ජීවක සුත්තං
2. 1. 5.
2. 1. 5.
ජීවක සුත්තං
ජීවක සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ. අථ ඛො ජීවකො කොමාරභච්චො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කෞමාරභෘත්‍ය ජීවකයන්ගේ අඹවන උයන්හි ව වැඩවසනසේක. එකල්හි කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළෙ:
සුතං මෙතං භන්තෙ, සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති, තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති. කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛක්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
වහන්ස, මා විසින් තෙල අසන ලද, ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ දැන දැන උදෙසා කරනලද තමන් පිණිස කරණලද මාංසය වළඳන්නාහ’ යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ උදෙසා කරනලද තමන් පිණිස කරනලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’ යි. කිමෙක වහන්ස, ඔවුහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියන්නාහු ද? භාග්‍යවතුන්, අභූතයෙන්, නො ද අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද? භාග්‍යවතුන් වදාළ කාරණයට අනුව ප්‍රකාශ කෙරෙත් ද? සකාරණ වූ (නුඹ වහන්සේගේ) කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ? යි.
යෙ තෙ ජීවක එවමාහංසු: සමණං ගොතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණො ගොතමො ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති පටිච්චකම්මන්ති, න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච පන මන්තෙ අසතා අභූතෙන. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි: දිට්ඨං සුතං පරිසඞ්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං අපරිභොගන්ති වදාමි. තීහි ඛො අහං ජීවක ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි: අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං, ඉමෙහි ඛො අහං ජීවක තීහි ඨානෙහි මංසං පරිභොගන්ති වදාමි.
ජීවකය, යම් කෙනෙක් මෙසේ කීහු නම්: ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කෙරෙති. ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරනලද තමන් පිණිස කරණ ලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’යි. ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති. යළි ඔහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙති. ජීවකය, මම කරුණු තුනෙකින් මාංසය පරිභෝගාර්ග නො වේ යයි කියමි. දක්නාලද්දේ යැ අසනාලද්දේ යැ සැක කරනලද්දේ යැ යනුයි. ජීවකය, මම මේ කරුණු තුනින් මාංසය පරිභෝග නො කටයුතු යයි කියමි. ජීවකය, මම කරුණු තුනෙකින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි: නො දක්නාලද්දෙ යැ නො අසන ලද්දේ යැ සැක නො කරන ලද්දේ යැ යනු යි. ජීවකය, මම මෙ කරුණු තුනින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි.
ඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව ජීවක භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන තස්ස ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්යාති.
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු
එවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිම්මඤ්ඤසි ජීවක, අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තව්යාබාධාය වා චෙතෙති, පරව්යාබාධාය වා චෙතෙති, උභයව්යාබාධාය වා චෙතෙති? නො හෙතං භන්තෙ. නනු සො ජීවක භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙති. එවං භන්තෙ. සුතං මෙතං භන්තෙ, බ්රහ්මා මෙත්තාවිහාරීති. තම්මෙ ඉදං භන්තෙ භගවා සක්ඛිදිට්ඨො, භගවා හි භන්තෙ මෙත්තාවිහාරීති. යෙන ඛො ජීවක රාගෙන යෙන දොසෙන යෙන මොහෙන බ්යාපාදවා අස්ස, සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තෙ එතන්ති. එතදෙව ඛො පන මෙ භන්තෙ සන්ධාය භාසිතං.
සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො1 වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මා විසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.
ඉධ ජීවක භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. තමෙනං ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා ස්වාතනාය භත්තෙන නිමන්තෙති. ආකඞ්ඛමානොව ජීවක භික්ඛු අධිවාසෙති. සො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා නිවෙසනං තෙනුපසඞ්කමති. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදති. තමෙනං සො ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. තස්ස න එවං හොති: සාධු වත මායං ගහපති වා ගහපතිපුත්තො වා පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසති. අහො වත මායං ගහපති වා ගහපතිපුත්තො වා ආයතිම්පි එවරූපෙන පණීතෙන පිණ්ඩපාතෙන පරිවිසෙය්යාති. එවම්පිස්ස න හොති. සො තං පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තං කිංමඤ්ඤසි ජීවක, අපි නු සො භික්ඛු තස්මිං සමයෙ අත්තව්යාබාධාය වා චෙතෙති, පරව්යාබාධාය වා චෙතෙති, උභයව්යාබාධාය වා චෙතෙතී’ති. නො හෙතං භන්තෙ. නනු සො ජීවක භික්ඛු තස්මිං සමයෙ අනවජ්ජංයෙව ආහාරං ආහාරෙතී’ති. එවම්භන්තෙ. සුතං මෙතං භන්තෙ, බ්රහ්මා උපෙක්ඛාවිහාරීති. තම්මෙ ඉදං භන්තෙ භගවා සක්ඛිදිට්ඨො. භගවා හි භන්තෙ උපෙක්ඛාවිහාරීති. යෙන ඛො ජීවක රාගෙන යෙන දොසෙන යෙන මොහෙන විහෙසවා අස්ස, අරති වා අස්ස, පටිඝවා අස්ස, සො රාගො සො දොසො සො මොහො තථාගතස්ස පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. සචෙ ඛො තෙ ජීවක ඉදං සන්ධාය භාසිතං, අනුජානාමි තෙ එතන්ති. එතදෙව ඛො පන මෙ භන්තෙ සන්ධාය භාසිතං.
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරේ ද, හේ එ කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්ෂා සහගත සිතින් එක් දිගක් පැහැසැගෙන විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ’යි මෙසේ උඩ යට සරස හැමතැන සර්වාත්මතායෙන් සකල ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්ෂා සහගත සිතින් පැහැසැගෙන විහරණය කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ තුලුන් කරා එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැතියේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවිහුගේ හෝ ගැහැවිදරුහුගේ ගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවි හෝ ගැහැවිදරු හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. එ මහණහට මෙ බඳු සිතෙක් නො වෙයි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ’ කියායි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙ බඳු ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. උහුට මෙ බඳු සිතෙක් ද නො වෙයි. හෙ එ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත නො වී තෘෂ්ණාමූර්ඡායෙන් මූර්ඡිත නො වී (එකවට ගලනු කැමැතියක්හු සෙයින්) නො ගිජු වී දෝෂ දක්නාසුලු වී (මේ සඳහා යැ ආහාරපරිභෝගය යි ප්‍රඥායෙන් පිරිසිඳීමෙන්) නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආතමව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, පරව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, උභයව්‍යබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද’යි. වහන්ස, තෙල නො වේ මැ යි. ජීවකය, එ මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, තෙල මා විසින් අසනලද: ‘බ්‍රහ්ම උපෙක්ෂාවිහරණ ඇතියෙකැ’යි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි උපෙක්ෂාවිහරණ ඇති සේකැ’යි ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මොහයෙකින් විහෙස ඇති හෝ වේ ද, අරති ඇති හෝ වේ ද, ප්‍රතිඝ ඇති හෝ වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට ප්‍රහීණ වෙයි. උසුන්මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක භාව ඇති වෙයි. කළ අභාව ඇති වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදන්මි’යි. වහන්ස, මා විසින් තෙල සඳහා මැ කියනලදි.
යො ඛො ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සො පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවති: යම්පි සො එවමාහ: ගච්ඡථ අමුකං නාම පාණං ආනෙථාති, ඉමිනා පඨමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ගලප්පවෙධකෙන ආනීයමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. ඉමිනා දුතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො එවමාහ: ගච්ඡථ ඉමං පාණං ආරභථාති, ඉමිනා තතියෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො පාණො ආරභියමානො දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. ඉමිනා චතුත්ථෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යම්පි සො තථාගතං වා තථාගතසාවකං වා අකප්පියෙන ආසාදෙති. ඉමිනා පඤ්චමෙන ඨානෙන බහුං අපුඤ්ඤං පසවති. යො ඛො ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සො ඉමෙහි පඤ්චහි ඨානෙහි බහුං අපුඤ්ඤං පසවතී’ති.
ජීවකය, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ උදෙසා පණ නසා ද හේ කරුණු පසෙකින් බොහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් හේ මෙසේ බෙණේ ද: ‘යව. අසෝ නම් ප්‍රාණියා ගෙනෙව’යි. මේ (ආණත්ති සඞ්ඛ්‍යාත) පළමුවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් එ ප්‍රාණියා වෙවුළන ගෙලෙන් ගෙනඑනු ලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ දෙවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හේ මෙසේ බෙණේ ද: යව ‘මේ ප්‍රාණියා නසව’යි. මෙ තුන්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් ඒ ප්‍රාණියා මරනුලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ සතරවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හෙ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නො කැප මසින් ඝටා බෙණේ ද මෙ පස්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. ජීවකය, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු උදෙසා පණ නසා ද හේ මෙ පස් කරුණින් බෙහෝ පව් රැස් කෙරෙ යයි.
එවං වුත්තෙ ජීවකො කොමාරභච්චො භගවන්තං එතදවොච: අච්ඡරියම්භන්තෙ, අබ්භුතම්භන්තෙ. කප්පියං වත භන්තෙ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අනවජ්ජං වත භන්තෙ භික්ඛූ ආහාරං ආහාරෙන්ති. අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි කෝමාරභච්ච ජීවක තෙල සැල කෙළෙ: වහන්ස, අසිරි යැ. වහන්ස, අද්භූත යැ. වහන්ස, භික්ෂූහු ඒකාන්තයෙන් කැප අහර වළඳ කෙරෙති. වහන්ස, භික්ෂූහු ඒකාන්තයෙන් අනවද්‍ය අහර වළඳ කෙරෙති. වහන්ස, ඉතා මැනැවැ … භාග්‍යවතුන් වහන්ස, මා අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
ජීවකසුත්තං පඤ්චමං.
පස්වැනි ජීවක සූත්‍ර යි.