උපාලි සුත්තවණ්ණනා අට්ඨකථා
උපාලි සුත්තවණ්ණනා
උපාලි සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති උපාලිසුත්තං. තත්ථ නාළන්දායන්ති නාලන්දාති එවංනාමකෙ නගරෙ තං නගරං ගොචරගාමං කත්වා. පාවාරිකම්බවනෙති දුස්සපාවාරිකසෙට්ඨිනො අම්බවනෙ. තං කිර තස්ස උය්යානං අහොසි, සො භගවතො ධම්මදෙසනං සුත්වා භගවති පසන්නො තස්මිං උය්යානෙ කුටිලෙණමණ්ඩපාදිපටිමණ්ඩිතං භගවතො විහාරං කත්වා නිය්යාදෙසි, සො විහාරො ජීවකම්බවනං විය පාවාරිකම්බවනන්තෙව සඞ්ඛං ගතො. තස්මිං පාවාරිකම්බවනෙ විහරතීති අත්ථො. දීඝතපස්සීති දීඝත්තා එවංලද්ධනාමො. පිණ්ඩපාතපටික්කන්තොති පිණ්ඩපාතතො පටික්කන්තො. සාසනෙ විය කිං පන බාහිරායතනෙ පිණ්ඩපාතොති වොහාරො අත්ථීති, නත්ථි.
එවම්මෙසුතං යනු උපාලි සුත්‍රයයි. එහි නාලන්දායං යනු එනම් ඇති නගරයෙහි ඒ නගරය ගොදුරුගම් කොට පාවාරිකම්බවනෙ යනු දුස්සපාවාරික සිටුගේ අඹ වනයෙහි, එය කාගේ උයනක් විද, හේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඒ උයනෙහි කුටි ලෙන් මණ්ඩප ආදියෙන් සැදුණු විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පැවරීය. ඒ විහාරය ජීවක අඹ උයන මෙන් පාවාරික අම්බ වන යැයි ප්‍රසිද්ධියට පත්විය. එම පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක යන අර්ථයි. දීඝ තපස්සී යනු දිග බැවින් මෙසේ ලදනම් ඇත්තේ. පිණ්ඩපාත පටික්කන්තො යනු පිණ්ඩපාතයෙන් පසු පැමිණියේ ශාසනයෙහි මෙන් බාහිර ආයතනයෙහි පිණ්ඩපාතයයි ව්‍යවහාරයක් නැත.
පඤ්ඤපෙතීති දස්සෙති ඨපෙති. දණ්ඩානි පඤ්ඤපෙතීති ඉදං නිගණ්ඨසමයෙන පුච්ඡන්තො ආහ. කායදණ්ඩං වචීදණ්ඩං මනොදණ්ඩන්ති එත්ථ පුරිමදණ්ඩද්වයං තෙ අචිත්තකං පය්යපෙන්ති. යථා කිර වාතෙ වායන්තෙ සාඛා චලති, උදකං චලති, න ච තත්ථ චිත්තං අත්ථි, එවං කායදණ්ඩොපි අචිත්තකොව හොති. යථා ච වාතෙ වායන්තෙ තාලපණ්ණාදීනි සද්දං කරොන්ති, උදකානි සද්දං කරොන්ති, න ච තත්ථ චිත්තං අත්ථි, එවං වචීදණ්ඩොපි අචිත්තකොව හොතීති ඉමං දණ්ඩද්වයං අචිත්තකං පඤ්ඤපෙන්ති. චිත්තං පන මනොදණ්ඩන්ති පඤ්ඤපෙන්ති. අථස්ස භගවා වචනං පතිට්ඨපෙතුකාමො “කිං පන තපස්සී”තිආදිමාහ.
පඤ්ඤාපෙති යනු දක්වයි තබයි. දණ්ඩානි පඤ්ඤාපෙති යනු මෙය නිගණ්ඨ සමයෙන් විමසන සේක් මෙසේ ඇසුසේක. කාය දණ්ඩං වචීදණ්ඩං මනො දණ්ඩං යනු මෙහි මුල් දණ්ඩද්වය ඔවුහු අචිත්තක යයි පනවති, යම්සේ සුළඟ හමනවිට අතු සෙලවෙයි. ජලය සැලෙයි. එහි සිතක් නැත. මෙසේ කාය දණ්ඩය ද අචිත්තක වෙයි. යම්සේ සුළඟ හමනවිට තල්වැට ආදිය ශබ්ද කරයිද ජලය ශබ්දකරයිද. එහිද සිතක් නැත. මෙසේ වචීදණ්ඩය ද අචිත්තකම වේයයි මේ දණ්ඩද්වය අචිත්තකයයි පනවත්. සිතවනාහි මනො දණ්ඩයයි පනවති. ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ වචනයක් ප්‍රතිස්ථාපනය කරනු කැමති සේක් කිංපන තපස්සී යන ආදිය වදාළසේක.
තත්ථ කථාවත්ථුස්මින්ති එත්ථ කථායෙව කථාවත්ථු. කථායං පතිට්ඨපෙසීති අත්ථො. කස්මා පන භගවා එවමකාසි? පස්සති හි භගවා “අයං ඉමං කථං ආදාය ගන්ත්වා අත්තනො සත්ථු මහානිගණ්ඨස්ස ආරොචෙස්සති, තාසඤ්ච පරිසති, උපාලි ගහපති නිසින්නො, සො ඉමං කථං සුත්වා මම වාදං ආරොපෙතුං ආගමිස්සති, තස්සාහං ධම්මං දෙසෙස්සාමි, සො තික්ඛත්තුං සරණං ගමිස්සති, අථස්ස චත්තාරි සච්චානි පකාසෙස්සාමි, සො සච්චපකාසනාවසානෙ සොතාපත්තිඵලෙ පතිට්ඨහිස්සති, පරෙසං සඞ්ගහත්ථමෙව හි මයා පාරමියො පූරිතා”ති. ඉමමත්ථං පස්සන්තො එවමකාසි.
කථාවත්ථුස්මිං යනු මෙහි කථාවම කථාවත්ථුවයි. කථායෙහි පිහිටුවීය යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ කුමක්නිසා මෙසේ කළසේක්ද, මෙතෙමේ මේ කථාව රැගෙන ගොස් තමාගේ ශාස්තෘවු මහා නිගණ්ඨයාට දන්වන්නේ ය. ඔවුන්ගේ අසල උපාලි ගෘහපතියා හුන්නේ මේ කථාව අසා මට වාදයක් ආරෝපණය කිරීමට පැමිණෙන්නේ ය. මම ඔහුට ධර්ම දේශනා කරන්නෙමි. හේ තෙවරක් සරණ යන්නේ ය. අනතුරුව ඔහුට චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරන්නෙමි. හේ සත්‍ය ප්රකාශනය අවසන සෝවාන් පෙළෙහි පිහිටන්නේ ය. අනුන්ට සංග්‍රහ පිණිසම මා විසින් පාරමිතා පුරන ලද්දේය යන අර්ථය දකිමින් මෙසේ කළසේක.
කම්මානි පඤ්ඤපෙසීති ඉදං නිගණ්ඨො බුද්ධසමයෙන පුච්ඡන්තො ආහ. කායකම්මං වචීකම්මං මනොකම්මන්ති එත්ථ කායද්වාරෙ ආදානගහණමුඤ්චනචොපනපත්තා අට්ඨකාමාවචරකුසලචෙතනා ද්වාදසාකුසලචෙතනාති වීසතිචෙතනා කායකම්මං නාම. කායද්වාරෙ ආදානාදීනි අපත්වා වචීද්වාරෙ වචනභෙදං පාපයමානා උප්පන්නා තායෙව වීසතිචෙතනා වචීකම්මං නාම. උභයද්වාරෙ චොපනං අප්පත්වා මනොද්වාරෙ උප්පන්නා එකූනතිංසකුසලාකුසලචෙතනා මනොකම්මං නාම. අපිච සඞ්ඛෙපතො තිවිධං කායදුච්චරිතං කායකම්මං නාම, චතුබ්බිධං වචීදුච්චරිතං වචීකම්මං නාම, තිවිධං මනොදුච්චරිතං මනොකම්මං නාම. ඉමස්මිඤ්ච සුත්තෙ කම්මං ධුරං, අනන්තරසුත්තෙ “චත්තාරිමානි පුණ්ණ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානී”ති (ම· නි· 2.81) එවමාගතෙපි චෙතනා ධුරං. යත්ථ කත්ථචි පවත්තා චෙතනා “කණ්හං කණ්හවිපාක”න්තිආදිභෙදං ලභති. නිද්දෙසවාරෙ චස්ස “සබ්‍යාබජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොතී”තිආදිනා නයෙන සා වුත්තාව. කායද්වාරෙ පවත්තා පන ඉධ කායකම්මන්ති අධිප්පෙතං, වචීද්වාරෙ පවත්තා වචීකම්මං, මනොද්වාරෙ පවත්තා මනොකම්මං. තෙන වුත්තං – “ඉමස්මිං සුත්තෙ කම්මං ධුරං, අනන්තරසුත්තෙ චෙතනා”ති. කම්මම්පි හි භගවා කම්මන්ති පඤ්ඤපෙති යථා ඉමස්මිංයෙව සුත්තෙ. චෙතනම්පි, යථාහ – “චෙතනාහං, භික්ඛවෙ, කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොතී”ති (අ· නි· 6.63). කස්මා පන චෙතනා කම්මන්ති වුත්තා? චෙතනාමූලකත්තා කම්මස්ස.
කම්මානි පඤ්ඤපෙසි යනු මෙය නිගණ්ඨයා බුදුසමයෙන් විචාරන්නේ කායකම්ම, වචීකම්ම, මනොකම්ම යයි කීය. මෙහි කායද්වාරයෙහි ආදාන ගහණ මුඤ්චන වෝපනත්වයට පත් අෂ්ටකාමාවචර කුසල චේතනා දොළොස් අකුසල චේතනා යනුවෙන් චේතනා විස්ස කාය කම්ම නමි කායද්වාරයෙහි ආදාන ආදියට නොපැමිණ වචීද්වාරයෙහි වචන භේදයට පමුණුවමින් උපන් එම චේතනා විස්ස වචීකම්මනමි. උභයද්වාර වොපනයට නොපැමිණ මනෝ ද්වාරයෙහි උපන් විසිනවයක්වූ කුසලාකුසල චේතනා මනෝ කම්ම නමි එසේවුවද සංක්ෂේපයෙන් ත්‍රිවිධ කාය දුශ්චරිත කාය කම්ම නමි චතුර්විධ වචී දුශ්චරිත වචීකම්ම නමි ත්‍රිවිධ මනෝ දුශ්චරිත මනො කම්ම නමි, මේ සූත්‍රයෙහි කර්මධුරය ඊළඟ සුත්‍රයෙහි පුණ්ණ, මේ කර්ම සතර මා විසින් තමාම දැන සාක්ෂත් කොට දන්නා ලද්දේයයි මෙසේ එන ලද්දේ චේතනා ධුරයයි. යම් තැනක පැවති චේතනා කණ්හ කණ්හ විපාක ආදි භේදය ලබයි. නිර්දේශවාරයෙහි ව්‍යාපාද සහිතවු කාය සංකාරය රැස් කෙරේනුයි ආදී ක්‍රමයෙන් එය කියන ලද්දේමය. කාය ද්වාරයෙහි පැවති දේ මෙහි කාය කම්ම යනුවෙන් අදහස් කෙරිණ. වචීද්වාරයෙහි පැවැත්තේ වචී කර්මද මනෝ ද්වාරයෙහි පැවැත්තේ මනො කර්මද වේ. ඒ නිසා කියන ලදී. මේ සුත්‍රයෙහි කර්ම ද ධුරය ද, අනන්තර සුත්‍රයෙහි චේතනා ද යනුවෙන් භාග්‍ය කර්මය ද කර්මයයි පනවන සේක මේ සුත්‍රයෙහි මෙන්. චේතනාව ද එසේය. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. සිතා කර්ම කෙරේනුයි. චේතනාව මුල්වන බැවිනි.
එත්ථ ච අකුසලං පත්වා කායකම්මං වචීකම්මං මහන්තන්ති වදන්තො න කිලමති, කුසලං පත්වා මනොකම්මං. තථා හි මාතුඝාතාදීනි චත්තාරි කම්මානි කායෙනෙව උපක්කමිත්වා කායෙනෙව කරොති, නිරයෙ කප්පට්ඨිකසඞ්ඝභෙදකම්මං වචීද්වාරෙන කරොති. එවං අකුසලං පත්වා කායකම්මං වචීකම්මං මහන්තන්ති වදන්තො න කිලමති නාම. එකා පන ඣානචෙතනා චතුරාසීතිකප්පසහස්සානි සග්ගසම්පත්තිං ආවහති, එකා මග්ගචෙතනා සබ්බාකුසලං සමුග්ඝාතෙත්වා අරහත්තං ගණ්හාපෙති. එවං කුසලං පත්වා මනොකම්මං මහන්තන්ති වදන්තො න කිලමති නාම. ඉමස්මිං පන ඨානෙ භගවා අකුසලං පත්වා මනොකම්මං මහාසාවජ්ජං වදමානො නියතමිච්ඡාදිට්ඨිං සන්ධාය වදති. තෙනෙවාහ –
මෙහි අකුසලයට පැමිණ කාය කම්ම, වචීකම්ම මහත්යයි කියන්නේ වෙහෙසට පත් නොවේ. කුසලයට පැමිණ මනොකම්ම මහත් යයි කියන්නේද වෙහෙසට පත් නොවේ. එසේම මව මැරීම ආදි කර්ම සතර කයින්ම උපක්‍රම කොට කයින්ම කරයි. නිරයෙහි කල්පයක් සිටිනා සංඝභේද කර්මය වචී ද්වාරයෙන් කරයි. මෙසේ අකුසලයට පැමිණ කාය කර්මය වචී කර්මය මහත් යයි කියන්නේ වෙහෙසට පත්නොවේ. මේ එක් ධ්‍යාන චේතනාවක් කල්ප අසූසතර දහසක් සගසැපත් ගෙනදෙයි. එක්ම මාර්ග චේතනාව සියලු අකුසල් නසා අර්හත්වය ගන්වයි. මෙසේ කුසලයට පත්ව මනෝ කර්මය මහත්යයි කියන්නේ වෙහෙසට පත්නොවේ. මෙතැන භාග්‍යවතුන් වහන්සේ අකුසලයට පැමිණ මනෝකර්මය මහාසාවද්‍යයයි කියමින් නියත මිථ්‍යාදෘෂ්ටිය සඳහා කියන සේක. එහෙයින් කියන ලදී -
“නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහාසාවජ්ජං, යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, මහාසාවජ්ජානී”ති (අ· නි· 1.310). ඉදානි නිගණ්ඨොපි තථාගතෙන ගතමග්ගං පටිපජ්ජන්තො කිඤ්චි අත්ථනිප්ඵත්තිං අපස්සන්තොපි “කිං පනාවුසො, ගොතමා”තිආදිමාහ.
මහණෙනි මෙසේ මහා සාවද්‍ය වන්නාවු අන් එකදු දහමක් මිථ්‍යාදෘෂ්ටිය තරම් නොදකින්නෙමි. මහණෙනි වැරදි මිථ්‍යා දෘෂ්ටිය ප්‍රධාන කොට ඇත්තේයයි දැන් නිගණ්ඨයාද තථාගතයන් වහන්සේ ගියමගට පිළිපන්නේ කිසිදු අර්ථ නිෂ්පත්තියක් නොදකින්නේ ආයුෂ්මත් ගෞතමයනි කිමෙක්ද ආදිය කීය.
බාලකිනියාති උපාලිස්ස කිර බාලකලොණකාරගාමො නාම අත්ථි, තතො ආයං ගහෙත්වා මනුස්සා ආගතා, සො “එථ භණෙ, අම්හාකං සත්ථාරං මහානිගණ්ඨං පස්සිස්සාමා”ති තාය පරිසාය පරිවුතො තත්ථ අගමාසි. තං සන්ධාය වුත්තං “බාලකිනියා පරිසායා”ති, බාලකගාමවාසිනියාති අත්ථො. උපාලිපමුඛායාති උපාලිජෙට්ඨකාය. අපිච බාලකිනියාති බාලවතියා බාලුස්සන්නායාතිපි අත්ථො. උපාලිපමුඛායාති උපාලිගහපතියෙව තත්ථ ථොකං සප්පඤ්ඤො, සො තස්සා පමුඛො ජෙට්ඨකො. තෙනාපි වුත්තං “උපාලිපමුඛායා”ති. හන්දාති වචසායත්ථෙ නිපාතො. ඡවොති ලාමකො. ඔළාරිකස්සාති මහන්තස්ස. උපනිධායාති උපනික්ඛිපිත්වා. ඉදං වුත්තං හොති, කායදණ්ඩස්ස සන්තිකෙ නික්ඛිපිත්වා “අයං නු ඛො මහන්තො, අයං මහන්තො”ති එවං ඔලොකියමානො ඡවො මනොදණ්ඩො කිං සොභති, කුතො සොභිස්සති, න සොභති, උපනික්ඛෙපමත්තම්පි නප්පහොතීති දීපෙති. සාධු සාධු, භන්තෙ, තපස්සීති දීඝතපස්සිස්ස සාධුකාරං දෙන්තො, භන්තෙති නාටපුත්තමාලපති.
බාලකිනියා යනු උපාලිට වනාහි බාලක ලොණකාර ගාම නම් ගමක් ඇත. එයින් අයබදු ගෙන මිනිස්සු ආවාහුය. හේ එවු සගයනි අපගේ ශාස්තෘ මහානිගණ්ඨයාණන් බලන්නෙමුයි ඒ පිරිස විසින් පරිවරන ලද්දේ එහි ගියේය. ඒ සඳහා කියනලදී. බාලකිනියාපරියාය යනු බාලකගමෙහි වසන්නවුන් විසින් යන අර්ථයි. උපාලිපමුඛාය උපාලි ජ්‍යෙෂ්ඨකොට ඇති. එහෙත් බාලකිනියා යනු ලාබයන් කැමති බැවින්ද බාලයන් බහුල බැවින්ද යන අර්ථයි. උපාලිපමුඛාය යනු උපාලි ගෘහපතියාම පමණක් එහි මඳක් නුවණ ඇත්තේය. හේ ඒ පිරිසට ප්රධානයාය ජ්‍යෙෂ්ඨයාය. එහෙයින්ද උපාලිපමුඛාය යන්න කියන ලදී. හන්ද යනු යෝජනාර්ථයෙහි නිපාතයි. ඡවො යනු ලාමක, ඔලාරිකස්ස යනු මහත්වූවහුට උපනිධාය යනු ළඟතබා මෙය කියන ලද්දේවෙයි කායදණ්ඩ සමීපයෙහි තබා, මෙය මහත්ය මෙය මහත්මයයි බලමින් ලාමකවූ මනෝදණ්ඩය බබලයිද කොතැනින් බබලයිද නොබබලයිද ළගතැබීම පමණක්ම ප්‍රමාණවත් නොවේ යයි දක්වයි. සාධු සාධු භන්තෙ තපස්සී යනු දීඝ තපස්සීට සාධුකාර දෙන්නේ භන්තෙ යනුවෙන් නාථපුත්‍රයා අමතයි.
න ඛො මෙතං, භන්තෙ, රුච්චතීති, භන්තෙ, එතං මය්හං න රුච්චති. මායාවීති මායාකාරො. ආවට්ටනිමායන්ති ආවට්ටෙත්වා ගහණමායං. ආවට්ටෙතීති ආවට්ටෙත්වා පරික්ඛිපිත්වා ගණ්හාති. ගච්ඡ ත්වං ගහපතීති කස්මා මහානිගණ්ඨො ගහපතිං යාවතතියං පහිණතියෙව? දීඝතපස්සී පන පටිබාහතෙව? මහානිගණ්ඨෙන හි භගවතා සද්ධිං එකං නගරං උපනිස්සාය විහරන්තෙනපි න භගවා දිට්ඨපුබ්බො. යො හි සත්ථුවාදපටිඤ්ඤො හොති, සො තං පටිඤ්ඤං අප්පහාය බුද්ධදස්සනෙ අභබ්බො. තස්මා එස බුද්ධදස්සනස්ස අලද්ධපුබ්බත්තා දසබලස්ස දස්සනසම්පත්තිඤ්ච නිය්යානිකකථාභාවඤ්ච අජානන්තො යාවතතියං පහිණතෙව. දීඝතපස්සී පන කාලෙන කාලං භගවන්තං උපසඞ්කමිත්වා තිට්ඨතිපි නිසීදතිපි පඤ්හම්පි පුච්ඡති, සො තථාගතස්ස දස්සනසම්පත්තිම්පි නිය්යානිකකථාභාවම්පි ජානාති. අථස්ස එතදහොසි – “අයං ගහපති පණ්ඩිතො, සමණස්ස ගොතමස්ස සන්තිකෙ ගන්ත්වා දස්සනෙපි පසීදෙය්ය, නිය්යානිකකථං සුත්වාපි පසීදෙය්ය. තතො න පුන අම්හාකං සන්තිකං ආගච්ඡෙය්‍යා”ති. තස්මා යාවතතියං පටිබාහතෙව.
ස්වාමීනි මෙය මට රුචි නොවේ ස්වාමීනි මෙය රුචිය ස්වාමීනි මෙය මට රුචිනොවේ. මායාවී යනු මායාකාරයා ආවට්ට නියාමන්ති යනු දවටා ගන්නා මායම ආවට්ටෙති යන දවටා වටකොට ගනී. ගච්ඡත්වං ගහපති යනු කුමක් හෙයින් මහානිගණ්ඨයා ගෘහපති වෙත තෙවරක් දක්වාම යවාද දීඝතපස්සී වනාහි පසුබාන්නේ ම ය. මහා නිගණ්ඨයා විසින් භාග්‍යවතුන් වහන්සේ සමග එක් නගරයක් නිසා වාසයකළද භාග්‍යවතුන් වහන්සේ නොදුටුවිරූය. හේ ශාස්තෘෘන් වහන්සේ සමග වාද කරන්නෙමියි ප්‍රතිඥා දෙන්නෙකි. හේ ඒ ප්‍රතිඥාව ඉවත නොලා බුදුන් දැක්මෙහි අභව්‍යය ඒ නිසා මොහු බුදුන් දැකීම නොලද බැවින් දසබලයන් වහන්සේගේ දර්ශන සම්පත්තියද නෛර්යානික කථා ඇතිබවද නොදන්නේ තුන්වරක් දක්වා යවන්නේමය. දීඝ තපස්සී නම් කලින් කල භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ සිටියි හිඳියි ප්‍රශ්නද අසයි. හේ තථාගතයන්ගේ දර්ශන සම්පත්තියද නෛර්යාණික කථා ඇති බවද දනියි. ඉක්බිති ඔහුට මෙසේ සිතිණ මේ ගෘහපතියා නුවණැත්තේය. ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් දැක්මෙහි පැහැදෙන්නේය. නෛර්යාණික කථා අසාද පැහැදෙන්නේ ය. ඉන්පසු නැවත අපගේ සමීපයට නො එන්නේ ය. ඒනිසා තෙවරක් දක්වා පසුබා සිටී.
අභිවාදෙත්වාති වන්දිත්වා. තථාගතඤ්හි දිස්වා පසන්නාපි අප්පසන්නාපි යෙභුය්යෙන වන්දන්තියෙව, අප්පකා න වන්දන්ති. කස්මා? අතිඋච්චෙ හි කුලෙ ජාතො අගාරං අජ්ඣාවසන්තොපි වන්දිතබ්බොයෙවාති. අයං පන ගහපති පසන්නත්තාව වන්දි, දස්සනෙයෙව කිර පසන්නො. ආගමා නු ඛ්විධාති ආගමා නු ඛො ඉධ.
අභිවාදෙත්වා යනු වැඳ තථාගතයන් වහන්සේ දැක ප්‍රසන්න වුවෝද අප්‍රසන්න වුවෝද බෙහෙවින් වඳිත්මය සුළු පිරිසක් නොවඳිති. ඒ නිසා බොහෝ උසස් කුලයෙහි උපන්නේ ගිහිගෙය වසන්නේද වැඳිය යුත්තේ මය. මේ ගෘහපතියා පහත් බැවින්ම වැන්දේය. දර්ශනයෙහි පැහැදුණේය. ආගමානුඛ්විධා යනු මෙහි පැමිණියා නොවේද,
සාධු සාධු, භන්තෙ, තපස්සීති දීඝතපස්සිස්ස සාධුකාරං දෙන්තො, භන්තෙති, භගවන්තං ආලපති. සච්චෙ පතිට්ඨායාති ථුසරාසිම්හි ආකොටිතඛාණුකො විය අචලන්තො වචීසච්චෙ පතිට්ඨහිත්වා. සියා නොති භවෙය්ය අම්හාකං.
සාධු සාධු භන්තෙ තපස්සී යනු දීඝතපස්ස සාදුකාර දෙන්නේ ස්වාමීනියි භාග්‍යවතුන්වහන්සේ අමතයි. සච්චෙ පතිට්ඨාය යනු දහයියා ගොඩක සිටවු කණුවක් මෙන් (නොවී) නොසැලී වචීසත්යයෙහි පිහිටා සියා නො යනු අපට වන්නේ ය.
ඉධාති ඉමස්මිං ලොකෙ. අස්සාති භවෙය්ය. සීතොදකපටික්ඛිත්තොති නිගණ්ඨා සත්තසඤ්ඤාය සීතොදකං පටික්ඛිපන්ති. තං සන්ධායෙතං වුත්තං. මනොසත්තා නාම දෙවාති මනම්හි සත්තා ලග්ගා ලගිතා. මනොපටිබද්ධොති යස්මා මනම්හි පටිබද්ධො හුත්වා කාලඞ්කරොති, තස්මා මනොසත්තෙසු දෙවෙසු උපපජ්ජතීති දස්සෙති. තස්ස හි පිත්තජරරොගො භවිස්සති. තෙනස්ස උණ්හොදකං පිවිතුං වා හත්ථපාදාදිධොවනත්ථාය වා ගත්තපරිසිඤ්චනත්ථාය වා උපනෙතුං න වට්ටති, රොගො බලවතරො හොති. සීතොදකං වට්ටති, රොගං වූපසමෙති. අයං පන උණ්හොදකමෙව පටිසෙවති, තං අලභමානො ඔදනකඤ්ජිකං පටිසෙවති. චිත්තෙන පන සීතොදකං පාතුකාමො ච පරිභුඤ්ජිතුකාමො ච හොති. තෙනස්ස මනොදණ්ඩො තත්ථෙව භිජ්ජති. සො කායදණ්ඩං වචීදණ්ඩං රක්ඛාමීති සීතොදකං පාතුකාමො වා පරිභුඤ්ජිතුකාමො වා සීතොදකමෙව දෙථාති වත්තුං න විසහති. තස්ස එවං රක්ඛිතාපි කායදණ්ඩවචීදණ්ඩා චුතිං වා පටිසන්ධිං වා ආකඩ්ඪිතුං න සක්කොන්ති. මනොදණ්ඩො පන භින්නොපි චුතිම්පි පටිසන්ධිම්පි ආකඩ්ඪතියෙව. ඉති නං භගවා දුබ්බලකායදණ්ඩවචීදණ්ඩා ඡවා ලාමකා, මනොදණ්ඩොව බලවා මහන්තොති වදාපෙසි.
ඉධ යනු මෙලොව අස්ස යනු වන්නේ ය. සීතොදක පටික්ඛිත්තො යනු නිගණ්ඨයෝ සතුන් ඇතැයි සංඥාවෙන් සිසිල්දිය ප්‍රතික්ෂේප කරති. ඒ සඳහා මෙය කියන ලදී. මනො සත්තානාම දෙවා යනු මනසෙහි සත්වයෝ ලැගසිටිති. මනො පටිබද්ධො යනු යම්හෙයකින් මනසෙන් බැඳුණේ ව කලුරිය කරයි. ඒනිසා මනෝ සත්ව දෙවියන් අතර උපදිතියි දක්වයි. ඔහුට පිත්තජ්වර රෝගය වන්නේ ය. ඒ නිසා ඔහුට උණුදිය බීමට හෝ අත්පා දෝවනය පිණිස හෝ සිරුර සොයා ගැනීම පිණිස හෝ ගෙන එන්නට නොවටී රෝගය වඩාත් බලවත් විය. සිසිල් ජලය සුදුසුය. එවිට රෝගය සුවවෙයි. මොහු වනාහි උණුදියම පරිහරණය කරයි. සිතින් සිසිල් දිය බීමට කැමැත්තේද පරිභෝජනය කිරීමටද කැමැත්තේය. ඔහුගේ මනෝ දණ්ඩය එහිදීම බිඳෙයි. ඔහු කායදණ්ඩය හා වචීදණ්ඩය රක්නෙමියි සිසිල්දිය බොනු කැමැත්තේද පරිභෝග කරනු කැමැත්තේද සිසිල්දිය මට දෙවුයයි කියන්ට උත්සාහ නො කරයි. ඔහුට මෙසේ රකින ලද්දේ වුවද කාය දණ්ඩ වචීදණ්ඩ ද චුති හෝ ප්රතිසන්ධි අපේක්ෂාකරන්ට නො හැක්කේය. මනෝ දණ්ඩය බිදුණේද චුතියත් ප්‍රතිසන්ධියත් අපේක්ෂා කෙරේමය. මෙසේ ඔහුට භාග්‍යවතුන් වහන්සේ කායදණ්ඩ වචීදණ්ඩ දුර්වලය ලාමකය මනෝ දණ්ඩයම බලවත්ය මහත්යයි කියවා පීය.
තස්සපි උපාසකස්ස එතදහොසි. “මුච්ඡාවසෙන අසඤ්ඤිභූතානඤ්හි සත්තාහම්පි අස්සාසපස්සාසා නප්පවත්තන්ති, චිත්තසන්තතිපවත්තිමත්තෙනෙව පන තෙ මතාති න වුච්චන්ති. යදා නෙසං චිත්තං නප්පවත්තති, තදා ‘මතා එතෙ නීහරිත්වා තෙ ඣාපෙථා’ති වත්තබ්බතං ආපජ්ජන්ති. කායදණ්ඩො නිරීහො අබ්යාපාරො, තථා වචීදණ්ඩො. චිත්තෙනෙව පන තෙසං චුතිපි පටිසන්ධිපි හොති. ඉතිපි මනොදණ්ඩොව මහන්තො. භිජ්ජිත්වාපි චුතිපටිසන්ධිආකඩ්ඪනතො එසෙව මහන්තො. අම්හාකං පන මහානිගණ්ඨස්ස කථා අනිය්යානිකා”ති සල්ලක්ඛෙසි. භගවතො පන විචිත්තානි පඤ්හපටිභානානි සොතුකාමො න තාව අනුජානාති.
ඒ උපාසකයාට මෙසේ සිතිණ. මුර්ජාවශයෙන් සිහිය නැතිවුවන්ට ආශ්වාස ප්‍රශ්වාස නො පවතී. චිත්ත සන්තතිය පැවති මතින්ම ඔවුහු මළාහුයයි නොකියත්. යම් කලෙක ඔවුන්ගේ සිත නො පවතීද එකල්හි මළානම්වෙයි. මේවා ඉවතට ගෙනගොස් දවාලවු යයි කිවයුතු බවට පත්වෙති. භය දණ්ඩය අක්‍රිය වෙයි යෙදවිය නොහැකිවෙයි. වචී දණ්ඩයද එසේය සිතින්ම ඔවුන්ගේ චුතියද ප්රතිසන්ධියද වෙයි. එහෙත් මනෝ දණ්ඩයම මහත්ය. බිදී ගියද චුතිප්රතිසන්ධිය අපේක්ෂා කරන බැවින් මෙයම මහත්ය. අපගේ මහා නිගණ්ඨයාගේ කථාව අනෛර්යාණිකයයි සැලකීය. භාග්‍යවතුන් වහන්සේගේ විචිත්රවු ප්‍රශ්න විසැදීම අසනු කැමැත්තේ අනුමත කරන්නේ පමණක් නොවේ.
න ඛො තෙ සන්ධියතීති න ඛො තෙ ඝටියති. පුරිමෙන වා පච්ඡිමන්ති “කායදණ්ඩො මහන්තො”ති ඉමිනා පුරිමෙන වචනෙන ඉදානි “මනොදණ්ඩො මහන්තො”ති ඉදං වචනං. පච්ඡිමෙන වා පුරිමන්ති තෙන වා පච්ඡිමෙන අදුං පුරිමවචනං න ඝටියති.
නඛො තෙ සන්ධීයති යනු ඒවා නොගැටේ පුරිමෙනවා පච්ඡිමං යනු කායදණ්ඩය මහත්යයි මේ පුර්ව වචනයෙන් දැන් මනෝදණ්ඩය මහත්ය යන මේ වචනය පච්ඡිමෙනවා පුරිමං යනු ඒ පසුවදනින් මේ පෙරවදන නොගැටේ.
ඉදානිස්ස භගවා අඤ්ඤානිපි කාරණානි ආහරන්තො “තං කිං මඤ්ඤසී”තිආදිමාහ. තත්ථ චාතුයාමසංවරසංවුතොති න පාණමතිපාතෙති, න පාණමතිපාතයති, න පාණමතිපාතයතො සමනුඤ්ඤො හොති. න අදින්නං ආදියති, න අදින්නං ආදියාපෙති, න අදින්නං ආදියතො සමනුඤ්ඤො හොති. න මුසා භණති, න මුසා භණාපෙති, න මුසා භණතො සමනුඤ්ඤො හොති. න භාවිතමාසීසති, න භාවිතමාසීසාපෙති, න භාවිතමාසීසතො සමනුඤ්ඤො හොතීති ඉමිනා චතුකොට්ඨාසෙන සංවරෙන සංවුතො. එත්ථ ච භාවිතන්ති පඤ්චකාමගුණා.
දැන් භාග්‍යවතුන් වහන්සේ ඔහුට වෙනත් කරුණු ද ගෙනහැර දක්වන සේක් කිම කුමක් හැගීදැයි ආදිය වදාළ සේක. එහි චාතුයාම සංවර සංවුතො යනු ප්‍රාණඝාත නොකරයි. ප්‍රාණඝාත නොකරවයි. ප්‍රාණඝාතය අනුමතකරන්නේ නොවේ. නුදුන් දෙය නොගනී. නොදුන් දෙය නොගන්වයි. නුදුන් දෙය ගැනීම අනුමත කරන්නේද නොවේ. බොරු නොකියයි. බොරු නොකියවයි. බොරු කීම අනුමත කරන්නේද නොවේ. පඤ්ච කාමගුණයට ආසිංසන නොකරයි. පඤ්චකාම ගුණයට ආසිංසන නොකරවයි. පංචකාම ගුණයට ආසිංසනය කිරීම අනුමත නොකරන්නේද වේ. මේ සතර වැදෑරුම් සංවරයෙන් සංවරවුයේ මෙහි භාවිත යනු පංචකාම ගුණයෝය.
සබ්බවාරිවාරිතොති වාරිතසබ්බඋදකො, පටික්ඛිත්තසබ්බසීතොදකොති අත්ථො. සො හි සීතොදකෙ සත්තසඤ්ඤී හොති, තස්මා න තං වලඤ්ජෙති. අථ වා සබ්බවාරිවාරිතොති සබ්බෙන පාපවාරණෙන වාරිතපාපො. සබ්බවාරියුත්තොති සබ්බෙන පාපවාරණෙන යුත්තො. සබ්බවාරිධුතොති සබ්බෙන පාපවාරණෙන ධුතපාපො. සබ්බවාරිඵුටොති සබ්බෙන පාපවාරණෙන ඵුටො. ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙතීති ඛුද්දකෙ පාණෙ වධං ආපාදෙති. සො කිර එකින්ද්රියං පාණං දුවින්ද්රියං පාණන්ති පඤ්ඤපෙති. සුක්ඛදණ්ඩක-පුරාණපණ්ණසක්ඛර-කථලානිපි පාණොතෙව පඤ්ඤපෙති. තත්ථ ඛුද්දකං උදකබින්දු ඛුද්දකො පාණො, මහන්තං මහන්තොති සඤ්ඤී හොති. තං සන්ධායෙතං වුත්තං. කිස්මිං පඤ්ඤපෙතීති කත්ථ කතරස්මිං කොට්ඨාසෙ පඤ්ඤපෙති. මනොදණ්ඩස්මින්ති මනොදණ්ඩකොට්ඨාසෙ, භන්තෙති. අයං පන උපාසකො භණන්තොව සයම්පි සල්ලක්ඛෙසි – “අම්හාකං මහානිගණ්ඨො ‘අසඤ්චෙතනිකං කම්මං අප්පසාවජ්ජං, සඤ්චෙතනිකං මහාසාවජ්ජ’න්ති පඤ්ඤපෙත්වා චෙතනං මනොදණ්ඩොති පඤ්ඤපෙති, අනිය්යානිකා එතස්ස කථා, භගවතොව නිය්යානිකා”ති.
සබ්බවාරිවාරිතො යනු වැළැක්වු සියලු ජලය ඇත්තේ ප්‍රතික්ෂේප කළ සියලු සිසිල් දිය ඇත්තේ යන අර්ථයි. හේ වනාහි සිසිල් ජලයෙහි සත්තු ඇතයන හැගීම ඇත්තෙකි. ඒනිසා එය පරිභෝග නොකරයි. නැතහොත් සියලු ජලයෙන් වැළකුණේ යයි සියලු පාපවාරණයෙන් වාරිත පාප නම්වේ. සබ්බවාරියුතො යනු සියලු පාපවාරණයෙන් යුතුය. සබ්බවාරි ධුතො යනු සියලු පාප වාරණයෙන් සොලවාහළ පාප ඇත්තෝය. සබ්බවාරිඵුටො යනු සියලු පාපවාරණයෙන් ස්පර්ශකරන ලද්දේය. ඛුද්දකෙ පාණෙ සංසාතං ආපාදෙති යනු කුඩා ප්‍රාණීන් වධයට පමුණුවයි. හේ වනාහි ඒකින්ද්රිය ප්‍රාණ ද්විඉන්ද්රිය ප්‍රාණ යයි පනවයි. වියලිදඬු පරඩැල් ගල්කට බොරළු පණ ඇත්තවුන්යයි පනවයි. එහි කුඩා දියබිඳු කුඩා ප්‍රාණීහුය. මහත් දිය බිඳු මහාප්රාණීහුයයි හැගීම ඇත්තේය. ඒ සඳහා මෙය කියන ලදී. කිස්මිං පඤ්ඤාපෙති යනු එහි කිනම් කොටස් පනවයිද මනොදණ්ඩස්මිං යනු ස්වාමීනි මනෝදණ්ඩ කොටසෙහි මෙ උපාසකයා වනාහි කථා කරන්නේම තමාද සැලකීය. අපගේ මහානිගණ්ඨයා අසංචේතනික කර්මය අප සාවද්‍යය. සංවේතනික කර්මය මහා සාවද්‍යයයි පනවා චේතනාව මනෝ දණ්ඩ යයි පනවයි. මොහුගේ කථාව අනෛර්යාණිකය භාග්‍යවතුන් වහන්සේගේ කථාව නෛර්යාණිකය.
ඉද්ධාති සමිද්ධා. ඵීතාති අතිසමිද්ධා සබ්බපාලිඵුල්ලා විය. ආකිණ්ණමනුස්සාති ජනසමාකුලා. පාණාති හත්ථිඅස්සාදයො තිරච්ඡානගතා චෙව ඉත්ථිපුරිසදාරකාදයො මනුස්සජාතිකා ච. එකං මංසඛලන්ති එකං මංසරාසිං. පුඤ්ජන්ති තස්සෙව වෙවචනං. ඉද්ධිමාති ආනුභාවසම්පන්නො. චෙතොවසිප්පත්තොති චිත්තෙ වසීභාවප්පත්තො. භස්මං කරිස්සාමීති ඡාරිකං කරිස්සාමි. කිඤ්හි සොභති එකා ඡවා නාළන්දාති ඉදම්පි භණන්තො සො ගහපති – “කායපයොගෙන පඤ්ඤාසම්පි මනුස්සා එකං නාළන්දං එකං මංසඛලං කාතුං න සක්කොන්ති, ඉද්ධිමා පන එකො එකෙනෙව මනොපදොසෙන භස්මං කාතුං සමත්ථො. අම්හාකං මහානිගණ්ඨස්ස කථා අනිය්යානිකා, භගවතොව කථා නිය්යානිකා”ති සල්ලක්ඛෙසි.
ඉද්ධා යනු සමෘද්ධිමත් වී යනු අතිශයින් සමෘද්ධිමත් සියලු සම්පතින් පිරුණාක් මෙන්, ආකිණ්ණ මනුස්සා යනු ජනයාගෙන් ගැවසුණු, පාණා යනු ඇත්අස් ආදි තිරිසන්ගත සතුන් මෙන්ම ස්ත්‍රී පුරුෂ දරුවන් ආදී මනුෂ්‍ය ජාතියට අයත්වුවෝ එකමංසබලං යනු එක්මස් රැස පුඤ්ජං යනු එයටම තවත් වචනයකි. ඉද්ධිමා යනු ආනුභාව සම්පන්න. චෙතොවසිපන්තො යනු සිතෙහි වසඟබවට පත් භස්මං කරිස්සාමි යනු අළුකරන්නෙමි. කිංහි සොභති එකා ඡවා නාලන්දා යනු ඒ ගෘහපතියා මෙයද කියමින් ශරීරය සෝදාගෙන මිනිසුන් පනහක් එකම නාලාන්දාව එකම මස්රැසක් කිරීමට නොහැකිවෙත්. ඍද්ධිමත් තැනැත්තා හුදෙකලාව එකම ශ්‍රද්ධාවෙන් අළුකිරීමට සමර්ථ ය. අපගේ මහා නිගණ්ඨයාගේ කථා අනෛර්යාණිකය භාග්‍යවතුන් වහන්සේගේ කථා නෛර්යාණික යයි සැලකීය.
අරඤ්ඤං අරඤ්ඤභූතන්ති අගාමකං අරඤ්ඤමෙව හුත්වා අරඤ්ඤං ජාතං. ඉසීනං මනොපදොසෙනාති ඉසීනං අත්ථාය කතෙන මනොපදොසෙන තං මනොපදොසං අසහමානාහි දෙවතාහි තානි රට්ඨානි විනාසිතානි. ලොකිකා පන ඉසයො මනං පදොසෙත්වා විනාසයිංසූති මඤ්ඤන්ති. තස්මා ඉමස්මිං ලොකවාදෙ ඨත්වාව ඉදං වාදාරොපනං කතන්ති වෙදිතබ්බං.
අරඤ්ඤං අරඤ්ඤභුතං යනු ගමක් නොවී අරණ්යයක්මවී අරණ්‍යය විය. ඉසීනංමනොපදොසෙන යනු ඍෂීන් සඳහා කරන ලද කෝපයෙන් ඒ කෝපය නොඉවසන දෙවියන් විසින් ඒ රටවල් විනාශ කරන ලදී. ලෞකික සෘෂිවරු ශ්‍රද්ධා ඇතිකරගෙන විනාශවුහයි නො හඟිත් ඒනිසා මේ ලෝකවාදයෙහි සිටම මේ වාදාරෝපණය කරන ලද්දේ යයි දත යුතුය. මෙහි දණ්ඩකී ආරණ්‍ය ආදීන්යෙහි මෙසේ අරණ්යවූ බව දත යුත්තේය.
තත්ථ දණ්ඩකීරඤ්ඤාදීනං එවං අරඤ්ඤභූතභාවො ජානිතබ්බො – සරභඞ්ගබොධිසත්තස්ස තාව පරිසාය අතිවෙපුල්ලතං ගතාය කිසවච්ඡො නාම තාපසො මහාසත්තස්ස අන්තෙවාසී විවෙකවාසං පත්ථයමානො ගණං පහාය ගොධාවරීතීරතො කලිඞ්ගරට්ඨෙ දණ්ඩකීරඤ්ඤො කුම්භපුරං නාම නගරං උපනිස්සාය රාජුය්යානෙ විවෙකමනුබ්රූහයමානො විහරති. තස්ස සෙනාපති උපට්ඨාකො හොති.
සරභඞ්ග බෝධිසත්වයන්ගේ පිරිස අති විශාලත්වයට ගිය කල්හි කිසචච්ඡ නමැති තවුසා බෝධිසත්වයන්ගේ අතවැසියාවැ විවේක වාසය පතමින් පිරිස හැර ගෝදාවරී නදියෙන් කලිඟු රට දණ්ඩකී අරණ්‍යයෙහි කුම්භපුර නම් නගරය නිසා රජුගේ උයනෙහි විවේකය පුරුදු කරමින් වසයි. සේනාපතියා ඔහුගේ උපස්ථායකයාය.
තදා ච එකා ගණිකා රථං අභිරුහිත්වා පඤ්චමාතුගාමසතපරිවාරා නගරං උපසොභයමානා විචරති. මහාජනො තමෙව ඔලොකයමානො පරිවාරෙත්වා විචරති, නගරවීථියො නප්පහොන්ති. රාජා වාතපානං විවරිත්වා ඨිතො තං දිස්වා කා එසාති පුච්ඡි. තුම්හාකං නගරසොභිනී දෙවාති. සො උස්සූයමානො “කිං එතාය සොභති, නගරං සයං සොභිස්සතී”ති තං ඨානන්තරං අච්ඡින්දාපෙසි.
එකල්හි එක් ගණිකාවක් රථයට නැග ගැහැණුන් පස්දෙනෙකු පිරිවර කොට නගරය බබුලුවමින් හැසිරෙයි. මහජනයා ඇයම බලමින් පිරිවරා හැසිරේ. නුවර වීදි ප්‍රමාණවත් නොවේ. රජ තෙමේ වාකවුළුව හැර සිටියේ ඇය දැක ඒ කවරක්දැයි විචාළේය. දේවයන් වහන්ස ඒ ඔබගේ නගරසෝභිනියයි. හේ ඊර්ෂ්‍යා කරමින් කිමෙක්ද මැයගෙන් නගරය හොබනේද. (තමා) බබලන්නේ යයි තනතුර කපාහැරපිය.
සා තතො පට්ඨාය කෙනචි සද්ධිං සන්ථවං කත්වා ඨානන්තරං පරියෙසමානා එකදිවසං රාජුය්යානං පවිසිත්වා චඞ්කමනකොටියං ආලම්බනඵලකං නිස්සාය පාසාණඵලකෙ නිසින්නං තාපසං දිස්වා චින්තෙසි – “කිලිට්ඨො වතායං තාපසො අනඤ්ජිතමණ්ඩිතො, දාඨිකාහි පරුළ්හාහි මුඛං පිහිතං, මස්සුනා උරං පිහිතං, උභො කච්ඡා පරුළ්හා”ති. අථස්සා දොමනස්සං උප්පජ්ජි – “අහං එකෙන කිච්චෙන විචරාමි, අයඤ්ච මෙ කාළකණ්ණී දිට්ඨො, උදකං ආහරථ, අක්ඛීනි ධොවිස්සාමී”ති උදකදන්තකට්ඨං ආහරාපෙත්වා දන්තකට්ඨං ඛාදිත්වා තාපසස්ස සරීරෙ පිණ්ඩං පිණ්ඩං ඛෙළං පාතෙත්වා දන්තකට්ඨං ජටාමත්ථකෙ ඛිපිත්වා මුඛං වික්ඛාලෙත්වා උදකං තාපසස්ස මත්ථකස්මිංයෙව සිඤ්චිත්වා – “යෙහි මෙ අක්ඛීහි කාළකණ්ණී දිට්ඨො, තානි ධොතානි කලිපවාහිතො”ති නික්ඛන්තා.
ඈ එතැන් සිට එක එකා සමග සමහන්ව තනතුර අපේක්ෂාවෙන් එක්දවසක් රජඋයනට පිවිස සක්මන්මග කෙළවර එල්ලෙන ඵලකය නිසා ගල්පුවරුවෙහි හුන් තවුසා දැක මෙසේ සිතුවාය. මේ තවුසා කිලිටිය. අඳුලින් සැරසුණේද නොවේ. දැළි රවුළු බෙහෙවින් වැඩී ඇත. මුව වසා ගෙන රැවුලින් උරය වැසී ඇත. කිසිලිදෙක බෙහෙවින් වැඩී ඇත. ඉක්බිති ඇයට දොම්නස ඇතිවිය. මම එක් කරුණක් සඳහා හැසිරෙමි. මේ කාලකණ්ණියා දක්නාලදී. ඇස් දොවන්නට ජලය ගෙනඑවු. ජලය දැහැටි ගෙන්වාගෙන දහැටිකා තවුසාගේ සිරුරෙහි කෙළබෙටි හළා මුව සේදූ ජලය තවුසාගේ හිසමත ඉස මාගේ මේ යම් ඇස්වලින් කාලකණ්ණියකු දක්නා ලද්දේද ඒ ඇස් වල පාපය සෝදාහරින ලදී. පවාහිතො යනු නික්මගිය
තංදිවසඤ්ච රාජා සතිං පටිලභිත්වා – “භො කුහිං නගරසොභිනී”ති පුච්ඡි. ඉමස්මිංයෙව නගරෙ දෙවාති. පකතිට්ඨානන්තරං තස්සා දෙථාති ඨානන්තරං දාපෙසි. සා පුබ්බෙ සුකතකම්මං නිස්සාය ලද්ධං ඨානන්තරං තාපසස්ස සරීරෙ ඛෙළපාතනෙන ලද්ධන්ති සඤ්ඤමකාසි.
එදවස රජතුමාද සිහිය ලැබ. දරුවෙනි නගරශෝභිනිය කොහිදැයි ඇසීය. දේවයන් වහන්ස මේ නගරයෙහිම සිටී. ඇයට නියම ස්ථානය දෙවුයයි තනතුර දෙවීය. ඇය පෙර කළ යහකම් නිසා ලද තනතුර තවුසාගේ සිරුරෙහි කෙළගැසීම නිසා ලබන ලද බවට හැඟීමක් ඇතිකරගත්තාය.
තතො කතිපාහස්සච්චයෙන රාජා පුරොහිතස්ස ඨානන්තරං ගණ්හි. සො නගරසොභිනියා සන්තිකං ගන්ත්වා “භගිනි කින්ති කත්වා ඨානන්තරං පටිලභී”ති පුච්ඡි. “කිං බ්‍රාහ්මණ අඤ්ඤං කාතබ්බං අත්ථි, රාජුය්යානෙ අනඤ්ජිතකාළකණ්ණී කූටජටිලො එකො අත්ථි, තස්ස සරීරෙ ඛෙළං පාතෙහි, එවං ඨානන්තරං ලභිස්සසී”ති ආහ. සො “එවං කරිස්සාමි භගිනී”ති තත්ථ ගන්ත්වා තාය කථිතසදිසමෙව සබ්බං කත්වා නික්ඛමි. රාජාපි තංදිවසමෙව සතිං පටිලභිත්වා – “කුහිං, භො, බ්රාහ්මණො”ති පුච්ඡි. ඉමස්මිංයෙව නගරෙ දෙවාති. “අම්හෙහි අනුපධාරෙත්වා කතං, තදෙවස්ස ඨානන්තරං දෙථා”ති දාපෙසි. සොපි පුඤ්ඤබලෙන ලභිත්වා “තාපසස්ස සරීරෙ ඛෙළපාතනෙන ලද්ධං මෙ”ති සඤ්ඤමකාසි.
ඉන් කිහිප දවසකට පසු රජතෙමේ පුරෝහිතයාගේ තනතුරද ආපසු ගත්තේය. හේ නගර ශෝභිනිය වෙත ගොස් සොහොයුරිය කුමක් කොට තනතුර ආපසු ලබුවා දැයි ඇසීය. බමුණ, අන්කිසිවක් කිරීමට නැත. රජුගේ උයනෙහි අඳුන් නොගෑ කාලකණ්ණි හොර තවුසෙක් සිටී. ඔහුගේ සිරුරට කෙළ ගසන්න තනතුර ලබන්නේ යයි කීවාය. සෙහොයුරිය මම එසේ කරන්නෙමියි ඔහු සමීපයට ගොස් අය කියු අයුරින් සියල්ලකොට නික්ම ගියේය. රජතෙමේද එදවස සිහිලැබ දරුවෙනි බමුණා කොහිදැයි ඇසීය. දේවයන් වහන්ස මේ නගරයේම සිටී මා විසින් නොවිමසා කරන ලද්දකි. ඔහුට එම තනතුර දෙවුයයි දෙවීය. ඔහුද පින්පලයෙන් ලැබ තවුසාගේ සිරුරෙහි කෙළගැසීම නිසා ලබන ලද්දේයයි හැඟීමක් කළේය.
තතො කතිපාහස්සච්චයෙන රඤ්ඤො පච්චන්තො කුපිතො. රාජා පච්චන්තං වූපසමෙස්සාමීති චතුරඞ්ගිනියා සෙනාය නික්ඛමි. පුරොහිතො ගන්ත්වා රඤ්ඤො පුරතො ඨත්වා “ජයතු මහාරාජා”ති වත්වා – “තුම්හෙ, මහාරාජ, ජයත්ථාය ගච්ඡථා”ති පුච්ඡි. ආම බ්රාහ්මණාති. එවං සන්තෙ රාජුය්යානෙ අනඤ්ජිතකාළකණ්ණී එකො කූටජටිලො වසති, තස්ස සරීරෙ ඛෙළං පාතෙථාති. රාජා තස්ස වචනං ගහෙත්වා යථා ගණිකාය ච තෙන ච කතං, තථෙව සබ්බං කත්වා ඔරොධෙපි ආණාපෙසි – “එතස්ස කූටජටිලස්ස සරීරෙ ඛෙළං පාතෙථා”ති. තතො ඔරොධාපි ඔරොධපාලකාපි තථෙව අකංසු. අථ රාජා උය්යානද්වාරෙ රක්ඛං ඨපාපෙත්වා “රඤ්ඤා සද්ධිං නික්ඛමන්තා සබ්බෙ තාපසස්ස සරීරෙ ඛෙළං අපාතෙත්වා නික්ඛමිතුං න ලභන්තී”ති ආණාපෙසි. අථ සබ්බො බලකායො ච සෙනියො ච තෙනෙව නියාමෙන තාපසස්ස උපරි ඛෙළඤ්ච දන්තකට්ඨානි ච මුඛවික්ඛාලිත උදකඤ්ච පාපයිංසු, ඛෙළො ච දන්තකට්ඨානි ච සකලසරීරං අවත්ථරිංසු.
ඉන් දින කීපයක් ඉක්මගිය තැන රජුගේ ප්රත්යන්තය කිපිණ. රජ ප්රත්යන්තය සංසිඳවමියි සිව්රඟ සෙනග සමග නික්ම ගියේය. පුරෝහිතයා ගොස් රජු ඉදිරියෙහි සිට මහරජතුමනි ජයවේවයි කියා මහරජ කුමනි ඔබ ජය පිණිස යන්නහු දැයි ඇසීය. එසේය බමුණ. එසේ කල්හි රජඋයනෙහි අඳුන් නොගෑ එක් කාලකණ්ණි හොර තවුසෙක් වසයි. ඔහුගේ සිරුරෙහි කෙළගසන්න. රජ තෙමේ ඔහුගේ වචනය ගෙන ගණිකාව විසින්ද ඔහු විසින්ද කරන ලද දෙය ඒ අයුරින් සියල්ල කොට අන්තඃපුර ස්ත්‍රීන්ටද මේ හොර තවුසාගේ සිරුරෙහි කෙළ ගසවු යයි අණ කළේය. ඉන්පසු අන්තඃපුරද අන්තඃපුර පාලකයෝද එසේ කළහ. ඉක්බිති රජතෙමේ උයන් දොරටුවෙහි රැකවල් තබ්බවා රජු සමග නික්ම ගියාහු. සියලු දෙනම තවුසාගේ සිරුරට කෙළ නොගසා නික්මෙන්ට නොලබවුයයි අණ කළේය. ඉක්බිති සියලු බළකායද සෙනෙවියෝද ඒ ක්‍රමයෙන්ම තවුසාගේ හිසමතුයෙහි කෙළද දැහැටිද මුවසේදු ජලයද ගැලුහ. කෙළද දැහැටිද සියලු සිරුර වසා සිටියේය.
සෙනාපති සබ්බපච්ඡා සුණිත්වා “මය්හං කිර සත්ථාරං භවන්තං පුඤ්ඤක්ඛෙත්තං සග්ගසොපානං එවං ඝට්ටයිංසූ”ති උසුමජාතහදයො මුඛෙන අස්සසන්තො වෙගෙන රාජුය්යානං ආගන්ත්වා තථා බ්යසනපත්තං ඉසිං දිස්වා කච්ඡං බන්ධිත්වා ද්වීහි හත්ථෙහි දන්තකට්ඨානි අපවියූහිත්වා උක්ඛිපිත්වා නිසීදාපෙත්වා උදකං ආහරාපෙත්වා න්හාපෙත්වා සබ්බඔසධෙහි චෙව චතුජ්ජාතිගන්ධෙහි ච සරීරං උබ්බට්ටෙත්වා සුඛුමසාටකෙන පුඤ්ඡිත්වා පුරතො අඤ්ජලිං කත්වා ඨිතො එවමාහ “අයුත්තං, භන්තෙ, මනුස්සෙහි කතං, එතෙසං කිං භවිස්සතී”ති. දෙවතා සෙනාපති තිධා භින්නා, එකච්චා “රාජානමෙව නාසෙස්සාමා”ති වදන්ති, එකච්චා “සද්ධිං පරිසාය රාජාන”න්ති, එකච්චා “රඤ්ඤො විජිතං සබ්බං නාසෙස්සාමා”ති. ඉදං වත්වා පන තාපසො අප්පමත්තකම්පි කොපං අකත්වා ලොකස්ස සන්තිඋපායමෙව ආචික්ඛන්තො ආහ “අපරාධො නාම හොති, අච්චයං පන දෙසෙතුං ජානන්තස්ස පාකතිකමෙව හොතී”ති.
සෙන්පතියා සියලු දෙයට පසුව අසා මාගේ ශාන්තෘන් වහන්සේ භාග්‍යවත්ය. පුණ්යක්ෂේත්රය ස්වර්ගයට යන ගිණිපෙළය. මෙසේ ගැහැට කළාහුයයි රත්වූ හදවත් ඇත්තේ මුවින් ආශ්වාස කරමින් වේගයෙන් රජ උයනට පැමිණ එසේ ව්‍යසනයට පත් ඍෂිවරයා දැක කිසිල්ල බැඳ දෑතින් දැහැටි දඬු ඉවත් කරවා ඔසවා හිඳුවා දිය ගෙන්වාගෙන නහවා සියලු ඔසු වලින් හා සිව් දෑගලින්ද සිරුර තෙමා සියුම් සළුවෙන් හිස ඉදිරියේ ඇදිලි බැද සිටියේ මෙසේ කීය. ස්වාමීනි මිනිසුන් විසින් කරන ලද්දේ අයුත්තකි. මොවුන්ට කුමක්වන්නේද? සෙනෙවිය දෙවියෝ තුන් කඩකට බිදීගොස්ය. ඇතැම්හු රජු නසන්නෙමුයි කියති. ඇතැම්හු පිරිස සමග රජු නසන්නෙමුයි කියති. ඇතැමෙක් රජුගේ විජිතය මුළුමනින් නසන්නෙමුයි කියති. මෙසේ කියා තවුසා අල්පමාත්රවුද කෝපයක් නොකොට ලෝකයට ශාන්තියම වේවායි කියන්නේ මෙසේ කීය. අපරාධයක් වෙයි. වරද දෙසිමට දන්නහුට ප්‍රකෘතියෙන්ම වෙයි යයි
සෙනාපති නයං ලභිත්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා රාජානං වන්දිත්වා ආහ – “තුම්හෙහි, මහාරාජ, නිරාපරාධෙ මහිද්ධිකෙ තාපසෙ අපරජ්ඣන්තෙහි භාරියං කම්මං කතං, දෙවතා කිර තිධා භින්නා එවං වදන්තී”ති සබ්බං ආරොචෙත්වා – “ඛමාපිතෙ කිර, මහාරාජ, පාකතිකං හොති, රට්ඨං මා නාසෙථ, තාපසං ඛමාපෙථා”ති ආහ. රාජා අත්තනි දොසං කතං දිස්වාපි එවං වදති “න තං ඛමාපෙස්සාමී”ති. සෙනාපති යාවතතියං යාචිත්වා අනිච්ඡන්තමාහ – “අහං, මහාරාජ, තාපසස්ස බලං ජානාමි, න සො අභූතවාදී, නාපි කුපිතො, සත්තානුද්දයෙන පන එවමාහ ඛමාපෙථ නං මහාරාජා”ති. න ඛමාපෙමීති. තෙන හි සෙනාපතිට්ඨානං අඤ්ඤස්ස දෙථ, අහං තුම්හාකං ආණාපවත්තිට්ඨානෙ න වසිස්සාමීති. ත්වං යෙනකාමං ගච්ඡ, අහං මය්හං සෙනාපතිං ලභිස්සාමීති. තතො සෙනාපති තාපසස්ස සන්තිකං ආගන්ත්වා වන්දිත්වා “කථං පටිපජ්ජාමි, භන්තෙ”ති ආහ. සෙනාපති යෙ තෙ වචනං සුණන්ති, සබ්බෙ සපරික්ඛාරෙ සධනෙ සද්විපදචතුප්පදෙ ගහෙත්වා සත්තදිවසබ්භන්තරෙ බහි රජ්ජසීමං ගච්ඡ, දෙවතා අතිවිය කුපිතා ධුවං රට්ඨම්පි අරට්ඨං කරිස්සන්තීති. සෙනාපති තථා අකාසි.
සේනාපති නීතිය සිහිකොට රජු සමීපයට ගොස් රජු වැඳ මෙසේ කීය. මහ රජතුමනි, ඔබ විසින් නිරපරාධීවූ මහත් ඍද්ධි ඇති තවුසා කෙරෙහි කරන ලද අපරාධය බැරෑරුම් කර්මයකි. දෙවියෝ තෙකොටසක්ව බෙදී ගියාහුය. මෙසේ කියතියි සියල්ල දන්වා ක්ෂමා කරවු කල්හි ප්‍රකෘති තත්ත්වයට පත්වෙයි. රට නොනසන්න මහරජතුමනි තවුසා කමා කරවුව මැනවැයි කීය. රජ තෙමේ තමා කෙරෙහි දොසක් කරන ලදැයි දැක මෙසේ කියයි. කමා නොකරවන්නෙමියි කීය. සෙන්පතියා තෙවරක් දක්වා අයැද නොකැමති වන්නහුට මෙසේකීය. මහරජතුමනි මම තවුසාගේ බල දනිමි. ඔහු අභූතවාදියෙක් නොවේ. කිපුණේද නොවේ. සත්ත්වයන් කෙරෙහි දයාවෙන් මෙසේකීය. මහරජතුමනි ඔහු කමාකරවා ගනු මැනවි. කමා නොකරවමි. එසේනම් සේනාපති තනතුර අනෙකකුට දෙනුමැනව. මම ඔබගේ අණ පවත්නා තැන නොවසන්නෙමි. එසේනම් ඔබගේ කැමැත්තෙන් යව මම මාගේ සේනාපතියකු සොයාගන්නෙමි. ඉන්පසු සේනාපතියා තවුසා සමීපයට පැමිණ වැඳ ස්වාමිනි කථාකිරීමට එළඹෙමියි කීය. සේනාපතිය, යමෙක් ඔබගේ වචනය අසත්ද ඒ සියලු දෙන බඩු බාහිරාදිය ධනය දෙපාසිව්පාවුන් රැගෙන දින සතක් ඇතුළත පිටත රාජ්‍ය සීමාවට යව. දෙවියෝ අතිශයින් කිපියෝය. ඒකාන්තයෙන් රටට පීඩාවක් කරන්නාහුය. සේනාපතියා එසේ කළේය.
රාජා ගතමත්තොයෙව අමිත්තමථනං කත්වා ජනපදං වූපසමෙත්වා ආගම්ම ජයඛන්ධාවාරට්ඨානෙ නිසීදිත්වා නගරං පටිජග්ගාපෙත්වා අන්තොනගරං පාවිසි. දෙවතා පඨමංයෙව උදකවුට්ඨිං පාතයිංසු. මහාජනො අත්තමනො අහොසි “කූටජටිලං අපරද්ධකාලතො පට්ඨාය අම්හාකං රඤ්ඤො වඩ්ඪියෙව, අමිත්තෙ නිම්මථෙසි, ආගතදිවසෙයෙව දෙවො වුට්ඨො”ති. දෙවතා පුන සුමනපුප්ඵවුට්ඨිං පාතයිංසු, මහාජනො අත්තමනතරො අහොසි. දෙවතා පුන මාසකවුට්ඨිං පාතයිංසු. තතො කහාපණවුට්ඨිං, තතො කහාපණත්ථං න නික්ඛමෙය්යුන්ති මඤ්ඤමානා හත්ථූපගපාදූපගාදිකතභණ්ඩවුට්ඨිං පාතෙසුං. මහාජනො සත්තභූමිකපාසාදෙ ඨිතොපි ඔතරිත්වා ආභරණානි පිළන්ධන්තො අත්තමනො අහොසි. “අරහති වත කූටජටිලකෙ ඛෙළපාතනං, තස්ස උපරි ඛෙළපාතිතකාලතො පට්ඨාය අම්හාකං රඤ්ඤො වඩ්ඪි ජාතා, අමිත්තමථනං කතං, ආගතදිවසෙයෙව දෙවො වස්සි, තතො සුමනවුට්ඨි මාසකවුට්ඨි කහාපණවුට්ඨි කතභණ්ඩවුට්ඨීති චතස්සො වුට්ඨියො ජාතා”ති අත්තමනවාචං නිච්ඡාරෙත්වා රඤ්ඤො කතපාපෙ සමනුඤ්ඤො ජාතො.
රජතෙමේ ගියමතින්ම සතුරන් මර්දනය කොට ජනපදය සන්සිඳවා පැමිණ, ජයකඳවුර පිහිටි තැන හිඳ නගරය පිළිදැගුම් කරවා ඇතුළුනුවරට පිවිසියේය. දෙවියෝ පළමු කොට ජලවැස්සක් වැස්වූහ. මහජනයා සතුටු සිතැත්තෝවූහ. හොරතවුසා අපරාධ කළ කල්පටන් අපගේ රජුට වෘද්ධියක්ම විය. සතුරන් මර්දනය කළේය. පැමිණි දිනයෙහිම වැසි වැස්සේය. දෙවියෝ නැවත සමන්මල් වැස්සක් වැස්වූහ. මහජනයා වඩාත් සතුටු සිතැත්තෝවූහ. දෙවියෝ නැවත ඔසු වැස්සක් වැස්වූහ. ඉන්පසු කහවණු වැස්සක් වැස්වූහ. ඉන්පසු කහවණු ගැන්මට නොයන්නහු යයි හැඳින්නාහු අත්පළදනා පා පළඳනා ආදී භාණ්ඩ වැස්සක් වැස්වුහ. මහජනයා සත්මහල්පාමතින් බැස අබරණ පළඳින්නාහු සතුටු සිත් ඇත්තෝ වූහ. හොර තවුසා මත කෙළ හැළීම සුදුසුය. ඔහු මත කෙළ හැලූ තැන්පටන් අපගේ රජුට වෘද්ධියක්ම විය. සතුරන් මැඩීම කරන ලදී. පැමිණි දිනයෙහි පටන් වැසි වැස්සේය. ඉන්පසු සමන්මල් වැස්ස කහවණු වැස්ස වටිනා භාණ්ඩ වැස්ස යැයි වැසි සතරක් ඇතිවිය. තුටු වදන් කියමින් රජුට පාපයක් කරන ලද්දේයයි අනුමත කළාහුය.
තස්මිං සමයෙ දෙවතා එකතොධාරඋභතොධාරාදීනි නානප්පකාරානි ආවුධානි මහාජනස්ස උපරි ඵලකෙ මංසං කොට්ටයමානා විය පාතයිංසු. තදනන්තරං වීතච්චිකෙ වීතධූමෙ කිංසුකපුප්ඵවණ්ණෙ අඞ්ගාරෙ, තදනන්තරං කූටාගාරප්පමාණෙ පාසාණෙ, තදනන්තරං අන්තොමුට්ඨියං අසණ්ඨහනිකං සුඛුමවාලිකං වස්සාපයමානා අසීතිහත්ථුබ්බෙධං ථලං අකංසු. රඤ්ඤො විජිතට්ඨානෙ කිසවච්ඡතාපසො සෙනාපති මාතුපොසකරාමොති තයොව මනුස්සභූතා අරොගා අහෙසුං. සෙසානං තස්මිං කම්මෙ අසමඞ්ගීභූතානං තිරච්ඡානානං පානීයට්ඨානෙ පානීයං නාහොසි, තිණට්ඨානෙ තිණං. තෙ යෙන පානීයං යෙන තිණන්ති ගච්ඡන්තා අප්පත්තෙයෙව සත්තමෙ දිවසෙ බහිරජ්ජසීමං පාපුණිංසු. තෙනාහ සරභඞ්ගබොධිසත්තො –
එසමයෙහි දෙවියෝ එක්දහර දෙදහර ආදී නානාප්‍රකාර ආයුධ මස් ලොඹුව මත මස් කපන්නාක් මෙන් මිනිසුන් මත හෙළූහ. ඉන් අනතුරුව ගිනිදලුනැති දුම්නැති කිණිහිරිමල් වණින් යුතු අඟුරු හෙළූහ. ඉන් අනතුරුව කුළුගෙවල් තරම් ගල් ඉන් අනතුරුව මිටින් ගත්කල අත ඉතිරිනොවන තරම් සියුම් වැලි වස්වමින් බඹ අසුවක් උස තලයක් කළහ. රජු ජයගත් තැන, කිසවච්ඡ තවුසා, සේනාපතියා මාතුපෝසකාරාමය යන මනුෂ්‍ය වූවෝ පමණක් නිරෝගී වූහ. ඒ කර්මයෙහි සම්බන්ධ නොවු සෙසු තිරිසනුන්ට පැන් බොන තැන්හි පැන් නැතිවිය. තණ උලාකන තැන තණ නැති විය. ඔවුහු යම් තැනක ජලයද යම් තැනෙක තණද තිබේ නම් ඒ කොහිදැයි යන්නාහු සත්වැනි දවස නොපැමිණි කල්හිම පිටත රාජ්‍ය සීමාවට පැමිණියහ. ඒනිසා සරභංග බෝසත්හු මෙසේ කීහ -
“කිසඤ්හි වච්ඡං අවකිරිය දණ්ඩකී, උච්ඡින්නමූලො සජනො සරට්ඨො; කුක්කුළනාමෙ නිරයම්හි පච්චති, තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ”ති. (ජා· 2.17.70);
කිසංහි වච්ඡං අවිකිරිය දණ්ඩකී උච්ඡින්න මූලො සජනො සරට්ඨො කුක්කූළනාමෙ නිරයම්හි පච්චතී තස්ස ඵුලිඞ්ගානි පතන්ති කායෙ
ඡනයා සහිතරට මුල් සිඳගත් දණ්ඩකී රජ කිස වච්ඡ තවුසා එලවා දමා කුක්කුල නම් නිරයෙහි පැසේ ඔහුගේ ඇඟ මතට ගිනි අඟුරු පතිතවේ.
එවං තාව දණ්ඩකීරඤ්ඤස්ස අරඤ්ඤභූතභාවො වෙදිතබ්බො.
මේ අයුරින් දණඩකීරඤ්ඤය අරණ්‍යයක් වු බව දත යුතුය.
කලිඞ්ගරට්ඨෙ පන නාළිකිරරඤ්ඤෙ රජ්ජං කාරයමානෙ හිමවති පඤ්චසතතාපසා අනිත්ථිගන්ධා අජිනජටවාකචීරධරා වනමූලඵලභක්ඛා හුත්වා චිරං වීතිනාමෙත්වා ලොණම්බිලසෙවනත්ථං මනුස්සපථං ඔතරිත්වා අනුපුබ්බෙන කලිඞ්ගරට්ඨෙ නාළිකිරරඤ්ඤො නගරං සම්පත්තා. තෙ ජටාජිනවාකචීරානි සණ්ඨපෙත්වා පබ්බජිතානුරූපං උපසමසිරිං දස්සයමානා නගරං භික්ඛාය පවිසිංසු. මනුස්සා අනුප්පන්නෙ බුද්ධුප්පාදෙ තාපසපබ්බජිතෙ දිස්වා පසන්නා නිසජ්ජට්ඨානං සංවිධාය හත්ථතො භික්ඛාභාජනං ගහෙත්වා නිසීදාපෙත්වා භික්ඛං සම්පාදෙත්වා අදංසු. තාපසා කතභත්තකිච්චා අනුමොදනං අකංසු. මනුස්සා සුත්වා පසන්නචිත්තා “කුහිං භදන්තා ගච්ඡන්තී”ති පුච්ඡිංසු. යථාඵාසුකට්ඨානං, ආවුසොති. භන්තෙ, අලං අඤ්ඤත්ථ ගමනෙන, රාජුය්යානෙ වසථ, මයං භුත්තපාතරාසා ආගන්ත්වා ධම්මකථං සොස්සාමාති. තාපසා අධිවාසෙත්වා උය්යානං අගමංසු. නාගරා භුත්තපාතරාසා සුද්ධවත්ථනිවත්ථා “ධම්මකථං සොස්සාමා”ති සඞ්ඝා ගණා ගණීභූතා උය්යානාභිමුඛා අගමංසු. රාජා උපරිපාසාදෙ ඨිතො තෙ තථා ගච්ඡමානෙ දිස්වා උපට්ඨාකං පුච්ඡි “කිං එතෙ භණෙ නාගරා සුද්ධවත්ථා සුද්ධුත්තරාසඞ්ගා හුත්වා උය්යානාභිමුඛා ගච්ඡන්ති, කිමෙත්ථ සමජ්ජං වා නාටකං වා අත්ථී”ති? නත්ථි දෙව, එතෙ තාපසානං සන්තිකෙ ධම්මං සොතුකාමා ගච්ඡන්තීති. තෙන හි භණෙ අහම්පි ගච්ඡිස්සාමි, මයා සද්ධිං ගච්ඡන්තූති. සො ගන්ත්වා තෙසං ආරොචෙසි – “රාජාපි ගන්තුකාමො, රාජානං පරිවාරෙත්වාව ගච්ඡථා”ති. නාගරා පකතියාපි අත්තමනා තං සුත්වා – “අම්හාකං රාජා අස්සද්ධො අප්පසන්නො දුස්සීලො, තාපසා ධම්මිකා, තෙ ආගම්ම රාජාපි ධම්මිකො භවිස්සතී”ති අත්තමනතරා අහෙසුං.
කලිඟු රටෙහි නාලීකීර රජු රජකරවන කල්හි හිමවතෙහි පන්සියයක් තවුසෝ ස්ත්‍රීගන්‍ධය නොදන්නාහු, අඳුන් වන් ජටා ඇත්තාහු වැහැරි සිවුරු දරන්නාහු වන මුල්පල අනුභව කරන්නාහු වී බොහෝ කලක් ගෙවා ලුණු ඇඹුල් සෙවුනා පිණිස මිනිස්වාසයට බැස පිළිවෙළින් කලිඟුරට නාළිකීර රජුගේ නගරයට පැමිණියාහු ජටා අඳුන් දිවිසම් වැහැරි සිවුරු තබා පැවිද්දන්ට අනුරූප වූ සංයත භාවය දක්වන්නාහු පිඬුපිණිස නගරයට පිවිසියාහුය. මිනිස්සු බුදුන් නුපන් කල්හි තවුස් පැවිද්දන් දැක පැහැදුණාහු හිඳිනාතැන් සංවිධානය කොට අතින් භික්ෂාභාජන ගෙන වඩා හිඳුවා භික්ෂාව සකස්කොට දුන්හ. තවුසෝ කරන ලද බත් කිස ඇත්තාහු අනුමෝදනාව කළහ. මිනිස්සු පහන්සිතින් පින්වතුන් වහන්සේ කොහි යත්දැයි විමසුහ. ඇවැත්නි පහසුකම් ඇති තැනකටයයි කීහ. ස්වාමීනි අන්තැනකට යාමෙන් ප්‍රයෝජනයක් නැත. රජුගේ උයනෙහි වසනු මැනව. අපි උදෑසන ආහාර ගෙන අවුත් දහම් කතා අසන්නෙමු. තවුසෝ ඉවසා උයනට ගියාහුය. මිනිස්සු පාතරාසය අනුභව කොට පිරිසිදු වස්ත්‍ර හැඳ දහම් කතා අසන්නෙමුයි කණ්ඩායම් සැදී උයන පිහිටි දෙසට ගියාහුය. රජතෙමේ මතුමහලෙහි සිට එසේ යන්නවුන් දැක උපස්ථායකයාගෙන් ඇසිය. කොල්ලනි නගරවැසියෝ පිරිසුදුවත් හැඳ පිරිසිදු උතුරු සළු ඇතිව උයන දෙසට යති. කිමෙක්ද එහි සැණකෙළියක් හෝ නාටකයක් ඇත්තේදැයි නැත දේවයන් වහන්ස, මොවුහු තවුසන් හමුවෙහි දහම් අසනු කැමැත්තෝ යති. එසේනම් කොල්ලනි මමද යන්නෙමි. මා සමග යත්වා. ගොස් හෙතෙමේ ඔවුන්ට මෙසේ දැන්වීය. රජතුමාද යනු කැමතිය. රජු පිරිවරා යමු යයි. නුවරවැස්සෝ ප්‍රකෘතියෙන්ම සතුටු සිතැතිව අපගේ රජතුමා ශ්‍රද්ධාව නැත්තෙකි. නොපැහැදුණේය. දුශ්ශීලය තවුසෝ ධාර්මිකයහ. ඔවුහු පැමිණ රජතුමාද ධාර්මික වන්නේ යයි වඩාත් සතුටුසිත් ඇත්තෝ වූහ.
රාජා නික්ඛමිත්වා තෙහි පරිවාරිතො උය්යානං ගන්ත්වා තාපසෙහි සද්ධිං පටිසන්ථාරං කත්වා එකමන්තං නිසීදි. තාපසා රාජානං දිස්වා පරිකථාය කුසලස්සෙකස්ස තාපසස්ස “රඤ්ඤො ධම්මං කථෙහී”ති සඤ්ඤමදංසු, සො තාපසො පරිසං ඔලොකෙත්වා පඤ්චසු වෙරෙසු ආදීනවං පඤ්චසු ච සීලෙසු ආනිසංසං කථෙන්තො –
රජතෙමේ නික්ම ඔවුන් විසින් පිරිවරන ලද්දේ උයනට ගොස් තවුසන් සමග පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. තවුසෝ රජුදැක විස්තර කීමෙහි දක්ෂවූ එක් තවුසකුට රජුට ධර්මය කියන්නැයි සංඥාවක් දුන්හ. තවුසා පිරිසබලා පඤ්ච වෛරයෙහි ආදීනවද පඤ්ච සීලයෙහි ආනිසංසද කියන්නේ -
“පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසුමිච්ඡාචාරො න චරිතබ්බො, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, පාණාතිපාතො නාම නිරයසංවත්තනිකො හොති තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, තථා අදින්නාදානාදීනි. පාණාතිපාතො නිරයෙ පච්චිත්වා මනුස්සලොකං ආගතස්ස විපාකාවසෙසෙන අප්පායුකසංවත්තනිකො හොති, අදින්නාදානං අප්පභොගසංවත්තනිකං, මිච්ඡාචාරො බහුසපත්තසංවත්තනිකො, මුසාවාදො අභූතබ්භක්ඛානසංවත්තනිකො, මජ්ජපානං උම්මත්තකභාවසංවත්තනික”න්ති –
පණ නොනැසිය යුතුය නොදුන් දෙය නොගතයුතුය. කාමයන්හි වැරදි ලෙස නොහැසිරිය යුතුය. බොරු නොකිය යුතුය. පරපණ නැසීම නම් නිරයට ගෙනයන්නකි. තිරිසන් යෝනියෙහි උපදින්නට හේතුය. ප්‍රේත විෂයට ගෙන යන සුලුය. අදින්නාදානාදිය ද එසේය. පරපණ නසන්නා නිරයේ පැසී මනුෂ්‍ය ලෝකයට පැමිණ විපාක වශයෙන් අල්පායුෂ්ක ඇත්තේවෙයි අදින්නාදානය අල්පභෝග ලැබීමට හේතුය. මිථ්‍යාචාරය බොහෝ සපත්තීන්ගේ වෛරයට හේතුය. මුසාවාදය අභූත චෝදනා ලැබීමට හේතුය. මද්‍යපානය උමතුබවට පත්වීමට හේතුයයි
පඤ්චසු වෙරෙසු ඉමං ආදීනවං කථෙසි.
පංච වෛරයන්හි ආදීනව කීය.
රාජා පකතියාපි අස්සද්ධො අප්පසන්නො දුස්සීලො, දුස්සීලස්ස ච සීලකථා නාම දුක්කථා, කණ්ණෙ සූලප්පවෙසනං විය හොති. තස්මා සො චින්තෙසි – “අහං ‘එතෙ පග්ගණ්හිස්සාමී’ති ආගතො, ඉමෙ පන මය්හං ආගතකාලතො පට්ඨාය මංයෙව ඝට්ටෙන්තා විජ්ඣන්තා පරිසමජ්ඣෙ කථෙන්ති, කරිස්සාමි නෙසං කාත්තබ්බ”න්ති. සො ධම්මකථාපරියොසානෙ “ආචරියා ස්වෙ මය්හං ගෙහෙ භික්ඛං ගණ්හථා”ති නිමන්තෙත්වා අගමාසි. සො දුතියදිවසෙ මහන්තෙ මහන්තෙ කොළුම්බෙ ආහරාපෙත්වා ගූථස්ස පූරාපෙත්වා කදලිපත්තෙහි නෙසං මුඛානි බන්ධාපෙත්වා තත්ථ තත්ථ ඨපාපෙසි, පුන බහලමධුකතෙලනාගබලපිච්ඡිල්ලාදීනං කූටෙ පූරෙත්වා නිස්සෙණිමත්ථකෙ ඨපාපෙසි, තත්ථෙව ච මහාමල්ලෙ බද්ධකච්ඡෙ හත්ථෙහි මුග්ගරෙ ගාහාපෙත්වා ඨපෙත්වා ආහ “කූටතාපසා අතිවිය මං විහෙඨයිංසු, තෙසං පාසාදතො ඔතරණකාලෙ කූටෙහි පිච්ඡිල්ලං සොපානමත්ථකෙ විස්සජ්ජෙත්වා සීසෙ මුග්ගරෙහි පොථෙත්වා ගලෙ ගහෙත්වා සොපානෙ ඛිපථා”ති. සොපානපාදමූලෙ පන චණ්ඩෙ කුක්කුරෙ බන්ධාපෙසි.
රජ තෙමේ ප්‍රකෘතියෙන්ම සැදැහැනැත්තේය. දුශ්ශීලය දුශ්ශීලයාට සීලකථාව වැරදි කථාවකි. කණෙහි හුලක් යවන්නාක් මෙන් වෙයි. ඒනිසා හේ මෙසේ සිතීය. මම මොවුන් පිළිගන්නෙමියි පැමිණියේ වෙමි. මොවුහු පැමිණිතැන්පටන් මටම ගටන්නාහු විදින්නාහු පිරිස් මැද කියති. මොවුන්ට කළයුත්ත කරන්නෙමි. හේ දහම් කථාව අවසානයෙහි ආචාර්යවරුනි හෙට දිනයෙහි මාගේ ගෙහි භික්ෂාව ගනුමැනවැයි පවරා ගියේය. හේ දෙවැනි දින මහත් මහත්වු සැළි ගෙන්වා අසුචියෙන් පුරවා කෙසෙල් පතින් කට බන්දවා ඒ ඒ තැන තැබ්බවීය. ගන මී තෙලෙහි නාගබල ආදී සෙවල මුදුනෙහි පුරවා හිණිමත තැබ්බවීය. එහිම බැදුණු කිසිලි ඇති මහාමල්ලයන් අතින් මුගුරු ගන්වා තබා මෙසේ කීය. කුළුතවුසෝ බෙහෙවින් මා වෙහෙසට පත් කරවූහ. ඔවුන් පහයෙන් බස්නා කලට සැළිවලින් සෙවල හිණිමත විසුරුවා හිස් මුගුරින් පොලා බෙල්ලෙන් ගෙන හිණ මත දමවු හිණිපාමුල නපුරු බල්ලන් බැන්දවීය.
තාපසාපි “ස්වෙ රාජගෙහෙ භුඤ්ජිස්සාමා”ති අඤ්ඤමඤ්ඤං ඔවදිංසු – “මාරිසා රාජගෙහං නාම සාසඞ්කං සප්පටිභයං, පබ්බජිතෙහි නාම ඡද්වාරාරම්මණෙ සඤ්ඤතෙහි භවිතබ්බං, දිට්ඨදිට්ඨෙ ආරම්මණෙ නිමිත්තං න ගහෙතබ්බං, චක්ඛුද්වාරෙ සංවරො පච්චුපට්ඨපෙතබ්බො”ති.
තවුසෝද ගෙට රජගෙහිදී වළදන්නෙමුයි ඔවුනොවුන්ට අවවාද දුන්හ. ඇවැත්නි රජගෙයනම් සැක සහිතය බිය සහිතය. පැවිද්දන් විසින් සදොර අරමුණෙහි සංයත විය යුතුය. දුටු දුටු අරමුණෙහි නිමිති නොගතයුතුය. චක්ෂුද්වාරයෙහි සංවරය එළඹවා ගත යුතුය.
පුනදිවසෙ භික්ඛාචාරවෙලං සල්ලක්ඛෙත්වා වාකචීරං නිවාසෙත්වා අජිනචම්මං එකංසගතං කත්වා ජටාකලාපං සණ්ඨපෙත්වා භික්ඛාභාජනං ගහෙත්වා පටිපාටියා රාජනිවෙසනං අභිරුළ්හා. රාජා ආරුළ්හභාවං ඤත්වා ගූථකොළුම්බමුඛතො කදලිපත්තං නීහරාපෙසි. දුග්ගන්ධො තාපසානං නාසපුටං පහරිත්වා මත්ථලුඞ්ගපාතනාකාරපත්තො අහොසි. මහාතාපසො රාජානං ඔලොකෙසි. රාජා – “එත්ථ භොන්තො යාවදත්ථං භුඤ්ජන්තු චෙව හරන්තු ච, තුම්හාකමෙතං අනුච්ඡවිකං, හිය්යො අහං තුම්හෙ පග්ගණ්හිස්සාමීති ආගතො, තුම්හෙ පන මංයෙව ඝට්ටෙන්තො විජ්ඣන්තා පරිසමජ්ඣෙ කථයිත්ථ, තුම්හාකමිදං අනුච්ඡවිකං, භුඤ්ජථා”ති මහාතාපසස්ස උලුඞ්කෙන ගූථං උපනාමෙසි. මහාතාපසො ධී ධීති වදන්තො පටිනිවත්ති. “එත්තකෙනෙව ගච්ඡිස්සථ තුම්හෙ”ති සොපානෙ කූටෙහි පිච්ඡිල්ලං විස්සජ්ජාපෙත්වා මල්ලානං සඤ්ඤමදාසි. මල්ලා මුග්ගරෙහි සීසානි පොථෙත්වා ගීවාය ගහෙත්වා සොපානෙ ඛිපිංසු, එකොපි සොපානෙ පතිට්ඨාතුං නාසක්ඛි, පවට්ටමානා සොපානපාදමූලංයෙව පාපුණිංසු. සම්පත්තෙ සම්පත්තෙ චණ්ඩකුක්කුරා පටපටාති ලුඤ්චමානා ඛාදිංසු. යොපි නෙසං උට්ඨහිත්වා පලායති, සොපි ආවාටෙ පතති, තත්රාපි නං කුක්කුරා අනුබන්‍ධිත්‍වා ඛාදන්තියෙව. ඉති නෙසං කුක්කුරා අට්ඨිසඞ්ඛලිකමෙව අවසෙසයිංසු. එවං සො රාජා තපසම්පන්නෙ පඤ්චසතෙ තාපසෙ එකදිවසෙනෙව ජීවිතා වොරොපෙසි.
ඊළඟ දිනයෙහි පිඬුපිණිස හැසිරෙන වේලාව සලකා වැහැරි සිවුරු හැඳ අඳුන් දිවිසම ඒකාංශකොට ජටාකලාපය තබා පාත්‍රය ගෙන පිළිවෙළින් රජගෙදරට නැගුණාහ. රජ නැගුණු බව දැන අසුචි සැළි මුවින් කෙසෙල් කොළ ඉවත්කරවීය. දුර්ගන්ධය තාපසයන්ගේ නාස්පිඩු විනිවිද ගොස් මොළය කඩාවැටෙන ආකාරයක් විය. මහතවුසා රජු දෙස බැලීය. රජ තෙමේ පින්වත්නි මෙහි ඇතිපමණ අනුභව කරනු, රැගෙනද යනු ඔබට මෙය සුදුසුය. ඊයේ මම ඔබ පිළිගන්නෙමියි ගියෙමි. ඔබ මටම ගටා විද පිරිස් මැද කීවාහුය. ඔබට මෙය සුදුසුය. අනුභව කරනුයි මහතවුසාට හැන්දෙන් අසුචි පිරිනැමීය. තවුසා චීචීයි කියන්නේ නැවතුණේය. ඔබ මෙපමණකින් යවයි හිණිපෙත මුදුනෙහි සෙවල විසුරුවා මල්ලයන්ට ඉඟියක් දුන්නේය. මල්ලයෝ මුගුරුවලින් හිස්පලා ගෙලෙන් ගෙන හිණිපෙතට දැමූහ. එකෙක්වත් හිනිපෙතෙහි සිටින්ට නොහැකිවිය. පෙරලෙමින් හිණිපෙත මුලටම පැමිණියාහුය. පැමිණි පැමිණි අය සැඩ බල්ලෝ පටපට යනුවෙන් සපා කෑහ. යමෙක් නැගිට පලායයිද ඔහුද වළෙහි වැටෙයි එහිදීද බල්ලෝ ලුහුබැඳ කත්මය. මෙසේ ඔවුන්ගේ ඇට සැකිලිම ඉතිරිකළහ. මෙසේ රජතෙමේ තපස් ගුණයෙන් යුතු පන්සියයක් තවුසන් එක්දිනකින්ම ජීවිතයෙන් වෙන් කළේය.
අථස්ස රට්ඨෙ දෙවතා පුරිමනයෙනෙව පුන නවවුට්ඨියො පාතෙසුං. තස්ස රජ්ජං සට්ඨියොජනුබ්බෙධෙන වාලිකථලෙන අවච්ඡාදියිත්ථ. තෙනාහ සරභඞ්ගො බොධිසත්තො –
ඉක්බිති ඔහුගේ රටෙහි දෙවියෝ පෙර පරිදි වැසිනවයක් වැස්වුහ. ඔහුගේ රාජ්‍යය සැට යොදුනක් උස වැලිතලාවෙන් වසාපුහ. සරභඞ්ග බෝධිසත්වයෝ එහෙයින් මෙසේකීහ.
“යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චයි, ධම්මං භණන්තෙ සමණෙ අදූසකෙ; තං නාළිකෙරං සුනඛා පරත්ථ, සඞ්ගම්ම ඛාදන්ති විඵන්දමාන”න්ති. (ජා· 2.17.71);
යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චය ධම්මං හණන්තෙ සමණෙ අදොසකෙ තං නාළිකීරං සුනඛා පරත්ථ සඞ්ගම්ම ඛාදන්ති විවාදමානංති
දහම් දෙසනා නිදොස් මහණුන් දැමුණු පැවිද්දන් රැවටු ඒ නාළිකීර රජු පරලොව සුනඛයෝ එක්ව වෙවුලද්දීම කා දමති.
එවං කාලිඞ්ගාරඤ්ඤස්ස අරඤ්ඤභූතභාවො වෙදිතබ්බො.
මෙසේ කළිඟුරට අරණ්යවු බව දත යුතුය.
අතීතෙ පන බාරාණසිනගරෙ දිට්ඨමඞ්ගලිකා නාම චත්තාලීසකොටිවිභවස්ස සෙට්ඨිනො එකා ධීතා අහොසි දස්සනීයා පාසාදිකා. සා රූපභොගකුලසම්පත්තිසම්පන්නතාය බහූනං පත්ථනීයා අහොසි. යො පනස්සා වාරෙය්යත්ථාය පහිණාති, තං තං දිස්වානස්ස ජාතියං වා හත්ථපාදාදීසු වා යත්ථ කත්ථචි දොසං ආරොපෙත්වා “කො එස දුජ්ජාතො දුස්සණ්ඨිතො”තිආදීනි වත්වා – “නීහරථ න”න්ති නීහරාපෙත්වා “එවරූපම්පි නාම අද්දසං, උදකං ආහරථ, අක්ඛීනි ධොවිස්සාමී”ති අක්ඛීනි ධොවති. තස්සා දිට්ඨං දිට්ඨං විප්පකාරං පාපෙත්වා නීහරාපෙතීති දිට්ඨමඞ්ගලිකා ත්වෙව සඞ්ඛා උදපාදි, මූලනාමං අන්තරධායි.
අතීතයෙහි බරණැස් නුවර දිට්ඨමංගලිකා නම් හතළිස් කෙළක් ධනය ඇති සිටුහුගේ එකම දියණි කෙනෙක් වූහ. ඇය දැකුම්කලුය. ප්‍රසාද ජනකය ඇය රූප භෝග සම්පත් කුලසම්පත් ඇති බොහෝ දෙනකු විසින් පතනු ලැබුවාය. යමෙක් ඇය තෝරාගනු පිණිස දන්වා එවීනම් ඒ දැක ඔහුගේ ජාතියෙහි හෝ අත්පා ආදියෙහි හෝ යම් තැනෙක දෝසයක් ආරෝපණය කොට කවරෙක්ද මේ නොදන්නා මිනිසා, අචලස්සනයෙක් ආදිය කියා එලවාදමවු මොහු යයි එලවා දමා මෙබන්දක් නම් දුටුවෙමි ඇස් දෙවින්ට දිය ගෙනෙවු යයි සෝදාදමයි. දුටු දුටු දේ විප්‍රකාරයට පත්කොට ඵලවාදමවතියි ඇයට දිට්ඨමංගලිකායයි නමක් ඇතිවිය. මුලනම් අතුරුදහන් විය.
සා එකදිවසං ගඞ්ගාය උදකකීළං කීළිස්සාමීති තිත්ථං සජ්ජාපෙත්වා පහූතං ඛාදනීයභොජනීයං සකටෙසු පූරාපෙත්වා බහූනි ගන්ධමාලාදීනි ආදාය පටිච්ඡන්නයානං ආරුය්හ ඤාතිගණපරිවුතා ගෙහම්හා නික්ඛමි. තෙන ච සමයෙන මහාපුරිසො චණ්ඩාලයොනියං නිබ්බත්තො බහිනගරෙ චම්මගෙහෙ වසති, මාතඞ්ගොත්වෙවස්ස නාමං අහොසි. සො සොළසවස්සුද්දෙසිකො හුත්වා කෙනචිදෙව කරණීයෙන අන්තොනගරං පවිසිතුකාමො එකං නීලපිලොතිකං නිවාසෙත්වා එකං හත්ථෙ බන්ධිත්වා එකෙන හත්ථෙන පච්ඡිං, එකෙන ඝණ්ඩං ගහෙත්වා “උස්සරථ අය්යා, චණ්ඩාලොහ”න්ති ජානාපනත්ථං තං වාදෙන්තො නීචචිත්තං පච්චුපට්ඨපෙත්වා දිට්ඨදිට්ඨෙ මනුස්සෙ නමස්සමානො නගරං පවිසිත්වා මහාපථං පටිපජ්ජි.
ඈ එක් දවසක් ගඟෙහි දිය කෙළි කෙළින්නෙමියි තොට සරසවා බොහෝ කෑයුතු දෑ පියයුතු දෑ ගැල්පුරා බොහෝ ගඳමල් ආදිය ගෙන වසනලද යානයක නැග ඥාති ගණයා විසින් පරිවරන ලද්දි ගෙන් නික්මුණාය. එසමයෙහි බෝසත්හු සැඩොල් කුලයෙහි උපන්නාහු පිටනුවර සම්ගෙයක වෙසෙත්. ඔහුට මාතංගයයි නමක්විය. හේ සොළොස්වසර ඇත්තේව කිසියම් කරුණක් නිසා ඇතුළුනුවරට පිවිසෙනු කැමැතිව එක් නිල් රෙදිකඩක් හැඳ එකක් අතැබැඳ එක් අතකින් පැසද එක් අතකින් සීනුව ගෙන ආර්යයෙනි ඉවත්වන්න මම සැඩොලෙක්මියි දන්වනු සඳහා එය වයමින් පහත් සිතක් පෙරදැරි කොට ගෙන දුටුදුටුවන් නමදිමින් නුවරට පිවිස මහ මගට පිළිගන්නේ ය.
දිට්ඨමඞ්ගලිකා ඝණ්ඩසද්දං සුත්වා සාණිඅන්තරෙන ඔලොකෙන්තී දූරතොව තං ආගච්ඡන්තං දිස්වා “කිමෙත”න්ති පුච්ඡි. මාතඞ්ගො අය්යෙති. “කිං වත, භො, අකුසලං අකරම්හ, කස්සායං නිස්සන්දො, විනාසො නු ඛො මෙ පච්චුපට්ඨිතො, මඞ්ගලකිච්චෙන නාම ගච්ඡමානා චණ්ඩාලං අද්දස”න්ති සරීරං කම්පෙත්වා ජිගුච්ඡමානා ඛෙළං පාතෙත්වා ධාතියො ආහ – “වෙගෙන උදකං ආහරථ, චණ්ඩාලො දිට්ඨො, අක්ඛීනි චෙව නාම ගහිතමුඛඤ්ච ධොවිස්සාමී”ති ධොවිත්වා රථං නිවත්තාපෙත්වා සබ්බපටියාදානං ගෙහං පෙසෙත්වා පාසාදං අභිරුහි. සුරාසොණ්ඩාදයො චෙව තස්සා උපට්ඨාකමනුස්සා ච “කුහිං, භො දිට්ඨමඞ්ගලිකා, ඉමායපි වෙලාය නාගච්ඡතී”ති පුච්ඡන්තා තං පවත්තිං සුත්වා – “මහන්තං වත, භො, සුරාමංසගන්ධමාලාදිසක්කාරං චණ්ඩාලං නිස්සාය අනුභවිතුං න ලභිම්හ, ගණ්හථ චණ්ඩාල”න්ති ගතට්ඨානං ගවෙසිත්වා නිරාපරාධං මාතඞ්ගපණ්ඩිතං තජ්ජිත්වා – “අරෙ මාතඞ්ග තං නිස්සාය ඉදඤ්චිදඤ්ච සක්කාරං අනුභවිතුං න ලභිම්හා”ති කෙසෙසු ගහෙත්වා භූමියං පාතෙත්වා ජාණුකප්පරපාසාණාදීහි කොට්ටෙත්වා මතොති සඤ්ඤාය පාදෙ ගහෙත්වා කඩ්ඪන්තා සඞ්කාරකූටෙ ඡඩ්ඩෙසුං.
දිට්ඨමංගලිකා ගණ්ඨා නාදය අසා තිරය අතරින් බලන්නි දුරදීම ඔහු එනු දැක ඒ කිමෙක්දැයි ඇසුවාය. මැතිනියෙනි ඒ මාතංගය කුමන අකුසලයක් අපකළාටද, මේ කුමන විපාකයක්ද, මට එළඹ සිටියේ විනාශයක් නේද යහපත් වැඩකට යන්නී සැඩොලකු දැක්කෙමි. සිරුර ගසාදමා පිළිකුල් කරන්නී කෙළ ගසා කිරිමවුන්ට මෙසේ කීවාය. ඉක්මනට ජලය ගෙනෙන්න. සැඩොලෙක් දක්නා ලද්දේය. ඇස් හා නම කියු මුවත් සෝදාහරින්නෙමියි දොවා රථය නවත්වා සියලු පිළියෙල කළදේ ගෙට පිවිසවා පහයට නැංගාය. සුරා සොඩහුද ඇයගේ උපස්ථායකයෝද දිට්ඨමංගලිකා කොහේද මේ වෙලාවටත් නොපැමිණෙන්නේ ඇයිදැයි අසන්නාහු ඒ පුවත අසා සුරාමස් ගඳමල් ආදි සත්කාර බොහෝය. සැඩොලා නිසා අනුභවකරන්ට නොලැබීමු. සැඩොලා ගනිවු යයි ගියතැන් සොයා නිරපරාධීවූ මාතංග පණ්ඩිතයාට තර්ජනය කොට එම්බල මාතංගය, තා නිසා මේ මේ සත්කාර විඳින්නට නොලැබීමුයි කෙහෙවල්ලෙන් ගෙන බිම හෙළා දණ වැලමිටි ගල් ආදියෙන් ගසා මළේය යන හැඟීමෙන් පාදයෙන් ගෙන අදින්නාහු කසල ගොඩට හැර දැමුහ.
මහාපුරිසො සඤ්ඤං පටිලභිත්වා හත්ථපාදෙ පරාමසිත්වා – “ඉදං දුක්ඛං කං නිස්සාය උප්පන්න”න්ති චින්තෙන්තො – “න අඤ්ඤං කඤ්චි, දිට්ඨමඞ්ගලිකං නිස්සාය උප්පන්න”න්ති ඤත්වා “සචාහං පුරිසො, පාදෙසු නං නිපාතෙස්සාමී”ති චින්තෙත්වා වෙධමානො දිට්ඨමඞ්ගලිකාය කුලද්වාරං ගන්ත්වා – “දිට්ඨමඞ්ගලිකං ලභන්තො වුට්ඨහිස්සාමි, අලභන්තස්ස එත්ථෙව මරණ”න්ති ගෙහඞ්ගණෙ නිපජ්ජි. තෙන ච සමයෙන ජම්බුදීපෙ අයං ධම්මතා හොති – යස්ස චණ්ඩාලො කුජ්ඣිත්වා ගබ්භද්වාරෙ නිපන්නො මරති, යෙ ච තස්මිං ගබ්භෙ වසන්ති, සබ්බෙ චණ්ඩාලා හොන්ති. ගෙහමජ්ඣම්හි මතෙ සබ්බෙ ගෙහවාසිනො, ද්වාරම්හි මතෙ උභතො අනන්තරගෙහවාසිකා, අඞ්ගණම්හි මතෙ ඉතො සත්ත ඉතො සත්තාති චුද්දසගෙහවාසිනො සබ්බෙ චණ්ඩාලා හොන්තීති. බොධිසත්තො පන අඞ්ගණෙ නිපජ්ජි.
මහසත්හු සන් ලැබ අත්පා පිරිමැද මේ දුක කා නිසා ඇතිවීදැයි සිතන්නාහු අන් කිසිවකු නොව දිට්ඨමංගලිකා නිසා ඇතිවිණ. මම පුරුෂයෙකුනම් ඇය පාමුල හෙලන්නෙමිය සිතා වෙව්ලමින් දිට්ඨමංගලිකාගේ නිවස දොර ළඟට ගොස් දිට්ඨමංගලිකා ලැබුණොත් නැගිටින්නෙමි. නොලැබුණහොත් මෙහිම මරණයයි ගෙමිදුලෙහි වැද හොත්හ. එසමයෙහි දඹදිව මේ ධර්මතාව වෙයි. සැඩොලකු කිපී යමකුගේ ගෙදොර ඉදිරියේ මළේනම් යමෙක් ඒ ගෙයි වසත්ද සියල්ලෝ සැඩොල්වෙති. ගෙමැද මළකල්හි සියලු ගෙවැසියෝද දොරටුවෙහි මළකල්හි දෙපස ගෙවල්වල වැසියෝද. මිදුලෙහි මළ කල්හි දැලේ ගෙවල් සත සත බැගින් දාහතරක වැසියෝද සියල්ලෝ සැඩොල් වෙති. බෝසත්හු ගෙමිදුලෙහි වැදහොත්තාහුය.
සෙට්ඨිස්ස ආරොචෙසුං – “මාතඞ්ගො තෙ සාමි ගෙහඞ්ගණෙ පතිතො”ති ගච්ඡථ භණෙ, කිං කාරණාති වත්වා එකමාසකං දත්වා උට්ඨාපෙථාති. තෙ ගන්ත්වා “ඉමං කිර මාසකං ගහෙත්වා උට්ඨහා”ති වදිංසු. සො – “නාහං මාසකත්ථාය නිපන්නො, දිට්ඨමඞ්ගලිකාය ස්වාහං නිපන්නො”ති ආහ. දිට්ඨමඞ්ගලිකාය කො දොසොති? කිං තස්සා දොසං න පස්සථ, නිරපරාධො අහං තස්සා මනුස්සෙහි බ්යසනං පාපිතො, තං ලභන්තොව වුට්ඨහිස්සාමි, අලභන්තො න වුට්ඨහිස්සාමීති.
ස්වාමීනි මාතංග ඔබ වහන්සේගේ ගෙමිදුලෙහි වැටී ඇතැයි සිටුවරයාට දැන්වූහ. කොල්ලනි යවු කුමන කරුණක් නිසාදැයි කියා මේ මස්සදී ඔසවා ගනිමු. ඔවුහු ගොස් මේ මස්ස ගෙන නැගිටුවයි කීහ. හේ මම මස්සක් සඳහා නිපන්නේ නොවෙමි. දිට්ඨමංගලිකා නිසා නිපන්නේ වෙමියි කීය. දිට්ඨ මංගලිකාගේ දෝෂය කුමක්ද ඇයි ඇයගේ දොසක් නො දක්නාහුද නිරපාධීවුමම ඇයගේ මිනිසුන් විසින් ව්‍යසනයට පත්කරනු ලැබීමි. ඇය ලැබුණොත් නැගිටින්නෙමි නොලැබ නොනැගිටින්නෙමියි.
තෙ ගන්ත්වා සෙට්ඨිස්ස ආරොචෙසුං. සෙට්ඨි ධීතු දොසං ඤත්වා “ගච්ඡථ, එකං කහාපණං දෙථා”ති පෙසෙති. සො “න ඉච්ඡාමි කහාපණං, තමෙව ඉච්ඡාමී”ති ආහ. තං සුත්වා සෙට්ඨි ච සෙට්ඨිභරියා ච – “එකායෙව නො පියධීතා, පවෙණියා ඝටකො අඤ්ඤො දාරකොපි නත්ථී”ති සංවෙගප්පත්තා – “ගච්ඡථ තාතා, කොචි අම්හාකං අසහනකො එතං ජීවිතාපි වොරොපෙය්ය, එතස්මිඤ්හි මතෙ සබ්බෙ මයං නට්ඨා හොම, ආරක්ඛමස්ස ගණ්හථා”ති පරිවාරෙත්වා ආරක්ඛං සංවිධාය යාගුං පෙසයිංසු, භත්තං ධනං පෙසයිංසු, එවං සො සබ්බං පටික්ඛිපි. එවං එකො දිවසො ගතො; ද්වෙ, තයො, චත්තාරො, පඤ්ච දිවසා ගතා.
ඔවුහු ගොස් සිටුවරයාට දැන්වුහ. සිටුවරයා දුවගේ දොස දැන යනු එක් කහවණුවක් දෙවුයයි යැවීය. කහවණුව නොකැමැත්තෙමි කන්යාවම කැමැත්තෙමියි කීය. ඒ අසා සිටුවරයාද සිටුබිරියද අපගේ එකම ප්‍රිය දියණියෝය. ප්‍රවේණිය ගෙනයන අන් දරුවෙක් නැතැයි සංවේගයට පත්වුවාහු දරුවනි යවු. කිසියම් අපගේ අසහනකාරී අයෙක් මේ ජීවිතය නැති කරන්නේය මොහු මළකල්හි අපි සියලු දෙන නැසුණෝ වෙමු. ඔහුට ආරක්ෂාව සපයවුයයි පිරිවරා ආරක්ෂාව සපයා කැඳබත් යැවූහ. බත්ද ධනයද යැවුහ. හේ සියල්ල ප්‍රතික්ෂේප කළේය. මෙසේ එක්දිනක් ගෙවී ගියේය දෙදවසක්, තුන්දවසක් සිව්දිනක් පස්දිනක් ගෙවීගියේය.
තතො සත්තසත්තගෙහවාසිකා උට්ඨාය – “න සක්කොම මයං තුම්හෙ නිස්සාය චණ්ඩාලා භවිතුං, අම්හෙ මා නාසෙථ, තුම්හාකං දාරිකං දත්වා එතං උට්ඨාපෙථා”ති ආහංසු. තෙ සතම්පි සහස්සම්පි සතසහස්සම්පි පහිණිංසු, සො පටික්ඛිපතෙව. එවං ඡ දිවසා ගතා. සත්තමෙ දිවසෙ උභතො චුද්දසගෙහවාසිකා සන්නිපතිත්වා – “න මයං චණ්ඩාලා භවිතුං සක්කොම, තුම්හාකං අකාමකානම්පි මයං එතස්ස දාරිකං දස්සාමා”ති ආහංසු.
ඉන්පසු ගෙවල් සතක සතක වැස්සෝ නැගී අවුත්, අපි ඔබ නිසා සෙඩොලුන් වන්නට නොහැක්කෙමු. අප නොනසවු තොපගේ දැරියදී මොහු නැගිටුවවුයයි කීහ. ඔවුහු සියයක් දහසක් මුදල් යැවූහ. හේ ප්‍රතික්ෂේප කළේමය. මෙසේ සදිනක් ගෙවී ගියේය. සත්වැනි දිනයෙහි දැලේ ගෙවල් දහහතරක වැස්සෝ රැස්ව අපි සැඩොලුන් වන්නට නො හැක්කෙමු. ඔබ අකමැත්තෙන් වුවද, අපි ඔහුට දැරිය දෙන්නෙමුයි කීහ.
මාතාපිතරො සොකසල්ලසමප්පිතා විසඤ්ඤී හුත්වා සයනෙ නිපතිංසු. උභතො චුද්දසගෙහවාසිනො පාසාදං ආරුය්හ සුපුප්ඵිතකිංසුකසාඛං උච්ඡින්දන්තා විය තස්සා සබ්බාභරණානි ඔමුඤ්චිත්වා නඛෙහි සීමන්තං කත්වා කෙසෙ බන්ධිත්වා නීලසාටකං නිවාසාපෙත්වා හත්ථෙ නීලපිලොතිකඛණ්ඩං වෙඨෙත්වා කණ්ණෙසු තිපුපට්ටකෙ පිළන්ධාපෙත්වා තාලපණ්ණපච්ඡිං දත්වා පාසාදතො ඔතාරාපෙත්වා ද්වීසු බාහාසු ගහෙත්වා – “තව සාමිකං ගහෙත්වා යාහී”ති මහාපුරිසස්ස අදංසු.
මවුපියෝ සෝහුලින් ඇහුණාහු විසඥව ඇඳමත වැටුණාහ. දැලේ ගෙවල් දහහතරක වැස්සෝ පහයට නැග සුපිපි කිණිහිරිමල් සහිත අත්තක් කඩන්නාක්මෙන් ඇයගේ සියලු අබරණ ගළවා නියෙන් සීමාන්තය සදා කෙස් බැඳ නිල් සළුවක් අන්දවා අතෙහි නිල් රෙදි කඩක් වෙළා කන්වල ඊයම් තෝඩු පළඳවා තල්කොළ ගොටුවක්දී පහයින් බස්වා දෑතින්ගෙන ඔබගේ සැමියා ගෙනයවයි බෝසතුන්ට දුන්හ.
නීලුප්පලම්පි අතිභාරොති අනුක්ඛිත්තපුබ්බා සුඛුමාලදාරිකා “උට්ඨාහි සාමි, ගච්ඡාමා”ති ආහ. බොධිසත්තො නිපන්නකොව ආහ “නාහං උට්ඨහාමී”ති. අථ කින්ති වදාමීති. “උට්ඨෙහි අය්ය මාතඞ්ගා”ති එවං මං වදාහීති. සා තථා අවොච. න තුය්හං මනුස්සා උට්ඨානසමත්ථං මං අකංසු, බාහාය මං ගහෙත්වා උට්ඨාපෙහීති. සා තථා අකාසි. බොධිසත්තො උට්ඨහන්තො විය පරිවට්ටෙත්වා භූමියං පතිත්වා – “නාසිතං, භො, දිට්ඨමඞ්ගලිකාය පඨමං මනුස්සෙහි කොට්ටාපෙත්වා, ඉදානි සයං කොට්ටෙතී”ති විරවිත්ථ. සා කිං කරොමි අය්යාති? ද්වීහි හත්ථෙහි ගහෙත්වා උට්ඨාපෙහීති. සා තථා උට්ඨාපෙත්වා නිසීදාපෙත්වා ගච්ඡාම සාමීති. ගච්ඡා නාම අරඤ්ඤෙ හොන්ති, මයං මනුස්සා, අතිකොට්ටිතොම්හි තුය්හං මනුස්සෙහි, න සක්කොමි පදසා ගන්තුං, පිට්ඨියා මං නෙහීති. සා ඔනමිත්වා පිට්ඨිං අදාසි. බොධිසත්තො අභිරුහි. කුහිං නෙමි සාමීති? බහිනගරං නෙහීති. සා පාචීනද්වාරං ගන්ත්වා – “ඉධ තෙ සාමි වසනට්ඨාන”න්ති පුච්ඡි. කතරට්ඨානං එතන්ති? පාචීනද්වාරං සාමීති. පාචීනද්වාරෙ චණ්ඩාලපුත්තා වසිතුං න ලභන්තීති අත්තනො වසනට්ඨානං අනාචික්ඛිත්වාව සබ්බද්වාරානි ආහිණ්ඩාපෙසි. කස්මා? භවග්ගපත්තමස්සා මානං පාතෙස්සාමීති. මහාජනො උක්කුට්ඨිමකාසි – “ඨපෙත්වා තුම්හාදිසං අඤ්ඤො එතිස්සා මානං භෙදකො නත්ථී”ති.
නිලුපුල් මලක් වුවද මහත් බරෙකැයි නොඉසිලූ සුකුමාල දැරිය නැගී සිටුව (උට්ඨාහි) ස්වවාමීනි යමුයි කීවාය. බෝසත්හු වැතිර සිටිමින්ම මෙසේ කීහ. මම උපට්ඨාහ නම් නොවෙමි. එසේනම් කුමක් කියමිද ස්වාමීනි. මාතංග ආර්යයන් වහන්ස නැගී සිටිනු මැනැවැයි කියව. ඈ එසේ කීවාය. තිගේ මිනිස්සු මා නැගී සිටීමට නොහැක්කකු කළාහයි. බාහුවෙන් ගෙන නගාසිටුවාපුවයි. ඈ එසේ කළාය. බෝසත්හු නැගිටින්නාමෙන් පෙරළී බිම වැටී දිට්ඨමංගලිකාව විසින් නසනලද්දේ වෙමි පළමුව මිනිසුන් ලවා මා තලවා දැන් තමාම තලතියි කෑගැසීය. ආර්යයන් වහන්ස කුමක් කරම්දැයි දෑතින් ගෙන නැගී සිටින්නැයි නැගිටුවා හිඳවූවාය. (ගච්ඡාම) යමු ස්වාමීනි ගච්ඡයෝනම් කැලෑවේ වෙති. අපි මනුෂ්‍යයෝය. තිගේ මිනිසුන් විසින් අතිශයින් තලනු ලැබීමි. පයින් යාමට නොහැක්කෙමි. පිට තබා මා ගෙන යවයි ඈ නැමී පිට දුන්නාය. බෝසත් පිටට නැගුණාහ. ස්වාමිනි කොහි ගෙනයම්ද පිටනුවරට ගෙනයව. ඈ පෙරදිග දොරටුවට ගොස් ස්වාමීනි මෙහි ඔබගේ වසන තැන වේදැයි ඇසුවාය. මේ කොතැනද, ස්වාමීනි පෙරදිගු දොරටුවයි. පෙරදිග දොරටුවෙහි සැඩොල්පුත්තු වසන්නට ලබතියි වසනතැන නොකියාම සියලු දොරටුවෙත ඇවිද්දවූහ. කුමක් හෙයින්ද යත්. භවාග්‍රය තෙක් පැමිණි ඇයගේ මානය හෙළන්නෙමියි. මහජනයා උද්ඝෝෂණය කළහ. ඔබවැනි කෙනෙකු හැර අනෙකෙක් මැයගේ මානය බිඳ දැමුවෙක් නැතැයි
සා පච්ඡිමද්වාරං පත්වා “ඉධ තෙ සාමි වසනට්ඨාන”න්ති පුච්ඡි. කතරට්ඨානං එතන්ති? පච්ඡිමද්වාරං සාමීති. ඉමිනා ද්වාරෙන නික්ඛමිත්වා චම්මගෙහං ඔලොකෙන්තී ගච්ඡාති. සා තත්ථ ගන්ත්වා ආහ “ඉදං චම්මගෙහං තුම්හාකං වසනට්ඨානං සාමී”ති? ආමාති පිට්ඨිතො ඔතරිත්වා චම්මගෙහං පාවිසි.
ඈ පෑසුළු දොරට පැමිණ ස්වාමීනි මෙහි ඔබගේ වසන තැනදැයි ඇසුවාය. මේ කොතැනද ස්වාමීනි මේ පැසුළු දොරය. මේ දොරින් නික්මී සම්ගෙය බලමින් යව ඈ එහිගොස් මෙසේ ඇසුවාය. ස්වාමිනි මේ සම්ගෙය ඔබගේ වසනතැනද එසේය. පිටින් බැස සම්ගෙයට පිවිසියේය.
තත්ථ සත්තට්ඨදිවසෙ වසන්තො සබ්බඤ්ඤුතගවෙසනධීරො එත්තකෙසු දිවසෙසු න ච ජාතිසම්භෙදමකාසි. “මහාකුලස්ස ධීතා සචෙ මං නිස්සාය මහන්තං යසං න පාපුණාති, න චම්හාහං චතුවීසතියා බුද්ධානං අන්තෙවාසිකො. එතිස්සා පාදධොවනඋදකෙන සකලජම්බුදීපෙ රාජූනං අභිසෙකකිච්චං කරිස්සාමී”ති චින්තෙත්වා පුන චින්තෙසි – “අගාරමජ්ඣෙවසන්තො න සක්ඛිස්සාමි, පබ්බජිත්වා පන සක්ඛිස්සාමී”ති. චින්තෙත්වා තං ආමන්තෙසි – “දිට්ඨමඞ්ගලිකෙ මයං පුබ්බෙ එකචරා කම්මං කත්වාපි අකත්වාපි සක්කා ජීවිතුං, ඉදානි පන දාරභරණං පටිපන්නම්හ, කම්මං අකත්වා න සක්කා ජීවිතුං, ත්වං යාවාහං ආගච්ඡාමි, තාව මා උක්කණ්ඨිත්ථා”ති අරඤ්ඤං පවිසිත්වා සුසානාදීසු නන්තකානි සඞ්කඩ්ඪිත්වා නිවාසනපාරුපනං කත්වා සමණපබ්බජ්ජං පබ්බජිත්වා එකචරො ලද්ධකායවිවෙකො කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො පඤ්ච අභිඤ්ඤායො ච නිබ්බත්තෙත්වා “ඉදානි සක්කා දිට්ඨමඞ්ගලිකාය අවස්සයෙන මයා භවිතු”න්ති බාරාණසිඅභිමුඛො ගන්ත්වා චීවරං පාරුපිත්වා භික්ඛං චරමානො දිට්ඨමඞ්ගලිකාය ගෙහාභිමුඛො අගමාසි.
එහි හත්අටදවසක් වසන්නාහු සර්වඥභාවය ගවේෂණය කරන්නාවු වීර්යවත් පුද්ගලයා මෙතෙක් දිනයන්හි ජාති මිශ්‍රණයක් නොකළේය. මහා කුලයෙහි දියණියන් යම්හෙයකින් මා නිසා මහත් යසසට නොපැමිණේද, මම සිව්විසි බුදුවරුන්ගේ අතවැසියෙක් නම් නොවෙමි. මැයගේ පාදොවුනා ජලයෙන් සියලු දඹදිව රජුන්ගේ අභිෂේක කෘත්‍යය කරන්නෙමි. නැවත මෙසේ සිතීය. ගිහිගෙයිවසමින් එය කිරීමට නොහැකිවන්නෙමි. පැවිදිව හැකිවන්නෙමි සිතා ඇය ඇමතීය. දිට්ඨමංගලිකාවෙනි. අපි පෙර තනිව හැසිර කර්මාන්තයක් කර හෝ නොකර ජීවත්වීමට හැකිවිය. දැන්වනාහි අඹුන් පෝෂණයට පිළිපන්නෝ වෙමු. කර්මාන්තයක් නොකොට ජිවත් වීමට නොහැකිය. මා එන තෙක් නොකළකිරෙව යි අරණ්‍යයට පිවිස සොහොන් ආදියෙහි වැරහැලි එකතුකොට ඇඳුමක් හා පොරෝනාවක් කොට ශ්‍රමණ පැවිද්දෙන් පැවිදිව එක්ව හැසිරෙන්නේ ලබනලද කාය විවේක ඇත්තේ කිසුණු පිරියම් කොට අටසමවත් පස් අභිඥ උපදවා දැන් දිට්ඨමංගලිකාවට අවශ්‍ය පරිදී වීමට මට හැකියයි බරණැස දෙසට ගොස් සිවුර පොරවා පිඬු පිණිස හැසිරෙන්නේ දිට්ඨමංගලිකාවගේ ගේ ඉදිරිපසට ගියේය.
සා තං ද්වාරෙ ඨිතං දිස්වා අසඤ්ජානන්තී – “අතිච්ඡථ, භන්තෙ, චණ්ඩාලානං වසනට්ඨානමෙත”න්ති ආහ. බොධිසත්තො තත්ථෙව අට්ඨාසි. සා පුනප්පුනං ඔලොකෙන්තී සඤ්ජානිත්වා හත්ථෙහි උරං පහරිත්වා විරවමානා පාදමූලෙ පතිත්වා ආහ – “යදි තෙ සාමි එදිසං චිත්තං අත්ථි, කස්මා මං මහතා යසා පරිහාපෙත්වා අනාථං අකාසී”ති. නානප්පකාරං පරිදෙවං පරිදෙවිත්වා අක්ඛීනි පුඤ්ඡමානා උට්ඨාය භික්ඛාභාජනං ගහෙත්වා අන්තොගෙහෙ නිසීදාපෙත්වා භික්ඛං අදාසි. මහාපුරිසො භත්තකිච්චං කත්වා ආහ – “දිට්ඨමඞ්ගලිකෙ මා සොචි මා පරිදෙවි, අහං තුය්හං පාදධොවනඋදකෙන සකලජම්බුදීපෙ රාජූනං අභිසෙකකිච්චං කාරෙතුං සමත්ථො, ත්වං පන එකං මම වචනං කරොහි, නගරං පවිසිත්වා ‘න මය්හං සාමිකො චණ්ඩාලො, මහාබ්රහ්මා මය්හං සාමිකො’ති උග්ඝොසයමානා සකලනගරං චරාහී”ති.
ඈ දොරළඟ සිටියහු නො හඳුනන්නී නොකැමතිවන්න ස්වාමීනි මේ සැඩොලන්ගේ වසන තැනකැයි කීවාය. බෝසත්හු එහිම සිටියහ. ඈ නැවත නැවතත් බලන්නී හැඳින අතින් ළයට ගසා හඬමින් පාමුල වැටී මෙසේ කීවාය. ස්වාමීනි එබඳු සිතක් තිබිණි නම් කුමක්හෙයින් මා මහත්වූ යසසින් පහතට දමා අනාත කළසේක්දැයි නානාප්‍රකාරයෙන් වැළප ඇස්පිසිමින් නැගිට භික්ෂා භාජනය ගෙන ගෙතුළ හිඳුවා භික්ෂාව දුන්නාය. මහාපුරුෂයා බත්කිස නිමවා මෙසේ කීය. දිට්ඨමංගලිකාවනි සෝකනොකරව. නොවැළපෙව, මම තිගේ පාදොවුනා ජලයෙන් සියලු දඹදිව රජුන්ගේ අභිෂේක කෘත්‍යය කරවන්ට සමත් වෙමි. මාගේ මේ එකම වචනය කරන්න. නුවරට පිවිස මාගේ සැමියා සැඩොලෙක් නොවේ. මාගේ සැමියා මහාබ්‍රහ්මයා. යයි කෑගසමින් සියලු නුවර හැසිරෙන්න.
එවං වුත්තෙ දිට්ඨමඞ්ගලිකා – “පකතියාපි අහං සාමි මුඛදොසෙනෙව බ්යසනං පත්තා, න සක්ඛිස්සාමෙවං වත්තු”න්ති ආහ. බොධිසත්තො – “කිං පන තයා මය්හං අගාරෙ වසන්තස්ස අලිකවචනං සුතපුබ්බං, අහං තදාපි අලිකං න භණාමි, ඉදානි පබ්බජිතො කිං වක්ඛාමි, සච්චවාදී පුරිසො නාමාහ”න්ති වත්වා – “අජ්ජ පක්ඛස්ස අට්ඨමී, ත්වං ‘ඉතො සත්තාහස්සච්චයෙන උපොසථදිවසෙ මය්හං සාමිකො මහාබ්රහ්මා චන්දමණ්ඩලං භින්දිත්වා මම සන්තිකං ආගමිස්සතී’ති සකලනගරෙ උග්ඝොසෙහී”ති වත්වා පක්කාමි.
මෙසේ කීකල්හි දිට්ඨමංගලිකා ස්වාමීනි මම ස්වභාවයෙන්ම මුව දොසින් ව්‍යසනයට පත්වීමි. මෙසේ කියන්නට නොහැකිවෙමියි කීවාය. බෝධිසත්වයන් වහන්සේ මාගේ ගෙහි වසන තී බොරුබසක් ඇසුවිරූද, මම එදාත් බොරු නොකියමි දැන් පැවිදිව කියනුම කවරේද. මම සත්‍යවාදී පුරුෂයෙක්මියි කියා අද අටවක දිනයයි කී මෙයින් සත්දිනක් ගියතැන පොහෝ දිනයෙහි මාගේ ස්වාමීවූ මහාබ්‍රහ්මයා සඳමඩල බිඳගෙන මාගේ සමීපයට එන්නේයයි සියලු නුවර උද්ඝෝෂණ කරවයි කියා ගියහ.
සා සද්දහිත්වා හට්ඨතුට්ඨා සූරා හුත්වා සායංපාතං නගරං පවිසිත්වා තථා උග්ඝොසෙසි. මනුස්සා පාණිනා පාණිං පහරන්තා – “පස්සථ, අම්හාකං දිට්ඨමඞ්ගලිකා චණ්ඩාලපුත්තං මහාබ්රහ්මානං කරොතී”ති හසන්තා කෙළිං කරොන්ති. සා පුනදිවසෙපි තථෙව සායංපාතං පවිසිත්වා – “ඉදානි ඡාහච්චයෙන, පඤ්චාහ-චතූහ-තීහ-ද්වීහ-එකාහච්චයෙන මය්හං සාමිකො මහාබ්රහ්මා චන්දමණ්ඩලං භින්දිත්වා මම සන්තිකං ආගමිස්සතී”ති උග්ඝොසෙසි.
ඈ ඒ අදහා තුටුපහටුව දක්ෂ වී උදේ හවා නුවරට පිවිස එසේ උද්ඝෝෂණය කළාය. මිනිස්සු අතින් අත පහරා බලවු අපගේ දිට්ඨමංගලිකා සැඩොල්පුත්රයා මහා බ්‍රහ්මයා කරතියි සිනා නගන්නාහු විහිළුකරත්. දෙවන දිනයෙහිද එසේම උදේ හවා පිවිස මාගේ ස්වාමීවූ මහාබ්‍රහ්මයා සඳමඩල බිඳගෙන මාගේ සමීපයට එන්නේයයි උද්ඝෝෂණය කළාය.
බ්රාහ්මණා චින්තයිංසු – “අයං දිට්ඨමඞ්ගලිකා අතිසූරා හුත්වා කථෙති, කදාචි එවං සියා, එථ මයං දිට්ඨමඞ්ගලිකාය වසනට්ඨානං පටිජග්ගාමා”ති චම්මගෙහස්ස බාහිරභාගං සමන්තා තච්ඡාපෙත්වා වාලිකං ඔකිරිංසු. සාපි උපොසථදිවසෙ පාතොව නගරං පවිසිත්වා “අජ්ජ මය්හං සාමිකො ආගමිස්සතී”ති උග්ඝොසෙසි. බ්රාහ්මණා චින්තයිංසු – “අයං භො න දූරං අපදිස්සති, අජ්ජ කිර මහාබ්රහ්මා ආගමිස්සති, වසනට්ඨානං සංවිදහාමා”ති චම්මගෙහං සමජ්ජාපෙත්වා හරිතූපලිත්තං අහතවත්ථෙහි පරික්ඛිපිත්වා මහාරහං පල්ලඞ්කං අත්ථරිත්වා උපරි චෙලවිතානං බන්ධිත්වා ගන්ධමාලදාමානි ඔසාරයිංසු. තෙසං පටිජග්ගන්තානංයෙව සූරියො අත්ථං ගතො.
බමුණෝ මෙසේ සිතූහ. මේ දිට්ඨමංගලිකාව අතිශයින් දක්ෂව මෙසේ කියයි. සමහරවිට මෙය වන්නේය. එවු අපි දිට්ඨමංගලිකා වසන තැන පිළිදැගුම් කරන්නෙමුයි සම්ගෙහි පිටුපස මුළුමනින් පලවා වැලි විසුරුවාලූහ. ඈද පොහෝදිනයෙහි උදෑසන නුවරට පිවිස අද මාගේ සැමියා එන්නේ යයි උද්ඝෝෂණය කළාය. බමුණෝ මෙසේ සිතූහ. මෑ දුර දෙයක් නොකියයි. අද මහා බ්‍රහ්මයා එන්නේ යයි වසන තැන සංවිධානය කරන්නෙමුයි සම්ගෙය හමදවා කොළපැහැ පත්‍ර එළා මාහැඟි පුටුවක් තබා අලුත් වස්ත්‍රයෙන් වටකොට මත්තෙහි රෙදි වියනක් බන්දවා ගඳමල්දම් එල්ලවාපූහ. ඔවුන් පිළිදැගුම් කරද්දීම සුර්යයා බැසගියේය.
මහාපුරිසො චන්දෙ උග්ගතමත්තෙ අභිඤ්ඤාපාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය කාමාවචරචිත්තෙන පරිකම්මං කත්වා ඉද්ධිචිත්තෙන ද්වාදසයොජනිකං බ්රහ්මත්තභාවං මාපෙත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා චන්දවිමානස්ස අන්තො පවිසිත්වා වනන්තතො අබ්භුස්සක්කමානං චන්දං භින්දිත්වා චන්දවිමානං ඔහාය පුරතො හුත්වා “මහාජනො මං පස්සතූ”ති අධිට්ඨාසි. මහාජනො දිස්වා – “සච්චං, භො, දිට්ඨමඞ්ගලිකාය වචනං, ආගච්ඡන්තං මහාබ්රහ්මානං පූජෙස්සාමා”ති ගන්ධමාලං ආදාය දිට්ඨමඞ්ගලිකාය ඝරං පරිවාරෙත්වා අට්ඨාසි. මහාපුරිසො මත්ථකමත්ථකෙන සත්තවාරෙ බාරාණසිං අනුපරිගන්ත්වා මහාජනෙන දිට්ඨභාවං ඤත්වා ද්වාදසයොජනිකං අත්තභාවං විජහිත්වා මනුස්සප්පමාණමෙව මාපෙත්වා මහාජනස්ස පස්සන්තස්සෙව චම්මගෙහං පාවිසි. මහාජනො දිස්වා – “ඔතිණ්ණො නො මහාබ්රහ්මා, සාණිං ආහරථා”ති නිවෙසනං මහාසාණියා පරික්ඛිපිත්වා පරිවාරෙත්වා ඨිතො.
ඉක්බිති මහාපුරුෂයා සඳ නැගුණු මතින්ම අභිඥාපාදක ධ්‍යානයට සමවැදී නැගිට කාමාවචර සිතින් පිරියම් කොට සෘද්ධි චිත්තයෙන් දොළොස් යොදුන් බ්‍රහ්මාත්මභාවය මවා අහසට නැගී සඳවිමන තුළට පිවිස වනාන්තයෙන් නැගී එන සඳ බිඳගෙන සඳවිමන අතහැර පෙරටුව සිට මහජනයා මා දකිත්වායි අධිෂ්ඨාන කළේය. මහජනයා දැක පින්වත්නි. දිට්ඨමංගලිකාවගේ වචනය සත්‍යයයි මහාබ්‍රහ්මයා එන්නේය. මහාබ්‍රහ්මයා පුදන්නෙමුයි ගඳමල්දම් ගෙන දිට්ඨමංගලිකාවගේ ගෙය පිරිවරා සිටගත්හ. මහාපුරුෂයා මතු මතින් සත්වරක් බරණැස වටාගොස් මහජනයා දුටුබව දැන දොළොස් යොදුන් ආත්මභාවය හැරදමා මිනිස් පමණම මවා මහජනයා බලාසිටියදීම සම්ගෙයට පිවිසියේය. මහජනයා අපගේ මහා බ්‍රහ්මයා බැස්සේය තිරයක් ගෙනෙවුයයි නිවස මහතිරයෙන් වටකොට පිරිවරා සිටියාහුය.
මහාපුරිසොපි සිරිසයනමජ්ඣෙ නිසීදි. දිට්ඨමඞ්ගලිකා සමීපෙ අට්ඨාසි. අථ නං පුච්ඡි “උතුසමයො තෙ දිට්ඨමඞ්ගලිකෙ”ති. ආම අය්යාති. මයා දින්නං පුත්තං ගණ්හාහීති අඞ්ගුට්ඨකෙන නාභිමණ්ඩලං ඵුසි. තස්සා පරාමසනෙනෙව ගබ්භො පතිට්ඨාසි. මහාපුරිසො – “එත්තාවතා තෙ දිට්ඨමඞ්ගලිකෙ පාදධොවනඋදකං සකලජම්බුදීපෙ රාජූනං අභිසෙකොදකං භවිස්සති, ත්වං තිට්ඨා”ති වත්වා බ්රහ්මත්තභාවං මාපෙත්වා පස්සන්තස්සෙව මහාජනස්ස නික්ඛමිත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා චණ්ඩමණ්ඩලමෙව පවිට්ඨො. සා තතො පට්ඨාය බ්රහ්මපජාපතී නාම ජාතා. පාදධොවනඋදකං ලභන්තො නාම නත්ථි.
මහා පුරුෂයාද සිරියහන මැඳ හුන්නේය. දිට්ඨමංගලිකා අසල සිටියාය. ඉක්බිති ඇයගෙන් මෙසේ ඇසීය. දිට්ඨමංගලිකාවෙනි මේ ඔබගේ සෘතුසමයද එසේය ආර්යයෙනි. මා දුන් පුත්‍රයා ගනුවයි ඇඟිල්ලෙන් නාභිමණ්ඩලය ස්පර්ශ කළේය. ස්පර්ශයෙන් ඇයට ගැබක් පිහිටියේය. දිට්ඨමංගලිකා මෙහි මෙපමණකින් ඔබගේ පා දොවුනා ජලය සියලු දඹදිව රජුන්ගේ අභිෂේක ජලය වන්නේය. ඔබ සිටුවයි කියා බ්‍රහ්මාත්ම භාවය මවාගෙන මහා ජනයා බලා සිටියදිම නික්ම අහසට නැග සඳමඬලටම පිවිසියේය. ඈ එතැන්සිට බ්රහ්මප්රජාපතී නම්වූවාය. පාදොවුනා ජලය ලබන්නෝ නැත.
බ්රාහ්මණා – “බ්රහ්මපජාපතිං අන්තොනගරෙ වසාපෙස්සාමා”ති සුවණ්ණසිවිකාය ආරොපෙත්වා යාව සත්තමකොටියා අපරිසුද්ධජාතිකස්ස සිවිකං ගහෙතුං න අදංසු. සොළස ජාතිමන්තබ්රාහ්මණා ගණ්හිංසු. සෙසා ගන්ධපුප්ඵාදීහි පූජෙත්වා නගරං පවිසිත්වා – “න සක්කා, භො, උච්ඡිට්ඨගෙහෙ බ්රහ්මපජාපතියා වසිතුං, වත්ථුං ගහෙත්වා ගෙහං කරිස්සාම, යාව පන තං කරීයති, තාව මණ්ඩපෙව වසතූ”ති මණ්ඩපෙ වසාපෙසුං. තතො පට්ඨාය චක්ඛුපථෙ ඨත්වා වන්දිතුකාමා කහාපණං දත්වා වන්දිතුං ලභන්ති, සවනූපචාරෙ වන්දිතුකාමා සතං දත්වා ලභන්ති, ආසන්නෙ පකතිකථං සවනට්ඨානෙ වන්දිතුකාමා පඤ්චසතානි දත්වා ලභන්ති, පාදපිට්ඨියං සීසං ඨපෙත්වා වන්දිතුකාමා සහස්සං දත්වා ලභන්ති, පාදධොවනඋදකං පත්ථයමානා දසසහස්සානි දත්වා ලභන්ති. බහිනගරතො අන්තොනගරෙ යාව මණ්ඩපා ආගච්ඡන්තියා ලද්ධධනංයෙව කොටිසතමත්තං අහොසි.
බමුණෝ බ්රහ්මප්රජාපතිය ඇතුළුනුවර වස්වන්නෙමුයි රන්සිවිගෙයක නංවා සත්වැනි කෙළවර තෙක් අපිරිසිදු ජාතිකයාගේ සිවිගෙය ගන්ට නොදුන්හ. සොළොස් ජාතිමත් බමුණෝ ගත්හ. සෙස්සෝ ගඳමල් ආදියෙන් පුදන්නාහු නගරයට ප්රවේශකරවා පින්වත්නි බ්රහ්මප්රජාපතියට අපිරිසිදු ගෙහි වසන්ට නොහැකිය. ඉඩමක් ගෙන ගෙයක් කරන්නෙමු එය කරවනු ලබන තෙක් මණ්ඩපයෙහි වසාවායි මණ්ඩපයෙහි වස්වාලුහ. එතැන්පටන් ඇසට පෙනෙන දුරසිට වඳිනු කැමැත්තෝ කහවණුවක් දී වදින්ට ලබති. ඇසෙන දුරින් සිට වඳිනු කැමැත්තෝ සියයක්දී ලබති. අසල ප්‍රකෘති කථාව ඇසෙන තැන සිට වඳිනු කැමැත්තෝ දහසක් දි ලබති. පාපුටුවෙහි හිසතබා වඳිනු කැමැත්තෝ පන්සියයක් දි ලබති. පාදෙවු දිය පතන්නෝ දස දහසක්දී ලබති. පිටනුවර සිට ඇතුළුනුවර මණ්ඩපය තෙක් එන ඇය ලැබු ධනය පමණක් කෝටි සියයක් පමණ විය.
සකලජම්බුදීපො සඞ්ඛුභි, තතො සබ්බරාජානො “බ්රහ්මපජාපතියා පාදධොවනෙන අභිසෙකං කරිස්සාමා”ති සතසහස්සං පෙසෙත්වා ලභිංසු. මණ්ඩපෙ වසන්තියා එව ගබ්භවුට්ඨානං අහොසි. මහාපුරිසං පටිච්ච ලද්ධකුමාරො පාසාදිකො අහොසි ලක්ඛණසම්පන්නො. මහාබ්රහ්මුනො පුත්තො ජාතොති සකල ජම්බුදීපො එකකොලාහලො අහොසි. කුමාරස්ස ඛීරමණිමූලං හොතූති තතො තතො ආගතධනං කොටිසහස්සං අහොසි. එත්තාවතා නිවෙසනම්පි නිට්ඨිතං. කුමාරස්ස නාමකරණං කරිස්සාමාති නිවෙසනං සජ්ජෙත්වා කුමාරං ගන්ධොදකෙන න්හාපෙත්වා අලඞ්කරිත්වා මණ්ඩපෙ ජාතත්තා මණ්ඩබ්යොත්වෙව නාමං අකංසු.
සියලු දඹදිව කැළඹිණ. එතැන්පටන් සියලු රජවරු බ්‍රහ්ම ප්‍රජාපතියගේ පාදෙවුදියෙන් අත්සෙස් කරන්නෙමුයි සියදහසක් එවා ලැබුවාහුය. මණ්ඩපයෙහි වසත්දීම ප්‍රසූතිය සිදුවිය. මහාපුරුෂයා නිසා ලද කුමරා ප්රසාදජනකවිය ලක්ෂණ සම්පන්න විය. බ්‍රහ්මයාට පුතෙක් උපනැයි සියලු දඹදිව ඒකකෝලාහලවිය. කුමාරයාට කිරි මැණික් මිල වේවායි ඒ ඒ තැනින් ගෙන ආ ධනය කෝටි සියදහසක් විය. මෙපමණකින් නිවසක්ද පිහිටුවන ලදී. කුමරුට නම් තැබීම කරන්නෙමුයි නිවස අලංකාරකර මණ්ඩපයෙහි උපන්බැවින් මණ්ඩව්‍ය යයි නමක් තැබුහ.
කුමාරො සුඛෙන සංවඩ්ඪමානො සිප්පුග්ගහණවයපත්තොති සකලජම්බුදීපෙ සිප්පජානනකා තස්ස සන්තිකෙ ආගන්ත්වා සිප්පං සික්ඛාපෙන්ති. කුමාරො මෙධාවී පඤ්ඤවා සුතං සුතං මුතං ආවුණන්තො විය ගණ්හාති, ගහිතගහිතං සුවණ්ණඝටෙ පක්ඛිත්තතෙලං විය තිට්ඨති. යාවතා වාචුග්ගතා පරියත්ති අත්ථි, තෙන අනුග්ගහිතා නාම නාහොසි. බ්රාහ්මණා තං පරිවාරෙත්වා චරන්ති, සොපි බ්රාහ්මණභත්තො අහොසි. ගෙහෙ අසීතිබ්රාහ්මණසහස්සානි නිච්චභත්තං භුඤ්ජන්ති. ගෙහම්පිස්ස සත්තද්වාරකොට්ඨකං මහන්තං අහොසි. ගෙහෙ මඞ්ගලදිවසෙ ජම්බුදීපවාසීහි පෙසිතධනං කොටිසහස්සමත්තං අහොසි.
කුමරුසුවයෙන් වැඩෙමින් ශිල්ප උගන්නා වයසට පත්වූයේ සියලු දඹදිව ශිල්පදන්නෝ ඔහුගේ සමීපයට පැමිණ ශිල්ප උගන්වති. කුමරු ඥානවන්තය ප්‍රඥාවන්තය ඇසු ඇසු දෙය මුතු අමුණන්නාක් මෙන් උගනී. ගත්ගත් දේ රන් කළයක බැහු තෙලක් මෙන් සිටී. යම්තාක් වචනයෙන් පැනනැඟුණු දක්ෂතාවක් ඇත්ද එයින් අනුග්‍රහ ලැබුවෝ නම් නැත. බමුණෝ ඔහු පිරිවරා හැසිරෙත්. හේද බ්‍රාහ්මණ භක්තිකයෙක් විය. ගෙහි අසුදහසක් බමුණෝ නිතර අහර අනුභවකරත්. ඔහුගේ ගෙයද දොරකොටුසතක් ඇති මහගෙයක් විය. ගෙවදනාමගුලෙහිදී දඹදිව් වැසියන් එවු ධනය කෝටි දහසක් පමණ විය.
බොධිසත්තො ආවජ්ජෙසි – “පමත්තො නු ඛො කුමාරො අප්පමත්තො”ති. අථස්ස තං පවත්තිං ඤත්වා – “බ්රාහ්මණභත්තො ජාතො, යත්ථ දින්නං මහප්ඵලං හොති, තං න ජානාති, ගච්ඡාමි නං දමෙමී”ති චීවරං පාරුපිත්වා භික්ඛාභාජනං ගහෙත්වා – “ද්වාරකොට්ඨකා අතිසම්බාධා, න සක්කා කොට්ඨකෙන පවිසිතු”න්ති ආකාසෙනාගන්ත්වා අසීතිබ්රාහ්මණසහස්සානං භුඤ්ජනට්ඨානෙ ආකාසඞ්ගණෙ ඔතරි. මණ්ඩබ්යකුමාරොපි සුවණ්ණකටච්ඡුං ගාහාපෙත්වා – “ඉධ සූපං දෙථ ඉධ ඔදන”න්ති පරිවිසාපෙන්තො බොධිසත්තං දිස්වා දණ්ඩකෙන ඝට්ටිතආසිවිසො විය කුපිත්වා ඉමං ගාථමාහ –
බෝසත්හු කුමරු ප්රමාදීද අප්රමාදීදැයි ආවර්ජනා කළහ. ඉක්බිති කුමරු භක්ති බ්‍රාහ්මණයකු විණැයි යන පුවතදැන යම් තැනෙක දුන් දෙය මහත් ඵල වේ නම් එය ඔහු නොදනී. ඔහු දමනය කරන්නට යමියි සිවුර පොරවා භික්ෂාභාජනය ගෙන, දොරකොටු අතිශයින් බාධක සහිතය. කොටුවෙන් ඇතුළුවීමට නොහැක්කේ යැයි අහසින් ගොස් අසු දහසක් බමුණන් අනුභව කරන තැන හිස් මිදුලෙහි බැස්සේය. මණ්ඩව්යකුමරාද රන් හැන්දක් ගෙන්වාගෙන මෙහි ව්‍යඤ්ජන දෙවු මෙහි බත්දෙවු යයි වළඳවන්නේ බෝසතුන් දැක දඬුකඩකින් පහරලත් නයකුමෙන් කිපී. මේ ගාථාව කීය.
“කුතො නු ආගච්ඡසි දුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොව; සඞ්කාරචොළං පටිමුඤ්ච කණ්ඨෙ, කො රෙ තුවං හොසි අදක්ඛිණෙය්යො”ති. (ජා· 1.15.1);
කුතොනු ආගච්ඡසි රුම්මවාසී ඔතල්ලකො පංසුපිසාචකොව සඞ්කාර වොළං පටිමුඤ්ච කණ්ඨෙ කො රෙ තුවං හොසි අදක්ඛිණෙයෙවා
වැරහැලි හැඳගත් තෝ කොහි සිට ආවෙහිද මහලු පිශාචයෙක් මෙන් ගෙලෙහි කසල රෙදිකඩ බැඳ අරූපී තෝ කවරෙක්ද?
අථ නං මහාසත්තො අකුජ්ඣිත්වාව ඔවදන්තො ආහ –
ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ නොකිපී ඔහුට අවවාදකරන්නාහු මෙසේ කිහ.
“අන්නං තවෙදං පකතං යසස්සි, තං ඛජ්ජරෙ භුඤ්ජරෙ පිය්යරෙ ච; ජානාසි මං ත්වං පරදත්තූපජීවිං, උත්තිට්ඨ පිණ්ඩං ලභතං සපාකො”ති. (ජා· 1.15.2);
අන්නං තවයිදං පකතං යස්සසී තං ඛජ්ජරෙ භොජ්ජරෙ පිය්යරෙ ව ජානාසි මං ත්වං පරදත්තුපජීවී උත්තිට්ඨ පිණ්ඩං ලභතං සපාකො ති.
යසස් ඇත්තව, මනාසේ සැකසු ඒ අහර හපන්න කන්න බොන්න මා අනුන් දෙන දෙයින් යැපෙන සැඩොලකු බව දැනගන්න ඉඳුල්බත් පිඬක් ලැබුණහොත් මැනවි.
සො නයිදං තුම්හාදිසානං පටියත්තන්ති දස්සෙන්තො ආහ –
හෙතෙමේ මෙය ඔබ වැන්නන්ට පිළියෙල නොකරන ලද්දේ යයි දක්වන්නේ මෙසේ කීය.
“අන්නං මමෙදං පකතං බ්රාහ්මණානං, අත්ථත්ථිතං සද්දහතො මමෙදං; අපෙහි එත්තො කිමිධට්ඨිතොසි, න මාදිසා තුය්හං දදන්ති ජම්මා”ති. (ජා· 1.15.3);
අන්නං ම මයිදං පකතං බ්රාහ්මණානං අත්ත ත්ථියං සද්දහතො මමයිදං අපෙහි එත්තො කිමවඩ්ඪිතොසි නමාදිසා තුය්හං දදන්ති ඡම්මා ති.
අත්වැඩ අදහන මගේ මේ අහර සැකසුණේ බමුණන්ට මෙතැන සිටින්නේ කිම ඉවත්වනු මෙතැනින් උපතින් මවැන්නෝ නොදෙති තොපවැන්නන්ට දන්
අථ බොධිසත්තො “දානං නාම සගුණස්සපි නිග්ගුණස්සපි යස්ස කස්සචි දාතබ්බං, යථා හි නින්නෙපි ථලෙපි පතිට්ඨාපිතං බීජං පථවීරසං ආපොරසඤ්ච ආගම්ම සම්පජ්ජති, එවං නිප්ඵලං නාම නත්ථි, සුඛෙත්තෙ වපිතබීජං විය ගුණවන්තෙ මහප්ඵලං හොතී”ති දස්සෙතුං ඉමං ගාථමාහ –
ඉක්බිති බෝධිසත්වයන් වහසේ දානය නම් ගුණ ඇති හෝ නැති ඕනෑම අයකුට දිය යුතුය. යම්සේ නිම්නයෙහිද සමතලයෙහිද තැබූ බිජුවට පෘථුවි රසයද ආපොරසයද ලැබ ඇතිවේද එසේ නිෂ්ඵල වන්නක් නම් නැත. මනා කෙතක වපුළ බිජුවටක් මෙන් ගුණවතුන් වෙත මහත්ඵල වෙතියි දක්වන්ට මේ ගාථාව කීසේක -
“ථලෙ ච නින්නෙ ච වපන්ති බීජං, අනූපඛෙත්තෙ ඵලමාසමානා; එතාය සද්ධාය දදාහි දානං, අප්පෙව ආරාධයෙ දක්ඛිණෙය්යෙ”ති. (ජා· 1.15.4);
ථලෙච නින්නෙච වපන්ති බීජං අනුප ඛෙත්තෙ ඵලමාසසානං එතාය සද්ධාය දදාහි දානං අප්පෙව ආරාධයෙ දක්ඛිණෙය්‍ය ති.
උස්පහත් බිම්වලද - කෙත් අසලද බිජුවට වපුරති අස්වනු කැමැත්තෝ දන්ලැබිය යුත්තන් කිහිපදෙනකුට වුවද ඇරයුම් කොට සැදැහැයෙන් දන්දෙන්න
අථ කුමාරො කොධාභිභූතො – “කෙනිමස්ස මුණ්ඩකස්ස පවෙසො දින්නො”ති ද්වාරරක්ඛාදයො තජ්ජෙත්වා –
ඉක්බිති කුමරු ක්‍රෝධයෙන් යටපත් කරනු ලැබ කවරෙක් මේ මුඩු මහණාට එන්නට දෙන ලද්දේදැයි දොර රැකවලුන්ට තර්ජනය කොට -
“ඛෙත්තානි මය්හං විදිතානි ලොකෙ, යෙසාහං බීජානි පතිට්ඨපෙමි; යෙ බ්රාහ්මණා ජාතිමන්තූපපන්නා, තානීධ ඛෙත්තානි සුපෙසලානී”ති. (ජා· 1.15.5) –
ඛෙත්තානි මය්හං විදිනාති ලොකෙ යෙසාහං බීජානි පතිට්ඨපෙමි යෙ බ්රාහ්මණා ජාතිමතූපපන්නා තානීධ ඛෙත්තානි සුපෙසලානි ති.
ලොව ඇති කෙත් මා දත් ඒවාය ඒ කෙත්වල වපුරමි බිජුවට මා කැමති කෙත් නම් ජාතිසම්පන්න බමුණෝය.
ගාථං වත්වා “ඉමං ජම්මං වෙණුපදරෙන පොථෙත්වා ගීවායං ගහෙත්වා සත්තපි ද්වාරකොට්ඨකෙ අතික්කමිත්වා බහි නීහරථා”ති ආහ. අථ නං මහාපුරිසො ආහ –
ගාථාව කියා මේ තින්දිත පුද්ගලයා උණපත්තෙන් තලා ගෙලෙන්ගෙන දොරකොටු සතම ඉක්මවා ගෙනගොස් පිටතට ගෙනයවු යයි කීය. ඉක්බිති මහාපුරුෂයා ඔහුට මෙසේ කීය.
“ගිරිං නඛෙන ඛණසි, අයො දන්තෙභි ඛාදසි; ජාතවෙදං පදහසි, යො ඉසිං පරිභාසසී”ති. (ජා· 1.15.9);
ගිරිංනඛෙන බණසි - අයො දන්තෙහි ඛාදසි ජාතවේදං පදහසි - යො ඉසිං පරිභාසසිති.
නියෙන් ගිර සාරව දතින් යකඩ සපව ගින්දරට පිවසෙව ඉසිවරුන් ගරහන ඔබ
එවඤ්ච පන වත්වා – “සචෙ ම්යායං හත්ථෙ වා පාදෙ වා ගණ්හාපෙත්වා දුක්ඛං උප්පාදෙය්ය, බහුං අපුඤ්ඤං පසවෙය්යා”ති සත්තානුද්දයතාය වෙහාසං අබ්භුග්ගන්ත්වා අන්තරවීථියං ඔතරි. භගවා සබ්බඤ්ඤුතං පත්තො තමත්ථං පකාසෙන්තො ඉමං ගාථමාහ –
මෙසේ කියා යම්හෙයකින් මොහු මාගේ අතින් හෝ පයින් ගන්වා දුකක් උපදවා ගන්නේනම් බොහෝ අකුසල් කරගන්නේ යයි සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අහසට නැගී ඇතුළුවීථියට බැස්සේය. භාග්‍යවතුන් වහන්සේ සර්වඥභාවයට පැමිණ ඒ අර්ථය ප්‍රකාශ කරන සේක් මේ ගාථාව වදාළසේක.
“ඉදං වත්වාන මාතඞ්ගො, ඉසි සච්චපරක්කමො; අන්තලික්ඛස්මිං පක්කාමි, බ්රාහ්මණානං උදික්ඛත”න්ති. (ජා· 1.15.10);
ඉදං වත්වාන මාතඞ්ගො - ඉසි සච්චපරක්කමො අන්තලික්ඛස්මිං පක්කාමි - බ්රාහ්මණානං උදික්ඛතංති.
සත්‍යයෙන් පරයන් ඉක්මන මාතංග ඉසිවරයා මෙසේ කියා බමුණන් බලාසිටියදී අහසින් ගියේ නොපෙනී.
තාවදෙව නගරරක්ඛිකදෙවතානං ජෙට්ඨකදෙවරාජා මණ්ඩබ්යස්ස ගීවං පරිවත්තෙසි. තස්ස මුඛං පරිවත්තෙතිත්වා පච්ඡාමුඛං ජාතං, අක්ඛීනි පරිවත්තානි, මුඛෙන ඛෙළං වමති, සරීරං ථද්ධං සූලෙ ආරොපිතං විය අහොසි. අසීතිසහස්සා පරිචාරකයක්ඛා අසීතිබ්රාහ්මණසහස්සානි තථෙව අකංසු. වෙගෙන ගන්ත්වා බ්රහ්මපජාපතියා ආරොචයිංසු. සා තරමානරූපා ආගන්ත්වා තං විප්පකාරං දිස්වා ගාථමාහ –
එකෙණෙහිම නුවර රක්නා දෙවිවරුන්ගේ දෙටුදෙවිරජ මණ්ඩව්යගේ ගෙල හැරවීය. ඔහුගේ මුහුණ පෙරැළී පසුපසට හැරිණ. ඇස් හැරවිණ මුවින් කෙළ ගලයි. සිරුර තදවිය හුලක් මත හින්දවූවාක් මෙන්විය. අසුදහසක් පිරිවර යක්ෂයෝ අසුදහසක් බමුණෝටද එසේ කළහ. වේගයෙන් ගොස් බ්රහ්මප්රජාපතියට දැන්වුහ. ඈ කඩිසරව අවුත් ඒ විප්‍රකාරය දැක මේ ගාථාව කීවාය -
“ආවෙධිතං පිට්ඨිතො උත්තමඞ්ගං, බාහුං පසාරෙති අකම්මනෙය්යං; සෙතානි අක්ඛීනි යථා මතස්ස, කො මෙ ඉමං පුත්තමකාසි එව”න්ති. (ජා· 1.15.11);
අවෙඨිතං පිට්ඨිතො උත්තමඞ්ගං ඛාහං පසාරෙති අකම්මතෙය්යං සෙතානි අක්ඛිනී යථා මතස්ස කො මෙ ඉමං පුත්තමකාසි එවන්ති.
හිස පිටුපසට හැරවිණි වැඩෙහි යෙදවිය නොහැකි අත් දිගහරියි. මළමිනියක මෙන් ඇස් සුදුය මපුතුට මෙසේ කළේ කවරෙක්ද?
අථස්සා ආරොචෙසුං –
ඉක්බිති ඇයව මෙසේ දැන්වූහ.
“ඉධාගමා සමණො දුම්මවාසී, ඔතල්ලකො පංසුපිසාචකොව, සඞ්කාරචොළං පටිමුඤ්ච කණ්ඨෙ, සො තෙ ඉමං පුත්තමකාසි එව”න්ති. (ජා· 1.15.12);
ඉධාගමා සමණො රුම්මවාසී ඔතල්ලකො පංසු පිසාච කොව සඞ්කාර චොළං පරිමුඤ්ච කණ්ඨෙ සොතෙ ඉමං පුත්ත මකාසි එවංති
වැරහැලි හැඳගත් මහණෙක් මහලු පිශාවයෙක් මෙන් මෙහි විත් කසල රෙදිකඩ ගෙලෙහි බැඳ පුතුට මෙසේ කළේය.
සා සුත්වාව අඤ්ඤාසි – “මය්හං යසදායකො අය්යො අනුකම්පාය පුත්තස්ස පමත්තභාවං ඤත්වා ආගතො භවිස්සතී”ති. තතො උපට්ඨාකෙ පුච්ඡි –
ඒ බව අසාම ඈ මාගේ යසදායක ආර්යයන් වහන්සේ අනුකම්පාවෙන් පුත්‍රයාගේ ප්රමාදීබව දැන ආසේක් වණැයි දත්තාය. ඉන්පසු උපස්ථායකයන්ගෙන් මෙසේ ඇසුවාය -
“කතමං දිසං අගමා භූරිපඤ්ඤො, අක්ඛාථ මෙ මාණවා එතමත්ථං; ගන්ත්වාන තං පටිකරෙමු අච්චයං, අප්පෙව නං පුත්ත ලභෙමු ජීවිත”න්ති. (ජා· 1.15.13);
කතමං දිසං අගමා භූරිපඤ්ඤෙ අක්ඛාථ මෙ මාණවා එත මත්ථං ගනත්‍වාන තං පටිකරෙමු අච්චයං අප්පෙව තං පුත්තං ලභෙමු ජීවංති
ඒ මහපැණැතියා කොයිදෙස ගියේද දරුවෙනි කියවුමට ඔහු වෙත ගොස් අපි කළපව් හැර ගනිමු පුතු පණ පිටින් ලබනෙමු
තෙ ආහංසු –
ඔවුහු මෙසේ කීහ.
“වෙහායසං අගමා භූරිපඤ්ඤො, පථද්ධුනො පන්නරසෙව චන්දො; අපිචාපි සො පුරිමදිසං අගච්ඡි, සච්චප්පටිඤ්ඤො ඉසි සාධුරූපො”ති. (ජා· 1.15.14);
වෙහාසයං අගමා භූරිපඤ්ඤො පථද්ධුනො පණ්ණ රසෙන චන්දො අපි චාපි සො පුරිමං දිසං අගඤ්ජි සච්චප්පටිඤ්ඤෙ ඉසි සාධුරූපො ති.
ඒමහ පැණැතියා පසළොස් වක් සඳ මගින් අහසින් ගියේ වෙයි. සත්‍ය ප්‍රතිඥා ඇති සාධුවරයෙක් බඳු ඉසිවරයා පෙරදිග බලා ගියේ වෙයි.
මහාපුරිසොපි අන්තරවීථියං ඔතිණ්ණට්ඨානතො පට්ඨාය – “මය්හං පදවළඤ්ජං හත්ථිඅස්සාදීනං වසෙන මා අන්තරධායිත්ථ, දිට්ඨමඞ්ගලිකායෙව නං පස්සතු, මා අඤ්ඤෙ”ති අධිට්ඨහිත්වා පිණ්ඩාය චරිත්වා යාපනමත්තං මිස්සකොදනං ගහෙත්වා පටික්කමනසාලායං නිසින්නො භුඤ්ජිත්වා ථොකං භුත්තාවසෙසං භික්ඛාභාජනෙයෙව ඨපෙසි. දිට්ඨමඞ්ගලිකාපි පාසාදා ඔරුය්හ අන්තරවීථිං පටිපජ්ජමානා පදවළඤ්ජං දිස්වා – “ඉදං මය්හං යසදායකස්ස අය්යස්ස පද”න්ති පදානුසාරෙනාගන්ත්වා වන්දිත්වා ආහ – “තුම්හාකං, භන්තෙ, දාසෙන කතාපරාධං මය්හං ඛමථ, න හි තුම්හෙ කොධවසිකා නාම, දෙථ මෙ පුත්තස්ස ජීවිත”න්ති.
මහා පුරුෂයාද මහවීදියෙහි බට තැන්පටන් මාගේ පාසලකුණ ඇත් අස් ආදීන්ගේ මෙන් අතුරුදන් නොවේවා දිට්ඨමංගලිකාවට පමණක් පෙනේවා අන්‍යයකුට නොවේවායි අදිටන් කොට පිඬු පිණිස හැසිර යැපෙන පමණ මුසුබත් ගෙන පිටව යන ශාලාවෙහි හිඳ වළදා ඉඳුල්බත් සුඟක් පාත්‍රයෙහිම තැබීය. දිට්ඨමංගලිකාද පහයෙන් බැස මහවීදියට එන්නී පා සලකුණ දැක මේ මාගේ යසදායක ආර්යයන් වහන්සේගේ පාදයයි පා අනුව ගොස් වැඳ මෙසේ කීවාය. ස්වාමීනි ඔබගේ දාසයා විසින් කරන ලද අපරාධය වෙනුවෙන් මට සමාව දුනමැනව. ඔබ වහන්සේ ක්‍රෝධයට පත් වුවෙක් නොවෙත්මය. මාගේ පුත්‍රයාට ජීවිතය දෙනු මැනැවැයි
එවඤ්ච පන වත්වා –
මෙසේද කියා
“ආවෙධිතං පිට්ඨිතො උත්තමඞ්ගං, බාහුං පසාරෙති අකම්මනෙය්යං; සෙතානි අක්ඛීනි යථා මතස්ස, කො මෙ ඉමං පුත්තමකාසි එව”න්ති. (ජා· 1.15.15) –
අවෙට්ඨිතං පිට්ඨිතො උත්තමඞ්ගං බාහං පාසා රෙති අකම්මනෙය්යං සෙතානි අක්ඛීනී යථා මතස්ස කො මෙ ඉමං පුත්තමකාසි එවංති
හිස පිටුපසට හැරවිණි වැඩක නොයෙදිය හැකි අත් දිගහරියි. මළමිණියක මෙන් ඇස් සුදුය මපුතුට මෙසේ කළේ කවරෙක්ද?
ගාථං අභාසි. මහාපුරිසො ආහ – “න මයං එවරූපං කරොම, පබ්බජිතං පන හිංසන්තෙ දිස්වා පබ්බජිතෙසු සගාරවාහි භූතයක්ඛදෙවතාහි කතං භවිස්සතී”ති.
යන ගාථාව කීවාය. මහාපුරුෂයා මෙසේ කීය. අපි මෙබඳුදේ නොකරමු. පැවිද්දකුට හිංසා වෙහෙස කරනු දැක පැවිද්දන් කෙරෙහි ගෞරවය ඇති භුතයක්ෂ දේවතාවන් විසින් කරන ලද්දේ වියහැකිය.
කෙවලං, භන්තෙ, තුම්හාකං මනොපදොසො මා හොතු, දෙවතාහි කතං හොතු, සුඛමාපයා, භන්තෙ, දෙවතා, අපිචාහං, භන්තෙ, කථං පටිපජ්ජාමීති. තෙන හි ඔසධං තෙ කථෙස්සාමි, මම භික්ඛාභාජනෙ භුත්තාවසෙසං භත්තමත්ථි, තත්ථ ථොකං උදකං ආසිඤ්චිත්වා ථොකං ගහෙත්වා තව පුත්තස්ස මුඛෙ පක්ඛිප, අවසෙසං උදකචාටියං ආලොළෙත්වා අසීතියා බ්රාහ්මණසහස්සානං මුඛෙ පක්ඛිපාති. සා එවං කරිස්සාමීති භත්තං ගහෙත්වා මහාපුරිසං වන්දිත්වා ගන්ත්වා තථා අකාසි.
ස්වාමීනි හුදෙක් ඔබ වහන්සේට සිතෙහි කෝපයක් නොවේවා. දෙවියන් විසින් කරන ලද්දේ වේවා. ස්වාමීනි දේවතාවෝ වනාහි (සුඛමාපයා) පහසුවෙන් පෙර තත්ත්වයට පැමිණෙති. එසේවුවත් ස්වාමීනි මම කෙසේ පිළිපදින්නෙමිද. එසේනම් ඔබට ඖෂධයක් කියන්නෙමි. මාගේ පාත්‍රයෙහි වළදා ඉතිරිවූ බත් ඇත. එහි දිය සුඟක් ඉස ඉන් සුඟක් ගෙන ඔබගේ පුත්‍රයාගේ මුඛයට දමන්න. එසේ කරන්නෙමියි බත්ගෙන මහා පුරුෂයා වැඳ ගොස් එපරිද්දෙන් කළාය.
මුඛෙ පක්ඛිත්තමත්තෙ ජෙට්ඨකදෙවරාජා – “සාමිම්හි සයං භෙසජ්ජං කරොන්තෙ අම්හෙහි න සක්කා කිඤ්චි කාතු”න්ති කුමාරං විස්සජ්ජෙසි. සොපි ඛිපිත්වා කිඤ්චි දුක්ඛං අප්පත්තපුබ්බො විය පකතිවණ්ණො අහොසි. අථ නං මාතා අවොච – “පස්ස තාත තව කුලුපකානං හිරොත්තප්පරහිතානං විප්පකාරං, සමණා පන න එවරූපා හොන්ති, සමණෙ තාත භොජෙය්යාසී”ති. තතො සෙසකං උදකචාටියං ආලුළාපෙත්වා බ්රාහ්මණානං මුඛෙ පක්ඛිපාපෙසි. යක්ඛා තාවදෙව විස්සජ්ජෙත්වා පලායිංසු. බ්රාහ්මණා ඛිපිත්වා ඛිපිත්වා උට්ඨහිත්වා කිං අම්හාකං මුඛෙ පක්ඛිත්තන්ති පුච්ඡිංසු. මාතඞ්ගඉසිස්ස උච්ඡිට්ඨභත්තන්ති. තෙ “චණ්ඩාලස්ස උච්ඡිට්ඨකං ඛාදාපිතම්හා, අබ්රාහ්මණා දානිම්හා ජාතා, ඉදානි නො බ්රාහ්මණා ‘අසුද්ධබ්රාහ්මණා ඉමෙ’ති සම්භොගං න දස්සන්තී”ති තතො පලායිත්වා මජ්ඣරට්ඨං ගන්ත්වා මජ්ඣරාජස්ස නගරෙ අග්ගාසනිකා බ්රාහ්මණා නාම මයන්ති රාජගෙහෙ භුඤ්ජන්ති.
මුවෙහි දැමු පමණින් දෙටු දෙවිරජ ස්වාමීන් තමාම බෙහෙත් කරද්දී අප විසින් කළ හැකි කිසිවක් නැතැයි කුමරු පිටත්කර හැරියාහ. හේ පෙරළී කිසිදුකකට නොපැමිණි විරූවකු මෙන් ප්‍රකෘති ස්වරූප ඇත්තේවිය. ඉක්බිති මව ඔහුට මෙසේ කීවාය. බලන්න දරුවා ඔබගේ කුලුපග හිරිඔතප් නැත්තවුන්ගේ විකාරය. ශ්‍රමණයෝ නම් එබන්දෝ වෙත්. දරුව ශ්රමණයන් වළඳවන්න. ඉන්පසු ඉතිරිය දියසැළියෙහි දමා සොලවා බමුණන්ගේ මුව තුළ දැම්මවීය. යක්කු එකෙණෙහිම විසිරී පළාගියහ. බමුණෝ පෙරළී නැගුණාහු කුමක් අපගේ මුවෙහි දමන ලද්දේදැයි ඇසුහ. මාතංග ඍෂිවරයාගේ ඉඳුල් බත්ය ඔවුහු සැඩොලාගේ ඉඳුල් අපට කවනු ලැබීය. අපි දැන් අබ්‍රාහ්මණයෝ වීමු. දැන් බමුණෝ නොවෙමු. ශුදායෝ වෙමු. මේ බමුණෝයයි එකතුවීමක් නොදෙන්නේ යයි ඉන් පළාගොස් මැද රටට ගොස් මෙධ්ය රජුගේ නගරයෙහි අග්ගාසන්තික නම් බමුණෝ අපි වෙමුයි රජගහ නුවර බුදිත්.
තස්මිං සමයෙ බොධිසත්තො පාපනිග්ගහං කරොන්තො මානජාතිකෙ නිම්මදයන්තො විචරති. අථෙකො “ජාතිමන්තතාපසො නාම මයා සදිසො නත්ථී”ති අඤ්ඤෙසු සඤ්ඤම්පි න කරොති. බොධිසත්තො තං ගඞ්ගාතීරෙ වසමානං දිස්වා “මානනිග්ගහමස්ස කරිස්සාමී”ති තත්ථ අගමාසි. තං ජාතිමන්තතාපසො පුච්ඡි – “කිං ජච්චො භව”න්ති? චණ්ඩාලො අහං ආචරියාති. අපෙහි චණ්ඩාල අපෙහි චණ්ඩාල, හෙට්ඨාගඞ්ගාය වස, මා උපරිගඞ්ගාය උදකං උච්ඡිට්ඨමකාසීති.
එසමයෙහි බෝධිසත්වයන් වහන්සේ පාපනිග්රහය කරනසේක් මානය ඇත්තවුන් මද නැත්තවුන් කරමින් හැසිරෙති. ඉක්බිති ජාතිමන්ත තවුසා නම් අප හා සමානය. ජාතියෙන් නොවේයයි අන්‍යයන් කෙරෙහි ඉගියක්වත් නොකරයි. බෝසතුන් වහන්සේ ඔහු ගංතෙර වසනු දැක මොහුගේ මානය දුරුකිරීම කරන්නෙමියි එහි ගියහ. ජාතිමන්ත තවුසා ඔහුගෙන් මෙසේ ඇසීය. ජාතිමතෙක්ද? ආචාර්යය මම සැඩොලෙක්මි. ඉවත්වෙව සැඩොල ඉවත්වෙව සැඩොල යටිගඟ වසව උඩු ගඟෙහි ජලය ඉඳුල් නොකරව.
බොධිසත්තො – “සාධු ආචරිය, තුම්හෙහි වුත්තට්ඨානෙ වසිස්සාමී”ති හෙට්ඨාගඞ්ගාය වසන්තො “ගඞ්ගාය උදකං පටිසොතං සන්දතූ”ති අධිට්ඨාසි. ජාතිමන්තතාපසො පාතොව ගඞ්ගං ඔරුය්හ උදකං ආචමති, ජටා ධොවති. බොධිසත්තො දන්තකට්ඨං ඛාදන්තො පිණ්ඩං පිණ්ඩං ඛෙළං උදකෙ පාතෙති. දන්තකට්ඨකුච්ඡිට්ඨකම්පි තත්ථෙව පවාහෙති. යථා චෙ තං අඤ්ඤත්ථ අලග්ගිත්වා තාපසස්සෙව ජටාසු ලග්ගති, තථා අධිට්ඨාසි. ඛෙළම්පි දන්තකට්ඨම්පි තාපසස්ස ජටාසුයෙව පතිට්ඨාති.
මැනව ආචාර්යය ඔබ කියු තැන වසන්නෙමියි යටි ගඟ වසන්නේ ගංජලය උඩුගඟට ගලාවායි අධිෂ්ඨාන කළේය. ජාතිමන්ත තවුසා උදෑසනම ගඟට බැස ජලයෙන් සෝදයි. ජටාව දොවයි. බෝසත්හු දැහැටි කමින් කෙළ පිඩ දියෙහි හෙළයි. දැහැටි දඬුවද එසේම පා කර හරියි. යම්සේ එය අන් තැනක නොරැදී තවුසාගේම ජටාවෙහි රැදේද එසේ අධිෂ්ඨාන කළේය. කෙළද දැහැටි දඬුවද තවුසාගේ ජටාවෙහිම රැදෙයි.
තාපසො චණ්ඩාලස්සිදං කම්මං භවිස්සතීති විප්පටිසාරී හුත්වා ගන්ත්වා පුච්ඡි – “ඉදං, භො චණ්ඩාල, ගඞ්ගාය උදකං තයා පටිසොතගාමිකත”න්ති? ආම ආචරිය. තෙන හි ත්වං හෙට්ඨාගඞ්ගාය මා වස, උපරිගඞ්ගාය වසාති. සාධු ආචරිය, තුම්හෙහි වුත්තට්ඨානෙ වසිස්සාමීති තත්ථ වසන්තො ඉද්ධිං පටිප්පස්සම්භෙසි, උදකං යථාගතිකමෙව ජාතං. පුන තාපසො තදෙව බ්යසනං පාපුණි. සො පුන ගන්ත්වා බොධිසත්තං පුච්ඡි, – “භො චණ්ඩාල, ත්වමිදං ගඞ්ගාය උදකං කාලෙන පටිසොතගාමිං කාලෙන අනුසොතගාමිං කරොසී”ති? ආම ආචරිය. චණ්ඩාල, “ත්වං සුඛවිහාරීනං පබ්බජිතානං සුඛෙන වසිතුං න දෙසි, සත්තමෙ තෙ දිවසෙ සත්තධා මුද්ධා ඵලතූ”ති. සාධු අචරිය, අහං පන සූරියස්ස උග්ගන්තුං න දස්සාමීති.
තවුසා මේනම් සැඩොලාගේම වැඩෙකැයි විපිළිසරව ගොස් මෙසේ ඇසීය. එම්බල සැඩොල, මේ ගංගාවේ ජලය තාවිසින් උඩුගඟට යාම සිදු කරන ලද්දේද. එසේය ආචාර්යය එසේනම් තෝ යටිගඟ නොවසව. උඩුගඟ වසව. මැනවි ආචාර්යය ඔබ විසින් කියන ලද තැන වසන්නෙමියි එහි වසන්නේ සිද්ධිය නැවත සන්සුන් කළහ. ජලය පෙරගිය පරිදිමවිය. තවුසා නැවත එම ව්‍යසනයටම පැමිණියේය. හේ නැවත ගොස් බෝසතුන් විමසීය. එම්බල සැඩොල තෝ ගංගාවෙහි ජලය කලක් උඩුගඟට යන්නක්ද කලක් යටිගඟට යන්නක් ද කරයිද එසේය ආචාර්යය සැඩොල තෝ සුඛ විහරණ ඇති පැවිද්දන්ට සැපසේ වසන්ට නො දෙහිය. මින් සත්වැනි දවසෙහි තාගේ හිස සත්කඩකට පැළේවා. මැනව ආචාර්යය, මම සුර්යයාට නැගෙන්නට ඉඩ නොදෙන්නෙමි.
අථ මහාසත්තො චින්තෙසි – “එතස්ස අභිසාපො එතස්සෙව උපරි පතිස්සති, රක්ඛාමි න”න්ති සත්තානුද්දයතාය පුනදිවසෙ ඉද්ධියා සූරියස්ස උග්ගන්තුං න අදාසි. ඉද්ධිමතො ඉද්ධිවිසයො නාම අචින්තෙය්යො, තතො පට්ඨාය අරුණුග්ගං න පඤ්ඤායති, රත්තින්දිවපරිච්ඡෙදො නත්ථි, කසිවණිජ්ජාදීනි කම්මානි පයොජෙන්තො නාම නත්ථි.
ඉක්බිති මහසත් තෙමේ මෙසේ සිතීය. මොහුගේ ශාපය මොහුගේම හිසමත වැටෙන්නේය. ඔහු රකිමියි සත්වයන් කෙරෙහි දයාව ඇති බැවින් දෙවන දවසෙහි සූර්යයාට නැගෙන්නට ඉඩ නොදුන්නේය. සෘද්ධිමත්හුගේ සෘද්ධිවිෂය අචිනත්‍යය එතැන් පටන් අරුණෝද්ගමනයක් නොපැනේ. දිවා දින් රෑ පිරිසිඳීමක් නැත. කෘෂි වණික් කර්මයන්හි යෙදෙන්නෙක් නම් නැත.
මනුස්සා – “යක්ඛාවට්ටො නු ඛො අයං භූතදෙවට්ටොනාගසුපණ්ණාවට්ටො”ති උපද්දවප්පත්තා “කිං නු ඛො කාතබ්බ”න්ති චින්තෙත්වා “රාජකුලං නාම මහාපඤ්ඤං, ලොකස්ස හිතං චින්තෙතුං සක්කොති, තත්ථ ගච්ඡාමා”ති රාජකුලං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. රාජා සුත්වා භීතොපි අභීතාකාරං කත්වා – “මා තාතා භායථ, ඉමං කාරණං ගඞ්ගාතීරවාසී ජාතිමන්තතාපසො ජානිස්සති, තං පුච්ඡිත්වා නික්කඞ්ඛා භවිස්සාමා”ති කතිපයෙහෙව අත්ථචරකෙහි මනුස්සෙහි සද්ධිං තාපසං උපසඞ්කමිත්වා කතපටිසන්ථාරො තමත්ථං පුච්ඡි. තාපසො ආහ – “ආම මහාරාජ, එකො චණ්ඩාලො අත්ථි, සො ඉමං ගඞ්ගාය උදකං කාලෙන අනුසොතගාමිං කාලෙන පතිසොතගාමිං කරොති, මයා තදත්ථං කිඤ්චි කථිතං අත්ථි, තං පුච්ඡථ, සො ජානිස්සතී”ති.
මිනිස්සු මේ යක්ෂාවේශයක් වේදෝ මේ භූත දේවතා නාග සුපර්ණ ආවේශයක් දෝයි උපද්‍රවයට පත්වූහ. කුමක් කළයුතුදැයි සිතන්නාහු රජකුලය නම් මහත් ධාන්‍ය ඇත්තකි. ලෝකයාට යහපතක් සිතන්ට හැක්කේයයි එහි යමුයි රජගෙදරට ගොස් ඒ බව දැන්වූහ. රජතෛමේ අසා බියපත්වුවද නොබියවු අයුරක් පෙන්වා දරුවෙනි, බිය නොවනු මේ කාරණය ගංතෙරවැසි ජාතිමන්ත තවුසා දන්නේය. ඔහු විමසා නිසැක වන්නෙමුයි අර්ථයෙහි හැසිරෙන කිහිප දෙනකු සමග තවුසා කරා එළඹ කරනලද පිළිසඳර ඇත්තේ ඒ බව විමසීය. තවුසා මෙසේ කීය. එසේය මහරජ එක් සැඩොලෙක් ඇත. හේ මේ ගංගාවේ ජලය කලක් යටිගඟටත් කලක් උඩුගඟටත් යවයි. මා විසින් ඒ බව කියා ඇත. ඔහුගෙන් විමසනුමැනවි. ඔහු ඒ බව දන්නේය.
රාජා මාතඞ්ගඉසිස්ස සන්තිකං ගන්ත්වා – “තුම්හෙ, භන්තෙ, අරුණස්ස උග්ගන්තුං න දෙථා”ති පුච්ඡි. ආම, මහාරාජාති. කිං කාරණා භන්තෙති? ජාතිමන්තතාපසකාරණා, මහාරාජ, ජාතිමන්තතාපසෙන ආගන්ත්වා මං වන්දිත්වා ඛමාපිතකාලෙ දස්සාමි මහාරාජාති. රාජා ගන්ත්වා “එථ ආචරිය, තාපසං ඛමාපෙථා”ති ආහ. නාහං, මහාරාජ, චණ්ඩාලං වන්දාමීති. මා ආචරිය, එවං කරොථ, ජනපදස්ස මුඛං පස්සථාති. සො පුන පටික්ඛිපියෙව. රාජා බොධිසත්තං උපසඞ්කමිත්වා “ආචරියො ඛමාපෙතුං න ඉච්ඡිතී”ති ආහ. අඛමාපිතෙ අහං සූරියං න මුඤ්චාමීති. රාජා “අයං ඛමාපෙතුං න ඉච්ඡති, අයං අඛමාපිතෙ සූරියං න මුඤ්චති, කිං අම්හාකං තෙන තාපසෙන, ලොකං ඔලොකෙස්සාමා”ති “ගච්ඡථ, භො, තාපසසන්තිකං, තං හත්ථෙසු ච පාදෙසු ච ගහෙත්වා මාතඞ්ගඉසිස්ස පාදමූලෙ නෙත්වා නිපජ්ජාපෙත්වා ඛමාපෙථ එතස්ස ජනපදානුද්දයතං පටිච්චා”ති ආහ. තෙ රාජපුරිසා ගන්ත්වා තං තථා කත්වා ආනෙත්වා මාතඞ්ගඉසිස්ස පාදමූලෙ නිපජ්ජාපෙත්වා ඛමාපෙසුං.
රජතෙමේ මාතඞ්ග සෘෂිවරයා සමීපයට ගොස් ස්වාමීනි, ඔබවහන්සේ අරුණ නැගෙන්නට නො දෙවුදැයි විමසීය. එසේය මහරජ, කුමක් නිසාද ස්වාමීනි, ජාතිමන්ත තාපසයා පැමිණ මා වැඳ කමාකරනු ලැබු කල්හි දෙන්නෙමි මහරජ. රජතෙමේ ගොස් ආචාර්යයෙනි මෙසේ තවුසා කමා කළමැනැවැයි කීය. මහරජ මම සැඩොලා නොවඳිමි ආචාර්යයෙනි එසේ නොකළ මැනවි. ජනපදයෙහි යහපත බලනු මැනවි. හේ නැවත ප්‍රතික්ෂේප කළේමය. රජ බෝසතුන් කරා එළඹ ආචාර්යයෙනි කමා කරවන්ට නොකැමති යයි කීය. තමා නො කරවූ කල්හි මම සුර්යයා මුදා නොහරිමි. රජ මොහු කමා කරවන්ට නොකැමතිය. මොහු කමා නොකළ කල්හි සුර්යයා නොමිදෙයි. අපට මේ තවුසාගෙන් ඇති ඵලය කිම ලෝකය බලන්නෙමුයි. දරුවෙනි මේ තවුසා ගනිමු තමා අත්පාගෙන මාතංග සෘෂිවරයාගේ පාමුලට පමුණුවා වැදහොවවා ඡනපදයට දයානුකම්පාව නිසා කමා කරවයි කීය.
අහං නාම ඛමිතබ්බං ඛමාමි, අපිච ඛො පන එතස්ස කථා එතස්සෙව උපරි පතිස්සති. මයා සූරියෙ විස්සජ්ජිතෙ සූරියරස්මි එතස්ස මත්ථකෙ පතිස්සති, අථස්ස සත්තධා මුද්ධා ඵලිස්සති. තඤ්ච ඛො පනෙස බ්යසනං මා පාපුණාතු, එථ තුම්හෙ එතං ගලප්පමාණෙ උදකෙ ඔතාරෙත්වා මහන්තං මත්තිකාපිණ්ඩමස්ස සීසෙ ඨපෙථ. අථාහං සූරියං විස්සජ්ජිස්සාමි. සූරියරස්මි මත්තිකාපිණ්ඩෙ පතිත්වා තං සත්තධා භින්දිස්සති. අථෙස මත්තිකාපිණ්ඩං ඡඩ්ඩෙත්වා නිමුජ්ජිත්වා අඤ්ඤෙන තිත්ථෙන උත්තරතු, ඉති නං වදථ, එවමස්ස සොත්ථි භවිස්සතීති. තෙ මනුස්සා “එවං කරිස්සාමා”ති තථා කාරෙසුං. තස්සාපි තථෙව සොත්ථි ජාතා. සො තතො පට්ඨාය – “ජාති නාම අකාරණං, පබ්බජිතානං අබ්භන්තරෙ ගුණොව කාරණ”න්ති ජාතිගොත්තමානං පහාය නිම්මදො අහොසි.
මම වනාහි කමා කෙළ යුත්තකුට කමා කරමි. එසේ වුවත් මොහුගේ කථාව මොහු මතට වැටෙන්නේය. මා සුර්යයා මුදාහළවිට සුර්ය රශ්මිය මොහු මත වැටෙන්නේය. එවිට ඔහුගේ හිස සත් කඩකට පැලෙන්නේය. මොහු ඒ ව්‍යසනයට පත්නොවේවා. මෙහිදී ඔබ මොහු ගෙල පමණ ජලයෙහි බස්වා මහමැටි පිඩක් ඔහුගේ හිසමත තබමු. එවිට මම සූර්යයා මුදා හරින්නෙමි. සුර්ය රශ්මිය මැටිපිඩ මතවැටී එය සත් කඩකට බිඳෙන්නේය. ඉන්පසු ඔහු මැටි පිඬ ඉවත්කර දියෙහි ගිලී අන් තොටකින් නැගී සිටිනුයයි ඔහුට කියන්න. එසේ ඔහුට යහපත වන්නේය. ඒ මිනිස්සු එසේ කරන්නෙමුයි එසේ කළහ. ඔහුටද එසේම යහපත සිදුවිය. හෙතෙමේ එතැන් පටන් ජාතිය නම් වැදගත් නොවේ. පැවිද්දන්ගේ අභ්‍යන්තරයෙහි ගුණයම වැදගත් යයි ජාති ගෝත්රමානය හැරදමා මාන නැත්තෙක් විය.
ඉති ජාතිමන්තතාපසෙ දමිතෙ මහාජනො බොධිසත්තස්ස ථාමං අඤ්ඤාසි, මහාකොලාහලං ජාතං. රාජා අත්තනො නගරං ගමනත්ථාය බොධිසත්තං යාචි. මහාසත්තො පටිඤ්ඤං දත්වා තානි ච අසීතිබ්රාහ්මණසහස්සානි දමෙස්සාමි, පටිඤ්ඤඤ්ච මොචෙස්සාමීති මජ්ඣරාජස්ස නගරං අගමාසි. බ්රාහ්මණා බොධිසත්තං දිස්වාව – භො, “අයං සො, භො මහාචොරො, ආගතො, ඉදානෙව සබ්බෙ එතෙ මය්හං උච්ඡිට්ඨකං ඛාදිත්වා අබ්රාහ්මණා ජාතාති අම්හෙ පාකටෙ කරිස්සති, එවං නො ඉධාපි ආවාසො න භවිස්සති, පටිකච්චෙව මාරෙස්සාමා”ති රාජානං පුන උපසඞ්කමිත්වා ආහංසු – “තුම්හෙ, මහාරාජ, එතං චණ්ඩාලපබ්බජිතං මා සාධුරූපොති මඤ්ඤිත්ථ, එස ගරුකමන්තං ජානාති, පථවිං ගහෙත්වා ආකාසං කරොති, ආකාසං පථවිං, දූරං ගහෙත්වා සන්තිකං කරොති, සන්තිකං දූරං, ගඞ්ගං නිවත්තෙත්වා උද්ධගාමිනිං කරොති, ඉච්ඡන්තො පථවිං උක්ඛිපිත්වා පාතෙතුං මඤ්ඤෙ සක්කොති. පරස්ස වා චිත්තං නාම සබ්බකාලං න සක්කා ගහෙතුං, අයං ඉධ පතිට්ඨං ලභන්තො තුම්හාකං රජ්ජම්පි නාසෙය්ය, ජීවිතන්තරායම්පි වංසුපච්ඡෙදම්පි කරෙය්ය, අම්හාකං වචනං කරොථ, මහාරාජ, අජ්ජෙව ඉමං මාරෙතුං වට්ටතී”ති.
මෙසේ ජාතිමන්ත තවුසා දැමු කල්හි මහාජනයා බෝසතුන්ගේ ශක්තිය දත්හ. මහා කෝලාහලයක් විය. රජතෙමේ තමාගේ නගරයට එනලෙස බෝසතුන් අයැදීය. මහස පිළිණදී ඒ අසුදහසක් බමුණන් දමනය කරන්නෙමි. ප්‍රතිඥාවද මුදන්නෙමියි මෙයින් රජුගේ නගරයට වැඩියහ. බමුණෝ බෝසතුන් දැකම පිනවත්නි මේ මහා චෞරයා පැමිණසිටී. දැන් මොහු මේ සියලු දෙන මාගේ ඉඳුල්බත් කා නොබමුණන් වුහයි අප ප්‍රසිද්ධියට පත් කරන්නේය. එසේ අපට මෙහිද විසුමක් නොවන්නේය. උපක්රමශීලීව ඉවත්කරන්නෙමුයි රජු වෙත එළඹ මෙසේ කීහ. මහරජතුමනි. මේ සැඩොල් පැවිද්දා සාධුරූප ඇත්තෙකැයි නොසිතනු මැනවි. මේතෙමේ මහාබලවත් මන්ත්‍රයක් දනී. පොළොව ගෙන එය අහස කරයි. ආකාශ පෘථිවිය දුර සිට ගෙන ළංකරයි. අසල ගංගාව නවත්වා උඩුගඟට යන්නක් කරයි. කැමැත්තේනම් පොළොව ඔසවා හෙළන්නට හැක්කේය. අනුන්ගේ සිතනම් සැමකල්හි ගන්නට නොහැකිය. මෙතෙමේ මෙහිදි ප්‍රතිෂ්ඨාවක් ලැබේනම් ඔබ වහනසේගේ රාජ්‍යයද නසන්නේය. ජීවිතයට අන්තරායක් හෝ වාසයට විනාශයක් හෝ කරන්නේය. මහරජතුමනි අපගේ වචනය පිළිපදින්න. අදම මොහු ඉවත් කිරීමට වටනේය.
රාජානො නාම පරපත්තියා හොන්ති, ඉති සො බහූනං කථාවසෙන නිට්ඨං ගතො. බොධිසත්තො පන නගරෙ පිණ්ඩාය චරිත්වා උදකඵාසුකට්ඨානෙ මිස්සකොදනං භුඤ්ජිත්වා රාජුය්යානං ගන්ත්වා නිරාපරාධතාය නිරාසඞ්කො මඞ්ගලසිලාපට්ටෙ නිසීදි. අතීතෙ චත්තාලීස, අනාගතෙ චත්තාලීසාති අසීතිකප්පෙ අනුස්සරිතුං සමත්ථඤාණස්ස අනාවජ්ජනතාය මුහුත්තමත්තකෙ කාලෙ සති නප්පහොති, රාජා අඤ්ඤං අජානාපෙත්වා සයමෙව ගන්ත්වා නිරාවජ්ජනතාය පමාදෙන නිසින්නං මහාපුරිසං අසිනා පහරිත්වා ද්වෙ භාගෙ අකාසි. ඉමස්ස රඤ්ඤො විජිතෙ අට්ඨමං ලොහකූටවස්සං, නවමං කලලවස්සං වස්සි. ඉති ඉමස්සාපි රට්ඨෙ නව වුට්ඨියො පතිතා. සො ච රාජා සපරිසො මහානිරයෙ නිබ්බත්තො. තෙනාහ සංකිච්චපණ්ඩිතො –
රජවරුනම් අනුන් විශ්වාස කරන්නෝය. මෙසේ මොහු බොහෝ දෙනකුට කියන ලද ක්‍රමයෙන්ම නිෂ්ඨාවට ගියේය. බෝසත්හුද නුවර පිඬුපිණිස හැසිර ජලපහසුකම් ඇති තැනෙක මුසුබත් වළදා රජ උයනට ගොස් නිරපරාධී බැවින් නිසැකවුවාහු මඟුල්ගල් තලයෙහි හුන්හ. අතීතයේ සතළිසක්ද අනාගතයේ සතලිසක්ද වශයෙන් අසුකල්පයක් සිහිකිරීමට සමත් ඥානයට ආවර්ජනය නොවු බැවින් මොහොතක් කල්හි සිහිය ප්‍රමාණවත් නොවීය. රජතෙමේ අනිකකු නොඅණවා තමාම ගොස් ආවර්ජනය නොවූ බැවින් ප්‍රමාදයෙන් හුන් මහාපුරුෂයා කඩුවෙන් පහරා දෙකඩ කළේය. මේ රජුගේ විජිතයෙහි අටවරක් ලෝහ මුසු වැස්සක් වැස්සේය. නවවරක් මඩ වැසි වැස්සේය මෙසේ මොහුගේ රටෙහිද වැසි නවයක් වැටිණ. ඒ රජද පිරිස් සහිතව මහානිරයෙහි උපන්නේය. සංකිච්ච පණ්ඩිතයා එයින් කීය.
“උපහච්ච මනං මජ්ඣො, මාතඞ්ගස්මිං යසස්සිනෙ; සපාරිසජ්ජො උච්ඡින්නො, මජ්ඣාරඤ්ඤං තදා අහූති”. (ජා· 2.19.96) –
උපහච්ච මනං මෙජ්ඣො - මාතඞ්ගස්මිං යසස්සිනෙ සපාරි සජ්ජො උච්ජින්තො - මෙජ්ඣාරඤ්ඤංතදා අහුති.
යසස්වී මාතංග කෙරෙහි මෙජ්ඣරජ සිත් පහරා පිරිවර සමග නැසුණු බැවින් මෙජ්ඣාරණ්යය ඇතිවිය.
එවං මජ්ඣාරඤ්ඤස්ස අරඤ්ඤභූතභාවො වෙදිතබ්බො. මාතඞ්ගස්ස පන ඉසිනො වසෙන තදෙව මාතඞ්ගාරඤ්ඤන්ති වුත්තං.
මෙසේ මෙධ්‍යාරණ්‍යය අරණ්යවු බව දතයුතුය. මාතංග ඍෂිවරයාගේ වශයෙන් එම මාතංගා රණ්යය යයි කියන ලදී.
පඤ්හපටිභානානීති පඤ්හබ්යාකරණානි. පච්චනීකං කතබ්බන්ති පච්චනීකං කාතබ්බං. අමඤ්ඤිස්සන්ති විලොමභාගං ගණ්හන්තො විය අහොසින්ති අත්ථො.
පඤ්හ පටිභානා යනු ප්‍රශ්න විසඳීම්. පච්චනීකාතබ්බං යනු විරුද්ධ කළයුතු. අමඤ්ඤිස්සං යනු විෂමභාගය ගන්නාක් මෙන්විය යන අර්ථයි.
අනුවිච්චකාරන්ති අනුවිචාරෙත්වා චින්තෙත්වා තුලයිත්වා කාතබ්බං කරොහීති වුත්තං හොති. සාධු හොතීති සුන්දරො හොති. තුම්හාදිසස්මිඤ්හි මං දිස්වා මං සරණං ගච්ඡන්තෙ නිගණ්ඨං දිස්වා නිගණ්ඨං සරණං ගච්ඡන්තෙ – “කිං අයං උපාලි දිට්ඨදිට්ඨමෙව සරණං ගච්ඡතී”ති? ගරහා උප්පජ්ජිස්සති, තස්මා අනුවිච්චකාරො තුම්හාදිසානං සාධූති දස්සෙති. පටාකං පරිහරෙය්යුන්ති තෙ කිර එවරූපං සාවකං ලභිත්වා – “අසුකො නාම රාජා වා රාජමහාමත්තො වා සෙට්ඨි වා අම්හාකං සරණං ගතො සාවකො ජාතො”ති පටාකං උක්ඛිපිත්වා නගරෙ ඝොසෙන්තා ආහිණ්ඩන්ති. කස්මා? එවං නො මහන්තභාවො ආවි භවිස්සතීති ච, සචෙ තස්ස “කිමහං එතෙසං සරණං ගතො”ති විප්පටිසාරො උප්පජ්ජෙය්ය, තම්පි සො “එතෙසං මෙ සරණගතභාවං බහූ ජානන්ති, දුක්ඛං ඉදානි පටිනිවත්තිතු”න්ති විනොදෙත්වා න පටික්කමිස්සතීති ච. “තෙනාහ පටාකං පරිහරෙය්යු”න්ති.
අනුවිච්චකාරං යනු අනුව දැන සිතා තුලනය කොට කළයුත්ත කරවයි කියන ලද්දේ වෙයි. සාධුහොති යනු සොඳුරු වෙයි. ඔබවැන්නවුන් මා දැක මා සරණ යන කල්හි නිගණ්ඨයකු දැක නිගණ්ඨයකු සරණ යන කල්හි කිමෙක්ද මේ උපාලි, දුටුදුටුදේම සරණ යතියි ගර්හාව උපදී. ඒනිසා අනුව දැන කිරීම ඔබ වැන්නවුන්ට මැනැවැයි දක්වයි. පටාකං පරිහරෙය්යුං යනු ඔවුහු වනාහි මෙබඳු ශ්‍රාවකයකු ලැබ අසුවල් නමැති රජහෝ රාජමහා මාත්‍රයෙක් හෝ සිටු වරයෙක් හෝ අපගේ සරණගිය ශ්‍රාවකයෙක් වීයයි පතාකාවක් ඔසවා නගරයෙහි ඝෝෂාකරමින් ඇවිදිත් ඒනිසා අපගේ මහත්බව පහළවන්නේය. යම්හෙයකින් මම මොවුන්ගේ සරණ ගියෙම්දැයි විපිළිසරක් උපදීනම් එයද හේ මොවුන් මාගේ සරණ ගිය බව බොහෝ දෙනෙක් දනිති. දැන් දුක නැවැත්වීමට යයි නැති කොට ආපසු නොයන්නේය. ඒනිසා පටාකජ පරිහරෙය්යුං යයි කීය.
ඔපානභූතන්ති පටියත්තඋදපානො විය ඨිතං. කුලන්ති තව නිවෙසනං. දාතබ්බං මඤ්ඤෙය්යාසීති පුබ්බෙ දසපි වීසතිපි සට්ඨිපි ජනෙ ආගතෙ දිස්වා නත්ථීති අවත්වා දෙති. ඉදානි මං සරණං ගතකාරණමත්තෙනව මා ඉමෙසං දෙය්යධම්මං, උපච්ඡින්දිත්ථ, සම්පත්තානඤ්හි දාතබ්බමෙවාති ඔවදති. සුතමෙතං, භන්තෙති කුතො සුතං? නිගණ්ඨානං සන්තිකා, තෙ කිර කුලඝරෙසු එවං පකාසෙන්ති – “මයං ‘යස්ස කස්සචි සම්පත්තස්ස දාතබ්බ’න්ති වදාම, සමණො පන ගොතමො ‘මය්හමෙව දානං දාතබ්බං…පෙ… න අඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵල’න්ති වදතී”ති. තං සන්ධාය අයං ගහපති “සුතමෙත”න්ති ආහ.
ධපාන භූතං යනු පිළියෙල කළ ළිඳක් මෙන් සිටි. කුලං යනු ඔබගේ නිවස දාතබ්බං මඤ්ඤෙය්යාසි යනු පෙර මිනිසුන් දසදෙනකු විසිදෙනකු සැටදෙනකු වුවත් පැමිණි කල්හි දැක නැතැයි නොකියා දෙයි. දැන් මා සරණ ගිය කාරණය නිසාම මොවුන්ගේ දියයුතු දෙය නොසිදින්න පැමිණිය ඔවුන්ට දිය යුතුමයයි ඔවදන්දෙයි. සුතංමෙතං භන්තෙ යනු කොතැනින් අසන ලද්ද, නිගණ්ඨයන් සමීපයෙන්, ඔවුහු කුලගෙවලදී මෙසේ පවසත් අපි පැමිණි යම්කිසිවකුට දියයුතුයයි කියමු. ශ්‍රමණ භවත් ගෞතමයෝ මටම දන් දියයුතුයයි -පෙ- අනිකුත් ශ්‍රාවකයන්ට දුන් දැය මහත් ඵලයයි කියතියි ඒ සඳහා මේ ගෘහපතියා සුතංමෙතං මා විසින් එය අසන ලදී යයි කීය.
අනුපුබ්බිං කථන්ති දානානන්තරං සීලං, සීලානන්තරං සග්ගං, සග්ගානන්තරං මග්ගන්ති එවං අනුපටිපාටිකථං. තත්ථ දානකථන්ති ඉදං දානං නාම සුඛානං නිදානං, සම්පත්තීනං මූලං, භොගානං පතිට්ඨා, විසමගතස්ස තාණං ලෙණං ගතිපරායණං, ඉධලොකපරලොකෙසු දානසදිසො අවස්සයො පතිට්ඨා ආරම්මණං තාණං ලෙණං ගති පරායණං නත්ථි. ඉදඤ්හි අවස්සයට්ඨෙන රතනමයසීහාසනසදිසං, පතිට්ඨානට්ඨෙන මහාපථවිසදිසං, ආලම්බනට්ඨෙන ආලම්බනරජ්ජුසදිසං. ඉදඤ්හි දුක්ඛනිත්ථරණට්ඨෙන නාවා, සමස්සාසනට්ඨෙන සඞ්ගාමසූරො, භයපරිත්තාණට්ඨෙන සුසඞ්ඛතනගරං, මච්ඡෙරමලාදීහි අනුපලිත්තට්ඨෙන පදුමං, තෙසං නිදහනට්ඨෙන අග්ගි, දුරාසදට්ඨෙන ආසීවිසො. අසන්තාසනට්ඨෙන සීහො, බලවන්තට්ඨෙන හත්ථී, අභිමඞ්ගලසම්මතට්ඨෙන සෙතවසභො, ඛෙමන්තභූමිසම්පාපනට්ඨෙන වලාහකො අස්සරාජා. දානං නාමෙභං මය්හං ගතමග්ගො, මය්හෙවෙසො වංසො, මයා දස පාරමියො පූරෙන්තෙන වෙලාමමහායඤ්ඤො, මහාගොවින්දමහායඤ්ඤො මහාසුදස්සනමහායඤ්ඤො, වෙස්සන්තරමහායඤ්ඤොති අනෙකමහායඤ්ඤා පවත්තිතා, සසභූතෙන ජලිතෙ අග්ගික්ඛන්ධෙ අත්තානං නිය්යාදෙන්තෙන සම්පත්තයාචකානං චිත්තං ගහිතං. දානඤ්හි ලොකෙ සක්කසම්පත්තිං දෙති, මාරසම්පත්තිං දෙති, බ්රහ්මසම්පත්තිං දෙති, චක්කවත්තිසම්පත්තිං දෙති, සාවකපාරමීඤාණං, පච්චෙකබොධිඤාණං, අභිසම්බොධිඤාණං දෙතීති එවමාදිං දානගුණපටිසංයුත්තං කථං.
ආනුපුබ්බීකථං යනු දානයට පසු ශීලය, ශීලයට පසු ස්වර්ගය, ස්වර්ගයට පසු මාර්ගය - මෙසේ අනු පිළිවෙළ කථාව. එහි දාන කථාව යනු මේ දානය නම් සැපයන්ගේ දානයයි. සම්පත්තීන්ගේ මූලාරම්භයයි. භෝගයන්ගේ ප්‍රතිෂ්ඨාවයි. නොමග ගියහුගේ ක්ෂේම භූමියයි. ආරක්ෂක ස්ථානයයි. යන ස්ථානයයි. සරණයි. මෙලෝ පරලෝවල දානය හා සමාන ආරක්ෂාවක් ප්‍රතිෂ්ඨාවක් අරමුණක් පිළිසරණක් සැඟවෙන තැනක් ගමනක් ආධාරයක් නැත. මෙය වනාහී ආරක්ෂා අර්ථයෙන් රුවන් මුවා සිහසුනක්වන් ප්‍රතිස්ථාන අර්ථයෙන් මහපොළොව හා සමය. ආරණම් අර්ථයෙන් එල්බෙන කඹයක් හා සමය. මෙය දුකින් එගොඩ කරන අරුතින් නැවක්ය. අස්වසන අර්ථයෙන් සංග්රාම ශුරයෙකි. භයින් ආරක්ෂාකරන අර්ථයෙන් මැනවින් සැකැසුණු නගරයකි. මසුරුමල ආදියෙන් නොතැවරුණු අර්ථයෙන් නෙළුම් මලකි. ඒවා දවාලන අර්ථයෙන් ගින්දරය. ළංවීමට අපහසුය යන අර්ථයෙන් ආශීර්විෂයෙකි. නිර්භීතව ඛාදනය කරන අර්ථයෙන් සිංහයෙකි. බලවත්ය යන අර්ථයෙන් ඇතෙකි. මංගල සම්මතය යන අර්ථයෙන් ධවල අශ්වයෙකි. භූමිය සරුකරන අර්ථයෙන් වලාහක අස්රජකි. දානය නමැති මෙය මා ගිය මඟයි. එය මාගේම වංශයයි. දස පෙරුම්දම් පුරන මාවිසින් වේලාම මහායාගය, මහා ගෝවින්ද මහා යාගය, මහා සුදර්ශන මහායාගය. වෙස්සන්තරමහා යාගය ආදී නොයෙක් මහා යාග පවත්වන ලදී. සාවකු වූ මා විසින් දිලුණු ගිනිකඳන් තමා නිවාදමන්නාහු විසින් පැමිණි යාචකයන්ගේ සිත ගන්නා ලදී. දානය වනාහි ලෝකයෙහි ශක්‍රසම්පත් දෙයි. මාරසම්පත්, බ්‍රහ්මසම්පත්. චක්‍රවර්ති සම්පත් ශ්‍රාවක පාරමී ඥනය පච්චෙක බෝධි ඥානය අභිසම්බෝධි ඥානය දෙයි. මේ ආදී වශයෙන් දානයෙහි ගුණ යුත් කථාවයි.
යස්මා පන දානං දදන්තො සීලං සමාදාතුං සක්කොති, තස්මා තදනතරං සීලකථං කථෙසි. සීලකථන්ති සීලං නාමෙතං අවස්සයො පතිට්ඨා ආරම්මණං තාණං ලෙණං ගති පරායණං, සීලං නාමෙතං මම වංසො, අහං සඞ්ඛපාලනාගරාජකාලෙ, භූරිදත්තනාගරාජකාලෙ, චම්පෙය්යනාගරාජකාලෙ, සීලවනාගරාජකාලෙ, මාතුපොසකහත්ථිරාජකාලෙ, ඡද්දන්තහත්ථිරාජකාලෙති අනන්තෙසු අත්තභාවෙසු සීලං පරිපූරෙසිං. ඉධලොකපරලොකසම්පත්තීනඤ්හි සීලසදිසො අවස්සයො, සීලසදිසා පතිට්ඨා, ආරම්මණං තාණං ලෙණං ගති පරායණං නත්ථි, සීලාලඞ්කාරසදිසො අලඞ්කාරො නත්ථි, සීලපුප්ඵසදිසං පුප්ඵං නත්ථි, සීලගන්ධසදිසො ගන්ධො නත්ථි. සීලාලඞ්කාරෙන හි අලඞ්කතං සීලකුසුමපිළන්ධනං සීලගන්ධානුලිත්තං සදෙවකොපි ලොකො ඔලොකෙන්තො තිත්තිං න ගච්ඡතීති එවමාදිං සීලගුණපටිසංයුත්තං කථං.
දානය දෙන්නේ සීලය සමාදන් වීමටද හැක්කේ කුමක්නිසාද? ඒනිසා ඉන්අනතුරුව සීලකථාව කීය: සීලකථාව යනු: සීලය නම්වූ මෙය ආරක්ෂාවයි ප්‍රතිෂ්ඨාවයි අරමුණයි ක්ෂේමස්ථානයයි. සැඟවෙන ස්ථානයයි ගමනය පිළිසරණය සීලය නම් වූ මෙය මාගේ වංශයයි. මම සංඛපාල රජකල්හි, භූරිදත්ත නාරජ කල්හි, චම්පෙය්යනාරජ කල්හි සීලව නාරජ කල්හි මාතුපොසක ඇත්රජකල්හි ඡද්දන්ත ඇත් රජ කල්හි යනුවෙන් අනන්තවු ආත්මභාවයන්හි සිල් පිරුවෙ. මෙලෝ පරලෝ සම්පත්තීන් අතර සීලය සමාන ආරක්ෂාවක් නැත. සීලය හා සමාන ප්‍රතිෂ්ඨාවක් නැත. අරමුණක් නැත. ක්ෂේමස්ථානයක් නැත. සැඟවෙන තැනක් නැත. ගමනක් නැත. පිළිසරණක් නැත. සීලාලංකාරය සමාන අලංකාරයක් නැත. සිල්මල් සමාන මලක් නැත. සිල් සුවඳ සමාන සුවඳක් නැත. සීලාලංකාරයෙන් අලංකෘතවූ සිල්මල් පළඳනාවක් සිල් සුවඳ ආලේපනයක් දෙවියන් සහිත ලෝකය බලන්නේ තෘප්තියට නොයයි. මේ ආදිය සිත්ගුණයුත් කථාවයි.
ඉදං පන සීලං නිස්සාය අයං සග්ගො ලබ්භතීති දස්සෙතුං සීලානන්තරං සග්ගකථං කථෙසි. සග්ගකථන්ති අයං සග්ගො නාම ඉට්ඨො කන්තො මනාපො, නිච්චමෙත්ථ කීළා, නිච්චං සම්පත්තියො ලබ්භන්ති, චාතුමහාරාජිකා දෙවා නවුතිවස්සසතසහස්සානි දිබ්බසුඛං දිබ්බසම්පත්තිං අනුභවන්ති, තාවතිංසා තිස්සො ච වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානීති එවමාදිං සග්ගගුණපටිසංයුත්තං කථං. සග්ගසම්පත්තිං කථයන්තානඤ්හි බුද්ධානං මුඛං නප්පහොති. වුත්තම්පි චෙතං “අනෙකපරියායෙන ඛො අහං, භික්ඛවෙ, සග්ගකථං කථෙය්ය”න්තිආදි (ම· නි· 3.255).
මේ වනාහි සීලය නිසා මේ ස්වර්ගය ලබතියි දක්වන්ට සීලයෙන් අනතුරුව සග්ග කථාව කීය. සග්ගකථායනු මේ ස්වර්ගය වනාහි ඉෂ්ටය කාන්තය මනාපය, මෙහි නිතරම සන්තෝෂයයි නිතර සම්පත් ලබත්. චාතුර්මහා රාජික දෙවියෝ අනූ ලක්ෂයක් අවුරුදු දිව්‍යසැප සහ දිව්‍ය සම්පත්, තාවතිංසදෙවියෝ තිස් කෝටි හැට ලක්ෂයක් අවුරුදුද ලබත්. මේ ආදී ස්වර්ගගුණ යුතු කථාව, ස්වර්ග සම්පත් කියන්නාවු බුදුවරුන්ගේ මුව සමත් නොවේ. කියන ලද්දේද වෙයි. මහණෙනි නොයෙක් ආකාරයෙන් සග්ග කථා තියන්නේ වුවද බුදුවරුන්ගේ මුව සමත් නොවේ.
එවං සග්ගකථාය පලොභෙත්වා පුන හත්ථිං අලඞ්කරිත්වා තස්ස සොණ්ඩං ඡින්දන්තො විය – “අයම්පි සග්ගො අනිච්චො අද්ධුවො, න එත්ථ ඡන්දරාගො කාතබ්බො”ති දස්සනත්ථං – “අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො”තිආදිනා (පාචි· 417; ම· නි· 1.235) නයෙන කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං කථෙසි. තත්ථ ආදීනවොති දොසො. ඔකාරොති අවකාරො ලාමකභාවො. සංකිලෙසොති තෙහි සත්තානං සංසාරෙ සංකිලිස්සනං. යථාහ “කිලිස්සන්ති වත, භො, සත්තා”ති (ම· නි· 2.351).
මෙසේ සග්ගකථාවට පොළඹවා ඇතු අලංකාරකොට උගේ සොඬ සිඳලන්නාක්මෙන් මේ ස්වර්ගය ද අනිත්‍යය. ස්ථිර නැත එහි ඡන්දරාගය නොකටයුතුයයි දක්වනු පිණිස කාමයෝ අල්පාස්වාද ඇත්තෝය. බොහෝ දුක් ඇත්තෝය. බොහෝ උපායාස ඇත්තෝය මෙහි ආදීනවද බොහෝ යයි ආදී ක්‍රමයෙන් කාමයන්ගේ ආදීනවය පහත්ය. කෙලෙස් සහිතයයි කීහ. එහි ආදීනවො යනු දෝෂයයි. ඔකාරො යනු පහත්ය. ලමක බවෙන් යුතුය. සඞ්කිලෙසො යනු ඒවායින් සත්ත්වයන්ගේ සංසාරයෙහි කිළිටිවීමය.
එවං කාමාදීනවෙන තජ්ජිත්වා නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. කල්ලචිත්තන්ති අරොගචිත්තං. සාමුක්කංසිකාති සාමං උක්කංසිකා අත්තනායෙව ගහෙත්වා උද්ධරිත්වා ගහිතා, සයම්භූඤාණෙන දිට්ඨා, අසාධාරණා අඤ්ඤෙසන්ති අත්ථො. කා පනෙසාති, අරියසච්චදෙසනා? තෙනෙවාහ – “දුක්ඛං සමුදයං නිරොධං මග්ග”න්ති.
යම්සේ කියන ලද්දේද. පින්වත්නි සත්වයෝ කිළිටිවෙතියි මෙසේ කාමාදිනවයෙන් තර්ජනය කොට නෛෂ්ක්‍රම්‍යයෙහි ආනිසංස ප්‍රකාශ කළහ. කල්ලචිත්තං යනු රෝගී නොවු සිත සාමුක්කංසිකා යනු තමා විසින්ම උසස්සේ සලකනලද, තමාවිසින්ම උදුරා ගත් ස්වයම්භූ ඥානයෙන් දුටු අනන්‍ය සාධාරණයන අර්ථයි. ඒ කුමක්ද? ආර්යසත්ය දේශනාවයි. එහෙයින් කියන ලදී. දුක, දුකහටගැනීම දුකනැතිකිරීම දුක නැති කිරීමේ මාර්ගය,
විරජං වීතමලන්ති රාගරජාදීනං අභාවා විරජං, රාගමලාදීනං විගතත්තා වීතමලං. ධම්මචක්ඛුන්ති උපරි බ්රහ්මායුසුත්තෙ තිණ්ණං මග්ගානං, චූළරාහුලොවාදෙ ආසවක්ඛයස්සෙතං නාමං. ඉධ පන සොතාපත්තිමග්ගො අධිප්පෙතො. තස්ස උප්පත්තිආකාරදස්සනත්ථං “යංකිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති ආහ. තඤ්හි නිරොධං ආරම්මණං කත්වා කිච්චවසෙන එවං සබ්බසඞ්ඛතං පටිවිජ්ඣන්තං උප්පජ්ජති.
විරජං වීතමලං යනු රාගරජස් ආදීන්ගේ අභාවය විරජයි. රාගමල ආදීන්ගේ පහසු බැවින් වීනතල නමි ධම්මචක්ඛුං යනු ඉහත බ්‍රහ්මායු සූත්‍රයෙහි මාර්ග තුනට. චුල්ලරාහුලොවාද සූත්‍රයෙහි ආශ්රවක්ෂයට මේ නමයි. මෙහි සෝතාපත්ති මාර්ගය අභිප්‍රේතයි. එහි උත්පත්ති ආකාර දක්වනු පිණිස. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බංතං නිරොධධම්මං යනුවෙන් කීය. එය නිරෝධය අරමුණුකොට කෘත්‍ය වශයෙන් මෙසේ එය සියලු සංඛත ධර්මයන් අවබෝධ කරන්නාටද උපදී.
දිට්ඨො අරියසච්චධම්මො එතෙනාති දිට්ඨධම්මො. එස නයො සෙසපදෙසුපි. තිණ්ණා විචිකිච්ඡා අනෙනාති තිණ්ණවිචිකිච්ඡො. විගතා කථංකථා අස්සාති විගතකථංකථො. වෙසාරජ්ජප්පත්තොති වෙසාරජ්ජං පත්තො. කත්ථ? සත්ථු සාසනෙ. නාස්ස පරො පච්චයො, න පරස්ස සද්ධාය එත්ථ වත්තතීති අපරප්පච්චයො.
ආර්ය සත්‍ය ධර්මය මොහු විසින් දක්නාලද්දේය යනුවෙන් දිට්ඨධම්මො සෙසු පදයන්හිද මෙම ක්‍රමය මැයි. විචිකිච්ඡාව මොහු විසින් එතර කරන ලද්දේ නුයි තිණ්ණවිචිකිච්ඡො විගතවු කථංකතා මොහුට නුයි විපාතකථංකථො විශාරද බවට පත්වූයේනුයි වෙසාරජ්ජං පත්තො. ශාස්තෘෘශාසනයෙහි කිනම් තැනද, ඔහු ගේ පරප්‍රත්‍ය නැත. අන්‍යයාගේ ශ්‍රද්ධාව පිණිස මෙහි නොපවතීනුයි අපරප්පච්චයො.
චිත්තෙන සම්පටිච්ඡමානො අභිනන්දිත්වා, වාචාය පසංසමානො අනුමොදිත්වා. ආවරාමීති ථකෙමි පිදහාමි. අනාවටන්ති න ආවරිතං විවටං උග්ඝාටිතං.
සිතින් පිළිගනිමින් අතිශයින් සතුටුව වචනයෙන් ප්‍රශංසාකරමින් අනුමොදිත්වා ආවරාමි යනු වසාතබමි. අනාවට්ටං යනු නොවසා නොතබන ලද්දේ. විවෘත කරන ලද්දේ හෙළිදරවු කරනලද්දේ.
අස්සොසි ඛො දීඝතපස්සීති සො කිර තස්ස ගතකාලතො පට්ඨාය – “පණ්ඩිතො ගහපති, සමණො ච ගොතමො දස්සනසම්පන්නො නිය්යානිකකථො, දස්සනෙපි තස්ස පසීදිස්සති, ධම්මකථායපි පසීදිස්සති, පසීදිත්වා සරණං ගමිස්සති, ගතො නු ඛො සරණං ගහපති න තාව ගතො”ති ඔහිතසොතොව හුත්වා විචරති. තස්මා පඨමංයෙව අස්සොසි.
අස්සොසි ඛොදිසතපස්සී යනු හෙතෙමේ ඔහු ගියකල්පටන් පණ්ඩිතවු ගෘහපතියාද ශ්‍රමණ ගෞතමයෝද දර්ශන සම්පන්න වූවෝ නෛර්යාණික කථා ඇත්තාහු ඔහු දර්ශනයෙහිද පහන්වන්නේය ධර්ම කථාවෙහිද පහදින්නේය. පැහැදී සරණ යන්නේය. යන ලද්දේ සරණ යන්නේය ගියේ පමණක් නොව යොමුකළ කන් ඇත්තේම හැසිරෙයි. ඒනිසා පළමුකොටම ඇස්විය.
තෙන හි සම්මාති බලවසොකෙන අභිභූතො “එත්ථෙව තිට්ඨා”ති වචනං සුත්වාපි අත්ථං අසල්ලක්ඛෙන්තො දොවාරිකෙන සද්ධිං සල්ලපතියෙව.
තෙනහි සම්මා යනු බලවත් ශෝකයෙන් මැඩුණේ මෙහිම සිටුවයි යන වචනය අසාද යන අර්ථය නොසලකන්නේ දොරටුපල්ලා සමගින් සල්ලාපයෙහි යෙදේමැයි.
මජ්ඣිමාය ද්වාරසාලායාන්ති යස්ස ඝරස්ස සත්ත ද්වාරකොට්ඨකා, තස්ස සබ්බඅබ්භන්තරතො වා සබ්බබාහිරතො වා පට්ඨාය චතුත්ථද්වාරකොට්ඨකො, යස්ස පඤ්ච, තස්ස තතියො, යස්ස තයො, තස්ස දුතියො ද්වාරකොට්ඨකො මජ්ඣිමද්වාරසාලා නාම. එකද්වාරකොට්ඨකස්ස පන ඝරස්ස මජ්ඣට්ඨානෙ මඞ්ගලත්ථම්භං නිස්සාය මජ්ඣිමද්වාරසාලා. තස්ස පන ගෙහස්ස සත්ත ද්වාරකොට්ඨකා, පඤ්චාතිපි වුත්තං.
මජ්ඣිමාය ද්වාරසාලාය යනු යම් ගෙයක දොරකොටු සතක් සියලු අභ්‍යන්තරයෙන්ද සියලු බාහිරයෙන්ද පටන් සිව්දොරකොටු යමක පහක් ඇත්ද එයින් තෙවැන්න. යමක තුනක් ඇත්ද එහි දෙවැනි දොර කොටුව මැදදොර කොටුව නම්, එක් දොර කොටුවක් ඇති ගෙයක මධ්‍යස්ථානයෙහි මඟුල්ටැඹ නිසා මැද දොර ශාලාව වේද එම ගෙහි දොරකොටුසත පසක්යයිද කියන ලදී.
අග්ගන්තිආදීනි සබ්බානි අඤ්ඤමඤ්ඤවෙවචනානි. යං සුදන්ති එත්ථ යන්ති යං නාටපුත්තං. සුදන්ති නිපාතමත්තං. පරිග්ගහෙත්වාති තෙනෙව උත්තරාසඞ්ගෙන උදරෙ පරික්ඛිපන්තො ගහෙත්වා. නිසීදාපෙතීති සණිකං ආචරිය, සණිකං ආචරියාති මහන්තං තෙලඝටං ඨපෙන්තො විය නිසීදාපෙති. දත්තොසීති කිං ජළොසි ජාතොති අත්ථො. පටිමුක්කොති සීසෙ පරික්ඛිපිත්වා ගහිතො. අණ්ඩහාරකොතිආදිං දුට්ඨුල්ලවචනම්පි සමානං උපට්ඨාකස්ස අඤ්ඤථාභාවෙන උප්පන්නබලවසොකතාය ඉදං නාම භණාමීති අසල්ලක්ඛෙත්වාව භණති.
අග්ගං යනු ආදීවු සියලු එකිනෙක වෙනත්වචන යං සුද යනු මෙහි යං යනු යම් නාථපුත්‍රයා සුදං යනු නිපාත මාත්‍රයෙකි. පරිග්ගහෙත්වා යනු එම උතුරුසළුවෙන්ම උදරය වටා බැඳ ගෙන, නිසීදාපෙති යනු ආවාර්යය, වහා ආවාර්යය වහා යයි මහ තෙල් කළයක් තබන්නාක් මෙන් හිඳුවයි. දත්තොසි යනු කිම මෝඩයෙක් වූයේද යන අර්ථයි. පටිමුක්කො යනු හිස වටකොට ගනු ලැබුයේ බිජුවට ගෙනයන්නෙකැයි ආදි දුකුළා වදන්ද, ඇතිව උපස්ථායකයාගේ වෙනස් අසුරෙකින් උපන් බලවත්ශෝක ඇති බැවින් මෙය කියමියි නොසලකාම කියයි.
භද්දිකා, භන්තෙ, ආවට්ටනීති නිගණ්ඨො මායමෙව සන්ධාය වදති, උපාසකො අත්තනා පටිවිද්ධං සොතාපත්තිමග්ගං. තෙන හීති නිපාතමත්තමෙතං, භන්තෙ, උපමං තෙ කරිස්සාමිච්චෙව අත්ථො. කාරණවචනං වා, යෙන කාරණෙන තුම්හාකං සාසනං අනිය්යානිකං, මම සත්ථු නිය්යානිකං, තෙන කාරණෙන උපමං තෙ කරිස්සාමීති වුත්තං හොති.
භද්දිකා භන්තො ආවට්ටනී යනු නිගණ්ඨයා රැවටීමම නිසා උපාසකයා කියයි. තමා අවබෝධකරගත් සෝවාන් මග තෙනහි යනු නිපාත මාත්‍රයක්මය. ස්වාමීනි මම ඔබවහන්සේට උපමාවක් කරන්නෙමි. මෙසේ අර්ථවෙයි හේතු අර්ථය හෝවෙයි යට කරුණකින් තොපගේ සසුන අනෛර්යාණිකද මාගේ ශාස්තෘෘවරයාගේ සසුන නෛර්යාණිකය ඒ කරුණින් ඔබට උපමාවක් කරන්නෙමියි කියන ලද්දේ වෙයි.
උපවිජඤ්ඤාති විජායනකාලං උපගතා. මක්කටච්ඡාපකන්ති මක්කටපොතකං. කිණිත්වා ආනෙහීති මූලං දත්වාව ආහර. ආපණෙසු හි සවිඤ්ඤාණකම්පි අවිඤ්ඤාණකම්පි මක්කටාදිකීළනභණ්ඩකං වික්කිණන්ති. තං සන්ධායෙතං ආහ. රජිතන්ති බහලබහලං පීතාවලෙපනරඞ්ගජාතං ගහෙත්වා රජිත්වා දින්නං ඉමං ඉච්ඡාමීති අත්ථො. ආකොටිතපච්චාකොටිතන්ති ආකොටිතඤ්චෙව පරිවත්තෙත්වා පුනප්පුනං ආකොටිතඤ්ච. උභතොභාගවිමට්ඨන්ති මණිපාසාණෙන උභොසු පස්සෙසු සුට්ඨු විමට්ඨං ඝට්ටෙත්වා උප්පාදිතච්ඡවිං.
උපවිජඤ්ඤා යනු වදනකල් පැමිණියේය. මක්කටච්ඡාපකං යනු වඳුරු පැටියා කිණිත්වා ආනෙහි යනු මිලදී ගෙනව. ආපණවල අවිඥානකවුද සවිඥානකවුද වඳුරු ආදී කෙළිබඩු විකුණති. ඒ සඳහා මෙය කියන ලදී. රඤ්ජිතං යනු සනසනවා පීතවර්‍ණ ආලේපන අලංකාරණ බඩු ගෙන අලංකාර කොට දෙනලද දෙයට කැමති වෙමි යන අර්ථයි. ආකොටිතපච්චාකොටිතං යනු තලන ලද ද පෙරළා නැවත නැවත තලනලද ද උභතොභාග විමට්ටං යනු මැණික් ගලින් දෙපස මනාසේ මට කොට ගටා උපදවාගත් සම
රඞ්ගක්ඛමො හි ඛොති සවිඤ්ඤාණකම්පි අවිඤ්ඤාණකම්පි රඞ්ගං පිවති. තස්මා එවමාහ. නො ආකොට්ටනක්ඛමොති සවිඤ්ඤාණකස්ස තාව ආකොට්ටනඵලකෙ ඨපෙත්වා කුච්ඡියං ආකොටිතස්ස කුච්ඡි භිජ්ජති, කරීසං නික්ඛමති. සෙසී ආකොටිතස්ස සීසං භිජ්ජති, මත්තලුඞ්ගං නික්ඛමති. අවිඤ්ඤාණකො ඛණ්ඩඛණ්ඩිතං ගච්ඡති. තස්මා එවමාහ. නො විමජ්ජනක්ඛමොති සවිඤ්ඤාණකො මණිපාසාණෙන විමද්දියමානො නිල්ලොමතං නිච්ඡවිතඤ්ච ආපජ්ජති, අවිඤ්ඤාණකොපි වචුණ්ණකභාවං ආපජ්ජති. තස්මා එවමාහ. රඞ්ගක්ඛමො හි ඛො බාලානන්ති බාලානං මන්දබුද්ධීනං රඞ්ගක්ඛමො, රාගමත්තං ජනෙති, පියො හොති. පණ්ඩිතානං පන නිගණ්ඨවාදො වා අඤ්ඤො වා භාරතරාමසීතාහරණාදි නිරත්ථකකථාමග්ගො අප්පියොව හොති. නො අනුයොගක්ඛමො, නො විමජ්ජනක්ඛමොති අනුයොගං වා වීමංසං වා න ඛමති, ථුසෙ කොට්ටෙත්වා තණ්ඩුලපරියෙසනං විය කදලියං සාරගවෙසනං විය ච රිත්තකො තුච්ඡකොව හොති. රඞ්ගක්ඛමො චෙව පණ්ඩිතානන්ති චතුසච්චකථා හි පණ්ඩිතානං පියා හොති, වස්සසතම්පි සුණන්තො තිත්තිං න ගච්ඡති. තස්මා එවමාහ. බුද්ධවචනං පන යථා යථාපි ඔගාහිස්සති මහාසමුද්දො විය ගම්භීරමෙව හොතීති “අනුයොගක්ඛමො ච විමජ්ජනක්ඛමො චා”ති ආහ. සුණොහි යස්සාහං සාවකොති තස්ස ගුණෙ සුණාහීති භගවතො වණ්ණෙ වත්තුං ආරද්ධො.
රංගක්ඛමොඛො යනු සවිඥානකවුද අවිඥානකවුද සායම් බොයි. ඒනිසා මෙසේ කීය. නො ආකොටනක්ඛමො යනු සවිඥානක වුවහුට කොටන ඵලකයෙහි තබා කුසෙහි තලනුලැබුවහුගේ කුස බිඳෙයි. මොළය නික්මෙයි. අවිඥානකය කඩකඩව යයි. ඒනිසා මෙසේ කීය. නො විමජ්ජනක්ඛමො යනු සවිඥානකවු දෙය මැණික් ගලින් මදිනු ලබනවිට ලොම් නැති බවට සම නැති බවට පැමිණේ අවිඥානකය සුණුවිසුණු බවට පැමිණෙයි. එනිසා එය රඞ්ගක්ඛම යයි කිය. බාලානං යනු බාලයන් බුද්ධිහීනයන්ට රංගක්ෂමය රාගමාත්රයට දනවයි ප්‍රියවෙයි. නුවණැත්තන්ට නම් නිගණ්ඨවාදය හෝ අන් හෝ භාරත රාමායණාදී නිරර්ථක කථාමාර්ගය අප්‍රියම වෙයි. නො අනුයොගක්ඛමො නො විමජ්ජ නක්ඛමො යනු ගැළැපීමක් හෝ විමර්ශනයක් නො ඉවසයි බොල් කොටා සහල් සෙවීම මෙන් කෙසෙල් ගසෙහි අරටුව සොයන්නාක් මෙන්ද ශුන්‍ය වෙයි. තුච්ඡ ම වෙයි. රඞ්ගක්ඛමො චෙව පණ්ඩිතානං යනු සිව්සස් කතා නුවණැත්තන්ට ප්‍රියවෙයි. වස් දහසක් ඇසුවද තෘප්තිය නොයයි. ඒනිසා මෙසේ කීය. බුදුවදනම වනාහී යම් යම් අයුරකින් බැසගන්නේද මහසමුදුර මෙන් ගැඹුරුම වෙතියි අනුයෝගක්ඛම ද, විමජ්ජනක්ඛමද වෙතියි කීය. සුණාහි යස්සානං සාවකො තස්ස ගුණෙ සුණාහි යනු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියන්ට අරඹන ලදී.
ධීරස්සාති ධීරං වුච්චති පණ්ඩිච්චං, යා පඤ්ඤා පජානනා…පෙ… සම්මාදිට්ඨි, තෙන සමන්නාගතස්ස ධාතුආයතනපටිච්චසමුප්පාදට්ඨානාට්ඨානකුසලස්ස පණ්ඩිතස්සාහං සාවකො, සො මය්හං සත්ථාති එවං සබ්බපදෙසු සම්බන්ධො වෙදිතබ්බො. පභින්නඛීලස්සාති භින්නපඤ්චචෙතොඛිලස්ස. සබ්බපුථුජ්ජනෙ විජිනිංසු විජිනන්ති විජිනිස්සන්ති වාති විජයා. කෙ තෙ, මච්චුමාරකිලෙසමාරදෙවපුත්තමාරාති? තෙ විජිතා විජයා එතෙනාති විජිතවිජයො. භගවා, තස්ස විජිතවිජයස්ස. අනීඝස්සාති කිලෙසදුක්ඛෙනපි විපාකදුක්ඛෙනපි නිද්දුක්ඛස්ස. සුසමචිත්තස්සාති දෙවදත්තධනපාලකඅඞ්ගුලිමාලරාහුලථෙරාදීසුපි දෙවමනුස්සෙසු සුට්ඨු සමචිත්තස්ස. වුද්ධසීලස්සාති වඩ්ඪිතාචාරස්ස. සාධුපඤ්ඤස්සාති සුන්දරපඤ්ඤස්ස. වෙසමන්තරස්සාති රාගාදිවිසමං තරිත්වා විතරිත්වා ඨිතස්ස. විමලස්සාති විගතරාගාදිමලස්ස.
ධීරස්ස යනු ධීරං යනු පාණ්ඩිත්යයයි. ‘යා පඤ්ඤා පජානනා -පෙ- සම්මා දිට්ඨි යම් ප්‍රජානත ප්‍රඥාවක් වේද -පෙ- සම්මාදිට්ඨියයි’ - එයින් යුක්තවූ ධාතු ආයතන පටිච්චසමුප්පාද ධානාඨාන පිළිබඳ දක්ෂවූ පණ්ඩිතයාගේ මම සව්වෙක් වෙමි. හේ මාගේ ශාස්තෘෘවරයා යයි මෙසේ සියලු පදයන්හි සම්බන්ධය දත යුතුය. පහින්න බිලස්ස යනු බිඳුණු පංච චෙතොඛිල ඇති සියලු පුහුදුන් දිනූහ. දිනති, දිනන්නෝය යනුවෙන් විජයා නමි. යම් කෙනෙක් මච්චුමාර කිලෙසමාර දේවපුත්තමාර වෙත්ද ඔවුන් දිනනලද්දේ, මෙයින් දිනන ලද්දේය යයි විජයනම් භාග්‍යවතුන් වහන්සේය. උන්වහන්සේගේ විජිත විජයස්ස අනිසස්ස යනු කෙලෙස් දුකින් ද විපාක දුකින්ද නිදුක්වුවහු ගේ, සුසම චිත්තස්ස යනු දෙවදත්ත, ධනපාල අංගුලිමාල රාහුල තෙරුන් ආදීවු දෙවිමිනිසුන් අතර මනාසේ සමසිත් ඇති, වුද්ධ සිලස්ය යනු වඩනලද ආචාර ඇති, සාධුපඤ්ඤස්ස යනු සොඳුරුපැණ චෙස්සන්තරස්ස රාගාදී විසම තැන් තරණය කොට සිටි විමලස්ස පහවූ රාගමල ඇති,
තුසිතස්සාති තුට්ඨචිත්තස්ස. වන්තලොකාමිසස්සාති වන්තකාමගුණස්ස. මුදිතස්සාති මුදිතාවිහාරවසෙන මුදිතස්ස, පුනරුත්තමෙව වා එතං. පසාදවසෙන හි එකම්පි ගුණං පුනප්පුනං වදතියෙව. කතසමණස්සාති කතසාමඤ්ඤස්ස, සමණධම්මස්ස මත්ථකං පත්තස්සාති අත්ථො. මනුජස්සාති ලොකවොහාරවසෙන එකස්ස සත්තස්ස. නරස්සාති පුනරුත්තං. අඤ්ඤථා වුච්චමානෙ එකෙකගාථාය දස ගුණා නප්පහොන්ති.
තුසිතඝ්ඝ තුටුසිත් ඇති වනත ලොකාමිසස්ස - වැමෑරු කාම ගුණ ඇති, මුදිතස්ස - මුදිතා විහරණ වශයෙන් මුදිතවු, පුනරුක්තියක් මය නැතහොත් ප්‍රශංසා වශයෙන් එකම ගුණය නැවත නැවත කියා මයි. කතසමණස්ස ශ්‍රමණභාවය කරන ලද. ශ්රමණධර්මය මස්තක ප්‍රාප්ත කරන ලද්දහුම යන අර්ථයි. මනුජඝ්ඝ ලෝකව්‍යවහාර වශයෙන් එක් සත්වයකුට නරසස පුනරුක්තියයි. අන් අයුරකින් කියන කල්හි එක් එක් ගාථාවට දසගුණයක් නොපොහොනේය
වෙනයිකස්සාති සත්තානං විනායකස්ස. රුචිරධම්මස්සාති සුචිධම්මස්ස. පභාසකස්සාති ඔභාසකස්ස. වීරස්සාති වීරියසම්පන්නස්ස. නිසභස්සාති උසභවසභනිසභෙසු සබ්බත්ථ අප්පටිසමට්ඨෙන නිසභස්ස. ගම්භීරස්සාති ගම්භීරගුණස්ස, ගුණෙහි වා ගම්භීරස්ස. මොනපත්තස්සාති ඤාණපත්තස්ස. වෙදස්සාති වෙදො වුච්චති ඤාණං, තෙන සමන්නාගතස්ස. ධම්මට්ඨස්සාති ධම්මෙ ඨිතස්ස. සංවුතත්තස්සාති පිහිතත්තස්ස.
වෙනයිකස්ස සත්වයන් හික්මවන්නා වු රුචිර ධම්මස්ස - පවිත්‍ර ධර්මයම පභස්සරස්ස - ආලෝකය ඇති කරන්නවූ විරියස්ස වීර්ය සම්පන්න වූ නිසභස්ස උසභ වසභ නිසභ යනතන්හි සැමතැන අප්‍රතිසම නොවන අර්ථයෙන් නිසභයාගේ, ගම්භීරස්ස ගැඹුරු ගුණයෙහි. නැතහොත් ගුණයන්ගෙන් ගැඹුරු වු මොනප්පත්තස්ස ඥානයට පැමිණි, වේදස්ස වේද යනු ඥානයයි එයින් යුක්තවු ධම්මට්ඨස්ස ධර්මයෙහි පිහිටියාවු සංවුත්තතස්ස වැසු ආත්ම ඇති
නාගස්සාති චතූහි කාරණෙහි නාගස්ස. පන්තසෙනස්සාති පන්තසෙනාසනස්ස. පටිමන්තකස්සාති පටිමන්තනපඤ්ඤාය සමන්නාගතස්ස. මොනස්සාති මොනං වුච්චති ඤාණං, තෙන සමන්නාගතස්ස, ධුතකිලෙසස්ස වා. දන්තස්සාති නිබ්බිසෙවනස්ස.
නාගස්ස සිව් කරුණින් නාගවුවහුට, පන්තසෙනාසනස්ස හුදෙකලා ශයනාසන ඇති පටිමන්තකස්ස ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥාවෙන් යුක්තවු ධොතස්ස ධොතයයි කියනු ලබන්නේ ඥානයවයි. එයින් යුක්තතාවු නැතහොත් සොලවා හළ කෙලෙස් ඇත්වු දන්තස්ස දැමුණු
ඉසිසත්තමස්සාති විපස්සිආදයො ඡ ඉසයො උපාදාය සත්තමස්ස. බ්රහ්මපත්තස්සාති සෙට්ඨපත්තස්ස. න්හාතකස්සාති න්හාතකිලෙසස්ස. පදකස්සාති අක්ඛරාදීනි සමොධානෙත්වා ගාථාපදකරණකුසලස්ස. විදිතවෙදස්සාති විදිතඤාණස්ස. පුරින්දදස්සාති සබ්බපඨමං ධම්මදානදායකස්ස. සක්කස්සාති සමත්ථස්ස. පත්තිපත්තස්සාති යෙ පත්තබ්බා ගුණා, තෙ පත්තස්ස. වෙය්යාකරණස්සාති විත්ථාරෙත්වා අත්ථදීපකස්ස. භගවතා හි අබ්යාකතං නාම තන්ති පදං නත්ථි සබ්බෙසංයෙව අත්ථො කථිතො.
ඉසිසත්තමස්ස විපස්සි ආදී ඉසිවරුන් සදෙන උදෙසා සත්වැන්නාවු බ්රහ්මප්පත්තස්ස ශ්‍රේෂ්ඨත්වයට පත්වූ නහාතකස්ස කෙලෙස් සෝදාහළ පදකස්ස අක්ෂර ආදිය ගළපා ගාථාපද බන්ධනයෙහි දක්ෂ විදිත වෙදස්ස මැනවින් දත් නැණ ඇති. පුරින්දදස්ස සියල්ලට පළමුව ධර්මදානය දෙන්නාවු සක්කස්ස සමර්ථව පතති පත්තස්ස පැමිණිය යුතු යම් ගුණවේද ඒවාට පැමිණියාවු වෙය්යා කරණස්ස විස්තර කොට අර්ථය පැහැදිලි කරන්නාවු භාග්‍යවතුන් වහන්සේ විසින් අව්‍යාකෘත වු ත්‍රිපිටක ධර්ම පදයක් නම් නැත. සියල්ලෙහිම අර්ථ කියන ලදී.
විපස්සිස්සාති විපස්සනකස්ස. අනභිනතස්සාති අනතස්ස. නො අපනතස්සාති අදුට්ඨස්ස.
විපස්සිස්ස මැනවින් බලන්නාවු අනභිනතස්ස රහත්වු, නො අපනතස්ස දුෂිත නොවු
අනනුගතන්තරස්සාති කිලෙසෙ අනනුගතචිත්තස්ස. අසිතස්සාති අබද්ධස්ස.
අනනුගතන්තරස්ස ක්ලේශයන් විසින් අනුගමනය නොකරන ලද, අසිතස්ස නොබැදුණු
භූරිපඤ්ඤස්සාති භූරි වුච්චති පථවී, තාය පථවීසමාය පඤ්ඤාය විපුලාය මහන්තාය විත්ථතාය සමන්නාගතස්සාති අත්ථො. මහාපඤ්ඤස්සාති මහාපඤ්ඤාය සමන්නාගතස්ස.
භූරිපඤ්ඤස්ස භුරියනු පෘථුවියයි. ඒ පෘථිවිය හා සමාන මහත්වූ විපුලව පැතුරුණු ප්‍රඥාවෙන් යුක්තවු. මහා පඤ්ඤස්ස මහා ප්‍රඥාවෙන් යුක්ත වු
අනුපලිත්තස්සාති තණ්හාදිට්ඨිකිලෙසෙහි අලිත්තස්ස. ආහුනෙය්යස්සාති ආහුතිං පටිග්ගහෙතුං යුත්තස්ස. යක්ඛස්සාති ආනුභාවදස්සනට්ඨෙන ආදිස්සමානකට්ඨෙන වා භගවා යක්ඛො නාම. තෙනාහ “යක්ඛස්සා”ති. මහතොති මහන්තස්ස. තස්ස සාවකොහමස්මීති තස්ස එවංවිවිධගුණස්ස සත්ථුස්ස අහං සාවකොති. උපාසකස්ස සොභාපත්තිමග්ගෙනෙව පටිසම්භිදා ආගතා. ඉති පටිසම්භිදාවිසයෙ ඨත්වා පදසතෙන දසබලස්ස කිලෙසප්පහානවණ්ණං කථෙන්තො “කස්ස තං ගහපති සාවකං ධාරෙමා”ති පඤ්හස්ස අත්ථං විස්සජ්ජෙසි.
අනුපලිත්තස්ස තෘෂ්ණා දෘෂ්ටි ලේපයන්ගෙන් නොතැවරුණු ආහුණෙය්යස්ස ළගට ගෙන එනු ලබන පූජාවන් පිළිගන්ට සුදුසු යක්ඛස්ස ආනුභාව දර්ශන අර්ථයෙන් ද අදෘශ්‍යමාන අර්ථයෙන් ද භාග්‍යවතුන් වහන්සේ යක්ෂ නමැ ඒනිසා යක්ඛස්ස යනු කිය මහතො මහත්වූ සාවකොහමස්මි මම මෙබඳුගුණ ඇති ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. උපාසකයකුට සෝවාන් මගින්ම පටිසම්භිදාවෝ පැමිණියාහුය. මෙසේ පටිසම්භිදා විෂයෙහි සිට පද සියයකින් දසබලයන්වහන්සේගේ කෙලෙස් ප්රහාණයෙහි ගුණ කියන්නේ ගෘහපතිය. අපි කවරකුහට ශ්රාවකබව දරමුදැයි ප්‍රශ්නයෙහි අර්ථය විසඳලීය.
කදා සඤ්ඤූළ්හාති කදා සම්පිණ්ඩිතා. එවං කිරස්ස අහොසි – “අයං ඉදානෙව සමණස්ස ගොතමස්ස සන්තිකං ගන්ත්වා ආගතො, කදානෙන එතෙ වණ්ණා සම්පිණ්ඩිතා”ති. තස්මා එවමාහ. විචිත්තං මාලං ගන්ථෙය්යාති සයම්පි දක්ඛතාය පුප්ඵානම්පි නානාවණ්ණතාය එකතොවණ්ටිකාදිභෙදං විචිත්රමාලං ගන්ථෙය්ය. එවමෙව ඛො, භන්තෙති එත්ථ නානාපුප්ඵානං මහාපුප්ඵරාසි විය නානාවිධානං වණ්ණානං භගවතො සිනෙරුමත්තො වණ්ණරාසි දට්ඨබ්බො. ඡෙකමාලාකාරො විය උපාලි ගහපති. මාලාකාරස්ස විචිත්රමාලාගන්ථනං විය ගහපතිනො තථාගතස්ස විචිත්රවණ්ණගන්ථනං.
කදාසඤ්ඤදළ්හා කවදා සම්පිණ්ඩනය කරන ලද්දේද, ඔහුට මෙසේ සිත්විය. මොහු දැන්ම ශ්‍රමණ ගෞතමයන් කරා ගොස් පැමිණියේවනැ. කවදා මොහු විසින් මේ ගුණ පිඬුකරන ලද්දේද, ඒනිසා මෙසේ කීය. විචිත්රමාලං ගත්ථෙය්ය තමාද දක්ෂ බැවින් මල්නානාවර්ණ ඇති බැවින්ද එක්කොට නටු වෙන්කොට විසිතුරු මල්දමක් ගොතන්නේය. එවමෙවඛො මෙහි නොයෙක්මලින්නුත් මල්රැසක් මෙන් නානාවිධවු ගුණයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ මහමෙර පමණවූ ගුණරැස දැකිය යුතුය. උපාලිගෘහපතියා දක්ෂ මල් කරුවකුමෙන් මල්කරුවකුගේ විචිත්රමල් ගෙතීමක්මෙන්, උපාලි ගෘහපතියාගේ තථාගතයන් වහන්සේ පිළිබඳවූ විචිත්‍ර මල්දම් ගෙතීම ද එක්වෙයි.
උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡීති තස්ස හි භගවතො සක්කාරං අසහමානස්ස එතදහොසි – “අනත්ථිකො දානි අයං ගහපති අම්හෙහි, ස්වෙ පට්ඨාය පණ්ණාස සට්ඨි ජනෙ ගහෙත්වා එතස්ස ඝරං පවිසිත්වා භුඤ්ජිතුං න ලභිස්සාමි, භින්නා මෙ භත්තකුම්භී”ති. අථස්ස උපට්ඨාකවිපරිණාමෙන බලවසොකො උප්පජ්ජි. ඉමෙ හි සත්තා අත්තනො අත්තනොව චින්තයන්ති. තස්ස තස්මිං සොකෙ උප්පන්නෙ අබ්භන්තරං උණ්හං අහොසි, ලොහිතං විලීයිත්ථ, තං මහාවාතෙන සමුද්ධරිතං කුටෙ පක්ඛිත්තරජනං විය පත්තමත්තං මුඛතො උග්ගඤ්ඡි. නිධානගතලොහිතං වමිත්වා පන අප්පකා සත්තා ජීවිතුං සක්කොන්ති. නිගණ්ඨො තත්ථෙව ජාණුනා පතිතො, අථ නං පාටඞ්කියා බහිනගරං නීහරිත්වා මඤ්චකසිවිකාය ගහෙත්වා පාවං අගමංසු, සො න චිරස්සෙව පාවායං කාලමකාසි.
උණ්හ ලොහිතං මුඛතො උග්ගඤ්ජි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්කාර නොඉවසන්නහුට මෙසේ සිත්විය මේ ගෘහපතියාගෙන් දැන් ප්‍රයෝජනයක් නැත. අප විසින් හෙට පටන් පනහක් හැටක් මිනිසුන් ගෙන මොහුගේ ගෙට පිවිස අනුභව කරන්නට නොලබන්නෙමි. මාගේ බත්කුඹ බිදුණේය. ඉක්බිති උපස්ථායකයාගේ වෙනස්වීම නිසා බලවත් ශෝකයක් උපන. මේ සත්වයෝ තමතමාගේ වශයෙන් සිතත්. ඔහුට ඒ ශෝකය උපන් කල්හි අභ්‍යන්තරය උණුසුම් විය. ලේ උණුවිය. එය මහාවාතයෙන් විසිරීයාමට මුදුනෙහි තැබු සායමක් මෙන් පාත්‍රයක් පමණ මුවින් නැගුණේය. නිදන්ගත ලේ වමනය කොට ජීවත් වියහැක්කේ සුළු පිරිසකට පමණි. නිගණ්ඨයා එහිම දණින් වැටුණේය. ඉක්බිති ඔහු පල්ලැක්කිය කින් පිටනුවරට ගෙනගොස් සිවිගෙයකින් ගෙන පාවානුවරට ගියාහුය. ඔහු නොබෝකලෙකින් පාවාහිදී කළුරිය කළේය.
ඉමස්මිං පන සුත්තෙ උග්ඝාටිතඤ්ඤූපුග්ගලස්ස වසෙන ධම්මදෙසනා පරිනිට්ඨිතාති.
මේ සුත්‍රයෙහි උග්ඝටිතඤ්ඤ පුද්ගලයාගේ වශයෙන් ධර්මදේශනාව නිම කරන ලදී.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය උපාලිසුත්තවණ්ණනා නිට්ඨිතා.
සවැනි උපාලි සුත්‍රයයි.