චූළමාලුඞ්ක්ය සුත‍්තං
2. 2. 3.
2. 2. 3.
චූළමාලුඞ‍්ක්‍ය සුත‍්තං
චූළමාලුඞ්ක්‍ය සූත්‍රය
එවං මෙ සුතං. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මතො මාලුඞ‍්ක්‍යපුත‍්තස‍්ස රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: යානි’මානි දිට‍්ඨිගතානි භගවතා අබ්‍යාකතානි ඨපිතානි පටික‍්ඛිත‍්තානි. සස‍්සතො ලොකො ඉතිපි, අසස‍්සතො ලොකො ඉතිපි, අන‍්තවා ලොකො ඉතිපි, අනන‍්තවා ලොකො ඉතිපි, තං ජීවං තං සරීරං ඉතිපි, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉතිපි, හොති තථාගතො පරම‍්මරණා ඉතිපි, න හොති තථාගතො පරම‍්මරණා ඉතිපි, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා ඉතිපි, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා ඉතිපි, තානි මෙ භගවා න බ්‍යාකරොති, යානි මෙ භගවා න බ්‍යාකරොති, තම‍්මෙ න රුච‍්චති, තම‍්මෙ න ඛමති. සො’හං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡිස‍්සාමි. සචෙ මෙ භගවා බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා, අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා, න හොති තථාගතො පරම‍්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, එවා’හං භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි. නො චෙ මෙ භගවා බ්‍යාකරොති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, එවාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිස‍්සාමීති.
මා විසින් මෙසේ අසන ලද. එක්කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් චූළමාලුඞ්ක්‍ය තෙරුන්ට මෙසේ සිතට විතර්‍කයෙක් උපන. භාග්‍යවතුන් විසින්: “ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ලෝකය අන්තවත් යයි ද ලෝකය අනන්තවත් යයි ද එ මැ ජීව යැ එ මැ ශරීර යයි ද ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි ද සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි. නො වන්නේ නො වේ යයි දැ” යි යම් දෘෂ්ටිගත කෙනෙක් ප්‍රකාශ නො කරන ලද්දහු ද තබනලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. යම් දෘෂ්ටිගත කෙනෙකුන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙත් නම් එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙ කරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ මැ ජීව යැ එ මැ ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නොවෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වෙයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම් ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”.
අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර, සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ බුදුන් කරා එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ:
ඉධ මය‍්හං භන‍්තෙ, රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: යානිමානි දිට‍්ඨිගතානි භගවතා අබ්‍යාකතානි ඨපිතානි පටික‍්ඛිත‍්තානි: සස‍්සතො ලොකො ඉතිපි, අසස‍්සතො ලොකො ඉතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා ඉතිපි, තානි මෙ භගවා න බ්‍යාකරොති. යානි මෙ භගවා න බ්‍යාකරොති, තම‍්මෙ න රුච‍්චති, තම‍්මෙ න ඛමති. සොහං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡිස‍්සාමි. සචෙ මෙ භගවා බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, එවාහං භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි. නො චෙ මෙ භගවා බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, එවාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිස‍්සාමීති.
“වහන්ස, මෙහි එකලා වැ විවේනයෙන් හුන් මාගේ සිතට මෙබඳු විතර්‍කයක් උපන. ‘ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි ද යම් දෘෂ්ටිගත කෙනෙක් භාග්‍යවතුන් විසින් ප්‍රකාශ නො කරන ලද්දාහු ද තබන ලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. බුදුහු යම් දෘෂ්ටිගත කෙනෙක් මට ප්‍රකාශ නො කෙරෙත් ද එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙකරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නොවේ යයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”යි.
සචෙ භගවා ජානාති, ‘සස‍්සතො ලොකො’ති, සස‍්සතො ලොකොති මෙ භගවා බ්‍යාකරොතු. සචෙ භගවා ජානාති, ‘අසස‍්සතො ලොකො’ති, අසස‍්සතො ලොකොති මෙ භගවා බ්‍යාකරොතු. නො චෙ භගවා ජානාති, ‘සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා, අජානතො ඛො පන අපස‍්සතො එතදෙව උජුකං හොති යදිදං, ‘න ජානාමි, න පස‍්සාමී’ති.
ඉදින් බුදුහු ‘ලෝකය ශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය ශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය අශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
සචෙ භගවා ජානාති ‘අන‍්තවා ලොකො’ති. අන‍්තවා ලොකොති මෙ භගවා බ්‍යාකරොතු. සචෙ භගවා ජානාති ‘අනන‍්තවා ලොකො’ති. අනන‍්තවා ලොකොති මෙ භගවා බ්‍යාකරොතු. නො චෙ භගවා ජානාති ‘අන‍්තවා ලොකො’ති වා අනන‍්තවා ලොකොති වා. අජානතො ඛො පන අපස‍්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි න පස‍්සාමී’ති.
ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අනන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අනන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
සචෙ භගවා ජානාති ‘තං ජීවං තං සරීර’න‍්ති. තං ජීවං තං සරීරන‍්ති මෙ භගවා බ්‍යාකරොතු. සචෙ භගවා ජානාති ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති. අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති මෙ භගවා බ්‍යාකරොතු. නො චෙ භගවා ජානාති ‘තං ජීවං තං සරීරන‍්ති වා අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති වා, අජානතො ඛො පන අපස‍්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි, න පස‍්සාමී’ති.
ඉදින් බුදුහු: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි දනිත් නම් බුදුහු මට ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දනිත් නම් බුදුහු මට: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘එමැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
සචෙ භගවා ජානාති ‘හොති තථාගතො පරම‍්මරණා’ති. හොති තථාගතො පරම‍්මරණාති මෙ භගවා බ්‍යාකරොතු. සචෙ භගවා ජානාති ‘න හොති තථාගතො පරම‍්මරණා’ති. න හොති තථාගතො පරම‍්මරණාති මෙ භගවා බ්‍යාකරොතු. නො චෙ භගවා ජානාති හොති තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා අජානතො ඛො පන අපස‍්සතො එතදෙව උජුකං හොති යදිදං ‘න ජානාමි න පස‍්සාමී’ති.
ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යැයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යයි බුදුහු ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’ යන තෙල වදන් මැ ඍජු වෙයි.
සචෙ භගවා ජානාති ‘හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා’ති. හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති මෙ භගවා බ්‍යාකරොතු. සචෙ භගවා ජානාති ‘නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා’ති. නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති මෙ භගවා බ්‍යාකරොතු. නො චෙ භගවා ජානාති හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා, අජානතො ඛො පන අපස‍්සතො එතදෙව උජුකං හොති, යදිදං න ජානාමි න පස‍්සාමී’ති.
ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ නො ද දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
කින‍්නු තාහං මාලුඞ‍්ක්‍යපුත‍්ත, එවං අවචං: එහි ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත මයි බ්‍රහ‍්මචරියං චර, අහන‍්තෙ බ්‍යාකරිස‍්සාමි: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. - නො හෙතං භන‍්තෙ. ත්‍වං වා පන මං එවං අවච: අහං භන‍්තෙ භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි, භගවා මෙ බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. නො හෙතං භන‍්තෙ.
මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, කිම තට මම මෙසේ කීයෙම් ද: “එව මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, තෙපි මා කෙරෙහි බඹසර වෙසෙව මම තොපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙවෙයි’ හෝ ප්‍රකාශ කෙරෙමි” යයි. වහන්ස, තෙල නො වේ මැ යැ. තවද තෙපි හෝ මට මෙසේ කිවහූ ද: “වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ ප්‍රකාශ කරන්නේ”යයි. වහන්ස, තෙල නො වේ මැ යැ.
ඉති කිර මාලුඞ‍්ක්‍යපුත‍්ත, නෙවාහන‍්තං වදාමි: එහි ත්‍වං මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයි බ්‍රහ‍්මචරියං චර අහං තෙ බ්‍යාකරිස‍්සාමි: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. නපි කිර මං ත්‍වං වදෙසි: අහං භන‍්තෙ භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි භගවා මෙ බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. එවං සන‍්තෙ මොඝපුරිස කො සන‍්තො කං පච‍්චාචික‍්ඛසි.
මෙසේ මාලුඞ්ක්‍යපුත්‍රය මම තොපට නො මැ කීයෙම් නම්: “එව තෙපි මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, මා කෙරෙහි බඹසර වෙසෙව, මම තෙපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ යැ’යි හෝ ප්‍රකාශ කෙරෙමි යයි. තො ද මට නො කීයෙම් නම්: “වහන්ස, මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි, බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යැ’යි හෝ ප්‍රකාශ කරන්නේ යැ”යි. මෙසේ ඇති කල්හි තුච්ඡපුරුෂය, (යාචිතක හෝ යාචක) කවරෙක් වූයෙහි (යාචිතක හෝ යාචක වූ) කවරක්හට ප්‍රකාශ කරන්නෙහි ද.
යො ඛො මාලුඞ‍්ක්‍යපුත‍්ත, එවං වදෙය්‍ය: න තාවාහං භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි, යාව මෙ භගවා න බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- අන‍්තවා ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අබ්‍යාකතමෙව තං මාලුඞ‍්ක්‍යපුත‍්ත තථාගතෙන අස‍්ස. අථ සො පුග‍්ගලො කාලංකරෙය්‍ය. සෙය්‍යථාපි මාලුඞ‍්ක්‍යපුත‍්ත පුරිසො සල‍්ලෙන විද‍්ධො අස‍්ස සවිසෙන ගාළ‍්හපලෙපනෙන. තස‍්ස මිත‍්තාමච‍්චා ඤාතිසාලොහිතා භිසක‍්කං සල‍්ලකත‍්තං උපට‍්ඨපෙය්‍යුං, සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි, යාව න තං පුරිසං ජානාමි, යෙනම‍්හි විද‍්ධො: ඛත‍්තියො වා බ්‍රාහ‍්මණො වා වෙස‍්සො වා සුද‍්දොවාති.
මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම් තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ’ යැයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් ඒතාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි” කියා නම් මාලුඞ්ක්‍යපුත්‍රය එය තථාගතයන් විසින් ප්‍රකාශ නො කරනලද මැ වන්නේ යැ. එකල්හි ඒ පුද්ගල කලුරිය කරන්නේ යැ යම්සේ මාලුඞ්ක්‍යපුත්‍රය, පුරුෂයෙක් බොල් කොට තැවැරැ විෂසහිත හීයෙකින් විදුනාලද්දේ වන්නේ ද ඔහුගේ සගයහළුවෝ නැසහලේනැයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහු නම් හේ මෙසේ කියන්නේ යැ: ‘ක්‍ෂත්‍රිය වේවයි බ්‍රාහ්මණ වේවයි වෛශ්‍ය වේවයි ශුද්‍ර වේවයි යමක්හු විසින් මම් විදුනාලදුයෙම් ද යම්තාක් ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි’යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම‍්හි විද‍්ධො: එවංනාමො එවංගොත‍්තො ඉතිවාති.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ මෙබඳු නම් ඇත්තේ යැ මෙබඳු ගෝත්‍ර ඇත්තේ යැ’යි යම් තාක් මම ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම‍්හි විද‍්ධො දීඝො වා රස‍්සො වා මජ‍්ඣිමො වාති.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ දීර්‍ඝ යැ හෝ භ්‍රස්ව යැ හෝ මධ්‍යම යැ හෝ යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම‍්හි විද‍්ධො: කාලො වා සාමො වා මඞ‍්ගුරච‍්ඡවී වාති.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ කඵ යැ හෝ සමවන් යැ හෝ කබරසිවි ඇත්තේ යැ හො’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං පුරිසං ජානාමි, යෙනම‍්හි විද‍්ධො: අසුකස‍්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වාති.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ අසුවල්ගම්හි හෝ යැ නියම්ගම්හි හෝ යැ හෝ නුවරෙහි හෝ’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං ධනුං ජානාමි, යෙනම‍්හි විද‍්ධො: යදි වා චාපො යදි වා කොදණ‍්ඩොති.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් චාපයෙක් වේවයි ඉදින් කොදණ්ඩයෙක් වේවයි යම්තාක් මම ඒ දුන්න නො දනිම් ද ඒතාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං ජියං ජානාමි, යායම‍්හි විද‍්ධො, යදි වා අක‍්කස‍්ස යදි වා සණ‍්ඨස‍්ස යදි වා නහාරුස‍්ස යදි වා මරුවාය යදි වා ඛීරපණ‍්ණිනොති.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් වරාහුයින් කරනලද වේවයි ඉදින් හුණුරැහැනින් කරනලද වේවයි ඉදින් නහරින් කරනලද වේවයි ඉදින් මරුවා (ඝණ) වැහැරින් කරනලද වේවයි ඉදින් කිරුපනින් කරනලද වේවයි යම් තාක් ඒ දුනුදිය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං කණ‍්ඩං ජානාමි. යෙනම‍්හි විද‍්ධො: යදි වා කච‍්ඡං යදි වා රොපිමන‍්ති:
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් කැසෙහි උපන් වේවයි රෝපණය කොට වඩනලද වේවයි යම්තාක් ඒ හීය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං කණ‍්ඩං ජානාමි යෙනම‍්හි විද‍්ධො: යස‍්ස පත‍්තෙහි වාජිතං, යදි වා ගිජ‍්ඣස‍්ස යදි වා කඞ‍්කස‍්ස යදි වා කුලලස‍්ස යදි වා මොරස‍්ස යදි වා සිථිලහණුනොති.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගිජුලිහිණියකු ගේ වේවයි ඉදින් ලොහොතුඩුවකුගේ වේවයි ඉදින් උකුසකුගේ වේවයි මොනරකුගේ වේවයි ඉදින් සිථිලභනු ලිහිණියකුගේ වේවයි යමක්හුගේ පතින් වෙග දනවන ලද ද ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං කණ‍්ඩං ජානාමි. යෙනම‍්හි විද‍්ධො: යස‍්ස නහාරුනා පරික‍්ඛිත‍්තං, යදි වා ගවස‍්ස යදි වා මහිසස‍්ස යදි වා රොරුවස‍්ස. යදි වා සෙම‍්හාරස‍්සාති.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගවයකුගේ වේවයි ඉදින් මිහිවකුගේ වේවයි ඉදින් වලසකුගේ වේවයි ඉදින් වඳුරෙකු ගේ වේවයි යමෙකුගේ නහරින් වෙළන ලද නම් ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි“යි.
සො එවං වදෙය්‍ය: න තාවාහං ඉමං සල‍්ලං ආහරිස‍්සාමි. යාව න තං සල‍්ලං ජානාමි. යෙනම‍්හි විද‍්ධො: යදි වා සල‍්ලං යදි වා ඛුරප‍්පං යදි වා වෙකණ‍්ඩං යදි වා නාරාචං යදි වා වච‍්ඡදන‍්තං යදි වා කරවීරපත‍්තන‍්ති. අඤ‍්ඤාතමෙව තං මාලුඞ‍්ක්‍යපුත‍්ත තෙන පුරිසෙන අස‍්ස. අථ සො පුරිසො කාලං කරෙය්‍ය.
හේ මෙසේ කියන්නේ යැ: “යමකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ශල්‍ය වේවයි ඉදින් බුරප්ප වේවයි ඉදින් වෙකණ්ඩ වේවයි ඉදින් නාරාව වේවයි ඉදින් වච්ඡදන්ත වේවයි ඉදින් කරවිරපත්‍ර වේවයි ඒ ශල්‍ය්‍ය යම්තාක් නෙ දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි කියන්නේ නම්, මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ පුරුෂයා විසින් තෙලෙ නො දන්නාලද මැ වන්නේ ද ඉක්බිති එපුරිස් කලුරිය කරන්නේ යැ.
එවමෙව ඛො මාලුඞ‍්ක්‍යපුත‍්ත, යො එවං වදෙය්‍ය: න තාවාහං භගවති බ්‍රහ‍්මචරියං චරිස‍්සාමි, යාව මෙ භගවා න බ්‍යාකරිස‍්සති: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අබ්‍යාකතමෙව තං මාලුඞ‍්ක්‍යපුත‍්ත, තථාගතෙන අස‍්ස. අථ සො පුග‍්ගලො කාලං කරෙය්‍ය.
එසෙයින් මැ මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම්තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’ හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වෙයි’ හෝ ප්‍රකාශ නො කෙරෙත් ද ඒ තාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි”යි. මාලුඞ්ක්‍යපුත්‍රය, තථාගතයන් විසින් ඒ ප්‍රකාශ නො කරනලද මැ වෙයි. ඉක්බිති ඒ පුද්ගල තෙම කලුරිය කරන්නේ යැ.
සස‍්සතො ලොකොති වා මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවං නො. අසස‍්සතො ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති, එවම‍්පි නො. සස‍්සතො ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති අසස‍්සතො ලොකොති වා දිට‍්ඨියා සති අත්‍ථෙව ජාති, අත්‍ථි ජරා, අත්‍ථි මරණං, සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා යෙසාහං දිට‍්ඨෙව ධම‍්මෙ නිඝාතං පඤ‍්ඤාපෙමි.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ලෝකය අශාශ්වත යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍මකෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ. සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
අන‍්තවා ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවං නො. අනන‍්තවා ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවම‍්පි නො. අන‍්තවා ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති අනන‍්තවා ලොකොති වා දිට‍්ඨියා සති අත්‍ථෙව ජාති, අත්‍ථි ජරා, අත්‍ථි මරණං, සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා යෙසා’හං දිට‍්ඨෙව ධම‍්මෙ නිඝාතං පඤ‍්ඤාපෙමි.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අනන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
තං ජීවං තං සරීරන‍්ති මාලුක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවං නො. අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවම‍්පි නො. තං ජීවං තං සරීරන‍්ති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා දිට‍්ඨියා සති අත්‍ථෙව ජාති, අත්‍ථි ජරා, අත්‍ථි මරණං, සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා යෙසාහං දිට‍්ඨෙව ධම‍්මෙ නිඝාතං පඤ‍්ඤාපෙමි.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’ යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
හොති තථාගතො පරම‍්මරණාති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවං නො. න හොති තථාගතො පරම‍්මරණාති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවම‍්පි නො. හොති තථාගතො පරම‍්මරණාති මාලුක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති. න හොති තථාගතො පරම‍්මරණාති වා දිට‍්ඨියා සති අත්‍ථෙව ජාති අත්‍ථි ජරා, අත්‍ථි මරණං, සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. යෙසා’හං දිට‍්ඨෙව ධම‍්මෙ නිඝාතං පඤ‍්ඤාපෙමි.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ, ජරාව ඇත් මැ යැ, මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යී.
හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවං නො. නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො අභවිස‍්සාති. එවම‍්පි නො. හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති මාලුඞ‍්ක්‍යපුත‍්ත, දිට‍්ඨියා සති නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා දිට‍්ඨියා සති අත්‍ථෙව ජාති, අත්‍ථි ජරා, අත්‍ථි මරණං, සන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. යෙසා’හං දිට‍්ඨෙව ධම‍්මෙ නිඝාතං පඤ‍්ඤාපෙමි.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නෙ මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි, එසේත් නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ ‘සත්ත්‍ව තෙම නො මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ මම් යම් කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි.
තස‍්මාතිහ මාලුඞ‍්ක්‍යපුත‍්ත, අබ්‍යාකතඤ‍්ච මෙ අබ්‍යාකතතො ධාරෙථ. බ්‍යාකතඤ‍්ච මෙ බ්‍යාකතතො ධාරෙථ. කිඤ‍්ච මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා අබ්‍යාකතං: සස‍්සතො ලොකොති මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා අබ්‍යාකතං: අසස‍්සතො ලොකොති මයා අබ්‍යාකතං, අන‍්තවා ලොකොති මයා අබ්‍යාකතං, අනන‍්තවා ලොකොති මයා අබ්‍යාකතං, තං ජීවං තං සරීරන‍්ති මයා අබ්‍යාකතං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති මයා අබ්‍යාකතං, හොති තථාගතො පරම‍්මරණාති මයා අබ්‍යාකතං, න හොති තථාගතො පරම‍්මරණාති මයා අබ්‍යාකතං, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති මයා අබ්‍යාකතං, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති මයා අබ්‍යාකතං කස‍්මා චෙතං මාලුඞ‍්ක්‍යපුත‍්ත මයා අබ්‍යාකතං: න හෙතං මාලුඞ‍්ක්‍යපුත‍්ත, අත්‍ථසංහිතං, නාදිබ්‍රහ‍්මචරියකං, නෙතං නිබ‍්බිදාය. න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තති. තස‍්මා තං මයා අබ්‍යාකතං.
එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් ප්‍රකාශ නො කරනලද්ද ද ප්‍රකාශ නො කරනලද හෙයින් දරන්නේ යැ. මා විසින් ප්‍රකාශ කරනලද්ද ද ප්‍රකාශ කරනලද හෙයින් දරන්නේ යැ. මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, වැළිත් මා විසින් කුමක් අව්‍යාකෘත ද? මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ ය’යි මැ විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි මා විසින් අව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, කුමක් හෙයින් තෙලෙ මා විසින් නොපනවන ලද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය, තෙල අර්‍ත්‍ථසංහිත නො වෙයි. මඟබඹසරට ආදි වූ ශීලමාත්‍ර ද නො වෙයි. මෙසෙයින් ඒ නිර්වේදය පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ව්‍යුපශම පිණිස නො වෙයි. අභිඥා පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිර්‍වාණය පිණිස නො පවතී, එහෙයින් මා විසින් ඒ අව්‍යාකෘත වේ.
කිඤ‍්ච මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා බ්‍යාකතං: ඉදං දුක‍්ඛන‍්ති මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා බ්‍යාකතං, අයං දුක‍්ඛසමුදයොති මයා බ්‍යාකතං, අයං දුක‍්ඛනිරොධොති මයා බ්‍යාකතං, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති මයා බ්‍යාකතං. කස‍්මා චෙතං මාලුඞ‍්ක්‍යපුත‍්ත, මයා බ්‍යාකතං: එතඤ‍්හි මාලුඞ‍්ක්‍යපුත‍්ත, අත්‍ථසංහිතං, එතං ආදිබ්‍රහ‍්මචරියකං එතං නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. තස‍්මා තං මයා බ්‍යාකතං. තස‍්මාතිහ මාලුඞ‍්ක්‍යපුත‍්ත, අබ්‍යාකතඤ‍්ච මෙ අබ්‍යාකතතො ධාරෙථ. බ්‍යාකතඤ‍්ච මෙ බ්‍යාකතතො ධාරෙථාති.
මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කිමෙක් ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපූත්‍රය, ‘මේ දුකැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛසමුදය යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධයැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධ ගාමිනීප්‍රතිපදා යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කුමක් හෙයින් තෙලෙ ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය යම් හෙයකින් තෙලෙ අර්‍ත්‍ථසංහිත ද තෙලෙ මඟබඹසරට ආදිවු ශීලමාත්‍ර වේ ද මෙසෙයින් ඒ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපම පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවතී ද එහෙයින් ඒ මා විසින් ව්‍යාකෘත යැ. එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් අව්‍යාකෘතය ද අව්‍යාකෘත හෙයින් දරන්නේ යැ. මා විසින් ව්‍යාකෘතය ද ව්‍යාකෘත හෙයින් දරන්නේ යයි.
ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දීති.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර භාග්‍යවතුන්ගේ භාෂිතයට සතුටු වී යයි.
චූළමාලුඞ‍්ක්‍යසුත‍්තං තතියං.
තුන් වැනි චූළමාලුඞ්ක්‍ය සූත්‍ර යි.