භද්දාලි සුත්තවණ්ණනා අට්ඨකථා
භද්දාලි සුත්තවණ්ණනා
භද්දාලි සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති භද්දාලිසුත්තං. තත්ථ එකාසනභොජනන්ති එකස්මිං පුරෙභත්තෙ අසනභොජනං, භුඤ්ජිතබ්බභත්තන්ති අත්ථො. අප්පාබාධතන්තිආදීනි කකචොපමෙ විත්ථාරිතානි. න උස්සහාමීති න සක්කොමි. සියා කුක්කුච්චං සියා විප්පටිසාරොති එවං භුඤ්ජන්තො යාවජීවං බ්රහ්මචරියං චරිතුං සක්ඛිස්සාමි නු ඛො, න නු ඛොති ඉති මෙ විප්පටිසාරකුක්කුච්චං භවෙය්‍යාති අත්ථො. එකදෙසං භුඤ්ජිත්වාති පොරාණකත්ථෙරා කිර පත්තෙ භත්තං පක්ඛිපිත්වා සප්පිම්හි දින්නෙ සප්පිනා උණ්හමෙව ථොකං භුඤ්ජිත්වා හත්ථෙ ධොවිත්වා අවසෙසං බහි නීහරිත්වා ඡායූදකඵාසුකෙ ඨානෙ නිසීදිත්වා භුඤ්ජන්ති. එතං සන්ධාය සත්ථා ආහ. භද්දාලි, පන චින්තෙසි – “සචෙ සකිං පත්තං පූරෙත්වා දින්නං භත්තං භුඤ්ජිත්වා පුන පත්තං ධොවිත්වා ඔදනස්ස පූරෙත්වා ලද්ධං බහි නීහරිත්වා ඡායූදකඵාසුකෙ ඨානෙ භුඤ්ජෙය්ය, ඉති එවං වට්ටෙය්ය, ඉතරථා කො සක්කොතී”ති. තස්මා එවම්පි ඛො අහං, භන්තෙ, න උස්සහාමීති ආහ. අයං කිර අතීතෙ අනන්තරාය ජාතියා කාකයොනියං නිබ්බත්ති. කාකා ච නාම මහාඡාතකා හොන්ති. තස්මා ඡාතකත්ථෙරො නාම අහොසි. තස්ස පන විරවන්තස්සෙව භගවා තං මද්දිත්වා අජ්ඣොත්ථරිත්වා – “යො පන භික්ඛු විකාලෙ ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා පාචිත්තිය”න්ති (පාචි· 248) සික්ඛාපදං පඤ්ඤපෙසි. තෙන වුත්තං අථ ඛො ආයස්මා, භද්දාලි,…පෙ… අනුස්සාහං පවෙදෙසීති.
එවම්මෙසුතං යනු හද්දාලිසුත්රයයි. එකාසන භෝජනං එක් පෙරවරුවක ආසන භෝජනය වැළඳිය යුතුය යන අර්ථයි අප්පාබාධං ආදිය කකචොපම සුත්‍රයෙහි විස්තර කරන ලදී. න උස්සහාමි නොහැකි වෙමි. සියා කුක්කුච්චං සියා විප්පටිසාරො මෙසේ වළඳන්නේ දිවි ඇතිතාක් බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්ට හැකිවෙම්ද නොහැකි වෙම්දැයි මෙසේ මට විපිළිසර කුකුසක් වන්නේ ය යන අර්ථයි. එකදෙසං භුඤ්ජිත්වා පුරාණ තෙරවරු වනාහි පාත්‍රයෙහි බත් දමා ගිතෙල් දුන් කල්හි ගිතෙලින් උණුඋණුවේම මඳක් වළඳා අත් දොවා ඉතිරිය පිටතට ගෙනවුත් සෙවන හා ජලය පහසු තැනක හිඳ වළදත්. ශාස්තෲන් වහන්සේ ඒ සඳහා වදාළ සේක භද්දාලි මෙසේ සිතිය. යම් හෙයකින් තම පාත්‍රය පුරවා දුන් බත වළඳා නැවත පාත්‍රය සෝදා බතින්පුරවා ලද දෙයක් පිටතට ගෙනවුත් සෙවන ජල පහසුකම් ඇති තැනෙක වළඳත් නම් එසේ වටනේය. වෙනත් අයුරකින් කවරෙක් සමත්වේද. එහෙයින් එවම්පි ඛො අහං භන්තෙ න උස්සහාමි කීය. මොහු වනාහි අතීතයෙහි අනන්තර ජාතියෙහි කාකයෝනියෙහි උපන්නේ ය. කපුටෝ නම් මහා කුසගිනි ඇත්තෝ වෙති. ඒනිසා මහඡාතක තෙරුන් වහන්සේයි නමක් ඇතිවිය. ඔහු හඬනගද්දීම භාග්‍යවතුන් වහන්සේ එය මැඩ පවත්වා යටපත්කොට යම් භික්ෂුවක් විකල්හි කෑයුතු දෙයක් හෝ පියයුතු දෙයක් කන්නේ හෝ බොන්නේ නම් පචිති ඇවතක් වෙයි යයි ශික්ෂාපදයක් පැනවූසේ. එහෙයින් කියනලදි අථඛො ආයස්මා භද්දාලි -පෙ- අනුස්සාහං පවෙදෙසි.......... යනුවෙන්.
යථා තන්ති යථා අඤ්ඤොපි සික්ඛාය න පරිපූරකාරී එකවිහාරෙපි වසන්තො සත්ථු සම්මුඛීභාවං න දදෙය්ය, තථෙව න අදාසීති අත්ථො. නෙව භගවතො උපට්ඨානං අගමාසි, න ධම්මදෙසනට්ඨානං න විතක්කමාළකං, න එකං භික්ඛාචාරමග්ගං පටිපජ්ජි. යස්මිං කුලෙ භගවා නිසීදති, තස්ස ද්වාරෙපි න අට්ඨාසි. සචස්ස වසනට්ඨානං භගවා ගච්ඡති, සො පුරෙතරමෙව ඤත්වා අඤ්ඤත්ථ ගච්ඡති. සද්ධාපබ්බජිතො කිරෙස කුලපුත්තො පරිසුද්ධසීලො. තෙනස්ස න අඤ්ඤො විතක්කො අහොසි, – “මයා නාම උදරකාරණා භගවතො සික්ඛාපදපඤ්ඤාපනං පටිබාහිතං, අනනුච්ඡවිකං මෙ කත”න්ති අයමෙව විතක්කො අහොසි. තස්මා එකවිහාරෙ වසන්තොපි ලජ්ජාය සත්ථු සම්මුඛීභාවං නාදාසි.
යම්සේ ශික්ෂා නොපුරන්නෙක් එක් වෙහෙරක වසන්නේ ශාස්තෲන් වහන්සේ හමුවීමට නොදේද එසේ නොදුන්නේ ය. යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේට උවටැන් කිරීමටද නොගියේය. දම්දෙසන තැනට නො ගියේය. සීමා මාළකයටද නො ගියේය. එකඳු පිණ්ඩපාත මාර්ගයකට පිවිසියේද නැත. යම් ගෘහයක භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා සේක්ද, එහි දොරටුවෙහි පවා නොසිටියේය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඔහු වසන තැනට වඩනාසේක්ද හෙතෙම පෙරාතුවම දැන අන්තැනකට යයි. කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් පැවිදිවූවෙකි. පිරිසිදු සිල්ඇත්තේය. එහෙයින් ඔහුට වෙනත් විතර්කයක් නොවීය. මා විසින් උදර හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂා පද පැනවීම ප්‍රතික්ෂේප කරන ලදී. මා විසින් නුසුදුසු දෙයක් කරන ලද්දේය යන මේ විතර්කයම විය. එහෙයින් එක් වෙහෙරක වසන්නේ වුවද ලජ්ජාවෙන් ශාස්තෲන් වහන්සේගේ හමුවීමක් නුදුන්නේය.
චීවරකම්මං කරොන්තීති මනුස්සා භගවතො චීවරසාටකං අදංසු, තං ගහෙත්වා චීවරං කරොන්ති. එතං දොසකන්ති එතං ඔකාසමෙතං අපරාධං, සත්ථු සික්ඛාපදං පඤ්ඤපෙන්තස්ස පටිබාහිතකාරණං සාධුකං මනසි කරොහීති අත්ථො. දුක්කරතරන්ති වස්සඤ්හි වසිත්වා දිසාපක්කන්තෙ භික්ඛූ කුහිං වසිත්ථාති පුච්ඡන්ති, තෙහි ජෙතවනෙ වසිම්හාති වුත්තෙ, “ආවුසො, භගවා ඉමස්මිං අන්තොවස්සෙ කතරං ජාතකං කථෙසි, කතරං සුත්තන්තං, කතරං සික්ඛාපදං පඤ්ඤපෙසී”ති පුච්ඡිතාරො හොන්ති. තතො “විකාලභොජනසික්ඛාපදං පඤ්ඤපෙසි, භද්දාලි, නාම නං එකො ථෙරො පටිබාහී”ති වක්ඛන්ති. තං සුත්වා භික්ඛූ – “භගවතොපි නාම සික්ඛාපදං පඤ්ඤපෙන්තස්ස පටිබාහිතං අයුත්තං අකාරණ”න්ති වදන්ති. එවං තෙ අයං දොසො මහාජනන්තරෙ පාකටො හුත්වා දුප්පටිකාරතං ආපජ්ජිස්සතීති මඤ්ඤමානා එවමාහංසු. අපිච අඤ්ඤෙපි භික්ඛූ පවාරෙත්වා සත්ථු සන්තිකං ආගමිස්සන්ති. අථ ත්වං “එථාවුසො, මම සත්ථාරං ඛමාපෙන්තස්ස සහායා හොථා”ති සඞ්ඝං සන්නිපාතෙස්සසි. තත්ථ ආගන්තුකා පුච්ඡිස්සන්ති, “ආවුසො, කිං ඉමිනාපි භික්ඛුනා කත”න්ති. තතො එතමත්ථං සුත්වා “භාරියං කතං භික්ඛුනා, දසබලං නාම පටිබාහිස්සතීති අයුත්තමෙත”න්ති වක්ඛන්ති. එවම්පි තෙ අයං අපරාධො මහාජනන්තරෙ පාකටො හුත්වා දුප්පටිකාරතං ආපජ්ජිස්සතීති මඤ්ඤමානාපි එවමාහංසු. අථ වා භගවා පවාරෙත්වා චාරිකං පක්කමිස්සති, අථ ත්වං ගතගතට්ඨානෙ භගවතො ඛමාපනත්ථාය සඞ්ඝං සන්නිපාතෙස්සසි. තත්ර දිසාවාසිනො භික්ඛූ පුච්ඡිස්සන්ති, “ආවුසො, කිං ඉමිනා භික්ඛුනා කත”න්ති…පෙ… දුප්පටිකාරතං ආපජ්ජිස්සතීති මඤ්ඤමානාපි එවමාහංසු.
චීවර කම්මං කරොන්ති මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට සිවුරු සළුවක් දුන්හ. එය ගෙන සිවුරු මසත්. එතංදෙසකං මේ අවසරය මේ අපරාධය, ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන විට ප්‍රතික්ෂේප කිරීම මනාසේ සිත්හි තබාගනී යන අර්ථයි. දුක්කරතරං වස්වස දිසාවට ගිය භික්ෂූන්ගෙන් කොහි විසුහුදැයි අසත්. ඔවුන් දෙව්රමෙහි වුසුම්භයි කිකල්හි ආයුෂ්මත්නි භාග්‍යවතුන් වහන්සේ මේ වස්කාලය තුළ කිනම් ජාතකයක් වදාළසේක්ද, කිනම් සුත්‍රයක් වදාළසේක්ද කිනම් ශික්ෂාපදයක් පැනවු සේක්දැයි ඇසුවෝ වෙති. ඉන්පසු විකාල භෝජන ශික්ෂා පදය පැනවුසේක. භද්දාලිනම් එක් තෙරනමක් ප්‍රතික්ෂේප කළැයි කියති. ඒ අසා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ශික්ෂා පද පනවනවිට ප්‍රතික්ෂේප කළහ. එය අයුතු යයිද අහේතුක යයිද කියති. මෙසේ ඔබගේ මේ දෝෂය මහාජනයා අතර ප්‍රකටවී ප්‍රතිකර්ම කළ නොහැකි තත්ත්වයට පැමිණෙන්නේයයි හැඳින්නාහු මෙසේ ඇසුව. අනිකුත් භික්ෂූහුද පවරා ශාස්තෲන් වහන්සේ සමීපයට එන්නහුය. ඉක්බිති එසේනම් ඇවැත්නි මා ශාස්තෲන් වහන්සේ කමාකරවන විට සහාය වනු මැනවැයි සංඝයා රැස්කරවන්නාහුය. එහිදී ආගන්තුකයෝ මෙසේ අසන්නාහු ඇවැත්නි මේ භික්ෂුව විසින් කුමක් කරන ලද්දේද? ඉන්පසු ඒ බව අසා බැරෑරැම් දෙයක් කරන ලද්දේය. භික්ෂුව විසින් දසබල ධාරීන් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලබනසේක. මෙය අයුක්තියක් යයි කියති. ඔවුහු මේ අපරාධය මහජනයා අතර ප්රකටව ප්‍රතිකර්ම කළ නොහැකි තත්වයට පැමිණෙන්නේයයි හඟින්නාහු මෙසේ කිහ. අථභගවා පවාරෙත්වා චාරිකං පක්කමිස්සති ඔබ ගියගිය තැන භාග්‍යවතුන් වහන්සේ කමා කරවනු පිණිස සංඝයා රැස්කරවන්නෙහිය. එහිදී දිසාවාසී භික්ෂූහු මෙසේ අසන්නාහුය. ඇවැත්නි මේ භික්ෂුව විසින් කුමක් කරන ලද්දේද -පෙ- ප්‍රතිකර්ම කළ නොහැකි බවට පත්වන්නේයයි හඟින්නාහු මෙසේ කීහ.
එතදවොචාති අප්පතිරූපං මයා කතං, භගවා පන මහන්තෙපි අගුණෙ අලග්ගිත්වා මය්හං අච්චයං පටිග්ගණ්හිස්සතීති මඤ්ඤමානො එතං “අච්චයො මං, භන්තෙ,”තිආදිවචනං අවොච. තත්ථ අච්චයොති අපරාධො. මං අච්චගමාති මං අතික්කම්ම අභිභවිත්වා පවත්තො. පටිග්ගණ්හාතූති ඛමතු. ආයතිං සංවරායාති අනාගතෙ සංවරණත්ථාය, පුන එවරූපස්ස අපරාධස්ස දොසස්ස ඛලිතස්ස අකරණත්ථාය. තග්ඝාති එකංසෙන. සමයොපි ඛො තෙ, භද්දාලීති, භද්දාලි, තයා පටිවිජ්ඣිතබ්බයුත්තකං එකං කාරණං අත්ථි, තම්පි තෙ න පටිවිද්ධං න සල්ලක්ඛිතන්ති දස්සෙති.
එතදවොච මා විසින් නුසුදුස්සන් කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මහත්වූද අගුණයෙහි නොලැබී මාගේ වරද පිළිගන්නා සේකැයි හඟින්නේ එතං අච්චයො මං භන්තෙ ආදී වදන් කීය. එහි අච්චයො අපරාධය. මං අච්චගමා මා ඉක්මවා අභිබවා පැවතියේය. පතිගණ්හාතු කමා කළ මැනව. ආයතිං සංවරාය අනාගතයෙහි සංවරය පිණිස. නැවත මෙබඳු අපරාධයක්, දෝෂයක් වැරැද්දක් නොකරනු පිණිස තගසා නිශ්චිතවම. සමයොපි ඛොතෙ භද්දාලි භද්දාලි ඔබ දැන ගතයුතු එක් කරුණක් ඇත. එයත් ඔබ දැන ගෙන නැත. නොසලකා හැර ඇතැයි දක්වයි.
උභතොභාගවිමුත්තොතිආදීසු ධම්මානුසාරී, සද්ධානුසාරීති ද්වෙ එකචිත්තක්ඛණිකා මග්ගසමඞ්ගිපුග්ගලා. එතෙ පන සත්තපි අරියපුග්ගලෙ භගවතාපි එවං ආණාපෙතුං න යුත්තං, භගවතා ආණත්තෙ තෙසම්පි එවං කාතුං න යුත්තං. අට්ඨානපරිකප්පවසෙන පන අරියපුග්ගලානං සුවචභාවදස්සනත්ථං භද්දාලිත්ථෙරස්ස ච දුබ්බචභාවදස්සනත්ථමෙතං වුත්තං.
උභතොභාග විමුත්තො ආදී තන්හි ධම්මානුසාරි සද්ධානුසාරි යන චිත්තක්ෂණ දෙකින් යුතු මාර්ගයෙන් යුත් පුද්ගලයෝ මේ සත් ආර්ය පුද්ගලයන් භාග්‍යවතුන් වහන්සේ විසිනුදු මෙසේ අණ කරවන්ට යුතු නැත. භාග්‍යවතුන්වහන්සේ විසින් අණකරන ලද කල්හි ඔවුන්ද එසේ කිරීම යුතු නැත. අස්ථාන පරිකල්ප වශයෙන් ආර්ය පුද්ගලයන්ගේ සුවච බව පෙන්වනු පිණිසද භද්දාලි තෙරුන්ගේ දුර්වච බව පෙන්වනු පිණිසද මෙය කියන ලදී.
අපි නු ත්වං තස්මිං සමයෙ උභතොභාගවිමුත්තොති දෙසනං කස්මා ආරභි? භද්දාලිස්ස නිග්ගහණත්ථං. අයඤ්හෙත්ථ අධිප්පායො – භද්දාලි, ඉමෙ සත්ත අරියපුග්ගලා ලොකෙ දක්ඛිණෙය්යා මම සාසනෙ සාමිනො, මයි සික්ඛාපදං පඤ්ඤපෙන්තෙ පටිබාහිතබ්බයුත්තෙ කාරණෙ සති එතෙසං පටිබාහිතුං යුත්තං. ත්වං පන මම සාසනතො බාහිරකො, මයි සික්ඛාපදං පඤ්ඤපෙන්තෙ තුය්හං පටිබාහිතුං න යුත්තන්ති.
අපිනු ත්වං තස්මිං සමයෙ උභතොභාග විමුත්තො දේශනාව කුමක්නිසා ආරම්භ කළ සේක්ද. භද්දාලිට නිග්‍රහ කිරීම පිණිසය. මේ මෙහි අභිප්රාසයි. භද්දාලි මේ සප්ත ආර්ය පුද්ගලයෝ ලෝකයෙහි දක්ඛිණෙය්‍ය පුද්ගලයෝය. මාගේ ශාසනයෙහි හිමිකරුවෝය. මා ශික්ෂාපද පනවන විට ඔබ එය ප්‍රතික්ෂේප කිරීම යුතු නැත.
රිත්තො තුච්ඡොති අන්තො අරියගුණානං අභාවෙන රිත්තකො තුච්ඡකො, ඉස්සරවචනෙ කිඤ්චි න හොති. යථාධම්මං පටිකරොසීති යථා ධම්මො ඨිතො, තථෙව කරොසි, ඛමාපෙසීති වුත්තං හොති. තං තෙ මයං පටිග්ගණ්හාමාති තං තව අපරාධං මයං ඛමාම. වුඩ්ඪි හෙසා, භද්දාලි, අරියස්ස විනයෙති එසා, භද්දාලි, අරියස්ස විනයෙ බුද්ධස්ස භගවතො සාසනෙ වුඩ්ඪි නාම. කතමා? අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරිත්වා ආයතිං සංවරාපජ්ජනා. දෙසනං පන පුග්ගලාධිට්ඨානං කරොන්තො “යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී”ති ආහ.
රිත්තො තුච්ඡො ඇතුළත ආර්යගුණ නැති බැවින් හිස්ය පහත්ය. ඉසුරු වචන කිසිවක් නොවීය. යථා ධම්මං කරොසි යෝග්‍ය ස්වභාවයෙහි සිට එසේම කරහි. කමාකරවවයි කියන ලදි. තං තෙ මයං පතිගණ්හාමා ඔබගේ ඒ අපරාධයට අපි කමාකරමු. වුද්ධිහෙසා භද්දාලි අරියස්ස විනයෙ භද්දාලි මෙය ආර්ය විනයෙහි බුදුන්ගේ සසුනෙහි වෘද්ධියක්මය. කුමක්ද වරද වරදයි දැක යෝග්‍ය පරිදි පිළියම් කොට නැවත සංවරයට පැමිණීම දේශනාව පුද්ගලාධිෂ්ඨාන කරන්නේ යො අච්චයං අච්චයතො දිස්වා යථා ධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජති යයි කීය.
සත්ථාපි උපවදතීති “අසුකවිහාරවාසී අසුකස්ස ථෙරස්ස සද්ධිවිහාරිකො අසුකස්ස අන්තෙවාසිකො ඉත්ථන්නාමො නාම භික්ඛු ලොකුත්තරධම්මං නිබ්බත්තෙතුං අරඤ්ඤං පවිට්ඨො”ති සුත්වා – “කිං තස්ස අරඤ්ඤවාසෙන, යො මය්හං පන සාසනෙ සික්ඛාය අපරිපූරකාරී”ති එවං උපවදති, සෙසපදෙසුපි එසෙව නයො, අපිචෙත්ථ දෙවතා න කෙවලං උපවදන්ති, භෙරවාරම්මණං දස්සෙත්වා පලායනාකාරම්පි කරොන්ති. අත්තනාපි අත්තානන්ති සීලං ආවජ්ජන්තස්ස සංකිලිට්ඨට්ඨානං පාකටං හොති, චිත්තං විධාවති, න කම්මට්ඨානං අල්ලීයති. සො “කිං මාදිසස්ස අරඤ්ඤවාසෙනා”ති විප්පටිසාරී උට්ඨාය පක්කමති. අත්තාපි අත්තානං උපවදිතොති අත්තනාපි අත්තා උපවදිතො, අයමෙව වා පාඨො. සුක්කපක්ඛො වුත්තපච්චනීකනයෙන වෙදිතබ්බො. සො විවිච්චෙව කාමෙහීතිආදි එවං සච්ඡිකරොතීති දස්සනත්ථං වුත්තං.
සත්ථාපි උපවදති අසුවල් විහාරවාසී අසුවල් තෙරුන්ගේ සද්ධි විහාරිකයා අසුවලාගේ අතවැසියා මෙනම් ඇති භික්ෂුව ලෝකෝත්තර ධර්ම නිපදවාගන්ට අරණ්‍යයට පිවිසියේයැයි ආ ඔහුට අරණ්යයවාසයෙන් කවර ප්‍රයෝජනයක්ද හේ මාගේ ශාසනයෙහි ශික්ෂා නොපුරන්නෙකියි මෙසේ උපවාදකරයි. සෙසුපදවලද මෙම ක්‍රමය මැයි. එසේවුවත් මෙහිදී හුදෙක් දෙවියෝ උපවාද පමණක් නොකරත්. භායානක නිමිති පෙන්වා පලායන ආකාරයක්ද කරත්. අත්තාපි අත්තානං ශීල ආවර්ජනය කරන්නහුට කිලිටිතැන් ප්‍රකට වෙයි. සිත අයාලේ යයි. කර්මස්ථානයෙහි නො ඇලේ. හේ මාවැන්නකුට අරණ්යවාසයෙන් කම් කිමැයි විපිළිසරව නැගිට යයි. අත්තාපි අත්තානං උපවාදිතො තමා විසින්ම තමා උපවාද කරනලදදේ. මෙයම හෝ පාඨය වියහැකිය. ශුක්ල පක්ෂය කියන ලද විරුද්ධ න්‍යායයෙන් දත යුතුය. යො විවිචේචව කාමෙහි ආදිය මෙසේ සාක්ෂාත්කරයි යන්න දක්වනු පිණිස කියන ලදී.
පසය්හ පසය්හ කාරණං කරොන්තීති අප්පමත්තකෙපි දොසෙ නිග්ගහෙත්වා පුනප්පුනං කාරෙන්ති. නො තථාති මහන්තෙපි අපරාධෙ යථා ඉතරං, එවං පසය්හ න කාරෙන්ති. සො කිර, “ආවුසො, භද්දාලි, මා චින්තයිත්ථ, එවරූපං නාම හොති, එහි සත්ථාරං ඛමාපෙහී”ති භික්ඛුසඞ්ඝතොපි, කඤ්චි භික්ඛුං පෙසෙත්වා අත්තනො සන්තිකං පක්කොසාපෙත්වා, “භද්දාලි, මා චින්තයිත්ථ, එවරූපං නාම හොතී”ති එවං සත්ථුසන්තිකාපි අනුග්ගහං පච්චාසීසති. තතො “භික්ඛුසඞ්ඝෙනාපි න සමස්සාසිතො, සත්ථාරාපී”ති චින්තෙත්වා එවමාහ.
පවය්හ පවය්හ කාරණං කරොන්ති අල්පමාත්රවාද දෝෂයන්ට නිග්‍රහ කොට නැවත නැවත කරවත් නොතථා මහත්වූ අපරාධ අනික මෙන්ම මෙසේ නැවත නොකරවත්. හේ ඇවැත්හද්දාලිය නොසිතන්න. ඔබ මෙබන්දක් වෙහි එන්න ශාස්තෲන් වහන්සේ තමා කරන්නැයි භික්ෂූන් අතුරින් කිසිවකු යවා තමා සමීපයට කැඳවා භද්දාලි මෙබඳු දෙයක් ඇතැයි නොසිතන්න. මෙසේ ශාස්තෲන් වහන්සේ හමුවෙහිද අනුග්‍රහයක් අපේක්ෂා කෙරේ. ඉන්පසු භික්ෂුසංඝයා විසින්ද ශාස්තෲන් වහන්සේ විසින්ද අස්වසාලන ලද්දෙම් වෙමියි සිතා මෙසේ කීය.
අථ භගවා භික්ඛුසඞ්ඝොපි සත්ථාපි ඔවදිතබ්බයුත්තමෙව ඔවදති, න ඉතරන්ති දස්සෙතුං ඉධ, භද්දාලි, එකච්චොතිආදිමාහ. තත්ථ අඤ්ඤෙනාඤ්ඤන්තිආදීනි අනුමානසුත්තෙ විත්ථාරිතානි. න සම්මා වත්තතීති සම්මා වත්තම්පි න වත්තති. න ලොමං පාතෙතීති අනුලොමවත්තෙ න වත්තති, විලොමමෙව ගණ්හාති. න නිත්ථාරං වත්තතීති නිත්ථාරණකවත්තම්හි න වත්තති, ආපත්තිවුට්ඨානත්ථං තුරිතතුරිතො ඡන්දජාතො න හොති. තත්රාති තස්මිං තස්ස දුබ්බචකරණෙ. අභිණ්හාපත්තිකොති නිරන්තරාපත්තිකො. ආපත්තිබහුලොති සාපත්තිකකාලොවස්ස බහු, සුද්ධො නිරාපත්තිකකාලො අප්පොති අත්ථො. න ඛිප්පමෙව වූපසම්මතීති ඛිප්පං න වූපසම්මති, දීඝසුත්තං හොති. විනයධරා පාදධොවනකාලෙ ආගතං “ගච්ඡාවුසො, වත්තවෙලා”ති වදන්ති. පුන කාලං මඤ්ඤිත්වා ආගතං “ගච්ඡාවුසො, තුය්හං විහාරවෙලා, ගච්ඡාවුසො, සාමණෙරාදීනං උද්දෙසදානවෙලා, අම්හාකං න්හානවෙලා, ථෙරූපට්ඨානවෙලා, මුඛධොවනවෙලා”තිආදීනි වත්වා දිවසභාගෙපි රත්තිභාගෙපි ආගතං උය්යොජෙන්තියෙව. “කාය වෙලාය, භන්තෙ, ඔකාසො භවිස්සතී”ති වුත්තෙපි “ගච්ඡාවුසො, ත්වං ඉමමෙව ඨානං ජානාසි, අසුකො නාම විනයධරත්ථෙරො සිනෙහපානං පිවති, අසුකො විරෙචනං කාරෙති, කස්මා තුරිතොසී”තිආදීනි වත්වා දීඝසුත්තමෙව කරොන්ති.
ඉක්බිති භික්ෂුසංඝයා මෙන්ම ශාස්තෲන් වහන්සේත් අවවාද දියයුත්තකුටම අවවාද දෙති. අන් කිසිවකුට නොවේයයි දක්වන්ට ඉධ භද්දාලි එකච්චො යනාදිය කීහ. එහි අඤ්ඤෙඤ්ඤං ආදිය වදාළසේක අනුමාන සුත්‍රයෙහි විස්තර කරන ලදි. න සම්මාවත්තත්ති සම්මා වතෙහි නොපිහිටියේය. න ලොමං පාතෙති අනුලෝම වතෙහි නොපිහිටයි. විරුද්ධ දෙයම ගනියි. න තිත්ථාරං වත්තති නිත්ථරණක වතෙහි නොපිහිටයි. ආපත්තියෙන් නැගී සිටීම පිණිස වහවහා කැමැත්ත උපදවා ගත්තෙක් නොවේ. තත්ර ඔහුගේ ඒ දුර්වච හේතුවෙහි. අභිණ්හාපත්තිකො නිතර ඇවතට පැමිණෙන්නෙක් ආපත්ති බහුලො ඔහුට ඇවැත් සහිත කාලය වැඩිය. ශුද්ධ වූ ඇවැත් රහිත කාලය අල්පය යන අර්ථයි. නඛිප්පමෙව චුපසම්මති වහා නොසන්සිදේ. දීර්ඝ සුත්‍රයකි. විනයධරයෝ පාදෝනාකල්හි ආවහුට ඇවැත්නි යන්න වත් වේලාව යයි කියති. නැවත කාලයයි සිතා ආවහුට තොපගේ විහාර වේලාවය ඇවැත්නි යන සාමණේර ආදීන්ට අවවාද දෙන වේලාවය, තෙරුන්ට උපස්ථාන කරන වේලාවය, මුව දෝනා වේලාවය, ආදිය කියා දිවාකාලයෙහිද රාත්රිකාලයෙහිද පැමිණියහු පිටත්කර හරිත්මය. ස්වාමීනි කිනම් වේලාවක අවකාශයක් වන්නේදැයි කියු කල්හිද ඇවැත්නි යන්න ඔබම තැන දැනගන්න. අසුවල්නම් විනයධර තෙරුන් වහන්සේ බෙහෙත්තෙල් පානය කරති, අසුවලා විරේක කරවයි. කුමක් හෙයින් ඉක්මන් වන්නෙහිදැයි කියා දිග්ගැස්සීමක්ම කරත්
ඛිප්පමෙව වූපසම්මතීති ලහුං වූපසම්මති, න දීඝසුත්තං හොති. උස්සුක්කාපන්නා භික්ඛූ – “ආවුසො, අයං සුබ්බචො භික්ඛු, ජනපදවාසිනො නාම ගාමන්තසෙනාසනෙ වසනට්ඨානනිසජ්ජනාදීනි න ඵාසුකානි හොන්ති, භික්ඛාචාරොපි දුක්ඛො හොති, සීඝමස්ස අධිකරණං වූපසමෙමා”ති සන්නිපතිත්වා ආපත්තිතො වුට්ඨාපෙත්වා සුද්ධන්තෙ පතිට්ඨාපෙන්ති.
ඛිප්පමෙව වුපසම්මනි කෙටියෙන් දිග්ගැස්සීමක් නොවේ. උත්සාහවත් භික්ෂුවක් ඇවැත්නි මේ සුවච භික්ෂුවක්ය. ජනපදවාසීන්ට ගම්සෙනසුනෙහි වසන තැන් සාදා ගැනීම පහසු නැත. පිඬුපිණිස හැසිරීමද දුකකි. මොහුගේ අධිකරණය සන්සිඳවමුයි රැස්ව ආපත්තියෙන් නැගිටුවා පිරිසිදු බවෙහි පිහිටුවත්.
අධිච්චාපත්තිකොති කදාචි කදාචි ආපත්තිං ආපජ්ජති. සො කිඤ්චාපි ලජ්ජී හොති පකතත්තො, දුබ්බචත්තා පනස්ස භික්ඛූ තථෙව පටිපජ්ජන්ති.
අධිච්චාපත්තිකො ඉඳහිට ඇවතට පැමිණේ. හේ කෙසේවුවත් ලජ්ජීභික්ෂුවකි. ප්‍රකෘති ස්වභාවය ඇත්තෙකි. ඔහුගේ දුර්වච බව නිසාම භික්ෂුහු ඒ අයුරින් පිළිපදිති.
සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙනාති ආචරියුපජ්ඣායෙසු අප්පමත්තිකාය ගෙහස්සිතසද්ධාය අප්පමත්තකෙන ගෙහස්සිතපෙමෙන යාපෙති. පටිසන්ධිග්ගහණසදිසා හි අයං පබ්බජ්ජා නාම, නවපබ්බජිතො පබ්බජ්ජාය ගුණං අජානන්තො ආචරියුපජ්ඣායෙසු පෙමමත්තෙන යාපෙති, තස්මා එවරූපා සඞ්ගණ්හිතබ්බා. අප්පමත්තකම්පි හි සඞ්ගහං ලභිත්වා පබ්බජ්ජාය ඨිතා අභිඤ්ඤාපත්තා මහාසමණා භවිස්සන්ති. එත්තකෙන කථාමග්ගෙන “ඔවදිතබ්බයුත්තකං ඔවදන්ති, න ඉතර”න්ති ඉමමෙව භගවතා දස්සිතං.
සද්ධා මත්තකෙන වහති පෙම මත්තකෙන ආචාර්ය උපාධ්‍යායන් කෙරෙහි ස්වල්ප වූ ගේහසිත ශ්‍රද්ධාවෙන් ගේහසිත ප්‍රේමයෙන් කල්යවයි. මේ පැවිද්ද ප්රතිසන්ධිගැනීමක් හා සමානය. අලුතින් පැවිදිවු තැනැත්තා පැවිද්දෙහි ගුණ නොදැන ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහි ප්‍රේම මාත්‍රයෙන්ම කල්යවයි. ඒනිසා මෙබඳුවූවන්ට සංග්‍රහ කළයුතුය. අනුග්‍රහ දැක්විය යුතුය. අල්පමාත්රවුද සංග්‍රහයක් ලැබ පැවිද්දෙහි සිට අභිඥාවන්ට පත්ව මහා ශ්‍රමණයෝ වන්නාහුය. මෙපමණ කථා මාර්ගයකින් අවවාද ලැබිය යුත්තකුට අවවාද දෙත්. අන් අයකුට නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අයුරින් දක්වා ඇත.
අඤ්ඤාය සණ්ඨහිංසූති අරහත්තෙ පතිට්ඨහිංසු. සත්තෙසු හායමානෙසූති පටිපත්තියා හායමානාය සත්තා හායන්ති නාම. සද්ධම්මෙ අන්තරධායමානෙති පටිපත්තිසද්ධම්මෙ අන්තරධායමානෙ. පටිපත්තිසද්ධම්මොපි හි පටිපත්තිපූරකෙසු සත්තෙසු අසති අන්තරධායති නාම. ආසවට්ඨානීයාති ආසවා තිට්ඨන්ති එතෙසූති ආසවට්ඨානීයා. යෙසු දිට්ඨධම්මිකසම්පරායිකා පරූපවාදවිප්පටිසාරවධබන්ධනාදයො චෙව අපායදුක්ඛවිසෙසභූතා ච ආසවා තිට්ඨන්තියෙව. යස්මා නෙසං තෙ කාරණං හොන්තීති අත්ථො. තෙ ආසවට්ඨානීයා වීතික්කමධම්මා යාව න සඞ්ඝෙ පාතුභවන්ති, න තාව සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙතීති අයමෙත්ථ යොජනා.
අඤ්ඤාය සණ්ඨහිංසු රහත් බවෙහි පිහිටියාහුය. සත්තෙසු හායමානෙසු ප්‍රතිපත්තිය පිරිහෙන කල්හි සත්වයෝද පිරිහෙත්මය. සද්ධම්මෙ අන්තරධායමානෙ ප්‍රතිපත්ති යනු ධර්මය අතුරුදහන් වන කල්හි ප්‍රතිපත්ති යන ධර්මයද, ප්‍රතිපත්ති පුරන සත්ත්වයන් නැතිවිට අතුරුදහන් වේමය. ආසවට්ඨානියා ආශ්‍රවයෝ මේවායෙහි සිටිත්නුයි ආසවට්ඨානියා නමි. යම්දෙයක දිට්ඨ ධම්ම සමපරායික පරොපවාද විප්පටිසාර වධබන්ධන ආදියද අපාය දුකට විශේෂයෙන් හේතු වු ද ආශ්‍රවයෝ සිටිත්මය. ඔවුන්ට එබඳු හේතුවක් ඇත යන අර්ථයි. ඒ ආසවට්ඨානිය වු ඉක්මයන ධර්මයෝ සංඝයා තුළයම්තාක් පහළ නොවෙත්ද ඒතාක් ශාස්තෲන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද නොපනවන සේක යනු මෙහි යෙදුමයි.
එවං අකාලං දස්සෙත්වා පුන කාලං දස්සෙතුං යතො ච ඛො, භද්දාලීතිආදිමාහ. තත්ථ යතොති යදා, යස්මිං කාලෙති වුත්තං හොති. සෙසං වුත්තානුසාරෙනෙව වෙදිතබ්බං. අයං වා එත්ථ සඞ්ඛෙපත්ථො – යස්මිං කාලෙ ආසවට්ඨානීයා ධම්මාති සඞ්ඛං ගතා වීතික්කමදොසා සඞ්ඝෙ පාතුභවන්ති, තදා සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤපෙති. කස්මා? තෙසංයෙව ආසවට්ඨානීයධම්මසඞ්ඛාතානං වීතික්කමදොසානං පටිඝාතාය.
මෙසේ අකාලය දක්වා නැවත කාලය දැක්වීමට යතොච ඛො භද්දාලි ආදිය කීහ. එහි යතෝ යම් දිනෙක යම් කලෙකැයි කියන ලද්දේ වෙයි. සෙස්ස කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. මෙය මෙහි සංක්ෂේප අර්ථය හෝ වෙයි. යම්කලෙක අසවට්ඨානිය ධර්මයයි හැඳින්වුණු ඉක්මවිය හැකි දොස් සංඝයා තුළ පහළ වේද, එකල්හි ශාස්තෲන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවනසේක. කුමක් හෙයින් ආසවට්ඨානිය ධර්ම සංඛ්‍යාතවූ වීනීතකම දෝෂ නැතිකිරීම පිණිස පනවත්ද,
එවං ආසවට්ඨානීයානං ධම්මානං අනුප්පත්තිං සික්ඛාපදපඤ්ඤත්තියා අකාලං, උප්පත්තිඤ්ච කාලන්ති වත්වා ඉදානි තෙසං ධම්මානං අනුප්පත්තිකාලඤ්ච උප්පත්තිකාලඤ්ච දස්සෙතුං “න තාව, භද්දාලි, ඉධෙකච්චෙ”තිආදිමාහ. තත්ථ මහත්තන්ති මහන්තභාවං. සඞ්ඝො හි යාව න ථෙරනවමජ්ඣිමානං වසෙන මහත්තං පත්තො හොති, තාව සෙනාසනානි පහොන්ති, සාසනෙ එකච්චෙ ආසවට්ඨානීයා ධම්මා න උප්පජ්ජන්ති. මහත්තං පත්තෙ පන තෙ උප්පජ්ජන්ති, අථ සත්ථා සික්ඛාපදං පඤ්ඤපෙති. තත්ථ මහත්තං පත්තෙ සඞ්ඝෙ පඤ්ඤත්තසික්ඛාපදානි –
මෙසේ ආසවට්ඨානිය ධර්මයන් නිපදවන ශික්ෂාපද පැනවීමට අකාලයයිද උත්පත්තියට කාලයයිද කියා දැන් ඒ ධර්මයන්ගේ නූපදනාකාලයද උපදනාකාලයද දක්වන්ට නතාව භද්දාලි ඉධෙවෙකච්චෙ ආදිය කීහ. එහි මහත්තං යනු මහත්බවයි. සංඝයා යම්තාක් ස්ථාවර නවක මධ්‍යම වශයෙන්, මහත්බවට පත් නොවේද ඒතාක් සේනාසන ප්‍රමාණවත් වේ. සෙනසුන් නිසා ආසවට්ඨානිය ධර්මයෝ නූපදිත්. මහත්බවට පත්වූ කල්හි ඒවා උපදිත්. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන සේක. අර්ථ මහත්වයට පත්වූ කල්හි සංඝයා කෙරෙහි පනවන ලද ශික්ෂාපද - [යම් භික්ෂුණියක් වසක් පාසා ආපසු එයිද පාචිත්තිය ඇවැත් වේ. යම් භික්ෂුණියක් එක් වසක් දෙකක් ආපසු එයිද පාචිත්තිය ඇවැත්වේ මේ ක්‍රමයෙන් දතයුතුයි. ලාභග්ගං ලාභයෙන් අගතැන්පත් සංඝයා යම්තාක් ලාභයෙන් අගතැන්පත් නොවේද ඒතාක් ලාභය නිසා අසවට්ඨානිය ධර්මයෝ නූපදිති. පැමිණි කල්හි උපදිත්. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන සේක. අර්ථ මහත්ඵලයට පත්වූ කල්හි සංඝයා කෙරෙහි පනවන ලද ශික්ෂාපද]
“යො පන භික්ඛු අනුපසම්පන්නෙන උත්තරිද්විරත්තතිරත්තං සහසෙය්යං කප්පෙය්ය පාචිත්තියං (පාචි· 51). යා පන භික්ඛුනී අනුවස්සං වුට්ඨාපෙය්ය පාචිත්තියං (පාචි· 1171). යා පන භික්ඛුනී එකවස්සං ද්වෙ වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති (පාචි· 1175).
යම් භික්ෂුවක් අනුපසම්පන්නයකු සමග රැදෙකතුනකට වඩා එක්තැනෙක සයනය කරයි නම් පාචිත්තිය ඇවැත්වේ. යම් භික්ෂුණියක් වසක් පාසා ආපසු එයිද පාචිත්තිය ඇවැත් වේ. යම් භික්ෂුණියක් එක් වසක් දෙකක් ආපසු එයිද පාචිත්තිය ඇවැත්වේ.
ඉමිනා නයෙන වෙදිතබ්බානි.
මේ ක්‍රමයෙන් දතයුතුයි.
ලාභග්ගන්ති ලාභස්ස අග්ගං. සඞ්ඝො හි යාව න ලාභග්ගපත්තො හොති, න තාව ලාභං පටිච්ච ආසවට්ඨානීයා ධම්මා උප්පජ්ජන්ති. පත්තෙ පන උප්පජ්ජන්ති, අථ සත්ථා සික්ඛාපදං පඤ්ඤපෙති –
ලාභග්ගං ලාභයෙන් අගතැන්පත්. සංඝයා යම්තාක් ලාභයෙන් අගතැන්පත් නොවේද ඒතාක් ලාභය නිසා ආසවට්ඨානිය ධර්මයෝ නුපදිති. පැමිණි කල්හි උපදිත්. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන සේක.
“යො පන භික්ඛු අචෙලකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්ය පාචිත්තිය”න්ති (පාචි· 270).
යම් කිසි භික්ෂුවක් අචේලයකුට හෝ පරිබ්‍රාජකයකුට හෝ පරිබ්‍රාජිකාවකට තමාගේ අතින් කෑයුතු දෑ හෝ පියයුතු දේනම් පචිතිවේ
ඉදඤ්හි ලාභග්ගපත්තෙ සඞ්ඝෙ සික්ඛාපදං පඤ්ඤත්තං.
යනු ලාභයෙන් අගපත් වූ කල්හි ශික්ෂාපද පැනවීමයි.
යසග්ගන්ති යසස්ස අග්ගං. සඞ්ඝො හි යාව න යසග්ගපත්තො හොති, න තාව යසං පටිච්ච ආසවට්ඨානීයා ධම්මා උප්පජ්ජන්ති. පත්තෙ පන උප්පජ්ජන්ති, අථ සත්ථා සික්ඛාපදං පඤ්ඤපෙති “සුරාමෙරයපානෙ පාචිත්තිය”න්ති (පාචි· 327). ඉදඤ්හි යසග්ගපත්තෙ සඞ්ඝෙ සික්ඛාපදං පඤ්ඤත්තං.
යසසින් අගපත් නුයි යසග්ගං සංඝයා යම්තාක් යසසින් අගපත් වුයේ නොවේද ඒතාක් යසස නිසා ආසවට්ඨානිය ධර්මයෝ නුපදිත්. පැමිණි කල්හි උපදිත්. ඉක්බිතිව ශාස්තෲන් වහන්සේ ශික්ෂාපද පනවන සේක. සුරාමේරය පානයෙහි පචිතියැයි. මේ සංඝයා යසසින් අගපත්කල්හි ශික්ෂාපද පැනවීමයි. බාහු සච්චං බහුශ්‍රැත බව. යම්තාක් සංඝයා බහුශ්‍රැත භාවයට
බාහුසච්චන්ති බහුස්සුතභාවං. සඞ්ඝො හි යාව න බාහුසච්චපත්තො හොති, න තාව ආසවට්ඨානීයා ධම්මා උප්පජ්ජන්ති. බාහුසච්චපත්තෙ පන යස්මා එකං නිකායං ද්වෙ නිකායෙ පඤ්චපි නිකායෙ උග්ගහෙත්වා අයොනිසො උම්මුජ්ජමානා පුග්ගලා රසෙන රසං සංසන්දෙත්වා උද්ධම්මං උබ්බිනයං සත්ථු සාසනං දීපෙන්ති, අථ සත්ථා – “යො පන භික්ඛු එවං වදෙය්ය තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි (පාචි· 418)…පෙ… සමණුද්දෙසොපි චෙ එවං වදෙය්යා”තිආදිනා (පාචි· 429) නයෙන සික්ඛාපදං පඤ්ඤපෙති.
නොපැමිණේද ඒතාක් ආසවට්ඨානිය ධර්මයෝ නූපදිත්. බහුශ්‍රැත භාවයට පත්කල්හි, යම්හෙයකින් එක්නිකායක් දෙ පස් නිකායයන් උගෙන නුනුවණින් ඉපිලෙන පුද්ගලයෝ රසයෙන් රසය සසඳා අධර්මය අවිනය ශාස්තෘ ශාසනයයයි දක්වත්ද ඉක්බිතිව ශාස්තෲන් වහන්සේ යම් කිසි භික්ෂුවක් මම භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ මෙසේයයි කියන්නේ නම් -පෙ- ශ්‍රමණ උද්දේශකයකු වුවද කියන්නේනම් ආදි වශයෙන් ශික්ෂාපද පනවන සේක.
රත්තඤ්ඤුතං පත්තොති එත්ථ රත්තියො ජානන්තීති රත්තඤ්ඤූ. අත්තනො පබ්බජිතදිවසතො පට්ඨාය බහූ රත්තියො ජානන්ති, චිරපබ්බජිතාති වුත්තං හොති. රත්තඤ්ඤූනං භාවං රත්තඤ්ඤුතං. තත්ර රත්තඤ්ඤුතං පත්තෙ සඞ්ඝෙ උපසෙනං වඞ්ගන්තපුත්තං ආරබ්භ සික්ඛාපදං පඤ්ඤත්තන්ති වෙදිතබ්බං. සො හායස්මා ඌනදසවස්සෙ භික්ඛූ උපසම්පාදෙන්තෙ දිස්වා එකවස්සො සද්ධිවිහාරිකං උපසම්පාදෙසි. අථ භගවා සික්ඛාපදං පඤ්ඤපෙසි – “න, භික්ඛවෙ, ඌනදසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති (මහාව· 75).
රත්තඤ්ඤතං පත්තො මෙහි රාත්‍රීන් දනිත්නුයි රත්තඤ්ඤු තමාගේ පැවිදි වු දිනයෙහි පටන් බොහෝ රාත්‍රින් දනිත්. පැවිදිවී බොහෝ කල් ඇත්තෝ යයි කියන ලද්දේවෙයි. රත්තඤ්ඤුන්ගේ බව රතතඤ්ඤුතං නමි. එහි රත්තඤභාවයට පත්කල්හි උපසේන වඞ්ගත්තපුත්ත අරභයා ශික්ෂාපද පනවන ලද්දේ යයි දතයුතුයි. ඒ ආයුෂ්මතුන් වහන්සේ දසවසට අඩු භික්ෂුන් උපසම්පදා කරනු දැක එක්වස් සද්ධිවිහාරිකයා උපසම්පදා කළහ. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පැනවුසේක මහණෙනි අඩුදසවසින් උපසම්පදා නොකළයුතුය. යමෙකු උපසම්පදා කෙරේනම් දුකුළා ඇවැත්වේ.
එවං පඤ්ඤත්තෙ සික්ඛාපදෙ පුන භික්ඛූ “දසවස්සම්හා දසවස්සම්හා”ති බාලා අබ්යත්තා උපසම්පාදෙන්ති. අථ භගවා අපරම්පි සික්ඛාපදං පඤ්ඤපෙසි – “න, භික්ඛවෙ, බාලෙන අබ්යත්තෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්ය, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි, භික්ඛවෙ, බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙකදසවස්සෙන වා උපසම්පාදෙතු”න්ති. ඉති රත්තඤ්ඤුතං පත්තකාලෙ ද්වෙ සික්ඛාපදානි පඤ්ඤත්තානි.
මෙසේ ශික්ෂාපද පැනවූ කල්හි නැවත බාලවූ අව්යක්තවු භික්ෂුහු දසවස් වෙමුයි දසවස් වෙමුයි උපසම්පදා කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තවත් ශික්ෂාපදයක් පැනවුසේක. මහණෙනි බාලවූ අව්‍යක්ත වුවකු විසින් උපසම්පදා නොකළ යුතුය. යමෙක් උපසම්පදා කෙරේද දුකුලා ඇවැත්වේ. මහණෙනි, ව්‍යක්ත ප්‍රතිබල දසවස් ඇති හෝ අතිරේක දසවස් ඇති භික්ෂුව විසින් උපසම්පදා කිරීමට අනුමැතිය දෙමි. රත්තඤ්ඤු බවට පත් කල්හි ශික්ෂාපද පැනවීමයි.
ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසෙසින්ති තරුණාජානීයඋපමං කත්වා ධම්මං දෙසයිං. තත්රාති තස්මිං අසරණෙ. න ඛො, භද්දාලි, එසෙව හෙතූති න එස සික්ඛාය අපරිපූරකාරීභාවොයෙව එකො හෙතු.
ආජානීයසුසුපමං ධම්මපරියායං දෙසෙසිං තරුණ ආජානීය්යයකු උපමා කොට ධර්මය දේශනා කෙළෙමි. තත්ර ඒ සරණ වූවෙහි. නඛො භද්දාලි එසෙව හෙතු මේ ශික්ෂා නොපුරන බවම එකම හේතුව නොවේ.
මුඛාධානෙ කාරණං කාරෙතීති ඛලීනබන්ධාදීහි මුඛට්ඨපනෙ සාධුකං ගීවං පග්ගණ්හාපෙතුං කාරණං කාරෙති. විසූකායිතානීතිආදීහි විසෙවනාචාරං කථෙසි. සබ්බානෙව හෙතානි අඤ්ඤමඤ්ඤවෙවචනානි. තස්මිං ඨානෙති තස්මිං විසෙවනාචාරෙ. පරිනිබ්බායතීති නිබ්බිසෙවනො හොති, තං විසෙවනං ජහතීති අත්ථො. යුගාධානෙති යුගට්ඨපනෙ යුගස්ස සාධුකං ගහණත්ථං.
මුඛාධාන කාරණං කාරෙති - (කටකලියාව බැඳීමේදී) ගෙල මනාසේ අල්ලගන්වන්ට කරුණු ඇති කරවයි විසුකායිතානි ආදී වැරදි සේවන ආචාරය කියුසේක. මේ සියල්ල අන්‍යොන්‍ය සමන වචනයි. තස්මිං ඨානෙ මේ විසේවනාචාරයෙහි පිරිනිබ්බායති තමා ප්‍රතික්ෂේප කරන්නේ වෙයි. එම විසේවනය අත්හරී යන අර්ථයි. යුගාධානෙ යුග තැබීමෙහිදී යුගය මැනවින් ග්‍රහණය පිණිස
අනුක්කමෙති චත්තාරොපි පාදෙ එකප්පහාරෙනෙව උක්ඛිපනෙ ච නික්ඛිපනෙ ච. පරසෙනාය හි ආවාටෙ ඨත්වා අසිං ගහෙත්වා ආගච්ඡන්තස්ස අස්සස්ස පාදෙ ඡින්දන්ති. තස්මිං සමයෙ එස එකප්පහාරෙනෙව චත්තාරොපි පාදෙ උක්ඛිපිස්සතීති රජ්ජුබන්ධනවිධානෙන එතං කාරණං කරොන්ති. මණ්ඩලෙති යථා අස්සෙ නිසින්නොයෙව භූමියං පතිතං ආවුධං ගහෙතුං සක්කොති, එවං කරණත්ථං මණ්ඩලෙ කාරණං කාරෙති. ඛුරකාසෙති අග්ගග්ගඛුරෙහි පථවීකමනෙ. රත්තිං ඔක්කන්තකරණස්මිඤ්හි යථා පදසද්දො න සුය්යති, තදත්ථං එකස්මිං ඨානෙ සඤ්ඤං දත්වා අග්ගග්ගඛුරෙහියෙව ගමනං සික්ඛාපෙන්ති. තං සන්ධායෙතං වුත්තං. ජවෙති සීඝවාහනෙ. “ධාවෙ”තිපි පාඨො. අත්තනො පරාජයෙ සති පලායනත්ථං, පරං පලායන්තං අනුබන්‍ධිත්‍වා ගහණත්ථඤ්ච එතං කාරණං කාරෙති. දවත්තෙති දවත්තාය, යුද්ධකාලස්මිඤ්හි හත්ථීසු වා කොඤ්චනාදං කරොන්තෙසු අස්සෙසු වා හසන්තෙසු රථෙසු වා නිඝොසන්තෙසු යොධෙසු වා උක්කුට්ඨිං කරොන්තෙසු තස්ස රවස්ස අභායිත්වා පරසෙනපවෙසනත්ථං අයං කාරණා කරීයති.
අනුක්කමෙති සතර පාද එක්වරම එසවීමෙහි හා තැබීමෙහිද විරුද්ධ සේනාව යම් වළෙක සිට කඩුව ගෙන එන්නාවු අශ්වයාගේ පා සිඳීද එසමයෙහි මොහු එක්පහරින්ම පාසතර ඔසවන්නේයයි රැහැන් බැඳීම් විධානයෙන් මේ කරුණ කරත්. මණ්ඩලෙ යම්සේ අශ්වයා පිට හිඳම මණ්ඩලයෙහි බිම වැටුණු ආයුධය ගන්ට හැක්කේද එසේ කරවනු පිණිස කළයුතු දේ කරයි. ඛුරකාසෙ කුරඅගින් බිමසෑරීමෙහි රාත්‍රියෙහි බැසගෙන ඒමේදී යම්සේ පාහඬ නො ඇසේද, ඒ අර්ථය එක් තැනෙක සංඥාවක්දී කුරතුඩු අගින්ම යාම උගන්වති. ඒ සඳහා මෙය කියන ලදී. ධාවෙ වේගයෙන් දිවීමෙහි ධාවනෙ යනුවෙන්ද පාඨයෙකි. තමාට පරාජය ලැබුණු කල්හි පළා යාමටද පළායන සතුරා ලුහුබැඳ අල්ලා ගැනීම පිණිසද. මෙසේ කාර්ය කරවයි. රවත්ථං හේෂාරව කිරීම පිණිස, යුද්ධකාලයෙහි ඇතුන් කුංචනාද කරනවිට අසුන් හේෂාරව කරනවිට රිය ගැටෙන විට. යෝධයන් ඔල්වරසන් දෙනවිට ඒ ශබ්දයට බියනොවී සතුරුසේනා අතරට ප්‍රවේශවනු පිණිස මේ කාර්ය කෙරේ.
රාජගුණෙති රඤ්ඤා ජානිතබ්බගුණෙ. කූටකණ්ණරඤ්ඤො කිර ගුළවණ්ණො නාම අස්සො අහොසි. රාජා පාචීනද්වාරෙන නික්ඛමිත්වා චෙතියපබ්බතං ගමිස්සාමීති කලම්බනදීතීරං සම්පත්තො. අස්සො තීරෙ ඨත්වා උදකං ඔතරිතුං න ඉච්ඡති, රාජා අස්සාචරියං ආමන්තෙත්වා – “අහො තයා අස්සො සික්ඛාපිතො උදකං ඔතරිතුං න ඉච්ඡතී”ති ආහ. ආචරියො – “සුසික්ඛාපිතො දෙව අස්සො, එවමස්ස හි චිත්තං ‘සචාහං උදකං ඔතරිස්සාමි, වාලං තෙමිස්සති, වාලෙ තින්තෙ රඤ්ඤො අඞ්ගෙ උදකං පාතෙය්යා’ති එවං තුම්හාකං සරීරෙ උදකපාතනභයෙන න ඔතරති, වාලං ගණ්හාපෙථා”ති ආහ. රාජා තථා කාරෙසි. අස්සො වෙගෙන ඔතරිත්වා පාරං ගතො. එතදත්ථං අයං කාරණා කරීයති. රාජවංසෙති අස්සරාජවංසෙ. වංසො චෙසො අස්සරාජානං, තථාරූපෙන පහාරෙන ඡින්නභින්නසරීරාපි අස්සාරොහං පරසෙනාය අපාතෙත්වා බහි නීහරන්තියෙව. එතදත්ථං කාරණං කාරෙතීති අත්ථො.
රාජ ගුණෙ රජු විසින් දත යුතු ගුණ, කුටකණ්ණරඤ්ඤෙ කුටකණ්ණ රජුට ගළවණණ නම් අශ්වයෙක් විය. රජ පෙරදිග දොරටුවෙන් නික්ම චෙතිය පබ්බතයට යන්නෙමියි කදම්බ නදීතීරයට පැමිණියේය. අශ්වයා ඉවුරෙහි සිට ජලයට බැසීමට නොකැමති වෙයි. රජ අශ්වාචාර්යයා අමතා, ඔබ විසින් අශ්වයා හික්මවන ලද අයුරු අපූරුය. ජලයට බැසීමට නොකැමතියයි කීය. ආචාර්යයා දේවයන් වහන්ස අශ්වයා මැනවින් හික්මවන ලදී. මුගේ සිත වන්නේ යම් හෙයකින් මම ජලයට බසින්නෙමි නම් වලිගය තෙමෙන්නේය. වලිගය තෙමුණුවිට රජුගේ ඇඟෙහි ජලය ඉසෙන්නේය. මෙසේ ඔබ වහන්සේගේ සිරුරෙහි දිය වැටෙන බියෙන් නොබසී වලිගය අල්ලා ගන්වනු මැනවැයි කීය. රජ එසේ කළේය. අශ්වයා වේගයෙන් බැස පරතෙරට ගියේය. මේ අර්ථය සඳහා මේ කාර්යය කෙරේ. රාජවංසෙ අශ්වරාජ වංශයෙහි මේ වංශය නම් අශ්ව රාජයින්ට එවන් පහරකින් සිදී බිඳීගිය සිරුරු ඇතත් අසරුවා සතුරු සෙනග මැද නොහෙළා පිටතට ගෙනයත්මය. මේ අර්ථය සඳහා මේ කාර්යය කෙරේ යන අර්ථයි.
උත්තමෙ ජවෙති ජවසම්පත්තියං, යථා උත්තමජවො හොති, එවං කාරණං කාරෙතීති අත්ථො. උත්තමෙ හයෙති උත්තමහයභාවෙ, යථා උත්තමහයො හොති, එවං කාරණං කාරෙතීති අත්ථො. තත්ථ පකතියා උත්තමහයොව උත්තමහයකාරණං අරහති, න අඤ්ඤො. උත්තමහයකාරණාය එව ච හයො උත්තමජවං පටිපජ්ජති, න අඤ්ඤොති.
උත්තමෙඡවෙ ජව සම්පත්තියෙහි, යම්සේ උතුම් ජවයක් වේද මෙසේ මේ කාර්යය කෙරේ යන අර්ථයි. උත්තමෙහයෙ උත්තමවු අශ්වභාවයෙහි. යම් උත්තම අශ්වයෙක් වේද. එසේ කාර්ය කෙරේ යන අර්ථය එහි ප්‍රකෘතියෙන්ම උතුම් අශ්වයාම උත්තම අශ්ව කාරණයකට සුදුසුය. අනෙකෙක් නොවේ. උතුම් අශ්වයා උතුම් ජවයක් ඇතිකරගනී. අනෙකෙක් නොවේ.
තත්රිදං වත්ථු – එකො කිර රාජා එකං සින්ධවපොතකං ලභිත්වා සින්ධවභාවං අජානිත්වාව ඉමං සික්ඛාපෙහීති ආචරියස්ස අදාසි. ආචරියොපි තස්ස සින්ධවභාවං අජානන්තො තං මාසඛාදකඝොටකානං කාරණාසු උපනෙති. සො අත්තනො අනනුච්ඡවිකත්තා කාරණං න පටිපජ්ජති. සො තං දමෙතුං අසක්කොන්තො “කූටස්සො අයං මහාරාජා”ති විස්සජ්ජාපෙසි.
මේ මෙහි කථාවයි එක් රජෙක් එක් සෛන්ධව පැටවකු ලැබ සෛන්ධව බව නොදැනම මු හික්මවන්නැයි ආචාර්යයාට දුන්නේය. ආචාර්යයාද ඌ සෛන්ධව බව නොදැන පියලි ධාන්‍ය කන නරක අසුන් කරන කර්යයන්ට ගෙන එයි ඌ තමාට නුසුදුසු බැවින් කාර්යය ඉටුනොකරයි. හේ ඌ දමනය කරන්ට නොහැක්කේ මහරජ යම් කුළු අසෙකැයි අත්හැර දැම්මවීය.
අථෙකදිවසං එකො අස්සාචරියපුබ්බකො දහරො උපජ්ඣායස්ස භණ්ඩකං ගහෙත්වා ගච්ඡන්තො තං පරිඛාපිට්ඨෙ චරන්තං දිස්වා – “අනග්ඝො, භන්තෙ, සින්ධවපොතකො”ති උපජ්ඣායස්ස කථෙසි. සචෙ රාජා ජානෙය්ය, මඞ්ගලස්සං නං කරෙය්යාති. ථෙරො ආහ – “මිච්ඡාදිට්ඨිකො, තාත, රාජා අප්පෙව නාම බුද්ධසාසනෙ පසීදෙය්ය රඤ්ඤො කථෙහී”ති. සො ගන්ත්වා, – “මහාරාජ, අනග්ඝො සින්ධවපොතකො අත්ථී”ති කථෙසි. තයා දිට්ඨො, තාතාති? ආම, මහාරාජාති. කිං ලද්ධුං වට්ටතීති? තුම්හාකං භුඤ්ජනකසුවණ්ණථාලෙ තුම්හාකං භුඤ්ජනකභත්තං තුම්හාකං පිවනකරසො තුම්හාකං ගන්ධා තුම්හාකං මාලාති. රාජා සබ්බං දාපෙසි. දහරො ගාහාපෙත්වා අගමාසි.
ඉක්බිති එක් දවසක් එක් පෙර අස් ඇදුරෙක් වු තරුණයෙක් උපාධ්‍යායන්ට බඩු ගෙන යන්නේ ඒ දිය අගල පිට හැසිරෙන අශ්වයා දැක ස්වාමීනි සෛන්ධව පැටවා අනර්ඝයයි උපාධ්‍යායයන්ට කීය. මේ හෙයකින් රජ දැනගතහොත් ඌ මංගල අශ්වයා කරන්නේය. තෙරුන් වහන්සේ මෙසේ කීහ. දරුව රජ මිසදිටුවෙකි. බුදුසසුනෙහි පහදීනම් මැනවයි රජුට කියව. හේ ගොස් මහරජ අනර්ඝවු සෛන්ධව පැටවෙක් සිටීයි කීය. දරුව ඔබ ඌ දැක්කෙහිද? එසේය මහරජතුමනි, කුමක් ලබන්ට වටීද, ඔබවහන්සේ අහර ගන්නා රන්තලියෙහි ඔබ වහන්සේ අනුභවකරන බත්, ඔබවහන්සේ පැන් බොන බඳුන ඔබ වහන්සේගේ සුවඳ විලවුන්, ඔබ වහන්සේගේ මල්දම්, ආදිය අවශ්‍ය බව කීය. රජතෙමේ සියල්ල දෙවීය. තරුණයා ඒවා ගෙන්වා ගෙන ගියේය.
අස්සො ගන්ධං ඝායිත්වාව “මය්හං ගුණජානනකආචරියො අත්ථි මඤ්ඤෙ”ති සීසං උක්ඛිපිත්වා ඔලොකෙන්තො අට්ඨාසි. දහරො ගන්ත්වා “භත්තං භුඤ්ජා”ති අච්ඡරං පහරි. අස්සො ආගන්ත්වා සුවණ්ණථාලෙ භත්තං භුඤ්ජි, රසං පිවි. අථ නං ගන්ධෙහි විලිම්පිත්වා රාජපිළන්ධනං පිළන්ධිත්වා “පුරතො පුරතො ගච්ඡා”ති අච්ඡරං පහරි. සො දහරස්ස පුරතො පුරතො ගන්ත්වා මඞ්ගලස්සට්ඨානෙ අට්ඨාසි. දහරො – “අයං තෙ, මහාරාජ, අනග්ඝො සින්ධවපොතකො, ඉමිනාව නං නියාමෙන කතිපාහං පටිජග්ගාපෙහී”ති වත්වා නික්ඛමි.
අශ්වයා සුවඳ ආඝ්‍රාණය කොට මාගේ ගුණ දන්නා ආචාර්යයකු ඇතැයි සිතමියි හිස ඔසවා බලමින් සිටියේය. තරුණයා ගොස් බත්කවයි අසුරගැසීය. අශ්වයා පැමිණ රන්තලියෙහි බත් කෑවේය. ජලය බීවේය. ඉක්බිති ඌ සුවඳගල්වා රජ පැළඳුම් පළඳවා පෙරටුව යවයි අසුර ගැසීය. ඌ තරුණයාගේ ඉදිරිපසින් ගොස් මඟුල් අසා සිටිනා තැන සිටියේය. තරුණයා මහරජතුමනි මේ ඔබ වහන්ගේ අනර්ඝ වූ සෛන්ධව පෝතකයාය. මූ මේ ක්‍රමයෙන් කිහිප දවසක් පිළිදැගුම් කරවනු මැනැවැයි කියා නික්ම ගියේය.
අථ කතිපාහස්ස අච්චයෙන ආගන්ත්වා අස්සස්ස ආනුභාවං පස්සිස්සසි, මහාරාජාති. සාධු ආචරිය කුහිං ඨත්වා පස්සාමාති? උය්යානං ගච්ඡ, මහාරාජාති. රාජා අස්සං ගාහාපෙත්වා අගමාසි. දහරො අච්ඡරං පහරිත්වා “එතං රුක්ඛං අනුපරියාහී”ති අස්සස්ස සඤ්ඤං අදාසි. අස්සො පක්ඛන්‍දිත්‍වා රුක්ඛං අනුපරිගන්ත්වා ආගතො. රාජා නෙව ගච්ඡන්තං න ආගච්ඡන්තං අද්දස. දිට්ඨො තෙ, මහාරාජාති? න දිට්ඨො, තාතාති. වලඤ්ජකදණ්ඩං එතං රුක්ඛං නිස්සාය ඨපෙථාති වත්වා අච්ඡරං පහරි “වලඤ්ජකදණ්ඩං ගහෙත්වා එහී”ති. අස්සො පක්ඛන්‍දිත්‍වා මුඛෙන ගහෙත්වා ආගතො. දිට්ඨං, මහාරාජාති. දිට්ඨං, තාතාති.
ඉක්බිති කිහිප දිනක් ඇවෑමෙන් පැමිණ මහරජ තුමනි අශ්වයාගේ ආනුභාවය බලනු මැනව. එසේය ආචාර්යය කොහි සිට බලමුද, මහරජතුමනි උයනට යනුමැනව. රජ අසු ගෙන්වාගෙන ගියේය. තරුණයා අසුරගසා මේ ගස වටා යවයි අසුට සන් කළේයි. අශ්වයා පැන ගසවටාගොස් ආවේය. රජ ඌ යන බවවත් එන බවවත් නුදුටුවේය. මහරජතුමනි ඔබතුමා විසින් දක්නා ලද්දේද, දරුව දුටුවේ නැත. සෝදන දඬුව මේ ගස ළගින් තබනු මැනවැයි කියා අසුර ගැසීය. සෝදන දඬුව ගෙන එව. අශ්වයා පැන කටින් ගෙන ආවේය. දක්නා ලද්දේද මහරජතුමනි? දක්නාලදී දරුව.
පුන අච්ඡරං පහරි “උය්යානස්ස පාකාරමත්ථකෙන චරිත්වා එහී”ති. අස්සො තථා අකාසි. දිට්ඨො, මහාරාජාති. න දිට්ඨො, තාතාති. රත්තකම්බලං ආහරාපෙත්වා අස්සස්ස පාදෙ බන්ධාපෙත්වා තථෙව සඤ්ඤං අදාසි. අස්සො උල්ලඞ්ඝිත්වා පාකාරමත්ථකෙන අනුපරියායි. බලවතා පුරිසෙන ආවිඤ්ඡනඅලාතග්ගිසිඛා විය උය්යානපාකාරමත්ථකෙ පඤ්ඤායිත්ථ. අස්සො ගන්ත්වා සමීපෙ ඨිතො. දිට්ඨං, මහාරාජාති. දිට්ඨං, තාතාති. මඞ්ගලපොක්ඛරණිපාකාරමත්ථකෙ අනුපරියාහීති සඤ්ඤං අදාසි.
නැවත අසුර ගැසීය. උයනෙහි පවුර මතින් හැසිර එව. අශ්වයා එසේ කළේය. දක්නා ලද්දේද මහරජතුමනි? නොදක්නාලදී දරුව. රන් කම්බිලියක් ගෙන්වා අශ්වයාගේ පාදවල බඳවා එසේම සංඥාවක් දුන්නේය. අශ්වයා උඩ පැන පවුර මත වටේ දිවීය. ශක්තිමත් පුරුෂයකු විසින් විදින ලද ගිනි පෙනෙල්ලක ගිනිසිළුවක් මෙන් උයන්පවුර මත පෙනිණ. අශ්වයා ගොස් සමීපයෙහි සිටියේය. දක්නා ලද්දේද මහරජතුමනි? දක්නාලදී දරුව. මගුල් පොකුණු පවුර මතින් වටේ යවයි සංඥාවක් දුන්නේය. නැවත පොකුණට බැස නෙළුම් කොළ මත හැසිරෙවයි සංඥාවක් දුන්නේය.
පුන “පොක්ඛරණිං ඔතරිත්වා පදුමපත්තෙසු චාරිකං චරාහී”ති සඤ්ඤං අදාසි. පොක්ඛරණිං ඔතරිත්වා සබ්බපදුමපත්තෙ චරිත්වා අගමාසි, එකං පත්තම්පි අනක්කන්තං වා ඵාලිතං වා ඡින්දිතං වා ඛණ්ඩිතං වා නාහොසි. දිට්ඨං, මහාරාජාති. දිට්ඨං, තාතාති. අච්ඡරං පහරිත්වා තං හත්ථතලං උපනාමෙසි. ධාතූපත්ථද්ධො ලඞ්ඝිත්වා හත්ථතලෙ අට්ඨාසි. දිට්ඨං, මහාරාජාති? දිට්ඨං, තාතාති. එවං උත්තමහයො එව උත්තමකාරණාය උත්තමජවං පටිපජ්ජති.
පොකුණට බැස සියලු නෙළුම් කොළ මත හැසිරෙමින් ගියේය. එක් පත්‍රයක්වත් ඇක්මීමක් හෝ පැල්මක් හෝ සිඳීමක් හෝ කැඩීමක් හෝ නොවීය. දක්නාලද්දේද මහරජතුමනි. දක්නාලදී දරුව. අසුර ගසා අල්ල දික්කළේය. වාතයෙන් උදවු ලැබ උඩපැන අල්ලෙහි සිටියේය. දක්නා ලද්දේද මහරජතුමනි? දක්නාලදී දරුව. මෙසේ උත්තම අශ්වයා මෙසේ උත්තම කාරණයක් සඳහා උතුම්ජවයක් ඇතිකරගනී.
උත්තමෙ සාඛල්යෙති මුදුවාචාය. මුදුවාචාය හි, “තාත, ත්වං මා චින්තයි, රඤ්ඤො මඞ්ගලස්සො භවිස්සසි, රාජභොජනාදීනි ලභිස්සසී”ති උත්තමහයකාරණං කාරෙතබ්බො. තෙන වුත්තං “උත්තමෙ සාඛල්යෙ”ති. රාජභොග්ගොති රඤ්ඤො උපභොගො. රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡතීති යත්ථ කත්ථචි ගච්ඡන්තෙන හත්ථං විය පාදං විය අනොහායෙව ගන්තබ්බං හොති. තස්මා අඞ්ගන්ති සඞ්ඛං ගච්ඡති, චතූසු වා සෙනඞ්ගෙසු එකං අඞ්ගං හොති.
උත්තමෙ සාබල්ලෙ මුදුවදනින්, දරුව මුදුවදනින් ඔබ නහමක් සිතව. රජුගේ මංගල අශ්වයා වන්නෙහිය. රාජභෝජන ලබන්නෙහිය. උතුම් අසු කෙරෙහි කාර්ය කරවිය යුතුය. එහෙයින් කියන ලදී. උත්තමෙ සාබල්ලෙ යනුවෙන් රාජභොග්ගො රජුගේ උපභෝග වස්තුවක් වෙයි. රඤ්ඤො අඞ්ගනෙත්වව සබ්බං ගච්ඡති යම් තැනෙක යන කල්හි අතක් මෙන් පයක් මෙන් අත් නොහැරම යායුතු වෙයි. ඒ නිසා අඞ්ග යයි ප්රසිද්ධියටයයි. චතුරංගිනී සේවාවන්හි එක් අංගයක් වෙයි.
අසෙඛාය සම්මාදිට්ඨියාති අරහත්තඵලසම්මාදිට්ඨියා. සම්මාසඞ්කප්පාදයොපි තංසම්පයුත්තාව. සම්මාඤාණං පුබ්බෙ වුත්තසම්මාදිට්ඨියෙව. ඨපෙත්වා පන අට්ඨ ඵලඞ්ගානි සෙසා ධම්මා විමුත්තීති වෙදිතබ්බා. සෙසං සබ්බත්ථ උත්තානමෙව. අයං පන දෙසනා උග්ඝටිතඤ්ඤූපුග්ගලස්ස වසෙන අරහත්තනිකූටං ගහෙත්වා නිට්ඨාපිතාති.
අසෙඛාය සම්මාදිට්ඨියා අර්හත්ඵල සම්‍යක් දෘෂ්ටියෙන් සම්මාසංකප්ප ආදියද එයට ඇතුළත්වෙයි. සම්‍යක්ඥානය පෙර කියු සම්මා දිට්ඨියෙහි ම තබා අෂ්ටඵල අංග වෙයි. සෙසු ධර්ම සම්මාවිමුත්තියයි දත යුතුය. සෙස්ස සියලු තැන නොගැඹුරු මය. මේ දේශනාව උග්ඝටිතඤ්ඤු පුද්ගලයාගේ වශයෙන් රහත් බවින් කුළුගන්වා නිමවා වදාළසේක.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය භද්දාලිසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස්වැනි භද්දාලි සූත්‍රයයි