භද්දාලි සුත්තං
2. 2. 5.
2. 2. 5.
භද්දාලි සුත්තං
භද්දාලි සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: අහං ඛො භික්ඛවෙ, එකාසනභොජනං භුඤ්ජාමි. එකාසනභොජනං ඛො අහං භික්ඛවෙ භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි භික්ඛවෙ එකාසනභොජනං භුඤ්ජථ, එකාසනභොජනං ඛො භික්ඛවෙ තුම්හෙපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චාති.
මා විසින් මෙසේ අසන ලද, එක් කලෙකැ බුදුහු සැවැත් නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ: මහණෙනි, මම් ඒකාසන (පෙරබත්හි වළඳන) භෝජනය වළඳමි. ඒකාසනභෝජනය වළඳන මම අල්පාබාධබව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව මහණ තෙපි දු ඒකාසන භෝජනය වළඳවු. මහණෙනි තෙපි දු ඒකාසන භෝජනය වළඳන්නහු අල්පාබාධ බව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද පහසු විහරණය ද දන්නහු යැ.
එවං වුත්තෙ ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: ‘අහං ඛො භන්තෙ න උස්සහාමි එකාසනභොජනං භුඤ්ජිතුං. එකාසනභොජනං හි මෙ භන්තෙ භුඤ්ජතො සියා කුක්කුච්චං, සියා විප්පටිසාරොති. තෙන හි ත්වං භද්දාලි, යත්ථ නිමන්තිතො අස්සසි තත්ථ එකදෙසං භුඤ්ජිත්වා එකදෙසං නීහරිත්වාපි භුඤ්ජෙය්යාසි. එවම්පි ඛො ත්වං භද්දාලි භුඤ්ජමානො යාපෙස්සසීති. එවම්පි ඛො අහං භන්තෙ න උස්සහාමි භුඤ්ජිතුං. එවම්පි හි මෙ භන්තෙ භුඤ්ජතො සියා කුක්කුච්චං සියා විප්පටිසාරොති. අථ ඛො ආයස්මා භද්දාලි භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. අථ ඛො ආයස්මා භද්දාලි සබ්බන්තං තෙමාසං න භගවතො සම්මුඛීභාවං අදාසි යථාතං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම් ඒකාසනභෝජනය වළඳන්නට නො හැක්කෙමි. වහන්ස ඒකාසන භෝජනය වළඳනා වූ මට (දිවිතෙක් බඹසර හැසිරෙන්නට හැක්කෙම් ද නො හැක්කෙම් දැ’යි මෙසේ) කුකුසෙක් වන්නේ යැ විපිළිසරයෙක් වන්නේ යැ”යි. එසේ වී නම් භද්දාලිය තෙපි යම් තැනෙක පවරන ලදහු වළඳවු ද එහි දී එක් කොටසක් වළඳා එක් කොටසක් බැහැර ගෙන ගොස් ද වළඳවු. භද්දාලි මෙසේ වළඳන්නා වූ තෙපි යැපෙන්නවූ ය. වහන්ස, මම් මෙසේද වළඳන්නට නො හැකි වෙමි. වහන්ස මෙසේ ද වළඳන්නා වූ මට කුකුස් වන්නේ මැ යැ විපිළිසර වන්නේ මැ යි. ඉක්බිති ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි නො හැකි බව ප්‍රකාශ කෙළේය. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ශාස්තෘශාසනයෙහි ශික්ෂා නො පුරන්නකු සෙයින් ඒ සියලු තුන්මස භාග්‍යවතුන් වහන්සේගේ හමුවීමට නො පැමිණියේ යැ.
තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති. අථ ඛො ආයස්මා භද්දාලි යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙහි භික්ඛූහි සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දාලිං තෙ භික්ඛූ එතදවොචුං: ‘ඉදං ඛො ආවුසො භද්දාලි භගවතො චීවරකම්මං කරීයති. නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. ඉඞ්ඝාවුසො භද්දාලි එතං දෙසකං සාධුකං මනසිකරොහි. මා තෙ පච්ඡා දුක්කරතරං අහොසීති.
එසමයෙහි බොහෝ භික්ෂූහු “කොට නිමවූ සිවුරු ඇති බුදුහු තෙමසක්හුගේ ඇවෑමෙන් චාරිකායෙහි වඩනාසේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ඒ භික්ෂූන් කරා එළැඹ ඒ භික්ෂූන් සමග සතුටු වී යැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් ආයුෂ්මත් භද්දාලි තෙරුන්ට ඒ භික්ෂූහු තෙල කීහු: “ඇවැත්නි, භද්දාලි, ‘කොට නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ’යි මේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කරනුලැබෙයි. ඇවැත්නි භද්දාලිය, එහෙයින් තෙල අපරාධය මැනැවින් මෙනෙහි කරව. පසුවැ තොපට නහමක් දුෂ්කරතර වේව’යි. කීහු.
එවමාවුසොති ඛො ආයස්මා භද්දාලි තෙසං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල් කී යැ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා සිකපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූයෙම් ද වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයතිසංවරය පිණිස මාගේ ඒ දෝෂය දෝෂ විසින් පිළිගන්නා සේක්ව’යි කී යැ.
තග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි.
භද්දාලිය ඒකාන්තයෙන් තෙපි මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූවහු ද බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය තොප ඉක්ම ගියේ යැ.
සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි, භගවා ඛො සාවත්ථියං විහරති. භගවාපි මං ජානිස්සතී භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරීති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
භද්දාලිය, තා විසින් සමය ද (තා විසින් සැලකියයුතු කරුණෙක් ඇත. ඒ ද) නොසලකන ලද විය: “බුදුහු සැවැත්නුවර වෙසෙති, ‘භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි බුදුහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි. සම්බහුලා ඛො භික්ඛු සාවත්ථියං වස්සං උපගතා, තෙපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්ෂුහු සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්ෂූහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: ‘සම්බහුලා ඛො භික්ඛුනියො සාවත්ථියං වස්සං උපගතා, තාපි මං ජානිස්සන්ති භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්ෂුණීහු ද සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්ෂුණීහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.
සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: ‘සම්බහුලා ඛො උපාසකා සාවත්ථියං පටිවසන්ති. තෙපි මං ජානිස්සන්ති -පෙ- සම්බහුලා ඛො උපාසිකා සාවත්ථියං පටිවසන්ති. තාපි මං ජානිස්සන්ති: භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ උවසුවෝ සැවැත්නුවර වෙසෙති. ඔහු ද මා දන්නාහ”යි ... “බොහෝ උවසුවෝ ද සැවැත්නුවර වෙසෙති. භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද විය.
සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: සම්බහුලා ඛො නානා තිත්ථියා සමණබ්රාහ්මණා සාවත්ථියං වස්සං උපගතා, තෙපි මං ජානිස්සන්ති: ‘භද්දාලි නාම භික්ඛු සමණස්ස ගොතමස්ස සාවකො ථෙරඤ්ඤතරො සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති. අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසීති.
භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ වූ නානා තීර්ත්ථක ශ්‍රමණබ්‍රාහ්මණයෝ සැවැත්නුවර වස් එළැඹියහ. ශ්‍රමණගෞතමයන්ගේ ශ්‍රාවක වූ ස්ථවිරාන්යතර වූ භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි. මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද වී’ යයි.
අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යො’හං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසිං. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිග්ගණ්හාතු ආයතිං සංවරායාති, තග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. ඒ මා බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය තෙමේ ඉක්ම ගියේ යැ. වහන්ස, බුදුහු ඒ මාගේ දෝෂය දෝෂ විසින් ආයතිසංවරය පිණිස ඉවසනසේක්වා. භද්දාලිය, තෝ මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙහි යැ. භද්දාලිය, ඒකාන්තයෙන් අපරාධය තෙමේ ඒ තා ඉක්මැ ගියේ යැ.
තං කිං මඤ්ඤසි භද්දාලි: ඉධස්ස භික්ඛු උභතොභාගවිමුත්තො, තමහං එවං වදෙය්යං: ‘එහි මෙ ත්වං භික්ඛු පඞ්කෙ සඞ්කමො හොහී’ති. අපිනු සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, නොති වා වදෙය්යාති. නො හෙතං භන්තෙ. තං කිං මඤ්ඤසි භද්දාලි: ‘ඉධස්ස භික්ඛු පඤ්ඤාවිමුත්තො -පෙ- කායසක්ඛි -පෙ- දිට්ඨප්පත්තො -පෙ- සද්ධාවිමුත්තො -පෙ- ධම්මානුසාරී -පෙ- සද්ධානුසාරී, තමහං එවං වදෙය්යං: ‘එහි මෙ ත්වං භික්ඛු පඞ්කෙ සඞ්කමො හොහී’ති. අපි නු සො සඞ්කමෙය්ය වා අඤ්ඤෙන වා කායං සන්නාමෙය්ය, නොති වා වදෙය්යාති. නො හෙතං භන්තෙ. තං කිම්මඤ්ඤසි භද්දාලි: ‘අපි නු ත්වං භද්දාලි තස්මිං සමයෙ උභතොභාගවිමුත්තො වා හොසි, පඤ්ඤාවිමුත්තො වා කායසක්ඛි වා දිට්ඨප්පත්තො වා සද්ධාවිමුත්තො වා ධම්මානුසාරී වා සද්ධානුසාරී වාති. නො හෙතං භන්තෙ. නනු ත්වං භද්දාලි තස්මිං සමයෙ රිත්තො තුච්ඡො අපරද්ධොති. එවං භන්තෙ. අච්චයො මං භන්තෙ අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවතා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. තස්ස මෙ භන්තෙ භගවා අච්චයං අච්චයතො පතිගණ්හාතු ආයතිං සංවරායාති.
භද්දාලිය, ඒ කුමැ’යි සිතයි ද? “මෙසස්නෙහි මහණෙක් උභාතොභාගවිමුක්ත වූයේ අරූපසමාපත්තියෙන් රූප කයින් ද මාර්ග භාවනායෙන් නාම කයින් ද මිදුණේ වෙයි. ඕහට මම් මෙසේ කියන්නෙමි: “එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වවු”යයි. කිම එමහණ හෙයක් වන්නේ හෝ වේ ද අන් දසක හෝ කය නමන්නේ ද ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය එය කුමැ’යි සිතවු ද: මෙසස්නෙහි මහණෙක් ප්රඥාවිමුක්ත ... කායසාක්ෂි ... දෘෂ්ටප්‍රාප්ත ... ශ්‍රද්ධාවිමුක්ත ... ධර්මානුසාරී ... ශ්‍රද්ධානුසාරී වේ ද, ඔහුට මම් මෙසේ කියන්නෙමි: ‘එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වව”යි. කිම එමහණ හෙයක් වන්නේ හෝ කය අන් දසකට නමන්නේ හෝ ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය, එය කුමැ’යි සිතවු ද? කිම භද්දාලිය, තෙපි එසමයෙහි උභාතොභාගවිමුක්ත හෝ වවු ද ප්රඥාවිමුක්ත හෝ කායසාක්ෂි හෝ දෘෂ්ටප්‍රාප්ත හෝ ශ්‍රද්ධාවිමුක්ත හෝ ධර්මානුසාරී හෝ ශ්‍රද්ධානුසාරී හෝ වවු දැ?යි. තෙලෙ නැත් මැ යැ වහන්ස. භද්දාලිය එකල්හි තෙපි රික්ත වූවහු තුච්ඡ (සිස්) වූවහු අපරාධ ඇතියහු නො වේ දැ’යි එසේ යැ වහන්ස. මම් බුදුන් විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, ඒ මට ආයතිසංවරය පිණිස බුදුහු අපරාධය අපරාධ විසින් කමනසේක්ව’යි.
තග්ඝ ත්වං භද්දාලි අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං යං ත්වං මයා සික්ඛාපදෙ පඤ්ඤාපියමානෙ භික්ඛුසඞ්ඝෙ සික්ඛං සමාදියමානෙ අනුස්සාහං පවෙදෙසි. යතො ච ඛො ත්වං භද්දාලි අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි. තං තෙ මයං පතිගණ්හාම. වුද්ධිහෙසා භද්දාලි අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජති.
භද්දාලිය, තෙපි මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව කළවු යැ. භද්දාලිය, ඒ තොප එකත්නෙන් බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය ඉක්ම ගියේ යැ. යම් හෙයෙකින් භද්දාලිය තෙපි අපරාධය අපරාධ හෙයින් දැක දහම නො ඉක්ම පිළියම් කරව. තොපගේ අපරාධය අපි ඉවසම්හ. භද්දාලිය, යමෙක් අපරාධය අපරාධ විසින් දැක දහම නො ඉක්ම පිළියම් කෙරේ ද ආයතිසංවරයට පැමිණේ ද තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධිය මැ වෙයි.
ඉධ භද්දාලි එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී හොති, තස්ස එවං හොති: යන්නූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. අප්පෙවනාමාහං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො සත්ථාපි උපවදති. අනුවිච්ච පි විඤ්ඤූ සබ්රහ්මචාරී උපවදන්ති. දෙවතාපි උපවදන්ති. අත්තාපි අත්තානං උපවදති. සො සත්ථාරාපි උපවදිතො, අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි උපවදිතො දෙවතාහිපි උපවදිතො අත්තනාපි අත්තානං උපවදිතො න උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති, යථා තං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරිස්ස.
භද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘ ශාසනයෙහි ශික්ෂායෙහි අපරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්ෂමූල යැ, පර්වත යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු’යි. මම මිනිස්දහමින් මතුයෙහි ආර්ය්යභාව කරණයට සමර්ත්ථ ඥානදර්ශන විශේෂයක් පසක් කරන්නෙම් නම් මැනැවැ යි කියා යි. හේ අරණ රුක් මුල, පවු යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන ජනශුන්‍ය සේනාසන ඇසිරි කෙරෙ යි. එසේ එකලා වැ විහරණ කරන ඔහට ශාස්තෘන්වහන්සේ ද උපවාද කෙරෙති. විඥ සබ්‍රම්සරහු නුවණින් දැනැ අයුණු කියත්. දෙවියෝ ද අයුණු කියත්. තෙමේත් තමහට දොස් කියයි. හේ බුදුන් විසිනුදු උපවාද කරන ලදුයේ නුවණින් දැන විඥ සබ්රම් සරුන් විසින් උපවාද කරන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නඟනලදුයේ දශකුශලධර්ම සංඛ්‍යාත මනුෂ්‍ය ධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමර්ත්ථ ඥානදර්ශන විශේෂය පසක් නො කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂායෙහි අපරිපූරකාරී මහණක් හට යම්සේ වේද තෙල එසේ මැ වෙයි.
ඉධ පන භද්දාලි එකච්චො භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරී හොති. තස්ස එවං හොති: යන්නූනාහං විවිත්තං සෙනාසනං භජෙය්යං. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. අප්පෙවනාමා’හං උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති. අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො සත්ථාපි න උපවදති අනුවිච්චපි විඤ්ඤූ සබ්රහ්මචාරී න උපවදන්ති. දෙවතාපි න උපවදන්ති. අත්තාපි අත්තානං න උපවදති. සො සත්ථාරාපි අනුපවදිතො අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි අනුපවදිතො දෙවතාහිපි අනුපවදිතො අත්තනාපි අත්තානං අනුපවදිතො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති.
භද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘශාසනයෙහි ලා ශික්ෂායෙහි පරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්ෂමූල යැ, පර්වත යැ, ගිරිකන්දර යැ, ගිරිගුහා යැ, සුසාන යැ, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු යි. මම මනුෂ්‍ය ධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමර්ත්ථ ඥාන දර්ශන විශේෂය පසක් කෙරෙම් නම් ඉතා මැනැවැ යි. හේ අරන, රුක්මුල, පවි යැ ගිරිකඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන එකලා සෙනසුන් සෙවුනේ යැ. එසේ ගණසංගණිකාදීන් වෙන් වැ වාස කරන ඔහුට ශාස්තෘන්වහන්සේ ද උපවාද නො කෙරෙති. නුවණැති සබ්‍රම්සරහු නුවණින් දැන උපවාද නො කෙරෙති. දෙවියෝ ද උපවාද නො කෙරෙති. තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. හේ බුදුන් විසිනුදු දොස් නො නඟන ලදුයේ නුවණින් දැන විඥ සබ්රම්සරුන්විසින් දොස් නො නඟන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නො නඟන ලදුයේ මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමර්ත්ථ ඥානදර්ශනවිශේෂය පසක් කෙරෙයි.
සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවංහෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
හෙතෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
පුන චපරං භද්දාලි භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
තවද භද්දාලිය, මහණ තෙම විතර්‍කවිචාරයන් සන්හින්ඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ එකඟ බව ඇති විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
පුන චපරං භද්දාලි භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
තවද භද්දාලිය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂා ඇති වැ වෙසෙයි. (සම්ප්‍රයුක්ත) සුඛය ද (නාම) කයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ‘උපේක්ෂා ඇත්තේ යැ සිහි ඇත්තේ යැ සුඛවිහරණ ඇත්තේ යැ’ යි, කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
පුන චපරං භද්දාලි භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථාතං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
තවද භද්දාලිය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් ගේ නැසීමෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතියෙන් පරිශුද්ධ භාවය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
හේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි ප්‍රභාස්වර වූ කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා පිණිස සිත නමයි. හේ අනේකවිධ පූර්වනිවාසය සිහි කෙරෙයි. හෙමෙසේ යැ: එක්ජාතියකුදු දෙජාතියකුදු ... මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්වනිවාසය සිහි කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්ෂාව ශාස්තෘශාසනයෙහි සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්ස.
හේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි භාවනාකර්මයට නිසි කල්හි සිටි කල්හි අචල කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා පිණිස සිත නමයි. හේ පිරිසුදු වූ මිනිසැස ඉක්ම පැවැති දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්ණ වූ ද දුවර්‍ණ වූ ද සුගතියට ගියා වූ ද දුර්ගතියට ගියා වූ ද සත්ත්වයන් දකියි ... කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දනියි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.
සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. තං කිස්ස හෙතු: එවං හෙතං භද්දාලි හොති යථා තං සත්ථුසාසනෙ සික්ඛාය පරිපූරකාරිස්සාති.
හේ මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්ය කල්හි සිටි කල්හි අචල කල්හි ආස්රවක්ෂයකරඥානය පිණිස සිත නමයි. හෙතෙම ‘මේ දුකැ’යි ඇතිසැටියෙන් දැනගනියි: ... ‘මේ දුක් නසන පිළිවෙතැ’යි ඇතිසැටියෙන් දනියි. ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි ... ‘මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු ගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, මිදුණු කල්හි මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලද, රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වේ’ යයි.
එවං වුත්තෙ ආයස්මා භද්දාලි භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං නො තථා පවය්හ පවය්හ කාරණං කරොන්තීති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක්හට අල්පමාත්‍ර දෝෂයෙහි දු දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක් හට (මහත්වූ දෝෂයෙහි දු) එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.
ඉධ භද්දාලි එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: අයං ඛො ආවුසො භික්ඛු අභිණ්හාපත්තිකො ආපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසම්මති.
භද්දාලිය මෙසස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා වශයෙන් කියනු ලබන්නේ අන් කථායෙකින් අනෙක වසයි. කථාව බැහැරට නමයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මැනැවින් වතෙහි නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය එහිලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂූන් විසින් කියනු ලබනුයේ අනෙකකින් වසයි. කථාව බැහැර කරයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කෙරෙයි. මොනොවට වතෙහි නො පවතිතී. අනුලොම්වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී නො කියයි. ආයුෂ්මතුනි, මොහුගේ මේ අධිකරණය යම් සේ වහා නො සන්හිඳේ නම් මේ මහණහු පිළිබඳ වැ ඒ ඒ පරිද්දෙන් පිරික්සව” යි. භද්දාලිය ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා නො සන්හිඳේ නම් භික්ෂූහු ඒ ඒ එපරිද්දෙන් ඒ මහණුන්ගේ මේ අධිකරණය විමසති.
ඉධ පන භද්දාලි එකච්චො භික්ඛු අභිණ්හාපත්තිකො හොති ආපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු අභිණ්හාපත්තිකො ආපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති.
භද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ඇවැත් බහුල වෙයි. හේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙකක් නො වසයි. කථාව බැහැර නො නමයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මොනොවට වතෙහි පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. භද්දාලිය එහි ලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබනුයේ අනෙකකින් අනෙක නො වසයි.
න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසම්මති.
කථාව බැහැර නො නමයි. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ නො කෙරෙයි. මොනොවට පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවතී. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. මොහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ නම් ආයුෂ්මත්නි, මේ භික්ෂුහුගේ අධිකරණ එසේ පරීක්ෂා කරවු නම් ඉතා මැනැවැ” යි. භද්දාලිය භික්ෂූහු ඒ භික්ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කරත් ඔහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ ද එපරිද්දෙනි.
ඉධ භද්දාලි එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: අයං ඛො ආවුසො භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො, සො භික්ඛූහි වුච්චමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. න සම්මා වත්තති. න ලොමං පාතෙති. න නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති නාහ. සාධු වතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං න ඛිප්පමෙව වූපසම්මති.
භද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කිසි කලෙක අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල නො වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි, කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතී. යමෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය, එහි ලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ කලෙකැ අවදනා ඇවැත් ඇතියේ ආපත්ති බහුල නොවූයේ වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතියි. යමෙකින් සංඝයා කැමැති වේ ද එය කරමී නො කියයි. ඇවැත්නි, යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද මේ මහණහුගේ ඒ අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කරවු නම් ඉතා මැනැව” යි. භද්දාලිය, භික්ෂූහු ඒ භික්ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කෙරෙත්. යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද එපරිද්දෙනි.
ඉධ පන භද්දාලි එකච්චො භික්ඛු අධිච්චාපත්තිකො හොති අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු අධිච්චාපත්තිකො අනාපත්තිබහුලො. සො භික්ඛූහි වුච්චමානො නාඤ්ඤෙනඤ්ඤං පටිචරති. න බහිද්ධා කථං අපනාමෙති. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සම්මා වත්තති. ලොමං පාතෙති. නෙත්ථාරං වත්තති. යෙන සඞ්ඝො අත්තමනො හොති තං කරොමීති ආහ. සාධුවතායස්මන්තො ඉමස්ස භික්ඛුනො තථා තථා උපපරික්ඛථ යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසමෙය්යාති. තස්ස ඛො එතං භද්දාලි භික්ඛුනො භික්ඛූ තථා තථා උපපරික්ඛන්ති යථාස්සිදං අධිකරණං ඛිප්පමෙව වූපසම්මති.
භද්දාලිය, මෙසස්නෙහි යම් කිසි මහණෙක් කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙක් කරුණෙකින් අනෙක්කරුණක් නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී කියයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙබඳු මෙසිත වෙයි: “ඇවැත්නි, මෙමහණ කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙක නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සඞ්ඝයා සතුටු වේ ද එය කරමී කියයි. ආයුෂ්මත්නි, මොහු ගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් ඉතා මැනැවැ. මේ මහණහු පිළිබඳ වැ ඒ ඒ පරිද්දෙන් විමසව” යි. භද්දාලිය, ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් භික්ෂූහු ඒ ඒ පරිද්දෙන් ඒ මහණහුගේ මේ අධිකරණය විමසති.
ඉධ භද්දාලි එකච්චො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. සචෙ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරිස්සාම. මා’යම්පිස්ස තං සද්ධාමත්තකං පෙමමත්තකං තම්හාපි පරිහායීති. සෙය්යථාපි භද්දාලි පුරිසස්ස එකං චක්ඛුං තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා තං එකං චක්ඛුං රක්ඛෙය්යුං: මා යම්පිස්ස තං එකං චක්ඛුං තම්හාපි පරිහායී’ති. එවමෙව ඛො භද්දාලි ඉධෙකච්චො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. තත්ර භද්දාලි භික්ඛූනං එවං හොති: ‘අයං ඛො ආවුසො භික්ඛු සද්ධාමත්තකෙන වහති පෙමමත්තකෙන. සචෙ මයං ඉමං භික්ඛුං පවය්හ පවය්හ
භද්දාලිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. ඉදින් ඇපි මේමහණහට දොස් දක්වදක්වා කාරණා කරමෝ නම් මොහුගේ යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී ද එයිනුදු මේ තෙමේ නහමක් පිරිහේව”යි. භද්දාලිය, යම්සේ පුරුෂයක්හට එක් ඇසෙක් වේ ද ඔහුගේ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මොහුට ඒ එක් ඇසෙක් වී නම් එයිනුදු මේතෙමේ නහමක් පිරිහේව’යි එක් ඒ එක් ඇස රක්නාහු ද, භද්දාලිය, එපරිද්දෙන් මැ මෙසස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ සැදැහැ මතුයෙන් ප්‍රේම මතුයෙන් යැපෙයි. ඉදින් මෙ මහණ හට දොස් දක්ව දක්වා
කාරණං කරිස්සාම, මායම්පිස්ස තං සද්ධාමත්තකං පෙමමත්තකං තම්හාපි පරිහායී’ති. අයං ඛො භද්දාලි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං පවය්හ පවය්හ කාරණං කරොන්ති. අයං පන භද්දාලි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චං භික්ඛුං නො තථා පවය්හ පවය්හ කාරණං කරොන්තීති.
කාරණා කරන්නමෝ නම් ඕහට යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී නම් තෙමේ එයිනුදු නහමක් පිරිහේව’යි. භද්දාලිය, මෙහි කිසි මහණක් හට යම් කරුණෙකින් දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යි. භද්දාලිය, මෙහි කිසි මහණක්හට යම් කරුණෙකින් එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යී.
කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන පුබ්බෙ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තීති.
වහන්ස, යම් හෙයෙකින් පෙර ඉතා අල්ප වූත් ශික්ෂා පදයෝ වූහු නම් ඉතා බොහෝ භික්ෂූහු රහත්පෙලෙහි පිහිටියාහු නම් ඊට හේතු කවරැ ඊට ප්‍රත්‍යය කවරැ? තවද වහන්ස, යම් හෙයෙකින් මෙකලැ ඉතා බොහෝ වූත් ශික්ෂා පදයෝ වෙත් නම් ඉතා අල්ප වූත් භික්ෂූහු කෙනෙක් රහත්පෙලෙහි පිහිටත් නම් ඊට හේතු කවරැ, ඊට ප්‍රත්‍යය කවරැ’යි.
එවං හෙතං භද්දාලි හොති: සත්තෙසු හායමානෙසු සද්ධම්මෙ අන්තරධායමානෙ බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.
භද්දාලිය, තෙල මෙසේ මැ වෙයි: සත්ත්වයන් පිළිවෙතින් හෙන කල්හි පිළිවෙත් සදහම් නැසෙන කල්හි ඉතා බොහෝ ශික්ෂා පදයොත් වෙති. ඉතා අල්ප වූ භික්ෂූ කෙනෙකුන් රහත්පෙලෙහි පිහිටිත්.
න තාව භද්දාලි සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති. යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති. තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
භද්දාලිය, යම්තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්මයෝ පහළ නො වෙත් ද ඒ තාක් බුදුහු ශ්‍රාවකයනට ශික්ෂාපද නො පනවති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්මයෝ පහළ වෙත් ද එකල්හි බුදුහු එ මැ ආස්රවස්ථානීය ධර්මයන් නසන පිණිස ශ්‍රාවකයනට ශික්ෂාපද පනවත්.
න තාව භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො මහත්තං පත්තො හොති. යතො ච ඛො භද්දාලි සඞ්ඝො මහත්තං පත්තො හොති. අථ ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
භද්දාලිය, යම් තාක් සඞ්ඝයා මහත්බවට නො පැමිණියේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝයා මහත් බවට පැමිණියේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි මැ ආස්රවස්ථානීයධර්මයන් නසන පිණිස බුදුහු ශික්ෂාපද පනවත්.
න තාව භද්දාලි ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති යාව න සඞ්ඝො ලාභග්ගං පත්තො හොති, -පෙ- යසග්ගං පත්තො හොති -පෙ- බාහුසච්චං පත්තො හොති, -පෙ- රත්තඤ්ඤුතං පත්තො හොති. යතො ච ඛො භද්දාලි සඞ්ඝො රත්තඤ්ඤුතං පත්තො හොති. අථ ඉධෙකච්චෙ ආසවට්ඨානියා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති තෙසං යෙව ආසවට්ඨානියානං ධම්මානං පටිඝාතාය.
භද්දාලිය, යම් තාක් සඞ්ඝයා ලාභයෙහි අගතැන් නො පැමිණියේ වේ ද ... යසස්හි අගතැන් නො පැමිණියේ වේ ද ... බහුශ්‍රුත බවට නො පැමිණියේ වේ ද ... රාත්‍රඥ බවට නො පැමිණියේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝ තෙමේ රාත්‍රඥ බවට පැමිණියේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි බුදුහු එ මැ ආස්රවස්ථානීයධර්මයන් නසන පිණිස ශික්ෂාපද පනවත්.
අප්පකා ඛො තුම්හෙ භද්දාලි තෙන සමයෙන අහුවත්ථ යදා වො අහං ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසෙසිං. සරසි ත්වං භද්දාලීති. නො හෙතං භන්තෙ. තත්ර භද්දාලි කං හෙතුං පච්චෙසීති. සො හි නූනාහං භන්තෙ දීඝරත්තං සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී අහොසින්ති. න ඛො භද්දාලි එසෙව හෙතු එස පච්චයො. අපි ච මෙ ත්වං භද්දාලි දීඝරත්තං චෙතසා චෙතො පරිච්ච විදිතො. නචායං මොඝපුරිසො මයා ධම්මෙ දෙසියමානෙ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාතීති. අපි ච තෙ අහං භද්දාලි ආජානීයසුසූපමං ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා භද්දාලි භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
භද්දාලිය, යම් කලෙකැ මම් තොපට තරුණ අජානීයෝපම ධර්මපර්ය්යාය දෙසුයෙම් ද එසමයෙහි තෙපි අල්ප වූවහු යැ භද්දාලිය, තෝ එය සිහිකරයි ද? යි. වහන්ස තෙල නැත් මැ යැ. භද්දාලිය, එහි ලා කවරහේතුවක් සලකයි දැ’යි. වහන්ස, එකත්නෙන් ඒ මම් දිගු කලක් බුදුසස්නෙහි ශික්ෂාපද සපුරා නො කරන්නෙම් වීමි’යි. භද්දාලිය, තෙලෙ මැ හේතු නො වෙයි. තෙලෙ ප්‍රත්‍ය නො වෙ යි. එතෙකුදුවත් භද්දාලිය, මා විසින් තෝ දිගුකලක් මුළුල්ලෙහි සිතින් විමසා දන්නා ලද්දෙහි යැ: “මේ තුච්ඡපුරුෂ තෙම මා විසින් දහම් දෙසනු ලබන කල්හි අර්ත්ථවත් කොට මෙනෙහි කොට සියල්ල සිතින් සමනා එළැවූ කන් ඇති වැ දහම් නො අසා යයි දන්නා ලද්දෙහි යැ. එතෙකුදුවත් භද්දාලිය, මම තට තරුණ අජානීයෝපම ධර්මපර්ය්යාය දෙසමි. එය අස, මොනොවට මෙනෙහි කර, කියමි වදාළහ. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් භද්දාලිස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සෙය්යථාපි භද්දාලි දක්ඛො අස්සදමකො භද්‍රං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති. තස්ස මුඛාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං කාරණං කාරෙති යුගාධානෙ. තස්ස යුගාධානෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං කාරණං කාරෙති අනුක්කමෙ මණ්ඩලෙ ඛුරකාසෙ ධාවෙ රවත්ථෙ රාජගුණෙ රාජවංසෙ උත්තමෙ ජවෙ උත්තමෙ හයෙ උත්තමෙ සාඛල්යෙ. තස්ස උත්තමෙ ජවෙ උත්තමෙ හයෙ උත්තමෙ සාඛල්යෙ කාරණං කාරියමානස්ස හොන්තියෙව විසූකායිතානි විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි, යථා තං අකාරිතපුබ්බං කාරණං කාරියමානස්ස. සො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බායති. යතො ච ඛො භද්දාලි භද්රො අස්සාජානීයො අභිණ්හකාරණා අනුපුබ්බකාරණා තස්මිං ඨානෙ පරිනිබ්බුතො හොති. තමෙනං අස්සදමකො උත්තරිං වණ්ණියඤ්ච වලියඤ්ච අනුප්පවෙච්ඡති. ඉමෙහි ඛො භද්දාලි දසහඞ්ගෙහි සමන්නාගතො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.
“යම්සේ භද්දාලිය, දක්ෂ වූ අස්දමුයෙක් භද්‍ර වූ ආජානීය අශ්වයකු ලැබ පළමු මැ මුවවළලු ලීමෙහි ක්‍රියා කරවයි. මුවවළලු ලීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළවිරූ ක්‍රියා කරනුලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාර කෙනෙක් විසම හැසිරීම් කෙනෙක් විලෝම චලිත කෙනෙක් වෙත් මැ යැ. හේ නිරතුරු කිරීමෙන් පිළිවෙළින් කිරීමෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම්කලෙකැ භද්දාලිය, භද්‍රවූ ආජානීය අශ්ව තෙම නිරතුරු කිරීමෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි විය තැබීමෙහි ක්‍රියා කරවයි. විය තැබීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළ විරූ ක්‍රියා කරවනු ලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාරයෝ විසමචරිතයෝ විලෝමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම් කලෙක භද්දාලිය, භද්‍ර වූ ආජානීය අශ්ව තෙමේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහුට අස්දමු තෙමේ මත්තෙහි අනුක්‍රමයෙහි (එක්වට සිව්පා නැඟීමෙහි තැබීමෙහි) ... මණ්ඩලයෙහි ... කුරගින් යෑමෙහි ... ශීඝ්රජවයෙහි ... රවයෙහි නො බා පිවිසීමෙහි ... රජු විසින් දතයුතු ගුණයෙහි ... අශ්වරාජවංශයෙහි ... ජවසම්පත්තියෙහි ... උතුම් අස් බැව්හි උත්තම වූ සඛිලභාවයෙහි (සිලිටි වචනයෙහි) ක්‍රියා කරවයි. ඕහට උත්තමජවයෙහි උතුම් අස් බැව්හි උත්තමසඛිලභාවයෙහි ක්‍රියා කරවනලබනුවාට නො කළ විරූ ක්‍රියා කරවන ලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාරයෝ විසම චරිතයෝ විලෝමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තරයෙන් අනුපුර්වකාරණයෙන් එකරුණෙහි නිමාවට යෙයි. යම් කලෙකැ භද්දාලිය, භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ නිරන්තරකාරණයෙන් අනුපුර්වකාරණයෙන් එකරුණෙහි නිමාවට ගියේ වේ ද ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි ... භද්දාලිය, මේ දශ අඞ්ගයෙන් සමන්වාගත වූ භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ රාජාර්‍ග වෙයි. රාජභෝග්‍ය වූයේ රාජාවයට සඞ්ඛ්‍යාවට යෙයි.
එවමෙව ඛො භද්දාලි දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි දසහි: ඉධ භද්දාලි භික්ඛු අසෙක්ඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාවාචාය සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාසතියා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති. අසෙක්ඛෙන සම්මාඤාණෙන සමන්නාගතො හොති. අසෙක්ඛාය සම්මාවිමුත්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො භද්දාලි දසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
එසෙයින් මැ භද්දාලිය, දශ ධර්මයෙකින් සමන්වාගත මහණ දුරැ සිට ගෙනවුත් දෙන දන් පිළිගැනීමට නිසි වූයේ, අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ, දක්ෂිණාවට නිසි වූයේ, ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වෙයි. කවර දශ ධර්මයෙකින යත්: භද්දාලියැ, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්යක්වචනයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්යක්කර්මාන්තයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යගාජීවයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්සමාධියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්ඥානයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්විමුක්තියෙන් සමන්වාගත වෙයි. භද්දාලිය, මේ දස දහමින් යුත් මහණ දුරින් අළ දන් පිළිගැනීමට නිසි වූයේ අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ දක්ෂිණාවට නිසි වූයේ ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වේ යයි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා භද්දාලි භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
භද්දාලි සුත්තං පඤ්චමං.
පස්වැනි භද්දාලි සුත්‍රයි.