යෙදුමෙන් කියවන්න

අම‍්බලට‍්ඨික රාහුලොවාද සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

අම‍්බලට‍්ඨික රාහුලොවාද සුත‍්තවණ‍්ණනා

අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති අම‍්බලට‍්ඨිකරාහුලොවාදසුත‍්තං. තත්‍ථ අම‍්බලට‍්ඨිකායං විහරතීති වෙළුවනවිහාරස‍්ස පච‍්චන‍්තෙ පධානඝරසඞ‍්ඛෙපෙ විවෙකකාමානං වසනත්‍ථාය කතෙ අම‍්බලට‍්ඨිකාති එවංනාමකෙ පාසාදෙ පවිවෙකං බ්‍රූහයන‍්තො විහරති. කණ‍්ටකො නාම ජාතකාලතො පට‍්ඨාය තිඛිණොව හොති, එවමෙවං අයම‍්පි ආයස‍්මා සත‍්තවස‍්සිකසාමණෙරකාලෙයෙව පවිවෙකං බ්‍රූහයමානො තත්‍ථ විහාසි. පටිසල‍්ලානා වුට‍්ඨිතොති ඵලසමාපත‍්තිතො වුට‍්ඨාය. ආසනන‍්ති පකතිපඤ‍්ඤත‍්තමෙවෙත්‍ථ ආසනං අත්‍ථි, තං පප‍්ඵොටෙත්‍වා ඨපෙසි. උදකාධානෙති උදකභාජනෙ. “උදකට‍්ඨානෙ”තිපි පාඨො.

එවම්මෙසුතං යනු අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රයයි. එහි අම්බලට්ඨිකායං විහරති වෙළුවන විහාර ප්‍රත්‍යන්තයෙහි පධානසර කොටසෙහි විවේක කාමීන්ගේ වාසය පිණිස කරවනලද අම්බලට්ඨික නමින් යුතු ප්‍රාසාදයෙහි විවේකය විඳිමින් වාසය කරන සේක. කණ්ටක නමැත්තා උපන්කල පටන් තීක්ෂ්ණය. මෙසේම මේ ආයුෂ්මත් තෙමේද සත්වයස් සාමණේර කල්හිම විවේකය විඳිමින් එහි වාසය කළේය. පටිසල්ලානා වුට්ඨිතො ඵලසමාපත්තියෙන් නැගිට, ආසනං මෙහි ස්වභාවයෙන්ම පැනවු අසුන් ඇත. එය ගසාදමා තැබීය උදකධානෙ දියබඳුනෙහි උදකට්ඨානෙ - දිය තබන තැන යනුවෙන්ද පාඨයක් ඇත.

ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසීති ඔවාදදානත්‍ථං ආමන‍්තෙසි. භගවතා හි රාහුලත්‍ථෙරස‍්ස සම‍්බහුලා ධම‍්මදෙසනා කතා. සාමණෙරපඤ‍්හං ථෙරස‍්සෙව වුත‍්තං. තථා රාහුලසංයුත‍්තං මහාරාහුලොවාදසුත‍්තං චූළරාහුලොවාදසුත‍්තමිදං අම‍්බලට‍්ඨිකරාහුලොවාදසුත‍්තන‍්ති.

ආයස්මන්තං රාහුලං ආමන්තොසි අවවාද දෙනු පිණිස ඇමතූසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් රාහුල තෙරුන්ට බොහෝ ධර්මදේශනා පවත්වන ලදී. සාමණේර ප්‍රශ්න තෙරුන්ටම කියන ලද ඒවාය. එසේම රාහුලසංයුක්තය, රාහුලොවාද සූත්‍රය. චුල්ලරාහුලොවාද සුත්‍රය මේ අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රය යනුවෙන්

අයඤ‍්හි ආයස‍්මා සත‍්තවස‍්සිකකාලෙ භගවන‍්තං චීවරකණ‍්ණෙ ගහෙත්‍වා “දායජ‍්ජං මෙ සමණ දෙහී”ති දායජ‍්ජං යාචමානො භගවතා ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරස‍්ස නිය්‍යාදෙත්‍වා පබ‍්බාජිතො. අථ භගවා දහරකුමාරා නාම යුත‍්තායුත‍්තං කථං කථෙන‍්ති, ඔවාදමස‍්ස දෙමීති රාහුලකුමාරං ආමන‍්තෙත්‍වා “සාමණෙරෙන නාම, රාහුල, තිරච‍්ඡානකථං කථෙතුං න වට‍්ටති, ත්‍වං කථයමානො එවරූපං කථං කථෙය්‍යාසී”ති සබ‍්බබුද‍්ධෙහි අවිජහිතං දසපුච‍්ඡං පඤ‍්චපණ‍්ණාසවිස‍්සජ‍්ජනං – “එකො පඤ‍්හො එකො උද‍්දෙසො එකං වෙය්‍යාකරණං ද‍්වෙ පඤ‍්හා…පෙ… දස පඤ‍්හා දස උද‍්දෙසා දස වෙය්‍යාකරණාති. එකං නාම කිං? සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා…පෙ… දස නාම කිං? දසහඞ‍්ගෙහි සමන‍්නාගතො අරහාති වුච‍්චතී”ති (ඛු· පා· 4.10) ඉමං සාමණෙරපඤ‍්හං කථෙසි. පුන චින‍්තෙසි “දහරකුමාරා නාම පියමුසාවාදා හොන‍්ති, අදිට‍්ඨමෙව දිට‍්ඨං අම‍්හෙහි, දිට‍්ඨමෙව න දිට‍්ඨං අම‍්හෙහීති වදන‍්ති ඔවාදමස‍්ස දෙමී”ති අක‍්ඛීහි ඔලොකෙත්‍වාපි සුඛසඤ‍්ජානනත්‍ථං පඨමමෙව චතස‍්සො උදකාධානූපමායො, තතො ද‍්වෙ හත්‍ථිඋපමායො එකං ආදාසූපමඤ‍්ච දස‍්සෙත්‍වා ඉමං සුත‍්තං කථෙසි. චතූසු පන පච‍්චයෙසු තණ‍්හාවිවට‍්ටනං පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගප‍්පහානං කල්‍යාණමිත‍්තුපනිස‍්සයස‍්ස මහන‍්තභාවඤ‍්ච දස‍්සෙත්‍වා රාහුලසුත‍්තං (සු· නි· රාහුලසුත‍්ත) කථෙසි. ආගතාගතට‍්ඨානෙ භවෙසු ඡන්‍දරාගො න කත‍්තබ‍්බොති දස‍්සෙතුං රාහුලසංයුත‍්තං (සං· නි· 2.188 ආදයො) කථෙසි. “අහං සොභාමි, මම වණ‍්ණායතනං පසන‍්න”න‍්ති අත‍්තභාවං නිස‍්සාය ගෙහස‍්සිතඡන්‍දරාගො න කත‍්තබ‍්බොති මහාරාහුලොවාදසුත‍්තං කථෙසි.

මේ ආයුෂ්මත් තෙමේ සත් වයස් කල්හි භාග්‍යවතුන් වහන්සේ සිවුරු කොණින් ගෙන ශ්‍රමණයන් වහන්ස මට දායාද දෙනු මැනවැයි දායාද ඉල්ලමින් භාග්‍යවතුන් වහන්සේ ධම්ම සේනාපති සාරිපුත්ත තෙරුන්වෙත පමුණුවා පැවිදි කරන ලද්දේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩාදරුවෝ නම් යුතුදේත් අයුතුදේත් කියති. මොහුට අවවාද දෙමියි රාහුල කුමරුන් ඇමතුසේක. රාහුල ශ්‍රමණයකු විසින් තිරිසන් කතා කීම නොවටී ඔබ කියනවානම් මෙබඳු කථාවක් කරන්න. සම්බුදුවරුන් විසින් අත් නොහරනා ලද දස ප්‍රශ්න, පනස්පස් විසඳුම් එක් ප්‍රශ්නය. එක් උද්දේශය එක් ව්‍යාකරණය. එකනම් කිම. සියලු සත්වයෝ ආහාරය නිසා පවතින්නෝය. -පෙ- දහය නම් කිම. දස අංගයන්ගෙන් යුත් රහතන් වහන්සේයයි කියනු ලැබේ යයි මේ සාමණේර ප්‍රශ්නය වදාළසේක. නැවත මෙසේ සිතූසේක. කුඩා දරුවෝ නම් සුරතල් බොරු කියන්නෝ වෙති. නොදුටුදේ අප විසින් දක්නා ලද්දේය. දුටුදේ නොදක්නා ලද්දේ යයි කියති. මොහුට ඔවදන් දෙමියි ඇසින් බලාද හඳුනාගනු පිණිස පළමුකොටම දියකළ සතරේ උපමාවෝද, දෙවනුව ඇත් උපමා දෙකද, ආදාස උපමාවද පෙන්වා මේ සුත්‍රය වදාළසේක. සිව්පසයෙහි තෘෂ්ණාව ඉවත්කිරීම පංචකාම ගුණයෙහි ඡන්දරාගය හැරදැමිම කලණමිතුරන් ආශ්‍රයෙහි මහත් බවද දක්වා රාහුල සුත්‍රය වදාළසේක. පැමිණි පැමිණි තැන භවයන්හි ඡන්දරාගය නොකළයුතුයයි මහා රාහුලෝවාද සුත්‍රය වදාළසේක.

තත්‍ථ රාහුලසුත‍්තං ඉමස‍්මිං නාම කාලෙ වුත‍්තන‍්ති න වත‍්තබ‍්බං. තඤ‍්හි අභිණ‍්හොවාදවසෙන වුත‍්තං. රාහුලසංයුත‍්තං සත‍්තවස‍්සිකකාලතො පට‍්ඨාය යාව අවස‍්සිකභික‍්ඛුකාලා වුත‍්තං. මහාරාහුලොවාදසුත‍්තං අට‍්ඨාරස වස‍්සසාමණෙරකාලෙ වුත‍්තං. චූළරාහුලොවාදසුත‍්තං අවස‍්සිකභික‍්ඛුකාලෙ වුත‍්තං. කුමාරකපඤ‍්හඤ‍්ච ඉදඤ‍්ච අම‍්බලට‍්ඨිකරාහුලොවාදසුත‍්තං සත‍්තවස‍්සිකසාමණෙරකාලෙ වුත‍්තං. තෙසු රාහුලසුත‍්තං අභිණ‍්හොවාදත්‍ථං, රාහුලසංයුත‍්තං, ථෙරස‍්ස විපස‍්සනාගබ‍්භගහණත්‍ථං, මහාරාහුලොවාදං ගෙහස‍්සිතඡන්‍දරාගවිනොදනත්‍ථං, චූළරාහුලොවාදං ථෙරස‍්ස පඤ‍්චදස-විමුත‍්තිපරිපාචනීය-ධම‍්මපරිපාකකාලෙ අරහත‍්තගාහාපනත්‍ථං වුත‍්තං. ඉදඤ‍්ච පන සන්‍ධාය රාහුලත්‍ථෙරො භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ තථාගතස‍්ස ගුණං කථෙන‍්තො ඉදමාහ –

එහි රාහුල සුත්‍රය මෙනම් කල්හි කියන ලද්දේ යයි නොකිවයුතුය එය නිරන්තර අවවාද වශයෙන් කියන ලද්දකි. රාහුලසංයුත්තය සත්වස් වයස්කල් පටන් ආවශ්‍යක භික්‍ෂුකාලය දක්වා දෙන ලදී. මහා රාහුලොවාද සුත්‍රය ආවශ්‍යක භික්‍ෂු කාලයෙහි දෙසන ලදී. කුමාර ප්‍රශ්නය හා මෙම අම්බලට්ඨික රාහුලොවාද සුත්‍රය සත්වස්වයස් සාමණේර කාලයෙහි දෙසනලදී. එයින් රාහුලොවාද සුත්‍රය නිරන්තර අවවාද වශයෙන්ද රාහුල සංයුත්තය තෙරුන්ගේ විදර්ශනාගර්භ ග්‍රහණය පිණිසද, මහාරාහුලොවාද සුත්‍රය ගෙහසිත ඡන්දරාගය නැති කිරීම පිණිසද චුල්ලරාහුලෝවාද සුත්‍රය තෙරුන්ගේ පසළොස් විමුක්ති මුහුකුරායන ධර්මය මුහුකුරා ගිය කල්හි රහත්බව ගන්වනු පිණිස දෙසන ලදී. මේ සඳහා රාහුල තෙරුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නාහු මෙසේ කීහ.

“කිකීව බීජං රක‍්ඛෙය්‍ය, චාමරී වාලමුත‍්තමං; නිපකො සීලසම‍්පන‍්නො, මමං රක‍්ඛි තථාගතො”ති. (අප· 1.2.83);

කිකීව බීජං රක්ඛෙය්‍ය - චමරීවවාලමුත්තමං නිපකො සීල සම්පන්නො - මමං රක්ඛී තථාගතො ති.

කිරලිය බිජුවට මෙන්ද, සෙමර මුවා උතුම් වලිගය මෙන්ද නුවණැති සිල්වත්ත ථාගතයන් වහන්සේ මා රැකගත් සේක.

සාමණෙරපඤ‍්හං අයුත‍්තවචනපහානත්‍ථං, ඉදං අම‍්බලට‍්ඨිකරාහුලොවාදසුත‍්තං සම‍්පජානමුසාවාදස‍්ස අකරණත්‍ථං වුත‍්තං.

සාමණේර ප්‍රශ්නය අයුතුවදන් අත්හැර දැමීම පිණිසද, මේ අම්බලට්ඨිකා රාහුලොවාද සුත්‍රය සම්ප්‍රජාන මුසාවාදය නොකරනු පිණිසද දෙසන ලදී.

තත්‍ථ පස‍්සසි නොති පස‍්සසි නු. පරිත‍්තන‍්ති ථොකං. සාමඤ‍්ඤන‍්ති සමණධම‍්මො. නික‍්කුජ‍්ජිත්‍වාති අධොමුඛං කත්‍වා. උක‍්කුජ‍්ජිත්‍වාති උත‍්තානං කත්‍වා.

එහි පස්සසිනො දන්නේ නොවෙහිද? පරිත්තං මඳක්. යාමඤ්ඤං මහණදම නික්කුජ්ජිත්‍වා යටිකුරු කොට. උක්කුණිබා උඩුකුරුකොට

සෙය්‍යථාපි, රාහුල, රඤ‍්ඤො නාගොති අයං උපමා සම‍්පජානමුසාවාදෙ සංවරරහිතස‍්ස ඔපම‍්මදස‍්සනත්‍ථං වුත‍්තා. තත්‍ථ ඊසාදන‍්තොති රථීසාසදිසදන‍්තො. උරුළ‍්හවාති අභිවඩ‍්ඪිතො ආරොහසම‍්පන‍්නො. අභිජාතොති සුජාතො ජාතිසම‍්පන‍්නො. සඞ‍්ගාමාවචරොති සඞ‍්ගාමං ඔතිණ‍්ණපුබ‍්බො. කම‍්මං කරොතීති ආගතාගතෙ පවට‍්ටෙන‍්තො ඝාතෙති. පුරත්‍ථිමකායාදීසු පන පුරත්‍ථිමකායෙන තාව පටිසෙනාය ඵලකකොට‍්ඨකමුණ‍්ඩපාකාරාදයො පාතෙති, තථා පච‍්ඡිමකායෙන. සීසෙන කම‍්මං නාම නියමෙත්‍වා එතං පදෙසං මද‍්දිස‍්සාමීති නිවත‍්තිත්‍වා ඔලොකෙති, එත‍්තකෙන සතම‍්පි සහස‍්සම‍්පි ද‍්වෙධා භිජ‍්ජති. කණ‍්ණෙහි කම‍්මං නාම ආගතාගතෙ සරෙ කණ‍්ණෙහි පහරිත්‍වා පාතනං. දන‍්තෙහි කම‍්මං නාම පටිහත්‍ථිඅස‍්සහත්‍ථාරොහඅස‍්සාරොහපදාදීනං විජ‍්ඣනං. නඞ‍්ගුට‍්ඨෙන කම‍්මං නාම නඞ‍්ගුට‍්ඨෙ බන්‍ධාය දීඝාසිලට‍්ඨියා වා අයමුසලෙන වා ඡෙදනභෙදනං. රක‍්ඛතෙව සොණ‍්ඩන‍්ති සොණ‍්ඩං පන මුඛෙ පක‍්ඛිපිත්‍වා රක‍්ඛති.

සෙය්‍යථාපි රාහුල රඤ්ඤොනාගො මේ උපමාව සම්පජාන මුසාවාදයෙහි සංවරනැත්තහුට උපමා දක්වනු පිණිස දෙසන ලදී. එහි ඊසාදන්තො රිය දඩුවක්වන් දළ ඇති. අබ්බූළ්හවා අතිශයින් වැඩුණු ආරෝහ සම්පන්න අභිජාතො සුජාත ජාති සම්පන්න සඞ්ගාමාවචරො සංග්‍රාමයව බටවිරූ කම්මං කරොති ආ ආවුන් පෙරළා පමුණුවයි. ඉදිරිපස ඉදිරිපස කයින් ලෑලි ලී කැබලි පවුරුතෙක් පමුණුවයි. පසුපසින් හා හිසින් කරන කර්ම නම් නියම කොට එක් ප්‍රදේශයක් මර්දනය කරන්නෙමියි නැවතී බලයි. මෙපමණකින් සියයක් දහසක් වුවද දෙකඩ කොටලයි. කලින් කරන කර්මනම් ආ ආ ඊතල කන්වලින් පහරදී හෙළීමයි. දන්ත කර්ම නම් විරුද්ධ ඇතුන් අසුන් ඇතරුවන් අසරුවන් පාබළයන් විද දැමීමයි. නගුටින් කරන කර්ම නම් නගුටෙහි බැදුණු දික් කඩු යෂ්ටි ආදියෙන් හෝ යමුගුරින් හෝ කඩා බිඳ දැමීමයි. රක්‍ඛතෙව සොණ්ඩං සොඬය මුවෙහි බහා රැකගනී.

තත්‍ථාති තස‍්මිං තස‍්ස හත්‍ථිනො කරණෙ. අපරිච‍්චත‍්තන‍්ති අනිස‍්සට‍්ඨං, පරෙසං ජයං අම‍්හාකඤ‍්ච පරාජයං පස‍්සීති මඤ‍්ඤති. සොණ‍්ඩායපි කම‍්මං කරොතීති අයමුග‍්ගරං වා ඛදිරමුසලං වා ගහෙත්‍වා සමන‍්තා අට‍්ඨාරසහත්‍ථට‍්ඨානං මද‍්දති. පරිච‍්චත‍්තන‍්ති විස‍්සට‍්ඨං, ඉදානි හත්‍ථියොධාදීසු න කුතොචි භායති, අම‍්හාකං ජයං පරෙසඤ‍්ච පරාජයං පස‍්සීති මඤ‍්ඤති. නාහං තස‍්ස කිඤ‍්චි පාපන‍්ති තස‍්ස දුක‍්කටාදිආපත‍්තිවීතික‍්කමෙ වා මාතුඝාතකාදිකම‍්මෙසු වා කිඤ‍්චි පාපං අකත‍්තබ‍්බං නාම නත්‍ථි. තස‍්මා තිහ තෙති යස‍්මා සම‍්පජානමුසාවාදිනො අකත‍්තබ‍්බං පාපං නාම නත්‍ථි, තස‍්මා තයා හසායපි දවකම්‍යතායපි මුසා න භණිස‍්සාමීති සික‍්ඛිතබ‍්බං. පච‍්චවෙක‍්ඛණත්‍ථොති ඔලොකනත්‍ථො, යං මුඛෙ වජ‍්ජං හොති, තස‍්ස දස‍්සනත්‍ථොති වුත‍්තං හොති. පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වාති ඔලොකෙත්‍වා ඔලොකෙත්‍වා.

තත්‍ථ එහි ඒ ඇතුගේ කාර්යයෙහි අපරිච්චත්තං අත් නොහළ අනුන්ට ජය අපට පරාජය දකීයයි සිතයි. සොණ්ඩායයි කම්මං කරොති යමුගුරක් හෝ කිහිරි මොහොලක් හෝ ගෙන හාත්පස දහඅට රියනක් තැන මඩී. පරිච්චත්තං අත්හළ දැන් ඇතුන් යෝධයන් ආදින් කෙරෙහි කොතැනින් හෝ බිය නොවේ. අපට ජය අනුන්ට පරාජය දක්නේයි හඟියි. නාහං තස්ස කිඤ්චි පාපං ඔහුට දුකුළා ඇවැත් ඉක්මවීම හෝ මව්මැරීම් ආදී කර්මයන්හි හෝ කිසි පාපයක් නොකට යුතුය යන්නක් නම් නැත. තස්මා තිහ මෙ යම් හෙයකින් සම්පජාන මුසාවාද කියන්නකුට නො කළ හැකි පාපයක් නම් නැත. එහෙයින් එයින්ද වෙයි. හස්සායපි විසුළු කැමති බව නිසා හෝ බොරු නොකියන්නෙමියි හික්මිය යුතුය. පච්චවෙක්‍ඛනත්‍ථො බැලීම පිණිස. මුවෙහි යම් වරදක් වේද එය දැකීම පිණිස යයි කියන ලද්දේ වෙයි. පච්චවෙක්ඛිත්‍වා පච්චවෙක්ඛිත්‍වා බලා බලා

සසක‍්කං න කරණීයන‍්ති එකංසෙනෙව න කාතබ‍්බං. පටිසංහරෙය්‍යාසීති නිවත‍්තෙය්‍යාසි මා කරෙය්‍යාසි. අනුපදජ‍්ජෙය්‍යාසීති අනුපදෙය්‍යාසි උපත්‍ථම‍්භෙය්‍යාසි පුනප‍්පුනං කරෙය්‍යාසි. අහොරත‍්තානුසික‍්ඛීති රත‍්තිඤ‍්ච දිවඤ‍්ච සික‍්ඛමානො.

සසක්කං කරණීයං නිශ්චිතවම නොකළ යුතුය. පටිසංහරෙය්‍යාසි නොපැවැතිය යුතුය. නොකළ යුතුය. අනු පදජ්ජෙය්‍යාසි දියයුතුය. උපත්‍ථම්භෙය්‍යාසි නැවත නැවත කරන්නෙහිය.

අට‍්ටීයිතබ‍්බන‍්ති අට‍්ටෙන පීළිතෙන භවිතබ‍්බං. හරායිතබ‍්බන‍්ති ලජ‍්ජිතබ‍්බං. ජිගුච‍්ඡිතබ‍්බන‍්ති ගූථං දිස‍්වා විය ජිගුච‍්ඡා උප‍්පාදෙතබ‍්බා. මනොකම‍්මස‍්ස පන අදෙසනාවත්‍ථුකත‍්තා ඉධ දෙසෙතබ‍්බන‍්ති න වුත‍්තං. කිත‍්තකෙ පන ඨානෙ කායකම‍්මවචීකම‍්මානි සොධෙතබ‍්බානි, කිත‍්තකෙ මනොකම‍්මන‍්ති. කායකම‍්මවචීකම‍්මානි තාව එකස‍්මිං පුරෙභත‍්තෙයෙව සොධෙතබ‍්බානි. භත‍්තකිච‍්චං කත්‍වා දිවාට‍්ඨානෙ නිසින‍්නෙන හි පච‍්චවෙක‍්ඛිතබ‍්බං “අරුණුග‍්ගමනතො පට‍්ඨාය යාව ඉමස‍්මිං ඨානෙ නිසජ‍්ජා අත්‍ථි නු ඛො මෙ ඉමස‍්මිං අන‍්තරෙ පරෙසං අප‍්පියං කායකම‍්මං වා වචීකම‍්මං වා”ති. සචෙ අත්‍ථීති ජානාති, දෙසනායුත‍්තං දෙසෙතබ‍්බං, ආවිකරණයුත‍්තං ආවිකාතබ‍්බං. සචෙ නත්‍ථි, තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං. මනොකම‍්මං පන එතස‍්මිං පිණ‍්ඩපාතපරියෙසනට‍්ඨානෙ සොධෙතබ‍්බං. කථං? “අත්‍ථි නු ඛො මෙ අජ‍්ජ පිණ‍්ඩපාතපරියෙසනට‍්ඨානෙ රූපාදීසු ඡන්‍දො වා රාගො වා පටිඝං වා”ති? සචෙ අත්‍ථි, “පුන න එවං කරිස‍්සාමී”ති චිත‍්තෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සචෙ නත්‍ථි, තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං.

අට්ටිතබ්බං බියෙන් පීඩාවෙන් වියයුතුය. හරායිතබ්බං ලජ්ජාවියයුතුය. ජිගුච්ඡිතබ්බං අසුචි දුටුවාක් මෙන් පිළිකුල උපදවාගත යුතුය. අහොරත්තාහු සික්ඛී රෑද දවල්ද හික්මෙමින්, මනෝ කර්මයට දේශනාවස්තුවක් නොවන හෙයින් මෙහි දෙසියයුතුයයි නොකියන ලදී. කොපමණ තැනක් කායකර්ම වාක්කර්ම පිරිසිදු කළ යුතුද, කොපමණ තැනක් මනෝ කර්ම පිරිසිඳ කළයුතුද, කායකර්ම වාක්කර්ම නම් බතට පෙර එක්වරක් පිරිසිදු කළයුතුය. බත්කිස නිමවා දිවාස්ථානයෙහි හුන්නහු විසින් අරුණු නැගෙන වේලේ පටන් මෙතැන හිඳගැනීම දක්වා මේ අතරතුර අනුන්ට අප්‍රියවු මාගේ කායකර්මයක් හෝ වාක්කර්මයක් ඇත්තේ දැයි හැරී බැලිය යුතුයි. ඉදින් ඇතැයි දනීද දෙසිය යුතු දෙයක් වේ නම් දෙසිය යුතුය. හෙළිකළයුත්තක් වේනම් හෙළිකළ යුතුයි. ඉදින් නැත්නම් ඒ නිසාම ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කළ යුතුය. මනෝකර්මය නම් එක් පිණ්ඩපාත තැන පිරිසිදු කළ යුතුය. අද පිණ්ඩපාතය වළඳන තැන රූපආදින්හි ඡන්දයක් හෝ රාගයක් හෝ වෛරයක් මට ඇත්තේද ඉදින් ඇත්නම් නැවත එසේ නොකරන්නෙමියි සිතින්ම අධිෂ්ඨාන කළයුතුය. ඉදින් නැත්නම් එම ප්‍රීති ප්‍රමෝදයෙන්ම වාසය කළයුතුය.

සමණා වා බ්‍රාහ‍්මණා වාති බුද‍්ධා වා පච‍්චෙකබුද‍්ධා වා තථාගතසාවකා වා. තස‍්මාතිහාති යස‍්මා අතීතෙපි එවං පරිසොධෙසුං, අනාගතෙපි පරිසොධෙස‍්සන‍්ති, එතරහිපි පරිසොධෙන‍්ති, තස‍්මා තුම‍්හෙහිපි තෙසං අනුසික‍්ඛන‍්තෙහි එවං සික‍්ඛිතබ‍්බන‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. ඉමං පන දෙසනං භගවා යාව භවග‍්ගා උස‍්සිතස‍්ස රතනරාසිනො යොජනියමණික‍්ඛන්‍ධෙන කූටං ගණ‍්හන‍්තො විය නෙය්‍යපුග‍්ගලවසෙන පරිනිට‍්ඨාපෙසීති.

සමණාවා බ්‍රාහ්මණාදි බුදුවරු හෝ පසේ බුදුවරු හෝ තථාගත ශ්‍රාවකයෝ හෝ, තස්මාතිහ යම්හෙයකින් අතීතයෙහිද මෙසේ පිරිසිදු කළාහුය. අනාගතයෙහිද පිරිසිදු කරන්නාහුය. දැනුත් පිරිසිදු කරත් ඒනිසා ඔවුන් අනුව නික්මෙන්නාවු ඔබ විසින්ද මෙසේ හික්මිය යුතුය යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව භාවාග්‍රයතෙක් උස්වූ රුවන් රැසෙහි යෝග්‍ය මැණික් කඳකින් කුළු ගන්වන්නාක් මෙන් නෙය්‍යපුද්ගල වශයෙන් නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය අම‍්බලට‍්ඨිකරාහුලොවාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමුවැනි අම්බලට්ඨික රාහුලෝවාද සුත්‍රයයි.