යෙදුමෙන් කියවන්න

චාතුම සුත‍්තං

2. 2. 7.

2. 2. 7.

චාතුම සුත‍්තං

චාතුම සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා චාතුමායං විහරති ආමලකීවනෙ. තෙන ඛො පන සමයෙන සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛානි පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි චාතුමං අනුප‍්පත‍්තානි හොන‍්ති භගවන‍්තං දස‍්සනාය. තෙ ච ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා අහෙසුං. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ‘කෙ පනෙතෙ ආනන්‍ද උච‍්චාසද‍්දා මහාසද‍්දා කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙති.

මා විසින් මෙසේ අසන ලද . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘චාතුමා’ නම් ගම්හි වූ ඇඹුළු වෙනෙහි වැඩ වසනසේක. එසමයෙහි සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ (නව පැවිදි) මහණහු චාතුමාවට භාග්‍යවතුන් දක්නා පිණිස පැමිණියාහු වෙති. ඒ අමුතු මහණහු ද නේවාසික භික්‍ෂූන් හා සමඟ පිළිසඳරකථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇති වූහ. එකල්හි බුදුහු ආනන්‍දය, මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් තෙලෙ කවුරු උස්හඬ මහහඬ ඇත්තාහු දැ’යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූහ.

‘එතානි භන‍්තෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානපමුඛානි පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි චාතුමං අනුප‍්පත‍්තානි භගවන‍්තං දස‍්සනාය. තෙ ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා’ති. තෙන හානන්‍ද මම වචනෙන තෙ භික‍්ඛූ ආමන‍්තෙහි. සත්‍ථායස‍්මන‍්තෙ ආමන‍්තෙතී’ති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිස‍්සුත්‍වා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: ‘සත්‍ථායස‍්මන‍්තෙ ආමන‍්තෙතී’ති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ භගවා එතදවොච: ‘කින‍්නු තුම‍්හෙ භික‍්ඛවෙ උච‍්චාසද‍්දා මහාසද‍්දා කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙ’ති.

වහන්ස, තෙල සැරියුත්මුගලන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යයවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නිවැසි මහණුන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ” යි කීහ. එසේ වී නම් ආනන්‍දය ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි මාගේ වචනයෙන් ඒ මහණුන් කැඳව’යි වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යයවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණුන් කරා එළැඹ ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි තෙල වදන් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් අනඳතෙරුන්ට පිළිවදන් අස්වා බුදුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූන්ට බුදුහු මෙය වදාළහ: කිම මහණෙනි, තෙපි මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් උස්හඬ මහහඬ ඇති වූහු දැ’ යි.

ඉමානි භන‍්තෙ සාරිපුත‍්තමොග‍්ගල‍්ලානප‍්පමුඛානි පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානි චාතුමං අනුප‍්පත‍්තානි භගවන‍්තං දස‍්සනාය. තෙමෙ ආගන‍්තුකා භික‍්ඛූ නෙවාසිකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදමානා සෙනාසනානි පඤ‍්ඤාපයමානා පත‍්තචීවරානි පටිසාමයමානා උච‍්චාසද‍්දා මහාසද‍්දා’ති. ‘ගච‍්ඡථ භික‍්ඛවෙ පණාමෙමි වො, න වො මම සන‍්තිකෙ වත්‍ථබ‍්බ’න‍්ති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරං ආදාය පක‍්කමිංසු.

වහන්ස, මේ සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නේවාසික භික්‍ෂූන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ’යි. යව මහණෙනි, තොප පණාමන(බැහැර) කෙරෙමි. තොප මා වෙත නො විසියයුතු’ යයි. වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අසුනින් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට සෙනසුන ගෝපනය කොට පාසිවුරු ගෙන නික්ම ගියහ.

තෙන ඛො පන සමයෙන චාතුමෙය්‍යකා සක්‍යා සන්‍ථාගාරෙ සන‍්නිපතිතා හොන‍්ති කෙනචිදෙව කරණීයෙන. අද‍්දසංසු ඛො චාතුමෙය්‍යකා සක්‍යා තෙ භික‍්ඛූ දූරතොව ගච‍්ඡන‍්තෙ, දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොචුං: ‘හන්‍ද කහං පන තුම‍්හෙ ආයස‍්මන‍්තො ගච‍්ඡථා’ති. භගවතා ඛො ආවුසො භික‍්ඛුසඞ‍්ඝො පණාමිතො’ති. ‘තෙන හායස‍්මන‍්තො මුහුත‍්තං නිසීදථ, අප‍්පෙව නාම මයං සක‍්කුණෙය්‍යාම භගවන‍්තං පසාදෙතු’න‍්ති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ චාතුමෙය්‍යකානං සක්‍යානං පච‍්චස‍්සොසුං.

එසමයෙහි චාතුම වැසි ශාක්‍යයෝ කිසි කටයුත්තෙකින් සන්‍ථාගාරයෙහි රැස්වූවාහු වෙති, චාතුමාවැසි ශාක්‍යයෝ දුරින් මැ යන ඒ භික්‍ෂූන් දුටුවාහු ය. දැක ඒ භික්‍ෂූන් කරා එළඹියාහු ය. එළඹ, ඒ භික්‍ෂූන්ට මෙපවත් කීහ: “සොඳය, ආයුෂ්මත්නි තෙපි (දැන්ම අවුත්) කොහි යැවූ දැ” යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුසඞ්ඝයා පණාමන කරන ලදැයි කීහ. එසේ නම් ඇවැත්නි මොහොතක් හුන මැනැව, අපි භාග්‍යවතුන් වහන්සේ පහදවාලන්නව හැකි වන්නමෝ නම් යෙහෙකැ’ යි කීහු. ‘එසේ යැ ඇවැත්නි, ඒ භික්‍ෂූහු චාතුමාවැසි සැහැරජුන්ට පිළිවදන් ඇස්වූහු.

අථ ඛො චාතුමෙය්‍යකා සක්‍යා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො චාතුමෙය්‍යකා සක්‍යා භගවන‍්තං එතදවොචුං: ‘අභිනන්‍දතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං, අභිවදතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං. සෙය්‍යථාපි භන‍්තෙ භගවතා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො, එවමෙව භගවා එතරහි අනුගණ‍්හාතු භික‍්ඛුසඞ‍්ඝං. සන‍්තෙත්‍ථ භන‍්තෙ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං. තෙසං භගවන‍්තං දස‍්සනාය අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො. සෙය්‍යථාපි භන‍්තෙ බීජානං තරුණානං උදකං අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං සියා විපරිනාමො, එවමෙව ඛො භන‍්තෙ සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං දස‍්සනාය අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිනාමො.

ඉක්බිති චාතුමාවැසි සැහැරජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහු ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චාතුමාවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා (ඊම රුස්මින් තුටු වෙත්වා) වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා, වහන්ස භාග්‍යවතුන් විසින් යම්සේ පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද නම් එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන සේක්වා. වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන්ට දක්නට නො ලැබෙන ඔවුනට ප්‍රසාද අන්‍යථාත්‍වය වන්නේ ය. විපරිණාමාන්‍යථාත්‍වය වන්නේ ය. වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ (මලානයෙන්) අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යැ.

සෙය්‍යථාපි භන‍්තෙ වච‍්ඡස‍්ස තරුණස‍්ස මාතරං අපස‍්සන‍්තස‍්ස සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිනාමො, එවමෙව ඛො භන‍්තෙ සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො. අභිනන්‍දතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං. අභිවදතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං. සෙය්‍යථාපි භන‍්තෙ භගවතා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො. එවමෙව භගවා එතරහි අනුගණ‍්හාතු භික‍්ඛුසඞ‍්ඝ’න‍්ති.

වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද. විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ. විපරිණාමය වන්නේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන ලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කීහ.

අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති භගවතො චෙතසා චෙතො පරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ‍්ජෙය්‍ය. එවමෙව බ්‍රහ‍්මලොකෙ අන‍්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්‍රහ‍්මා සහම‍්පති එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: අභිනන්‍දතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං, අභිවදතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං. සෙය්‍යථාපි භන‍්තෙ භගවතා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො. එවමෙව භගවා එතරහි අනුග‍්ගණ‍්හාතු භික‍්ඛුසඞ‍්ඝං. සන‍්තෙත්‍ථ භන‍්තෙ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං. තෙසං භගවන‍්තං දස‍්සනාය අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො.

එකල්හි සභම්පතීබ්‍රහ්ම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේ හෝ වේ ද දික් කල අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මැ බඹලොව්හි අතුරුදහන් වූයේ බුදුන් හමුයෙහි පාළ වී. එක්බිති සභම්පතීබ්‍රහ්ම උතුරුසඟ එකස් කොට පෙරෙවැ බුදුන් දෙසට ඇඳිලි බැඳ මෙපවත් කී: “වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දනය කෙරෙත්වා, වහන්ස භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්වා. වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති, මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.

සෙය්‍යථාපි භන‍්තෙ බීජානං තරුණානං උදකං අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො. එවමෙව ඛො භන‍්තෙ, සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං දස‍්සනාය අලභන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො.

වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.

සෙය්‍යථාපි භන‍්තෙ වච‍්ඡස‍්ස තරුණස‍්ස මාතරං අපස‍්සන‍්තස‍්ස සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො. එවමෙව ඛො භන‍්තෙ සන‍්තෙත්‍ථ භික‍්ඛූ නවා අචිරපබ‍්බජිතා අධුනාගතා ඉමං ධම‍්මවිනයං, තෙසං භගවන‍්තං අපස‍්සන‍්තානං සියා අඤ‍්ඤථත‍්තං, සියා විපරිණාමො. අභිනන්‍දතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං, අභිවදතු භන‍්තෙ භගවා භික‍්ඛුසඞ‍්ඝං. සෙය්‍යථාපි භන‍්තෙ භගවතා පුබ‍්බෙ භික‍්ඛුසඞ‍්ඝො අනුග‍්ගහිතො, එවමෙව භගවා එතරහි අනුගණ‍්හාතු භික‍්ඛුසඞ‍්ඝ’න‍්ති.

වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යි. වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද එසෙයින් මැ බුදුහු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කී.

අසක‍්ඛිංසු ඛො චාතුමෙය්‍යකා ච සක්‍යා බ්‍රහ‍්මා ච සහම‍්පති භගවන‍්තං පසාදෙතුං බීජූපමෙන ච තරුණූපමෙන ච. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො භික‍්ඛූ ආමන‍්තෙසි: ‘උට‍්ඨහථාවුසො, ගණ‍්හාථ පත‍්තචීවරං, පසාදිතො භගවා චාතුමෙය්‍යකෙහි ච සක්‍යෙහි බ්‍රහ‍්මුනා ච සහම‍්පතිනා බීජූපමෙන ච තරුණූපමෙන චා’ති. එවමාවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස පටිස‍්සුත්‍වා උට‍්ඨායාසනා පත‍්තචීවරං ආදාය යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භගවා එතදවොච: කින‍්ති තෙ සාරිපුත‍්ත අහොසි මයා භික‍්ඛුසඞ‍්ඝෙ පණාමිතෙ’ති. එවං ඛො මෙ භන‍්තෙ අහොසි භගවතා භික‍්ඛුසඞ‍්ඝෙ පණාමිතෙ අප‍්පොස‍්සුක‍්කොදා’නි භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරිස‍්සති. මයම‍්පිදානි අප‍්පොස‍්සුක‍්කා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තා විහරිස‍්සාමා’ති. ආගමෙහි ත්‍වං සාරිපුත‍්ත, ආගමෙහි ත්‍වං සාරිපුත‍්ත, දිට‍්ඨධම‍්මසුඛවිහාරන‍්ති න ඛො තෙ සාරිපුත‍්ත පුනපි එවරූපං චිත‍්තං උප‍්පාදෙතබ‍්බන‍්ති.

චාතුමවැසි ශාක්‍යයෝ ද ස්භම්පතිබ්‍රහ්ම ද බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවතුන් පහදවන්නට හැකි වූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ: “ඇවැත්නි නැඟෙව, පාසිවුරු ගනුව, චාතුමවැසි ශාක්‍යයන් විසිනුදු සභම්පතිබ්‍රහ්ම විසිනුදු බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවත්හු පහදවන ලදහ” යි. ‘එසේ යැ ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දී හුනස්නෙන් නැගී පාසිවුරු ගෙන බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට බුදුහු මෙය වදාළහ: “ශාරිපුත්‍රයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන(බැහැර) කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, ඇපිදු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වසම්හ” යි නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි, නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි. ශාරිපුත්‍රයෙනි, තොප විසින් වටාලා මෙබඳු සිතෙක් නො ඉපැදවියයුතු” යයි. වදාළහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං ආමන‍්තෙසි. ‘කින‍්ති තෙ මොග‍්ගල‍්ලාන අහොසි මයා භික‍්ඛුසඞ‍්ඝෙ පණාමිතෙති. එවං ඛො මෙ භන‍්තෙ අහොසි භගවතා භික‍්ඛුසඞ‍්ඝෙ පණාමිතෙ අප‍්පොස‍්සුක‍්කො’දානි භගවා දිට‍්ඨධම‍්මසුඛවිහාරං අනුයුත‍්තො විහරිස‍්සති. අහඤ‍්චදානි ආයස‍්මා ච සාරිපුත‍්තො භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමා’ති. සාධු සාධු මොග‍්ගල‍්ලාන, අහං වා හි මොග‍්ගල‍්ලාන භික‍්ඛුසඞ‍්ඝං පරිහරෙය්‍යං සාරිපුත‍්ත මොග‍්ගල‍්ලානා වාති.

ඉක්බිති බුදුහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් ඇමතූසේක: “මොග්ගල්ලානයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, භාග්‍යවතුන් විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, දැන් මම ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරම්හ” යි කීහ. සාධු සාධු මෞදගල්‍යානයෙනි, මම හෝ මෞදගල්‍යානයෙනි, භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරන්නෙමි. සැරියුත් මුගලන් දෙදෙන හෝ පරිහරණ කරන්නාහ’යි.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: චත‍්තාරිමානි භික‍්ඛවෙ භයානි උදකොරොහන‍්තෙ පාටිකඞ‍්ඛිතබ‍්බානි. කතමානි චත‍්තාරි: ඌමිභයං කුම‍්භීලභයං ආවට‍්ටභයං සුසුකාභයං. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි භයානි උදකොරොහන‍්තෙ පාටිකඞ‍්ඛිතබ‍්බානි. එවමෙව ඛො භික‍්ඛවෙ චත‍්තාරිමානි භයානි ඉධෙකච‍්චෙ පුග‍්ගලෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතෙ පාටිකඞ‍්ඛිතබ‍්බානි. කතමානි චත‍්තාරි: ඌමිභයං කුම‍්භීලභයං ආවට‍්ටභයං සුසුකාභයං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දියට බස්නා පුඟුල්හු කෙරෙහි මේ සතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යයි. මහණෙනි, මෙසතර භය දියට බස්නා පුඟුල්හු කෙරෙහි කැමැති වියයුත්තාහ. එසෙයින් මැ මහණෙනි, ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙසස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලක්හු කෙරෙහි මෙසතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යන මොහු යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ ඌමිභයං: ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, ‘ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො. අප‍්පෙව නාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා’ති. තමෙනං තථා පබ‍්බජිතං සමානං සබ්‍රහ‍්මචාරී ඔවදන‍්ති අනුසාසන‍්ති: ‘එවන‍්තෙ අභික‍්කමිතබ‍්බං. එවන‍්තෙ පටික‍්කමිතබ‍්බං. එවන‍්තෙ ආලොකිතබ‍්බං. එවන‍්තෙ විලොකිතබ‍්බං. එවන‍්තෙ සමිඤ‍්ජිතබ‍්බං. එවන‍්තෙ පසාරෙතබ‍්බං. එවන‍්තෙ සඞ‍්ඝාටිපත‍්තචීවරං ධාරෙතබ‍්බ’න‍්ති. තස‍්ස එවං හොති:

මහණෙනි, ඌමිභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. ජාතිදුකින් ජරායෙන් හා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් චෛතසික දුකින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මෙහැම දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ’යි කියා යි. එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීහු: “තොප විසින් මෙසේ ඉදිරියට යායුතු යැ තොප විසින් මෙසේ පෙරළා ඉයයුතු යැ තොප විසින් මෙසේ ඉදිරිය බැලියයුතු යැ තොප විසින් මෙසේ අත්පා හැකිළිය යුතු යැ තොප විසින් මෙසේ අත්පා දිගුකළයුතු යැ, තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරියයුතු යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙත්. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඇපි පෙර ගිහිගෙයි

මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා අඤ‍්ඤෙ ඔවදාමපි අනුසාසාම‍්පි ඉමෙ පනම‍්හාකං පුත‍්තමත‍්තා මඤ‍්ඤෙ, නත‍්තමත‍්තා මඤ‍්ඤෙ, අම‍්හෙ ඔවදිතබ‍්බං අනුසාසිතබ‍්බං මඤ‍්ඤන‍්තීති. සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ ඌමිභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. ඌමිභයන‍්ති ඛො භික‍්ඛවෙ කොධුපායාසස‍්සෙතං අධිවචනං.

වැසි වූවමෝ අන්හට අවවාදත් කරම්හ, අනුශාසනාත් කරම්හ. මොහු වැලිත් අපගේ පුතුන් වැන්නහ. මුනුබුරන් වැන්නහ. අප අවවාද කටයුතු කොට අනුශාසනා කටයුතු කොට සිතන්නාහ’යි හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම ඌමි බියෙන් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටුණේ යයි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු කෝධුපායාසයට තෙල නමෙකි.

කතමඤ‍්ච භික‍්ඛවෙ කුම‍්භීලභයං: ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො. අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා’ති.

මහණෙනි, කුම්භීලභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් දොම්නසින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි

තමෙනං තථා පබ‍්බජිතං සමානං සබ්‍රහ‍්මචාරී ඔවදන‍්ති. අනුසාසන‍්ති: ‘ඉදං තෙ ඛාදිතබ‍්බං, ඉදං තෙ න ඛාදිතබ‍්බං, ඉදං තෙ භුඤ‍්ජිතබ‍්බං, ඉදං තෙ න භුඤ‍්ජිතබ‍්බං, ඉදං තෙ සායිතබ‍්බං, ඉදං තෙ න සායිතබ‍්බං, ඉදං තෙ පාතබ‍්බං, ඉදං තෙ න පාතබ‍්බං, කප‍්පියං තෙ ඛාදිතබ‍්බං, අකප‍්පියං තෙ න ඛාදිතබ‍්බං, කප‍්පියං තෙ භුඤ‍්ජිතබ‍්බං, අකප‍්පියං තෙ න භුඤ‍්ජිතබ‍්බං, කප‍්පියං තෙ සායිතබ‍්බං, අකප‍්පියං තෙ න සායිතබ‍්බං, කප‍්පියං තෙ පාතබ‍්බං, අකප‍්පියං තෙ න පාතබ‍්බං, කාලෙ තෙ ඛාදිතබ‍්බං, විකාලෙ තෙ න ඛාදිතබ‍්බං, කාලෙ තෙ භුඤ‍්ජිතබ‍්බං, විකාලෙ තෙ න භුඤ‍්ජිතබ‍්බං, කාලෙ තෙ සායිතබ‍්බං, විකාලෙ තෙ න සායිතබ‍්බං, කාලෙ තෙ පාතබ‍්බං, විකාලෙ තෙ න පාතබ‍්බ’න‍්ති. තස‍්ස එවං හොති: මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා යං ඉච‍්ඡාම තං ඛාදාම, යං න ඉච‍්ඡාම න තං ඛාදාම, යං ඉච‍්ඡාම තං භුඤ‍්ජාම, යං න ඉච‍්ඡාම න තං භුඤ‍්ජාම, යං ඉච‍්ඡාම තං සායාම, යං න ඉච‍්ඡාම න තං සායාම, යං ඉච‍්ඡාම තං පිවාම යං න ඉච‍්ඡාම න තං පිවාම. කප‍්පියම‍්පි ඛාදාම, අකප‍්පියම‍්පි ඛාදාම, කප‍්පියම‍්පි භුඤ‍්ජාම, අකප‍්පියම‍්පි භුඤ‍්ජාම, කප‍්පියම‍්පි සායාම, අකප‍්පියම‍්පි සායාම, කප‍්පියම‍්පි පිවාම, අකප‍්පියම‍්පි පිවාම. කාලෙපි ඛාදාම, විකාලෙපි ඛාදාම, කාලෙපි භුඤ‍්ජාම විකාලෙපි භුඤ‍්ජාම, කාලෙපි සායාම, විකාලෙපි සායාම, කාලෙපි පිවාම, විකාලෙපි පිවාම. යම‍්පි නො සද‍්ධා ගහපතිකා දිවා විකාලෙ පණීතං ඛාදනීයං භොජනීයං දෙන‍්ති, තත්‍ථපි මෙ මුඛාවරණං මඤ‍්ඤෙ කරොන‍්තී’ති. සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ කුම‍්භීලභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. කුම‍්භීලභයන‍්ති ඛො භික‍්ඛවෙ ඔදරිකත‍්තස‍්සෙතං අධිවචනං.

එසේ පැවිදි වූ ඔහුට සබ්‍රම්සරහු: “තොප විසින් මේ නො කෑයුතු යැ මේ තොප විසින් බිදියයුතු යැ මේ තොප විසින් නො බිදියයුතු යැ මේ තොප විසින් ආස්වාද කටයුතු යැ මේ තොප විසින් ආස්වාද නො කටයුතු යැ මේ තොප විසින් පියයුතු යැ මේ තොප විසින් නො පියයුතු යැ කැප දැය තොප විසින් කෑයුතු යැ නො කැප දැය තොප විසින් නො කෑයුතු යැ කැප දැය තොප විසින් බිදියයුතු යැ නො කැප දැය තොප විසින් නො බිදියයුතු යැ කැප දැය තොප විසින් ආස්වාද කටයුතු යැ නො කැප දැය තොප විසින් ආස්වාද නො කටයුතු යැ කැප දැය තොප විසින් පියයුතු යැ නො කැප දැය තොප විසින් නො පියයුතු යැ කාලයෙහි තොප විසින් කෑයුතු යැ විකාලයෙහි තොප විසින් නො කෑයුතු යැ කාලයෙහි තොප විසින් බිදියයුතු යැ විකාලයෙහි තොප විසින් නො බිදියයුතු යැ කාලයෙහි තොප විසින් ආස්වාද කටයුතු යැ විකාලයෙහි තොප විසින් ආස්වාද නො කටයුතු යැ. කාලයෙහි තොප විසින් පියයුතු යැ විකාලයෙහි තොප විසින් නො පියයුතු” යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙති. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි පෙර ගිහිගෙයි වසන්නමෝ යමක් කැමැතියමෝ නම් එය කම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ, යමක් කැමැත්තමෝ නම් එය බුදිම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො බුදිම්හ, යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ, යමක් නොකැමැත්තමෝ නම් එය ආස්වාද නො කරම්හ, යමක් කැමැත්තමෝ නම් එය පානය කරම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය පානය නො කරම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ, කැප දැය ද බුදිම්හ, අකැප දැය ද බුදිම්හ, කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ, කැප දැය ද පානය කරම්හ, අකැප දැය ද පානය කරම්හ, කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ, කාලයෙහි ද බුදිම්හ, විකාලයෙහි ද බුදිම්හ, කාලයෙහි ද ආස්වාද කරම්හ. විකාලයෙහි ද ආස්වාද කරම්හ, කාලයෙහි ද පානය කරම්හ, විකාලයෙහි ද පානය කරම්හ, සැදැහැති ගැහැවියෝ දහවල් විකාලයෙහි යම් ප්‍රණීත ඛාද්‍යයක් භෝජ්‍යයක් අපට දෙත්ද, එහිදු මොවුන් මුඛාවරණය කරන්නවුන් මෙනැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට වැටෙයි. මහණෙනි, මේ තෙම කුම්භීලභීතියෙන් (කිම්බුල්බියෙන්) බියපත් වූයේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණියේ යයි කියනු ලැබේ. මහණෙනි, ‘කුම්භීලභය’ යි ඖදරික බවට තෙල නමෙකි.

කතමඤ‍්ච භික‍්ඛවෙ ආවට‍්ටභයං, ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති. ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො. අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා’ති. සො එවං පබ‍්බජිතො සමානො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති. අරක‍්ඛිතෙනෙව කායෙන, අරක‍්ඛිතාය වාචාය, අනුපට‍්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ථ පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගීභූතං පරිචාරයමානං. තස‍්ස එවං හොති: මයං ඛො පුබ‍්බෙ අගාරියභූතා සමානා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරිම‍්හා. සංවිජ‍්ජන‍්තෙ ඛො කුලෙ භොගා. සක‍්කා භොගෙ ච භුඤ‍්ජිතුං පුඤ‍්ඤානි ච කාතු’න‍්ති. සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. අයං වුච‍්චති භික‍්ඛවෙ ආවට‍්ටභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. ආවට‍්ටභයන‍්ති ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං.

මහණෙනි, ‘ආවට්ටභය’ කවරෙ යත්; “මහණෙනි මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ අසම්මිශ්‍ර වූ දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියායි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණයෙන් යුක්ත වූ සමන්‍විත වූ ඉඳුරන් පිණවන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දකියි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි වනාහි පෙර ගිහිගෙයි වසන්නමෝ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ ඉඳුරන් පිණවූම්හ. කුලයෙහි භෝගයෝ ඇත් මැ යැ. භෝගයන් පරිභෝග කරන්නට ද පින් කරන්නට ද හැක්කැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම, ‘ආවට්ට (දියසුළි) භයින් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටිණැ’ යි කියනු ලැබේ. මහණෙනි, ‘ආවට්ටභය’යි තෙල පස්කම් ගුණයනට නමෙකි.

කතමඤ‍්ච භික‍්ඛවෙ සුසුකාභයං, ඉධ භික‍්ඛවෙ එකච‍්චො කුලපුත‍්තො සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො හොති, ඔතිණ‍්ණොම‍්හි ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, දුක‍්ඛොතිණ‍්ණො දුක‍්ඛපරෙතො, අප‍්පෙවනාම ඉමස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස අන‍්තකිරියා පඤ‍්ඤායෙථා’ති. සො එවං පබ‍්බජිතො සමානො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති. අරක‍්ඛිතෙනෙව කායෙන අරක‍්ඛිතාය වාචාය, අනුපට‍්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි සො තත්‍ථ පස‍්සති මාතුගාමං දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා. තස‍්ස මාතුගාමං දිස‍්වා දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා රාගො චිත‍්තං අනුද‍්ධංසෙති. සො රාගානුද‍්ධස‍්තෙන චිත‍්තෙන සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති . අයං වුච‍්චති භික‍්ඛවෙ, සුසුකාභයස‍්ස භීතො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තො. සුසුකාභයන‍්ති ඛො භික‍්ඛවෙ මාතුගාමස‍්සෙතං අධිවචනං.

මහණෙනි, ‘සුසුකාභය’ කවරෙ යත්: “මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි: “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියා යි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී මාගමක නපුරු කොට හැඳියා හෝ නපුරු කොට පෙරෙවියා දකියි. මාගම් නපුරු කොට හැදියා හෝ නපුරු කොට පෙරෙවියා දැක රාගය ඔහුගේ සිත ක්ලාන්ත කෙරෙයි. හේ රාගයෙන් කලකුළුසිතින් යුතු වැ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම සුසුකා (සැඬමසු) භයෙන් භීත වැ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටුණේ” යයි කියනු ලැබේ. මහණෙනි, තෙල ‘සුසුකාභය’ යනු මාගමට නමෙකි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි භයානි, ඉධෙකච‍්චෙ පුග‍්ගලෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතෙ පාටිකඞ‍්ඛිතබ‍්බානීති.

මහණෙනි, මොහු මෙලොවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙ සස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලන් කෙරෙහි කැමති වියයුතු සතර බිය වෙත් යයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහයි.

චාතුම සුත‍්තං සත‍්තමං.

සත් වැනි චාතුමසූත්‍ර යි.