යෙදුමෙන් කියවන්න

කුක‍්කුරවතිය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

කුක‍්කුරවතිය සුත‍්තවණ‍්ණනා

කුක්කුරවතිය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති කුක‍්කුරවතිකසුත‍්තං. තත්‍ථ කොලියෙසූති එවංනාමකෙ ජනපදෙ. සො හි එකොපි කොලනගරෙ පතිට‍්ඨිතානං කොලියානං රාජකුමාරානං නිවාසට‍්ඨානත‍්තා එවං වුච‍්චති. තස‍්මිං කොලියෙසු ජනපදෙ. හලිද‍්දවසනන‍්ති තස‍්ස කිර නිගමස‍්ස මාපිතකාලෙ පීතකවත්‍ථනිවත්‍ථා මනුස‍්සා නක‍්ඛත‍්තං කීළිංසු. තෙ නක‍්ඛත‍්තකීළාවසානෙ නිගමස‍්ස නාමං ආරොපෙන‍්තා හලිද‍්දවසනන‍්ති නාමං අකංසු. තං ගොචරගාමං කත්‍වා විහරතීති අත්‍ථො. විහාරො පනෙත්‍ථ කිඤ‍්චාපි න නියාමිතො, තථාපි බුද‍්ධානං අනුච‍්ඡවිකෙ සෙනාසනෙයෙව විහාසීති වෙදිතබ‍්බො. ගොවතිකොති සමාදින‍්නගොවතො, සීසෙ සිඞ‍්ගානි ඨපෙත්‍වා නඞ‍්ගුට‍්ඨං බන්‍ධිත්‍වා ගාවීහි සද‍්ධිං තිණානි ඛාදන‍්තො විය චරති. අචෙලොති නග‍්ගො නිච‍්චෙලො. සෙනියොති තස‍්ස නාමං.

එවම්මෙසුතං යනු කුක්කුරවතිය සුත්‍රයයි. එහි කොලියෙසු යන එනම් ඇති ජනපදයෙහි. එයද හුදෙක් කොලනගරයෙහි පිහිටි කෝලිය රජකුමරුන්ගේ නිවාසස්තානය බැවින් මෙසේ කියනු ලැබේ. ඒ කෝලිය ජනපදයෙහි ගලිද්දවසනං ඒ නියම්ගම නිර්මාණය කරනලද කල්හි පීතවර්ණ වස්ත්‍ර හැඳගත් මිනිස්සු නැකැත් කෙළි කෙළියහ. ඔවුහු නැකැත් කෙළි කෙළවර ගඟ අසල නියම්ගමට නම් තබන්නේ හලිද්දවසන යයි නමක් කළහ. එය ගොදුරුගම කොට වාසය කෙරේ යන අර්ථයි. මෙහි විහාරයයි කිසිවක් නියමිත කොට නැත. එහෙත් බුදුවරුන්ට සුදුසු සෙනසුනෙහිම වාසය කළසේකැයි දතයුතුයි. ගොවතිකො ගවයකු මෙන් හැසිරෙන්නෙක් හිසෙහි අං තබා වලිගයක් බැඳ එසේ හැසිරෙන්නියක සමග තණ කමින් හැසිරේ. අචෙලකො නග්න. නිර්වස්ත්‍ර සෙනියො ඔහුගේ නම

කුක‍්කුරවතිකොති සමාදින‍්නකුක‍්කුරවතො, සබ‍්බං සුනඛකිරියං කරොති. උභොපෙතෙ සහපංසුකීළිකා සහායකා. කුක‍්කුරොව පලිකුජ‍්ජිත්‍වාති සුනඛො නාම සාමිකස‍්ස සන‍්තිකෙ නිසීදන‍්තො ද‍්වීහි පාදෙහි භූමියං විලෙඛිත්‍වා කුක‍්කුරකූජිතං කූජන‍්තො නිසීදති, අයම‍්පි “කුක‍්කුරකිරියං කරිස‍්සාමී”ති භගවතා සද‍්ධිං සම‍්මොදිත්‍වා ද‍්වීහි හත්‍ථෙහි භූමියං විලෙඛිත්‍වා සීසං විධුනන‍්තො ‘භූ භූ’ති කත්‍වා හත්‍ථපාදෙ සමිඤ‍්ජිත්‍වා සුනඛො විය නිසීදි. ඡමානික‍්ඛිත‍්තන‍්ති භූමියං ඨපිතං. සමත‍්තං සමාදින‍්නන‍්ති පරිපුණ‍්ණං කත්‍වා ගහිතං. කා ගතීති කා නිප‍්ඵත‍්ති. කො අභිසම‍්පරායොති අභිසම‍්පරායම‍්හි කත්‍ථ නිබ‍්බත‍්ති. අලන‍්ති තස‍්ස අප‍්පියං භවිස‍්සතීති යාවතතියං පටිබාහති. කුක‍්කුරවතන‍්ති කුක‍්කුරවතසමාදානං.

කුක්කුරවතිකො බල්ලකු මෙන් හැසිරෙන්නා සියලු සුනඛ ක්‍රියා කරයි. මේ දෙදෙනාම වැලිකෙළියේ පටන් යහළුවෝය. කුක්කුරොව පලිකුජ්ජිත්‍වා සුනඛයා නම් ස්වාමීයාගේ සමීපයෙහි හිඳිමින් දෙපසින් බිම සුරා සුනඛ හඬින් බුරමින් හිඳියි. මෙතෙමේද සුනඛක්‍රියා කරන්නෙමියි භාග්‍යවතුන්වහන්සේ සමග සතුටුව දෙඅතින් බිම සුරා හිස සලමින් බුඃබුඃ හඬ නගා අත්පා හකුළුවා සුනඛයකු මෙන් හුන්නේය. ඡමානික්‍ඛත්තං බිම තැබු. සමත්තං සමාදිණ්ණං සම්පුර්ණ කොට ගන්නා ලද. කාගති කවර නිෂ්පත්තියක්ද කො අභිසම්පරායො මරණින් මතු කවර තැනක ඉපදුණේද අලං ඔහුට අප්‍රිය වෙතියි තෙවරක් පසුබායි කුක්කුරවතං සුනඛව්‍රතසමාදානය.

භාවෙතීති වඩ‍්ඪෙති. පරිපුණ‍්ණන‍්ති අනූනං. අබ‍්බොකිණ‍්ණන‍්ති නිරන‍්තරං. කුක‍්කුරසීලන‍්ති කුක‍්කුරාචාරං. කුක‍්කුරචිත‍්තන‍්ති “අජ‍්ජ පට‍්ඨාය කුක‍්කුරෙහි කාතබ‍්බං කරිස‍්සාමී”ති එවං උප‍්පන‍්නචිත‍්තං. කුක‍්කුරාකප‍්පන‍්ති කුක‍්කුරානං ගමනාකාරො අත්‍ථි, තිට‍්ඨනාකාරො අත්‍ථි, නිසීදනාකාරො අත්‍ථි, සයනාකාරො අත්‍ථි, උච‍්චාරපස‍්සාවකරණාකාරො අත්‍ථි, අඤ‍්ඤෙ කුක‍්කුරෙ දිස‍්වා දන‍්තෙ විවරිත්‍වා ගමනාකාරො අත්‍ථි, අයං කුක‍්කුරාකප‍්පො නාම, තං භාවෙතීති අත්‍ථො. ඉමිනාහං සීලෙනාතිආදීසු අහං ඉමිනා ආචාරෙන වා වතසමාදානෙන වා දුක‍්කරතපචරණෙන වා මෙථුනවිරතිබ්‍රහ‍්මචරියෙන වාති අත්‍ථො. දෙවොති සක‍්කසුයාමාදීසු අඤ‍්ඤතරො. දෙවඤ‍්ඤතරොති තෙසං දුතියතතියට‍්ඨානාදීසු අඤ‍්ඤතරදෙවො. මිච‍්ඡාදිට‍්ඨීති අදෙවලොකගාමිමග‍්ගමෙව දෙවලොකගාමිමග‍්ගොති ගහෙත්‍වා උප‍්පන‍්නතාය සා අස‍්ස මිච‍්ඡාදිට‍්ඨි නාම හොති. අඤ‍්ඤතරං ගතිං වදාමීති තස‍්ස හි නිරයතො වා තිරච‍්ඡානයොනිතො වා අඤ‍්ඤා ගති නත්‍ථි, තස‍්මා එවමාහ. සම‍්පජ‍්ජමානන‍්ති දිට‍්ඨියා අසම‍්මිස‍්සං හුත්‍වා නිපජ‍්ජමානං.

භාවෙති වඩයි. පරිපුණ්ණං අනුන අබ්බොකිණ්ණං නිරතුරු කුක්කුරසීලං - සුනඛහැසිරීම කුක්කුරචිත්තං අද පටන් සුනඛයින් විසින් කළයුතුදෑ කරන්නෙමියි මෙසේ උපන් සිත. කුක්කුරාකප්පං සුනඛයන්ගේ ගමන ආකාරයක් ඇත. සිටින ආකාරයක් ඇත. හිඳින ආකාරයක් ඇත. නිදන ආකාරයක් ඇත. මළමුත්‍ර පහකරන ආකාරයක් ඇත. අන් සුනඛයන් දැක දත් විරවා ගමන්කරන ආකාරයක් ඇත. මෙය කුක්කුරාකප්ප නමි. එය කරයි යන අර්ථයි. දෙවො ශක්‍රසුයාම ආදීන්ගෙන් එක්අයෙක්. දෙවඤ්ඤතරො ඔවුන්ගේ දෙවැනි තෙවැනි ආදී තැන්වල සිටින එක්තරා දෙවියෙක් මිච්ඡාදිට්ඨි අදේවලෝකවලට යන මගම දෙව්ලොවට යන මගයයි ගෙන උපන් බැවින් එය ඔහුට මිථ්‍යාදෘෂ්ටිය නම් වේ. අඤ්ඤතරගතිං වදාමි ඔහුට නිරයෙන් බැහැර හෝ තිරිසන්යෝයෙන් බැහැර අනික් ගමනක් නැත. ඒ නිසා එසේකීය. සම්පජ්ජමානං දෘෂ්ටියෙන් මුසු නොවී සපල වූයේ නම්

නාහං, භන‍්තෙ, එතං රොදාමි, යං මං භගවා එවමාහාති යං මං, භන‍්තෙ, භගවා එවමාහ, අහමෙතං භගවතො බ්‍යාකරණං න රොදාමි න පරිදෙවාමි, න අනුත්‍ථුනාමීති අත්‍ථො. එවං සකම‍්මකවසෙනෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො, න අස‍්සුමුඤ‍්චනමත‍්තෙන.

නාහං භන්තෙ එතං රොදාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් මට කියන ලදද, මම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය ගැන නොහඬමි නො වැළපෙමි. අදෝනා නොකියමි යන අර්ථයි මෙසේ සකර්මක වශයෙන් අර්ථය දත යුතුය. කඳුළු හෙළන මතින් නොවේ.

“මතං වා අම‍්ම රොදන‍්ති, යො වා ජීවං න දිස‍්සති; ජීවන‍්තං අම‍්ම පස‍්සන‍්තී, කස‍්මා මං අම‍්ම රොදසී”ති. (සං· නි· 1.239) –

මතංවා අම්ම රොදන්ති - යො වා ජීවං න දිස්සති ජීවන්තං අම්ම පස්සන්ති - තස්මා මං අම්ම රොදසීති.

මෑණියනි, මියගිය අයකුගැන හඬත් යමෙකුට ජීවත් වන්නකු නොපෙනේද මෑණියනි, ජීවත්වන්නකු බලත්, ඒ නිසා මාගැන හඬයිද?

අයඤ‍්චෙත්‍ථ පයොගො. අපිච මෙ ඉදං, භන‍්තෙති අපිච ඛො මෙ ඉදං, භන‍්තෙ, කුක‍්කුරවතං දීඝරත‍්තං සමාදින‍්නං, තස‍්මිං සම‍්පජ‍්ජන‍්තෙපි වුද‍්ධි නත්‍ථි, විපජ‍්ජන‍්තෙපි. ඉති “එත‍්තකං කාලං මයා කතකම‍්මං මොඝං ජාත”න‍්ති අත‍්තනො විපත‍්තිං පච‍්චවෙක‍්ඛමානො රොදාමි, භන‍්තෙති.

මෙයද මෙහි යෙදුමෙකි. අපිච මෙඉදං භන්තෙ එසේවුවන් ස්වාමීනි මා කුක්කුරව්‍රතය බොහෝකලක් අනුගමනය කළත් එහි නියැලී සිටියත් දියුණුවක් නැත. නියැලී නො සිටියත් මෙසේ මෙපමණ කල් මා විසින් කරන ලද දෙය හිස් වීයයි තමාගේ විපත්තිය සිහිකරමින් හඬමි ස්වාමීනි.

ගොවතන‍්තිආදීනි කුක‍්කුරවතාදීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. ගවාකප‍්පන‍්ති ගොආකප‍්පං. සෙසං කුක‍්කුරාකප‍්පෙ වුත‍්තසදිසමෙව. යථා පන තත්‍ථ අඤ‍්ඤෙ කුක‍්කුරෙ දිස‍්වා දන‍්තෙ විවරිත්‍වා ගමනාකාරො, එවමිධ අඤ‍්ඤෙ ගාවො දිස‍්වා කණ‍්ණෙ උක‍්ඛිපිත්‍වා ගමනාකාරො වෙදිතබ‍්බො. සෙසං තාදිසමෙව.

ගොවතං ආදිය කුක්කුරව්‍රත ආදියෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. ගොකප්පං - ගවආකල්පය සෙස්ස සුනඛ ආකල්පයෙහි කියන ලද පරිදිමය. යම්සේ එහි අන් සුනඛයන් දැක කන් ඔසවා ගමන් කරන ආකාරය දතයුතුය. සෙස එබඳුය.

චත‍්තාරිමානි පුණ‍්ණ කම‍්මානීති කස‍්මා ඉමං දෙසනං ආරභි? අයඤ‍්හි දෙසනා එකච‍්චකම‍්මකිරියවසෙන ආගතා, ඉමස‍්මිඤ‍්ච කම‍්මචතුක‍්කෙ කථිතෙ ඉමෙසං කිරියා පාකටා භවිස‍්සතීති ඉමං දෙසනං ආරභි. අපිච ඉමං කම‍්මචතුක‍්කමෙව දෙසියමානං ඉමෙ සඤ‍්ජානිස‍්සන‍්ති, තතො එකො සරණං ගමිස‍්සති, එකො පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණිස‍්සතීති අයමෙව එතෙසං සප‍්පායාති ඤත්‍වාපි ඉමං දෙසනං ආරභි.

චත්තාරිමානි පුණ්ණ කම්මානි මේ දේශනාව ආරම්භ කළේ කුමක් නිසාද, මේ දේශනාව එක්තරා කර්ම කිරීම් වශයෙන් පැමිණියේය. මෙහිද කර්මචතුෂ්කයෙහි කියනලද කල්හි මොවුන්ගේ ක්‍රියාව ප්‍රකට වන්නේයයි මේ දේශනාව ආරම්භ කළසේක. එසේවුවත් මේ කර්ම චතුෂ්කයම දෙසනු ලබන කල්හි මොවුහු හඳුනා ගන්නෝ යයි ඉන් එකෙක් සරණ යන්නේය එකෙක් පැවිදිව රහත්බවට පැමිණෙන්නේ යයි මෙයම මොවුන්ට සත්ප්‍රායයයි දැනද මේ දේශනාව ආරම්භකළසේක.

තත්‍ථ කණ‍්හන‍්ති කාළකං දසඅකුසලකම‍්මපථකම‍්මං. කණ‍්හවිපාකන‍්ති අපායෙ නිබ‍්බත‍්තනතො කාළකවිපාකං. සුක‍්කන‍්ති පණ‍්ඩරං දසකුසලකම‍්මපථකම‍්මං. සුක‍්කවිපාකන‍්ති සග‍්ගෙ නිබ‍්බත‍්තනතො පණ‍්ඩරවිපාකං. කණ‍්හසුක‍්කන‍්ති වොමිස‍්සකකම‍්මං. කණ‍්හසුක‍්කවිපාකන‍්ති සුඛදුක‍්ඛවිපාකං. මිස‍්සකකම‍්මඤ‍්හි කත්‍වා අකුසලෙන තිරච‍්ඡානයොනියං මඞ‍්ගලහත්‍ථිට‍්ඨානාදීසු උප‍්පන‍්නො කුසලෙන පවත‍්තෙ සුඛං වෙදියති. කුසලෙන රාජකුලෙපි නිබ‍්බත‍්තො අකුසලෙන පවත‍්තෙ දුක‍්ඛං වෙදියති. අකණ‍්හං අසුක‍්කන‍්ති කම‍්මක‍්ඛයකරං චතුමග‍්ගචෙතනාකම‍්මං අධිප‍්පෙතං. තඤ‍්හි යදි කණ‍්හං භවෙය්‍ය, කණ‍්හවිපාකං දදෙය්‍ය. යදි සුක‍්කං භවෙය්‍ය, සුක‍්කවිපාකං දදෙය්‍ය. උභයවිපාකස‍්ස පන අදානතො අකණ‍්හාසුක‍්කවිපාකත‍්තා “අකණ‍්හං අසුක‍්ක”න‍්ති වුත‍්තං. අයං තාව උද‍්දෙසෙ අත්‍ථො.

එහි කණ්හං යනු කාළවර්ණ. දශ අකුශල කර්ම පථ කර්මයයි. කණ්හවිපාකං අපායෙහි උපදින බැවින් කාළ වර්ණ විපාකයි. සුක්කං සුදුවන් දශකුශල කර්මපථ කර්‍මයි. සුත්කවිපාකං ස්වර්ගයෙහි උපදින බැවින් සුදුවිපාක. සුක්කං මිශ්‍ර කර්මය කණ්ණ සුක්කවිපාකං සුඛදුක්ඛ විපාක මිශ්‍රකර්මය කොට අකුශලයෙන් තිරිසන් යෝනියෙහි මගුල් ඇත් ආදී තන්හි උපන්නේ කුසළින් පැවති සැපවිඳී කුසලින් රජකුලයෙහිද උපන් අකුසලින් පැවති දුක් විඳි. අකණ්හං අසුක්කං කර්මක්ෂය කරන චතුර්මාර්ග චේතනා කර්මය අදහස් කරන ලදී. එය යම්හෙයකින් කණ්හ වේ ද කණ්හවිපාකදෙයි. යම්හෙයකින් සුක්කවේද සුක්ක විපාකදෙයි. උභය විපාකයම නොදෙන බැවින් අකණ්හ අසුක්ක විපාක ඇතිවන නිසා අකණ්හං අසුක්කං යයි කියන ලදී. මෙය වනාහි උද්දේසයෙහි අර්ථයයි.

නිද‍්දෙසෙ පන සබ්‍යාබජ‍්ඣන‍්ති සදුක‍්ඛං. කායසඞ‍්ඛාරාදීසු කායද‍්වාරෙ ගහණාදිවසෙන චොපනප‍්පත‍්තා ද‍්වාදස අකුසලචෙතනා සබ්‍යාබජ‍්ඣකායසඞ‍්ඛාරො නාම. වචීද‍්වාරෙ හනුසඤ‍්චොපනවසෙන වචීභෙදපවත‍්තිකා තායෙව ද‍්වාදස වචීසඞ‍්ඛාරො නාම. උභයචොපනං අප‍්පත‍්තා රහො චින‍්තයන‍්තස‍්ස මනොද‍්වාරෙ පවත‍්තා මනොසඞ‍්ඛාරො නාම. ඉති තීසුපි ද‍්වාරෙසු කායදුච‍්චරිතාදිභෙදා අකුසලචෙතනාව සඞ‍්ඛාරාති වෙදිතබ‍්බා. ඉමස‍්මිඤ‍්හි සුත‍්තෙ චෙතනා ධුරං, උපාලිසුත‍්තෙ කම‍්මං. අභිසඞ‍්ඛරිත්‍වාති සඞ‍්කඩ‍්ඪිත්‍වා, පිණ‍්ඩං කත්‍වාති අත්‍ථො. සබ්‍යාබජ‍්ඣං ලොකන‍්ති සදුක‍්ඛං ලොකං උපපජ‍්ජන‍්ති. සබ්‍යාබජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්තීති සදුක‍්ඛා විපාකඵස‍්සා ඵුසන‍්ති. එකන‍්තදුක‍්ඛන‍්ති නිරන‍්තරදුක‍්ඛං. භූතාති හෙත්‍වත්‍ථෙ නිස‍්සක‍්කවචනං, භූතකම‍්මතො භූතස‍්ස සත‍්තස‍්ස උප‍්පත‍්ති හොති. ඉදං වුත‍්තං හොති – යථාභූතං කම‍්මං සත‍්තා කරොන‍්ති, තථාභූතෙන කම‍්මෙන කම‍්මසභාගවසෙන තෙසං උපපත‍්ති හොති. තෙනෙවාහ “යං කරොති තෙන උපපජ‍්ජතී”ති. එත්‍ථ ච තෙනාති කම‍්මෙන විය වුත‍්තා, උපපත‍්ති ච නාම විපාකෙන හොති. යස‍්මා පන විපාකස‍්ස කම‍්මං හෙතු, තස‍්මා තෙන මූලහෙතුභූතෙන කම‍්මෙන නිබ‍්බත‍්තතීති අයමෙත්‍ථ අත්‍ථො. ඵස‍්සා ඵුසන‍්තීති යෙන කම‍්මවිපාකෙන නිබ‍්බත‍්තො, තංකම‍්මවිපාකඵස‍්සා ඵුසන‍්ති. කම‍්මදායාදාති කම‍්මදායජ‍්ජා කම‍්මමෙව නෙසං දායජ‍්ජං සන‍්තකන‍්ති වදාමි.

නිර්දේශයෙහි සව්‍යාපජ්ජං දුක්සහිත, කාය සංස්කාර ආදීන්හි කාය ද්වාරය ග්‍රහණකිරීම් ආදි වශයෙන් බාධිත තත්ත්වයට පත් දොළොස් අකුසල චේතනාවෝ සඛ්‍යාපජ්ජ කාය සංඛාර නම් වෙති. වචීද්වාරයෙහි හනු සෙලවීම් වශයෙන් වචීභේදයෙහි පැවති එම දොළොස් වචීසංඛාර නම්, උභය බාධිත තත්ත්වයට නොපැමිණ රහසින් සිතන්නාහුට මනෝද්වාරයෙහි පැවති මනෝ සංචාරනමි මෙසේ තුන්දොරෙහිම කාය දුශ්චරිත ආදී භේද ඇති අකුසල චේතනාවෝම සංස්කාරයයි දතයුතුය. මේ සුත්‍රයෙහි චේතනා ධුරය උපාලි සුත්‍රයෙහි කර්මය නම් වේ. අභිසංඛරිත්‍වා කෙටිකොට පිඬුකොට, යන අර්ථයි. සව්‍යාපජ්ඣං ලොකං දුක්සහිත ලෝකයෙහි උපදිත්, සව්‍යා පජ්ඣා ඵස්සා ඵුසන්ති දුක්සහිත විපාක ස්පර්ශ ස්පර්ශකරයි. එකන්තදුක්ඛං නිරතුරුදුක භූතා හේතු අර්ථයෙහි පංචමී වචනයි. භූත කර්මයෙන් උපන් සත්වයාගේ උත්පත්තිය වෙයි. මෙය කියන ලදී. සත්වයෝ යම්බඳු කර්මයක් කරත්ද එබඳමවු කර්මයකින් කර්මස්වභාව වශයෙන් ඔවුන්ගේ උත්පත්තිය සිදුවෙයි. එහෙයින් කියන ලදී. යංකරොති තෙන උප්පජ්ජති යනුවෙන්. මෙහි වතෙන යනු කර්මයෙන් මෙන් යයි කියන ලදී. උත්පත්තිය නම් විපාකයෙන් සිදුවෙයි. යමකින් විපාකයට කර්මය හේතුවේද එයින් ඒ මුලහේතුවු කර්මයෙන් උපදී. මේ මෙහි අර්ථයි. ඵස්සා වුසන්ති යම් කර්ම විපාකයකින් උපන්නේ ඒ කර්ම විපාකය ස්පර්ශයෝ ස්පර්ශකරති. කම්මදායාදා කර්මදායාදය කර්මයම ඔවුන්ගේ දායාද භාණ්ඩයයි කියමි.

අබ්‍යාබජ‍්ඣන‍්ති නිද‍්දුක‍්ඛං. ඉමස‍්මිං වාරෙ කායද‍්වාරෙ පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා කායසඞ‍්ඛාරො නාම. තායෙව වචීද‍්වාරෙ පවත‍්තා වචීසඞ‍්ඛාරො නාම. මනොද‍්වාරෙ පවත‍්තා තායෙව අට‍්ඨ, තිස‍්සො ච හෙට‍්ඨිමඣානචෙතනා අබ්‍යාබජ‍්ඣමනොසඞ‍්ඛාරො නාම. ඣානචෙතනා තාව හොතු, කාමාවචරා කින‍්ති අබ්‍යාබජ‍්ඣමනොසඞ‍්ඛාරො නාම ජාතාති. කසිණසජ‍්ජනකාලෙ ච කසිණාසෙවනකාලෙ ච ලබ‍්භන‍්ති. කාමාවචරචෙතනා පඨමජ‍්ඣානචෙතනාය ඝටිතා, චතුත්‍ථජ‍්ඣානචෙතනා තතියජ‍්ඣානචෙතනාය ඝටිතා. ඉති තීසුපි ද‍්වාරෙසු කායසුචරිතාදිභෙදා කුසලචෙතනාව සඞ‍්ඛාරාති වෙදිතබ‍්බො. තතියවාරො උභයමිස‍්සකවසෙන වෙදිතබ‍්බා.

අව්‍යාපජ්ඣං නිදුක්වු මේවාරයෙහි කායද්වරයෙහි පැවති කාමාවචර කුසල චේතනා අට කායසංඛාර නම්වේ. වචීද්වාරයෙහි පැවැතියේ වචී සංඛාරනමි. මනෝද්වාරයෙහි පැවති එම අටද, යට ධ්‍යාන චේතනාතුනද අව්‍යාපජ්ඣ මනෝ සංඛාර නම් ධ්‍යාන චේතනා කාමාවචර වුණාවේ අව්‍යාපජ්ඣ මනෝ සංඛාරවූයේ ඇයි. කසිණ සැදෙන කල්හි සහ කසිණ සෙවුනා කල්හි ලැබෙන බැවිනි. කාමාවචර චේතනාව ප්‍රථම ධ්‍යාන චේතනාව සමග ගැටුණු විට ද, චතුර්ථධ්‍යන චේතනාව තෘතීයධ්‍යාන චේතනාව සමග ගැටුණු විට දැයි තුන්දොරදී කාය සුචරිත ආදි භේදයෙන් කුසල චේතනාවම සංඛාර වේයයි දතයුතුය.

සෙය්‍යථාපි මනුස‍්සාතිආදීසු මනුස‍්සානං තාව කාලෙන සුඛං කාලෙන දුක‍්ඛං පාකටමෙව, දෙවෙසු පන භුම‍්මදෙවතානං, විනිපාතිකෙසු වෙමානිකපෙතානං කාලෙන සුඛං කාලෙන දුක‍්ඛං හොතීති වෙදිතබ‍්බං. හත්‍ථිආදීසු තිරච‍්ඡානෙසුපි ලබ‍්භතියෙව.

සෙය්‍යථාපි මනුස්සා ආදී තැන්වල මිනිසුන්ට නම් කලකදී සැපයද, කලකදී දුකද ප්‍රකටම ය දෙවියන් අතර භූම්‍යස්ථ දෙවියන්ටද එසේය. විනිපාතිකයන් අතර විමාන ප්‍රේතයින්ට කලකදී සැපද කලකදී දුකද වෙතියි දතයුතුය. ඇත්ආදී තිරිසන් ගතිකයන්ටද ලැබේමය.

තත්‍රාති තෙසු තීසු කම‍්මෙසු. තස‍්ස පහානාය යා චෙතනාති තස‍්ස පහානත්‍ථාය මග‍්ගචෙතනා. කම‍්මං පත්‍වාව මග‍්ගචෙතනාය අඤ‍්ඤො පණ‍්ඩරතරො ධම‍්මො නාම නත්‍ථි. ඉදං පන කම‍්මචතුක‍්කං පත්‍වා ද‍්වාදස අකුසලචෙතනා කණ‍්හා නාම, තෙභූමකකුසලචෙතනා සුක‍්කා නාම, මග‍්ගචෙතනා අකණ‍්හා අසුක‍්කාති ආගතා.

තත්‍ර ඒ කර්ම තුනෙහි, තස්ස පහානාය යා චෙතනා එය නැතිකිරීම පිණිස මාර්ගවේතනාව කර්ම වී මාර්ග චේතනා වඩා පවිත්‍ර ධර්මයක් නම් නැත. මෙය කර්මචතුෂ්කයට පැමිණ දොළොස් කුසල චේතනා කණ්හනම් වේ. ත්‍රෛභූමක කුසල චේතනා වන්ට සුක්ක නම්වේ. මාර්ගචේතනාව අකණ්හ අසුක්කයයි කියැවිණ.

“ලභෙය්‍යාහං, භන‍්තෙ”ති ඉදං සො “චිරං වත මෙ අනිය්‍යානිකපක‍්ඛෙ යොජෙත්‍වා අත‍්තා කිලමිතො, ‘සුක‍්ඛනදීතීරෙ න‍්හායිස‍්සාමී’ති සම‍්පරිවත‍්තෙන‍්තෙන විය ථුසෙ කොට‍්ටෙන‍්තෙන විය ච න කොචි අත්‍ථො නිප‍්ඵාදිතො, හන්‍දාහං අත‍්තානං යොගෙ යොජෙමී”ති චින‍්තෙත්‍වා ආහ. අථ භගවා යොනෙන ඛන්‍ධකෙ තිත්‍ථියපරිවාසො පඤ‍්ඤත‍්තො, යං අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො සාමණෙරභූමියං ඨිතො – “අහං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමො අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛාමි උපසම‍්පදං, ස‍්වාහං, භන‍්තෙ, සඞ‍්ඝං චත‍්තාරො මාසෙ පරිවාසං යාචාමී”තිආදිනා (මහාව· 86) නයෙන සමාදියිත්‍වා පරිවසති, තං සන්‍ධාය “යො ඛො, සෙනිය, අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො”තිආදිමාහ.

ලභෙය්‍යාහං භන්තෙ අනෛර්යාණික පියාපත් යොදා ආත්මවිඩාවට පත්ව සුක්ඛ නදී තෙර බොහෝ කලෙකින් නහන්නෙමියි පෙරළෙමින් මෙන් බොල් කොටන්නාක් මෙන් කිසි අර්ථයක් සැදුණේ නැත. තමා යෝගයෙහි යෙදෙන්නෙමි මැනවැයි සිතා මෙසේ කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛන්‍ධකයෙහි කිසියම් තීර්ථක පරිවාසයක් පනවනලද්දේද පෙර යම් අන්‍යතීර්ථක වුවකු මේ සසුනෙහි උපසම්පදා වියයුතුයයි අපේක්ෂා කරමි. ස්වාමීනි ඒ මම සංඝයා වෙත සිව්මසක් පරිවාසය අයැද සිටිමි ආදී ක්‍රමයෙන් සමාදන්ව වාසය කරයි. ඒ සඳහා යොඛොසෙනිය අඤ්ඤතිත්‍ථිය පුබ්බො යනාදිය කීය.

තත්‍ථ පබ‍්බජ‍්ජන‍්ති වචනසිලිට‍්ඨතාවසෙනෙව වුත‍්තං. අපරිවසිත්‍වායෙව හි පබ‍්බජ‍්ජං ලභති. උපසම‍්පදත්‍ථිකෙන පන නාතිකාලෙන ගාමප‍්පවෙසනාදීනි අට‍්ඨ වත‍්තානි පූරෙන‍්තෙන පරිවසිතබ‍්බං. ආරද‍්ධචිත‍්තාති අට‍්ඨවත‍්තපූරණෙන තුට‍්ඨචිත‍්තා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙස තිත්‍ථියපරිවාසො සමන‍්තපාසාදිකාය විනයට‍්ඨකථාය පබ‍්බජ‍්ජඛන්‍ධකවණ‍්ණනායං (මහාව· අට‍්ඨ· 86) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

එහි පබ්බජ්ජං යන වචනයෙහි සිළිටිබව නිසා කියනලදී. පරිවාසයෙහි නොවැසම පැවිද්ද ලබයි. උපසම්පදාපේක්ෂක නොකල්හි ගම්වැදීම ආදී අටවත් පුරන්නෙකු විසින් පරිවාසයෙන් විසිය යුතුය. ආරද්ධචිත්තා අටවත් පිරීමෙන් තුටු සිත් ඇති මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් මේ තීර්ථක පරිවාසය සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි පබ්බජ්ජා වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතුය.

අපිච මෙත්‍ථාති අපිච මෙ එත්‍ථ. පුග‍්ගලවෙමත‍්තතා විදිතාති පුග‍්ගලනානත‍්තං විදිතං. අයං පුග‍්ගලො පරිවාසාරහො, අයං න පරිවාසාරහොති ඉදං මය‍්හං පාකටන‍්ති දස‍්සෙති.

අපිචමෙත්‍ථ එසේවුවත් මා විසින් මෙහි, පුග්ගලවෙමත්තතා විදිනා පුද්ගල නානත්වය දන්නාලදී. මේ පුද්ගලයා පරිවාසයට සුදුසුය, මොහු පරිවාසයට නුසුදුසුය යයි මෙය මට ප්‍රකටයයි දක්වයි.

තතො සෙනියො චින‍්තෙසි – “අහො අච‍්ඡරියං බුද‍්ධසාසනං, යත්‍ථ එවං ඝංසිත්‍වා කොට‍්ටෙත්‍වා යුත‍්තමෙව ගණ‍්හන‍්ති, අයුත‍්තං ඡඩ‍්ඩෙන‍්තී”ති. තතො සුට‍්ඨුතරං පබ‍්බජ‍්ජාය සඤ‍්ජාතුස‍්සාහො සචෙ, භන‍්තෙතිආදිමාහ. අථ භගවා තස‍්ස තිබ‍්බච‍්ඡන්‍දතං විදිත්‍වා න සෙනියො පරිවාසං අරහතීති අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි – “ගච‍්ඡ ත්‍වං, භික‍්ඛු, සෙනියං න‍්හාපෙත්‍වා පබ‍්බාජෙත්‍වා ආනෙහී”ති. සො තථා කත්‍වා තං පබ‍්බාජෙත්‍වා භගවතො සන‍්තිකං ආනයි. භගවා ගණෙ නිසීදිත්‍වා උපසම‍්පාදෙසි. තෙන වුත‍්තං – “අලත්‍ථ ඛො අචෙලො සෙනියො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං අලත්‍ථ උපසම‍්පද”න‍්ති.

ඉන්පසු සෙනිය මෙසේ සිතීය. අහෝ බුද්ධශාසනයෙහි ආශ්චර්යය යම් තැනෙක මෙසේ ගටා කොටා යුතුදේම ගනිත්, අයුතුදේ අත්හැර දමත් ඉන්පසු වඩා සුදුසු තැනැත්තා පැවිද්දට හටගත් උත්සාහ ඇත්තේ, සචෙභන්තෙ ආදිය කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තියුණු ආශාව ඇතිබව දැන සේනිය පරිවාසයට නොසුදුසුයයි වෙනත් භික්‍ෂුවක ඇමතුසේක. ‘භික්‍ෂුව යව, සේනිය නහවා පැවිදිකරවා ගෙන එන්න. හේ එසේ කොට ඔහු පැවිදිකරවා භාග්‍යවතුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ආයේය. භාග්‍යවතුන් වහන්සේ සඟගණ මැද හිඳ උපසම්පදා කළසේක. එහෙයින් කියන ලදී. අලත්‍ථ ඛො අචෙලො සෙනියො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්‍ථ උපසමපදන්ති.

අචිරූපසම‍්පන‍්නොති උපසම‍්පන‍්නො හුත්‍වා නචිරමෙව. වූපකට‍්ඨොති වත්‍ථුකාමකිලෙසකාමෙහි කායෙන ච චිත‍්තෙන ච වූපකට‍්ඨො. අප‍්පමත‍්තොති කම‍්මට‍්ඨානෙ සතිං අවිජහන‍්තො. ආතාපීති කායිකචෙතසිකසඞ‍්ඛාතෙන වීරියාතාපෙන ආතාපී. පහිතත‍්තොති කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛතාය පෙසිතත‍්තො විස‍්සට‍්ඨඅත‍්තභාවො. යස‍්සත්‍ථායාති යස‍්ස අත්‍ථාය. කුලපුත‍්තාති ආචාරකුලපුත‍්තා. සම‍්මදෙවාති හෙතුනාව කාරණෙනෙව. තදනුත‍්තරන‍්ති තං අනුත‍්තරං. බ්‍රහ‍්මචරියපරියොසානන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියපරියොසානභූතං අරහත‍්තඵලං. තස‍්ස හි අත්‍ථාය කුලපුත‍්තා පබ‍්බජන‍්ති. දිට‍්ඨෙව ධම‍්මෙති ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ. සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වාති අත‍්තනායෙව පඤ‍්ඤාය පච‍්චක‍්ඛං කත්‍වා, අපරප‍්පච‍්චයං ඤත්‍වාති අත්‍ථො. උපසම‍්පජ‍්ජ විහාසීති පාපුණිත්‍වා සම‍්පාදෙත්‍වා විහාසි. එවං විහරන‍්තොව ඛීණා ජාති…පෙ… අබ‍්භඤ‍්ඤාසි.

අචිරූපසමපන්නො යැයි උපසපන්වී නොබෝ කලෙකින්ම, චුපකට්ඨො වස්තුකාම ක්ලේශකාමයන් ගෙන්ද කයින්ද සිතින්ද වෙන්වුයේ අප්පමත්තො කමටහන්හි සිහිය නොහරින්නේ, ආතාපී කායික චෛතසික සංඛ්‍යාතවූ වීර්ය නමැති අව්වෙන් තැවෙන්නේ පහිතත්තො කයෙහිද ජීවිතයෙහිද අපේක්ෂානැති බැවින් යවන ලද ආත්ම ඇත්තේ විසුරුවාහළ ආත්මභාව ඇත්තේ, යස්සත්‍ථාය යමක් සඳහා කුලපුත්තා ආචාර කුලපුත්‍රයෝ සම්මදෙව හේතු ඇතිව කරුණු ඇතිවද, තදනුත්තරං ඒ අනුත්තර වූ, බ්‍රහ්මචරිය පරියොසානං මාර්ග බ්‍රහ්මචරියාවගේ පරියවසානයවු රහත්ඵලය. ඒ සඳහා කුලපුත්‍රයෝ පැවිදිවෙත්. දිට්ඨෙව ධම්මෙ මේ අත්බැවෙහිම, සයං අභිඤ්ඤ සච්ඡිකත්‍වා තමාගේම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කොට අපරප්‍රත්‍යය දැන යන අර්ථය. උපසම්පජ්ජවිහාසි පැමිණ සම්පාදනය කොට විසීය. එසේ වාසයකරන්නේම ජාතිය ගෙවීණ -පෙ- මැනවින් දත්තේය.

එවමස‍්ස පච‍්චවෙක‍්ඛණභූමිං දස‍්සෙත්‍වා අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙතුං “අඤ‍්ඤතරො ඛො පනායස‍්මා සෙනියො අරහතං අහොසී”ති වුත‍්තං. තත්‍ථ අඤ‍්ඤතරොති එකො. අරහතන‍්ති අරහන‍්තානං, භගවතො සාවකානං අරහන‍්තානං අබ‍්භන‍්තරො අහොසීති අයමෙවත්‍ථ අධිප‍්පායො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

මෙසේ ඔහුට ප්‍රත්‍යවේක්ෂණ භූමිය පෙන්වා අර්හත්වය කුළුගන්වා දේශනාව නිමවන්ට අඤ්ඤතරො ඛොපනායස්මා සෙනියො අරහතං අහොසි යයි කියන ලදී. එහි අඤ්ඤතරො යනු එකෙක් අරහතං සුහොසි - රහතුන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකවූ රහතන්වහන්සේගේ ආභ්‍යන්තරිකයෙක් විය යනු මෙහි අභිප්‍රායයි. සෙස්ස සියලු තැන නොගැඹුරු ම වේ.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය කුක‍්කුරවතිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වැනි කුක්කුරවතිය සුත්‍රයයි