නළකපාන සුත්තං
2. 2 .8
2. 2. 8.
නළකපාන සුත්තං
නළකපාන සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවා කොසලෙසු විහරති නළකපානෙ පලාසවනෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා භගවන්තං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා හොන්ති. ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච භද්දියො ආයස්මා ච කිම්බිලො ආයස්මා ච භගු ආයස්මා ච කුණ්ඩධානො ආයස්මා ච රෙවතො, ආයස්මා ච ආනන්දො: අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා කුලපුත්තා.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි නළකපාන ගමැ කෑලවෙනෙහි වැඩවසනසේක. එසමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙති. ආයුෂ්මත් අනුරුද්ධ යැ ආයුෂ්මත් භද්දිය යැ ආයුෂ්මත් කිම්බිල යැ ආයුෂ්මත් භගු යැ ආයුෂ්මත් කුණ්ඩධාන යැ ආයුෂ්මත් රේවත යැ ආයුෂ්මත් ආනන්ද යැ අන්‍ය වූ ද ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ යි.
තෙන ඛො පන සමයෙන භගවා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තෙ කුලපුත්තෙ ආරබ්භ භික්ඛූ ආමන්තෙසි, යෙ තෙ භික්ඛවෙ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තෙ භික්ඛවෙ භික්ඛූ අභිරතා බ්රහ්මචරියෙ’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි -පෙ- තුණ්හී අහෙසුං. තතියම්පි ඛො භගවා තෙ කුලපුත්තෙ ආරබ්භ භික්ඛූ ආමන්තෙසි, යෙ තෙ භික්ඛවෙ කුලපුත්තා මමං උද්දිස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි තෙ භික්ඛවෙ භික්ඛූ අභිරතා බ්රහ්මචරියෙ’ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යවකාශයෙහි වැඩහුන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් අරභයා භික්ෂූන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙත් ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි අභිරත වූවාහු දැ යි විචාළසේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නො බැණ හුන්හු. දෙවෙනවටදු ... නො බැණ හුන්හු. තෙවනවටදු බුදුහු ඒ කුලපුත්‍රයන් අරභයා මහණුන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූවාහු ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි ඇලුම් ඇත්තාහු දැ’යි වදාළහ. තෙවනවටදු ඒ මහණහු නො බැණ හුන්හු.
අථ ඛො භගවතො එතදහොසි: යන්නූනාහං තෙව කුලපුත්තෙ පුච්ඡෙය්ය’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං අනුරුද්ධං ආමන්තෙසි: කච්චි තුම්හෙ අනුරුද්ධා අභිරතා බ්රහ්මචරියෙ’ති. තග්ඝ මයං භන්තෙ අභිරතා බ්රහ්මචරියෙති. සාධු සාධු අනුරුද්ධා එතං ඛො අනුරුද්ධා තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ අභිරමෙය්යාථ බ්රහ්මචරියෙ. යෙන තුම්හෙ අනුරුද්ධා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසු කාලකෙසා කාමෙ පරිභුඤ්ජෙය්යාථ. තෙන තුම්හෙ අනුරුද්ධා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා සුසු කාලකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා. තෙ ඛො පන තුම්හෙ අනුරුද්ධා නෙව රාජාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න චොරාභිනීතා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න භයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා, න ආජීවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා. අපි ච ඛොම්හි ඔතිණ්ණො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. නනු තුම්හෙ අනුරුද්ධා එවං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා’ති. එවං භන්තෙ. එවං පබ්බජිතෙන ච පන අනුරුද්ධා කුලපුත්තෙන කිමස්ස
එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත උපන: ‘මම් එ මැ කුලපුත්‍රයන් පුළුවුස්නෙම් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇමැතූසේක. ‘කිමෙක, අනුරුද්ධයෙනි, තෙපි බඹසරවස්හි අභිරත වූහු දැ’යි. වහන්ස, ඒකාන්තයෙන් ඇපි බඹසරවස්හි ඇලුණම්හ’යි කී. සාධු සාධු අනුරුද්ධයෙනි, යම් හෙයෙකින් තෙපි බඹසරවස්හි සිත අලවවු ද අනුරුද්ධයෙනි, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට තෙල නිසි වෙයි. අනුරුද්ධයෙනි, තෙපි යම් භද්‍ර යෞවනයෙකින් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්වාගත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු කාමයන් පරිභෝග කරවු ද, අනුරුද්ධයෙනි, තෙපි ඒ භද්‍රයෞවනයෙන් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්විත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු ය. අනුරුද්ධයෙනි, ඒ තෙපි රජුන් විසින් අභිනීත වූවහු (අනභිමුඛ කොට කැඳවන ලදුවහු) ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො මැ පැවිදි වූවහු යැ. සොරුන් විසින් අභිනීත වූවහු නො පැවිදි වූවහු යැ. ණයින් මඬනාලදු වැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො පැවිදි වූවහු යැ. රාජාදි භයින් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. ජීවිකා හේතුයෙන් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. වැලිදු “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඬනාලදුයෙම් වෙමි දුකට බටුයෙම් දුකින් මඬනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ”යි අනුරුද්ධයෙනි, තෙපි මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු නො දැ’යි. එසේ යැ වහන්ස. තවද අනුරුද්ධයෙනි,
කරණීයං: ‘විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං පරියාදාය තිට්ඨති. බ්යාපාදොපි චිත්තං පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං පරියාදාය තිට්ඨති. තත්දීපි චිත්තං පරියාදාය තිට්ඨති. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං. තස්ස අභිජ්ඣාපි චිත්තං න පරියාදාය තිට්ඨති. බ්යාපාදොපි චිත්තං න පරියාදාය තිට්ඨති. ථීනමිද්ධම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. උද්ධච්චකුක්කුච්චම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. විචිකිච්ඡාපි චිත්තං න පරියාදාය තිට්ඨති. අරතීපි චිත්තං න පරියාදාය තිට්ඨති. තන්දීපි චිත්තං න පරියාදාය තිට්ඨති. විවෙකං අනුරුද්ධා කාමෙහි විවෙකං අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං.
මෙසේ පැවිදි වූ කුලපුත්හු විසින් කුමක් කටයුතු වේ ද යත්: අනුරුද්ධයෙනි, වස්තුකාම ක්ලේශකාම (කාමච්ඡන්දනීවරණ)යෙන් වෙන් වැ අකුශලධර්මයන් ගෙන් වෙන් වැ (ප්‍රථමද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) ප්‍රීතිය හා සුඛය නො ලබා ද ඊට වඩා ඉතා ශාන්ත වූ තෘතීයධ්‍යානාදි සුවය හෝ නො ලබා ද, ඔහු ගේ සිත අභිධ්‍යාව ද මැඩගෙන සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චය ද සිත මැඩගෙන සිටී, විචිකිච්ඡාව ද සිත මැඩගෙන සිටී, අධිකුශලධර්‍මයෙහි උකටලී බව (අරතිය) ද සිත මැඩගෙන සිටී, ආලස්‍යය (තන්දිය) ද සිත මැඩගෙන සිටී. අනුරුද්ධයෙනි, කාමච්ඡන්දයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය නො ලබයි. ඊට වඩා ශාන්තතර වූ සුඛයක් හෝ නො ලබයි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය ලබා ද ඊට වඩා ශාන්තර වූ සුවයක් හෝ ලබා ද අභිධ්‍යාව ද ඔහුගේ සිත මැඩගෙන නො සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන නො සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන නො සිටී, උද්ධච්චකුක්කුච්චය ද සිත මැඩගෙන නො සිටී, විචිකිච්ඡාව ද සිත මැඩගෙන නො සිටී, අරතිය ද සිත මැඩගෙන නො සිටී, ආලස්‍ය ද සිත මැඩගෙන නො සිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුවය ලබයි, ඊට වඩා ශාන්තතර වූ අන් සුවයක් හෝ ලබයි.
කින්ති වො අනුරුද්ධා මයි හොති: යෙ ආසවා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, අප්පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති.
අනුරුද්ධයෙනි, තොපට මා කෙරෙහි කෙබඳු සිතෙක් වේ ද “සාංක්ලේශික වූ පුනර්භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඔහු තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන ඉවසන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන දුරු කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන බැහැර කරන්නාහ”යි. සිතේ ද?
න ඛො නො භන්තෙ භගවති එවං හොති: ‘යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, අප්පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් නො වෙයි: “සාංක්ලේශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද, ඒ ආස්‍රවයෝ තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන පරිවර්ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන විනෝදන කරන්නාහ”යි මෙබඳු සිතෙක් නො වෙයි.
එවං ඛො නො භන්තෙ භගවති හොති: යෙ ආසවා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, පහීනා තෙ තථාගතස්ස. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙතී’ති. සාධු සාධු අනුරුද්ධා, තථාගතස්ස අනුරුද්ධා, යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, පහීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සෙය්යථාපි අනුරුද්ධා තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුනවිරූළ්හියා. එවමෙව ඛො අනුරුද්ධා තථාගතස්ස යෙ ආසවා සඞ්කිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා. පහීනා තෙ උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා තථාගතො සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති’.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් වෙයි: “සාංක්ලේශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඒ ආස්‍රවයෝ තථාගතයන්ට ප්‍රහීණයෝ යැ. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ”යි. සාධු සාධු අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, සාංක්ලේශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු මුදුනසුන් තාලයක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, යම්සේ අනුරුද්ධයෙනි. මුදුන සුන් තල්රුක නැවත වැඩීමට අභව්‍ය වේ ද එසෙයින් මැ අනුරුද්ධයෙනි, තථාගතයන්හට සාංක්ලේශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරා මරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු ද ඒ ආස්‍රවයෝ උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙති. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ. ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්ජන කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ’යි.
තං කිම්මඤ්ඤසි අනුරුද්ධා කං අත්ථවසං සම්පස්සමානො තථාගතො සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො’ති.
අනුරුද්ධයෙනි, ඒ කිමෙකැ’යි සිතවු ද? කවර කරුණක් දක්නා වූ තථාගතයෝ ‘අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙත් දැ?යි.
භගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා. සාධු වත භන්තෙ භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති .
වහන්ස අපට මේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, ඒකාන්තයෙන් තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්‍යවතුන් වහන්සේට මැ වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසා භික්ෂූහු ධරන්නාහ’යි.
න ඛො අනුරුද්ධා තථාගතො ජනකුහනත්ථං න ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූ’ති සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො’ති. සන්ති ච ඛො අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවෙදා උළාරපාමොජ්ජා. ‘තෙ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තෙසන්තං අනුරුද්ධා හොති දීඝරත්තං හිතාය සුඛාය.
අනුරුද්ධයෙනි, තථාගතයෝ ජනයා විස්මය කරනු සඳහා නො වැ ජනයා නැළැවීම පිණිස නො වැ ලාභසත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ ‘මෙසේ මහජනයා මා දනීව’යි නො වැ “අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කරන්නාහ. තවද අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ සතුටු ඇති මහත් වූ ප්‍රමෝදය ඇති කුලපුත්‍රයෝ වෙති. ඔහු එදහම් අසා එබඳු උපප්‍රාප්තිය පිණිස සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ චිත්තෝපසංහාරය බොහෝ කලක් හිතයට සුවයට වේ.
ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ඉත්ථන්නාමො භික්ඛු කාලකතො සො භගවතා බ්යාකතො අඤ්ඤාය සණ්ඨහී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා, ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො සො ආයස්මා අහොසි ඉතිපි, එවම්පඤ්ඤො සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිහාරී සො ආයස්මා අහොසි ඉතිපි, එවං විමුත්තො සො ආයස්මා අහොසි ඉතිපීති. සො තස්ස සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක් “මෙනම් මහණ කලුරිය කෙළේ යැ හේ භාග්‍යවතුන් විසින් අර්හත්ත්වයෙහි පිහිටියේ ප්‍රකාශ කරන ලදැයි අසයි. ඒ පිරිනිවී ආයුෂ්මත් මේ ආයුෂ්මත්හු විසින් තමා දක්නාලද හෝ වෙයි. අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු (සමාධි පක්ෂයෙහි) දහම් ඇති වී යයි එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු සමාපත්තිවිහාර ඇති වී යැයි ද එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බව පිණිස සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො: පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ හෙ පස් ඕරම්භාගිය සංයෝජනයන් ගේ ක්ෂය වීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇත්තේ වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහාර ඇතියේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් තථාත්වයට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහාන තනුත්තා සකදාගාමී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා. එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවං පඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙනම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෙදගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නා ලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛු සුණාති: ‘ඉත්ථන්නාමො භික්ඛු කාලකතො, සො භගවතා බ්යාකතො: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවං විහාරී -පෙ- එවංවිමුත්තො සො අයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනො ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම (සතරඅවාදුකට වැටෙනසැහැවි) නැතියේ (සම්මත්තනියාමයෙන්) නියත වූයේ (උපරිමාර්ගත්රයසඞ්ඛ්යාත) සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෝවාන්) ආයුෂ්මත් මෙ මහණු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: අඤ්ඤාය සණ්ඨහී’ති. සා ඛො පනස්ස භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි, එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි, එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි, එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා යැ, හො අර්හත්ත්වයෙහි පිහිටියා යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරනලදැ”යි. ඒ (රහත්) මෙහෙණ වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නා ලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි. “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, එ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද හො බුනැණි මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා සා භගවතා බ්යාකතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා. එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණෙක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා හො ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙන්නී එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ (අනගැමි) බූන වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “එ බූන මෙබඳු සිල් ඇති වු යයි ද මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමිනි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෙදගැමි) බූන මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල්ඇති වූ යයි ද’ මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් ඒ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා භික්ඛුනී සුණාති: ‘ඉත්ථන්නාමා භික්ඛුනී කාලකතා, සා භගවතා බ්යාකතා: තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවං පඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවං විමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා භික්ඛුනියා ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී (සම්මත්තනියාමයෙන්) නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෝවාන්) බූන වැළිත් එ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ... ප්‍රඥාවත් … සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: ‘පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි. එවංධම්මො සො ආයස්මා අහොසි ඉතිපි. එවංපඤ්ඤො සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිහාරී සො ආයස්මා අහොසි ඉතිපි, එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) උවසු වැළිත් එ උවසුහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු දහම් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු විහරණ ඇති වී යයි ද, ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා. එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤො -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි: “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසකො සුණාති: ‘ඉත්ථන්නාමො උපාසකො කාලකතො, සො භගවතා බ්යාකතො: තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සො ඛො පනස්ස ආයස්මා සාමං දිට්ඨො වා හොති අනුස්සවසුතො වා: ‘එවංසීලො සො ආයස්මා අහොසි ඉතිපි, එවංධම්මො -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරී -පෙ- එවංවිමුත්තො සො ආයස්මා අහොසි ඉතිපී’ති. සො තස්ස සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තො තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසකස්ස ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම නැත්තේ නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි, “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්යාකතා: පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා’ති. සා ඛො පනස්ස භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: ‘එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි, එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි, එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි, එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි කලුරිය කළා, හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙනසුලු වූවා එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (අනගැමි) බුහුන වැලිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හෝ ඇයගේ ශ්රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්යාකතා: තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: එවංසීලා සා භගිනී අහොසි ඉතිපි, එවංධම්මා -පෙ- එවංපඤ්ඤා -පෙ- එවංවිහාරිනී -පෙ- එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච -පෙ- පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
ඉධානුරුද්ධා උපාසිකා සුණාති: ‘ඉත්ථන්නාමා උපාසිකා කාලකතා සා භගවතා බ්යාකතා: ‘තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. සා ඛො පනස්සා භගිනී සාමං දිට්ඨා වා හොති අනුස්සවසුතා වා: එවංසීලා සා භගිනී අහොසි ඉතිපි. එවංධම්මා සා භගිනී අහොසි ඉතිපි. එවංපඤ්ඤා සා භගිනී අහොසි ඉතිපි. එවංවිහාරිනී සා භගිනී අහොසි ඉතිපි. එවංවිමුත්තා සා භගිනී අහොසි ඉතිපී’ති. සා තස්සා සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරන්තී තථත්තාය චිත්තං උපසංහරති. එවම්පි ඛො අනුරුද්ධා උපාසිකාය ඵාසුවිහාරො හොති.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’යි. භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වේ.
ඉති ඛො අනුරුද්ධා තථාගතො න ජනකුහනත්ථං, න ජනලපනත්ථං න ලාභසක්කාරසිලොකානිසංසත්ථං, න ඉති මං ජනො ජානාතූ’ති සාවකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති: ‘අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො’ති. සන්ති ච ඛො අනුරුද්ධා කුලපුත්තා සද්ධා උළාරවෙදා උළාරපාමොජ්ජා. තෙ තං සුත්වා තථත්තාය චිත්තං උපසංහරන්ති. තෙසං තං අනුරුද්ධා හොති දීඝරත්තං හිතාය සුඛායාති.
මෙසෙයින් අනුරුද්ධයෙනි, තථාගතයෝ ‘ජනයා විස්මය කරනු පිණිස නො වැ ජනයා නළවනු පිණිස නො වැ ලාභ සත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ මෙසෙයින් මා මහජනයා මා දනීව’යි කියා නො වැ’ අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉකුත් වූ කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙති. අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ තුෂ්ටි ඇති මහත් වූ ප්‍රාමෝද්‍ය ඇති කුල පුත්‍රයෝ ඇත. ඔහු එය අසා එබවට සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ යයි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
බුදුහු මේ සූත්‍රාන්තය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ’යි.
නළකපානසුත්තං අට්ඨමං.
අට වැනි නළකපාන සූත්‍ර යි.