යෙදුමෙන් කියවන්න

බහුවෙදනිය සුත‍්තං

2. 1. 9.

2. 1. 9.

බහුවෙදනිය සුත‍්තං

බහුවේදනීය සූත්‍රය

එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො පඤ‍්චකඞ‍්ගො ථපති යෙනායස‍්මා උදායී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උදායිං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච:

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු ආයුෂ්මත් (පණ්ඩිත) උදායි තෙරුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල සැලකළේ:

‘කති නු ඛො භන‍්තෙ උදායි, වෙදනා වුත‍්තා භගවතා’ති. තිස‍්සො ඛො ථපති. වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ථපති, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති. න ඛො භන‍්තෙ උදායි, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා, ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ, අදුක‍්ඛමසුඛා වෙදනා, සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති.

ආයුෂ්මත් උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනා වදාරනලද්දාහු දැ’යි. ථපතිය, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලද්දාහ: සුඛවේදනා යැ, දුඃඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනා වදාරන ලදැ යි. වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලද. සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යැ.

දුතියම‍්පි ඛො ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපතිං එතදවොච: න ඛො ථපති ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ථපති, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති. දුතියම‍්පි ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: න ඛො භන‍්තෙ උදායි, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා, ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ, අදුක‍්ඛමසුඛා වෙදනා, සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති.

දෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලද, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරනලදහ යි. දෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: ‘වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛ වේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යි.

තතියම‍්පි ඛො ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපතිං එතදවොච: න ඛො ථපති, ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා, ඉමා ඛො ථපති, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතාති. තතියම‍්පි ඛො පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං එතදවොච: න ඛො භන‍්තෙ උදායි, තිස‍්සො වෙදනා වුත‍්තා භගවතා, ද‍්වෙ වෙදනා වුත‍්තා භගවතා: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා. යායං භන‍්තෙ, අදුක‍්ඛමසුඛා වෙදනා, සන‍්තස‍්මිං එසා පණීතෙ සුඛෙ වුත‍්තා භගවතාති. නෙව ඛො අසක‍්ඛි ආයස‍්මා උදායී පඤ‍්චකඞ‍්ගං ථපතිං සඤ‍්ඤාපෙතුං. න පනාසක‍්ඛි පඤ‍්චකඞ‍්ගො ථපති ආයස‍්මන‍්තං උදායිං සඤ‍්ඤාපෙතුං.

තෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලදයැ, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරනලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛ වේදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරන ලදහ යි. තෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරන ලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛ වේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛවේදනායෙහි ලා වදාරන ලද්දී යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට හඟවාලන්නට නො හැකි වූහ. යළි පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට හඟවාලන්නට නොහැකි වී.

අස‍්සොසි ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මතො උදායිස‍්ස පඤ‍්චකඞ‍්ගෙන ථපතිනා සද‍්ධිං ඉමං කථා සල‍්ලාපං. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො යාවතකො අහොසි. ආයස‍්මතො උදායිස‍්ස පඤ‍්චකඞ‍්ගෙන ථපතිනා සද‍්ධිං කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි. එවං වුත‍්තෙ භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ යම් පමණ කථාසල්ලාපයෙක් වීද ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මෙසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල වදාළහ.

සන‍්තංයෙව ඛො ආනන්‍ද, පරියායං පඤ‍්චකඞ‍්ගො ථපති උදායිස‍්ස නාබ‍්භනුමොදි. සන‍්තං යෙව ච පන පරියායං උදායී පඤ‍්චකඞ‍්ගස‍්ස ථපතිස‍්ස නාබ‍්භනුමොදි. ද‍්වෙපානන්‍ද, වෙදනා වුත‍්තා මයා පරියායෙන, තිස‍්සොපි වෙදනා වුත‍්තා මයා පරියායෙන, පඤ‍්චපි වෙදනා වුත‍්තා මයා පරියායෙන, ඡපි වෙදනා වුත‍්තා මයා පරියායෙන, අට‍්ඨාරසපි වෙදනා වුත‍්තා මයා පරියායෙන, ඡත‍්තිංසාපි වෙදනා වුත‍්තා මයා පරියායෙන, අට‍්ඨසතම‍්පි වෙදනා වුත‍්තා මයා පරියායෙන. එවං පරියාය දෙසිතො ඛො ආනන්‍ද, මයා ධම‍්මො. එවං පරියායදෙසිතෙ ඛො ආනන්‍ද, මයා ධම‍්මෙ යෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සුලපිතං න සමනුජානිස‍්සන‍්ති, න සමනුමඤ‍්ඤිස‍්සන‍්ති, න සමනුමොදිස‍්සන‍්ති, තෙසමෙතං පාටිකඞ‍්ඛං: භණ‍්ඩනජාතා කලහජාතා විවාදාපන‍්නා අඤ‍්ඤමඤ‍්ඤං මුඛසත‍්තීහි විතුදන‍්තා විහරිස‍්සන‍්ති. එවං පරියාය දෙසිතො ඛො ආනන්‍ද, මයා ධම‍්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්‍ද, මයා ධම‍්මෙ යෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සුලපිතං සමනුජානිස‍්සන‍්ති, සමනුමඤ‍්ඤිස‍්සන‍්ති, සමනුමොදිස‍්සන‍්ති, තෙසමෙතං පාටිකඞ‍්ඛං: සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරිස‍්සන‍්තීති.

ආනන්‍දය, පඤ‍්චකංග ථපති උදායි මහණහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගත්තේ යැ. උදායි මහණ පඤ‍්චකංග ථපතිහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගති. ආනන්‍දය, මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ දෙදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ තුන් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ පස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ අටළොස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සතිස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ එක්සිය අට දෙනෙක් ද දෙසන ලදහ. ආනන්‍දය, මෙසේ මා විසින් ධර්‍මය පර්‍ය්‍යාය දේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යාය දේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය මනා වචනය නොඅනුදනිත් ද, මොනොවට නො හඟිත් ද අනුමෙවෙනි නො කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු ‘හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ හටගත් විවාද ඇති වැ උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙතී’ කියා යි. ආනන්‍දය, මා විසින් මෙසේ ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය උනුන්ගේ මනා වචනය මොනොවට අනුදනිත් ද, මොනොවට හඟිත් ද මොනොවට අනුමෙවෙනි කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘සමඟ වැ සම්මොදමාන වැ විවාද රහිත වැ ක්‍ෂීරෝදක වැනි වැ උනුන් ප්‍රිය ඇසින් මොනොවට බලන්නාහු වාස කෙරෙතී’ කියා යි.

පඤ‍්ච ඛො ඉමෙ ආනන්‍ද, කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්‍ද, පඤ‍්ච කාමගුණා. යං ඛො ආනන්‍ද, ඉමෙ පඤ‍්චකාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං ඉදං වුච‍්චති කාමසුඛං.

ආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ ... ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය ... වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. ආනන්‍දය, මේ පඤ්චකාමගුණයෝ යි. ආනන්‍දය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් සෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ ‘කාමසුඛ’ යැ යි කියනු ලැබේ.

යො ඛො ආනන්‍ද එවං වදෙය්‍ය: එතපරමං සත‍්තා සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති. ඉදමස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි මෙසේ බෙණේ ද ඔහුගේ මේ වචනය නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරේ. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද ඒ අන්‍ය සුඛය නම් මේ යැ.

යො ඛො ආනන්‍ද, එවං වදෙය්‍ය: එතපරමං සත‍්තා සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදමස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි. ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ වනාහි තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු පීතියා ච විරාගා උපෙක‍්ඛකොච විහරති සතොච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති. යන‍්තං අරියා ආචික‍්ඛන‍්ති: උපෙක‍්ඛකො සතිමා සුඛ විහාරීති. තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක වැ ද සිහි ඇති වැ ද සම්ප්‍රඥාන ඇති වැ ද වාස කෙරෙයි. නාම කයින් සුඛය ද විඳි. ආර්‍ය්‍යයෝ යම් ඒ සුඛයක් ගෙන ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇතියෙකැ’ යි කියත් ද ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වේ.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ‍්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත සිහි පිරිසුදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා, පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා, නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රම හේතුවින් ප්‍රතිඝසංඥා අස්තඞ‍්ගම හේතුවින් නානාත්‍වසංඥා අමනසිකාර හේතුවින් ‘ආකාශය අනන්තය යැ’ යි ආකාසානඤ්‍චායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘විඥානය අනන්තය යැ’ යි විඤ්ඤාණඤ්‍චායතනය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘කිසිත් නැති’ යි ආකිඤ්‍චඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, -පෙ- පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ආකිඤ්‍චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් සුඛය වෙයි.

යො ඛො ආනන්‍ද, එවං වදෙය්‍ය: එතපරමං සත‍්තා සුඛං සොමනස‍්සං පටිසංවෙදෙන‍්තීති, ඉදමස‍්ස නානුජානාමි. තං කිස‍්ස හෙතු: අත්‍ථානන්‍ද එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච. කතමඤ‍්චානන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච: ඉධානන්‍ද, භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො ආනන්‍ද, එතම‍්හා සුඛා අඤ‍්ඤං සුඛං අභික‍්කන‍්තතරඤ‍්ච පණීතතරඤ‍්ච.

ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනය සුඛ පරම කොට සුඛසෞමනස්‍ය විඳිති’යි ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒකවර හෙයින? ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණය කොට සඤ්ඤාවේදයිත නිරෝධය උපයා වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය වනාහි තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ඨානං ඛො පනෙතං ආනන්‍ද, විජ‍්ජති යං අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං වදෙය්‍යුං: සඤ‍්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ. තඤ‍්ච සුඛස‍්මිං පඤ‍්ඤාපෙති. තයිදං කිංසු, තයිදං කථංසූති. එවං වාදිනො ආනන්‍ද, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: න ඛො ආවුසො, භගවා සුඛංයෙව වෙදනං සන්‍ධාය සුඛස‍්මිං පඤ‍්ඤාපෙති. අපි චාවුසො යත්‍ථ යත්‍ථ සුඛං උපලබ‍්භති. යහිං යහිං තං තං තථාගතො සුඛස‍්මිං පඤ‍්ඤාපෙතීති.

ආනන්‍දය, තෙල කරුණෙක් ඇත. යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ මෙසේ බෙණෙත් ද: ‘මහණ ගොයුම් සඤ්ඤාවේදයිත නිරෝධය කියයි. එ ද සුඛයෙහි ලා පනවයි. ඒ මේ කරුණ කිම වේ ද? ඒ මේ කරුණ කෙසේ වේ දැ? යි. ආනන්‍දය, මෙසේ බණන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැයුතු වෙති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුඛවේදනාවන් සඳහා සුඛයෙහි ලා නො පනවත්. ඇවැත්නි, වැළිත් යම් යම් තැනෙක සුඛය ලැබේ ද යම් යම් තැනෙක ඒ ඒ සුඛය වේ ද ඒ ඒ සුඛය තථාගතයන් වහන්සේ නිදුක් සුඛයෙහි ලා පනවති.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

බහුවෙදනියසුත‍්තං නවමං.

නව වැනි බහුවෙදනිය සූත්‍රයැ යි.