යෙදුමෙන් කියවන්න

චූළමාලුඞ‍්ක්‍ය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චූළමාලුඞ‍්ක්‍ය සුත‍්තවණ‍්ණනා

චූළමාලුඞ්ක්‍ය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මාලුක්‍යසුත‍්තං. තත්‍ථ මාලුක්‍යපුත‍්තස‍්සාති එවංනාමකස‍්ස ථෙරස‍්ස. ඨපිතානි පටික‍්ඛිත‍්තානීති දිට‍්ඨිගතානි නාම න බ්‍යාකාතබ‍්බානීති එවං ඨපිතානි චෙව පටික‍්ඛිත‍්තානි ච. තථාගතොති සත‍්තො. තං මෙ න රුච‍්චතීති තං අබ්‍යාකරණං මය‍්හං න රුච‍්චති. සික‍්ඛං පච‍්චක‍්ඛායාති සික‍්ඛං පටික‍්ඛිපිත්‍වා.

එවම්මෙසුතං යනු මාලුඞ්ක්‍යසුත්‍රයයි. එහි මාලුඞ්ක්‍යපුත්තස්ස එනම් ඇති තෙරුන් වහන්සේ ඨපිතානි පටික්‍ඛිතතානීති දිට්ඨි ගතාති නාම න බ්‍යාකාතබ්බානි මෙසේ තැබු හා ප්‍රතික්ෂේප කළ තථාගතො සත්වයා. තංමෙනරුච්චති ඒ අව්‍යාකරණය මට රිසි නොවේ. සික්ඛං පච්චක්ඛාය ශික්ෂාව පිළිකෙවි කොට

කො සන‍්තො කං පච‍්චාචික‍්ඛසීති යාචකො වා හි යාචිතකං පච‍්චාචික‍්ඛෙය්‍ය, යාචිතකො වා යාචකං. ත්‍වං නෙව යාචකො න යාචිතකො, සො දානි ත්‍වං කො සන‍්තො කං පච‍්චාචික‍්ඛසීති අත්‍ථො.

කො සන්තො කං පච්චාචික්ඛසි යාචකයා යාචිතයා ප්‍රතික්ෂේප කෙරේනම් යාචිතයා යාචකයා ප්‍රතික්ෂේප කරන්නේය. ඔබ යාචකයෙක් නොවෙති. යාචිතයෙක්ද නොවෙති හේ දැන් ඔබ කවරෙක් වුයේ කවරකු ප්‍රතික්ෂේප කෙරෙහිද යන අර්ථයි.

විද‍්ධො අස‍්සාති පරසෙනාය ඨිතෙන විද‍්ධො භවෙය්‍ය. ගාළ‍්හපලෙපනෙනාති බහලලෙපනෙන. භිසක‍්කන‍්ති වෙජ‍්ජං. සල‍්ලකත‍්තන‍්ති සල‍්ලකන‍්තනං සල‍්ලකන‍්තියසුත‍්තවාචකං. අක‍්කස‍්සාති අක‍්කවාකෙ ගහෙත්‍වා ජියං කරොන‍්ති. තෙන වුත‍්තං “අක‍්කස‍්සා”ති. සණ‍්හස‍්සාති වෙණුවිලීවස‍්ස. මරුවාඛීරපණ‍්ණීනම‍්පි වාකෙහියෙව කරොන‍්ති. තෙන වුත‍්තං යදි වා මරුවාය යදි වා ඛීරපණ‍්ණිනොති. ගච‍්ඡන‍්ති පබ‍්බතගච‍්ඡනදීගච‍්ඡාදීසු ජාතං. රොපිමන‍්ති රොපෙත්‍වා වඩ‍්ඪිතං සරවනතො සරං ගහෙත්‍වා කතං. සිථිලහනුනොති එවංනාමකස‍්ස පක‍්ඛිනො. භෙරවස‍්සාති කාළසීහස‍්ස. සෙම‍්හාරස‍්සාති මක‍්කටස‍්ස. එවං නොති එතාය දිට‍්ඨියා සති න හොතීති අත්‍ථො.

විද්ධො අස්ස පරසේනාවෙහි සිටියකු විසින් විදින ලද්දේ වන්නේය. ශාළ්හ පලෙපන්නෙ ඝන ලේපයෙන් භිසක්කං වෙදා සල්ලකන්තං හුලෙන් කැපීම, සලලකත්තිය යනුවෙන්ද සුත්‍රපාඨයකි. අක්කස්ස අක්ක පොතුගෙන දුනුදිය සදත් ඒ නිසා අක්කස්ස යයි කියන ලදී. සණ්ඨස්ස උණ පතුරින් මරුවා ඛීර පණ්ණිනං පොත්තෙන්ම කරති. එහෙයින් කියන ලදී. යදිවා මරුවාය යදිවා ඛීර පණ්ණිනො යැයි කච්ඡං පර්වත වල තණබිම් වල හා ගංගාතණබිම්වල හටගත්, රොපිමං රෝපණය කොට වඩනාලද උණවනයෙන් උණගස් ගෙන කරනලද, සිථිලහනුනො එනම් පක්ෂියාගේ රොරුවස්ස කලු සිංහයාගේ ස්මෙහාරස්ස වඳුරාගේ එවංනො මේ දෘෂ්ටිය ඇතිකල්හි නොවේ යන අර්ථයි.

අත්‍ථෙව ජාතීති එතාය දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසොව නත්‍ථි, ජාති පන අත්‍ථියෙව. තථා ජරාමරණාදීනීති දස‍්සෙති. යෙසාහන‍්ති යෙසං අහං. නිඝාතන‍්ති උපඝාතං විනාසං. මම සාවකා හි එතෙසු නිබ‍්බින‍්නා ඉධෙව නිබ‍්බානං පාපුණන‍්තීති අධිප‍්පායො.

අත්‍ථෙව ජාති මේ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචර්ය වාසයක් නැත ජාතිය ඇත. ජරාමරණද එසේම ඇතැයි දක්වයි. යෙසාහං යමකුගේ මම නිඝාතං උපසාතය. විනාශය මාගේ ශ්‍රාවකයෝ එහි කලකිරී මෙහිම නිර්වාණයට පැමිණෙන්නාහුය යන අභිප්‍රායයි.

තස‍්මාතිහාති යස‍්මා අබ්‍යාකතමෙතං, චතුසච‍්චමෙව මයා බ්‍යාකතං, තස‍්මාති අත්‍ථො. න හෙතං මාලුක්‍යපුත‍්ත අත්‍ථසංහිතන‍්ති එතං දිට‍්ඨිගතං වා එතං බ්‍යාකරණං වා කාරණනිස‍්සිතං න හොති. න ආදිබ්‍රහ‍්මචරියකන‍්ති බ්‍රහ‍්මචරියස‍්ස ආදිමත‍්තම‍්පි පුබ‍්බභාගසීලමත‍්තම‍්පි න හොති. න නිබ‍්බිදායාතිආදීසු වට‍්ටෙ නිබ‍්බින්‍දනත්‍ථාය වා විරජ‍්ඣනත්‍ථාය වා වට‍්ටනිරොධාය වා රාගාදිවූපසමනත්‍ථාය වා අභිඤ‍්ඤෙය්‍යෙ ධම‍්මෙ අභිජානනත්‍ථාය වා චතුමග‍්ගසඞ‍්ඛාතසම‍්බොධත්‍ථාය වා අසඞ‍්ඛතනිබ‍්බානසච‍්ඡිකිරියත්‍ථාය වා න හොති. එතං හීති එතං චතුසච‍්චබ්‍යාකරණං. ආදිබ්‍රහ‍්මචරියකන‍්ති බ්‍රහ‍්මචරියස‍්ස ආදිභූතං පුබ‍්බපදට‍්ඨානං. සෙසං වුත‍්තපටිවිපක‍්ඛනයෙන වෙදිතබ‍්බං. ඉමම‍්පි දෙසනං භගවා නෙය්‍යපුග‍්ගලවසෙන නිට‍්ඨාපෙසීති.

තස්මාතිහ යම්හෙයකින් මෙය අව්‍යාකෘතය මා විසින් චතුස්සත්‍යය ප්‍රකාශ කරන ලදී. ඒනිසාය යන අර්ථයි. නහෙතං මාලුඞ්ක්‍ය පුත්ත අත්‍ථසංහිතං මේ දෘෂ්ටිගතය මේ ප්‍රකාශය හේතු සහගත නොවේ. න ආදිබ්‍රහ්මචරියකං බ්‍රහ්මචර්යයාගේ ආදිමාත්‍රයක් වත් පුර්වභාගයෙහි ශීලමාත්‍රයක්වත් නොවේ. නිබ්බිදාය ආදිතන්හි සංසාරයෙහි කලකිරෙනු පිණිස හෝ නො ඇලීම පිණිස හෝ සංසාර නිරෝධය පිණිස හෝ රාගාදීන් නැතිකරනු පිණිස හෝ දත යුතු දහම් දැනගැනීම සඳහා හෝ චතුර්මාර්ග සංඛ්‍යාත අවබෝධය පිණිස හෝ අසංඛතවු නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස හෝ නොවේ. එතංහි මේ සිවිසස් විවරණය ආදිබ්‍රහ්මචරියකං බ්‍රහ්මචර්යාවට ප්‍රථමයෙන් වු පුර්වපදස්ථානයයි. සෙස්ස කියන ලද විපක්ෂක්‍රමයෙන් දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව නෙය්‍ය පුද්ගලයාගේ වශයෙන් නිමවා වදාළසේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළමාලුක්‍යසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවැනි මාලුඞ්ක්‍ය සූත්‍රයයි

මහාමාලුඞ‍්ක්‍යසුත‍්තවණ‍්ණනා

මහාමාලුඞ්ක්‍ය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාමාලුක්‍යසුත‍්තං. තත්‍ථ ඔරම‍්භාගියානීති හෙට‍්ඨා කොට‍්ඨාසිකානි කාමභවෙ නිබ‍්බත‍්තිසංවත‍්තනිකානි. සංයොජනානීති බන්‍ධනානි. කස‍්ස ඛො නාමාති කස‍්ස දෙවස‍්ස වා මනුස‍්සස‍්ස වා දෙසිතානි ධාරෙසි, කිං ත්‍වමෙවෙකො අස‍්සොසි, න අඤ‍්ඤො කොචීති? අනුසෙතීති අප‍්පහීනතාය අනුසෙති. අනුසයමානො සංයොජනං නාම හොති.

එවම්මෙසුතං යනු මහාමාලුඞ්ක්‍ය පුත්‍රයයි. එහි ඔරම්භාගියා කාමභවයෙහි උත්පත්තිය සඳහා හේතුවන්නාවූ පහළ කොටස්, සංයෝජනානි බැඳුම් කස්ස ඛො නාම කිසියම් දෙවියකුගේ හෝ මනුෂ්‍යයකුගේ දෙසිතානි ධාරසි කිමෙක්ද ඔබම හුදෙකලා වූයෙහිද අන් කිසිවෙක් නොවේද අනුසෙති ප්‍රහීන නොකළ බැවින් නීදයි. නිදන්නේ සංයෝජන නම් වේ.

එත්‍ථ ච භගවතා සංයොජනං පුච‍්ඡිතං, ථෙරෙනපි සංයොජනමෙව බ්‍යාකතං. එවං සන‍්තෙපි තස‍්ස වාදෙ භගවතා දොසො ආරොපිතො. සො කස‍්මාති චෙ? ථෙරස‍්ස තථාලද‍්ධිකත‍්තා. අයඤ‍්හි තස‍්ස ලද‍්ධි “සමුදාචාරක‍්ඛණෙයෙව කිලෙසෙහි සංයුත‍්තො නාම හොති, ඉතරස‍්මිං ඛණෙ අසංයුත‍්තො”ති. තෙනස‍්ස භගවතා දොසො ආරොපිතො. අථායස‍්මා ආනන්‍දො චින‍්තෙසි – “භගවතා භික‍්ඛුසඞ‍්ඝස‍්ස ධම‍්මං දෙසෙස‍්සාමීති අත‍්තනො ධම‍්මතායෙව අයං ධම‍්මදෙසනා ආරද‍්ධා, සා ඉමිනා අපණ‍්ඩිතෙන භික‍්ඛුනා විසංවාදිතා. හන්‍දාහං භගවන‍්තං යාචිත්‍වා භික‍්ඛූනං ධම‍්මං දෙසෙස‍්සාමී”ති. සො එවමකාසි. තං දස‍්සෙතුං “එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො”තිආදි වුත‍්තං.

මෙහිදීද භාග්‍යවතුන් වහන්සේ විසින් සංයෝජනයට විමසන ලදී. තෙරුන් විසින්ද සංයෝජනයම ප්‍රකාශ කරන ලදි. මෙසේ ඇති කල්හිද ඔහුගේ වාදයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෝෂාරෝපණය කරන ලද්දේය. ඒ කුමක් නිසා විය හැකිද? තෙරුන්ට එබඳු ලබ්ධියක් ඇති නිසාය. මේ කාගේ ලබ්ධියද පුරුදුකළ කෙණෙහිම කෙලෙසින් යුක්ත වුයේ නම් වෙයි. අන් ක්ෂණයෙහි සංයුත්ත නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දොස් පවරනු ලැබුයේ ඒනිසාය. ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නෙමියි තමන් වහන්සේගේ ස්වභාවය අනුවම මේ ධර්ම දේශනාව අරඹන ලදී. එය මේ අනුවණ භික්‍ෂුව විසින් වැරදි ලෙස කියනලදී. මම භාග්‍යවතුන් වහන්සේ අයැද භික්ෂූන්ට ධර්මය දේශනා කරන්නෙමි නම් මැනවියි එසේ කළහ. එය දක්වන්ට එවං වුත්තෙ ආයස්මා ආනන්‍දො ආදිය කියන ලදී.

තත්‍ථ සක‍්කායදිට‍්ඨිපරියුට‍්ඨිතෙනාති සක‍්කායදිට‍්ඨියා ගහිතෙන අභිභූතෙන. සක‍්කායදිට‍්ඨිපරෙතෙනාති සක‍්කායදිට‍්ඨියා අනුගතෙන. නිස‍්සරණන‍්ති දිට‍්ඨිනිස‍්සරණං නාම නිබ‍්බානං, තං යථාභූතං නප‍්පජානාති. අප‍්පටිවිනීතාති අවිනොදිතා අනීහටා. ඔරම‍්භාගියං සංයොජනන‍්ති හෙට‍්ඨාභාගියසංයොජනං නාම හොති. සෙසපදෙසුපි එසෙව නයො. සුක‍්කපක‍්ඛො උත‍්තානත්‍ථොයෙව. “සානුසයා පහීයතී”ති වචනතො පනෙත්‍ථ එකච‍්චෙ “අඤ‍්ඤං සංයොජනං අඤ‍්ඤො අනුසයො”ති වදන‍්ති. “යථා හි සබ්‍යඤ‍්ජනං භත‍්ත”න‍්ති වුත‍්තෙ භත‍්තතො අඤ‍්ඤං බ්‍යඤ‍්ජනං හොති, එවං “සානුසයා”ති වචනතො පරියුට‍්ඨානසක‍්කායදිට‍්ඨිතො අඤ‍්ඤෙන අනුසයෙන භවිතබ‍්බන‍්ති තෙසං ලද‍්ධි. තෙ “සසීසං පාරුපිත්‍වා”තිආදීහි පටික‍්ඛිපිතබ‍්බා. න හි සීසතො අඤ‍්ඤො පුරිසො අත්‍ථි. අථාපි සියා – “යදි තදෙව සංයොජනං සො අනුසයො, එවං සන‍්තෙ භගවතා ථෙරස‍්ස තරුණූපමො උපාරම‍්භො දුආරොපිතො හොතී”ති. න දුආරොපිතො, කස‍්මා? එවංලද‍්ධිකත‍්තාති විත්‍ථාරිතමෙතං. තස‍්මා සොයෙව කිලෙසො බන්‍ධනට‍්ඨෙන සංයොජනං, අප‍්පහීනට‍්ඨෙන අනුසයොති ඉමමත්‍ථං සන්‍ධාය භගවතා “සානුසයා පහීයතී”ති එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

එහි සක්කාය දිට්ඨි පරෙතෙන සත්කාය දෘෂ්ටිය අනුවගිය. නිස්සරණං දෘෂ්ටි නිස්සරණය නම් නිර්වාණයයි. එය යථාස්වරූපයෙන් නොදනී. අප්පටි විත්තා දුරුනොකරන ලද. ඉවත් නොකරන ලද ඔරම්භාගිය සංයෝජනං යට කොටසෙහි සංයෝජන නම් වේ. සෙසු පදවල මෙම ක්‍රමයමැයි. ශුක්ල පක්ෂය නොගැඹුරු අරුත් ඇත්තේමය. සානුසයාපහීයති යයි කීමෙන් මෙහිදී ඇතමෙක් සංයෝජනය අනිකක්ය, අනුසය අනිකක්යැයි කියති. ව්‍යංජන සහිත බත යයි කීකල්හි බතින් අන්‍යවු ව්‍යංජන වන්නාසේ සානුසයා යන වචනයෙන් පරියුට්ඨාන සක්කාය දිටඨියෙන් අන්‍යවූ අනුසයක් වියයුතුයයි යන්න ඔවුන්ගේ ලබ්ධියයි. ඒවා සසීසං පාරුපිත්‍වා ආදී තැන්වලින් ප්‍රතික්ෂේප කළ යුතුය. හිසෙන් වෙන්වූ පුරුෂයෙක් නැත. යම්සේ වීනම්, එයම සංයෝජනයයි. එයම අනුසයයි. මෙසේ ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් තෙරුන් වහන්සේගේ තරුණ උපමාවට දොස් පැවරුම දුරාරෝපිතයක් වෙයිද දුරාරෝපිතයක් නොවේ. කුමක් හෙයින්ද? මෙසේ ලබ්ධිගත්හෙයිනැයි විස්තර කරන ලදී. ඒනිසා ඒ ක්ලේශය බැඳීම් අර්ථයෙන් සංයෝජනයි. ප්‍රහීණ නොකළ අර්ථයෙන් අනුසයයි. මේ අර්ථය සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් අනුසය සහිතව ප්‍රහීණ වන්නේයයි මෙසේ කියන ලදැයි දත යුතුය.

තචං ඡෙත්‍වාතිආදීසු ඉදං ඔපම‍්මසංසන්‍දනං – තචච‍්ඡෙදො විය හි සමාපත‍්ති දට‍්ඨබ‍්බා, ඵෙග‍්ගුච‍්ඡෙදො විය විපස‍්සනා, සාරච‍්ඡෙදො විය මග‍්ගො. පටිපදා පන ලොකියලොකුත‍්තරමිස‍්සකාව වට‍්ටති. එවමෙතෙ දට‍්ඨබ‍්බාති එවරූපා පුග‍්ගලා එවං දට‍්ඨබ‍්බා.

තචං ඡෙත්‍වා ආදී තන්හි මෙය උපමා සංසන්දනයයි. සම සිඳීම මෙන් විදර්ශනාව දතයුතුය. හරය සිඳීම මෙන් මාර්ගය දතයුතුය. ප්‍රතිපදාව ලෞකික ලෝක්කෝත්තර මිශ්‍ර වූ සේ ගැනීම වටී. එවමෙතෙ දට්ඨබ්බා මෙබඳු පුද්ගලයෝ මෙසේ දතයුත්තෝය.

උපධිවිවෙකාති උපධිවිවෙකෙන. ඉමිනා පඤ‍්චකාමගුණවිවෙකො කථිතො. අකුසලානං ධම‍්මානං පහානාති ඉමිනා නීවරණප‍්පහානං කථිතං. කායදුට‍්ඨුල‍්ලානං පටිප‍්පස‍්සද‍්ධියාති ඉමිනා කායාලසියපටිප‍්පස‍්සද‍්ධි කථිතා. විවිච‍්චෙව කාමෙහීති උපධිවිවෙකෙන කාමෙහි විනා හුත්‍වා. විවිච‍්ච අකුසලෙහීති අකුසලානං ධම‍්මානං පහානෙන කායදුට‍්ඨුල‍්ලානං පටිප‍්පස‍්සද‍්ධියා ච අකුසලෙහි විනා හුත්‍වා. යදෙව තත්‍ථ හොතීති යං තත්‍ථ අන‍්තොසමාපත‍්තික‍්ඛණෙයෙව සමාපත‍්තිසමුට‍්ඨිතඤ‍්ච රූපාදිධම‍්මජාතං හොති. තෙ ධම‍්මෙති තෙ රූපගතන‍්තිආදිනා නයෙන වුත‍්තෙ රූපාදයො ධම‍්මෙ. අනිච‍්චතොති න නිච‍්චතො. දුක‍්ඛතොති න සුඛතො. රොගතොතිආදීසු ආබාධට‍්ඨෙන රොගතො, අන‍්තොදොසට‍්ඨෙන ගණ‍්ඩතො, අනුපවිද‍්ධට‍්ඨෙන දුක‍්ඛජනනට‍්ඨෙන ච සල‍්ලතො, දුක‍්ඛට‍්ඨෙන අඝතො, රොගට‍්ඨෙන ආබාධතො, අසකට‍්ඨෙන පරතො, පලුජ‍්ජනට‍්ඨෙන පලොකතො, නිස‍්සත‍්තට‍්ඨෙන සුඤ‍්ඤතො, න අත‍්තට‍්ඨෙන අනත‍්තතො. තත්‍ථ අනිච‍්චතො, පලොකතොති ද‍්වීහි පදෙහි අනිච‍්චලක‍්ඛණං කථිතං, දුක‍්ඛතොතිආදීහි ඡහි දුක‍්ඛලක‍්ඛණං, පරතො සුඤ‍්ඤතො අනත‍්තතොති තීහි අනත‍්තලක‍්ඛණං.

උපධිවිවෙකා උපධිවිවේකයෙන්. මෙයින් පඤ්චකාමගුණ විවේකය කියන ලදී. අකුසලානං ධම්මානං පහානාය මෙයින් නීවරණ ප්‍රහාණය කියනලදී. කාය දුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා මෙයින් කයෙහි අලසබවෙහි සංසිඳීම කියන ලදී. විවිච්චෙව කාමෙහි උපධිවිවේකයෙන් කාමයන්ගෙන් වෙන්වී. විවිච්ච අකුසලෙහි අකුසල් දම් ප්‍රහාණයෙන් කාමුකත්වය සංසිඳීමෙන්ද අකුසලං යන්ගෙන් වෙන්ව යදෙව තත්‍ථ හොති එහි සමාපත්තිය තුළ සමාපත්තික්ෂණයෙහිද සමාපත්තියෙන් පැන නැගුණු යම් රූපාදි ස්වභාව සමුහයක් වේ. තෙධම්මෙ රූපගතය ආදී ක්‍රමයෙන් කියනලද ඒ රූපාදී ධර්මයන්. අනිච්චතො අනිත්‍යවශයෙන් දුක්ඛතො දුක්වශයෙන්, රොගතො ආදී තන්හි ආබාධ අර්ථයෙන් රෝගවශයෙන්, ඇතුළත දෝෂ අර්ථයෙන් ගණ්ඩතො නොපිවිසි අර්ථයෙන්ද දුක් උපදවන අර්ථයෙන්ද සල්ලතො, දුක් අර්ථයෙන් අඝතො, රෝග අර්ථයෙන් ආබාධතො. තමාගේ නොවන අර්ථයෙන් පරතො. බිඳවැටෙන අර්ථයෙන් පලොකතො බලනැති අර්ථයෙන් සුඤ්ඤතො ආත්ම නොවන අර්ථයෙන්. අනත්තතො එහි අනිච්චතො පලොකතො යන පදදෙකින් අනිත්‍ය ලක්ෂණය කියන ලදී. දුක්ඛතො ආදී පදසයෙන් දුඃඛලක්ෂණය කියන ලදී. පරතො සුඤ්ඤතො අනත්තතො යන තුන් පදයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.

සො තෙහි ධම‍්මෙහීති සො තෙහි එවං තිලක‍්ඛණං ආරොපෙත්‍වා දිට‍්ඨෙහි අන‍්තොසමාපත‍්තියං පඤ‍්චක‍්ඛන්‍ධධම‍්මෙහි. චිත‍්තං පටිවාපෙතීති චිත‍්තං පටිසංහරති මොචෙති අපනෙති. උපසංහරතීති විපස‍්සනාචිත‍්තං තාව සවනවසෙන ථුතිවසෙන පරියත‍්තිවසෙන පඤ‍්ඤත‍්තිවසෙන ච එතං සන‍්තං නිබ‍්බානන‍්ති එවං අසඞ‍්ඛතාය අමතාය ධාතුයා උපසංහරති. මග‍්ගචිත‍්තං නිබ‍්බානං ආරම‍්මණකරණවසෙනෙව එතං සන‍්තමෙතං පණීතන‍්ති න එවං වදති, ඉමිනා පන ආකාරෙන තං පටිවිජ‍්ඣන‍්තො තත්‍ථ චිත‍්තං උපසංහරතීති අත්‍ථො. සො තත්‍ථ ඨිතොති තාය තිලක‍්ඛණාරම‍්මණාය විපස‍්සනාය ඨිතො. ආසවානං ඛයං පාපුණාතීති අනුක‍්කමෙන චත‍්තාරො මග‍්ගෙ භාවෙත්‍වා පාපුණාති. තෙනෙව ධම‍්මරාගෙනාති සමථවිපස‍්සනාධම‍්මෙ ඡන්‍දරාගෙන. සමථවිපස‍්සනාසු හි සබ‍්බසො ඡන්‍දරාගං පරියාදාතුං සක‍්කොන‍්තො අරහත‍්තං පාපුණාති, අසක‍්කොන‍්තො අනාගාමී හොති.

සොතෙහි ධම්මෙහි හේ ඒවායින් මෙසේ ත්‍රිලක්ෂණය ආරොපණය කොට සමාපත්තිය තුළ දුටු පංචස්කන්ධ ධර්මයන්ගෙන්, චිත්තං පටිවාපෙති සිත හකුළාගනී, මුදයි. ඉවතටගනී. උපසංහරති විදර්ශනා චිත්තය වනාහි ශ්‍රවණවශයෙන් ස්තූති වශයෙන්, පර්යාප්ති වශයෙන් ප්‍රඥප්තිවශයෙන් ශාන්තවු නිර්වාණයයි මෙසේ අසංඛතවූ අමතවූ ධාතුවෙන් එක්රැස් කරගනී. මාර්ගචිත්තය නිවන අරමුණුකරණ වශයෙන් මෙය ශාන්තය මෙය ප්‍රණීතයයි. එසේ නොකියයි. මේ ආකාරයෙන් එය අවබෝධකරන්නේ එහි සිත එක් රැස්කරගනී යන අර්ථයි. සො තත්‍ථ ඨිතො ඒ ත්‍රිලක්ෂණය අරමුණු කරගත් විදර්ශනාවෙහි සිටියේ. ආසවානං ඛයං පාපුණාති අනුක්‍රමයෙන් සිව්මග වඩා පැමිණෙයි. තෙනෙව ධම්ම රාගෙන සමථ විදර්ශනා ධර්මයෙහි ඡන්‍දරාගයෙන්. සමථ විදර්ශනාවන්හි සැම අතින් ඡන්‍දරාගය වැළඳගැනීමට හැකි පුද්ගලයා රහත්බවට පැමිණේ. නොහැකි පුද්ගලයා අනාගාමි වන්නේය.

යදෙව තත්‍ථ හොති වෙදනාගතන‍්ති ඉධ පන රූපං න ගහිතං. කස‍්මා? සමතික‍්කන‍්තත‍්තා. අයඤ‍්හි හෙට‍්ඨා රූපාවචරජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා රූපං අතික‍්කමිත්‍වා අරූපාවචරසමාපත‍්තිං සමාපන‍්නොති සමථවසෙනපිනෙන රූපං අතික‍්කන‍්තං, හෙට‍්ඨා රූපං සම‍්මදෙව සම‍්මසිත්‍වා තං අතික‍්කම‍්ම ඉදානි අරූපං සම‍්මසතීති විපස‍්සනාවසෙනපිනෙන රූපං අතික‍්කන‍්තං. අරූපෙ පන සබ‍්බසොපි රූපං නත්‍ථීති තං සන්‍ධායපි ඉධ රූපං න ගහිතං.

යදෙව තත්‍ථ හොති වෙදනාගතං මෙහිදී රූපය නොගන්නා ලදී. කුමක් හෙයින්දයත් ඉක්මගොස් ඇති බැවිනි. මෙය වනාහි යට රූපාවචර ධ්‍යානයට සමවැද රූපය ඉක්මවා ගොස් අරූපාවචර සමවැදුණේයයි සමථවශයෙන්ද මෙයින් රූපය ඉක්බිණ. යට රූප ස්පර්ශ කොට ඉක්මවා ගොස් දැන් අරූපය ස්පර්ශකරතියි විදර්ශනා වශයෙන්ද එයින් රූපය ඉක්බිණ. අරූප ලෝකයෙහි සැම අතින්ම රූපයක් නැතැයි ඒ සඳහාද මෙහිදී රූපය නොගන්නා ලදී.

අථ කිඤ‍්චරහීති කිං පුච‍්ඡාමීති පුච‍්ඡති? සමථවසෙන ගච‍්ඡතො චිත‍්තෙකග‍්ගතා ධුරං හොති, සො චෙතොවිමුත‍්තො නාම. විපස‍්සනාවසෙන ගච‍්ඡතො පඤ‍්ඤා ධුරං හොති, සො පඤ‍්ඤාවිමුත‍්තො නාමාති එත්‍ථ ථෙරස‍්ස කඞ‍්ඛා නත්‍ථි. අයං සභාවධම‍්මොයෙව, සමථවසෙනෙව පන ගච‍්ඡන‍්තෙසු එකො චෙතොවිමුත‍්තො නාම හොති, එකො පඤ‍්ඤාවිමුත‍්තො. විපස‍්සනාවසෙන ගච‍්ඡන‍්තෙසුපි එකො පඤ‍්ඤාවිමුත‍්තො නාම හොති, එකො චෙතොවිමුත‍්තොති එත්‍ථ කිං කාරණන‍්ති පුච‍්ඡති.

අථ කිඤ්චරහි කුමක් අසම්දැයි අසයි. සමථවශයෙන් යන්න හුට චිත්ත ඒකාග්‍රතා ධුරයක් වෙයි. එය චෙතො විමුත්ත නමි. මෙහිදී තෙරුන්ට සැකයක් නැත මෙය රස සහිත ස්වභාවයක්මය. සමථවශයෙන්ම යන්නවුන් අතර එකෙක් චෙතො විමුත්ත නම් වේ. එකෙක් පඤ්ඤවිමුත්ත නම්වේ. විදර්ශනා වශයෙන් යන්නවුන් අතරද එකෙක් පඤ්ඤා විමුත්ත නම් වේ. එකෙක් චෙතො විමුත්ත නම් වේ එත්‍ථකිං කාරණං විමසයි.

ඉන්‍ද්‍රියවෙමත‍්තතං වදාමීති ඉන්‍ද්‍රියනානත‍්තතං වදාමි. ඉදං වුත‍්තං හොති, න ත්‍වං, ආනන්‍ද, දස පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතං පටිවිජ‍්ඣි, තෙන තෙ එතං අපාකටං. අහං පන පටිවිජ‍්ඣිං, තෙන මෙ එතං පාකටං. එත්‍ථ හි ඉන්‍ද්‍රියනානත‍්තතා කාරණං. සමථවසෙනෙව හි ගච‍්ඡන‍්තෙසු එකස‍්ස භික‍්ඛුනො චිත‍්තෙකග‍්ගතා ධුරං හොති, සො චෙතොවිමුත‍්තො නාම හොති. එකස‍්ස පඤ‍්ඤා ධුරං හොති, සො පඤ‍්ඤාවිමුත‍්තො නාම හොති. විපස‍්සනාවසෙනෙව ච ගච‍්ඡන‍්තෙසු එකස‍්ස පඤ‍්ඤා ධුරං හොති, සො පඤ‍්ඤාවිමුත‍්තො නාම හොති. එකස‍්ස චිත‍්තෙකග‍්ගතා ධුරං හොති, සො චෙතොවිමුත‍්තො නාම හොති. ද‍්වෙ අග‍්ගසාවකා සමථවිපස‍්සනාධුරෙන අරහත‍්තං පත‍්තා. තෙසු ධම‍්මසෙනාපති පඤ‍්ඤාවිමුත‍්තො ජාතො, මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො චෙතොවිමුත‍්තො. ඉති ඉන්‍ද්‍රියවෙමත‍්තමෙත්‍ථ කාරණන‍්ති වෙදිතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඉන්‍ද්‍රිය වෙමත්තතංවදාමි ඉන්‍ද්‍රිය නානාත්වයයි කියමි. මෙය කියන ලද්දේවෙයි. ආනන්ද ඔබ දසපෙරුම් පුරා ඒ සියල්ල අවබෝධ කරගත්තෙත් නොවෙහි ඒනිසා එය ඔබට ප්‍රකට නොවේ. මෙහි ඉන්‍ද්‍රියනානාත්වය හේතුවයි. සමථවශයෙන් යන්නවුන් අතර එක් භික්‍ෂුවකට චිත්තේකාග්‍රතාව පෙරටුව වෙයි. හේ චෙතො විමුත්ත නම්වේ. එක් භික්‍ෂුවකට ප්‍රඥාව පෙරටුවවෙයි. හේ පඤ්ඤාවිමුත්ත නම් වේ. එක් භික්‍ෂුවකට චිත්තේකාග්‍රතාව පෙරටුව වෙයි. හේ චෙතො විමුත්ත නම් වේ. අශ්‍රාවක දෙනම සමථ විපස්සනා ධුරයෙන් අර්හත්වයට පත්වුවෝය. ඔවුන් අතර ධම්මසේනාපති පඤ්ඤා විමුත්තනම්. මහා මොග්ගල්ලාන තෙරහු චේතෝවිමුත්ත නම් වෙති. ඉන්‍ද්‍රිය වෙමත්තතාව එහි හේතුවයයි දත යුතුයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ මය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාමාලුක්‍යසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිව්වැනි මහාමාලුඞ්ක්‍ය සුත්‍රයයි