මහාරාහුලොවාද සුත‍්තං
2. 2. 2.
2. 2. 2.
මහාරාහුලොවාද සුත‍්තං
මහාරාහුලෝවාද සූත්‍රය
එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසි. ආයස‍්මාපි ඛො රාහුලො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි. අථ ඛො භගවා අපලොකෙත්‍වා ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි:
මා විසින් මෙසේ අසනලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස නුහුබන්හ. එකල්හි බුදුහු පෙරළා බලා ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ:
යං කිඤ‍්චි රාහුල රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං තං රූපං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බන‍්ති. රූපමෙව නු ඛො භගවා, රූපමෙව නු ඛො සුගතාති. රූපම‍්පි රාහුල, වෙදනාපි රාහුල, සඤ‍්ඤාපි රාහුල, සඞ‍්ඛාරාපි රාහුල, විඤ‍්ඤාණම‍්පි රාහුලාති.
“රාහුලය, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි, යම් කිසි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ රූපයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් රූපයෙක් ඇද්ද ඒ හැම රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ තත් වූ පරිදි සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යයි වදාළහ. ‘රූපය මැ ද භාග්‍යවතුන් වහන්ස, රූපය මැ ද භාග්‍යවතුන් වහන්සැ’යි. රාහුලය, රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයෝත් විඥානයත් දැක්ක යුතු යැ’යි.
අථ ඛො ආයස‍්මා රාහුලො ‘කොන’ජ‍්ජ භගවතා සම‍්මුඛා ඔවාදෙන ඔවදිතො ගාමං පිණ‍්ඩාය පවිසිස‍්සතී’ති තතො පටිනිවත‍්තිත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. අද‍්දසා ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං රාහුලං අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නං පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. දිස‍්වාන ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි: ආනාපානසතිං රාහුල භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසාති.
එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ කවරෙක් අද භාග්‍යවතුන් වහන්සේ විසින් හමුයෙහි අවවාදයෙන් අවවාද කරන ලද්දේ ගමට පිඬු පිණිස පිවිසියේ ඇද්ද’යි එයින් මැ නැවැතී එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයන් දුටහ. දැක ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලයෙනි, ආනාපානසති භාවනාව වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි, මහත් අනුසස් වේ”යයි.
අථ ඛො ආයස‍්මා රාහුලො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා රාහුලො භගවන‍්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන‍්තෙ ආනාපානසති කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසාති.
ඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.
යං කිඤ‍්චි රාහුල අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරූ අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා වක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං ඛරිගතං උපාදින‍්නං, අයං වුච‍්චති රාහුල අජ‍්ඣත‍්තිකා පඨවීධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු පඨවීධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා පඨවීධාතුයා නිබ‍්බින්‍දති. පඨවීධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලයෙනි, තමා පිළිබඳ වූ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙක් වේ ද ඒ මෙසේ යැ: කෙස් ලොම් නිය දත් සිව් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නො පැසුණු අහර පැසුණු අහර යන මේ ද, තවද අන්‍ය වූ ත් තමා පිළිබඳ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙකුත් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද, යම් බාහිර වූ පෘථිවිධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යි. ඒ පෘථිවිධාතුව “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නොවේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත් නො අලවයි.
කතමා ච රාහුල, ආපොධාතු: ආපොධාතු සියා අජ‍්ඣත‍්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ‍්ඣත‍්තිකා ආපොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝාණිකා ලසිකා මුත‍්තං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං උපාදින‍්නං, අයං වුච‍්චති රාහුල, අජ‍්ඣත‍්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආපොධාතු, යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා ආපොධාතුයා නිබ‍්බින්‍දති. ආපොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලය, ආපෝධාතු කවර යත් “ආපෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලය, ආධ්‍යාත්මික ආපෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාවලක්‍ෂණයෙක් ඇද්ද, ඒ කෙසේ යැ යත්: පිත, සෙම, පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදතෙල ,කඳුළු යැ වුරුණුතෙල, කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ මූ යැ යන මේ යි. තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් කිසි අන්‍ය වූත් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාව ලක්‍ෂණයෙක් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික ආපෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර ආපෝධාතුයෙකුත් ඇද්ද, තෙලෙ ආපෝධාතු මැ යි. ඒ ආපෝධාතුව “තෙලෙ මාගේ නො වෙයි තෙලෙ මම් නොවෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැන ආපෝධාතුයෙහි උකටලි වෙයි. ආපෝධාතුයෙහි සිත් නො අලවයි.
කතමා ච රාහුල, තෙජොධාතු: තෙජොධාතු සියා අජ‍්ඣත‍්තිකා සියා බාහිරා. කතමා ච රාහුල අජ‍්ඣත‍්තිකා තෙජොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: යෙන ච සන‍්තප‍්පති යෙන ච ජීරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති. යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උපාදින‍්නං, අයං වුච‍්චති රාහුල, අජ‍්ඣත‍්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා තෙජොධාතු, යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා තෙජොධාතුයා නිබ‍්බින්‍දති. තෙජොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලයෙනි, තේජෝධාතු කවර යත්: තේජෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලයෙනි, ආධ්‍යාත්මික තේජෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ තේජසෙක් වේ ද, ඒ මෙසේ යැ: (කිපුණු) යම් තේජෝගතයෙකින් මෙ කය තැවේ ද, යම් තේජසෙකින් මෙ කය දිරා ද, යම් තේජසෙකින් මෙ කය දැවේ ද, යමෙකින් බුදිනලද පානය කරනලද, කනලද රසවිඳිනලද ආහාරය (රස රක්තාදි විසින්) පරිණාමයට යේ ද, (එ ද), තවද අන්‍ය වූත් තමා පිළිබඳ වූ තමා අයත් තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ යම් තේජසෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික තේජෝධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් වේ ද, යම් බාහිර තේජෝධාතුවකුත් වේ ද, මේ තේජෝධාතු මැ යි. ඒ තේජෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ’. යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක තේජෝ ධාතුයෙහි උකටලි වෙයි. තේජෝධාතුයෙහි සිත් නො අලවයි.
කතමා ච රාහුල, වායොධාතු: වායොධාතු සියා අජ‍්ඣත‍්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ‍්ඣත‍්තිකා වායොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: උද‍්ධඞ‍්ගමා වාතා, අධොගමා වාතා, කුච‍්ඡිසයා වාතා, කොට‍්ඨසයා වාතා, අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා, අස‍්සාසො පස‍්සාසො ඉති. යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං උපාදින‍්නං, අයං වුච‍්චති රාහුල, අජ‍්ඣත‍්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා වායොධාතු, යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා වායොධාතුයා නිබ‍්බින්‍දති, වායොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ. තවද යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, තෙල වායෝධාතු මැ යැ, ඒ වායෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නොවෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ යයි තෙල මෙසේ ඇති සැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලි වෙයි, වායෝධාතුයෙහි සිත් නො අලවයි.
කතමා ච රාහුල, ආකාසධාතු: ආකාසධාතු සියා අජ‍්ඣත‍්තිකා, සියා බාහිරා. කතමා ච රාහුල, අජ‍්ඣත‍්තිකා ආකාසධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආකාසං ආකාසගතං උපාදින‍්නං, සෙය්‍යථිදං: කණ‍්ණච‍්ඡිද‍්දං නාසච‍්ඡිද‍්දං මුඛද‍්වාරං, යෙන ච අසිතපීතඛායිතසායිතං අජ‍්ඣොහරති, යත්‍ථ ච අසිතපීතඛායිතසායිතං සන‍්තිට‍්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගා නික‍්ඛමති. යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආකාසං ආකාසගතං උපාදින‍්නං අයං වුච‍්චති රාහුල,
රාහුලයෙනි, ආකාශධාතු කවර යත්: ආකාශධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික ආකාශධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්න වූ ආකාශයෙක් වේ ද, ඒ මෙසේ යැ: කන්සිද යැ නැහැසිද යැ මුවදොර යැ යමෙකින් අසිතපීත ඛායිතසායිතය ඇතුළත ප්‍රවේශ කෙරේ ද, යම් අවකාශයෙකැ අසිතපීතඛායිතසායිතය පිහිටාසිටි ද යමක් කරණ කොට අසිතපීතඛායිත සායිතය අධෝභාගයෙන් නික්මේ ද (එතැන් ද,) යළි අන්‍ය වූත් යම් කිසි ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්නයෙක් වේ ද,
අජ‍්ඣත‍්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ‍්ඣත‍්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු, ආකාසධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙ’සොහමස‍්මි, න මෙසො අත‍්තා’ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා ආකාසධාතුයා නිබ‍්බින්‍දති, ආකාසධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික ආකාශධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික ආකාශ ධාතුවක් වේ ද, යම් බාහිර ආකාශධාතුවකුත් වේ ද, තෙල ආකාශධාතු මැ යැ. ඒ ආකාශ ධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ’යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක ආකාශධාතුයෙහි උකටලි වෙයි. ආකාශධාතුයෙහි සිත් නො අලවයි.
පඨවීසමං රාහුල, භාවනං භාවෙහි. පඨවීසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති. සෙය්‍යථාපි රාහුල, පඨවියා සුචිම‍්පි නික‍්ඛිපන‍්ති, අසුචිම‍්පි නික‍්ඛිපන‍්ති, ගූථගතම‍්පි නික‍්ඛිපන‍්ති, මුත‍්තගතම‍්පි නික‍්ඛිපන‍්ති, ඛෙළගතම‍්පි නික‍්ඛිපන‍්ති, පුබ‍්බගතම‍්පි නික‍්ඛිපන‍්ති, ලොහිතගතම‍්පි නික‍්ඛිපන‍්ති. න ච තෙන පඨවී අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා, එවමෙව ඛො ත්‍වං රාහුල, පඨවීසමං භාවනං භාවෙහි. පඨවීසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති.
රාහුලයෙනි, පෘථිවිය හා සම කොට බවුන් වඩව. රාහුලයෙනි, පෘථිවිය සම් කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ සිත හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ පෘථිවියෙහි පවිත්‍ර දැයත් බහාලත් ද, අපවිත්‍ර දැයත් බහාලත් ද, ගුථයත් බහාලත් ද, මූත්‍රයත් බහාලත් ද, කෙළත් බහාලත් ද, පූයාත් බහාලත් ද ලෝහිතයත් බහාලත් ද එයින් පෘථිවිය නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද පිළිකුල් කෙරෙයි. එසෙයින් මැ රාහුලයෙනි, තෙපි පෘථිවිය සම කොට බවුන් වඩව, රාහුලයෙනි, යම් හෙයකින් පෘථිවි සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත් ද (එහෙයිනි).
ආපොසමං රාහුල, භාවනං භාවෙහි. ආපොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති. සෙය්‍යථාපි රාහුල, ආපස‍්මිං සුචිම‍්පි ධොවන‍්ති, අසුචිම‍්පි ධොවන‍්ති, ගූථගතම‍්පි ධොවන‍්ති, මුත‍්තගතම‍්පි ධොවන‍්ති, ඛෙළගතම‍්පි ධොවන‍්ති, පුබ‍්බගතම‍්පි ධොවන‍්ති, ලොහිතගතම‍්පි ධොවන‍්ති, න ච තෙන ආපො අට‍්ටීයති වා, හරායති වා, ජිගුච‍්ඡති වා. එවමෙව ඛො ත්‍වං රාහුල, ආපොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස‍්සන‍්ති.
රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩව. රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩන තොප ගෙ සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ ආපයෙහි පවිත්‍රයත් අපවිත්‍රයත් දොවිත් ද ගුථයත් දොවිත් ද මූත්‍රයත් දොවිත් ද කෙළත් දොවිත් ද පූයාත් දොවිත් ද ලෙයත් දොවිත් ද එයින් ආපය නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි ආපය සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
තෙජොසමං රාහුල, භාවනං භාවෙහි. තෙජොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති. සෙය්‍යථාපි රාහුල, තෙජො සුචිම‍්පි ඩහති, අසුචිම‍්පි ඩහති, ගූථගතම‍්පි ඩහති, මුත‍්තගතම‍්පි ඩහති, ඛෙළගතම‍්පි ඩහති, පුබ‍්බගතම‍්පි ඩහති, ලොහිතගතම‍්පි ඩහති. න ච තෙන තෙජො අට‍්ටීයති වා, හරායති වා, ජිගුච‍්ඡති වා, එවමෙව ඛො ත්‍වං රාහුල, තෙජොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස‍්සන‍්ති.
රාහුලයෙනි, තේජස් සම කොට බවුන් වඩව. තේජස් සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ තේජස පවිත්‍රයත් දවා ද අපවිත්‍රයත් දවා ද ගුථයත් දවා ද මූත්‍රයත් දවා ද කෙළත් දවා ද පූයාත් දවා ද ලෙයත් දවා ද එයින් තේජස නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි තේජස් සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
වායොසමං රාහුල, භාවනං භාවෙහි. වායොසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති. සෙය්‍යථාපි රාහුල, වායො සුචිම‍්පි උපවායති, අසුචිම‍්පි උපවායති, ගූථගතම‍්පි උපවායති, මුත‍්තගතම‍්පි උපවායති, ඛෙළගතම‍්පි උපවායති, පුබ‍්බගතම‍්පි උපවායති, ලොහිතගතම‍්පි උපවායති, න ච තෙන වායො අට‍්ටීයති වා, හරායති වා, ජිගුච‍්ඡති වා. එවමෙව ඛො ත්‍වං රාහුල, වායොසමං භාවනං භාවෙහි. ..... පෙ..... ඨස‍්සන‍්ති.
රාහුලයෙනි, වායු සම කොට බවුන් වඩව, රාහුලයෙනි, වායෝධාතු සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. යම්සේ වායුව පවිත්‍රය කරාත් හමා ද අපවිත්‍රය කරාත් හමා ද ගුථය කරාත් හමා ද මූත්‍රය කරාත් හමා ද ඛෙළය කරාත් හමා ද පූයා කරාත් හමා ද ලෙහෙය කරාත් හමා ද එයින් වායුව නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි වායු සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
ආකාසසමං රාහුල, භාවනං භාවෙහි. ආකාසසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපාමනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති. සෙය්‍යථාපි රාහුල, ආකාසො න කත්‍ථචි පතිට‍්ඨිතො, එවමෙව ඛො ත්‍වං රාහුල, ආකාසසමං භාවනං භාවෙහි. ආකාසසමං හි තෙ රාහුල, භාවනං භාවයතො උප‍්පන‍්නා මනාපා’මනාපා ඵස‍්සා චිත‍්තං න පරියාදාය ඨස‍්සන‍්ති.
රාහුලයෙනි, ආකාශය සම කොට බවුන් වඩව. ආකාශය සම කොට බවුන් වඩන තොප සිත උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ අහස කිසි තැනෙක නො පිහිටියේ වේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි අහස සම කොට බවුන් වඩව. අහස සම කොට බවුන් වඩන තොප සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත්.
මෙත‍්තං රාහුල, භාවනං භාවෙහි. මෙත‍්තං හි තෙ රාහුල, භාවනං භාවයතො යො ව්‍යාපාදො සො පහීයිස‍්සති. කරුණං රාහුල, භාවනං භාවෙහි. කරුණං හි තෙ රාහුල, භාවනං භාවයතො යා විහෙසා සා පහීයිස‍්සති. මුදිතං රාහුල, භාවනං භාවෙහි. මුදිතං හි තෙ රාහුල, භාවනං භාවයතො යා අරති සා පහීයිස‍්සති. උපෙක‍්ඛං රාහුල, භාවනං භාවෙහි. උපෙක‍්ඛං හි තෙ රාහුල, භාවනං භාවයතො යො පටිඝො සො පහීයිස‍්සති.
රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩව. රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩන තොප ගේ යම් ව්‍යාපාදයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, කරුණාභාවනා වඩව. රාහුලයෙනි, කරුණාභාවනා වඩන තොප ගේ යම් විහිංසාවක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, මුදිතාභාවනා වඩව. රාහුලයෙනි, මුදිතාභාවනා වඩන තොප ගේ යම් (ප්‍රාන්තසේනාසනයන්හි හා අධිකුශල ධර්‍මයන්හි) උකටලිබවෙක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩව. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩන තොපට යම් ප්‍රතිඝයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ.
අසුභං රාහුල, භාවනං භාවෙහි. අසුභං හි තෙ රාහුල, භාවනං භාවයතො යො රාගො සො පහීයිස‍්සති. අනිච‍්චසඤ‍්ඤං රාහුල, භාවනං භාවෙහි. අනිච‍්චසඤ‍්ඤඤ‍්හි තෙ රාහුල, භාවනං භාවයතො යො අස‍්මිමානො සො පහීයිස‍්සති.
රාහුලයෙනි, අශුභභාවනා වඩව. රාහුලයෙනි, අශුභභාවනා වඩන තොපට යම් රාගයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩව. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩන තොපට යම් අස්මිමානයෙක් වේ නම්, එය ප්‍රහීණ වන්නේ යැ.
ආනාපානසතිං රාහුල, භාවනං භාවෙහි. ආනාපානසති රාහුල භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච රාහුල, ආනාපානසති, කථං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා: ඉධ රාහුල, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො සතොව අස‍්සසති සතො පස‍්සසති. දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති, දීඝං වා පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාති. රස‍්සං වා අස‍්සසන‍්තො රස‍්සං අස‍්සසාමීති පජානාති, රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාති. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පීතිපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පීතිපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සුඛපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, සුඛපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. චිත‍්තපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, චිත‍්තපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, අභිප‍්පමොදයං චිත‍්තං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, අභිප‍්පමොදයං චිත‍්තං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, සමාදහං චිත‍්තං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති,
රාහුලයෙනි, ආනාපානසති භාවනා වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, කිසෙයින් වඩනලද බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද මහත් අනුසස් ඇති වේ ද? රාහුලයෙනි, මේ සස්නෙහි මහණ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇති වැ ආශ්වාස කෙරෙයි, සිහි ඇති වැ ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ධ්‍යාන චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ධ්‍යානචිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත මොනොවට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි.
සමාදහං චිත‍්තං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, විමොචයං චිත‍්තං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, විමොචයං චිත‍්තං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. අනිච‍්චානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, අනිච‍්චානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, විරාගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, විරාගානුපස‍්සී පස‍්සසිස‍්සාමී සික‍්ඛති, නිරොධානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, නිරොධානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං භාවිතා ඛො රාහුල, ආනාපානසති එවං බහුලීකතා මහප‍්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො රාහුල, ආනාපානසතියා එවං බහුලීකතාය යෙපි තෙ චරිමකා අස‍්සාසපස‍්සාසා තෙපි විදිතාව නිරුජ‍්ඣන‍්ති නො අවිදිතාති.
සිත මොනොවට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය (විදර්‍ශනාව හා මාර්‍ගය) අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. රාහුලයෙනි, මෙසේ වඩනලද මෙසේ පුනපුනා වඩනලද ආනාපානසතිය මහත් ඵල වෙයි, මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි යම් පශ්චිම ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් ඇද්ද, ඔහු ද ප්‍රකට වූවාහු මැ නිරුද්ධ වෙති, අප්‍රකට වූවාහු නිරුද්ධ නො වෙත්.
ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා රාහුලො භගවතො භාසිතං අභිනන්‍දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
මහාරාහුලොවාදසුත‍්තං දුතියං.
දෙ වැනි මහාරාහුලෝවාදසූත්‍ර යි.