යෙදුමෙන් කියවන්න

ලටුකිකොපම සුත‍්තං

2. 2. 6.

2. 2. 6.

ලටුකිකොපම සුත‍්තං

ලටුකිකෝපම සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා අඞ‍්ගුත‍්තරාපෙසු විහරති ආපණං නාම අඞ‍්ගුත‍්තරාපානං නිගමො. අථ ඛො භගවා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ආපණං පිණ‍්ඩාය පාවිසි. ආපණෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙනඤ‍්ඤතරො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙකැ භාග්‍යවත් බුදුහු අඞ්ගුත්තරාප ජනපදයෙහි අඞ්ගුත්තරාපවාසීන් ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණුසේක් දිවාවිහරණය සඳහා එක්තරා වනලැහැබකට පිවිසිසේක. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට වැඩහුන්සේක.

ආයස‍්මාපි ඛො උදායී පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ආපණං පිණ‍්ඩාය පාවිසි. ආපණෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන සො වනසණ‍්ඩො තෙනුපසඞ‍්කමි දිවාවිහාරාය. තං වනසණ‍්ඩං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස‍්මතො උදායිස‍්ස රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ‘බහුන‍්නං වත නො භගවා දුක‍්ඛධම‍්මානං අපහත‍්තා, බහුන‍්නං වත නො භගවා සුඛධම‍්මානං උපහත‍්තා, බහුන‍්නං වත නො භගවා අකුසලානං ධම‍්මානං අපහත‍්තා බහුන‍්නං වත නො භගවා කුසලානං ධම‍්මානං උපහත‍්තා’ති.

ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ ද පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණේ දිවාවිහරණය පිණිස ඒ වනලැහැබට පැමිණියේ ය. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට හිඳගත. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ දුක් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ සුව ඵළවනුවහ, ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ අකුශලධර්‍මයන් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ කුශලධර්‍මයන් ඵළවනුවහ”යි.

අථ ඛො ආයස‍්මා උදායී සායන‍්හසමයං පතිසල‍්ලානාවුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා උදායී භගවන‍්තං එතදවොච. “ඉධ මය‍්හං භන‍්තෙ රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: ‘බහුන‍්නං වත නො භගවා -පෙ- කුසලානං ධම‍්මානං උපහත‍්තා’ති.

ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැඟීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී යැ: “වහන්ස, මෙහි එකලා වැ විවේකයෙන් හුන් මා ගේ චිත්තයෙහි මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට බොහෝ වූ … කුශලධර්‍මයන් ඵළවනසේකැ”යි.

මයං හි භන‍්තෙ පුබ‍්බෙ සායඤ‍්චෙව භුඤ‍්ජාම පාතො ච දිවා ච විකාලෙ. අහු ඛො සො භන‍්තෙ සමයො යං භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: ‘ඉඞ‍්ඝ තුම‍්හෙ භික‍්ඛවෙ එතං දිවාවිකාලභොජනං පජහථා’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ අහුදෙව අඤ‍්ඤථත‍්තං අහු දොමනස‍්සං. යම‍්පි නො සද‍්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං භොජනීයං දෙන‍්ති. තස‍්සපි නො භගවා පහානමාහ. තස‍්සපි නො සුගතො පටිනිස‍්සග‍්ගමාහා’ති.

වහන්ස, අපි පෙර සවස්හිදු උදාසන දු දාවල්හි දු විකාලයෙහි වැළඳුම්හ. වහන්ස, යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල දිවා විකල්බොජුන් හැර පියව”යි භික්‍ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්‍වය වී මැ යැ, දොම්නස් වී මැ යැ: “ශ්‍රද්ධාවත් ගෘහපතිහු අපට දහවල් විකාලයෙහි යම් ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැය දෙති, භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ ද දුරැලීම වදාළසේකැ”යි.

තෙ මයං භන‍්තෙ භගවති පෙමඤ‍්ච ගාරවඤ‍්ච හිරිඤ‍්ච ඔත‍්තප‍්පඤ‍්ච සම‍්පස‍්සමානා එවං තං දිවාවිකාලභොජනං පජහිම‍්හා. තෙ මයා භන‍්තෙ සායඤ‍්චෙව භුඤ‍්ජාම පාතො ච. අහු ඛො සො භන‍්තෙ සමයො යං භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: ඉඞ‍්ඝ තුම‍්හෙ භික‍්ඛවෙ එතං රත‍්තිං විකාලභොජනං පජහථා’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ අහුදෙව අඤ‍්ඤථත‍්තං. අහු දොමනස‍්සං යම‍්පි නො ඉමෙසං ද‍්වින‍්නං භත‍්තානං පණීතසඞ‍්ඛාතතරං තස‍්සපි නො භගවා පහානමාහ. තස‍්සපි නො සුගතො පටිනිස‍්සග‍්ගමාහා’ති.

වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ ඒ දිවාවිකල්බොජුන දුරු කළම්හ. වහන්ස, අපි සවස ද උදාසන ද වැළැඳුම්හ. යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල රාත්‍රි විකල් බොජුන හැරපියව”යි භික්‍ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්‍වය වී මැ යැ, දොම්නස් වීමැ ය: “මේ දෙවැදෑරුම් බත් අතුරෙන් යම් බතක් අතිශයින් ප්‍රණීත යයි කියනලද ද භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භෝජනයා ගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ හැරපීම ද වදාළසේකැ”යි.

භූතපුබ‍්බං භන‍්තෙ අඤ‍්ඤතරො පුරිසො දිවා සූපෙය්‍යං ලභිත්‍වා එවමාහ: ‘හන්‍ද ච ඉමං නික‍්ඛිපථ, සායං සබ‍්බෙව සමග‍්ගා භුඤ‍්ජිස‍්සාමා’ති. යා කාචි භන‍්තෙ සඞ‍්ඛතියො සබ‍්බා තා රත‍්තිං, අප‍්පා දිවා. තෙ මයං භන‍්තෙ භගවති පෙමඤ‍්ච ගාරවඤ‍්ච හිරිඤ‍්ච ඔත‍්තප‍්පඤ‍්ච සම‍්පස‍්සමානා එවං තං රත‍්තිං විකාලභොජනං පජහිම‍්හා.

වහන්ස, පෙර එක්තරා පුරුෂයෙක් දහවල්හි සූපයට නිසි (මත්ස්‍යමාංසාදී) යක් ලැබ මෙසේ කී යැ: “දැන් මෙය තබාපියව, සවස්කලැ හැම දෙනමෝ එක් වැ පියා වළඳම්හ”යි. වහන්ස, යම් කිසි සකස් කළ කෑයුතු දෑ වේ ද, එ හැම රාත්‍රියෙහි වෙයි. දහවල්හි ස්වල්පයෙක් වේ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ තෙල රෑ විකල් බොජුන් හැරපීම්හ.

භූතපුබ‍්බං භන‍්තෙ භික‍්ඛූ රත‍්තන්‍ධකාරතිමිසායං පිණ‍්ඩාය චරන‍්තා චන්‍දනිකම‍්පි පවිසන‍්ති. ඔලිගල‍්ලෙපි පපතන‍්ති. කණ‍්ටකාවට‍්ටම‍්පි ආරොහන‍්ති, සුත‍්තම‍්පි ගාවිං ආරොහන‍්තිං මාණවෙහිපි සමාගච‍්ඡන‍්ති කතකම‍්මෙහිපි අකතකම‍්මෙහිපි. මාතුගාමොපි තෙ අසද‍්ධම‍්මෙන නිමන‍්තෙති.

වහන්ස, පෙර භික්‍ෂූහු රැය ගනඳුරෙහි පිඬුසිඟා යන්නාහු ඉඳුල්දිය හෙළන තැනට ද පිවිසෙති. ගම්දොර ගවරවළෙහි ද වැටෙති, කටුවැටට ද නැඟෙති, නිදන ගවයන් පිට ද නැඟෙති, කළ සොරකම් ඇත්තා වූ ද කළ සොරකම් නැත්තා වූ ද සොරුන්ට ද හමු වෙති, මාගම ද ඔවුන් මෙවුන්දමින් පවරයි.

භූතපුබ‍්බාහං භන‍්තෙ රත‍්තන්‍ධකාරතිමිසායං පිණ‍්ඩාය චරාමි. අද‍්දසා ඛො මං භන‍්තෙ අඤ‍්ඤතරා ඉත්‍ථී විජ‍්ජන‍්තරිකාය භාජනං ධොවන‍්තී. දිස‍්වා මං භීතා විස‍්සරමකාසි: ‘අබ‍්භුං මෙ පිසාචො වත ම’න‍්ති. එවං වුත‍්තෙ අහං භන‍්තෙ තං ඉත්‍ථිං එතදවොචං: නාහං භගිනි, පිසාචො, භික‍්ඛු පිණ‍්ඩාය ඨිතො’ති. භික‍්ඛුස‍්ස ආතුමාරී, භික‍්ඛුස‍්ස මාතුමාරී, වරන‍්තෙ භික‍්ඛු තිණ‍්හෙන ගොවිකන‍්තනෙන කුච‍්ඡි පරිකන‍්තො නත්‍වෙව යං රත‍්තන්‍ධකාරතිමිසායං කුච‍්ඡිහෙතු පිණ‍්ඩාය චරසීති.

වහන්ස, මම් පෙර රැය බොල්අඳුරෙහි පිඬු සිඟා ගියෙමි. වහන්ස, බඳුන් සෝදන එක්තරා ස්ත්‍රියක් විදුලියඑලියෙන් මා දුටුවා යැ. මා දැක බියපත් වූවා “මට වනසෙක, පිශාචයෙක් මා කන්නට ආයේ වනැ”යි මහහඬ නැඟූ යැ. වහන්ස, මෙසේ කී කල්හි මම් ඒ ස්ත්‍රියට තෙල කීමි: “නැඟැණිය, මම් පිශාච නො වෙමි, පිඬු පිණිස සිටි මහණෙක්මි” කීමි. මහණහුගේ පියා මළේ වන, මහණහුගේ මව මළා වන, මහණ, තියුණු වූ ගෙරිකපන කැත්තෙන් තාගේ කුස කපන ලද්දේ මැනැවැ, යම් හෙයකින් මේ රෑ බොල්අඳුරෙහි උදර හේතුවෙන් පිඬු පිණිස හැසිරෙයි ද ඒ නො මනා මැ යි.

තස‍්ස මය‍්හං භන‍්තෙ තදනුස‍්සරතො එවං හොති: ‘බහුන‍්නං වත නො භගවා දුක‍්ඛධම‍්මානං අපහත‍්තා, බහුන‍්නං වත නො භගවා සුඛධම‍්මානං උපහත‍්තා, බහුන‍්නං වත නො භගවා අකුසලානං ධම‍්මානං අපහත‍්තා. බහුන‍්නං වත නො භගවා කුසලානං ධම‍්මානං උපහත‍්තා’ති.

වහන්ස, ඒ සිහි කරන මට මේ සිත වෙයි: “ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ සුව ඵළවනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට කුසල්දහම් ඵළවනසේකැ”යි.

එවමෙව පනුදායි ඉධෙකච‍්චෙ මොඝපුරිසා: ‘ඉදං පජහථා’ති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: ‘කිම‍්පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස අධිසල‍්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ‍්චෙව නප‍්පජහන‍්ති. මයි ච අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා, තෙසං තං උදායි හොති බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථූල‍්ලො කලිඞ‍්ගරො.

උදායිය, ඒ එසේ මැ යැ. ලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනුලබන්නාහු ඔහු මෙසේ කියති: “කුමක් හෙයින් මේ මහණහු ඉතා අල්ප වූ මඳ පමණ වූ මෙකරුණට ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එකරුණ වැලිත් නො හැරපියති. මා කෙරෙහිදු නො සතුට උපදවත්. (සාරිපුත්තාදී) යම් භික්‍ෂු කෙනෙක් හික්මෙනු කැමැති වෙත් ද, (ඔවුන් කෙරෙහිදු නො සතුට) එළවත්. උදායිය, ඔවුන්ට එය බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ගෙල බැඳි මහාකාෂ්ටයෙක් වෙයි.

සෙය්‍යථාපි උදායි ලටුකිකා සකුණිකා පූතිලතාය බන්‍ධනෙන බද‍්ධා තත්‍ථෙව වධං වා බන්‍ධං වා මරණං වා ආගමෙති. යො නු ඛො උදායි එවං වදෙය්‍ය: ‘යෙන සා ලටුකිකා සකුණිකා පූතිලතාය බන්‍ධනෙන බද‍්ධා තත්‍ථෙව වධං වා බන්‍ධං වා මරණං වා ආගමෙති, තං හි තස‍්සා අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං, අසාරකං බන්‍ධන’න‍්ති. සම‍්මානු ඛො සො උදායි වදමානො වදෙය්‍යා’ති. නො හෙතං භන‍්තෙ. යෙන සා භන‍්තෙ ලටුකිකා සකුණිකා පූතිලතාය බන්‍ධනෙන බද‍්ධා තත්‍ථෙව වධං වා බන්‍ධං වා මරණං වා ආගමෙති. තං හි තස‍්සා බලවං බන්‍ධනං, දළ‍්හං බන්‍ධනං, ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං, ථූල‍්ලො කලිඞ‍්ගරො’ති.

උදායිය, යම්සේ කැටකිරිල්ලක් කිඳිලිය බැඳුමින් බැඳුණී එහි මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, උදායිය, යමෙක් ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි දී මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, එයම ඈට අබල බන්‍ධනයෙක් දුබල බන්‍ධනයෙක් පුතිබන්‍ධනයෙක් අසාර බන්‍ධනයෙක් වේ යයි. කියා නම්, උදායිය, හේ කියනුයේ සැබැවක් මැ කියා දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි මැ වධයට හෝ බන්‍ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද එය ඈට බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ස්ථුලකලිඞ්ගරයෙක් වේ ද එහෙයිනි.

එවමෙව ඛො උදායි ඉධෙකච‍්චෙ මොඝපුරිසා: ‘ඉදං පජහථා’ති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: කිං පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස අධිසල‍්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ‍්චෙව නප‍්පජහන‍්ති, මයි ච අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා තෙසං තං උදායි හොති බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථූල‍්ලො කලිඞ‍්ගරො.

එසෙයින් මැ උදායිය, මේ ඇතැම් තුච්ඡ පුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “මේ ඉතා මඳ දැයකට කුමක් හෙයින් මේ මහණහු ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එය නො ද හැරපියති. මා කෙරෙහි ද නො සතුට පහළ කෙරෙත් හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද (ඔවුන් කෙරෙහි දු නො සතුට) පහළ කෙරෙත්. උදායිය, එය ඔවුන්ට බලවත් බන්‍ධනයෙක් දැඩි බන්‍ධනයෙක් ස්ථිර බන්‍ධනයෙක් නො දිරූ බන්‍ධනයෙක් ගෙල බැඳි මහාකලිඞ්ගරයෙක් වෙයි.

ඉධ පනුදායි එකච‍්චෙ කුලපුත‍්තා: ‘ඉදං පජහථා’ති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: කිම‍්පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස පහාතබ‍්බස‍්ස යස‍්ස නො භගවා පහානමාහ. යස‍්ස නො සුගතො පටිනිස‍්සග‍්ගමාහා’ති. තෙ තඤ‍්චෙව පජහන‍්ති, මයි ච න අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා. තෙ තං පහාය අප‍්පොස‍්සුක‍්කා පන‍්නලොමා පරදවුත‍්තා මිගභූතෙන චෙතසා විහරන‍්ති. තෙසන‍්තං උදායි හොති අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධනං. සෙය්‍යථාපි උදායි රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බුළ‍්හවාභිජාතො සඞ‍්ගාමාවචරො දළ‍්හෙහි වරත‍්තෙහි බන්‍ධනෙහි බද‍්ධො ඊසකඤ‍්ඤෙව කායං සන‍්නාමෙත්‍වා තානි බන්‍ධනානි සඤ‍්ඡින්‍දිත්‍වා සම‍්පදාළෙත්‍වා යෙන කාමං පක‍්කමති. යො නු ඛො උදායි එවං වදෙය්‍ය: යෙහි සො රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බුළ‍්හවාභිජාතො සඞ‍්ගාමාවචරො දළ‍්හෙහි වරත‍්තෙහි බන්‍ධනෙහි බද‍්ධො ඊසකඤ‍්ඤෙව කායං සන‍්නාමෙත්‍වා තානි බන්‍ධනානි සඤ‍්ඡින්‍දිත්‍වා සම‍්පදාළෙත්‍වා යෙන කාමං පක‍්කමති. තං හි තස‍්ස බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථූල‍්ලො කලිඞ‍්ගරොති. සම‍්මා නු ඛො සො උදායි වදමානො වදෙය්‍යාති. නො හෙතං භන‍්තෙ. යෙහි සො භන‍්තෙ රඤ‍්ඤො නාගො ඊසාදන‍්තො උබ‍්බුළ‍්හවාභිජාතො සඞ‍්ගාමාවචරො දළ‍්හෙහි වරත‍්තෙහි බන්‍ධනෙහි බද‍්ධො ඊසකඤ‍්ඤෙව කායං සන‍්නාමෙත්‍වා තානි බන්‍ධනානි සඤ‍්ඡින්‍දිත්‍වා සම‍්පදාළෙත්‍වා යෙන කාමං පක‍්කමති. තං හි තස‍්ස අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධනන‍්ති.

තවද උදායිය, මෙසස්නෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක්හු ගේ ප්‍රහාණය වදාරනසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරනසේක් ද මේ ඉතා අල්ප වූ මඳ පමණ වූ ප්‍රභාතව්‍යයාගේ (බුදුන් විසින් වදාළයුතු) කිමැ”යි ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ (ශාරීපුත්‍රාදී) යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්‍ධනයෙකි, දුබල බන්‍ධනයෙකි, පූතික (දිරූ) බන්‍ධනයෙකි, අසාර බන්‍ධනයෙකි. උදායීය, යම්සේ රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඇත් තෙමේ දැඩි වරපට බැඳුමින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද උදායිය, යමෙක් මෙසේ කියා නම්: “රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වරපට බැඳුමෙකින් බඳනාලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යෙයි. එය ඔහුට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, අපූතික බන්‍ධනයෙක, ස්ථුලකලිඞ්ගරයෙකැ”යි කියා නම් උදායිය, කියන්නා වූ හේ සැබැවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වූ වරපට බැඳුමෙකින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද, එය උහුට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකි.

එවමෙව ඛො උදායි ඉධෙකච‍්චෙ කුලපුත‍්තා ඉදං පජහථා’ති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: කිං පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස පහාතබ‍්බස‍්ස යස‍්ස නො භගවා පහානමාහ. යස‍්ස නො සුගතො පටිනිස‍්සග‍්ගමාහාති. තෙ තඤ‍්චෙව පජහන‍්ති. මයි ච න අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා තෙ තම‍්පහාය අප‍්පොස‍්සුක‍්කා පන‍්නලොමා පරදවුත‍්තා මිගභූතෙන චෙතසා විහරන‍්ති. තෙසං තං උදායි හොති අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධනං.

එසෙයින් මැ උදායිය, මෙසස්නෙහි ඇතැම් කුලපුත්‍රයෝ ‘මෙය දුරු කරව’යි මාවිසින් කියනු ලබන්නාහු ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරණසේක් ද, කුමක් හෙයින් මේ අල්පමාත්‍ර වූ මඳ පමණ වූ ප්‍රහාතව්‍යය හේතු කොට ගෙන වදාරනසේක් දැ’යි. ඔහු එ ද දුරු කෙරෙති, මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති, හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට හෝ පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ පරා අයත් පැවැතුම් ඇති වැ මෘගසදෘශ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතිකබන්‍ධනයෙක, අසාරබන්‍ධනයෙක.

සෙය්‍යථාපි උදායි පුරිසො දළිද‍්දො අස‍්සකො අනාළ‍්හියො තස‍්සස‍්ස එකං අගාරකං ඔලුග‍්ගවිලුග‍්ගං කාකාතිදායිං න පරමරූපං. එකා ඛටොපිකා ඔලුග‍්ගවිලුග‍්ගා න පරමරූපා, එකිස‍්සා කුම‍්භියා ධඤ‍්ඤසමවාපකං න පරමරූපං, එකා ජායිකා න පරමරූපා. සො ආරාමගතං භික‍්ඛුං පස‍්සෙය්‍ය සුධොතහත්‍ථපාදං මනුඤ‍්ඤං භොජනං භුත‍්තාවිං සීතාය ඡායාය නිසින‍්නං අධිචිත‍්තෙ යුත‍්තං. තස‍්ස එවමස‍්ස: සුඛං වත භො සාමඤ‍්ඤං, ආරොග්‍යං වත භො සාමඤ‍්ඤං, සො වතස‍්සං යොහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍යන‍්ති. සො න සක‍්කුණෙය්‍ය එකං අගාරකං ඔලුග‍්ගවිලුග‍්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, එකං ඛටොපිකං ඔලුග‍්ගවිලුග‍්ගං න පරමරූපං පහාය, එකිස‍්සා කුම‍්භියා ධඤ‍්ඤසමවාපකං න පරමරූපං පහාය, එකං ජායිකං න පරමරූපං පහාය, කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං.

යම්සේ උදායි ය, තමා සතු කිසිවක් නැති ආඪ්‍ය නො වූ දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහට ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් ගෙයෙක් වන්නේ යැ. උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණුදඬුමුවා හැඳෙක් වන්නේ යැ, එක් සැළෙකැ නො මනා වූ (හමු ආදී ධාන්‍ය හා ලබු ආදි) බිජුවට වෙයි. නො මනාරූ ඇති එක් දුගී බිරිඳක් වන්නී යැ. හෙතෙම ආරාමයෙහි හුන් මොනොවට දෙවූ අත්පා ඇති මනා බොජුන් වැළැඳූ සිහිල් සෙවෙනැ හුන් ධ්‍යානභාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “භවත, ශ්‍රමණභාවය ඒකාන්තයෙන් සැපයෙක. භවත, ශ්‍රමණභාවය ඒකාන්තයෙන් ආරෝග්‍යයෙකි. යම් බඳු වූ මම් ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වීම් නම් ඒකාන්තයෙන් පුරුෂයෙක් නම් වන්නේ යයි. හේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් කුඩා ගෙය හැරපියා, උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණදඬුමුවා එක් හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ (හමු, ලබුබිජුවට ඈ) ධාන්‍යසමවාපකය හැරපියා පිළිකුල් කටයුතු එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්ම කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ පැවිදි වන්නට නො හැකි වන්නේ යැ.

යො නු ඛො උදායි එවං වදෙය්‍ය: යෙහි සො පුරිසො බන්‍ධනෙහි බද‍්ධො න සක‍්කොති, එකං අගාරකං ඔලුග‍්ගවිලුග‍්ගං -පෙ- එකං ජායිකං න පරමරූපං පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං. තං හි තස‍්ස අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධන’න‍්ති. සම‍්මානු ඛො සො උදායිවදමානො වදෙය්‍යාති. නො හෙතං භන‍්තෙ. යෙහි සො භන‍්තෙ පුරිසො බන්‍ධනෙහි බද‍්ධො න සක‍්කොති එකං අගාරකං ඔලුග‍්ගවිලුග‍්ගං කාකාතිදායිං න පරමරූපං පහාය, එකං ඛටොපිකං ඔලුග‍්ගවිලුග‍්ගං න පරමරූපං පහාය, එකිස‍්සා කුම‍්භියා ධඤ‍්ඤසමවාපකං න පරමරූපං පහාය, එකං ජායිකං න පරමරූපං පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං. තං හි තස‍්ස බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථුල‍්ලො කලිඞ‍්ගරොති.

උදායිය, යමෙක් මෙසේ කියා ද: “ඒ පුරුෂ තෙම යම් බන්‍ධනයෙකින් බැඳුණේ ගිලිහුණු ගොනැස් ඇති එක් කුඩා ගෙය … පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පැවිදිවන්නට නොහැක්කේ” යයි කියා නම් එය ඔහට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර වූ බන්‍ධනයෙකැ”යි. උදායිය, කියන්නා වූ හෙතෙම සැබැවක් මැ කියන්නේ දැ? යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්‍ධනයෙකින් බැඳුණු ඒ පුරුෂ තෙමේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ පිවිසිය හැකි නො මනා වූ එක් කුඩා ගෙපැල හැරපියා, උස්මිටි වූ නො මනා වූ එක් හුණදඬු හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ නො අගනා (හමු, ලබුබිජු ඈ) ධාන්‍යසමවාපය හැරපියා, පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වන්නට නො පොහොසත් වන්නේ යැ. එය ඔහට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, නො දිරූ බන්‍ධනයෙක, ගෙලෙ බැඳි මහදඬුකඩෙකි.

එවමෙව ඛො උදායි ඉධෙකච‍්චෙ මොඝපුරිසා ඉදං පජහථාති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: කිං පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස. අධිසල‍්ලිඛතෙවායං සමණො’ති. තෙ තඤ‍්චෙව නප‍්පජහන‍්ති. මයි ච අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා තෙසන‍්තං උදායි හොති බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථුල‍්ලො කලිඞ‍්ගරො.

උදායිය, එසෙයින් මැ මෙලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ මා විසින් ‘මෙය හැරපියව’යි කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: මේ අල්පමාත්‍ර වූ මඳපමණ වූ කරුණක් හේතු කොට කුමක් කියයුතු ද? මේ මහණහු අධික වැ වෑයම් කෙරෙත්”යයි. ඔහු ඒ අල්පමාත්‍රය ද නොහැරපියති. මා කෙරෙහි දු නො සතුට පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ යම් භික්‍ෂු කෙනෙක් වෙත් ද, ඔවුන් කෙරෙහි දු නො සතුට පහළ කෙරෙත්. උදායීය, එය ඔවුන්ට බලවත් බන්‍ධනයෙක, දැඩි බන්‍ධනයෙක, ස්ථිර බන්‍ධනයෙක, අපූතික බන්‍ධනයෙක, ගෙලෙ බැඳි මහා කලිඞ්ගරයෙකි.

සෙය්‍යථාපි උදායි ගහපති වා ගහපතිපුත‍්තො වා අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො, නෙකානං නික‍්ඛගණානං චයො නෙකානං ධඤ‍්ඤගණානං චයො නෙකානං ඛෙත‍්තගණානං චයො නෙකානං වත්‍ථුගණානං චයො නෙකානං භරියාගණානං චයො නෙකානං දාසගණානං චයො නෙකානං දාසිගණානං චයො, සො ආරාමගතං භික‍්ඛුං පස‍්සෙය්‍ය සුධොතහත්‍ථපාදං මනුඤ‍්ඤං භොජනං භුත‍්තාවිං සීතාය ඡායාය නිසින‍්නං අධිචිත‍්තෙ යුත‍්තං. තස‍්ස එවමස‍්ස: සුඛං වත භො සාමඤ‍්ඤං, ආරොග්‍යං වත භො සාමඤ‍්ඤං, සො වතස‍්සං යොහං කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජෙය්‍ය’න‍්ති. සො සක‍්කුණෙය්‍ය නෙකානි නික‍්ඛගණානි පහාය, නෙකානි ධඤ‍්ඤගණානි පහාය, නෙකානි ඛෙත‍්තගණානි පහාය, නෙකානි වත්‍ථුගණානි පහාය, නෙකානි භරියාගණානි පහාය, නෙකානි දාසගණානි පහාය, නෙකානි දාසිගණානි පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං.

යම් සේ උදායීය, ධනයෙන් ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් උපභෝගපරිභෝග ඇති නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්ක ඇති නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශි ඇති නොයෙක් සියගණන් කෙත් සමූහ ඇති නොයෙක් සියගණන් වතුසමූහ ඇති නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහ ඇති නොයෙක් සියගණන් දාසසමූහයා ඇති නොයෙක් සියගණන් දාසීසමූහයා ඇති ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ වෙයි. හේ අරම්හි හුන් මොනොවට දෙවි අත්පා ඇති මනහර බොජුන් වැළැඳූ සිහිල් සෙවණැ හුන් ධ්‍යාන භාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. එකල්හි ඔහට මෙසිත වෙයි. “භවත එකත්නෙන් ශ්‍රමණභාවය සුවයෙක. භවත, එකත්නෙන් ශ්‍රමණභාවය ආරෝග්‍යයෙකි. මම් කෙහෙ දැළිරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙම් නම් මැනැවැ”යි. හේ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා, නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් වතු සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා, නොයෙක් සියගණන් දාසගණයා හැරපියා, නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා, කෙහෙ දැළිරැවුළු බහා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට හැකි වන්නේ යැ.

යො නු ඛො උදායි එවං වදෙය්‍ය: යෙහි සො ගහපති වා ගහපතිපුත‍්තො වා බන්‍ධනෙහි බද‍්ධො සක‍්කොති ..... පෙ..... නෙකානි දාසීගණානි පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං තං හි තස‍්ස බලවං බන්‍ධනං දළ‍්හං බන්‍ධනං ථිරං බන්‍ධනං අපූතිකං බන්‍ධනං ථුල‍්ලො කලිඞ‍්ගරොති. සම‍්මා නු ඛො සො උදායි වදමානෙ වදෙය්‍යා’ති. නො හෙතං භන‍්තෙ. යෙහි සො භන‍්තෙ ගහපති වා ගහපතිපුත‍්තො වා බන්‍ධනෙහි බද‍්ධො සක‍්කොති නෙකානි නික‍්ඛගණානි පහාය, නෙකානි ධඤ‍්ඤගණානි පහාය, නෙකානි ඛෙත‍්තගණානි පහාය, නෙකානි වත්‍ථුගණානි පහාය, නෙකානි භරියාගණානි පහාය, නෙකානි දාසගණානි පහාය, නෙකානි දාසිගණානි පහාය කෙසමස‍්සුං ඔහාරෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතුං. තං හි තස‍්ස අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධනන‍්ති. එවමෙව ඛො උදායි ඉධෙකච‍්චෙ කුලපුත‍්තා, ඉදං පජහථාති මයා වුච‍්චමානා තෙ එවමාහංසු: ‘කිං පනිමස‍්ස අප‍්පමත‍්තකස‍්ස ඔරමත‍්තකස‍්ස පහාතබ‍්බස‍්ස යස‍්ස නො භගවා පහානමාහ. යස‍්ස නො සුගතො පටිනිස‍්සග‍්ගමාහා’ති. තෙ තඤ‍්චෙව පජහන‍්ති. මයි ච න අප‍්පච‍්චයං උපට‍්ඨාපෙන‍්ති. යෙ ච භික‍්ඛූ සික‍්ඛාකාමා තෙ තං පහාය අප‍්පොස‍්සුක‍්කා පන‍්නලොමා පරදවුත‍්තා මිගභූතෙන චෙතසා විහරන‍්ති. තෙසං තං උදායි හොති අබලං බන්‍ධනං දුබ‍්බලං බන්‍ධනං පූතිකං බන්‍ධනං අසාරකං බන්‍ධනං.

උදායිය, යමෙක් මෙසේ කියා නම්: “ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ යම් බන්‍ධනයෙකින් බැඳුණේ … නොයෙක් සියගණන් දාසිගණයා හැරපියා කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදි වන්නට හැකි වේ ද, එය ඔහට බලවත්බන්ධනයෙක, දෘඪබන්‍ධනයෙක, ස්ථිරබන්‍ධනයෙක, අපූතිකබන්‍ධනයෙක, (ගෙල බැඳි) ස්ථුල වූ කලිඞ්ගරයෙකැ”යි කියා නම්, මෙසේ හෙතෙම සැබවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්‍ධනයෙකින් බැඳුණු ඒ ගැහැවි හෝ ගැහැවිපිත් හෝ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා නොයෙක් සියගණන් වතුසමූහයන් හැරපියා නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා නොයෙක් සියගණන් දාසගණයා හැරපියා නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට පොහොසත් වේ ද, එය ඔහට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකැ’යි. එසෙයින් මැ උදායීය, මෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් “මෙය හැරපියව”යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද සුගතයන් වහන්සේ අපට යමක් පිළිබඳ දුරලීම වදාරණසේක් ද, මේ අල්පමාත්‍ර වූ පරිත්තමාත්‍ර වූ ප්‍රභාතව්‍යයට වදාළයුතු කිමැ”යි. ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම් ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලෝම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායීය, එය ඔවුනට අබල බන්‍ධනයෙක, දුබල බන්‍ධනයෙක, පූතික (දිරූ) බන්‍ධනයෙක, අසාර බන්‍ධනයෙකැ”යි.

චත‍්තාරො මෙ උදායි පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො: ඉධුදායි එකච‍්චො පුග‍්ගලො උපධිපහානාය පටිපන‍්නො හොති උපධිපටිනිස‍්සග‍්ගාය. තමෙනං උපධිපහානාය පටිපන‍්නං උපධිපටිනිස‍්සග‍්ගාය උපධිපටිසඤ‍්ඤුත‍්තා සරසඞ‍්කප‍්පා සමුදාචරන‍්ති. සො තෙ අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න බ්‍යන‍්තීකරොති. න අනභාවං ගමෙති. ඉමං ඛො අහං උදායි පුග‍්ගලං සඤ‍්ඤුත‍්තො’ති වදාමි නො විසඤ‍්ඤුත‍්තො. තං කිස‍්ස හෙතු: ඉන්‍ද්‍රියවෙමත‍්තතා හි මෙ උදායි ඉමස‍්මිං පුග‍්ගලෙ විදිතා.

උදායීය, මෙලොවැ විද්‍යමාන වූ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙකැ යත්: උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් (ස්කන්‍ධාදි) උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ (උපධි අනුව දිවෙන) (හී බඳු) විතර්‍කයෝ මැඬලති. හේ ඔවුන් ඉවසයි, නො හරියි, දුරු නො කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි, උදායීය, මම මේ පුද්ගලයා ‘ක්ලේශසංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි.

ඉධ පනුදායි එකච‍්චො පුග‍්ගලො උපධිපහානාය පටිපන‍්නො හොති උපධිපටිනිස‍්සග‍්ගාය. තමෙනං උපධිපහානාය පටිපන‍්නං උපධිපටිනිස‍්සග‍්ගාය උපධිපටිසඤ‍්ඤුත‍්තා සරසඞ‍්කප‍්පා සමුදාචරන‍්ති. සො තෙ නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. ඉමම‍්පි ඛො අහං උදායි පුග‍්ගලං සඤ‍්ඤුත‍්තොති වදාමි නො විසඤ‍්ඤුත‍්තො. තං කිස‍්ස හෙතු: ඉන්‍ද්‍රියවෙමත‍්තතා හි මෙ උදායි ඉමස‍්මිං පුග‍්ගලෙ විදිතා.

තවද උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ ශරසංකල්ප (විතර්‍ක) යෝ මැඬලති. හේ ඒ විතර්‍කයන් නො ඉවසයි, හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රිය නානාත්‍වය දන්නාලද ද, එහෙයිනි.

ඉධ පනුදායි එකච‍්චො පුග‍්ගලො උපධිපහානාය පටිපන‍්නො හොති උපධිපටිනිස‍්සග‍්ගාය. තමෙනං උපධිපහානාය පටිපන‍්නං උපධිපටිනිස‍්සග‍්ගාය කදාචි කරහචි සතිසම‍්මොසා උපධිපටිසඤ‍්ඤුත‍්තා සරසඞ‍්කප‍්පා සමුදාචරන‍්ති. දන්‍ධො උදායි සතුප‍්පාදො. අථ ඛො නං ඛිප‍්පමෙව පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. සෙය්‍යථාපි උදායි පුරිසො දිවසසන‍්තත‍්තෙ අයොකටාහෙ ද‍්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්‍ය. දන්‍ධො උදායි උදකඵුසිතානං නිපාතො. අථ ඛො නං ඛිප‍්පමෙව පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය. එවමෙව ඛො උදායි ඉධෙකච‍්චො පුග‍්ගලො උපධිපහානාය පටිපන‍්නො හොති උපධිපටිනිස‍්සග‍්ගාය. තමෙනං උපධිපහානාය පටිපන‍්නං උපධිපටිනිග‍්ගාය කදාචි කරහචි සතිසම‍්මොසා උපධිපටිසඤ‍්ඤුත‍්තා සරසඞ‍්කප‍්පා සමුදාචරන‍්ති. දන්‍ධො උදායි සතුප‍්පාදො. අථ ඛො නං ඛිප‍්පමෙව පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙති. ඉමම‍්පි ඛො අහං උදායි පුග‍්ගලං සඤ‍්ඤුත‍්තො’ති වදාමි නො විසඤ‍්ඤුත‍්තො. තං කිස‍්ස හෙතු: ඉන්‍ද්‍රියවෙමත‍්තතා හි මෙ උදායි ඉමස‍්මිං පුග‍්ගලෙ විදිතා.

තවද උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති, උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුව මැ හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනු අභාවයට පමුණුවයි. යම්සේ උදායීය, දවස මුළුල්ලෙහි මොනොවට තවනලද යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළා නම් උදායීය, දියබිඳු හෙළීම ලස් වෙයි, එතෙකුදුවත් එය යුහුවැ මැ ක්‍ෂයට විනාශයට යන්නේ ද, එසෙයින් මැ උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති. උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුවැ මැ හැරපියයි දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි, ‘විසංයුක්ත’ යයි නො කියමි, ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි.

ඉධ පනුදායි එකච‍්චො පුග‍්ගලො ‘උපධි දුක‍්ඛස‍්ස මූල’න‍්ති ඉති විදිත්‍වා නිරුපධි හොති උපධිසඞ‍්ඛයෙ විමුත‍්තො. ඉමං ඛො අහං උදායි පුග‍්ගලං විසඤ‍්ඤුත‍්තො’ති වදාමි නො සඤ‍්ඤුත‍්තො. තං කිස‍්ස හෙතු: ඉන්‍ද්‍රියවෙමත‍්තතා හි මෙ උදායි ඉමස‍්මිං පුග‍්ගලෙ විදිතා.

උදායිය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ස්කන්‍ධොපධිය දුකට මුලැ’යි මෙසේ දැන උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ආලම්බන හෙයින් මිදුණේ උපධි රහිත වූයේ වෙයි. උදායීය, මේ පුද්ගලයා විසංයුක්ත යැ යි මම් කියමි. සංයුක්ත යැ’යි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්‍ද්‍රියනානාත්‍වය දන්නාලද ද එහෙයිනි. උදායීය, මේ සතර පුඟුල්හු ලොවැ ඇත්තාහු විද්‍යමාන වෙත්.

පඤ‍්ච ඛො ඉමෙ උදායි කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො උදායි පඤ‍්ච කාමගුණා. යං ඛො උදායි ඉමෙ පඤ‍්චකාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං ඉදං වුච‍්චති කාමසුඛං මීළ‍්හසුඛං පුථුජ‍්ජනසුඛං අනරියසුඛං න සෙවිතබ‍්බං න භාවෙතබ‍්බං න බහුලීකාතබ‍්බං. භායිතබ‍්බං එතස‍්ස සුඛස‍්සාති වදාමි.

උදායීය, මේ කාමගුණයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: ඇසින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගෝත්පත්තියට කරුණු වූ රූපයෝ යැ කනින් දතයුතු වූ ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු වූ ගන්‍ධයෝ යැ … දිවින් දතයුතු වූ රසයෝ යැ … කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. උදායීය, මොහු පස්කම්ගුණයෝ යි. උදායීය, මේ පස්කම්ගුණයන් පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදි ද මේ කාමසුඛ යැ අමේධ්‍ය (අපවිත්‍ර) සුඛ යැ පෘථග්ජන සුඛ යැ අනාර්‍ය්‍යසුඛ යැ යි කියනු ලැබෙයි. නො සෙවියයුතු යැ, නො වැඩියයුතු යැ, පුනපුනා නො වැඩියයුතු යැ, තෙල සුඛයට බියවියයුතු යැ යි කියමි.

ඉධුදායි භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති නෙක‍්ඛම‍්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම‍්බොධසුඛං ආසෙවිතබ‍්බං භාවෙතබ‍්බං බහුලීකාතබ‍්බං. න භායිතබ‍්බං එතස‍්ස සුඛස‍්සාති වදාමි.

උදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මේ නෛෂක්‍රම්‍යසුඛ යැ, ප්‍රවිචෙකසුඛ යැ, ව්‍යුපශමසුඛ යැ, සම්බෝධසුඛ යැ යි කියනු ලැබෙයි. සේවන කටයුතු යැ, භාවනා කටයුතු යැ, බහුල කටයුතු යැ, තෙල සුඛයට බිය නො වියයුතු යයි කියමි.

ඉධුදායි භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො අහං උදායි ඉඤ‍්ජිතස‍්මිං වදාමි. කිඤ‍්ච තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං: යදෙව තත්‍ථ විතක‍්කවිචාරා අනිරුද‍්ධා හොන‍්ති, ඉදං තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං.

උදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, ‘මේ ඉඤ්ජිත යැ’යි මම කියමි. එහි ඉඤ්ජිතය (කම්පනය) කිමෙක යත්: එහි යම් මැ විතර්‍කවිචාර කෙනෙක් නිරුද්ධ නො වූවාහු වෙත් ද, මේ එහි ඉඤ්ජිතය වෙයි.

ඉධුදායි භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදම‍්පි ඛො අහං උදායි ඉඤ‍්ජිතස‍්මිං වදාමි. කිඤ‍්ච තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං: යදෙව තත්‍ථ පීතිසුඛං අනිරුද‍්ධං හොති, ඉදං තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං.

උදායීය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත යැ’යි කියමි. එහි ‘ඉඤ්ජිත’ නම් කිමෙක යත්: එහි යම්මැ ප්‍රිතිසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද, මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.

ඉධුදායි භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, ඉදම‍්පි ඛො අහං උදායි ඉඤ‍්ජිතස‍්මිං වදාමි. කිඤ‍්ච තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං: යදෙව තත්‍ථ උපෙක‍්ඛාසුඛං අනිරුද‍්ධං හොති. ඉදං තත්‍ථ ඉඤ‍්ජිතස‍්මිං.

උදායීය, මෙ සස්නෙහි මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි, උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත’ යයි කියමි. එහි ඉඤ්ජිත නම් කිමෙක යත්: එහි යම් මැ උපේක්‍ෂාසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.

ඉධුදායි භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො අහං උදායි අනිඤ‍්ජිතස‍්මිං වදාමි.

උදායීය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මේ ‘අනිඤ්ජිත’යයි මම කියමි.

ඉධුදායි භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො. ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො. ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි. පජහථාති වදාමි. සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො. ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො. ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති, අයං තස‍්ස සමතික‍්කමො, ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි. සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො. ඉදම‍්පි ඛො අහං උදායි අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං තස‍්ස සමතික‍්කමො, ඉදම‍්පි ඛො අහං උදායි

උදායීය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්වැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. උදායීය, මම මේ නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. මෙ එහි සමතික්‍රමණ වෙයි. උදායිය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ආලය නො කටයුත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි. ‘ඉක්මව’යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ‘නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි,

අනලන‍්ති වදාමි, පජහථාති වදාමි, සමතික‍්කමථාති වදාමි. කො ච තස‍්ස සමතික‍්කමො: ඉධුදායි භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති, අයං තස‍්ස සමතික‍්කමො. ඉති ඛො අහං උදායි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්සපි පහානං වදාමි. පස‍්සසි නො ත්‍වං උදායි තං සංයොජනං අණුං වා ථූලං වා, යස‍්සාහං නො පහානං වදාමීති. නො හෙතං භන‍්තෙති.

ඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිතනිරෝධය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. මෙසෙයින් උදායීය, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. මෙසෙයින් උදායීය, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. උදායිය, මම යම් සංයෝජනයක්හු ගේ ප්‍රහාණය නො කියමි නම් අණුමාත්‍ර වූ හෝ ස්ථුල වූ හෝ ඒ සංයෝජනයක් තෙපි දක්නවු දැ’යි. වහන්ස, තෙලෙ නැත් මැ යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා උදායී භගවතො භාසිතං අභිනන්‍දීති.

බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වූහ යි.

ලටුකිකොපමසුත‍්තං ඡට‍්ඨං.

සවැනි ලටුකිකෝපම සූත්‍ර යි.