් ධරන්නේ හෝ වේද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් දහම් පවසන ලද්දේ යැ. වහන්ස, තෙල මම් භාග්‍යවත්හු ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද ආදී කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරණ සේක්ව යි.

පොතලියසුත‍්තං චතුත්‍ථං.

සතර වැනි පෝතලිය සූත්‍ර යි.