මහාරාහුලොවාද සුත්තවණ්ණනා අට්ඨකථා
මහාරාහුලොවාද සුත්තවණ්ණනා
මහාරාහුලෝවාද සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාරාහුලොවාදසුත්තං. තත්ථ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධීති දස්සනං අවිජහිත්වා ගමනං අබ්බොච්ඡින්නං කත්වා පච්ඡතො පච්ඡතො ඉරියාපථානුබන්ධනෙන අනුබන්ධි. තදා හි භගවා පදෙ පදං නික්ඛිපන්තො විලාසිතගමනෙන පුරතො පුරතො ගච්ඡති, රාහුලත්ථෙරො දසබලස්ස පදානුපදිකො හුත්වා පච්ඡතො පච්ඡතො.
එවම්මෙසුතං යනු මහාරාහුලොවාද සුත්‍රයයි. තත්ථ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි දර්ශනය අත්නොහැර ගමන නොනවත්වා පසුපසින් ඉරියව් අනුබැඳුමෙන් අනු බැන්දේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති.
තත්ථ භගවා සුපුප්ඵිතසාලවනමජ්ඣගතො සුභූමිඔතරණත්ථාය නික්ඛන්තමත්තවරවාරණො විය විරොචිත්ථ, රාහුලභද්දො ච වරවාරණස්ස පච්ඡතො නික්ඛන්තගජපොතකො විය. භගවා සායන්හසමයෙ මණිගුහතො නික්ඛමිත්වා ගොචරං පටිපන්නො කෙසරසීහො විය, රාහුලභද්දො ච සීහමිගරාජානං අනුබන්ධන්තො නික්ඛන්තසීහපොතකො විය. භගවා මණිපබ්බතසස්සිරිකවනසණ්ඩතො දාඨබලො මහාබ්යග්ඝො විය, රාහුලභද්දො ච බ්යග්ඝරාජානං අනුබන්ධබ්යග්ඝපොතකො විය. භගවා සිම්බලිදායතො නික්ඛන්තසුපණ්ණරාජා විය, රාහුලභද්දො ච සුපණ්ණරාජස්ස පච්ඡතො නික්ඛන්තසුපණ්ණපොතකො විය. භගවා චිත්තකූටපබ්බතතො ගගනතලං පක්ඛන්දසුවණ්ණහංසරාජා විය, රාහුලභද්දො ච හංසාධිපතිං අනුපක්ඛන්දහංසපොතකො විය. භගවා මහාසරං අජ්ඣොගාළ්හා සුවණ්ණමහානාවා විය, රාහුලභද්දො ච සුවණ්ණනාවං පච්ඡා අනුබන්ධනාවාපොතකො විය. භගවා චක්කරතනානුභාවෙන ගගනතලෙ සම්පයාතචක්කවත්තිරාජා විය, රාහුලභද්දො ච රාජානං අනුසම්පයාතපරිණායකරතනං විය. භගවා විගතවලාහකං නභං පටිපන්නතාරකරාජා විය, රාහුලභද්දො ච තාරකාධිපතිනො අනුමග්ගපටිපන්නා පරිසුද්ධඔසධිතාරකා විය.
එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණු සේක. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණින් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන් කේශර සිංහයකු මෙන් වූහ. රාහුලභද්‍ර සිංහරාජයා ලුහුබඳිමින් නික්මුණු සිංහ පෝතකයකු මෙනි. භාග්‍යවතුන් වහන්සේ මැණික් පව්වක් වැනි වන ලැහැබින් එන මහ දත්ඇති මහා ව්‍යාඝ්‍රයෙකු වැන්න. රාහුලභද්‍ර ව්‍යාඝ්‍රරාජයා අනුව යන ව්යාඝ්ර පෝතක යකු වැන්න භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණින් නික්මුණු ගුරුළු රජුවැන්න. රාහුලභද්‍ර ගුරුළුරජු පසු පසින් නික්මුණු ගුරුළු පොව්වකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ චිත්‍ර කූට පර්වතයෙන් ගුවන්තලයට පියෑඹු ස්වර්ණහංස රාජයකු වැන්න. රාහුලභද්‍ර හංසරාජයා අනුව පියාඹන ස්වර්ණ හංස පෝතකයකු වැන්න. භාග්‍යවතුන් වහන්සේ මහ සයුරෙහි පාවෙන මහරන් නැවක් වැන්න. රාහුලභද්‍ර රන් නැවට සම්බන්ධව පසුපසින් බැඳි පහුරක් වැන්න. භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්න ආනුභාවයෙන් ගුවන් තලයට සැපත් සක්විති රජුවැන්න. රාහුලභද්‍ර රජු අනුව සැපත් පුත්‍රරත්නය වැන්න. භාග්‍යවතුන් වහන්සේ වලාකුළු නැති අහස්තලයට පිළිපන් චන්ද්‍රයා වැන්න. රාහුලභද්‍ර චන්ද්‍රයාගේ මගට පිළිපන් පරිශුද්ධ ඕසධී තාරකාව වැන්න.
භගවාපි මහාසම්මතපවෙණියං ඔක්කාකරාජවංසෙ ජාතො, රාහුලභද්දොපි. භගවාපි සඞ්ඛෙ පක්ඛිත්තඛීරසදිසො සුපරිසුද්ධජාතිඛත්තියකුලෙ ජාතො, රාහුලභද්දොපි. භගවාපි රජ්ජං පහාය පබ්බජිතො, රාහුලභද්දොපි. භගවතොපි සරීරං ද්වත්තිංසමහාපුරිසලක්ඛණපටිමණ්ඩිතං දෙවනගරෙසු සමුස්සිතරතනතොරණං විය සබ්බපාලිඵුල්ලො පාරිච්ඡත්තකො විය ච අතිමනොහරණං, රාහුලභද්දස්සාපි. ඉති ද්වෙපි අභිනීහාරසම්පන්නා, ද්වෙපි රාජපබ්බජිතා, ද්වෙපි ඛත්තියසුඛුමාලා, ද්වෙපි සුවණ්ණවණ්ණා, ද්වෙපි ලක්ඛණසම්පන්නා එකමග්ගං පටිපන්නා පටිපාටියා ගච්ඡන්තානං ද්වින්නං චන්දමණ්ඩලානං ද්වින්නං සූරියමණ්ඩලානං ද්වින්නං සක්කසුයාමසන්තුසිතසුනිම්මිතවසවත්තිමහාබ්රහ්මාදීනං සිරියා සිරිං අභිභවමානා විය විරොචිංසු.
භාග්‍යවතුන් වහන්සේද මහාසම්මත ප්‍රවේණියෙහි ඔක්කාක රාජවංශයෙහි උපන්හ. රාහුලභද්‍ර එසේය. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද සක්ගෙඩියක දැමු කිරක් සේ සුපරිශුද්ධ ජාති ඇති ක්ෂත්රිය කුලයෙහි උපන්හ. භාග්‍යවතුන් වහන්සේද රාහුල භද්‍රද රාජ්‍යය අත්හැර පැවිදිවුවෝය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිතය. දෙවිනුවර නැගු රුවන් තොරණක් වැන්න. සැමතැන මල් පිපුණු පරසතු රුකක් මෙන් අතිමනෝහරය. රාහුලභද්‍රගේ ශරීරයද එසේය. මෙසේ දෙදෙනම අහිනීහාර සම්පන්නය. දෙදෙනාම රජකුලයෙන් පැවිදිවුවෝය. දෙදෙනම ක්ෂත්රිය සුකුමාරය. දෙදෙනම රන්වන්ය. දෙදෙනම උපලක්ෂණ සම්පන්නය. එක් මගකට පිළිපන්නෝය. පිළිවෙළින් යන්නාවූ චන්ද්රමණ්ඩල දෙකෙහි, සුර්ය මණ්ඩල දෙකෙහි, ශක්‍ර සුයාම සන්තුසිත පරනිර්මිත වසවර්ති මහා බ්‍රහ්මයන්...... දෙදෙනාගේ ශ්රීය අභිබවන්නාක් මෙන් බැබලුණහ.
තත්රායස්මා රාහුලො භගවතො පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්තොව පාදතලතො යාව උපරි කෙසන්තා තථාගතං ආලොකෙසි. සො භගවතො බුද්ධවෙසවිලාසං දිස්වා “සොභති භගවා ද්වත්තිංසමහාපුරිසලක්ඛණවිචිත්තසරීරො බ්යාමප්පභාපරික්ඛිත්තතාය විප්පකිණ්ණසුවණ්ණචුණ්ණමජ්ඣගතො විය, විජ්ජුලතාපරික්ඛිත්තො කනකපබ්බතො විය, යන්තසුත්තසමාකඩ්ඪිතරතනවිචිත්තං සුවණ්ණඅග්ඝිකං විය, රත්තපංසුකූලචීවරපටිච්ඡන්නොපි රත්තකම්බලපරික්ඛිත්තකනකපබ්බතො විය, පවාළලතාපටිමණ්ඩිතං සුවණ්ණඅග්ඝිකං විය, චීනපිට්ඨචුණ්ණපූජිතං සුවණ්ණචෙතියං විය, ලාඛාරසානුලිත්තො කනකයූපො විය, රත්තවලාහකන්තරතො තඞ්ඛණබ්භුග්ගතපුණ්ණචන්දො විය, අහො සමතිංසපාරමිතානුභාවසජ්ජිතස්ස අත්තභාවස්ස සිරීසම්පත්තී”ති චින්තෙසි. තතො අත්තානම්පි ඔලොකෙත්වා – “අහම්පි සොභාමි. සචෙ භගවා චතූසු මහාදීපෙසු චක්කවත්තිරජ්ජං අකරිස්සා, මය්හං පරිණායකට්ඨානන්තරං අදස්සා. එවං සන්තෙ අතිවිය ජම්බුදීපතලං අසොභිස්සා”ති අත්තභාවං නිස්සාය ගෙහස්සිතං ඡන්දරාගං උප්පාදෙසි.
එහිදී ආයුෂ්මත් රාහුල හිමියෝ භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යන්නාහු තථාගතයන් වහන්සේගේ පාතලයෙහි සිට කේශාන්තය දක්වා බැලුහ. හේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වේශයෙනි විලාසය දැක දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් විචිත්‍ර වු ශරීරයක් ඇති බඹයක් වටකළ ප්‍රභා මණ්ඩලයක් ඇති, විසිරීගිය රන් සුණු මැදට පැමිණියාක් මෙන්ද විදුලියෙන් වෙළාගත් රන් පව්වක් මෙන්ද. යන්ත්‍ර සුත්‍රයන්ගෙන් ඇදගෙන යන්නාවු රුවනින් විචිත්‍ර වූ රන් ඇහෑයක් මෙන්ද පංසුකූල චීවරයෙන් වැසුණද රන් කම්බිලියෙන් වැසුණු රන්පව්වක් මෙන්ද, පබළුවැලින් විසිතුරු වූ රන් ඇගෑයක් මෙන්ද, චීන පිටිසුන්නෙන් පිදුණු ස්වර්ණ චෛත්‍යයක් මෙන්ද, ලාරසින් තවරන ලද කනක යූපස්තම්භයක් මෙන්ද, රන්වලාවන් අතරට පැමිණි එකෙණෙහි නැගුණු පුන්සඳමෙන්ද, භාග්‍යවතුන් වහන්සේ බබලන සේක. සමතිස් පෙරුම් දමින් සැදුණු ආත්මභාවයෙන් ශ්‍රී සම්පත්තිය පුදුමය යයි සිතූහ. ඉන්පසු තමාදෙසද බලා මමද හොබිමි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ සිව්මහ දිවයින්හි සක්විති රජය කළසේක්නම්, මට පරිනායක තනතුර දෙනු ඇත. මෙසේ ඇති කල්හි දඹදිව් තලය අතිශයින් බැබලෙන්නට තිබුණියි ආත්මභාවය ඇසුරින් ගෙන සිත ඡන්දරාගය ඉපදවීය.
භගවාපි පුරතො ගච්ඡන්තොව චින්තෙසි – “පරිපුණ්ණච්ඡවිමංසලොහිතො දානි රාහුලස්ස අත්තභාවො. රජනීයෙසු රූපාරම්මණාදීසු හි චිත්තස්ස පක්ඛන්දනකාලො ජාතො, කිං බහුලතාය නු ඛො රාහුලො වීතිනාමෙතී”ති. අථ සහාවජ්ජනෙනෙව පසන්නඋදකෙ මච්ඡං විය, පරිසුද්ධෙ ආදාසමණ්ඩලෙ මුඛනිමිත්තං විය ච තස්ස තං චිත්තුප්පාදං අද්දස. දිස්වාව – “අයං රාහුලො මය්හං අත්රජො හුත්වා මම පච්ඡතො ආගච්ඡන්තො ‘අහං සොභාමි, මය්හං වණ්ණායතනං පසන්න’න්ති අත්තභාවං නිස්සාය ගෙහස්සිතඡන්දරාගං උප්පාදෙති, අතිත්ථෙ පක්ඛන්දො උප්පථං පටිපන්නො අගොචරෙ චරති, දිසාමූළ්හඅද්ධිකො විය අගන්තබ්බං දිසං ගච්ඡති. අයං ඛො පනස්ස කිලෙසො අබ්භන්තරෙ වඩ්ඪන්තො අත්තත්ථම්පි යථාභූතං පස්සිතුං න දස්සති, පරත්ථම්පි, උභයත්ථම්පි. තතො නිරයෙපි පටිසන්ධිං ගණ්හාපෙස්සති, තිරච්ඡානයොනියම්පි, පෙත්තිවිසයෙපි, අසුරකායෙපි, සම්බාධෙපි මාතුකුච්ඡිස්මින්ති අනමතග්ගෙ සංසාරවට්ටෙ පරිපාතෙස්සති. අයඤ්හි –
භාග්‍යවතුන් වහන්සේද පෙරටුව යමින් මෙසේ සිඳසේක. රාහුලගේ ආත්ම භාවය දැන් සම්මස් ලෙයින් පිරිපුන්ය. ඇලුම් කළයුතු රූපාරම්මණ ආදිය කෙරෙහි සිත පැන ගන්නා කාලය එළඹියේය. කුමක් බහුල කොට රාහුල දැන් කල්ගෙවයිද ඉක්බිති ආවර්ජණය සමගම පහන් දියෙහි මසකු මෙන් පිරිසිදු ආදසතලයෙහි මුවමඩල මෙන්ද ඔහුගේ ඒ සිතෙහි උපන්දෙය දුටුසේක. මේ රාහුල මාගේ පුත්‍රයාව මාගේ පසුපසින් එමින් මම ලස්සනය, මාගේ වර්ණායතනය ප්රසන්නයැයි ආත්ම භාවය ඇසුරු කොට ගේහසිත ඡන්ද රාගය උපදවා ගත්තේය. වැරදි පොටකට පැන වැරදිමගකට එළඹ නුසුදුසු තැනක හැසිරෙයි මංමුලාවු මගියකු මෙන් නොයායුතු දෙසකට යයි. ඔහුගේ මේ ක්ලේශය අභ්‍යන්තරයෙහි වැඩෙමින් ආත්මාර්ථය පවා යථා පරිදි දකින්ට නොදෙයි. පරාර්ථයද උභයාර්ථයද දකින්ට නොදෙයි. ඉන් නිරයෙහි ප්රතිසන්ධි ගන්වන්නේය. තිරිසන් යෝනියෙහිද ප්‍රේත විෂයෙහිද අසුරකායෙහිද පිරිස් අතරෙහිද මව්කුසයෙහිද අනවරාග්ර සංසාරයෙහි හෙළන්නේය. මේ වනාහි -
අනත්ථජනනො ලොභො, ලොභො චිත්තප්පකොපනො; භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති. ලුද්ධො අත්ථං න ජානාති, ලුද්ධො ධම්මං න පස්සති; අන්ධතමං තදා හොති, යං ලොභො සහතෙ නරං. (ඉතිවු· 88) –
අනත්ථජනතො ලොභො - ලොභො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං - තං ජනො නාව බුජ්ඣති ලුද්ධො අත්ථං නජානාති - ලද්ධො ධම්මං නපස්සති අන්ධන්තමං තදා හොති - යං ලොකෙ සහතෙ තරං
අයහපත ඇතිකරන ලෝබය ලෝබියා යහපත නොදනී සිතේ කොව ඇතිකරන ලෝබය ලෝබියා දහමද නොදකී ඇතුළතින් හටගත් බිය ලෝබය මිනිසා පෙළනවිට මිනිසා අවබෝධ කර නොගනී එදා ගනදුර ඇතිවෙයි.
යථා ඛො පන අනෙකරතනපූරා මහානාවා භින්නඵලකන්තරෙන උදකං ආදියමානා මුහුත්තම්පි න අජ්ඣුපෙක්ඛිතබ්බා හොති, වෙගෙනස්සා විවරං පිදහිතුං වට්ටති, එවමෙවං අයම්පි න අජ්ඣුපෙක්ඛිතබ්බො. යාවස්ස අයං කිලෙසො අබ්භන්තරෙ සීලරතනාදීනි න විනාසෙති, තාවදෙව නං නිග්ගණ්හිස්සාමී”ති අජ්ඣාසයමකාසි. එවරූපෙසු පන ඨානෙසු බුද්ධානං නාගවිලොකනං නාම හොති. තස්මා යන්තෙන පරිවත්තිතසුවණ්ණපටිමා විය සකලකායෙනෙව පරිවත්තෙත්වා ඨිතො රාහුලභද්දං ආමන්තෙසි. තං සන්ධාය “අථ ඛො භගවා අපලොකෙත්වා”තිආදි වුත්තං.
යම්සේ නොයෙක් රත්නයන්ගෙන් පිරුණු මහවැවක් බිදුණු ලෑලි අතරින් ජලය ඇදී එනවිට මොහොතක්වත් බලාපොරොත්තු තැබිය නොහැකි බවට පත්වෙයි. මහත් වේගයකින් එහි සිදුරු වසා දමන්ට වටී. එසේම මෙයද අපේක්ෂා නොකළ යුත්තකි. යම්තාක් මේ ක්ලේශය අභ්‍යන්තරයෙහි ශීල රත්නයන් විනාශ නොකෙරේද එකෙණෙහිම එයට අවමන් කරන්නෙමියි අදහසක් ඇතිකරගත්සේක. මෙබඳු තැන්වලදී බුදුවරුන්ට නාගවිලෝකනය නම් දෙයක් ඇතිවෙයි. එහෙයින් පෙරළූරන් පිළිමයක් මෙන් සියලු සිරුරින්ට පෙරළා සිටිසේක් රාහුලභද්‍ර ඇමතූ සේක. අථඛොභගවා අපලොකෙත්වා ආදිය කියනලදි.
තත්ථ යංකිඤ්චි රූපන්තිආදීනි සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ ඛන්ධනිද්දෙසෙ විත්ථාරිතානි. නෙතං මමාතිආදීනි මහාහත්ථිපදොපමෙ වුත්තානි. රූපමෙව නු ඛො භගවාති කස්මා පුච්ඡති? තස්ස කිර – “සබ්බං රූපං නෙතං මම, නෙසොහමස්මි න මෙසො අත්තා”ති සුත්වා – “භගවා සබ්බං රූපං විපස්සනාපඤ්ඤාය එවං දට්ඨබ්බන්ති වදති, වෙදනාදීසු නු ඛො කථං පටිපජ්ජිතබ්බ”න්ති නයො උදපාදි. තස්මා තස්මිං නයෙ ඨිතො පුච්ඡති. නයකුසලො හෙස ආයස්මා රාහුලො, ඉදං න කත්තබ්බන්ති වුත්තෙ ඉදම්පි න කත්තබ්බං ඉදම්පි න කත්තබ්බමෙවාති නයසතෙනපි නයසහස්සෙනපි පටිවිජ්ඣති. ඉදං කත්තබ්බන්ති වුත්තෙපි එසෙව නයො.
එහි යං කිඤ්චිරූපං ආදිය සර්වාකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි ඛන්ධ නිද්දෙසයෙහි විස්තර කරන ලදී. නෙතං මම ආදිය මහා හත්ථිපදොපම සුත්‍රයෙහි කියන ලදී. රූපමෙව නු බො භන්තෙ කුමක් නිසා විචාරයිද. ඔහුට සියලු රූපය මාගේ නොවේ. රූපය මම නොවෙමි. ඒ මගේ ආත්මය නොවේ යයි අසා භාග්‍යවතුන් වහන්සේ සියලු රූපය විදර්ශනා ප්‍රඥාවෙන් මෙසේ දැකියයුතුයයි වදාරන සේක. වේදනා ආදියෙහි දී කෙසේ පිළිපැදියයුතුද යන න්‍යායයක් ඇතිවිය. ඒනිසා ඒ න්‍යායයෙහි සිට විචාරයි. ආයුෂ්මත් රාහුල න්‍යාය දක්ෂයෙකි. මෙයද නොකළයුතුයයි කීකල්හි මෙයද නොකළ යුතුය. මෙයද නොකළ යුතුයයි කීකල්හි මෙයද නොකළ යුතුය මෙයද නොකළ යුතුයයි න්‍යාය සියයකින්ද න්‍යාය දහසකින්ද තේරුම් ගනී. මෙය කළයුතුයයි කීකල්හිද මෙම න්‍යායයි.
සික්ඛාකාමො හි අයං ආයස්මා, පාතොව ගන්ධකුටිපරිවෙණෙ පත්ථමත්තං වාලිකං ඔකිරති – “අජ්ජ සම්මාසම්බුද්ධස්ස සන්තිකා මය්හං උපජ්ඣායස්ස සන්තිකා එත්තකං ඔවාදං එත්තකං පරිභාසං ලභාමී”ති. සම්මාසම්බුද්ධොපි නං එතදග්ගෙ ඨපෙන්තො – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සික්ඛාකාමානං යදිදං රාහුලො”ති (අ· නි· 1.209) සික්ඛායමෙව අග්ගං කත්වා ඨපෙසි. සොපි ආයස්මා භික්ඛුසඞ්ඝමජ්ඣෙ තමෙව සීහනාදං නදි –
මේ ආයුෂ්මත්හු ශික්ෂාකාමීය. උදෑසනම ගඳකිළි මිදුලෙහි පාත්‍රයක් පමණ වැලි විසුරුවත්. අද සම්මා සම්බුදුන් හමුවෙහි අද මගේ උපාධ්‍යායයන් හමුවෙහි මෙපමණ ඔවදන් ලබමි මෙපමණ අවමන් ලබමියි. සම්මා සම්බුදුන් වහන්සේද අග්‍රස්ථානයෙහි තබන සේක් මහණෙනි මාගේ ශික්ෂාකාමී ශ්‍රාවක භික්ෂූන් අතර යමෙක් අග්‍රවේද ඒ රාහුලයයි ශික්ෂාවෙහිම අග්‍රකොට තැබූ සේක. ඒ ආයුෂ්මත්හුද භික්ෂුසංඝයා මැද එම සිංහනාදයම කළහ -
“සබ්බමෙතං අභිඤ්ඤාය, ධම්මරාජා පිතා මම; සම්මුඛා භික්ඛුසඞ්ඝස්ස, එතදග්ගෙ ඨපෙසි මං.
සබ්බමෙතං අභිඤ්ඤාය - ධම්මරාජා පිතාමම සම්මුඛා හික්ඛු සංඝස්ස - එතදග්ගෙ ඨපෙසිමං
සික්ඛාකාමානහං අග්ගො, ධම්මරාජෙන ථොමිතො; සද්ධාපබ්බජිතානඤ්ච, සහායො පවරො මම.
සික්ඛාකාමානහං අග්ගො - ධම්ම රාජෙන ථොමිතො සද්ධා පබ්බජිතානඤ්ච - සහායො පවරො මම
ධම්මරාජා පිතා මය්හං, ධම්මාරක්ඛො ච පෙත්තියො; සාරිපුත්තො උපජ්ඣායො, සබ්බං මෙ ජිනසාසන”න්ති.
ධම්මරාජා පිතාමය්හං - ධම්ම රක්ඛොව පෙත්තියො සාරි පුත්තො උපජ්ඣායො - සබ්බං මෙ ජිනසාසනං
මාගේ පියවු දම්රදාණන් වහන්සේ මේ සියල්ල දැන බික් සඟන හමුවෙහි මා අගතන්හි තැබුසේක
මම ශික්ෂාකාමීන් අතර අග්රවෙමි දම්රදාණන් විසින් පසසන ලද්දෙමි සැදැහැයෙන් පැවිදිවූවන්ට උතුම් සහායකයෙක්ද වෙමි.
මපියා දම් රදය දම් රැකිද පිය පස ද වෙති මාගේ උපාධ්‍යායයන් වහන්සේ සැරියුත් තෙරණුවෝය. මේ සියල්ල මට බුදුසසුනය.
අථස්ස භගවා යස්මා න කෙවලං රූපමෙව, වෙදනාදයොපි එවං දට්ඨබ්බා, තස්මා රූපම්පි රාහුලාතිආදිමාහ. කො නජ්ජාති කො නු අජ්ජ. ථෙරස්ස කිර එතදහොසි “සම්මාසම්බුද්ධො මය්හං අත්තභාවනිස්සිතං ඡන්දරාගං ඤත්වා ‘සමණෙන නාම එවරූපො විතක්කො න විතක්කිතබ්බො’ති නෙව පරියායෙන කථං කථෙසි, ගච්ඡ භික්ඛු රාහුලං වදෙහි ‘මා පුන එවරූපං විතක්කං විතක්කෙසී’ති න දූතං පෙසෙසි. මං සම්මුක්ඛෙ ඨත්වායෙව පන සභණ්ඩකං චොරං චූළාය ගණ්හන්තො විය සම්මුඛා සුගතොවාදං අදාසි. සුගතොවාදො ච නාම අසඞ්ඛෙය්යෙහිපි කප්පෙහි දුල්ලභො. එවරූපස්ස බුද්ධස්ස සම්මුඛා ඔවාදං ලභිත්වා කො නු විඤ්ඤූ පණ්ඩිතජාතිකො අජ්ජ ගාමං පිණ්ඩාය පවිසිස්සතී”ති. අථෙස ආයස්මා ආහාරකිච්චං පහාය යස්මිං නිසින්නට්ඨානෙ ඨිතෙන ඔවාදො ලද්ධො, තතොව පටිනිවත්තෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. භගවාපි තං ආයස්මන්තං නිවත්තමානං දිස්වා න එවමාහ – “මා නිවත්ත තාව, රාහුල, භික්ඛාචාරකාලො තෙ”ති. කස්මා? එවං කිරස්ස අහොසි – “අජ්ජ තාව කායගතාසතිඅමතභොජනං භුඤ්ජතූ”ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට හුදෙක් රූපයම පමණක් නොව වේදනා ආදියද මෙසේ දතයුතුයයි තස්මා රාහුල යනාදිය වදාළසේක. කොනජ්ජා අද කිමෙක්ද. තෙරුන්ට මෙසේ සිතිණ. සම්මා සම්බුදුන් වහන්සේ මාගේ ආත්මභාවය ආශ්රිතවූ ඡන්දරාගය දැන ශ්‍රමණයා විසින් මෙබඳු විතර්කයක් නොකළ යුතුයයි පර්යාය කථාවක් නොකළසේක. නැවත මෙබඳු විතර්කයක් නොකළ යුතුයයි යව මහණ රාහුලට කියන්නැයි දූතයකු නොයැවු සේක. හමුවෙහිම සිට බඩුසහිත සොරකු කෙසින් ගන්නාක් මෙන් හමුවෙහිදි සුගතොවාදය දුන්සේක. සුගතෝවාදය වනාහි කල්ප අසංඛෙය්යකින් ලැබිය නොහැක්කකි. මෙබඳු බුදුකෙනකුගේ හමුවෙහි අවවාද ලැබ කවර නුවණැත්තෙක් අද පිඬු පිණිස ගමට පිවිසෙන්නේදැයි ඉක්බිති මේ ආයුෂ්මත්හු අහරකිස හැර එහි හිඳිමින් සිටිමින් අවවාද ලබන ලද්දේ එයින්ද නැවත අවුත් එක්තරා රුක්මුලක හුන්හ. භාග්‍යවතුන් වහන්සේද ඒ ආයුෂ්මතුන් නවතිනු දැක රාහුල මේ ඔබගේ පිඬු පිණිස ගමට පිවිසෙන්නේදැයි ඉක්බිති මේ ආයුෂ්මත්හු අහරකිස හැර එහි හිඳිමින් සිටිමින් අවවාද ලබන ලද්දේ එයින්ද නැවත අවුත් එක්තරා රුක්මුලක හුන්හ. භාග්‍යවතුන් වහන්සේද ඒ ආයුෂ්මතුන් නවතිනු දැක. රාහුල මේ ඔබගේ පිඬු පිණිස හැසිරෙන වේලාවය නොනවතින්නැයි නොකී සේක. කුමක්නිසාද? උන්වහන්සේට මෙසේ සිතිණ. අද කායගතාසති නමැති අමෘත භෝජනය වළඳන්නැයි
අද්දසා ඛො ආයස්මා සාරිපුත්තොති භගවති ගතෙ පච්ඡා ගච්ඡන්තො අද්දස. එතස්ස කිරායස්මතො එකකස්ස විහරතො අඤ්ඤං වත්තං, භගවතා සද්ධිං විහරතො අඤ්ඤං. යදා හි ද්වෙ අග්ගසාවකා එකාකිනො වසන්ති, තදා පාතොව සෙනාසනං සම්මජ්ජිත්වා සරීරපටිජග්ගනං කත්වා සමාපත්තිං අප්පෙත්වා සන්නිසින්නා අත්තනො චිත්තරුචියා භික්ඛාචාරං ගච්ඡන්ති. භගවතා සද්ධිං විහරන්තා පන ථෙරා එවං න කරොන්ති. තදා හි භගවා භික්ඛුසඞ්ඝපරිවාරො පඨමං භික්ඛාචාරං ගච්ඡති. තස්මිං ගතෙ ථෙරො අත්තනො සෙනාසනා නික්ඛමිත්වා – “බහූනං වසනට්ඨානෙ නාම සබ්බෙව පාසාදිකං කාතුං සක්කොන්ති වා, න වා සක්කොන්තී”ති තත්ථ තත්ථ ගන්ත්වා අසම්මට්ඨං ඨානං සම්මජ්ජති. සචෙ කචවරො අඡඩ්ඩිතො හොති, තං ඡඩ්ඩෙති. පානීයට්ඨපෙතබ්බට්ඨානම්හි පානීයකූටෙ අසති පානීයඝටං ඨපෙති. ගිලානානං සන්තිකං ගන්ත්වා, “ආවුසො, තුම්හාකං කිං ආහරාමි, කිං වො ඉච්ඡිතබ්බ”න්ති? පුච්ඡති. අවස්සිකදහරානං සන්තිකං ගන්ත්වා – “අභිරමථ, ආවුසො, මා උක්කණ්ඨිත්ථ, පටිපත්තිසාරකං බුද්ධසාසන”න්ති ඔවදති. එවං කත්වා සබ්බපච්ඡා භික්ඛාචාරං ගච්ඡති. යථා හි චක්කවත්ති කුහිඤ්චි ගන්තුකාමො සෙනාය පරිවාරිතො පඨමං නික්ඛමති, පරිණායකරතනං සෙනඞ්ගානි සංවිධාය පච්ඡා නික්ඛමති, එවං සද්ධම්මචක්කවත්ති භගවා භික්ඛුසඞ්ඝපරිවාරො පඨමං නික්ඛමති, තස්ස භගවතො පරිණායකරතනභූතො ධම්මසෙනාපති ඉමං කිච්චං කත්වා සබ්බපච්ඡා නික්ඛමති. සො එවං නික්ඛන්තො තස්මිං දිවසෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං රාහුලභද්දං අද්දස. තෙන වුත්තං “පච්ඡා ගච්ඡන්තො අද්දසා”ති.
අද්දසාඛො ආසමා සාරිපුත්තා භාග්‍යවතුන් වහන්සේ වැඩිකල්හි පසුව යමින් දුටහ. මේ ආයුෂ්මතුන්ට හුදෙකලාව වාසය කරන විට එක් වතකි. භාග්‍යවතුන් වහන්සේ සමග වෙසෙනවිට අන්වතකි. යම් කලෙක දෑගසව්වෝ හුදෙකලාව වසත්ද එකල්හි උදෑසනම සෙනසුන හැමද සිරුර පිළිදැගුම් කොට, සමාපත්තිය නගාගෙන වැඩහුන්නාහු තමන්ගේ සිතැඟි පරිදි පිඬු පිණිස යත්. තෙරවරු භාග්‍යවතුන් වහන්සේ සමග වාසය කරනවිට මෙසේ නොකරත්. එකල්හි භාග්‍යවතුන්වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා පළමු පිඬු පිණිස වඩනා සේක. උන්වහන්සේ වැඩිකල්හි තෙරුන්වහන්සේ තමන්ගේ සෙනසුනින් නික්ම බොහෝ දෙනකු වසන තැන සියලු දෙනම සතුටු කිරීමට හැක්කේ හෝ වේවා නොහැක්කේ හෝවේවායි ඒ ඒ තැනට ගොස් නොහමළ තැන් හමදිති. ඉදින් කසල ඉවත් කර නැත්නම් එය ඉවත් කරති. පැන් තැබිය යුතු තැන පැන් කලයක් නැත්නම් පැන් කළයක් තබති. ගිලනුන් ළගට ගොස් ඇවැත්නි ඔබට කුමක් ගෙන එන්නද, ඔබ කැමති කුමකටදැයි අසති. අවශ්‍ය කරුණ භික්ෂූන් ළගට ගොස් ඇවැත්නි ඇලීගැලීවසන්න. නොකලකිරෙන්න බුදුසසුන පිළිවෙත් සරුවුවකැයි ඔවදන් දෙති. එසේ කොට සියලු දෙනට පසුව පිඬු පිණිස යති. යම්සේ සක්විති රජ කිසියම් තැනකට යන්නට කැමැත්තේ සේනාවන් පිරිවරන ලද්දේ නික්මුණේයයි පුත්‍රරත්නය සෙනග සංවිධානය කොට පසුව නික්මෙයි. මෙසේම සද්ධර්ම චක්රවර්තීවු භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා පිරිවරා පළමුව නික්මෙන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රරත්නය වූ ධර්ම සේනාපතින් වහන්සේ මේ කටයුතු ඉටුකොට සියල්ලන්ටම පසුව නික්මෙති. එසේ නික්මුණු උන්වහන්සේ එදවස එක්තරා රුක් මුලක හුන් රාහුලභද්‍ර දුටහ. එහෙයින් කියන ලදී. පච්ඡා ගච්ඡන්තො අද්දස යැයි.
අථ කස්මා ආනාපානස්සතියං නියොජෙසි? නිසජ්ජානුච්ඡවිකත්තා. ථෙරො කිර “එතස්ස භගවතා රූපකම්මට්ඨානං කථිත”න්ති අනාවජ්ජිත්වාව යෙනාකාරෙන අයං අචලො අනොබද්ධො හුත්වා නිසින්නො, ඉදමස්ස එතිස්සා නිසජ්ජාය කම්මට්ඨානං අනුච්ඡවිකන්ති චින්තෙත්වා එවමාහ. තත්ථ ආනාපානස්සතින්ති අස්සාසපස්සාසෙ පරිග්ගහෙත්වා තත්ථ චතුක්කපඤ්චකජ්ඣානං නිබ්බත්තෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං ගණ්හාහීති දස්සෙති.
එසේනම් ආනාපානසතියෙහි නියුක්ත කරවුයේ ඇයි. හිඳ සුදුසු බැවිනි. තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මොහුට රූපකර්මස්ථාන කියාදෙන ලද්දේයයි ආවර්ජනය නොකරම යම්හෙයකින් මොහු අචලාසන බැඳ හුන් බැවින් හුදෙකලාව හිඳීම කර්මස්ථානයට සුදුසුයයි සිතා මෙසේ කීහ. එහි ආනාපානසතිං ආශ්වාස ප්‍රශ්වාසයන් අල්ලාගෙන එහි චතුර්ථධ්යාන පඤ්චකධ්‍යාන උපදවා විදසුන් වඩා රහත්බව ගනී යයි දක්වයි.
මහප්ඵලා හොතීති කීවමහප්ඵලා හොති? ඉධ භික්ඛු ආනාපානස්සතිං අනුයුත්තො එකාසනෙ නිසින්නොව සබ්බාසවෙ ඛෙපෙත්වා අරහත්තං පාපුණාති, තථා අසක්කොන්තො මරණකාලෙ සමසීසී හොති, තථා අසක්කොන්තො දෙවලොකෙ නිබ්බත්තිත්වා ධම්මකථිකදෙවපුත්තස්ස ධම්මං සුත්වා අරහත්තං පාපුණාති, තතො විරද්ධො අනුප්පන්නෙ බුද්ධුප්පාදෙ පච්චෙකබොධිං සච්ඡිකරොති, තං අසච්ඡිකරොන්තො බුද්ධානං සම්මුඛීභාවෙ බාහියත්ථෙරාදයො විය ඛිප්පාභිඤ්ඤො හොති, එවං මහප්ඵලා. මහානිසංසාති තස්සෙව වෙවචනං. වුත්තම්පි චෙතං –
මහප්ඵලා හොති කෙතරම් මහත්ඵල වේද මෙහි භික්ෂුව ආනාපාන සතියෙහි අනුයුක්තවුයේ එක් ආසනයෙකින් හිදගෙනම සියලු ආශ්‍රවයන් ගෙවා රහත්බවට පැමිණෙයි. එසේ නොහැකිවන්නේ මරණ අවස්ථාවෙහි සම සීසී එසේ නොහැකිවන්නේ දෙව්ලොව ඉපදී ධර්ම කථික දිව්‍ය පුත්‍රයාගේ ධර්මය අසා රහත්බවට පැමිණෙයි. එයින් නොහැකිවූයේ බුදුන් නුපන් කල්හි පච්චෙක බෝධිය අවබෝධකරයි. එය අවබෝධ නොකරන්නේ බුදුන් හමුවු කල්හි බාහිය තෙරුන් ආදීන් මෙන් වහා අභිඥාලබන්නේවෙයි. මහත්ඵල මෙසේය. මහානිසංස යනු එයට වෙනත් වචනයකි. එය කියන ලදී -
“ආනාපානස්සතී යස්ස, පරිපුණ්ණා සුභාවිතා; අනුපුබ්බං පරිචිතා, යථා බුද්ධෙන දෙසිතා; සොමං ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා”ති. (ථෙරගා· 548; පටි· ම· 1.1.60) –
ආනාපාන සතීයස්ස - පරිපුණ්ණාසුභාවිතා අනුපුබ්බං පරිචිතා - යථා බුද්ධෙන දෙසිතා සොමං ලෝකං පභාසෙති - අබ්හාමුත්තොව වන්දිමා
යමකුගේ ආනාපාන සතිය හේ මේලෝකය පරිපුන්ද සුභාවිතද වළාකුළින් මිදුණු සඳමෙන් බුදුන් දෙසු පරිදි බබලවයි. පිළිවෙළින් පුරුදු කරනලදද.
ඉමං මහප්ඵලතං සම්පස්සමානො ථෙරො සද්ධිවිහාරිකං තත්ථ නියොජෙති.
මේ මහත්ඵල භාවය දක්නා තෙරුන් වහන්සේ සද්ධිවිහාරිකයා එහි යොදවති.
ඉති භගවා රූපකම්මට්ඨානං, ථෙරො ආනාපානස්සතින්ති උභොපි කම්මට්ඨානං ආචික්ඛිත්වා ගතා, රාහුලභද්දො විහාරෙයෙව ඔහීනො. භගවා තස්ස ඔහීනභාවං ජානන්තොපි නෙව අත්තනා ඛාදනීයං භොජනීයං ගහෙත්වා අගමාසි, න ආනන්දත්ථෙරස්ස හත්ථෙ පෙසෙසි, න පසෙනදිමහාරාජඅනාථපිණ්ඩිකාදීනං සඤ්ඤං අදාසි. සඤ්ඤාමත්තකඤ්හි ලභිත්වා තෙ කාජභත්තං අභිහරෙය්යුං. යථා ච භගවා, එවං සාරිපුත්තත්ථෙරොපි න කිඤ්චි අකාසි. රාහුලත්ථෙරො නිරාහාරො ඡින්නභත්තො අහොසි. තස්ස පනායස්මතො – “භගවා මං විහාරෙ ඔහීනං ජානන්තොපි අත්තනා ලද්ධපිණ්ඩපාතං නාපි සයං ගහෙත්වා ආගතො, න අඤ්ඤස්ස හත්ථෙ පහිණි, න මනුස්සානං සඤ්ඤං අදාසි, උපජ්ඣායොපි මෙ ඔහීනභාවං ජානන්තො තථෙව න කිඤ්චි අකාසී”ති චිත්තම්පි න උප්පන්නං, කුතො තප්පච්චයා ඔමානං වා අතිමානං වා ජනෙස්සති. භගවතා පන ආචික්ඛිතකම්මට්ඨානමෙව පුරෙභත්තම්පි පච්ඡාභත්තම්පි – “ඉතිපි රූපං අනිච්චං, ඉතිපි දුක්ඛං, ඉතිපි අසුභං, ඉතිපි අනත්තා”ති අග්ගිං අභිමත්ථෙන්තො විය නිරන්තරං මනසිකත්වා සායන්හසමයෙ චින්තෙසි – “අහං උපජ්ඣායෙන ආනාපානස්සතිං භාවෙහීති වුත්තො, තස්ස වචනං න කරිස්සාමි. ආචරියුපජ්ඣායානඤ්හි වචනං අකරොන්තො දුබ්බචො නාම හොති. ‘දුබ්බචො රාහුලො, උපජ්ඣායස්සපි වචනං න කරොතී’ති ච ගරහුප්පත්තිතො කක්ඛළතරා පීළා නාම නත්ථී”ති භාවනාවිධානං පුච්ඡිතුකාමො භගවතො සන්තිකං අගමාසි. තං දස්සෙතුං අථ ඛො ආයස්මා රාහුලොතිආදි වුත්තං.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කර්මස්ථානයද. තෙරුන්වහන්සේ ආනාපාන සතියද යන කර්මස්ථාන දෙකම කියා ගියහ. රාහුලභද්‍ර විහාරයෙහිම තනිවුයේය. භාග්‍යවතුන් වහන්සේ ඔහු තනි වූ බව දන්නා නමුත් තමාම කෑයුතුදෙයක් පියයුතු දෙයක් ගෙන ගියේ නැත. ආනන්ද තෙරුන් අතද යැව්වේනැත. පසේනදී මහරජු අනේපිඬු ආදීන්ට සංඥාවක් කළේද නැත. සංඥාමාත්රයක් ලැබ ඔවුහු දන්කදක් එළවන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙන්ම සැරියුත් තෙරුන්වහන්සේද කිසිවක් නොකළාහු ය. රාහුලහිමියෝ නිරාහාරව සුන්බත් වූහ. ඒ ආයුෂ්මතුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ මා විහාරයෙහි තනි වු බව දැන ගෙනත් තමා ලද පිණ්ඩපාතය තමාම නොගෙන ආසේක. අනිකකු අත එව්වේද නැත. මිනිසුන්ට සංඥවක්ද නොකළසේක. උපධ්‍යායයන් වහන්සේද මා තනිවු බව දන්නාහු ඒ අයුරින්ම කිසිවක් නොකළහයි සිතක් වත් නූපන. ඒ හේතුවෙන් අවමානයක් හෝ අභිමානය හෝ කොයින් ඇතිවන්නේද. භාග්‍යවතුන් වහන්සේ විසින් කියාදෙන ලද කර්මස්ථානයම පෙරබත් කල්හිද පසුබත්කල්හිද මෙසේ රූපය අනිත්‍යය. දුකය, අසුභය අනාත්මයැයි ගිනි දල්වන්නාක්මෙන් නිරතුරුව සිත්හි තබා සවස්යාමයෙහි මෙසේ සිතූහ. මම උපාධ්‍යායයන් වහන්සේ විසින් ආනාපාන සතිය වැඩිය යුතුයයි කියන ලද්දෙමි. උන්වහන්සේගේ වචන නොකරන්නෙමි. ආචාර්ය උපාධ්‍යායයන්ගේ වචනය නොකරන්නා දුර්වචයෙක්වෙයි දුර්වච රාහුල උපාධ්‍යායන් වහන්සේගේ වචනයද නොකරතියි ඇතිවන ගර්හාවට වඩා කර්කශවු පීඩාවක්නම් නැතැයි භාවනාවිධානය විමසනු කැමැතිව භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියහ. එය පෙන්වන්ට අථඛො ආයස්මා රාහුලො ආදිය කියන ලදී.
තත්ථ පටිසල්ලානාති එකීභාවතො. යංකිඤ්චි රාහුලාති කස්මා? භගවා ආනාපානස්සතිං පුට්ඨො රූපකම්මට්ඨානං කථෙතීති. රූපෙ ඡන්දරාගප්පහානත්ථං. එවං කිරස්ස අහොසි – “රාහුලස්ස අත්තභාවං නිස්සාය ඡන්දරාගො උප්පන්නො, හෙට්ඨා චස්ස සඞ්ඛෙපෙන රූපකම්මට්ඨානං කථිතං. ඉදානිස්සාපි ද්විචත්තාලීසාය ආකාරෙහි අත්තභාවං විරාජෙත්වා විසඞ්ඛරිත්වා තංනිස්සිතං ඡන්දරාගං අනුප්පත්තිධම්මතං ආපාදෙස්සාමී”ති. අථ ආකාසධාතුං කස්මා විත්ථාරෙසීති? උපාදාරූපදස්සනත්ථං. හෙට්ඨා හි චත්තාරි මහාභූතානෙව කථිතානි, න උපාදාරූපං. තස්මා ඉමිනා මුඛෙන තං දස්සෙතුං ආකාසධාතුං විත්ථාරෙසි. අපිච අජ්ඣත්තිකෙන ආකාසෙන පරිච්ඡින්නරූපම්පි පාකටං හොති.
එහි පටිසල්ලානා හුදෙකලාබවින්, යංකිඤ්චිරාහුල යනුවෙන් කුමක්නිසා භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සතිය විමසන ලදුව රූප කර්මස්ථානය වදාළසේක්ද, රූපයෙහි රූපයෙහි ඡන්දරාගය නැතිකරනු පිණිසය. උන්වහන්සේට මෙසේ සිතිණ. රාහුලගේ ආත්මභාවය නිසා ඡන්දරාගය උපන. යවදීද ඔහුට සංක්ෂේපයෙන් රූප කර්මස්ථානය කියන ලදී. දැන් ඔහුට දෙසාළිස් අයුරෙකින් ආත්ම භාවය හැරදමා විනාශකොට ඒ ආශ්රිත ඡන්දරාගය නූපදිනා ස්වභාවයට පත්කරන්නෙමි. ඉක්බිතිව ආකාශ ධාතුව කුමක් හෙයින් විස්තර කරන ලද්දේද. උපාදා රූපය නොවේ. ඒනිසා මේ අයුරින් එය පෙන්වනු පිණිස ආකාශධාතුව විස්තර කරන ලදී. එසේ වුවත් ආධ්‍යාත්මික ආකාශයෙන් පිරිසිඳුණු රූපයද ප්‍රකට වෙයි.
ආකාසෙන පරිච්ඡින්නං, රූපං යාති විභූතතං; තස්සෙවං ආවිභාවත්ථං, තං පකාසෙසි නායකො.
ආකාසෙන පාරිච්ඡින්නං - රූපං යාති විභූතතං තස්සෙව ආවිභාවත්ථං - තං පකාසෙසි නායකො
අහසින් පිරිසිඳුණු රූපය ප්‍රකට බවට යේ එය හෙළිකරනු පිණිසම බුදුරදහු එය පැවසුහ.
එත්ථ පන පුරිමාසු තාව චතූසු ධාතූසු යං වත්තබ්බං, තං මහාහත්ථිපදොපමෙ වුත්තමෙව.
මෙහි පළමු සිව් ධාතුවල යමක් කියයුතුද එය මහාහත්ථිපදොපම සුත්‍රයෙහි කියන ලද්දේමය.
ආකාසධාතුයං ආකාසගතන්ති ආකාසභාවං ගතං. උපාදින්නන්තිආදින්නං ගහිතං පරාමට්ඨං, සරීරට්ඨකන්ති අත්ථො. කණ්ණච්ඡිද්දන්ති මංසලොහිතාදීහි අසම්ඵුට්ඨකණ්ණවිවරං. නාසච්ඡිද්දාදීසුපි එසෙව නයො. යෙන චාති යෙන ඡිද්දෙන. අජ්ඣොහරතීති අන්තො පවෙසෙති, ජිව්හාබන්ධනතො හි යාව උදරපටලා මනුස්සානං විදත්ථිචතුරඞ්ගුලං ඡිද්දට්ඨානං හොති. තං සන්ධායෙතං වුත්තං. යත්ථ චාති යස්මිං ඔකාසෙ. සන්තිට්ඨතීති පතිට්ඨාති. මනුස්සානඤ්හි මහන්තං පටපරිස්සාවනමත්තඤ්ච උදරපටලං නාම හොති. තං සන්ධායෙතං වුත්තං. අධොභාගං නික්ඛමතීති යෙන හෙට්ඨා නික්ඛමති. ද්වත්තිංසහත්ථමත්තං එකවීසතියා ඨානෙසු වඞ්කං අන්තං නාම හොති. තං සන්ධායෙතං වුත්තං. යං වා පනඤ්ඤම්පීති ඉමිනා සුඛුමසුඛුමං චම්මමංසාදිඅන්තරගතඤ්චෙව ලොමකූපභාවෙන ච ඨිතං ආකාසං දස්සෙති. සෙසමෙත්ථාපි පථවීධාතුආදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බං.
ආකාසධාතුයං ආකාසගතං ආකාශ භාවයව ගිය. උපාදිණ්ණං තෘෂ්ණාවෙන් ගන්නා ලද ස්පර්ශ කරන ලද ශරීරයෙහි පිහිටි යන අර්ථයි. කණ්ණච්ජිද්දං මස් ලේ ආදියෙන් ස්පර්ශ නොවු කන් සිදුර, නාසාවඡිද්දං යනාදියෙහිද මේ ක්‍රමය මැයි. යෙනච යම් සිදුරෙකින්, අජ්ඣෙහරති ඇතුළට පිවිසවයි. දිව බැඳුණු තැන සිට උදර පටලය තෙක් මිනිසුන්ගේ වියතක්හා අඟල්හතරක් සිදුරුවු තැනක් වෙයි. ඒ සඳහා මෙය කියන ලදී. යත්ථච යම් අවකාශයෙක, සන්තිට්ඨති පිහිටයි. මිනිසුන්ගේ මහත්වු පෙරහන් පමණ වු උදර පටලනම් දෙයක් නැත. ඒ සඳහා මෙය කියන ලදී. අධො භාගා නිමක්ඛති අධෝමාර්ගයෙන් නික්මෙයි. රියන් තිස් දෙකක් පමණ විසි තැනෙක වංකවු බඩවැලක් ඇත. ඒ සඳහා මෙය කියන ලදි. යංවා පන අඤ්ඤම්පි මෙයින් සියුම් සියුම් සම්මස් ආදිය අතරට ගිය රෝම කූප ආකාරයෙන්ද සිටි අවකාශය දක්වයි. සෙසු අර්ථයද පඨවිධාතු ආදියෙහිදී කියු අයුරින් දතයුතුය.
ඉදානිස්ස තාදිභාවලක්ඛණං ආචික්ඛන්තො පථවීසමන්තිආදිමාහ. ඉට්ඨානිට්ඨෙසු හි අරජ්ජන්තො අදුස්සන්තො තාදී නාම හොති. මනාපාමනාපාති එත්ථ අට්ඨ ලොභසහගතචිත්තසම්පයුත්තා මනාපා නාම, ද්වෙ දොමනස්සචිත්තසම්පයුත්තා අමනාපා නාම. චිත්තං න පරියාදාය ඨස්සන්තීති එතෙ ඵස්සා උප්පජ්ජිත්වා තව චිත්තං අන්තොමුට්ඨිගතං කරොන්තො විය පරියාදාය ගහෙත්වා ඨාතුං න සක්ඛිස්සන්ති “අහං සොභාමි, මය්හං වණ්ණායතනං පසන්න”න්ති පුන අත්තභාවං නිස්සාය ඡන්දරාගො නුප්පජ්ජිස්සති. ගූථගතන්තිආදීසු ගූථමෙව ගූථගතං. එවං සබ්බත්ථ.
දැන් ඔහුගේ තාදිභාව ලක්ෂණ කියාදෙමින් පඨවීසමං ආදිය කිහ. ඉටුඅනිටු දෙයෙහි නොඇලෙන්නේ ද්වේශ නොකරන්නේ තාදීනම් වේ. මනාපාමනාපා නම් ලෝභ සහගත සිත් අටෙහි යෙදුණු දේ මනාපා නම්. දොස සහගත සිත් දෙකෙහි යෙදුණු දේ අමනාපා නම්. නපරියාදාය ඨස්සන්ති යනු මේ ස්පර්ශ ඉපදී තොපගේ සිත මිටතුළට දමන්නාක් මෙන් වටින්ගෙන සිටින්ට නොහැකි වන්නාහුය. මම බබලමි. මාගේ වර්ණායතනය ප්‍රසන්න යැයි නැවත ආත්මභාවය නිසා ඡන්දරාගය නුපදින්නේය. ගතං ආදීන්හි අසුචිබවට පත් අසුචිමය සියලු තන්හි මෙසේය.
න කත්ථචි පතිට්ඨිතොති පථවීපබ්බතරුක්ඛාදීසු එකස්මිම්පි න පතිට්ඨිතො, යදි හි පථවියං පතිට්ඨිතො භවෙය්ය, පථවියා භිජ්ජමානාය සහෙව භිජ්ජෙය්ය, පබ්බතෙ පතමානෙ සහෙව පතෙය්‍ය, රුක්ඛෙ ඡිජ්ජමානෙ සහෙව ඡිජ්ජෙය්ය.
නකත්ථචි පතිට්ඨිතො පෘථුවි පර්වත වෘක්ෂ ආදීයෙහි එකකවත් නොපිහිටියේය. ඉදින් පෘථිවියෙහි පිහිටියේ වේනම් පෘථුවිය බිඳීයනවිට ඒ සමගම බිඳෙන්නේය. පර්වතය වැටෙන විට ඒ සමග වැටෙන්නේය. ගස සිඳීයනවිට ඒ සමගම සිඳෙන්නේය.
මෙත්තං රාහුලාති කස්මා ආරභි? තාදිභාවස්ස කාරණදස්සනත්ථං. හෙට්ඨා හි තාදිභාවලක්ඛණං දස්සිතං, න ච සක්කා අහං තාදී හොමීති අකාරණා භවිතුං, නපි “අහං උච්චාකුලප්පසුතො බහුස්සුතො ලාභී, මං රාජරාජමහාමත්තාදයො භජන්ති, අහං තාදී හොමී”ති ඉමෙහි කාරණෙහි කොචි තාදී නාම හොති, මෙත්තාදිභාවනාය පන හොතීති තාදිභාවස්ස කාරණදස්සනත්ථං ඉමං දෙසනං ආරභි.
මෙත්තං රාහුල යැයි කුමක් නිසා ඇරඹූසේක්ද? තාදිභාවයෙහි හේතුව දක්වනු පිණිසය. යට තාදිභාවලක්ෂණය දක්වන ලදී. මම තාදීමෙන් වෙමියි අහේතුකව වන්නට නොහැකිය. මම උසස්කුලයෙහි උපන්නේ නොවෙම්ද බහුශ්‍රැත නොවෙම්ද ලාභීද නොවෙම්ද රාජරාජ මහාමාත්‍ය ආදීහු මා ආශ්‍රය නොකරත්ද මමතාදී වෙමියි මෙම කරුණුවලින් කවරෙක් නම් තාදී නම් වේද? මෙත්තාභාවනාදියෙන්ම වෙතියි තාදීභාවයට හේතු දැක්වීම පිණිස මේ දේශනාව ආරම්භ කළසේක.
තත්ථ භාවයතොති උපචාරං වා අප්පනං වා පාපෙන්තස්ස. යො බ්යාපාදොති යො සත්තෙ කොපො, සො පහීයිස්සති. විහෙසාති පාණිආදීහි සත්තානං විහිංසනං. අරතීති පන්තසෙනාසනෙසු චෙව අධිකුසලධම්මෙසු ච උක්කණ්ඨිතතා. පටිඝොති යත්ථ කත්ථචි සත්තෙසු සඞ්ඛාරෙසු ච පටිහඤ්ඤනකිලෙසො. අසුභන්ති උද්ධුමාතකාදීසු උපචාරප්පනං. උද්ධුමාතකාදීසු අසුභභාවනා ච නාමෙසා විත්ථාරතො විසුද්ධිමග්ගෙ කථිතාව. රාගොති පඤ්චකාමගුණිකරාගො. අනිච්චසඤ්ඤන්ති අනිච්චානුපස්සනාය සහජාතසඤ්ඤං. විපස්සනා එව වා එසා අසඤ්ඤාපි සඤ්ඤාසීසෙන සඤ්ඤාති වුත්තා. අස්මිමානොති රූපාදීසු අස්මීති මානො.
එහි භාවයතො උපචාරයව හෝ අර්පණාවට පැමිණෙන්නහුට. සො ඛ්යාපාදො සත්වයන් කෙරෙහි යම් කෝපයක් වේද එය ගෙවීයන්නේය. විහෙසා ආදියෙන් සත්වයන්ට කරන හිංසනය, ආරති නොඇලීම, හුදෙකලා සෙනසුන්හිද අධිකුශල ධර්මයන්හිද උකටලීව, පටිසො කිසියම් තැනක ඇති එළවාදමන ක්ලේශය, අසුහභාවනා ද නමින් මෙය විස්තර වශයෙන් විසුද්ධිමග්ගයෙහි කියන ලදී. රාගො පංචකාමගුණයන්හි ඇති රාගය අනිච්ච සඤ්ඤං අනිච්චානු පස්සනාව සමග එක්වඋපන් සඤ්ඤාව විදර්ශනාවම හෝ මේ අසඤ්ඤාවද සඤ්ඤ අර්ථයෙන් සඤ්ඤායයි කියන ලදි. අස්මිමානො රූපාදීන්හි වෙමියි ඇතිකරගන්නා මානය.
ඉදානි ථෙරෙන පුච්ඡිතං පඤ්හං විත්ථාරෙන්තො ආනාපානස්සතින්තිආදිමාහ. තත්ථ ඉදං කම්මට්ඨානඤ්ච කම්මට්ඨානභාවනා ච පාළිඅත්ථො ච සද්ධිං ආනිසංසකථාය සබ්බො සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ අනුස්සතිනිද්දෙසෙ විත්ථාරිතොයෙව. ඉමං දෙසනං භගවා නෙය්යපුග්ගලවසෙනෙව පරිනිට්ඨාපෙසීති.
දැන් තෙරුන් විසින් අසන ලද ප්රශ්නය විස්තර කරමින් ආනාපානසතිං ආදියකීහ. එහි කර්මස්ථානයද කර්මස්ථාන භාවනාවද පාළි අර්ථයද ආනිසංස කථාව සමග සියල්ල සියලු ආකාරයෙන් විසුද්ධිමග්ගයෙහි අනුස්සති නිර්දේශයෙහි විස්තර කරන ලද්දේ වෙයි. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ නෙය්‍ය පුද්ගල වශයෙන් නිමවා වදාළ සේක.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මාහාරාහුලොවාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි මහාරාහුලොවාද සුත්‍රයයි