යෙදුමෙන් කියවන්න

චාතුම සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චාතුම සුත‍්තවණ‍්ණනා

චාතුම සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චාතුමසුත‍්තං. තත්‍ථ චාතුමායන‍්ති එවංනාමකෙ ගාමෙ. පඤ‍්චමත‍්තානි භික‍්ඛුසතානීති අධුනා පබ‍්බජිතානං භික‍්ඛූනං පඤ‍්ච සතානි. ථෙරා කිර චින‍්තෙසුං – “ඉමෙ කුලපුත‍්තා දසබලං අදිස‍්වාව පබ‍්බජිතා, එතෙසං භගවන‍්තං දස‍්සෙස‍්සාම, භගවතො සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අත‍්තනො අත‍්තනො යථාඋපනිස‍්සයෙන පතිට‍්ඨහිස‍්සන‍්තී”ති. තස‍්මා තෙ භික‍්ඛූ ගහෙත්‍වා ආගතා. පටිසම‍්මොදමානාති “කච‍්චාවුසො, ඛමනීය”න‍්තිආදිං පටිසන්‍ථාරකථං කුරුමානා. සෙනාසනානි පඤ‍්ඤාපයමානාති අත‍්තනො අත‍්තනො ආචරියුපජ‍්ඣායානං වසනට‍්ඨානානි පුච‍්ඡිත්‍වා ද‍්වාරවාතපානානි විවරිත්‍වා මඤ‍්චපීඨකටසාරකාදීනි නීහරිත්‍වා පප‍්ඵොටෙත්‍වා යථාට‍්ඨානෙ සණ‍්ඨාපයමානා. පත‍්තචීවරානි පටිසාමයමානාති, භන‍්තෙ, ඉදං මෙ පත‍්තං ඨපෙථ, ඉදං චීවරං, ඉදං ථාලකං, ඉදං උදකතුම‍්බං, ඉමං කත‍්තරයට‍්ඨින‍්ති එවං සමණපරික‍්ඛාරෙ සඞ‍්ගොපයමානා.

එවම්මෙසුතං යනු චාතුම සුත්‍රයයි. එහි චාතුමායනු එනම් ඇති කුඩාගමෙහි පඤ්චඝත්තානි භික්‍ඛුසතානි අලුත පැවිදි වු භික්‍ෂුන් පන්සියයක්. තෙරවරු මෙසේ සිතූහ. මේ කුලපුත්‍රයෝ දසබලයන් වහන්සේ නොදැකම පැවිදිවුවෝය. මොවුන්ට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසා තමාට සුදුසු උපනිශ්‍රයකින් පිහිටා සිටින්නාහුයයි ඒනිසා ඒ භික්‍ෂුන් රැගෙන ආවාහුය. සම්මොදමානා කිමෙක්ද ඇවැත්නි සැපයෙන්ද ආදී පිළිසඳර කථා කරමින්, සෙනාසනානි පඤ්ඤාපයමානා තමාගේ ආචාර්ය උපාධ්‍යාය යන්ට වසනතැන් විමසා දොර කවුළු විවරකොට ඇඳපුටු පැදුරු ආදිය ඉවත්කොට ගසාදමා නියම තැන තබමින්. පත්තචීවරානි පටිසාමය මානා ස්වාමීනි මේ පාත්‍රය මට තබනු මැනවි. මේ සිවුර මේ තලිය මේ පැන් කෙණ්ඩිය මේ සැරයටිය මට තබනු මැනවැයි මෙසේ ශ්‍රමණ පරිෂ්කාර ආරක්ෂා කරමින්

උච‍්චාසද‍්දා මහාසද‍්දාති උද‍්ධං උග‍්ගතත‍්තා උච‍්චං, පත්‍ථටත‍්තා මහන‍්තං අවිනිබ‍්භොගසද‍්දං කරොන‍්තා. කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙති කෙවට‍්ටානං මච‍්ඡපච‍්ඡිඨපිතට‍්ඨානෙ මහාජනො සන‍්නිපතිත්‍වා – “ඉධ අඤ‍්ඤං එකං මච‍්ඡං දෙහි, එකං මච‍්ඡඵාලං දෙහි, එතස‍්ස තෙ මහා දින‍්නො, මය‍්හං ඛුද‍්දකො”ති එවං උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්ති. තං සන්‍ධායෙතං වුත‍්තං. මච‍්ඡගහණත්‍ථං ජාලෙ පක‍්ඛිත‍්තෙපි තස‍්මිං ඨානෙ කෙවට‍්ටා චෙව අඤ‍්ඤෙ ච “පවිට‍්ඨො න පවිට‍්ඨො, ගහිතො න ගහිතො”ති මහාසද‍්දං කරොන‍්ති. තම‍්පි සන්‍ධායෙතං වුත‍්තං. පණාමෙමීති නීහරාමි. න වො මම සන‍්තිකෙ වත්‍ථබ‍්බන‍්ති තුම‍්හෙ මාදිසස‍්ස බුද‍්ධස‍්ස වසනට‍්ඨානං ආගන‍්ත්‍වා එවං මහාසද‍්දං කරොථ, අත‍්තනො ධම‍්මතාය වසන‍්තා කිං නාම සාරුප‍්පං කරිස‍්සථ, තුම‍්හාදිසානං මම සන‍්තිකෙ වසනකිච‍්චං නත්‍ථීති දීපෙති. තෙසු එකභික‍්ඛුපි “භගවා තුම‍්හෙ මහාසද‍්දමත‍්තකෙන අම‍්හෙ පණාමෙථා”ති වා අඤ‍්ඤං වා කිඤ‍්චි වත‍්තුං නාසක‍්ඛි, සබ‍්බෙ භගවතො වචනං සම‍්පටිච‍්ඡන‍්තා “එවං, භන‍්තෙ,”ති වත්‍වා නික‍්ඛමිංසු. එවං පන තෙසං අහොසි “මයං සත්‍ථාරං පස‍්සිස‍්සාම, ධම‍්මකථං සොස‍්සාම, සත්‍ථු සන‍්තිකෙ වසිස‍්සාමාති ආගතා. එවරූපස‍්ස පන ගරුනො සත්‍ථු සන‍්තිකං ආගන‍්ත්‍වා මහාසද‍්දං කරිම‍්හා, අම‍්හාකමෙව දොසොයං, පණාමිතම‍්හා, න නො ලද‍්ධං භගවතො සන‍්තිකෙ වත්‍ථුං, න සුවණ‍්ණවණ‍්ණසරීරං ඔලොකෙතුං, න මධුරස‍්සරෙන ධම‍්මං සොතු”න‍්ති. තෙ බලවදොමනස‍්සජාතා හුත්‍වා පක‍්කමිංසු.

උච්චාසද්දා මහාසද්දා උඩට නැගුණු බැවින් උච්චං පැතිරීගිය බැවින් මහන්තං, නොපැහැදිලි හඬ කරන්නාහු, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡ විලොපෙ කෙවුලන් මාළුපැස් තිබුතැන්හි මහජනයා රැස්ව මේ මට වෙනත් මාළුවකු දෙව. මාළුපැසක් දෙව. මෙයාට ගොඩක් දුන්නේය. මට ටිකක් දුන්නේය මෙසේ උස්හඬ මහ හඬ කරත් ඒ සඳහා මෙය කියනලදී. මසුන් ගැනීම පිණිස දැල දැමූවිටද එම ස්ථානයෙහි කෙවුලෝද අන්‍යයෝද පිවිසියෝද නොපිවිසියෝද ගත් තැනැත්තේද නොගත් තැනැත්තේද මහා ශබ්දයක් කරති එය සඳහාද මෙය කියන ලදී. පණාමෙමි එළියට ඇදදමමි. නංවො මම සන්තිකෙ වත්‍ථබ්බං තෙපි මාවැනි බුදුවරයකු වසන තැනට පැමිණ මහා ශබ්දයක් කරහු. තමාගේ ස්වභාවයෙන් වසන්නාහු කුමක්නම් සරුප් දෙයක් කරවුද, තොප වැන්නවුන්ට මාගේ සමීපයෙහි වැසීමක් නැතැයි පෙන්වයි. ඔවුන් අතරින් එක් භික්‍ෂුවක්වත් භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මහාශබ්ද මාත්‍රයකින් අප නරපතියි හෝ අන් කිසිවක් කීමට නොහැකිවිය. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගන්නාහු එවංභන්තෙ එසේය ස්වාමීනියි කියා නික්මගියහ. ඔවුන්ට මෙසේ සිතිණ අපි ශාස්තෲන් වහන්සේ දකින්නෙමු දහම් කතා අසන්නෙමු. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි වසන්නෙමුයි පැමිණියෝ වෙමු. මෙබඳු ගරුකටයුතු ශාස්තෘ කෙනකුන් වෙත පැමිණ මහා ශබ්දයක් කළම්හ. නෙරපා හරිනු ලැබුයේ අපගේ දෝෂය නිසයි. භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහි කිසිදු වස්තුවක් නොලැබිණ. රන්වන් සිරුර බලන්නට මිහිරිහඬින් දහම් ඇසීමට නොලැබිණ ඔවුහු මහත් දොම්නසින් යුතුව ගියාහුය.

තෙනුපසඞ‍්කමිංසූති තෙ කිර සක්‍යා ආගමනසමයෙපි තෙ භික‍්ඛූ තත්‍ථෙව නිසින‍්නා පස‍්සිංසු. අථ නෙසං එතදහොසි – “කිං නු ඛො එතෙ භික‍්ඛූ පවිසිත්‍වාව පටිනිවත‍්තා, ජානිස‍්සාම තං කාරණ”න‍්ති චින‍්තෙත්‍වා යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමිංසු. හන්‍දාති වවස‍්සග‍්ගත්‍ථෙ නිපාතො. කහං පන තුම‍්හෙති තුම‍්හෙ ඉදානෙව ආගන‍්ත්‍වා කහං ගච‍්ඡථ, කිං තුම‍්හාකං කොචි උපද‍්දවො, උදාහු දසබලස‍්සාති? තෙසං පන භික‍්ඛූනං, – “ආවුසො, මයං භගවන‍්තං දස‍්සනාය ආගතා, දිට‍්ඨො නො භගවා, ඉදානි අත‍්තනො වසනට‍්ඨානං ගච‍්ඡාමා”ති කිඤ‍්චාපි එවං වචනපරිහාරො අත්‍ථි, එවරූපං පන ලෙසකප‍්පං අකත්‍වා යථාභූතමෙව ආරොචෙත්‍වා භගවතා ඛො, ආවුසො, භික‍්ඛුසඞ‍්ඝො පණාමිතොති ආහංසු. තෙ පන රාජානො සාසනෙ ධුරවහා, තස‍්මා චින‍්තෙසුං – “ද‍්වීහි අග‍්ගසාවකෙහි සද‍්ධිං පඤ‍්චසු භික‍්ඛුසතෙසු ගච‍්ඡන‍්තෙසු භගවතො පාදමූලං විගච‍්ඡිස‍්සති, ඉමෙසං නිවත‍්තනාකාරං කරිස‍්සාමා”ති. එවං චින‍්තෙත්‍වා තෙන හායස‍්මන‍්තොතිආදිමාහංසු. තෙසුපි භික‍්ඛූසු “මයං මහාසද‍්දමත‍්තකෙන පණාමිතා, න මයං ජීවිතුං අසක‍්කොන‍්තා පබ‍්බජිතා”ති එකභික‍්ඛුපි පටිප‍්ඵරිතො නාම නාහොසි, සබ‍්බෙ පන සමකංයෙව, “එවමාවුසො,”ති සම‍්පටිච‍්ඡිංසු.

තෙනුපසඞ්කමිංසු ඒ ශාක්‍යයෝ පැමිණෙන විට හෝ එහිම හිඳනාවිට ඒ භික්‍ෂුන් නුදුටුවාහ. ඉක්බිති ඔවුන්ට මෙසේ සිතිණ. මේ භික්‍ෂූන් පිවිසි සැණින්ම ආපසු හැරී ගියේ කුමක් නිසාද ඒ කරුණ දැනගන්නෙමුයි සිතා ඒ භික්‍ෂූන් සිටි තැනට එළඹුණාහුය. හන්‍ද නිගමනාර්ථයෙහි නිපාතයකි. කහංපනතුම්හෙ ඔබ දැන් පැමිණ කොහි යනුද, ඔබට කිසියම් අනතුරක්ද නැතහොත් දසබලධාරීන් වහන්සේට අනතුරක්ද ඒ භික්‍ෂූන්ට අනතුරක්ද එසේය ඇවැන්නේ අපි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණියෝ වෙමු. ඔබ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුද, දැන් තමාගේ වසන තැනට යමුයි කිසියම් බහින්බස්වීමක් ඇත. මෙබදු ව්‍යාජයක් නොකොට සිදුවූ දෙයම දන්වන්නාහු ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුසංඝයා එළවා දමන ලද්දේයයි කීහ. ඒ රජවරු වනාහි සසුනෙහි බර උසුලන්නෝය, ඒනිසා මෙසේ සිතූහ. දෑග සව්වන් සමග පන්සියයක් භික්‍ෂූන් ගමන් ගන්නා විට භාග්‍යවතුන් වහන්සේ ගේ පතුල් බිඳෙන්නේය. මොවුන් නවතන අයුරක් කරන්නෙමුයි මෙසේ සිතා, තෙනායස්මා එසේනම් ඇවැත්නි යනාදිය කීහ. ඒ භික්‍ෂූන් අතරද අපි මහා ශබ්ද මාත්‍රයෙන් නෙරපා හරිනු ලැබීමු. අපි ජීවත්වන්ට නොහැකිව පැවිදි වුවෝ නොවෙමු. ඒ විරුද්ධව සිටි එක් භික්‍ෂුවක් වත් නොවීය. සියලු දෙනම සමසමව එසේය ඇවැත්නියි පිළිගත්හ.

අභිනන්‍දතූති භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආගමනං ඉච‍්ඡන‍්තො අභිනන්‍දතු. අභිවදතූති එතු භික‍්ඛුසඞ‍්ඝොති එවං චිත‍්තං උප‍්පාදෙන‍්තො අභිවදතු. අනුග‍්ගහිතොති ආමිසානුග‍්ගහෙන ච ධම‍්මානුග‍්ගහෙන ච අනුග‍්ගහිතො. අඤ‍්ඤථත‍්තන‍්ති දසබලස‍්ස දස‍්සනං න ලභාමාති පසාදඤ‍්ඤථත‍්තං භවෙය්‍ය. විපරිණාමොති පසාදඤ‍්ඤථත‍්තෙන විබ‍්භමන‍්තානං විපරිණාමඤ‍්ඤථත‍්තං භවෙය්‍ය. බීජානං තරුණානන‍්ති තරුණසස‍්සානං. සියා අඤ‍්ඤථත‍්තන‍්ති උදකවාරකාලෙ උදකං අලභන‍්තානං මිලාතභාවෙන අඤ‍්ඤථත‍්තං භවෙය්‍ය, සුස‍්සිත්‍වා මිලාතභාවං ආපජ‍්ජනෙන විපරිණාමො භවෙය්‍ය. වච‍්ඡකස‍්ස පන ඛීරපිපාසාය සුස‍්සනං අඤ‍්ඤථත‍්තං නාම, සුස‍්සිත්‍වා කාලකිරියා විපරිණාමො නාම.

අභිනන්‍දතු භික්‍ඛු සංඝයාගේ පැමිණීම කැමතිව සතුටු වන්න. ආනුග්ගහිතො ආමිෂ අනුග්‍රහයෙන්ද ධර්ම අනුග්‍රහයෙන්ද අනුග්‍රහ කරන ලද්දේ. අඤ්ඤත්තතං දශබලධාරීන් වහන්සේගේ දැක්මක් නොලබමුයි ප්‍රසාදයෙහි වෙනසක් වන්නේය. විපරිණාමො ප්‍රසාදයෙහි වෙනස් බවකින් සිවුරු හැර යන්න. වුන්ගේ විපරිනාමයෙහි වෙනස් බවක් වන්නේය. බීජානං තරණානං තරුණ සස්‍යයන්ට සියා අඤ්ඤථත්තං ජලය අවශ්‍ය කලට ජලය නොලැබ මලානික බැවින් වෙනසක් ඇතිවන්නේය. වියලීගොස් පිදුරු බවට පත්වීමේදී විපරිණාමයක් වන්නේය. වසු පැටියාට කිරි පිපාසයෙන් හුල්ලෑම අන්‍යථාත්වය නමි. හුල්ලා කලුරිය කිරීම විපරිණාමය නමි

පසාදිතො භගවාති ථෙරො කිර තත්‍ථ නිසින‍්නොව දිබ‍්බචක‍්ඛුනා බ්‍රහ‍්මානං ආගතං අද‍්දස, දිබ‍්බාය සොතධාතුයා ච ආයාචනසද‍්දං සුණි, චෙතොපරියඤාණෙන භගවතො පසන‍්නභාවං අඤ‍්ඤාසි. තස‍්මා – “කඤ‍්චි භික‍්ඛුං පෙසෙත්‍වා පක‍්කොසියමානානං ගමනං නාම න ඵාසුකං, යාව සත්‍ථා න පෙසෙති, තාවදෙව ගමිස‍්සාමා”ති මඤ‍්ඤමානො එවමාහ. අප‍්පොස‍්සුක‍්කොති අඤ‍්ඤෙසු කිච‍්චෙසු අනුස‍්සුක‍්කො හුත්‍වා. දිට‍්ඨධම‍්මසුඛවිහාරන‍්ති ඵලසමාපත‍්තිවිහාරං අනුයුත‍්තො මඤ‍්ඤෙ භගවා විහරිතුකාමො, සො ඉදානි යථාරුචියා විහරිස‍්සතීති එවං මෙ අහොසීති වදති. මයම‍්පි දානීති මයං පරං ඔවදමානා විහාරතො නික‍්කඩ‍්ඪිතා, කිං අම‍්හාකං පරොවාදෙන. ඉදානි මයම‍්පි දිට‍්ඨධම‍්මසුඛවිහාරෙනෙව විහරිස‍්සාමාති දීපෙති. ථෙරො ඉමස‍්මිං ඨානෙ විරද‍්ධො අත‍්තනො භාරභාවං න අඤ‍්ඤාසි. අයඤ‍්හි භික‍්ඛුසඞ‍්ඝො ද‍්වින‍්නම‍්පි මහාථෙරානං භාරො, තෙන නං පටිසෙධෙන‍්තො භගවා ආගමෙහීතිආදිමාහ. මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො පන අත‍්තනො භාරභාවං අඤ‍්ඤාසි. තෙනස‍්ස භගවා සාධුකාරං අදාසි.

පසාදිකො භගවා තෙරුන් වහන්සේ එහි හිඳගෙන දිවැසින් බ්‍රහ්මයා පැමිණෙනු දුටහ. දිව කණින් අයැදින හඬ ඇසුහ. චෙතොපරිය ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ පහන් වු බව දත්හ. ඒ නිසා කිසියම් භික්‍ෂුවක යවා කැඳවනු ලබන්නවුන්ගේ ගමන පහසුය. යම්තාක් භාග්‍යවතුන් වහන්සේ නොයවන සේක්ද, එකෙණෙහි යන්නෙමියි හඟිමින් මෙසේ කීහ. අප්පොස්සුක්කො අන් වැඩවල උත්සාහවත් නොවී, දිට්ඨධම්ම සුඛ විහාරං සමාපත්ති විහාරයෙහි යෙදී භාග්‍යවතුන් වහන්සේ වසන සේ යැයි සිතමි. මෙසේ උන්වහන්සේට සිතිණැයි කියයි. මයම්පිදානි අපි අනුන්ට අවවාද දුන් බැවින් විහාරයෙන් නෙරපා හරිනු ලැබුවෙමු. අනුන්ට අවවාද දීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද දැන් අපි දිට්ඨ ධම්ම සුඛවිහාරයෙන් වාසය කරන්නෙමුයි දක්වයි. තෙරුන් වහන්සේ මෙම ස්ථානයෙහි නොසලකා හරින ලදුව තමාගේ භාරත්වය නොද. මේ භික්‍ෂුසංඝයා මහතෙරුන් දෙනමට භාරය එයින් ඔහු පිළිකෙව් කරන්නේ හඟවා ආගමෙහි ආදිය කීය. මහමුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ භාරත්වය දත්හ. එයින් උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන් සේක.

චත‍්තාරිමානි, භික‍්ඛවෙති කස‍්මා ආරභි? ඉමස‍්මිං සාසනෙ චත‍්තාරි භයානි. යො තානි අභීතො හොති, සො ඉමස‍්මිං සාසනෙ පතිට‍්ඨාතුං සක‍්කොති. ඉතරො පන න සක‍්කොතීති දස‍්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්‍ථ උදකොරොහන‍්තෙති උදකං ඔරොහන‍්තෙ පුග‍්ගලෙ. කුම‍්භීලභයන‍්ති සුංසුමාරභයං. සුසුකාභයන‍්ති චණ‍්ඩමච‍්ඡභයං.

චත්තාරිමානි භික්ඛවෙ යනුවෙන් ඇරඹුවේ කවරහෙයින්ද මේ සසුනෙහි බිය සතරක් ඇත. යමෙක් ඒවා ජයගනීද හේ මේ සසුනෙහි පිහිටා සිටීමට හැකිවෙයි. අන් තැනැත්තේ නොහැකි වෙතියි දක්වන්ට මේ දේශනාව ඇරඹු සේක. එහි උදකොරොහන්තෙ ජලයට බසින පුද්ගලයන් කුම්භීලභයං කිඹුලුන්ගෙන්වන බිය. සුසුකාභයං සැඬ මසුන්ගෙන් වන බිය.

කොධුපායාසස‍්සෙතං අධිවචනන‍්ති යථා හි බාහිරං උදකං ඔතිණ‍්ණො ඌමීසු ඔසීදිත්‍වා මරති, එවං ඉමස‍්මිං සාසනෙ කොධුපායාසෙ ඔසීදිත්‍වා විබ‍්භමති. තස‍්මා කොධුපායාසො “ඌමිභය”න‍්ති වුත‍්තො.

කොධුපායසෙසතං අධිවචනං ක්‍රෝධ උපායාසයන්ට මේ සමාන වචනයකි. යම්සේ බාහිර ජලයට බට පුද්ගලයා දියවැල්වල ගිලී මැරේද මෙසෙමේ සසුනෙහි ක්‍රෝධ උපායාසයන්හි ගිලී උපැවිදි වෙයි. ඒ නිසා ක්‍රෝධ උපායාස ඌමී භයයයි කියන ලදී.

ඔදරිකත‍්තස‍්සෙතං අධිවචනන‍්ති යථා හි බාහිරං උදකං ඔතිණ‍්ණො කුම‍්භීලෙන ඛාදිතො මරති, එවං ඉමස‍්මිං සාසනෙ ඔදරිකත‍්තෙන ඛාදිතො විබ‍්භමති. තස‍්මා ඔදරිකත‍්තං “කුම‍්භීලභය”න‍්ති වුත‍්තං.

ඔදරිකතස්සෙතං අධිවචනං යම්සේ බාහිර ජලයට බට පුද්ගලයා දියවැල්වල ගිලී මැරේද මෙසේ මේ සසුනෙහි ක්‍රෝධ උපායාසයන්හි ගිලී උපැවිදිවෙයි. ඒ නිසා ක්‍රෝධ උපායාස හැමී යයි කියන ලදී. ඔදාරිකත්තං අධිවචනයි. යම්සේ බාහිර ජලයට බට තැනැත්තේ කිඹුලා විසින් කනු ලැබුයේ මැරේද. එසේ මේ සෙසුනෙහි කෑදර භාවයෙන් කනු ලැබ උපැවිදි වෙයි. ඒ නිසා ඖදාරිකත්වය කුම්භීලභය යයි කියන ලදී.

අරක‍්ඛිතෙනෙව කායෙනාති සීසප‍්පචාලකාදිකරණෙන අරක‍්ඛිතකායො හුත්‍වා. අරක‍්ඛිතාය වාචායාති දුට‍්ඨුල‍්ලභාසනාදිවසෙන අරක‍්ඛිතවාචො හුත්‍වා. අනුපට‍්ඨිතාය සතියාති කායගතාසතිං අනුපට‍්ඨාපෙත්‍වා. අසංවුතෙහීති අපිහිතෙහි. පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනන‍්ති යථා හි බාහිරං උදකං ඔතිණ‍්ණො ආවට‍්ටෙ නිමුජ‍්ජිත්‍වා මරති, එවං ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිතො පඤ‍්චකාමගුණාවට‍්ටෙ නිමුජ‍්ජිත්‍වා විබ‍්භමති. තස‍්මා පඤ‍්ච කාමගුණා “ආවට‍්ටභය”න‍්ති වුත‍්තා.

අරක්ඛිතෙන කා යෙන හිස සෙලවීම් ආදි කරුණින් ආරක්ෂා නොකරන ලද කය ඇත්තේව, අරක්ඛිතාය වාචාය දුෂ්ට කතා ආදි වශයෙන් ආරක්ෂා නොකරන ලද වචන ඇත්තේව. අනුපට්ඨිතාය සතියා කායගතාසතිය ළංකොට නොගෙන, අසංවුතෙහි නොවැසු, පඤ්චනෙන්තං කාමගුණානං අධිවචනං පංචකාම ගුණයන්ට සමාන වචනයකි. යම්සේ බාහිර ජලයට බට පුද්ගලයා දිය සුළියෙහි ගිලී මැරේද, එසේ මේ සසුනෙහි පැවිදි වූ තැනැත්තා පංචකාමගුණ නමැති දිය සුළියෙහි ගිලී උපැවිදි වෙයි. මේ නිසා පංච කාමගුණ ආවට්ටභය යයි කියන ලදී.

අනුද‍්ධංසෙතීති කිලමෙති මිලාපෙති. රාගානුද‍්ධංසෙනාති රාගානුද‍්ධංසිතෙන. මාතුගාමස‍්සෙතං අධිවචනන‍්ති යථා හි බාහිරං උදකං ඔතිණ‍්ණො චණ‍්ඩමච‍්ඡං ආගම‍්ම ලද‍්ධප‍්පහාරො මරති, එවං ඉමස‍්මිං සාසනෙ මාතුගාමං ආගම‍්ම උප‍්පන‍්නකාමරාගො විබ‍්භමති. තස‍්මා මාතුගාමො “සුසුකාභය”න‍්ති වුත‍්තො.

අනුද්ධංසෙති ක්ලාන්ත වෙයි. මිලාන වෙයි. රාගානුද්ධස්තෙන රාගයෙන් උඩට නැංවූ මාතුගාමස්සෙතං අධිවචනං ස්ත්‍රිය යන්නට සමාන වචනයකි. යම් බාහිර ජලයට බට තැනැත්තේ සැඩ මසකු වෙත පැමිණ ලබන ලද ප්‍රහාර ඇත්තේ මැරේද, මෙසේ මේ සසුනෙහි ස්ත්‍රියක වෙත පැමිණ උපන්කාමරාග ඇත්තේ උපැවිදි වෙයි. මේනිසා ස්ත්‍රිය සුසුකාභය යයි කියන ලදී.

ඉමානි පන චත‍්තාරි භයානි භායිත්‍වා යථා උදකං අනොරොහන‍්තස‍්ස උදකං නිස‍්සාය ආනිසංසො නත්‍ථි, උදකපිපාසාය පිපාසිතො ච හොති රජොජල‍්ලෙන කිලිට‍්ඨසරීරො ච, එවමෙවං ඉමානි චත‍්තාරි භයානි භායිත්‍වා සාසනෙ අපබ‍්බජන‍්තස‍්සාපි ඉමං සාසනං නිස‍්සාය ආනිසංසො නත්‍ථි, තණ‍්හාපිපාසාය පිපාසිතො ච හොති කිලෙසරජෙන සංකිලිට‍්ඨචිත‍්තො ච. යථා පන ඉමානි චත‍්තාරි භයානි අභායිත්‍වා උදකං ඔරොහන‍්තස‍්ස වුත‍්තප‍්පකාරො ආනිසංසො හොති, එවං ඉමානි අභායිත්‍වා සාසනෙ පබ‍්බජිතස‍්සාපි වුත‍්තප‍්පකාරො ආනිසංසො හොති. ථෙරො පනාහ – “චත‍්තාරි භයානි භායිත්‍වා උදකං අනොතරන‍්තො සොතං ඡින්‍දිත්‍වා පරතීරං පාපුණිතුං න සක‍්කොති, අභායිත්‍වා ඔතරන‍්තො සක‍්කොති, එවමෙවං භායිත්‍වා සාසනෙ අපබ‍්බජන‍්තොපි තණ‍්හාසොතං ඡින්‍දිත්‍වා නිබ‍්බානපාරං දට‍්ඨුං න සක‍්කොති, අභායිත්‍වා පබ‍්බජන‍්තො පන සක‍්කොතී”ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. අයං පන දෙසනා නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන නිට‍්ඨාපිතාති.

මේ සතරබියෙන් බියපත්ව ජලයට නොබසින්නහුට ජලය නිසා ලැබෙන ප්‍රතිඵලයක් නැත. ජල පිපාසයෙන් පිපාසිත හෝ වෙයි. රජස් දැලියෙන් කිලිටි සිරුරක් හෝ වෙයි. මෙසේ මේ සතර බියෙන් බියපත්ව සසුනෙහි පැවිදි නොවන්නහුටද මේ සසුන නිසා ප්‍රතිඵලයක් නැත. තෘෂ්ණා පිපාසයෙන් පිපාසිත හෝ වෙයි. කෙලෙස් රජසිත් කිලිටුවු සිත් ඇත්තේ හෝ වෙයි. යම් සේ මේ සතර බියෙන් බියපත්නොවී සසුනෙහි පැවිදිවුවහුටද කියන ලද ප්‍රකාර ප්‍රතිඵල වෙයි. තෙරුන් වහන්සේ මෙසේ කීහ. සතර බියෙන් බියපත්ව ජලයට නොබසින්නේ දිය දහර සිඳගෙන පරතෙරට පැමිණිමට නොහැක්කේවෙයි. බියපත් නොවී බසින්නා හැකිවෙයි. මෙසේ බියපත්ව සසුනෙහි පැවිදි නොවන්න ද තෘෂ්ණා නමැති දියපහර බිඳගෙන නිවන නමැති පරතෙර දැකීමට නොහැක්කේ වෙයි. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. මේ දේශනාව නෙය්‍ය පුද්ගල වශයෙන් නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චාතුමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්වැනි චාතුම සුත්‍රයයි.

නළකපාන සුත‍්තවණ‍්ණනා

නළකපාන සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති නළකපානසුත‍්තං. තත්‍ථ නළකපානෙති එවංනාමකෙ ගාමෙ. පුබ‍්බෙ කිර අම‍්හාකං බොධිසත‍්තො වානරයොනියං නිබ‍්බත‍්තො, මහාකායො කපිරාජා අනෙකවානරසහස‍්සපරිවුතො පබ‍්බතපාදෙ විචරති. පඤ‍්ඤවා ඛො පන හොති මහාපුඤ‍්ඤො. සො පරිසං එවං ඔවදති – “ඉමස‍්මිං පබ‍්බතපාදෙ තාතා, විසඵලානි නාම හොන‍්ති, අමනුස‍්සපරිග‍්ගහිතා පොක‍්ඛරණියො නාම හොන‍්ති, තුම‍්හෙ පුබ‍්බෙ ඛාදිතපුබ‍්බානෙව ඵලානි ඛාදථ, පීතපුබ‍්බානෙව පානීයානි ච පිවථ, එත්‍ථ වො මං පටිපුච‍්ඡිතබ‍්බකිච‍්චං නත්‍ථි, අඛාදිතපුබ‍්බානි පන ඵලානි අපීතපුබ‍්බානි ච පානීයානි මං අපුච‍්ඡිත්‍වා මා ඛාදිත්‍ථ මා පිවිත්‍ථා”ති.

එවම්මෙ සුතං යනු කළකපාන සුත්‍රයයි. එහි නළකපානෙ එනම් ඇති ගමෙහි. පෙර අපගේ බෝසතුන් වහන්සේ වඳුරු යොනියෙහි ඉපිද මහා සිරුරක් ඇති වඳුරු රාජයෙක් වැ නොයෙක් දහස් ගණන් වඳුරන් විසින් පිරිවරන ලදුව කඳු පාමුල හැසිරේ. ප්‍රඥා ඇත්තේද වෙයි. මහාප්‍රාඥවු හෙතෙමේ පිරිසට මෙසේ අවවාද දෙයි. දරුවනි! මේ කඳුපාමුල විස ගඩාගෙඩි ඇත. අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද පොකුණු ඇත. උඹලා පෙර කා පුරුදු ගෙඩිම කවු. බී පුරුදු ජලයම බොවු මෙතැන ඔබලාට මා විමැසිය යුතු බවක් නැත. නොකෑවිරු ගඩාගෙඩි නොබීවිරූ ජලය මා නොවිමසා නොකවු නොබොවු

තෙ එකදිවසං චරමානා අඤ‍්ඤං පබ‍්බතපාදං ගන‍්ත්‍වා ගොචරං ගහෙත්‍වා පානීයං ඔලොකෙන‍්තා එකං අමනුස‍්සපරිග‍්ගහිතං පොක‍්ඛරණිං දිස‍්වා සහසා අපිවිත්‍වා සමන‍්තා පරිවාරෙත්‍වා මහාසත‍්තස‍්ස ආගමනං ඔලොකයමානා නිසීදිංසු. මහාසත‍්තො ආගන‍්ත්‍වා “කිං තාතා පානීයං න පිවථා”ති ආහ. තුම‍්හාකං ආගමනං ඔලොකෙමාති. සාධු තාතාති සමන‍්තා පදං පරියෙසමානො ඔතිණ‍්ණපදංයෙව අද‍්දස, න උත‍්තිණ‍්ණපදං, දිස‍්වා සපරිස‍්සයාති අඤ‍්ඤාසි. තාවදෙව ච තත්‍ථ අභිනිබ‍්බත‍්තඅමනුස‍්සො උදකං ද‍්වෙධා කත්‍වා උට‍්ඨාසි සෙතමුඛො නීලකුච‍්ඡි රත‍්තහත්‍ථපාදො මහාදාඨිකො වඞ‍්කදාඨො විරූපො බීභච‍්ඡො උදකරක‍්ඛසො. සො එවමාහ – “කස‍්මා පානීයං න පිවථ, මධුරං උදකං පිවථ, කිං තුම‍්හෙ එතස‍්ස වචනං සුණාථා”ති? මහාසත‍්තො ආහ – “ත්‍වං ඉධ අධිවත්‍ථො අමනුස‍්සො”ති? ආමාහන‍්ති. ත්‍වං ඉධ ඔතිණ‍්ණෙ ලභසීති? ආම ලභාමි, තුම‍්හෙ පන සබ‍්බෙ ඛාදිස‍්සාමීති. න සක‍්ඛිස‍්සසි, යක‍්ඛාති. පානීයං පන පිවිස‍්සථාති? ආම පිවිස‍්සාමාති. එවං සන‍්තෙ එකොපි වො න මුච‍්චිස‍්සතීති. පානීයඤ‍්ච පිවිස‍්සාම, න ච තෙ වසං ගමිස‍්සාමාති එකනළං ආහරාපෙත්‍වා කොටියං ගහෙත්‍වා ධමි, සබ‍්බො එකච‍්ඡිද‍්දො අහොසි, තීරෙ නිසීදිත්‍වාව පානීයං පිවි, සෙසවානරානං පාටියෙක‍්කෙ නළෙ ආහරාපෙත්‍වා ධමිත්‍වා අදාසි. සබ‍්බෙ යක‍්ඛස‍්ස පස‍්සන‍්තස‍්සෙව පානීයං පිවිංසු. වුත‍්තම‍්පි චෙතං –

ඔවුහු එක් දවසක් හැසිරෙන්නාහු වෙනත් කඳුපාමුලකට ගොස් ගොදුරු ගෙන පැන් සොයන්නාහු එක් අමනුෂ්‍යයන් විසින් අරක්ගත් පොකුණක් දැක වහා එහි නොපිවිස ඒ වටා පිරිවරා බෝසතුන් එනමග බලමින් හුන්හ. බෝසත්හු පැමිණ, කිමෙක්ද දරුවනි, පැන් නොබොන්නේදැයි ඇසූහ. ඔබතුමා පැමිණෙන තෙක් බලා සිටිමු. මැනවි දරුවෙනි හාත්පස පියසලකුණු සොයමින් දියට බට පදසලකුණු පමණක් දුටහ. නැඟුණු සලකුණු නොදැක අනතුරු සහිතයයි දැනගත්හ. එකෙණෙහිම එහි සිටි රකුසා ජලය දෙබෑ කොට සිටගනී. ඒ ජල රකුසා සුදුපාට කටක්ද, නිල් බඩක්ද, රතු අත්පා ද, මහ දත්ද, නැමුණු දළද ඇත්තෙකි. විරූපීය. පිළිකුල්ය හේ මෙසේ කීය. ජලය නොබොන්නේ ඇයි මිහිරි ජලය බොන්න. මොහුගේ වචන ඔබ අසන්නේ නැද්ද බෝසත්හු මෙසේ කීහ. තෝ මෙහි අමනුෂ්‍යයෙක් වෙහිද ඔව් මම වෙමි. තෝ මෙහි බට තැනැත්තකු අල්ලාගන්නෙහිද ඔව් අල්ලාගනිමි. නොහැකිය. පැන් බොන්න පැනුත් බොන්නෙමු. මෙසේ ඇති කල්හි ඔබ එකෙක්වත් මිදී නො යන්නේ ය. පැන් බොන්නෙමු ඒත් තාගේ වසඟයට නොයන්නෙමු. එක් බට දඬුවක් ගෙන්වා ගෙන කෙළවරින්ගෙන පිම්බහ. සියල්ල එක් සිදුරක් වීය. ඉවුරෙහි හිඳ පැන් පානය කළහ. සෙසු වඳුරන්ටද එක් එක් බටදඬුව බැගින් ගෙන්වාගෙන පිඹ දුන්හ. සියල්ලෝ යක්ෂයා බලා සිටියදීම පැන් බීහ. එය මෙසේ කියන ලදී -

“දිස‍්වා පදමනුත‍්තිණ‍්ණං, දිස‍්වානො’ තරිතං පදං; නළෙන වාරිං පිස‍්සාම, නෙව මං ත්‍වං වධිස‍්සසී”ති. (ජා· 1.1.20);

දිස්වා පදමනු තතිණ්ණං දිස්වා නොත්තරිතං පදං නළෙන වාරිං පිවිස්සාමි නෙව මංත්‍වං වධිස්සසී

බැස ගිය පා ලකුණු දැක ගොඩවු ලකුණු නොම දැක බට දඬුවෙන් දිය බොන්නෙමු තට මා නසනු නොහැකිය.

තතො පට‍්ඨාය යාව අජ‍්ජදිවසා තස‍්මිං ඨානෙ නළා එකච‍්ඡිද‍්දාව හොන‍්ති. ඉමිනා හි සද‍්ධිං ඉමස‍්මිං කප‍්පෙ චත‍්තාරි කප‍්පට‍්ඨියපාටිහාරියානි නාම – චන්‍දෙ සසබිම‍්බං, වට‍්ටකජාතකම‍්හි සච‍්චකිරියට‍්ඨානෙ අග‍්ගිස‍්ස ගමනුපච‍්ඡෙදො, ඝටිකාරකුම‍්භකාරස‍්ස මාතාපිතූනං වසනට‍්ඨානෙ දෙවස‍්ස අවස‍්සනං, තස‍්සා පොක‍්ඛරණියා තීරෙ නළානං එකච‍්ඡිද‍්දභාවොති. ඉති සා පොක‍්ඛරණී නළෙන පානීයස‍්ස පීතත‍්තා නළකපානාති නාමං ලභි. අපරභාගෙ තං පොක‍්ඛරණිං නිස‍්සාය ගාමො පතිට‍්ඨාසි, තස‍්සාපි නළකපානන‍්තෙව නාමං ජාතං. තං සන්‍ධාය වුත‍්තං “නළකපානෙ”ති. පලාසවනෙති කිංසුකවනෙ.

එතැන්පටන් අද දවස දක්වා ඒ ස්ථානයෙහි බටගස් එකම සිදුරක් ඇත්තේය. මේ සමග මේ කල්පයෙහි කල්පයක් පවත්නා පෙළහර සතරක් නම් ඇත. චන්ද්‍රයාගේ ශශරූපය. වට්ටකජාතකයෙහි සත්‍යක්‍රියාකළ තැන ගින්න වැළකීම, ඝටීකාර කුඹල්කරුගේ මව්පියන් වසන තැනට වැසි නොවැසීම, ඒපොකුණු තෙර බටගස්වල එක්ම සිදුරක් තිබීම. මෙසේ ඒ පොකුණ බටදඬුවෙන් පැන් බිව් බැවින් නළකපාන යයි නමක් ලැබීය. පසුකලෙක ඒපොකුණ නිසා ගමක් ඇතිවිය. එයට නළකපාන යයි නමක් ඇතිවිය. නළකපානෙ යනුවෙන් ඒ සඳහා කියන ලදී. පලාසවනෙ කිනිහිරි වනයෙහි,

තග‍්ඝ මයං, භන‍්තෙති එකංසෙනෙව මයං, භන‍්තෙ, අභිරතා. අඤ‍්ඤෙපි යෙ තුම‍්හාකං සාසනෙ අභිරමන‍්ති, තෙ අම‍්හෙහි සදිසාව හුත්‍වා අභිරමන‍්තීති දීපෙන‍්ති.

තග්ඝ මයං භන්තෙ ස්වාමීනි අපි ඒකාන්තයෙන් ඇලුණෝ වෙමු. යම් අන්කිසිවෙක් ඔබ වහන්සේගේ සසුනෙහි ඇලෙත්ද ඔවුහුද අපමෙන් වී ඇලෙත්යයි පෙන්වයි.

නෙව රාජාභිනීතාතිආදීසු එකො රඤ‍්ඤො අපරාධං කත්‍වා පලායති. රාජා කුහිං, භො, අසුකොති? පලාතො දෙවාති. පලාතට‍්ඨානෙපි මෙ න මුච‍්චිස‍්සති, සචෙ පන පබ‍්බජෙය්‍ය, මුච‍්චෙය්‍යාති වදති. තස‍්ස කොචිදෙව සුහදො ගන‍්ත්‍වා තං පවත‍්තිං ආරොචෙත්‍වා ත්‍වං සචෙ ජීවිතුමිච‍්ඡසි, පබ‍්බජාහීති. සො පබ‍්බජිත්‍වා ජීවිතං රක‍්ඛමානො චරති. අයං රාජාභිනීතො නාම.

නෙව රාජාභිනීතා ආදිතන්හි එකෙක් රජුට අපරාධයක් කොට පළායයි. පින්වත්නි අසුවලා කොහිද දේවයන් වහන්ස පළාගොස්ය. පළාගිය තැනිනුත් මගෙන් නොමිදෙන්නේය. යම් හෙයකින් පැවිදි වුවොත් මිදෙන්නේයැයි කියයි. දේවයන් වහන්ස ඔහුගේ කිසියම් මිතුරෙක් ගොස් ඒ පවත දන්වා පැවිදිවීමට කැමතිනම් පැවිදිවෙවයි කියයි. හේ පැවිදිව ජීවිත රැකගනිමින් හැසිරේ. මේ රාජාභිනීත නමි.

එකො පන චොරානං මූලං ඡින්‍දන‍්තො චරති. චොරා සුත්‍වා “පුරිසානං අත්‍ථිකභාවං න ජානාති, ජානාපෙස‍්සාම න”න‍්ති වදන‍්ති. සො තං පවත‍්තිං සුත්‍වා පලායති. චොරා පලාතොති සුත්‍වා “පලාතට‍්ඨානෙපි නො න මුච‍්චිස‍්සති, සචෙ පන පබ‍්බජෙය්‍ය, මුච‍්චෙය්‍යා”ති වදන‍්ති. සො තං පවත‍්තිං සුත්‍වා පබ‍්බජති. අයං චොරාභිනීතො නාම.

එකෙක් සොරුන්ගේ මුල් සිඳිමින් හැසිරෙයි. සොරු මෙය අසා පුරුෂයන්ගේ ප්‍රයෝජනවත් බව මොහු නොදනී. ඒ බව දන්වන්නෙමියි කියත්. හේ එපුවත් අසා පළායයි. සොරා පළාගියේ යැයි අසා පළාගිය තැනේදීත් නොමිදෙන්නේය. පැවිදිවුවොත් මිදෙන්නේයයි කියති. හේ පුවත් අසා පැවිදිවේ. මේ චොරාහිනීත නමි.

එකො පන බහුං ඉණං ඛාදිත්‍වා තෙන ඉණෙන අට‍්ටො පීළිතො තම‍්හා ගාමා පලායති. ඉණසාමිකා සුත්‍වා “පලාතට‍්ඨානෙපි නො න මුච‍්චිස‍්සති, සචෙ පන පබ‍්බජෙය්‍ය, මුච‍්චෙය්‍යා”ති වදන‍්ති. සො තං පවත‍්තිං සුත්‍වා පබ‍්බජති. අයං ඉණට‍්ටො නාම.

එකෙක් බොහෝ ණය ගෙන ඒ ණයින් අසරණව පෙළී ඒ ගමෙන් පළායයි. ණයහිමියෝ ඒ බව අසා පළාගිය තැනේදීත් අපගෙන් නොමිදෙන්නේය. ඉදින් පැවිදි වුවොත් මිදෙන්නේයයි කියත්. හේ එපුවත් අසා පැවිදිවෙයි. මේ ඉණට්ඨනමි

රාජභයාදීනං පන අඤ‍්ඤතරෙන භයෙන භීතො අට‍්ටො ආතුරො හුත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිතො භයට‍්ටො නාම. දුබ‍්භික‍්ඛාදීසු ජීවිතුං අසක‍්කොන‍්තො පබ‍්බජිතො ආජීවිකාපකතො නාම, ආජීවිකාය පකතො අභිභූතොති අත්‍ථො. ඉමෙසු පන එකොපි ඉමෙහි කාරණෙහි පබ‍්බජිතො නාම නත්‍ථි, තස‍්මා “නෙව රාජාභිනීතො”තිආදිමාහ.

රාජභය ආදී එක්තරාභයකින් බියපත් වුයේ අසරණ වුයේ ආතුරවූයේ නික්ම පැවිදිවුයේ භයට්ඨ නමි. දුර්භික්ෂ ආදියෙහිදී ජීවත්වන්නට නොහැකිව පැවිදිවුයේ ආජීවිකාපකත නමි ජීවත්වීමෙන් මැඩුණේ ය යන අර්ථයි. මොවුන් අතුරින් එකෙක් හෝ මේ කරුණු නිසා පැවිදි වූවෙක් නම් නැත. ඒ නිසා රාජාභිනීත නොවේ යැයි ආදිය කීය.

විවෙකන‍්ති විවිච‍්ච විවිත‍්තො හුත්‍වා. ඉදං වුත‍්තං හොති – යං කාමෙහි ච අකුසලධම‍්මෙහි ච විවිත‍්තෙන පඨමදුතියජ‍්ඣානසඞ‍්ඛාතං පීතිසුඛං අධිගන‍්තබ‍්බං, සචෙ තං විවිච‍්ච කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි පීතිසුඛං නාධිගච‍්ඡති, අඤ‍්ඤං වා උපරි ද‍්වින‍්නං ඣානානං චතුන‍්නඤ‍්ච මග‍්ගානං වසෙන සන‍්තතරං සුඛං නාධිගච‍්ඡති, තස‍්ස ඉමෙ අභිජ‍්ඣාදයො චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්තීති. තත්‍ථ අරතීති අධිකුසලෙසු ධම‍්මෙසු උක‍්කණ‍්ඨිතතා. තන්‍දීති ආලසියභාවො. එවං යො පබ‍්බජිත්‍වා පබ‍්බජිතකිච‍්චං කාතුං න සක‍්කොති, තස‍්ස ඉමෙ සත‍්ත පාපධම‍්මා උප‍්පජ‍්ජිත්‍වා චිත‍්තං පරියාදියන‍්තීති දස‍්සෙත්‍වා ඉදානි යස‍්ස තෙ ධම‍්මා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, සොයෙව සමණකිච‍්චම‍්පි කාතුං න සක‍්කොතීති පුන විවෙකං අනුරුද‍්ධා…පෙ… අඤ‍්ඤං වා තතො සන‍්තතරන‍්ති ආහ.

විවෙකං වෙන්ව හුදෙකලාවී. මෙය මෙසේ කියන ලද්දේවෙයි. කාමයන්ගෙන්ද අකුසල ධර්මයන්ගෙන්ද වෙන්වූවහු විසින් ද්විතීයධ්‍යාන සංඛ්‍යාත ප්‍රීතිසුඛය අවබෝධ කළයුතුය. ඉදින් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ප්‍රීතිසුඛය අවබෝධකර නොගනීද, ඉහළ ධ්‍යාන දෙකින් හා මාර්ග සතරින් වඩා ශාන්ත වු සැපයක් අවබෝධ කර නොගනී. ඔහුගේ සිත අභිජ්ඣා ආදියෙන් වසා සිටී. එහි අරති අධිකුසල ධර්මයන්හි කලකිරිම් ස්වභාවය. තන්‍දි අලසබව යමෙක් පැවිදිව පැවිදිකිස කරන්ට නොහැක්කේද ඔහුට මේ සත් වැදෑරුම් පාපධර්ම ඉපදී සිත වසාගෙන සිටිතියි දක්වා දැන් යමකුගේ සිත ඒ ධර්මයෝ වසාගෙන සිටිත්ද, ඔහුට මහණකමද කරන්ට නොහැක්කේයැයි නැවත විවෙකං අනුරුද්ධා අඤ්ඤංවා තතො සනත්තරං යයි කීය.

එවං කණ‍්හපක‍්ඛං දස‍්සෙත්‍වා ඉදානි තෙනෙව නයෙන සුක‍්කපක‍්ඛං දස‍්සෙතුං පුන විවෙකන‍්තිආදිමාහ. තස‍්සත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මෙසේ කෘෂ්ණපක්ෂය දක්වා දැන් ඒ ක්‍රමයෙන්ම ශුක්ලපක්ෂය දක්වන්ට විවෙකං ආදිය කීය. එහි අර්ථය කියන ලද පරිද්දෙන් දත යුතුය.

සඞ‍්ඛායාති ජානිත්‍වා. එකන‍්ති එකච‍්චං. පටිසෙවතීති සෙවිතබ‍්බයුත‍්තකං සෙවති. සෙසපදෙසුපි එසෙව නයො. උපපත‍්තීසු බ්‍යාකරොතීති සප‍්පටිසන්‍ධිකෙ තාව බ්‍යාකරොතු, අප‍්පටිසන්‍ධිකෙ කථං බ්‍යාකරොතීති. අප‍්පටිසන්‍ධිකස‍්ස පුන භවෙ පටිසන්‍ධි නත්‍ථීති වදන‍්තො උපපත‍්තීසු බ්‍යාකරොති නාම.

සංඛාය දැන, එකං එක්තරා අයකු පටිසෙවති සේවනය කළයුත්තක් සේවය කරයි. සෙසු පදවලද ක්‍රමය මෙයයි. උප්පත්තිං සුව්‍යා කරොති ප්‍රතිසන්ධි ඇත්තවුන් ප්‍රකාශ කෙරේවා. ප්‍රතිසන්ධි නැත්තවුන් කෙසේ ප්‍රකාශ කරන්නේද ප්‍රතිසන්ධියක් නැත්තකුට නැවත භවයෙහි ප්‍රතිසන්ධියක් නැතැයි කියන්නේ උපපත්ති සව්‍යාකරොති නම්

ජනකුහනත්‍ථන‍්ති ජනවිම‍්හාපනත්‍ථං. ජනලපනත්‍ථන‍්ති මහාජනස‍්ස උපලාපනත්‍ථං. න ඉති මං ජනො ජානාතූති එවං මං මහාජනො ජානිස‍්සති, එවං මෙ මහාජනස‍්ස අන‍්තරෙ කිත‍්තිසද‍්දො උග‍්ගච‍්ඡිස‍්සතීති ඉමිනාපි කාරණෙන න බ්‍යාකරොතීති අත්‍ථො. උළාරවෙදාති මහන‍්තතුට‍්ඨිනො.

ජන කුහනත්‍ථං ජනයා රැවටීම පිණිස ජනලපනත්‍ථං ජනයා නම්මා ගැනීම පිණිස ඉතිමංජනොජානාතු මෙසේ මහජනයා මා ගැන දන්නේයි මෙසේ මහජනයා අතර මාගේ කීර්තිරාවය උඩට නගින්නේයයි මේ කරුණින් ප්‍රකාශ නොකෙරේ යන අර්ථයි. උළාරවෙදා මහත් තුෂ්ටි ඇත්තහුම

සො ඛො පනස‍්ස ආයස‍්මාති සො පරිනිබ‍්බුතො ආයස‍්මා ඉමස‍්ස ඨිතස‍්ස ආයස‍්මතො. එවංසීලොතිආදීසු ලොකියලොකුත‍්තරමිස‍්සකාව සීලාදයො වෙදිතබ‍්බො. එවංධම‍්මොති එත්‍ථ පන සමාධිපක‍්ඛිකා ධම‍්මා ධම‍්මාති අධිප‍්පෙතා. ඵාසුවිහාරො හොතීති තෙන භික‍්ඛුනා පූරිතපටිපත‍්තිං පූරෙන‍්තස‍්ස අරහත‍්තඵලං සච‍්ඡිකත්‍වා ඵලසමාපත‍්තිවිහාරෙන ඵාසුවිහාරො හොති, අරහත‍්තං පත‍්තුමසක‍්කොන‍්තස‍්ස පටිපත‍්තිං පූරයමානස‍්ස චරතොපි ඵාසුවිහාරොයෙව නාම හොති. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බොති.

සොඛොපනස්ස ආයස්මා ඒ ආයුෂ්මත්හු පිරිනිවියෝය. මේ දැනට සිටින ආයුෂ්මත් හුගේ. එවං සීලො ආදී තන්හි සීලාදිය ලෞකික ලෝකෝත්තර මිශ්‍රයැයි දත යුතුය. එවං විහාරොහොති ඒ භික්‍ෂුව විසින් පුරන ලද ප්‍රතිපත්තිය පුරන්නහුට අර්හත් ඵලය සාක්ෂාත් කොට ඵලසමාපත්ති විහාරයෙන් පහසු විහාරයක් වෙයි. අර්හත් බවට පැමිණීමට නොහැක්කහුට ප්‍රතිපත්ති පිරුවද හැසිරුණේද ඵාසු විහරණයක් නම් නැත. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ථය දත යුතුය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය නළකපානසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවැනි නළකපාන සුත්‍රයයි

ගුලිස‍්සානි සුත‍්තවණ‍්ණනා

ගුලිස්සානි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ගොලියානිසුත‍්තං. තත්‍ථ පදසමාචාරොති දුබ‍්බලසමාචාරො ඔළාරිකාචාරො, පච‍්චයෙසු සාපෙක‍්ඛො මහාරක‍්ඛිතත්‍ථෙරො විය. තං කිර උපට‍්ඨාකකුලෙ නිසින‍්නං උපට‍්ඨාකො ආහ “අසුකත්‍ථෙරස‍්ස මෙ, භන‍්තෙ, චීවරං දින‍්න”න‍්ති. සාධු තෙ කතං තංයෙව තක‍්කෙත්‍වා විහරන‍්තස‍්ස චීවරං දෙන‍්තෙනාති. තුම‍්හාකම‍්පි, භන‍්තෙ, දස‍්සාමීති. සාධු කරිස‍්සසි තංයෙව තක‍්කෙන‍්තස‍්සාති ආහ. අයම‍්පි එවරූපො ඔළාරිකාචාරො අහොසි. සප‍්පතිස‍්සෙනාති සජෙට‍්ඨකෙන, න අත‍්තානං ජෙට‍්ඨකං කත්‍වා විහරිතබ‍්බං. සෙරිවිහාරෙනාති සච‍්ඡන්‍දවිහාරෙන නිරඞ‍්කුසවිහාරෙන.

එවම්මෙසුතං යනු ගුලිස්සානි සුත්‍රයයි. එහි පදරසමාචාරො දුර්වල සමාචාරයයි. පහත් ආචාරයයි. ප්‍රත්‍යයන්හි අපේක්ෂා ඇති මහාරක්‍ඛිත තෙරුන් මෙන් උන්වහන්සේ උපස්ථායක නිවසක හුන්කල උපස්ථායකයා මෙසේ ඇසීය. ස්වාමීනි මා විසින් අසුවල් තෙරුන්ට සිවුරක් දෙන ලදී. ඔබ කළේ යහපත් දෙයකි. එයම සිත සිතා වාසය කරන උන්වහන්සේට සිවුරක් දීමෙන් ඔබ කළේ යහපත් දෙයකි. ස්වාමීනි ඔබ වහන්සේටද දෙන්නෙමි. මැනවි එසේ කරන්නෙහි එයම සිතමින් සිටිනහුට යැයි කීහ. මෙයද එබඳු පහත්ආවාරයක් විය. සප්පතිස්සෙන ජ්‍යෙෂ්ඨයන් ඇත්තහු විසින්, තමා ජ්‍යෙෂ්ඨ කොට නොවිසිය යුතුය. සෙරිවිහාරෙන ස්වච්ඡන්‍දවිහරණයෙන්. අවිනය විහරණයෙන්.

නානූපඛජ‍්ජාති න අනුපඛජ‍්ජ න අනුපවිසිත්‍වා. තත්‍ථ යො ද‍්වීසු මහාථෙරෙසු උභතො නිසින‍්නෙසු තෙ අනාපුච‍්ඡිත්‍වාව චීවරෙන වා ජාණුනා වා ඝට‍්ටෙන‍්තො නිසීදති, අයං අනුපඛජ‍්ජ නිසීදති නාම. එවං අකත්‍වා පන අත‍්තනො පත‍්තආසනසන‍්තිකෙ ඨත්‍වා නිසීදාවුසොති වුත‍්තෙ නිසීදිතබ‍්බං. සචෙ න වදන‍්ති, නිසීදාමි, භන‍්තෙති ආපුච‍්ඡිත්‍වා නිසීදිතබ‍්බං ආපුච‍්ඡිතකාලතො පට‍්ඨාය නිසීදාති වුත‍්තෙපි අවුත‍්තෙපි නිසීදිතුං වට‍්ටතියෙව. න පටිබාහිස‍්සාමීති එත්‍ථ යො අත‍්තනො පත‍්තාසනං අතික‍්කමිත්‍වා නවකානං පාපුණනට‍්ඨානෙ නිසීදති, අයං නවෙ භික‍්ඛූ ආසනෙන පටිබාහති නාම. තස‍්මිඤ‍්හි තථා නිසින‍්නෙ නවා භික‍්ඛූ “අම‍්හාකං නිසීදිතුං න දෙතී”ති උජ‍්ඣායන‍්තා තිට‍්ඨන‍්ති වා ආසනං වා පරියෙසන‍්තා ආහිණ‍්ඩන‍්ති. තස‍්මා අත‍්තනො පත‍්තාසනෙයෙව නිසීදිතබ‍්බං. එවං න පටිබාහති නාම.

නානුපඛජ්ජ බලයෙන් ඇතුළුනොවී, අනුව නොපිවිස එහි යමෙක් දෙපස මහතෙරුන් දෙනම වැඩහුන් කල්හි ඔවුන් නොවිචාරාම සිවුරින් හෝ දණින් හිඳගනී. මෙය අනුපඛජ්ජ. බලයෙන් ඇතුළුවී හිඳුගනී නම්වේ. මෙසේ නොකොට තමාට පැමිණි අසුන සමීපයෙහි සිට ඇවැක්නි හිඳවයි කීකල්හි හිඳගත යුතුය. ඉදින් නොපවසන්නේනම් ස්වාමීනි හිඳිමියි විමසා හිඳගතයුතුය. විමසන ලද කල්හි සිට හිඳගනුවයි කීකල්හිද. නොකියු කල්හිද හිඳගන්ට වටී. නපටිඛාහිස්සාමි මෙහිදී යමෙක් තමාට පැමිණි අසුන ඉක්මවා නවකයන් පැමිණෙන තැන හිඳගනී. මෙය නවක භික්‍ෂුන් අසුනින් වළක්වයි නම්වේ. එහිදී එසේ හුන් නවක භික්‍ෂුව අපට හිඳගන්නට නොදෙතියි දොස්නගමින් සිටිත් නැතහොත් ආසනයක් සොයමින් ඇවිදිත්. එනිසා තමාට පැමිණි අසුනෙහිම හිඳගතයුතුය. මෙසේ එය නොවළක්වයි නම්වේ.

ආභිසමාචාරිකම‍්පි ධම‍්මන‍්ති අභිසමාචාරිකං වත‍්තපටිපත‍්තිමත‍්තම‍්පි. නාතිකාලෙනාති න අතිපාතො පවිසිතබ‍්බං, න අතිදිවා පටික‍්කමිතබ‍්බං, භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිංයෙව පවිසිතබ‍්බඤ‍්ච නික‍්ඛමිතබ‍්බඤ‍්ච. අතිපාතො පවිසිත්‍වා අතිදිවා නික‍්ඛමන‍්තස‍්ස හි චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවත‍්තාදීනි පරිහායන‍්ති. කාලස‍්සෙව මුඛං ධොවිත්‍වා මක‍්කටකසුත‍්තානි ඡින්‍දන‍්තෙන උස‍්සාවබින්‍දූ නිපාතෙන‍්තෙන ගාමං පවිසිත්‍වා යාගුං පරියෙසිත්‍වා යාව භික‍්ඛාකාලා අන‍්තොගාමෙයෙව නානප‍්පකාරං තිරච‍්ඡානකථං කථෙන‍්තෙන නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කත්‍වා දිවා නික‍්ඛම‍්ම භික‍්ඛූනං පාදධොවනවෙලාය විහාරං පච‍්චාගන‍්තබ‍්බං හොති. න පුරෙභත‍්තං පච‍්ඡාභත‍්තං කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජිතබ‍්බන‍්ති “යො පන භික‍්ඛු නිමන‍්තිතො සභත‍්තො සමානො සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා පුරෙභත‍්තං වා පච‍්ඡාභත‍්තං වා කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජෙය්‍ය, අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තිය”න‍්ති (පාචි· 299) ඉමං සික‍්ඛාපදං රක‍්ඛන‍්තෙන තස‍්ස විභඞ‍්ගෙ වුත‍්තං පුරෙභත‍්තඤ‍්ච පච‍්ඡාභත‍්තඤ‍්ච චාරිත‍්තං න ආපජ‍්ජිතබ‍්බං. උද‍්ධතො හොති චපලොති උද‍්ධච‍්චපකතිකො චෙව හොති චීවරමණ‍්ඩන-පත‍්තමණ‍්ඩන-සෙනාසනමණ‍්ඩනා ඉමස‍්ස වා පූතිකායස‍්ස කෙලායනා මණ‍්ඩනාති එවං වුත‍්තෙන ච තරුණදාරකාවචාපල්‍යෙන සමන‍්නාගතො.

ආභිසමාචාරිකම්පි ධම්මං නියම හැසිරීම වත්පිළිවෙත් මාත්‍රයක් නාතිකාලෙන ඉතා උදෑසන නොපිවිසිය යුතුය. ඉතාදවල් කල ඉවත්වී නොයා යුතුය. භික්‍ෂුසංඝයා සමගම පිවිසිය යුතුය නික්මිය යුතුය. ඉතා උදෑසන පිවිස නොදවල් කල්හි නික්මෙන්නාගේ චෛත්‍යමළු බෝමළු වත් පිරිහෙයි. උදෑසනින් මුව දොවා මකුළුදැල් කඩාගෙන, පිනිබිඳු පාගාගෙන ගමට පිවිස කැඳ සොයා දන්වළඳන කල් එනතුරු ඇතුළුගමෙහිම නානාප්‍රකාර තිරිසකතා කියමින් හිඳ බත්කිස නිමවා දවල්හි නික්ම භික්‍ෂූන් පාදොවන කල්හි විහාරයට ආපසු පැමිණිය යුතු වෙයි. නපුරෙ භත්තං පච්ඡාභත්තං කුලෙසු වාරිත්තං ආපජ්ජිතබ්බං යම් භික්‍ෂුවක් ආරාධනා කරනු ලැබ අහර වළඳා ශාන්තවු භික්‍ෂුවක නොවිමසා පෙරබත් කල්හි පසුබත් කල්හි නියමිත කාලයේදී හැර කුල චාරිත්‍රයන්ට එළඹේද පචිති ඇවැත්වේය යන ශික්ෂා පදය රක්තහු විසින් විභඞ්ගයෙහි කියන ලද පෙරබත් කල්හි පසුබත්කල්හි චාරිත්‍රයන්ට නොඑළඹිය යුතුය. උද්ධතො හොති වපලො උඬගු ස්වභාව ඇත්තේ හෝවෙයි. සිවුරු සැරසීම්, පාත්‍ර සැරසීම් සෙනසුන් සැරසීම් මේ කුණුසිරුර කෙළිපිණිස කරන සැරසීම්යයි මෙසේ කියන ලද තරුණ දරුවන්ගේ චපල භාවයෙන් යුත්.

පඤ‍්ඤවතා භවිතබ‍්බන‍්ති චීවරකම‍්මාදීසු ඉතිකත‍්තබ‍්බෙසු උපායපඤ‍්ඤාය සමන‍්නාගතෙන භවිතබ‍්බං. අභිධම‍්මෙ අභිවිනයෙති අභිධම‍්මපිටකෙ චෙව විනයපිටකෙ ච පාළිවසෙන චෙව අට‍්ඨකථාවසෙන ච යොගො කරණීයො. සබ‍්බන‍්තිමෙන හි පරිච‍්ඡෙදෙන අභිධම‍්මෙ දුකතිකමාතිකාහි සද‍්ධිං ධම‍්මහදයවිභඞ‍්ගං විනා න වට‍්ටති. විනයෙ පන කම‍්මාකම‍්මවිනිච‍්ඡයෙන සද‍්ධිං සුවිනිච‍්ඡිතානි ද‍්වෙ පාතිමොක‍්ඛානි විනා න වට‍්ටති.

පඤ්ඤවතා භාවිතබ්බං කළයුතු. චීවරකර්ම ආදීන්හි උපාය ප්‍රඥාවෙන් යුක්ත විය යුතුය. අභිධම්මෙ අභිවිනයෙ අභිධර්ම පිටකයෙහි මෙන්ම විනය පිටකයෙහිද පෙළ වශයෙන් අටුවා වශයෙන්ද යෙදීම කළයුතුය. අඩුතරමින් අභිධර්මයෙහි දුකතිකමතික සමග ධමමපදය විභාගය හැර නොවටී. විනයෙහි කම්මාකම්ම විනිවජය සමග සුවිනිශ්චිත ප්‍රාතිමෝක්ෂ දෙක හැර නොවටී

ආරුප‍්පාති එත‍්තාවතා අට‍්ඨපි සමාපත‍්තියො වුත‍්තා හොන‍්ති. තා පන සබ‍්බෙන සබ‍්බං අසක‍්කොන‍්තෙන සත‍්තසුපි යොගො කරණීයො, ඡසුපි…පෙ… පඤ‍්චසුපි. සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන එකං කසිණෙ පරිකම‍්මකම‍්මට‍්ඨානං පගුණං කත්‍වා ආදාය විචරිතබ‍්බං, එත‍්තකං විනා න වට‍්ටති. උත‍්තරිමනුස‍්සධම‍්මෙති ඉමිනා සබ‍්බෙපි ලොකුත‍්තරධම‍්මෙ දස‍්සෙති. තස‍්මා අරහන‍්තෙන හුත්‍වා විහාතබ‍්බං, අරහත‍්තං අනභිසම‍්භුණන‍්තෙන අනාගාමිඵලෙ සකදාගාමිඵලෙ සොතාපත‍්තිඵලෙ වා පතිට‍්ඨාතබ‍්බං. සබ‍්බන‍්තිමෙන පරියායෙන එකං විපස‍්සනාමුඛං යාව අරහත‍්තා පගුණං කත්‍වා ආදාය විචරිතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව. ඉමං පන දෙසනං ආයස‍්මා සාරිපුත‍්තො නෙය්‍යපුග‍්ගලස‍්ස වසෙන ආභිසමාචාරිකවත‍්තතො පට‍්ඨාය අනුපුබ‍්බෙන අරහත‍්තං පාපෙත්‍වා නිට‍්ඨාපෙසීති.

ආරුප්පා එපමණකින් අටසමවත්ද කියන ලද්දේවෙයි. ඒවා සියල්ලෙහි යෙදීමට නොහැක්කකු විසින් සතකවත් යෙදීම කළයුතුය. සයක, පහක අඩුවශයෙන් එක් කසිණයෙක පරිකර්ම කර්මස්ථානය ප්‍රගුණකොට ගෙන හැසිරිය යුතුය. මෙහිදී එයහැර නොවටී. උත්තරිමනුස්සධම්ම මෙයින් සියලු ලෝකෝත්තර ධර්මයන් දක්වයි. ඒනිසා රහත්වී වාසය කළ යුතුය. රහත්බව ලැබීමට නො හැකිවන්නකු විසින් අනාගාමි ඵලයෙහි සකදාගාමි ඵලයෙහි සෝතාපත්ති ඵලයෙහි පිහිටියයුතුය. අඩුතරමින් එක් විදර්ශනා මාතෘකාවක් රහත්බව තෙක් ප්‍රගුණ කොටගෙන හැසිරිය යුතුය. සෙස්ස සියලු තැන නොගැඹුරුමය. මේ ධර්ම දේශනාව ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරහු නෙය්‍ය පුද්ගල වශයෙන් අභිසමාචාරික වතෙහි සිට පිළිවෙළින් රහත්බවට පමුණුවා නිමවා වදාළහ.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ගොලියානිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නව වැනි ගුලිස්සානි සුත්‍රයයි.