අපණ්ණක සුත්තවණ්ණනා අට්ඨකථා
අපණ්ණක සුත්තවණ්ණනා
අපණ්ණක සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අපණ්ණකසුත්තං. තත්ථ චාරිකන්ති අතුරිතචාරිකං.
එවම්මෙසුතං යනු අපණ්ණක සුත්‍රයයි. එහි චාරිකං අතුරිත චාරිකාවය
අත්ථි පන වො ගහපතයොති කස්මා ආහ? සො කිර ගාමො අටවිද්වාරෙ නිවිට්ඨො. නානාවිධා සමණබ්රාහ්මණා දිවසං මග්ගං ගන්ත්වා සායං තං ගාමං වාසත්ථාය උපෙන්ති, තෙසං තෙ මනුස්සා මඤ්චපීඨානි පත්ථරිත්වා පාදෙ ධොවිත්වා පාදෙ මක්ඛෙත්වා කප්පියපානකානි දත්වා පුනදිවසෙ නිමන්තෙත්වා දානං දෙන්ති. තෙ පසන්නචිත්තා තෙහි සද්ධිං සම්මන්තයමානා එවං වදන්ති “අත්ථි පන වො ගහපතයො කිඤ්චි දස්සනං ගහිත”න්ති? නත්ථි, භන්තෙති. “ගහපතයො විනා දස්සනෙන ලොකො න නිය්යාති, එකං දස්සනං රුච්චිත්වා ඛමාපෙත්වා ගහෙතුං වට්ටති, ‘සස්සතො ලොකො’ති දස්සනං ගණ්හථා”ති වත්වා පක්කන්තා. අපරදිවසෙ අඤ්ඤෙ ආගතා. තෙපි තථෙව පුච්ඡිංසු. තෙ තෙසං “ආම, භන්තෙ, පුරිමෙසු දිවසෙසු තුම්හාදිසා සමණබ්රාහ්මණා ආගන්ත්වා ‘සස්සතො ලොකො’ති අම්හෙ ඉදං දස්සනං ගාහාපෙත්වා ගතා”ති ආරොචෙසුං. “තෙ බාලා කිං ජානන්ති? ‘උච්ඡිජ්ජති අයං ලොකො’ති උච්ඡෙදදස්සනං ගණ්හථා”ති එවං තෙපි උච්ඡෙදදස්සනං ගණ්හාපෙත්වා පක්කන්තා. එතෙනුපායෙන අඤ්ඤෙ එකච්චසස්සතං, අඤ්ඤෙ අන්තානන්තං, අඤ්ඤෙ අමරාවික්ඛෙපන්ති එවං ද්වාසට්ඨි දිට්ඨියො උග්ගණ්හාපෙසුං. තෙ පන එකදිට්ඨියම්පි පතිට්ඨාතුං නාසක්ඛිංසු. සබ්බපච්ඡා භගවා අගමාසි. සො තෙසං හිතත්ථාය පුච්ඡන්තො “අත්ථි පන වො ගහපතයො”තිආදිමාහ. තත්ථ ආකාරවතීති කාරණවතී සහෙතුකා. අපණ්ණකොති අවිරද්ධො අද්වෙජ්ඣගාමී එකංසගාහිකො.
අත්ථි පන වො ගහපතියොයි කුමක් නිසා ඇසුද ඒ ගම කැලෑවට ඇතුළුවන තන්හි පිහිටියේය. නොයෙක් ආකාර මහණ බමුණෝ දිවාකල මග ගොස් සවස වසනු පිණිස ඒ ගමට එති ඒ මිනිස්සු ඔවුන්ට ඇඳපුටු අතුරා පාදොවා තෙත පිසදා කැප පැන් ආදිය දී දෙවැනි දවසෙහි පවරා දන් දෙති. ඔවුහු පහන් සිතින් ඔවුන් සමග පිළිසඳර කථාකරමින් මෙසේ කියත්. ගෘහපතිවරුනි, ඔබලා විසින් කිසියම් දර්ශනයක් ගන්නා ලද්දේද නැත ස්වාමීනි ගෘහපතියෙනි දර්ශනයක් නැතිව ලෝකය ඉදිරියට ගෙනයනු නොලැබේ. එක් දර්ශනයක් කැමතිවී කමා කොට ගන්ට වටී ලෝකය ශාස්වතය යන දර්ශනය ගන්නැයි කියා ගියාහුය. පසුදිනෙක තවත් අය පැමිණියහ. ඔවුහුද එසේම ඇසූහ. ඔවුහු ස්වාමීනි පසුගිය දිනවල ඔබ වැනිවූ ශ්‍රමණ බ්‍රාහ්මණ යෝ පැමිණ ලෝකය ශාස්වතය යන දර්ශනය මේ දර්ශනය අප ලවා ගන්වා ගියහුයයි දැන්වූහ. මෝඩයෝ කුමක් දනිත්ද මේ ලෝකය බිඳෙයි උච්ඡේද දර්ශනය ගනුවයි ඔවුහුද උච්ඡේද දර්ශනය ගන්වා ගියාහුය. මේ උපායෙන් තවත් අය එකවච්සස්සත වාදයද, තවත් අය අන්තානන්තවාදයද තවත් අය අමරාවික්ඛෙප විවාදය දැයි දෙසැටක් මිසදිටු උගන්වා ලුහ. ඔවුහු එක් දෘෂ්ටියකවත් පිහිටා සිටීමට නොහැකි වූහ. සියලු දෙනට පසුව භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක. උන්වහන්සේ ඔවුන්ට හිතපිණිස විචාරන සේක් අත්‍ථිපන වො ගහපතයො ආදිය වදාළසේක. එහි ආකාරවතී කරුණු සහිත සහේතුක අපණ්ණකො නොවිරුදු දෙමගක නොයන නිශ්චිතව ගන්නා පුද්ගලයා
නත්ථි දින්නන්තිආදි දසවත්ථුකා මිච්ඡාදිට්ඨි හෙට්ඨා සාලෙය්යකසුත්තෙ විත්ථාරිතා. තථා තබ්බිපච්චනීකභූතා සම්මාදිට්ඨි.
නත්ථි දින්නං ආදී දසවත්ථුක මිච්ඡාදිට්ඨියයි. යට සාලෙය්‍යක සූත්‍රයෙහි විස්තර කරන ලදී. එසේම එයට ප්රතිවිරුද්ධවුයේ සම්මා දිට්ඨියයි.
නෙක්ඛම්මෙ ආනිසංසන්ති යො නෙසං අකුසලතො නික්ඛන්තභාවෙ ආනිසංසො, යො ච වොදානපක්ඛො විසුද්ධිපක්ඛො, තං න පස්සන්තීති අත්ථො. අසද්ධම්මසඤ්ඤත්තීති අභූතධම්මසඤ්ඤාපනා. අත්තානුක්කංසෙතීති ඨපෙත්වා මං කො අඤ්ඤො අත්තනො දස්සනං පරෙ ගණ්හාපෙතුං සක්කොතීති අත්තානං උක්ඛිපති. පරං වම්භෙතීති එත්තකෙසු ජනෙසු එකොපි අත්තනො දස්සනං පරෙ ගණ්හාපෙතුං න සක්කොතීති එවං පරං හෙට්ඨා ඛිපති. පුබ්බෙව ඛො පනාති පුබ්බෙ මිච්ඡාදස්සනං ගණ්හන්තස්සෙව සුසීල්යං පහීනං හොති, දුස්සීලභාවො පච්චුපට්ඨිතො. එවමස්සිමෙති එවං අස්ස ඉමෙ මිච්ඡාදිට්ඨිආදයො සත්ත. අපරාපරං උප්පජ්ජනවසෙන පන තෙයෙව මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති නාම.
නෙක්ඛම්මෙ ආනිසංසං යමක් ඒ අකුසලයෙන් නික්මුණු බවෙහි ආනිසංසයයි යමෙක් පවිත්රපක්ෂ වේද විශුද්ධ පක්ෂ වේද එය නොදකිත් යන අර්ථයි. අසද්ධම්ම සඤ්ඤත්ති නොවු විරූධර්ම හඳුන්වාදීම. අත්තානං උක්කංසෙති මාහැර තමාගේ දර්ශනය අන්‍යයන් ලවා ගැන්වීමට හැක්කේ අන් කවරෙක්දැයි තමා ඔසවා තබයි. පරංවම්හෙති මෙපමණක් ජනයා අතරේ එකෙක්වත් තමාගේ දර්ශනය අනුන්ලවා ගන්වන්ට නොහැක්කේ යයි මෙසේ අනෙකා යටට දමයි. පුබ්බෙව ඛොපන පෙර මිථ්‍යා දර්ශනය ගන්නහුගේ සුසිල්වත්බව හීන වුයේ වෙයි. දුසිල්බව එළඹ සිටියේ වෙයි. එවමස්සිමෙ මෙසේ මොහුට සිතෙයි. මේ මිථ්‍යාදෘෂ්ටි ආදීහු නැවත නැවත සත් වරක් ඉපදීම් වශයෙන් ඒ මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෝය නොයෙක් පාපී අකුශල ධර්ම උපදී නම්වේ.
තත්රාති තාසු තෙසං සමණබ්රාහ්මණානං ලද්ධීසු. කලිග්ගහොති පරාජයග්ගාහො. දුස්සමත්තො සමාදින්නොති දුග්ගහිතො දුප්පරාමට්ඨො. එකංසං ඵරිත්වා තිට්ඨතීති එකන්තං එකකොට්ඨාසං සකවාදමෙව ඵරිත්වා අධිමුච්චිත්වා තිට්ඨති, “සචෙ ඛො නත්ථි පරො ලොකො”ති එවං සන්තෙයෙව සොත්ථිභාවාවහො හොති. රිඤ්චතීති වජ්ජෙති.
තත්ර ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිවල කලිග්ගහො පරාජය ගැනීම දුස්සමත්තො සමාදිණ්ණො නොගතහැකි ස්පර්ශ කළ නොහැකි එකං සමථරිත්වා තිට්ඨති එක් අන්තයක් එක් කොටසක් තමාගේ වාදයට පතුරුවා අභිබවා සිටී. සචෙ ඛො නත්ථි පරලොකො මෙසේ ඇතිකල්හිම සුවපත්බව ගෙනදෙන්නේ වෙයි. රිඤ්චති අත්හරියි.
සද්ධම්මසඤ්ඤත්තීති භූතධම්මසඤ්ඤාපනා.
සද්ධම්මසඤ්ඤං සිදුවු දේ හඳුන්වාදීම
කටග්ගහොති ජයග්ගාහො. සුසමත්තො සමාදින්නොති සුග්ගහිතො සුපරාමට්ඨො. උභයංසං ඵරිත්වා තිට්ඨතීති උභයන්තං උභයකොට්ඨාසං සකවාදං පරවාදඤ්ච ඵරිත්වා අධිමුච්චිත්වා තිට්ඨති “සචෙ ඛො අත්ථි පරො ලොකො”ති එවං සන්තෙපි “සචෙ ඛො නත්ථි පරො ලොකො”ති එවං සන්තෙපි සොත්ථිභාවාවහො හොති. පරතොපි එකංසඋභයංසෙසු ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
කටග්ගාහො ජයග්‍රහණය සුසමන්තො සමා දිණ්ණො මනාව ගනු ලැබුයේ මනාව ස්පර්ශකරන ලදුයේ උබයංසමවිරිත්වා තිට්ඨති උභයාන්තය, උභය කොට්ඨාසය ස්වකීය වාදයද පරවාදයද පතුරුවා අභිබවා සිටී. සචෙඛො අත්ථිපරලොකො මෙසේ ඇති කල්හිද යම්හෙයකින් නැත්නම්. එසේ ඇති කල්හිද සුවපත්බව ගෙන දෙයි. අනුන්ගෙන් ද ඒකාංශ උභයාංශයන්හි මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. කරොතො තම අතින් කරන්නහුම
කරොතොති සහත්ථා කරොන්තස්ස. කාරයතොති ආණත්තියා කාරෙන්තස්ස. ඡින්දතොති පරෙසං හත්ථාදීනි ඡින්දන්තස්ස. පචතොති දණ්ඩෙන පීළෙන්තස්ස වා තජ්ජෙන්තස්ස වා. සොචයතොති පරස්ස භණ්ඩහරණාදීහි සොකං සයං කරොන්තස්සපි පරෙහි කාරෙන්තස්සපි. කිලමතොති ආහාරූපච්ඡෙද-බන්ධනාගාරප්පවෙසනාදීහි සයං කිලමන්තස්සාපි පරෙහි කිලමාපෙන්තස්සාපි. ඵන්දතො ඵන්දාපයතොති පරං ඵන්දන්තං ඵන්දනකාලෙ සයම්පි ඵන්දතො පරම්පි ඵන්දාපයතො. පාණමතිපාතයතොති පාණං හනන්තස්සපි හනාපෙන්තස්සපි. එවං සබ්බත්ථ කරණකාරාපනවසෙනෙව අත්ථො වෙදිතබ්බො.
කාරයතො අණ දී කරවන්නහුට. ඡින්දතො අනුන්ගේ අත්අදිය සිඳින්නහුම, පචතො දණ්ඩෙන්. පෙළන්නහුට තර්ජනය කරන්නහුට හෝ සොචයතො අනුන්ගේ බඩුගෙනයාම් ආදියෙන් ඇතිවන ශෝකය, තමාම කරන්නහුටද අනුන්ලවා කරවන්නහුටද, කිලමයතො ආහාර නොගෙන සිටීම බන්ධනාගාර ප්‍රවේශය ආදියෙන් තමා වෙහෙසන්නහුට ද අනුන් ලවා වෙහෙස කරවන්නහුට. ඵන්දතො ඵන්දපයතො අන්‍යයා පනින පනින විට බඳින කල්හි තමාද පනින්නහුටද අනුන් ලවා පන්න වන්නහුටද. පාණමතිපාතයතො පණ නසන්නහුටද නසවන්නහුටද මෙසේ සියලු තැන කාරණකාරණ වශයෙන්ම අර්ථ දත යුතුය.
සන්ධින්ති ඝරසන්ධිං. නිල්ලොපන්ති මහාවිලොපං. එකාගාරිකන්ති එකමෙව ඝරං පරිවාරෙත්වා විලුම්පනං. පරිපන්ථෙ තිට්ඨතොති ආගතාගතානං අච්ඡින්දනත්ථං මග්ගෙ තිට්ඨතො. කරොතො න කරීයති පාපන්ති යංකිඤ්චි පාපං කරොමීති සඤ්ඤාය කරොතොපි පාපං න කරීයති, නත්ථි පාපං. සත්තා පන කරොමාති එවංසඤ්ඤිනො හොන්තීති අත්ථො. ඛුරපරියන්තෙනාති ඛුරනෙමිනා, ඛුරධාරසදිසපරියන්තෙන වා. එකං මංසඛලන්ති එකං මංසරාසිං. පුඤ්ජන්ති තස්සෙව වෙවචනං. තතොනිදානන්ති එකමංසඛලකරණනිදානං. දක්ඛිණතීරෙ මනුස්සා කක්ඛළා දාරුණා, තෙ සන්ධාය හනන්තොතිආදි වුත්තං. උත්තරතීරෙ සද්ධා හොන්ති පසන්නා බුද්ධමාමකා ධම්මමාමකා සඞ්ඝමාමකා, තෙ සන්ධාය දදන්තොතිආදි වුත්තං.
සන්ධි ගෘහසන්ධිය. නිල්ලොපං මහා කොල්ලකෑමක් එකාගාරිකං එක් ගෙයක්ම වටකොට කොල්ලකෑම පරිපන්ථෙ පැමිණි පැමිණියවුන් කපනු පිණිස මාර්ගයෙහි සිටින්නහුට කරොතො න කරීයතිපාපං කිසියම් පාපයක් කරමියි හැඟීමෙන් කරන්නහුද පාපයක් නොකරයි. පාපයක් නැත සත්වයෝ වනාහි කරමුයි මෙසේ හැඟීම් ඇත්තෝ වෙති. යන අර්ථයි. ඛුරපරියන්තෙන දැලිපිහි තලයක් හා සමාන තලයකින් හෝ දැලිපිහිතලයෙන් හෝ එකමංසබලං එක්මස් රැසක් පුඤ්ජං එයටම සමාන වචනයකි. තතො නිදානං එක්මස් රැසක් කිරීමේ හේතුව දකුණු තෙර මිනිස්සු කර්කශය දරුණුය. ඔවුන් සඳහා හනන්තො ආදිය කියන ලදී. උතුරු තෙර ශ්‍රද්ධා ඇත්තෝවෙති. පහන්වූවෝය. බුද්ධමාමකයෝය. ධර්ම මාමකයෝය සංඝමාමකයෝය. ඔවුන් සඳහා දදන්තො ආදිය කියන ලදී.
තත්ථ යජන්තොති මහායාගං කරොන්තො. දමෙනාති ඉන්ද්රියදමෙන උපොසථකම්මෙන. සංයමෙනාති සීලසංයමෙන. සච්චවජ්ජෙනාති සච්චවචනෙන. ආගමොති ආගමනං, පවත්තීති අත්ථො. සබ්බථාපි පාපපුඤ්ඤානං කිරියමෙව පටික්ඛිපන්ති. සුක්කපක්ඛොපි වුත්තනයෙනෙව වෙදිතබ්බො. සෙසමෙත්ථ පුරිමවාරෙ වුත්තසදිසමෙව.
එහි යජන්තො මහායාගය කරන්නේ දමෙන ඉන්ද්රිය දමනයෙන් උපොසථ කර්මයෙන් සංයමෙන සීල සංයමයෙන් සච්චවාවෙන සත්‍ය වචනයෙන් ආගමො පැමිණීම වෙතියි අර්ථයි. සෑම අයුරින්ම පව්පින් කිරීමම ප්‍රතික්ෂේප කරති. ශුක්ල පක්ෂයෙහිද කියුක්රමයෙන් දත යුතුය. මෙහි සෙස්ස පෙරවාරයෙහි කියනලද පරිදිවේ.
නත්ථි හෙතු නත්ථි පච්චයොති එත්ථ පච්චයො හෙතුවෙවචනං. උභයෙනාපි විජ්ජමානකමෙව කායදුච්චරිතාදිසංකිලෙසපච්චයං කායසුචරිතාදිවිසුද්ධිපච්චයං පටික්ඛිපන්ති. නත්ථි බලං, නත්ථි වීරියං, නත්ථි පුරිසථාමො, නත්ථි පුරිසපරක්කමොති සත්තානං සංකිලෙසිතුං වා විසුජ්ඣිතුං වා බලං වා වීරියං වා පුරිසෙන කාතබ්බො නාම පුරිසථාමො වා පුරිසපරක්කමො වා නත්ථි.
තත්ථිහෙතු නත්ථි පච්චයො මෙහි පච්චයො යනු හේතු අර්ථයෙහි වචනයකි. දෙකින්ම විද්‍යාමානවූ දෙයම කාය දුශ්චරිත ආදි සංකිලේස හේතුවද කාය සුචරිතාදිය විසුද්ධිහේතුවද ප්‍රතික්ෂේප කරති. නත්ථි බලං නන්ථි විරියං නත්ථි පුරිසත්ථාමො නත්ථි පුරිස පරක්කමො සත්ත්වයන් කිළිටි කිරීමට හෝ පිරිසිදු කිරීම හෝ බලය හෝ වීර්යය හෝ පුරුෂයෙකු විසින් කළයුතු පුරුෂ ශක්තියක් හෝ පුරුෂපරාක්රමයක් හෝ නැත.
සබ්බෙ සත්තාති ඔට්ඨගොණගද්රභාදයො අනවසෙසෙ නිදස්සෙන්ති. සබ්බෙ පාණාති එකින්ද්රියො පාණො ද්වින්ද්රියො පාණොති ආදිවසෙන වදන්ති. සබ්බෙ භූතාති අණ්ඩකොසවත්ථිකොසෙසු භූතෙ සන්ධාය වදන්ති. සබ්බෙ ජීවාති සාලියවගොධුමාදයො සන්ධාය වදන්ති. තෙසු හෙතෙ විරුහනභාවෙන ජීවසඤ්ඤිනො. අවසා අබලා අවීරියාති තෙසං අත්තනො වසො වා බලං වා වීරියං වා නත්ථි. නියතිසඞ්ගතිභාවපරිණතාති එත්ථ නියතීති නියතතා. සඞ්ගතීති ඡන්නං අභිජාතීනං තත්ථ තත්ථ ගමනං. භාවොති සභාවොයෙව. එවං නියතියා ච සඞ්ගතියා ච භාවෙන ච පරිණතා නානප්පකාරතං පත්තා. යෙන හි යථා භවිතබ්බං, සො තථෙව භවති. යෙන නො භවිතබ්බං, සො න භවතීති දස්සෙන්ති. ඡස්වෙවාභිජාතීසූති ඡසු එව අභිජාතීසු ඨත්වා සුඛඤ්ච දුක්ඛඤ්ච පටිසංවෙදෙන්ති, අඤ්ඤා සුඛදුක්ඛභූමි නත්ථීති දස්සෙන්ති.
සබ්බෙසත්තා ඔටුවෝ ගොන්නු කොටළුවෝ ආදීවු සියලු සතුන් දක්වති. සබ්බෙපාණා එක්ඉන්ද්රියයක් ඇති ප්‍රාණියා, ඉන්ද්රිය දෙකක් ඇති ප්‍රාණියා ආදිවශයෙන් කියති. සබ්බෙභූතා අණ්ඩ කෝෂ වස්තිකෝෂවල ඇතිවූවන් සඳහා කියති. සබ්බෙජීවා සහල් යව තිරිඟු ආදිය සඳහා කියත්. ඒ අතර වේවා වැඩෙන බැවින් ජීවසංඥාව ඇත්තෝය. අවසා අබලා අවිරියා ඔවුන්ට තමන්ගේ වසඟත්වක් හෝ බලයක් හෝ වීර්යයක් නැත නියති සඞ්ගති භාව පරිණතා මෙහි නීය්යති නියති සංයති යනු සත්ව ජාතීන් සය ගේ ඒ ඒ තැන ගමන් කිරීම. භාවො යනු ස්වභාවයයි. මෙසේ නියතියෙන්ද සංගතියෙන්ද ස්වභාවයෙන්ද පරිණතවූවාහු නානාප්‍රකාර බවට පත්වූවාහුය. යමකින් එසේ විය යුතු නම් එසේම වෙයි. යමකින් නොවිය යුතුනම් එය නොවේ යයි දක්වයි. ඡස්සෙවාගි ජාතිසු ඒ සත්ව ජාතීන්හි සිට සැපද දුකද විඳගනිති. අන් සුඛ දුක්ඛ භූමියක් නැතැයි දක්වති.
තත්ථ ඡ අභිජාතියො නාම කණ්හාභිජාති නීලාභිජාති ලොහිතාභිජාති හලිද්දාභිජාති සුක්කාභිජාති පරමසුක්කාභිජාතීති. තත්ථ සාකුණිකො සූකරිකො ලුද්දො මච්ඡඝාතකො චොරො චොරඝාතකො, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා, අයං කණ්හාභිජාති නාම. භික්ඛූ නීලාභිජාතීති වදන්ති. තෙ කිර චතූසු පච්චයෙසු කණ්ටකෙ පක්ඛිපිත්වා ඛාදන්ති. “භික්ඛූ ච කණ්ටකවුත්තිනො”ති අයඤ්හි නෙසං පාළියෙව. අථ වා කණ්ටකවුත්තිකා එවං නාම එකෙ පබ්බජිතාති වදන්ති. “සමණකණ්ටකවුත්තිකා”තිපි හි නෙසං පාළි. ලොහිතාභිජාති නාම නිගණ්ඨා එකසාටකාති වදන්ති. ඉමෙ කිර පුරිමෙහි ද්වීහි පණ්ඩරතරා. ගිහී අචෙලකසාවකා හලිද්දාභිජාතීති වදන්ති. ඉති අත්තනො පච්චයදායකෙ නිගණ්ඨෙහිපි ජෙට්ඨකතරෙ කරොන්ති. නන්දො, වච්ඡො, සඞ්කිච්චො, අයං සුක්කාභිජාතීති වදන්ති. තෙ කිර පුරිමෙහි චතූහි පණ්ඩරතරා. ආජීවකෙ පන පරමසුක්කාභිජාතීති වදන්ති. තෙ කිර සබ්බෙහි පණ්ඩරතරා.
එහිද අභිජාතිනම් කණ්හ සත්ව වර්ග, නලසත්ව වර්ග, ලෝහිත සත්ව වර්ග, හලිද්ද සත්ව වර්ග, සුක්ක සත්ව වර්ග. පරමසුක්ක සත්ව වර්ග යනුවෙන් එහි පක්ෂීන් මරන්නා ඌරන් මරන්නා, වැද්දා, මසුන් මරන්නා, සොරා, සොරුන්මරන්නා. මොවුන් හෝ අන් කිසි කෙනෙක්වෙත්ද, කෘෘර කර්මාන්ත ඇත්තෝ වෙත්ද මේ කණ්හාභිරතිනමී භික්ෂූහු නිලාභිජාතියයි කියති. ඔවුහු සිව්පසයෙහි කටු බහා අනුභව කරති. හික්ඛුව කණ්ටක වුත්ති කො මෙය වනාහි ඔවුන්ගේ පාළියෙහි එන ආකාරයයි. නැතහොත් කටුක පිළිවෙත් ඇත්තාහු මෙනම් වෙති. ඇතැම්හු පැවිද්දෝයයි කියති. ශ්‍රමණයෝ කටුක පිළිවෙත් ඇත්තෝය යන්න එහි පාළියයි. ලොහිතාභිජාති නම් නිගණ්ඨයෝ ය. එක් සළුවක් ඇත්තෝ යයි කියති. මොවුහු පළමුකී වර්ගදෙකින් වඩාත් සුදුසුය. ගිහියෝ නිර්වස්ත්‍ර ශ්‍රාවකයෝය. හලිද්දා ජාතියයි කියති. මෙසේ තමන්ගේ ප්රත්යදායකයන් නිගණ්ඨයන් විසින්ද ජ්යෙෂ්ඨතර කරත්. නන්ද වච්ඡ සංකිච්ච මේ සුක්කාභිජාති යයි කියති. ඔවුහු පළමුකී සතර වර්ගයන් හි වඩා සුදුවුවෝය. ආජීවකයන් පරම සුක්කාභිජාතියයි කියති. ඔවුහු සියල්ලන්ට වඩා සුදුය.
තත්ථ සබ්බෙ සත්තා පඨමං සාකුණිකාදයොව හොන්ති, තතො විසුජ්ඣමානා සක්යසමණා හොන්ති, තතො විසුජ්ඣමානා නිගණ්ඨා, තතො ආජීවකසාවකා, තතො නන්දාදයො, තතො ආජීවකාති අයමෙතෙසං ලද්ධි. සුක්කපක්ඛො වුත්තපච්චනීකෙන වෙදිතබ්බො. සෙසමිධාපි පුරිමවාරෙ වුත්තසදිසමෙව.
මෙහි සියලු සත්වයෝ පළමු කොට පක්ෂීන් මරන්නෝ ආදීහු වෙති. ඉන් පිරිසිදු වන්නෝ ශාක්‍ය ශ්‍රමණයෝ වෙති. ඉන් පසු පිරිසිදුවන්නෝ නිගණ්ඨයෝය. ඉන් පසු ආජීවක ශ්‍රාවකයෝය. ඉන්පසු නන්ද ආදීහුය. ඉන්පසු ආජීවකයෝය. මෙය ඔවුන්ගේ ලබ්ධියයි ශුක්ල පක්ෂය කියන ලද විරුද්ධාර්ථයෙන් දතයුතුය. මෙහිද සෙස්ස පළමුවර කියන ලද පරිදිවේ.
ඉමාසු පන තීසු දිට්ඨීසු නත්ථිකදිට්ඨි විපාකං පටිබාහති, අකිරියදිට්ඨි කම්මං පටිබාහති, අහෙතුකදිට්ඨි උභයම්පි පටිබාහති. තත්ථ කම්මං පටිබාහන්තෙනාපි විපාකො පටිබාහිතො හොති, විපාකං පටිබාහන්තෙනාපි කම්මං පටිබාහිතං. ඉති සබ්බෙපෙතෙ අත්ථතො උභයපටිබාහකා නත්ථිකවාදා චෙව අහෙතුකවාදා අකිරියවාදා ච හොන්ති. යෙ පන තෙසං ලද්ධිං ගහෙත්වා රත්තිට්ඨානෙ දිවාට්ඨානෙ නිසින්නා සජ්ඣායන්ති වීමංසන්ති, තෙසං – “නත්ථි දින්නං නත්ථි යිට්ඨං, කරොතො න කරියති පාපං, නත්ථි හෙතු නත්ථි පච්චයො”ති තස්මිං ආරම්මණෙ මිච්ඡාසති සන්තිට්ඨති, චිත්තං එකග්ගං හොති, ජවනානි ජවන්ති, පඨමජවනෙ සතෙකිච්ඡා හොන්ති, තථා දුතියාදීසු. සත්තමෙ බුද්ධානම්පි අතෙකිච්ඡා අනිවත්තිනො අරිට්ඨකණ්ටකසදිසා.
මේ තුන් දෘෂ්ටීන් අතර නාස්තික දෘෂ්ටිය විපාකය ප්‍රතික්ෂේප කරයි. අක්‍රිය දෘෂ්ටිය කර්මය ප්‍රතික්ෂේප කරයි අහේතුක දෘෂ්ටිය දෙකම ප්රතික්ෂේපකරයි. මෙහි කර්මය ප්‍රතික්ෂේප කරන්නහු විසින් ද විපාකය ප්රතික්ෂේපිතය. විපාකය ප්‍රතික්ෂේප කරන්නහු විසින් ද කර්මය හා විපාකය යන දෙකම ප්‍රතික්ෂේප කරන්නෝ වෙති. යම් කෙනෙක් ඔවුන්ගේ ලබ්ධිය ගෙන රාත්‍රි ස්ථානයෙහි දිවාස්ථානයෙහි හිඳ සජ්ඣානයකරත්ද, විමසා බලත්ද ඔවුන්ට දුන්දෙයෙහි විපාක නැත. යාගකළ දෙයෙහි විපාක නැත. කරන්නා නොකරනු ලබයි. පාපයක් නැත. හේතුවක් නැති ප්‍රත්‍යයක් නැතැයි එහිදී මිථ්‍යාසතිය පිහිටයි. සිත එකඟවෙයි. ජවනසිත් දුවයි. ප්‍රථම ජවනයෙහිද ප්‍රතිකාර කළ හැක්කෝ වෙති. දෙවැන්න ආදියෙහිද එසේය. සත්වැන්නෙහි බුදුවරුන් විසින් වුවද ප්‍රතිකාර කළ නොහැකිය. නොනවතින්නෝය. අරිටු කටු හා සමානය.
තත්ථ කොචි එකං දස්සනං ඔක්කමති, කොචි ද්වෙ, කොචි තීණිපි, එකස්මිං ඔක්කන්තෙපි ද්වීසු තීසු ඔක්කන්තෙසුපි නියතමිච්ඡාදිට්ඨිකොව හොති, පත්තො සග්ගමග්ගාවරණඤ්චෙව මොක්ඛමග්ගාවරණඤ්ච, අභබ්බො තස්ස අත්තභාවස්ස අනන්තරං සග්ගම්පි ගන්තුං, පගෙව මොක්ඛං. වට්ටඛාණු නාමෙස සත්තො පථවීගොපකො. කිං පනෙස එකස්මිංයෙව අත්තභාවෙ නියතො හොති, උදාහු අඤ්ඤස්මිම්පීති? එකස්මිඤ්ඤෙව නියතො, ආසෙවනවසෙන පන භවන්තරෙපි තං තං දිට්ඨිං රොචෙතියෙව. එවරූපස්ස හි යෙභුය්යෙන භවතො වුට්ඨානං නාම නත්ථි.
එහි යමෙක් එක් දර්ශනයකට බසී. යමෙක් දෙකකට බසී. යමෙක් තුනක බසී. එකකට බැස්සත් දෙකතුනකට බැස්සත් නියත මිථ්යාදෘෂ්ටිකයෙක්ම වෙයි. පත්වූ තැනැත්තා ස්වර්ග මාර්ගයෙහි හැසිරීමටද මෝක්ෂ මාර්ගයෙහි හැසිරීමටද නුසුදුසුය. ඒ ආත්ම භාවයට අනතුරුව ස්වර්ගයට යාමටද නුසුදුසුය. මෝක්ෂය ගැන කියනුම කවරේද වටකණුවා නමැති මේ සත්වයා පොළොව රකින්නෙකි. ඔහු එක් අත්බැවකදි නියත වේද නැතහොත් අන් අත් බවකදී නියත වේද? එක් අත්බැවකදීම නියතවෙයි. ආසේවන වශයෙන් භවාන්තරයෙහිද ඒ ඒ දෘෂ්ටිය කැමති වේමය. මෙබඳු පුද්ගලයකුට බෙහෙවින් භවයෙන් නැගිටීමක් නම් නැත.
තස්මා අකල්යාණජනං, ආසීවිසමිවොරගං; ආරකා පරිවජ්ජෙය්ය, භූතිකාමො විචක්ඛණොති.
තස්මා අකල්යාණ ජනං - ආසී විස මිචොරගං ආරකා පරිවජ්ජෙය්ය - භුති කාමො විචක්ඛණො
ඒනිසා, අයහපත් ජනයාද සර්පයා මෙන්ම උරගයාද සැප කැමති දක්ෂයාට දුරින් දුරු කරන්නේය.
නත්ථි සබ්බසො ආරුප්පාති අරූපබ්රහ්මලොකො නාම සබ්බාකාරෙන නත්ථි. මනොමයාති ඣානචිත්තමයා. සඤ්ඤාමයාති අරූපජ්ඣානසඤ්ඤාය සඤ්ඤාමයා. රූපානංයෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොතීති අයං ලාභී වා හොති තක්කී වා. ලාභී නාම රූපාවචරජ්ඣානලාභී. තස්ස රූපාවචරෙ කඞ්ඛා නත්ථි, අරූපාවචරලොකෙ අත්ථි. සො – “අහං ආරුප්පා අත්ථීති වදන්තානම්පි නත්ථීති වදන්තානම්පි සුණාමි, අත්ථි නත්ථීති පන න ජානාමි. චතුත්ථජ්ඣානං පදට්ඨානං කත්වා අරූපාවචරජ්ඣානං නිබ්බත්තෙස්සාමි. සචෙ ආරුප්පා අත්ථි, තත්ථ නිබ්බත්තිස්සාමි, සචෙ නත්ථි, රූපාවචරබ්රහ්මලොකෙ නිබ්බත්තිස්සාමි. එවං මෙ අපණ්ණකො ධම්මො අපණ්ණකොව අවිරද්ධොව භවිස්සතී”ති තථා පටිපජ්ජති. තක්කී පන අප්පටිලද්ධජ්ඣානො, තස්සාපි රූපජ්ඣානෙ කඞ්ඛා නත්ථි, අරූපලොකෙ පන අත්ථි. සො – “අහං ආරුප්පා අත්ථීති වදන්තානම්පි නත්ථීති වදන්තානම්පි සුණාමි, අත්ථි නත්ථීති පන න ජානාමි. කසිණපරිකම්මං කත්වා චතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා තං පදට්ඨානං කත්වා අරූපාවචරජ්ඣානං නිබ්බත්තෙස්සාමි. සචෙ ආරුප්පා අත්ථි, තත්ථ නිබ්බත්තිස්සාමි. සචෙ නත්ථි, රූපාවචරබ්රහ්මලොකෙ නිබ්බත්තිස්සාමි. එවං මෙ අපණ්ණකො ධම්මො අපණ්ණකොව අවිරද්ධොව භවිස්සතී”ති තථා පටිපජ්ජති.
නත්ථි සබ්බසො ආරුප්පා අරූප බ්‍රහ්ම ලෝකයක් සර්වාකාරයෙන්ම නැත. මනොමයා ධ්‍යාන සිතින් හටගත් සඤ්ඤමයා අරූපධ්‍යාන සංඥාවෙන් සඤ්ඤාමය, රූපනංයෙව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්තො හොති මොහු ලාභී හෝ වෙයි තාර්කියෙක් හෝ වෙයි. ලාභී නම් රූපාවචරධ්‍යාන ලාභී, ඔහු රූපාවචරයෙහි සැකයක් නැත. අරූපාවචර ලෝකයෙහි ඇත. ඒ මම අරූපාවචර ඇතැයි කියන්නවුන්ටද, නැතැයි කියන්නවුන්ටද සවන් දෙමි. ඇතැ නැත යන්න නොදනිමි. චතුර්ථධ්යාන පදනම් කොට අරූපාවචරධ්‍යානය උපදවන්නෙමි. යම්හෙයකින් අරූප ලෝක ඇත්නම් එහි උපදින්නෙමි. යම්හෙයකින් නැත්නම් රූපාවචර බ්‍රහ්මලෝකයෙහි උපදින්නෙමි එසේ මට අපණ්ණක ධමය අපණ්ණකව අවිරුද්ධවම වන්නේය. එසේ පිළිපදියි. තාර්කිකයා වනාහි නොලැබූ ධ්‍යාන ඇත්තේ වෙයි. ඔහුටද රූපධ්යානයෙහි සැකයක් නැත. අරූප ලෝකයෙහි සැකයක් ඇත. ඒ මම අරූප ලෝකයක් ඇතැයි කියන්න වුන්ටද, නැතැයි කියන්නවුන්ටද සවන්දෙමි. ඇත නැත යන්න නොදනිමි. කියුණු පිරියම් කොට චතුර්ථ ධ්‍යානය උපදවා එය පදනම් කොට අරූපාවචර ධ්‍යානය උපදවන්නෙමි. යම්හෙයකින් අරූපාවචර ලෝකයක් ඇත්නම් එහි උපදින්නෙමි. යම්හෙයකින් නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නෙමි. මෙසේ මට අපණ්ණක ධර්මය අපණ්ණකවද අවිරුදධ වන්නේ නම්. එසේ පිළිපදී
භවනිරොධොති නිබ්බානං. සාරාගාය සන්තිකෙති රාගවසෙන වට්ටෙ රජ්ජනස්ස සන්තිකෙ. සංයොගායාති තණ්හාවසෙන සංයොජනත්ථාය. අභිනන්දනායාති තණ්හාදිට්ඨිවසෙන අභිනන්දනාය. පටිපන්නො හොතීති අයම්පි ලාභී වා හොති තක්කී වා. ලාභී නාම අට්ඨසමාපත්තිලාභී. තස්ස ආරුප්පෙ කඞ්ඛා නත්ථි, නිබ්බානෙ අත්ථි. සො – “අහං නිරොධො අත්ථීතිපි නත්ථීතිපි සුණාමි, සයං න ජානාමි. සමාපත්තිං පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙස්සාමි. සචෙ නිරොධො භවිස්සති, අරහත්තං පත්වා පරිනිබ්බායිස්සාමි. නො චෙ භවිස්සති, ආරුප්පෙ නිබ්බත්තිස්සාමී”ති එවං පටිපජ්ජති. තක්කී පන එකසමාපත්තියාපි න ලාභී, ආරුප්පෙ පනස්ස කඞ්ඛා නත්ථි, භවනිරොධෙ අත්ථි. සො – “අහං නිරොධො අත්ථීතිපි නත්ථීතිපි සුණාමි, සයං න ජානාමි, කසිණපරිකම්මං කත්වා අට්ඨසමාපත්තියො නිබ්බත්තෙත්වා සමාපත්තිපදට්ඨානං විපස්සනං වඩ්ඪෙස්සාමි. සචෙ නිරොධො භවිස්සති, අරහත්තං පත්වා පරිනිබ්බායිස්සාමි. නො චෙ භවිස්සති, ආරුප්පෙ නිබ්බත්තිස්සාමී”ති එවං පටිපජ්ජති. එත්ථාහ – “අත්ථි දින්නන්තිආදීනි තාව අපණ්ණකානි භවන්තු, නත්ථි දින්නන්තිආදීනි පන කථං අපණ්ණකානී”ති. ගහණවසෙන. තානි හි අපණ්ණකං අපණ්ණකන්ති එවං ගහිතත්තා අපණ්ණකානි නාම ජාතානි.
භවනිරොධො නම් නිර්වාණයයි සරාගාය සන්තිකෙ රාගවශයෙන් සංසාරයෙහි ඇලෙන්නහුගේ සමීපයෙහි. සංයොගාය තෘෂ්ණාවශයෙන් යෙදීම පිණිස. අභිනන්දනාය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සතුටු වීම පිණිස, පටිපන්නො හොති මොහුද ලාභී හෝ වෙයි තාර්කිකයෙක් හෝ වෙයි. ලාභී නම් අෂ්ට සමාපත්තිලාභී. ඔහුට අරූපාවචර ලෝකයෙහි සැකයක් නැත. නිර්වාණයෙහි සැකයක් ඇත. ඒ මම නිරෝධයක් ඇතැයිද නැතැයිද අසමි. තෙමේ නොදනි, සමාපත්තිය පාදක කොට විදර්ශනාව වඩන්නෙමි. යම්හෙයකින් නිරෝධයක් වේනම් රහත් බවට පැමිණ පිරිනිවන් පාන්නෙමි. එසේ නොවන්නේනම් අරූප ලෝකයෙහි උපදින්නෙමියි මෙසේ පිළිපදියි. තාර්කිකයා වනාහි එක් සමාපත්තියකවත් ලාහියෙක් නොවේ. අරූප ලෝකයෙහි ඔහුට සැකයක් ඇත. භවනිරෝධයෙහි සැකයක් ඇත. ඒ මම නිරෝධයක් ඇතැයිද නැතැයිද අසමි. තෙමේ නොදනී. කිසුණු පිරියම් කොට අෂ්ට සමාපත්ති උපදවා සමාපත්තියට පාදකවු විදර්ශනාව වඩන්නෙමි. ඉදින් නිරෝධයක් වන්නේනම් රහත්බවට පත්ව පිරිනිවන් පාන්නෙමි. නොවන්නේ නම් අරූපලෝකයෙහි උපදින්නෙමියි එසේ පිළිපදී. මෙහිදී මෙසේ කීය. අත්ථිදින්නං ති ආදිනි තාව අපණ්ණකාති භවන්තු නත්ථිදින්නංති ආදිනි පන කථං අපණ්ණකානිති ග්‍රහණ වශයෙන් ඒවා වනාහි අපණ්ණක අපණ්ණකයැයි ගනුලැබු බැවින් අපණ්ණක නම් විය.
චත්තාරොමෙති අයං පාටිඑක්කො අනුසන්ධි. නත්ථිකවාදො, අහෙතුකවාදො අකිරියවාදො, ආරුප්පා නත්ථි නිරොධො නත්ථීති එවංවාදිනො ච ද්වෙති ඉමෙ පඤ්ච පුග්ගලා හෙට්ඨා තයො පුග්ගලාව හොන්ති. අත්ථිකවාදාදයො පඤ්ච එකො චතුත්ථපුග්ගලොව හොති. එතමත්ථං දස්සෙතුං භගවා ඉමං දෙසනං ආරභි. තත්ථ සබ්බං අත්ථතො උත්තානමෙවාති.
චත්තාරොවෙ මෙය හුදු ගැළපීමයි. නාස්තිකවාදය, අක්‍රියවාදය, අහේතුක වාදය අරූප ලෝකයක් නැත නිරෝධයක් නැතැයි මෙසේ කියන්නෝද යන දෙදෙනාද යන මේ පස් පුඟුලෝ ද යව තුන් පුඟුලෝද වෙති. අස්තිකවාද ආදිය පසකි. එක් සිව්වැනි පුද්ගලයෙක්ද වෙයි. මේ අර්ථය දැක්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව ආරම්භ කළසේක. එහි සියල්ල අර්ථ වශයෙන් නොගැඹුරුමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අපණ්ණකසුත්තවණ්ණනා නිට්ඨිතා.
දසවැනි අපණ්ණක සුත්‍රයයි
පඨමවග්ගවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම වර්ගය නිමියේය.