යෙදුමෙන් කියවන්න

අභයරාජකුමාර සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අභයරාජකුමාර සුත‍්තවණ‍්ණනා

අභයරාජ කුමාර සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අභයසුත‍්තං. තත්‍ථ අභයොති තස‍්ස නාමං. රාජකුමාරොති බිම‍්බිසාරස‍්ස ඔරසපුත‍්තො. වාදං ආරොපෙහීති දොසං ආරොපෙහි. නෙරයිකොති නිරයෙ නිබ‍්බත‍්තකො. කප‍්පට‍්ඨොති කප‍්පට‍්ඨිතිකො. අතෙකිච‍්ඡොති බුද‍්ධසහස‍්සෙනාපි තිකිච‍්ඡිතුං න සක‍්කා. උග‍්ගිලිතුන‍්ති ද‍්වෙ අන‍්තෙ මොචෙත්‍වා කථෙතුං අසක‍්කොන‍්තො උග‍්ගිලිතුං බහි නීහරිතුං න සක‍්ඛිති. ඔගිලිතුන‍්ති පුච‍්ඡාය දොසං දත්‍වා හාරෙතුං අසක‍්කොන‍්තො ඔගිලිතුං අන‍්තො පවෙසෙතුං න සක‍්ඛිති.

එවම්මෙ සුතං යනු අභය සුත්‍රයයි. එහි අභය යනු ඔහුගේ නමයි රාජකුමාරො බිම්බිසාරගේ පුත්‍රයා. වාදං ආරොපෙහි දොස් නගව. නෙරයිකො නිරයෙහි උපදින්නා. කප්පට්ඨො කල්පස්ථායී අතෙකිච්ඡො බුදුවරුන් දහසක් විසින්ද පිළියම් කිරීමට නොහැකි. උග්ගිලිකුං අන්තදෙක මුදා කියන්ට නොහැක්කේ ගිලීමටවත් එළියට ගැනීමටවත් නොහැකිවිය. ඔගිලිකුං ප්‍රශ්න කිරීමෙහි දොස් ඇතිකොට ආපසු ගැනීමට නොහැක්කේ ගිලගැනීමට. ඇතුළට ප්‍රවේශ කිරීමට නොහැකිවිය.

එවං, භන‍්තෙති නිගණ‍්ඨො කිර චින‍්තෙසි – “සමණො ගොතමො මය‍්හං සාවකෙ භින්‍දිත්‍වා ගණ‍්හාති, හන්‍දාහං එකං පඤ‍්හං අභිසඞ‍්ඛරොමි, යං පුට‍්ඨො සමණො ගොතමො උක‍්කුටිකො හුත්‍වා නිසින‍්නො උට‍්ඨාතුං න සක‍්ඛිස‍්සතී”ති. සො අභයස‍්ස ගෙහා නීහටභත‍්තො සිනිද‍්ධභොජනං භුඤ‍්ජන‍්තො බහූ පඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා – “එත්‍ථ සමණො ගොතමො ඉමං නාම දොසං දස‍්සෙස‍්සති, එත්‍ථ ඉමං නාමා”ති සබ‍්බෙ පහාය චාතුමාසමත්‍ථකෙ ඉමං පඤ‍්හං අද‍්දස. අථස‍්ස එතදහොසි – “ඉමස‍්ස පඤ‍්හස‍්ස පුච‍්ඡාය වා විස‍්සජ‍්ජනෙ වා න සක‍්කා දොසො දාතුං, ඔවට‍්ටිකසාරො අයං, කො නු ඛො ඉමං ගහෙත්‍වා සමණස‍්ස ගොතමස‍්ස වාදං ආරොපෙස‍්සතී”ති. තතො “අභයො රාජකුමාරො පණ‍්ඩිතො, සො සක‍්ඛිස‍්සතීති තං උග‍්ගණ‍්හාපෙමී”ති නිට‍්ඨං ගන‍්ත්‍වා උග‍්ගණ‍්හාපෙසි. සො වාදජ‍්ඣාසයතාය තස‍්ස වචනං සම‍්පටිච‍්ඡන‍්තො “එවං, භන‍්තෙ,”ති ආහ.

එවං භන්තෙ නිගණ්ඨයා මෙසේ සිතීය. ශ්‍රමණ ගෞතම තෙමේ මාගේ සව්වන් බිඳුවා ගනී. මම එක් ප්‍රශ්නයක් නගන්නෙමි නම් මැනවි. යමක් විචාරන ලද්දේ ශ්‍රමණ ගෞතම තෙමේ දණින් නැමී හුන්නේ නැගිට ගැනීමට නොහැකි වන්නේයයි හේ අභයගේ ගෙයින් ගෙනා බත්ඇත්තේ සිනිඳු බොජුන් බුදිනේ බොහෝ ප්‍රශ්න එකතු කොට මෙහි ශ්‍රමණ ගෞතම තෙමේ මෙනම් දොසක් දක්වයි. මෙහි මේ දොසක් දක්වතියි සියල්ල හැරදමා සිව්මසක් ඇවෑමෙන් මේ ප්‍රශ්නය ඇසීමෙහි හෝ විසඳීමෙහි දොසක් දක්වන්ට නොහැකිය. මෙය ඔවට්ටකසාර නමි කවරෙක්නම් මෙය ගෙන ශ්‍රමණ ගෞතමට වාද නගන්නේද. ඉන්පසු අභය රාජකුමාරයා නුවණැත්තේය. ඔහු හැකිවන්නේය. ඔහුට උගන්වාලමියි නිෂ්ඨාවට ගොස් උගන්වාලීය. හේ වාදකිරීමේ කැමැත්ත ඇති බැවින් ඔහුගේ වචනය පිළිගෙන එවං භන්තෙ යි කීය.

අකාලො ඛො අජ‍්ජාති අයං පඤ‍්හො චතූහි මාසෙහි අභිසඞ‍්ඛතො, තත්‍ථ ඉදං ගහෙත්‍වා ඉදං විස‍්සජ‍්ජියමානෙ දිවසභාගො නප‍්පහොස‍්සතීති මඤ‍්ඤන‍්තො එවං චින‍්තෙසි. සො දානීති ස‍්වෙ දානි. අත‍්තචතුත්‍ථොති කස‍්මා බහූහි සද‍්ධිං න නිමන‍්තෙසි? එවං කිරස‍්ස අහොසි – “බහූසු නිසින‍්නෙසු ථොකං දත්‍වා වදන‍්තස‍්ස අඤ‍්ඤං සුත‍්තං අඤ‍්ඤං කාරණං අඤ‍්ඤං තථාරූපං වත්‍ථුං ආහරිත්‍වා දස‍්සෙස‍්සති, එවං සන‍්තෙ කලහො වා කොලාහලමෙව වා භවිස‍්සති. අථාපි එකකංයෙව නිමන‍්තෙස‍්සාමි, එවම‍්පි මෙ ගරහා උප‍්පජ‍්ජිස‍්සති ‘යාවමච‍්ඡරී වායං අභයො, භගවන‍්තං දිවසෙ දිවසෙ භික‍්ඛූනං සතෙනපි සහස‍්සෙනපි සද‍්ධිං චරන‍්තං දිස‍්වාපි එකකංයෙව නිමන‍්තෙසී’”ති. “එවං පන දොසො න භවිස‍්සතී”ති අපරෙහි තීහි සද‍්ධිං අත‍්තචතුත්‍ථං නිමන‍්තෙසි.

අකාලොඛො අජ්ජ මේ ප්‍රශ්නය සිව්මසෙකින් ගොඩනගනලද්දකි. එහි මෙයගෙන මෙය විසඳන්නේ දිවාභාගය ප්‍රමාණවත් නොවන්නේයයි සිතන්නේ මෙසේත් සිතීය. සොදානි හෙට, අත්තචතුත්‍ථො කුමක් හෙයින් බොහෝදෙනකු සමග නිමන්ත්‍රණය නොකළේද. ඔහුට මෙසේ සිතිණ. බොහෝ දෙනකු හුන්කල මදක් අලසවනවිට අන් සූත්‍රයක් අන්කරුණක් අන් එබඳු උදාහරණයක් ගෙනවුත් දක්වයි. මෙසේ ඇතිකල්හි කලහයක් හෝ කෝලාහලයක් හෝ වන්නේ ය. එසේවුවත් හුදෙකලාවම ඇරයුම් කරන්නෙමි. මෙසේත් මට අපහසක් ඇතිවන්නේය. මේ අභය තෙමේ භාග්‍යවතුන්වහන්සේ දිනපතා භික්‍ෂුන් සියයක්හෝ ඒ දහසක් සමග හැසිරෙනු දැකත් හුදෙකලාවට ඇරයුම් කරන්නේය. ඔහු මසුරෙක් යැයි මෙසේ දෝෂයක් නොවන්නේයයි තවත් තිදෙනකු සමග තමා සිව්වැනි කොට ඇරයුම් කළේය.

න ඛ‍්වෙත්‍ථ, රාජකුමාර, එකංසෙනාති න ඛො, රාජකුමාර, එත්‍ථ පඤ‍්හෙ එකංසෙන විස‍්සජ‍්ජනං හොති. එවරූපඤ‍්හි වාචං තථාගතො භාසෙය්‍යාපි න භාසෙය්‍යාපි. භාසිතපච‍්චයෙන අත්‍ථං පස‍්සන‍්තො භාසෙය්‍ය, අපස‍්සන‍්තො න භාසෙය්‍යාති අත්‍ථො. ඉති භගවා මහානිගණ‍්ඨෙන චතූහි මාසෙහි අභිසඞ‍්ඛතං පඤ‍්හං අසනිපාතෙන පබ‍්බතකූටං විය එකවචනෙනෙව සංචුණ‍්ණෙසි. අනස‍්සුං නිගණ‍්ඨාති නට‍්ඨා නිගණ‍්ඨා.

තනඛෙවත්‍ථ රාජ කුමාර එකංසෙන රාජකුමාරය මෙහි ප්‍රශ්න නිශ්චය වශයෙන් විසඳීමක් වෙයි. තථාගතයන් වහන්සේ මෙබඳු වචනයක් කියන සේක් විය හැකිය නොකියන සේක්ද විය හැකිය. කියු කරුණින් අර්ථය දැක කියන සේක නොදක්නා සේක් නොකියනසේකැයි අර්ථයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ නිගණ්ඨයා විසින් සිව්මසකින් ගොතන ලද ප්‍රශ්නය අසනිවාතයෙන් පර්වත කූටය සුනුවිසුණු කරන්නාක් මෙන් එක් වචනයෙකින්ම සුණුවිසුනු කළසේක. අනස්සුංනිගණ්ඨා නිගණ්ඨයෝ නැසුණෝය.

අඞ‍්කෙ නිසින‍්නො හොතීති ඌරූසු නිසින‍්නො හොති. ලෙසවාදිනො හි වාදං පට‍්ඨපෙන‍්තා කිඤ‍්චිදෙව ඵලං වා පුප‍්ඵං වා පොත්‍ථකං වා ගහෙත්‍වා නිසීදන‍්ති. තෙ අත‍්තනො ජයෙ සති පරං අජ‍්ඣොත්‍ථරන‍්ති, පරස‍්ස ජයෙ සති ඵලං ඛාදන‍්තා විය පුප‍්ඵං ඝායන‍්තා විය පොත්‍ථකං වාචෙන‍්තා විය වික‍්ඛෙපං දස‍්සෙන‍්ති. අයං පන චින‍්තෙසි – “සම‍්මාසම‍්බුද‍්ධො එස ඔසටසඞ‍්ගාමො පරවාදමද‍්දනො. සචෙ මෙ ජයො භවිස‍්සති, ඉච‍්චෙතං කුසලං. නො චෙ භවිස‍්සති, දාරකං විජ‍්ඣිත්‍වා රොදාපෙස‍්සාමි. තතො පස‍්සථ, භො, අයං දාරකො රොදති, උට‍්ඨහථ තාව, පච‍්ඡාපි ජානිස‍්සාමා”ති තස‍්මා දාරකං ගහෙත්‍වා නිසීදි. භගවා පන රාජකුමාරතො සහස‍්සගුණෙනපි සතසහස‍්සගුණෙනපි වාදීවරතරො, “ඉමමෙවස‍්ස දාරකං උපමං කත්‍වා වාදං භින්‍දිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “තං කිං මඤ‍්ඤසි රාජකුමාරා”තිආදිමාහ.

අඞ්කෙ නිසින්තො හොති කලවාහි හුන්නේ වෙයි. ව්‍යාජහේතු වාදීහු වාදය ගොඩනගමින් කිසියම් ඵලයක් හෝ මලක් හෝ පොතක් ගෙන හිඳගනිති. ඔවුහු තමන්ට ජය ලැබුණුවිට අනෙකා යටපත් කරති. අනෙකාට ජය ලැබුණුකල්හි ගෙඩිය කන්නාක් මෙන්, මල තලාදමන්නාක් මෙන් පොත මේ කියවන්නාක්මෙන් කැලඹීමක් පෙන්වති. මොහු මෙසේ සිතීය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ බට සංග්‍රාම ඇත්තෙකි. පරවාදීන් මථනය කරන්නෙකි. යම් හෙයකින් මට ජය ලැබුණොත් එය කුසලයකි. නොවේනම් දරුවා රිදවා හඬවන්නෙමි. ඉන්පසු බලන්න පින්වත්නි මේ දරුවා හඩයි නැගිටුවවු පසුව දැනගත්තෙමු යි දරුවාගෙන හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි රාජකුමාරයාට වඩා සියගුණයෙන් දහස් ගුණයෙන් උතුම් වාදියෙකි. මොහුට මේ දරුවාටම උපමා කොට වාදය බිඳින්නෙමියි සිතා තං කිං මඤ්ඤසි රාජකුමාර ආදිය වදාළසේක.

තත්‍ථ මුඛෙ ආහරෙය්‍යාති මුඛෙ ඨපෙය්‍ය. ආහරෙය්‍යස‍්සාහන‍්ති අපනෙය්‍යං අස‍්ස අහං. ආදිකෙනෙවාති පඨමපයොගෙනෙව. අභූතන‍්ති අභූතත්‍ථං. අතච‍්ඡන‍්ති න තච‍්ඡං. අනත්‍ථසංහිතන‍්ති න අත්‍ථසංහිතං න වඩ‍්ඪිනිස‍්සිතං. අප‍්පියා අමනාපාති නෙව පියා න මනාපා. ඉමිනා නයෙනෙව සබ‍්බත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො.

එහි මුඛෙ ආහෙරය්‍යතා මුවෙහි තබන්නේ ය. ආහරෙය්‍යස්‍යාහං මම ඔහු ඉවතගෙන යන්නෙමි. ආදකෙනෙව ප්‍රථම ප්‍රයෝගයෙන්ම අභූතං නොවූ අර්ථය අතච්ඡං සත්‍ය නොවු, අනත්‍ථසංහිතං අනර්ථ සහිත, වර්ධනයක් නැති අප්පියා අමනාපා ප්‍රියනොවුයේ මනාපනොවුයේ. මේ ක්‍රමයෙන්ම සියලු තන්හි අර්ථය දත යුත්තේත්ය.

තත්‍ථ අප‍්පියපක‍්ඛෙ පඨමවාචා අචොරංයෙව චොරොති, අදාසංයෙව දාසොති, අදුප‍්පයුත‍්තංයෙව දුප‍්පයුත‍්තොති පවත‍්තා. න තං තථාගතො භාසති. දුතියවාචා චොරංයෙව චොරො අයන‍්තිආදිවසෙන පවත‍්තා. තම‍්පි තථාගතො න භාසති. තතියවාචා “ඉදානි අකතපුඤ‍්ඤතාය දුග‍්ගතො දුබ‍්බණ‍්ණො අප‍්පෙසක‍්ඛො, ඉධ ඨත්‍වාපි පුන පුඤ‍්ඤං න කරොසි, දුතියචිත‍්තවාරෙ කථං චතූහි අපායෙහි න මුච‍්චිස‍්සසී”ති එවං මහාජනස‍්ස අත්‍ථපුරෙක‍්ඛාරෙන ධම‍්මපුරෙක‍්ඛාරෙන අනුසාසනීපුරෙක‍්ඛාරෙන ච වත‍්තබ‍්බවාචා. තත්‍ර කාලඤ‍්ඤූ තථාගතොති තස‍්මිං තතියබ්‍යාකරණෙ තස‍්සා වාචාය බ්‍යාකරණත්‍ථාය තථාගතො කාලඤ‍්ඤූ හොති, මහාජනස‍්ස ආදානකාලං ගහණකාලං ජානිත්‍වාව බ්‍යාකරොතීති අත්‍ථො.

එහි අප්‍රිය පක්ෂයෙහි පළමුවැනි වචනය නොසොරු සොරුයයිද අදාසයා දාසයයිද, දුෂ්ප්‍රයුක්තනොවු දෙය දුෂ්ප්‍රයුක්තයයිද පැවති තථාගතයන් වහන්සේ එය නොකියන සේක. දෙවැනි වචනය සොරාම සොරායයි ආදීවශයෙන් පැවති. එයද තථාගතයන් වහන්සේ නොකියන සේක. දැන් තෙවැනි වචනය කියන සේක. නොකළ පින් ඇතිබැවින් දුගි දුර්වර්ණ වුයේ අල්පේශාඛ්‍ය වුයේ. මෙහි සිටත් නැවත පිනක් නොකරහිද. දුතියකචිත්තවාරයෙහි කෙසේ සතර අපායෙන් මිදෙන්නේද. මෙසේ මහජනයාගේ අර්ථපිළිගැනීමෙන් (ධර්මය පිළිගැනීමෙන්) අනුශාසනය පිළිගැනීමෙන් කියයුතු වචනය තත්‍රකාලඤ්ඤ තථාගතො එහි තුන්වැනි ප්‍රකාශනයෙහි ඒ වචනය ප්‍රකාශකරන කල්හි ඒ ඒ අයුරින් කාලයදන්නේ වෙයි. මහජනයා ග්‍රහණය කරන කාලය දැන ඒ අයුරින් ප්‍රකාශ කෙරේ යන අර්ථයි.

පියපක‍්ඛෙ පඨමවාචා අට‍්ඨානියකථා නාම. සා එවං වෙදිතබ‍්බා – එවං කිර ගාමවාසිමහල‍්ලකං නගරං ආගන‍්ත්‍වා පානාගාරෙ පිවන‍්තං වඤ‍්චෙතුකාමා සම‍්බහුලා ධුත‍්තා පීතට‍්ඨානෙ ඨත්‍වා තෙන සද‍්ධිං සුරං පිවන‍්තා “ඉමස‍්ස නිවාසනපාවුරණම‍්පි හත්‍ථෙ භණ‍්ඩකම‍්පි සබ‍්බං ගණ‍්හිස‍්සාමා”ති චින‍්තෙත්‍වා කතිකං අකංසු – “එකෙකං අත‍්තපච‍්චක‍්ඛකථං කථෙම, යො ‘අභූත’න‍්ති කථෙසි, කථිතං වා න සද‍්දහති, තං දාසං කත්‍වා ගණ‍්හිස‍්සාමා”ති. තම‍්පි මහල‍්ලකං පුච‍්ඡිංසු “තුම‍්හාකම‍්පි තාත රුච‍්චතී”ති. එවං හොතු තාතාති.

ප්‍රිය පක්ෂයෙහි ප්‍රථම වචනය අස්ථානීය කථානමි. එය එසේ දතයුතුය එක් ගම්වැසි මහලු මිනිසකු නගරයට පැමිණ ආපනශාලාවෙහි සුරාබොන විට ඔහු රවටනු කැමති බොහෝ ධූර්තයෝ ඔහු සතුටු කොට ඔහු සමග සුරා පානය කරන්නාහු මොහුගේ ඇඳුම් පැළඳුම්ද. අත ඇති බඩුද සියල්ල ගන්නෙමුයි සිතා කතිකා කළහ. එක් එක් අත්දුටු කථාවක් කියමු. යමෙක් එය බොරුවක් යයි කීයේද. කියු දෙය නො අදහාද ඔහු දාසයකුකොට ගන්නෙමුයි ඒ මහල්ලාගෙන් ඇසුහ. යහළුව ඔබටද මෙය රිසියෙයි. එසේ වේවා

එකො ධුත‍්තො ආහ – මය‍්හං, භො මාතු, මයි කුච‍්ඡිගතෙ කපිට‍්ඨඵලදොහලො අහොසි. සා අඤ‍්ඤං කපිට‍්ඨහාරකං අලබ‍්භමානා මංයෙව පෙසෙසි. අහං ගන‍්ත්‍වා රුක‍්ඛං අභිරුහිතුං අසක‍්කොන‍්තො අත‍්තනාව අත‍්තානං පාදෙ ගහෙත්‍වා මුග‍්ගරං විය රුක‍්ඛස‍්ස උපරි ඛිපිං; අථ සාඛතො සාඛං විචරන‍්තො ඵලානි ගහෙත්‍වා ඔතරිතුං අසක‍්කොන‍්තො ඝරං ගන‍්ත්‍වා නිස‍්සෙණිං ආහරිත්‍වා ඔරුය‍්හ මාතු සන‍්තිකං ගන‍්ත්‍වා ඵලානි මාතුයා අදාසිං; තානි පන මහන‍්තානි හොන‍්ති චාටිප‍්පමාණානි. තතො මෙ මාතරා එකාසනෙ නිසින‍්නාය සමසට‍්ඨිඵලානි ඛාදිතානි. මයා එකුච‍්ඡඞ‍්ගෙන ආනීතඵලෙසු සෙසකානි කුලසන‍්තකෙ ගාමෙ ඛුද‍්දකමහල‍්ලකානං අහෙසුං. අම‍්හාකං ඝරං සොළසහත්‍ථං, සෙසපරික‍්ඛාරභණ‍්ඩකං අපනෙත්‍වා කපිට‍්ඨඵලෙහෙව යාව ඡදනං පූරිතං. තතො අතිරෙකානි ගහෙත්‍වා ගෙහද‍්වාරෙ රාසිං අකංසු. සො අසීතිහත්‍ථුබ‍්බෙධො පබ‍්බතො විය අහොසි. කිං ඊදිසං, භො සක‍්කා, සද‍්දහිතුන‍්ති?

එක් ධූර්තයෙක් මෙසේකීය. පින්වත. මගේ මවට මා කුසට පැමිණි කල්හි දිවුල් කෑමේ දොළදුකක් ඇතිවිය. ඈ වෙනත් දිවුල් ගෙනෙන්නකු නොලබන්නී මාම යැවුවාය. මම ගොස් ගසට නැගීමට නොහැකිව තමාම තම පාදයෙන් ගෙන මුගුරක් මෙන් ගස මුදුනට විසි කෙළෙමි. ඉක්බිති අත්තෙන් අත්තට පැන ගෙඩි ගෙන ගසින් බසින්නට නොහැකිව ගෙට ගොස් ඉනිමගක් ගෙනවුත් බැස මව සමීපයට ගොස් ඒ ගෙඩි මවට දුනිමි. ඒවා සැළිතරම් විශාලය. ඉන්පසු මගේ මව විත් එක් අසුනක හිඳ ගෙඩි හැටක්ම කනලදී. මා විසින් එක් උකුලකින් ගෙන ආ ගෙඩිවලින් ඉතිරිවූ ගෙඩි කුලසහිත නම් ගම කුඩා මහලු අයට දුන්නාය. අපගේ ගෙය සොළොස් රියන්ය. සෙසු පිරිකර භාණ්ඩ ඉවත්කොට දිවුල් ගෙඩි වලින්ම වහලය දක්වා පුරවන ලදි. ඉන් ඉතිරිවු ගෙඩි ගෙන දොරකඩ ගොඩගැසූහ. එය අසුරියන් උස පර්වතයක් මෙන් විය. කිමෙක්ද මෙබන්දක් ඔබට ඇදහිය හැකිද?

ගාමිකමහල‍්ලකො තුණ‍්හී නිසීදිත්‍වා සබ‍්බෙසං කථාපරියොසානෙ පුච‍්ඡිතො ආහ – “එවං භවිස‍්සති තාතා, මහන‍්තං රට‍්ඨං, රට‍්ඨමහන‍්තතාය සක‍්කා සද‍්දහිතු”න‍්ති. යථා ච තෙන, එවං සෙසෙහිපි තථාරූපාසු නික‍්කාරණකථාසු කථිතාසු ආහ – මය‍්හම‍්පි තාතා සුණාථ, න තුම‍්හාකංයෙව කුලානි, අම‍්හාකම‍්පි කුලං මහාකුලං, අම‍්හාකං පන අවසෙසඛෙත‍්තෙහි කප‍්පාසඛෙත‍්තං මහන‍්තතරං. තස‍්ස අනෙකකරීසසතස‍්ස කප‍්පාසඛෙත‍්තස‍්ස මජ‍්ඣෙ එකො කප‍්පාසරුක‍්ඛො මහා අසීතිහත්‍ථුබ‍්බෙධො අහොසි. තස‍්ස පඤ‍්ච සාඛා, තාසු අවසෙසසාඛා ඵලං න ගණ‍්හිංසු, පාචීනසාඛාය එකමෙව මහාචාටිමත‍්තං ඵලං අහොසි. තස‍්ස ඡ අංසියො, ඡසු අංසීසු ඡ කප‍්පාසපිණ‍්ඩියො පුප‍්ඵිතා. අහං මස‍්සුං කාරෙත්‍වා න‍්හාතවිලිත‍්තො ඛෙත‍්තං ගන‍්ත්‍වා තා කප‍්පාසපිණ‍්ඩියො පුප‍්ඵිතා දිස‍්වා ඨිතකොව හත්‍ථං පසාරෙත්‍වා ගණ‍්හිං. තා කප‍්පාසපිණ‍්ඩියො ථාමසම‍්පන‍්නා ඡ දාසා අහෙසුං. තෙ සබ‍්බෙ මං එකකං ඔහාය පලාතා. එත‍්තකෙ අද‍්ධානෙ තෙ න පස‍්සාමි, අජ‍්ජ දිට‍්ඨා, තුම‍්හෙ තෙ ඡ ජනා. ත්‍වං නන්‍දො නාම, ත්‍වං පුණ‍්ණො නාම, ත්‍වං වඩ‍්ඪමානො නාම, ත්‍වං චිත‍්තො නාම ත්‍වං මඞ‍්ගලො නාම, ත්‍වං පොට‍්ඨියො නාමාති වත්‍වා උට‍්ඨාය නිසින‍්නකෙයෙව චූළාසු ගහෙත්‍වා අට‍්ඨාසි. තෙ “න මයං දාසා”තිපි වත‍්තුං නාසක‍්ඛිංසු. අථ නෙ කඩ‍්ඪන‍්තො විනිච‍්ඡයං නෙත්‍වා ලක‍්ඛණං ආරොපෙත්‍වා යාවජීවං දාසෙ කත්‍වා පරිභුඤ‍්ජි. එවරූපිං කථං තථාගතො න භාසති.

ගැමි මහල්ලා නිහඬව හිඳ සියලු කථා අවසන විමසන ලදුයේ මෙසේ කීය. මිතුරනි මෙසේ වන්නේය. රට මහත්ය. මහත්බව නිසා ඇඳහිය හැකියි. ඔහු කියූ පරිද්දෙන්ම සෙස්සන් විසින්ද එබඳුම වූ නිෂ්කාරණ කතා කියුකල්හි මෙසේ කීය. මිතුරනි. මගේ කථාවද අසනු ඔබගේ පමණක් කුල මහා කුල නෙවෙයි. අපගේ කුලයත් මහාකුලයකි. අපගේ අනිකුත් කෙත් අතර ඉඹුල්කෙත වඩා විශාලය. මෙහි නොයෙක් සිය දහස් ගණන් වපසරිය ඇති කෙත මැද එක් මහා ඉඹුල් ගසක් ඇත. අසූරියනක් උසය. එහි අතු පහක් තිබේ. ඒ අතර ඉතිරි අතුවල ගෙඩි හට නො ගත්තේය. පෙරදිග අත්තෙහි මහා සැළියක තරම් එක් ගෙඩියක් විය. එහි පැති හයක්විය. පැති හයෙහි එක් පැත්තක පුළුන් කැටි හයක් පිපිණ. මම රැවුලකපා නා විලවුන් ගල්වා කෙතට ගොස් ඒ ඉඹුල් කැටි පිපී තිබෙනු දැක සිටගෙනම අත දිගු කොට අල්ලා ගතිමි. ඒ පුළුන් කැටි ශක්ති සම්පන්න දාසයෝ හය දෙනෙක් වූහ. ඒ සියල්ලෝ මා තනිකොට පළාගියහ. මෙපමණ කලක් ඔවුන් නොදකිමි. අද දිටිමි. ඒ මිනිස්සු ඔබලාය. උඹ නන්ද, උඹ පුණ්ණ, උඹ වඩ්ඪමාන, උඹ ඡන්ත, උඹ මංගල උඹ සෙට්ඨියයි නැගිට නැගිට හිඳගෙන හුන් ඔවුන්ගේ කෙහෙවලු වලින් අල්ලා ගෙන සිටියේය. ඔවුහු අප දාසයෝ නොවෙමුයි කීමට පවා නොහැකිවූහ. ඉක්බිති ඔවුන් ඇදගෙන විනිශ්චය ශාලාවට පමුණුවා ලකුණු තබා දිවි ඇතිතෙක් දාසයන් කොට පරිභෝග කළේය. තථාගතයන් වහන්සේ මෙබඳු කථා නොකියති.

දුතියවාචා ආමිසහෙතුචාටුකම්‍යතාදිවසෙන නානප‍්පකාරා පරෙසං ථොමනවාචා චෙව, චොරකථං රාජකථන‍්ති ආදිනයප‍්පවත‍්තා තිරච‍්ඡානකථා ච. තම‍්පි තථාගතො න භාසති. තතියවාචා අරියසච‍්චසන‍්නිස‍්සිතකථා, යං වස‍්සසතම‍්පි සුණන‍්තා පණ‍්ඩිතා නෙව තිත‍්තිං ගච‍්ඡන‍්ති. ඉති තථාගතො නෙව සබ‍්බම‍්පි අප‍්පියවාචං භාසති න පියවාචං. තතියං තතියමෙව පන භාසිතබ‍්බකාලං අනතික‍්කමිත්‍වා භාසති. තත්‍ථ තතියං අප‍්පියවාචං සන්‍ධාය හෙට‍්ඨා දහරකුමාරඋපමා ආගතාති වෙදිතබ‍්බං.

දෙවැනි වචනය ආමිෂ ලබා ගැනීම සඳහා චාටු කම්‍යතාවයි. දවසකින් හෝ නානාප්‍රකාර වූ අනුන්ගේ ස්තුති කථාද, චෝරකථා, රාජකථා ආදී ආකාරයෙන් පැවති තිරච්ඡාන කථාද තථාගතයන් වහන්සේ නොකියති. තෙවැනි වචනය ආරිය සත්‍ය නිඃශ්‍රිත කථාය. එය අවුරුදු සියයක් ඇසුවද නුවණැත්තෝ තෘප්තියට නොපැමිණෙති. මෙසේ තථාගතයන් වහන්සේ සියලු අප්‍රිය වචන කථා නොකරති. ප්‍රියවචනද කථා නොකරති. තෙවැන්න තෙවැන්න මයැයි කියයුතු අවස්ථාව නො ඉක්මවා කියති. එහි තෙවැනි අප්‍රිය වචනය සඳහා යට දහරකුමාර උපමාව ආයේයැයි දතයුතුය.

උදාහු ඨානසොවෙතන‍්ති උදාහු ඨානුප‍්පත‍්තිකඤාණෙන තඞ‍්ඛණංයෙව තං තථාගතස‍්ස උපට‍්ඨාතීති පුච‍්ඡති. සඤ‍්ඤාතොති ඤාතො පඤ‍්ඤාතො පාකටො. ධම‍්මධාතූති ධම‍්මසභාවො. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්සෙතං අධිවචනං. තං භගවතා සුප‍්පටිවිද‍්ධං, හත්‍ථගතං භගවතො. තස‍්මා සො යං යං ඉච‍්ඡති, තං තං සබ‍්බං ඨානසොව පටිභාතීති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. අයං පන ධම‍්මදෙසනා නෙය්‍යපුග‍්ගලවසෙන පරිනිට‍්ඨිතාති.

උදාහුඨානසොචෙතං නැතහොත් ඨානුප්පත්තිඤාණ යෙන් එකෙණෙහිම එය තථාගතයන් වහන්සේට වැටහේදැයි අසයි. සඤ්ඤතො දත්, පෙනුණු, ප්‍රකට ධම්මධාතූ ධර්මස්වභාවය, සර්වඥතාඥනයට මේ සමවචනයෙකි. එය භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රතිවේධ කරණ ලදී. උන්වහන්සේගේ අතපත්ය. ඒ නිසා උන්වහන්සේ යම්දෙයක් කැමති වන සේක්ද එය එකෙණෙහිම වැටහේ. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. මේ ධර්ම දේශනාව නෙය්‍ය පුද්ගල වශයෙන් අවස් කරන ලද්දේය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අභයරාජකුමාරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවැනි අභයරාජ කුමාර සුත්‍රයයි.

බහුවෙදනිය සුත‍්තවණ‍්ණනා

බහුවේදනිය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති බහුවෙදනීයසුත‍්තං. තත්‍ථ පඤ‍්චකඞ‍්ගො ථපතීති පඤ‍්චකඞ‍්ගොති තස‍්ස නාමං. වාසිඵරසුනිඛාදනදණ‍්ඩමුග‍්ගරකාළසුත‍්තනාළිසඞ‍්ඛාතෙහි වා අඞ‍්ගෙහි සමන‍්නාගතත‍්තා සො පඤ‍්චඞ‍්ගොති පඤ‍්ඤාතො. ථපතීති වඩ‍්ඪකීජෙට‍්ඨකො. උදායීති පණ‍්ඩිතඋදායිත්‍ථෙරො.

එවම්මෙසුතං යනු බහුවෙදනීය සුත්‍රයයි. තත්‍ථ පඤ්චකඞ්ගො ථපති පංචකඞ්ග යනු ඔහුගේ නමයි. වෑපොරෝ කණිනහුල් මුගුරු කළුනුල් නැළිය යන අංග යන්ගෙන් යුත් බැවින් ද ඔහු පංචඞ්ගයයි ප්‍රකට විය. ථපති වඩුදෙටුවා උදායී පණ්ඩිත උදායී තෙරණුවෝ

පරියායන‍්ති කාරණං. ද‍්වෙපානන්‍දාති ද‍්වෙපි, ආනන්‍ද. පරියායෙනාති කාරණෙන. එත්‍ථ ච කායිකචෙතසිකවසෙන ද‍්වෙ වෙදිතබ‍්බා. සුඛාදිවසෙන තිස‍්සො, ඉන්‍ද්‍රියවසෙන සුඛින්‍ද්‍රියාදිකා පඤ‍්ච, ද‍්වාරවසෙන චක‍්ඛුසම‍්ඵස‍්සජාදිකා ඡ, උපවිචාරවසෙන “චක‍්ඛුනා රූපං දිස‍්වා සොමනස‍්සට‍්ඨානියං රූපං උපවිචරතී”තිආදිකා අට‍්ඨාරස, ඡ ගෙහස‍්සිතානි සොමනස‍්සානි, ඡ නෙක‍්ඛම‍්මසිතානි සොමනස‍්සානි, ඡ ගෙහස‍්සිතානි දොමනස‍්සානි, ඡ නෙක‍්ඛම‍්මසිතානි දොමනස‍්සානි, ඡ ගෙහස‍්සිතා උපෙක‍්ඛා, ඡ නෙක‍්ඛම‍්මසිතාති එවං ඡත‍්තිංස, තා අතීතෙ ඡත‍්තිංස, අනාගතෙ ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නෙ ඡත‍්තිංසාති එවං අට‍්ඨවෙදනාසතං වෙදිතබ‍්බං.

පරියායං කරණ ආනන්ද ද්වෙපානන්‍ද ද්වෙපි ආනන්‍ද - ආනන්ද දෙකක් - පරියායෙන කරුණින් මෙහිද කායික චෛතසික වශයෙන් දෙක දතයුතුය. සුඛා ආදී වශයෙන් තුනකි. ඉන්‍ද්‍රිය වශයෙන් සුබීන්‍ද්‍රිය ආදි කොට ඇති පස, ද්වාර වශයෙන් චක්‍ඛුසම්ඵස්සජා ආදී කොට ඇති සය, උපවිචාර වශයෙන් ඇසින් රූපයක් දැක සොම්නස දනවන රූපයක් ළඟ හැසිරේය ආදී වූ දහඅට, ගෙහසිත සොම්නස් සය. ගෙහසිත උපේක්ෂා සය නෛෂ්ක්‍රම්‍යසිත උපේක්ෂ සය. යන තිස්හය අතීතයෙහි තිස්හයක්ද, අනාගතයෙහි තිස්හයක්ද, වර්තමානයෙහි තිස්හයක්ද, යනුවෙන් එකසිය අටක්වූ වේදනාව දතයුතුය.

පඤ‍්ච ඛො ඉමෙ, ආනන්‍ද, කාමගුණාති අයං පාටිඑක‍්කො අනුසන්‍ධි. න කෙවලම‍්පි ද‍්වෙ ආදිං කත්‍වා වෙදනා භගවතා පඤ‍්ඤත‍්තා, පරියායෙන එකාපි වෙදනා කථිතා. තං දස‍්සෙන‍්තො පඤ‍්චකඞ‍්ගස‍්ස ථපතිනො වාදං උපත්‍ථම‍්භෙතුං ඉමං දෙසනං ආරභි.

පඤ්ච බොඉමෙ ආනන්‍ද කාමගුණා මෙය තනි ගැළපීමයි. එපමණක් නොව දෙකක් ආදිකොට ඇති වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදහ. පිළිවෙළින් එක් වේදනාවක්ද කියන ලදී. එය දක්වන්නේ පඤ්චකඞග වඩුදෙටුවාගේ වාදයට උපස්තම්භවීමට මේ දේශනාව ආරම්භ කළස්ත.

අභික‍්කන‍්තතරන‍්ති සුන්‍දරතරං. පණීතතරන‍්ති අතප‍්පකතරං. එත්‍ථ ච චතුත්‍ථජ‍්ඣානතො පට‍්ඨාය අදුක‍්ඛමසුඛා වෙදනා, සාපි සන‍්තට‍්ඨෙන පණීතට‍්ඨෙන ච සුඛන‍්ති වුත‍්තා. ඡ ගෙහස‍්සිතානි සුඛන‍්ති වුත‍්තානි. නිරොධො අවෙදයිතසුඛවසෙන සුඛං නාම ජාතො. පඤ‍්චකාමගුණවසෙන හි අට‍්ඨසමාපත‍්තිවසෙන ච උප‍්පන‍්නං වෙදයිතසුඛං නාම. නිරොධො අවෙදයිතසුඛං නාම. ඉති වෙදයිතසුඛං වා හොතු අවෙදයිතසුඛං වා, තං නිද‍්දුක‍්ඛභාවසඞ‍්ඛාතෙන සුඛට‍්ඨෙන එකන‍්තසුඛමෙව ජාතං.

අභික්කන්තතරං සුන්දර තර පණීතතරං ප්‍රණීතතර මෙහිද චතුර්ථධ්‍යනයෙහි පටන් අදුක්ඛමසුක වේදනාවයි. එයද ප්‍රණිතාර්ථයෙන් සුඛ යයි කියන ලදී. නිරෝධය අවෙදයිත සුඛ වශයෙන් සුඛ නම් වීය. පංචකාම ගුණ වශයෙන් ද අටසමවත් වශයෙන්ද උපන් සුඛය වෙදයිත සුඛ නම් නිරෝධය අවේදයිත සුඛ නම් මෙසේ වේදයිත සුඛය වෙදයිත සුඛ නමි, නිරෝධය අවේදයිත සුඛ නමි මෙසේ වෙදයිත සුඛය හෝ වේවා අවේදයිත සුඛය හෝ වේවා නිදුක් බැවින් සුඛාර්ථයෙන් එකම සුඛයම උපන.

යත්‍ථ යත්‍ථාති යස‍්මිං යස‍්මිං ඨානෙ. සුඛං උපලබ‍්භතීති වෙදයිතසුඛං වා අවෙදයිතසුඛං වා උපලබ‍්භති. තං තං තථාගතො සුඛස‍්මිං පඤ‍්ඤපෙතීති තං සබ‍්බං තථාගතො නිද‍්දුක‍්ඛභාවං සුඛස‍්මිංයෙව පඤ‍්ඤපෙතීති. ඉධ භගවා නිරොධසමාපත‍්තිං සීසං කත්‍වා නෙය්‍යපුග‍්ගලවසෙන අරහත‍්තනිකූටෙනෙව දෙසනං නිට‍්ඨාපෙසීති.

යත්‍ථයත්‍ථ යම් යම් තැනක සුඛං උපලබ්භති වේදයිත සුබය හෝ අවේදයිත සුබය හෝ ලබයි. තනතං තථාගතො සුඛස්මිං යෙව පඤ්ඤාපෙති ඒ සියල්ල තථාගතයන් වහන්සේ නිදුක් බැව් සැපයෙහිම පනවනස්ක. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තිය ශීර්ෂ කොට නෙය්‍යපුද්ගල වශයෙන් අර්හත්වය කුළුගන්වා දේශනාව නිමැවුසේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය බහුවෙදනීයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නවවැනි බහුවේදනීය සුත්‍රයයි