අභයරාජකුමාර සුත්තං
2. 1. 8.
2. 1. 8.
අභයරාජකුමාර සුත්තං
අභයරාජ කුමාර සූත්‍රය
එවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අභයං රාජකුමාරං නිගණ්ඨො නාතපුත්තො එතදවොච; එහි ත්වං රාජකුමාර, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවං තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති අභයෙන රාජකුමාරෙන සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදො ආරොපිතොති. යථා කථං පනා’හං භන්තෙ, සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරොපෙස්සාමීති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි (බිම්බිසාර මහරජහු පිත්) අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්‍රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්‍ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්‍යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරෝපණය කෙරෙම් දැ’යි.
එහි ත්වං රාජකුමාර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා සමණං ගොතමං එවං වදෙහි: භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: භාසෙය්ය රාජකුමාර, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, පුථුජ්ජනෙන නානාකරණං, පුථුජ්ජනොපි හි තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ පන තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: න රාජකුමාර, තථාගතො තං වාචං භාසෙය්ය යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, දෙවදත්තො බ්යාකතො: ආපායිකො දෙවදත්තො, නෙරයිකො දෙවදත්තො, කප්පට්ඨො දෙවදත්තො, අතෙකිච්ඡො දෙවදත්තොති. තාය ච පන තෙ වාචාය දෙවදත්තො කුපිතො අහොසි අනත්තමනොති. ඉමං ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං. නෙව සක්ඛිති ඔගිලිතුං. සෙය්යථාපි නාම පුරිසස්ස අයොසිඞ්ඝාටකං කණ්ඨෙ විලග්ගං, සො නෙව සක්කුණෙය්ය උග්ගිලිතුං, නෙව සක්කුණෙය්ය ඔගිලිතුං. එවමෙව ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො ඉමං උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං, නෙව සක්ඛිති ඔගිලිතුන්ති.
එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයා කරා එළැඹ ශ්‍රමණ ගෞතමයන්හට මෙසේ කියව. “වහන්ස, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහු දැ”යි , ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම මෙසේ පුළුවුස්නා ලදුයේ ‘රාජකුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහ’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් තෙපි ඔහුට මෙසේ කියව, ‘වහන්ස, එකල්හි පුහුදුන් පුඟුල්හු හා තොප ගේ නානාකරණය කිමෙක් ද? පුහුදුන් පුඟුල් ද යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, ඒ වචනය කියන්නේ යැ’යි යළි ඉදින් ශ්‍රමණ ගෞතම තොප විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද, රාජ කුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ නම්, තථාගතයෝ ඒ වචනය නො කියන්නාහ’යි. තෙපි ඔහුට මෙසේ කියව: “වහන්ස, එකල්හි තොප විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (බුදුදහසුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැයි කුමක් හෙයින් දේවදත්ත පවසනලදුයේ ද? තවද තොප ගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේවී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරනට හෝ ගළනට හෝ නො මැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු යසඟළුවෙක් යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට හෝ නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි. ගළනට නො මැ හැකි වෙයි.
එවං භන්තෙති ඛො අභයො රාජකුමාරො නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො අභයස්ස රාජකුමාරස්ස සුරියං ඔලොකෙත්වා එතදහොසි. අකාලො ඛො අජ්ජ භගවතො වාදං ආරොපෙතුං, ස්වෙදානාහං සකෙ නිවෙසනෙ භගවතො වාදං ආරොපෙස්සාමීති භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භන්තෙ,
වහන්ස, එසේ යැ’යි අභයරාජකුමාර නුවට නතපුත්හට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නුවට නතපුත්හු සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් අභය රාජකුමාරහට හිරු බලා තෙල සිත් වී: අද භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ පිණිස කල් නො වෙයි. දැන් මම සෙට සිය නිවෙසෙහි දී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ කෙරෙමි’යි. භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ, වහන්ස, භාග්‍යවතුන්
භගවා ස්වාතනාය අත්තචතුත්ථො භත්තන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අභයො රාජකුමාරො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
වහන්සේ සෙට තමා සිවු වැනි වැ මාගේ බත ඉවසන සේක්වා’යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේගේ ඉවසුම් දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන අභයස්ස රාජකුමාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො අභයො රාජකුමාරො භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො අභයො රාජකුමාරො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අභයො රාජකුමාරො භගවන්තං එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එරැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙන අභයරාජකුමාරයාගේ නිවෙස්න කරා වැඩියහ. වැඩ, පැන්වූ අස්නෙහි හුන්හ. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපාලී යැ. මොනොවට පවරාලී යැ. එසඳ අභයරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතැ එක්තරා මිටිඅස් නක් ගෙන එකත්පසෙක හින. එකත්පසෙක හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ.
‘භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. න ඛො’ත්ථ රාජකුමාර එකංසෙනාති. එත්ථ භන්තෙ, අනස්සුං නිගණ්ඨාති. කිම්පන ත්වං රාජකුමාර, එවං වදෙසි: ‘එත්ථ භන්තෙ, අනස්සුං නිගණ්ඨා’ති. ඉදාහං භන්තෙ, යෙන නිගණ්ඨො. නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නං ඛො මං භන්තෙ, නිගණ්ඨො නාතපුත්තො එතදවොච: එහි ත්වං රාජකුමාර, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවං තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. “අභයෙන රාජකුමාරෙන සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදො ආරොපිතො”ති. එවං වුත්තෙ අහං භන්තෙ නිගණ්ඨං නාතපුත්තං එතදවොචං. යථා කථම්පනාහං භන්තෙ, සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරොපෙස්සාමීති. එහි ත්වං රාජකුමාර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං එවං වදෙහි: ‘භාසෙය්ය නු ඛො භන්තෙ, තථාගතො තං වාචං, යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. සචෙ තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: භාසෙය්ය රාජකුමාර, තථාගතො තං වාචං, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, පුථුජ්ජනෙන නානාකරණං, පුථුජ්ජනොපි හි තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපාති. සචෙ පන තෙ සමණො ගොතමො එවං පුට්ඨො එවං බ්යාකරොති: ‘න රාජකුමාර, තථාගතො තං වාචං භාසෙය්ය, යා සා වාචා පරෙසං අප්පියා අමනාපා’ති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි තෙ භන්තෙ, දෙවදත්තො බ්යාකතො: ආපායිකො දෙවදත්තො, නෙරයිකො දෙවදත්තො, කප්පට්ඨො දෙවදත්තො, අතෙකිච්ඡො දෙවදත්තොති. තාය ච පන තෙ වාචාය දෙවදත්තො කුපිතො අහොසි අනත්තමනො’ති. ඉමං ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං. නෙව සක්ඛිති ඔගිලිතුං. සෙය්යථාපි නාම පුරිසස්ස අයොසිඞ්ඝාටකං කණ්ඨෙ විලග්ගං, සො නෙව සක්කුණෙය්ය උග්ගිලිතුං, නෙව සක්කුණෙය්ය ඔගිලිතුං, එවමෙව ඛො තෙ රාජකුමාර, සමණො ගොතමො ඉමං උභතොකොටිකං පඤ්හං පුට්ඨො සමානො නෙව සක්ඛිති උග්ගිලිතුං, නෙව සක්ඛිති ඔගිලිතුන්ති.
වහන්ස, තථාගතයන් වහන්සේ යම් බඳු වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ, නම් ඒ වචන වදාරනසේක් ද? රාජකුමාරය, මෙ කරුණෙහි ලා ඒකාන්තයෙන් විසඳුම් නැති. වහන්ස, මෙ කරුණෙහි ලා නුවටහු නටහ යි. රාජ කුමාරය, කවර හෙයෙකින් තෝ මෙසේ කියහි? ‘වහන්ස, නුවටහු මෙහි දී නටහ’යි. වහන්ස, මම නුවට නතපුත් කරා එළැඹියෙමි. එළැඹ නුවට නතපුත්හු සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. වහන්ස, එකත්පසෙකැ හුන් මට නුවට නතපුත් තෙල කී: රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම් හට වාදාරෝපණ කරව. එසේ කළ කල ‘අභයරාජකුමාරයා විසින් මෙ බඳු මහ ඉදුහ ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට වාදාරෝපණ කරන ලදැ’යි තාගේ කල්‍යාණ කීර්තිඝෝෂා උස් වැ නැඟී යයි. වහන්ස, මෙසේ කී කලැ මම නුවට නතපුත්හට තෙල කීමි: ‘වහන්ස, මම මෙ බඳු මහත් ඍද්ධි ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කිසෙයින් නම් වාදාරෝපණ කෙරෙම් දැ?’යි රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම්හු කරා එළැඹෙව. එළැඹ මෙසේ කියව: ‘වහන්ස, තථාගතයන් වහන්සේ මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන වදාරන දෑ දැ’යි. ඉදින් තා විසින් මහණ ගොයුම් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: රාජකුමාරය, මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන තථාගතයන් වහන්සේ වදාරන දෑ යයි. ප්‍රකාශ කෙරේ ද, තෝ එ මහණගොයුම්හට මෙසේ කියන්නෙහි: ‘වහන්ස, එසේ වී නම් පෘතග්ජනයා හා තොප වහන්සේගේ නානාත්ව කිම? යම් හෙයෙකින් පෘථග්ජන තෙමේත් යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම්, ඒ වචන කියන්නේ ද’ එහෙයිනැයි. ඉදින් වැළිත් මහණ ගොයුම් තා විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: ‘රාජකුමාරය, යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම් තථාගතයන් වහන්සේ ඒ වචන නො වදාරන දෑ යැ’යි. එ මහණ ගොයුම්හට තෝ මෙසේ කියනෙහි: “වහන්ස, එසේ වී නම් තොප වහන්සේ විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (දහසක් බුදුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැ’යි කුමක් හෙයින් දේවදත්ත පවසන ලදුයේ ද? තවද තොප වහන්සේගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේ වී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරන්නට හෝ ගළනට හෝ නො වැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු අයොසිඞ්ඝාටකයෙක් (යසඟළුවෙක්) යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි, ගළනට නො මැ හැකි වේ” යයි.
තෙන ඛො පන සමයෙන දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො අභයස්ස රාජකුමාරස්ස අඞ්කෙ නිසින්නො හොති. අථ ඛො භගවා අභයං රාජකුමාරං එතදවොච: තං කිං මඤ්ඤසි රාජකුමාර, ස්චා’යං කුමාරො තුය්හං වා පමාදමන්වාය ධාතියා වා පමාදමන්වාය කට්ඨං වා කඨලං වා මුඛෙ ආහරෙය්ය, කින්ති නං කරෙය්යාසීති. ආහරෙය්යස්සාහං භන්තෙ. සචෙ අහං භන්තෙ න සක්කුණෙය්යං ආදිකෙනෙව ආහත්තුං වාමෙන හත්ථෙන සීසං පග්ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන වඞ්කඞ්ගුලිං කරිත්වා සලොහිතම්පි ආහරෙය්යං. තං කිස්ස හෙතු: අත්ථි මෙ භන්තෙ, කුමාරෙ අනුකම්පාති. එවමෙව ඛො රාජකුමාර, යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං. සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං සා ච පරෙසං අප්පියා අමනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය. තං කිස්ස හෙතු: අත්ථි රාජකුමාර, තථාගතස්ස සත්තෙසු අනුකම්පා”ති.
එසමයෙහි උඩුහුරු වැ හෝනා ළදරු කුමරෙක් අභය රාජකුමාරයාගේ ඇකයෙහි හුන්නේ වෙයි. එසඳ බුදුහු අභය රාජකුමාරහට තෙල වදාළහ: “රාජකුමාරයෙනි, ඒ කිමැයි හඟනාව. ඉදින් මෙ කුමර තොපගේ හෝ ප්‍රමාදය නිසා කිරිමවගේ හෝ ප්‍රමාදය නිසා කාෂ්ටයක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි තබන්නේ නම් ඕහට කුමක් කරන්නෙහි දැ? යි. වහන්ස, ඔහුගේ එය බැහැර ලන්නෙමි. ඉදින් වහන්ස, මම පළමු පියොවින් මැ බැහැර ලන්නට නො හැකි වීම් නම් වමතින් හිස දැඩි කොට ගෙන දකුණතින් ඇඟිලි වක් කොටගෙන ලෙහෙ සහිත වැ ද බැහැර ලන්නෙමි. ඒ කවර හෙයින යත්: වහන්ස, මට කුමරු කෙරෙහි අනුකම්පයෙක් ඇත. එහෙයිනැ’යි. එසෙයින් මැ රාජකුමාරයෙනි, තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය නො කියති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත,’ යැ ‘තථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තථාගතයෝ වැළිත් යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්ත්ථ සංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද එහිලා තථාගතයෝ ඒ වදන් විවරණ කරන්නට කල්දන්නාහු වෙති. තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද තථාගතයෝ ඒ වචනය නො වදාරති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තවද තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද එහි ලා තථාගතයෝ ඒ වචනය විවරණකරන්නට කල් දන්නාහු වෙති. ඒ කවර හෙයින යත්: රාජකුමාරය, තථාගතයනට සත්ත්වයන් කෙරෙහි අනුකම්පා ඇති හෙයිනි.
යෙමෙ භන්තෙ, ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. පුබ්බෙව නු ඛො එතං භන්තෙ භගවතො චෙතසො පරිවිතක්කිතං හොති: ‘යෙ මං උපසඞ්කමිත්වා එවං පුච්ඡිස්සන්ති. තෙසාහං එවං පුට්ඨො එවං බ්යාකරිස්සාමී’ති උදාහු ඨානසො එතං තථාගතං පටිභාතීති. තෙන හි රාජකුමාර, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය. තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි රාජකුමාර: කුසලො ත්වං රථස්ස අඞ්ගපච්චඞ්ගානන්ති. එවං භන්තෙ, කුසලො අහං රථස්ස අඞ්ගපච්චඞ්ගානන්ති. තං කිම්මඤ්ඤසි රාජකුමාර: යෙ තං උපසඞ්කමිත්වා එවං පුච්ඡෙය්යුං: කිං නාමිදං රථස්ස අඞ්ගපච්චඞ්ගන්ති, පුබ්බෙ නු ඛො තෙ එතං චෙතසො පරිවිතක්කිතං අස්ස: යෙ මං උපසඞ්කමිත්වා එවං පුච්ඡිස්සන්ති තෙසාහං එවං පුට්ඨො එවං බ්යාකරිස්සාමීති. උදාහු ඨානසොවෙතං තං පටිභාසෙය්යාති. අහං හි භන්තෙ, රථිකො සඤ්ඤතො කුසලො රථස්ස අඞ්ගපච්චඞ්ගානං, සබ්බානි මෙ රථස්ස අඞ්ගපච්චඞ්ගානි සුවිදිතානි. ඨානසොවෙතං මං පටිභාසෙය්යාති.
වහන්ස, යම් ක්ෂත්රිය පණ්ඩිත කෙනෙක් ද බ්‍රාහ්මණ පණ්ඩිත කෙනෙක් ද ගෘහපති පණ්ඩිත කෙනෙක් ද ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු ද, වහන්ස, යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ විසඳන්නෙමි’යි භාග්‍යවතුන් විසින් පෙර මැ තෙල කරුණ සිතින් සලකන ලද්දේ වේ ද නොහොත් තැනට උපන් නුවණින් තෙල තථාගතයනට වටහා දැ? යි: රාජකුමාරය, එසේ වී නම් මෙහි ලා තොප මැ පුළුවුස්මි. තොපට යම්සේ හැඟේ නම් ඒ පරිද්දෙන් එය පවසව. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. තෙපි රථයාගේ අවයවයන් පිළිබඳ වැ නිපුණ වූවහු නො? යි. එසේ යැ වහන්ස, මම් රථයාගේ අවයව පිළිබඳ වැ නිපුණයෙමි යි. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. යම් කෙනෙක් තොප කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් මේ රථයාගේ කිනම් අවයවයෙක් දැ? යි. යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම් මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පවසන්නෙමි’යි තොප විසින් තෙල පෙර මැ සිතින් විමසන ලද වන්නේ ද, නොහොත් තෙල තැනට උපන් නුවණින් මැ එය තොපට වැටහෙන්නේ දැ? යි. වහන්ස, මම් වනාහි ‘රථිකයෙකැ’ යි ප්‍රකටයෙමි. රථයාගේ අංගප්‍රත්‍යංග පිළිබඳ වැ නිපුණයෙමි. මා විසින් රථයාගේ සියලු අවයව මොනොවට දන්නා ලද. තැනට උපන් නුවණින් මැ තෙල මට වැටහෙන්නේ යයි.
එවමෙව ඛො රාජකුමාර, යෙ තෙ ඛත්තියපණ්ඩිතාපි බ්රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි සමණපණ්ඩිතාපි පඤ්හං අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. ඨානසොවෙතං තථාගතං පටිභාති. තං කිස්ස හෙතු: සාහි රාජකුමාර, තථාගතස්ස ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා ඨානසොවෙතං තථාගතං පටිභාතීති.
රාජකුමාරය, එසෙයින් මැ යම් ක්ෂිත්රිය පණ්ඩිතයෝ ද බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද ගෘහපති පණ්ඩිතයෝ ද ශ්‍රමණ පණ්ඩිතයෝ ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු නම් තෙල ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහයි. එ කවර හෙයින යත්: රාජකුමාරය, යම් ධර්ම ධාතුවක් මොනොවට ප්‍රතිවේධ කළ හෙයින් තෙල එක් ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහා ද තථාගතයන් විසින් ඒ ධර්මස්වභාවය මොනොවට ප්‍රතිවේධ කරන ලදැ යි.
එවං වුත්තෙ අභයො රාජකුමාරො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: ‘වහන්ස, ඉතා මැනැවැ ! ‘වහන්ස, ඉතා මැනැවැ ... අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක් ව’ යි.
අභයරාජකුමාරසුත්තං අට්ඨමං.
අට වැනි අභයරාජකුමාර සූත්‍රය යි.