යෙදුමෙන් කියවන්න

ජීවක සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

ජීවක සුත‍්තවණ‍්ණනා

ජීවක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ජීවකසුත‍්තං. තත්‍ථ ජීවකස‍්ස කොමාරභච‍්චස‍්ස අම‍්බවනෙති එත්‍ථ ජීවතීති ජීවකො. කුමාරෙන භතොති කොමාරභච‍්චො. යථාහ “කිං එතං භණෙ කාකෙහි සම‍්පරිකිණ‍්ණන‍්ති? දාරකො දෙවාති. ජීවති භණෙති? ජීවති දෙවාති. තෙන හි භණෙ තං දාරකං අම‍්හාකං අන‍්තෙපුරං නෙත්‍වා ධාතීනං දෙථ පොසෙතුන‍්ති. තස‍්ස ජීවතීති ජීවකොති නාමං අකංසු, කුමාරෙන පොසාපිතොති කොමාරභච‍්චොති නාමං අකංසූ”ති (මහාව· 328). අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරෙන පන ජීවකවත්‍ථු ඛන්‍ධකෙ ආගතමෙව. විනිච‍්ඡයකථාපිස‍්ස සමන‍්තපාසාදිකාය විනයට‍්ඨකථාය වුත‍්තා.

එවම්මෙතං යනු ජීවකසුත්‍රයයි. එහි ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ යනු මෙහි ජීවත් වේනුයි ජීවක නමි, කුමරු විසින් පෝෂණය කරන ලද්දේයයි කොමාරභච්චනමි යම්සේ කීයේද දරුවෙනි කපුටන් විසින් වට කොට සිටින මෙය කුමක්ද දේවයන් වහන්ස දරුවෙකි. දරුවෙනි ජීවත්වේද දේවයන් වහන්ස ජීවත්වෙයි. දරුවෙනි. එසේ නම් ඒ දරුවා අන්තඃපුරයට ගෙනගොස් පෝෂණය කරවන්ට කිරි මවුන්ට දෙවු. ඔහුට ජීවත්වන්නේයයි ජීවකයයි නමක් තැබුහ. කුමරු විසින් පෝෂණය කරන ලද්දේනුයි කොමාරභච්ච යයි නමක් තැබුහ. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් ජීවකවත්‍ථුක්ඛන්‍ධකයෙහි දැක්විණ. එහි විනිශ්චය කථාවද සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි කියන ලදී.

අයං පන ජීවකො එකස‍්මිං සමයෙ භගවතො දොසාභිසන‍්නං කායං විරෙචෙත්‍වා සීවෙය්‍යකං දුස‍්සයුගං දත්‍වා වත්‍ථානුමොදනපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය චින‍්තෙසි – “මයා දිවසස‍්ස ද‍්වත‍්තික‍්ඛත‍්තුං බුද‍්ධුපට‍්ඨානං ගන‍්තබ‍්බං, ඉදඤ‍්ච වෙළුවනං අතිදූරෙ, මය‍්හං උය්‍යානං අම‍්බවනං ආසන‍්නතරං, යංනූනාහමෙත්‍ථ භගවතො විහාරං කාරෙය්‍ය”න‍්ති. සො තස‍්මිං අම‍්බවනෙ රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානලෙණකුටිමණ‍්ඩපාදීනි සම‍්පාදෙත්‍වා භගවතො අනුච‍්ඡවිකං ගන්‍ධකුටිං කාරෙත්‍වා අම‍්බවනං අට‍්ඨාරසහත්‍ථුබ‍්බෙධෙන තම‍්බපට‍්ටවණ‍්ණෙන පාකාරෙන පරික‍්ඛිපාපෙත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං චීවරභත‍්තෙන සන‍්තප‍්පෙත්‍වා දක‍්ඛිණොදකං පාතෙත්‍වා විහාරං නිය්‍යාතෙසි. තං සන්‍ධාය වුත‍්තං – “ජීවකස‍්ස කොමාරභච‍්චස‍්ස අම‍්බවනෙ”ති.

මේ ජීවක වනාහි එක්කලෙක භාග්‍යවතුන් වහන්සේගේ තුන් දොසින් ලෙඩවුණු ශරීරය සුළු විරේකයක් කොට සීවෙය්‍යක රෙදිදෙකක් දී වස්ත්‍රානුමෝදනාව අවසන සෝවාන් පෙළෙහි පිහිටා මෙසේ සිතීය. මා දවසට දෙතුන්වරක් බුදු උවටැනට යායුතුයි. මේ දෙවුරම බොහෝ ඈතය. මාගේ අඹ උයන වඩාත් ආසන්නය. මෙහි භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවන්නේනම් මැනැවැ හේ ඒ අඹවනයෙහි රාත්‍රිස්ථාන දිව්‍යස්ථාන ලෙන් කුටි මණ්ඩප ආදිය සාදා භාග්‍යවතුන් වහන්සේට සුදුසු ගඳකිළියක් කරවා අඹවනය රියන් දහඅටක් උස තඹපට වණින් පවුරකින් වට කරවා බුදුපාමොක් බික් සඟනට සිවුරු සමග බතින් සතප්වා දක්ෂිණෝදකය වත්කොට විහාරය පැවරිය. ඒ සඳහා කියන ලදී. කෝමාරභච්ච ජීවකගේ අඹවනයෙහි යැයි.

ආරභන‍්තීති ඝාතෙන‍්ති. උද‍්දිස‍්සකතන‍්ති උද‍්දිසිත්‍වා කතං. පටිච‍්චකම‍්මන‍්ති අත‍්තානං පටිච‍්ච කතං. අථ වා පටිච‍්චකම‍්මන‍්ති නිමිත‍්තකම‍්මස‍්සෙතං අධිවචනං, තං පටිච‍්ච කම‍්මමෙත්‍ථ අත්‍ථීති මංසං “පටිච‍්චකම‍්ම”න‍්ති වුත‍්තං හොති යො එවරූපං මංසං පරිභුඤ‍්ජති, සොපි තස‍්ස කම‍්මස‍්ස දායාදො හොති, වධකස‍්ස විය තස‍්සාපි පාණඝාතකම‍්මං හොතීති තෙසං ලද‍්ධි. ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරොන‍්තීති භගවතා වුත‍්තකාරණස‍්ස අනුකාරණං කථෙන‍්ති. එත්‍ථ ච කාරණං නාම තිකොටිපරිසුද‍්ධමච‍්ඡමංසපරිභොගො, අනුකාරණං නාම මහාජනස‍්ස තථා බ්‍යාකරණං. යස‍්මා පන භගවා උද‍්දිස‍්සකතං න පරිභුඤ‍්ජති, තස‍්මා නෙව තං කාරණං හොති, න තිත්‍ථියානං තථා බ්‍යාකරණං අනුකාරණං. සහධම‍්මිකො වාදානුවාදොති පරෙහි වුත‍්තකාරණෙන සකාරණො හුත්‍වා තුම‍්හාකං වාදො වා අනුවාදො වා විඤ‍්ඤූහි ගරහිතබ‍්බකාරණං කොචි අප‍්පමත‍්තකොපි කිං න ආගච‍්ඡති. ඉදං වුත‍්තං හොති – “කිං සබ‍්බාකාරෙනපි තුම‍්හාකං වාදෙ ගාරය‍්හං කාරණං නත්‍ථී”ති. අබ‍්භාචික‍්ඛන‍්තීති අභිභවිත්‍වා ආචික‍්ඛන‍්ති.

ආරහන්ති යනු ඝාතනය කරත්. උද්දිස්සකතං යනු උදෙසා කරන ලද, පටිච්චකම්මං යනු තමන් සඳහා කරන ලද නැතහොත් පටිච්චකම්මං යනු නිමිතිකොට කිරීම යන්නට සමාන වචනයකි. සඳහා කරන ලද කර්මයක් මෙහි ඇතැයි මස් සඳහා කිරිම යයි කියන ලද්දේවෙයි. යමෙක් මෙබඳු මසක් අනුභව කෙරේද හේද ඒ කර්මයට දායාද වෙයි. වධකයාට මෙන් ඔහුටද ප්‍රාණඝාතකර්මය වේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි. ධම්මස්සච අනුධම්මං ව්‍යාකරොන්ති යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද කරුණට අනුකරණයක් කියත් මෙහි කාරණය නම් ත්‍රිකෝටිපරිශුද්ධ මත්ස්‍යමාංශ අනුභවයයි. අනුකරණය නමි අනුකරණය නම් ත්‍රිකෝටි පරිශුද්ධ මත්ස්‍ය මාංශ පරිභෝගයයි. අනුකරණය නම් මහජනයාට එසේ ප්‍රකාශකිරීමය. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළ දේ යම්හෙයකින් පරිභෝග නොකරන සේක්ද ඒනිසා ඒ කරුණ කිසිසේත් නොවේ. තීර්ථකයන් එසේ ප්‍රකාශ කිරීම අනුකරණය නොවේ. සහධම්මිකො වාදානුවාදො යනු අනුන් විසින් කියන ලද කරුණින් සකාරණව තොපගේ වාදය හෝ අනුවාදය උගතුන් විසින් ගර්හා කළයුතු කරුණ කිසියම් අප්‍රමාදී වුවකුට නොපැමිණෙන්නේ ඇයි මෙය කියනලදී. කිමෙක්ද සියලු ආකාරයෙන්ම තොපගේ වාදයෙහි ගැරහියයුතු කරුණක් නැද්ද. අබ්හාචික්කන්ති යනු අභිභවනය කොට කියත්

ඨානෙහීති කාරණෙහි. දිට‍්ඨාදීසු දිට‍්ඨං නාම භික‍්ඛූනං අත්‍ථාය මිගමච‍්ඡෙ වධිත්‍වා ගය‍්හමානං දිට‍්ඨං. සුතං නාම භික‍්ඛූනං අත්‍ථාය මිගමච‍්ඡෙ වධිත්‍වා ගහිතන‍්ති සුතං. පරිසඞ‍්කිතං නාම දිට‍්ඨපරිසඞ‍්කිතං සුතපරිසඞ‍්කිතං තදුභයවිමුත‍්තපරිසඞ‍්කිතන‍්ති තිවිධං හොති.

ඨානෙහි යනු කරුණින් දිට්ඨං නම් භික්‍ෂුන් සඳහා මුවන් මසුන් මරා ගනු ලබන දෙය දිට්ඨනම් සුතං නම් හික්‍ෂුන් සඳහා මුවන් මසුන් මරා ගන්නාලදයි ඇසු පරිසඞ්කිතං යනු දුටු සැකකළදෙය ඇසුසැක කළයුතු දෙය ඒ දෙකින්ම මිදුණු සැකකළයුතු දෙය යැයි තුන්වැදෑරුම්වේ.

තත්‍රායං සබ‍්බසඞ‍්ගාහකවිනිච‍්ඡයො – ඉධ භික‍්ඛූ පස‍්සන‍්ති මනුස‍්සෙ ජාලවාගුරාදිහත්‍ථෙ ගාමතො වා නික‍්ඛමන‍්තෙ අරඤ‍්ඤෙ වා විචරන‍්තෙ. දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨානං සමච‍්ඡමංසං පිණ‍්ඩපාතං අභිහරන‍්ති. තෙ තෙන දිට‍්ඨෙන පරිසඞ‍්කන‍්ති “භික‍්ඛූනං නු ඛො අත්‍ථාය කත”න‍්ති, ඉදං දිට‍්ඨපරිසඞ‍්කිතං නාම, එතං ගහෙතුං න වට‍්ටති. යං එවං අපරිසඞ‍්කිතං, තං වට‍්ටති. සචෙ පන තෙ මනුස‍්සා “කස‍්මා, භන‍්තෙ, න ගණ‍්හථා”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා “නයිදං, භන‍්තෙ, භික‍්ඛූනං අත්‍ථාය කතං, අම‍්හෙහි අත‍්තනො අත්‍ථාය වා රාජයුත‍්තාදීනං අත්‍ථාය වා කත”න‍්ති වදන‍්ති, කප‍්පති.

මෙහි වනාහි සර්ව සංග්‍රාහික විනිශ්චයයි. මෙහි භික්‍ෂුහු මිනිසුන් දැල් උගුල්ගත් අත්ඇතිව ගමින් නික්මෙන්නවුන් හෝ වනයෙහි ඇවිදින්නාවුන් දකිති. දෙවැනි දවසයෙහි ඒ ගමට පිඬු පිණිස පිවිස ඒ භික්‍ෂුන්ට මත්ස්‍ය මාංශ සහිත පිණ්ඩපාතය ගෙන එත් ඔවූහු මේ භික්‍ෂුන් සඳහා කරන ලද්දකැයි දැකීමෙන් සැකකරති. මෙය දිට්ඨ පරිසංකිත නමි, එය ගැනීම නොවටී. යමක් එසේ සැක නොකටයුත්තක් නම් එය ගැනීම වටී. ඒ මිනිස්සු ස්වාමීනි කුමක්නිසා නොගන්නේ දැයි විමසා ඒ බව අසා ස්වාමීනි මෙය භික්‍ෂුන් සඳහා නොකරන ලද්දේය. තමා සඳහා හෝ රජුගේ සේවයෙහි නියුක්තයන් සඳහා කරන ලද්දේයයි ඉදින් කියත්ද එය කැපය.

න හෙව ඛො භික‍්ඛූ පස‍්සන‍්ති, අපිච සුණන‍්ති “මනුස‍්සා කිර ජාලවාගුරාදිහත්‍ථා ගාමතො වා නික‍්ඛමන‍්ති අරඤ‍්ඤෙ වා විචරන‍්තී”ති. දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨානං සමච‍්ඡමංසං පිණ‍්ඩපාතං අභිහරන‍්ති. තෙ තෙන සුතෙන පරිසඞ‍්කන‍්ති “භික‍්ඛූනං නු ඛො අත්‍ථාය කත”න‍්ති, ඉදං සුතපරිසඞ‍්කිතං නාම, එතං ගහෙතුං න වට‍්ටති. යං එවං අපරිසඞ‍්කිතං, තං වට‍්ටති. සචෙ පන තෙ මනුස‍්සා “කස‍්මා, භන‍්තෙ, න ගණ‍්හථා”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා “නයිදං, භන‍්තෙ, භික‍්ඛූනං අත්‍ථාය කතං, අම‍්හෙහි අත‍්තනො අත්‍ථාය වා රාජයුත‍්තාදීනං අත්‍ථාය වා කත”න‍්ති වදන‍්ති, කප‍්පති.

භික්‍ෂුහු දැල් උගුල් ආදිය අතැතිව ගමෙන් නික්මෙන්නවුන් හෝ වනයෙහි හැසිරෙන්නවුන් නොදකිත්ද එහෙත් අසත්ද දෙවැනි දින ඒ ගමට පිඬු පිණිස පිවිසි ඒ භික්‍ෂුන්ට මත්ස්‍ය මාංශ සහිත පිණ්ඩපාතය ගෙන එත්, ඔවුහු භික්‍ෂුන් සඳහා කරන ලද්දේයි ඇසීමෙන් ඒ ගැන සැක උපදවති. මෙය සුතපරිසඞ්කිත නම්. එය ගන්ට නොවටී. යමක් පරිසංකිත නොවේද එය ගන්ට වටී. යම්හෙයකින් ඒ මිනිස්සු ස්වාමිනි කුමක් හෙයින් නොගන්නේදැයි විමසා ඒ බව දැන ස්වාමීනි මෙය භික්‍ෂුන් සඳහා කරන ලද්දේ නොවේ. තමන් විසින් තමන් සඳහා හෝ රාජපුරුෂයන් සඳහා කරන ලද්දේයයි කියති. එය කැපය.

න හෙව ඛො පන පස‍්සන‍්ති න සුණන‍්ති, අපිච තෙසං ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨානං පත‍්තං ගහෙත්‍වා සමච‍්ඡමංසං පිණ‍්ඩපාතං අභිසඞ‍්ඛරිත්‍වා අභිහරන‍්ති. තෙ පරිසඞ‍්කන‍්ති “භික‍්ඛූනං නු ඛො අත්‍ථාය කත”න‍්ති, ඉදං තදුභයවිමුත‍්තපරිසඞ‍්කිතං නාම. එතම‍්පි ගහෙතුං න වට‍්ටති. යං එවං අපරිසඞ‍්කිතං, තං වට‍්ටති. සචෙ පන තෙ මනුස‍්සා “කස‍්මා, භන‍්තෙ, න ගණ‍්හථා”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා “නයිදං, භන‍්තෙ, භික‍්ඛූනං අත්‍ථාය කතං, අම‍්හෙහි අත‍්තනො අත්‍ථාය වා රාජයුත‍්තාදීනං අත්‍ථාය වා කතං, පවත‍්තමංසං වා කතං, කප‍්පියමෙව ලභිත්‍වා භික‍්ඛූනං අත්‍ථාය සම‍්පාදිත”න‍්ති වදන‍්ති, කප‍්පති.

නොදකිත්ද නොඅසත්ද එහෙත් ගමට පිඬුපිණිස පිවිසි භික්ෂූන්ට පාත්‍රය ගෙනගොස් මත්ස්‍යමාංශ සහිත පිණ්ඩපාතය බෙදා ගෙනඑත් මෙය භික්‍ෂුන් සඳහා කරන ලද්දේ නොවේදැයි ඔවුහු සැක පහළ කරති. මෙය තදුභය විමුත්තපරිසඞ්කිත නමි මෙයද ගන්ට නොවටී. යමක් මෙසේ අපරිසංකිතද එය වටී. යම් හෙයකින් ඒ මිනිස්සු ස්වාමීනි කුමක්නිසා නොගන්නේදැයි විමසා ඒ බව අසා ස්වමීනි මෙය භික්‍ෂුන් සඳහා කරන ලද්දක් නොවේ අප විසින් තමන් සඳහා හෝ රාජ පුරුෂයන් සඳහා හෝ කරන ලද්දේය. පැවති මස හෝ කැප සරුප් පරිදිම ලැබ භික්‍ෂුන් සඳහා සම්පාදනය කරන ලද්දේයයි කියත්. එය කැපය.

මතානං පෙතකිච‍්චත්‍ථාය මඞ‍්ගලාදීනං වා අත්‍ථාය කතෙපි එසෙව නයො. යං යඤ‍්හි භික‍්ඛූනංයෙව අත්‍ථාය අකතං, යත්‍ථ ච නිබ‍්බෙමතිකා හොන‍්ති, තං සබ‍්බං කප‍්පති. සචෙ පන එකස‍්මිං විහාරෙ භික‍්ඛූ උද‍්දිස‍්ස කතං හොති, තෙ ච අත‍්තනො අත්‍ථාය කතභාවං න ජානන‍්ති, අඤ‍්ඤෙ ජානන‍්ති. යෙ ජානන‍්ති, තෙසං න වට‍්ටති, ඉතරෙසං වට‍්ටති. අඤ‍්ඤෙ න ජානන‍්ති, තෙයෙව ජානන‍්ති, තෙසංයෙව න වට‍්ටති, අඤ‍්ඤෙසං වට‍්ටති. තෙපි “අම‍්හාකං අත්‍ථාය කතං”ති ජානන‍්ති අඤ‍්ඤෙපි “එතෙසං අත්‍ථාය කත”න‍්ති ජානන‍්ති, සබ‍්බෙසම‍්පි තං න වට‍්ටති. සබ‍්බෙ න ජානන‍්ති, සබ‍්බෙසං වට‍්ටති.

මියගියවුන්ගේ ප්‍රේතකෘත්‍ය පිණිස හෝ මගුල්ආදිය සඳහා කරන ලද දෙයෙහිද මේ ක්‍රමය මැයි යම් යම් දෙයක් භික්‍ෂුන් සඳහාම නොකරන ලද්ද, යම් තැනක ඒකමතික වෙත්ද ඒ සියල්ල කැපය යම් හෙයකින් එක් විහාරයක භික්‍ෂුන් උදෙසා කරන ලද්දේ වේනම් ඔවුහු තමන් සඳහා කරන ලද බව නොදනිත්ද, අන් අය දනින්ද ඔවුන්ට නොවටී. අන් අයට වටී අන්‍යයෝ නොදනිත් ඔවුහු නම් දනිත්. ඔවුන්ට නොවටී. ඔවුහුද තමන් සඳහා කරන ලද්දේයයි දනිත්, සියලු දෙනට නොවටී. සියලු දෙනා නොදනිත් සියලු දෙනට වටී.

පඤ‍්චසු හි සහධම‍්මිකෙසු යස‍්ස කස‍්සචි වා අත්‍ථාය උද‍්දිස‍්ස කතං සබ‍්බෙසං න කප‍්පති. සචෙ පන කොචි එකං භික‍්ඛුං උද‍්දිස‍්ස පාණං වධිත්‍වා තස‍්ස පත‍්තං පූරෙත්‍වා දෙති, සො චෙ අත‍්තනො අත්‍ථාය කතභාවං ජානංයෙව ගහෙත්‍වා අඤ‍්ඤස‍්ස භික‍්ඛුනො දෙති, සො තස‍්ස සද‍්ධාය පරිභුඤ‍්ජති. කස‍්සාපත‍්තීති? ද‍්වින‍්නම‍්පි අනාපත‍්ති.

[trans not matching] සහධම්මිකයන් පස්දෙනකු අතුරින් කිසිවකු සඳහා හෝ උදෙසා පණ නසා ඔහුගේ පාත්‍රය පුරවා දෙයි. හෙතෙමේද තමා සඳහා කළ බව දනිමින්ම ගෙන අන්භික්‍ෂුවකට දෙයි. හේ ඔහු කෙරෙහි ශ්‍රද්ධාව නිසා වළඳයි. ඇවැත කාහටද දෙදෙනාටම ඇවැත් නොවේ.

යඤ‍්හි උද‍්දිස‍්ස කතං, තස‍්ස අභුත‍්තතාය අනාපත‍්ති, ඉතරස‍්ස අජානනතාය. කප‍්පියමංසස‍්ස හි පටිග‍්ගහණෙ ආපත‍්ති නත්‍ථි. උද‍්දිස‍්සකතඤ‍්ච අජානිත්‍වා භුත‍්තස‍්ස පච‍්ඡා ඤත්‍වා ආපත‍්තිදෙසනාකිච‍්චං නාම නත්‍ථි. අකප‍්පියමංසං පන අජානිත්‍වා භුත‍්තෙන පච‍්ඡා ඤත්‍වාපි ආපත‍්ති දෙසෙතබ‍්බා. උද‍්දිස‍්සකතඤ‍්හි ඤත්‍වා භුඤ‍්ජතොව ආපත‍්ති, අකප‍්පියමංසං අජානිත්‍වා භුත‍්තස‍්සාපි ආපත‍්තියෙව. තස‍්මා ආපත‍්තිභීරුකෙන රූපං සල‍්ලක‍්ඛෙන‍්තෙනාපි පුච‍්ඡිත්‍වාව මංසං පටිග‍්ගහෙතබ‍්බං, පරිභොගකාලෙ පුච‍්ඡිත්‍වා පරිභුඤ‍්ජිස‍්සාමීති වා ගහෙත්‍වා පුච‍්ඡිත්‍වාව පරිභුඤ‍්ජිතබ‍්බං. කස‍්මා? දුවිඤ‍්ඤෙය්‍යත‍්තා. අච‍්ඡමංසඤ‍්හි සූකරමංසසදිසං හොති, දීපිමංසාදීනි ච මිගමංසසදිසානි, තස‍්මා පුච‍්ඡිත්‍වා ගහණමෙව වට‍්ටතීති වදන‍්ති.

යමෙකු උදෙසා කරන ලද්දක් ඔහු නොවැළඳු බැවින් ඇවැත් නැත. අනෙකාට නොදන්නා බැවින් ඇවැත්නැත. කැප මස් පිළිගැනීමෙන් ඇවැත් නැත. උදෙසා කරන ලද්දේ වු වද නොදැන වළදා පසුව දැන ඇවැත් දෙසීමේ කාර්යයක් නැත අකැප මසක් නොදැන වැළදුවකු විසින් පසුව ඒබව දැන ඇවැත් දෙසිය යුතුය. උදෙසා කරන ලදැයි දැන වළඳන්නහුට ද ඇවැත් සිදුවේ. අකැප මසක් නොදැන වැළඳුවහටද ඇවැත්මය. ඒනිසා ඇවැතට බිය වන්නකු විසින්ද රුව සලකන්නකු විසින්ද විමසාම මස් පිළිගත යුතුය. වළඳන කල්හි විමසා වළඳනෙමියි හෝ ගෙන විමසාම වැළඳිය යුතුය. කුමක් හෙයින්ද? දැනගත නොහැකි බැවිනි. වළස් මස ඌරු මසට සමානය. දිවිමස් ආදිය මුවමස් හා සමානය. ඒ නිසා විමසා ගැනීමම වටනේයයි කියත්.

අදිට‍්ඨන‍්ති භික‍්ඛූනං අත්‍ථාය වධිත්‍වා ගය‍්හමානං අදිට‍්ඨං. අසුතන‍්ති භික‍්ඛූනං අත්‍ථාය වධිත්‍වා ගහිතන‍්ති අසුතං. අපරිසඞ‍්කිතන‍්ති දිට‍්ඨපරිසඞ‍්කිතාදිවසෙන අපරිසඞ‍්කිතං. පරිභොගන‍්ති වදාමීති ඉමෙහි තීහි කාරණෙහි පරිසුද‍්ධං තිකොටිපරිසුද‍්ධං නාම හොති, තස‍්ස පරිභොගො අරඤ‍්ඤෙ ජාතසූපෙය්‍යසාකපරිභොගසදිසො හොති, තථාරූපං පරිභුඤ‍්ජන‍්තස‍්ස මෙත‍්තාවිහාරිස‍්ස භික‍්ඛුනො දොසො වා වජ‍්ජං වා නත්‍ථි, තස‍්මා තං පරිභුඤ‍්ජිතබ‍්බන‍්ති වදාමීති අත්‍ථො.

අදිට්ඨං යනු භික්ෂූන් සඳහා මරා ගන්නාවිට නොදුටු. අසුතං යනු භික්‍ෂුන් සඳහා මරා ගන්නා ලද්දේයයි නොඇසු, අපරිසඞ්කිතං යනු දිට්ඨ පරිසංකිත ආදී වශයෙන් සැක නොකළ. පරිභොගන්තිවදාමි යනු මේ තුන් කරුණින් පිරිසිදු වූයේ ත්‍රිකෝටි පරිශුද්ධ නම්වේ. එය පරිභෝග කිරීම වනයෙහි හටගත් ආහාරයට ගතහැකි ශාඛ පරිභෝග කිරිම හා සමානය. දෙයක් වළඳන මෛත්‍රී විහාරී භික්‍ෂුවට දෝෂයක් හෝ වරදක් හෝ නැත. ඒ නිසා එය වැළදිය යුතුය යයි කියමි යන අර්ථයි.

ඉදානි තාදිසස‍්ස පරිභොගෙ මෙත‍්තාවිහාරිනොපි අනවජ‍්ජතං දස‍්සෙතුං ඉධ, ජීවක, භික‍්ඛූතිආදිමාහ. තත්‍ථ කිඤ‍්චාපි අනියමෙත්‍වා භික‍්ඛූති වුත‍්තං, අථ ඛො අත‍්තානමෙව සන්‍ධාය එතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. භගවතා හි මහාවච‍්ඡගොත‍්තසුත‍්තෙ, චඞ‍්කීසුත‍්තෙ, ඉමස‍්මිං සුත‍්තෙති තීසු ඨානෙසු අත‍්තානංයෙව සන්‍ධාය දෙසනා කතා.

දැන් එබඳු වූ මෙත්තා විහාරී භික්‍ෂුවකටත් පරිභෝජනය කිරීමේ නිවැරදිබව දක්වන්ට ඉධ ජීවක භික්‍ඛු යනාදිය කීහ. එහි කිසිවක් නියම නොකොට භික්‍ඛුයයි කියන ලදී. එසේනම් තමන්ම සඳහා මෙය කියන ලද්දේයයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින්, මහා වච්ඡගොත්ත සුත්‍රයෙහි චඞ්කී සුත්‍රයෙහි හා මේ සුත්‍රයෙහි දැයි තුන් තැනෙක තමන් සඳහාම දේශනා කරන ලදී.

පණීතෙන පිණ‍්ඩපාතෙනාති හෙට‍්ඨා අනඞ‍්ගණසුත‍්තෙ යො කොචි මහග‍්ඝො පිණ‍්ඩපාතො පණීතපිණ‍්ඩපාතොති අධිප‍්පෙතො, ඉධ පන මංසූපසෙචනොව අධිප‍්පෙතො. අගථිතොති තණ‍්හාය අගථිතො. අමුච‍්ඡිතොති තණ‍්හාමුච‍්ඡනාය අමුච‍්ඡිතො. අනජ‍්ඣොපන‍්නොති න අධිඔපන‍්නො, සබ‍්බං ආලුම‍්පිත්‍වා එකප‍්පහාරෙනෙව ගිලිතුකාමො කාකො විය න හොතීති අත්‍ථො. ආදීනවදස‍්සාවීති එකරත‍්තිවාසෙන උදරපටලං පවිසිත්‍වා නවහි වණමුඛෙහි නික‍්ඛමිස‍්සතීතිආදිනා නයෙන ආදීනවං පස‍්සන‍්තො. නිස‍්සරණපඤ‍්ඤො පරිභුඤ‍්ජතීති ඉදමත්‍ථමාහාරපරිභොගොති පඤ‍්ඤාය පරිච‍්ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති. අත‍්තබ්‍යාබාධාය වා චෙතෙතීති අත‍්තදුක‍්ඛාය වා චිතෙති. සුතමෙතන‍්ති සුතං මයා එතං පුබ‍්බෙ, එතං මය‍්හං සවනමත‍්තමෙවාති දස‍්සෙති. සචෙ ඛො තෙ, ජීවක, ඉදං සන්‍ධාය භාසිතන‍්ති, ජීවක, මහාබ්‍රහ‍්මුනා වික‍්ඛම‍්භනප‍්පහානෙන බ්‍යාපාදාදයො පහීනා, තෙන සො මෙත‍්තාවිහාරී මය‍්හං සමුච‍්ඡෙදප‍්පහානෙන, සචෙ තෙ ඉදං සන්‍ධාය භාසිතං, එවං සන‍්තෙ තව ඉදං වචනං අනුජානාමීති අත්‍ථො. සො සම‍්පටිච‍්ඡි.

පණීතෙන පිණ්ඩපාතෙන යනු යට අනඞ්ගන සුත්‍රයෙහි යම්කිසි මාහැඟි පිණ්ඩපාතයක් වේද එය ප්‍රණීත පිණ්ඩපාතයැයි අදහස් කරන ලදී. මෙහි මාංශ වැළදීමම අදහස් කරන ලදී. අගථිතො යනු තෘෂ්ණාවෙහි නොගැලුණේ අමුච්ඡිතො යනු තෘෂ්ණා මුර්ඡණාවෙන් මුසපත් නොවුයේ, අනජ්ඣොපත්තො යනු නොවැටී සියල්ල අළලා එක් පහරින්ම ගිලිනු කැමැත්තේ මෙන් නො වන්නේ ය යන අර්ථයි. ආදීනවදස්සාවී යනු එක්රැයකින් උදරපටලයෙහි පැසී නවදොරින් නික්මෙන්නේය යන ක්‍රමයෙන් ආදීනව දන්නේ, නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති යනු මෙහි අර්ථය නම් ආහාර පරිභෝගයැයි ප්‍රඥාවෙන් පිරිසිඳ වළඳයි යනුයි. අත්තව්‍යාධාය වා චෙතෙති යනු ආත්ම දුක පිණිසයයි සිතයි. සුත ම්මෙතං යනු පෙර මා විසින් මෙය අසනලදී. මෙය මාගේ ඇසීම් මාත්‍රය මැයි දක්වයි. සචෙ ඛො තෙ ජීවක ඉදං සන්‍ධාය භාසිතං යනු ජීවකය, මහා බ්‍රහ්මයාගේ විෂ්කම්භන ප්‍රහාණයෙන් ව්‍යාපාද ආදිය ප්‍රහීණ කරන ලදී. එයින් ඔහු මෛත්‍රී විහාරී නම්යැ. මගේ වනාහි සමුච්ඡේද ප්‍රහාණයෙනි, යම්හෙයකින් ඔබට මේ සඳහා කියන ලද්දේද එසේ කල්හි ඔබගේ මේ වචනය අනුදනිමි යන අර්ථයි හේ එය පිළිගත්තේය.

අථස‍්ස භගවා සෙසබ්‍රහ‍්මවිහාරවසෙනාපි උත‍්තරි දෙසනං වඩ‍්ඪෙන‍්තො “ඉධ, ජීවක, භික‍්ඛූ”තිආදිමාහ. තං උත‍්තානත්‍ථමෙව.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට සෙසු බ්‍රහ්මවිහාර වශයෙන්ද මත්තෙහි දේශනාව වර්ධනය කරන සේක් ඉධජීවක භික්‍ඛු ආදිය වදාළ සේක. එය නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

යො ඛො ජීවකාති අයං පාටිඑක‍්කො අනුසන්‍ධි. ඉමස‍්මිඤ‍්හි ඨානෙ භගවා ද‍්වාරං ථකෙති, සත‍්තානුද‍්දයං දස‍්සෙති. සචෙ හි කස‍්සචි එවමස‍්ස “එකං රසපිණ‍්ඩපාතං දත්‍වා කප‍්පසතසහස‍්සං සග‍්ගසම‍්පත‍්තිං පටිලභන‍්ති, යංකිඤ‍්චි කත්‍වා පරං මාරෙත්‍වාපි රසපිණ‍්ඩපාතොව දාතබ‍්බො”ති, තං පටිසෙධෙන‍්තො “යො ඛො, ජීවක, තථාගතං වා”තිආදිමාහ.

යොඛොජීවක යනු මේ මෙහි හුදු ගැළැපීමයි. භාග්‍යවතුන් වහන්සේ මෙතැන දොර වසන සේක. සත්වයන් කෙරෙහි දයාව දක්වනසේක. යම්හෙයකින් යමකුට මෙසේ අදහසක් ඇතිවිය හැකිය. එක් රස පිණ්ඩපාතයක් දී කල්පන්සියදහසක් සග සැපත් ලබති. යම් කිසිවක් කොට අනුන් මරා හෝ රස පිණ්ඩපාතයක් දිය යුතුය. එය වළක්වමින් සොඛොජීවක තථාගතංවා ජීවක යමෙක් තථාගතයන් සඳහා ආදිය වදාළ සේක.

තත්‍ථ ඉමිනා පඨමෙන ඨානෙනාති ඉමිනා ආණත‍්තිමත‍්තෙනෙව තාව පඨමෙන කාරණෙන. ගලප‍්පවෙධකෙනාති යොත‍්තෙන ගලෙ බන්‍ධිත්‍වා කඩ‍්ඪිතො ගලෙන පවෙධෙන‍්තෙන. ආරභියමානොති මාරියමානො. අකප‍්පියෙන ආසාදෙතීති අච‍්ඡමංසං සූකරමංසන‍්ති, දීපිමංසං වා මිගමංසන‍්ති ඛාදාපෙත්‍වා – “ත්‍වං කිං සමණො නාම, අකප‍්පියමංසං තෙ ඛාදිත”න‍්ති ඝට‍්ටෙති. යෙ පන දුබ‍්භික‍්ඛාදීසු වා බ්‍යාධිනිග‍්ගහණත්‍ථං වා “අච‍්ඡමංසං නාම සූකරමංසසදිසං, දීපිමංසං මිගමංසසදිස”න‍්ති ජානන‍්තා “සූකරමංසං ඉදං, මිගමංසං ඉද”න‍්ති වත්‍වා හිතජ‍්ඣාසයෙන ඛාදාපෙන‍්ති, න තෙ සන්‍ධායෙතං වුත‍්තං. තෙසඤ‍්හි බහුපුඤ‍්ඤමෙව හොති. එසාහං, භන‍්තෙ, භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්චාති අයං ආගතඵලො විඤ‍්ඤාතසාසනො දිට‍්ඨසච‍්චො අරියසාවකො. ඉමං පන ධම‍්මදෙසනං ඔගාහන‍්තො පසාදං උප‍්පාදෙත්‍වා ධම‍්මකථාය ථුතිං කරොන‍්තො එවමාහ. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඉමිනා පඨමෙන ඨානෙන යනු මේ පැනවීම් මාත්‍රයෙන්ම පළමු කරුණින්, ගලප්පවේධකෙන යනු යොතින් ගෙල බැඳ කැඩුණේ වෙව්ලන ගෙලෙන් ආරභියමානො යනු මරනු ලබන්නේ, අකප්පියෙන ආසාදෙති යනු වළස් මස් හෝ ඌරුමස් යැයි දිවිමස් මුවමස් යැයි කවා ඔබ මහණ අකැප මසක් කන ලද්දේ යයි ගැටෙයි. යමෙක් දුර්භික්ෂ ආදීන් හි හෝ ලෙඩ නැතිකිරීම සඳහා හෝ වළස් මස ඌරුමස මුවමස් යයි කියා හිතාධ්‍යාශයෙන් කවත්, මෙය ඔවුන් සඳහා නොකියන ලදී. ඔවුන්ට බොහෝ පින්ම වෙයි. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි භික්‍ඛු සංසඤ්ච ධම්මඤ්ච යනු මේ ඵලයට පැමිණි, දත් සසුන් ඇති, දුටු සත්‍ය ඇති ආර්ය ශ්‍රාවක තෙමේ මේ ධර්ම දේශනාවට පිවිසෙමින් ප්‍රසාදය උපදවා ධර්ම කථාවට ස්තුති කරන්නේ මෙසේ කීය. සෙස්ස සියලු තැන් නොගැඹුරු මය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ජීවකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වැනි ජීවක සුත්‍රයයි