යෙදුමෙන් කියවන්න

අම‍්බලට‍්ඨික රාහුලොවාද සුත‍්තං

2. 2. 1.

2. 2. 1.

අම‍්බලට‍්ඨික රාහුලොවාද සුත‍්තං

අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය

එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා රාහුලො අම‍්බලට‍්ඨිකායං විහරති. අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන අම‍්බලට‍්ඨිකා යෙනායස‍්මා රාහුලො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන ආසනං පඤ‍්ඤාපෙසි උදකඤ‍්ච පාදානං. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ පාදෙ පක‍්ඛාලෙසි. ආයස‍්මාපි ඛො රාහුලො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි.

මා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ.

අථ ඛො භගවා පරිත‍්තං උදකාවසෙසං උදකාධානෙ ඨපෙත්‍වා ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි ‘පස‍්සසි නො ත්‍වං රාහුල ඉමං පරිත‍්තං උදකාවසෙසං උදකාධානෙ ඨපිත’න‍්ති. එවම‍්භන‍්තෙ, එවං පරිත‍්තං ඛො රාහුල තෙසං සාමඤ‍්ඤං යෙසං නත්‍ථි සම‍්පජානමුසාවාදෙ ලජ‍්ජාති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඳ වූ ඉතිරි දිය දියබඳුනෙහි තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූසේක: “රාහුලයෙනි, තෙපි දියබඳුනෙහි තුබූ මේ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැ’යි. රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද, ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය අල්ප වෙයි.

අථ ඛො භගවා පරිත‍්තං උදකාවසෙසං ඡඩ‍්ඩෙත්‍වා ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි පස‍්සසි නො ත්‍වං රාහුල තං පරිත‍්තං උදකාවසෙසං ඡඩ‍්ඩිත’න‍්ති. එවම‍්භන‍්තෙති. එවං ඡඩ‍්ඩිතං ඛො රාහුල තෙසං සාමඤ‍්ඤං යෙසං නත්‍ථි සම‍්පජානමුසාවාදෙ ලජ‍්ජාති.

ඉක්බිති බුදුහු ඒ අල්ප වූ උදකශේෂය බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි බැහැර කළ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැයි. රාහුලයෙනි යම් කෙනකුන්ට දැන දැන මුසාවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය බැහැර කරනලද වෙයි.

අථ ඛො භගවා තං උදකාධානං නික‍්කුජ‍්ජිත්‍වා ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි පස‍්සසි නො ත්‍වං රාහුල ඉමං උදකාධානං නික‍්කුජ‍්ජිත’න‍්ති. එවම‍්භන‍්තෙ, එවං නික‍්කුජ‍්ජිතං ඛො රාහුල තෙසං සාමඤ‍්ඤං, යෙසං නත්‍ථි සම‍්පජානමුසාවාදෙ ලජ‍්ජාති.

ඉක්බිති බුදුහු ඒ දියබඳුන යටිහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි යටිහුරු කළ මේ දියබඳුන දක්නවූ දැ” යි. වදාළහ. එසේ යැ වහන්ස, රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය යටිහුරු කරනලද වෙයි.

අථ ඛො භගවා තං උදකාධානං උක‍්කුජ‍්ජිත්‍වා ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි. පස‍්සසි නො ත්‍වං රාහුල ඉමං උදකාධානං රිත‍්තං තුච‍්ඡන‍්ති. එවම‍්භන‍්තෙ. එවං රිත‍්තං තුච‍්ඡං ඛො රාහුල තෙසං සාමඤ‍්ඤං යෙසං නත්‍ථි සම‍්පජානමුසාවාදෙ ලජ‍්ජාති.

ඉක්බිති බුදුහු එදියබඳුන උඩුහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි තෙපි වැගුරුණු සිස් වූ මෙ දියබඳුන දක්නවු දැ” යි වදාළහ. එසේ යැ වහන්සැ’යි. එසෙයින් රාහුලයෙනි යම් කෙනකුනට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද ඔවුන් ගේ ශ‍්‍රමණධර්‍මය රික්ත යැ තුච්ඡ වේ යයි.

සෙය්‍යථාපි රාහුල රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බූළ‍්හවා අභිජාතො සඞ‍්ගාමාවචරො. සො සඞ‍්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම‍්මං කරොති, පච‍්ඡිමෙහිපි පාදෙහි කම‍්මං කරොති, පුරිමෙනපි කායෙන කම‍්මං කරොති, පච‍්ඡිමෙනපි කායෙන කම‍්මං කරොති, සීසෙනපි කම‍්මං කරොති, කණ‍්ණෙහිපි කම‍්මං කරොති, දන‍්තෙහිපි කම‍්මං කරොති, නඞ‍්ගුට‍්ඨෙනපි කම‍්මං කරොති, රක‍්ඛතෙව සොණ‍්ඩං. තත්‍ථ හත්‍ථාරොහස‍්ස එවං හොති: අයං ඛො රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බූළ‍්හවා අභිජාතො සඞ‍්ගාමාවචරො සඞ‍්ගාමගතො පුරිමෙහිපි පාදෙහි කම‍්මං කරොති, පච‍්ඡිමෙහිපි පාදෙහි කම‍්මං කරොති, පුරිමෙනපි කායෙන කම‍්මං කරොති, පච‍්ඡිමෙනපි කායෙන කම‍්මං කරොති, සීසෙනපි කම‍්මං කරොති, කණ‍්ණෙහිපි කම‍්මං කරොති, දන‍්තෙහිපි කම‍්මං කරොති, නඞ‍්ගුට‍්ඨෙනපි කම‍්මං කරොති, රක‍්ඛතෙව සොණ‍්ඩං, අපරිච‍්චත‍්තං ඛො රඤ‍්ඤො නාගස‍්ස ජීවිතන‍්ති. යතො ඛො රාහුල

යම්සේ රාහුලයෙනි, රජහට රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ යුද බිමට බටවිරු ඇත්රජෙක් වේ ද, හේ යුදබිමට බටුයේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, පෙර කයිනුදු කම් කෙරෙයි, පසුකයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ. එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙඇත්රජ රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ යුදට ගියවිරූ වූයේ යුදබිමට ගියේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ ඇතුගේ ජීවිතය රජුට නො හරනාලදැ” යි.

රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බූළ‍්හවා අභිජාතො සඞ‍්ගාමාවචරො සඞ‍්ගාමගතො -පෙ- නඞ‍්ගුට‍්ඨෙනපි කම‍්මං කරොති. සොණ‍්ඩායපි කම‍්මං කරොති. තත්‍ථ හත්‍ථාරොහස‍්ස එවං හොති: අයං ඛො රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බූළ‍්හවා අභිජාතො සඞ‍්ගාමාවචරො සඞ‍්ගාමගතො -පෙ- නඞ‍්ගුට‍්ඨෙනපි කම‍්මං කරොති. සොණ‍්ඩායපි කම‍්මං කරොති. පරිච‍්චත‍්තං ඛො රඤ‍්ඤො නාගස‍්ස ජීවිතං, නත්‍ථිදානි කිඤ‍්චි රඤ‍්ඤො නාගස‍්ස කරණීයන‍්ති. එවමෙව ඛො රාහුල යස‍්ස කස‍්සචි සම‍්පජානමුසාවාදෙ නත්‍ථි ලජ‍්ජා, නාහං තස‍්ස කිඤ‍්චි පාපං අකරණීයන‍්ති වදාමි. තස‍්මාතිහ රාහුල හස‍්සාපි න මුසා භණිස‍්සාමී’ති එවං හි තෙ රාහුල සික‍්ඛිතබ‍්බං.

රාහුලයෙනි, රජුගේ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ.... නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ යුදබිමට ගියේ .. නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, ඇතුගේ ජීවිතය රජහට පරිත්‍යාග කරන ලදැයැ. මෙවිට ඇතු විසින් රජහට කිසි කටයුත්තෙක් නැතැ” යි. එසෙයින් මැ රාහුලයෙනි, යම් කිසිවකුට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු විසින් කිසි පවක් නො කටහැකි යයි මම නො කියමි. එහෙයින් මෙහි ලා රාහුලයෙනි, කෙළි පිණිස ද මුසවා නො බෙණෙමී, මෙසේ රාහුලයෙනි, තොප විසින් හික්මියයුතු.

තං කිම‍්මඤ‍්ඤසි රාහුල කිමත්‍ථියො ආදාසොති. පච‍්චවෙක‍්ඛණත්‍ථො භන‍්තෙති. එවමෙව ඛො රාහුල පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා කායෙන කම‍්මං කාතබ‍්බං, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා වාචාය කම‍්මං කාතබ‍්බං, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා මනසා කම‍්මං කාතබ‍්බං

රාහුලයෙනි, ඒ කිමැයි සිතවු ද? කැටපත කුමක් ප්‍රයෝජන කොට ඇත්ද?යි. වහන්ස පිරික්සා බැලීම ප්‍රයෝජන කොට ඇතැ’යි. එසෙයින් මැ රාහුලයෙනි, පිරික්ස පිරික්සා කයින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා බසින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා මනසින් කම් කළයුතු යැ.

යදෙව ත්‍වං රාහුල කායෙන කම‍්මං කත‍්තුකාමො අහොසි තදෙව තෙ කායකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං කායෙන කම‍්මං කත‍්තුකාමො, ඉදං මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං කත‍්තුකාමො ඉදම‍්මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල කායෙන කම‍්මං සසක‍්කං න කරණීයං සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං කත‍්තුකාමො, ඉදං මෙ කායකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, කුසලං ඉදං කායකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල කායෙන කම‍්මං කරණීයං.

රාහුලයෙනි, තෙපි යම් මැ කමක් කරනුකැමැතිවුවහු ද තොප විසින් එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල යැ දුක් වඩනේ යැ දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු ද: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය එකත්නෙන් නො කටයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු නම්: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කාය කර්‍මය නො මැ තමහට දුක් පිණිස පවත්නේ යැ, පරහට දුක් පිණිස නොපවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස නො පවත්නේ යැ. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය කළයුතු.

කරොන‍්තෙනපි තෙ රාහුල කායෙන කම‍්මං තදෙව තෙ කායකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං කායෙන කම‍්මං කරොමි. ඉදම‍්මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං කරොමි, ඉදම‍්මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. පටිසංහරෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං කායකම‍්මං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං කරොමි, ඉදම‍්මෙ කායකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං කායකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. අනුපදජ‍්ජෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං කායකම‍්මං.

රාහුලයෙනි, තොප කයින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ කායකර්‍මය ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද, මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු මෙසේ දන්නහු නම්: මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම කරව.

කත්‍වාපි තෙ රාහුල කායෙන කම‍්මං තදෙව තෙ කායකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං කායෙන කම‍්මං අකාසිං, ඉදම‍්මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං අකාසිං, ඉදම‍්මෙ කායකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං කායකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල කායකම‍්මං සත්‍ථරි වා විඤ‍්ඤූසු වා සබ්‍රහ‍්මචාරීසු දෙසෙතබ‍්බං, විවරිතබ‍්බං, උත‍්තානීකාතබ‍්බං, දෙසෙත්‍වා විවරිත්‍වා උත‍්තානීකත්‍වා ආයතිං සංවරං ආපජ‍්ජිතබ‍්බං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං කායෙන කම‍්මං අකාසිං ඉදම‍්මෙ කායකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං කායකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. තෙනෙව ත්‍වං රාහුල පීතිපාමොජ‍්ජෙන විහරෙය්‍යාසි අහොරත‍්තානුසික‍්ඛී කුසලෙසු ධම‍්මෙසු.

රාහුලයෙනි, තෙපි කයින් කර්‍මය කොට ද තොපගේ එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම් යම් කර්‍මයක් කයින් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙළෙම් නම් මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි රාහුලයෙනි, තොප විසින් මෙබඳු කාය කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළි කළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණිය යුතු, තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම කයින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති. පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් කුසල්දම්හි දවරැය හික්මෙමින් වෙසෙන්නහු යැ.

යදෙව ත්‍වං රාහුල වාචාය කම‍්මං කත‍්තුකාමො අහොසි. තදෙව තෙ වචීකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං වාචාය කම‍්මං කත‍්තුකාමො, ඉදම‍්මෙ වචීකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං කත‍්තුකාමො ඉදම‍්මෙ වචීකම‍්මං -පෙ- උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල වාචාය කම‍්මං සසක‍්කං න කරණීයං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං කත‍්තුකාමො, ඉදම‍්මෙ වචීකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, කුසලං ඉදං වචීකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල වාචාය කම‍්මං කරණීයං.

රාහුලයෙනි, තෙපි බසින් යම් මැ කර්‍මයක් කරනු කැමැත්තහු ද, තොප විසින් එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය ..... දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම එකත්නෙන් නො කළයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවත්නේ යැ, පරහට දුක් පිණිස ද නො පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම කටයුතු.

කරොන‍්තෙනපි තෙ රාහුල වාචාය කම‍්මං තදෙව තෙ වචීකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං වාචාය කම‍්මං කරොමි, ඉදම‍්මෙ වචීකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං කරොමි, ඉදම‍්මෙ වචීකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. පටිසංහරෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං වචීකම‍්මං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං කරොමි. ඉදම‍්මෙ වචීකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං වචීකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. අනුපදජ‍්ජෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං වචීකම‍්මං.

රාහුලයෙනි, තොප බසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දනිවු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවතී. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍මය නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ. සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍ම කරව.

කත්‍වාපි තෙ රාහුල වාචාය කම‍්මං තදෙව තෙ වචීකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං වාචාය කම‍්මං අකාසිං, ඉදම‍්මෙ වචීකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති. පරව්‍යාබාධායපි සංවත‍්තති. උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං අකාසිං, ඉදම‍්මෙ වචීකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං වචීකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල වචීකම‍්මං සත්‍ථරි වා විඤ‍්ඤූසු වා සබ්‍රහ‍්මචාරීසු දෙසෙතබ‍්බං, විවරිතබ‍්බං, උත‍්තානීකාතබ‍්බං. දෙසෙත්‍වා විවරිත්‍වා උත‍්තානීකත්‍වා ආයතිං සංවරං ආපජ‍්ජිතබ‍්බං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං වාචාය කම‍්මං අකාසිං, ඉදම‍්මෙ වචීකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං වචීකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. තෙනෙව ත්‍වං රාහුල පීතිපාමුජ‍්ජෙන විහරෙය්‍යාසි අහොරත‍්තානුසික‍්ඛී කුසලෙසු ධම‍්මෙසු.

රාහුලයෙනි, තොප විසින් බසින් කර්‍මය කොට ද තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙබඳු වාක්කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළිකළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණියයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.

යදෙව ත්‍වං රාහුල මනසා කම‍්මං කත‍්තුකාමො අහොසි. තදෙව තෙ මනොකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං මනසා කම‍්මං කත‍්තුකාමො, ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං මනසා කම‍්මං කත‍්තුකාමො, ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, පරව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය, උභයව්‍යාබාධායපි සංවත‍්තෙය්‍ය අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල මනසා කම‍්මං සසක‍්කං න කරණීයං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො පන අහං ඉදං මනසා කම‍්මං කත‍්තුකාමො, ඉදං මෙ මනොකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න පරව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, න උභයව්‍යාබාධාය සංවත‍්තෙය්‍ය, කුසලං ඉදං මනොකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. එවරූපං තෙ රාහුල මනසා කම‍්මං කරණීයං.

රාහුලයෙනි, තෙපි මනසින් යම් මැ කර්‍මයක් කරනු කැමැති වවු ද, තොප විසින් එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃ කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම ඒකාන්තයෙන් නො කටයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම කටයුතු.

කරොන‍්තෙනපි තෙ රාහුල මනසා කම‍්මං තදෙව තෙ මනොකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං මනසා කම‍්මං කරොමි, ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං මනසා කම‍්මං කරොමි, ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. පටිසංහරෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං මනොකම‍්මං.

රාහුලයෙනි, තොප මනසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු

සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං මනසා කම‍්මං කරොමි. ඉදම‍්මෙ මනොකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං මනොකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. අනුපදජ‍්ජෙය්‍යාසි ත්‍වං රාහුල එවරූපං මනොකම‍්මං.

මනඃකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු මනඃකර්‍ම කරව.

කත්‍වාපි තෙ රාහුල මනසා කම‍්මං තදෙව තෙ මනොකම‍්මං පච‍්චවෙක‍්ඛිතබ‍්බං: යන‍්නු ඛො අහං ඉදං මනසා කම‍්මං අකාසිං. ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති. සචෙ ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං මනසා කම‍්මං අකාසිං. ඉදම‍්මෙ මනොකම‍්මං අත‍්තව්‍යාබාධායපි සංවත‍්තති, පරව්‍යාබාධායපි සංවත‍්තති, උභයව්‍යාබාධායපි සංවත‍්තති, අකුසලං ඉදං මනොකම‍්මං දුක‍්ඛුද්‍රයං දුක‍්ඛවිපාකන‍්ති, එවරූපෙ තෙ රාහුල මනොකම‍්මෙ අට‍්ටීයිතබ‍්බං, හරායිතබ‍්බං, ජිගුච‍්ඡිතබ‍්බං, අට‍්ටීයිත්‍වා හරායිත්‍වා ජිගුච‍්ඡිත්‍වා ආයතිං සංවරං ආපජ‍්ජිතබ‍්බං. සචෙ පන ත්‍වං රාහුල පච‍්චවෙක‍්ඛමානො එවං ජානෙය්‍යාසි: යං ඛො අහං ඉදං මනසා කම‍්මං අකාසිං. ඉදම‍්මෙ මනොකම‍්මං නෙවත‍්තව්‍යාබාධාය සංවත‍්තති, න පරව්‍යාබාධාය සංවත‍්තති, න උභයව්‍යාබාධාය සංවත‍්තති, කුසලං ඉදං මනොකම‍්මං සුඛුද්‍රයං සුඛවිපාකන‍්ති. තෙනෙව ත්‍වං රාහුල පීතිපාමුජ‍්ජෙන විහරෙය්‍යාසි අහොරත‍්තානුසික‍්ඛී කුසලෙසු ධම‍්මෙසු.

රාහුලයෙනි, තොප විසින් මනසින් කර්‍මය කොට ද තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සිය යුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද, මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙසේ මනඃකර්‍මයෙහි පීඩිත වියයුතු යැ, ලජ්ජා වියයුතු යැ, ජුගුප්සා ඉපැදවියයුතු යැ. පීඩිත වැ ලජ්ජිත වැ ජුගුප්සා කොට ආයතිසංවරයට පැමිණියයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.

යෙ හි කෙචි රාහුල අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා කායකම‍්මං පරිසොධෙසුං, වචීකම‍්මං පරිසොධෙසුං, මනොකම‍්මං පරිසොධෙසුං, සබ‍්බෙ තෙ එවමෙවං පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා කායකම‍්මං පරිසොධෙසුං, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා වචීකම‍්මං පරිසොධෙසුං, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා මනොකම‍්මං පරිසොධෙසුං.

රාහුලයෙනි, අතීතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍ම පිරිසුදු කළාහු නම් වාක්කර්‍මය පිරිසුදු කළාහු නම් මනඃකර්‍මය පිරිසුදු කළාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කළාහු යැ.

යෙහිපි කෙචි රාහුල අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා කායකම‍්මං පරිසොධෙස‍්සන‍්ති, වචීකම‍්මං පරිසොධෙස‍්සන‍්ති, මනොකම‍්මං පරිසොධෙස‍්සන‍්ති, සබ‍්බෙ තෙ එවමෙවං පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා කායකම‍්මං පරිසොධෙස‍්සන‍්ති, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා වචීකම‍්මං පරිසොධෙස‍්සන‍්ති, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා මනොකම‍්මං පරිසොධෙස‍්සන‍්ති.

රාහුලයෙනි, අනාගතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කරන්නාහු නම් වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු නම් මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු යි.

යෙහිපි කෙචි රාහුල එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා කායකම‍්මං පරිසොධෙන‍්ති, වචීකම‍්මං පරිසොධෙන‍්ති, මනොකම‍්මං පරිසොධෙන‍්ති, සබ‍්බෙ තෙ එවමෙවං පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා කායකම‍්මං පරිසොධෙන‍්ති, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා වචීකම‍්මං පරිසොධෙන‍්ති, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා මනොකම‍්මං පරිසොධෙන‍්ති.

රාහුලයෙනි, මෙකල්හි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කෙරෙත් ද වාක්කර්‍මය පිරිසුදු කෙරෙත් ද මනඃකර්‍මය පිරිසුදු කෙරෙත් ද එ හැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කෙරෙත්.

තස‍්මාතිහ රාහුල, පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා කායකම‍්මං පරිසොධෙස‍්සාම පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා වචීකම‍්මං පරිසොධෙස‍්සාම. පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා මනොකම‍්මං පරිසොධෙස‍්සාමාති එවං හි වො රාහුල සික‍්ඛිතබ‍්බන‍්ති.

එහෙයින් රාහුලයෙනි, මෙහි පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරම්හ’යි රාහුලයෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා රාහුලො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති රාහුලායුෂ්මත්හු භාග්‍යවතුන් ගේ භාෂිතයට සතුටු වූහ’යි.

අම‍්බලට‍්ඨිකරාහුලොවාද සුත‍්තං පඨමං.

පළමු වැනි අම්බලට්ඨිකරාහුලෝවාදසූත‍්‍රය යි.