ගුලිස්සානි සුත්තං
2. 2. 9.
2. 2. 9.
ගුලිස්සානි සුත්තං
ගුලිස්සානි සූත්‍රය
එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ගුලිස්සානි නාම භික්ඛු ආරඤ්ඤකො පදරසමාචාරො සඞ්ඝමජ්ඣෙ ඔසටො හොති කෙනචිදෙව කරණීයෙන. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො ගුලිස්සානිං භික්ඛුං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි.
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආරණ්‍යක වූ ඖදාරික ආචාර ඇති ‘ගුලිස්සානි’ නම් මහණ කිසියම් කටයුත්තෙකින් සඟමැදට පැමිණියේ වෙයි. එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි මහණහු අරභයා භික්ෂූන් ඇමැතූසේක:
ආරඤ්ඤකෙන’හාවුසො, භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො සබ්රහ්මචාරීසු අගාරවො හොති අප්පතිස්සො. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා සබ්රහ්මචාරීසු අගාරවො අප්පතිස්සො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සබ්රහ්මචාරීසු සගාරවෙන භවිතබ්බං සප්පතිස්සෙන.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව සහිත වූවකු ප්‍රතිෂ්ඨා සහිත වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ සබ්‍රම්සරුන් කෙරෙහි අගෞරව ඇතියේ යටත් පැවැතුම් රහිත වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට වෙනෙහි එකලා වැ සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් සබ්‍රම්සරුන් කෙරෙහි නො ගරු වූයේ යටත් පැවැතුම් නැතියේ වේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි සගරු වූවකු යටත් පැවැතුම් ඇතියකු වියයුතු යි.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං ‘ඉති ථෙරෙ ච භික්ඛූ නානුපඛජ්ජ නිසීදිස්සාමි. නවෙ ච භික්ඛූ න ආසනෙන පටිබාහිස්සාමී’ති. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො න ආසනකුසලො හොති. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ආභිසමාචාරිකම්පි ධම්මං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන ආසනකුසලෙන භවිතබ්බං.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින්: “මෙසේ ස්ථවිර භික්ෂූන් ද නො ගටා හිඳින්නෙමි, නවකභික්ෂූන් ද ආසනයෙන් නො නෙරනෙමි”යි ආසනකුසල වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණක මහණ ආසනකුසල නො වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ වෙනෙහි සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ආභිසමාචාරික වත පවා නො දනී” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් ආසනකුසලයකු විය යුතු යි.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො. නාති දිවා පටික්කමිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො අතිකාලෙන ගාමං පවිසති. අතිදිවා පටික්කමති. තස්ස භවන්ති වත්තාරො. කිම්පනිමස්ස ආයස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අතිකාලෙන ගාමං පවිසති, අතිදිවා පටික්කමතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන නාතිකාලෙන ගාමො පවිසිතබ්බො. නාති දිවා පටික්කමිතබ්බං.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ ගමින් නො නික්මියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ ඉතා උදැසන ගම් වදී ද, ඉතා දහවල් වැ පෙරළා යේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මෙ ආයුෂ්මත්හට එකලා වැ වනසෙනසුන්හි සෛවරීවිහරණයෙන් කිම? මෙ ආයුෂ්මත් ඉතා උදැසන ගම් වදී. ඉතා දහවල් වැ පෙරළා යේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ පෙරළා නො යායුතු.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජති, තස්ස භවන්ති වත්තාරො: අයන්නූනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො විකාලචරියා බහුලීකතා, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන න පුරෙභත්තං පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතබ්බං.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හි හෝ පසුබත්හි හෝ (නො පැවරූ) කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ පෙරබත්හි හෝ පසුබත්හි හෝ නො පැවරූ කුලයන්හි සැරිසරා නම් ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ වෙනෙහි ස්වච්ඡන්ද විහාරයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ විකාලචර්ය්යාව බහුලකරනලද, සඟමැදට ගියා වූ ද තුලුන් (එ විකාල චර්‍ය්‍යාව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට ගියා වූ සඟමැද වාසය කරන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හිදු පසුබත්හිදු කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො උද්ධතො හොති. චපලො තස්ස භවන්ති වත්තාරො: ‘ඉදන්නූනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන විහරතො උද්ධච්චං චාපල්යං බහුලීකතං, තමෙනං සඞ්ඝගතම්පි සමුදාචරතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අනුද්ධතෙන භවිතබ්බං අචපලෙන.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැදවසන ආරණ්‍යක මහණහු විසින් උඩඟු නො වූවකු චපල නො වූවකු වියයුතු යැ. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට පැමිණියේ සඟමැද වාසය කරනුයේ උද්ධත වූයේ චපල වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ උඩඟු බව චපල බව බහුල කරනලද. සඟමැදට ගියා වූ ද තුලුන් (ඒ උඩඟු බව චපල බව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු අනුද්ධත වූවකු අචපල වූවකු වියයුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො මුඛරො හොති විකිණ්ණවාචො. තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා මුඛරො විකිණ්ණවාචො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන අමුඛරෙන භවිතබ්බං අවිකිණ්ණවාචෙන.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇතියකු විය යුතු ය, ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ දොඩමලු වූයේ විසිරුණු වචන ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හුගේ එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්ද විහරණයෙන් කිම? මේ ආයුෂ්මත් මුඛරයෙක විකිර්ණවචන ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇත්තකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුබ්බචෙන භවිතබ්බං කල්යාණමිත්තෙන. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු සඞ්ඝගතො සඞ්ඝෙ විහරන්තො දුබ්බචො හොති පාපමිත්තො, තස්ස භවන්ති වත්තාරො: ‘කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන. යො අයමායස්මා දුබ්බචො පාපමිත්තොතිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සඞ්ඝගතෙන සඞ්ඝෙ විහරන්තෙන සුබ්බචෙන භවිතබ්බං කල්යාණමිත්තෙන.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට ගියේ සඟමැද වසනුයේ දුර්වච වූයේ පාපමිත්‍රයන් ඇත්තේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුර්වචයෙක පාපමිත්‍රයන් ඇත්තෙකැ’යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු සඟමැදට ගියහු සඟමැද වසන්නහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු වියයුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු ඉන්ද්රියෙසු අගුත්තද්වාරො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ඉන්ද්රියෙසු අගුත්තද්වාරො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ඉන්ද්රියෙසු ගුත්තද්වාරෙන භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ ඉඳුරන්හි නො පියූ දොර ඇතියේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක වූවහුට එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ඉඳුරන්හි නො පියූ දොර ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු භොජනෙ අමත්තඤ්ඤූ හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා භොජනෙ අමත්තඤ්ඤූ’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා භොජනෙ මත්තඤ්ඤුනා භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු භෝජනයෙහි පමණ දන්නකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ භෝජනයෙහි මාත්‍රඥ නොවූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් භෝජනයෙහි මාත්‍රඥ නොවූයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් භෝජනයෙහි මාත්‍රඥ වූවකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු ජාගරියං අනනුයුත්තො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා ජාගරියං අනනුයුත්තොතිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ජාගරියං අනුයුත්තෙන භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් නිදි දුරුකිරීමෙහි යෙදුණකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ නිදි දුරුකිරීමෙහි නො යෙදුණේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් මහණ නිදි වැරීමෙහි යෙදුණකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා ආරද්ධවිරියෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු කුසීතො හොති. තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා කුසීතො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා ආරද්ධවිරියෙන භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ කුසීතයෙක් වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ කුසීතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා උපට්ඨිතසතිනා භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු මුට්ඨස්සති හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා මුට්ඨස්සතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා උපට්ඨිතසතිනා භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ මුළා සිහි ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක හට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ ආයුෂ්මත් මුලාසිහි ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු අසමාහිතො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අසමාහිතො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා සමාහිතෙන භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇත්තකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සමාධි රහිත වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලාවැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අසමාහිතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇතියකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු දුප්පඤ්ඤො හොති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා දුප්පඤ්ඤො’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු කටයුත්තෙහි උපායප්රඥායෙන් යුක්ත වූවකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ දුෂ්ප්‍රාඥ වේ ද එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුෂ්ප්රාඥයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු උපායප්රාඥ ඇත්තකු විය යුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්මපිටකයෙහි ද විනයපිටකයෙහි ද පෙළ විසින් අටුවා විසින් යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ අභිධර්මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහෙයි ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කිය හේ” යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්මයෙහි අභිවිනයෙහි යෝග කටයුත්තේ යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන, යො අයමායස්මා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ පඤ්හං පුට්ඨො න සම්පායතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තත්ථ යොගො කරණීයො.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ. ඇවැත්නි, රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, එහිලා ආරණ්‍යක මහණහු පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ රූපසමාපත්තීන් ඉක්මසිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, එහිලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියා හේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක මහණහට එකලා වැ අරණ්‍යයෙහි ස්වෛරීවිහරණයෙන් කිම? රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, මේ ආයුෂ්මත් එහි ලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ.
ආරඤ්ඤකෙන’හාවුසො භික්ඛුනා උත්තරිමනුස්සධම්මෙ යොගො කරණීයො. සන්තාවුසො ආරඤ්ඤකං භික්ඛුං උත්තරිමනුස්සධම්මෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ ආවුසො ආරඤ්ඤකො භික්ඛු උත්තරිමනුස්සධම්මෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො: කිම්පනිමස්සායස්මතො ආරඤ්ඤකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා යස්සත්ථාය පබ්බජිතො තමත්ථං න ජානාතී’තිස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤකෙන භික්ඛුනා උත්තරිමනුස්සධම්මෙ යොගො කරණීයොති.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යැ. ඇවැත්නි, ආරණ්‍යක මහණහු උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාලදුයේ සම්පාදනය කොට නො කියහේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “අරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් යම් උතුරුමිනිස්දහමක් සඳහා පැවිදි වූයේ ද, ඒ අර්ත්ථය නොදනී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යයි.
එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: ආරඤ්ඤකෙනෙව නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා උදාහු ගාමන්තවිහාරිනාපීති. ආරඤ්ඤකෙනාපි ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ඉමෙ ධම්මා සමාදාය වත්තිතබ්බා. පගෙව ගාමන්තවිහාරිනාති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහාමෞද්ගගල්යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ආරණ්‍යක මහණහු විසින් මැ මේ දහම්හු සමාදන් වැ ගෙන පැවැත්ත යුත්තාහු ද, නොහොත් ග්‍රාමාන්ත සෙනසුන්හි වසන මහණහු විසිනුදු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහු දැ”යි. ඇවැත්නි මෞද්ගගල්යායනයෙනි, ආරණ්‍යක මහණහුදු විසින් මේ දහම්හු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහ. ග්‍රාමාන්තවිහාරී මහණහු විසින් කියනු කිමැ”යි.
ගුලිස්සානි සුත්තං නවමං.
නව වැනි ගුලිස්සානි සූත්‍ර යි.