යෙදුමෙන් කියවන්න

කුක‍්කුරවතිය සුත‍්තං

2. 1. 7.

2. 1. 7.

කුක‍්කුරවතිය සුත‍්තං

කුක්කුරවතිය සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද‍්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො පුණ‍්ණො ච කොලියපුත‍්තො ගොවතිකො, අචෙලො ච සෙනියො කුක‍්කුරවතිකො යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. අචෙලො පන සෙනියො කුක‍්කුරවතිකො භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා කුක‍්කුරොව පළිකුජ‍්ජිත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො භගවන‍්තං එතදවොච; අයං භන‍්තෙ අචෙලො සෙනියො කුක‍්කුරවතිකො දුක‍්කරකාරකො, ඡමානික‍්ඛිත‍්තං භුඤ‍්ජති. තස‍්ස තං කුක‍්කුරවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං, තස‍්ස කා ගති, කො අභිසම‍්පරායොති. අලං පුණ‍්ණ, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡීති. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො භගවන‍්තං එතදවොච; අයං භන‍්තෙ අචෙලො සෙනියො කුක‍්කුරවතිකො දුක‍්කරකාරකො, ඡමානික‍්ඛිත‍්තං භුඤ‍්ජති. තස‍්ස තං කුක‍්කුරවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායොති. අද‍්ධා ඛො තෙ අහං පුණ‍්ණ න ලභාමි; අලං පුණ‍්ණ, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡීති. අපි ච ඛො ත්‍යාහං බ්‍යාකරිස‍්සාමි.

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් කෝලිය නියම්ගම්හි වැඩවසනසේක. එකල ගෝව්‍රත සමාදාන කළ කෝලිය පුත්‍ර පුණ්ණ හා ශුනකව්‍රත සමාදාන කළ සේනිය නම් නුවට හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ගෝව්‍රත ගත් කෝලියපුත් පුණ්ණ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. බලුතව ගත් සේනිය නුවට බුදුන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි කලතුරුහි සිහි කළයුතු කථා කොට නිමවා කුකුරකු සෙයින් හැකිළීගෙන එකත්පසෙක හින. එකත්පසෙක පසෙක හුන් ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක. බිමලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රයෙහි පිරිපුන් කොට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලොව උපත් කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල පැන තිබියේවා. තෙල පැන මා නො පුළුවුස යි. දෙවන වට ද … තුන්වනවට ද ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළ: ‘වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක, බිම ලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රියෙහි පිරිපුන් කොට සමාදන් කරන ලදි. ඔහු ගේ ගති කවර? පරලොව කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල තිබියේවා. තෙල පැන මා අතින් නො පුළුවුස’ යි, (කිව ද) පුණ්ණය, මම තොප බස් එකැතින් නො ලැබෙමි. වැළිත් තොපට මම ප්‍රකාශ කරමි.

ඉධ පුණ‍්ණ, එකච‍්චො කුක‍්කුරවතං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරසීලං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරචිත‍්තං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරාකප‍්පං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං. සො කුක‍්කුරවතං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරසීලං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරචිත‍්තං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කුක‍්කුරාකප‍්පං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කායස‍්ස භෙදා පරම‍්මරණා කුක‍්කුරානං සහව්‍යතං උපපජ‍්ජති, සචෙ ඛො පනස‍්ස එවං දිට‍්ඨි හොති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති. සාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ඛො අහං පුණ‍්ණ ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉති ඛො පුණ‍්ණ සම‍්පජ‍්ජමානං කුක‍්කුරවතං කුක‍්කුරානං සහව්‍යතං උපනෙති. විපජ‍්ජමානං නිරයන‍්ති.

පුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්‍යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්‍ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.

එවං වුත‍්තෙ අචෙලො සෙනියො කුක‍්කුරවතිකො පරොදි, අස‍්සූනි පවත‍්තෙසි. අථ ඛො භගවා පුණ‍්ණං කොලියපුත‍්තං ගොවතිකං එතදවොච: එතං ඛො තෙ අහං පුණ‍්ණ නාලත්‍ථං: අලං පුණ‍්ණ, තිට‍්ඨතෙතං මා මං එතං පුච‍්ඡීති. නාහං භන‍්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි ච මෙ ඉදං භන‍්තෙ කුක‍්කුරවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං. අයඤ‍්ච භන‍්තෙ පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො තස‍්ස තං ගොවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං. තස‍්ස කා ගති. කො අභිසම‍්පරායොති. අලං සෙනිය, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡීති. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො අචෙලො සෙනියො කුක‍්කුරවතිකො භගවන‍්තං එතදවොච: අයං භන‍්තෙ පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො. තස‍්ස තං ගොවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං. තස‍්ස කා ගති, කො අභිසම‍්පරායොති. අද‍්ධා ඛො තෙ අහං සෙනිය න ලභාමි: අලං සෙනිය, තිට‍්ඨතෙතං. මා මං එතං පුච‍්ඡීති. අපි ච ඛො ත්‍යාහං බ්‍යාකරිස‍්සාමි.

මෙසේ වදාළ කල බලුතව ගත් සේනිය නුවට හැඬී. කඳුළු හෙළී. එසඳ භාග්‍යවතුන් වහන්සේ ගෝව්‍රත ගත් කෝලිය පුත් පුණ්නහට තෙල වදාළෝ: ‘පුණ්ණය, කම් නැත. තෙල පැන තිබියේවා, මා අතින් තෙල පැන නො පුළුවුස’ යි යන තෙල පුණ්ණය, මම නො ලත්මි. භාග්‍යවතුන් වහන්සේ යම් ව්‍යාකරණයක් මා ගෙන මෙසේ වදාළසේක් ද: වහන්ස, මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වහන්ස, වැළිත් මා විසින් මේ බලුතව අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. වහන්ස, ගෝව්‍රත සමාදාන කළ කෝලියපුතු මේ පුණ්ණ වේ ද ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. ඔහු ගේ ගති කවර? පරලෝ කවරෙ? සේනිය කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ යි. දෙවන වට ද … තුන්වන වට ද බලුතව ගත් සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, කෝලියපුත් මේ පුණ්ණ ගෝව්‍රත ඇත්තෙක. ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට මොනොවට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි. ‘සේනිය, කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ (කිව ද) යනු සේනිය මම තොප බස් ඒකාන්තයෙන් නො ලබමි. වැළිත් මම තොපට ප්‍රකාශ කරමි.

ඉධ සෙනිය, එකච‍්චො ගොවතං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගොසීලං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගොචිත‍්තං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගවාකප‍්පං භාවෙති පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං. සො ගොවතං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගොසීලං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගොචිත‍්තං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, ගවාකප‍්පං භාවෙත්‍වා පරිපුණ‍්ණං අබ‍්බොකිණ‍්ණං, කායස‍්ස භෙදා පරම‍්මරණා ගුන‍්නං සහව්‍යතං උපපජ‍්ජති. සචෙ ඛො පනස‍්ස එවං දිට‍්ඨි හොති: ඉමිනා’හං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වාති. සාස‍්ස හොති මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ඛො අහං සෙනිය ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච‍්ඡානයොනිං වා. ඉති ඛො සෙනිය සම‍්පජ‍්ජමානං ගොවතං ගුන‍්නං සහව්‍යතං උපනෙති විපජ‍්ජමානං නිරයන‍්ති.

සේනිය, මෙලොව කිසිවෙක් ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩයි. ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩයි. හේ ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩා ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩා ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩා ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින් මතු ගෙරින්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහි ඕහට මෙබඳු දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ආචාරයෙන් හෝ ව්‍රත සමාදානයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යෙයන් හෝ දෙව් හෝ වෙමි, දෙවාන්‍යතර හෝ වෙමි’ යි. ඒ දෘෂ්ටි ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. සේනිය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට නිරයගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. සේනිය, මෙසේ සම්පජ්ජමාන ගෝව්‍රතය ගවයන්ගේ සහභාවයට එළවයි. විපද්‍යමාන ගෝව්‍රතය නිරයට එළවයි.

එවං වුත‍්තෙ පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො පරොදි. අස‍්සූනි පවත‍්තෙසි. අථ ඛො භගවා අචෙලං සෙනියං කුක‍්කුරවතිකං එතදවොච: එතං ඛො තෙ අහං සෙනිය, නාලත්‍ථං: අලං සෙනිය, තිට‍්ඨතෙතං, මා මං එතං පුච‍්ඡීති. නාහං භන‍්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි ච මෙ ඉදං භන‍්තෙ ගොවතං දීඝරත‍්තං සමත‍්තං සමාදින‍්නං. එවං පසන‍්නො අහං භන‍්තෙ භගවති: පහොති භගවා තථා ධම‍්මං දෙසෙතුං යථා අහඤ‍්චෙවිමං ගොවතං පජහෙය්‍යං. අයඤ‍්ච අචෙලො සෙනියො කුක‍්කුරවතිකො තං කුක‍්කුරවතං පජහෙය්‍යාති. තෙන හි පුණ‍්ණ සුණාහි. සාධුකං මනසිකරොහි. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

මෙසේ වදාළ කල ගෝව්‍රත සමාදාන කළ කෝලියපුත් පුණ්ණ හැඬී. කඳුළු හෙළී, එසඳ බුදුහු බලුතව ගත් සේනිය අචේලකයාහට තෙල වදාළහ: ‘සේනිය, කම් නැත. තෙල තිබියේවා, තෙල කරුණ මා නො පුළුවුස්ව’ යි සේනිය, මම තෙල කරුණ තා අතින් නො ලත්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යම් කරුණක් මෙසේ වදාළ සේක් ද , මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වැළිත් වහන්ස, මේ ගෝව්‍රතය මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මොනොවට ගන්නා ලදි, මොනොවට සමාදාන කරන ලදි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. යම් පරිදි මමත් මේ ගෝව්‍රතය හරනෙම් ද, කුකුරුවත ගත් මේ සේනිය අචෙළකත් ඒ කුකුරවත හරනේ වේ ද, එසේ දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හ’ යි. පුණ්ණය, එ කරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියමි යි. ‘වහන්ස, එසේ යැ’ යි ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

චත‍්තාරිමානි පුණ‍්ණ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි, කතමානි චත‍්තාරි: අත්‍ථි පුණ‍්ණ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං, අත්‍ථි පුණ‍්ණ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං, අත්‍ථි පුණ‍්ණ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං, අත්‍ථි පුණ‍්ණ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං, කම‍්මං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

‘පුණ්ණය, මෙ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමා මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රවිදිත වැ ඇත. කවර සතර කෙනෙක යත්: පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක වූ කර්‍මයෙක් ඇත. පුණ්ණය, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂයට වැටෙන කර්‍මයෙක් ද ඇති’ යි.

කතමඤ‍්ච පුණ‍්ණ, කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං: ඉධ පුණ‍්ණ, එකච‍්චො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදෙති එකන‍්තදුක‍්ඛං. සෙය්‍යථාපි සත‍්තා නෙරයිකා ඉති ඛො පුණ‍්ණ භූතා භූතස‍්ස උපපත‍්ති හොති, යං කරොති තෙන උපපජ‍්ජති. උපපන‍්නමෙනං ඵස‍්සා ඵුසන‍්ති. එවම‍්පහං පුණ‍්ණ කම‍්මදායාදා සත‍්තාති වදාමි. ඉදං වුච‍්චති පුණ‍්ණ, කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං.

පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූ කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ වාක් සංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ මනඃසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හෙ සදුඃඛ වූ කායසංස්කාර රැස් කොට සදුඃඛ වූ වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූ මනඃසංස්කාර රැස් කොට සදුඃඛ ලෝකයට එළැඹෙයි. සදුඃඛ ලෝකයට එළැඹි තුලුහු සදුඃඛ විපාක ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත්. හෙ සදුඃඛ විපාක ස්පර්‍ශයෙන් පහස්නාලද්දේ ඒකාන්ත දුඃඛ වූ සදුඃඛ වේදනා විඳී. නිරෑ උපන් සත්ත්‍වයන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපප්‍රාප්තිය වෙයි. යමක් කෙරේ ද එයින් පරලොව එළැඹෙයි. එළැඹි තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිති’යි. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්‍මයැ’යි කියනු ලැබේ.

කතමඤ‍්ච පුණ‍්ණ, කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං: ඉධ පුණ‍්ණ, එකච‍්චො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, අබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං අබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං අබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති. සො අබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො අබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදෙති එකන‍්තසුඛං. සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්ණා. ඉති ඛො පුණ‍්ණ, භූතා භූතස‍්ස උපපත‍්ති හොති. යං කරොති තෙන උපපජ‍්ජති. උපපන‍්නමෙනං ඵස‍්සා ඵුසන‍්ති. එවම‍්පහං පුණ‍්ණ, කම‍්මදායාදා සත‍්තාති වදාමි. ඉදං වුච‍්චති පුණ‍්ණ, කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං.

පුණ්ණය, ‘ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍ම ඇති කර්‍මය’ කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් නිදුක් වූ කායසංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ වාක් සංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ නිදුක් වූ කායසංස්කාර රැස් කොට නිදුක් වූ වාක් සංස්කාර රැස් කොට නිදුක් වූ මනඃසංස්කාර රැස්කොට නිදුක් ලොවට එළැඹෙයි. නිදුක් ලොවට එළැඹියා වූ තුලුහු නිදුක් විපාක ඇති ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හේ නිදුක් විපාක ඇති පහසින් පහස්නා ලද්දේ මැ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එ කර්‍ම හේතුයෙන් පරලොව එළැඹීම වෙයි. එළැඹුණු තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයැ’ යි කියනු ලැබේ.

කතමඤ‍්ච පුණ‍්ණ, කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං: ඉධ පුණ‍්ණ, එකච‍්චො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣාපි අබ්‍යාපජ‍්ඣාපි ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහිපි අබ්‍යාපජ‍්ඣෙහිපි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වෙදනං වෙදෙති වොකිණ‍්ණසුඛදුක‍්ඛං, සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. ඉති ඛො පුණ‍්ණ, භූතා භූතස‍්ස උපපත‍්ති හොති. යං කරොති තෙන උපපජ‍්ජති. උපපන‍්නමෙනං ඵස‍්සා ඵුසන‍්ති. එවම‍්පහං පුණ‍්ණ, කම‍්මදායාදා සත‍්තාති වදාමි. ඉදං වුච‍්චති පුණ‍්ණ, කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං.

පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කෙරෙයි, සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස්කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹියා වූ තුලුහු සදුඃඛ වූත් අදුඃඛ වූත් ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් පහසින් පුස්නාලද්දේ මැ සුඛදුඃඛ මිශ්‍ර වූ සදුඃඛ වූත් අදුඃඛ වූත් වේදනා විඳී. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියනුදු සෙයිනි. ඇතැම් විනිපාතිකයනුදු සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපපත්ති වෙයි. යමක් කෙරේ ද ඒ කර්‍ම හේතුයෙන් උපපත්ති වෙයි. උපපන්න වූ තුලුහු පහස්හු පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍ම යැ’ යි කියනු ලැබේ.

කතමඤ‍්ච පුණ‍්ණ, කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති, තත්‍ර පුණ‍්ණ, යම‍්පිදං කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං තස‍්ස පහානාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං තස‍්ස පහානාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං කණ‍්හසුක‍්කං

පුණ්ණය, කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, එ ත්‍රිවිධ කර්‍මයන් කෙරෙහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙක්

කණ‍්හසුක‍්කවිපාකං තස‍්ස පහානාය යා චෙතනා, ඉදං වුච‍්චති පුණ‍්ණ, කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං, කම‍්මක‍්ඛයාය සංවත‍්තති. ඉමානි ඛො පුණ‍්ණ, චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.

ඇද්ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම යැ’යි කියනු ලැබේ. පුණ්ණය, මේ සතර කර්‍මයෝ තමා විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට මා විසින් සුවිදිතයහ’යි වදාළෝ.

එවං වුත‍්තෙ පුණ‍්ණො කොලියපුත‍්තො ගොවතිකො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ. සෙය්‍යථාපි භන‍්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති. අචෙලො පන සෙනියො කුක‍්කුරවතිකො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භන‍්තෙ, අභික‍්කන‍්තං භන‍්තෙ, සෙය්‍යථාපි භන‍්තෙ -පෙ- පකාසිතො. එසාහං භන‍්තෙ, භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. ලභෙය්‍යාහං භන‍්තෙ, භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං. ලභෙය්‍යං උපසම‍්පදන‍්ති.

මෙසේ වදාළ කලැ ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, ඉමැනැවි, වහන්ස, ඉමැනැවි. වහන්ස, යම්සේ … භාග්‍යවතුන් වහන්සේ අද පටන් ඉදිරියෙහි දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරණ සේක්වා. බලුතව ගත් සේනිය අචේලක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: ‘වහන්ස, ඉතා මැනැවැ වහන්ස, ඉතා මැනැවැ, වහන්ස, යම් පරිදි … දෙසනලද ද. වහන්ස, තෙල මම භාග්‍යවතුන්වහන්සේ සරණ යෙමි. ධර්‍මය හා බික්සඟුනුදු සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙම්වා. උපසම්පත් ලැබෙම්ව’යි කී.

යො ඛො සෙනිය, අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛති පබ‍්බජ‍්ජං, ආකඞ‍්ඛති උපසම‍්පදං. සො චත‍්තාරො මාසෙ පරිවසති. චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අපි ච මෙත්‍ථ පුග‍්ගලවෙමත‍්තතා විදිතාති. සචෙ භන‍්තෙ, අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බා ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛන‍්තා පබ‍්බජ‍්ජං, ආකඞ‍්ඛන‍්තා උපසම‍්පදං, චත‍්තාරො මාසෙ පරිවසන‍්ති. චතුන‍්නං මාසානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්ති, උපසම‍්පාදෙන‍්ති භික‍්ඛුභාවාය. අහං චත‍්තාරි වස‍්සානි පරිවසිස‍්සාමි. චතුන‍්නං මං වස‍්සානං අච‍්චයෙන ආරද‍්ධචිත‍්තා භික‍්ඛූ පබ‍්බාජෙන‍්තු, උපසම‍්පාදෙන‍්තු භික‍්ඛුභාවායාති. අලත්‍ථ ඛො අචෙලො සෙනියො කුක‍්කුරවතිකො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදං. අචිරූපසම‍්පන‍්නො ඛො පනායස‍්මා සෙනියො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති. තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ඛො පනායස‍්මා සෙනියො අරහතං අහොසීති.

සේනිය, අන්‍යතීර්‍ත්‍ථක වූ යමෙක් මෙ සස්නෙහි පැවිදි උපසම්පත් රුස්නේ නම් හෙ සාරමසක් මුළුල්ලෙහි පිරිවෙස් පුරයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාවයට පැවැදි උපසපන් කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නා ලදැ’යි. වහන්ස, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි උපසම්පත් කැමැති වැ සාරමසක් කල් පිරිවෙස් පුරත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාව පිණිස පැවිදි උපසපන් කෙරෙත් ද, මම සතර හවුරුද්දක් පිරිවෙස් පුරන්නෙමි. සතර හවුරුද්දක් ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (මා) භික්‍ෂුභාවය පිණිස පැවිදි උපසපන් කෙරෙත් වා’යි. කුක්කුරවතික සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලද, උපසම්පත් ලදි. උපසම්පත් ලද නොබෝකල් ඇති ආයුෂ්මත් සේනිය එකලා වූයේ (වස්තු කාම ක්ලේශකාමයෙන් ) වෙන් වූයේ (කමටහන්හි සිහි එළවමින්) අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇති වැ (කායජීවිත නිරපේක්‍ෂ වැ) හරනලද ආත්මභාව ඇති වැ වාස කෙරෙමින් නොබෝකලෙකින් මැ යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, එ අනුත්තර වූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තෙමේ අභිඥායෙන් සාක්‍ෂාත් කොට උපයා වාස කෙළේ යි. ජාතිය ක්‍ෂය වූ, බඹසර වැස නිමවන ලදි, කරණී කරන ලද, මෙ අර්‍හත්ඵලය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දත්තේ ය. ආයුෂ්මත් සේනිය වැළිත් රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී.

කුක‍්කුරවතිය සුත‍්තං සත‍්තමං.

සත්වැනි කුක්කුරවතිය සූත්‍ර යි.